Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 401-500 න් 4026

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
vp-pv:42.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- එළකලොමකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:44.1
Pali BJT7. මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්චවාචාහි ධම්මං දෙසෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. මාගමකට සපස්වදනෙකින් මත්තෙහි දහම් දෙසන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:44.2
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
vp-pv:44.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී මාතුගාමස්ස ධම්මං දෙසෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමකට දහම් දෙසීය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:44.4
Pali BJTඑකා පඤ්ඤත්ති, ද්වෙ අනුපඤ්ඤත්තියො.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
vp-pv:44.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති පදසොධම්මෙ-පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසො ධම්ම සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:44.6
Pali BJT8. අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං භූතං ආරොචෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT8. අනුපසපනක්හට විද්‍යාමාන වූ උතුරුමිනිස්දහම් ආරොචන කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදී.
vp-pv:44.7
Pali BJTකං ආරබ්භාති : වග්ගුමුදාතීරියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: වග්ගුමුදාතීරවාසී භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:44.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : වග්ගුමුදාතීරියා භික්ඛූ ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: වග්ගුමුදාතීරවාසී භික්‍ෂූහු ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස් දහම්හි ගුණ වැණූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:44.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:44.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති, න වාචතො න චිත්තතො. සියා වාචතො සමුට්ඨාති න කායතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. ...
vp-pv:44.11
Pali BJT9. භික්ඛුස්ස දුට්ඨුල්ලාපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. මහණක්හු පිළිබඳ තුළුල් ඇවතක් අනුපසපනක්හට ආරෝචනා කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:44.12
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:44.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුස්ස දුට්ඨුල්ලාපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහණක්හු පිළිබඳ තුළුල් ඇවතක් අනුපසපනක්හට ආරෝචනා කළහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:44.14
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:44.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි. ...
vp-pv:44.16
Pali BJT10. පඨවිං ඛණන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : ආළවියං පඤ්ඤත්තං.
Sinhala BJT10. පොළොව කණින්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව් නුවරැ දි පණවන ලදී.
vp-pv:44.17
Pali BJTකං ආරබ්භාති : ආළවකෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
vp-pv:44.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආළවකා භික්ඛූ පඨවිං ඛණිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි මහණහු පොළොව කැණුහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:44.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:44.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි. ...
vp-pv:44.21
Pali BJTමුසාවාදවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන මුසාවාද වර්‍ග යි.
vp-pv:46.1
Pali BJT5. 2.
Sinhala BJT5. 2. භූතගාම වර්‍ගය
vp-pv:46.2
Pali BJT1. භූතගාමපාතව්යතාය පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : ආළවියං පඤ්ඤත්තං.
Sinhala BJT1. අමු ලිය රුක් තණ ආදි භූතසමූහය සිඳීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදි.
vp-pv:46.3
Pali BJTකං ආරබ්භාති : ආළවකෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
vp-pv:46.4
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආළවකා භික්ඛූ රුක්ඛං ඡින්දිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි මහණහු ගසක් සිඳලූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:46.5
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:46.6
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:46.7
Pali BJT2. අඤ්ඤවාදකෙ විහෙසකෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : කොසම්බියං පඤ්ඤත්තං.
Sinhala BJT2. අනෙකක් කීමෙහි ද (නිහඬවීමෙන්) වෙහෙසීමෙහි ද පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: කොසඹෑනුවරැ දී පණවන ලදි.
vp-pv:46.8
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
vp-pv:46.9
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො අඤ්ඤෙන අඤ්ඤං{1} පටිචරි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ සඟමැද ඇවතින් චෝදනා කරණු ලබනුයේ අනෙකෙකින් අනෙකක් වැසී ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:46.10
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:46.11
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:46.12
Pali BJT3. උජ්ඣාපනකෙ ඛීයනකෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT3. අවමන් කිරීමෙහි ද අයුණු කීමෙහි ද පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
vp-pv:46.13
Pali BJTකං ආරබ්භාති : මෙත්තියභුම්මජකෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූන් ඇරැබැ යැ.
vp-pv:46.14
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං භික්ඛූ උජ්ඣාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයනට භික්‍ෂූන් ලවා අවමන් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:46.15
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:46.16
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:46.17
Pali BJT4. සඞ්ඝිකං මඤ්චං වා පීඨං වා භිසිං වා කොච්ඡං වා අජ්ඣොකාසෙ සන්ථරිත්වා අනුද්ධරිත්වා අනාපුච්ඡා පක්කමන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුවක් හෝ එළිමහනෙහි අතුට නො නගා තබා නො පිළිවිසැ බැහැර යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:46.18
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:46.19
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ සඞ්ඝිකං සෙනාසනං අජ්ඣොකාසෙ සන්ථරිත්වා අනුද්ධරිත්වා අනාපුච්ඡා පක්කමිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු සඟසතු සෙනසුන් එළිමහනෙහි අතුට නො නඟා තබා නො පිළිවිසැ බැහැර ගියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:46.20
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:46.21
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- කඨිනකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:48.1
Pali BJT5. සඞ්ඝිකෙ විහාරෙ සෙය්යං සන්ථරිත්වා අනුද්ධරිත්වා අනාපුච්ඡා පක්කමන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. සඟසතු වෙහෙරෙහි ශය්‍යාවක් අතුට නො නඟා තබා නො පිළිවිස බැහැර යන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:48.2
Pali BJTකං ආරබ්භාති : සත්තරසවග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබ යැ.
vp-pv:48.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සත්තරසවග්ගියා භික්ඛූ සඞ්ඝිකෙ විහාරෙ සෙය්යං සන්ථරිත්වා අනුද්ධරිත්වා අනාපුච්ඡා පක්කමිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු සඟසතු වෙහෙරෙහි ශය්‍යාවන් අතුට නො නගා තබා නො පිළිවිස බැහැර ගියාහු යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:48.4
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:48.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- කඨිනකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:48.6
Pali BJT6. සඞ්ඝිකෙ විහාරෙ ජානං පුබ්බූපගතං භික්ඛුං අනුපඛජ්ජ සෙය්යං කප්පෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹ සිටි මහණහු හමුවට වැද ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:48.7
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:48.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ සෙය්යං කප්පෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ස්ථවිර භික්‍ෂූන් හමුවට වැද ශයනය කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:48.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:48.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:48.11
Pali BJT7. භික්ඛුං කුපිතෙන අනත්තමනෙන සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. කිපී නොසතුටු සිතින් මහණක්හු සඟසතු වෙහෙරින් බැහැර කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:48.12
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:48.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූ සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවගමහණහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන් සඟසතු වෙහෙරින් බැහැර කළාහු යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:48.14
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:48.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:48.16
Pali BJT8. සඞ්ඝිකෙ විහාරෙ උපරිවෙහාසකුටියා ආහච්චපාදකං මඤ්චං වා පීඨං වා අභිනිසීදන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළුගන්වා කළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ හිඳින්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:48.17
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:48.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු සඞ්ඝිකෙ විහාරෙ උපරිවෙහාසකුටියා ආහච්චපාදකං මඤ්චං සහසා අභිනිසීදි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළු ගන්වා කළ පා ඇති ඇඳෙකැ යුහුව හුන්නේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:48.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:48.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති, න වාචතො න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින්ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. …
vp-pv:50.1
Pali BJT9. ද්වත්තිපරියායෙ අධිට්ඨහිත්වා තතුත්තරිං අධිට්ඨහන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : කොසම්බියං පඤ්ඤත්තං.
Sinhala BJT9. දෙතුන් පරික්‍ෂේපයක් විධාන කොට ඊට වැඩියක් විධාන කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: කොසැඹෑනුවරැ පණවන ලදී.
vp-pv:50.2
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
vp-pv:50.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො කතපරියොසිතං විහාරං පුනප්පුනං ඡාදාපෙසි, පුනප්පුනං ලිම්පාපෙසි, අතිභාරිකො විහාරො පරිපති, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ කොට නිමවන ලද විහාරයක් පුනපුනා සෙවෙණි කරවීය, පුන පුනා අලෙව් කරවීය. ඉතා බර වූ විහාරය පතිත විය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:50.4
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:50.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:50.6
Pali BJT10. ජානං සප්පාණකං උදකං තිණං වා මත්තිකං වා සිඤ්චන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : ආළවියං පඤ්ඤත්තං.
Sinhala BJT10. පණුවන් සහිත දිය දැන දැන තණපත්හි හෝ මැටියෙහි හෝ ඉසින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව් නුවරැදි පණවන ලදී.
vp-pv:50.7
Pali BJTකං ආරබ්භාති : ආළවිකෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
vp-pv:50.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආළවකා භික්ඛූ ජානං සප්පාණකං උදකං තිණම්පි මත්තිකම්පි සිඤ්චිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: අළව් පුරවැසි මහණහු පණුවන් සහිත දිය දැන දැන තණපත්හි ද මැටියෙහි ද ඉසියහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:50.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:50.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:50.11
Pali BJTභූතගාමවග්ගො දුතියො.
Sinhala BJTදෙවන භූතගාම වර්‍ග යි.
vp-pv:50.12
Pali BJT5. 3.
Sinhala BJT5. 3. ඕවාද වර්‍ගය
vp-pv:50.13
Pali BJT1. අසම්මතෙන භික්ඛුනියො ඔවදන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. භික්බුනෝවාදක සම්මුතිය නොලැබ මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:50.14
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:50.15
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අසම්මතා භික්ඛුනියො ඔවදිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සම්මතය නො ලත් සවග මහණහු මෙහෙණන්ට ඔවා දුන්හ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:50.16
Pali BJTඅත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති. අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
Sinhala BJTඑහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්න පඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකැ, අනුප්පන්න පඤ්ඤත්ති එහි නැති.
vp-pv:50.17
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා වාචතො සමුට්ඨාති න කායතො න චිත්තතො, සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති න කායතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි: කිසි විටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, හිතින් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. ...
vp-pv:50.18
Pali BJT2. අත්ථඞ්ගතෙ සූරියෙ භික්ඛුනියො ඔවදන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. හිරු අවරට ගියකල්හි මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:50.19
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං චුල්ලපන්ථකං{1} ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් ඇරැබ යැ.
vp-pv:50.20
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා චුල්ලපන්ථකො අත්ථඞ්ගතෙ සූරියෙ භික්ඛුනියො ඔවදි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් චුල්ලපන්‍ථක ස්ථවිර හිරු අස්තයට ගිය කල්හි මෙහෙණන්ට ඔවා දුන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:52.1
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:52.2
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : පදසොධම්මෙ -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පද සෝධම්ම සමුට්ඨානයෙහි ය. ...
vp-pv:52.3
Pali BJT3. භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනියො ඔවදන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සක්කෙසු පඤ්ඤත්තං.
Sinhala BJT3. මෙහෙණවරට එළඹැ මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදී.
vp-pv:52.4
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:52.5
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනූපස්සයං උපසඞ්කමිත්වා භික්ඛුනියො ඔවදිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණවරට එළඹැ මෙහෙණකට ඔවා දුන්හ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:52.6
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:52.7
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- කඨිනකෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:52.8
Pali BJT4. ආමිසහෙතු භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති භණන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. භික්‍ෂූන් ආමිස හේතුයෙන් මෙහෙණන්ට ඔවා දෙතියි කියන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:52.9
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:52.10
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ආමිසහෙතු භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති භණිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ආමිස හේතුයෙන් භික්‍ෂූන් මෙහෙණන්ට ඔවා දෙතියි කීහු, ඒ වස්තුයෙහි යැ.
vp-pv:52.11
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:52.12
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:52.13
Pali BJT5. අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. නො නෑ මෙහෙණක්හට සිවුරක් දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:52.14
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:52.15
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං අදාසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් නො නෑ මෙහෙණකට සිවුරක් දින, ඒ වස්තුයෙහි යැ.
vp-pv:52.16
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:52.17
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...