Parivāra

Appendix

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-25 · 4026 segments

පෙන්වන කොටස් 3601-3700 න් 4026

පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං සාකච්ඡිතබ්බො. කතමෙහි පඤ්චහි : අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන -පෙ- පඤ්ඤාක්ඛන්ධෙන -පෙ- විමුත්තික්ඛන්ධෙන -පෙ- විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං සාකච්ඡිතබ්බො.
අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං න සාකච්ඡිතබ්බො, කතමෙහි පඤ්චහි : න අත්ථපටිසම්භිදාපත්තො හොති, න ධම්මපටිසම්භිදාපත්තො හොති, න නිරුත්ති පටිසම්භිදාපත්තො හොති, න පටිභානපටිසම්භිදාපත්තො හොති, යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං න සාකච්ඡිතබ්බො.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං සාකච්ඡිතබ්බො. කතමෙහි පඤ්චහි : අත්ථපටිසම්භිදාපත්තො හොති, ධම්මපටිසම්භිදාපත්තො හොති, නිරුත්තිපටිසම්භිදාපත්තො හොති, පටිභානපටිසම්භිදාපත්තො හොති, යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං සාකච්ඡිතබ්බොති.
භික්ඛුනොවාදවග්ගො අට්ඨමො.
තස්සුද්දානං:
භික්ඛුනීහෙව කාතබ්බං අපරෙහි තථා දුවෙ, භික්ඛුනීනං තයො කම්මා න ඨපෙතබ්බා ද්වෙ දුකා : න ගහෙතබ්බා ද්වෙ වුත්තා සාකච්ඡාසු ච ද්වෙ දුකාති.
9. උබ්බාහිකා වග්ගො
1. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බොති?
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො, කතමෙහි පඤ්චහි : න අත්ථකුසලො හොති, න ධම්මකුසලො හොති, න නිරුත්තිකුසලො හොති, න බ්යඤ්ජනකුසලො හොති, න පුබ්බාපරකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : අත්ථකුසලො හොති, ධම්මකුසලො හොති, නිරුත්තිකුසලො හොති, බ්යඤ්ජනකුසලො හොති, පුබ්බාපරකුසලො හොති – ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
2. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : කොධනො හොති කොධාභිභූතො, මක්ඛී හොති මක්ඛාභිභූතො, පලාසී හොති පලාසාභිභූතො, ඉස්සුකී හොති ඉස්සාභිභූතො, සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : න කොධනො හොති න කොධාභිභූතො, න මක්ඛී හොති න මක්ඛාභිභූතො, න පලාසී හොති න පලාසාභිභූතො, න ඉස්සුකී හොති න ඉස්සාභිභූතො, අසන්දිට්ඨිපරාමාසී හොති අනාධානගාහී සුප්පටිනිස්සග්ගී. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
3. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : කුප්පති, බ්යාපජ්ජති, පතිට්ඨියති, කොපං ජනෙති, අක්ඛමො හොති අපදක්ඛිණග්ගාහී අනුසාසනිං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : න කුප්පති, න බ්යාපජ්ජති, න පතිත්ථියති, න කොපං ජනෙති, ඛමො හොති පදක්ඛිණග්ගාහී අනුසාසනිං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
4. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : පසාරෙතා හොති නො සාරෙතා, අනොකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, න යථාදිට්ඨියා බ්යාකත්තා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : සාරෙතා හොති නො පසාරෙතා, ඔකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, යථාදිට්ඨියා බ්යාකත්තා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
5. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, ලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
6. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අකුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය න සම්මන්නිතබ්බො.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, කුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො.
7. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡතීති?
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : සුත්තං න ජානාති, සුත්තානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච ඨානාඨානකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : සුත්තං ජානාති, සුත්තානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, ඨානාඨානකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : ධම්මං න ජානාති, ධම්මානුලොමං ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච පුබ්බාපරකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : ධම්මං ජානාති, ධම්මානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, පුබ්බාපරකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
9. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
10. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : ආපත්තිං න ජානාති, ආපත්තිසමුට්ඨානං න ජානාති, ආපත්තියා පයොගං න ජානාති, ආපත්තියා වූපසමං න ජානාති, ආපත්තියා න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි? ආපත්තිං ජානාති, ආපත්තිසමුට්ඨානං ජානාති, ආපත්තියා පයොගං ජානාති, ආපත්තියා වූපසමං ජානාති, ආපත්තියා විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
11. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : අධිකරණං න ජානාති, අධිකරණසමුට්ඨානං න ජානාති, අධිකරණස්ස පයොගං න ජානාති, අධිකරණස්ස වූපසමං න ජානාති, අධිකරණස්ස න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි : අධිකරණං ජානාති, අධිකරණසමුට්ඨානං ජානාති, අධිකරණස්ස පයොගං ජානාති, අධිකරණස්ස වූපසමං ජානාති, අධිකරණස්ස විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
උබ්බාහිකාවග්ගො නවමො.
තස්සුද්දානං:
න අත්ථකුසලො චෙව කොධනො කුප්පතී ච යො, පසාරෙතා ඡන්දාගතිං න කුසලො තථෙව ච.
සුත්තං ධම්මඤ්ච වත්ථුඤ්ච ආපත්ති අධිකරණං, ද්වෙ ද්වෙ පකාසිතා සබ්බෙ කණ්හසුක්කා විජානථාති.
10. අධිකරණවූපසම වග්ගො
1. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුන්ති?
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ආපත්තිං න ජානාති, ආපත්තිසමුට්ඨානං න ජානාති, ආපත්තියා පයොගං න ජානාති, ආපත්තියා වූපසමං න ජානාති, ආපත්තියා න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ආපත්තිං ජානාති, ආපත්තිසමුට්ඨානං ජානාති, ආපත්තියා පයොගං ජානාති, ආපත්තියා වූපසමං ජානාති, ආපත්තියා විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
2. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : අධිකරණං න ජානාති, අධිකරණසමුට්ඨානං න ජානාති, අධිකරණස්ස පයොගං න ජානාති, අධිකරණස්ස වූපසමං න ජානාති, අධිකරණස්ස න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : අධිකරණං ජානාති, අධිකරණසමුට්ඨානං ජානාති, අධිකරණස්ස පයොගං ජානාති, අධිකරණස්ස වූපසමං ජානාති, අධිකරණස්ස විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
3. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, ලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
4. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අප්පස්සුතො ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, බහුස්සුතො ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
5. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
6. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අකුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, කුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
7. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, පුග්ගලගරුකො හොති නො සඞ්ඝගරුකො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, සඞ්ඝගරුකො හොති නො පුග්ගලගරුකො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං.
8. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, ආමිසගරුකොකො හොති නො සද්ධම්මගරුකොකො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු නාලං අධිකරණං වූපසමෙතුං.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, සද්ධම්මගරුකො හොති නො ආමිසගරුකො. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අලං අධිකරණං වූපසමෙතුන්ති.
9. කතීහි නු ඛො භන්තෙ ආකාරෙහි සඞ්ඝො භිජ්ජතීති?
පඤ්චහුපාලි ආකාරෙහි සඞ්ඝො භිජ්ජති. කතමෙහි පඤ්චහි : කම්මෙන, උද්දෙසෙන, වොහරන්තො, අනුසාවණෙන, සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහාකාරෙහි සඞ්ඝො භිජ්ජතීති.
10. සඞ්ඝරාජි සඞ්ඝරාජීති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො? කිත්තාවතා ච පන සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චාති?
පඤ්ඤත්තෙතං උපාලි මයා ආගන්තුකානං භික්ඛූනං ආගන්තුකවත්තං, එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ ආගන්තුකා භික්ඛූ ආගන්තුකවත්තෙ න වත්තන්ති, එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. පඤ්ඤත්තෙතං උපාලි මයා ආවාසිකානං භික්ඛූනං ආවාසිකවත්තං. එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ ආවාසිකා භික්ඛූ ආවාසිකවත්තෙ න වත්තන්ති, එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. පඤ්ඤත්තෙතං උපාලි මයා
භික්ඛූනං භත්තග්ගෙ භත්තග්ගවත්තං යථාබුඩ්ඪං යථාරත්තං යථාපතිරූපං අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ නවා භික්ඛූ භත්තග්ගෙ ථෙරානං භික්ඛූනං ආසනං පටිබාහන්ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. පඤ්ඤත්තෙතං උපාලි මයා භික්ඛූනං සෙනාසනෙ සෙනාසනවත්තං යථාබුඩ්ඪං යථාරත්තං යථාපතිරූපං, එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ නවා භික්ඛූ ථෙරානං භික්ඛූනං සෙනාසනං පටිබාහන්ති. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති නො ච සඞ්ඝභෙදො. පඤ්ඤත්තෙතං උපාලි මයා භික්ඛූනං අන්තොසීමාය එකං උපොසථං එකං පවාරණං එකං සඞ්ඝකම්මං එකං කම්මාකම්මං. එවං සුපඤ්ඤත්තෙ ඛො උපාලි මයා සික්ඛාපදෙ තත්ථෙව අන්තොසීමාය ආවෙණීභාවං කරිත්වා ගණං බන්ධිත්වා ආවෙණිඋපොසථං කරොන්ති ආවෙණිපවාරණං කරොන්ති, ආවෙණිසඞ්ඝකම්මං කරොන්ති, ආවෙණිකම්මාකම්මානි කරොන්ති. එවං ඛො උපාලි සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චාති.
අධිකරණවූපසමවග්ගො දසමො.
තස්සුද්දානං:
ආපත්තිං අධිකරණං ඡන්දා අප්පස්සුතෙන ච, වත්ථුඤ්ච අකුසලො ච පුග්ගලො ආමිසෙන ච ; භිජ්ජති සඞ්ඝරාජි ච සඞ්ඝභෙදො තථෙව චාති.
11. සඞ්ඝභෙදක වග්ගො
1. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡොති?
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨිං කම්මෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
2. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨිං උද්දෙසෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
3. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨි වොහරන්තො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
4. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති, දීපෙති ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨිං අනුස්සාවණෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
5. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය දිට්ඨිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
6. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය ඛන්තිං කම්මෙන -පෙ- විනිධාය ඛන්තිං උද්දෙසෙන -පෙ- විනිධාය ඛන්තිං වොහරන්තො -පෙ- විනිධාය ඛන්තිං අනුස්සාවණෙන -පෙ- විනිධාය ඛන්තිං සලාකගාහෙන ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
7. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය රුචිං කම්මෙන -පෙ- විනිධාය රුචිං උද්දෙසෙන -පෙ- විනිධාය රුචිං වොහරන්තො -පෙ- විනිධාය රුචිං අනුසාවණෙන -පෙ- විනිධාය රුචිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
8. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, විනිධාය සඤ්ඤං
කම්මෙන -පෙ- විනිධාය සඤ්ඤං උද්දෙසෙන -පෙ- විනිධාය සඤ්ඤං වොහරන්තො -පෙ- විනිධාය සඤ්ඤං අනුසාවණෙන -පෙ- විනිධාය සඤ්ඤං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡොති.
සඞ්ඝභෙදකවග්ගො එකාදසමො.
තස්සුද්දානං:
විනිධාය දිට්ඨිං කම්මෙන උද්දෙසෙ වොහරෙන ච, අනුසාවණෙ සලාකෙන පඤ්චෙතෙ දිට්ඨිනිස්සිතා ; ඛන්තිං රුචි ච සඤ්ඤා ච{1} තයො තෙ පඤ්චධා නයාති.
12. දුතිය සඞ්ඝභෙදක වග්ගො
1. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡොති?
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං කම්මෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
2. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං උද්දෙසෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
3. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං වොහරන්තො. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
4. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං අනුසාවණෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
5. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය දිට්ඨිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
6. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය ඛන්තිං කම්මෙන -පෙ- අවිනිධාය ඛන්තිං උද්දෙසෙන -පෙ- අවිනිධාය ඛන්තිං වොහරන්තො -පෙ- අවිනිධාය ඛන්තිං අනුසාවණෙන -පෙ- අවිනිධාය ඛන්තිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
7. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය රුචිං කම්මෙන -පෙ- අවිනිධාය රුචිං උද්දෙසෙන -පෙ- අවිනිධාය රුචිං වොහරන්තො -පෙ- අවිනිධාය රුචිං අනුසාවණෙන -පෙ- අවිනිධාය රුචිං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො.
8. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො. කතමෙහි පඤ්චහි : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, ධම්මං අධම්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අවිනිධාය සඤ්ඤං කම්මෙන -පෙ- අවිනිධාය සඤ්ඤං උද්දෙසෙන -පෙ- අවිනිධාය සඤ්ඤං වොහරන්තො -පෙ- අවිනිධාය සඤ්ඤං අනුසාවණෙන -පෙ- අවිනිධාය සඤ්ඤං සලාකගාහෙන. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡොති.
දුතියසඞ්ඝභෙදකවග්ගො ද්වාදසමො.
තස්සුද්දානං:
අවිනිධාය දිට්ඨිං කම්මෙන උද්දෙසෙන වොහරෙන ච, අනුසාවණෙ සලාකෙන පඤ්චෙතෙ දිට්ඨිනිස්සිතා.
ඛන්ති රුචි ච සඤ්ඤා ච තයො තෙ පඤ්චධා නයා. හෙට්ඨිමෙ කණ්හපක්ඛම්හි, සමවීසවිධී යථා; තථෙව සුක්කපක්ඛම්හි සමවීසති ජානථාති.
13. ආවාසික වග්ගො
1. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති :
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, සඞ්ඝිකං පුග්ගලිකපරිභොගෙන පරිභුඤ්ජති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
2. පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, සඞ්ඝිකං න පුග්ගලිකපරිභොගෙන පරිභුඤ්ජති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
3. කති නු ඛො භන්තෙ අධම්මිකා විනයබ්යාකරණාති?
පඤ්චිමෙ උපාලි අධම්මිකා විනයබ්යාකරණා. කතමෙ පඤ්ච : ඉධුපාලි භික්ඛු අධම්මං ධම්මොති පරිණාමෙති, ධම්මං අධම්මොති පරිණාමෙති, අවිනයං විනයොති පරිණාමෙති, විනයං අවිනයොති පරිණාමෙති, අපඤ්ඤත්තං පඤ්ඤාපෙති, පඤ්ඤත්තං සමුච්ඡින්දති. ඉමෙ ඛො උපාලි පඤ්ච අධම්මිකා විනයබ්යාකරණා.
4. පඤ්චිමෙ උපාලි ධම්මිකා විනයබ්යාකරණා. කතමෙ පඤ්ච : ඉධුපාලි භික්ඛු අධම්මං අධම්මොති පරිණාමෙති, ධම්මං ධම්මොති පරිණාමෙති, අවිනයං අවිනයොති පරිණාමෙති, විනයං විනයොති පරිණාමෙති. අපඤ්ඤත්තං න පඤ්ඤාපෙති, පඤ්ඤත්තං න සමුච්ඡින්දති. ඉමෙ ඛො උපාලි පඤ්ච ධම්මිකා විනයබ්යාකරණාති.
5. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති?
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං න ජානාති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
6. පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං ජානාති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
7. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතො සෙනාසනපඤ්ඤාපකො -පෙ- භණ්ඩාගාරිකො -පෙ- චීවරපටිග්ගාහකො -පෙ- චීවරභාජකො -පෙ- යාගුභාජකො -පෙ- ඵලභාජකො -පෙ- ඛජ්ජභාජකො -පෙ- අප්පමත්තකවිස්සජ්ජකො -පෙ- සාටියග්ගාහාපකො -පෙ- පත්තග්ගාහාපකො -පෙ- ආරාමිකපෙසකො -පෙ- සාමණෙරපෙසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති?