Pali BJT2. අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො පිණ්ඩපාතං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT3. අනාදරියං පටිච්ච තහං තහං ඔමසිත්වා පිණ්ඩපාතං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT4. අනාදරියං පටිච්ච සූපඤ්ඤෙව බහුං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT4. අනදර පිණිස සූපය ම බෙහෙවින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT5. අනාදරියං පටිච්ච ථූපකතො ඔමද්දිත්වා පිණ්ඩපාතං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT5. අනදර පිණිස බත මුදුනෙන් මැඩ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT6. අනාදරියං පටිච්ච සූපං වා බ්යඤ්ජනං වා ඔදනෙන පටිච්ඡාදෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT6. අනදර පිණිස සූපය හෝ ව්‍යඤ්ජනය හෝ බතින් වසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT7. අනාදරියං පටිච්ච සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT7. අනදර පිණිස සූපය හෝ බත හෝ නො ගිලන් වැ තමා උදෙසා විනවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT8. අනාදරියං පටිච්ච උජ්ඣානසඤ්ඤී පරෙසං පත්තං ඔලොකෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT8. අනදර පිණිස කිපිසිත් ඇති වැ අනුන්ගේ පාත්‍රය බලන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT9. අනාදරියං පටිච්ච මහන්තං කබළං කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT9. අනදර පිණිස (මොනර බිජුවට සා) මහත් කොට පිඬු කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT10. අනාදරියං පටිච්ච දීඝං ආලොපං කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT10. අනදර පිණිස දිගු කොට පිඬු කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJTපිණ්ඩපාතවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි පිණ්ඩපාත වර්‍ග යි.
Pali BJT6. 5.
Sinhala BJT6. 5.
Pali BJT1. අනාදරියං පටිච්ච අනාහටෙ කබළෙ මුඛද්වාරං විවරන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT1. අනදර පිණිස පිඬු මුවදොරට නො එළවූ කල්හි මුව විවර කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT2. අනාදරියං පටිච්ච භුඤ්ජමානො සබ්බං හත්ථං මුඛෙ පක්ඛිපන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT2. අනදර පිණිස අත හැම (ඇඟිලි) මියෙහි බහමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT3. අනාදරියං පටිච්ච සකබළෙන මුඛෙන බ්යාහරන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT3. අනදර පිණිස පිඬු සහිත මුවෙන් කථා කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT4. අනාදරියං පටිච්ච පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT4. අනදර පිණිස පිඬු මියෙහි නඟනඟා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT5. අනාදරියං පටිච්ච කබළාවච්ඡෙදකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT5. අනදර පිණිස පිඬු කඩ කඩා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT6. අනාදරියං පටිච්ච අවගණ්ඩකාරකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT6. අනදර පිණිස කොපුලා පිඬු රැස් කොට වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT7. අනාදරියං පටිච්ච හත්ථනිද්ධුනකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT7. අනදර පිණිස අත සල සලා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT8. අනාදරියං පටිච්ච සිත්ථාවකාරකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT8. අනදර පිණිස හුලු විසුරුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT9. අනාදරියං පටිච්ච ජිව්හානිච්ඡාරකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT9. අනදර පිණිස දිව නෙර නෙරා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT10. අනාදරියං පටිච්ච චපුචපුකාරකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT10. අනදර පිණිස “චපු චපු” යන හඩ නඟමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJTකබලවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි කබල වර්‍ග යි.
Pali BJT6. 6.
Sinhala BJT6. 6.
Pali BJT1. අනාදරියං පටිච්ච සුරුසුරුකාරකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT1. අනදර පිණිස “සුරු සුරු” යන හඬ නඟමින් වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT2. අනාදරියං පටිච්ච හත්ථනිල්ලෙහකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT2. අනදර පිණිස අත ලොවමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT3. අනාදරියං පටිච්ච පත්තනිල්ලෙහකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT3. අනදර පිණිස (එක් ඇඟිල්ලකිනුදු) පාත්‍රය ලොවමින් වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT4. අනාදරියං පටිච්ච ඔට්ඨනිල්ලෙහකං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT4. අනදර පිණිස තොල් ලොවමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT5. අනාදරියං පටිච්ච සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිගණ්හන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT5. අනදර පිණිස ඉඳුල් සහිත අතින් පැන් මලාව පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT6. අනාදරියං පටිච්ච සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT6. අනදර පිණිස හුලු සහිත පාත්‍ර දෙවි දිය ඇතුළුගමැ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT7. අනාදරියං පටිච්ච ඡත්තපාණිස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT7. අනදර පිණිස සත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT8. අනාදරියං පටිච්ච දණ්ඩපාණිස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT8. අනදර පිණිස දඬුගත් අත් ඇත්තහුට දහම් - දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT9. අනාදරියං පටිච්ච සත්ථපාණිස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT9. අනදර පිණිස කඩු ඈ සැත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT10. අනාදරියං පටිච්ච ආවුධපාණිස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT10. අනදර පිණිස (දුනු ඈ) අවි ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැත කට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJTසුරුසුරුවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි සුරුසුරු වර්‍ග යි.
Pali BJT6. 7.
Sinhala BJT6. 7.
Pali BJT1. අනාදරියං පටිච්ච පාදුකාරූළ්හස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT1. අනදර පිණිස පය ලූ මිරිවැඩි ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT2. අනාදරියං පටිච්ච උපාහනාරූළ්හස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT2. අනදර පිණිස පය ලූ වහන් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT3. අනාදරියං පටිච්ච යානගතස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT4. අනාදරියං පටිච්ච සයනගතස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT5. අනාදරියං පටිච්ච පල්ලත්ථිකාය නිසින්නස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT5. අනදර පිණිස අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT6. අනාදරියං පටිච්ච වෙඨිතසීසස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT6. අනදර පිණිස වෙළන ලද හිස ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT7. අනාදරියං පටිච්ච ඔගුණ්ඨිතසීසස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT7. අනදර පිණිස හිස වසා පෙරවියහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT8. අනාදරියං පටිච්ච ඡමායං නිසීදිත්වා ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT8. අනදර පිණිස බිමැ හිඳ අසුනෙහි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT9. අනාදරියං පටිච්ච නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT9. අනදර පිණිස මිටි අස්නෙකැ හිඳ උස් අසුනෙකැ හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT10. අනාදරියං පටිච්ච ඨිතො නිසින්නස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT10. අනදර පිණිස නැඟී සිටිමින් හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT11. අනාදරියං පටිච්ච පච්ඡතො ගච්ඡන්තො පුරතො ගච්ඡන්තස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT11. අනදර පිණිස පසුව යමින් පෙරටුව යන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT12. අනාදරියං පටිච්ච උප්පථෙන ගච්ඡන්තො පථෙන ගච්ඡන්තස්ස ධම්මං දෙසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT12. අනදර පිණිස නොමඟින් යමින් මඟින් යන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT13. අනාදරියං පටිච්ච ඨිතො උච්චාරං වා පස්සාවං වා කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT13. අනදර පිණිස සිටිමින් මල කිස හෝ මූ කිස හෝ කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT14. අනාදරියං පටිච්ච හරිතෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT14. අනදර පිණිස තෘණයෙන් නිල් වූ පෙදෙසෙහි මල කිස හෝ මූ කිස හෝ කරණ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT15. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො කති ආපත්තියො ආපජ්ජති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJT15. අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ මේ එක් ඇවතට පැමිණේ.
Pali BJTපාදුකාවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි පාදුකා වර්‍ග යි.
Pali BJTසෙඛියා නිට්ඨිතා.
Sinhala BJTසේඛියා නිමි.
Pali BJTකතාපත්තිවාරො නිට්ඨිතො දුතියො.
Sinhala BJTදෙවැනි කතාපත්තිවාරය නිමි.
Pali BJT3. විපත්තිවාරො
Sinhala BJT3. විපත්තිවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්ති, සියා ආචාරවිපත්ති -පෙ-.
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්ති භජනය කෙරේ ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් විපත්ති අතුරෙන් විපත් දෙකක් භජනය කෙරෙයි: ශීල විපත්ති ද විය හෙයි. ආචාර විපත්ති ද විය හේ. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති චතුන්නං විපත්තීනං කති විපත්තියො භජති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජති : ආචාරවිපත්තිං.
Sinhala BJT2. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් විපත්ති අතුරෙන් කෙතෙක් විපත්ති භජනය කෙරේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් එක් විපත්තියක් භජනය කෙරෙයි: ආචාර විපත්ති යි.
Pali BJTවිපත්තිවාරො නිට්ඨිතො තතියො.
Sinhala BJTතෙවැනි විපත්තිවාරය නිමි.
Pali BJT4. සඞ්ගහිතවාරො
Sinhala BJT4. සඞ්ගහිතවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං තීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන -පෙ-.
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්රහ කරණ ලද ද යත්: මෙවුන්දම් සේවනය කරනහු පිළිබඳ ඇවැත් සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්ති ස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුෂ්කෘතා පත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්රහ කරණ ලදය. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති සත්තන්නං ආපත්තික්ඛන්ධානං එකෙන ආපත්තික්ඛන්ධෙන සඞ්ගහිතා : දුක්කටාපත්තික්ඛන්ධෙන.
Sinhala BJT2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්රහ කරණ ලද ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්තිස්කන්‍ධ නම් වූ එක්ම ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්රහ කරණ ලදී.
Pali BJTසඞ්ගහිතවාරො නිට්ඨිතො චතුත්ථො.
Sinhala BJTසිවුවන සඞ්ගහිතවාරය නිමි.
Pali BJT5. සමුට්ඨානවාරො
Sinhala BJT5. සමූට්ඨධානවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨහන්ති{1} කායතො ච චිත්තතො ච සමුට්ඨහන්ති, න වාචතො -පෙ-
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිති, කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්.
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති : න වාචතො.
Sinhala BJT2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සැවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි. කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
Pali BJTසමුට්ඨානවාරො නිට්ඨිතො පඤ්චමො.
Sinhala BJTපස්වන සමුට්ඨධානවාරය නිමි.
Pali BJT6. අධිකරණවාරො
Sinhala BJT6. අධිකරණවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං -පෙ-.
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං.
Sinhala BJT2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
Pali BJTඅධිකරණවාරො නිට්ඨිතො ඡට්ඨො.
Sinhala BJTසවන අධිකරණවාරය නිමි.
Pali BJT7. සමථවාරො
Sinhala BJT7. සමථවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති : මෙථුනං ධම්මං පටිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච -පෙ-.
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණ යෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස ආපත්ති සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මති : සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJT2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැ යි තුන් ශමථයෙන් සන්හිඳේ.
Pali BJTසමථවාරො නිට්ඨිතො සත්තමො.
Sinhala BJTසත්වන සමථවාරය නිමි.
Pali BJT8. සමුච්චයවාරො
Sinhala BJT8. සමුච්චයවාරය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවන්තො කති ආපත්තියො ආපජ්ජති : මෙථුනං ධම්මං පටිසෙවන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : අක්ඛයිතෙ{1} සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති පාරාජිකස්ස; යෙභුය්යෙන ඛයිතෙ{2} සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති ථුල්ලච්චයස්ස. වත්තකතෙ{3} මුඛෙ අච්ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙති, ආපත්ති දුක්කටස්ස – මෙථුනං ධම්මං පටිසෙවන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කරණ මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: මෙවුන්දම් සේවනය කරණ මහණ තුන් ඇවැතකට පැමිණේ. ක්‍ෂය නොවූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි. අඟාළ මියෙහි රහසඟ නො පහරමින් පිවිස්වා නම් දුකුළා ඇවැත් වේ. මෙවුන්දම් සේවනය කරණ මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
Sinhala BJTඒ ඇවැත් සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද යත්: සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
Pali BJTතා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං තීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති. සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච -පෙ-.
Sinhala BJTඒ ඇවැත් සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙයි. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්රහ කරණ ලද ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද, තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ. ...
Pali BJT2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො කති ආපත්තියො ආපජ්ජති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJT2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූත්‍ර හෝ කෙළ හෝ හෙළන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතට පැමිණේ.
Pali BJTසා ආපත්ති චතුන්නං විපත්තීනං කති විපත්තියො භජති : සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : සත්තන්නං, සමථානං කතීහි සමථෙහි සම්මති : සා ආපත්ති චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජති : ආචාරවිපත්තිං.
Sinhala BJTඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද, සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් ආචාරවිපත්ති නම් වූ එක් ම විපත්තිය බෙජේ.
Pali BJTසත්තන්නං ආපත්තික්ඛන්ධානං එකෙන ආපත්තික්ඛන්ධෙන සඞ්ගහිතා, දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
Sinhala BJTසත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්තිස්කන්‍ධ නම් වූ එක්ම ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්රහ කරණ ලද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟී. කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත් වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
Pali BJTසමුච්චයවාරො නිට්ඨිතො අට්ඨමො.
Sinhala BJTඅටවැනි සමුච්චයවාරය නිමි.
Pali BJTඉමෙ අට්ඨවාරා සජ්ඣායනාමග්ගෙන{1} ලිඛිතා.
Sinhala BJTමේ අෂ්ටවාරයෝ සජඣායනාමාර්‍ගයෙන් ලියන ලදහ.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකත්ථ පඤ්ඤත්ති කති ච විපත්ති සඞ්ගහෙන ච, සමුට්ඨානාධිකරණා සමථො සමුච්චයෙන චාති.
Sinhala BJTකත්‍ථපඤ්ඤත්තිවාරය ද කතිපඤ්ඤත්තිවාරය ද විපත්තිවාරය ද සඞ්ග්‍රහවාරය ද සමුට්ඨාන අධිකරණ වාරයෝ ද සමථවාරය ද සමුච්චයවාරය දැයි වාර අටෙකි.
Pali BJT9. කත්ථපඤ්ඤත්තිවාරො
Sinhala BJT9. කත්‍ථපඤ්ඤත්තිවාරය
Pali BJT9. 1.
Sinhala BJT9. 1.
Pali BJTපාරාජිකකණ්ඩං
Sinhala BJTපාරාජික කාණ්ඩය
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තං, කං ආරබ්භ, කිස්මිං වත්ථුස්මිං -පෙ- කෙනාභතන්ති.
Sinhala BJT1. මෙවුන්දම් සෙවුනා නිසා වන පරිජිය සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද? කවරක්හු ඇරැබ ද? කිනම් වස්තුයෙක්හි ද? ... කවරක්හු විසින් ගෙණ එන ලද ද?
Pali BJTයං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සුදින්නං කලන්දපුත්තං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සුදින්නො කලන්දපුත්තො පුරාණදුතියිකාය මෙථුනං ධම්මං පටිසෙවි, තස්මිං වත්ථුස්මිං. අත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, ද්වෙ අනුපඤ්ඤත්තියො. අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි. සබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති. සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : සාධාරණ පඤ්ඤත්ති. එකතො පඤ්ඤත්ති, උභතො පඤ්ඤත්තීති : උභතො පඤ්ඤත්ති. පඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති නිදානොගධං : නිදානපරියාපන්නං කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : දුතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති. චතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති. සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : පාරාජිකාපත්තික්ඛන්ධො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ- කෙනාභතන්ති : පරම්පරාභතං :
Sinhala BJTමෙවුන්දම් සෙවුනා නිසා වන පරිජිය සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: සුදින්න නම් කලන්‍දපුත්‍රයා ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සුදින්න කලන්‍ද පුත්‍ර තෙමේ පැරණි (ගිහි කල) අඹුව සමග මෙවුන්දම් සේවන කෙළේය, ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති දෙකෙකි. අනුප්පන්නපඤ්ඤත්ති එහි නැත. සබ්බත්‍ථ පඤ්ඤත්ති වේ ද, පදෙසපඤ්ඤත්ති වේ ද යත්: සබ්බත්‍ථ පඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති වේ ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති වේ ද අසාධාරණපඤ්ඤත්ති වේ ද යත්: සාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝ පඤ්ඤත්ති වේ ද උභතෝපඤ්ඤත්ති වේ ද යත්: උභතෝපඤ්ඤත්ති යැ. පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ වේ ද, කොහි ඇතුළත් වේ ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ ය, නිදානුද්දේසයෙහි ඇතුළත් ය. කිනම් උද්දේසයකින් උදෙසීමට පැමිණේ ද යත්: දෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කවර විපත්තියෙක් වේ ද යත්: ශීලවිපත්ති යි. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කවර ආපත්තිස්කන්‍ධයෙක් වේ ද යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණඑන ලදී.
Pali BJT“උපාලි දාසකො චෙව සොණකො සිග්ගවො තථා මොග්ගලිපුත්තෙන පඤ්චමා එතෙ ජම්බුසිරිව්හයෙ -පෙ- එතෙ නාගා මහාපඤ්ඤා විනයඤ්ඤූ මග්ගකොවිදා විනයං දීපෙ පකාසෙසුං පිටකං තම්බපණ්ණියා”ති.
Sinhala BJTඋපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, සෝණක ස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ, මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වනු කොට ඇති මේ තෙරවරු දඹදිව විනයධර පරපුරෙහි වෙති. ... මහා ප්‍රාඥ, විනය දන්නා මාර්‍ගඥානයෙහි දක්‍ෂ මේ ක්‍ෂීණාස්‍රවයෝ විනය පිටකය හෙළදිවැ පැවසූහු.
Pali BJT2. යං තෙන භගවතා -පෙ- අදින්නං ආදියනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං. කං ආරබ්භාති : ධනියං කුම්භකාරපුත්තං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ධනියො කුම්භකාරපුත්තො රඤ්ඤො දාරූනි අදින්නානි{1} ආදියි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJT2. නුදුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් වන පරිජිය ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ධනිය කුම්භකාර පුත්‍රයා ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ධනිය කුම්භකාර පුත්‍ර තෙමේ රජහු සතු නුදුන් දැව ගත්තේ ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT3. සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අඤ්ඤමඤ්ඤං ජීවිතා වොරොපෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT3. දැන දැන මිනිස් සිරුරක් දිවියෙන් තොර කිරීම් හේතුයෙන් වන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු ඔවුනොවුන් දිවියෙන් තොර කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT4. අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : වග්ගුමුදාතීරියෙ භික්ඛූ ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : වග්ගුමුදාතීරියා භික්ඛූ ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJT4. තමා කෙරෙහි නැති තමා කෙරෙහි නොවූ (ධ්‍යානාදි) උතුරුමිනිස්දම් තමා කෙරෙහි ඇතැයි පැවැසීම් හේතුවෙන් වන පරිජිය කො තැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූන් ගිහියනට ඔවුනොවුන්ගේ උතුරුමිනිස්දම් පිළිබඳ ගුණ කීහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි. ...
Pali BJTචත්තාරො පාරාජිකා නිට්ඨිතා.
Sinhala BJTසතර පරිජි නිමි.
Pali BJT9. 2.
Sinhala BJT9. 2.
Pali BJTසඞ්ඝාදිසෙසකණ්ඩාදයො
Sinhala BJTසඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උපක්කමිත්වා අසුචිං මොචනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තො : කං ආරබ්භ : කිස්මිං වත්ථුස්මිං -පෙ- කෙනාභතන්ති :
Sinhala BJT1. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද? කවරක්හු ඇරැබ ද? කවර වස්තුවෙක්හි ද, ... කවරක්හු විසින් ගෙණඑන ලද ද?
Pali BJTයං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උපක්කමිත්වා අසුචිං මොචනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ආයස්මන්තං සෙය්යසකං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා සෙය්යසකො උපක්කමිත්වා අසුචිං මොචෙසි, තස්මිං වත්ථුස්මිං. අත්ථි තත්ථ පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති. අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි. සබ්බත්ථ පඤ්ඤත්ති, පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථපඤ්ඤත්ති. සාධාරණපඤ්ඤත්ති, අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති. එකතො පඤ්ඤත්ති, උභතො පඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති. පඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං, කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං. කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : තතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති. චතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති. සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ- කෙනාභතන්ති : පරම්පරාභතං :
Sinhala BJTඋපක්‍රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණහු ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණ උපක්‍රම කොට සුකුරු මිදී ය, ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති එකෙකි, අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති. සබ්බත්‍ථ පඤ්ඤත්ති වේ ද, පදෙසපඤ්ඤත්තිවේ ද යත්: සබ්බත්‍ථ පඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති වේ ද, අසාධාරණපඤ්ඤත්ති වේ ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝපඤ්ඤත්ති වේ ද, උභතෝපඤ්ඤත්ති වේ ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ. පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද කොහි ඇතුළත්වේ ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ යැ, නිදානුද්දේසයෙහි ඇතුළත් යැ. කවර උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: තෙ වැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කවර විපත්තියෙක් වේ ද යත්: ශීලවිපත්ති යැ, සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කවර ආපත්තිස්කන්‍ධයෙක් වේ ද යත්: සඞ්සාදිශේෂාපත්තිස්කන්‍ධ යි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
Pali BJTඋපාලි දාසකො චෙව සොණකො සිග්ගවො තථා, මොග්ගලිපුත්තෙන පඤ්චමා එතෙ ජම්බුසිරිව්හයෙ -පෙ- එතෙ නාගා මහාපඤ්ඤා විනයඤ්ඤූ මග්ගකොවිදා, විනයං දීපෙ පකාසෙසුං පිටකං තම්බපණ්ණියාති.
Sinhala BJTඋපාලි ස්ථවිර යැ දාසක ස්ථවිර යැ සෝණක ස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ මොග්ගලිපුත්ත ස්ථවිර පස්වනු කොට ඇති මේ තෙරවරු දඹදිව විනයධර පරපුරෙහි වෙති. ... මහාප්‍රාඥ වූ විනය දන්නා මාර්‍ගඥානයෙහි දක්‍ෂ වූ මේ ක්‍ෂීණාස්‍රවයෝ හෙළ දිවැ විනයපිටකය පැවසූහු.
Pali BJT2. මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJT2. මාගමක හා කාසසඟයට සමවැදීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු මාගමක හා කායසංසර්‍ගයට පැමිණියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...