Pārājika

Defeats

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 901-1000 න් 2612

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
vp-prj-3:256.3
තේරසකය
vp-prj-3:256.4
ආයුෂ්මත්නි, මේ තෙළෙස් සඟවෙසෙස්ඇවැත්හු උදෙසීමට පැමිණෙත්.
vp-prj-3:256.5
3. 1.
vp-prj-3:256.6
සුක්කවිසට්ඨිශික්‍ෂාපදය
vp-prj-3:256.7
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් සෙය්‍යසක තෙමේ කළකිරුනේ බඹසර හැසිරෙයි. හෙතෙමේ එයින් කෘශ වූයේ රූක්‍ෂ වූයේ දුර්වර්‍ණ වූයේ අතිශයින් පඬුවන් වූයේ ඉල්පුනු නහරින් යුත් සිරුරු ඇත්තේ වෙයි.
vp-prj-3:256.8
2. ආයුෂ්මත් වූ උදායි තෙමේ කෘශ වූ රූක්‍ෂ වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ ඉල්පී ගිය නහරින් යුත් සිරුරු ඇති ආයුෂ්මත් සෙය්‍යසක මහණහට මෙය කීය: “ඇවැත් සෙය්‍යසකයිනි, තෙපි කුමක් හෙයින් කෘශ වූ රූක්‍ෂ වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පී ගිය සිරුරු ඇති වූවහු ද? ඇවැත් සෙය්‍යසකයිනි, කිම තෙපි කළකිරුනහු බඹසර හැසිරෙවු ද යනුයි. “ඇවැත්නි එසේ” යයි ඒ මහණ කීය. ඇවැත් සෙය්‍යසකයිනි, එසේ වී නම් තෙපි කැමැති තාක් අනුභව කරවු. කැමති තාක් සැතපෙවු. කැමැති තාක් ස්නානය කරවු. කැමැති තාක් අනුභව කොට කැමති තාක් සැතපී කැමති තාක් නා යම් කලෙක තොපට අනභිරතියක් උපදී නම් රාගය සිත මැඩ ගණී නම් එකල්හි අතින් ගටා සුකුරු මුදවු යයි උදායි තෙර කීය. ඇවැත්නි, එබන්දක් කරන්නට කැපදැ?යි ඒ මහණ ඇසී ය. ඇවැත්නි, එසේ ය. මම ද එසේ කරමි යි උදායි තෙර කී ය.
vp-prj-3:256.9
3. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක තෙමේ කැමැති තාක් වැළැඳී ය. කැමැති තාක් සැතපුනේ ය. කැමැති තාක් නෑවේ ය. කැමති තාක් වළඳා කැමැති තාක් සැතපී කැමැති තාක් නා යම් කලෙක අනභිරතිය උපදී ද, රාගය සිත මැඩ ගණී ද, එකල්හි අතින් ගටා සුකුරු මුදයි. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක තෙමේ පසු කාලයෙහි පැහැය ඇත්තෙක් ද පිණා ගිය ඉඳුරන් ඇත්තෙක් ද පහන් මුව පැහැය ඇත්තෙක් ද අතිශයින් සිවිපැහැ ඇත්තෙක් ද විය.
vp-prj-3:258.1
4. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක මහණහුගේ යහළු භික්‍ෂුහු ආයුෂ්මත් සෙය්‍යසකහට මෙය කීවාහුය: “ඇවැත් සෙය්‍යසකයෙනි, තෙපි පෙර කෘශ වූවහු රූක්‍ෂ වූවහු දුර්වර්‍ණ වූවහු ඉතා පඬුවන් වූවහු ඉල්පී ගිය නහරින් යුත් සිරුරු ඇත්තහු වූවහු ය. ඒ තෙපි දැන් වර්‍ණවත් ය. පිණා ගිය ඉඳුරන් ඇත්තහු ය. පහන් මුව පැහැය ඇත්තහු ය. වෙසෙසින් පහන් සිවි පැහැ ඇත්තහු ය, ඇවැත් සෙය්‍යසකයෙනි, කිම තෙපි බෙහෙතක් කරවුද”යි ඇසූහ. “ඇවැත්නි, මම බෙහෙතක් නො කෙරෙමි. එහෙත් මම කැමති තාක් වළඳමි, කැමැති තාක් සැතපෙමි, කැමැති තාක් නාමි, කැමැති තාක් වළඳා කැමති තාක් සැතපී කැමැති තාක් නහා යම් කලෙක මට අනභිරතියෙක් ඇති වේ නම්, රාගය සිත මැඩ ගණී නම්, එකල්හි අතින් ගටා සුකුරු මුදමි”යි සෙය්‍යසක මහණ කීය. “කිම? ඇවැත් සෙය්‍යසකයිනි, තෙපි යම් අතෙකින් ම සැදැහැයෙන් දෙන දෑ වළඳවු නම් ඒ අතින් ම ගටා සුකුරු මුදවු දැ,” යි ඒ භික්‍ෂුහු කීහ. “ඇවැත්නි, එසේ ය”යි සෙය්‍යසක මහණ කී ය. යම් ඒ භික්‍ෂූහු අල්පේච්ඡයෝ ද ඔහු “කෙසේ නම්, ආයුෂ්මත් සෙය්‍යසකයෝ අතින් ගටා සුකුරු මුදන්නෝ දැ”යි අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සෙය්‍යසකහට නන් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
vp-prj-3:258.2
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් සෙය්‍යසක මහණහු ගෙන් විචාළ සේක: “සැබෑ ද සෙය්‍යසකය, තෝ අතින් ගටා සුකුරු මුදයිදැ”යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑව”යි ඒ මහණ කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂය, නුසුදුසු වූ අනුලොම් නුවූ අප්‍රතිරූප වූ ශ්‍රමණසාරුප්‍ය නුවූ නොකැප වූ නොකටයුත්තෙක. හිස් පුරුෂය තෝ කවර කරුණකින් අතින් ගටා සුකුරු මුදනෙහි ද?” “හිස් පුරුෂය මා විසින් නන් අයුරෙන් සරාගය පිණිස නො ව විරාගය පිණිස ධර්‍මය දෙසන ලද්දේ නො වේ ද? සංයෝගය පිණිස නො ව විසංයෝගය පිණිස ධර්‍මය දෙසන ලද්දේ නො වේ ද? උපාදානය පිණිස නොව අනුපාදානය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? එහිලා හිස් පුරුෂය, තෝ මා විසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කළ කල්හි සරාගය පිණිස ප්‍රයෝග කෙළෙහි ය. විසංයෝගය පිණිස දහම් දෙසූ කල්හි සංයෝගය පිණිස ප්‍රයෝග කෙළෙහි ය. කෙලෙසුන් නොගැණීම පිණිස දහම් දෙසූ කල්හි කෙලෙසුන් ගැණීම පිණිස ප්‍රයෝග කෙළෙහි ය. “හිස් පුරුෂය මා විසින් නන් අයුරින් රාගවිරාගය පිණිස දහම් දෙසන ලද්දේ නොවේ ද? මදනිම්මදනය පිණිස පිපාසවිනය පිණිස ආලයසමුග්ඝාතය පිණිස වට්ටුපච්ඡේදය පිණිස තණ්හාක්ඛය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස නිබ්බාණය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය මා විසින් නන් අයුරින් කාමයන්ගේ ප්‍රහාණය කියන ලද්දේ නොවේ ද? කාමසංඥාවන්ගේ ත්‍රිවිධ පරිඥාවෝ කියන ලද්දාහු නො වෙද්ද? කාමපිපාසයන්ගේ ප්‍රතිවිනය කියන ලද්දේ නො වේ ද? කාමවිතර්‍කයන්ගේ නැසීම කියන ලද්දේ නො වේ ද? කාමගුණිකරාගපරිදාහයන්ගේ සංහිඳීම කියන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය මෙය වනාහි නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ පහන් වූවන්ගේ බොහෝබව පිණිස හෝ නො වෙයි. වැලිදු හිස් පුරුෂය මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස පහන් වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ම වෙයි.” යනුයි.
vp-prj-3:260.1
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෙය්‍යසක මහණහට නන් අයුරින් ගරහා දුබරබව්හි ... වදාරා මහණෙනි මේ සිකපදය මෙසේ ද උදෙසවු:
vp-prj-3:260.2
“ව්‍යතික්‍රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.”
vp-prj-3:260.3
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පණවන ලදී.
vp-prj-3:260.4
(පළමුපැණවීමයි.)
vp-prj-3:260.5
7. එසමයෙහි භික්‍ෂූහු ප්‍රණීත බොජුන් වළඳා මුළා සිහි ඇත්තාහු සම්ප්‍රජන්‍යයෙන් තොර වූවාහු නින්දට බසිත්. මුළා සිහි ඇත්තාවූ සති සම්ප්‍රජන්‍යයෙන් තොර වූවාවූ නින්දට බැස ගත් ඔවුන්ට සිහිනෙන් සුකුරු මිදෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් මිදියැටි සිතින් සුකුරු මිදුව සඟවෙසෙස් වේ ය”යි සිකපදයක් පණවන ලදී. අපට ද සිහිනෙන් සුකුරු මිදෙයි. මෙහිදී ආස්වාදචේතනාව ලැබේ ද? කිම? අපි සඟවෙසෙස් ඇවතට පැමිණියමෝ ද?”යි කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහු ය. මහණෙනි, මෙහි චේතනාවක් ඇත. එය ඇවතට අංග නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
vp-prj-3:260.6
“සිහින විනා ව්‍යතික්‍රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.”
vp-prj-3:260.7
(දෙවනපැණවීමයි.)
vp-prj-3:260.8
8. සඤේචතනිකා යනු උපක්‍රම කරමි යි දන්නේ, සුකුරු මුදමි යි මැනැවින් දන්නේ, සිතා, නිසැක සිත මෙහෙයා ව්‍යතික්‍රමය කිරීම ය.
vp-prj-3:260.9
සුක්කං යනු නිල්වන් ය, කසාවන් ය, ලෙහෙවන් ය, සුදුවන් ය, මෝරුවන් ය, දියවන් ය, තෙල්වන් ය, කිරිවන් ය, දිහිවන් ය, ගිතෙල් වන් ය, යන දස සුකුරු ය.
vp-prj-3:260.10
විසට්ඨි යනු පිහිටි තැනින් මිදීම විසට්ඨි ය යි කියනු ලැබේ.
vp-prj-3:260.11
අඤ්ඤත්‍ර සුපීනන්තා යනු සිහින හැර යි.
vp-prj-3:260.12
සංඝාදිසේසො යනු සඞ්ඝයා ම ඒ ඇවතට පිරිවෙස් දෙයි. මුලට අදියි. මානත දෙයි. අබ්භානය කෙරෙයි. සම්බහුලයෝ ද නො වෙත්. එක් පුද්ගලයෙක් ද නො වෙයි. එහෙයින් සඞ්ඝාදිසේස ය යි කියනු ලැබේ. ඒ ඇවැත්සමූහයට නම් කිරීමකි. එයිනුදු සංඝාදිසේස ය යි කියනු ලැබේ.
vp-prj-3:260.13
9. ආධ්‍යාත්මිකරූපයෙහි මුදයි. බාහිර රූපයෙහි මුදයි. ආධ්‍යාත්මික බාහිර රූපයෙහි මුදයි, අහසෙහි කටිය සොලවමින් මුදයි. රාගයෙන් තද වූ කල්හි මුදයි. වසුරුයෙන් තදවූ කල්හි මුදයි. මූයෙන් තද වූ කල්හි මුදයි. වායෙන් තද වූ කල්හි මුදයි. බූපණූදළපහසින් තද වූ කල්හි මුදයි. නීරෝග බව පිණිස මුදයි. සුවය පිණිස බෙහෙත් පිණිස මුදයි. දානය පිණිස මුදයි. පින් පිණිස මුදයි. යැදීම පිණිස මුදයි. දෙව්ලෝ සැප ලැබීම පිණිස මුදයි. බීජ පිණිස මුදයි, විමසීම පිණිස මුදයි. කෙළි පිණිස මුදයි. නිල් පැහැය ඇත්තක් මුදයි. කහ පැහැය ඇත්තක් මුදයි. ලේ පැහැය ඇත්තක් මුදයි. සුදු පැහැය ඇත්තක් මුදයි. මොහොරු පැහැය ඇත්තක් මුදයි. දිය පැහැය ඇත්තක් මුදයි. තෙල් පැහැය ඇත්තක් මුදයි. කිරි පැහැය ඇත්තක් මුදයි. දී පැහැය ඇත්තක් මුදයි. ගිතෙල් පැහැය ඇත්තක් මුදයි.
vp-prj-3:262.1
10. අජ්ඣත්තරූපෙ යනු ආධ්‍යාත්මික සවිඥාන රූපයෙහි ය.
vp-prj-3:262.2
බහිද්ධාරූපෙ යනු බාහිර වූ සවිඥාන වූ හෝ අවිඥාන රූපයෙහි ය.
vp-prj-3:262.3
අජ්ඣත්තබහිද්ධාරූපෙ යි ඒ දෙපරිදි රූපයෙහි ය.
vp-prj-3:262.4
ආකාසෙ කටිං කම්පෙන්තො යනු අහසෙහි වෑයම් කරන්නහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
vp-prj-3:262.5
රාගුපත්‍ථම්හෙ යනු රාගයෙන් පෙළුනහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
vp-prj-3:262.6
වච්චූපත්‍ථම්භෙ යනු වර්චසින් පෙළුනහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
vp-prj-3:262.7
පස්සාවූපත්‍ථම්භෙ යනු මූයෙන් පෙළුනහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
vp-prj-3:262.8
වාතූපත්‍ථම්හෙ යනු වායෙන් පෙළුනහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
vp-prj-3:262.9
උච්චාලිඞ්ගපාණකදට්ඨුපත්‍ථම්හෙ යනු බූපණුලොම් ගැටීමෙන් හදන් කර්‍මන්‍ය වෙයි.
vp-prj-3:262.10
ආරෝග්‍යත්‍ථාය යනු නීරෝගයෙක් වන්නෙමි යි (අදහසින්).
vp-prj-3:262.11
සුඛත්‍ථාය යනු සුවවේදනා උපදවන්නෙමි යි (අදහසින්).
vp-prj-3:262.12
භේසජ්ජත්‍ථාය යනු බෙහෙතක් වන්නේයැ යි (සිතා).
vp-prj-3:262.13
දානත්‍ථාය යනු දන් දෙන්නෙමි යි (සිතා).
vp-prj-3:262.14
පුඤ්ඤත්‍ථාය යනු පිනක් වන්නේය යි (සිතා).
vp-prj-3:262.15
යඤ්ඤත්‍ථාය යනු යාගයක් කරන්නෙමි යි (සිතා).
vp-prj-3:262.16
සග්ගත්‍ථාය යනු දෙව්ලොවට යන්නෙමි යි (සිතා).
vp-prj-3:262.17
බීජත්‍ථාය යි දාරකබීජයක් වන්නේ යැ යි (සිතා).
vp-prj-3:262.18
වීමංසත්‍ථාය යනු නිල්වන්නේ දැ යි ... ගිතෙල් පැහැය වන්නේ දැ යි විමසීම පිණිස.
vp-prj-3:262.19
දවත්‍ථාය යනු කෙළි අදහස් ඇත්තේ.
vp-prj-3:262.20
11. ආධ්‍යාත්ම රූපයෙහි මිදේවා යි සිතා ද, එයට වෑයම් කෙරේ ද, මිදේ ද, සඟ වෙසස් ඇවැත් වේ.
vp-prj-3:262.21
බාහිර රූපයෙහි මිදේවා යි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟ වෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:262.22
ආධ්‍යාත්ම බාහිර රූපයෙහි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟ වෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:262.23
අහසෙහි කටිය සොලොවමින් සිතා ද වෑයම් කෙරේ ද, මිදේ ද, සඟ වෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:262.24
රාගයෙහි තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:264.1
වර්‍චසින් තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:264.2
මූයෙන් තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසස් ඇවැත් වේ.
vp-prj-3:264.3
වායෙන් තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසස් ඇවැත් වේ.
vp-prj-3:264.4
බූපණු දළ ගැටීමෙන් තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසස් ඇවැත් වේ.
vp-prj-3:264.5
12. නීරෝග බව පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. සුව පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. බෙහෙත් පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. දන් පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. පින් පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. යාග පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. සග පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. දාරකබීජය පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. කෙළි පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. විමසීම පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:264.6
13. නිල්වන් සුකුරු මිදීමට සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසස් ඇවැත් වේ. කසාවන් ... ලෙහෙවන් ... සුදුවන් ... මොහොරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දීවන් ... ගිතෙල්වන් සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:264.7
සුද්ධිකය නිමි.
vp-prj-3:264.8
14. ආරෝග්‍යය පිණිසත් සුවය පිණිසත්, සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද සඟවෙසෙස් ඇවැත් වේ. ආරෝග්‍යය පිණිසත් බෙහෙත් පිණිසත් ... ආරෝග්‍ය පිණිසත් දන් පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් පින් පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් යාග පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් ස්වර්‍ගය පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් දාරකබීජය පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් විමසීම පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් කෙළි පිණිසත් සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:264.9
ඒකමූලක ඛණ්ඩචක්‍රය නිමි.
vp-prj-3:266.1
15. සුව පිණිස ද, බෙහෙත් පිණිස ද, සිතයි නම් වෑයම් කෙරෙයි නම් මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. සුව පිණිස ද දන් පිණිස ද ... සුව පිණිස ද පින් පිණිස ද ... සුව පිණිස ද යාග පිණිස ද ... සුව පිණිස ද සග පිණිස ද ... සුව පිණිස ද බීජ පිණිස ද ... සුව පිණිස ද විමසුම පිණිස ද ... සුව පිණිස ද කෙළි පිණිස ද සිතයි නම් වෑයම් කෙරෙයි නම් මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. සුව පිණිස ද ආරෝග්‍යය පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:266.2
16. බෙහෙත් පිණිස ද දානය පිණිස ද ... බෙහෙත් පිණිස ද පින් පිණිස ද ... බෙහෙත් පිණිස ද යාග පිණිස ද ... බෙහෙත් පිණිස ද සග පිණිස ද ... බෙහෙත් පිණිස ද බීජ පිණිස ද ... බෙහෙත් පිණිස ද විමසුම පිණිස ද ... බෙහෙත් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. බෙහෙත් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... බෙහෙත් පිණිස ද සුව පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:266.3
17. දන් පිණිස ද පින් පිණිස ද ... දන් පිණිස ද යාග පිණිස ද ... දන් පිණිස ද සග පිණිස ද ... දන් පිණිස ද බීජ පිණිස ද ... දන් පිණිස ද විමසුම පිණිස ද ... දන් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. දන් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... දන් පිණිස ද සුව පිණිස ද ... දන් පිණිස ද බෙහෙත් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:266.4
18. පින් පිණිස ද යාග පිණිස ද ... පින් පිණිස ද සග පිණිස ද ... පින් පිණිස ද බීජ පිණිස ද ... පින් පිණිස ද විමසුම පිණිස ද ... පින් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. පින් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... පින් පිණිස ද සුව පිණිස ද ... පින් පිණිස ද බෙහෙත් පිණිස ද ... පින් පිණිස ද දන් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:266.5
19. යාග පිණිස ද සග පිණිස ද ... යාග පිණිස ද බීජ පිණිස ද ... යාග පිණිස ද විමසුම පිණිස ද ... යාග පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. යාග පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... යාග පිණිස ද සුව පිණිස ද ... යාග පිණිස ද බෙහෙත් පිණිස ද ... යාග පිණිස ද දානය පිණිස ද ... යාග පිණිස ද පින් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:266.6
20. සග පිණිස ද ගැබ් පිණිස ද ... සග පිණිස ද විමසුම පිණිස ද ... සග පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. සග පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... සග පිණිස ද සුව පිණිස ද ... සග පිණිස ද බෙහෙත් පිණිස ද ... සග පිණිස ද කෙළි පිණිස ද ... සග පිණිස ද පින් පිණිස ද ... සග පිණිස ද යාග පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:268.1
21. ගැබ් පිණිස ද විමසුම් පිණිස ද ... ගැබ් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ගැබ් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... ගැබ් පිණිස ද සුව පිණිස ද ... ගැබ් පිණිස ද බෙහෙත් පිණිස ද ... ගැබ් පිණිස ද දන් පිණිස ද ... ගැබ් පිණිස ද පින් පිණිස ද ... ගැබ් පිණිස ද යාග පිණිස ද ... ගැබ් පිණිස ද සග පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:268.2
22. විමසුම් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම් වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. විමසුම් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... විමසුම් පිණිස ද සුව පිණිස ද ... විමසුම් පිණිස ද බෙහෙත් පිණිස ද ... විමසුම් පිණිස ද දන් පිණිස ද ... විමසුම් පිණිස ද පින් පිණිස ද ... විමසුම් පිණිස ද යාග පිණිස ද ... විමසුම් පිණිස ද සග පිණිස ද ... විමසුම් පිණිස ද ගැබ් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:268.3
23. කෙළි පිණිස ද ආරෝග්‍යය පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. කෙළි පිණිස ද සුව පිණිස ද ... කෙළි පිණිස ද බෙහෙත් පිණිස ද ... කෙළි පිණිස ද දන් පිණිස ද ... කෙළි පිණිස ද පින් පිණිස ද ... කෙළි පිණිස ද යාග පිණිස ද ... කෙළි පිණිස ද සග පිණිස ද ... කෙළි පිණිස ද ගැබ් පිණිස ද ... කෙළි පිණිස ද විමසුම් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:268.4
ඒකමූලකබද්ධචක්‍රය සංක්‍ෂේප කරණ ලදී.
vp-prj-3:268.5
ඒකමූලක චක්‍රපෙය්‍යාලය නිමි.
vp-prj-3:268.6
24. ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද බෙහෙත් පිණිස සිතයි නම්, වෑයම් කෙරෙයි නම් මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ... ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:268.7
ද්විමූලක ඛණ්ඩචක්‍රය නිමි.
vp-prj-3:268.8
25. සුව පිණිස ද බෙහෙත් පිණිස ද දන් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟ වෙසෙස් ඇවැත් වේ. ... සුව පිණිස ද බෙහෙත් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟ වෙසෙස් ඇවැත් වේ. සුව පිණිස ද බෙහෙත් පිණිස ද ආරෝග්‍යය පිණිස ද සිතයි නම් වෑයම් කෙරෙයි නම් මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:268.9
ද්විමූලක බද්ධචක්‍රය සංක්‍ෂිප්තයි.
vp-prj-3:270.1
26. විමසීම පිණිස ද කෙළි පිණිස ද ආරෝග්‍යය පිණිස ද සිතයි, වෑයම් කෙරෙයි, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ... විමසීම පිණිස ද කෙළි පිණිස ද සුව පිණිස ද ... විමසීම පිණිස ද කෙළි පිණිස ද ගැබ් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟ වෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:270.2
ද්විමූලකය නිමි.
vp-prj-3:270.3
27. තිමූලකය ද, චතුමූලකය ද, පඤ්චමූලකය ද, ඡමූලකය ද, සත්තමූලකය ද, අට්ඨමූලකය ද, නවමූලකය ද මෙසේ ම විස්තර කටයුතු ය.
vp-prj-3:270.4
මේ සබ්බමූලකයයි.
vp-prj-3:270.5
28. ආරෝග්‍යය පිණිස ද සුවය පිණිස ද බෙහෙත් පිණිස ද දන් පිණිස ද පින් පිණිස ද යාගය පිණිස ද සග පිණිස ද ගැබ් පිණිස ද විමංසනය පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟ වෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:270.6
සබ්බමූලකය නිමි.
vp-prj-3:270.7
චක්කපෙය්‍යාලය නිමි.
vp-prj-3:270.8
29. නිල්වන් ද කහවන් ද සිතයි, වෑයම් කෙරෙයි, මිදෙයි, සඟවෙසෙස් ඇවැත් වේ. නිල්වන් ද ලේ වන් ද ... නිල්වන් ද සුදු වන් ද ... නිල්වන් ද මොහොරු වන් ද ... නිල්වන් ද දියවන් ද ... නිල්වන් ද තෙල්වන් ද ... නිල්වන් ද කිරිවන් ද ... නිල්වන් ද දිහිවන් ද ... නිල්වන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:270.9
ඒකමූලක ඛණ්ඩචක්‍රය නිමි.
vp-prj-3:270.10
30. කහවන් ද ලේවන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. කහවන් ද සුදුවන් ද ... කහවන් ද මෝරුවන් ද ... කහවන් ද දියවන් ද ... කහවන් ද තෙල්වන් ද ... කහවන් ද කිරිවන් ද ... කහවන් ද දිහිවන් ද ... කහවන් ද ගිතෙල්වන් ද ... කහවන් ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:270.11
ඒකමූලක බද්ධචක්‍රය
vp-prj-3:272.1
31. ලේවන් ද සුදුවන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ලෙහෙවන් ද මෝරුවන් ද ... ලෙහෙවන් ද දියවන් ද ... ලෙහෙවන් ද තෙල්වන් ද ... ලෙහෙවන් ද කිරිවන් ද ... ලෙහෙවන් ද දිහිවන් ද ... ලෙහෙවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:272.2
32. ලෙහෙවන් ද නිල්වන් ද ... ලෙහෙවන් ද කහවන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. සුදුවන් ද මෝරුවන් ද ... සුදුවන් ද දියවන් ද ... සුදුවන් ද තෙල්වන් ද ... සුදුවන් ද කිරිවන් ද ... සුදුවන් ද දීවන් ද ... සුදුවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. සුදුවන් ද නිල්වන් ද ... සුදුවන් ද කහවන් ද ... සුදුවන් ද ලෙහෙවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:272.3
33. මෝරුවන් ද දියවන් ද ... මෝරුවන් ද තෙල්වන් ද ... මෝරුවන් ද කිරිවන් ද ... මෝරුවන් ද දීවන් ද ... මෝරුවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. මෝරුවන් ද නිල්වන් ද ... මෝරුවන් ද කහවන් ද ... මෝරුවන් ද ලෙහෙවන් ද ... මෝරුවන් ද සුදුවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:272.4
34. දියවන් ද තෙල්වන් ද ... දියවන් ද කිරිවන් ද ... දියවන් ද දීවන් ද ... දියවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. දියවන් ද නිල්වන් ද ... දියවන් ද කහවන් ද ... දියවන් ද ලෙහෙවන් ද ... දියවන් ද සුදුවන් ද ... දියවන් ද මෝරුවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:272.5
35. තෙල්වන් ද කිරිවන් ද ... තෙල්වන් ද දීවන් ද ... තෙල්වන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. තෙල්වන් ද නිල්වන් ද ... තෙල්වන් ද කහවන් ද ... තෙල්වන් ද ලෙහෙවන් ද ... තෙල්වන් ද සුදුවන් ද ... තෙල්වන් ද මෝරුවන් ද ... තෙල්වන් ද දියවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:272.6
36. කිරිවන් ද දීවන් ද ... කිරිවන් ද ගිතෙල්වන් ද ... සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. කිරිවන් ද නිල්වන් ද ... කිරිවන් ද කහවන් ද ... කිරිවන් ද ලෙහෙවන් ද ... කිරිවන් ද සුදුවන් ද ... කිරිවන් ද මෝරුවන් ද ... කිරිවන් ද දියවන් ද ... කිරිවන් ද තෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:274.1
37. දිහිවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. දීවන් ද නිල්වන් ද ... දීවන් ද කහවන් ද ... දීවන් ද ලෙහෙවන් ද ... දීවන් ද සුදුවන් ද ... දීවන් ද මෝරුවන් ද ... දීවන් ද දියවන් ද ... දීවන් ද තෙල්වන් ද ... දීවන් ද කිරිවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:274.2
38. ගිතෙල්වන් ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ගිතෙල්වන් ද කහවන් ද ... ගිතෙල්වන් ද ලේවන් ද ... ගිතෙල්වන් ද සුදුවන් ද ... ගිතෙල්වන් ද මෝරුවන් ද ... ගිතෙල්වන් ද දියවන් ද ... ගිතෙල්වන් ද තෙල්වන් ද ... ගිතෙල්වන් ද කිරිවන් ද ... ගිතෙල්වන් ද දීවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:274.3
ඒකමූලක බද්ධචක්‍රය නිමි.
vp-prj-3:274.4
39. නිල්වන් ද කහවන් ද ලේවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. නිල්වන් ද කහවන් ද සුදුවන් ද ... නිල්වන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:274.5
ද්විමූලක ඛණ්ඩචක්‍රය.
vp-prj-3:274.6
40. කහවන් ද ලේවන් ද සුදුවන් ද සිතයි නම්, වෑයමක් කරයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ... කහවන් ද ලේවන් ද ගිතෙල්වන් ද ... කහවන් ද ලේවන් ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:274.7
ද්විමූලක බද්ධචක්‍රය නිමි.
vp-prj-3:274.8
41. දිහිවන් ද ගිතෙල්වන් ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. දිහිවන් ද ගිතෙල්වන් ද කිරිවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:274.9
ද්විමූලකය නිමි.
vp-prj-3:274.10
42. තිමූලකය ද චතුමූලකය ද පඤ්චමූලකය ද ඡමූලකය ද සත්තමූලකය ද අට්ඨමූලකය ද නවමූලකය ද මෙසේ ම විස්තර කටයුතුයි.
vp-prj-3:276.1
මේ සබ්බමූලකය යි.
vp-prj-3:276.2
43. නිල්වන් ද කහවන් ද ලේවන් ද සුදුවන් ද මෝරුවන් ද දියවන් ද තෙල්වන් ද කිරිවන් ද දීවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
vp-prj-3:276.3
සබ්බමූලකය නිමි.