Pali BJT1. උපාලි දාසකො චෙව සොණකො සිග්ගවො තථා, මොග්ගලිපුත්තෙන පඤ්චමා එතෙ ජම්බුසිරිව්හයෙ.
Sinhala BJT1. උපාලි ස්ථවිර යැ දාසකස්ථවිර යැ සෝණකස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනි කොට ඇති මේ තෙරවරු දඹදිවැ විනයධර පරපුරෙහි වෙත්.
Pali BJT2. තතො මහින්දො ඉට්ඨියො උත්තියො චෙව සම්බලො,{2} භද්දනාමො ච පණ්ඩිතො, එතෙ නාගා මහාපඤ්ඤා ජම්බුදීපා ඉධාගතා.
Sinhala BJT2. ඉක්බිති මහින්‍ද යැ ඉට්ඨිය යැ උත්තිය යැ එසේ ම සම්බල යැ පණ්ඩිත වූ භද්ද නාම යැ මහපැණැති මේ රහත්හු දඹදිවින් මෙහි වැඩියහ.
Pali BJT3. විනයං තෙ වාචයිංසු පිටකං තම්බපණ්ණියා, නිකායෙ පඤ්ච වාචෙසුං සත්ත චෙව පකරණෙ.
Sinhala BJT3. ඔහු හෙළදිව්හි විනය පිටකය හැදැරැවූහ, සඟිපස ද ප්‍රකරණ සත ද හැදැරැවූහු.
Pali BJT4. තතො අරිට්ඨො මෙධාවී තිස්සදත්තො ච පණ්ඩිතො විසාරදො කාළසුමනො ථෙරො ච දීඝනාමකො දීඝසුමනො ච පණ්ඩිතො.
Sinhala BJT4. ඉක්බිති ප්‍රාඥ වූ අරිට්ඨයැ පණ්ඩිත වූ තිස්සදත්ත යැ විශාරද වූ කාළසුමන යැ දීඝනාමස්ථවිර යැ පණ්ඩිත වූ දීඝසුමන යැ,
Pali BJT5. පුනදෙව කාළසුමනො නාගත්ථෙරො ච බුද්ධරක්ඛිතො, තිස්සත්ථෙරො ච මෙධාවී දෙවත්ථෙරො ච පණ්ඩිතො.
Sinhala BJT5. වැළිදු කාළසුමන යැ නාගස්ථවිර යැ බුද්ධරක්ඛිත යැ නුවණැති තිස්ස ස්ථවිර යැ පණ්ඩිත දෙවස්ථවිර යැ,
Pali BJT6. පුනදෙව සුමනො මෙධාවී විනයෙ ච විසාරදො, බහුස්සුතො චූළනාගො ගජොව දුප්පධංසියො.
Sinhala BJT6. නැවත ප්‍රාඥ වූ විනයෙහි විශාරදවූ සුමන ස්ථවිර යැ අනභිභවනීය හස්තිරාජයකු බඳු වූ බහුශ්‍රුත චූළනාග ස්ථවිර යැ.
Pali BJT7. ධම්මපාලිතනාමො ච රොහණෙ සාධු පූජිතො, තස්ස සිස්සො මහාපඤ්ඤො ඛෙමනාමො තිපෙටකො, දීපෙ තාරකරාජාව පඤ්ඤාය අතිරොචථ.
Sinhala BJT7. සාධුන් විසින් පුදනලද රෝහණ ධම්මපාලිත නම් ස්ථවිර යැ ඔබගේ ශිෂ්‍ය වූ හෙළදිවැ චන්‍ද්‍රයාමෙන් ප්‍රඥායෙන් උසස් වැ බැබළුණු මහාප්‍රාඥ ත්‍රිපිටකධර බෙම නම් ස්ථවිර යැ,
Pali BJT8. උපතිස්සො ච මෙධාවී ඵුස්සදෙවො මහාකථී, පුනදෙව සුමනො මෙධාවී පුප්ඵනාමො{1} බහුස්සුතො.
Sinhala BJT8. නුවණැති උපතිස්ස ස්ථවිර යැ මහාකථික වූ ඵුස්සදේව ස්ථවිර යැ ඉක්බිති නුවණැති සුමන ස්ථවිර යැ, බහුශ්‍රුත පුප්ඵ (පදුම) නම් ස්ථවිර යැ,
Pali BJT9. මහාකථී මහාසීවො පිටකෙ සබ්බත්ථ කොවිදො, පුනදෙව උපාලි මෙධාවී විනයෙ ච විසාරදො.
Sinhala BJT9. ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ මහාකථික මහාසීව යැ වැළිදු ප්‍රශස්ත නුවණැති විනයෙහි විශාරද වූ උපාලි ස්ථවිර යැ,
Pali BJT10. මහානාගො මහාපඤ්ඤො, සද්ධම්මවංසකොවිදො, පුනදෙව අභයො මෙධාවී පිටකෙ සබ්බත්ථ කොවිදො.
Sinhala BJT10. ශාසනවංශය දැනීමෙහි දක්‍ෂ වූ මහාප්‍රාඥ වූ මහානාග ස්ථවිර යැ නැවත ද නුවණැති ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ අභය ස්ථවිර ද,
Pali BJT11. තිස්සත්ථෙරො ච මෙධාවී විනයෙ ච විසාරදො, තස්ස සිස්සො මහාපඤ්ඤො පුප්ඵනාමො{2} බහුස්සුතො, සාසනං අනුරක්ඛන්තො ජම්බුදීපෙ පතිට්ඨිතො.
Sinhala BJT11. නුවණැති විනයෙහි දක්‍ෂ වූ තිස්ස ස්ථවිර යැ ඔබගේ ශිෂ්‍ය (ලක්දිවින් ගොස්) සසුන් රකිමින් දඹදිවැ වැඩහුන් මහාප්‍රාඥ වූ බහුශ්‍රුත පුප්ඵ (සුමන) නම් ස්ථවිර යැ,
Pali BJT12. චූළාභයො ච මෙධාවී විනයෙ ච විසාරදො, තිස්සත්ථෙරො ච මෙධාවී සද්ධම්මවංසකොවිදො
Sinhala BJT12. නුවණැති විනයෙහි ද දක්‍ෂ චූළාභය ස්ථවිර යැ ප්‍රාඥ වූ ශාසනවංශයෙහි දක්‍ෂ තිස්ස ස්ථවිර යැ,
Pali BJT13. ඵුස්සදෙවො ච{3} මෙධාවී විනයෙ ච විසාරදො, සිවත්ථෙරො ච මෙධාවී විනයෙ සබ්බත්ථ කොවිදො.
Sinhala BJT13. බුද්ධිමත් විනයෙහි ද විශාරද චූළදේව ස්ථවිර යැ නුවණැති සියලු විනයෙහි දක්‍ෂ සිවස්ථවිරයැ,
Pali BJT14. එතෙ නාගා මහාපඤ්ඤා, විනයඤ්ඤූ මග්ගකොවිදා, විනයං දීපෙ පකාසෙසුං පිටකං තම්බපණ්ණියාති.
Sinhala BJT14. මහාප්‍රාඥ වූ විනය දන්නා මාර්‍ගඥානයෙහි දක්‍ෂ මේ ක්‍ෂීණාස්‍රවයෝ විනය පිටකය හෙළදිවැ පැවසූහු.
Pali BJT2. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන භික්ඛුනීනං ඡට්ඨං පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුනිං නෙවත්තනා පටිචොදෙසි, න ගණස්ස ආරොචෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT2. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් සවැනි පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතන්හි පණවන ලද යැ යත්: සැවැත්නුවර දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැන දැන පරිජි ඇවැතට පැමිණි මෙහෙණකට තොමෝ නොම චෝදනා කළා ය, මෙහෙණගණයාහට නො දැන්වූ ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT3. භික්ඛුනීනං සත්තමං පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති; ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්ති, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT3. මෙහෙණන් පිළිබඳ සත්වැනි පරිජි සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සමගසඞ්ඝයා විසින් උක්‍ෂේපණිය කර්‍මයෙන් නෙරණ ලද පෙරැ ගිජුලිහිණීන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්‍ෂුහට අනුවර්‍තක වූ ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT4. භික්ඛුනීනං අට්ඨමං පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො අට්ඨමං වත්ථුං පරිපූරෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT4. මෙහෙණන් පිළිබඳ අටවැනි පරිජි සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: සවග මෙහෙණහු අටවැනි පරිජි වස්තුව පිරැවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
Pali BJTඅට්ඨ පාරාජිකා නිට්ඨිතා.
Sinhala BJTඅට පරිජි නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි වස්තුනාමාවලිය:
Pali BJTමෙථුනාදින්නදානඤ්ච මනුස්සවිග්ගහුත්තරි, කායසංසග්ගං ඡාදෙති උක්ඛිත්තා අට්ඨ වත්ථුකා; පඤ්ඤාපෙසි මහාවීරො ඡෙජ්ජවත්ථු අසංසයාති.
Sinhala BJTමෙවුන්දම් පරිජි යැ, අයිනාදන් පරිජි යැ, මිනිස්විකා පරිජි යැ, උතුරුමිනිස්දම් පරිජි යැ, කාසසඟපරිජි යැ, වජ්ජපටිච්ඡාදික පරිජි යැ, උක්ඛිත්තානුවත්තක පරිජි යැ, අට්ඨවත්‍ථුක පරිජි යැ යි මේ අට නිසැකයෙන් ඡේද්‍යවස්තු යැයි මහාවීර වූ මුනීන්‍ද්‍රයන් වහන්සේ පණවා වදාළ සේකි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJTසඞ්ඝාදිසෙස කණ්ඩො
Sinhala BJTසඞ්ඝාදිශේෂ කාණ්ඩය
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උස්සයවාදිකාය භික්ඛුනියා අට්ටං කරොන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තො -පෙ- කෙනාභතන්ති.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මානක්‍රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදෙන මෙහෙණ පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ, කවරක ඇරැබ යැ, කිනම් වස්තුයෙකැ, ... කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්:
Pali BJTයං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උස්සයවාදිකාය භික්ඛුනියා අට්ටං කරොන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
Sinhala BJTසිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මානක්‍රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදෙන මෙහෙණ පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ.
Sinhala BJTකවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී උස්සයවාදිකා විහරි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මානක්‍රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදී වුසූ යැ, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඅත්ථි තත්ථ පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
Sinhala BJTඑහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකක, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
Pali BJTසබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති.
Sinhala BJTසබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යි.
Pali BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති.
Sinhala BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ.
Pali BJTඑකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති.
Sinhala BJTඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
Pali BJTචතුන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං.
Sinhala BJTසිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළත් යැ.
Pali BJTකතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : තතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
Sinhala BJTකිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: තෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
Pali BJTචතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති.
Sinhala BJTසිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: ශීලවිපත්ති යි.
Pali BJTසත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො.
Sinhala BJTසත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ- කෙනාභතන්ති : පරම්පරාභතං.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී යැ යත්: සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ... කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
Pali BJTඋපාලි දාසකො චෙව -පෙ- පිටකං තම්බපණ්ණියාති.
Sinhala BJTඋපාලි ස්ථිවිර යැ, දාසක ස්ථවිර යැ, ... විනය පිටකය තඹපැන් නම් වූ හෙළදිව්හි පැවසූහු.
Pali BJT2. චොරිං වුට්ඨාපෙන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී චොරිං වුට්ඨාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT2. සෙරක උපසපන් කරවන්නිය පිළිබඳ සඟවෙසෙස කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැත්නුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සෙරක උපසපන් කරවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
Pali BJT3. එකාය ගාමන්තරං ගච්ඡන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී එකා ගාමන්තරං ගච්ඡි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති තිස්සො අනුපඤ්ඤත්තියො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : පඨමපාරාජිකෙ -පෙ-
Sinhala BJT3. එකලා වැ අන් ගමකට යන මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි දී පණවන ලද ද යත්: සැවැත්නුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් හුදෙකලා වූවා ම අන් ගමකට ගියා යැ, ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකැ. අනුපඤ්ඤත්ති තුණකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජික සමුට්ඨානයෙන් නඟී. …
Pali BJT4. සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථු සාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT4. සමගසඟුන් විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙවුනීකම් කරණ ලද මෙහෙණකට කාරකසඞ්ඝයා නො විචාරා එම කාරකගණයාගේ අදහස නො දැන ඔසාරණකම් කරන්නිය පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සමගසඟුන් විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙවුනීකම් කරණ ලද මෙහෙණක කාරකසඞ්ඝයා නො විචාරා එම කාරක ගණයාගේ අදහස නො දැන ඇතුළත් කරගත, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
Pali BJT5. අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : සුන්දරීනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ආමිසං පටිග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං. එකා{1} පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, පඨමපාරාජිකෙ -පෙ-
Sinhala BJT5. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක විසින් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳකරණ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ, යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සුන්‍දරීනන්‍දා මෙහෙණ මෙවුන්දම්රායෙන් තෙත් වූවා මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් අහරක් පිළිගත, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨානයෙහි යැ. …
Pali BJT6. “කිං තෙ අය්යෙ, එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා, යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ, යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා, තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා, භුඤ්ජ වා”ති උය්යොජෙන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං අරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී ”කිං තෙ අය්යෙ, එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ, යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා. තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති උය්යෙජෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්ති සමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT6. ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂපුද්ගල මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කරන්නේ ද, යම්හෙයකින් තෝ මෙවුන්දම්රායෙන් නොතෙත් වූයෙහි ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂපුද්ගල යම් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ තිට දේ ද, එය තෝ සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ” යි යොදවන මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂපුද්ගල මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කරන්නේ ද, යම්හෙයකින් තෝ මෙවුන්දම්රායෙන් නො තෙත් වූයෙහි ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂ පුද්ගල යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ තිට දේ නම් එය තෝ සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ” යි යෙදවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. …
Pali BJT7. කුපිතාය අනත්තමනාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තියා{1} සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී කුපිතා අනත්තමනා එවං අවච “බුද්ධං පච්චාචික්ඛාමි, ධම්මං පච්චාචික්ඛාමි, සඞ්ඝං පච්චාචික්ඛාමි, සික්ඛං පච්චාචික්ඛාමී”ති, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති ධුරනික්ඛෙපෙ -පෙ-.
Sinhala BJT7. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ කිපියා වූ නොසියමන් වූ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ කිපියා නොසියමන් වූවා “බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි” යි මෙසේ කිවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. ධුරනික්‍ෂේපයෙහි යැ. …
Pali BJT8. කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච “ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියො”ති, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT8. (සිවු අධිකරණයන් අතුරෙන්) කිසියම් අධිකරණයෙක්හි පැරැද වූ තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ මෙහෙණක පිළිබඳ සඟවෙසෙස කොතැන්හිදි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පරදවන ලද්දී කිපියා නොසියමන් වූවා “භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු” යි මෙසේ කිවු යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJT9. සංසට්ඨානං භික්ඛුනීනං යාවතතියං සමනුභාසනාය නප්පටිජානිස්සන්තීනං සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො සංසට්ඨා විහරිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT9. (නුසුදුසු කායවාක් ප්‍රයෝගයෙන්) ගිහි මිනිසුන් හා එක් වූ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ මෙහෙණන් පිළිබඳ සඟවෙසෙස කොතැන් හිදි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ, කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු ගිහි මිනිසුන් හා නුසුදුසු කායවාක් ප්‍රයෝගයෙන් එක්වැ විසූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
Pali BJT10. “සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරථා”ති{1} උය්යොජෙන්තියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී “සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ, මා තුම්හෙ නානා විහරථා”ති උය්යොජෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති; ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT10. “ආර්‍ය්‍යයාවෙනි, තෙපි ගිහි මිනිසුන් හා එක්ව ම වසවු, තෙපි වෙන් වැ නොවසවු” යි. මෙහෙයවන්නාවූ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ඵුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ “ආර්‍ය්‍යයාවෙනි, තෙපි ගිහියන් හා එක්ව ම වසවු, වෙන් වැ නො වසවු” යි මෙහෙයවූවා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJTදස සඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
Sinhala BJTදස සඟ වෙසෙස් නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි වස්තු නාමාවලිය:
Pali BJTඋස්සය චොරී ගාමන්තරං{2} උක්ඛිත්තං ඛාදනෙන ච, කිං තෙ කුපිතා කිස්මිචි{3} සංසට්ඨා ඤායතෙ දසාති.
Sinhala BJTඋස්ස යැ චෝරී යැ ගාමන්තර යැ ඛාදන ය සමගඋක්ඛිත්ත යැ කිංතෙ යැ කුපිතා යැ කිස්මිචි යැ සංසට්ඨදෙක යැ යි දසසිඛය දන්නා ලැබේ.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJTනිස්සග්ගියකණ්ඩො
Sinhala BJTනිස්සග්ගිය කාණ්ඩය
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පත්තසන්නිචයං කරොන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො පත්තසන්නිචයං අකංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති, කඨිනකෙ -පෙ-
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දක්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් (ඉටන් පොහෝනා) පාත්‍රයක් නො ඉටා නො විකපා එක දවසකුදු තබා ගන්නා මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවගමෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවගමෙහෙණහු (නො ඉටා නො විකපා) පාත්‍ර රැස් කොට තබාගත්හ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනක සමුට්ඨානයෙහි යැ. …
Pali BJT2. අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී අකාලචීවරං කාලචීවරන්ති අධිට්ඨහිත්වා භාජාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT2. අකාලචීවරයක් කාලචීවරයැ යි ඉටා බෙදවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අකාලචීවරය කාලචීවර යැයි ඉටා බෙදවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
Pali BJT3. භික්ඛුනියා සද්ධිං චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා සද්ධිං චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති, -පෙ-
Sinhala BJT3. මෙහෙණක හා සමග සිවුරක් පෙරැළි කොට ගෙණ (පසුව) අසිඳගන්නා මෙහෙණ පිළිබඳ නිසගිපචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණක හා සමග සිවුරක් පෙරැළි කොට ගෙණ (පසුව) අසිඳ ගත්තා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟි. …
Pali BJT4. අඤ්ඤං විඤ්ඤාපෙත්වා අඤ්ඤං විඤ්ඤාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤං විඤ්ඤාපෙත්වා අඤ්ඤං විඤ්ඤාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති, -පෙ-
Sinhala BJT4. අනෙකක් විනවා (එය තබා) අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසගි පවීතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ තොමෝ අනෙකක් විනවා (එය තබා) අනෙකක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨානසයෙන් ම නඟි. …
Pali BJT5. අඤ්ඤං චෙතාපෙත්වා අඤ්ඤං චෙතාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤං චෙතාපෙත්වා අඤ්ඤං චෙතාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති, -පෙ-
Sinhala BJT5. අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දන්වන මෙහෙණ පිළිබඳ නිසගි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අනෙකක් දන්වා (එය තබා) අනෙකක් දැන්වූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟි. …
Pali BJT6. අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන අඤ්ඤං චෙතාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථං පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන අඤ්ඤං චෙතාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT6. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් අනෙකක් විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
Pali BJT7. අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන සඞ්ඝිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT7. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමන් ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් සඟසතු පිරිකරින් තමන් විසින් ඉල්ලා ගත් දෙයින් අනෙකක්හු විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨානයෙන් ම නඟී. …
Pali BJT8. අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන අඤ්ඤං චෙතාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන අඤ්ඤං චෙතාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT8. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් අනෙකක් විනවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
Pali BJT9. අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන මහාජනිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT9. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමා ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් ගණසතු පිරිකරින් තමන් ඉල්ලා ගත් දෙයින් අනෙකක් විනවූහ, ඒ වස්තු යෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
Pali BJT10. අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන පුග්ගලිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී අඤ්ඤදත්ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤුද්දිසිකෙන පුග්ගලිකෙන සඤ්ඤාචිකෙන අඤ්ඤං චෙතාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති-පෙ-
Sinhala BJT10. අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල්සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ අනෙකක්හු පිණිස දුන් අනෙකක්හු උදෙසා දුන් පුඟුල්සතු පිරිකරින් තමා ඉල්ලා ගත් දැයින් අනෙකක් විනවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
Pali BJT11. අතිරෙකචතුක්කංසපරමං ගරුපාපුරණං චෙතාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී රාජානං කම්බලං විඤ්ඤාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT11. සොළොස් කහවණුවකට වඩා අගනා (ශීත කාලයෙහි පොරෝණා) ගරු පාපුරණයක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟි පචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ කොසොල් රජුගෙන් පලසක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
Pali BJT12. අතිරෙකඅඩ්ඪතෙය්යකංසපරමං ලහුපාපුරණං චෙතාපෙන්තියා නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී රාජානං ඛොමං විඤ්ඤාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT12. කහවණු දසයකට වඩා අගනා (උෂ්ණකාලයෙහි පොරෝණා) ලුහුපාපුරණයක් විනවන මෙහෙණ පිළිබඳ නිසඟිපචිතිය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ කොසොල් රජුගෙන් කොමුපිළියක් විනවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. ...
Pali BJTද්වාදස නිස්සග්ගියා පාචිත්තියා නිට්ඨිතා.
Sinhala BJTදොළොස් නිසඟිපචිති නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි වස්තු නාමාවලිය:
Pali BJTපත්තං අකාලං කාලඤ්ච පරිවත්තෙ ච විඤ්ඤාපෙ, චෙතාපෙත්වා අඤ්ඤදත්ථි සඞ්ඝිකඤ්ච මහාජනිකං, සඤ්ඤාචිකා පුග්ගලිකා චතුක්කංසඩ්ඪතෙය්යකාති.
Sinhala BJTපාත්‍ර යැ, අකාල යැ, කාල යැ, පරිවර්‍තන යැ, විඥාපන යැ, චේතාපන යැ, අඤ්ඤ දත්තික යැ, සඞ්ඝික යැ, මහාජනික යැ, සංයාචිත යැ, පුග්ගලික යැ, චතුක්කංසපරම යැ, අඩ්ඪතෙය්‍ය කංසපරම යැයි සිකපද දොළොසෙකි.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJTපාචිත්තිය කණ්ඩො
Sinhala BJTපාචිත්තිය කාණ්ඩය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ලසුණං ඛාදන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී න මත්තං ජානිත්වා බහුං ලසුණං හරාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති එළකලොමකෙ -පෙ-
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් ලුහුණු අනුභව කරණ මෙහෙණ පිළිබඳ යම් පචිති සිඛයෙක් පණවනලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පමණ නො දැන බොහෝ ලුහුණු ගෙන්වූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමක සමුට්ඨානයෙනි. ...
Pali BJT2. සම්බාධෙ ලොමං සංහරාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො සම්බාධෙ ලොමං සංහරාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT2. සම්බාධස්ථානයෙහි ලොම් බැහැර කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොහි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු සම්බාධස්ථානයෙහි ලොම් හැරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
Pali BJT3. තලඝාතකෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ද්වෙ භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ද්වෙ භික්ඛුනියො තලඝාතකං අකංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති පඨමපාරාජිකෙ -පෙ-
Sinhala BJT3. තලගැටීමෙහි පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: මෙහෙණ දෙනමක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: මෙහෙණ දෙනමක් තලගැටුම් කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. පඨම පාරාජික සමුට්ඨානයෙනි. ...
Pali BJT4. ජතුමට්ඨකෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී ජතුමට්ටකං ආදියි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, පඨමපාරාජිකෙ -පෙ-
Sinhala BJT4. ජතුමට්ටකයෙහි සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් ලතුයෙන් කළ මටදඬුවක් රහසඟෙහි ලූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨම පාරාජික සමුට්ඨානයෙනි. ...
Pali BJT5. අතිරෙකද්වඞ්ගුලපබ්බපරමං උදකසුද්ධිකං ආදියන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සක්කෙසු පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී අතිගම්භීරං උදකසුද්ධිකං ආදියි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, පඨමපාරාජිකෙ -පෙ-
Sinhala BJT5. අයිරා දෑඟුල් පුරුකකට වඩා උදකශුද්ධිය ගන්නා මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යදනවුහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් දියෙන් පස මඟ ඉතා ගැඹුරු කොට දොවාපු යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟී. පඨමපාරාජික සමුට්ඨානයෙනි. ...
Pali BJT6. භික්ඛුස්ස භුඤ්ජන්තස්ස පානීයෙන වා විධූපනෙන වා උපතිට්ඨන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී භික්ඛුස්ස භුඤ්ජන්තස්ස පානීයෙන ච විධූපනෙන ච උපතිට්ඨි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-
Sinhala BJT6. වළඳන මහණක්හට පැනින් හෝ විජිනියෙන් හෝ උවටැන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් වළඳන මහණක්හට පැනින් ද විජිනියෙන් ද උවැටන් කරමින් සිටියා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමකසමුට්ඨාන යෙනි. ...
Pali BJT7. ආමකධඤ්ඤං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො ආමකධඤ්ඤං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT7. අමු ධාන්‍ය විනවා වළඳන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබයැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අමුධාන්‍ය විනවා වැළඳුහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
Pali BJT8. උච්චාරං වා පස්සාවං වා සඞ්කාරං වා විඝාසං වා තිරොකුඩ්ඩෙ වා තිරොපාකාරෙ වා ඡඩ්ඩෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී උච්චාරං තිරොකුඩ්ඩෙ තිරොපාකාරෙ ඡඩ්ඩෙසි{1} තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT8. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ බිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත හෝ දමන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලදයැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් මල බිත්තියෙන් පිටත දැමූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. ...
Pali BJT9. උච්චාරං වා පස්සාවං වා සඞ්කාරං වා විඝාසං වා{1} හරිතෙ ඡඩ්ඩෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො උච්චාරම්පි පස්සාවම්පි සඞ්කාරම්පි විඝාසම්පි හරිතෙ ඡඩ්ඩෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT9. නිල් තණබිමෙකැ මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ දමන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු නිල් තණ බිමෙහි මල ද මූ ද කෙළ ද කසළ ද ඉඳුල් ද දැමූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන්ම නඟී. ...
Pali BJT10. නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගච්ඡන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො නච්චම්පි ගීතම්පි වාදිතම්පි දස්සනාය අගමංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති – එළකලොමකෙ -පෙ-
Sinhala BJT10. නටනු හෝ ගයනු හෝ වයනු හෝ දක්නා පිණිස යන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු නැටුම් ද ගැයුම් ද වැයුම් ද දක්නා පිණිස ගියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළක ලෝමක සමුට්ඨානයෙනි. ...
Pali BJTලසුණවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන ලසුණ වර්‍ග යි.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJT1. රත්තන්ධකාරෙ අප්පදීපෙ පුරිසෙන සද්ධිං එකෙනෙකාය සන්තිට්ඨන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී රත්තන්ධකාරෙ අප්පදීපෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. ථෙය්යසත්ථකෙ -පෙ-
Sinhala BJT1. පහන් නැති රෑ අඳුරෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලාව වෙතැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: එක්තරා මෙහෙණක් කිසිදු එළියක් නැති රැ අඳුරෙහි එකලා පිරිමියක්හු හා එකලා ව ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: ථෙය්‍යසත්‍ථකයෙහි ය. ...
Pali BJT2. පටිච්ඡන්නෙ ඔකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකාය සන්තිට්ඨන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී පටිච්ඡන්නෙ ඔකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි, සමුට්ඨාති. ථෙය්යසත්ථකෙ -පෙ-.
Sinhala BJT2. පිළිසන් පියසෙක්හි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී: කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් පිළිසන් පියසෙක්හි එකලා පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
Pali BJT3. අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකාය සන්තිට්ඨන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. ථෙය්යසත්ථකෙ -පෙ-
Sinhala BJT3. එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
Pali BJT4. රථියා{2} වා බ්යූහෙ වා සිඞ්ඝාටකෙ වා පුරිසෙන සද්ධිං එකෙනෙකාය සන්තිට්ඨන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී රථිකායපි බ්යූහෙපි සිඞ්ඝාටකෙපි පුරිසෙන සද්ධිං එකෙනෙකා සන්තිට්ඨි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. ථෙය්යසත්ථකෙ -පෙ-
Sinhala BJT4. වීථියෙහි හෝ විනිවිද නො ගිය කුඩා වීථියෙහි හෝ සතර මංසන්‍ධියෙහි හෝ එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙතැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ වීථියෙහි ද විනිවිද නොගිය වීථියෙහි ද සතරමං සන්‍ධියෙහි ද එකලා මිනිස් පිරිමියක්හු හා එකලා ව වෙතැ සිටියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
Pali BJT5. පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කමන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා ආසනෙ නිසීදිත්වා සාමිකෙ අනාපුච්ඡා පක්කාමි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. කඨිනකෙ -පෙ-.
Sinhala BJT5. පෙරබත්හි කුලයන්ට එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් පෙරබත්හි කුලයන්ට එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර ගියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනකයෙහි යැ. ...
Pali BJT6. පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා ආසනෙ නිසීදන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා ආසනෙ නිසීදි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. කඨිනකෙ -පෙ-
Sinhala BJT6. පසුබත්හි කුලයන්ට එළඹැ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පසුබත්හි කුලයන්ට එළඹ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳගතු. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙනි.
Pali BJT7. විකාලෙ කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා සෙය්යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා අභිනිසීදන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො විකාලෙ කුලානි උපසඞ්කමිත්වා සාමිකෙ අනාපුච්ඡා සෙය්යං සන්ථරිත්වා අභිනිසීදිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. කඨිනකෙ -පෙ-
Sinhala BJT7. විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නොපිළිවිස ශය්‍යාවක් අතුරා හෝ අතුරුවා හෝ හිඳින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නො පිළිවිස ශය්‍යාවක් අතුරා හුන්හ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. කඨිනසමුට්ඨානයෙනි. …
Pali BJT8. දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT8. නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැරීමෙන් මෙරමාහට අවමන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැරීමෙන් මෙරමාහට අවමන් කරවූ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. …
Pali BJT9. අත්තානං වා පරං වා නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී අත්තානම්පි පරම්පි නිරයෙනපි බ්රහ්මචරියෙනපි අභිසපි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT9. තමාට හෝ අන් උපසපන් මෙහෙණකට හෝ නිරයෙන් හෝ බඹසරින් හෝ සාපකරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබයැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ තමහට ද අන් උපසපන් මෙහෙණකට ද නිරයෙන් ද බඹසරින් ද සාප කළා ය. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. ...
Pali BJT10. අත්තානං වධිත්වා වධිත්වා රොදන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී අත්තානං වධිත්වා වධිත්වා රොදි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT10. තමහට පැහැර හඬන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළී මෙහෙණ තමහට පැහැර පැහැර හැඬු. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
Pali BJTරත්තන්ධකාරවග්ගො දුතියො.
Sinhala BJTදෙවන රත්තන්‍ධකාර වර්‍ග යි.
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJT1. නග්ගාය නහායන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො නග්ගා නහායිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. එළකලොමකෙ -පෙ-
Sinhala BJT1. නග්න වැ නහන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණෙහු නග්න වැ ස්නානය කළහ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨානයෙනි. …
Pali BJT2. පමාණාතික්කන්තං උදකසාටිකං කාරාපෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො අප්පමාණිකායො උදකසාටිකායො කාරෙසුං. තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT2. පමණ ඉක්ම වූ දියසළුව කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු පමණ ඉක්මවූ දියසළු දැරූහ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …
Pali BJT3. භික්ඛුනියා චීවරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා නෙව සිබ්බෙන්තියා න සිබ්බාපනාය උස්සුක්කං කරොන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී භික්ඛුනියා චීවරං විසිබ්බාපෙත්වා නෙව සිබ්බෙසි, න සිබ්බාපනාය උස්සුක්කං අකාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති. ධුරනික්ඛෙපෙ -පෙ-
Sinhala BJT3. මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැර හෝ ගෙත්තම් හරවා හෝ නොම ගෙත්තම් කරණ ගෙත්තම් කිරීමට වෑයම් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා තොමෝ නොම ගෙත්තම් කළා ය. ගෙත්තම් කරවීමට ද වෑයම් නොකළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂෙප යෙහි යැ. …
Pali BJT4. පඤ්චාහිකං සඞ්ඝාටිචාරං අතික්කාමෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො භික්ඛුනීනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. කඨිනකෙ -පෙ-
Sinhala BJT4. පස් දවසක් පිරිබෝ කිරීම් විසින් හෝ අව්ගැස්සීම් විසින් හෝ සිවුරු පෙරැළීම ඉක්මවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අන් මෙහෙණන් අතැ සිවුරු තබා අඳනය හා පොරෝණයෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. …
Pali BJT5. චීවරසඞ්කමනීයං ධාරෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී අඤ්ඤතරාය භික්ඛුනියා චීවරං අනාපුච්ඡා පාරුපි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. කඨිනකෙ -පෙ-
Sinhala BJT5. පෙරළා දියයුතු සිවුර දරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවනලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එක්තරා මෙහෙණකගේ සිවුරක් නො පිළිවිස පෙරැවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම්ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. …
Pali BJT6. ගණස්ස චීවරලාභං අන්තරායං කරොන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ගණස්ස චීවරලාභං අන්තරායං අකාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT6. මෙහෙණගණයාගේ චීවරලාභයට අනතුරු කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණගණයාගේ චීවරලාභයට අනතුරු කළා යැ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT7. ධම්මිකං චීවරවිභඞ්ගං පටිබාහන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති. සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ධම්මිකං චීවරවිභඞ්ගං පටිබාහි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT7. දැහැමි සිවුරු බෙදීම වළකන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැහැමි සිවුරු බෙදීමක් වැළකූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...
Pali BJT8. අගාරිකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සමණචීවරං දෙන්තියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී අගාරිකස්ස සමණචීවරං අදාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJT8. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සිවුරක් දෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්, ථුල්ලනන්‍දා මෙහෙණ ගිහියකුට සිවුරක් දුන. ඒ වස්තුයෙහි යැ: පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟියි. ...