Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවත්තුවිස්සාරකස්ස එකමූලකස්ස බද්ධචක්කං.
Sinhala BJTකියනු කැමැති වැ එය සඳහන් නොකරන්නහුගේ ඒකමූලක බද්ධචක්‍රයයි.
Pali BJTමූලකං සංඛිත්තං.
Sinhala BJTමූලකය සංක්‍ෂිප්ත යි.
Pali BJT1. තීහාකාරෙහි ‘මොහා මෙ චිත්තං විනීවරණ’න්ති වත්තුකාමො ‘පඨමං ඣානං සමාපජ්ජි’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස; න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT1. තුන් අයුරකින් ‘මා සිත මෝහයෙන් නිරාවරණය’ යි කියනු කැමැත්තේ ‘පළමුවන දැහැනට සමවැදිමි’ යි දන්නක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නකුට කියන මහණහට ථුලැසි ඇවැත් වේ.
Pali BJT2. තීහාකාරෙහි ‘මොහා මෙ චිත්තං විනීවරණ’න්ති වත්තුකාමො ‘දොසා මෙ චිත්තං විනීවරණ’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස; න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT2. තුන් අයුරකින් ‘මා සිත මෝහයෙන් නිරාවරණය’ යි කියනු කැමැත්තේ ‘මා සිත ද්වේෂයෙන් නිරාවරණය’ යි දන්නා පුඟුලක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නොදන්නක්හු වෙත කියන මහණහට ථුලැසිඇවැත් වේ.
Pali BJTවත්තුවිස්සාරකස්ස එකමූලකං නිට්ඨිතං.
Sinhala BJTකියනු කැමති වැ එය සඳහන් නොකරන්නහුගේ එකමූලකය නිමි.
Pali BJT3. දුමූලකම්පි තිමූලකම්පි චතුමූලකම්පි පඤ්චමූලකම්පි ඡමූලකම්පි සත්තමූලකම්පි අට්ඨමූලකම්පි නවමූලකම්පි දසමූලකම්පි එවමෙව කාතබ්බං.
Sinhala BJT3. දිමූලකය ද, තිමූලකය ද, චතුමූලකය ද, පඤ්චමූලකය ද, ඡමූලකය ද, සත්තමූලකය ද, අට්ඨමූලකය ද, නවමූලකය ද, දසමූලකය ද මෙසේ ම විස්තර කටයුතු යි.
Pali BJTඉදං සබ්බමූලකං.
Sinhala BJTමේ සබ්බමූලකය යි.
Pali BJT1. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි ‘පඨමඤ්ච ඣානං දුතියඤ්ච ඣානං තතියඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං සුඤ්ඤතඤ්ච විමොක්ඛං අනිමිත්තඤ්ච විමොක්ඛං අප්පණිහිතඤ්ච විමොක්ඛං සුඤ්ඤතඤ්ච සමාධිං අනිමිත්තඤ්ච සමාධිං අප්පණිහිතඤ්ච සමාධිං සුඤ්ඤතඤ්ච සමාපත්තිං අනිමිත්තඤ්ච සමාපත්තිං අප්පණිහිතඤ්ච සමාපත්තිං තිස්සො ච විජ්ජා චත්තාරො ච සතිපට්ඨානෙ චත්තාරො ච සම්මප්පධානෙ චත්තාරො ච ඉද්ධිපාදෙ පඤ්ච ච ඉන්ද්රියානි පඤ්ච ච බලානි සත්ත ච බොජ්ඣඞ්ගෙ අරියඤ්ච අට්ඨඞ්ගිකං මග්ගං සොතාපත්තිඵලඤ්ච සකදාගාමිඵලඤ්ච අනාගාමිඵලඤ්ච අරහත්තඤ්ච සමාපජ්ජිං -පෙ- රාගො ච මෙ චත්තො -පෙ- දොසො ච මෙ චත්තො -පෙ- මොහො ච මෙ චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතො, රාගා ච මෙ චිත්තං විනීවරණං. දොසා ච මෙ චිත්තං විනීවරණ’න්ති වත්තුකාමො මොහා මෙ චිත්තං විනීවරණ’න්ති{1} සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස: -පෙ- විනිධාය භාවං.
Sinhala BJT1. තුන් අයුරකින් ... සත් අයුරකින් ‘පළමුවන දැහැනට ද දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද අනිමිත්තවිමොක්ඛයට ද අප්පණිහිතවිමොක්ඛයට ද සුඤ්ඤත සමාධියට ද අනිමිත්තසමාධියට ද අප්පණිහිත සමාධියට ද සුඤ්ඤතසමාපත්තියට ද අනිමිත්තසමාපත්තියට ද අප්පණිහිතසමාපත්තියට ද ත්‍රිවිද්‍යාවට ද සතර සතිපට්ඨානයට ද, සතර සම්‍යක් පධන්වීර්‍ය්‍යයන්ට ද සතර ඍද්ධිපාදයන්ට ද පඤ්චේන්‍ද්‍රියන්ට ද පඤ්චබලයන්ට ද සත්තබොජ්ඣඞ්ගයන්ට ද අරිඅටගිමඟට ද සෝවාන් ඵලයට ද සකදාගාමි ඵලයට ද අනාගාමි ඵලයට ද රහත් බවට ද සමවැදිමි. ... ම විසින් රාගය ද හරණ ලද. මා විසින් ද්වේෂය ද හරණ ලද. මා විසින් මෝහය ද හරණ ලද. විගතාන්තකරණ ලද. මුදන ලද. පහකරණ ලද. බැහැර කරණ ලද. උපුටා හරිණ ලද. හැම අයුරින් උපුටා හරිණ ලද. ‘මා සිත රාගයෙන් ද නිරාවරණය. මා සිත ද්වේෂයෙන්ද නිරාවරණය’ යි කියනු කැමැත්තේ, ‘මා සිත මෝහයෙන් ද නිරාවරණය’යී දන්නකුට දැන දැන මුසවා කියන ‘මහණහට පරිජිඇවැත් වේ. නො දන්නකුට කියන මහණහට ථුලැසිඇවැත් වේ. ... භාවය සඟවාගෙණයි.
Pali BJT2. තීහාකාරෙහි ‘දුතියඤ්ච ඣානං තතියඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං සුඤ්ඤතඤ්ච විමොක්ඛං අනිමිත්තඤ්ච විමොක්ඛං අප්පණිහිතඤ්ච විමොක්ඛං සුඤ්ඤතඤ්ච සමාධිං අනිමිත්තඤ්ච සමාධිං අප්පණිහිතඤ්ච සමාධිං සුඤ්ඤතඤ්ච සමාපත්තිං අනිමිත්තඤ්ච සමාපත්තිං අප්පණිහිතඤ්ච සමාපත්තිං තිස්සො ච විජ්ජා චත්තාරො ච සතිපට්ඨානෙ චත්තාරො ච සම්මප්පධානෙ චත්තාරො ච ඉද්ධිපාදෙ පඤ්ච ච ඉන්ද්රියානි පඤ්ච ච බලානි සත්ත ච බොජ්ඣඞ්ගෙ අරියඤ්ච අට්ඨඞ්ගිකං මග්ගං සොතාපත්තිඵලං ච සකදාගාමිඵලං ච අනාගාමිඵලං ච අරහත්තං ච සමාපජ්ජිං, රාගො ච මෙ චත්තො, දොසො ච මෙ චත්තො, මොහො ච මෙ චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතො, රාගා ච මෙ චිත්තං විනීවරණං, දොසා ච මෙ චිත්තං විනීවරණං, මොහා ච මෙ චිත්තං විනීවරණ’න්ති වත්තුකාමො ‘පඨමං ඣානං සමාපජ්ජි’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT2. තුන් අයුරකින් ‘දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද අනිමිත්තවිමොක්ඛයට ද අප්පණිහිතවිමොක්ඛයට ද සුඤ්ඤතසමාධියට ද අනිමිත්තසමාධියට ද අප්පණිහිත සමාධියට ද සුඤ්ඤතසමාපත්තියට ද අනිමිත්තසමාපත්තියට ද අප්පණිහිතසමාපත්තියට ද ත්‍රිවිද්‍යාවට ද සතර සතිපට්ඨානයට ද සතර සම්මාපධානයන්ට ද සතර ඉද්ධිපාදයන්ට ද පඤ්චඉන්‍ද්‍රියයන්ට ද පඤ්චබලයන්ට ද සත්තබොජ්ඣඞ්ගයන්ට ද අරිඅටගිමඟට ද සෝවාන්ඵලයට ද සකදාගාඵලයට ද අනාගාමිඵලයට ද රහත්බවට ද සම වැදිමි. ... මා විසින් රාගය ද හරණ ලද. මා විසින් ද්වේෂය ද හරණ ලද. මා විසින් මෝහය ද හරණ ලද. විහිට. මිදින. පැහින. නෙරිණ. උපුළ. මැනවින් උපුළ. මා සිත රාගයෙන් ද අනීවරණය. මා සිත ද්වේෂයෙන් අනාවරණය මා සිත මෝහයෙන් නිරාවරණය’ යි කියනු කැමැත්තේ ‘පළමුවන දැහැනට සමවැදිමි’ යි දන්නකුට දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නොදන්නකුට කියන මහණහට ථුලැසිඇවැත් වේ.
Pali BJT3. තීහාකාරෙහි ‘තතියඤ්ච ඣානං චතුත්ථං ච ඣානං -පෙ- මොහා ච මෙ චිත්තං විනීවරණං -පෙ- පඨමඤ්ච ඣානං සමාපජ්ජි’න්ති වත්තුකාමො ‘දුතියං ඣානං සමාපජ්ජි’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT3. තුන් අයුරකින් තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද ... මා සිත මෝහයෙන් ද නිරාවරණය. ... පළමුවන දැහැනට ද සමවැදිමි යි කියනු කැමැත්තේ දෙවන දැහැනට සමවැදිමි යි දන්නෙකුට දැන දැන මුසවා කියන මහණට පරිජිඇවැත් වේ. නොදන්නකුට කියන මහණහට ථුලැසිඇවැත් වේ.
Pali BJT4. තීහාකාරෙහි ‘මොහා ච මෙ චිත්තං විනීවරණං පඨමඤ්ච ඣානං දුතියඤ්ච ඣානං තතියඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං -පෙ- රාගා ච මෙ චිත්තං විනීවරණ’න්ති වත්තුකාමො: ‘දොසා ච මෙ චිත්තං විනීවරණ’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති -පෙ- විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT4. තුන් අයුරකින් ‘මා සිත මෝහයෙන් ද නිරාවරණය’ පළමුවන දැහැනට ද දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද ... මා සිත රාගයෙන් ද නිරාවරණ යයි කියනු කැමැත්තේ මා සිත ද්වේෂයෙන් නිරාවරණය’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නකු හමුයෙහි කියන මහණහට ථුලැසිඇවැත් වේ. පෙර ම ඔහුට ‘මුසවා කියන්නෙමි’ යි සිත වෙයි. කියන මහණහට ‘මුසවා කියමි’ යි සිත වෙයි. බිණුවහුට ‘මා විසින් මුසවා කියන ලදැ’ යි සිත වෙයි. ... දෘෂ්ටිය – ඛන්තිය – රුචිය – භාවය සඟවාගෙණයි.
Pali BJTසබ්බමූලකං.
Sinhala BJTසබ්බමූලකය යි.
Pali BJTවත්තුවිස්සාරකස්ස චක්කපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTකියනු කැමැති ව එය සඳහන් නො කරන්නහුගේ චක්කපෙය්‍යාලය නිමි.
Pali BJTවත්තුකාමවාරකථා නිට්ඨිතා.
Sinhala BJTවත්තුකාමවාර කථාව නිමි.
Pali BJT1. තීහාකාරෙහි ‘යො තෙ විහාරෙ වසි, සො භික්ඛු පඨමං ඣානං සමාපජ්ජි, සමාපජ්ජති, සමාපන්නො, සො භික්ඛු පඨමස්ස ඣානස්ස ලාභී, වසී, තෙන භික්ඛුනා පඨමං ඣානං සච්ඡිකත’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස; න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස: පුබ්බෙවස්ස{1} හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති.
Sinhala BJT1. තුන් අයුරකින් ‘යම් මහණෙක් තොප විහාරයෙහි විසී ද ඒ මහණ තෙමේ පළමුවන දැහැනට සමවැදිනි. සමවදියි. සමවැදුනේ වෙ යි; ඒ මහණ පළමුවන දැහැන ලාභියෙක. වශියෙක. ඒ මහණ විසින් පළමුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි.
Pali BJT2. චතූහාකාරෙහි -පෙ- පඤ්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි යො තෙ විහාරෙ වසි, සො භික්ඛු ‘පඨමං ඣානං සමාපජ්ජි සමාපජ්ජති සමාපන්නො, සො භික්ඛු පඨමස්ස ඣානස්ස ලාභී, වසී, තෙන භික්ඛුනා පඨමං ඣානං සච්ඡිකත’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති, දුක්කටස්ස. පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT2. සිවු අයුරකින් ... පස් අයුරකින් ... ස අයුරකින් ... සත් අයුරකින් ‘යම් මහණෙක් තොප විහාරයෙහි විසී ද ඒ මහණ තෙමේ පළමුවන දැහැනට සමවැදිනි, සමවදියි, සමවැදුනේ වෙයි. ඒ මහණ ප්‍රථමධ්‍යාන ලාභීය, වශීය, ඒ මහණ විසින් පළමුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නොදන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවාගෙණය.
Pali BJT3. තීහාකාරෙහි ‘යො තෙ විහාරෙ වසි සො භික්ඛු දුතියං ඣානං- තතියං ඣානං- චතුත්ථං ඣානං- සුඤ්ඤතං විමොක්ඛං- අනිමිත්තං විමොක්ඛං- අප්පණිහිතං විමොක්ඛං- සුඤ්ඤතං සමාධිං- අනිමිත්තං සමාධිං- අප්පණිහිතං සමාධිං- සුඤ්ඤතං සමාපත්තිං- අනිමිත්තං සමාපත්තිං- අප්පණිහිතං සමාපත්තිං- තිස්සො විජ්ජා- චත්තාරො සතිපට්ඨානෙ- චත්තාරො සම්මප්පධානෙ- චත්තාරො ඉද්ධිපාදෙ- පඤ්ච ඉන්ද්රියානි- පඤ්ච බලානි- සත්ත බොජ්ඣඞ්ගෙ- අරියං අට්ඨඞ්ගිකං - මග්ගං සොතාපත්තිඵලං - සකදාගාමිඵලං - අනාගාමිඵලං - අරහත්තං - සමාපජ්ජි - සමාපජ්ජති - සමාපන්නො - සො භික්ඛු අරහත්තස්ස ලාභී - වසී - තෙන භික්ඛුනා අරහත්තං සච්ඡිකත’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. තුන් අයුරකින් ‘යම් මහණෙක් තොප විහාරයෙහි විසී ද ඒ මහණ දෙවන දැහැනට – තෙවන දැහැනට – සිවුවන දැහැනට – සුඤ්ඤතවිමොක්ඛයට – අනිමිත්තවිමොක්ඛයට – අප්පණිහිතවිමොක්ඛයට – සුඤ්ඤතසමාධියට – අනිමිත්තසමාධියට – අප්පණිහිතසමාධියට – සුඤ්ඤතසමාපත්තියට – අනිමිත්තසමාපත්තියට – අප්පණිහිතසමාපත්තියට – ත්‍රිවිද්‍යාවට – සතරසතිපට්ඨානයන්ට – සතර සම්මප්පධානයන්ට – සතර ඉද්ධිපාදයන්ට – පඤ්ච ඉන්‍ද්‍රියයන්ට – පඤ්ච බලයන්ට – සත්ත බොජ්ඣඞ්ගයන්ට – අරිඅටගිමඟට – සෝවාන් ඵලයට – සකදාගාමීඵලයට – අනාගාමීඵලයට – රහත්බවට සමවැදිනි. සමවදියි. සමවැදුනේ වෙයි. ඒ මහණ තෙමේ අර්‍හත්‍ව ලාභියෙක. වසියෙක. ඒ මහණ විසින් රහත් බව පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුයෙහි කියන මහණහට දුකුළා ඇවැත් වේ.
Pali BJT4. තීහාකාරෙහි{1} ‘තස්ස භික්ඛුනො රාගො චත්තො- දොසො චත්තො- මොහො චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතො’ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT4. තුන් අයුරකින් ‘ඒ මහණහු විසින් රාගය හරණ ලද ... ද්වේෂය හරණ ලද ... මෝහය හරණ ලද. විහිට. මිදින. පැහින. නෙරිණ. උපුළ. මැනවින් උපුළැයි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නොදන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ.
Pali BJT5. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි තස්ස භික්ඛුනො රාගා චිත්තං විනීවරණං- දොසා චිත්තං විනීවරණං- මොහා චිත්තං විනීවරණ’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස, පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති, “මුසා භණාමී”ති, භණිතස්ස හොති, “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT5. තුන් අයුරකින් ... සත් අයුරකින් ඒ මහණහුගේ සිත රාගයෙන් නිරාවරණය ... සිත ද්වේෂයෙන් නිරාවරණය ... සිත මෝහයෙන් නිරාවරණයයි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණුවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවාගෙණ ය.
Pali BJT6. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි ‘යො තෙ විහාරෙ වසි, සො භික්ඛු සුඤ්ඤාගාරෙ පඨමං ඣානං- දුතියං ඣානං- තතියං ඣානං- චතුත්ථං ඣානං සමාපජ්ජි- සමාපජ්ජති සමාපන්නො -පෙ- සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථස්ස ඣානස්ස ලාභී, වසී, තෙන භික්ඛුනා සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සච්ඡිකත’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස, පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.{2}
Sinhala BJT6. තුන් අයුරකින් ... සත් අයුරකින් ‘යම් මහණෙක් තොප විහාරයෙහි විසී ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට සමවැදිනි. සමවදියි ... සමවැදුනේ වෙයි. ... ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යාන ලාභියෙක වසියෙකි. ඒ මහණ විසින් ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නොදන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවාගෙණ ය.
Pali BJT7. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි ‘යො තෙ විහාරං පරිභුඤ්ජි.{1} යො තෙ චීවරං පරිභුඤ්ජි, යො තෙ පිණ්ඩපාතං පරිභුඤ්ජි, යො තෙ සෙනාසනං පරිභුඤ්ජි, යො තෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජි, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සමාපජ්ජි-සමාපජ්ජති-සමාපන්නො, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථස්ස ඣානස්ස ලාභී, වසී. තෙන භික්ඛුනා සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සච්ඡිකත’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස. -පෙ-
Sinhala BJT7. තුන් අයුරකින් ... ‘සත් අයුරකින් යම් මහණෙක් තොපගේ විහාරය පරිභෝග කළේ ද, යම් මහණෙක් තොපගේ සිවුරු පරිභෝග කළේ ද, යමෙක් තොපගේ පිණ්ඩපාතය පරිභෝග කළේ ද, යමෙක් තොපගේ සෙනසුන පරිභෝග කළේ ද, යමෙක් තොපගේ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කළේ ද ඒ මහණ තෙමේ ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැනට සමවැදිනි. ... සමවදියි. සමවැදුනේ වෙයි. ඒ මහණ තෙමේ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානලාභියෙක, වසියෙකි, ඒ මහණ විසින් ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැන පසක් කරණ ලදැ’යි දන්නකු හමුවෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසි ඇවැත් වේ. නො දන්නහු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. ...
Pali BJT8. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි ‘යෙන තෙ විහාරො පරිභුත්තො. යෙන තෙ චීවරං පරිභුත්තං, යෙන තෙ පිණ්ඩපාතො පරිභුත්තො, යෙන තෙ සෙනාසනං පරිභුත්තං, යෙන තෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො පරිභුත්තො, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සමාපජ්ජි - සමාපජ්ජති - සමාපන්නො, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථස්ස ඣානස්ස ලාභී, වසී. තෙන භික්ඛුනා සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සච්ඡිකතන්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස. -පෙ-
Sinhala BJT8. තුන් අයුරකින් ... ‘සත් අයුරකින් යම් මහණකු විසින් තොප විහාරය පරිභෝග කරණ ලද ද, යමකු විසින් තොපගේ සිවුරු පරිභෝග පරිභෝග කරණ ලද ද, යමකු විසින් තොපගේ පිණ්ඩපාතය පරිභෝග කරණ ලද ද, යමකු විසින් තොපගේ සෙනසුන පරිභෝග කරණ ලද ද යමකු විසින් තොපගේ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරණ ලද ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැනට සමවැදිනි. ... සමවදියි. ... සමවැදුනේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානලාභීය. වසියෙකි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුවෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. ...
Pali BJT9. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි ‘යං ත්වං ආගම්ම විහාරං අදාසි, චීවරං අදාසි, පිණ්ඩපාතං අදාසි, සෙනාසනං අදාසි, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අදාසි, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සමාපජ්ජි- සමාපජ්ජති- සමාපන්නො, සො භික්ඛු සුඤ්ඤාගාරෙ චතුත්ථස්ස ඣානස්ස ලාභී, වසී. තෙන භික්ඛුනා සුඤ්ඤාගාරෙ චතුත්ථං ඣානං සච්ඡිකත’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස. පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති , භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT9. තුන් අයුරකින් ... ‘සත් අයුරකින් තෝ යම් මහණකු වෙත පැමිණ විහාරය පිදුවෙහි ද, සිවුරු පිදුවෙහි ද, පිඬු පිදුවෙහි ද, සෙනසුනක් පිදුවෙහි ද, ගිලන්පස බෙහෙත් පිරිකර පිදුවෙහි ද, ඒ මහණ තෙමේ ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැනට සමවැදිනි. ... සමවදියි. ... සමවැදුනේ වෙයි. ඒ මහණ තෙමේ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානලාභීය, වසියෙකි, ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුවෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුවෙහි කියන මණහට දුකුළාඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි, කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මා විසින් “මුසවා කියන ලද” යි සිත වෙයි. දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවා ගෙණ යි.
Pali BJTපෙය්යාලපණ්ණරසකං නිට්ඨිතං.
Sinhala BJTපෙය්‍යාලපණ්ණරසකය නිමි.
Pali BJTපච්චයපටිසංයුත්තවාරකථා නිට්ඨිතා.
Sinhala BJTප්‍රත්‍යයප්‍රතිසංයුක්තවාරකථාව නිමි.
Pali BJTඋත්තරිමනුස්සධම්මචක්කපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTඋතුරු මිනිස්දම් පිළිබඳ චක්කපෙය්‍යාලය නිමි.
Pali BJTඅනාපත්ති අධිමානෙන, අනුල්ලපනාධිප්පායස්ස, උම්මත්තකස්ස, ඛිත්තචිත්තස්ස, වෙදනට්ටස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅධිමානයෙන් කියන්නහුට ද උතුරුමිනිස්දම් නො කියැටි මහණහට ද උමතුවූවහුට ද පෙරළි සිත් ඇත්තහුට ද වේදනාවෙන් පෙළුනහුට ද ආදිකම්මිකයාට ද ඇවැත් නො වේ.
Pali BJTවිනීතවත්ථු
Sinhala BJTවිනිශ්චිත කථාවස්තු
Pali BJTඋද්දානගාථා:
Sinhala BJTඋද්දානගාථා:
Pali BJTඅධිමානෙන ‘රඤ්ඤම්හි{1} පිණ්ඩොපජ්ඣාරියාපථො, සඤ්ඤොජනා රහො ධම්මා විහාරෙ{2} පච්චුපට්ඨිතො.
Sinhala BJTඅධිමානෙන ය, අරඤ්ඤම්හි ය, පිණ්ඩ යයි වස්තු තුණෙක, උපජ්ඣාය වස්තු දෙකය, ඉරියාපථ වස්තු සතර ය, සංයෝජන වස්තු ය, රහෝධම්ම වස්තු දෙක ය, විහාරවස්තු ය, පච්චුපට්ඨිත (උපට්ඨිත) වස්තු ය.
Pali BJTන දුක්කරං වීරියමථොපි මච්චුනො යස්සාවුසො{3} විප්පටිසාරී සම්මා, විරියෙන යොගෙන ආරාධනාය අථ වෙදනාය අපරෙ{4} දුවෙ.
Sinhala BJTනදුක්කර වස්තු ය, විරිය වස්තු ය, මච්චු වස්තුව ය, විප්පටිසාර වස්තු ය, සම්මාපයුත්ත වස්තු ය, ආරද්ධවිරිය වස්තු ය, යුත්තයෝග ආරාධන වස්තු ය, වැලිදු අනික් වේදනා වස්තු දෙක ය.
Pali BJTබ්රාහ්මණෙ පඤ්චවත්ථූනි, අඤ්ඤබ්යාකරණා තයො, අගාරාවරණා කාමා රති වාපි ච පක්කමො.{5}
Sinhala BJTබ්‍රාහ්මණවස්තු පසෙක, අඤ්ඤබ්‍යාකරණ වස්තු තුණ ය, අගාරාවරණ වස්තුව ය, කාමාවරණ වස්තු ය, අභිරති වස්තු ය, පක්කම වස්තු ය.
Pali BJTඅට්ඨිපෙසි උභො ගාවො ඝාතකා{6}; පිණ්ඩො සාකුණිකො නිච්ඡවොරබ්භි{7} අසි ච සූකරි සත්ති මාගවි උසු ච කාරණිකො සූචි සාරථි.
Sinhala BJTඅට්ඨි – පෙසි ගෝඝාතක වස්තු දෙක ය, මංසපිණ්ඩ සාකුණික වස්තු ය. නිච්ඡවිඕරබ්භික වස්තු ය, අසිලෝමසූකරිකවස්තු ය, සත්තිලෝම මාගවික වස්තු ය, උසුලොම කාරණික වස්තු ය, සුචිලෝම සාරථි වස්තු ය.
Pali BJTයො ච සිබ්බීයති සූචකො හි සො අණ්ඩහාරි අහු ගාමකූටකො, කූපෙ නිමුග්ගො හි සො පාරදාරිකො ගූථඛාදි අහු දුට්ඨබ්රාහ්මණො.
Sinhala BJTයමෙක් සූචියෙන් මැසේ ද ඒ සූචක වස්තු ය, අණ්ඩහාරී ගාමකූටක වස්තු ය, ගූථකූපයෙහි නිමග්න පාරදාරික වස්තු ය, ගූථඛාදී දුෂ්ට බ්‍රාහ්මණ වස්තු ය.
Pali BJTනිච්ඡවිත්ථි අතිචාරිනී අහු මඞ්ගුලිත්ථි අහු ඉක්ඛණිත්ථිකා, ඔකිලිනී{8} සපත්තඞ්ගාරොකිරි සීසච්ඡින්නො අහු චොරඝාතකො.
Sinhala BJTනිච්ඡවිඅතිවාරිණි වස්තු ය, මඞ්ගුලීඉක්ඛණිකා වස්තු ය. ඔකිලිනී සපත්තඞ්ගාර වස්තු ය, සීසච්ඡින්න චෝරඝාතක වස්තු ය.
Pali BJTභික්ඛු භික්ඛුනී සික්ඛමානා සාමණෙරො අථ සාමණෙරිකා, කස්සපස්ස විනයස්ස පබ්බජුං පාපකම්මමකරිංසු තාවදෙ.
Sinhala BJTභික්ඛු ය, භික්ඛුණි ය, සික්ඛමානා ය, සාමණේර ය, සාමණේරි ය යන මොහු කසුප් බුදු සස්නෙහි පැවිදිවූවාහු එකල්හි පව් කළාහු ය. ඔවුන්ගේ වස්තු ය.
Pali BJTතපොදා රාජගහෙ යුද්ධං නාගානොගාහනෙන ච, සොභිතො අරහං භික්ඛු පඤ්ච කප්පසතං සරෙති.
Sinhala BJTතපෝදාය, රාජගහයුද්ධය, නාගානෝගාහනය, රහත් වූ සෝභිත මහණ පන්සිය කපක් සිහිකෙරෙයි යන මේ වස්තු දැයි විනීතවස්තු සැටකි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අධිමානෙන අඤ්ඤං ව්යාකාසි. තස්ස කුක්කුච්චං අහොසි: ‘භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං, කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නො’ති. අථ ඛො සො භික්ඛු භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- අනාපත්ති භික්ඛු අධිමානෙනාති. (1)
Sinhala BJT1. එසමයෙහි එක්තරා මහණෙක් අධිමානයෙන් අර්‍හත්ත්‍වය ප්‍රකාශ කළේ ය. ඒ මහණහට කුකුස් විය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. කිම? මම පරිජිඇවැත් අවන්නෙම් දෝ”යි ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ අධිමානයෙන් කියන්නහුට ඇවැත් නො වේ. (1)
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පණිධාය අරඤ්ඤෙ විහරති “එවං මං ජනො සම්භාවෙස්සතී”ති. තං ජනො සම්භාවෙසි. තස්ස කුක්කුච්චං අහොසි.{9} භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. න ච භික්ඛවෙ පණිධාය අරඤ්ඤෙ වත්ථබ්බං, යො වසෙය්ය, ආපත්ති දුක්කටස්සාති. (2)
Sinhala BJT2. එසමයෙහි එක්තරා මහණෙක් බුහුමන් පතා වෙනෙහි වෙසෙයි “ජන තෙමේ මට සම්භාවනා කරන්නේ” යි. ජන තෙමේ ඒ මහණහට සම්භාවනා කළේ ය. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ පරිජිඇවැත් නො වේ. මහණෙනි, බුහුමන් පතා වෙනෙහි නො විසිය යුතුයි. යමෙක් වෙසේ නම් දුකුළාඇවැත් වේ. (2)
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පණිධාය පිණ්ඩාය චරති “එවං මං ජනො සම්භාවෙස්සතී”ති. තං ජනො සම්භාවෙසි. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. න ච භික්ඛවෙ පණිධාය පිණ්ඩාය චරිතබ්බං. යො චරෙය්ය ආපත්ති දුක්කටස්සාති. (3)
Sinhala BJT3. එසමයෙහි එක්තරා මහණෙක් බුහුමන් පතා පිඬු පිණිස හැසිරෙයි. “මෙසේ ජනතෙමේ මට සමිභාවනා කරන්නේ” යි. ජනතෙමේ ඒ මහණහට සම්භාවනා කළේ ය. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ පරිජිඇවැත් නො වේ. මහණෙනි, බුහුමන් පතා පිඬු පිණිස නො ද හැසිරිය යුතුයි. යමෙක් හැසිරේ නම් දුකුළාඇවැත් වේ. (3)
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “යෙ ආවුසො අම්හාකං උපජ්ඣායස්ස සද්ධිවිහාරිකා සබ්බෙව අරහන්තො”ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- කිඤ්චිත්තො ත්වං භික්ඛූති? උල්ලපනාධිප්පායො අහං භගවාති. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සාති. (4)
Sinhala BJT4. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කී ය: “ඇවැත්නි, අපගේ උපාධ්‍යායයන් වහන්සේගේ යම් සද්ධිවිහාරිකයෝ වෙද්ද, ඒ සියල්ලෝ ම රහත්හු” යි. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? “භාග්‍යවතුන් වහන්ස, මම හුවා දක්වනු රිසියෙමි” යි. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (4)
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “යෙ ආවුසො, අම්හාකං උපජ්ඣායස්ස අන්තෙවාසිකා සබ්බෙව මහිද්ධිකා මහානුභාවා”ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- කිඤ්චිත්තො ත්වං භික්ඛූති. උල්ලපනාධිප්පායො අහං භගවාති. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සාති. (5)
Sinhala BJT5. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කී ය: “ඇවැත්නි, අපගේ උපාධ්‍යායන් වහන්සේගේ යම් අතවැස්සෝ වෙද්ද ඒ සියල්ලෝ ම මහත් ඍද්ධි ඇත්තෝ ය. මහත් ආනුභාව ඇත්තෝ” යි. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහිදැ යි. ‘භාග්‍යවතුන් වහන්ස, මම හුවා දක්වනු රිසියෙමි’ යි. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (5)
Pali BJT6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පණිධාය චඞ්කමති- පණිධාය තිට්ඨති- පණිධාය නිසීදති- පණිධාය සෙය්යං කප්පෙති “එවං මං ජනො සම්භාවෙස්සතී”ති. තං ජනො සම්භාවෙසි. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. න ච, භික්ඛවෙ පණිධාය -පෙ- සෙය්යා කප්පෙතබ්බා. යො කප්පෙය්ය, ආපත්ති දුක්කටස්සාති. (6-9)
Sinhala BJT6. එසමයෙහි එක්තරා මහණෙක් බුහුමන් පතා සක්මන් කෙරෙයි – බුහුමන් පතා සිටියි – බුහුමන් පතා හිඳියි – බුහුමන් පතා හොවියි “ජනතෙමේ මෙසේ මට සම්භාවනා කරන්නේය” යි. ජනතෙමේ ඔහුට සම්භාවනා කළේ ය. ... ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, බුහුමන් පතා ... ශයනය නො කට යුතුයි. යමෙක් ශයනය කරන්නේ නම් දුකුළාඇවැත් වේ. (6-9)
Pali BJT7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරස්ස භික්ඛුනො උත්තරිමනුස්සධම්මං උල්ලපති. සොපි එවමාහ: “මය්හම්පි ආවුසො සඤ්ඤොජනා පහීනා”ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (10)
Sinhala BJT7. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට උතුරුමිනිස්දම් පවසයි. හෙ තෙමේ ද මෙසේ කියයි. “ඇවැත මාගේ දස සංයෝජනයෝ ප්‍රහීණයහ” යි. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (10)
Pali BJT8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රහොගතො උත්තරිමනුස්සධම්මං උල්ලපති. පරචිත්තවිදූ භික්ඛු තං භික්ඛුං අපසාදෙසි: “මා ආවුසො, එවරූපං අභණි. නත්ථෙසො තුය්හ”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති දුක්කටස්සාති. (11)
Sinhala BJT8. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට රහසිගතව උතුරුමිනිස්දම් පවසයි. පරසිත් දන්නා ඒ මහණ තෙමේ තෙල මහණහට ගැරහී ය: ඇවැත, මෙබන්දක් නහමක් කියව. ‘තෙල උතුරුමිනිස්දම තට නැත, ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (11)
Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රහොගතො උත්තරිමනුස්සධම්මං උල්ලපති. දෙවතා නං{1} භික්ඛුං අපසාදෙසි: “මා භන්තෙ එවරූපං අභණි. නත්ථෙසො තුය්හ”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති දුක්කටස්සාති. (12)
Sinhala BJT9. එසමයෙහි එක්තරා මහණෙක් රහසිගතව උතුරුමිනිස්දම් පවසයි. දෙවියෙක් ඒ මහණහට ගැරහී ය. ‘වහන්ස, මෙබන්දක් නහමක් කියව. ඔබට එබන්දක් නැත. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (12)
Pali BJT10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං උපාසකං එතදවොච: යො ආවුසො තුය්හං විහාරෙ වසති, සො භික්ඛු අරහා’ති . සො ච තස්ස විහාරෙ වසති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- කිංචිත්තො ත්වං භික්ඛූති? “උල්ලපනාධිප්පායො අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සාති. (13)
Sinhala BJT10. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා උවසුවකුහට මෙසේ කීය. ඇවැත, යමෙක් තොපගේ වෙහෙර වෙසේ ද, ඒ මහණතෙමේ රහතෙකි. හෙතෙමේ ද ඔහුගේ වෙහෙර වෙසෙයි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? භාග්‍යවතුන් වහන්ස, “මම උතුරුමිනිස්දහම් එළවා දක්වනු රිසියෙමි” යි. මහණ, පරිජිඇවැත් නොවේ. ථුලැසිඇවැත් වේ. (13)
Pali BJT11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං උපාසකං එතදවොච: “යං ත්වං ආවුසො උපට්ඨෙසි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන{1}, සො භික්ඛු අරහා’ති. සො ච තං උපට්ඨෙති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජ පරික්ඛාරෙන. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ?ති. “උල්ලපනාධිප්පායො අහං භගවා”ති. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සාති. (14)
Sinhala BJT11. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා උවසුවකුහට මෙසේ කීය: ‘යමකුට තෝ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් උවැටන් කෙරෙහි ද? ඒ මහණතෙමේ රහතෙකි.’ හෙතෙමේ ඒ මහණහට සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් උවැටන් කෙරෙයි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, කෙබඳු සිතැත්තෙහි ද? භාග්‍යවතුන් වහන්ස, මම උතුරුමිනිස්දම් එළවා දක්වන රිසියෙමි. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (14)
Pali BJT12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ එතදවොචුං: “අත්ථායස්මතො උත්තරිමනුස්සධම්මො”ති. “න ආවුසො දුක්කරං අඤ්ඤං බ්යාකාතු”න්ති. තස්ස කුක්කුච්චං අහොසි: යෙ ඛො තෙ භගවතො සාවකා තෙ එවං වදෙය්යුං. අහඤ්චම්හි න භගවතො සාවකො. කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නො”ති. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූති? “අනුල්ලපනාධිප්පායො අහං භගවා”ති. අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (15)
Sinhala BJT12. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂුහු ඒ මහණහට මෙය කීහු: “ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද යි” ඇවත, අර්‍හත්ත්‍වය ප්‍රකාශ කරන්නට දුෂ්කර නො වෙයි. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ සවුවෝ වෙද්ද, ඔහු මෙසේ කියන්නාහ: “මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සවුවෙක් නො වෙමි. කිමෙක් ද? මම පරිජිඇවැත් අවන්නෙම් ද?” යි, භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේය. “මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි” ද? “භාග්‍යවතුන් වහන්ස, මම නහමක් උතුරු මිනිස්දම් එළවා දක්වනු රිසියෙමි”යි, මහණ, නහමක් හුවා දක්වන රිසියහුට ඇවැත් නො වේ. (15)
Pali BJT13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ එතදවොචුං: “අත්ථායස්මතො උත්තරිමනුස්සධම්මො”ති? “ආරාධනීයො ඛො ආවුසො ධම්මො ආරද්ධවිරියෙනා”ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- “අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (16)
Sinhala BJT13. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙසේ කීහ: “ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද”යි. ඇවැත්නි, උතුරුමිනිස්දම ඇරඹූ වෙර ඇත්තහු විසින් ඇරැයිය හැක්කේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේය. ... මහණ, නහමක් උතුරුමිනිස්දම් එළවා දක්වන රිසියහුට ඇවැත් නො වේ. (16)
Pali BJT14. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ එතදවොචුං: “මා ඛො ආවුසො භායී”ති. “නාහං ආවුසො මච්චුනො භායාමී”ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (17)
Sinhala BJT14. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: ‘ඇවැත, නොබා’යි. ‘ඇවත, මම මරුට නොබාමි’ යි. ඒ මහණහට කුකුස් විය. මහණ, අනුල්ල පනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (17)
Pali BJT15. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ එතදවොචුං: “මා ඛො ආවුසො භායී”ති. “යො නූනාවුසො, විප්පටිසාරී අස්ස, සො භායෙය්යා”ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (18)
Sinhala BJT15. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: ‘ඇවැත, නොබා’ යි. ‘ඇවැත්නි, යමෙක් ඒකාන්තයෙන් විපිළිසරවන්නේ නම් හෙතෙමේ බන්නේය’යි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නහමක් හුවා දක්වන රිසියහුට ඇවැත් නො වේ. (18)
Pali BJT16. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ එතදවොචුං: “අත්ථායස්මතො උත්තරිමනුස්සධම්මො”ති. “ආරාධනීයො ඛො ආවුසො ධම්මො සම්මාපයුත්තෙනා”ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (19)
Sinhala BJT16. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: “ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද” යි. “ඇවැත්නි, උතුරු මිනිස්දම මනා පිළිවෙතෙහි යෙදුනහු විසින් ඇරයිය හැක්කේ ම ය.” ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේය. –පෙ– මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (19)
Pali BJT17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ එතදවොචුං: “අත්ථායස්මතො උත්තරිමනුස්සධම්මො”ති. “ආරාධනීයො ඛො ආවුසො ධම්මො ආරද්ධවිරියෙනා”ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (20)
Sinhala BJT17. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: ‘ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද’ යි. ‘ඇවැත්නි, ඇරඹු වෙර ඇත්තහු විසින් උතුරුමිනිස්දම් ඇරයිය හැක්කේ ම ය’. ඒ මහණහට කුකුස් විය. –පෙ– මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (20)
Pali BJT18. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ එතදවොචුං: “අත්ථායස්මතො උත්තරිමනුස්සධම්මො”ති. “ආරාධනීයො ඛො ආවුසො ධම්මො යුත්තයොගෙනා”ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (21)
Sinhala BJT18. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහු: ‘ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද’ යි. ඇවැත්නි, උතුරුමිනිස්දම් භාවනාවෙහි යෙදුනහු විසින් ඇරැයිය හැක්කේ ම ය. ඒ මහණහට කුකුස් විය –පෙ– මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (21)
Pali BJT19. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ එතදවොචුං: “කච්චාවුසො, ඛමනීයං, කච්චි යාපනීය”න්ති? “නාවුසො සක්කා යෙන වා තෙන වා අධිවාසෙතු”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (22)
Sinhala BJT19. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මේ කීහු: ‘ඇවැත, කිම, ඉවසිය හැකිද’යි, කිම? යැපිය හැකිද’ යි. ඇවැත්නි, යම්තමකු විසින් ඉවසන්නට නොහැකිය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (22)
Pali BJT20. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ එතදවොචුං: “කච්චාවුසො ඛමනීයං කච්චි යාපනීය”න්ති? “නාවුසො සක්කා පුථුජ්ජනෙන අධිවාසෙතු”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූති? “උල්ලපනාධිප්පායො අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සාති. (23)
Sinhala BJT20. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: ඇවැත්නි, කිම, ඉවසිය හැකි ද, කිම, යැපියහැකි ද’යි. ඇවැත්නි, පුහුදුන් විසින් ඉවසන්නට නො හැකිය. ඒ මහණහට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?යි භාග්‍යවතුන් වහන්ස, උල්ලපනාධිප්‍රාය ඇතියෙමියි, මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (23)
Pali BJT21. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො බ්රාහ්මණො භික්ඛූ නිමන්තෙත්වා එතදවොච: “ආයන්තු භොන්තො අරහන්තො”ති. තෙසං කුක්කුච්චං අහොසි, “මයඤ්චම්හ අනරහන්තො.{1} අයඤ්ච බ්රාහ්මණො අම්හෙ අරහන්තවාදෙන සමුදාචරති. කථන්නුඛො අම්හෙහි පටිපජ්ජිතබ්බ”න්ති? භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- අනාපත්ති භික්ඛවෙ පසාදභඤ්ඤෙති. (24)
Sinhala BJT21. එසමයෙහි එක්තරා බමුණෙක් භික්‍ෂූන් පවරා මෙය කීය: “භවත් රහත්හු වඩිත්වා”යි. ඒ භික්‍ෂූන්ට කුකුස් විය. අපි වනාහි නො රහතුම්හ. මේ බමුණු තෙමේ අපට අරහන්තවාදයෙන් ව්‍යවහාර කෙරෙයි. අප විසින් කෙසේ පිළිපැදිය යුතු ද? භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ. ... මහණෙනි, පහන් සිතින් බිණීමෙහි ඇවැත් නො වේ. (24)
Pali BJT22. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො බ්රාහ්මණො භික්ඛූ නිමන්තෙත්වා එතදවොච: “නිසීදන්තු භොන්තො අරහන්තො”ති. -පෙ- “භුඤ්ජන්තු භොන්තො අරහන්තො”ති. -පෙ- “තප්පන්තු{2} භොන්තො අරහන්තො”ති. -පෙ- “ගච්ඡන්තු භොන්තො අරහන්තො”ති. තෙසං කුක්කුච්චං අහොසි: මයඤ්චම්හ අනරහන්තො . අයඤ්ච බ්රාහ්මණො අම්හෙ අරහන්තවාදෙන සමුදාචරති. කථන්නුඛො අම්හෙහි පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- අනාපත්ති, භික්ඛවෙ, පසාදභඤ්ඤෙති. (25-28)
Sinhala BJT22. එසමයෙහි එක්තරා බමුණෙක් භික්‍ෂූන් පවරා මෙය කීහ. “භවත් රහත්හු වැඩ හිඳින සේක්වා” යි ... “භවත් රහත්හු වළඳන සේක්වා” යි ... “භවත් රහත්හු තෘප්ත වෙත්වා” යි ... “භවත් රහත්හු යන සේක්වා” යි. ඒ භික්‍ෂූන්ට කුකුස් විය. අපි වනාහි නො රහතුම්හ. මේ බමුණුතෙමේ අපට අරහත්වාදයෙන් කථා කරයි. අප විසින් කෙසේ නම් පිළිපැදිය යුතුද’ යි, භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළාහුය. ... මහණෙනි, පහන් සිතින් බිණීමෙහි ඇවැත් නො වේ. (25-28)
Pali BJT23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරස්ස භික්ඛුනො උත්තරිමනුස්සධම්මං උල්ලපති. සොපි එවමාහ: “මය්හම්පි ආවුසො ආසවා පහීනා”ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (29)
Sinhala BJT23. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට උතුරුමිනිස්දම් පවසයි. හෙ තෙමේ ද මෙසේ කීය: “ඇවැත, මාගේ ද ආශ්‍රවයෝ ප්‍රහීණයහ” යි, ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (29)
Pali BJT24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරස්ස භික්ඛුනො උත්තරිමනුස්සධම්මං උල්ලපති. සොපි එවමාහ: “මය්හම්පි ආවුසො එතෙ ධම්මා සංවිජ්ජන්තී”ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (30)
Sinhala BJT24. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට උතුරුමිනිස්දම් පවසයි. හෙ තෙමේ ද මෙසේ කීය: “ඇවැත, මාගේ ද තෙලෙ උතුරුමිනිස්දම් විද්‍යාමාන වේ” යි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (30)
Pali BJT25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරස්ස භික්ඛුනො උත්තරිමනුස්සධම්මං උල්ලපති. සොපි එවමාහ: “අහම්පාවුසො, තෙසු ධම්මෙසු සන්දිස්සාමි”ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (31)
Sinhala BJT25. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට උතුරුමිනිස්දම් පවසයි. හෙ තෙමේ ද මෙසේ කීය. “ඇවැත, මම ද තෙල උතුරුමිනිස්දම්හි පැණෙන්නෙමි”යි ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (31)
Pali BJT26. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරං භික්ඛුං ඤාතකා එතදවොචුං: “එහි භන්තෙ අගාරං අජ්ඣාවසාති.” “අභබ්බො ඛො ආවුසො මාදිසො අගාරං අජ්ඣාවසිතු”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (32)
Sinhala BJT26. එසමයෙහි එක්තරා මහණකුට නෑයෝ මෙය කීහු: “වහන්ස, එනු මැනව. ගිහිගෙයි වසනු මැනව. ඇවැත්නි, මා වැන්නෙක් ගිහිගෙයි වසන්නට නුසුදුසු වෙයි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (32)
Pali BJT27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරං භික්ඛුං ඤාතකා එතදවොචුං: “එහි භන්තෙ, කාමෙ පරිභුඤ්ජා”ති. “ආවටා මෙ ආවුසො, කාමා”ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති, භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (33)
Sinhala BJT27. එසමයෙහි එක්තරා මහණකුට නෑයෝ මෙය කීහු: “වහන්ස, එනු මැනව. පස්කම් සැප අනුභව කරව” යි. “ඇවැත්නි, මට කාමයෝ ඇවුරුණහ” යි, ඒ මහණහට කුකුස් විය. ... මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (33)
Pali BJT28. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරං භික්ඛුං ඤාතකා එතදවොචුං: “අභිරමසි භන්තෙ”ති. “අභිරතො අහං ආවුසො පරමාය අභිරතියා”ති. තස්ස කුක්කුච්චං අහොසි. ‘යෙ ඛො තෙ භගවතො සාවකා තෙ එවං වදෙය්යුං: අහඤ්චම්හි න භගවතො සාවකො, කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නො”ති. භගවතො එතමත්ථං ආරොචෙසි. “කිංචිත්තො ත්වං භික්ඛූ?”ති “අනුල්ලපනාධිප්පායො අහං භගවා”ති. අනාපත්ති භික්ඛු අනුල්ලපනාධිප්පායස්සාති. (34)
Sinhala BJT28. එසමයෙහි එක්තරා මහණකුට නෑයෝ මෙය කීහු: “වහන්ස, අභිරමණය කරව” යි. “ඇවැත්නි, මම උතුම් අභිරතියෙහි ඇලුනෙම් වෙමි” යි ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ සව්වෝ වෙද්ද, ඔවුහු මෙසේ කියන්නාහුය. මම ද භාග්‍යවතුන් වහන්සේගේ සව්වෙක් නො වෙමි. කිම? “මම පරිජිඇවැත් අවන්නෙම් දෝ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළේ ය. මහණ තෝ කෙබඳු සිතැත්තෙහි ද? භාග්‍යවතුන් වහන්ස, “මම අනුල්ලපනාධිප්‍රාය ඇතියෙමි” යි. මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (34)
Pali BJT29. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කතිකං කත්වා අඤ්ඤතරස්මිං ආවාසෙ වස්සං උපගච්ඡිංසු: “යො ඉමම්හා ආවාසා පඨමං පක්කමිස්සති, තං මයං අරහාති ජානිස්සාමා”ති. අඤ්ඤතරො භික්ඛු මං අරහාති ජානන්තූති තම්හා ආවාසා පඨමං පක්කමි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (35)
Sinhala BJT29. එසමයෙහි බොහෝ භික්‍ෂූහු කතිකා කොට එක්තරා ආවාසයෙක්හි වස් විසූහ. යමෙක් මේ අවසින් පළමුව බැහැර යන්නේ ද “ඔහු රහතෙකැයි අපි දැන ගන්නමු” යි, එක්තරා මහණෙක් “මා රහතෙකැයි දැන ගණිත්වා” යි ඒ අවසින් පළමුව නික්මුනි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (35)
Pali BJT30. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච ලක්ඛණො ආයස්මා ච මහාමොග්ගල්ලානො ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරන්ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙනායස්මා ලක්ඛණො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ලක්ඛණං එතදවොච: “ආයාමාවුසො ලක්ඛණ, රාජගහං පිණ්ඩාය පවිසිස්සාමා”ති. “එවමාවුසො”ති ඛො ආයස්මා ලක්ඛණො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසි.
Sinhala BJT30. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ලක්‍ෂණ තෙරණුවෝ ද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වෙසෙත්. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන ආයුෂ්මත් ලක්‍ෂණ තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ලක්‍ෂණ තෙරුණුවන්ට මෙය කීහ: “ඇවැත් ලක්‍ෂණය, යම්හ. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නම්හ”යි. “ඇවැත්නි, එසේ” යි ආයුෂ්මත් ලක්‍ෂණ තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දුනි.
Pali BJT31. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි. අථ ඛො ආයස්මා ලක්ඛණො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: “කො නු ඛො ආවුසො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො සිතස්ස පාතුකම්මායා”ති? “අකාලො ඛො ආවුසො ලක්ඛණ, එතස්ස පඤ්හස්ස,{1} භගවතො මං සන්තිකෙ එතං පඤ්හං පුච්ඡා”ති.
Sinhala BJT31. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ගිජුකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනා පහළ කළහ. ඉක්බිති ආයුෂ්මත් ලක්‍ෂණ තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්, මුගලන, සිනා පහළ කිරීමට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ දැ යි? ඇවැත් ලක්ඛණය, තෙල පැනයට කල් නො වේ ම ය. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දී මාගෙන් තෙල පැනය විචාරව’යි.
Pali BJT32. අථ ඛො ආයස්මා ච ලක්ඛණො ආයස්මා ච මහාමොග්ගල්ලානො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ලක්ඛණො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: “ඉධායස්මා මහාමොග්ගල්ලානො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වකාසි. කො නු ඛො ආවුසො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො සිතස්ස පාතුකම්මායා”ති? “ඉදාහං{1} ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං අට්ඨිකසඞ්ඛලිකං වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා ඵාසුලන්තරිකාහි විතුදන්ති{2}. සා සුදං අට්ටස්සරං කරොති. තස්ස මය්හං ආවුසො එතදහොසි: “අච්ඡරියං වත භො අබ්භුතං වත භො, එවරූපොපි නාම සත්තො භවිස්සති, එවරූපොපි නාම යක්ඛො භවිස්සති, එවරූපොපි නාම අත්තභාවපටිලාභො භවිස්සතී”ති. භික්ඛූ උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “උත්තරිමනුස්සධම්මං ආයස්මා මහාමොග්ගල්ලානො උල්ලපතී”ති.
Sinhala BJT32. ඉක්බිති ඇවැත් ලක්‍ෂණ තෙරණුවෝ ද, ඇවැත් මහමුගලන් තෙරණුවෝ ද රජගහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කල පිඬු සිඟීමෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නාහු ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ලක්‍ෂණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: මෙහි ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ගිජුකුළු පව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනා පහළ කළහ. ඇවැත් මුගලන සිනා පහළ කිරීමට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? ඇවැත්නි, මම මෙහි ගිජිකුළු පව්වෙන් බස්නෙම් අහසින් ගමන් කරණ ඇට සැකිල්ලක් දුටිමි. එය ගිජුලිහිණියෝ ද, කවුඩෝ ද උකුස්සෝ ද, ලුහුබැඳ ලුහුබැඳ ඉළ ඇට අතරෙන් විනිවිද යෙත්. ඒ ඇටසැකිල්ල බැගෑහඬ කරයි. ඇවැත්නි, ඒ මට මේ සිත විය: “පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. අද්භූතයෙකි. මෙබඳු නම් සත්ත්‍වයෙක් වන්නේ ද? මෙබඳු නම් යක්‍ෂයෙක් වන්නේ ද? මෙබඳු නම් අත්බැව් පිළිලැබුවෙක් වන්නේ ද” යි. භික්‍ෂූහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්: “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ උතුරුමිනිස්දම් දක්වති” යි.
Pali BJT33. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “චක්ඛුභූතා වත භික්ඛවෙ සාවකා විහරන්ති, ඤාණභූතා වත භික්ඛවෙ සාවකා විහරන්ති. යත්ර හි නාම සාවකො එවරූපං ඤස්සති වා, දක්ඛති වා, සක්ඛිං වා කරිස්සති. පුබ්බෙව මෙ සො භික්ඛවෙ සත්තො දිට්ඨො අහොසි. අපිචාහං න ව්යාකාසිං. අහඤ්චෙතං ව්යාකරෙය්යං, පරෙ ච මෙ න සද්දහෙය්යුං. යෙ මෙ න සද්දහෙය්යුං, තෙසං තං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය. එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ ගොඝාතකො අහොසි. සො තස්ස කම්මස්ස විපාකෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්වා තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන එවරූපං අත්තභාවප්පටිලාභං පටිසංවෙදෙති. සච්චං භික්ඛවෙ මොග්ගල්ලානො ආහ. අනාපත්ති භික්ඛවෙ මොග්ගල්ලානස්සාති. (36)
Sinhala BJT33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒකාන්තයෙන් සව්වෝ ඇස් ඇති ව වෙසෙත්. මහණෙනි, ඒකාන්තයෙන් සව්වෝ නුවණ ඇති ව වෙසෙත්. යම් හෙයකින් ශ්‍රාවක තෙමේ මෙ බන්දක් දන්නේ හෝ දක්නේ හෝ සාක්‍ෂ්‍යය හෝ කරන්නේ ද, මහණෙනි, පෙර ම මා විසින් ඒ සත්ත්‍වතෙමේ දක්නා ලද්දේ විය. එතකුදු වුවත් මම එය ප්‍රකාශ නො කළෙමි. මම තෙල කරුණ ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මාගේ වචනය නො අදහන්නාහු ය. යම් කෙනෙක් මාගේ වචනය නො අදහන්නාහු ද ඔවුන්ට එය දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. මහණෙනි, මේ සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම ගෝඝාතකයා විය. හෙ තෙම් ඒ කර්‍ම විපාකයෙන් බොහෝ අවුරුදු ගණන් බොහෝ අවුරුදු සියගණන් බොහෝ අවුරුදු දහස් ගණන්, බොහෝ අවුරුදු සුවහස් ගණන් නරකයෙහි පැසී ඒ කර්‍මයාගේ ම ශේෂ වූ විපාකයෙන් මෙබඳු අත්බැව් ලැබීමක් විඳියි. මහණෙනි, මුගලන් තෙමේ සත්‍යයක් කියයි. මහණෙනි, මුගලනට ඇවැත් නැති.” (36)
Pali BJT34. ඉදාහං, ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං මංසපෙසිං වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති{3}. සා සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ ගොඝාතකො අහොසි. -පෙ- (37)
Sinhala BJT34. මහණෙනි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහසින් ගමන් කරණ මස්වැදැල්ලක් දිටිමි. ගිජුලිහිණියෝ ද, කවුඩෝ ද, උකුස්සෝ ද, පැන පැන එය කඩා ගෙන කත්, ඉරා කත්. ඒ මස්වැදැල්ල බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම ගෝඝාතකයෙක් විය. (37)
Pali BJT35. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං මංසපිණ්ඩං වෙහාසං ගච්ඡන්තං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ සාකුණිකො අහොසි. -පෙ- (38)
Sinhala BJT35. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන පිඬක් දිටිමි. ඒ මස් පිඩ ගිජුලිහිණියෝ ද, කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. ඒ මස් පිඬ බැගෑ හඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම ලිහිණි වැද්දෙක් විය. (38)
Pali BJT36. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං නිච්ඡවිං පුරිසං වෙහාසං ගච්ඡන්තං, තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො, භික්ඛවෙ, සත්තො ඉමස්මිංයෙව රාජගහෙ ඔරබ්භිකො අහොසි -පෙ- (39)
Sinhala BJT36. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන සිවිනැති පුරුෂයකු දිටිමි. ඒ මේ පුරුෂයා ගිජු ලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද පැන පැන තුඩින් සිඳිත්. කඩත්. ඒ පුරුෂ තෙමේ බැගෑහඬ කරයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහ නුවර ම එළුවන් මරන්නෙක් විය. (39)
Pali BJT37. ඉධාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං අසිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තෙ අසී උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ සූකරිකො අහොසි. -පෙ- (40)
Sinhala BJT37. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන අසිලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ අසීහු නැඟි නැඟී ඔහුගේ ම සිරුරැ හෙත්. හෙතෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහ නුවර ම ඌරන් මරන්නෙක් විය. (40)
Pali BJT38. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සත්තිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තා සත්තියො උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ මාගවිකො අහොසි. -පෙ- (41)
Sinhala BJT38. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන සැත්ලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ සැත්හු නැඟි නැඟී ඔහුගේ ම සිරුරැ හෙත්. ඒ පුරුෂ තෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම මුව වැද්දෙක් විය. (41)
Pali BJT39. ඉදාහං, ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං උසුලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තෙ උසූ උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ කාරණිකො අහොසි. -පෙ- (42)
Sinhala BJT39. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන උසුලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ ශරයෝ නැඟි නැඟී ඔහුගේ ම සිරුරැ හෙත්. හෙ තෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම කම්කටුලු කොට මරන්නෙක් විය. (42)
Pali BJT40. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සූචිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තා සූචියො උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො, භික්ඛවෙ, සත්තො ඉමස්මිංයෙව රාජගහෙ සාරථිකො අහොසි. -පෙ- (43)
Sinhala BJT40. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන හිඳිලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හිඳිහු නැඟි නැඟී ඔහුගේ ම සිරුරැ හෙත්. හෙ තෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම අසුන් හික්මවන්නෙක් (වධකයෙක්) විය. (43)
Pali BJT41. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සූචිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තා සූචියො සීසෙ පවිසිත්වා මුඛතො නික්ඛමන්ති, මුඛෙ පවිසිත්වා උරතො නික්ඛමන්ති, උරෙ පවිසිත්වා උදරතො නික්ඛමන්ති, උදරෙ පවිසිත්වා ඌරූහි නික්ඛමන්ති, ඌරූසු පවිසිත්වා ජඞ්ඝාහි නික්ඛමන්ති, ජඞ්ඝාසු පවිසිත්වා පාදෙහි නික්ඛමන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ සූචකො අහොසි. -පෙ- (44)
Sinhala BJT41. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන හිඳිලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හිඳිහු හිස පිවිස මුවින් නික්මෙත්. මුවෙහි පිවිස ලයෙන් නික්මෙත්. ලෙහි පිවිස කුසෙන් නික්මෙත්. කුස පිවිස වටොරින් නික්මෙත්. වටොර පිවිස කෙණ්ඩාවලින් නික්මෙත්. කෙණ්ඩාහි පිවිස පා වලින් නික්මෙත්. හේ තෙමේ බැගෑ හඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහ නුවර ම පිසුනු කියන්නෙක් විය. (44)
Pali BJT42. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං කුම්භණ්ඩං පුරිසං වෙහාසං ගච්ඡන්තං. සො ගච්ඡන්තොපි තෙව අණ්ඩෙ ඛන්ධෙ ආරොපෙත්වා ගච්ඡති, නිසීදන්තොපි තෙස්වෙව අණ්ඩෙසු නිසීදති. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති{1}. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ ගාමකූටො අහොසි. -පෙ- (45)
Sinhala BJT42. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන කුම්භාණ්ඩ පුරුෂයකු දිටිමි. හෙ තෙමේ යමින් ද එම අණ්ඩයන් කොන්දෙහි නගා ගෙණ යෙයි. හිඳින්නේ ද එම අණ්ඩයන්හි හිඳියි. එය ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. හේ තෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මෙම රජගහනුවර කුළු විනිසකරුවෙක් විය. (45)
Pali BJT43. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං පුරිසං ගූථකූපෙ සසීසකං නිමුග්ගං -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ පාරදාරිකො අහොසි. -පෙ-(46)
Sinhala BJT43. ඇවැත්නි, මම මෙහි ගුජුකුළුපව්වෙන් බස්නෙම් අසුචි වළක හිස තෙක් ගැලුණු පුරුෂයකු දිටිමි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මෙම රජගහනුවර පරඹුවන් සෙවුනෙක් විය. (46)
Pali BJT44. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං පුරිසං ගූථකූපෙ සසීසකං නිමුග්ගං උභොහි හත්ථෙහි ගූථං ඛාදන්තං -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ දුට්ඨබ්රාහ්මණො අහොසි. සො කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙත්වා දොණියො{2} ගූථස්ස පූරාපෙත්වා කාලං ආරොචාපෙත්වා එතදවොච: අතො{3} භොන්තො යාවදත්ථං භුඤ්ජන්තු චෙව හරන්තු චා”ති. -පෙ- (47)
Sinhala BJT44. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අසුචි වළක හිස තෙක් ගැලුණු දෙ අතින් බුදින පුරුෂයකු දිටිමි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මෙම රජගහ නුවර දුෂ්ට බ්‍රාහ්මණයෙක් විය. හෙ තෙමේ කසුප් සම්බුදුන්ගේ සස්නෙහි බික්සඟන බතින් පවරා අසුචියෙන් ඔරු පුරවා කල් දන්වා මෙය කීය. “පින්වත්හු මින් ඇතිතාක් බුදිත්වා” ගෙණ යෙත්වා” යි. (47)
Pali BJT45. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං නිච්ඡවිං ඉත්ථිං වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති. සා සුදං අට්ටස්සරං කරොති -පෙ- එසා භික්ඛවෙ ඉත්ථි ඉමස්මිංයෙව රාජගහෙ අතිචාරිනී අහොසි. -පෙ- (48)
Sinhala BJT45. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන සිවිනැති අඟනක් දිටිමි. ඇය ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. ඕ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල අඟන මෙම රජගහනුවර හිමියා ඉක්ම යන්නියක් වූවා ය. (48)
Pali BJT46. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං ඉත්ථිං දුග්ගන්ධං මඞ්ගුලිං වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති. සා සුදං අට්ටස්සරං කරොති -පෙ- එසා භික්ඛවෙ ඉත්ථි ඉමස්මිංයෙව රාජගහෙ ඉක්ඛණිකා අහොසි. -පෙ- (49)
Sinhala BJT46. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන පිළිකුල් දුගඳ හමන අඟනක් දිටිමි. ඇය ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. ඕ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල අඟන මෙම රජගහනුවර යක්දැස්සක් වූවා ය. (49)
Pali BJT47. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං ඉත්ථිං උප්පක්කං{1} ඔකිලිනිං ඔකිරිනිං වෙහාසං ගච්ඡන්තිං. සා සුදං අට්ටස්සරං කරොති -පෙ- එසා භික්ඛවෙ ඉත්ථි කාලිඞ්ගස්ස රඤ්ඤො අග්ගමහෙසී අහොසි. සා ඉස්සාපකතා සපත්තිං අඞ්ගාරකටාහෙන ඔකිරි. -පෙ- (50)
Sinhala BJT47. ඇවැත්නි, මම ගිජුකුළුපව්වෙන් බස්නෙම් දැඩි ගින්නෙන් පැලහුනු තෙත බස්නා, ගිනි අඟුරෙන් ගැවසුනු, අඟනක් දිටිමි. ඕ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල අඟන කලිඟු රජහුගේ අගමෙහෙසිය වූවාය. ඕ තොමෝ ඉසි සිතින් මඬනා ලද්දී සපත්නියක මත අඟුරු කබලක් හෙළූ ය. (50)
Pali BJT48. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං අසීසකං කවන්ධං{2} වෙහාසං ගච්ඡන්තං. තස්ස උරෙ අක්ඛීනි චෙව හොන්ති මුඛඤ්ච. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති විරාජෙන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො භික්ඛවෙ සත්තො ඉමස්මිංයෙව රාජගහෙ හාරිකො නාම චොරඝාතකො අහොසි. -පෙ- (51)
Sinhala BJT48. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම්, අහස යන හිස සුන් කවන්‍ධයකු දිටිමි. ඔහුගේ ලෙහි නෙත් ද මුව ද වෙත්. ඔහු ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. හෙ තෙමේ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මෙම රජගහනුවර හාරික නම් චෝරඝාතකයෙක් විය. (51)
Pali BJT49. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං භික්ඛුං වෙහාසං ගච්ඡන්තං. තස්ස සඞ්ඝාටිපි ආදිත්තා සම්පජ්ජලිතා සජොතිභූතා, පත්තොපි ආදිත්තො සම්පජ්ජලිතො සජොතිභූතො, කායබන්ධනම්පි ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං, කායොපි ආදිත්තො සම්පජ්ජලිතො සජොතිභූතො. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- එසො භික්ඛවෙ භික්ඛු කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ පාපභික්ඛු අහොසි. -පෙ- (52)
Sinhala BJT49. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන මහණකු දිටිමි. ඔහුගේ සඟළ ද ඇවිලින, දිලිසින, ගිනිදැල් සහිතය. පය ද ඇවිලින, දිලිසින, ගිනිදැල් සහිතය. කාබාන ද ඇවිලින, දිලිසින, ගිනිදැල් සහිතය. කය ද ඇවිලින, දිලිසින, ගිනිදැලින් ද වෙළුනේ ය. හෙ තෙමේ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල මහණ තෙමේ කසුප් සම්බුදුන්ගේ සස්නෙහි පවිටු මහණෙක් විය. (52)
Pali BJT50. ඉදාහං ආවුසො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං භික්ඛුනිං -පෙ- අද්දසං සික්ඛමානං -පෙ- අද්දසං සාමණෙරං -පෙ- අද්දසං සාමණෙරිං වෙහාසං ගච්ඡන්තිං. තස්සා සඞ්ඝාටිපි ආදිත්තා සම්පජ්ජලිතා සජොතිභූතා, පත්තොපි ආදිත්තො සම්පජ්ජලිතො සජොතිභූතො, කායබන්ධනම්පි ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං, කායොපි ආදිත්තො සම්පජ්ජලිතො, සජොතිභූතො. සා සුදං අට්ටස්සරං කරොති. තස්ස මය්හං ආවුසො එතදහොසි: “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, එවරූපොපි නාම සත්තො භවිස්සති, එවරූපොපි නාම යක්ඛො භවිස්සති, එවරූපොපි නාම අත්තභාවප්පටිලාභො භවිස්සතී”ති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: උත්තරිමනුස්සධම්මං ආයස්මා මහාමොග්ගල්ලානො උල්ලපතීති.
Sinhala BJT50. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් මෙහෙණක දිටිමි. ... සික්ඛමානාවක දිටිමි. ... හෙරණකු දිටිමි. “අහස යන හෙරැණියක දිටිමි. ... ඇගේ සඟළ ද, ඇවිලින, දිලිසින, ගිනිදැලින් වෙළුනාය. පය ද ඇවිලින, දිලිසින, ගිනිදැලින් වෙළුනේ ය. කාබාන ද ඇවිලින, දිලිසින, ගිනිදැලින් වෙළුනේ ය. කය ද ඇවිලින, දිලිසින, ගිනිදැලින් වෙළුනේ ය. ඕ බැගෑපත්ව හඬයි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය. පින්වත, පුදුමයකි. පින්වත, නොවූ විරූවකි. මෙබඳු සත්ත්‍වයෙක් නම් වන්නේය. මෙබඳු යක්‍ෂයෙක් වන්නේය. මෙබඳු අත්බව් ලැබුවෙක් නම් වන්නේ” යි. භික්‍ෂූහු අවමන් කෙරෙත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්: “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ උතුරුමිනිස්දම් එළවා දක්වති” යි.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි. චක්ඛුභූතා වත භික්ඛවෙ සාවකා විහරන්ති, ඤාණභූතා වත භික්ඛවෙ සාවකා විහරන්ති, යත්ර හි නාම සාවකො එවරූපං ඤස්සති වා දක්ඛති වා සක්ඛිං වා කරිස්සති. පුබ්බෙව මෙ සා භික්ඛවෙ සාමණෙරී දිට්ඨා අහොසි, අපිචාහං න බ්යාකාසිං. අහඤ්චෙතං බ්යාකරෙය්යං, පරෙ ච මෙ න සද්දහෙය්යුං, යෙ මෙ න සද්දහෙය්යුං, තෙසං තං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය. එසා භික්ඛවෙ සාමණෙරී කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ පාපසාමණෙරී අහොසි. සා තස්ස කම්මස්ස විපාකෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්වා තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන එවරූපං අත්තභාවප්පටිලාභං පටිසංවෙදෙති. සච්චං භික්ඛවෙ මොග්ගල්ලානො ආහ. අනාපත්ති භික්ඛවෙ මොග්ගල්ලානස්සාති. (53-56)
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, සව්වෝ ඇස් ඇති ව නුවණැති ව වෙසෙත්. යම් කලෙක සව්වෙක් මෙබන්දක් දැනගන්නේ හෝ වේ ද දන්නේ හෝ වේ ද පසක් කරන්නේ හෝ වේ ද මහණෙනි, පෙර ම මා විසින් ඒ හෙරැණි තොමෝ දක්නා ලද්දී ය. එහෙත් මම එය නො පැවැසීමි. මම එය පවසන්නෙම් නමුදු අන්‍යයෝ මබස නො හදහන්නාහු ය. යම් කෙනෙක් මබස නො හදහන්නාහු නම් ඔවුන්ට දිගුකලක් අවැඩ පිණිස දුක් පිණිස වන්නේ ය. මහණෙනි, තෙල හෙරැණි තොමෝ කසුප් සම්බුදුන්ගේ සස්නෙහි පවිටු හෙරණ විය. ඕ තොමෝ බොහෝ ගණන් අවුරුදු බොහෝ සියගණන් අවුරුදු බොහෝ දහස් ගණන් අවුරුදු බොහෝ සුවහස් ගණන් අවුරුදු නිරයෙහි පැසී ඒ කර්‍මයාගේ විපාක ශේෂවීමෙන් මෙබඳු ආත්මභාවයක් ලබයි. මුගලන් තෙමේ සැබවක් කීය. මහණෙනි, මුගලන්හට ඇවැත් නැත. (53-56)
Pali BJT51. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි: යතායං ආවුසො තපොදා සන්දති, සො දහො අච්ඡොදකො සීතොදකො සාතොදකො සෙතකො සුප්පතිත්ථො රමණීයො පහූතමච්ඡකච්ඡපො චක්කමත්තානි ච පදුමානි පුප්ඵන්තීති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, කථං හි නාම ආයස්මා මහාමොග්ගල්ලානො එවං වක්ඛති. “යතායං, ආවුසො තපොදා සන්දති, සො දහො අච්ඡොදකො සීතොදකො සාතොදකො සෙතකො සුප්පතිත්ථො රමණීයො පහූතමච්ඡකච්ඡපො චක්කමත්තානි ච පදුමානි පුප්ඵන්”ති. “අථ ච පනායං තපොදා කුථිතා{1} සන්දති. උත්තරිමනුස්සධම්මං ආයස්මා මහාමොග්ගල්ලානො උල්ලපති”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං: “යතායං භික්ඛවෙ තපොදා සන්දති, සො දහො අච්ඡොදකො සීතොදකො සාතොදකො සෙතකො සුප්පතිත්ථො රමණීයො පහූතමච්ඡකච්ඡපො, චක්කමත්තානි ච පදුමානි පුප්ඵන්ති, අපිචායං භික්ඛවෙ තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති, තෙනායං තපොදා කුථිතා සන්දති. සච්චං භික්ඛවෙ මොග්ගල්ලානො ආහ. අනාපත්ති භික්ඛවෙ මොග්ගල්ලානස්සා”ති. (57)
Sinhala BJT51. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, මේ තපෝදා නදිය යම් තැනක පටන් ගලා බසී ද, ඒ විල පහන් දිය ඇත්තකි. සිහිල් දිය ඇත්තකි. මිහිරි දිය ඇත්තකි. පිරිසිදු වූවකි. මනා තොටු ඇත්තකි. සිත්කලු වූවකි. බොහෝ මස් කැසබුවන් ඇත්තකි. රියසක් සා පියුම් පිපෙයි කීහ. “කෙසේ නම් ආයුෂ්මත් මහමුගලන් තෙමේ මෙසේ කියන්නේ ද”යි, භික්‍ෂූහු අවමන් කෙරෙත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්: ඇවැත්නි, මේ තපෝදානදිය යම් තැනක පටන් ගලා බසී ද, ඒ විල පහන් දිය ඇත්තකි. සිහිල් දිය ඇත්තකි, මිහිරි දිය ඇත්තකි, පිරිසිදු වූවකි. මනා තොටු ඇත්තකි. සිත්කලු වූවකි. බොහෝ මස් කැසබුවන් ඇත්තකි. රියසක් සා පියුම් පිපේය” යි. එහෙත් මේ තපෝදා නදිය කැකෑරී ගලා බසී. ආයුෂ්මත් මහමුගලන් තෙමේ උතුරුමිනිස්දම් එළවා දක්වයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. මහණෙනි, මේ තපෝදානදිය යම් තැනක පටන් ගලා බසී ද, ඒ තපෝදා විල පහන් දිය ඇත්තකි. සිහිල් දිය ඇත්තකි. මිහිරි දිය ඇත්තකි. පිරිසිදු දිය ඇත්තකි. මනා තොටු ඇත්තකි. සිත්කලු වූවකි. බොහෝ මස් කැසුබුවන් ඇත්තකි. රියසක් සා පියුම් පිපෙයි’. මහණෙනි, එතකුදු වුවත් මේ තපෝදානදිය මහ නිරය දෙකකට මැදිව ගලා එයි. එහෙයින් මේ තපෝදානදිය කැකෑරී ගලයි. මහණෙනි, මුගලන් තෙමේ සැබවක් කීය. මහණෙනි, මුගලන්හට ඇවැත් නො වේ. (57)
Pali BJT52. තෙන ඛො පන සමයෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො ලිච්ඡවීහි සද්ධිං සඞ්ගාමෙන්තො පභග්ගො හොති.{2} අථ රාජා පච්ඡා සෙනං සඞ්කඩ්ඪිත්වා ලිච්ඡවයො පරාජෙසි, සඞ්ගාමෙ ච නන්දී චරති “රඤ්ඤා ලිච්ඡවී පභග්ගා”ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි “රාජා ආවුසො ලිච්ඡවීහි පභග්ගො”ති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා මහාමොග්ගල්ලානො එවං වක්ඛති” “රාජා ආවුසො ලිච්ඡවීහි පභග්ගො”ති. සඞ්ගාමෙ ච නන්දී{3} චරති රඤ්ඤා ලිච්ඡවී පභග්ගා”ති. උත්තරිමනුස්සධම්මං ආයස්මා මහාමොග්ගල්ලානො උල්ලපතීති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “පඨමං භික්ඛවෙ රාජා ලිච්ඡවීහි පභග්ගො. අථ රාජා පච්ඡා සෙනං සඞ්කඩ්ඪිත්වා ලිච්ඡවයො පරාජෙසි. සච්චං භික්ඛවෙ මොග්ගල්ලානො ආහ. අනාපත්ති භික්ඛවෙ මොග්ගල්ලානස්සාති. (58)
Sinhala BJT52. එසමයෙහි මගධාධිපති සේනා ඇති බිම්සර රජ තෙමේ ලිච්ඡවීන් සමග යුද කරන්නේ බිඳී ගියේ වෙයි. ඉක්බිති රජ තෙමේ යලිත් සෙනග රැස් කොට ගෙණ ලිච්ඡවීන් පැරද විය. රජහු විසින් ලිච්ඡවීහු පරදවන ලදහයි ජය බෙරය පැතිරෙයි. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි, රජ තෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලද්දේ” යි. “කෙසේ නම් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙසේ කියන්නාහුද” යි. භික්‍ෂූහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්. “ඇවැත්නි, රජ තෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලද්දේය”යි. යුදබිමෙහි ද රජු විසින් ලිච්ඡවීහු පරදවන ලද්දාහු යි ජය බෙර පැතිරේ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ උතුරුමිනිස්දම් ඔසවා දක්වති” යි භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. මහණෙනි, පළමුකොට රජ තෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලද්දේ ය. ඉක්බිති රජ තෙමේ යලිත් සෙනඟ රැස් කොට ලිච්ඡවීන් පැරැද වීය. මහණෙනි, මුගලන් තෙමේ සැබවක් කීය. මහණෙනි, මුගලන්හට ඇවැත් නො වේ. (58)
Pali BJT54. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි. ඉදාහං ආවුසො සප්පිනිකාය නදියා තීරෙ ආනෙඤ්ජං සමාධිං සමාපන්නො නාගානං ඔගය්හ{1} උත්තරන්තානං කොඤ්චං කරොන්තානං සද්දං අස්සොසින්ති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා මහාමොග්ගල්ලානො ආනෙඤ්ජං සමාධිං සමාපන්නො සද්දං සොස්සති. උත්තරිමනුස්සධම්මං ආයස්මා මහාමොග්ගල්ලානො උල්ලපතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අත්ථෙසො භික්ඛවෙ සමාධි, සො ච ඛො අපරිසුද්ධො. සච්චං භික්ඛවෙ මොග්ගල්ලානො ආහ. අනාපත්ති භික්ඛවෙ මොග්ගල්ලානස්සා”ති. (59)
Sinhala BJT54. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි, මම මෙහි සප්පිනිකා ගං තෙර නො සැලෙන සිවු වන සමවතට සමවන්නෙම් ගඟට බැස එතරවන කුඤ්චනාද කරණ ඇතුන්ගේ හඬ ඇසීමි” යි. “කෙසේ ශබ්දයක් අසන්නේ ද, භික්‍ෂූහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් මහමුගලන් තෙමේ නො සැලෙන සිවුවන සමවතට සමවන්නේ අසා ද, ආයුෂ්මත් මහමුගලන් තෙමේ උතුරුමිනිස්දම් දක්වා” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පුවත සැළ කළාහු ය. මහණෙනි, එබඳු සමාධියෙක් ඇත. හෙ ද වනාහි නොපිරිසුදු ය. මහණෙනි, මුගලන් තෙමේ සැබවක් කීය. මහණෙනි, මුගලන්හට ඇවැත් නො වේ. (59)
Pali BJT55. අථ ඛො ආයස්මා සොභිතො භික්ඛූ ආමන්තෙසි: “අහං ආවුසො පඤ්චකප්පසතානි අනුස්සරාමී”ති. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා සොභිතො එවං වක්ඛති: අහං ආවුසො පඤ්චකප්පසතානි අනුස්සරාමී”ති. “උත්තරිමනුස්සධම්මං ආයස්මා සොභිතො උල්ලපතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අත්ථෙසා භික්ඛවෙ සොභිතස්ස, සා ච ඛො එකායෙව ජාති. සච්චං භික්ඛවෙ සොභිතො ආහ. අනාපත්ති භික්ඛවෙ සොභිතස්සාති. (60)
Sinhala BJT55. ඉක්බිති ආයුෂ්මත් සෝභිත තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි, පන්සිය කපක් සිහිකරමි” යි. භික්‍ෂූහු අවමන් කෙරෙත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්, “කෙසේ නම් ආයුෂ්මත් සෝභිත තෙමේ මෙසේ කියා ද, “ඇවැත්නි, මම පන්සිය කපක් සිහි කරමි” යි. “ආයුෂ්මත් සෝභිත තෙමේ උතුරුමිනිස්දම් දක්වා” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. මහණෙනි, සෝභිතහට එබඳු සමවතෙක් ඇත. හෙ ද වනාහි එක ම ජාතියකි. මහණෙනි, සෝභිත තෙමේ සැබවක් කීය. මහණෙනි, සෝභිතහට ඇවැත් නො වේ. (60)
Pali BJTචතුත්ථපාරාජිකං සමත්තං.
Sinhala BJTසිවුවන පරිජිය නිමි.
Pali BJTඋද්දිට්ඨා ඛො ආයස්මන්තො චත්තාරො පාරාජිකා ධම්මා, යෙසං භික්ඛු අඤ්ඤතරං වා අඤ්ඤතරං වා ආපජ්ජිත්වා න ලභති භික්ඛූහි සද්ධිං සංවාසං, යථා පුරෙ තථා පච්ඡා පාරාජිකො හොති අසංවාසො. තත්ථායස්මන්තෙ පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? පරිසුද්ධෙත්ථායස්මන්තො, තස්මා තුණ්හි{2}. එවමෙතං ධාරයාමීති.
Sinhala BJTආයුෂ්මත්නි, සිවුපරිජිඇවැත් උදෙසන ලදී. මහණ තෙමේ යම් ඒ ඇවැත් අතුරෙන් එක්තරා එක්තරා ඇවැතකට පැමිණ පියවි භික්‍ෂූන් සමග සහවාසය නො ලබා ද, පෙර ගිහිකල යම්සේ ද පසුවත් එසේ ම පැරදුනේ සංවාස රහිතයෙක් වෙයි. එහි ලා ආයුෂ්මතුන් විචාරමි: කිම පිරිසිදු වහු ද? දෙවනුවත් විචාරමි: කිම පිරිසිදු වහු ද? තෙවනුවත් විචාරමි: කිම පිරිසිදු වහු ද? ආයුෂ්මත්හු පිරිසිදු වහු ය. එහෙයින් නිහඬ ය. මේ පිරිසිදු බව මෙසේ දරමි.
Pali BJTපාරාජිකං නිට්ඨිතං.
Sinhala BJTසිවුපරිජි නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය මෙසේයි:
Pali BJTමෙථුනාදින්නදානඤ්ච මනුස්සවිග්ගහුත්තරි, පාරාජිකානි චත්තාරි ඡෙජ්ජවත්ථු අසංසයාති.
Sinhala BJTමෙථුනය, අදින්නාදානය, මනුස්සවිග්ගහය, උත්තරිමනුස්සධම්මය යන පරිජි සතරකි. ඔවුහු නිසැකයෙන් ඡේද්‍යවස්තූහු ය.
Pali BJTපාරාජිකකණ්ඩො නිට්ඨිතො.
Sinhala BJTපාරාජිකකාණ්ඩය නිමි.
Pali BJTසඞ්ඝාදිසෙසකණ්ඩො
Sinhala BJTසඞ්ඝාදිසේසකාණ්ඩය
Pali BJT3.
Sinhala BJT3.