Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති, ඡබ්බග්ගියා භික්ඛූ අනාදරියං පටිච්ච අනාහටෙ කබලෙ මුඛද්වාරං විවරිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකවර වස්තුයෙහි ද යත්: සවග මහණහු අනදර පිණිස පිඬු මුවට නො එළවූ සඳ මුව විවර කළහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි:
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJT2. අනාදරියං පටිච්ච භුඤ්ජමානෙන සබ්බං හත්ථං මුඛෙ පක්ඛිපන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT2. අනදර පිණිස වළඳමින් හැම ඇඟිලි මියෙහි බහන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT3. අනාදරියං පටිච්ච සකබලෙන මුඛෙන බ්යාහරන්තස්ස දුක්කටං -පෙ- එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
Sinhala BJT3. අනදර පිණිස පිඬු සහිත මුවින් බණන්නහු පිළිබඳ දුකුළා සිඛය ... එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
Pali BJT4. අනාදරියං පටිච්ච පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ- එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-.
Sinhala BJT4. අනදර පිණිස පිඬු මියෙහි දමාලා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ... එක් සමුට්ඨානයෙකින් නහියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ....
Pali BJT5. අනාදරියං පටිච්ච කබළාවච්ඡෙදකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT5. අනදර පිණිස පිඬු කඬ කඬ කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT6. අනාදරියං පටිච්ච අවගණ්ඩකාරකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT6. අනදර පිණිස කොපුලැ පිඬු රැස් කොට කොට වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT7. අනාදරියං පටිච්ච හත්ථනිද්ධුනකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT7. අනදර පිණිස අත් සල සලා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT8. අනාදරියං පටිච්ච සිත්ථාවකාරකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT8. අනදර පිණිස හුලු විසුරුවා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT9. අනාදරියං පටිච්ච ජිව්හානිච්ඡාරකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT9. අනදර පිණිස දිව නෙර නෙරා වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT10. අනාදරියං පටිච්ච චපුචපුකාරකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT10. අනදර පිණිස චපු චපු යන හඬ නංවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJTකබලවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන කබල වර්‍ග යි.
Pali BJT7. 6.
Sinhala BJT7. 6.
Pali BJT1. අනාදරියං පටිච්ච සුරුසුරුකාරකං භුඤ්ජන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : කොසම්බියං පඤ්ඤත්තං.
Sinhala BJT1. අනදර පිණිස ‘සුරු සුරු’ යන හඬ නංවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ සුරුසුරුකාරකං ඛීරං පිවිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ‘සුරු සුරු’ යන හඬ කෙරෙමින් කිරි පානය කළහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJT2. අනාදරියං පටිච්ච හත්ථනිල්ලෙහකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT2. අනදර පිණිස අත ලෙවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT3. අනාදරියං පටිච්ච පත්තනිල්ලෙහකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT3. අනදර පිණිස පාත්‍රය ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT4. අනාදරියං පටිච්ච ඔට්ඨනිල්ලෙහකං භුඤ්ජන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT4. අනදර පිණිස තොල් ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT5. අනාදරියං පටිච්ච සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිග්ගණ්හන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : භග්ගෙසු පඤ්ඤත්තං.
Sinhala BJT5. අනදර පිණිස ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: භගු දනවුහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හුහු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිග්ගහෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගත්හු, ඒ වස්තුයෙහි යැ.
Pali BJT6. අනාදරියං පටිච්ච සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : භග්ගෙසු පඤ්ඤත්තං.
Sinhala BJT6. අනදර පිණිස හුලු සහිත පාත්‍ර දෙවූ දිය ඇතුළුගෙහි දමන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: භගු දනවුහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ සසිත්ථකං පත්තධොවනං අන්තරඝරෙ ඡඩ්ඩෙසුං, තස්මිං වත්ථුස්මිං. -පෙ-
Sinhala BJTකිනම් වස්තුයෙහි ද යත්: බොහෝ මහණහු හුලු සහිත පාත්‍ර දෙවූ දිය ඇතුළුගෙහි දැමූහු, ඒ වස්තුයෙහි යැ ... .
Pali BJT7. අනාදරියං පටිච්ච ඡත්තපාණිස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. අනදර පිණිස සත් ගත් අත් ඇත්තනුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය කො තැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ. -පෙ-
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: වචනයෙන් ද සිතින් ද නඟියි. කයින් නො නඟී. ...
Pali BJT8. අනාදරියං පටිච්ච දණ්ඩපාණිස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT8. අනදර පිණිස දඬුගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT9. අනාදරියං පටිච්ච හත්ථපාණිස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT9. අනදර පිණිස (කඩු ඈ) සැත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT10. අනාදරියං පටිච්ච ආයුධපාණිස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT10. අනදර පිණිස (දුනුහී ඈ) අවිගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJTසුරුසුරුවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවන සුරුසුරු වර්‍ග යි.
Pali BJT7. 7.
Sinhala BJT7. 7.
Pali BJT1. අනාදරියං පටිච්ච පාදුකාරූළ්හස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT1. අනදර පිණිස මිරිවැඩි නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT2. අනාදරියං පටිච්ච උපාහනාරූළ්හස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT2. අනදර පිණිස වහන් නැඟියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT3. අනාදරියං පටිච්ච යානගතස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT4. අනාදරියං පටිච්ච සයනගතස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT5. අනාදරියං පටිච්ච පල්ලත්ථිකාය නිසින්නස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT5. අනදර පිණිස (හස්තාදීන්) අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT6. අනාදරියං පටිච්ච වෙඨිතසීසස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT6. අනදර පිණිස (පිළි ආදියෙන්) හිස් වෙළුම් ඇතියහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT7. අනාදරියං පටිච්ච ඔගුණ්ඨිතසීසස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT7. අනදර පිණිස හිස වසා පෙරැවියහට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT8. අනාදරියං පටිච්ච ඡමායං නිසීදිත්වා ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT8. අනදර පිණිස බිමැ හිඳ ආසනයෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො{1} ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති-පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි; කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී ...
Pali BJT9. අනාදරියං පටිච්ච නීචෙ ආසනෙ නිසීදිත්වා උච්චෙ ආසනෙ නිසින්නස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT9. අනදර පිණිස මිටි අස්නෙක හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT10. අනාදරියං පටිච්ච ඨිතෙන නිසින්නස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT10. අනදර පිණිස සිටියහු විසින් හුන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT11. අනාදරියං පටිච්ච පච්ඡතො ගච්ඡන්තෙන පුරතො ගච්ඡන්තස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT11. අනදර පිණිස පසුව ලා යන්නහු විසින් පෙරටු වැ යන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT12. අනාදරියං පටිච්ච උප්පථෙන ගච්ඡන්තෙන පථෙන ගච්ඡන්තස්ස ධම්මං දෙසෙන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT12. අනදර පිණිස නොමඟ යන්නහු විසින් මඟ යන්නහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT13. අනාදරියං පටිච්ච ඨිතෙන උච්චාරං වා පස්සාවං වා කරොන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT13. අනදර පිණිස සිටීමෙන් (සිට ගෙණ) මල මූ කිස කරන්නහු, පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙ සමුට්ඨාති, කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJT14. අනාදරියං පටිච්ච හරිතෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස දුක්කටං -පෙ-
Sinhala BJT14. අනදර පිණිස නිල් (තණ ආදියෙහි) මල මූ කෙළ බහන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
Pali BJT15. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තස්ස දුක්කටං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT15. අනදර පිණිස (පිරිබෝ) දියෙහි මල මූ කෙළ බහන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ ය.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ උදකෙ උච්චාරම්පි පස්සාවම්පි ඛෙළම්පි අකංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙහි ද යත්: සවග මහණහු (පිරිබෝ) දියෙහි මල ද මූ ද කෙළ ද බැහූහු, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි. අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති. න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
Pali BJTපාදුකවග්ගො සත්තමො.
Sinhala BJTසත්වන පාදුකා වර්‍ග යි.
Pali BJTපඤ්චසත්තති සෙඛියා නිට්ඨිතා.
Sinhala BJTපන්සැත්තෑ සේඛියා නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT1. පරිමණ්ඩලං පටිච්ඡන්නං - සුසංවුතොක්ඛිත්තචක්ඛු ච, උක්ඛිත්තොජ්ජග්ඝිකා සද්දො - තයො චෙව පචාලනා.
Sinhala BJT1. පරිමණ්ඩල යැ, සුපටිච්ඡන්න යැ, සුසංවුත යැ, ඔක්ඛිත්තචක්ඛු යැ, උක්ඛිත්ත කාය යැ, උජ්ජග්ඝිකාය යැ, අප්පසද්ද දෙක යැ පවාලන සිකපද තුණ යැ,
Pali BJT2. ඛම්භඔගුණ්ඨිතො චෙව - කුටි පල්ලත්ථිකාය ච, සක්කච්චං පත්තසඤ්ඤී ච - සමසූපං සමතිත්තිකං.
Sinhala BJT2. ඛම්භකත යැ, ඔගුණ්ඨිත යැ, උක්කුටික යැ, පල්ලත්‍ථික යැ, සක්කච්ච යැ, පත්තසඤ්ඤී යැ, සමසූපක යැ, සමතිත්තික යැ,
Pali BJT3. සක්කච්චං පත්තසඤ්ඤී ච - සපදානං සමසූපකං, ථූපකතො පටිච්ඡන්නං - විඤ්ඤත්තුජ්ඣානසඤ්ඤිතා.{1}
Sinhala BJT3. (දෙවන) සක්කව්ව යැ, (නැවත) පත්තසඤ්ඤී යැ, සපදාන යැ, (දෙවන) සමසූපක යැ, ථූපකත යැ, පටිච්ඡන්න යැ, විඤ්ඤත්ති යැ, උජ්ඣානසඤ්ඤී යැ.
Pali BJT4. න මහන්තං මණ්ඩලං ද්වාරං - සබ්බං හත්ථං න බ්යාහරෙ, උක්ඛෙපො ඡෙදනා ගණ්ඩො - ධුනං සිත්ථාවකාරකං.
Sinhala BJT4. නාතිමහන්ත යැ, පරිමණ්ඩල ආලෝප යැ, මුඛද්වාර යැ, සබ්බහත්‍ථ යැ, සකබල බ්‍යාහර යැ, පිණ්ඩුක්ඛේප යැ, කබලාවච්ජෙදක යැ, අවගණ්ඩකාරක යැ, හත්‍ථනිද්ධූනක යැ, සිත්‍ථාවකාරක යැ,
Pali BJT5. ජිව්හානිච්ඡාරකඤ්චෙව - චපුචපු සුරුසුරූ, හත්ථො පත්තො ච ඔට්ඨො ච - සාමිසං සිත්ථකෙන ච.
Sinhala BJT5. ජිව්හානිච්ඡාරක යැ, චපුචපු කාරක යැ, සුරුසුරු කාරක යැ, හත්‍ථනිල්ලෙහකයැ, පත්තනිල්ලෙහක යැ, ඔට්ඨනිල්ලෙහක යැ, සාමිසහත්‍ථ යැ, සසිත්‍ථක පත්ත ධෝවන යැ,
Pali BJT6. ඡත්තපාණිස්ස සද්ධම්මං - න දෙසෙන්ති තථාගතා, එවමෙව දණ්ඩපාණිස්ස - සත්ථආයුධපාණිනං.
Sinhala BJT6. ඡත්තපාණී යැ, දණ්ඩපාණී යැ, සත්‍ථපාණී යැ, ආයුධපාණී යැ,
Pali BJT7. පාදුකොපාහනා චෙව - යානසෙය්යාගතස්ස ච, පල්ලත්ථිකා නිසින්නස්ස - වෙඨිතොගුණ්ඨිතස්ස ච.
Sinhala BJT7. පාදුකා යැ, උපාහන යැ, යානගත යැ, සයනගත යැ, පල්ලත්‍ථිකා යැ, වෙඨිතසීස යැ, ඔගුණඨීතසීස යැ,
Pali BJT8. ඡමා නීචාසනෙ ඨානෙ - පච්ඡතො උප්පථෙන ච, ඨිතකෙන න කාතබ්බං - හරිතෙ උදකම්හි චාති.
Sinhala BJT8. ඡමානිසීදන යැ, නීචාසන යැ, ඨීතක යැ, පච්ඡතො ගච්ඡන්ත යැ, උප්පථේන ගච්ඡන්ත යැ, ඨීතක යැ, භරිත යැ, උදක යැ යි.
Pali BJTතෙසං වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්ගෝද්දානය:
Pali BJTපරිමණ්ඩල උජ්ජග්ඝි - ඛම්භං පිණ්ඩං තථෙව ච, කබළා සුරුසුරූ චෙව - පාදුකෙන ච සත්තමාති.
Sinhala BJTපරිමණ්ඩල යැ, උජ්ජග්ඝික යැ, ඛම්භකත යැ, පිණ්ඩපාත යැ, කබළ යැ, සුරුසුරු යැ, පාදුක යැ යි වර්‍ග සතෙකි.
Pali BJTමහාවිභඞ්ගෙ කත්ථපඤ්ඤත්තිවාරො නිට්ඨිතො.
Sinhala BJTමහා විභඞ්ගයෙහි කත්‍ථපඤ්ඤත්තිවාරය නිමියේ ය.
Pali BJT2. කතාපත්තිවාරො
Sinhala BJT2. කතාපත්තිවාරය
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJTපාරාජිකකණ්ඩං
Sinhala BJTපාරාජික කාණ්ඩය
Pali BJT1. මෙථුනං ධම්මං පටිසෙවන්තො කති ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT1. මෙවුන්දම් සේවනය කරන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
Pali BJTමෙථුනං ධම්මං පටිසෙවන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : අක්ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති පාරාජිකස්ස; යෙභුය්යෙන ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති ථුල්ලච්චයස්ස. වට්ටකතෙ ච මුඛෙ අච්ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙති, ආපත්ති දුක්කටස්ස – මෙථුනං ධම්මං පටිසෙවන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
Sinhala BJTමෙවුන්දම් සේවනය කරන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: ක්‍ෂය නොවූ නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි. බෙහෙවින් ක්‍ෂය වූ නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලසි ඇවැත් වෙයි. විවර කළ මුඛයෙහි නො පහස්නා අඞ්ගජාතය ප්‍රවේශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෙවුන්දම් සේවනය කරන මහණ මේ තුන් ඇවතට පැමිණේ.
Pali BJT2. අදින්නං ආදියන්තො කති ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT2. නො දුන් දැය (සොර සිතින්) ගන්නා මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්:
Pali BJTඅදින්නං ආදියන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, ආපත්ති පාරාජිකස්ස. අතිරෙකමාසකං වා ඌනපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. මාසකං වා ඌනමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, ආපත්ති දුක්කටස්ස. අදින්නං ආදියන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
Sinhala BJTනො දුන් දෙය (සොර සිතින්) ගන්නා හේතුයෙන් තුන් ඇවතකට පැමිණෙයි: මසු පසක් හෝ අයිරාපස් මස්සක් හෝ අගනා නොදුන් දැයක් සොරසිතින් ගනී නම් පරිජි ඇවැත් වෙයි, අයිරා මස්සක් හෝ උනු පස් මස්සක් හෝ අගනා නො දුන් දැයක් සොර සිතින් ගනී නම් ථුලසි ඇවැත් වෙයි, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා නො දුන් දැයක් සොර සිතින් ගනී නම් දුකුළා ඇවැත් වේ. නො දුන් දැය ගන්නා මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJT3. සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙන්තො කති ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT3. දැන දැන මිනිස් සතක්හු දිවි ගලවන මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්:
Pali BJTසඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : මනුස්සං ඔදිස්ස ඔපාතං ඛණති ‘පපතිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස. පපතිතෙ දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස. මරති, ආපත්ති පාරාජිකස්ස. සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
Sinhala BJTදැන දැන මිනිස් සතක්හු දිවි ගළවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: “(මෙහි) වැටී මැරේව” යි මිනිස් සතක්හු උදෙසා වළක් කණී නම් දුකුළා ඇවැත් වෙයි, එහි වැටුණු කල ඔහුට දුක් වේදනා උපදී නම් ථුලසි ඇවැත් වෙයි. මැරේ නම් පරිජි ඇවැත් වේ. දැන දැන මිනිස් සතක්හු දිවි ගළවන මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
Pali BJT4. අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපන්තො කති ආපත්තියො ආපජ්ජති :
Sinhala BJT4. (තමා කෙරෙහි) අවිද්‍යාමාන වූ (ධ්‍යාන්‍යාදී) උතුරු මිනිස්ධර්‍ම තමා තුළ ඇතැයි පවසන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
Pali BJTඅසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරාජිකස්ස. ‘යො තෙ විහාරෙ වසති සො භික්ඛු අරහා’ති භණති, පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස. අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
Sinhala BJTඅවිද්‍යාමාන වූ උතුරු මිනිස්ධම් ඇතැයි පවසන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: ලාමක පැතුම් ඇත්තේ (එබඳු) ආශාවෙන් මඬනා ලද්දේ (තමා කෙරෙහි නැති) උතුරු මිනිස්ධම් (ඇතැයි) පවසා නම් පරිජි ඇවැත් වෙයි. “යමෙක් තොපගේ වෙහෙරෙහි වෙසේ ද ඒ මහණ රහත් යැ” යි දැනුමැතියක්හට පවසා නම් ථුලසි ඇවැත් වෙයි, දැනුම් නැතියක්හට පවසා නම් දුකුළා ඇවැත් වේ. අවිද්‍යමාන වූ උතුරු මිනිස්ධම් (ඇතැයි) පවසන මහණ මේ තුන් ඇවතට පැමිණේ.
Pali BJTචත්තාරො පාරාජිකා නිට්ඨිතා.
Sinhala BJTසතර පිරිජි නිමි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJTසඞ්ඝාදිසෙසකණ්ඩො
Sinhala BJTසඞ්ඝාදිශේෂ කාණ්ඩය
Pali BJT1. උපක්කමිත්වා අසුචිං මොචෙන්තො කති ආපත්තියො ආපජ්ජති :{1}
Sinhala BJT1. උපක්‍රම කොට සුකුරු මුදන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
Pali BJTඋපක්කමිත්වා අසුචිං මොචෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. චෙතෙති උපක්කමති න මුච්චති, ආපත්ති ථුල්ලච්චයස්ස; පයොගෙ දුක්කටං.
Sinhala BJTඋපක්‍රම කොට සුකුරු මුදන මහණ තුන් ඇවතකට පැමිණෙයි: සිතා ද උපක්‍රම කෙරේ ද සුකුරු මිදේ ද සඟවෙසෙස් ඇවැත් වෙයි, සිතා ද උපක්‍රම කෙරේ ද නො මිදේ ද ථුලැසි ඇවැත් වෙයි. පියෝ හි දුකුළා ඇවැත් වේ.
Pali BJT2. මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : කායෙන කායං ආමසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. කායෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. මාගමක හා කාසසඟයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි; කයින් කය පහරී ද සඟවෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයෙකින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද දුකුළා ඇවැත් වේ.
Pali BJT3. මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති, අවණ්ණම්පි භණති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. මාගමකට තුළුල් තෙපුල් කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: වසමඟ පසමඟ අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමග පසමග තබා අකු ඇටයෙන් යට දණ මඬලින් මතු කය අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයක් අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද දුකුළා ඇවැත් වේ.
Pali BJT4. අත්තකාමපාරිචරියාය වණ්ණං භාසන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පණ්ඩකස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති ථුල්ලච්චයස්ස. තිරච්ඡානගතස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා ද ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගියක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද දුකුළා ඇවැත් වේ.
Pali BJT5. සඤ්චරිත්තං සමාපජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : පටිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පටිගණ්හාති වීමංසති න පච්චාහරති, ආපත්ති ථුල්ලච්චයස්ස; පටිගණ්හාති න වීමංසති න පච්චාහරති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT5. මාගමුන් හා පිරිමින් අතරැ (හසුන් ගෙණ යනු එනු විසින්) සඤ්චරිත්තයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: (හසුන්) පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නො ගෙණේ නම් ථුලැසි ඇවත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නො ගෙණේ නම් දුකුළා ඇවැත් වේ. …
Pali BJT6. සඤ්ඤාචිකාය කුටිං කාරාපෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : කාරාපෙති, පයොගෙ දුක්කටං. එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT6. තමා ඉල්ලා ගත් උපකරණයෙන් කුටියක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා ද පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවත් වෙයි, ඒ පිඬ ද තැබූ කල්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
Pali BJT7. මහල්ලකං විහාරං කාරාපෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : කාරාපෙති, පයොගෙ දුක්කටං. එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT7. (කරවා දෙන හිමියන් ඇති) මහත් විහාරයක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් පිඬෙකින්, නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එ පිඬ ද තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT8. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස. ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
Sinhala BJT8. මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරණ මහණ තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ සස්නෙන් නෙරණ අදහස් ඇති ව කියා නම් සඟ වෙසෙස් ඇවැත සමග දුකුළා ඇවැත වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කිරීමේ අදහස් ඇති ව කියා නම් ගටා බිණීම පිළිබඳ (ඔමසවාද) පචිති ඇවැත් වේ.
Pali BJT9. භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති. ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස, ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
Sinhala BJT9. අන්‍යභාග වූ අධිකරණයක්හුගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ උපසපනක්හට පරිජි ඇවතින් චෝදනා කරණ මහණ තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ සස්නෙන් නෙරණ අදහස් ඇති ව කියා නම් සඟ වෙසෙස සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කරණ අදහස් ඇති ව කියා නම් ගටා බිණීම පිළිබඳ පචිති ඇවැත් වේ.
Pali BJT10. සඞ්ඝභෙදකො භික්ඛු යාවතතියං සමනුභාසියමානො{1} නප්පටිනිස්සජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචා පරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT10. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණු ලබන සඞ්ඝභේදක මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, කම්මවාචා දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT11. භෙදකානුවත්තකා භික්ඛූ යාවතතියං සමනුභාසියමානා නප්පටිනිස්සජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජන්ති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT11. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන භේදානුවත්තක මහණහු ඒ වරද නො හරනාහු නම් තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙහි දුකුළා වෙයි, කම්වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT12. දුබ්බචො භික්ඛු යාවතතියං සමනුභාසියමානො නප්පටිනිස්සජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT12. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන නො කීකරු මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, කම් වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT13. කුලදූසකො භික්ඛු යාවතතියං සමනුභාසියමානො නප්පටිනිස්සජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා; කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT13. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන කුලදූසක මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. කම් වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම්වදන් පිරියතැ සඟ වෙසෙස් ඇවැත් වේ.