Pali BJTසුඤ්ඤාගාරෙ අභිරතීති පඨමෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති, දුතියෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති, තතියෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති, චතුත්ථෙන ඣානෙන සුඤ්ඤාගාරෙ අභිරති.
Sinhala BJTසුඤ්ඤාගාරෙ අභිරති යනු ප්‍රථමධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම ය. ද්වීතීයධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම ය, තෘතීයධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම ය, චතුර්‍ත්‍ථධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යි.
Pali BJT<hr/>
Sinhala BJT<hr/>
Pali BJT1. තීහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජින්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති.
Sinhala BJT1. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවන්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: කැල ම ඔහුට බොරු කියන්නෙමි යන සිත වෙයි. මුසවා කියන්නහුට මුසවා බෙණෙමි යි සිත වෙයි. බිණු කල්හි ඔහුට මා විසින් මුසවා කියන ලදැ යි සිත වෙයි.
Pali BJT2. චතූහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජින්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං.
Sinhala BJT2. සිවු අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවන්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: කැල ම ඔහුට මුසවා කියන්නෙමි යි සිත වෙයි. කියන්නහුට මුසවා කියමි යි සිත වෙයි. බිණූ කල්හි ඔහුට මා විසින් මුසවා කියන ලදැ යි සිත වෙයි. දෘෂ්ටිය සඟවා තබා යී.
Pali BJT3. පඤ්චහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජින්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං.
Sinhala BJT3. පස් අයුරකින් ප්‍රථම ධ්‍යානයට සමවන්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: කැල ම ඔහුට මුසවා කියන්නෙමි යි සිත වෙයි. කියන්නහුට මුසවා කියමි යි සිත වෙයි. කී කල්හි ඔහුට මා විසින් මුසවා කියන ලදැ යි සිත වෙයි. දෘෂ්ටිය, ක්‍ෂාන්තිය සඟවා තබා යී.
Pali BJT4. ඡහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජින්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති, භණන්තස්ස හොති මුසා භණාමීති, භණිතස්ස හොති මුසා මයා භණිතන්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං.
Sinhala BJT4. සායුරකින් ප්‍රථමධ්‍යානයට සමවන්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. කැලම ඔහුට මුසවා කියන්නෙමි යි සිත වෙයි. කියන්නහුට මුසවා කියමි යි සිත වෙයි. කී කල්හි ඔහුට මා විසින් මුසවා කියන ලදැ යි සිත වෙයි. දෘෂ්ටිය, ක්‍ෂාන්තිය, රුචිය සඟවා තබා යී.
Pali BJT5. සත්තහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජින්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිතන්ති,” විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT5. සත් අයුරකින් ප්‍රථම ධ්‍යානයට සමවැදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “බොරු කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණුවහුට “මා විසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය (අධ්‍යාශය) සඟවාගෙණ යි.
Pali BJT6. තීහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජාමීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති.
Sinhala BJT6. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා බෙණෙමි” යි සිත වෙයි. බිණුවහුට “මා විසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි.
Pali BJT7. චතූහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජාමීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං.
Sinhala BJT7. සිවු අයුරකින් ප්‍රථම ධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි”යි සිත වෙයි. බිණුවහුට “මා විසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
Pali BJT8. පඤ්චහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජාමීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං.
Sinhala BJT8. පස් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
Pali BJT9. ඡහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජාමීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං.
Sinhala BJT9. සායුරකින් ප්‍රථම ධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන දලැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණ යි.
Pali BJT10. සත්තහාකාරෙහි පඨමං ඣානං සමාපජ්ජාමීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT10. සත් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා බෙණෙමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
Pali BJT11. තීහාකාරෙහි පඨමං ඣානං සමාපන්නොති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති.
Sinhala BJT11. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා බෙණෙමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් මුසවා කියන ලදැයි සිත වෙයි.
Pali BJT12. චතූහාකාරෙහි පඨමං ඣානං සමාපන්නොති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං.
Sinhala BJT12. සිවු අයුරකින් ප්‍රථම ධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා බෙණෙමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
Pali BJT13. පඤ්චහාකාරෙහි පඨමං ඣානං සමාපන්නොති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං.
Sinhala BJT13. පස් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්හුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ ය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
Pali BJT14. ඡහාකාරෙහි පඨමං ඣානං සමාපන්නොති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං.
Sinhala BJT14. සායුරකින් ප්‍රථමධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ ය, රුචිය සඟවාගෙණ යි.
Pali BJT15. සත්තහාකාරෙහි පඨමං ඣානං සමාපන්නොති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT15. සත් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ ය, ක්‍ෂාන්තිය සඟවාගෙණ ය, රුචිය සඟවාගෙණය. භාවය සඟවාගෙණ යි.
Pali BJT16. තීහාකාරෙහි පඨමස්ස ඣානස්ස ලාභී’ම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති.
Sinhala BJT16. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලුවෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි.
Pali BJT17. චතූහාකාරෙහි පඨමස්ස ඣානස්ස ලාභී’ම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං.
Sinhala BJT17. සිවු අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලු වෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
Pali BJT18. පඤ්චහාකාරෙහි පඨමස්ස ඣානස්ස ලාභීම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති , භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං.
Sinhala BJT18. පස් අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලු වෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
Pali BJT19. ඡහාකාරෙහි පඨමස්ස ඣානස්ස ලාභී’ම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං.
Sinhala BJT19. සය අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලු වෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණ යි.
Pali BJT20. සත්තහාකාරෙහි පඨමස්ස ඣානස්ස ලාභී’ම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT20. සත් අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලු වෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
Pali BJT21. තීහාකාරෙහි පඨමස්ස ඣානස්ස වසී’ම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති.
Sinhala BJT21. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැයි” සිත වෙයි.
Pali BJT22. චතූහාකාරෙහි පඨමස්ස ඣානස්ස වසී’ම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං.
Sinhala BJT22. සිවු අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
Pali BJT23. පඤ්චහාකාරෙහි පඨමස්ස ඣානස්ස වසීම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං.
Sinhala BJT23. පස් අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ”යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
Pali BJT24. ඡහාකාරෙහි පඨමස්ස ඣානස්ස වසීම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං.
Sinhala BJT24. සය අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය. ක්‍ෂාන්තිය සඟවාගෙණය රුචිය සඟවාගෙණ යි.
Pali BJT25. සත්තහාකාරෙහි පඨමස්ස ඣානස්ස වසීම්හීති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT25. සත් අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
Pali BJT26. තීහාකාරෙහි “පඨමං ඣානං සච්ඡිකතං මයා”ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති.
Sinhala BJT26. තුන් අයුරකින් “මවිසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ” යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි.
Pali BJT27. චතූහාකාරෙහි “පඨමං ඣානං සච්ඡිකතං මයා”ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං.
Sinhala BJT27. සිවු අයුරකින් “මවිසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ” යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
Pali BJT28. පඤ්චහාකාරෙහි “පඨමං ඣානං සච්ඡිකතං මයා”ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං.
Sinhala BJT28. පස් අයුරකින් “ම විසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ” යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
Pali BJT29. ඡහාකාරෙහි “පඨමං ඣානං සච්ඡිකතං මයා”ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං.
Sinhala BJT29. සය අයුරකින් “ම විසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ” යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය. ක්‍ෂාන්තිය සඟවාගෙණය. රුචිය සඟවාගෙණ යි.
Pali BJT30. සත්තහාකාරෙහි “පඨමං ඣානං සච්ඡිකතං මයා”ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT30. සත් අයුරකින් “මවිසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
Pali BJT(යථා ඉදං පඨමං ඣානං විත්ථාරිතං එවං සබ්බං විත්ථාරෙතබ්බං.)
Sinhala BJT(මේ පළමුවන දැහැන යම්සේ විස්තර කරණ ලද ද, එසේ ම සියල්ල විස්තර කටයුතු යි.)
Pali BJT31. තීහාකාරෙහි - දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- චතුත්ථස්ස ඣානස්ස ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- චතුත්ථං ඣානං සච්ඡිකතං මයාති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, -පෙ- විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT31. තුන් අයුරකින් දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... සිවුවන දැහැන ලබන සුලු වෙමි. ... වශියෙමි. ... මවිසින් සිවුවන දැහැන පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මුසවා කියන ලදැ” යි සිත වෙයි. ... දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය. රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
Pali BJT32. තීහාකාරෙහි - සුඤ්ඤතං විමොක්ඛං -පෙ- අනිමිත්තං විමොක්ඛං -පෙ- අප්පණිහිතං විමොක්ඛං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- අප්පණිහිතස්ස විමොක්ඛස්ස ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- ‘අප්පණිහිතො විමොක්ඛො සච්ඡිකතො මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-{1}
Sinhala BJT32. තුන් අයුරකින් ශුන්‍යතවිමෝක්‍ෂයට ... අනිමිත්තවිමෝක්‍ෂයට ... අප්‍රණිහිතවිමොක්‍ෂයට සම වැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... අප්‍රණිහිතවිමෝක්‍ෂය ලබනසුලු වෙමි. ... වශියෙමි. ... මවිසින් අප්‍රණිහිතවිමෝක්‍ෂය පසක් කරණ ලදැයි, දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT33. තීහාකාරෙහි - සුඤ්ඤතං සමාධිං -පෙ- අනිමිත්තං සමාධිං -පෙ- අප්පණිහිතං සමාධිං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- අප්පණිහිතස්ස සමාධිස්ස ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- ‘අප්පණිහිතො සමාධි සච්ඡිකතො මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT33. තුන් අයුරකින් ශුන්‍යතසමාධියට ... අනිමිත්තසමාධියට ... අප්‍රණිහිතසමාධියට ... සමවැදිමි. ... සමවදිමි, සමවැදුනෙමි, ... අප්‍රණිහිතසමාධිය ලබනසුලු වෙමි. ... වශියෙමි. ... මවිසින් අප්‍රණිහිතසමාධිය පසක් කරණ ලදැ’යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT34. තීහාකාරෙහි - සුඤ්ඤතං සමාපත්තිං -පෙ- අනිමිත්තං සමාපත්තිං -පෙ- අප්පණිහිතං සමාපත්තිං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- අප්පණිහිතාය සමාපත්තියා ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- ‘අප්පණිහිතා සමාපත්ති සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT34. තුන් අයුරකින් ශුන්‍යතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්‍රණිහිතසමාපත්තියට ... සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... අප්‍රණිහිත සමාපත්තිය ලබන සුලු වෙමි. ... වශීයෙමි. ... අප්‍රණිහිතසමාපත්තිය මවිසින් පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT35. තීහාකාරෙහි - තිස්සො විජ්ජා සමාපජ්ජිං, -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- තිස්සන්නං විජ්ජානං ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- ‘තිස්සො විජ්ජා සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT35. තුන් අයුරකින් ත්‍රිවිද්‍යාවට සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... ත්‍රිවිද්‍යාව ලබන සුලු වෙමි. ... වශියෙමි. ... ත්‍රිවිද්‍යාව මවිසින් පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT36. තීහාකාරෙහි - චත්තාරො සතිපට්ඨානෙ -පෙ- චත්තාරො සම්මප්පධානෙ -පෙ- චත්තාරො ඉද්ධිපාදෙ සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- චතුන්නං ඉද්ධිපාදානං ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- ‘චත්තාරො ඉද්ධිපාදා සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT36. තුන් අයුරකින් සිවු සීවටන් ... සිවු පධන්වෙර ... සිවු ඉදුපා සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... සිවු ඉදුපා ලබනසුලු වෙමි. ... වශියෙමි. ... සිවු ඉදුපා මවිසින් පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT37. තීහාකාරෙහි - පඤ්චින්ද්රියානි -පෙ- පඤ්ච බලානි -පෙ- සමාපජ්ජිං සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඤ්චන්නං බලානං ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- ‘පඤ්ච බලානි සච්ඡිකතානි මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT37. තුන් අයුරකින් (සැදැහැ ආදී) පස් ඉඳුරනට ... පස් බලයනට ... සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... පස් බල ලබනසුලු වෙමි. ... වශියෙමි. ... පස් බල මවිසින් පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT38. තීහාකාරෙහි - සත්ත බොජ්ඣඞ්ගෙ සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- සත්තන්නං බොජ්ඣඞ්ගානං ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- ‘සත්ත බොජ්ඣඞ්ගා සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT38. තුන් අයුරකින් සත් බොජඟ සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... සත් බොජඟ ලබනසුලු වෙමි. ... වශියෙමි. ... සත් බොජඟ මවිසින් පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT39. තීහාකාරෙහි - අරියං අට්ඨඞ්ගිකං මග්ගං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- ‘අරියො අට්ඨඞ්ගිකො මග්ගො සච්ඡිකතො මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT39. තුන් අයුරකින් අරීඅටඟිමඟ සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... අරිඅටඟි මඟ ලබනසුලු වෙමි. ... වශීයෙමි. ... අරිඅටඟිමඟ මවිසින් පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT40. තීහාකාරෙහි - සොතාපත්තිඵලං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- අරහත්තස්ස ලාභීම්හි -පෙ- වසීම්හි -පෙ- ‘අරහත්තං සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT40. තුන් අයුරකින් සෝවාන්පල ... සෙදගැමිපල ... අනගැමිපල ... රහත්බව සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... රහත් බව ලබනසුලු වෙමි. ... වශීයෙමි. ... රහත්බව් මවිසින් පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT41. තීහාකාරෙහි - ‘රාගො මෙ චත්තො, වන්තො, මුත්තො, පහීනො, පටිනිස්සට්ඨො, උක්ඛෙටිතො, සමුක්ඛෙටිතො’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT41. තුන් අයුරකින් මවිසින් රාගය හළ, විහට, මිදින, පැහින, නෙරින උපුටා හරිණ ලද, මැනවින් උපුටා හරිණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT42. තීහාකාරෙහි - දොසො මෙ චත්තො, වන්තො, මුත්තො, පහීනො, පටිනිස්සට්ඨො, උක්ඛෙටිතො, සමුක්ඛෙටිතො’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT42. තුන් අයුරකින් ද්වේෂය මවිසින් හළ, විහට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලද, මැනවින් උපුටා හරිණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT43. තීහාකාරෙහි - මොහො මෙ චත්තො, වන්තො, මුත්තො, පහීනො පටිනිස්සට්ඨො, උක්ඛෙටිතො, සමුක්ඛෙටිතො’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT43. තුන් අයුරකින් මවිසින් මෝහය හළ, විහට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලද, මැනවින් උපුටා හරිණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT44. තීහාකාරෙහි - රාගා මෙ චිත්තං විනීවරණන්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT44. තුන් අයුරකින් රාගයෙන් මා සිත නො ඇවිරිනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT45. තීහාකාරෙහි - දොසා මෙ චිත්තං විනීවරණන්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT45. තුන් අයුරකින් ද්වේෂයෙන් මා සිත නොඇවිරිනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT46. තීහාකාරෙහි - මොහා මෙ චිත්තං විනීවරණන්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති: “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති.
Sinhala BJT46. තුන් අයුරකින් මෝහයෙන් මා සිත නො ඇවිරිනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” සිත වෙයි. බිණුවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි.
Pali BJT47. චතූහාකාරෙහි -පෙ- පඤ්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි මොහා මෙ චිත්තං විනීවරණන්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT47. සිවු අයුරකින් ... පස් අයුරකින් ... සායුරකින් ... සත් අයුරකින් මෝහයෙන් මා සිත නො වැසිනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” සිත වෙයි. බිණුවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
Pali BJTසුද්ධිකං නිට්ඨිතං.
Sinhala BJTසුද්ධිකවාරය නිමි.
Pali BJT1. තීහාකාරෙහි - පඨමඤ්ච ඣානං දුතියඤ්ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස දුතියස්ස ච ඣානස්ස ලාභීම්හි -පෙ- වසී’ම්හි -පෙ- ‘පඨමඤ්ච ඣානං දුතියඤ්ච ඣානං සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT1. තුන් අයුරකින් පළමුවන දැහැනට ද දෙවන දැහැනට ද සමවැදිමි ... සමවදිමි ... සමවැදුනෙමි ... පළමුවන දැහැන ද දෙවන දැහැන ද ලබනසුලු වෙමි ... වශීවෙමි .... මවිසින් පළමු දැහැන ද දෙවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT2. තීහාකාරෙහි - පඨමං ච ඣානං තතියං ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස තතියස්ස ච ඣානස්ස ලාභී’ම්හි -පෙ- වසීම්හි -පෙ- ‘පඨමඤ්ච ඣානං තතියඤ්ච ඣානං සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT2. තුන් අයුරකින් පළමුවන දැහැනට ද තෙවන දැහැනට ද සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි ... පළමුවන දැහැන ද තෙවන දැහැන ද ලබනසුලු වෙමි ... වශීවෙමි .... මා විසින් පළමුවන දැහැන ද තෙවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT3. තීහාකාරෙහි - පඨමඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං සමාපජ්ජිං -පෙ- සමාපජ්ජාමි -පෙ- සමාපන්නො -පෙ- පඨමස්ස ච ඣානස්ස චතුත්ථස්ස ච ඣානස්ස ලාභීම්හි -පෙ- වසී’ම්හි -පෙ- ‘පඨමඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT3. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සිවුවන දැහැනට ද සමවන්මි ... සමවදිමි ... සමවැදුනෙමි ... පළමුවන දැහැන ද සිවුවන දැහැන ද ලබනසුලු වෙමි ... වශී වෙමි .... මවිසින් පළමුවන දැහැන ද සිවුවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT4. තීහාකාරෙහි - පඨමඤ්ච ඣානං සුඤ්ඤතඤ්ච විමොක්ඛං, පඨමඤ්ච ඣානං අනිමිත්තඤ්ච විමොක්ඛං, පඨමඤ්ච ඣානං අප්පණිහිතඤ්ච විමොක්ඛං සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස අප්පණිහිතස්ස ච විමොක්ඛස්ස ලාභීම්හි, වසීම්හි, පඨමඤ්ච ඣානං අප්පණිහිතො ච විමොක්ඛො සච්ඡිකතො මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT4. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද පළමුවන දැහැනට ද අනිමිත්තවිමොක්ඛයට ද පළමුවන දැහැනට ද අප්පණිහිතවිමොක්ඛයට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද අප්පණිහිතවිමොක්ඛය ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද අප්පණිහිත විමොක්ඛය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT5. තීහාකාරෙහි - පඨමඤ්ච ඣානං සුඤ්ඤතඤ්ච සමාධිං, පඨමඤ්ච ඣානං අනිමිත්තඤ්ච සමාධිං, පඨමඤ්ච ඣානං අප්පණිහිතඤ්ච සමාධිං සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස අප්පණිහිතස්ස ච සමාධිස්ස ලාභීම්හි, වසීම්හි, ‘පඨමඤ්ච ඣානං අප්පණිහිතො ච සමාධි සච්ඡිකතො මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT5. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සුඤ්ඤතසමාධියට ද, පළමුවන දැහැනට ද අනිමිත්තසමාධියට ද පළමුවන දැහැනට ද අප්පණිහිතසමාධියට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද අප්පණිහිතසමාධිය ද ලබනසුලු වෙමි. වශීවෙමි. මවිසින් පළමුවන දැහැන ද අප්පණිහිතසමාධිය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT6. තීහාකාරෙහි - පඨමඤ්ච ඣානං සුඤ්ඤතඤ්ච සමාපත්තිං, පඨමඤ්ච ඣානං අනිමිත්තඤ්ච සමාපත්තිං, පඨමඤ්ච ඣානං අප්පණිහිතඤ්ච සමාපත්තිං, සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස අප්පණිහිතාය ච සමාපත්තියා ලාභීම්හි, වසීම්හි, ‘පඨමං ච ඣානං අප්පණිහිතා ච සමාපත්ති සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT6. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සුඤ්ඤතසමාපත්තියට ද, පළමුවන දැහැනට ද අනිමිත්තසමාපත්තියට ද පළමුවන දැහැනට ද අප්පණිහිතසමාපත්තියට ද සමවන්මි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද අප්පණිහිතසමාපත්තිය ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැනද අප්පණිහිතසමාපත්තිය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT7. තීහාකාරෙහි - පඨමං ච ඣානං තිස්සො ච විජ්ජා සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස තිස්සන්නං ච විජ්ජානං ලාභීම්හි, වසීම්හි, ‘පඨමං ච ඣානං තිස්සො ච විජ්ජා සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT7. තුන් අයුරකින් පළමුවන දැහැනට ද ත්‍රිවිද්‍යාවන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද ත්‍රිවිද්‍යාවන් ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමු දැහැන ද ත්‍රිවිද්‍යා ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT8. තීහාකාරෙහි - පඨමං ච ඣානං චත්තාරො ච සතිපට්ඨානෙ, පඨමං ච ඣානං චත්තාරො ච සම්මප්පධානෙ, පඨමං ච ඣානං චත්තාරො ච ඉද්ධිපාදෙ සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස චතුන්නඤ්ච ඉද්ධිපාදානං ලාභීම්හි, වසීම්හි, ‘පඨමං ච ඣානං චත්තාරො ච ඉද්ධිපාදා සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT8. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සතර සතිපට්ඨානයන්ට ද, පළමුවන දැහැනට ද සතර සම්‍යක්පධන්වීර්‍ය්‍යයන්ට ද, පළමුවන දැහැනට ද, සතර ඍද්ධිපාදයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද සතර ඍද්ධිපාදයන් ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද සතර ඍද්ධිපාද ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT9. තීහාකාරෙහි - පඨමං ච ඣානං පඤ්ච ච ඉන්ද්රියානි, පඨමං ච ඣානං පඤ්ච ච බලානි සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස පඤ්චන්නං ච බලානං ලාභීම්හි, වසීම්හි, ‘පඨමං ච ඣානං පඤ්ච ච බලානි සච්ඡිකතානි මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT9. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සද්ධාදි පසිඳුරන්ට ද, පළමුවන දැහැනට ද පඤ්ච බලයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද පස්බල ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද පස්බල ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT10. තීහාකාරෙහි - පඨමං ච ඣානං සත්ත ච බොජ්ඣඞ්ගෙ සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස සත්තන්නඤ්ච බොජ්ඣඞ්ගානං ලාභීම්හි, වසීම්හි, ‘පඨමං ච ඣානං සත්ත ච බොජ්ඣඞ්ගා සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT10. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සත්තබොජ්ඣඞ්ගයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද සත්ත බොජ්ඣඞ්ග ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද සත්ත බොජ්ඣඞ්ග ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT11. තීහාකාරෙහි - පඨමං ච ඣානං අරියං ච අට්ඨඞ්ගිකං මග්ගං සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස අරියස්ස ච අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස ලාභීම්හි, වසීම්හි, ‘පඨමං ච ඣානං අරියො ච අට්ඨඞ්ගිකො මග්ගො සච්ඡිකතො මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT11. තුන් අයුරකින් පළමුවන දැහැනට ද අරීඅටඟිමගට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද අරීඅටඟිමග ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද අරීඅටඟිමග ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT12. තීහාකාරෙහි - පඨමං ච ඣානං සොතාපත්තිඵලං ච, පඨමං ච ඣානං සකදාගාමිඵලං ච, පඨමං ච ඣානං අනාගාමිඵලං ච, පඨමං ච ඣානං අරහත්තං ච සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස අරහත්තස්ස ච ලාභීම්හි, වසීම්හි, ‘පඨමං ච ඣානං අරහත්තඤ්ච සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT12. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සෝවාන් ඵලයට ද, පළමුවන දැහැනට ද සකදාගාමි ඵලයට ද, පළමුවන දැහැනට ද අනාගාමි ඵලයට ද, පළමුවන දැහැනට ද රහත්බවට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද රහත්බව ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද රහත්බව ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT13. තීහාකාරෙහි - පඨමං ච ඣානං, සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස ලාභීම්හි, වසීම්හි, පඨමං ච ඣානං සච්ඡිකතං මයා, රාගො ච මෙ චත්තො, දොසො ච මෙ චත්තො, මොහො ච මෙ චත්තො, වන්තො, මුත්තො, පහීනො, පටිනිස්සට්ඨො, උක්ඛෙටිතො, සමුක්ඛෙටිතො’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT13. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද පසක් කරණ ලදී, මවිසින් රාගය ද හළ, මවිසින් ද්වේෂය ද හළ, මවිසින් මෝහය ද, විහිට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලද, හැම අයුරින් උපුටා හරිණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT14. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි- පඨමං ච ඣානං සමාපජ්ජිං, සමාපජ්ජාමි, සමාපන්නො, පඨමස්ස ච ඣානස්ස ලාභීම්හි, වසීම්හි, පඨමං ච ඣානං සච්ඡිකතං මයා, රාගා ච මෙ චිත්තං විනීවරණං, දොසා ච මෙ චිත්තං විනීවරණං, මොහා ච මෙ චිත්තං විනීවරණන්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT14. තුන් අයුරකින් ... සත් අයුරකින් පළමුවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද පසක් කරණ ලදී, මා සිත රාගයෙන් ද නිරාවරණය, මා සිත ද්වේෂයෙන් ද, නිරාවරණය, මා සිත මෝහයෙන් ද, නිරාවරණයයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “බොරු කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “බොරු කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් බොරු කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණයි.
Pali BJTඛණ්ඩචක්කං නිට්ඨිතං.
Sinhala BJTඛණ්ඩචක්‍රය නිමි.
Pali BJT1. තීහාකාරෙහි දුතියඤ්ච ඣානං තතියඤ්ච ඣානං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- දුතියස්ස ච ඣානස්ස තතියස්ස ච ඣානස්ස ලාභීම්හි- වසීම්හි- දුතියං ච ඣානං තතියං ච ඣානං සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT1. තුන් අයුරකින් දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද තෙවන දැහැන ද ලබන සුලුවෙමි, වශීවෙමි, මවිසින් දෙවන දැහැන ද තෙවන දැහැන ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT2. තීහාකාරෙහි දුතියං ච ඣානං චතුත්ථං ච ඣානං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- දුතියස්ස ච ඣානස්ස චතුත්ථස්ස ච ඣානස්ස ලාභීම්හි- වසීම්හි- දුතියං ච ඣානං චතුත්ථංච ඣානං සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT2. තුන් අයුරකින් දෙවන දැහැනට ද සිවු වන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද සිවු වන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් දෙවන දැහැන ද සිවුවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT3. තීහාකාරෙහි දුතියං ච ඣානං සුඤ්ඤතඤ්ච විමොක්ඛං- අනිමිත්තං ච විමොක්ඛං- අප්පණිහිතං ච විමොක්ඛං- සුඤ්ඤතං ච සමාධිං- අනිමිත්තං ච සමාධිං- අප්පණිහිතං ච සමාධිං- සුඤ්ඤතං ච සමාපත්තිං- අනිමිත්තං ච සමාපත්තිං- අප්පණිහිතං ච සමාපත්තිං- තිස්සො ච විජ්ජා- චත්තාරො ච සතිපට්ඨානෙ- චත්තාරො ච සම්මප්පධානෙ- චත්තාරො ච ඉද්ධිපාදෙ- පඤ්ච ච ඉන්ද්රියානි- පඤ්ච ච බලානි- සත්ත ච බොජ්ඣඞ්ගෙ- අරියඤ්ච අට්ඨඞ්ගිකං මග්ගං- සොතාපත්තිඵලං ච- සකදාගාමිඵලං ච- අනාගාමිඵලං ච- අරහත්තං ච- සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- දුතියස්ස ච ඣානස්ස අරහත්තස්ස ච ලාභීම්හි- වසීම්හි- දුතියං ච ඣානං අරහත්තඤ්ච සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT3. තුන් අයුරකින් දෙවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද, අනිමිත්ත විමොක්ඛයට ද, අප්පණිහිතවිමොක්ඛයට ද, සුඤ්ඤතසමාධියට ද, අනිමිත්තසමාධියට ද, අප්පණිහිතසමාධියට ද, සුඤ්ඤතසමාපත්තියට ද, අනිමිත්තසමාපත්තියට ද, අප්පණිහිතසමාපත්තියට ද, ත්‍රිවිද්‍යාවන්ට ද, සතර සතිපට්ඨානයන්ට ද, සතර සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයන්ට ද, සතර ඍද්ධිපාදයන්ට ද, පඤ්චේන්‍ද්‍රියන්ට ද, පඤ්චබලයන්ට ද, සත්ත බොජ්ඣඞ්ගයන්ට ද, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයට ද, සෝවාන් ඵලයට ද, සකදාගාමී ඵලයට ද, අනාගාමි ඵලයට ද, අරහත් ඵලයට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද අරහත් ඵලය ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් දෙවන දැහැන ද අරහත් ඵලය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT4. තීහාකාරෙහි දුතියං ච ඣානං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- දුතියස්ස ච ඣානස්ස ලාභීම්හි- වසීම්හි- දුතියඤ්ච ඣානං සච්ඡිකතං මයා- රාගො ච මෙ චත්තො- දොසො ච මෙ චත්තො- මොහො ච මෙ චත්තො- වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො- සමුක්ඛෙටිතො රාගා ච මෙ චිත්තං විනීවරණං- දොසා ච මෙ චිත්තං විනීවරණං- මොහා ච මෙ චිත්තං විනීවරණන්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT4. තුන් අයුරකින් දෙවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් දෙවන දැහැන ද පසක් කරණ ලදී, මවිසින් රාගයද හරණ ලදී, මවිසින් ද්වේෂය ද හරණ ලදී, මවිසින් මෝහය ද හරණ ලදී. විහිට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලදී, මැනවින් උපුටා හරිණ ලදී. මා සිත රාගයෙන් ද නිරාවරණය, මා සිත ද්වේෂයෙන් ද නිරාවරණය, මා සිත මෝහයෙන් ද නිරාවරණයැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT5. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි දුතියං ච ඣානං පඨමං ච ඣානං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- දුතියස්ස ච ඣානස්ස පඨමස්ස ච ඣානස්ස ලාභීම්හි- වසීම්හි- දුතියං ච ඣානං පඨමං ච ඣානං සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT5. තුන් අයුරකින් ... සත් අයුරකින් දෙවන දැහැනට ද පළමුවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද පළමුවන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් දෙවන දැහැන ද පළමු වන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ, ...
Pali BJTබද්ධචක්කං.
Sinhala BJTබද්ධචක්ක වාරයයි.
Pali BJTඑවං එකෙකං මූලං කාතූන බද්ධචක්කං{1} පරිවත්තකං කත්තබ්බං.
Sinhala BJTමෙසේ එක එක මුල් කොට බද්ධචක්‍රය පරිවර්‍තනය කටයුතු යි.
Pali BJT1. තීහාකාරෙහි තතියඤ්ච ඣානං චතුත්ථඤ්ච ඣානං -පෙ- තතියඤ්ච ඣානං අරහත්තඤ්ච සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- තතියස්ස ච ඣානස්ස අරහත්තස්ස ච ලාභීම්හි- වසීම්හි- තතියඤ්ච ඣානං අරහත්තඤ්ච සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT1. තුන් අයුරකින් තෙවන දැහැනට සිවුවන දැහැනට ද ... තුන්වන දැහැනට ද රහත් ඵලයට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, තුන්වන දැහැන ද රහත් ඵලය ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් තුන්වන දැහැන ද රහත් ඵලය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT2. තීහාකාරෙහි තතියඤ්ච ඣානං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- තතියස්ස ච ඣානස්ස ලාභීම්හි- වසීම්හි- තතියඤ්ච ඣානං සච්ඡිකතං මයා- රාගො ච මෙ චත්තො- දොසො ච මෙ චත්තො- මොහො ච මෙ චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතො. රාගා ච මෙ චිත්තං විනීවරණං- දොසා ච මෙ චිත්තං විනීවරණං- මොහා ච මෙ චිත්තං විනීවරණන්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT2. තුන් අයුරකින් තෙවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, තෙවන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් තෙවන දැහැන ද පසක් කරණ ලදී, මවිසින් රාගය හරණ ලදී, මවිසින් ද්වේෂය ද හරණ ලදී, මවිසින් මෝහය ද හරණ ලදී, විහිට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලදී, මැනවින් උපුටා හරිණ ලදී, මා සිත රාගයෙන් ද නිරාවරණය, මා සිත ද්වේෂයෙන් ද නිරාවරණය, මා සිත මෝහයෙන් ද නිරාවරණය යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT3. තීහාකාරෙහි තතියඤ්ච ඣානං පඨමඤ්ච ඣානං -පෙ- තතියඤ්ච ඣානං දුතියඤ්ච ඣානං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- තතියස්ස ච ඣානස්ස දුතියස්ස ච ඣානස්ස ලාභීම්හි- වසීම්හි- තතියඤ්ච ඣානං දුතියඤ්ච ඣානං සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT3. තුන් අයුරකින් තෙවන දැහැනට ද, පළමුවන දැහැනට ද, තෙවන දැහැනට ද, දෙවන දැහැනට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, තෙවන දැහැන ද දෙවන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි. මා විසින් තෙවන දැහැන ද දෙවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT4. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං පඨමඤ්ච ඣානං -පෙ- දුතියඤ්ච ඣානං තතියඤ්ච ඣානං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං චතුත්ථස්ස ච ඣානස්ස ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං චතුත්ථඤ්ච ඣානං - සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT4. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, පළමුවන දැහැනට ද ... දෙවන දැහැනට ද, තෙවන දැහැනට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, සිවුවන දැහැන ද ලබනසුලු වෙමි, වශීවෙමි. මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් සිවුවන දැහැන ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT5. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං සුඤ්ඤතඤ්ච විමොක්ඛං අනිමිත්තඤ්ච විමොක්ඛං අප්පණිහිතඤ්ච විමොක්ඛං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං, අප්පණිහිතස්ස ච විමොක්ඛස්ස ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං අප්පණිහිතො ච විමොක්ඛො සච්ඡිකතො මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT5. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණ ය, සුඤ්ඤතවිමොක්ඛයට ද, අනිමිත්තවිමොක්ඛයට ද අප්පණිහිතවිමොක්ඛයට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, අප්පණිහිතවිමොක්ඛය ද ලබනසුලුමි, වසියෙක්මි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් අප්පණිහිතවිමොක්ඛය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT6. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං සුඤ්ඤතඤ්ච සමාධිං අනිමිත්තඤ්ච සමාධිං අප්පණිහිතඤ්ච සමාධිං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං- අප්පණිහිතස්ස ච සමාධිස්ස ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං අප්පණිහිතො ච සමාධි සච්ඡිකතො මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT6. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, සුඤ්ඤතසමාධියට ද, අනිමිත්තසමාධියට ද, අප්පණිහිතසමාධියට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, අප්පණිහිතසමාධිය ද ලබනසුලු වෙමි, වශී වෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් අප්පණිහිතසමාධිය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහු ට පරිජිඇවැත් වේ. ...
Pali BJT7. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං සුඤ්ඤතඤ්ච සමාපත්තිං අනිමිත්තඤ්ච සමාපත්තිං අප්පණිහිතඤ්ච සමාපත්තිං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං- අප්පණිහිතාය ච සමාපත්තියා ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං අප්පණිහිතා ච සමාපත්ති සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT7. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය. සුඤ්ඤත සමාපත්තියට ද, අනිමිත්තසමාපත්තියට ද, අප්පණිහිතසමාපත්තියට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවාරණය, අප්පණිහිතසමාපත්තිය ද ලබනසුලු වෙමි, වශී වෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය. මා විසින් අප්පණිහිතසමාපත්තිය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT8. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං තිස්සො ච විජ්ජා සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං තිස්සන්නඤ්ච විජ්ජානං ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං තිස්සො ච විජ්ජා සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස. -පෙ-
Sinhala BJT8. තුන් අයුරකින් මා සිත නිරාවරණය, මෝහයෙන් ද නිරාවරණය, ත්‍රිවිද්‍යාවන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, ත්‍රිවිද්‍යාවන් ද ලබනසුලු වෙමි, වසියෙක්මි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මා විසින් ත්‍රිවිද්‍යා ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ.
Pali BJT9. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං චත්තාරො ච සතිපට්ඨානෙ චත්තාරො ච සම්මප්පධානෙ චත්තාරො ච ඉද්ධිපාදෙ සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං චතුන්නංච ඉද්ධිපාදානං ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං චත්තාරො ච ඉද්ධිපාදා සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස. -පෙ-
Sinhala BJT9. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, සතර සතිපට්ඨානයන්ට ද සතර සම්‍යක්පධන්වීර්‍ය්‍යයන්ට ද සතර ඍද්ධිපාදයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණ ය, සතර ඍද්ධිපාදයන් ද ලබන සුලු වෙමි, වශී වෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් සතර ඍද්ධිපාද ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT10. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං පඤ්ච ච ඉන්ද්රියානි පඤ්ච ච බලානි සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං පඤ්චන්නඤ්ච බලානං ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං පඤ්ච ච බලානි සච්ඡිකතානි මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස. -පෙ-
Sinhala BJT10. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, සද්ධාදීපඤ්චේන්‍ද්‍රියයන්ට ද පඤ්චබලයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, පඤ්චබලයන් ද ලබනසුලු වෙමි, වශී වෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මා විසින් පඤ්චබල ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT11. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං සත්ත ච බොජ්ඣඞ්ගෙ සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං සත්තන්නඤ්ච බොජ්ඣඞ්ගානං ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං සත්ත ච බොජ්ඣඞ්ගා සච්ඡිකතා මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස. -පෙ-
Sinhala BJT11. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණ ය, සත්තබොජ්ඣඞ්ගයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, සත්තබොජ්ඣඞ්ගයන් ද ලබනසුලු වෙමි, වසියෙක්මි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් සත්තබොජ්ඣඞ්ග ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT12. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං අරියඤ්ච අට්ඨඞ්ගිකං මග්ගං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං අරියස්ස ච අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං අරියො ච අට්ඨඞ්ගිකො මග්ගො සච්ඡිකතො මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස. -පෙ-
Sinhala BJT12. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණ ය, අරිඅටගිමඟට ද සමවැදිමි– සමවදිමි– සමවැදුනෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය, අරිඅටගිමඟ ද ලබනසුලු වෙමි– වශී වෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය මවිසින් අරිඅටගි මඟ ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT13. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං සොතාපත්තිඵලං ච සකදාගාමිඵලං ච අනාගාමිඵලං ච අරහත්තං ච සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං අරහත්තස්ස{1} ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං අරහත්තඤ්ච සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස. -පෙ-{2}
Sinhala BJT13. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, සෝවාන්ඵලයට ද සකදාගාමිඵලයට ද අනාගාමිඵලයටද රහත්ඵලයට ද සමවැදිමි– සමවදිමි– සමවැදුනෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය, රහත්ඵලය ලබනසුලු වෙමි– වශී වෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් රහත් ඵලය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT14. තීහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං පඨමං ච ඣානං සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො- මොහා ච මෙ චිත්තං විනීවරණං පඨමස්ස ච ඣානස්ස ලාභීම්හි- වසීම්හි- මොහා ච මෙ චිත්තං විනීවරණං පඨමං ච ඣානං සච්ඡිකතං මයා’ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ-
Sinhala BJT14. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, ප්‍රථමධ්‍යානයට ද සමවැදිමි– සමවදිමි– සමවැදුනෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය, ප්‍රථමධ්‍යානය ලබනසුලු ද වෙමි– වශී වෙමි– මෝහයෙනුදු මා සිත නිරාවරණය, ම විසින් ප්‍රථමධ්‍යානය ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
Pali BJT15. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි මොහා ච මෙ චිත්තං විනීවරණං දුතියං ච ඣානං -පෙ- තතියං ච ඣානං -පෙ- චතුත්ථං ච ඣානං -පෙ- සුඤ්ඤතං ච විමොක්ඛං -පෙ- දොසා ච මෙ චිත්තං විනීවරණන්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස -පෙ- පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්ස’න්ති, භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති, භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT15. තුන් අයුරකින් ... සත් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, ද්විතීයධ්‍යානයට ද ... තෘතීයධ්‍යානයට ද ... චතුර්‍ත්‍ථධ්‍යානයට ද ... සුඤ්ඤතවිමොක්ඛයට ද ... ද්වේෂයෙන් ද නිරාවරණය යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් මුසවා කියන ලදැයි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙයි.
Pali BJTඑකමූලකං{3} නිට්ඨිතං.
Sinhala BJTඒක මූලකය නිමි.
Pali BJT16. දුමූලකම්පි තිමූලකම්පි චතුමූලකම්පි පඤ්චමූලකම්පි ඡමූලකම්පි සත්තමූලකම්පි අට්ඨමූලකම්පි නවමූලකම්පි දසමූලකම්පි කාතබ්බං. යථා නික්ඛිත්තානි පදානි එකෙකමූලකං වඩ්ඪෙතබ්බං. යථා එකමූලකං විත්ථාරිතං එවමෙව දුමූලකාදි’පි විත්ථාරෙතබ්බං.
Sinhala BJT16. දුමුලකය ද තිමූලකය ද චතුමුලකය ද පඤ්චමූලකය ද ඡමූලකය ද සත්තමූලකය ද අට්ඨමූලකය ද නව මූලකය ද දසමූලකය ද (විස්තර) කටයුතු යි. නික්‍ෂිප්ත පද ඇතිසැටියෙන් එකී එකී මූලකය වැඩිය යුතු යි. යම්සේ එකමූලකය විස්තර කරණ ලද්දේ ද එ පරිද්දෙන් ම දුමූලකාදිය ද විස්තර කට යුතුයි.
Pali BJT<hr/>
Sinhala BJT<hr/>
Pali BJT1. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි පඨමංච ඣානං දුතියංච ඣානං තතියඤ්ච ඣානං චතුත්ථං ච ඣානං සුඤ්ඤතං ච විමොක්ඛං අනිමිත්තඤ්ච විමොක්ඛං අප්පණිහිතඤ්ච විමොක්ඛං සුඤ්ඤතං ච සමාධිං අනිමිත්තං ච සමාධිං අප්පණිහිතං ච සමාධිං සුඤ්ඤතං ච සමාපත්තිං අනිමිත්තංච සමාපත්තිං අප්පණිහිතං ච සමාපත්තිං තිස්සො ච විජ්ජා චත්තාරො ච සතිපට්ඨානෙ චත්තාරො ච සම්මප්පධානෙ චත්තාරො ච ඉද්ධිපාදෙ පඤ්ච ච ඉන්ද්රියානි පඤ්ච ච බලානි සත්ත ච බොජ්ඣඞ්ගෙ අරියඤ්ච අට්ඨඞ්ගිකං මග්ගං සොතාපත්තිඵලඤ්ච සකදාගාමිඵලඤ්ච අනාගාමිඵලඤ්ච අරහත්තඤ්ච සමාපජ්ජිං- සමාපජ්ජාමි- සමාපන්නො -පෙ- රාගො ච මෙ චත්තො දොසො ච මෙ චත්තො මොහො ච මෙ චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො උක්ඛෙටිතො සමුක්ඛෙටිතො, රාගා ච මෙ චිත්තං විනීවරණං, දොසා ච මෙ චිත්තං විනීවරණං, මොහා ච මෙ චිත්තං විනීවරණන්ති සම්පජානමුසා භණන්තස්ස ආපත්ති පාරාජිකස්ස. -පෙ- පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT1. තුන් අයුරකින් ... සත් අයුරකින් පළමුවන දැහැනට ද දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද අනිමිත්ත විමොක්ඛයට ද අප්පණිහිතවිමොක්ඛයට ද සුඤ්ඤත සමාධියට ද අනිමිත්තසමාධියට ද අප්පණිහිතසමාධියට ද සුඤ්ඤතසමාපත්තියට ද අනිමිත්තසමාපත්තියට ද අප්පණිහිතසමාපත්තියට ද ත්‍රිවිද්‍යාවන්ට ද සතර සතිපට්ඨානයන්ට ද සතර සම්‍යක්පධන්වීර්‍ය්‍යයන්ට ද සතර ඍද්ධිපාදයන්ට ද පඤ්චේන්‍ද්‍රියයන්ට ද පඤ්චබලයන්ට ද සත්තබොජ්ඣඞ්ගයන්ට ද අරිඅටගිමඟට ද සෝවාන්ඵලයට ද සකදාගාමීඵලයට ද අනාගාමීඵලයට ද රහත් ඵලයට ද සමවැදිමි– සමවදිමි– සමවැදුනෙමි. ... මවිසින් රාගය ද හරණ ලදී, මවිසින් ද්වේෂය ද හරණලදී. මා විසින් මෝහය හරණ ලදී. වමාරණ ලදී. මුදන ලදී. පහකරණ ලදී. බැහැර කරණ ලදී. උපුටාහරිණ ලදී. සවාරෙන් උපුටාහරිණ ලදී. මා සිත රාගයෙන් ද නිරාවරණය, මා සිත ද්වේෂයෙන් ද නිරාවරණ ය, සිත මෝහයෙන් ද නිරාවරණ ය, දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි, කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි, බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි, දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණයි.
Pali BJTසබ්බමූලකං නිට්ඨිතං.
Sinhala BJTසබ්බමූලකය නිමි.
Pali BJTසුද්ධිකවාරකථා නිට්ඨිතා.
Sinhala BJTසුද්ධිකවාර කථාව නිමි.
Pali BJT1. තීහාකාරෙහි ‘පඨමං ඣානං සමාපජ්ජි’න්ති වත්තුකාමො ‘දුතියං ඣානං සමාපජ්ජි’න්ති සම්පජානමුසාභණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස; න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT1. තුන් අයුරකින් ‘පළමුවන දැහැනට සමවැදිමි’ යි කියනු කැමැත්තේ ‘දෙවන දැහැනට සමවැදිමි’ යි දන්නා පුඟුලක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නක්හු වෙත කියන්නහුට ථුලැසිඇවැත් වේ.
Pali BJT2. තීහාකාරෙහි ‘පඨමං ඣානං සමාපජ්ජි’න්ති වත්තුකාමො ‘තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- සුඤ්ඤතං විමොක්ඛං -පෙ- අනිමිත්තං විමොක්ඛං -පෙ- අප්පණිහිතං විමොක්ඛං -පෙ- සුඤ්ඤතං සමාධිං -පෙ- අනිමිත්තං සමාධිං -පෙ- අප්පණිහිතං සමාධිං -පෙ- සුඤ්ඤතං සමාපත්තිං -පෙ- අනිමිත්තං සමාපත්තිං -පෙ- අප්පණිහිතං සමාපත්තිං -පෙ- තිස්සො විජ්ජා -පෙ- චත්තාරො සතිපට්ඨානෙ -පෙ- චත්තාරො සම්මප්පධානෙ -පෙ- චත්තාරො ඉද්ධිපාදෙ -පෙ- පඤ්චින්ද්රියානි -පෙ- පඤ්ච බලානි -පෙ- සත්ත බොජ්ඣඞ්ගෙ -පෙ- අරියං අට්ඨංගිකං මග්ගං -පෙ- සොතාපත්තිඵලං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තං සමාපජ්ජිං -පෙ- රාගො මෙ චත්තො -පෙ- දොසො මෙ චත්තො -පෙ- මොහො මෙ චත්තො, වන්තො, මුත්තො, පහීනො, පටිනිස්සට්ඨො, උක්ඛෙටිතො, සමුක්ඛෙටිතො -පෙ- රාගා මෙ චිත්තං විනීවරණං -පෙ- දොසා මෙ චිත්තං විනීවරණං -පෙ- මොහා මෙ චිත්තං විනීවරණ’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස, න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස: පුබ්බෙවස්ස හොති “මුසා භණිස්ස”න්ති, භණන්තස්ස හොති “මුසා භණාමී”ති, භණිතස්ස හොති “මුසා මයා භණිත”න්ති, -පෙ- විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.
Sinhala BJT2. තුන් අයුරකින් ‘පළමුවන දැහැනට සමවන්මි’ යි කියනු කැමැත්තේ ‘තෙවන දැහැනට ... සිවුවන දැහැනට ... සුඤ්ඤතවිමොක්ඛයට ... අනිමිත්තවිමොක්ඛයට ... අප්පණිහිතවිමොක්ඛයට ... සුඤ්ඤතසමාධියට ... අනිමිත්තසමාධියට ... අප්පණිහිතසමාධියට ... සුඤ්ඤතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්පණිහිතසමාපත්තියට ... ත්‍රිවිද්‍යාවට ... සතරසතිපට්ඨානයට ... සතර සම්‍යක්ප්‍රධානයන්ට ... සතර ඍද්ධිපාදයට ... පඤ්චේන්‍ද්‍රියන්ට ... පඤ්චබලයන්ට ... සත්තබොජ්ඣඞ්ගයන්ට ... අරිඅටගිමඟට ... සෝවාන් ඵලයට ... සකදාගාමි ඵලයට ... අනාගාමී ඵලයට ... රහත්බවට සමවැදිමි. ... මවිසින් රාගය හරණලද ... මවිසින් ද්වේෂය හරණ ලද ... මවිසින් මෝහය හරණ ලද. විගතාන්ත කරනලද. මුදනලද. පහ කරණලද. බැහැර කරණලද. උපුටා හරිණලද. හැමඅයුරින් උපුටා හරිණලද. මා සිත රාගයෙන් නිරාවරණය. ... මා සිත ද්වේෂයෙන් නිරාවරණය ... මා සිත මෝහයෙන් නිරාවරණයයි. දැනගන්නකු වෙත දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. නො දැනගන්නකු වෙත කියන්නකුට ථුලැසිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණුවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. ... දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවාගෙණයි.
Pali BJTවත්තුවිස්සාරකස්ස{1} එකමූලකස්ස ඛණ්ඩචක්කං.
Sinhala BJTකියනු කැමතිවැ එය සඳහන් නො කරන්නහු පිළිබඳ ඒකමූලකඛණ්ඩ චක්‍රය නිමි.
Pali BJT1. තීහාකාරෙහි ‘දුතියං ඣානං සමාපජ්ජින්ති වත්තුකාමො ‘තතියං ඣානං සමාපජ්ජි’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස; න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT1. තුන් අයුරකින් ‘දෙවන දැහැනට සමවැදිමි’ යි කියනු කැමැත්තේ ‘තෙවන දැහැනට සමවන්මි’යි දන්නා පුඟුලක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නොදන්නක්හු වෙත කියන මහණහට ථුලැසිඇවැත් වේ.
Pali BJT2. තීහාකාරෙහි ‘දුතියං ඣානං සමාපජ්ජි’න්ති වත්තුකාමො -පෙ- මොහා මෙ චිත්තං විනීවරණ’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස; න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT2. තුන් අයුරකින් ‘දෙවන දැහැනට සමවන්මි’ යි කියනු කැමැත්තේ ... ‘මා සිත මෝහයෙන් නිරාවරණය’යි දන්නා පුඟුලක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නක්හු වෙත කියන මහණහට ථුලැසිඇවැත් වේ.
Pali BJT3. තීහාකාරෙහි -පෙ- සත්තහාකාරෙහි ‘දුතියං ඣානං සමාපජ්ජි’න්ති වත්තුකාමො ‘පඨමං ඣානං සමාපජ්ජි’න්ති සම්පජානමුසා භණන්තස්ස පටිවිජානන්තස්ස ආපත්ති පාරාජිකස්ස; න පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස -පෙ- විනිධාය භාවං.
Sinhala BJT3. තුන් අයුරකින් ... සත් අයුරකින් ‘දෙවන දැහැනට සමවන්මි’ යි කියනු කැමැත්තේ ‘පළමුවන දැහැනට සමවන්මි’ යි දන්නක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නා පුඟුලක්හු වෙත කියන මහණහට ථුලැසිඇවැත් වේ. ... භාවය සඟවාගෙණයි.