Parivāra

Appendix

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 301-400 න් 4026

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
vp-pv:32.21
Pali BJT9. නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. නන්වැදෑරුම් රන්රිදීමසුකහවණු ගනුදෙනුවට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:32.22
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:34.1
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නන්වැදෑරුම් රන්රිදීමසුකහවණු ගනු දෙනුවට පැමිණියාහු ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:34.2
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:34.3
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:34.4
Pali BJT10. නානප්පකාරකං කයවික්කයං සමාපජ්ජන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. නන්වැදෑරුම් සිවුරු ඈ කැපබඩු ගනුදෙනුවට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:34.5
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:34.6
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො පරිබ්බාජකෙන සද්ධිං කයවික්කයං සමාපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පිරිවැජියකු සමග ගනුදෙනුවට පැමිණියේ ය. ඒ වස්තුයෙහි යැ.
vp-pv:34.7
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:34.8
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:34.9
Pali BJTකොසියවග්ගො දුතියො.
Sinhala BJTදෙවන කෝසියවර්‍ග යි.
vp-pv:34.10
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
vp-pv:34.11
Pali BJT1. අතිරෙකපත්තං දසාහං අතික්කාමෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. නො ඉටු නො විකැපු අතිරේක පාත්‍රයක් දස දිනක් ඉක්මවා දරන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:34.12
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:34.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකපත්තං ධාරෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු (නො ඉටු නො විකැපු) අතිරේක පාත්‍රයක් දැරුහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:34.14
Pali BJTඑකා පඤ්ඤත්ති. එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:34.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති. සියා කායතො ච වාචතො ච සමුට්ඨාති න චිත්තතො,; සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:34.16
Pali BJT2. ඌනපඤ්චබන්ධනෙන පත්තෙන අඤ්ඤං නවං පත්තං චෙතාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සක්කෙසු පඤ්ඤත්තං.
Sinhala BJT2. උනු පස්බාන පාත්‍රයෙකින් යුතු වැ මුත් අනෙක් අළුත් පාත්‍රයක් විනවා ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදි.
vp-pv:34.17
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:34.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අප්පමත්තකෙනපි භින්නෙන අප්පමත්තකෙනපි ඛණ්ඩෙන විලිඛිතමත්තෙනපි බහූ පත්තෙ විඤ්ඤාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මඳක් බුන් පමණකිනිදු මඳක් කැඩුණු පමණකිනුදු ඉරි ගැසුනු පමණකිනිදු බොහෝ පාත්‍රයන් විනවූහ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:34.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:34.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
vp-pv:36.1
Pali BJT3. භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කාමෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:36.2
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:36.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කාමෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:36.4
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:36.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : කඨිනකෙ -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නගියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:36.6
Pali BJT4. අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ වස්සිකසාටිකචීවරං පරියෙසන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. ගිමන් සිවු මසින් අයිරා (අතිරේක) මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සොයන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:36.7
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:36.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ වස්සිකසාටිකචීවරං පරියෙසිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිමන් සිවු මසින් අයිරා මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සෙවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:36.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:36.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසිවුවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
vp-pv:36.11
Pali BJT5. භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතෙන අනත්තමනෙන අච්ඡින්දන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT5. මහණක්හට තමා ම සිවුරක් දී කිපී නොසියමන් (නො සතුටු) වැ පැහැර ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
vp-pv:36.12
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:36.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තෙමේ සිවුරක් දී කිපියේ නොසියමන් වූයේ පැහැර ගත්තේ ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:36.14
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:36.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
vp-pv:36.16
Pali BJT6. සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
Sinhala BJT6. තමා ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
vp-pv:36.17
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:36.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තුමූ ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:36.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:36.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
vp-pv:38.1
Pali BJT7. පුබ්බෙ අප්පවාරිතස්ස අඤ්ඤාතකස්ස ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT7. පෙරැ නො පැවැරූ නො නෑ ගැහැවියක්හුගේ පෙහෙරන් වෙත එළඹ සිවුරු පිළියෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:38.2
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබයැ.
vp-pv:38.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකස්ස ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලද්දේ නො නෑ නො පැවරූ ගැහැවියකු ගේ පෙහෙරන් වෙත එළඹ සිවුරු පිළියෙහි අධික විධානයට පැමිණියේ ය, ඒ වස්තුයෙහි යැ.
vp-pv:38.4
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:38.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ඡහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟි. ...
vp-pv:38.6
Pali BJT8. අච්චෙකචීවරං පටිග්ගහෙත්වා චීවරකාලසමයං අතික්කාමෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT8. ඉක්මන් සිවුරක් පිළිගෙන (නො ඉටා නො විකපා) චීවරකාලසමය ඉක්මවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:38.7
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:38.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අච්චෙකචීවරං පටිග්ගහෙත්වා චීවරකාලසමයං අතික්කාමෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු ඉක්මන් සිවුරක් පිළිගෙන චීවරකාලසමය ඉක්මවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:38.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:38.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : කඨිනකෙ -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:38.11
Pali BJT9. තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිත්වා අතිරෙකඡාරත්තං විප්පවසන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT9. තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමෙහි තබා අයිරා සරැයක් ඒ සිවුරෙන් වෙන් වැ වසන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
vp-pv:38.12
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
vp-pv:38.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිත්වා අතිරෙකඡාරත්තං විප්පවසිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු තුන් සිවුර අතුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමැ තබා අයිරා සරැයක් වෙන් වැ, විසූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:38.14
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:38.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : කඨිනකෙ -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
vp-pv:38.16
Pali BJT10. ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT10. පිරිනමනලද සඟසතු ලාභය දැන දැන තමහට නතුකරන්නහු පිළිබඳ නිසගි පචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:38.17
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:38.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිරිනමන ලද සඟසතු ලාභය දැන දැන තමහට නතුකරවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:38.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:38.20
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:38.21
Pali BJTපත්තවග්ගො තතියො.
Sinhala BJTතෙවන පත්ත වර්‍ග යි.
vp-pv:40.1
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
vp-pv:40.2
Pali BJTදසෙකරත්ති මාසො ච - ධොවනඤ්ච පටිග්ගහො, අඤ්ඤාතකඤ්ච{1} උද්දිස්ස - උභින්නං දූතකෙන ච.
Sinhala BJTඅතිරේකචීවරය ද, ඒකරත්තය ද, අකාලචීවරයද, පුරාණචීවරධොවනයද, අඤ්ඤාතක පටිග්ගහණය ද, අඤ්ඤාතකවිඤ්ඤත්තිය ද, උද්දිස්සය ද, අප්පචාරිත දෙක ද, අතිරේක තික්ඛත්තුචෝදනා ද,
vp-pv:40.3
Pali BJTකොසියා සුද්ධ ද්වෙභාගා - ඡබ්බස්සානි නිසීදනං, ද්වෙ ච ලොමානි උග්ගණ්හෙ - උභො නානප්පකාරකා,
Sinhala BJTමිස්සකය ද, සුද්ධකය ද, තූලය ද, අනුවස්සකය ද, පුරාණසන්‍ථතය ද, ඵළක ලෝමනීහරණය ද, එළකලෝමධොවනය ද, රූපිය ද, රූපියසංවෝහාරය කයවික්කය යන දෙසික ද,
vp-pv:40.4
Pali BJTද්වෙ ච පත්තානි භෙසජ්ජං - වස්සිකා දානපඤ්චමං, සාමං වායාපනච්චෙකො - සාසඞ්කං සඞ්ඝිකෙන චාති.
Sinhala BJTඅතිරෙකපත්ත ඌනපඤ්චබන්‍ධන යන දෙසික ද, භේසජ්ජය ද, (වස්සික) සාටකය ද, පස්වැනි අච්ජින්‍දනය ද, තන්තවාය දෙසික ද, අච්චෙක චීවරය ද, ඡාරත්ත විප්පවාසය ද අත්තපරිණාමනය ද යන තිස යි.
vp-pv:40.5
Pali BJTතිංසනිස්සග්ගියා පාචිත්තියා නිට්ඨිතා.
Sinhala BJTතිස් නිසගිපචිති නිමි.
vp-pv:40.6
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
vp-pv:40.7
Pali BJTපාචිත්තියකණ්ඩො
Sinhala BJTපාචිත්තිය කාණ්ඩය
vp-pv:40.8
Pali BJT5. 1.
Sinhala BJT5. 1.
vp-pv:40.9
Pali BJT1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්පජානමුසාවාදෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් දැන දැන බොරු කීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:40.10
Pali BJTකං ආරබ්භාති : හත්ථකං සක්යපුත්තං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: හත්‍ථක ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
vp-pv:40.11
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා හත්ථකො සක්යපුත්තො තිත්ථියෙහි සද්ධිං සල්ලපන්තො අවජානිත්වා පටිජානි පටිජානිත්වා අවජානි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් හත්‍ථක ශාක්‍යපුත්‍ර තීර්‍ත්‍ථකයන් සමග සාකච්ඡා කරණුයේ වළහා පිළිණ කෙළේයැ, පිළිණ කොට වැළහී යැ. ඒ වස්තුයෙහි යැ.
vp-pv:40.12
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:40.13
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
vp-pv:40.14
Pali BJT2. ඔමසවාදෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT2. (ජාත්‍යාදියෙන්) ගටා බිණීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:40.15
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:40.16
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩන්තා පෙසලෙ භික්ඛූ ඔමසිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ප්‍රියශීල භික්‍ෂූන් සමග ඩබර කරන්නාහු ප්‍රියශීල භික්‍ෂූන් ගටා බිණුහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:40.17
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:40.18
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:42.1
Pali BJT3. භික්ඛුපෙසුඤ්ඤෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT3. මහණුන් බිඳුවන පෙහෙසුන් බස්හි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:42.2
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:42.3
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං පෙසුඤ්ඤං උපසංහරිංසු, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් භික්‍ෂූන් අතරැ ප්‍රියභාවය සුන් කරණ පෙහෙසුන් බස් එළවූහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:42.4
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:42.5
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
vp-pv:42.6
Pali BJT4. අනුපසම්පන්නං පදසො ධම්මං වාචෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT4. අනුපසපනක්හු සමග පද වශයෙන් ධර්‍මය කියන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:42.7
Pali BJTකං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
vp-pv:42.8
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ උපාසකෙ පදසො ධම්මං වාචෙසුං , තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උවසුවන් හා පද වශයෙන් ධර්‍මය කීහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:42.9
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.
vp-pv:42.10
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා වාචතො සමුට්ඨාති, න කායතො න චිත්තතො. සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි: කිසි විටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. ...
vp-pv:42.11
Pali BJT5. අනුපසම්පන්නෙන උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : ආළවියං පඤ්ඤත්තං.
Sinhala BJT5. අනුපසපනක්හු සමග දෙතුන් රැයකින් මත්තෙහි ඒකත්‍රශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්නුවරැ දී පණවන ලදී.
vp-pv:42.12
Pali BJTකං ආරබ්භාති : සම්බහුලෙ භික්ඛූ ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
vp-pv:42.13
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛූ අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙසුං, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙහි ද යත්: බොහෝ මහණහු අනුපසපනක්හු සමග ඒකත්‍රශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:42.14
Pali BJTඑකා පඤ්ඤත්ති, එකා අනුපඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
vp-pv:42.15
Pali BJTඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො සමුට්ඨාති, න වාචතො න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-.
Sinhala BJTසවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
vp-pv:42.16
Pali BJT6. මාතුගාමෙන සහසෙය්යං කප්පෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
Sinhala BJT6. මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
vp-pv:42.17
Pali BJTකං ආරබ්භාති : ආයස්මන්තං අනුරුද්ධං ආරබ්භ.
Sinhala BJTකවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇරැබ යැ.
vp-pv:42.18
Pali BJTකිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා අනුරුද්ධො මාතුගාමෙන සහසෙය්යං කප්පෙසි, තස්මිං වත්ථුස්මිං.
Sinhala BJTකිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.
vp-pv:42.19
Pali BJTඑකා පඤ්ඤත්ති.
Sinhala BJTපඤ්ඤත්ති එකෙකි.