Pali BJT3. මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT3. මාගමකට තුළුල් තෙපුල් බිණීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලදද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු මාගමකට තුළුල් තෙපුල් බිණුභ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසි විටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT4. මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං අභාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති-පෙ-
Sinhala BJT4. මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ වැණිම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ වැණී යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
Pali BJT5. සඤ්චරිත්තං සමාපජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී සඤ්චරිත්තං සමාපජ්ජි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති, න වාචතො න චිත්තතො. සියා වාචතො සමුට්ඨාති, න කායතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT5. (ස්ත්‍රී පුරුෂයන් ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යනු එනුවට) හැසිරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු ස්ත්‍රී පුරුෂයන් ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යන ‘සංචරිත්තයට’ පැමිණියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සමුට්ඨාන සයෙන් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් ද සිතින් ද නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් ද සිතින් ද නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT6. සඤ්ඤාචිකාය කුටිං කාරාපනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : ආළවියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ආළවකෙ භික්ඛූ ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ආළවකා භික්ඛූ සඤ්ඤාචිකාය කුටියො කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT6. තමා ඉල්වා ගත් උපකරණයෙන් කිළියක් කරවීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: අළව් නුවරැදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: අළච්පුර වැසි භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: අළව් පුරවැසි භික්‍ෂූහු තමන් ඉල්වා ගත් උපකරණයෙන් කුටි කරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම්ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී: ...
Pali BJT7. මහල්ලකං විහාරං කාරාපනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : කොසම්බියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො විහාරවත්ථුං සොධෙන්තො අඤ්ඤතරං චෙතියරුක්ඛං ඡෙදාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT7. (කරවා දෙන හිමියකු ඇති) මහත් විහාරයක් කරවීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු විහාර වාස්තුවක් (ගෙබිම) හෙළිකරන්නාහු එක්තරා පිදියයුතු රුකක් සිඳවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන යන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
Pali BJT8. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො. කං ආරබ්භාති : මෙත්තියභුම්මජකෙ භික්ඛූ ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති, ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT8. අමූලක වූ පරිජි ඇවතින් මහණක්හට චෝදනා කිරීම් හේතුයෙන් වන සඟ වෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රහට අමූලක පරිජි ඇවතින් චෝදනා කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
Pali BJT9. භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො. කං ආරබ්භාති : මෙත්තියභුම්මජකෙ භික්ඛූ ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් (ජාත්‍යාදි) ලේශ මාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවතින් චෝදනා කිරීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භූම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුතුහට අන්‍යභාගීය අධිකරණයක්හු ගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ පරිජි ඇවතින් චෝදනා කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
Pali BJT10. සඞ්ඝභෙදකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො. කං ආරබ්භාති : දෙවදත්තං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : දෙවදත්තො සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT10. සඞ්ඝභේදක භික්‍ෂුහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කො තැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: දෙව්දත් මහණහු ඇරැබ ය. කිනම් වස්තු යෙක්හි ද යත්: දෙව්දත් මහණ සමගසඞ්ඝයා බිඳවීම පිණිස උත්සාහ කෙළේ ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT11. භෙදකානුවත්තකානං භික්ඛූනං යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : රාජගහෙ පඤ්ඤත්තො. කං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ දෙවදත්තස්ස සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා අහෙසුං වග්ගවාදකා, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙ සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT11. භේදකානුවත්තක භික්‍ෂූන්ට තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: වර්‍ගවාදී වූ බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදය පිණිස වෑයම් කරණ දෙව්දත්හට අනුවර්‍තක වූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT12. දුබ්බචස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : කොසම්බියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං අකාසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT12. දුර්වච මහණහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී. කවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු භික්‍ෂූන් විසින් සකාරණයෙන් කියනු ලබන්නාහු තමා නො කියයුත්තක්හු කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT13. කුලදූසකස්ස භික්ඛුනො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතා භික්ඛූ ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT13. කුලදූෂක භික්‍ෂුහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හැරීම් හේතුයෙන් වන සඟවෙසෙස කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: අස්සජි-පුනබ්බසුක භික්‍ෂූන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: අස්සජි-පුනබ්බසුක භික්‍ෂූහු සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණ ලද්දාහු කාරක භික්‍ෂූන් ඡන්‍දගාමිත්‍වයෙන් ද්වේෂගාමිත්‍වයෙන් මෝහගාමිත්‍වයෙන් භයගාමිත්‍වයෙන් යුක්ත කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT14. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ උදකෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි අකංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJT14. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ පහකිරීම් හේතුයෙන් වන දුකුළා සිඛ කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිරිබෝ දියෙහි මල ද මූ ද කෙළද එවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJTකත්ථපඤ්ඤත්තිවාරො නිට්ඨිතො පඨමො.
Sinhala BJTපළමුවන කත්‍ථපඤ්ඤත්තිවාරය නිමි.
Pali BJT10. කතාපත්තිවාරො
Sinhala BJT10. කතාපත්තිවාරය
Pali BJT10. 1.
Sinhala BJT10. 1.
Pali BJTපාරාජික කණ්ඩො
Sinhala BJTපාරාජික කාණ්ඩය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා චතස්සො ආපත්තියො ආපජ්ජති : අක්ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති පාරාජිකස්ස. යෙභුයෙන ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති ථුල්ලච්චයස්ස. වට්ටකතෙ මුඛෙ අච්ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙති ආපත්ති දුක්කටස්ස. ජතුමට්ටකෙ{1} පාචිත්තියං. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. මෙවුන්දම් සෙවුනා හේතුවෙන් කෙතෙක් ඇවැතකට පැමිණේ ද යත්: මෙවුන්දම් සෙවුනා හේතුවෙන් සිවු ඇවැතකට පැමිණේ. ක්‍ෂය නො වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සෙවුනේ නම් පරිජි ඇවැත් වෙයි. බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සෙවුනේ නම් ථුලැසි ඇවැත් වෙයි. අඟාළ මියෙහි නො පහරමින් හදන් පිවිස්වා නම් දුකුළා ඇවැත් වෙයි. ලතුයෙන් කළ නිමිත්තෙහි නම් පචිති ඇවැත් වේ. මෙවුන්දම් සෙවීම් හේතුයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
Pali BJT2. අදින්නං ආදියනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : අදින්නං ආදියනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, ආපත්ති පාරාජිකස්ස. අතිරෙකමාසකං වා ඌනපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. මාසකං වා ඌනමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, ආපත්ති දුක්කටස්ස. අදින්නං ආදියනපච්චයා ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT2. හිමියන් සතු නො දුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: හිමියන් සතු නො දුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. පස් මස්සක් හෝ අයිරා පස් මස්සක් හෝ අගනා නො දුන් දෙය තෙනා ගණී නම් පරිජි ඇවැත් වෙයි. අයිරා මස්සක් හෝ උනු පස් මස්සක් හෝ අගනා නොදුන් දෙය තෙනා ගණී නම් ථුලැසි ඇවැත් වෙයි. මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා නො දුන් දෙය තෙනා ගණී නම් දුකුළා ඇවැත් වේ. නො දුන් දෙය ගැණීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJT3. සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : මනුස්සං ඔදිස්ස ඔපාතං ඛණති පපතිත්වා මරිස්සතීති, ආපත්ති දුක්කටස්ස. පපතිතෙ දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස. මරති, ආපත්ති පාරාජිකස්ස. සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපනපච්චයා ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT3. දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. “වැටී මැරෙන්නේ මැනැවැ” යි මිනිසකු උදෙසා වළක් කණී නම් දුකුළා ඇවැත් වෙයි. වැටුනු කල්හි දුක් වේදනා උපදී නම් ථුලැසි ඇවැත් වෙයි. මැරේ නම් පරිජි ඇවැත් වේ. දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුයෙන් මේ තුන් ඇවතට පැමිණේ.
Pali BJT4. අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරාජිකස්ස. ‘යො තෙ විහාරෙ වසති සො භික්ඛු අරහා’ති භණති, පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. නප්පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපනපච්චයා ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT4. තමා තුළ අවිද්‍යමාන වූ නැත්තා වූ උතුරු මිනිස් ධම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අවිද්‍යාමාන වූ නැත්තා වූ උතුරුමිනිස්දම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ නැත්තා වූ උතුරු මිනිස් ධම් ඇතැයි ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි. “ඔබගේ විහාරයෙහි යම් මහණෙක් වෙසේ නම් ඒ මහණ රහත්” යැ යි දැනුමැතියක්හට බෙණේ නම් ථුලැසි ඇවැත් වෙයි. නො දැනුමැතියක්හට නම් දුකුළා ඇවැත් වේ. තමා තුළ අවිද්‍යාමාන වූ නැත්තා වූ උතුරුමිනිස්දම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJTචත්තාරො පාරාජිකා නිට්ඨිතා.
Sinhala BJTසතර පරිජි නිමි.
Pali BJT10. 2.
Sinhala BJT10. 2.
Pali BJTසඞ්ඝාදිසෙසකණ්ඩාදයො.
Sinhala BJTසඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
Pali BJT1. උපක්කමිත්වා අසුචිං මොචනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : උපක්කමිත්වා අසුචිමොචනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. චෙතෙති උපක්කමති න මුච්චති, ආපත්ති ථුල්ලච්චයස්ස. පයොගෙ දුක්කටං. උපක්කමිත්වා අසුචිං මොචනපච්චයා ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT1. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: සිතා නම් උපක්‍රම කෙරේ නම් මුදා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, සිතා නම් උපක්‍රම කෙරේ නම් නො මුදා නම් ථුලැසි ඇවැත් වෙයි, පියෝහි දුකුළා වේ. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJT2. කායසංසග්ගං සමාපජ්ජනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : කායසංසග්ගං සමාපජ්ජනපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ගහණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛු කායෙන කායං ආමසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. කායෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස. අඞ්ගුලිපතොදකෙ පාචිත්තියං. කායසංසග්ගං සමාපජ්ජනපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT2. කාසසඟයට පැමිණීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාස සඟයට පැමිණීම් හේතුයෙන් පස් ඇවැතකට පැමිණෙ යි: කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණක් එම රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හු විසින් අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැන්ම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණ (තමා ගේ) කයින් (මාගමක ගේ) කය ආමර්‍ශ කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබැදියක් ආමර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියකින් කය පිළිබැඳියක් ආමර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ගිරිති කැවීමෙහි පචිති ඇවැත් වේ. කාසසඟයට පැමිණීම් හේතුයෙන් මේ පස් ඇවැතට පැමිණේ.
Pali BJT3. මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති, අවණ්ණම්පි භණති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. මාගමකට තුළුල් තෙපුල් කීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. වසමඟ පසමඟ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමඟ පසමඟ තබා අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියක් අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT4. අත්තකාමපාරිචරියාය වණ්ණං භාසනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පණ්ඩිතස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති ථුල්ලච්චයස්ස. තිරච්ඡානගතස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණකීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයකු හමුයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා නම් ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගතයකු හමුවෙහි තමහට මෙවුන් දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT5. සඤ්චරිත්තං සමාපජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : පටිගණ්හාති{1} වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පටිගණ්හාති වීමංසති න පච්චාහරති, ආපත්ති ථුල්ලච්චයස්ස. පටිගණ්හාති, න වීමංසති, න පච්චාහරති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT5. ස්ත්‍රී පුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යන ‘සංචරිත්ත’ හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ: පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නොම ගෙණේ නම් ථුලැසි ඇවැත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නොම ගෙණේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT6. සඤ්ඤාචිකාය කුටිං කාරාපනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : කාරාපෙති, පයොගෙ දුක්කටං, එකං පිණ්ඩං{2} අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT6. තමා ඉල්වා ගත් උපකරණයෙන් කිළියක් කරවීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT7. මහල්ලකං විහාරං කාරාපනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : කාරාපෙති, පයොගෙ දුක්කටං, එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT7. (කරවා දෙන හිමියකු ඇති) මහත් වූ විහාරයක් කරවීම් හේතුවෙන් තුන් ඇවැත කට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි. එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT8. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස. ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
Sinhala BJT8. අමුලුපරිජි ඇවතින් මහණක්හට චෝදනා කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ (භික්‍ෂුභාවයෙන්) චුත කරවනු කැමැති ව චෝදනා කෙරේ නම් සඟවෙසෙස් සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කරණ අදහස් ඇති ව චෝදනා කෙරේ නම් ඔමසවාද පචිති ඇවැත් වේ.
Pali BJT9. භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස. ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
Sinhala BJT9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවතින් චෝදනා කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ: අවසර නො ගෙණ (භික්‍ෂුභාවයෙන්) චුත කරවනු කැමැතිව චෝදනා කෙරේ නම් සඟ වෙසෙස් සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ අක්‍රොශ කරණ අදහස් ඇති ව චෝදනා කෙරේ නම් ඔමසවාද පචිති ඇවැත් වේ.
Pali BJT10. සඞ්ඝභෙදකො භික්ඛු යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT10. සඞ්ඝභේදක මහණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT11. භෙදකානුවත්තකා භික්ඛූ යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT11. භේදකානුවත්තක මහණහු තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙහි දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT12. දුබ්බචො භික්ඛු යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා; කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT12. නො කීකරු මහණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT13. කුලදූසකො භික්ඛු යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස -පෙ-
Sinhala BJT13. කුලදූෂක මහණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (එය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ. ...
Pali BJT14. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJT14. අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතු වෙන් කෙතෙක් ඇවැතුන්ට පැමිණේ ද යත්: අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතුවෙන් එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතුවෙන් මේ එක් ඇවැතට පැමිණේ.
Pali BJTකතාපත්තිවාරො නිට්ඨිතො දුතියො.
Sinhala BJTදෙවන කතාපත්තිවාරය නිමි.
Pali BJT11. විපත්තිවාරො
Sinhala BJT11. විපත්තිවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්ති, සියා ආචාරවිපත්ති -පෙ-
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් භජනය කෙරෙද්ද යත් : මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසි විටෙක ශීල විපත්තිය ද කිසි විටෙක ආචාර විපත්තිය දැයි විපත්තීන් දෙ දෙන භජනය කෙරෙත්. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති චතුන්නං විපත්තීනං කති විපත්තියො භජති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජති : ආචාරවිපත්තිං.
Sinhala BJT2. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් එක්ම ආචාර විපත්තිය බෙජේ.
Pali BJTවිපත්තිවාරො නිට්ඨිතො තතියො.
Sinhala BJTතුන්වන විපත්තිවාරය නිමි.
Pali BJT12. සඞ්ගහිතවාරො
Sinhala BJT12. සඞ්ගහිතවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං චතූහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන -පෙ-
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසි විටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසි විටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි සතර ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ය. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති සත්තන්නං ආපත්තික්ඛන්ධානං එකෙන ආපත්තික්ඛන්ධෙන සඞ්ගහිතා : දුක්කටාපත්තික්ඛන්ධෙන.
Sinhala BJT2. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්ති ස්කන්‍ධ නම් වූ එක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදී.
Pali BJTසඞ්ගහිතවාරො නිට්ඨිතො චතුත්ථො.
Sinhala BJTසතරවන සඞ්ග්‍රහිත වාරය නිමි.
Pali BJT13. සමුට්ඨානවාරො
Sinhala BJT13. සමුට්ඨානවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො -පෙ-
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිද් ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිත්. කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJT2. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි, කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
Pali BJTසමුට්ඨානවාරො නිට්ඨිතො පඤ්චමො.
Sinhala BJTපස්වන සමුට්ඨාන වාරය නිමි.
Pali BJT14. අධිකරණවාරො
Sinhala BJT14. අධිකරණවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං -පෙ-
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං.
Sinhala BJT2. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
Pali BJTඅධිකරණවාරො නිට්ඨිතො ඡට්ඨො.
Sinhala BJTසවන අධිකරණ වාරය නිමි.
Pali BJT15. සමථවාරො
Sinhala BJT15. සමථවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති : මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන තිණවත්ථාරකෙන ච -පෙ-
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතු වෙන් වන ඇවැත්හු සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳේ.
Pali BJTසමථවාරො නිට්ඨිතො සත්තමො.
Sinhala BJTසත්වන සමථවාරය නිමි.
Pali BJT16. සමුච්චයවාරො
Sinhala BJT16. සමුච්චයවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා චතස්සො ආපත්තියො ආපජ්ජති : අක්ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති පාරාජිකස්ස. යෙභුය්යෙන ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති ථුල්ලච්චයස්ස. වත්තකතෙ මුඛෙ අච්ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙති, ආපත්ති දුක්කටස්ස. ජතුමට්ටකෙ පාචිත්තියං. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් සිවු ඇවැතකට පැමිණෙයි: ක්‍ෂය නොවූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, අඟාළ මියෙහි හඳන් නො පහරමින් පිවිස්වා නම් දුකුළා ඇවැත් වෙයි, ලතුයෙන් කළ නිමිත්තෙහි පචිති ඇවැත් වේ. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
Pali BJT2. තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJT2. ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් භජනය කෙරෙද් ද: සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධ යෙන් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳෙද්ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්ති, සියා ආචාරවිපත්ති. සත්තන්නං ආපත්තික්ඛන්ධානං චතූහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. චතුන්නං අධිකරණානං, ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච -පෙ-
Sinhala BJTඒ ඇවැත්හු සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත්තීන් දෙදෙන භජනය කෙරෙත්. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද, කිසි විටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි සතර ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිත්: කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්.
Pali BJT3. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJT3. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් මේ එක් ඇවතට පැමිණේ.
Pali BJT4. සා ආපත්ති චතුන්නං විපත්තීනං කති විපත්තියො භජති : සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මති :
Sinhala BJT4. ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද, සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්:
Pali BJTසා ආපත්ති චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජති : ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං එකෙන ආපත්තික්ඛන්ධෙන සඞ්ගහිතා : දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTඒ ඇවැත සිවු වැදුරුම් විපත්තීන් අතුරෙන් එක්ම ආචාරවිපත්තිය බෙජේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්ති ස්කන්‍ධ නම් වූ එක් ආපත්තිස්කන්‍ධ යෙන් සඞ්ග්‍රහ කරණ ලදී. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් සමථයන් අතුරෙහි කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳේ.
Pali BJTසමුච්චයවාරො නිට්ඨිතො අට්ඨමො.
Sinhala BJTඅටවැනි සමුච්චයවාරය නිමි.
Pali BJTඅට්ඨපච්චයවාරා නිට්ඨිතා.
Sinhala BJTඅෂ්ට ප්‍රත්‍යය වාරයෝ නිමියහ.
Pali BJTමහාවිභඞ්ගෙ සොළස මහාවාරා නිට්ඨිතා.
Sinhala BJTමහාවිහඞ්ගයෙහි සොළොස් මහාවාරයෝ නිමියහ.
Pali BJTනිට්ඨිතො ච මහාවිභඞ්ගො.{1}
Sinhala BJTමහා විභඞ්ගය ද නිමියේ යි.
Pali BJTභික්ඛුනීවිභඞ්ගො
Sinhala BJTභික්‍ෂුණී විභඞ්ගය
Pali BJT1. කත්ථපඤ්ඤත්තිවාරො
Sinhala BJT1. කත්‍ථපඤ්ඤත්තිවාරය
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJTපාරාජිකකණ්ඩො
Sinhala BJTපාරාජික කාණ්ඩය
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන භික්ඛුනීනං පඤ්චමං පාරාජිකං කත්ථ පඤ්ඤත්තං, කං ආරබ්භ, කිස්මිං වත්ථුස්මිං, අත්ථි තත්ථ පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, අනුප්පන්නපඤ්ඤත්ති, සබ්බත්ථපඤ්ඤත්ති, පදෙසපඤ්ඤත්ති, සාධාරණපඤ්ඤත්ති, අසාධාරණපඤ්ඤත්ති, එකතො පඤ්ඤත්ති, උභතො පඤ්ඤත්ති, චතුන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං, කත්ථ පරියාපන්නං, කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති, චතුන්නං විපත්තීනං කතමා විපත්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධො, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මති, කො තත්ථ විනයො : කො තත්ථ අභිවිනයො, කිං තත්ථ පාතිමොක්ඛං කිං තත්ථ අධිපාතිමොක්ඛං, කා විපත්ති, කා සම්පත්ති, කා පටිපත්ති, කති අත්ථවසෙ පටිච්ච භගවතා භික්ඛුනීනං පඤ්චමං පාරාජිකං පඤ්ඤත්තං, කා සික්ඛන්ති, කා සික්ඛිතසික්ඛා, කත්ථ ඨිතං, කා ධාරෙන්ති, කස්ස වචනං, කෙනාභතන්ති :
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් පස්වැනි පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද ද, කවරක ඇරැබ ද, කිනම් වස්තුයෙක්හි ද, එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ඒකතෝ පඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ඇද්ද, සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද, කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද, සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් වේ ද, සත් වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්ති ස්කන්‍ධයෙක් වේ ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි, කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් වේ ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙහි කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද, එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද, එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම, විපත්ති කවර යැ, සම්පත්ති කවර යැ, ප්‍රතිපත්ති කවර යැ, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජි සිකපදය පණවන ලද ද, කවුරු හික්මෙත් ද, කවුරු හික්මුනු සිඛඇතියෝ ද, කවුරුන් කෙරෙහි පිහිටියේ ද, කවුරු දරත් ද, කවුරුන්ගේ වචනයෙක් ද, කවුරුන් විසින් ගෙණඑන ලද ද යත්:
Pali BJTයං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන භික්ඛුනීනං පඤ්චමං පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJTසිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් පස්වන පරිජි සිකපදයෙක් පණවන ලද නම් කොතැන්හි පණවන ලද යැ යත්: සැවැත් නුවර දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සුන්දරීනන්දං භික්ඛුනිං ආරබ්භ.
Sinhala BJTකවරක ඇරැබ ද යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි යැ යත්: කාමරාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ කාමරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියකුගේ කායසංසර්‍ගය ඉවසුවා ය, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඅත්ථි තත්ථ පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
Sinhala BJTඑහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකකැ, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
Pali BJTසබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති.
Sinhala BJTසබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
Pali BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති.
Sinhala BJTසාධාරණ පඤ්ඤත්ති අසාධාරණ පඤ්ඤත්ති ද යත්: අසාධාරණ පඤ්ඤත්ති යැ.
Pali BJTඑකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති.
Sinhala BJTඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ.
Pali BJTචතුන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං, නිදානපරියාපන්නං.
Sinhala BJTසිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ. කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළත් යැ.
Pali BJTකතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : දුතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
Sinhala BJTකිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: දෙවැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
Pali BJTචතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති.
Sinhala BJTසිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: ශීලවිපත්ති යි.
Pali BJTසත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : පාරාජිකාපත්තික්ඛන්ධො.
Sinhala BJTසත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙ සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
Pali BJTචතුන්නං අධිකරණානං කතමං අධිකරණන්ති : ආපත්තාධිකරණං :
Sinhala BJTසිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙකැ යත්: ආපත්තාධිකරණ යි.
Pali BJTසත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මතීති : ද්වීහි සමථෙහි සම්මති, සම්මුඛා විනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච :
Sinhala BJTසත් වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ යැ යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
Pali BJTකො තත්ථ විනයො කො තත්ථ අභිවිනයොති : පඤ්ඤත්ති විනයො, විභත්ති අභිවිනයො.
Sinhala BJTඑහි විනය කවරේ යැ, එහි අභිවිනය කවරේ යැ යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනිය අභිවිනය යි.
Pali BJTකිං තත්ථ පාතිමොක්ඛං, කිං තත්ථ අධිපාතිමොක්ඛන්ති : පඤ්ඤත්ති පාතිමොක්ඛං, විභත්ති අධිපාතිමොක්ඛං.
Sinhala BJTඑහි ප්‍රාතිමෝක්‍ෂය කිමැ, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යැ යත්: ප්‍රඥප්තිය ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනිය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
Pali BJTකා විපත්තීති : අසංවරො විපත්ති.
Sinhala BJTවිපත් කවර යත්: අසංවරය විපත්ති යි.
Pali BJTකා සම්පත්තීති : සංවරො සම්පත්ති.
Sinhala BJTසම්පත් කවර යත්: සංවරය සම්පත්ති යි.
Pali BJTකා පටිපත්තීති : න එවරූපං කරිස්සාමී”ති යාවජීවං ආපාණකොටිකං සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTප්‍රතිපත් කවර යත්: “දිව්හිම් කොට මෙබන්දක් නො කරන්නෙමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
Pali BJTකති අත්ථවසෙ පටිච්ච භගවතා භික්ඛුනීනං පඤ්චමං පාරාජිකං පඤ්ඤත්තන්ති : දස අත්ථවසෙ පටිච්ච භගවතා භික්ඛුනීනං පඤ්චමං පාරාජිකං පඤ්ඤත්තං : සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කුනීනං{1} භික්ඛුනීනං නිග්ගහාය, පෙසලානං භික්ඛුනීනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය.
Sinhala BJTකෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජිසිකපදය පණවන ලද යැ යත්: දස කරුණක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජි සිකපදය පණවන ලදී: සඞ්ඝයාගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් මෙහෙණන්ගේ නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂුණීන්ගේ පහසු විහරණය පිණිස යැ. දිටුදැමියෙහි විඳියයුතු දුක් ගැහැට වැළකීම පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස යැ, පහන්වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යැ, තුන් සසුන්හි පැවැත්ම පිණිස යැ. විනයට අනුග්‍රහ පිණිස යි.
Pali BJTකා සික්ඛන්තීති : සෙක්ඛා ච, පුථුජ්ජනකල්යාණිකා ච සික්ඛන්ති.
Sinhala BJTකවුරු හික්මෙති යත්: ශෛක්‍ෂ භික්‍ෂුණීහු ද කල්‍යාණ පෘථග්ජන භික්‍ෂුණීහු ද හික්මෙත්.
Pali BJTකා සික්ඛිතසික්ඛාති : අරහන්තා සික්ඛිතසික්ඛා.
Sinhala BJTකවුරු හික්මුණු සිඛ ඇතියෝ යැ යත්: රහත් මෙහෙණහු හික්මුණු සිඛඇතියෝ යි.
Pali BJTකත්ථ ඨිතන්ති : සික්ඛාකාමාසු ඨිතං.
Sinhala BJTකවුරුන් කෙරෙහි පිහිටියේ යැ යත්: ශික්‍ෂාකාමිනීන් කෙරෙහි පිහිටියේ යි.
Pali BJTකා ධාරෙන්තීති : යාසං වත්තන්ති, තා ධාරෙන්ති.
Sinhala BJTකවුරු දරති යත්: යම් කෙනකුන්හට විනයපෙළ අටුවා වනපොත් ද ඔහු දරත්.
Pali BJTකස්ස වචනන්ති : භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTකවුරුන්ගේ වචනයෙකැ යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචන යි.
Pali BJTකෙනාභතන්ති : පරම්පරාභතං –
Sinhala BJTකවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්: පරපුරෙන් ගෙණ එන ලදී.