Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1101-1200 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතෙරස සඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
Sinhala BJTතෙළෙස් සඟවෙසෙස් නිමි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTනිස්සග්ගිය කණ්ඩො
Sinhala BJTනිස්සග්ගිය කාණ්ඩය
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJT1. අතිරෙකචීවරං දසාහං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT1. (නො ඉටු නො විකැපු) අතිරේක චීවරයක් දස දිනක් ඉක්මවන මහණ එක් නිසගි පචිති ඇවතකට පැමිණේ.
Pali BJT2. එකරත්තං තිචීවරෙන විප්පවසන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
Pali BJT3. අකාලචීවරං පටිග්ගහෙත්වා මාසං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT3. අයල් සිවුරක් පිළිගෙණ මසක් ඉක්මවන මහණ එක් නිසඟිපචිති ඇවැතකට පැමිණේ.
Pali BJT4. අඤ්ඤාතිකාය භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ධොවාපෙති, පයොගෙ දුක්කටං, ධොවාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් ධෝවන කර වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි, ධෝවන කරවා නිමි කල්හි නිසඟි පචිති වේ.
Pali BJT5. අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො චීවරං පටිග්ගණ්හන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ගණ්හාති, පයොගෙ දුක්කටං. ගහිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT6. අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං, විඤ්ඤාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT6. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සිවුරක් ඉල්ලා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත්කල්හි නිසඟි පචිති වේ.
Pali BJT7. අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා තතුත්තරිං චීවරං විඤ්ඤාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං, විඤ්ඤාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT7. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ ඉන් වැඩි සිවුරක් විනවා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT8. පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකං ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විකප්පං ආපජ්ජති පයොගෙ දුක්කටං. විකප්පං ආපන්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT8. පෙරැ නො පවරණ ලද මහණ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ දෙ ඇවතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
Pali BJT9. පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විකප්පං ආපජ්ජති පයොගෙ දුක්කටං, විකප්පං ආපන්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT9. පෙරැ නො පවරණ ලද මහණ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
Pali BJT10. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙක ඡක්ඛත්තුං ඨානෙන චීවරං අභිනිප්ඵාදෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අභිනිප්ඵාදෙති පයොගෙ දුක්කටං, අභිනිප්ඵාදිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT10. තෙවරකින් වැඩි චෝදනාවෙන් ද සවරකින් වැඩි උදෙසා සිටීමෙන් ද සිවුරක් නිපදවා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: නිපදවා නම් පියෝහි දුකුළා වෙයි, නිපදවා ගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJTකඨිනවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන කඨින වර්‍ග යි.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJT1. කොසියමිස්සකං සන්ථතං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT1. තිහිරි හූ මුසු ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟිපචිති වේ.
Pali BJT2. සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති, පයොගෙ දුක්කටං, කාරාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT2. සුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
Pali BJT3. අනාදියිත්වා තූලං ඔදාතානං තූලං ගොචරියානං නවං සන්ථතං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT3. හෙල එළුලොම් කොටසක් ද කිඹුල්වත් එළුලොම් කොටසක් ද නො ගෙණ අලුත් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
Pali BJT4. අනුවස්සං සන්ථතං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT4. වසක් පාසා ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
Pali BJT5. අනාදියිත්වා පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං නවං නිසීදනසන්ථතං කාරාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කාරාපෙති පයොගෙ දුක්කටං, කාරාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT5. පැරැණි ඇතිරියක අවටින් සුගත් වියතක් පමණ තැන් නොගෙණ අලුත් නිසදුන් ඇතිරියක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවානම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
Pali BJT6. එළකලොමානි පටිග්ගහෙත්වා තියොජනං අතික්කාමෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං තියොජනං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස, දුතියං පාදං අතික්කාමෙති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT6. එළුලොම් පිළිගෙණ තුන් යොදුනක් ඉක්මවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය තුන්යොදුන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් නිසඟි පචිති වේ.
Pali BJT7. අඤ්ඤාතිකාය භික්ඛුනියා එළකලොමානි ධොවාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ධොවාපෙති පයොගෙ දුක්කටං, ධොවාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් ධෝවන කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි. දෙවූ කල්හි නිසඟිපචිති වේ.
Pali BJT8. රූපියං පටිග්ගණ්හන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ගණ්හාති පයොගෙ දුක්කටං, ගහිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT8. රන් රිදී මසු කහවණු පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණි නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි නිසඟිපචිති වේ.
Pali BJT9. නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : සමාපජ්ජති පයොගෙ දුක්කටං, සමාපන්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT9. නන් වැදෑරුම් කැපවතින් මිළ මුදල් පෙරැළි කොට ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පෙරැළි කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පෙරැළි කළ කල්හි නිසඟි පචිති වේ.
Pali BJT10. නානප්පකාරකං කයවික්කයං සමාපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : සමාපජ්ජති පයොගෙ දුක්කටං, සමාපන්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT10. නන් වදෑරුම් ගණු දෙනු කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණු දෙනු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ගණු දෙනු කළ කල්හි නිසඟි පචිති වේ.
Pali BJTකොසියවග්ගො දුතියො.
Sinhala BJTදෙවන කෝසිය වර්‍ග යි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJT1. අතිරෙකපත්තං දසාහං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT1. (නො ඉටූ නො විකැපු) අතිරේක පාත්‍රයක් දසදිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
Pali BJT2. ඌනපඤ්චබන්ධනෙන පත්තෙන අඤ්ඤං නවං පත්තං චෙතාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT2. උනුපස්බාන් පාත්‍රයකින් යුත් මහණ අනික් අළුත් පාත්‍රයක් විනවා ගන්නේ නම් දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT3. භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT3. බෙහෙත් පිළිගෙණ සත් දිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
Pali BJT4. අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ වස්සිකසාටිකචීවරං පරියෙසන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරියෙසති පයොගෙ දුක්කටං පරියිට්ඨෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT4. අතිරේක මාසයක් ශේෂ ව සිටි ගිම්හානයෙහි වැසිසළු සිවුර සොයන මහණ දෙඇවැතකට පැමිණෙයි: සොයා නම් පියෝහි දුකුළා වෙයි, සොයා නිමි කල්හි නිසඟි පචිති වේ.
Pali BJT5. භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අච්ඡින්දති පයොගෙ දුක්කටං, අච්ඡින්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT5. මහණක්හට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටුසිත් ඇත්තේ අසිඳ ගන්නා මහණ දෙ ඇවතකට පැමිණෙයි: අසිඳ ගණී නම් පියෝහි දුකුළා වෙයි, අසිඳ ගත් කල්හි නිසඟි පචිති වේ.
Pali BJT6. සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : වායාපෙති, පයොගෙ දුක්කටං, වායාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT6. තෙමේ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වියවා නම් පියෝහි දුකුළා වෙයි, වියවූ කල්හි නිසඟි පචිති වේ.
Pali BJT7. පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකස්ස ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විකප්පං ආපජ්ජති පයොගෙ දුක්කටං, විකප්පං ආපන්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT7. පෙහෙරුන් වෙත එළඹ නො නැ ගැහැවියකුගේ සිවුරෙහි අධික විධානයට පැමිණෙන පෙරැ නො පවරණ ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
Pali BJT8. අච්චෙකචීවරං පටිග්ගහෙත්වා චීවරකාලසමයං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT8. ඉක්මන් සිවුරක් පිළිගෙණ විචරකාලසමය ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
Pali BJT9. තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිත්වා අතිරෙකඡාරත්තං විප්පවසන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT9. තුන් සිවුරු අතුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමැ තබා අයිරා සරැයක් ඉන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
Pali BJT10. ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිණාමෙති පයොගෙ දුක්කටං, පරිණාමිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT10. සඟනට පිරිණමන ලද සඟසතු චීවරාදී ලාභයක් දැන දැන තමහට නතුකර ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිණමවා නම් පියෝහි දුකුළා වෙයි, පිරිණැමවූ කල්හි නිසඟි පචිති වේ.
Pali BJTපත්තවග්ගො තතියො.
Sinhala BJTතෙ වන පත්තවර්‍ග යි.
Pali BJTතිංස නිස්සග්ගියා පාචිත්තියා නිට්ඨිතා.
Sinhala BJTතිස් නිසඟි පචිති නිමි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTපාචිත්තිය කණ්ඩො
Sinhala BJTපාචිත්තිය කාණ්ඩය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJT1. සම්පජානමුසාවාදං භාසන්තො කති ආපත්තියො ආපජ්ජති, සම්පජානමුසාවාදං භාසන්තො පඤ්ච ආපත්තියො ආපජ්ජති : පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ‘යො තෙ විහාරෙ වසති’ සො භික්ඛු අරහා’ති භණති, පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. නප්පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස. සම්පජානමුසාවාදෙ පාචිත්තියං, සම්පජානමුසාවාදං භාසන්තො ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT1. දැන දැන මුසවා කියන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දැන දැන මුසවා කියන මහණ පස් ඇවැතකට පැමිණෙයි: ලාමක අදහස් ඇති වැ එයින් මඩනා ලදු වැ තමා කෙරෙහි අවිද්‍යාමාන වූ, නොවූ උතුරු මිනිස්දම් තමා වෙත ඇතැයි ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, මුල් නැති පරිජි ඇවැතකින් මහණක්හට චෝදනා කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, “යම් මහණෙක් තොපගේ විහාරයෙහි වෙසේ ද, ඒ මහණ රහත්ය” යි දැනුමැතියක්හට කියා නම් ථුලැසි ඇවැත් වෙයි, නො දැනුමැතියක්හට කියා නම් දුකුළා ඇවැත් වෙයි. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ. දැන දැන මුසවා කියන මහණ මේ පස් ඇවැතට පැමිණේ.
Pali BJT2. ඔමසන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උපසම්පන්නං ඔමසති ආපත්ති පාචිත්තියස්ස, අනුපසම්පන්නං ඔමසති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. (ජාත්‍යාදියෙන්) ගටා බණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක්හට ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT3. පෙසුඤ්ඤං උපසංහරන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. පෙහෙසුන් බස් එළවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක් හට පෙහෙසුන් බස් එළවා නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට පෙහෙසුන්බස් එළවා නම් දුකුළා ඇවැත් වේ.
Pali BJT4. අනුපසම්පන්නං පදසො ධම්මං වාචෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : වාචෙති පයොගෙ දුක්කටං, පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. අනුපසපනක්හට පදසෝධම් කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කියවා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
Pali BJT5. අනුපසම්පන්නෙන උත්තරිං ද්විරත්තතිරත්තං සහසෙය්යං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිපජ්ජති පයොගෙ දුක්කටං, නිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. අනුපසපනක්හු හා දෙතුන් රැයකින් මත්තෙහි එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත්කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. මාතුගාමෙන සහසෙය්යං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිපජ්ජති පයොගෙ දුක්කටං, නිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. මාගමක හා එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි. හොවී නම් පියෝහි දුකුළා වෙයි. හොත් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්චවාචාහි ධම්මං දෙසෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : දෙසෙති. පයොගෙ දුක්කටං, පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. මාගමක්හට සපස් පෙදෙකින් මත්තෙහි දහම් දෙසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දෙසා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
Pali BJT8. අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං භූතං ආරොචෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ආරොචෙති පයොගෙ දුක්කටං, ආරොචිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. අනුපසපනක්හට තමා තුළ ඇති උතුරු මිනිස්දම් ආරොචන කරණ මහණ තෙමේ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. භික්ඛුස්ස දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ආරොචෙති පයොගෙ දුක්කටං, ආරොචිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. මහණහුගේ තුළුල් ඇවැතක් අනුපසපනක්හට ආරොචන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. පඨවිං ඛණන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛණති පයොගෙ දුක්කටං, පහාරෙ පහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. පොළොව කණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කණි නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.
Pali BJTමුසාවාදවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන මුසාවාද වර්‍ග යි.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJT1. භූතගාමං පාතෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පාතෙති පයොගෙ දුක්කටං, පහාරෙ පහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. රුක්ලිය කලකුරුවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කලකුරුවා නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.
Pali BJT2. අඤ්ඤෙනඤ්ඤං පටිචරන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අනාරොපිතෙ අඤ්ඤවාදකෙ අඤ්ඤෙනඤ්ඤං පටිචරති ආපත්ති දුක්කටස්ස, ආරොපිතෙ අඤ්ඤවාදකෙ අඤ්ඤෙනඤ්ඤං පටිචරති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. ආන්‍යවචනයකින් අන්‍යවචනයක් වසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අන්‍යවාදක කර්‍මය ආරෝපණය නො කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් දුකුළා වෙයි, අන්‍යවාදක කර්‍මය ආරෝපණය කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් පචිත් ඇවැත් වේ.
Pali BJT3. භික්ඛුං උජ්ඣාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උජ්ඣාපෙති පයොගෙ දුක්කටං, උජ්ඣාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. මහණක්හු හෙළා දක්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හෙළා දක්නේ නම් පියෝහි දුකුළා වෙයි, හෙළා දුටු කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. සඞ්ඝිකං මඤ්චං වා පීඨං වා භිසිං වා කොච්ඡං වා අජ්ඣොකාසෙ සන්ථරිත්වා අනුද්ධරිත්වා අනාපුච්ඡා පක්කමන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං ලෙඩ්ඩුපාතං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස, දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුමක් හෝ එළිමහනෙහි අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය කැටක් හෙළන තැන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJT5. සඞ්ඝිකෙ විහාරෙ සෙය්යං සන්ථරිත්වා අනුද්ධරිත්වා අනාපුච්ඡා පක්කමන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස, දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. සඟසතු වෙහෙරෙහි අස්නක් අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJT6. සඞ්ඝිකෙ විහාරෙ ජානං පුබ්බූපගතං භික්ඛුං අනුපඛජ්ජ සෙය්යං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිපජ්ජති පයොගෙ දුක්කටං, නිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹි මහණක්හු වෙතට එළඹ ශයනය කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT7. භික්ඛුං කුපිතො අනත්තමනො සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නික්කඩ්ඪති පයොගෙ දුක්කටං, නික්කඩ්ඪිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. කිපියේ නොසියමන් වැ සඟසතු වෙහෙරින් මහණක්හු නෙරපන සිත් ඇති මහණ දෙ ඇවැතකට පැමිණෙයි: නෙරපා නම් පියෝහි දුකුළා වෙයි, නෙරපූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. සඞ්ඝිකෙ විහාරෙ උපරිවෙහාසකුටියා ආහච්චපාදකං මඤ්චං වා පීඨං වා අභිනිසීදන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අභිනිසීදති පයොගෙ දුක්කටං, අභිනිසින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. සඟසතු වෙහෙරෙහි අහස් කිළියෙහි වියල් විද සිළු ගන්වා කළ පා ඇති ඇඳක හෝ පුටුවක හෝ හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳීනම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. ද්වත්තිපරියායෙ අධිට්ඨහිත්වා තතුත්තරිං{1} අධිට්ඨහන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අධිට්ඨාති පයොගෙ දුක්කටං, අධිට්ඨිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. පිරිකෙව් සෙවෙනි දෙකක් තුණක් විධාන කොට ඉන් වැඩියක් විධාන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විධාන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, විධාන කළ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT10. ජානං සප්පාණකං උදකං තිණං වා මත්තිකං වා සිඤ්චන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : සිඤ්චති, පයොගෙ දුක්කටං, සිඤ්චිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. දැන දැන පණුවන් සහිත දිය තණට හෝ මැටියට හෝ ඉසින මහණ දෙ ඇවැත කට පැමිණෙයි: ඉසී නම් පියෝහි දුකුළා වෙයි, ඉසි කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTභූතගාමවග්ගො දුතියො.
Sinhala BJTදෙවන භූතගාම වර්‍ග යි.
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJT1. අසම්මතො භික්ඛුනියො ඔවදන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඔවදති පයොගෙ දුක්කටං, ඔවදිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. මෙහෙණන්හට ඔවා දෙන සම්මතය නො ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ඔවා දේ නම් දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT2. අත්ථඞ්ගතෙ සූරියෙ භික්ඛුනියො ඔවදන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඔවදති, පයොගෙ දුක්කටං, ඔවදිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. හිර අවරට ගියකල්හි මෙහෙණන්හට ඔවාදෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: ඔවා දේ නම් පියෝහි දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනියො ඔවදන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති ; ඔවදති පයොගෙ දුක්කටං, ඔවදිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. මෙහෙණවරට එළඹ මෙහෙණන්හට ඔවා දෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: ඔවා දේ නම් පියෝහි දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. ආමිසහෙතු භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති භණන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භණති පයොගෙ දුක්කටං, භණිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. “භික්‍ෂූහු ආමිෂ හේතු කොට මෙහෙණන්හට ඔවා දෙති” යි කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කියා නම් පියෝහි දුකුළා වෙයි, කී කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : දෙති පයොගෙ දුක්කටං, දින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. නො නෑ මෙහෙණකට සිවුරක් දෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. අඤ්ඤාතිකා භික්ඛුනියා චීවරං සිබ්බෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : සිබ්බෙති පයොගෙ දුක්කටං, ආරපථෙ ආරපථෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. නො නෑ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගෙත්තම් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, හිදියෙහි හිදියෙහි පචිති ඇවැත් වේ.
Pali BJT7. භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පටිපජ්ජති පයොගෙ දුක්කටං, පටිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. මෙහෙණක හා ගිවිස ගෙණ එක් අදන් මඟකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. භික්ඛුනියා සද්ධිං සංවිධාය එකං නාවං අභිරුහන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අභිරුහති පයොගෙ දුක්කටං, අභිරූළ්හෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. මෙහෙණක හා ගිවිස ගෙණ එක් නැවකට නඟින මහණ දෙ ඇවතකට පැමිණෙයි: නඟී නම් පියෝහි දුකුළා වෙයි, නැඟි කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT9. ජානං භික්ඛුනීපරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. මෙහෙණක නිපද වූ අහරක් දැන දැන වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT10. භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිසීදති පයොගෙ දුක්කටං, නිසින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. එකලා මෙහෙණක හා රහස්හි හිඳීම කරණ එකලා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJTඔවාදවග්ගො තතියො.
Sinhala BJTතෙවන ඕවාද වර්‍ග යි.
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJT1. තතුත්තරිං{1} ආවසථපිණ්ඩං භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. එයට (දිනකට) වඩා මඟී ආදීන් සඳහා සකස් කළ ආවස්ථ පිණ්ඩය වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT2. ගණභොජනං භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. ගණ බොජුන් වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT3. පරම්පරභොජනං භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. පරම්පරභෝජනය වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT4. ද්වත්තිපත්තපූරෙ පූවෙ පටිග්ගහෙත්වා තතුත්තරිං පටිගණ්හන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ගණ්හාති පයොගෙ දුක්කටං, ගහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. දෙතුන් පයක් පුරා පූ පිළිගෙණ ඊට වඩා පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිගණී නම් පියෝහි දුකුළා වෙයි, පිළිගත් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. භුත්තාවී පවාරිතො අනතිරිත්තං ඛාදනීයං වා භොජනීයං වා භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති{1} පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. වළඳා නිමවූ පැවරූ මහණ අයිරිත් නො කළ කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන්නේ නම් දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි” යි “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT6. භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : තස්ස වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පග්ගණ්හාති ආපත්ති දුක්කටස්ස, භොජනපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. වළඳා නිමවූ පැවරූ මහණක්හු අයිරිත් නො කළ කෑයුතු දැයින් හෝ බිදිය යුතු දැයින් හෝ එළවා පවරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ඔහුගේ වචනයෙන් “කන්නෙමි, බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, බොජුන් පිරියතැ පචිති ඇවැත් වේ.
Pali BJT7. විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. විකාලයෙහි කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන මහණ දෙ ඇවැත කට පැමිණෙයි: “කන්නෙමි” “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT8. සන්නිධිකාරකං ඛාදනීයං වා භොජනීයං වා භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. පිළිගෙණ එකරැයකුදු තබන ලද කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි, බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT9. පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. පිණි බොජුන් තමා පිණිස විනවා වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි. “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJT10. අදින්නං මුඛද්වාරං ආහාරං ආහරන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT10. නුදුන් අහරක් මුවදොරට එළවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTභොජනවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි භෝජන වර්‍ග යි.
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJT1. අචෙලකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : දෙති පයොගෙ දුක්කටං, දින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT1. නග්න තවුසකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් දෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT2. භික්ඛුං ‘එහාවුසො ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසිස්සාමා’ති, තස්ස දාපෙත්වා වා අදාපෙත්වා වා උය්යොජෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උය්යොජෙති පයොගෙ දුක්කටං, උය්යොජිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT2. මහණක්හට “ඇවත, එනු මැනව, ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු” කියා ඒ මහණහට (යම් කිසි අහරක්) දෙවා හෝ නො දෙවා හෝ නඟා යවන මහණ දෙඇවතකට පැමිණෙයි: නඟා යවා නම් පියෝහි දුකුළා වෙයි, නඟා යැවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT3. සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිසීදති පයොගෙ දුක්කටං. නිසින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT3. මෙවුන්දම්රායෙන් යුත් පුමිතිරි දෙදෙනෙකුන් ඇති යහන් ගෙයි වැදහිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT4. මාතුගාමෙන සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිසීදති පයොගෙ දුක්කටං, නිසින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT4. මාගමක හා රහස්හි පිළිසන් අස්නෙකැ හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT5. මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිසීදති පයොගෙ දුක්කටං, නිසින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT5. එකලා වූයේ එකලා වූ මාගමක හා රහස්හි හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT6. නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං වා පච්ඡාභත්තං වා සන්තං භික්ඛුං අනාපුච්ඡා කුලෙසු චාරිත්තං{1} ආපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං උපචාරං{2} අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස, දුතියං පාදං අතික්කාමෙති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT6. නිමන්ත්‍රණ ලද බත් ඇති වැ පෙරවරු හෝ පස්වරු හෝ අරම්වැසි මහණක්හු නො පිළිවිසැ කුලයන්හි හැසිරීමට පැමිණෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: පළමු පිය උපචාර ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
Pali BJT7. තතුත්තරිං භෙසජ්ජං විඤ්ඤාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං, විඤ්ඤාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT7. එයට (පවරණ ලද පමණට) වඩා බෙහෙත් විනවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවූ කල්හි පචිති ඇවැත් වේ.
Pali BJT8. උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ගච්ඡති ආපත්ති දුක්කටස්ස, යත්ථ ඨිතො පස්සති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT8. සටනට නිකුත් (සිවුරඟ) සෙනඟ දැක්මට යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියේ දකී නම් පචිති ඇවැත් වේ.
Pali BJT9. අතිරෙකතිරත්තං සෙනාය වසන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : වසති පයොගෙ දුක්කටං, වසිතෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT9. අයිරා තෙරැයක් සේනාවෙහි වසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වෙසේ නම් පියෝහි දුකුළා වෙයි, විසූ කල්හි පචිති ඇවැත් වේ.