තා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං තීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන. සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති න වාචතො. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච -පෙ-
2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී කති ආපත්තියො ආපජ්ජති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තී ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති :
තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
3. තා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තික්ඛන්ධානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : සියා කායතො සමුට්ඨන්ති න වාචතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨන්ති න චිත්තතො, සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති න වාචතො, සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
සමුච්චයවාරො නිට්ඨිතො අට්ඨමො.
9. කත්ථපඤ්ඤත්තිවාරො
9. 1.
පාරාජිකකණ්ඩො
1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන කායසංසග්ගං සාදියනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තං, කං ආරබ්භ : කිස්මිං වත්ථුස්මිං, -පෙ- කෙනාභතන්ති :
යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන කායසංසග්ගං සාදියනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : සුන්දරීනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස කායසංසග්ගං සාදියි, තස්මිං වත්ථුස්මිං. අත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති, අනුප්පන්න පඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි. සබ්බත්ථ පඤ්ඤත්ති, පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති. සාධාරණ පඤ්ඤත්ති, අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති. එකතො පඤ්ඤත්ති, උභතො පඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති. චතුන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං, නිදානපරියාපන්නං : කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : දුතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති. චතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති. සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : පාරාජිකාපත්තික්ඛන්ධො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ- කෙනාභතන්ති : පරම්පරාභතං. උපාලි දාසකො චෙව -පෙ- පිටකං තම්බපණ්ණියාති.
2. වජ්ජපටිච්ඡාදනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්ඛුනිං නෙවත්තනා පටිචොදෙසි න ගණස්ස ආරොචෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
3. යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්ති, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
4. අට්ඨමං වත්ථුං පරිපූරණපච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො අට්ඨමං වත්ථුං පරිපූරෙසුං, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
පාරාජිකා නිට්ඨිතා.
9. 2.
සඞ්ඝාදිසෙසකණ්ඩො
1. යං තෙන භගවතා -පෙ- උස්සයවාදිකාය භික්ඛුනියා අට්ට{1} කරණපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තො, කං ආරබ්භ, කිස්මිං වත්ථුස්මිං, -පෙ- කෙනාභතන්ති.
2. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උස්සයවාදිකාය භික්ඛුනියා අට්ටකරණපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති, ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ කිස්මිං වත්ථුස්මින්ති ථුල්ලනන්දා භික්ඛුනී උස්සයවාදිකා විහරි, තස්මිං වත්ථුස්මිං. අත්ථි තත්ථ පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්තීති එකා පඤ්ඤත්ති. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි. සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති සබ්බත්ථ පඤ්ඤත්ති. සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති අසාධාරණපඤ්ඤත්ති. එකතොපඤ්ඤත්ති උභතොපඤ්ඤත්තීති එකතොපඤ්ඤත්ති. චතුන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති නිදානොගධං නිදානපරියාපන්නං. කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති තතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති. චතුන්නං විපත්තීනං කතමා විපත්තීති සීලවිපත්ති. සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති: සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති, ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො. සියා කායතො ච වාචතො චිත්තතො ච සමුට්ඨාති. කෙනාභතන්ති, පරම්පරාභතං :
උපාලි දාසකො චෙව සොණකො සිග්ගවො තථා, මොග්ගලිපුත්තෙන පඤ්චමා එතෙ ජම්බුසිරිව්හයෙ -පෙ-
එතෙ නාගා මහාපඤ්ඤා විනයඤ්ඤූ මග්ගකොවිදා, විනයං දීපෙ පකාසෙසුං පිටකං තම්බපණ්ණියාති.
3. චොරිං වුට්ඨාපනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී චොරිං වුට්ඨාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති.
4. එකා ගාමන්තරං ගමනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී එකා ගාමන්තරං ගච්ඡි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. තිස්සො අනුපඤ්ඤත්තියො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : පඨමපාරාජිකෙ -පෙ-
5. සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරණපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
6. අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : සුන්දරීනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයම්පි භොජනීයම්පි පටිග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : පඨමපාරාජිකෙ -පෙ-.
7. කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති උය්යොජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී “කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා, තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති උය්යොජෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
8. කුපිතාය අනත්තමනාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී කුපිතා අනත්තමනා එවං අවච : ‘බුද්ධං පච්චක්ඛාමි. ධම්මං පච්චක්ඛාමි. සඞ්ඝං පච්චක්ඛාමි සික්ඛං පච්චාචික්ඛාමී”ති, තස්මිං වත්ථුස්මිං . එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-.
9. කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච : ‘ඡන්දගාමිනියො ච භික්ඛුනියො. දොසගාමිනියො ච භික්ඛුනියො. මොහගාමිනියො ච භික්ඛුනියො. භයගාමිනියො ච භික්ඛුනියො’ති, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-.
10. සංසට්ඨානං භික්ඛුනීනං යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො සංසට්ඨා විහරිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-
11. “සංසට්ඨා වය්යෙ තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරථා”ති උය්යොජෙන්තියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී ‘සංසට්ඨාවය්යෙ තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරිත්ථා”ති උය්යොජෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : ධුරනික්ඛෙපෙ -පෙ-.
12. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා පාටිදෙසනීයං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං. කං ආරබ්භාති : ඡබ්බග්ගියා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛුනියො දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. එකා අනුපඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ- .
කත්ථපඤ්ඤත්තිවාරො නිට්ඨිතො පඨමො.
10. කතාපත්තිවාරො
10. 1.
පාරාජිකකණ්ඩො
1. කායසංසග්ගං සාදියනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : කායසංසග්ගං සාදියනපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ගහණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛු කායෙන කායං ආමසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. කායෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස. අඞ්ගුලිපතොදකෙ පාචිත්තියං. කායසංසග්ගං සාදියනපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
2. වජ්ජප්පටිච්ඡාදනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : වජ්ජප්පටිච්ඡාදනපච්චයා චතස්සො ආපත්තියො ආපජ්ජති : භික්ඛුනී ජානං පාරාජිකං ධම්මං{1} පටිච්ඡාදෙති, ආපත්ති පාරාජිකස්ස. වෙමතිකා පටිච්ඡාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛු සඞ්ඝාදිසෙසං පටිච්ඡාදෙති, ආපත්ති පාචිත්තියස්ස. ආචාරවිපත්තිං පටිච්ඡාදෙති ආපත්ති දුක්කටස්ස වජ්ජප්පටිච්ඡාදනපච්චයා ඉමා චතස්සො ආපත්තියො ආපජ්ජති.
3. යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති පාරාජිකස්ස: භෙදකානුවත්තිකා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පාපිකාය දිට්ඨියා යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජති, ආපත්ති පාචිත්තියස්ස. යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
4. අට්ඨමං වත්ථුං පරිපූරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : අට්ඨමං වත්ථුං පරිපූරණපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : පුරිසෙන “ඉත්ථන්නාමං ගහනං ආගච්ඡා”ති වුත්තා ගච්ඡති ආපත්ති දුක්කටස්ස. පුරිසස්ස හත්ථපාසං ඔක්කන්තමත්තෙ ආපත්ති ථුල්ලච්චයස්ස. අට්ඨමං වත්ථුං පරිපූරෙති, ආපත්ති පාරාජිකස්ස. අට්ඨමං වත්ථුං පරිපූරණපච්චයා ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති.
පාරාජිකා නිට්ඨිතා.
10. 2.
සඞ්ඝාදිසෙසකණ්ඩො
1. උස්සයවාදිකා භික්ඛුනී අඩ්ඩං කරණපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : එකස්ස ආරොචෙති, ආපත්ති දුක්කටස්ස. දුතියස්ස ආරොචෙති, ආපත්ති ථුල්ලච්චයස්ස, අට්ටපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
2. චොරිං වුට්ඨාපනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
3. එකා ගාමන්තරං ගමනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ගච්ඡති, ආපත්ති දුක්කටස්ස. පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
4. සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරණපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
5. අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති ථුල්ලච්චයස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. උදකදන්තපොණං පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස.
6. “කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලොදෙති ඛාදනීයං වා භොජනීයං වා, තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති, උය්යොජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : තස්සා වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති ථුල්ලච්චයස්ස. භොජනපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
7. කුපිතා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචා පරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
8. කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
9. සංසට්ඨා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
10. “සංසට්ඨාවය්යෙ තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරිත්ථා”ති උය්යොජෙන්තී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස -පෙ-
දසසඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බා, පච්චයමෙව නානාකරණං.
11. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
කතාපත්තිවාරො නිට්ඨිතො දුතියො.
11. විපත්තිවාරො
1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං -පෙ-.
2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං.
විපත්තිවාරො නිට්ඨිතො තතියො.
12. සඞ්ගහවාරො
1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං පඤ්චහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන. සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන. සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන. සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන. සියා දුක්කටාපත්තික්ඛන්ධෙන -පෙ-.
2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන සියා දුක්කටාපත්තික්ඛන්ධෙන.
සඞ්ගහවාරො නිට්ඨිතො චතුත්ථො.
13. සමුට්ඨානවාරො
1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො -පෙ-.
2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : සියා කායතො සමුට්ඨන්ති, න වාචතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨන්ති, න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති.
සමුට්ඨානවාරො නිට්ඨිතො පඤ්චමො.
14. අධිකරණවාරො
1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං -පෙ-
2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං.
අධිකරණවාරො නිට්ඨිතො ඡට්ඨො.
15. සමථවාරො
1. කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති : කායසංසග්ගං සාදියනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච, තිණවත්ථාරකෙන ච -පෙ-.
2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ආපත්තියො සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
සමථවාරො නිට්ඨිතො සත්තමො.
16. සමුච්චයවාරො
1. කායසංසග්ගං සාදියනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : කායසංසග්ගං සාදියනපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ගහණං සාදියති ආපත්ති පාරාජිකස්ස. භික්ඛු කායෙන කායං ආමසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. කායෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස. අඞ්ගුලිපතොදකෙ පාචිත්තියං. කායසංසග්ගං සාදියනපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති.
තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං, සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
තා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං පඤ්චහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා පාචිත්තියාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච, පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච -පෙ-.
2. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ද්වෙ ආපත්තියො ආපජ්ජති : භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස. දධිං විඤ්ඤාපෙත්වා භුඤ්ජනපච්චයා ඉමා ද්වෙ ආපත්තියො ආපජ්ජති.
තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති, සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා, ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති, චතුන්නං අධිකරණානං කතමං අධිකරණං,: සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
තා ආපත්තියො චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජන්ති : ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං ද්වීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාටිදෙසනීයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන ඡන්නං ආපත්තිසමුට්ඨානානං චතූහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති. සියා කායතො සමුට්ඨන්ති න වාචතො න චිත්තතො. සියා කායතො ච වාචතො ච සමුට්ඨන්ති, න චිත්තතො. සියා කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච. සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන චාති.
සමුච්චයවාරො නිට්ඨිතො අට්ඨමො.
අට්ඨ පච්චයවාරා නිට්ඨිතා.
තෙසං උද්දානං:
කතිවාරො ච විපත්තිවාරො ච සඞ්ගහවාරො සමුට්ඨානවාරො චෙව අධිකරණවාරො ච, සමථවාරො ච සමුච්චයවාරො ච ඉමෙ සත්ත වාරා ආදිතො පඤ්ඤත්තිවාරෙන සහ අට්ඨ වාරා හොන්ති.
භික්ඛුනීවිභඞ්ගෙ සොළස මහාවාරා නිට්ඨිතා.
නිට්ඨිතො ච භික්ඛුනී විභඞ්ගො.
සමුට්ඨානසීසසඞ්ඛෙපො
සමුට්ඨානස්සුද්දානං:
1. අනිච්චා සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා‘නත්තා ච සඞ්ඛතා, නිබ්බානඤ්චෙව පඤ්ඤත්ති අනත්තා ඉති නිච්ඡයා.
2. බුද්ධචන්දෙ අනුප්පන්නෙ බුද්ධාදිච්චෙ අනුග්ගතෙ, තෙසං සභාගධම්මානං නාමමත්තං න ඤායති.
3. දුක්කරං විවිධං කත්වා පූරයිත්වාන පාරමී, උප්පජ්ජන්ති මහාවීරා චක්ඛුභූතා සබ්රහ්මකෙ.
4. තෙ දෙසයන්ති සද්ධම්මං දුක්ඛහානිං සුඛාවහං, අඞ්ගිරසො සක්යමුනි සබ්බභූතානුකම්පකො.
5. සබ්බසත්තූත්තමො සීහො පිටකෙ තීණි දෙසයී, සුත්තන්තං අභිධම්මඤ්ච විනයඤ්ච මහාගුණං
6. එවං නීයති සද්ධම්මො, විනයො යදි තිට්ඨති, උභතො ච විභඞ්ගානි ඛන්ධකා යා ච මාතිකා.
7. මාලා සුත්තගුණෙනෙව පරිවාරෙන ගන්ථිතා, තස්සෙව පරිවාරස්ස සමුට්ඨානං නයතො{1} කතං.
8. සම්භෙදං නිදානඤ්චඤ්ඤං සුත්තෙ දිස්සන්ති උපරි, තස්මා සික්ඛෙ පරිවාරං, ධම්මකාමො සුපෙසලොති.
තෙරසසමුට්ඨානානි
9. විභඞ්ගෙ ද්වීසු පඤ්ඤත්තං උද්දිසන්ති උපොසථෙ, පවක්ඛාමි සමුට්ඨානං යථාඤායං සුණාථ මෙ.