Parivāra

Appendix

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 4026

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවිනයපිටකෙ
Sinhala BJTවිනය පිටකයෙහි
Pali BJTපරිවාරපාළි
Sinhala BJTපරිවාර පාළිය
Pali BJTමහාවිභඞ්ගො
Sinhala BJTමහාවිහඞ්ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. කත්ථපඤ්ඤත්තිවාරො
Sinhala BJT1. කත්‍ථපඤ්ඤත්තිවාරය
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJTපාරාජිකකණ්ඩො
Sinhala BJTපාරාජික කාණ්ඩය
Pali BJTයං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමං පාරාජිකං කත්ථ පඤ්ඤත්තං, කං ආරබ්භ, කිස්මිං වත්ථුස්මිං, අත්ථි තත්ථ පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති{1}, අනුප්පන්නපඤ්ඤත්ති, සබ්බත්ථපඤ්ඤත්ති, පදෙසපඤ්ඤත්ති, සාධාරණපඤ්ඤත්ති, අසාධාරණපඤ්ඤත්ති, එකතො පඤ්ඤත්ති, උභතො පඤ්ඤත්ති, පඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං, කත්ථ පරියාපන්නං, කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති, චතුන්නං විපත්තීනං කතමා විපත්ති. සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධො, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මති, කො තත්ථ විනයො, කො තත්ථ අභිවිනයො, කිං තත්ථ පාතිමොක්ඛං, කිං තත්ථ අධිපාතිමොක්ඛං, කා විපත්ති, කා සම්පත්ති, කා පටිපත්ති, කති අත්ථවසෙ පටිච්ච භගවතා පඨමං පාරාජිකං පඤ්ඤත්තං, කෙ සික්ඛන්ති, කෙ සික්ඛිතසික්ඛා, කත්ථ ඨිතං, කෙ ධාරෙන්ති, කස්ස වචනං, කෙනාභතන්ති :
Sinhala BJTශික්‍ෂා පැණවීමෙහි කල් දන්නා වූ ශික්‍ෂා පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පළමු පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතන්හි පණවන ලද ද, කවරක්හු ඇරැබැ පණවන ලද ද, කිනම් වස්තුවෙක්හි පණවන ලද ද, එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද, සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද, සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද, ඒකතෝ පඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද, පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොතන්හි පිහිටියේ ද, කොහි ඇතුළත් ද, කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද, සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් වේ ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද, එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම, විපත්ති කවර, සම්පත්ති කවර, ප්‍රතිපත්ති කවර, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු පරිජි සිකපදය පණවන ලද ද, කවුරු හික්මෙද්ද, කවුරු හික්මුණු සිඛ ඇති යෝ ද, කවුරුන් කෙරෙහි පිහිටියේ ද, කවුරු දරද් ද, කවරක්හුගේ වචනයෙක් ද, කවරක්හු විසින් ගෙන එන ලද යැ යත් :
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමං පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පළමු පරිජි සිකපදයෙක් පණවනලද යැ, එය කොතැන්හි පණවන ලද යැ යත්: විසල්පුරෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සුදින්නං කලන්දපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ පණවන ලද යැ යත්: සුදින්න කලන්‍ද පුත්‍රයා ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සුදින්නො කලන්දපුත්තො පුරාණදුතියිකාය මෙථුනං ධම්මං පටිසෙවි.{2} තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි යැ යත්: සුදින්න කලන්‍දපුත්‍ර පළමු තම භාර්‍ය්‍යයාව සමඟ මෙවුන්දම් සෙවී යැ, ඒ වස්තුවෙහි යැ.
Pali BJTඅත්ථි තත්ථ පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, ද්වෙ අනුපඤ්ඤත්තියො. අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
Sinhala BJTඑහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකැ, අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
Pali BJTසබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති.
Sinhala BJTසබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යි.
Pali BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : සාධාරණපඤ්ඤත්ති.
Sinhala BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: සාධාරණපඤ්ඤත්ති යි.
Pali BJTඑකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්තීති : උභතො පඤ්ඤත්ති.
Sinhala BJTඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති යැ යත්: උභතෝපඤ්ඤත්ති යි.
Pali BJTපඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං, කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං.
Sinhala BJTපස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ, කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළති.
Pali BJTකතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : දුතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
Sinhala BJTකිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: දෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
Pali BJTචතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති.
Sinhala BJTසිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: සීලවිපත්ති යි.
Pali BJTසත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : පාරාජිකාපත්තික්ඛන්ධො.
Sinhala BJTසත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: එක් සමුට්ඨානයෙකින් නගියි: කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී.
Pali BJTචතුන්නං අධිකරණානං කතමං අධිකරණන්ති : ආපත්තාධිකරණං.
Sinhala BJTසිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙකැ යත්: ආපත්තාධිකරණ යි.
Pali BJTසත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මතීති ද්වීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච.
Sinhala BJTසත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ යැ යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
Pali BJTකො තත්ථ විනයො කො තත්ථ අභිවිනයොති : පඤ්ඤත්ති විනයො, විභත්ති අභිවිනයො.
Sinhala BJTඑහි විනය කවරේ යැ, එහි අභිවිනය කවරේ යැ යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනය අභිවිනය යි.
Pali BJTකිං තත්ථ පාතිමොක්ඛං කිං තත්ථ අධිපාතිමොක්ඛන්ති : පඤ්ඤත්ති පාතිමොක්ඛං, විභත්ති අධිපාතිමොක්ඛං.
Sinhala BJTඑහි ප්‍රාතිමෝක්‍ෂය කිමැ, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යැ යත්: පඤ්ඤත්තිය ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
Pali BJTකා විපත්තීති : අසංවරො විපත්ති.
Sinhala BJTවිපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
Pali BJTකා සම්පත්තීති : සංවරො සම්පත්ති.
Sinhala BJTසම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
Pali BJTකා පටිපත්තීති : න එවරූපං කරිස්සාමීති යාවජීවං ආපාණකොටිකං සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නොකරමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
Pali BJTකති අත්ථවසෙ පටිච්ච භගවතා පඨමං පාරාජිකං පඤ්ඤත්තන්ති : දස අත්ථවසෙ පටිච්ච භගවතා පඨමං පාරාජිකං පඤ්ඤත්තං : සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය.
Sinhala BJT3. කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් පළමුපරිජිසිකපදය පණවන ලද යැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් පළමුපරිජිසිකපදය පණවන ලද: සඞ්ඝයා ගේ මනාබව පිණිස යැ. සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්දයුතු දුක්ගැහැට වැළැක්වීම පිණිස යැ, පරලෙව්හි වින්දයුතු දුක්ගැහැට නසනු පිණිස යැ, නො පහන් පුඟුලන්ගේ පැහැදීම පිණිස යැ, පහන් පුඟුලන් බෙහෙවින් පැහැදීම පිණිස යැ, තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ, විනයට අනුග්‍රහ පිණිස යි.
Pali BJTකෙ සික්ඛන්තීති : සෙඛා{1} ච පුථුජ්ජනකල්යාණකා ච සික්ඛන්ති.
Sinhala BJTකවුරු හික්මෙති යත්: ශෛක්‍ෂයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හික්මෙත්.
Pali BJTකෙ සික්ඛිතසික්ඛාති : අරහන්තො සික්ඛිතසික්ඛා.
Sinhala BJTකවුරු ශික්‍ෂිතශික්‍ෂා ඇතියෝ යැ යත්: රහත්හු ශික්‍ෂිත ශික්‍ෂා ඇතියෝ යි.
Pali BJTකත්ථ ඨිතන්ති : සික්ඛා කාමෙසු ඨිතං.
Sinhala BJTකවුරුන් කෙරෙහි පිහිටියේ යැ යත්: ශික්‍ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යැ.
Pali BJTකෙ ධාරෙන්තීති. යෙසං වත්තති තෙ ධාරෙන්ති.
Sinhala BJTකවුරු දරති යත්: යම් කෙනකුන්හට විනයපෙළ අටුවා වනපොත් ඇද් ද, ඔහු දරත්.
Pali BJTකස්ස වචනන්ති : භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTකවරක්හුගේ වචනයෙකැ යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචන යි.
Pali BJTකෙනාභතන්ති : පරම්පරාභතං.{1}
Sinhala BJTකවරක්හු විසින් ගෙන එන ලද යැ යත්: පරපුරෙන් ගෙන එන ලදී.
Pali BJT1. උපාලි දාසකො චෙව සොණකො සිග්ගවො තථා, මොග්ගලිපුත්තෙන පඤ්චමා එතෙ ජම්බුසිරිව්හයෙ.
Sinhala BJT1. උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, සෝණක ස්ථවිර යැ, එසේ ම සිග්ගව ස්ථවිර යැ. මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනිකොට ඇති මේ තෙරවරු දඹදිවැ විනයධර පරපුරෙහි වෙත්.
Pali BJT2. තතො මහින්දො ඉට්ඨියො{2} උත්තියො චෙව සම්බලො{3} භද්දනාමො ච පණ්ඩිතො, එතෙ නාගා මහාපඤ්ඤා ජම්බුදීපා ඉධාගතා.
Sinhala BJT2. ඉක්බිති මහින්‍දයැ, ඉට්ඨිය යැ, උත්තිය යැ, සම්බල යැ, පණ්ඩිත වූ භද්දනාම යැ යන මහපැනැති මේ රහත්හු දඹදිවින් මෙහි වැඩියහ.
Pali BJT3. විනයං තෙ වාචයිංසු පිටකං තම්බපණ්ණියා, නිකායෙ පඤ්ච වාචෙසුං සත්ත චෙව පකරණෙ.
Sinhala BJT3. ඔහු හෙළදිව්හි විනයපිටකය හැදෑරවූහ. සඟිපස ද ප්‍රකරණ සත ද හැදෑරවූහ.
Pali BJT4. තතො අරිට්ඨො මෙධාවී තිස්සදත්තො ච පණ්ඩිතො විසාරදො කාළසුමනො ථෙරො ච දීඝනාමකො, දීඝසුමනො ච පණ්ඩිතො.
Sinhala BJT4. ඉක්බිති ප්‍රාඥ වූ අරිට්ඨ යැ, පණ්ඩිත වූ තිස්සදත්ත යැ, විශාරද වූ කාළසුමන යැ. දීඝනාමස්ථවිර යැ, පණ්ඩිත වූ දීඝසුමන යැ.
Pali BJT5. පුනදෙව{4} කාළසුමනො නාගත්ථෙරො ච බුද්ධරක්ඛිතො, තිස්සත්ථෙරො ච මෙධාවී දෙවත්ථෙරො ච පණ්ඩිතො.
Sinhala BJT5. වැළිදු කාළසුමන යැ, නාගස්ථවිර යැ, බුද්ධරක්ඛිත යැ, නුවණැති තිස්ස ස්ථවිර යැ, පණ්ඩිත වූ දෙවස්ථවිර යැ.
Pali BJT6. පුනදෙව{4} සුමනො මෙධාවී විනයෙ ච විසාරදො, බහුස්සුතො චූළනාගො ගජො ව දුප්පධංසියො.
Sinhala BJT6. නැවත ප්‍රාඥ වූ විනයෙහි විශාරද වූ සුමන ස්ථවිර යැ, අනභිභවනීය හස්තිරාජයකු බඳු වූ බහුශ්‍රුත වූළනාග ස්ථවිර යැ.
Pali BJT7. ධම්මපාලිතනාමො ච රොහණො{5} සාධුපූජිතො, තස්ස සිස්සො මහාපඤ්ඤො ඛෙමනාමො තිපෙටකො, දීපෙ තාරකරාජාව පඤ්ඤාය අතිරොචථ.
Sinhala BJT7. රෝහණවැසි සාධුන් විසින් පුදන ලද ධම්මපාල යන නම් ඇති තෙරණුවෝ යැ, ඔබගේ ශිෂ්‍ය ප්‍රාඥ මහා ත්‍රිපිටකධර බෙම නම් තෙරණුවෝ යැ, යන මොහු ප්‍රඥායෙන් හෙළදිව චන්‍ද්‍රයා මෙන් බැබළුණාහ.
Pali BJT8. උපතිස්සො ච මෙධාවී ඵුස්සදෙවො මහාකථී පුනදෙව සුමනො මෙධාවී පුප්ඵනාමො{6} බහුස්සුතො.
Sinhala BJT8. නුවණැති උපතිස්ස තෙරණුවෝ යැ, මහා කථික පුස්සදේව තෙරණුවෝ යැ ඉක්බිති ප්‍රශස්ත නුවණැති සුමන තෙරණුවෝ යැ. (බහුශ්‍රුත පුප්ඵ නාම) පදුම නම් තෙරණුවෝ යැ. ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ මහාකථි මහාසීව තෙරණුවෝ යැ.
Pali BJT9. මහාකථී මහාසීවො{7} පිටකෙ සබ්බත්ථ කොවිදො, පුනදෙව උපාලි මෙධාවී විනයෙ ච විසාරදො.
Sinhala BJT9. වැළිදු ප්‍රශස්ත නුවණැති විනයෙහි විශාර ද වූ උපාලි තෙරණුවෝ යැ. ශාසන වංශය දැනීමෙහි දක්‍ෂ මහාප්‍රාඥ මහානාග තෙරණුවෝ යැ,
Pali BJT10. මහානාගො මහාපඤ්ඤො සද්ධම්මවංසකොවිදො, පුනදෙව අභයො මෙධාවී පිටකෙ සබ්බත්ථ කොවිදො.
Sinhala BJT10. නැවත ද නුවණැති ත්‍රිපිටකයෙහි දක්‍ෂ අභය තෙරණුවෝ යැ. නුවණැති විනයෙහි දක්‍ෂ තිස්ස තෙරණුවෝ යැ.
Pali BJT11. තිස්සත්ථෙරො ච මෙධාවී විනයෙ ච විසාරදො, තස්ස සිස්සො මහාපඤ්ඤො පුප්ඵනාමො බහුස්සුතො, සාසනං අනුරක්ඛන්තො ජම්බුදීපෙ පතිට්ඨිතො
Sinhala BJT11. ඔබ ගේ ශිෂ්‍ය (ලක්දිවින් ගොස්) සසුන් රකිමින් දඹදිව වැඩසිටි මහාප්‍රාඥ බහුශ්‍රුත පුප්ඵනාම (සුමන) නම් තෙරණුවෝ යැ.
Pali BJT12. චූළාභයො ච මෙධාවී විනයෙ ච විසාරදො, තිස්සත්ථෙරො ච මෙධාවී සද්ධම්මවංසකොවිදො.
Sinhala BJT12. නුවණැති විනයෙහි ද දක්‍ෂ චූලාභය තෙරණුවෝ යැ, ප්‍රාඥ ශාසනවංශයෙහි දක්‍ෂ තිස්ස තෙරණුවෝ යැ.
Pali BJT13. ඵුස්සදෙවො ච{8} මෙධාවී, විනයෙ ච විසාරදො, සිවත්ථෙරො ච{9} මෙධාවී විනයෙ සබ්බත්ථ කොවිදො.
Sinhala BJT13. බුද්ධිමත් විනයෙහි ද විශාර ද පුස්සදේව තෙරණුවෝ යැ, නුවණැති විනයෙහි හැමතන්හි දක්‍ෂ සීව තෙරණුවෝ යැ.
Pali BJT14. එතෙ නාගා මහාපඤ්ඤා විනයඤ්ඤූ මග්ගකොවිදා, විනයං දීපෙ පකාසෙසුං පිටකං තම්බපණ්ණියාති.
Sinhala BJT14. මහාප්‍රාඥ, විනය දන්නා, මාර්‍ගඥානයෙහි දක්‍ෂ මේ ක්‍ෂීණාශ්‍රවයෝ විනය පිටකය හෙළදිවැ පැවැසූහ.
Pali BJT2. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියං පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කැරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් දෙවන පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහනුවර දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ධනියං කුම්භකාරපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ යැ යත්: ධනිය කුම්භකාර පුත්‍රයා ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ධනියො කුම්භකාරපුත්තො රඤ්ඤො දාරූනි අදින්නානි{1} ආදියි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි යැ යත්: ධනියකුම්භකාර පුතු රජහුගේ නුදුන් දැව ගත්තේය. ඒ වස්තුවෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො; සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: තුන් සමුට්ඨානයෙකින් නගියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී.
Pali BJT3. තතියං පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT3. තෙවන පරිජිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදී.
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ යැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අඤ්ඤමඤ්ඤං ජීවිතා වොරොපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි යැ යත්: බොහෝ භික්‍ෂූහු ඔවුනොවුන් දිවියෙන් තොරකළහ ඒ වස්තුවෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි,
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: තුන් සමුට්ඨානයකින් නගියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නොනගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගියි. කයින් නොනගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...
Pali BJT4. චතුත්ථං පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT4. සිවුවන පරිජිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : වග්ගුමුදාතීරියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ යැ යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූන් ඇරැබැ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : වග්ගුමුදාතීරියා භික්ඛූ ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි යැ යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූහු ඔවුනොවුන්ගේ ධ්‍යානාදී උතුරු මිනිස්දහම් පිළිබඳ ගුණ ගිහියන්ට කීහු. ඒ වස්තුවෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: තුන් සමුට්ඨානයෙකින් නගියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...
Pali BJTචත්තාරො පාරාජිකා නිට්ඨිතා.
Sinhala BJTසතරපරිජි නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමෙථුනාදින්නදානඤ්ච මනුස්සවිග්ගහුත්තරි, පාරාජිකානි චත්තාරි ඡෙජ්ජවත්ථු අසංසයාති.
Sinhala BJTමෙවුන්දම හා අයිනාදන යැ, මිනිස්විකා යැ, උතුරු මිනිස්දම් යැ යන සතරපරිජි ඒකාන්තයෙන් ඡේද්‍යගාමී වස්තූහු වෙත්.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJTසඞ්ඝාදිසෙස කණ්ඩො
Sinhala BJTසඞ්ඝාදිශේෂ කාණ්ඩය
Pali BJTයං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තො, කං ආරබ්භ. කිස්මිං වත්ථුස්මිං, අත්ථි තත්ථ පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති , අනුප්පන්නපඤ්ඤත්ති, සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති, සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති, එකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්ති, පඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නං, කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති, චතුන්නං විපත්තීනං කතමා විපත්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධො, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මති, කො තත්ථ විනයො කො තත්ථ අභිවිනයො. කිං තත්ථ පාතිමොක්ඛං, කිං තත්ථ අධිපාතිමොක්ඛං, කා විපත්ති, කා සම්පත්ති, කා පටිපත්ති, කති අත්ථවසෙ පටිච්ච භගවතා උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො පඤ්ඤත්තො, කෙ සික්ඛන්ති, කෙ සික්ඛිතසික්ඛා, කත්ථ ඨිතං, කෙ ධාරෙන්ති, කස්ස වචනං, කෙනාභතන්ති :
Sinhala BJTසිකපද පැණවීමෙහි කල් දන්නා වූ (සිකපද පැණවීමෙහි කරුණු) දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවනලද ද එය කොතන්හි පණවන ලද ද කවරක්හු ඇරැබැ (පණවන ලද) ද කිනම් වස්තුවෙක්හි (පණවන ලද) ද එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති සාධාරණ පඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ඇද්ද පස් වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද එහි විනය කවරේ ද එහි අභිවිනය කවරේ ද එහි ප්‍රාතිමෝක්‍ෂය කිම එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම විපත්ති කවර යැ සම්පත්ති කවරයැ ප්‍රතිපත්ති කවරයැ කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලද ද, කවුරු හික්මෙද්ද කවුරු හික්මුණු සිඛ ඇතියෝ ද කොහි පිහිටියේ ද කවුරු දරද්ද කවරක්හුගේ වචනයෙක් ද කවරක්හු විසින් ගෙන එන ලද ද යත්:
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවනලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං සෙය්යසකං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ (පණවන ලද) ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණහු ඇරැබ ය.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා සෙය්යසකො හත්ථෙන උපක්කමිත්වා අසුචිං මොචෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණ අතින් උපක්‍රම කොට සුකුරු මිදී ය, ඒ වස්තුවෙහි ය.
Pali BJTඅත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති. අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
Sinhala BJTඑහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙක අනුපඤ්ඤත්ති එකෙක අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
Pali BJTසබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථපඤ්ඤත්ති.
Sinhala BJTසබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යි.
Pali BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති.
Sinhala BJTසාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ.
Pali BJTඑකතො පඤ්ඤත්ති : උභතොපඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති.
Sinhala BJTඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
Pali BJTපඤ්චන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං.
Sinhala BJTපස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද යත්: නිදානයෙහි පිහිටියේ ය. නිදානයෙහි ඇතුළත් යැ.
Pali BJTකතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : තතියෙ උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
Sinhala BJTකිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: තෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
Pali BJTචතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති.
Sinhala BJTසිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද යත්: සීලවිපත්ති යි.
Pali BJTසත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : සඞ්ඝාදිසෙසො පත්තික්ඛන්ධො.
Sinhala BJTසත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නොනගී.
Pali BJTචතුන්නං අධිකරණානං කතමං අධිකරණන්ති : ආපත්තාධිකරණං.
Sinhala BJTසිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තා ධිකරණ යි.
Pali BJTසත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මතීති : ද්වීහි සමථෙහි සම්මති : සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච.
Sinhala BJTසත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
Pali BJTකො තත්ථ විනයො කො තත්ථ අභිවිනයොති : පඤ්ඤත්ති විනයො, විභත්ති අභිවිනයො.
Sinhala BJTඑහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද යත්: පඤ්ඤත්ති විනය යැ, පදභාජනය අභිවිනය යි.
Pali BJTකිං තත්ථ පාතිමොක්ඛං කිං තත්ථ අධිපාතිමොක්ඛන්ති : පඤ්ඤත්ති පාතිමොක්ඛං, විභත්ති අධිපාතිමොක්ඛං.
Sinhala BJTඑහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යත්: පඤ්ඤත්ති ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
Pali BJTකා විපත්තීති : අසංවරො විපත්ති.
Sinhala BJTවිපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
Pali BJTකා සම්පත්තීති : සංවරො සම්පත්ති.
Sinhala BJTසම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
Pali BJTකා පටිපත්තීති : න එවරූපං කරිස්සාමීති යාවජීවං ආපාණකොටිකං සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නොකරන්නෙමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
Pali BJTකති අත්ථවසෙ පටිච්ච භගවතා උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො පඤ්ඤත්තොති : දස අත්ථවසෙ පටිච්ච භගවතා උපක්කමිත්වා අසුචිං මොචෙන්තස්ස සඞ්ඝාදිසෙසො පඤ්ඤත්තො : සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය.
Sinhala BJTකෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදයැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදි. සඞ්ඝයා ගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීලභික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්දයුතු දුක්ගැහැට වැළැක්වීම පිණිස යැ. පරලෙව්හි වින්දයුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන් වූවන් ගේ පැහැදීම පිණිස යැ, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යැ. තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ. විනයට අනුග්‍රහ පිණිස යි.
Pali BJTකෙ සික්ඛන්තීති : සෙක්ඛා ච පුථුජ්ජනකල්යාණකා ච සික්ඛන්ති.
Sinhala BJTකවුරු හික්මෙද්ද යත්: ශෛක්‍ෂයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හික්මෙත්.
Pali BJTකෙ සික්ඛිතසික්ඛාති අරහන්තො සික්ඛිතසික්ඛා.
Sinhala BJTකවුරු හික්මුණු සිඛ ඇත්තෝ ද යත්: රහත්හු හික්මුණු සිඛ ඇතියෝ යි.
Pali BJTකත්ථ ඨිතන්ති : සික්ඛාකාමෙසු ඨිතං.
Sinhala BJTකොහි පිහිටියේ ද යත්: ශික්‍ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යි.
Pali BJTකෙ ධාරෙන්තීති : යෙසං වත්තති තෙ ධාරෙන්ති.
Sinhala BJTකවුරු දරද්ද යත්: යම් කෙනකුන්ට විනය පෙළ අටුවා වන පොත් ද, ඔහු දරත්.
Pali BJTකස්ස වචනන්ති : භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTකවරුන්ගේ වචනයෙක් ද යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ගේ වචනයි.
Pali BJTකෙනාභතන්ති : පරම්පරාභතං. උපාලි දාසකො චෙව -පෙ- තම්බපණ්ණියාති.
Sinhala BJTකවරක්හු විසින් ගෙන එනලද යැ යත්: පරපුරෙන් ගෙන එන ලදි. උපාලි ස්ථවිරය, දායක ස්ථවිරය, ... තාම්‍රපර්ණී නම් වූ හෙළදිවැ පැවසූහ.
Pali BJT2. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තස්ස සංඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
Sinhala BJT2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මිනිස් මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැ (පණවන ලද) යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායි මහණ මාගමක හා කාසසඟයට පැමිණියේ ය, ඒ වස්තුයෙහි යැ.
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො-පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...