Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 1001-1100 න් 2612

44. ආරෝග්‍යය පිණිස ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද නිල්වන් ද කහවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද බෙහෙත් පිණිස ද නිල්වන් ද කහවන් ද ලේවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ... ගිතෙල්වන් සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
දෙපසින් වැඩෙන සේ මෙ පරිද්දෙන් පැමිණවිය යුතුයි.
45. ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද බෙහෙත් පිණිස ද දන් පිණිස ද පින් පිණිස ද යාගය පිණිස ද සග පිණිස ද ගැබ් පිණිස ද විමසුම් පිණිස ද කෙළි පිණිස ද නිල්වන් ද කහවන් ද ලේවන් ද සුදුවන් ද මෝරුවන් ද දියවන් ද තෙල්වන් ද කිරිවන් ද දිහිවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
මිශ්‍රකචක්‍රය නිමි.
46. නිල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කහවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. නිල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ලෙහෙවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
ඛණ්ඩචක්‍රය නිමි.
47. කහවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ලේවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. කහවන් ... මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
බද්ධචක්‍රයයි.
මූලය සංක්‍ෂිප්තයි.
48. ගිතෙල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නිල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ගිතෙල්වන් මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
කුච්ඡිචක්‍රය නිමි.
49. කහවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නිල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නිල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ පළමුවන ගමන නිමි.
50. ලේවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කහවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කහවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ දෙවන ගමන නිමි.
51. සුදුවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ලේවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. මෝරුවන් සුකුරු ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් සුකුරු මුදන්නෙමි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ලේවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ තෙවෙනි ගමන නිමි.
52. මෝරුවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, සුදුවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, සුදුවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ සිවුවන ගමන නිමි.
53. දියවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මෝරුවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මෝරුවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ පස්වන ගමන නිමි.
54. තෙල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, දියවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, දියවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ සවන ගමන නිමි.
55. කිරිවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, තෙල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් ... මොහොරුවන් ... දියවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, තෙල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ සත්වන ගමන නිමි.
56. දිහිවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කිරිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කිරිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ අටවන ගමන නිමි.
57. ගිතෙල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, දිහිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, දිහිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ නවවන ගමන නිමි.
58. නිල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ගිතෙල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ගිතෙල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
පිට්ඨිචක්‍රය පිළිබඳ දසවැනි ගමන නිමි.
පිට්ඨිචක්‍රය නිමි.
59. සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නො මිදේ නම්, ථුලැසිඇවැත් වේ.
සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, මිදෙයි නම්, ඇවැත් නො වේ.
සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.
නො සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදේ නම්, ඇවැත් නො වේ.
නො සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.
නො සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, මිදෙයි නම්, ඇවැත් නො වේ.
නො සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.
60. සිහිනෙන් ද, නො මුදන අදහස් ඇත්තහුට ද, උමතුවූවහුට ද, වික්‍ෂිප්ත සිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළෙන්නහුට ද, ආදි කර්‍මමිකයාට ද ඇවැත් නො වේ.
විනිශ්චිත වස්තු
උද්දානගාථා:
සුපින, උච්චාර, පස්සාව, කාමවිතක්ක, උණ්හොදක, භේසජ්ජ, කණ්ඩුව, මග්ග, වත්‍ථි, ජන්තාඝර, ඌරු යන වස්තුහු ද.
සාමණේර, සුත්තසාමණේර, ඌරු, මුට්ඨිපීළන, ආකාසකටිකම්පන,කායත්‍ථම්භ, උපනිජ්ඣාන, තාලච්ඡිද්ද, කට්ඨඝට්ටන, වස්තූහු ද.
පටිසෝතනහායන, උදඤ්ජල, උදකධාවන, පුප්ඵාවලි, පොක්ඛරවන, වාලිකා, කද්දම, උස්සෙක, සයන, අඞ්ගුට්ඨික යන වස්තූහු දැ යි විනීත වස්තු සම සැත්තෑවකි.
1. එසමයෙහි එක්තරා මහණකුට සිහිනෙන් සුකුරු මිදිනි. කිම? මම සඟවෙසෙස් ඇවැතට අවන්නෙම් දෝයි ඒ මහණහට කුකුස් උපනි. ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, සිහිනෙන් ඇවැත් නො වේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. (1)
2. එසමයෙහි එක්තරා මල පහ කරණ මහණකුට සුකුරු මිදිනි. ඒ මහණහට කුකුස් උපනි. ... භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, තෝ කෙබඳු සිතැති වූයෙහිදැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො මුදන රිසිවීමි”යි හේ කීය. “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (2)
3. එසමයෙහි සුළුවටන් කරණ, එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (3)
4. එසමයෙහි කාමවිතර්‍ක උපදවන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, විතර්‍කණය කරන්නහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (4)
5. එසමයෙහි උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ කුමන සිතැති වූයෙහි දැ”යි අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම් මුදන රිසියෙම් නො වීමි” යි හේ කීය. “මහණ, මුදනු නො රිසියහුට ඇවැත් නො වේ”. (5)
6. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි ය යි” වදාළසේක. (6)
7. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (7)
8. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟෙහි වණයෙක් වෙයි. බෙහෙත් ආලේප කරණ ඒ මහණහට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (8)
9. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟ වණයක් වෙයි. මුදන රිසි ඇති බෙහෙදින් අලෙවු දෙන්නහුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (9-10)
10. එසමයෙහි අණ්ඩය කසන්නා වූ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නුමුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (11)
11. එසමයෙහි මුදන අදහස ඇති අණ්ඩය කසන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළසේක. (12-13)
12. එසමයෙහි මග යන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. “මහණ, මුදන නො රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (14)
13. එසමයෙහි මුදන රිසි ඇති මග යන එක්තරා මහණකුට සුකුරු මිදිනි ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළසේක. (15-16)
14. එසමයෙහි රහසඟ ගෙණ සුළුවටන් කරණ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ...“මහණ, නො මුදන රිසියහුට ඇවැත්නොවේ”යි වදාළ සේක. (17)
15. එසමයෙහි මුදන රිසි ඇතිවැ රහසඟ ගෙන සුළුවටන් කරණ එක්තරා මහණකුට සුකුරු මිදින. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (18-19)
16. එසමයෙහි ගිනිහල්ගෙහි උදරය තවන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (20)
17. එසමයෙහි ගිනිහල්ගෙහි උදරය තවන මුදින රිසි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ”යි වදාළ සේක. (21-22)
18. එසමයෙහි ගිනිහල්ගෙහි උවදෑ තෙරුන්ගේ පිට පිරිමදින එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”. (23)
19. එසමයෙහි මුදන රිසි ඇති ගිනිහල්ගෙහි උවදෑ තෙරුන්ගේ පිට පිරිමදින එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (24-25)
20. එසමයෙහි එක්තරා මහණකු දෙවටොර ගටද්දී සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැත්තහුට ඇවැත් නො වේ”යි වදාළ සේක. (26)
21. එසමයෙහි මිදියැටි ව වටොර ගටන මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ.” (27-28)
22. එසමයෙහි එක්තරා මහණෙක් සුකුරු මිදියැටි ව එක්තරා හෙරණකුට “ඇවැත් හෙරණ, එව තෝ මගේ රහසඟ ගණුව”යි කී ය. හේ ඔහුගේ රහසඟ ගති. ඔහුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි”ය යි බුදුහු වදාළහ. (29)
23. එසමයෙහි එක්තරා මහණෙක් නිදි ගත් හෙරණකුගේ රහසඟ ගත. ඔහුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි බුදුහු වදාළහ. (30)
24. එසමයෙහි මිදියැටි ව රහසඟ වටොරින් පෙළන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි බුදුහු වදාළහ. (31-32)
25. එසමයෙහි රහසඟ මිටින් පෙළන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (33-34)
26. එසමයෙහි අහසෙහි කටිකම්පනය කරණ මිදියැටි වූ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (36-36)
27. එසමයෙහි කය වජඹන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නොමුදන රිසි ඇතියහුට ඇවැත් නො වේ”යි වදාළහ. (37)
28. එසමයෙහි කය තද කරණ මිදියැටි වූ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (38-39)
29. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ මාගමකගේ අඞ්ගජාතය සිත එළවා බැලී ය. ඔහුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. මහණහු විසින් සංරක්ත ව මාගමකගේ අඞ්ගජාතය නො බැලිය යුතු යි. යමෙක් බලන්නේ නම් දුකුළාඇවැත් වේ”යි වදාළහ. (40)
30. එසමයෙහි මිදියැටි ව කෙසිසිදුරක අඞ්ගජාතය මෙහෙයන මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (41-42)
31. එසමයෙහි මිදියැටි ව දඬුයෙකින් රහසඟ ගටන මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (43-44)
32. එසමයෙහි උඩුහොය බලා නාන මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැත්තහුට ඇවැත් නො වේ”යි වදාළහ. (45)
33. එසමයෙහි උඩුහොය බලා නාන මිදියැටි වූ මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (46-47)
34. එසමයෙහි මඩදියෙහි ක්‍රීඩා කරණ මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැතියහුට ඇවැත් නො වේ”යි වදාළහ. (48)
35. එසමයෙහි මඩදියෙහි ක්‍රීඩා කරණ මිදියැටි මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (49-50)
36. එසමයෙහි දියෙහි දුවන මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැත්තහුට ඇවැත් නො වේ”යි වදාළහ. (51)
37. එසමයෙහි දියෙහි දුවන මිදියැටි මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (52-53)
38. එසමයෙහි පුෂ්පාවලී ක්‍රීඩාව{1} කරණ මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නොමුදන රිසි ඇතියහුට ඇවැත් නො වේ” වදාළහ. (54)
39. එසමයෙහි පුෂ්පාවලී* ක්‍රීඩාව කරණ මිදියැටි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (55-56)
40. එසමයෙහි පියුමිළුයෙහි දුවන මහණකුට සුකුරු මිදිනි. ... ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැත්තහුට ඇවැත් නො වේ”යි වදාළහ. (57)
41. එසමයෙහි පියුමිළුයෙහි දුවන මිදියැටි මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (58-59)
42. එසමයෙහි වැල්ලෙහි රහසඟ මෙහෙයන මිදියැටි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (60-61)
43. එසමයෙහි කලලෙහි සිය හදන් මෙහෙයන මිදියැටි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (62-63)
44. එසමයෙහි දියෙන් හදන් තෙමන නොමිදියැටි මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නොමුදන රිසි ඇතියහුට ඇවැත් නො වේ”යි වදාළහ. (64)
45. එසමයෙහි දියෙන් හදන් තෙමන මිදියැටි මහණකුට සුකුරු මිදිනි ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (65-66)
46. එසමයෙහි මිදියැටි ව යහන්හි හදන් ගටන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (67-68)
47. එසමයෙහි මාපටැඟිල්ලෙන් රහසඟ ගටන මිදියැටි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට “කිම, මම සඟවෙසෙස්ඇවැත් අවන්නෙම්දෝ?”යි කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි බුදුහු වදාළහ. (69-70)
සුක්කවිසට්ඨි ශික්‍ෂාපදය.
කායසංසර්‍ගශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් උදායි තෙමේ අරණෙහි වෙසෙයි. ඒ ආයුෂ්මත්හුගේ අරම මනහර දැකුම් ඇත්තෙකි. ප්‍රසාද එළවන්නෙකි. මැද ගබ හාත් පස මණ්ඩලමාලයෙන් පිරිකෙවු කරණ ලද්දේ ය. එහි ඇඳ පුටු බිසි බ්ම්බොහොන මනා කොට පණවන ලද්දේ ය. පියයුතු පිරිබෝ කටයුතු ජලය එළවන ලද්දේ ය. මිදුල මනා කොට හමදින ලද්දේ ය. බොහෝ මිනිස්සු උදායිහුගේ විහාරය බලනු කැමැත්තෝ එහි පැමිණෙති.
2. බිරිඳ සහිත වූ එක්තරා බමුණෙක් ආයුෂ්මත් උදායි වෙත පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායීහට, “අපි වනාහි භවත් උදායිහුගේ විහාරය දක්නට කැමැත්තෙමු”යි කී ය. ආයුෂ්මත් උදායි තෙමේ “එසේ නම් බමුණ බලව”යි යතුර ගෙණ අගුල හැර, කවුළු හැර, විහාරයට පැමිණියේ ය. ඒ බමුණු තෙමේ ද ආයුෂ්මත් උදායිහුගේ පිටු පසින් පැමිණියේ ය. බැමිණිය ද බමුණා ගේ පිටු පසින් ගියා ය. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ ඇතැම් වාකවුළු හරිනුයේ, ඇතැම් වාකවුළු වසනුයේ, ගැබ හාත්පසින් ගමන් කොට පිටුපසින් අවුත් ඒ බැමිණියගේ සිරුරෙහි අවයවයන් පරාමර්‍ශනය කෙළේ ය. ඉක්බිති ඒ බමුණු තෙමේ ආයුෂ්මත් උදායි හා බෙහෙවින් සතුටු වී ගියේ ය.
3. වැලිදු ඒ බමුණු තෙමේ සතුටු වූයේ, “යම් මේ මහණ කෙනෙක් මෙබඳු අරම්හි වෙසෙද්ද, ඒ මේ ශ්‍රමණ වූ ශාක්‍යපුත්‍රීයයෝ උදාරයහ. යමෙක් මෙබඳු අරණෙක වෙසේ ද, ඒ භවත් උදායි තෙමේ ද උදාර යැ”යි සතුට හඟවන වචන ද පැවැසී ය. මෙසේ කී කල්හි ඒ බැමිණි තොමෝ, “ඔහුගේ උදාර බවෙක් කොයින් ද? යම් සේ තෙපි මගේ අඟපසඟ පරාමර්‍ශනය කළහු නම් එ මෙන් ම ඒ උදායී මහණ තෙමේ ද මගේ ශරීරාවයව පරාමර්‍ශනය කෙළේ” යයි බමුණුට කීවා ය.
4. ඉක්බිති ඒ බමුණු තෙමේ මෙසේ අවමන් කරයි, අයුණු කියයි, නුගුණ පතුරවයි: “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජිහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු නම් තුමූ ධම්මචාරීහු ය යි සමචාරීහු ය යි බ්‍රහ්මචාරීහු ය යි සත්‍යවාදීහුය යි සීලවන්තයෝය යි කල්‍යාණධර්‍ම ඇත්තෝය”යි පිළින කෙරෙත්. “මොවුන්ට මහණ කමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද? මොවුන්ට බමුණු කමෙක් කොයින් ද? මොහු මහණකමින් පහ වූවෝ ය. මොහු බමුණුකමින් පහ වූවෝ ය. කෙසේ නම් උදායී මහණ තෙමේ මගේ බිරින්දගේ අඟපසඟ පිරිමැද්දේ ද? කුලඟනන් සමග කුලදූන් සමග කුලකුමරියන් සමග කුලලේළියන් සමග කුලදැසියන් සමග අරමකට හෝ වෙහෙරකට යෑමට නො හැකිය. ඉදින් කුලස්ත්‍රීහු කුලදුහිතෘහු කුලකුමාරීහු කුලලෙහෙළිහු කුලදාසීහු අරමකට හෝ වෙහෙරකට යන්නාහු නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ඔවුන් දූෂණය කරන්නාහු” යනුයි.