Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 1701-1800 න් 2612

භික්ඛුං යනු: අන් මහණක්හු.
දුට්ඨො දෝසෝ යනු: කිපියේ නො සතුටු සිත් ඇත්තේ නො පහන් වූයේ කෝපයෙන් මැඩුණු සිත් ඇත්තේ (පිළිඝු) හුල් ඇත්තේ යි.
අප්පතීතො යනු: ඒ කෝපයෙන් ද ඒ දෝෂයෙන් ද ඒ නො සතුටු සිත් ඇති බැවින් ද ඒ නො පහන් බැවින් ද නො සතුටු සිත් ඇත්තේ වේ.
අමූලක නම්: නො දක්නා ලදුයේ නො අසන ලදුයේ නො සැක කරණ ලදුයේ යි.
පාරාජිකෙන ධම්මෙන යනු: සතර පරිජි අතුරෙන් අන්‍යතරයෙකින්.
අනුද්ධංසෙය්‍ය යනු: චෝදනා කෙරෙයි හෝ චෝදනා කරවා හෝ.
අප්පෙවනාම නං ඉම්මහා බ්‍රහ්මචරියා චාවෙය්‍යං යනු: භික්‍ෂු භාවයෙන් නෙරනෙම් නම් මහණදමින් නෙරනෙම් නම් ශීලස්කන්‍ධයෙන් නෙරනෙම් නම් තපෝගුණයෙන් නෙරනෙම් නම්.
තතො අපරෙන සමයෙන යනු: යම් ඇසිල්ලෙක චෝදනා කරණ ලද්දේ වේ ද ඒ ඇසිල්ල ඒ ලය ඒ මොහොත ඉක්මගිය කල්හි.
සමනුග්ගාහියමානෝ යනු: යම් වස්තුයෙකින් චෝදනා කරණ ලද්දේ වේ ද ඒ වස්තුයෙහි ලා විචාරනු ලබන්නේ.
අසමනුග්ගාහියමානෝ යනු: කිසිවක්හු විසින් නො කියනු ලබන්නේ.
අධිකරණ නම්: සතර අධිකරණ කෙනෙකි: විවාදාධිකරණ ය අනුවාදාධිකරණ ය ආපත්තාධිකරණ ය කිච්චාධිකරණ යි.
භික්ඛු ච දෝසං පතිට්ඨාති යනු: මා විසින් සිස් බස් කියන ලද, මා විසින් මුසවා කියන ලද, මා විසින් අභූතයක් කියන ලද, මා නො දන්නහු විසින් කියන ලද.
සඞ්ඝාදිසේසො යනු: එයිනුදු සඞ්ඝාදිසේස යි කියනු ලැබේ ය යි.
16. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ය. අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීය වෙහි, තා සමග පොහෝ කිරීමෙන් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
17. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි නො අසන ලද්දේ වේ ද, ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි ය. අශ්‍රමණයෙහි, ආශාක්‍යපුත්‍රීය වෙහි, තා සමග පොහෝ කිරීමෙක් හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
18. චෝදක වූ ඔහු විසින් සැක නො කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට පරිජිඇවැත් අවන්නෙහි මා විසින් සැක කරණ ලද්දෙහි ය. අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග පොහෝ කිරීම හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍ම හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
19. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි, ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි අසන ලද්දෙහි ද වෙහි. අශ්‍රමණයෙහි අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග පොහොය හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍ම හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
20. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ද සැක කරණ ලද්දෙහි ද වෙහි. අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
21. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ද අසන ලද්දෙහි ද සැක කරණ ලද්දෙහි ද වෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
22. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි නො අසන ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි ද ... මා විසින් අසන ලද්දෙහි දක්නා ලද්දෙහි ද ... මා විසින් අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි ද දක්නා ලද්දෙහි ද වෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
23. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි සැක නො කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ද ... මා විසින් පරිසඞ්කිතයෙහි අසන ලද්දෙහි ද ... මා විසින් පරිසඞ්කිතයෙහි දක්නා ලද්දෙහි ද අසන ලද්දෙහි ද වෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
24. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි ය ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
25. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කෙරේ නම් (තෝ) පරිජිඇවැත් අවන්නෙහි යයි මා විසින් සැක කරණ ලද්දෙහි ය ... ඉදින් ඔහුට චෝදනා කෙරේ නම් (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි පරිසඞ්කිත ද වෙහි ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
26. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි අසන ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කෙරේ නම් ‘මා විසින් සැක කරණ ලද්දෙහි … මා විසින් දක්නා ලද්දෙහි ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් සැක කරන ලද්දෙහි ද ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
27. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි සැක කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ය ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි ය ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි අසන ලද්දෙහි ද වෙහි, ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
28. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. දක්නා ලද්දෙහි විමති ඇත්තේ දක්නා ලද්ද නො හදහයි. දක්නා ලද්ද නො සිහි කෙරෙයි. දක්නා ලද්ද නැසුනේ වෙයි. ... ශ්‍රැතයෙහි විමති ඇත්තේ අසන ලද්ද නො හදහයි, අසන ලද්ද නො සිහි කෙරෙයි, අසන ලද්ද නැසුනේ වෙයි ... සැක කරණ ලද්දෙහි විමති ඇත්තේ සැක කරණ ලද්ද නො හදහයි, සැක කරණ ලද්ද නොසිහි කෙරෙයි, සැක කරණ ලද්ද නැසුනේ වෙයි. ඉදින් ඔහුට මා විසින් පරිසඞ්කිතයෙහි දක්නා ලද්දෙහි ද ... මා විසින් පරිසඞ්කිතයෙහි අසන ලද්දෙහි ද ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් පරිසඞ්කිතයෙහි දක්නා ලද්දෙහි ද අසනලද්දෙහි ද වෙහි අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි. තා සමග පොහෝ කිරීම හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍ම හෝ නැතැ’ යි චෝදනා කෙරේ නම්, තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
29. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට ‘පරිජිඇවැත් අවන්නෙහි දක්නා ලද්දෙහි ය. අශ්‍රමණයෙහි අශාක්‍යපුත්‍රීයයෙහි තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’ යි චෝදනා කරවා නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
30. චෝදක වූ ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’ යි නො අසන ලද්දේ වෙයි. ... ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’ යි සැක කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට ‘තෝ පරිජිඇවැත් අවන්නෙහි. පරිසඞ්කිතයෙහි ය. අශ්‍රමණයෙහි ... චෝදනා කරවා නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
31. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් දක්නා ලද්දෙහි අසන ලද්දෙහි ය ... දක්නා ලද්දෙහි සැක කරණ ලද්දෙහි ය ... දක්නා ලද්දෙහි අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි ... ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි නො අසන ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි ය ... දක්නා ලද්දෙහි සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ය … ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි සැක නො කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ය. ... සැක කරණ ලද්දෙහි අසන ලද්දෙහි ය ... සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි අසන ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි ය. අශ්‍රමණයෙහි ය. ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
32. ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් අසන ලද්දෙහි ය ... ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘සැක කරණ ලද්දෙහි ය ... ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි අශ්‍රමණයෙහි’ ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
33. ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි අසන ලද්දේ වෙයි ... ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි සැක කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘දක්නා ලද්දෙහි ය. … ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘අසන ලද්දෙහි ය. ... ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘දක්නා ලද්දෙහි අසන ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි අශ්‍රමණයෙහි ය.’ … තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
34. චෝදනා කරවන ඔහු විසින් පරිජිඇවැත් අවදනා වූ හෙතෙම දක්නා ලද්දේ වෙයි. දක්නා ලද්දේ විමති ඇත්තේ දක්නා ලද්ද නො හදහයි. දක්නා ලද්ද නො සිහි කෙරෙයි. දක්නා ලද්ද නැසුනේ වෙයි. ... අසන ලද්දෙහි විමති ඇත්තේ අසන ලද්ද නො හදහයි, අසන ලද්ද නො සිහි කෙරෙයි, අසන ලද්ද නැසුනේ වෙයි. ... පරිසඞ්කිතයෙහි විමති ඇත්තේ පරිසඞ්කිතය නො හදහයි, පරිසඞ්කිතය නො සිහි කෙරෙයි, පරිසඞ්කිතය නැසුනේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ය … සැක කරණ ලද්දෙහි අසන ලද්දෙහි ය ... සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි අසන ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි ය. අශ්‍රමණයෙහි ය, අශාක්‍යපුත්‍රීයයෙහි ය තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කරවා නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
35. අශුද්ධයා කෙරෙහි ශුද්ධදෘෂ්ටි ඇත්තේ යැ. ශුද්ධයා කෙරෙහි අශුද්ධදෘෂ්ටි ඇත්තේ යැ. අශුද්ධයා කෙරෙහි අශුද්ධදෘෂ්ටි ඇත්තේ යැ. ශුද්ධයා කෙරෙහි ශුද්ධදෘෂ්ටි ඇත්තේ යි.
36. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට පැමිණියේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇත්තේ අවකාශ නො කරවා සස්නෙන් නෙරනු කැමැත්තේ කියා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වේ.
37. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට අවන්නේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇතියේ සස්නෙන් නෙරනු කැමැත්තේ අවකාශ කරවා කියා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
38. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට අවන්නේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇත්තේ අවකාශ නො කරවා ආක්‍රෝශ කරණ රිසි ඇති ව කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ.
39. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට අවන්නේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව අවකාශ කරවා ආක්‍රෝශ කරණ රිසි ඇති ව කියා නම් ඔමසවාදයෙහි පචීතිඇවැත් වේ.
40. පුද්ගල තෙම ශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරනු කැමැත්තේ අවකාශ නො කරවා කියා නම් දුකුළාඇවැත් වේ.
41. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරනු කැමැත්තේ අවකාශ කරවා කියා නම් ඇවැත් නැති.
42. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව ආක්‍රෝශ කරණ රිසි ඇත්තේ අවකාශ නො කරවා කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ.
43. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව ආක්‍රෝශ කරණ රිසි ඇතියේ අවකාශ කරවා කියා නම් ඔමසවාදයෙහි පචිතිඇවැත් වේ.
44. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට පැමිණියේ අශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරණ රිසි ඇතියේ අවකාශ නො කරවා කියා නම් දුකුළාඇවැත් වෙයි. ... සස්නෙන් නෙරණ රිසි ඇති ව අවකාශ කරවා කියා නම් ඇවැත් නැති ... ආක්‍රෝශ කරණ රිසි ඇති ව අවකාශ නො කරවා කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ ... ආක්‍රෝශ කරණ රිසි ඇති ව අවකාශ කරවා කියා නම් ඔමසවාදයෙහි පචීතිඇවැත් වේ.
45. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධය ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරණ රිසි ඇතියේ අවකාශ නො කරවා කියා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වේ. … සස්නෙන් නෙරණ රිසි ඇතියේ අවකාශ කරවා කියා නම් සඟවෙසෙස්ඇවැත් වේ. ... ආක්‍රෝශ කරණ රිසි ඇතියේ අවකාශ නො කරවා කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ ... ආක්‍රෝශ කරණ රිසි ඇතියේ අවකාශ කරවා කියා නම් ඔමසවාදයෙහි පචීතිඇවැත් වේ.
46. ශුද්ධයා කෙරෙහි අශුද්ධය යන දෘෂ්ටි ඇතියහුට, අශුද්ධයා කෙරෙහි අශුද්ධ ය යන දෘෂ්ටි ඇතියහුට, උන්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැත්තේ යි.
ප්‍රථම දුට්ඨදෝස ශික්‍ෂාපදය නිමි.
දුතියදුට්ඨදෝසශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වාසය කෙරෙති. තවද එසමයෙහි මෙත්තියභුම්මජක නම් භික්‍ෂූහු ගිජුකුළුපව්වෙහි සිට බස්නාහු එළියක සමග මෙවුන්දම්හි හැසිරෙණ එළුවකු දැක මෙසේ කීහු. “ඇවැත්නි, අපි දැන් මේ එළුවා දබ්බමල්‍යපුත්‍ර යයි නම් කරම්හ. මේ එළිය මෙත්තියා නම් භික්‍ෂුණිය කරම්හ. අපි මෙසේ ව්‍යවහාර කරම්හ. ඇවැත්නි, පෙර අපි දබ්බමල්‍යපුත්‍රහට ශ්‍රැතයෙන් චෝදනා කළම්හ. දැන් වැළිත් අප විසින් ‘මෙත්තියා මෙහෙණ සමග මෙවුන්දම්හි හැසිරෙණුයේ තමන් ම දක්නා ලද්දේ ය’යි. ඔහු ඒ එළුවා ‘දබ්බමල්‍යපුත්‍ර’යි නම් කළහ. ඒ එළිය ‘මෙත්තියා’ නම් භික්‍ෂුණිය කළහ. ඔහු භික්‍ෂූන්ට ආරෝචනය කළහ. ‘ඇවැත්නි, අපි පෙර දබ්බමල්‍යපුත්‍රහට ශ්‍රැතයෙන් කීම්හ. දැන් වැළිත් අප විසින් මෙත්තියා භික්‍ෂුණිය සමග මෙවුන්දම්හි හැසිරෙණුයේ තමන් ම දක්නා ලද්දේය’යි. භික්‍ෂූහු මෙසේ කීහු, ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ මෙසේ නො කරන්නාහ’යි.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙකරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් පුළුවුත් සේක. ‘දබ්බය, යම්සේ මේ භික්‍ෂූහු කීහු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ?’යි. යම්සේ භාග්‍යවතුන් වහන්සේ මා දන්නා සේක් නම් (එසෙයින් දතයුතු වෙමි) යි, බුදුහු දෙවන වට ද ... බුදුහු තෙවන වට ද ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට මෙය වදාළහ. “දබ්බය, යම්සේ මේ භික්‍ෂූහු කීහු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ? යි. යම්සේ භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක් ද ‘එසෙයින් දතයුතු වෙමි’යි. දබ්බය, පණ්ඩිතයෝ මෙසේ (පර ප්‍රත්‍යයෙන්) නිරවුල් නො කෙරෙති. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව. ඉදින් තා විසින් නො කරණ ලද නම් නො කරණ ලදැ යි කියව”යි. ‘ස්වාමීනි, මම යම් කලෙක උපන්නෙම් ද එතැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවියෙම් නො දන්මි. නිදි වැරුයෙම් කැලමැ’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූ සේක. ‘එසේ වී නම් මහණෙනි, මේ භික්‍ෂූන් විමසව’යි. මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
3. ඉක්බිති ඒ භික්‍ෂූහු මෙත්තියභුම්මජක භික්‍ෂූන් විමසූහ. කිමෙක් ද “ඇවැත්නි, තෙපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු දැ?”යි. ‘එසේය ඇවැත්නි’යි. යම් අපිස් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් මෙත්තියභුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කෙරෙත් දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ‘සැබෑවෙක් ද මහණෙනි, තෙපි දබ්බමල්‍යපුත්‍රයට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු දැ?’යි. ‘සැබව භාග්‍යවතුන් වහන්සැ’යි. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. ‘කෙසේ නම් සිස්පුරුෂයෙනි, තෙපි දබ්බමල්‍යපුත්‍රහට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු ද, සිස් පුරුෂයෙනි, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු.
‘යම් මහණෙක් දූෂිත වූයේ නො සතුටුසිත් ඇත්තේ ‘මොහු මෙසස්නෙන් නෙරනෙම් නම් යෙහෙකැ’යි අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙණ මහණක්හට පරිජිඇවතින් චෝදනා කරන්නේ නම්, එයින් පසුකලෙක විචාරනු ලබන්නේ හෝ නො විචාරණු ලබන්නේ හෝ ඒ අධිකරණය අන්‍යභාගියද වේ නම් ඒකදේශ වූ ලේශමාත්‍රයක් ගන්නා ලද්දේ නම් ‘චෝදක මහණ තෙමේත් දෝෂයෙහි පිහිටා නම් සඟවෙසෙස් වේය’යි.
4. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්ඛු යයි අදහස් කරණ ලද්දේ ය.
භික්ඛුං යනු: අන් මහණක්හට.
දුට්ඨො දෝසෝ යනු: කිපියේ නො සතුටුසිත් ඇත්තේ නො පහන් වූයේ කොවින් මැඬුණු සිත් ඇත්තේ හටගත් (පිළිඝු) හුල් ඇත්තේ.
අප්පතීතො යනු: ඒ කෝපයෙන් ද ඒ දෝෂයෙන් ද ඒ නො සතුටුසිත් ඇති බැවින් ද ඒ නො පහන් බැවින් ද නො සතුටුසිත් ඇත්තේ වේ.
අඤ්ඤභාගියස්ස අධිකරණස්ස යනු: ආපත්ති අන්‍යභාගිය හෝ අධිකරණ අන්‍යභාගිය හෝ වෙයි. කිසෙයින් අධිකරණය අධිකරණයට අන්‍යභාග වේ ද? යත්: විවාදාධිකරණය අනුවාදාධිකරණයට ආපත්තාධිකරණයට කිච්චාධිකරණයට අන්‍යභාගිය වෙයි. අනුවාදාධිකරණය ආපත්තාධිකරණයට කිච්චාධිකරණයට විවාදාධිකරණයට අන්‍යභාගිය වෙයි. ආපත්තාධිකරණය කිච්චාධිකරණයට විවාදාධිකරණයට අනුවාදාධිකරණයට අන්‍යභාගිය වෙයි. කිච්චාධිකරණය විවාදාධිකරණයට අනුවාදාධිකරණයට ආපත්තාධිකරණයට අන්‍යභාගිය වෙයි. මෙසෙයින් අධිකරණය අධිකරණයට අන්‍යභාගිය වේ.
කිසෙයින් අධිකරණය අධිකරණයට තද්භාගිය වේ ද? යත්: විවාදාධිකරණය විවාදාධිකරණයට තද්භාගිය වෙයි. අනුවාදාධිකරණය අනුවාදාධිකරණයට තද්භාගිය වෙයි. ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට තද්භාගිය ද වන්නේ ය. අන්‍යභාගිය ද වන්නේ යි.
කිසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට අන්‍යභාගිය වේ ද? යත්: මෛථුනධර්‍මමපාරාජිකාපත්තිය අදින්නාදානපරාජිකාපත්තියට මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට අන්‍යභාගිය වෙයි. අදත්තාදානපාරාජිකාපත්තිය මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට මෛථුනධර්‍මමපාරාජිකාපත්තිය අන්‍යභාගිය වෙයි. මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තිය උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට මෛථුනධර්‍මපාරාජිකාපත්තියට අදත්තාදානදානපරාජිකාපත්තියට අන්‍යභාගිය වෙයි. උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තිය මෛථුනධර්‍මපාරාජිකාපත්තියට අදත්තාදානපාරාජිකාපත්තියට මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට අන්‍යභාගිය වෙයි. මෙසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට අන්‍යභාගිය වේ.
යළි කිසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට තද්භාගිය වේ ද? යත්: මෛථුනධර්‍මපාරාජිකාපත්තිය මෛථුනධර්‍මපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. අදත්තාදානපාරාජිකාපත්තිය අදත්තාදානපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තිය මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තිය උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. මෙසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට තද්භාගිය වේ.
කිච්චාධිකරණය කිච්චාධිකරණයට තද්භාගිය වෙයි. මෙසෙයින් අධිකරණය අධිකරණයට තද්භාගිය වේ.
කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය යනු: ලෙස නම් දශ ලේශ කෙනෙකි. ජාති ලේශ යැ නාමලේශ යැ ගෝත්‍රලේශ යැ ලිඞ්ගලෙශ යැ ආපත්ති ලේශ යැ පාත්‍ර ලේශ යැ චීවර ලේශ යැ උපාධ්‍යාය ලේශ යැ ආචාර්‍ය්‍ය ලේශ යැ ශයනාසන ලේශ යි.
ජාතිලෙස නම්: චෝදකයා විසින් පරිජිඇවැත් අවදනා ක්‍ෂත්‍රියයෙක් දක්නා ලද්දේ වෙයි. (හෙතෙම) අන්‍යක්‍ෂත්‍රිය මහණක්හු දැක මා විසින් (පරිජිඇවැත් අවදනා) ක්‍ෂිත්‍රියයෙක් දක්නා ලද්දේ ය. (ක්‍ෂත්‍රිය වූ තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ. බමුණෙක් දක්නා ලද්දේ වෙයි. ... වෛශ්‍යයෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා ශුද්‍රයෙක් දක්නා ලද්දේ වෙයි. (හෙතෙම) අන්‍යශුද්‍ර පැවිද්දකු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) ශුද්‍රයෙක් දක්නා ලද්දේ ය. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
නාමලෙස නම්: (චෝදක මහණහු විසින්) බුද්ධරක්ඛිත නමැත්තෙක් දක්නා ලද්දේ වෙයි. ... ධම්මරක්ඛිත නමැත්තෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා සඞ්ඝරක්ඛිත නමැත්තෙක් දක්නා ලද්දේ වෙයි. හේ සඞ්ඝරක්ඛිත නම් අනෙකක්හු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) සඞ්ඝරක්ඛිත දක්නා ලද්දේ ය. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
ගොත්තලෙස නම්: (චෝදක මහණහු විසින්) ගොතම ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. ... මොග්ගල්ලාන ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. ... කච්චායන ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා වාසිට්ඨ ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. හේ වාසිට්ඨ ගෝත්‍ර ඇති අන් පැවිද්දකු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) වාශිෂ්ඨයෙක් දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
ලිඞ්ගලෙස නම්: දිගුල්ලෙක් දක්නා ලද්දේ වෙයි. ... ලුහුඬුයෙක් දක්නා ලද්දේ වෙයි. ... කළුලුයෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා හෙළලුයෙක් දක්නා ලද්දේ වෙයි. හේ අන් හෙළලු පැවිද්දකු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) හෙළලුයෙක් දක්නා ලද්දේ ය. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
ආපත්ති ලෙස නම්: ලුහුඇවැත් අවදනා පැවිද්දෙක් දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, ... පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
පත්ත ලෙස නම්: ලොහොමුවා පා දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. ... සාටකපාත්‍ර (ඔප්නැගූ මැටිපා) දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා සුම්භකපාත්‍ර (පියවි මැටිපා) දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. හේ පියවි මැටිපා දරණ අන් මහණක්හු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) පියවි මැටිපා දරන්නෙක් දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
චීවර ලෙස නම්: පසුල් සිවුරු දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා ගැහැවිසිවුරු දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. හේ ගැහැවිසිවුරු දරණ අන් මහණක්හු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) ගැහැවිසිවුරු දරන්නෙක් දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
උපජ්ඣාය ලෙස නම්: මෙනම් ඇත්තහුගේ පරිජිඇවැත් අවදනා සද්ධිවිහාරිකයෙක් දක්නා ලද වෙයි. මෙනම් ඇත්තහුගේ අන් සද්ධිවිහාරික පැවිද්දකු දැක ‘මා විසින් මෙනම් මහණහුගේ (පරිජිඇවැත් අවදනා) සද්ධිවිහාරික තෙම දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
ආචරිය ලෙස නම්: මෙනම් ඇත්තහුගේ පරිජිඇවැත් අවදනා අතැවැසියෙක් දක්නා ලද්දේ වෙයි. හේ මෙනම් ඇත්තහුගේ අන් අතැවැසි පැවිද්දකු දැක ‘මා විසින් මෙනම් ඇත්තහුගේ (පරිජිඇවැත් අවදනා) අතැවැසි තෙම දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
සේනාසන ලෙස නම්: මෙනම් ඇත්තහුගේ සෙනසුන් වැසි වූ පරිජිඇවැත් අවදනා මහණෙක් දක්නා ලද වෙයි. මෙනම් ඇත්තහුගේ සෙනසුන් වැසි අන් මහණක්හු දැක ‘මා විසින් මෙනම් ඇත්තහුගේ සෙනසුන් වැසි (පරිජිඇවැත් අවදනා) මහණ දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි. තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
පාරාජිකෙන ධම්මෙන යනු: සතර පරිජි අතුරෙන් එක්තරයෙකින්.
අනුද්ධංසෙය්‍ය යනු: චෝදනා කෙරෙයි හෝ චෝදනා කරවා හෝ
අප්පෙවනාම නං ඉමම්හා බ්‍රහ්මචරියා චාවෙය්‍ය යනු: භික්‍ෂු භාවයෙන් ගළවන්නෙම් නම්, ශ්‍රමණධර්‍මයෙන් ගළවන්නෙම් නම් ශීලස්කන්‍ධයෙන් ගළවන්නෙම් නම්.
තතො අපරෙන සමයෙන යනු: යම් ඇසිල්ලෙක්හි චෝදනා කරණ ලද වේ ද ඒ ඇසිල්ල, ඒ ලය, මොහොත, ඉක්මැගිය කල්හි.
සමනුග්ගාහියමානෝ යනු: යම් පාරාජික වස්තුයෙකින් චෝදනා කරණ ලද්දේ වේ ද ඒ වස්තුයෙහි විචාරනු ලබන්නේ.
අසමනුග්ගාහියමානෝ යනු: කිසි වස්තුයෙකින් නො කියනු ලබන්නේ
අධිකරණ නම්: අධිකරණ සතරෙකි: විවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යි.
කොවි දෙසො ලෙසමත්තො උපාදින්තො යනු: ඒ ලේශයන් අතුරෙන් එක්තරා ලේශයෙක් ගන්නා ලද්දේ වේ.
භික්ඛු ච දෝසං පතිට්ඨාති යනු: සිස්බසෙක් මා විසින් කියන ලද යැ, මුසවායෙක් මා විසින් කියන ලද යැ, අභූතයෙක් මා විසින් කියන ලද යැ, මා නො දන්නහු විසින් කියන ලදී.
සඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු කියනු ලැබෙයි ‘සඞ්ඝාදිසේසො’යි
5. (චෝදක මහණ විසින්) සඟවෙසෙස් අවදනා මහණ තෙම දක්නා ලද්දේ වෙයි. සඟවෙසෙස්හි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැත් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි, ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස් ඇවැත් වේ.
6. සඟවෙසෙස් අවදනා මහණෙක් දක්නා ලද්දේ වෙයි. සඟවෙසෙස් තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පිළිදෙස්නී ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි අශාක්‍යපුත්‍රීයයෙහි …’යි පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස් ඇවැත් වේ.
7. මහණ තෙම තුලැසි ... පචිති ... පිළිදෙස්නී ... දුකුළා ... දුබැසි ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. දුබැසියෙහි දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, …’යි පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
8. මහණ තෙම දුබැසිඇවැත් අවදනේ දක්නා ලද වෙයි. දුබැසියෙහි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි … දුබැසියෙහි තුලැසි පචිති පිළිදෙස්නී දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
එකක් එකක් මුල් කොටගෙන චක්‍රය බැන්ද යුතු.
9. මහණ තෙම සඟවෙසෙස්ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. සඟවෙසෙස්හි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
10. මහණ තෙම සඟවෙසෙස්ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. සඟවෙසෙස්හි තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... පිළිදෙස්නි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ...’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
11. මහණ තෙම ථුලැසිඇවැත් අවදනේ දක්නා ලද වෙයි. තුලැසියෙහි තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි … තුලැසියෙහි පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පිළිදෙස්නී ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි …’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම්, මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි, ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
12. මහණ තෙම පචිති ... පිළිදෙස්නී ... දුකුළා ... දුබැසි ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. දුබැසියෙහි දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුබැසියෙහි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පිළිදෙස්නී ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම්, මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි, ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි, තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
13. එබඳු සංඥා ඇත්තේ චෝදනා කෙරෙයි හෝ චෝදනා කරවයි හෝ ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැත්තේ යි.
දුතියදුට්ඨදෝස ශික්‍ෂාපදය නිමි.
ප්‍රථමසඞ්ඝභේදශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි දෙව්දත් තෙම කටමොරකතිස්සක නම් කෝකාලික යම් තැනෙක්හි ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්ත යම් තැනෙක්හි ද එතැන්හි එළඹ කටමොරකතිස්සක කෝකාලිකට ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්තට ද මෙසේ කී ය: “එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරම්හ. චක්‍රභේදය කරම්හ” යි. මෙසේ කී කල්හි කෝකාලික දෙව්දත්හට මේ කී ය: ඇවැත්නි, මහණ ගොයුම්හු මහත් ඍද්ධි ඇත්තාහ, මහත් අනුභාව ඇත්තාහ. කිසෙයින් අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරමෝ ද චක්‍රභේද කරමෝ දැ?යි. එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළඹ පඤ්චවස්තූන් ඉල්ලා සිටුම්හ: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, නොයෙක් අයුරින් අල්පේච්ඡ බව, සන්තුෂ්ට බව, සල්ලේඛය, ධූතගුණය, ප්‍රසාද එළවන බව, අපචය, වීර්‍ය්‍යාරම්භය පිළිබඳ ගුණ කියන සුල්ලහ. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු අල්පේච්ඡ බවට සන්තුෂ්ටියට සල්ලේඛයට ධූතගුණයට ප්‍රසාද එළවන බවට අපචයට වීර්‍ය්‍යාරම්භයට වැටෙත්.
“ස්වාමීනි, භික්‍ෂූහු යාවජ්ජීවයෙන් ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට වදනේ නම් වරද ඔහු පහස්නේ ය.
යාවජ්ජීවයෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසා නම් වරද ඔහු පහස්නේ ය.
යාවජ්ජීවයෙන් පාශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගැහැවිසිවුරු ඉවසා නම් වරද ඔහු පහස්නේ ය.
යාවජ්ජීවයෙන් වෘක්‍ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනකට එළඹේ නම් වරද ඔහු පහස්නේ ය.