Pali BJT10. උය්යොධිකං ගච්ඡන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ගච්ඡති ආපත්ති දුක්කටස්ස, යත්ථ ඨිතො පස්සති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. යුදබිමට යන මහණ දෙ ඇවතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියේ දකී නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅචෙළකවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි අචේලක වර්‍ග යි.
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJT1. මජ්ජං පිවන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පිවිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. රහමෙර බොන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බොන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT2. භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : හාසෙති පයොගෙ දුක්කටං, හාසිතෙ{3} ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. ගිරිති කැවීමෙන් මහණක්හු සිනහ ගන්වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සිනා ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, සිනා ගැන්වූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. උදකෙ කීළන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : හෙට්ඨාගොප්ඵකෙ උදකෙ කීළති ආපත්ති දුක්කටස්ස, උපරි ගොප්ඵකෙ කීළති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. දිය කෙළනා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගොප් ඇටයෙන් යට ජලයෙහි ක්‍රීඩා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ගොප් ඇටයෙන් මතු ජලයෙහි ක්‍රීඩා කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT4. අනාදරියං කරොන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කරොති පයොගෙ දුක්කටං, කතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. (සිකපදයෙන් ඔවාදෙන පුඟුලාට හෝ දහමට) අනදර කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අනදර කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අනදර කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. භික්ඛුං භිංසාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භිංසාපෙති පයොගෙ දුක්කටං, භිංසාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. මහණක්හු බියගන්වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: බිය ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, බිය ගැන්වූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. ජොතිං සමාදහිත්වා විසිබ්බෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : සමාදහති පයොගෙ දුක්කටං, සමාදහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. ගිනි දල්වා තප්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දල්වා නම් පියෝහි දුකුළා වෙයි, දැල්වූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. ඔරෙනද්ධමාසං නහායන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නහායති පයොගෙ දුක්කටං, නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. අඩමසෙකින් මොබ ස්නාන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ස්නාන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ස්නාන අවසන්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. අනාදියිත්වා තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං නවං චීවරං පරිභුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිභුඤ්ජති, පයොගෙ දුක්කටං, පරිභුත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරින් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නො ගෙණ නව සිවුරක් පරිභෝග කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පරිභෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. භික්ඛුස්ස වා භික්ඛුනියා වා සික්ඛමානාය වා සාමණෙරස්ස වා සාමණෙරියා වා සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං{1} පරිභුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිභුඤ්ජති පයොගෙ දුක්කටං, පරිභුත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. මහණක්හට හෝ මෙහෙණකට හෝ හික්මෙණුවකට හෝ හෙරණකුට හෝ හෙරැණියකට හෝ තෙමේ සිවුරක් දී නො පසුදුරුවා වළඳ කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, වළඳ කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. භික්ඛුස්ස පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්ධනං වා අපනිධෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අපනිධෙති : පයොගෙ දුක්කටං, අපනිද්ධෙ{2} ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. මහණක්හුගේ පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුලාවක් හෝ කාබානක් හෝ සඟවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සඟවා නම් පියෝහි දුකුළා වෙයි, සැඟවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTසුරාමෙරයවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි සුරාමේරය වර්‍ග යි.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJT1. සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙන්තො කති ආපත්තියො ආපජ්ජති : සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙන්තො චතස්සො ආපත්තියො ආපජ්ජති : අනොදිස්ස ඔපාතං ඛණති ‘යො කොචි පපතිත්වා මරිස්සතී’ති ආපත්ති දුක්කටස්ස. මනුස්සො තස්මිං පපතිත්වා මරති, ආපත්ති පාරාජිකස්ස. යක්ඛො වා පෙතො වා තිරච්ඡානගතමනුස්සවිග්ගහො වා තස්මිං පපතිත්වා මරති, ආපත්ති ථුල්ලච්චයස්ස. තිරච්ඡානගතො තස්මිං පපතිත්වා මරති, ආපත්ති පාචිත්තියස්ස. සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙන්තො ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT1. දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ සිවු ඇවැතකට පැමිණෙයි: “එකකු නො උදෙසා යම් මැ එකෙක් වැටී මැරෙන්නේ මැනැවැ” යයි වළක් කණි නම් දුකුළා ඇවැත්වෙයි, මිනිසෙක් එහි වැටී මැරේ නම් පරිජි ඇවැත් වෙයි, යකෙක් හෝ ප්‍රේතයෙක් හෝ තිරිසන් ගිය මිනිස් සිරුරු ඇත්තෙක් හෝ එහි වැටී මැරේ නම් ථුලැසි ඇවැත් වෙයි, තිරිසන් ගතයෙක් එහි වැටී මැරේ නම් පචිති ඇවැත් වේ. දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ මේ සිවු ඇවැතට පැමිණේ.
Pali BJT2. ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිභුඤ්ජති, පයොගෙ දුක්කටං, පරිභුත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. දැන දැන පණුවන් සහිත පැන් වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳා නම් පියෝහි දුකුළා වෙයි, වැළඳු කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. ජානං යථාධම්මං නිහතාධිකරණං පුන කම්මාය උක්කොටෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උක්කොටෙති පයොගෙ දුක්කටං, උක්කොටිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. දැහැමින් සන්සිඳුවන ලද අධිකරණයක් දැන දැන නැවැත විනිස පිණිස උගුළුවන (මතු කරණ) මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උගුළුවා නම් පියෝහි දුකුළා වෙයි, ඉගුළූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. භික්ඛුස්ස ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
Sinhala BJT4. මහණක්හුගේ තුළුල් ඇවැතක් දැන දැන සඟවන මහණ එක් ඇවැතකට පැමිණෙයි: පචිති ඇවත යි.
Pali BJT5. ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උපසම්පාදෙති පයොගෙ දුක්කටං, උපසම්පාදිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. දැන දැන උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. ජානං ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පටිපජ්ජති පයොගෙ දුක්කටං, පටිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. දැන දැන සොරසත්‍වාමුළක් සමග ගිවිස ගෙණ එක් අදන් මඟකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මඟට බසී නම් පියෝහි දුකුළා වෙයි, මගට බට කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. මාතුගාමෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පටිපජ්ජති පයොගෙ දුක්කටං, පටිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. මාගමක හා ගිවිස ගෙණ එක් අදන්මගකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මඟට බසී නම් පියෝහි දුකුළා වෙයි, මඟට බට කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. පාපිකාය දිට්ඨියා යාවතතියං සමනුභාසියමානො{1} නප්පටිනිස්සජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, කම්මවාචාපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන මහණ ලාමක දෘෂ්ටිය නො හරිණුයේ දෙ ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. කම්වදන් පිරියතැ පචිති ඇවැත් වේ.
Pali BJT9. ජානං තථාවාදිනා භික්ඛුනා අකතානුධම්මෙන{2} තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං සම්භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : සම්භුඤ්ජති පයොගෙ දුක්කටං, සම්භුත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. “අන්තරායකර” යයි බුදුරදුන් වදහළ දහම “අන්තරායකර නො වේ” යයි කියන, නො කළ ඔසාරණ කම් ඇති, ඒ දෘෂ්ටිය නො හළ මහණක්හු සමග දැන දැන ධර්‍මාමිෂ සම්භෝග කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සම්භෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සම්භෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. ජානං තථා නාසිතං සමණුද්දෙසං උපලාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උපලාපෙති පයොගෙ දුක්කටං, උපලාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. එසේ නෙරණ ලද හෙරණ දැන දැන ආමිෂයෙන් උපලාලන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සඞ්ග්‍රහ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සඞ්ග්‍රහ කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTසප්පාණකවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි සප්පාණක වර්‍ග යි.
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJT1. භික්ඛූහි සහධම්මිකං වුච්චමානො ‘න තාවාහං ආවුසො එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි, යාව න අඤ්ඤං භික්ඛුං වියත්තං විනයධරං පරිපුච්ඡිස්සාමී’ති භණන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භණති පයොගෙ දුක්කටං, භණිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. භික්‍ෂූන් විසින් කරුණු සහිත වැ (සිකපදයෙන්) කියනු ලබන්නේ “ඇවැත ව්‍යක්ත විනයධර අන් මහණක්හු යම්තාක් නො විචාරම් ද ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: බෙණේ නම් පියෝහි දුකුළා වෙයි. බිණු කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT2. විනයං විවණ්ණෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විවණ්ණෙති පයොගෙ දුක්කටං, විවණ්ණිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. විනය සිකපදයනට අවමන් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. මොහෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අනාරොපිතෙ මොහෙ මොහෙති ආපත්ති දුක්කටස්ස, ආරොපිතෙ මොහෙ මොහෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. මුළා කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මෝහාරෝපණය නොකළ කල්හි මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෝහාරෝපණය කළ කල්හි මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.
Pali BJT4. භික්ඛුස්ස කුපිතො අනත්තමනො පහාරං දෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පහරති පයොගෙ දුක්කටං, පහරිතෙ{3} ආපත්ති පාචිත්තියස්ස .
Sinhala BJT4. මහණ කිපියේ නො සියමන් ව මහණක්හට පහර දෙන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: පහර දේ නම් පියෝහි දුකුළා වෙයි. පහර දුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. භික්ඛුස්ස කුපිතො අනත්තමනො තලසත්තිකං උග්ගිරන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උග්ගිරති පයොගෙ දුක්කටං, උග්ගිරිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. මහණ කිපියේ නො සියමන් ව මහණක්හට අතුල්තල නඟා දක්වන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: අතුල් තල නඟා දක්වා නම් පියෝහි දුකුළා වෙයි. නඟා දැක්වූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අනුද්ධංසෙති පයොගෙ දුක්කටං, අනුද්ධංසිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. අමූලක සඟ වෙසෙසින් මහණක්හට චෝදනා කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: චෝදනා කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. චෝදනා කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. භික්ඛුස්ස සඤ්චිච්ච කුක්කුච්චං උපදහන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උපදහති පයොගෙ දුක්කටං, උපදහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. දැන දැන මහණක්හට කුකුස් උපදවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කුකුස් උපදවා නම් පියෝහි දුකුළා වෙයි. ඉපද වූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : සොස්සාමීති ගච්ඡති ආපත්ති දුක්කටස්ස, යත්ථ ඨිතො සුණාති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණි මහණුන් ගේ බස් ඇසෙන තැන සිටින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “අසන්නෙමි” යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනක සිටියේ අසා නම් පචිති ඇවැත් වේ.
Pali BJT9. ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛීයති පයොගෙ දුක්කටං, ඛීයිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. ධාර්මික කර්‍මයන්ට ඡන්‍දය දී පසුව ගුණ කැණ බණන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. සඞ්ඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිසාය හත්ථපාසං විජහන්තස්ස ආපත්ති දුක්කටස්ස, විජහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. සඟ මැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟී බැහැර යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිස්හි අත්පස හරනා හට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT11. සමග්ගෙන සඞ්ඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛීයති පයොගෙ දුක්කටං, ඛීයිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT11. සමග සඞ්ඝයා විසින් සිවුරක් දී පසුව දොස් පහළ කරණුයේ දෙ ඇවැතකට පැමිණේ: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT12. ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිණාමෙති පයොගෙ දුක්කටං, පරිණාමිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT12. දැන දැන සඟසතු, සඟනට පිරිනැමූ වස්තුවක් පුද්ගලයක්හට පිරිනමන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිනමා නම් පියෝහි දුකුළා වෙයි. පිරිනැමූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTසහධම්මිකවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි සහධම්මික වර්‍ග යි.
Pali BJT4. 9.
Sinhala BJT4. 9.
Pali BJT1. පුබ්බෙ අප්පටිසංවිදිතො රඤ්ඤො අන්තෙපුරං පවිසන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං උම්මාරං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස, දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. පළමු නො දන්වන ලදු වැ රජුගේ ඇතොවුරට පිවිසෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJT2. රතනං උග්ගණ්හන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ගණ්හාති පයොගෙ දුක්කටං, ගහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. රුවනක් නඟා තබා දෙනු පිණිස ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි. ගත්කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. සන්තං භික්ඛුං අනාපුච්ඡා විකාලෙ ගාමං පවිසන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස, දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. දොළොස් රියන් අත්පස සිටි මහණහු නො පිළිවිස විකාලයෙහි ගම් වදින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJT4. අට්ඨිමයං වා දන්තමයං වා විසාණමයං වා සූචිඝරං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදි ගුලාවක් කරවන මහණ දෙ ඇවැත කට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. පමාණාතික්කන්තං මඤ්චං වා පීඨං වා කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. පමණ ඉක්ම වූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. මඤ්චං වා පීඨං වා තූලොනද්ධං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. පුළුන් එවැ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. පමාණාතික්කන්තං නිසීදනං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. පමණ ඉක්මවූ නිසීදනයක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. පමාණාතික්කන්තං කණ්ඩුපටිච්ඡාදිං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. පමණ ඉක්මවූ කස්පිළිසනක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. පමාණාතික්කන්තං වස්සිකසාටිකං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. පමණ ඉක්ම වූ වැසි සළුවක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. චීවරං කාරාපෙන්තො කති ආපත්තියො ආපජ්ජති : සුගතචීවරප්පමාණං චීවරං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ ආපත්ති පාචිත්තියස්ස. සුගතචීවරප්පමාණං චීවරං කාරාපෙන්තො ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT10. සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි. කරවූ කල්හි පචිති ඇවැත් වේ. සුගත්සිවුර පමණ සිවුරක් කරවන මහණ මේ දෙ ඇවැතට පැමිණේ.
Pali BJTරාජවග්ගො නවමො.
Sinhala BJTනව වැනි රාජවර්‍ග යි.
Pali BJTදෙව නවුති පාචිත්තියා නිට්ඨිතා.
Sinhala BJTදෙ අනූ පචිති නිමි.
Pali BJT2. 5.
Sinhala BJT2. 5.
Pali BJTපාටිදෙසනීයකණ්ඩං
Sinhala BJTපාටිදේසනීයකාණ්ඩය
Pali BJT1. අඤ්ඤාතිකාය භික්ඛුනියා අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තො කති ආපත්තියො ආපජ්ජති : අඤ්ඤාතිකාය භික්ඛුනියා අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස. අඤ්ඤාතිකාය භික්ඛුනියා අන්තරඝරං පවිට්ඨාය හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තො ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT1. ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ. ඇතුළු ගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙන වළඳන මහණ මේ දෙවැතට පැමිණේ.
Pali BJT2. භික්ඛුනියා වොසාසන්තියා න නිවාරෙත්වා භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT2. මෙහෙණක විධාන කරණ කල්හි ඇය නො වළක්වා වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත්වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
Pali BJT3. සෙඛසම්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
Sinhala BJT3. සේඛසම්මතය ලත් කුලයන්හි කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
Pali BJT4. ආරඤ්ඤකෙසු සෙනාසනෙසු පුබ්බෙ අප්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ්ඣාරාමෙ සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තො කති ආපත්තියො ආපජ්ජති : ආරඤ්ඤකෙසු සෙනාසනෙසු පුබ්බෙ අප්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ්ඣාරාමෙ සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස. ආරඤ්ඤකෙසු සෙනාසනෙසු පුබ්බෙ අප්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ්ඣාරාමෙ සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තො ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
Sinhala BJT4. වන සෙනසුන්හි පෙරැ නොදන්වනලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරම තුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරමතුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ. වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරම තුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ මේ දෙ ඇවැතට පැමිණේ.
Pali BJTචත්තාරො පාටිදෙසනීයා නිට්ඨිතා.
Sinhala BJTසතර පාටිදේසනීය නිමි.
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJTසෙඛියා
Sinhala BJTසේඛියාකාණ්ඩය
Pali BJT6. 1.
Sinhala BJT6. 1.
Pali BJT1. අනාදරියං පටිච්ච පුරතො වා පච්ඡතො වා ඔලම්බෙන්තො නිවාසෙන්තො කති ආපත්තියො ආපජ්ජති : අනාදරියං පටිච්ච පුරතො වා පච්ඡතො වා ඔලම්බෙන්තො නිවාසෙන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං. අනාදරියං පටිච්ච පුරතො වා පච්ඡතො වා ඔලම්බෙන්තො නිවාසෙන්තො ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJT1. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳනා මහණ කෙතෙක් ඇවතට පැමිණේද යත්: අනදර පිණිස ඉදිරිපසින් හෝ පසු පසින් හෝ එල්වමින් හඳනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳින මහණ මේ එක් ඇවැතට පැමිණේ.
Pali BJT2. අනාදරියං පටිච්ච පුරතො වා පච්ඡතො වා ඔලම්බෙන්තො පාරුපන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT2. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT3. අනාදරියං පටිච්ච කායං විවරිත්වා අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT3. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT4. අනාදරියං පටිච්ච කායං විවරිත්වා අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT4. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT5. අනාදරියං පටිච්ච හත්ථං වා පාදං වා කීළාපෙන්තො අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT5. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT6. අනාදරියං පටිච්ච හත්ථං වා පාදං වා කීළාපෙන්තො අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT6. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.
Pali BJT7. අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT7. අනදර පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT8. අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT8. අනදර පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT9. අනාදරියං පටිච්ච උක්ඛිත්තකාය අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT9. අනදර පිණිස (එක් පසෙකින් හෝ දෙපසින් හෝ) නඟන ලද සිවුරු ඇති වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT10. අනාදරියං පටිච්ච උක්ඛිත්තකාය අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT10. අනදර පිණිස (එක් පසෙකින් හෝ දෙපසින් හෝ) නඟන ලද සිවුරු ඇති වැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJTපරිමණ්ඩලවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි පරිමණ්ඩල වර්‍ග යි.
Pali BJT6. 2.
Sinhala BJT6. 2.
Pali BJT1. අනාදරියං පටිච්ච උජ්ජග්ඝිකාය අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT1. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT2. අනාදරියං පටිච්ච උජ්ජග්ඝිකාය අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT2. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT3. අනාදරියං පටිච්ච උච්චාසද්දං මහාසද්දං කරොන්තො අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT3. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.
Pali BJT4. අනාදරියං පටිච්ච උච්චාසද්දං මහාසද්දං කරොන්තො අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT4. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් අතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT5. අනාදරියං පටිච්ච කායප්පචාලකං අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT5. අනදර පිණිස කය සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT6. අනාදරියං පටිච්ච කායප්පචාලකං අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT6. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT7. අනාදරියං පටිච්ච බාහුප්පචාලකං අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT7. අනදර පිණිස කොඬ (උරහිස) සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT8. අනාදරියං පටිච්ච බාහුප්පචාලකං අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT8. අනදර පිණිස කොඬ සලමින් ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT9. අනාදරියං පටිච්ච සීසප්පචාලකං අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT9. අනදර පිණිස හිස සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT10. අනාදරියං පටිච්ච සීසප්පචාලකං අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT10. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJTඋජ්ජග්ඝිකවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි උජ්ජග්ඝික වර්‍ග යි.
Pali BJT6. 3.
Sinhala BJT6. 3.
Pali BJT1. අනාදරියං පටිච්ච ඛම්භකතො අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT1. අනදර පිණිස උකුළෙහි තබනලද අත් ඇති වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT2. අනාදරියං පටිච්ච ඛම්භකතො අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT2. අනදර පිණිස උකුළෙහි තබනලද අත් ඇති වැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT3. අනාදරියං පටිච්ච ඔගුණ්ඨිතො අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT3. අනදර පිණිස හිස වසා පෙරවැ ඇතුළුගම් වදින මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT4. අනාදරියං පටිච්ච ඔගුණ්ඨිතො අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT4. අනදර පිණිස හිස වසා පෙරවැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT5. අනාදරියං පටිච්ච උක්කුටිකාය අන්තරඝරෙ ගච්ඡන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT5. අනදර පිණිස අක් පත්ලෙන් හෝ විලුඹින් හෝ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT6. අනාදරියං පටිච්ච පල්ලත්ථිකාය අන්තරඝරෙ නිසීදන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT6. අනදර පිණිස අකවටු ගන්වා ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT7. අනාදරියං පටිච්ච අසක්කච්චං පිණ්ඩපාතං පටිගණ්හන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT7. අනදර පිණිස නො සකස් වැ පිඬුවා පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT8. අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො පිණ්ඩපාතං පටිගණ්හන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT8. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬු පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT9. අනාදරියං පටිච්ච සූපඤ්ඤෙව බහුං පටිගණ්හන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT9. අනදර පිණිස සූපය ම බෙහෙවින් පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJT10. අනාදරියං පටිච්ච ථූපීකතං පිණ්ඩපාතං පටිගණ්හන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT10. අනදර පිණිස මුදුන් කළ පිඬුවා පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
Pali BJTඛම්භකතවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි ඛම්භකත වර්‍ගයි.
Pali BJT6. 4.
Sinhala BJT6. 4.
Pali BJT1. අනාදරියං පටිච්ච අසක්කච්චං පිණ්ඩපාතං භුඤ්ජන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං.
Sinhala BJT1. අනදර පිණිස නො සකස් වැ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.