Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 201-300 න් 4026

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
vp-pv:24.2
Pali BJTචතුන්නං අධිකරණානං කතමං අධිකරණන්ති : ආපත්තාධිකරණං.
Sinhala BJTසිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තාධිකරණ යි.
vp-pv:24.3
Pali BJTසත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මතීති : තීහි සමථෙහි සම්මති – සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච, සියා තිණවත්ථාරකෙන ච -පෙ-
Sinhala BJTසත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක්ශමථයෙන් සන්හිඳේයැ යත්: කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සන්හිඳේ. ...
vp-pv:24.4
Pali BJTදෙව අනියතා නිට්ඨිතා.
Sinhala BJTදෙ අනියත සිකපද නිමි.
vp-pv:24.5
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
vp-pv:24.6
Pali BJTඅලං කම්මනියඤ්චෙව - තථෙව ච න හෙව ඛො, අනියතා සුපඤ්ඤත්තා - බුද්ධසෙට්ඨෙන තාදිනාති.
Sinhala BJTඅලංකම්මනිය ද එසේ ම නො මැ අලංකම්මනිය ද යන දෙ අනියත සිකපදයෝ තාදී ගුණැති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් මොනවට පණවන ලදහ.
vp-pv:24.7
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
vp-pv:24.8
Pali BJTනිස්සග්ගියකණ්ඩො
Sinhala BJTනිස්සග්ගියකණ්ඩය
vp-pv:24.9
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
vp-pv:24.10
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අතිරෙකචීවරං දසාහං අතික්කාමෙන්තස්ස නිස්සග්ගියා පාචිත්තියං කත්ථ පඤ්ඤත්තොති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් අතිරේකචීවරය දසදිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිතිය කොතන්හි පණවනලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදී.
vp-pv:24.11
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැයැ යත්: සවගමහණුන් ඇරැබ යැ.
vp-pv:24.12
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකචීවරං දසාහාතික්කන්තං ධාරෙසුං,{1} තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: සවගමහණහු දසදිනක් ඉක්ම ගිය අතිරේක චීවරයක් දැරූහ, ඒ වස්තුයෙහි ය.
vp-pv:24.13
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:24.14
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:24.15
Pali BJT2. එකරත්තං තිචීවරෙන විප්පවසන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන්ව වසන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:24.16
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබැයැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
vp-pv:24.17
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ භික්ඛූනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු (සඟළ) සිවුර භික්‍ෂූන් ඇතැ තබා හඳනය හා උතුරුසඟ සිවුරෙන් යුතුව දනවු සැරිසැරීමට ගියාහු ය. ඒ වස්තුයෙහි යැ.
vp-pv:24.18
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:24.19
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:26.1
Pali BJT3. අකාලචීවරං පටිග්ගහෙත්වා මාසං අතික්කාමෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. අකාලචීවරයක් පිළිගෙන මසක් ඉක්මවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:26.2
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
vp-pv:26.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අකාලචීවරං පටිග්ගහෙත්වා මාසං අතික්කාමෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු අකාල චීවරයක් පිළිගෙන (නො ඉටා නො විකපා) මසක් ඉක්මවූහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:26.4
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:26.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:26.6
Pali BJT4. අඤ්ඤාතිකාය භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:26.7
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
vp-pv:26.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී අඤ්ඤාතිකාය භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් දොවාපීයැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:26.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:26.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:26.11
Pali BJT5. අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො චීවරං පටිග්ගණ්හන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදී.
vp-pv:26.12
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උදායිං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබැ යැ.
vp-pv:26.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උදායී අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො චීවරං පටිග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:26.14
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:26.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:26.16
Pali BJT6. අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි පණවන ලදී.
vp-pv:26.17
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාත් ඇරැබ යැ.
vp-pv:26.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො අඤ්ඤාතකං සෙට්ඨිපුත්තං චීවරං විඤ්ඤාපෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර නො නෑ සිටු දරුවකුගෙන් සිවුරක් ඉල්වීයැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:26.19
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:26.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:26.21
Pali BJT7. අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා තතුත්තරිං{1} චීවරං විඤ්ඤාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ එක් හඳනයකට උතුරුසඟ සිවුරකට වැඩි සිවුරක් ඉල්වාගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:26.22
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:28.1
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ න මත්තං ජානිත්වා බහුං චීවරං විඤ්ඤාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ නො දැන බොහෝ සිවුරු ඉල්වූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:28.2
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:28.3
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:28.4
Pali BJT8. පුබ්බෙ අප්පවාරිතස්ස අඤ්ඤාතකං ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. පෙරැ නො පැවරූ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහිදී පණවන ලදී.
vp-pv:28.5
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබැ යැ.
vp-pv:28.6
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකං ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලදුයේ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණියේ යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:28.7
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:28.8
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:28.9
Pali BJT9. පුබ්බෙ අප්පවාරිතස්ස අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. පෙරැ නො පැවරූ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතෙන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:28.10
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා ඇරැබැ යැ.
vp-pv:28.11
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලදුයේ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරක් කිරීමෙහි අධික විධානයට පැමිණියේයැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:28.12
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:28.13
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:28.14
Pali BJT10. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන චීවරං අභිනිප්ඵාදෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. අයිරා තෙවරක් චෝදනා කිරීමෙන් ද අයිරා සවරක් එළඹ සිටීමෙන් ද සිවුරක් උපදවා ගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:28.15
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබැ යැ:
vp-pv:28.16
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො උපාසකෙන අජ්ජන්හො{1}. භන්තෙ, ආගමෙහී ති වුච්චමානො නාගමෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර උවසුවකු විසින් “ස්වාමීනි, අද එකදවසක් ඉවසා වදාළ මැනැවැ” යි කියනු ලබන්නේ නො ඉවසී යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:28.17
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:28.18
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුච්ඨාන සයෙන් නඟී. ...
vp-pv:28.19
Pali BJTකඨිනවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන කඨින වර්‍ග යි.
vp-pv:30.1
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
vp-pv:30.2
Pali BJT1. කොසියමිස්සකං සන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : ආළවියං පඤ්ඤත්තං.
Sinhala BJT1. තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කො තන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදී.
vp-pv:30.3
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:30.4
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ කොසියකාරකෙ උපසඞ්කමිත්වා එවමාහංසු : ‘බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම්හාකම්පි දස්සථ, මයම්පි ඉච්ඡාම කොසියමිස්සකං සන්ථතං කාතු’න්ති, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තිහිරිවායන් වෙත එළඹ මෙසේ කීහ: “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු, අපට ද දෙවු, අපිදු තිහිරිහූ මුසුකළ ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි, ඒ වස්තුයෙහි යැ.
vp-pv:30.5
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:30.6
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:30.7
Pali BJT2. සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : වෙසාලියං පඤ්ඤත්තං.
Sinhala BJT2. හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදි.
vp-pv:30.8
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:30.9
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුවෙක්හි ද යත්: සවග මහණහු හුදු කළු එළුලොමින් ඇතිරියක් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:30.10
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:30.11
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:30.12
Pali BJT3. අනාදියිත්වා තුලං ඔදාතානං තුලං ගොචරියානං නවං සන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. හෙළ එළුලොම් සතරින් කොටසක් ද කිඹුල්වන් එළුලොම් සතරින් කොටසක් ද නො ගෙන අළුත් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:30.13
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබැ යැ.
vp-pv:30.14
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ථොකඤ්ඤෙව ඔදාතානං අන්තෙ{1} ආදියිත්වා තථෙව සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක් හි ද යත්: සවග මහණහු මඳක් හෙළ එළුලොම් ද එසේ ම මඳක් හුදු කළු එළුලොම් ද කෙළවරැ ගන්වා එළුලොමින් ඇතිරියක් කරවූහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:30.15
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:30.16
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:30.17
Pali BJT4. අනුවස්සං සන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. හවුරුදු පතා ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:30.18
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:30.19
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අනුවස්සං සන්ථතං කාරාපෙසුං, තස්මිං වත්ථුස්මිං .
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු හවුරුදු පතා ඇතිරි කරවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:30.20
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:30.21
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:32.1
Pali BJT5. අනාදියිත්වා පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං නවං නිසීදනසන්ථතං කාරාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. පැරුණි ඇතිරිය පසෙකින් සුගත්වියතක් පමණ (කඩක්) නො ගෙන අළුත් නිසදුන් ඇතිරියක් කරවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:32.2
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:32.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ සන්ථතානි උජ්ඣිත්වා ආරඤ්ඤිකඞ්ගං පිණ්ඩපාතිකඞ්ගං පංසුකූලිකඞ්ගං සමාදියිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හිද යත්: බොහෝ භික්‍ෂූහු ඇතිරි හැරැපියා ආරණ්‍යකාඞ්ගය පිණ්ඩපාතිකාඞ්ගය පාංශුකූලිකාඞ්ගය සමාදන් වූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:32.4
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:32.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
vp-pv:32.6
Pali BJT6. එළකලොමානි පටිග්ගහෙත්වා තියොජනං අතික්කාමෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම යන්නහු පිළිබඳ නිසගිපචිති සික පදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:32.7
Pali BJTකං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
vp-pv:32.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු එළකලොමානි පටිග්ගහෙත්වා තියොජනං අතික්කාමෙසි. තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් එළුලොම් පිළිගෙන තුන් යොදුනක් ඉක්ම ගියේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:32.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:32.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. සියා කායතො සමුට්ඨාති න වාචතො න චිත්තතො, සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟි. …
vp-pv:32.11
Pali BJT7. අඤ්ඤාතිකාය භික්ඛුනියා එළකලොමානි ධොවාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සක්කෙසු පඤ්ඤත්තං.
Sinhala BJT7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහිදි පණවන ලදි.
vp-pv:32.12
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:32.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අඤ්ඤාතිකාහි භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නො නෑ මෙහෙණන් ලවා එළුලොම් දොවවාලූහ, ඒ වස්තුවෙහි යැ.
vp-pv:32.14
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:32.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:32.16
Pali BJT8. රූපියං පටිග්ගණ්හන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT8. රන් රිදී මසුකහවණු පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදි.
vp-pv:32.17
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:32.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො රූපියං පටිග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර රන්රිදී මසුකහවණු පිළිගත්තේ යැ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:32.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:32.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...