Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 1401-1500 න් 2612

මූලය සංක්‍ෂිප්ත යි.
19. “වහන්ස යනු මැනව. මෙනම් තැනැත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වන්නැ” යි මෙනම් සපරිදණ්ඩ ස්ත්‍රියට ද මාතෘරක්‍ෂිත ස්ත්‍රියට ද කියන්නැ” යි පුරුෂයෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
20. “වහන්ස, යනු මැනව. “මෙනම් සපරිදණ්ඩ ස්ත්‍රියට ද පිතෘරක්‍ෂිත ස්ත්‍රියට ද ... මෙනම් සපරිදණ්ඩ ස්ත්‍රියට ද සාරක්‍ෂක ස්ත්‍රියට ද, ‘මෙනම් තැනැත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වන්නැ’ යි කියනු මැනැවැ” යි පුරුෂයෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
එකමූලකය නිමියේ ය.
21. ද්විමූලකය ද, ත්‍රිමූලකය ද, චතුර්මූලකය ද, පඤ්චමූලකය ද, ෂණ්මූලකය ද, සප්තමූලකය ද, අෂ්ටමූලකය ද, නවමූලකය ද මෙසේ කටයුතු යි.
මේ දසමූලකය යි:
22. “වහන්ස, යනු මැනව. මෙනම් මාතෘරක්‍ෂිතාවට ද, පිතෘරක්‍ෂිතාවට ද, මාතෘරක්‍ෂිතාවට ද, භ්‍රාතෘරක්‍ෂිතාවට ද, භගිනිරක්‍ෂිතාවට ද, ඥාතිරක්‍ෂිතාවට ද, ගෝත්‍රරක්‍ෂිතාවට ද, ධර්‍මරක්‍ෂිතාවට ද, සාරක්‍ෂාවට ද, සපරිදණ්ඩාවට ද, “මෙනම් තැනැත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වන්නැ යි” කියව” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
මුහුර්තිකාචක්‍රය නිමියේ ය.
23. “වහන්ස, යනු මැනව. “මෙනම් ඇත්තහුට ධනක්‍රීත (ධනයෙන් පෙරළාගත්) භාර්‍ය්‍යා වන්නැ” යි මෙනම් මාතුරක්ඛිතාවට කියනු මැනව” යි කියා මිනිසෙක් මහණකු යවා ද, මහණ තෙමේ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස් වන්නේ ය.
24. “වහන්ස, යනු මැනව. මෙනම් තැනැත්තහුට ඡන්‍දවාසිනී (සිය කැමැත්තෙන් වසන) භාර්‍ය්‍යා වන්නැ” යි මව විසින් රක්නා ලද මෙනම් ස්ත්‍රියට කියනු මැනවැ” යි මිනිසෙක් මහණකු යවා ද ... භොග නිසා වසන බිරියක් වන්නැ” යි ... පටවාසිනී (වස්ත්‍ර නිසා වසනා භාර්‍ය්‍යා වන්නැ” යි ... ඔදපත්තකිනී (දිය බඳුනක දෙදෙනාගේ ම අත් බහවා මේ දිය මෙන් නො වෙන්ව වසවු”ය යි කියා පාවාදෙනු ලබන) භාර්‍ය්‍යාවක් වන්නැ” යි ... ඕහටචුම්බටා (හිසින් සුඹුළ බහවා සිය ගෙහි වස්වනු ලබන) භාර්‍ය්‍යා වන්නැ” යි ... දාසීත් භාර්‍ය්‍යාත් වන්නැ” යි ... කර්‍මකාරිණීත් (ගෙහි බැළමෙහෙවර කරණ තැනැත්තීත්) භාර්‍ය්‍යාත් වන්නැ” යි ... ධජාහට (එස වූ ධජ ඇති යුදසෙන් හා ගොස් පිටරටින් පැහැර ගෙණ ආ) භාර්‍ය්‍යා වන්නැ” යි ... ඒ මොහොතට පමණක් භාර්‍ය්‍යා වන්නැ” යි මව විසින් රක්නාලද මෙනම් ඇත්තියට කියනු මැනව”යි කියා මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
නිඃක්‍ෂේපපද යි.
25. “වහන්ස, යනු මැනව. මෙනම් තැනැත්තහුට ධනක්‍රීත වූ ද ඡන්‍දවාසිනී වූ ද භාර්‍ය්‍යා වන්නැ” යි මව විසින් රක්නා ලද මෙනම් ඇත්තියට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
26. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද භෝගවාසිනී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද පටවාසිනී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද ඔදපත්තකිනී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද ඕහටචුම්බට ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද දාසී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද ධජාහට ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ධනක්‍රීත ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වන්නැ” යි ... මෙනම් මාතෘරක්‍ෂිතාවට කියනු මැනව” යි කියා මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ ඒ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
ඛණ්ඩ චක්‍රය යි.
27. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වන්නැ” යි ... ඡන්‍දවාසිනී ද මුහුත්තිකාද භාර්‍ය්‍යා වන්නැ” යි ... ඡන්‍දවාසිනී ද ධනක්‍රීතා ද භාර්‍ය්‍යා වන්නැ” යි කියා මෙනම් මාතෘරක්‍ෂිතාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ තෙමේ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
බද්ධචක්‍රය යි.
මූලය සංක්‍ෂිප්ත යි.
28. “වහන්ස, මෙනම් ඇත්තහුට මුහුත්තිකාද, ධනක්‍රීතද ... මුහුත්තිකා ද ඡන්‍දවාසිනී ද ... මුහුත්තිකා ද ධජාභට ද භාර්‍ය්‍යා වන්නැ” යි කියා ‘මෙනම් මාතෘරක්‍ෂිතාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ තෙමේ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
ඒකමූලකය නිමියේ ය.
ද්විමූලකය ද මෙසේ යි. නවමූලකය තෙක් මෙසේ ම කටයුතු යි.
දසමූලකය:
29. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද පටවාසිනී ද ඔදපත්තකිනී ද ඕහටචුම්බට ද දාසීභාර්‍ය්‍යා ද කර්‍මකාරිණී භාර්‍ය්‍යා ද ධජාහටා ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වන්නැ” යි මව විසින් රක්නා ලද මෙනම් ඇත්තියට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස් ඇවැත් වන්නේ ය.
මාතුරක්ඛිතචක්‍රය නිමියේ ය.
30. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්‍රීත භාර්‍ය්‍යා වන්නැ” යි මෙනම් ඇති පිතෘරක්‍ෂිතාවට ... මෙනම් මාතාපිතෘරක්‍ෂිතාවට ... මෙනම් භ්‍රාතෘරක්‍ෂිතාවට ... මෙනම් භගිනිරක්‍ෂිතාවට ... මෙනම් ඤාතිරක්‍ෂිතාවට ... මෙනම් ගෝත්‍රරක්‍ෂිතාවට ... මෙනම් ධර්‍මරක්‍ෂිතාවට ... මෙනම් සාරක්‍ෂාවට ... මෙනම් සපරිදණ්ඩාවට ... කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, හේ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
31. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ... ඡන්‍දවාසිනී ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඕහටචුම්බට ... දාසී භාර්‍ය්‍යාත් වූ ... කර්‍මකාරිණී භාර්‍ය්‍යාත් වූ ... ධජාහට ... මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි කියනු මැනැවැ” යි මිනිසෙක් මහණකු යවා ද, ඒ මහණ තෙමේ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
නිඃක්‍ෂේප පදයෝ යි.
32. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වව” යි මෙනම් සපරිදණ්ඩාවට කියනු මැනවැ” යි මිනිසෙක් මහණකු යවා ද මහණ තෙමේ ඒ පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
33. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද භෝගවාසිනී ද ධනක්‍රීත ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වව” යි මෙනම් සපරිදණ්ඩාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
ඛණ්ඩචක්‍රය යි.
34. “වහන්ස, යන්න. ‘මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනීත් භාර්‍ය්‍යා වව” යි ... ඡන්‍දවාසිනීත් මුහුත්තිකාත් ... ඡන්‍දවාසිනීත් ධනක්කිතාත් භාර්‍ය්‍යා වව” යි. මෙනම් සපරිදණ්ඩාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
බද්ධචක්‍රය යි.
මූලය සංක්‍ෂිප්ත යි.
35. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට මුහුත්තිකාත් ධනක්‍රීතාත් භාර්‍ය්‍යා වව” යි ... මුහුත්තිකාත් ඡන්‍දවාසිනීත් ... මුහුත්තිකාත් ධජාහටාත් භාර්‍ය්‍යා වව”යි මෙනම් සපරිදණ්ඩාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
එකමූලකය නිමියේ ය.
ද්විමූලකය ද නවමූලකය තෙක් මෙසේ ම කටයුතු යි.
මේ දසමූලකය යි:
36. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භෙගවාසිනී ද පටවාසිනී ද ඔදපත්තකිනී ද ඕහටචුම්බට ද, දාසිභාර්‍ය්‍යා ද, කර්‍මකාරිණී භාර්‍ය්‍යා ද, ධජාහට ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වව”යි මෙනම් සපරිදණ්ඩාවට කියන්නැ” යි කියා මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
සපරිදණ්ඩාචක්‍රය නිමියේ ය.
37. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත භාර්‍ය්‍යා වව” යි. මෙනම් මාතෘරක්‍ෂිතාවට කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
38. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වව” යි. මෙනම් මාතෘරක්‍ෂිතාවට ද මෙනම් පිතෘරක්‍ෂිතාවට ද කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
39. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද භාර්‍ය්‍යා වව” යි, මෙනම් මාතෘරක්‍ෂිතාවට ද මෙනම් පිතෘරක්‍ෂිතාවට ද මෙනම් මාතාපිතෘරක්‍ෂිතාවට ද කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
මෙසේ දෙපසින් වැඩෙන්නක් කළයුතු යි.
40. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද පටවාසිනී ද ඔදපත්තකිනී ද ඕහටචුම්බටා ද දාසී භාර්‍ය්‍යා ද කම්මකාරිණී භාර්‍ය්‍යා ද ධජාහටා ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වව”යි මෙනම් මාතෘරක්‍ෂිතාවට ද මෙනම් පිතෘරක්‍ෂිතාවට ද ... මෙනම් මාතාපිතෘරක්‍ෂිතාවට ද මෙනම් භ්‍රාතෘරක්‍ෂිතාවට ද මෙනම් භගිනිරක්‍ෂිතාවට ද මෙනම් ඥාතිරක්‍ෂිතාවට ද මෙනම් ගෝත්‍රරක්‍ෂිතාවට ද මෙනම් ධර්‍මරක්‍ෂිතාවට ද මෙනම් සාරක්‍ෂාවට ද මෙනම් සපරිදණ්ඩාවට ද කියන්නැ” යි මිනිසෙක් මහණකු යවා ද පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
දෙපසින් වැඩීම නිමියේ ය.
41. පුරුෂයක්හුගේ මව මහණකු යවා ද, ... පුරුෂයක්හුගේ පියා මහණකු යවා ද, ... පුරුෂයක්හුගේ මාපියෝ මහණකු යවද්ද, ... පුරුෂයක්හුගේ බෑයා මහණකු යවා ද, ... පුරුෂයක්හුගේ බීහිනි මහණකු යවා ද, ... පුරුෂයක්හුගේ නෑයෝ මහණකු යවද්ද, ... පුරුෂයක්හුගේ ගෝත්‍රයෝ මහණකු යවද්ද, ... පුරුෂයක්හුගේ සහදැහැමියෝ මහණකු යවද්ද, ...
පුරුෂයා පිළිබඳ පෙය්‍යාලය විස්තර කටයුතු යි.
පළමුනය සෙයින් දෙපසින් වැඩීම විස්තර කටයුතු යි.
42. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීතභාර්‍ය්‍යා වේවා” යි මෙනම් ඇත්තියට කියන්නැ”යි මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
43. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී භාර්‍ය්‍යා වේවා”යි ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඕහටචුම්බටා ... දාසී භාර්‍ය්‍යා ... කර්‍මකාරිණීභාර්‍ය්‍යා ... ධජාහටභාර්‍ය්‍යා ... මුහුත්තිකාභාර්‍ය්‍යා වේවා”යි මෙනම් ඇත්තියට කියන්නැ’යි මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, මහණ ඒ පිළිගණී ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
නිඃක්‍ෂේපපදයෝ යි.
44. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත ද ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වේවා” යි ... ධනක්‍රීත ද භෝගවාසිනී ද ... ධනක්‍රීත ද මුහුත්තිකා ද භාර්‍ය්‍යා වේවා” යි මෙනම් ඇත්තියට කියන්නැ” යි කියා මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, පිළිගණී ද, ඉවසා ද පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
ඛණ්ඩචක්‍රය යි.
45. “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද ... ඡන්‍දවාසිනී ද මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද ධනක්කීතා ද භාර්‍ය්‍යා වේවා” යි මෙනම් ඇත්තියට කියන්නැ” යි මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
බද්ධචක්‍රය යි.
මූලය සංක්‍ෂිප්ත යි.
46. “වහන්ස, යනු මැනව, ‘මෙනම් ඇත්තහුට මුහුත්තිකා ද ධනක්‍රීත ද භාර්‍ය්‍යා වේවා”යි ... මුහුත්තිකා ද ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වේවා”යි ... මුහුත්තිකා ද ධජාහටා ද භාර්‍ය්‍යා වේවා” යි මෙනම් ඇත්තියට කියන්නැ” යි මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, මහණ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
එකමූලකය නිමියේ ය.
මෙසේ ද්විමූලකය ද, නවමූලකය තෙක් කටයුතු යි.
මේ දසමූලකය යි:
47. “වහන්ස, යනු මැන. ‘මෙනම් ඇත්තහුට ධනක්‍රීත භාර්‍ය්‍යා ද ඡන්‍දවාසිනී භාර්‍ය්‍යා ද භෝගවාසිනී භාර්‍ය්‍යා ද පටවාසිනී භාර්‍ය්‍යා ද ඔදපත්තකිනී භාර්‍ය්‍යා ද ඕහටචුම්බටා භාර්‍ය්‍යා ද දාසී භාර්‍ය්‍යා ද කර්‍මකාරිණී භාර්‍ය්‍යා ද ධජාහටා භාර්‍ය්‍යා ද මුහුත්තිකාභාර්‍ය්‍යා ද වව”යි මෙනම් ඇත්තියට කියන්නැ” යි කියා මාතෘරක්‍ෂිතාවකගේ මවක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද පිළිතුරු ගෙණ ඒ ද සඟවෙසෙස්ඇවැත් වන්නේ ය.
මාතෘචක්‍රය නිමියේ ය.
48. පිතුරක්ඛිතාවගේ පියා මහණකු මෙහෙයයි. ... මාතාපිතුරක්ඛිතාවගේ මවුපියෝ මහණකු මෙහෙයත් ... භාතුරක්ඛිතාවගේ සොහොයුරා මහණකු මෙහෙයයි. ... භගිනිරක්ඛිතාවගේ බුහුනනිය මහණකු මෙහෙයයි. ... ඤාතිරක්ඛිතාවගේ නෑයෝ මහණකු මෙහෙයත්. ... ගොත්තරක්ඛිතාවගේ ගෝත්‍රිකයෝ මහණකු මෙහෙයත්. ... ධම්මරක්ඛිතාවගේ සහධාර්මිකයෝ මහණකු මෙහෙයත්. ... සාරක්ඛාව පිළිබඳ යමකු විසින් පරිගෘහිත වේ ද හෙතෙමේ මහණකු මෙහෙයයි. ... සපරිදණ්ඩාව පිළිබඳ යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙතෙමේ මහණකු මෙහෙයයි. ‘වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තියට කියනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා භාර්‍ය්‍යා වේවා”යි පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ. සපරිදණ්ඩාව පිළිබඳ යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙතෙමේ මහණකු මෙහෙයයි. ‘වහන්ස, යනු මැනව මෙනම් ඇත්තියට කියනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඕහටචුම්බටා ... දාසීභරියා ... කම්මකාරී භරියා ... ධජාහටා ... මුහුත්තිකා ද භාර්‍ය්‍යා වේවා”යි මහණ මෙහෙයා ද, හේ පිළිගණී ද, විමසයි ද පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
නිඃක්‍ෂේපපදයෝ යි.
49. සපරිදණ්ඩාව පිළිබඳ ව යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙ තෙමේ මහණකු මෙහෙය යි. “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තියට කියනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද ... ඡන්‍දවාසිනී ද මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද ධනක්කීතා ද භාර්‍ය්‍යා වේවා”යි මහණකු මෙහෙයා ද, හේ පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
ඛණ්ඩචක්‍රය යි.
50. සපරිදණ්ඩාව පිළිබඳ යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙතෙමේ “වහන්ස, යනු මැනව, මෙනම් ඇත්තියට කියනු මැනව, මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද භෝගවාසිනී ද ... ඡන්‍දවාසිනී ද, මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද, ධනක්කීතා ද භාර්‍ය්‍යා වේවා”යි මෙනම් ඇත්තියට කියනු මැනව”යි මහණකු මෙහෙයා ද, හේ මහණ පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
බද්ධචක්‍රය යි.
මූලය සංක්‍ෂිප්ත යි.
51. සපරිදණ්ඩාව පිළිබඳ ව යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද හෙතෙමේ “වහන්ස, යනු මැනව, මෙනම් ඇත්තහුට මුහුත්තිකා ද, ධනක්කීතා ද ... මුහුත්තිකා ද, ඡන්‍දවාසිනී ද ... මුහුත්තිකා ද ධජාහටා ද භාර්‍ය්‍යා වේවා”යි මෙනම් ඇත්තියට කියනු මැනව’ යි මහණකු මෙහෙයා ද ඒ මහණ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
එකමූලකය නිමි.
දුමූලකය ද, තිමූලකය ද, නවමූලකය තෙක් මෙසේ ම කටයුතු යි.
මේ දසමූලකය යි:
52. සපරිදණ්ඩාව පිළිබඳ ව යමකු විසින් දඩ තබන ලද්දේ වේ ද, හෙතෙමේ මහණකු මෙහෙයයි “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද, පටවාසිනී ද, ඔදපත්තකිනී ද, ඕහටචුම්බටා ද, දාසීභරියා ද, කම්මකාරීභරියා ද, ධජාහටා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි”යි මෙනම් ඇත්තියට කියනු මැනව’ යි මහණකු මෙහෙයයි ද, ඒ මහණ එය පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
දණ්ඩඨපිතචක්‍රය නිමි.
53. මාතුරක්ඛිතාවක් තොමෝ “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව’යි මහණකු මෙහෙයා ද, මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස් ඇවැත් වේ.
54. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව, මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඕහටචුම්බටා ... දාසීභරියා ... කම්මකාරීභරියා ... ධජාහටා ... මුහුත්තිකා භාර්‍ය්‍යා වෙමි”යි මෙ නම් ඇත්තහුට කියනු මැනව’යි මහණකු මෙහෙයා ද, පිළිගණී ද, විමසයි ද පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
නිඃක්‍ෂේපපදයෝ යි.
55. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට කියනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව’ යි මහණකු මෙහෙයා ද ඒ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද සඟවෙසෙස්ඇවැත් වේ. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, භෝගවාසිනී ද ... ධනක්කීතා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව’ යි මහණකු මෙහෙයයි ද, ඒ මහණ එය පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
ඛණ්ඩචක්‍රය යි.
56. මාතුරක්ඛිතාවක් මහණකු මෙහෙය යි, “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද ... ඡන්‍දවාසිනී ද, මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද, ධනක්කීතා ද භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව” යි මහණකු මෙහෙයා ද, ඒ මහණ පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
බද්ධචක්‍රය යි.
මූලය සංක්‍ෂිප්ත යි.
57. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා ද, ධනක්කීතා ද ... මුහුත්තිකා ද, ඡන්‍දවාසිනී ද ... මුහුත්තිකා ද ධජාහටා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව’ යි මහණකු මෙහෙයා ද, ඒ මහණ පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
එකමූලකය නිමි.
දුමූලකාදීහු ද මෙසේම කටයුත්තාහ.
මේ දසමූලකය යි:
58. මාතුරක්ඛිතාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද, පටවාසිනී ද, ඔදපත්තකිනී ද, ඕහටචුම්බටා ද, දාසීභරියා ද, කම්මකාරී භරියා ද, ධජාහටා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව”යි මහණකු මෙහෙයා ද, ඒ මහණ පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
අපර මාතුරක්ඛිතාචක්‍රය නිමි.
59. පිතුරක්ඛිතාවක් ... මාතුරක්ඛිතාවක් ... භාතුරක්ඛිතාවක් ... භගිනිරක්ඛිතාවක් ... ඤාතිරක්ඛිතාවක් ... ගොත්තරක්ඛිතාවක් ... ධම්මරක්ඛිතාවක් ... සාරක්ඛාවක් ... සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව” යි මහණකු මෙහෙයා ද, පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
60. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී, භෝගවාසිනී, පටවාසිනී, ඔදපත්තකිනී, ඕහටචුම්බටා, දාසි භරියා, කම්මකාරීභරියා, ධජාහටා, මුහුත්තිකා භාර්‍ය්‍යා වෙමි” යි මෙනම් ඇත්තහුට කියනු මැනව’ යි මහණකු මෙහෙයා ද, එ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
නිඃක්‍ෂේපපදයෝ යි.
61. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද, ... ධනක්කීතා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව”යි මහණකු මෙහෙයා ද, පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද සඟවෙසෙස්ඇවැත් වේ.
ඛණ්ඩචක්‍රය යි.
62. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද, ... ඡන්‍දවාසිනී ද, මුහුත්තිකා ද ... ඡන්‍දවාසිනී ද, ධනක්කීතා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව” යි මහණකු මෙහෙයා ද, එ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
බද්ධචක්‍රය යි.
මූලය සංක්‍ෂිප්ත යි.
63. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා ද, ධනක්කීතා ද ... මුහුත්තිකා ද ඡන්‍දවාසිනී ද ... මුහුත්තිකා ද ධජාහටා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව”යි මහණකු මෙහෙයා ද, එ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
එකමූලකය නිමි.
දිමූලකාදීහු ද මෙසේ ම කටයුත්තාහ.
මේ දසමූලකය යි: