5. අවමන් කරණ අයුණු කියන දොස් පතුරවන ඒ බමුණාගේ තෙපුල් භික්‍ෂූහු ඇසූහ. යම් ඒ අල්පේච්ඡ භික්‍ෂූහු වෙද්ද ඔහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙමේ මාගමක හා කාසසඟට පැමිණියේදැ?”යි අවමන් කරත්. අයුණු කියත්. නුගුණ පතුරවත්.
6. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් උදායිගෙන් විචාළහ. “උදායී, තෝ මාගමක හා කාසසඟට පැමිණියෙහි ය යනු සැබෑ දැ”යි අසා වදාළ සේක. “සැබෑව, භාග්‍යවතුන් වහන්ස”යි ආයුෂ්මත් උදායී කීය. “හිස් පුරුෂය, නුසුදුසු ය. අනුලොම් නො වේ. යෝග්‍ය නො වේ. මහණුන්ට නො සරුප් ය. නො කැප ය. මහණකු විසින් නොකට යුතු ය. “හිස් පුරුෂය, තෝ කෙසේ නම් මාගමක හා කාසසඟට සමවන්නෙහි ද? හිස් පුරුෂය, ඇලීම පිණිස නො ව නො ඇලීම පිණිස මා විසින් නන් අයුරින් දහම් දෙසන ලද්දේ නො වේ ද? ... කාමපරිදාහයන් සංසිඳවීම මා විසින් නොයෙක් අයුරින් කියන ලද්දේ නො වේ ද? “හිස් පුරුෂය, මෙය නො පහන්වූවන්ගේ පහන් බව පිණිස නො වන්නේ ය. ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් රාගයට බටුයේ පෙරළී ගිය සිතින් මාගමක හා කාසසඟට පැමිණියේ නම්, අත ගැණීම හෝ කෙහෙ ගැණීම හෝ යම්ම අඟපසඟක් පිරිමැදීම හෝ කෙරේ නම් සඟවෙසෙස් වේ” යනුයි.
7. යො පන යනු යමෙක්, යම්බඳු වූයෙක් ...
භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු ය යි අදහස් කරණ ලදී.
ඔතිණ්ණ නම්: අතිශයින් ඇලුනේ, බලාපොරොත්තු ඇත්තේ, පිළිබඳ සිත් ඇත්තේ ය.
විපරිණතං යනු රාගයෙන් රත් වූ සිත ද, විපරිණත ය. ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය. මෝහයෙන් මුළා වූ සිත ද විපරිණත ය. එහෙත් මේ අර්‍ත්‍ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණත ය යි අදහස් කරණ ලදී.
මාතුගාම නම් මිනිස් මාගම ය. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන්ගිය මාගමක් නො වෙයි. යටත් පිරිසෙයින් එදින උපන් දැරි ය. ඇයට වඩා මහත් වූවා කැලැමය. (මුලදීම මාගම් වෙයි.)
සද්ධිං යනු එක්ව ය.
කායසංසග්ගං සමාපජ්ජෙය්‍ය යනුයෙන් අධ්‍යාචාරය (ආචාරය ඉක්මවීම) කියනු ලැබේ.
හත්‍ථ නම් වැළමිට පටන් නිය අගතෙක් ය.
වේණි නම් හුදු කෙහෙ හෝ, හුයින් මුසු හෝ, මලින් මුසු හෝ, කහවනුයෙන් මුසු හෝ, රන්කූරුයෙන් මුසු හෝ, මුතුවැළින් මුසු හෝ, මණිමාලායෙන් මුසු හෝ යි.
අඞ්ග නම් අත ද කෙස්වැටිය ද හැර සෙස්ස අඞ්ග නමි.
8. ආමසනා, පරාමසනා, ඔමසනා, උම්මසනා, ඔලඞ්ඝනා, උල්ලඞ්ඝනා, ආකඩ්ඪනා, පතිකඩ්ඪනා, අභිනිග්ගණ්හනා, අභිනීප්පිළනා, ගහණ, ජුපන යන මේ දත යුතු ය.
ආමසනා නම් ආමර්‍ශන මාත්‍ර ය (අත ගෑම ය.)
පරාමසනා නම් ඔබ මොබ පිරිමැදීම ය.
ඔමසනා නම් යටට පිරිමැදීම ය.
උම්මසනා නම් උඩට පිරිමැදීම ය.
ඔලඞ්ඝනා නම් යටට නැමීම ය.
උල්ලඞ්ඝනා නම් උඩට නැමීම ය.
ආකඩ්ඪනා නම් ලංකර ගැණීම (ඇද ගැණීම) ය.
පතිකඞ්ඪනා නම් තමන් කරා හරවා ගැණීම ය.
අභිනිග්ගණ්හනා නම් අවයවයක් ගෙණ මැඩීම ය.
අභිනිප්පිළනා නම් කිසිවක් හා මැඩීම ය.
ගහණ නම් ගැණීම් මාත්‍ර ය.
ජුපන නම් ස්පර්‍ශ කිරීම් මාත්‍ර ය.
සඞ්ඝාදිසේසො යනු ... ඒ කරණ කොට ගෙණ ද සඟවෙසෙස් ය යි කියනු ලැබේ.
1. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේ තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, අවමර්‍ශනය කෙරෙයි ද, උනමර්‍ශනය කෙරෙයි ද, අවලඞ්ඝනය කෙරෙයි ද, උල්ලඞ්ඝනය කෙරෙයි ද, ආකර්‍ෂණය කෙරෙයි ද, ප්‍රතිකර්‍මණය කෙරෙයි ද, අභිනිග්‍රහණය කෙරෙයි ද, අභිනිෂ්පීඩනය කෙරෙයි ද, ග්‍රහණය කෙරෙයි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස් ඇවැත් වේ.
2. ස්ත්‍රියකුදු වෙයි, සංරක්ත වෙමතියෙකුත් වෙයි, මහණ තෙමේ තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ස්ත්‍රියකුදු වෙයි, පණ්ඩකය යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ස්ත්‍රියකුදු වෙයි, පුරුෂයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ස්ත්‍රියකුදු වෙයි, තිරිසන්ගිය යි හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද ථුලැසිඇවැත් වේ.
3. පණ්ඩකයෙකුදු වෙයි, පණ්ඩක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පණ්ඩකයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. පණ්ඩකයෙකුදු වෙයි, විමති ඇති සංරක්තයෙකුත් වෙයි, මහණ තෙමේත් කයින් පණ්ඩකයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. පණ්ඩකයෙකුදු වෙයි, පුරුෂයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේ තමාගේ කයින් පණ්ඩකයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. පණ්ඩකයෙකුදු වෙයි, තිරිසන්ගතයෙකැ යි හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පණ්ඩකයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. පණ්ඩකයෙකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ.
4. පුරුෂයෙකුදු වෙයි, පුරුෂයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පුරුෂයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. පුරුෂයෙකුදු වෙයි, විමති ඇති ... පුරුෂයෙකුදු වෙයි, තිරිසන් ගතයෙක යන හැඟීම් ඇත්තේත් ... පුරුෂයෙකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේත් ... පුරුෂයෙකුදු වෙයි, පණ්ඩකයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පුරුෂයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරේ ද දුකුළාඇවැත් වේ.
5. තිරිසන් ගතයෙකුදු වෙයි, තිරිසන් ගතයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් තිරිසන්ගතයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද දුකුළාඇවැත් වේ. තිරිසන්ගතයෙකුදු වෙයි, විමති ඇති ... තිරිසන්ගතයෙකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේත් ... තිරිසන්ගතයකුදු වෙයි, පණ්ඩකයෙක යන හැඟීම් ඇත්තේද වේ, ... තිරිසන්ගතයෙකුදු වෙයි, පුරුෂයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් තිරිසන්ගතයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ.
ඒකමුලකනය නිමි.
1. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙති, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස්ඇවැත් දෙකෙකි.
2. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ විමති ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි.
3. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ පණ්ඩකය යන හැඟීම් ඇත්තේ ... පුරුෂයෙක යන හැඟීම් ඇත්තේ ... තිරිසනෙක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි.
4. පණ්ඩකයෝ දෙදෙනෙක් වෙත්, පණ්ඩකයන් දෙදෙනා පිළිබඳ ව පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පණ්ඩකයන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි.
5. පණ්ඩකයෝ දෙදෙනෙක් වෙත්, පණ්ඩකයන් දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ ... පුරුෂය යන හැඟීම් ඇත්තේ ... තිරිසන්ගතය යන හැඟීම් ඇත්තේ ... ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පණ්ඩකයන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
6. පුරුෂයෝ දෙදෙනෙක් වෙත්, පුරුෂයන් දෙදෙනා පිළිබඳ ව පුරුෂය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පුරුෂයන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
7. පුරුෂයෝ දෙදෙනෙක් වෙත්, පුරුෂයන් දෙදෙනා පිළිබඳව විමති ඇත්තේ ... ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ ... පණ්ඩකයෙක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පුරුෂයන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
8. තිරිසන්නු දෙදෙනෙක් වෙත්, තිරිසනුන් දෙදෙනා පිළිබඳ ව තිරි–සන්නුය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ඒ මහණ තෙමේත් තමාගේ කයින් තිරිසනුන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
9. තිරිසන්නු දෙදෙනෙක් වෙත්, තිරිසනුන් දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ ... ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ ... පණ්ඩකයෙක යන හැඟීම් ඇත්තේ ... පුරුෂයෙක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් තිරිසනුන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
10. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ.
11. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව විමති ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසියක් හා දුකුළාඇවැත් වේ.
12. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ඒ මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි.
13. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව පුරුෂ ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ඒ මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද ථුලැසි හා දුකුළාඇවැත් වේ.
14. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ තිරිසන්ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වේ, ඒ මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
15. ස්ත්‍රියකුදු පුරුෂයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ඒ මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ.
16. ස්ත්‍රියකුදු පුරුෂයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ ... පණ්ඩකය යන හැඟීම් ඇත්තේ, ... පුරුෂය යන හැඟීම් ඇත්තේ ... තිරිසන් ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
17. ස්ත්‍රියකුදු තිරිසනෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ.
18. ස්ත්‍රියකුදු තිරිසනෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව විමති ඇත්තේ, ... පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, ... පුරුෂය යන හැඟීම් ඇත්තේ, ... තිරිසන් ය යන හැඟීම් ඇත්තේ, ... සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
19. පණ්ඩකයෙකුදු පුරුෂයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
20. පණ්ඩකයෙකුදු පුරුෂයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව විමති ඇත්තේ ... පුරුෂ ය යන හැඟීම් ඇත්තේ, ... තිරිසන්ගතය යන හැඟීම් ඇත්තේ, ... ස්ත්‍රී ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
21. පණ්ඩකයෙකුදු තිරිසනෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳ ව පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
22. පණ්ඩකයෙකුදු තිරිසනෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ, ... පුරුෂ ය යන හැඟීම් ඇත්තේ ... තිරිසන් ය යන හැඟීම් ඇත්තේ ... ස්ත්‍රී ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
23. පුරුෂයෙකුදු තිරිසනෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව පුරුෂ ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
24. පුරුෂයෙකුදු තිරිසන්ගතයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ, ... තිරිසන්ගත ය යන හැඟීම් ඇත්තේ ... ස්ත්‍රී ය යන හැඟීම් ඇත්තේ, ... පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
ද්විමූලකය නිමි.
1. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ...
2. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රී ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි. ...
3. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රී යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
4. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි ද, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ...
5. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි. ...
6. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
7. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රී යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් ස්ත්‍රියගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
8. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
9. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි ද, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
10. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමා විසින් මුදාලූවකින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරේ ද දුකුළැඇවැත් වේ. ...
11. ස්ත්‍රීහු දෙදෙනෙකුත් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් මුදාලූවකින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළැඇවැත් දෙකෙකි. ...
12. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් මුදාලූවකින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
13. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් මුදාලූවකින් ස්ත්‍රියගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
14. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි ද, මහණ තෙමේත් මුදාලූවකින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය පිළිබඳවූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
15. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් මුදාලූවකින් දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
16. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් ස්ත්‍රිය පිළිබඳ මුදාලූවකින් මුදාලූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
17. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ මුදාලූවකින් මුදාලූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
18. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් දෙදෙනා පිළිබඳ මුදාලූවකින් මුදාලූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
භික්ඛුපෙය්‍යාලය නිමි.
1. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රියත් තමාගේ කයින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, අවමර්‍ශනය කෙරෙයි ද, උන්මර්‍ශනය කෙරෙයි ද, අවලඞ්ඝනය කෙරෙයි ද, උල්ලඞ්ඝනය කෙරෙයි ද, ආකර්‍ෂණය කෙරෙයි ද, ප්‍රතිකර්‍ෂණය කෙරෙයි ද, අභිනිග්‍රහණය කෙරෙයි ද, නිෂ්පීඩනය කෙරෙයි ද, ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, සඟවෙසෙස් ඇවැත් වේ. ...
2. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහු ද තමාගේ කයින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, අවමර්‍ශනය කෙරෙත් ද, උන්මර්‍ශනය කෙරෙත් ද, අවලඞ්ඝනය කෙරෙත් ද, උල්ලඞ්ඝනය කෙරෙත් ද, ආකර්‍ෂණය කෙරෙත් ද, ප්‍රතිකර්‍ෂණය කෙරෙත් ද, අභිනිග්‍රහණය කෙරෙත් ද, අභිනිෂ්පීඩනය කෙරෙත් ද, ග්‍රහණය කෙරෙත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ තෙම සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කරයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, සඟවෙසෙස් ඇවැත් දෙකෙකි. ...
3. ස්ත්‍රියකුදු පණ්ඩකයකුදු වෙත්, දෙදෙනා පිළිබඳව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, දෙදෙනා තමන්ගේ කයින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ, කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය විඳියි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ. ...
4. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රිය තමාගේ කයින් මහණහුගේ කය පිළිබඳවූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ තමාගේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසිඇවැත් වේ. ...
5. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රිහුත් තමාගේ කයින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කරත් ද, පරාමර්‍ශනය කරත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ, කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසිඇවැත් දෙකෙකි. ...
6. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, දෙදෙනා තමන්ගේ කයින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
7. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රියත් තමාගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසිඇවැත් වේ. ...
8. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ඒ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහුත් තමන්ගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ තෙම සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසිඇවැත් දෙකෙක් වේ. ...
9. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙම ඒ දෙදෙනා පිළිබඳව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, දෙදෙනා තමන්ගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
10. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, තමාගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් වේ. ...
11. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ඒ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ස්ත්‍රීහු තමන්ගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ තෙම සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
12. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, ඒ දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, දෙදෙනා තමන්ගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ තෙම සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි.
13. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ස්ත්‍රිය දමාලූ දෙයින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් වේ. ...
14. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ඒ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහු ද මුදාලූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, මහණ සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
15. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, ඒ දෙදෙනා පිළිබඳව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, දෙදෙනා මුදාලූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
16. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ස්ත්‍රීත් මුදාලූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් වේ. ...
17. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහුත් මුදාලූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද, මහණ තෙමේත් සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
18. ස්ත්‍රියකුදු පණ්ඩකයකුදු වෙත්, දෙදෙනා පිළිබඳව ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, දෙදෙන මුදාලූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ, එ මහණත් කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
19. ස්ත්‍රියක් වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රිය ද මහණහු පිළිබඳ මුදාලූවකින් මුදාලූවක් ආමර්‍ශනය කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, පහස නොදනියි ද, දුකුළාඇවැත් වේ. ...
20. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහුත් මුදාලූවකින් මහණහු පිළිබඳ මුදාලූවක් ආමර්‍ශනය කෙරෙත් ද, ඒ මහණ තෙමේ සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය නො ම දනියි ද, දුකුළැඇවැත් දෙකෙකි. ...
21. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි ද, දෙදෙනා ම මුදාලූවකින් මහණහු පිළිබඳ මුදාලූවක් ආමර්‍ශනය කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය නො ම දනියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
22. සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දනියි ද, සඟවෙසෙස් ඇවැත් වේ. සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, පහස නොම දනියි ද, දුකුළාඇවැත් වේ. සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් නො කෙරෙයි ද, පහස දනියි ද, ඇවැත් නො වේ. සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් නො කෙරෙයි ද, පහස නො ම දනියි ද, ඇවැත් නො වේ. මිදෙන අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, පහස දනියි ද, ඇවැත් නො වේ. මිදෙන අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, පහස නො ම දනියි ද, ඇවැත් නො වේ. මිදෙන අදහස් ඇත්තේ කයින් වෑයම් නො කෙරෙයි ද, පහස දනියි ද, ඇවැත් නොවේ. මිදෙන අදහස් ඇත්තේ කයින් වෑයම් නො කෙරෙයි ද, පහස නො ම දනියි ද, ඇවැත් නොවේ.
23. නො දැන සිටියහුට ද, නො සිහියෙන් සිටියහුට ද නො දන්නහුට ද නොඉවසන්නහුට ද, උමතු වූවහුට ද, ඛේදයට පැමිණි සිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළුනහුට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නො වේ.