Pali BJT39. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ මරණාධිප්පායා උට්ඨාපෙසුං, සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (49-50)
Sinhala BJT39. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ නැගිට වූහ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (49-50)
Pali BJT40. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ නිපාතෙසුං. සො භික්ඛු කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (51)
Sinhala BJT40. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ බිම හෙළූහ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නොමැරියැටියහුට ඇවැත් නො වේ. (51)
Pali BJT41. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ මරණාධිප්පායා නිපාතෙසුං. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (52-53)
Sinhala BJT41. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ බිම හෙළූහ. ඒ මහණ මළේය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නොමළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (52-53)
Pali BJT42. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තස්ස භික්ඛූ අන්නං අදංසු. සො භික්ඛු කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (54)
Sinhala BJT42. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට බත් දුන්හ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (54)
Pali BJT43. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තස්ස භික්ඛූ මරණාධිප්පායා අන්නං අදංසු. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (55-56)
Sinhala BJT43. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණහට බත් දුන්හ. ඒ මහණ මළේය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නොමළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (55-56)
Pali BJT44. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තස්ස භික්ඛූ පානං අදංසු. සො භික්ඛු කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (57)
Sinhala BJT44. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට පැන් දුන්හ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් වීය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (57)
Pali BJT45. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති, තස්ස භික්ඛූ මරණාධිප්පායා පානං අදංසු. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (58-59)
Sinhala BJT45. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියටී වූවෝ ඒ මහණහට පැන් දුන්හ. ඒ මහණ මළේ ය. ... [පරිජිඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේය. ඔවුනට කුකුස් වීය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (58-59)
Pali BJT46. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි පවුත්ථපතිකා ජාරෙන ගබ්භිනී හොති. සා කුලූපගං භික්ඛුං එතදවොච:- “ඉඞ්ඝය්ය ගබ්භපාතනං ජානාහී”ති. “සුට්ඨු භගිනී”ති තස්සා ගබ්භපාතනං අදාසි. දාරකො කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (60)
Sinhala BJT46. එසමයෙහි විරහිණී වූ එක්තරා ස්ත්‍රියක් සොර සැමියකු නිසා ගැබිනී වෙයි. ඕ තොමෝ කුලුපග මහණහට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව.” “යහපත නැගණිය”යී ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. දරුවා මළේය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (60)
Pali BJT47. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පුරිසස්ස ද්වෙ පජාපතියො හොන්ති එකා වඤ්ඣා, එකා විජායිනී. වඤ්ඣා ඉත්ථී කුලූපගං භික්ඛුං එතදවොච:- “සචෙ සා භන්තෙ විජායිස්සති සබ්බස්ස කුටුම්බස්ස ඉස්සරා භවිස්සති. ඉඞ්ඝය්ය තස්සා ගබ්භපාතනං ජානාහී”ති . “සුට්ඨු භගිනී”ති තස්සා ගබ්භපාතනං අදාසි. දාරකො කාලමකාසි, මාතා න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (61)
Sinhala BJT47. එසමයෙහි එක්තරා පුරුෂයකුට භාර්‍ය්‍යාවෝ දෙදෙනෙක් වෙත්. එකක් වඳ ය, එකක් නො වඳ ය. වඳ ගැහැණිය කුලුපග මහණකුට මෙය කීවාය. “වහන්ස, ඉදින් දරුවන් වදන්නීනම් ඕ සියලු ධනයට හිමි වන්නීය. “ආර්‍ය්‍යයන් වහන්ස, ඇයට ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව” යි. “යහපත, නැගණිය” යි ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. දරුවා මළේ ය. මවු නො මළාය. ඔහුට කුකුස් වීය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (61)
Pali BJT48. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පුරිසස්ස ද්වෙ පජාපතියො හොන්ති එකා වඤ්ඣා, එකා විජායිනී. වඤ්ඣා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච:- “සචෙ සා භන්තෙ විජායිස්සති සබ්බස්ස කුටුම්බස්ස ඉස්සරා භවිස්සති. ඉඞ්ඝය්ය තස්සා ගබ්භපාතනං ජානාහී”ති . “සුට්ඨු භගිනී”ති තස්සා ගබ්භපාතනං අදාසි. මාතා කාලමකාසි. දාරකො න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (62)
Sinhala BJT48. එසමයෙහි එක්තරා පුරුෂයකුට භාර්‍ය්‍යාවෝ දෙදෙනෙක් වෙත්. එකක් වඳය. එකක් නො වඳය. වඳ ගැහැණිය, කුලුපග මහණකුට මෙය කීවාය. “වහන්ස, ඉදින් ඕ වදන්නී නම් සියලු ධනයට හිමි වන්නීය. “ආර්‍ය්‍යයන් වහන්ස, ඇගේ ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව” යි. “යහපත, නැගණිය” යි ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. මවු මළා ය. දරුවා නො මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ. (62)
Pali BJT49. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පුරිසස්ස ද්වෙ පජාපතියො හොන්ති එකා වඤ්ඣා, එකා විජායිනී. වඤ්ඣා ඉත්ථී කුලූපගං භික්ඛුං එතදවොච:- “සචෙ සා භන්තෙ විජායිස්සති සබ්බස්ස කුටුම්බස්ස ඉස්සරා භවිස්සති. ඉඞ්ඝය්ය තස්සා ගබ්භපාතනං ජානාහී”ති . “සුට්ඨු භගිනී”ති තස්සා ගබ්භපාතනං අදාසි. උභො කාලමකංසු -පෙ- (ආපන්නො පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) උභො න කාලමකංසු. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (65)
Sinhala BJT49. එසමයෙහි එක්තරා පුරුෂයකුට අඹුවෝ දෙදෙනෙක් වෙත්. එකක් වඳ ය. එකක් නො වඳ ය. වඳ ගැහැණිය කුලුපග මහණකුට මෙය කීවාය. “වහන්ස, ඉදින් ඕ වදන්නී නම් ඕ සියලු සැපතට හිමි වන්නී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, ඇගේ ගැබ හෙළන බෙහෙතක් දනු මැනව”යි. “යහපත, නැගණිය”යි ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. දෙදෙනා ම මළාහුය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] දෙදෙනාම නො මළාහුය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (63-64)
Pali BJT50. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ගබ්භිනී ඉත්ථී කුලූපගං භික්ඛුං එතදවොච:- “ඉඞ්ඝය්ය ගබ්භපාතනං ජානාහී”ති. “තෙන හි භගිනි මද්දස්සූ”ති. සා මද්දාපෙත්වා ගබ්භං පාතෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (65)
Sinhala BJT50. එසමයෙහි එක්තරා ගැබිනි ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව”යි එසේ වී නම් නැගණිය, (කුස) මඩින්නැ”යි. ඕ කුස මැඩ ගැබ හෙළී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (65)
Pali BJT51. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ගබ්භිනී ඉත්ථී කුලූපගං භික්ඛුං එතදවොච:- “ඉඞ්ඝය්ය ගබ්භපාතනං ජානාහී”ති. “තෙන හි භගිනි තාපෙහී”ති. සා තාපෙත්වා ගබ්භං පාතෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (66)
Sinhala BJT51. එසමයෙහි එක්තරා ගැබිනි ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව”යි නැගණිය එසේ වී නම් කුස තවනු”යි. ඕ කුස තවා ගැබ හෙළී ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (66)
Pali BJT52. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා වඤ්ඣා ඉත්ථී කුලූපගං භික්ඛුං එතදවොච:- “ඉඞ්ඝය්ය භෙසජ්ජං ජානාහි යෙනාහං විජායෙය්ය”න්ති. “සුට්ඨු භගිනී”ති තස්සා භෙසජ්ජං අදාසි. සා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති දුක්කටස්සා”ති. (67)
Sinhala BJT52. එසමයෙහි එක්තරා වඳ ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, යම් බෙහෙතකින් මම වදම් ද එබඳු බෙහෙතක් දනු මැනව”යි. යහපත නැගණිය”යි ඇයට බෙහෙතක් දුනි. ඕ මළා ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (67)
Pali BJT53. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා විජායිනී ඉත්ථී කුලූපගං භික්ඛු එතදවොච:- “ඉඞ්ඝය්ය භෙසජ්ජං ජානාහි යෙනාහං න විජායෙය්ය”න්ති. “සුට්ඨු භගිනී”ති තස්සා භෙසජ්ජං අදාසි. සා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති දුක්කටස්සා”ති. (68)
Sinhala BJT53. එසමයෙහි එක්තරා වදන ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. යම් බෙහෙතකින් මම නො වදම් ද එබඳු බෙහෙතක් දනු මැනව” යි. “යහපත නැගණිය” යි ඇයට බෙහෙතක් දුනි. ඕ මළා ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (68)
Pali BJT54. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියං භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙසුං. සො භික්ඛු උත්තසන්තො{1} අනස්සාසකො කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්සා”ති{2}
Sinhala BJT54. එසමයෙහි සවග මහණහු සතළොස්වග මහණකු ඇගිල්ලෙන් කිති කැවීමෙන් සිනෑසූහ. ඒ මහණ අධිකව සිනාසෙන්නේ ආශ්වාසප්‍රශ්වාස රහිත වූයේ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවත් නො වේ. (69)
Pali BJT55. තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ ඡබ්බග්ගියං භික්ඛුං කම්මං කරිස්සාමාති ඔත්ථරිත්වා මාරෙසුං. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්සා”ති, (70)
Sinhala BJT55. එසමයෙහි සතළොස් වග මහණහු සවග මහණකු “කර්‍මයක් (=දඬුවමක්) කරන්නෙමු” යි ඇක්ම මැරූහ. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. (70)
Pali BJT56. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භූතවෙජ්ජකො භික්ඛු යක්ඛං ජීවිතා වොරොපෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (71)
Sinhala BJT56. එසමයෙහි එක්තරා භූතවෛද්‍ය මහණෙක් යක්‍ෂයකු දිවියෙන් තොර කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (71)
Pali BJT57. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං වාළයක්ඛවිහාරං පාහෙසි. තං යක්ඛා ජීවිතා වොරොපෙසුං. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (72)
Sinhala BJT57. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකු සැඩයකුන් අරක්ගත් විහාරයකට යැවී ය. යක්‍ෂයෝ ඒ මහණ දිවියෙන් තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (72)
Pali BJT58. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො අඤ්ඤතරං භික්ඛුං වාළයක්ඛවිහාරං පාහෙසි. තං යක්ඛා ජීවිතා වොරොපෙසුං -පෙ- (ආපන්නො පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) තං යක්ඛා ජීවිතා න වොරොපෙසුං. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (73-74)
Sinhala BJT58. එසමයෙහි එක්තරා මහණෙක් මැරියැටිවූයේ එක්තරා මහණකු සැඩ යකුන් අරග්ගත් විහාරයකට යැවී ය. යක්‍ෂයෝ ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] යක්‍ෂයෝ ඒ මහණහු දිවියෙන් නොම තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (73-74)
Pali BJT59. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං වාළකන්තාරං පාහෙසි. තං වාළා ජීවිතා වොරොපෙසුං. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (75)
Sinhala BJT59. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකු ව්‍යාලකාන්තාරයකට යැවීය. ව්‍යාලයෝ ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (75)
Pali BJT60. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො අඤ්ඤතරං භික්ඛුං වාළකන්තාරං පාහෙසි. තං වාළා ජීවිතා වොරොපෙසුං -පෙ- (ආපන්නො පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) තං වාළා ජීවිතා න වොරොපෙසුං. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (76-77)
Sinhala BJT60. එසමයෙහි එක්තරා මහණෙක් මැරියටිවූයේ එක්තරා මහණකු ව්‍යාලකාන්තාරයකට යැවී ය. ව්‍යාලයෝ ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] ව්‍යාලයෝ ඒ මහණහු දිවියෙන් නොම තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (76-77)
Pali BJT61. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං චොරකන්තාරං පාහෙසි. තං චොරා ජීවිතා වොරොපෙසුං. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (78)
Sinhala BJT61. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකු සොරකතරකට යැවී ය. සොරු ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ඔහුට කුකුස් විය. ... මහණ, නොමැරියැටියහුට ඇවැත් නො වේ. (78)
Pali BJT62. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො අඤ්ඤතරං භික්ඛුං චොරකන්තාරං පාහෙසි. තං චොරා ජීවිතා වොරොපෙසුං -පෙ- (ආපන්නො පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) තං චොරා ජීවිතා න වොරොපෙසුං. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (79-80)
Sinhala BJT62. එසමයෙහි එක්තරා මහණෙක් මැරියටිවූයේ එක්තරා මහණකු සොරකතරකට යැවී ය. සොරු ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] සොරු ඒ මහණහු දිවියෙන් නොම තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (79-80)
Pali BJT63. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු තං මඤ්ඤමානො තං ජීවිතා වොරොපෙසි -පෙ- තං මඤ්ඤමානො අඤ්ඤං ජීවිතා වොරොපෙසි -පෙ- අඤ්ඤං මඤ්ඤමානො තං ජීවිතා වොරොපෙසි -පෙ- අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං ජීවිතා වොරොපෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (81-84)
Sinhala BJT63. එසමයෙහි එක්තරා මහණෙක් ඔහු යැයි හඟිමින් ඔහු දිවියෙන් තොර කෙළේ ය. ... ඔහු යයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙළේය. ... අනෙකෙකැයි හඟිමින් ඔහු දිවියෙන් තොර කෙළේ ය. ... අනෙකෙකැයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (81-84)
Pali BJT64. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අමනුස්සෙන ගහිතො හොති. අඤ්ඤතරො භික්ඛු තස්ස භික්ඛුනො පහාරං අදාසි. සො භික්ඛු කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (85)
Sinhala BJT64. එසමයෙහි එක්තරා මහණෙක් අමනුෂ්‍යයකු විසින් ගන්නා ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ඒ මහණහට පහරක් දුනි. ඒ මහණ මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නොමැරියැටියහුට ඇවැත් නො වේ. (85)
Pali BJT65. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අමනුස්සෙන ගහිතො හොති. අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො තස්ස භික්ඛුනො පහාරං අදාසි. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නො පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (86-87)
Sinhala BJT65. එසමයෙහි එක්තරා මහණෙක් අමනුෂ්‍යයකු විසින් ගන්නා ලද්දේ වෙයි. එක්තරා මහණෙක් මැරියැටි වූයේ ඒ මහණහට පහරක් දුනි. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] ඒ මහණ නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (86-87)
Pali BJT66. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කල්යාණකම්මකස්ස{1} සග්ගකථං කථෙසි. සො අධිමුත්තො කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (88)
Sinhala BJT66. එසමයෙහි එක්තරා මහණෙක් කලණකම් ඇත්තකුට ස්වර්‍ග කථාව කෙළේ ය. හෙතෙමේ එහි සිත් ඇලවූයේ මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (88)
Pali BJT67. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො කල්යාණකම්මකස්ස සග්ගකථං කථෙසි. සො අධිමුත්තො කාලමකාසි -පෙ- (ආපන්නො පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො අධිමුත්තො න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (89-90)
Sinhala BJT67. එසමයෙහි එක්තරා මහණෙක් මැරියැටි වූයේ කලණකම් ඇත්තකුට ස්වර්‍ගකථාව කෙළේ ය. හෙතෙමේ එහි සිත් ඇලවූයේ මළේ ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] හෙතෙමේ එහි සිත් ඇලවූයේ නො මළේ ය. ඒ මහණහට කුකුසෙක් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (89-90)
Pali BJT68. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු නෙරයිකස්ස නිරයකථං කථෙසි. සො උත්තසිත්වා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (91)
Sinhala BJT68. එසමයෙහි එක්තරා මහණෙක් මිනිස්තිරිසනකුට නිරයකථාව කෙළේ ය. හෙ තෙමේ තැති ගෙණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (91)
Pali BJT69. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො නෙරයිකස්ස නිරයකථං කථෙසි. සො උත්තසිත්වා කාලමකාසි -පෙ- (ආපන්නො පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො උත්තසිත්වා න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (92-93)
Sinhala BJT69. එසමයෙහි එක්තරා මහණෙක් මරණ රිසි ඇතියේ ආපායිකයකුට නිරයකථාව කෙළේ ය. හෙ තෙමේ තැති ගෙණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] හෙ තෙමේ තැති ගෙණ නොමළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (92-93)
Pali BJT70. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ නවකම්මං කරොන්තා රුක්ඛං ඡින්දන්ති. අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “ආවුසො අත්රට්ඨිතො ඡින්දාහී”ති. තං තත්රට්ඨිතං ඡින්දන්තං රුක්ඛො ඔත්ථරිත්වා මාරෙසි . තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (94)
Sinhala BJT70. එසමයෙහි අලවුවැසි භික්‍ෂූහු නවකම් කරන්නාහු රුකක් සිඳිත්. එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කීයේ ය: “ඇවැත, මෙහි සිට සිඳුව” යි, වෘක්‍ෂය තෙමේ එහි සිට සිඳින උහු යටකොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නොමරණරිසි ඇතියහුට ඇවැත් නො වේ. (94)
Pali BJT71. තෙන ඛො පන සමයෙන ආළවකා භික්ඛූ නවකම්මං කරොන්තා රුක්ඛං ඡින්දන්ති. අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “ආවුසො අත්රට්ඨිතො ඡින්දාහී”ති. තං තත්රට්ඨිතං ඡින්දන්තං රුක්ඛො ඔත්ථරිත්වා මාරෙසි -පෙ- (ආපන්නො පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) රුක්ඛො ඔත්ථරිත්වා න මාරෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (95-96)
Sinhala BJT71. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු නවකම් කරන්නෝ රුකක් සිඳිත්. එක්තරා මහණෙක් මරණරිසි ඇතියේ එක්තරා මහණකුට මෙය කීය: “ඇවැත, මෙහි සිට සිඳුව” යි, වෘක්‍ෂය තෙමේ එහි සිට සිඳින මහණහු යට කොට මැරී ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] වෘක්‍ෂය තෙමේ යට කොට නො මැරී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (95-96)
Pali BJT72. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ දායං ආලිම්පෙසුං මනුස්සා දඩ්ඪා කාලමකංසු. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (97)
Sinhala BJT72. එසමයෙහි සවග මහණහු වනය ගිනි ලූහ. මිනිස්සු දැවුනාහු මළාහු ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මරණ රිසි ඇතියහුට ඇවැත් නො වේ. (97)
Pali BJT73. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ මරණාධිප්පායා දායං ආලිම්පෙසුං. මනුස්සා දඩ්ඪා කාලමකංසු -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) මනුස්සා දඩ්ඪා න කාලමකංසු. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (98-99)
Sinhala BJT73. එසමයෙහි සවග මහණහු මරණ රිසි ඇත්තෝ වනය ගිනි ලූහ. මිනිස්සු දැවුනාහු මළාහු ය. ... [පරිජිඇවැත් අවන්නහුය. එසමයෙහි ...] මිනිස්සු දැවුනෝ නොමළාහු ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජි ඇවැත් නොවේ. ථුලැසි ඇවැත් වේ. (98-99)
Pali BJT74. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ආඝාතනං ගන්ත්වා චොරඝාතං එතදවොච: “ආවුසො මායිමං කිලමෙසි, එකෙන පහාරෙන ජීවිතා වොරොපෙහී”ති. ‘සුට්ඨු භන්තෙ’ති එකෙන පහාරෙන ජීවිතා වොරොපෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (100)
Sinhala BJT74. එසමයෙහි එක්තරා මහණෙක් වධකස්ථානයට ගොස් චෝර ඝාතකයාට මෙය කීය: “ඇවත, මොහු නොවෙහෙසව. එක පහරින් දිවියෙන් තොර කරව” යි. ‘වහන්ස, මැනව’ යි එක පහරින් දිවියෙන් තොර කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (100)
Pali BJT75. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ආඝාතනං ගන්ත්වා චොරඝාතං එතදවොච: “ආවුසො මායිමං කිලමෙසි, එකෙන පහාරෙන ජීවිතා වොරොපෙහී”ති. සො “නාහං තුය්හං වචනං කරිස්සාමී”ති ජීවිතා වොරොපෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (101)
Sinhala BJT75. එසමයෙහි එක්තරා මහණෙක් වධකස්ථානයට ගොස් චෝර ඝාතකයාට මෙය කීය: “ඇවත, මොහු නො වෙහෙසව. එක පහරින් දිවියෙන් තොරකරව” යි හෙතෙමේ “මම තාගේ වචනය නහමක් කරන්නෙමි.” යි ඔහු දිවියෙන් තොර කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ. (101)
Pali BJT76. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො ඤාතිඝරෙ හත්ථපාදච්ඡින්නො ඤාතකෙහි සම්පරිකිණ්ණො හොති. අඤ්ඤතරො භික්ඛු තෙ මනුස්සෙ එතදවොච: “ආවුසො ඉච්ඡථ ඉමස්ස මරණ”න්ති. “ආම භන්තෙ ඉච්ඡාමා”ති. “තෙන හි තක්කං පායෙථා”ති. තෙ තං තක්කං පායෙසුං. සො කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (102)
Sinhala BJT76. එසමයෙහි එක්තරා පුරුෂයෙක් තෙමේ නෑගෙයකදී සුන් අත් පා ඇතියේ නෑයන් විසින් පිරිවරණ ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ඒ මිනිසුන්ට මෙය කීය: “ඇවැත්නි, මොහුගේ මරණය කැමතිවවු ද? “වහන්ස එසේ ය. කැමැතිවෙමු” යි. “එසේ වීනම් මෝරු පොවවු” යි. ඔවුහු ඔහුට මෝරු පෙවූහ. හෙතෙමේ මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහිය. (102)
Pali BJT77. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො කුලඝරෙ හත්ථපාදච්ඡින්නො ඤාතකෙහි සම්පරිකිණ්ණො හොති. අඤ්ඤතරා භික්ඛුනී තෙ මනුස්සෙ එතදවොච:- “ආවුසො ඉච්ඡථ ඉමස්ස මරණ”න්ති. “ආමය්යෙ ඉච්ඡාමා”ති. තෙන හි ලොණසොවීරකං පායෙථා”ති. තෙ තං ලොණසොවීරකං පායෙසුං. සො කාලමකාසි. තස්සා කුක්කුච්චං අහොසි. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “ආපත්තිං සා භික්ඛවෙ භික්ඛුනී ආපන්නා පාරාජික”න්ති. (103)
Sinhala BJT77. එසමයෙහි එක්තරා පුරුෂයෙක් කුලගෙයක දී සුන් අත් පා ඇතියේ නෑයන් විසින් පිරිවරණ ලද්දේ වෙයි. එක්තරා මෙහෙණක් ඒ මිනිසුන්ට මෙය කිවුය. “ඇවැත්නි, මොහුගේ මරණය රිසිවවු ද? යී” “ආර්‍ය්‍යාවනි, එසේය. රිසියෙමු” යි කීහ. “එසේ නම් ලෝණසෝවීරකය පොවවු” යී. ඔවුහු ඒ පුරුෂයාට ලෝණසෝවීරකය පෙවූහ. හෙතෙමේ මළේ ය. ඒ මෙහෙණට කුකුස් විය. ඉක්බිති ඒ මෙහෙණ භික්‍ෂුණීන්ට මෙ පවත් සැළ කළා ය. භික්‍ෂුණීහු භික්‍ෂූන්ට මෙ පවත් සැළ කළාහු ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, ඒ මෙහෙණ පරිජි ඇවැත් අවන්නී ය.” (103)
Pali BJTතතියපාරාජිකං සමත්තං.
Sinhala BJTතෙවන පරිජිය නිමි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTචතුත්ථපාරාජිකං.
Sinhala BJTසිවුවන පරිජිය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ වග්ගුමුදාය නදියා තීරෙ වස්සං උපගච්ඡිංසු. තෙන ඛො පන සමයෙන වජ්ජී දුබ්භික්ඛා හොති ද්වීහිතිකා සෙතට්ඨිකා{1} සලාකා වුත්තා න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල් පුර මහවෙනෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වෙසෙන සේක. එසමයෙහි බොහෝ දුටුමිතුරු ඉටුමිතුරු වූ භික්‍ෂූහු වග්ගුමුදා නම් ගංතෙර වස් එළඹුනාහ. එසමයෙහි වැදෑරට දුබික් වෙයි. ජීවිතය පිළිබඳ දෙපරිද්දෙකින් පැවති අදහස් ඇති වෙයි. සේතට්ඨිකා නම් ශස්‍යරෝග ඇති වෙයි. (වපුළ ධාන්‍ය) හටගත් හිරටු ඇති වෙයි. පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නො වේ.
Pali BJT2. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි:- එතරහි ඛො වජ්ජී දුබ්භික්ඛා ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකා වුත්තා න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. කෙන නු ඛො මයං උපායෙන සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසෙය්යාම, න ච පිණ්ඩකෙන කිලමෙය්යාමා’ති.
Sinhala BJT2. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය: “දැන් වනාහි වැදෑ රට දුබික් වේ. ජීවිතයත් මරණයත් අතර පැවැති අදහස් ඇත්තේ වෙයි. සේතට්ඨිකා නම් ශස්‍ය රෝගයෙන් පෙළුනේ වෙයි. වපුළ දෑ හිරටු ය. පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නො වෙයි. අපි කවර උපායකින් සමඟ වූවමෝ සතුටු වූවමෝ විවාද නො කරන්නමෝ පහසු සේ වස් වසන්නමු ද, පිණ්ඩයෙන් නොම ක්ලාන්ත වන්නමුදැ”යි.
Pali BJT3. එකච්චෙ එවමාහංසු:- “හන්ද මයං ආවුස ගිහීනං කම්මන්තං අධිට්ඨෙම, එවං තෙ අම්හාකං දාතුං මඤ්ඤිස්සන්ති”, එවං මයං සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිස්සාම, න ච පිණ්ඩකෙන කිලමිස්සාමා”ති.
Sinhala BJT3. ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ඇවැත්නි, ඉදින් අපි ගිහියන්ගේ කර්‍මාන්ත හිටු කරන්නමෝ නම් මැනව. එසේ ඇතිකල්හි ඔහු අපට පිඬු දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමග වූවමෝ මනා ව සතුටු වන්නමෝ විවාද නො කරන්නමෝ පහසු සේ වස් වසන්නමු. පිණ්ඩයෙන් ද නො ම ක්ලාන්ත වන්නෙමු” යි.
Pali BJT4. එකච්චෙ එවමාහංසු:- “අලං ආවුසො කිං ගිහීනං කම්මන්තං අධිට්ඨිතෙන, හන්ද මයං ආවුසො ගිහීනං දූතෙය්යං හරාම, එවං තෙ අම්හාකං දාතුං මඤ්ඤිස්සන්ති. එවං මයං සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිස්සාම, න ච පිණ්ඩකෙන කිලමිස්සාමා”ති.
Sinhala BJT4. ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ඇවැත්නි, කම් නැත. ගිහියන්ගේ කර්‍මාන්ත හිටු කිරීමෙන් කිම? ඇවැත්නි, අපි ගිහියන්ගේ පණිවුඩ ගෙණ යන්නමෝ නම් මැනැව. එසේ ඇතිකල්හි ඔහු අපට පිඬු දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමග වූවමෝ සතුටු වන්නමෝ විවාද නො කරන්නමෝ පහසු සේ වස් වසන්නමු. පිණ්ඩයෙන් ද ක්ලාන්ත නො වන්නෙමු” යි.
Pali BJT5. එකච්චෙ එවමාහංසු: “අලං ආවුසො, කිං ගිහීනං කම්මන්තං අධිට්ඨිතෙන, කිං ගිහීනං දූතෙය්යං හටෙන, හන්ද මයං, ආවුසො ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසාම,{2} ‘අසුකො භික්ඛු පඨමස්ස ඣානස්ස ලාභී, අසුකො භික්ඛු දුතියස්ස ඣානස්ස ලාභී, අසුකො භික්ඛු තතියස්ස ඣානස්ස ලාභී, අසුකො භික්ඛු චතුත්ථස්ස ඣානස්ස ලාභී, අසුකො භික්ඛු සොතාපන්නො, අසුකො භික්ඛු සකදාගාමී, අසුකො භික්ඛු අනාගාමී, අසුකො භික්ඛු අරහා, අසුකො භික්ඛු තෙවිජ්ජො, අසුකො භික්ඛු ඡළභිඤ්ඤො’ති. එවං තෙ අම්හාකං දාතුං මඤ්ඤිස්සන්ති. එවං මයං සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිස්සාම න ච පිණ්ඩකෙන කිලමිස්සාමා”ති. “එසොයෙව ඛො ආවුසො සෙය්යො යො අම්හාකං ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණො භාසිතො”ති.
Sinhala BJT5. ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ඇවැත්නි, නොමැනැවි. ගිහියන්ගේ කර්‍මාන්ත හිටු කිරීමෙන් කිම? ගිහියන්ගේ පණිවුඩ ගෙණ යෑමෙන් කිම? ඇවැත්නි, අපි ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම් ගුණ කියමු: “අසෝ මහණ තෙමේ ප්‍රථමධ්‍යානලාභී ය. අසෝ මහණ තෙමේ ද්විතීයධ්‍යානලාභී ය. අසෝ මහණ තෙමේ තෘතීයධ්‍යාන ලෘභී ය. අසෝ මහණ තෙමේ චතුර්‍ත්‍ථධ්‍යාන ලාභී ය. අසෝ මහණ තෙමේ සෝවාන් ය. අසෝ මහණ තෙමේ සෙදගැමි ය. අසෝ මහණ තෙමේ අනගැමි ය. අසෝ මහණ තෙමේ රහත් ය. අසෝ මහණ තෙමේ ත්‍රිවිද්‍යා ඇත්තෙක. අසෝ මහණ තෙමේ ෂඩභිඥ ය” යි. මෙසේ ඇති කල්හි ඔහු අපට පිඬු දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමඟ වූවමෝ සතුටු වූවමෝ විවාද නොකරන්නමෝ පහසු සේ වස් වසන්නමු. පිඬුයෙන් ද ක්ලාන්ත නො වන්නෙමු” යී. “ඇවැත්නි, අප විසින් ගිහියන්ට ඔවුනොවුන් පිළිබඳ යම් උතුරුමිනිස්දම් ගුණයෙන් කියන ලද්දේ ද, මෙය ම ශ්‍රේෂ්ඨ වෙයි.”
Pali BJT6. අථ ඛො තෙ භික්ඛූ ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිංසු: “අසුකො භික්ඛු පඨමස්ස ඣානස්ස ලාභී -පෙ- අසුකො භික්ඛු ඡළභිඤ්ඤො”ති.
Sinhala BJT6. ඉක්බිති ඒ භික්‍ෂූහු ගිහියන්ට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම්ගුණ කීහ: “අසෝ මහණ තෙමේ ප්‍රථමධ්‍යානලාභී ය. ... අසෝ මහණ තෙමේ ෂඩභිඥය” යි.
Pali BJT7. අථ ඛො තෙ මනුස්සා “ලාභා වත නො, සුලද්ධං වත නො, යෙසං{1} නො එවරූපා භික්ඛූ වස්සං උපගතා, න වත නො ඉතො පුබ්බෙ එවරූපා භික්ඛූ වස්සං උපගතා, යථයිමෙ භික්ඛූ සීලවන්තො, කල්යාණධම්මා”ති, තෙ න තාදිසානි භොජනානි අත්තනා භුඤ්ජන්ති, මාතාපිතුන්නං{2} දෙන්ති, පුත්තදාරස්ස දෙන්ති, දාසකම්මකරපොරිසස්ස දෙන්ති, මිත්තාමච්චානං දෙන්ති, ඤාතිසාලොහිතානං දෙන්ති, යාදිසානි භික්ඛූනං දෙන්ති. න තාදිසානි ඛාදනිය්යානි -පෙ- සායනිය්යානි -පෙ- පානානි අත්තනා පිවන්ති, මාතාපිතුන්නං{2} දෙන්ති, පුත්තදාරස්ස දෙන්ති, දාසකම්මකරපොරිසස්ස දෙන්ති, මිත්තාමච්චානං දෙන්ති, ඤාතිසාලොහිතානං දෙන්ති, යාදිසානි භික්ඛූනං දෙන්ති. අථ ඛො තෙ භික්ඛූ වණ්ණවා අහෙසුං පීණින්ද්රියා පසන්නමුඛවණ්ණා විප්පසන්නඡවිවණ්ණා.
Sinhala BJT7. ඉක්බිති ඒ මිනිස්සු “අපට ලාභයෙක් ම ය. ඒකාන්තයෙන් අපට මනා ලැබුමෙකි. යම්බඳු වූ වෙත මෙබෙඳු භික්‍ෂූහු වස් එළඹියාහු ද, යම් සේ මේ භික්‍ෂූහු සිල්වත් ද, කළණදහම් ඇත්තාහු ද, ඒකාන්තයෙන් මින් පෙර මෙබඳු භික්‍ෂූහු අපගේ නිවසට නො එළඹියාහු ය” යි සිතූහ. ඔහු යම් බඳුවූ බොජුන් භික්‍ෂූන්ට දෙත් ද, එබඳු බොජුන් තුමූ නො බුදිත්. මවුපියනට ද නො දෙත්. අඹුදරුවන්ට ද නො දෙත්. දස් කම්කරු පුරුෂයනට ද නො දෙත්. මිත්‍රාමාත්‍යයනට ද නො දෙත්. සහලේ නෑයනට ද නො දෙත්. යම්බඳු වූ කෑ යුතු දැය භික්‍ෂූන්ට දෙත් ද, එබඳු කෑයුතු දෑ ද ... නො දෙත්. රස විඳිය යුතු දෑ ද ... නො දෙත්. ... පානවර්‍ගයන් ද තුමූ නො බොත්. මවුපියනට ද නො දෙත්. අඹුදරුවනට ද නො දෙත්. දස් කම්කරුවනට ද නො දෙත්. මිත්‍රාමාත්‍යයනට ද නො දෙත්. සහලේ නෑයනට ද නො දෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු වර්‍ණවත් වූහ. පිණාගිය ඉඳුරන් ඇති වූහ. පහන් මුවපැහැ ඇති වූහ. වෙසෙසින් පහන් සිවිපැහැ ඇති වූහ.
Pali BJT8. ආචිණ්ණං ඛො පනෙතං වස්සං වුත්ථානං{3} භික්ඛූනං භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං. අථ ඛො තෙ භික්ඛූ වස්සං වුත්ථා{4} තෙමාසච්චයෙන සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන වෙසාලී තෙන පක්කමිංසු. අනුපුබ්බෙන යෙන වෙසාලී මහාවනං කූටාගාරසාලා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT8. වැස නිමවූ වස් ඇති භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ දැකීම සඳහා යෑම පුරුදු ම ය. ඉක්බිති වැස නිමවූ වස් ඇති ඒ භික්‍ෂූහු තෙමස ඇවෑමෙන් සෙනසුන් තැම්පත් කොට තබා, පාසිවුරු ගෙණ විසල්පුරය බලා නික්මුනාහු ය. පිළිවෙළින් විසල්පුර මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නාහු ය.
Pali BJT9. තෙන ඛො පන සමයෙන දිසාසු වස්සං වුත්ථා භික්ඛූ කිසා හොන්ති ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා වග්ගුමුදාතීරියා පන{5} භික්ඛූ වණ්ණවා හොන්ති පීණින්ද්රියා පසන්නමුඛවණ්ණා විප්පසන්නඡවිවණ්ණා. ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං.
Sinhala BJT9. එසමයෙහි දිසාවන්හි වස් වුසූ භික්‍ෂූහු වැහැරුණාහු රළු වූවාහු දුර්වර්‍ණ වූවාහු හටගත් පඬුවන් පැහැ ඇත්තාහු නහර ඉල්පීගිය සිරුරු ඇත්තෝ වෙත්. වග්ගුමුදා ගංතෙර වස් වුසූ භික්‍ෂූහු වර්‍ණවත් වූවාහු පිණාගිය ඉඳුරන් ඇත්තාහු පහන් මුවපැහැ ඇත්තාහු වෙසෙසින් පහන් සිවිපැහැ ඇත්තෝ වෙත්. භාග්‍යවත් බුදුවරුන් විසින් ආගන්තුක භික්‍ෂූන් සමඟ පිළිසඳර කිරීම ආච්ර්‍ණ ම ය.
Pali BJT10. අථ ඛො භගවා වග්ගුමුදාතීරියෙ භික්ඛූ එතදවොච: “කච්චි භික්ඛවෙ ඛමනීයං කච්චි යාපනීයං කච්චි සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිත්ථ, න ච පිණ්ඩකෙන කිලමිත්ථා”ති. “ඛමනීයං භගවා, යාපනීයං භගවා, සමග්ගා ච මයං භන්තෙ සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිම්හා, න ච පිණ්ඩකෙන කිලමිම්හා”ති. ජානන්තාපි තථාගතා පුච්ඡන්ති, ජානන්තාපි න පුච්ඡන්ති, කාලං විදිත්වා පුච්ඡන්ති කාලං විදිත්වා න පුච්ඡන්ති, අත්ථසංහිතං තථාගතා පුච්ඡන්ති නො අනත්ථසංහිතං, අනත්ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං.
Sinhala BJT10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදා ගං තෙර වැසි භික්‍ෂූන්ට “මහණෙනි, කිම සිහිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම සමග වූවාහු, සතුටු වූවාහු විවාද නො කරන්නාහු පහසු සේ වස් වුසුවහු ද? අහරින් ක්ලාන්ත නො වූවහු ද?” යි වදාළ සේක, භාග්‍යවතුන් වහන්ස, සිහිය හැක්ක. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක්ක. වහන්ස, අපි සමඟ වූවමෝ සතුටු වූවමෝ විවාද නො කරමින් පහසු සේ වස් වුසුම්හ. අහරින් ක්ලාන්ත නො වූම්හ” යි. තථාගතවරු දනිමිනුත් විචාරත්. දනිමිනුත් නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරු අර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් ම විචාරත්. අනර්‍ත්‍ථසංහියක් නො විචාරත්. අනර්‍ත්‍ථයෙන් යුක්ත වචනයෙහි තථාගතවරන්ගේ මගනුවණින් ප්‍රත්‍යයඝාතය වෙයි.
Pali BJT11. ද්වීහාකාරෙහි බුද්ධා භගවන්තො භික්ඛූ පටිපුච්ඡන්ති “ධම්මං වා දෙසෙස්සාම, සාවකානං වා සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමා”ති. අථ ඛො භගවා වග්ගුමුදාතීරියෙ භික්ඛූ එතදවොච: “යථා කථං පන තුම්හෙ භික්ඛවෙ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඵාසුකං වස්සං වසිත්ථ, න ච පිණ්ඩකෙන කිලමිත්ථා”ති? අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “කච්චි පන වො භික්ඛවෙ භූත”න්ති. “අභූතං, භගවා”ති. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිසා අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උදරස්ස කාරණා ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිස්සථ. වරං තුම්හෙහි මොඝපුරිසා තිණ්හෙන ගොවිකන්තනෙන{1} කුච්ඡිපරිකන්තො,{2} න ත්වෙව උදරස්ස කාරණා ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණො භාසිතො. තං කිස්ස හෙතු? තතො නිදානං හි මොඝපුරිසා මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං, න ත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.{3} ඉතො නිදානඤ්ච ඛො, මොඝපුරිසා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.{3} නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT11. භාග්‍යවත් බුදුවරු දෙ අයුරකින් භික්‍ෂූන් පුළුවුසිත්: “ධර්‍මය හෝ දෙසන්නමු. සවුවනට සිකපද හෝ පණවන්නමු” යි. ඉක්බිති භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වග්ගුමුදා ගංතෙර වස් වුසූ භික්‍ෂූන්ට මෙය වදාළ සේක: “මහණෙනි, තෙපි කෙසේ නම් සමග වූවහු සතුටු වෙමින් විවාද නොකරමින් සුවසේ වස් වුසුවහු ද, අහරින් ක්ලාන්ත නුවූවහුදැ?” යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ. “කිමෙක් ද, මහණෙනි, සැබැවක් කීවහුද?” යී. “භාග්‍යවතුන් වහන්ස, නොසැබැවක් ම කීවමු” යි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, නුසුදුස්සෙක. අනුලොම් නුවූවක. නොගැළපෙන්නක. නොමහණකමෙක. නොකැපයෙක. නොකටයුත්තෙක. “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් කුස කරුණු කොට ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම්ගුණ කීවහු ද? හිස් පුරුෂයෙනි, තොප විසින් තියුණු ගෙරි කපන කැත්තෙන් කුස කපා ගැණීම මැනවි. කුස කරුණු කොට ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම් වැණීම නො මැනවි. ඒ කවර හෙයින? හිස් පුරුෂයෙනි, ඒ හේතුවෙන් මරණයට හෝ මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති විවශ ව පතිත වීම් ඇති නිරයට නො ම පැමිණෙන්නේ ය. හිස්පුරුෂයෙනි, මෙය නොපහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ. ...” ගරහා දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT12. පඤ්චිමෙ භික්ඛවෙ මහාචොරා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච?
Sinhala BJT12. “මහණෙනි, ලොව මේ මහහොරු පස්දෙනෙක් වෙති. ඔහු පස්දෙන කවරහු ද? යත්:
Pali BJT(1) ඉධ, භික්ඛවෙ එකච්චස්ස මහාචොරස්ස එවං හොති: “කුදස්සු{4} නාමාහං සතෙන වා සහස්සෙන වා පරිවුතො ගාමනිගමරාජධානීසු ආහිණ්ඩිස්සාමි හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො”ති. සො අපරෙන සමයෙන සතෙන වා සහස්සෙන වා පරිවුතො ගාමනිගමරාජධානීසු ආහිණ්ඩති හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චස්ස පාපභික්ඛුනො එවං හොති: ‘කුදස්සු නාමාහං සතෙන වා සහස්සෙන වා පරිවුතො ගාමනිගමරාජධානීසු චාරිකං චරිස්සාමි සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො ගහට්ඨානං චෙව පබ්බජිතානඤ්ච, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන”න්ති.{5} සො අපරෙන සමයෙන සතෙන වා සහස්සෙන වා පරිවුතො ගාමනිගමරාජධානීසු චාරිකං චරති සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො ගහට්ඨානඤ්චෙව පබ්බජිතානං ච, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං.{5} අයං, භික්ඛවෙ පඨමො මහාචොරො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJT(1) මහණෙනි, මේ ලෝකයෙහි එක්තරා මහ සොරකුට මෙබඳු අදහසෙක් වෙයි: “මම කවරදා නම් සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම්ගම් රජදනවුහි නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදින්නෙම් දෝ”යි. හෙ තෙමේ පසු කලෙක සියයකින් දහසකින් පිරිවරණ ලද්දේ ගම් නියම් ගම් රජ දනවුහි මරමින් මරවමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදී. මහණෙනි, එපරිද්දෙන් ම මේ සස්නෙහි ඇතැම් පවිටු මහණකුට මෙ බඳු සිතෙක් වෙයි: “කවරදා නම් මම සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම් ගම් රජදනවුහි ගැහැවියන් විසින් ද පැවිද්දන් විසින් ද සත්කාර කරණ ලද්දෙම්, ගරු කරණ ලද්දෙම්, බුහුමන් කරණ ලද්දෙම්, සිවුපසයෙන් පුදන ලද්දෙම්, අභිවාදනා කරණ ලද්දෙම්, සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ලබන්නෙම් සැරි සරන්නෙම් දෝ” යි. ඒ මහණ පසු කලෙක සියයකින් හෝ දහසකින් හෝ ගම් නියම්ගම් රජදනවුහි ගිහියන් විසින් හා පැවිද්දන් විසින් සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ සිවුපසයෙන් පුදන ලද්දේ අභිවාදනා කරනලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම් ඇත්තේ සැරි සරයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ පළමුවැනි මහසොරා වෙයි.
Pali BJT(2) “පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො පාපභික්ඛු තථාගතප්පවෙදිතං ධම්මවිනයං පරියාපුණිත්වා අත්තනො දහති. අයං භික්ඛවෙ දුතියො මහාචොරො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJT(2) වැලිදු මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් තථාගතභාෂිත ධර්‍ම විනය ප්‍රගුණ කොට (එය) තමාගේ යයි ප්‍රකාශ කෙරෙයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ දෙවැනි මහසොරා වෙයි.
Pali BJT(3) පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො පාපභික්ඛු සුද්ධං බ්රහ්මචාරිං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්තං අමූලකෙන අබ්රහ්මචරියෙන අනුද්ධංසෙති. අයං භික්ඛවෙ තතියො මහාචොරො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJT(3) වැලිදු මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් පිරිසිදු බඹසර හැසිරෙණ රහත් මහණකුට මුල් රහිත පරිජිඇවැතින් චෝදනා කෙරේ ද. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ තෙවන මහසොරා වෙයි.
Pali BJT(4) පුන චපරං භික්ඛවෙ ඉධෙ‘කච්චො පාපභික්ඛු යානි තානි සඞ්ඝස්ස ගරුභණ්ඩානි ගරුපරික්ඛාරානි, සෙය්යථිදං: ආරාමො ආරාමවත්ථු විහාරො විහාරවත්ථු මඤ්චො පීඨං භිසි බිම්බොහනං{1} ලොහකුම්භී ලොහභාණකො{2} ලොහවාරකො ලොහකටාහං වාසී ඵරසු කුඨාරී කුද්දාලො{3} නිඛාදනං වල්ලී වෙළු මුඤ්ජං බබ්බජං තිණං මත්තිකා දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං, තෙහි ගිහී{4} සඞ්ගණ්හාති, උපලාපෙති. අයං භික්ඛවෙ චතුත්ථො මහාචොරො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJT(4) වැලිදු, මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් සඟසතු යම් ඒ ගරු බඩු ගරු පිරිකර වේ ද, ඒ කවරේ ද? අරම්, අරම්වතු, වෙහෙර, වෙහෙරවතු, ඇඳ, පුටු, බිසි, කන්වයින්, ලොහොකළ, ලොහොසැළ, කුඩා ලොහොකළ, ලෝහකටාරම්, වෑ, පොරෝ, කෙටේරි, උදැලු, නියන්, වැල්, හුණ, මුදුතණ, බබුස්තණ, සෙවෙනියට සුදුසු තණ, මැටි, දැව බඩු, මැටි බඳුන් ය. එයින් ගිහියන් සඟන්නේ ද, පොළඹවන්නේ ද, මහණෙනි, මෙතෙමේ ලොව විද්‍යමාන සිවුවැනි මහසොරා වෙයි.
Pali BJT(5) සදෙවකෙ භික්ඛවෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අයං අග්ගො මහාචොරො යො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති. තං කිස්ස හෙතු? ථෙය්යාය වො භික්ඛවෙ රට්ඨපිණ්ඩො භුත්තොති.
Sinhala BJT(5) මහණෙනි, යමෙක් සිය සතන්හි නැති උතුරුමිනිස්දම් තමා කෙරෙහි ඇතැයි කියා ද, මේ මහණ තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද, මහණ බමුණන් සහිත වූ දෙමිනිසුන් සහිත වූ ප්‍රජාව කෙරෙහි ද, ප්‍රමුඛ වූ මහසොරා වෙයි. ඒ කවර හෙයින? මහණෙනි, සොර සිතින් රට්ඨපිණ්ඩය අනුභව කරණ ලද්දේ ය. එහෙයිනි.
Pali BJTඅඤ්ඤථා සන්තමත්තානං අඤ්ඤථා යො පවෙදයෙ, නිකච්ච කිතවස්සෙව භුත්තං ථෙය්යෙන තස්ස තං.
Sinhala BJTයමෙක් අන් පරිද්දෙකින් සිටුනා තමා අන් අයුරකින් පවසන්නේ නම්, ඔහුගේ ඒ සොරකමින් සිවුපසය වැළඳීම ලිහිණිවැද්දා විසින් ලිහිණින් රවටා මරා කනු වැන්න.
Pali BJTකාසාවකණ්ඨා බහවො පාපධම්මා අසඤ්ඤතා, පාපා පාපෙහි කම්මෙහි නිරයං තෙ උපපජ්ජරෙ.
Sinhala BJTගෙලෙහි ලූ කසාවත් ඇති පවිටු ගතියෙන් යුත් නොහික්මුනු පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ පවිටුකමින් නිරයට පැමිණෙත්.
Pali BJTසෙය්යො අයොගුළො භුත්තො තත්තො අග්ගිසිඛූපමො, යඤ්චෙ භුඤ්ජෙය්ය දුස්සීලො රට්ඨපිණ්ඩං අසඤ්ඤතොති.
Sinhala BJTඉදින් නොහික්මුණු දුසිල් මහණ තෙමේ යම් හෙයකින් රටවැසියාගේ පිඬු වළඳන්නේ ද එයට වඩා ගිනිසිළුවක් වැනි රත් වූ යවටක් බුදින ලද්දේ උතුම් වේ.
Pali BJT13. අථ ඛො භගවා තෙ වග්ගුමුදාතීරියෙ භික්ඛූ අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වග්ගුමුදා ගංතෙරින් ආ මහණුන්ට නන් අයුරින් ගරහා දුබර බැව්හි ... මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අනභිජානං උත්තරිමනුස්සධම්මං අත්තූපනායිකං අලමරිය-ඤාණදස්සනං සමුදාචරෙය්ය ‘ඉති ජානාමි, ඉති පස්සාමී’ති, තතො අපරෙන සමයෙන සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා ආපන්නො විසුද්ධාපෙක්ඛො එවං වදෙය්ය: ‘අජානමෙවාහං{5} ආවුසො අවචං ජානාමි, අපස්සං පස්සාමි, තුච්ඡං මුසා විලපි’න්ති, අයම්පි පාරාජිකො හොති අසංවාසො”ති.
Sinhala BJT“යම් මහණෙක් නොදන්නේ ආර්‍ය්‍යඥානදර්‍ශනයට යෝග්‍ය වූ උතුරුමිනිස්දම් තමා කෙරෙහි එළවා, ‘මෙසේ (තමා කෙරෙහි ඇතැයි) දනිමි. මෙසේ (තමා කෙරෙහි ඇතැයි) දකිමි’ යි කියන්නේ ද, ඉන් පසු කලෙක විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි අවන්නේ පිරිසිදු බැව් කැමැත්තේ මෙසේ කියන්නේ ය: ‘ඇවැත්නි, මම නොදන්නෙම් මෙසේ දනිමියි කීමි. නොදක්නෙම් දකිමියි හිස් බොරු කීමි’යී. මේ මහණ ද පරිජි අවන්නේ සංවාස රහිත වේ.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මේ සිකපදය පණවන ලද්දේ වේ.
Pali BJT[මූලපඤ්ඤත්ති.]
Sinhala BJT[මුල් පැණවීමයි.]
Pali BJT14. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අදිට්ඨෙ දිට්ඨසඤ්ඤිනො අප්පත්තෙ{1} පත්තසඤ්ඤිනො අනධිගතෙ අධිගතසඤ්ඤිනො අසච්ඡිකතෙ සච්ඡිකතසඤ්ඤිනො අධිමානෙන අඤ්ඤං ව්යාකරිංසු. තෙසං අපරෙන සමයෙන රාගායපි චිත්තං නමති, දොසායපි චිත්තං නමති, මොහායපි චිත්තං නමති. තෙසං කුක්කුච්චං අහොසි: “භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං. මයඤ්චම්හ අදිට්ඨෙ දිට්ඨසඤ්ඤිනො අප්පත්තෙ පත්තසඤ්ඤිනො අනධිගතෙ අධිගතසඤ්ඤිනො අසච්ඡිකතෙ සච්ඡිකතසඤ්ඤිනො, අධිමානෙන අඤ්ඤං ව්යාකරිම්හ,{2} කච්චි නු ඛො මයං පාරාජිකං ආපත්තිං ආපන්නා”ති. ආයස්මතො{3} ආනන්දස්ස එතමත්ථං ආරොචෙසුං. ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT14. එසමයෙහි බොහෝ භික්‍ෂූහු නොදක්නා ලද්දෙහි දක්නා ලද්දේ යයි හැඟුම් ඇත්තාහු, නො පැමිණෙන ලද්දෙහි පැමිණෙන ලදැයි යන හැඟුම් ඇත්තාහු, නොපිළිවිදි දහම්හි පිළිවිදිනැයි හැඟුම් ඇත්තාහු, නොපසක් කළ දහම්හි පසක් කළැයි හැඟුම් ඇත්තාහු, අධිමානයෙන් යුක්ත ව අර්‍හත්‍වය ප්‍රකාශ කළහ. පසු කාලයෙහි ඔවුන්ගේ සිත රාගයට ද නැමෙයි. ද්වේෂයට ද සිත නැමෙයි. මෝහයට ද සිත නැමෙයි. ඔවුන්ට කුකුස් උපනි. “භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. අපි දු නොදක්නා ලද්දෙහි දක්නා ලදැයි හැඟුම් ඇත්තමෝ නොපත් ගුණෙහි පැමිණෙන ලදැයි හැඟුම් ඇත්තමෝ නො පිළිවිදි ගුණෙහි පිළිවිදිනැයි හැඟුම් ඇත්තමෝ නො පසක් කළ දහම්හි පසක් කළැයි හැඟුම් ඇත්තමෝ අධිමානයෙන් යුක්ත ව අර්‍හත්ත්‍වය ප්‍රකාශ කළමු. කිම අපි පරිජි ඇවැත් අවන්නමෝ දැ?”යී. ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වූ අනඳ තෙරුන්ට මේ පවත් දැන්වූහ. ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කෙළේය.
Pali BJT15. හොන්ති{4} තෙ, ආනන්ද භික්ඛූ අදිට්ඨෙ දිට්ඨසඤ්ඤිනො අප්පත්තෙ පත්තසඤ්ඤිනො අනධිගතෙ අධිගතසඤ්ඤිනො අසච්ඡිකතෙ සච්ඡිකතසඤ්ඤිනො අධිමානෙන අඤ්ඤං බ්යාකරොන්ති. තං ච ඛො එතං අබ්බොහාරිකන්ති. එවඤ්ච පන, භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT15. ආනන්‍දය, තෙල භික්‍ෂූහු නොදක්නා ලද්දෙහි දක්නා ලද්දේයයි හැඟුම් ඇත්තාහු, නොපත්ගුණෙහි පැමිණෙන ලදැයි හැඟුම් ඇත්තාහු, නොපිළිවිදි ගුණෙහි පිළිවිදිනැයි හැඟුම් ඇත්තාහු, නොපසක් කළ දහම්හි පසක් කළැයි හැඟුම් ඇත්තාහු වෙත්. අධිමානයෙන් යුක්ත ව රහත් බව ප්‍රකාශ කෙරෙත්. ඔවුන්ගේ තෙල රහත් බැව් පළකිරීම ඇවැතට කරුණු නො වේ. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අනභිජානං උත්තරිමනුස්සධම්මං අත්තූපනායිකං අලමරියඤාණදස්සනං සමුදාචරෙය්ය ‘ඉති ජානාමි, ඉති පස්සාමී’ති. තතො අපරෙන සමයෙන සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා ආපන්නො විසුද්ධාපෙක්ඛො එවං වදෙය්ය: ‘අජානමෙවාහං, ආවුසො අවචං ජානාමි, අපස්සං පස්සාමි, තුච්ඡං මුසා විලපි’න්ති අඤ්ඤත්ර අධිමානා. අයම්පි පාරාජිකො හොති අසංවාසො”ති.
Sinhala BJT“යම් මහණෙක් නොදන්නේ ආර්‍ය්‍යඥානදර්‍ශනයට යෝග්‍ය වූ උතුරුමිනිස්දම් තමා කෙරෙහි එළවා ‘මෙසේ දනිමි, මෙසේ දකිමි’ යි අධිමානයෙන් තොර ව කියන්නේ ද, ඉන් පසුකාලයෙහි විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි අවන්නේ පිරිසිදු බැව් කැමැත්තේ මෙසේ කියන්නේ ය: “ඇවැත්නි, මම ‘නො දන්නෙම් මෙසේ දනිමි’ යි කීමි. නො දක්නෙම් දකිමියි හිස් බොරු කීමි”යී මේ මහණ ද පැරදුනේ සංවාසරහිත වේ.”
Pali BJT[දුතියපඤ්ඤත්ති.]
Sinhala BJT[දෙවෙනි පැණවීමයි.]
Pali BJT16. යො පනාති - යො යාදිසො -පෙ-
Sinhala BJT16. යෝපන යනු යම් බඳුවූ යමෙක්: ...
Pali BJTභික්ඛූති -පෙ- (ඤත්තිචතුත්ථෙන කම්මෙන -පෙ- උපසම්පන්නො) අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු ... ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් ... උපසපන් වූයේ ද, මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුයයි අභිමතයි.
Pali BJTඅනභිජානන්ති අසන්තං අභූතං අසංවිජ්ජමානං අජානන්තො අපස්සන්තො අත්තනි කුසලං ධම්මං අත්ථි මෙ කුසලො ධම්මොති.
Sinhala BJTඅනභිජානං යනු නැත්තා වූ, නො වූ, විද්‍යාමාන නො වූ කුසල් දහම් තමා කෙරෙහි නොදන්නේ, නොදක්නේ මට කුසල් දහම් ඇත්තේය’යී.
Pali BJTඋත්තරිමනුස්සධම්මො නාම: ඣානං විමොක්ඛං{5} සමාධි සමාපත්ති ඤාණදස්සනං මග්ගභාවනා ඵලසච්ඡිකිරියා කිලෙසප්පහානං විනීවරණතා චිත්තස්ස සුඤ්ඤාගාරෙ අභිරති.
Sinhala BJTඋත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යාන, විමොක්ඛ, සමාධි, සමාපත්ති, ඤාණදස්සන, මග්ගභාවනා, ඵලසච්ඡිකිරියා, කිලේසප්පහාණ, සිත නීවරණයන්ගෙන් තොර බව, ශුන්‍යාගාරයෙහි අභිරතිය යි.
Pali BJTඅත්තූපනායිකන්ති තෙ වා කුසලෙ ධම්මෙ අත්තනි උපනෙති, අත්තානං වා තෙසු කුසලෙසු ධම්මෙසු උපනෙති.
Sinhala BJTඅත්තූපනායිකං යනු ඒ කුසල් දහම් හෝ තමා කෙරෙහි එළවයි. තමා හෝ ඒ කුසල් දහම්හි පමුණුවයි.
Pali BJTඤාණන්ති තිස්සො විජ්ජා.
Sinhala BJTඤාණං යනු ත්‍රිවිද්‍යා ය.
Pali BJTදස්සනන්ති යං ඤාණං තං දස්සනං. යං දස්සනං තං ඤාණං.
Sinhala BJTදස්සනං යනු යම් ඥානයක් වේ ද ඒ දර්‍ශනයයි. යම් දර්‍ශනයක් වේ ද එය ඥානයයි.
Pali BJTසමුදාචරෙය්යාති ආරොචෙය්ය ඉත්ථියා වා පුරිසස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා.
Sinhala BJTසමුදාචරෙය්‍ය යනු ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ගැහැවියකුට හෝ පැවිද්දකුට හෝ සැළ කරන්නේ ය.
Pali BJTඉති ජානාමි ඉති පස්සාමීති ජානාමහං එතෙ ධම්මෙ, පස්සාමහං එතෙ ධම්මෙ, අත්ථි ච මෙ එතෙ ධම්මා{1}, මයි එතෙ ධම්මා සන්දිස්සන්ති, අහඤ්ච එතෙසු ධම්මෙසු සන්දිස්සාමීති.
Sinhala BJTඉති ජානාමි ඉති පස්සාමි යනු මම තෙල දහම් දනිමි. මම තෙල දහම් දකිමි. තෙල දහම් මට ඇත් ම ය, තෙල දහම් මා කෙරෙහි පැණෙත්, මම ද තෙල දහම්හි පෙණෙන්නෙමි.
Pali BJTතතො අපරෙන සමයෙනාති යස්මිං ඛණෙ සමුදාචිණ්ණං හොති, තං ඛණං තං ලයං තං මුහුත්තං වීතිවත්තෙ.
Sinhala BJTතතො අපරෙන සමයෙන යනු යම් කෙණෙක්හි සැළ කෙළේ වේ ද ඒ ක්‍ෂණය, ඒ ලයය, ඒ මොහොත ඉක්මවූ කල්හි ය.
Pali BJTසමනුග්ගාහියමානොති යං වත්ථු පටිඤ්ඤාතං හොති, තස්මිං වත්ථුස්මිං සමනුග්ගාහියමානො: “කිං තෙ අධිගතං, කින්ති තෙ අධිගතං, කදා තෙ අධිගතං, කත්ථ තෙ අධිගතං, කතමෙ තෙ කිලෙසා පහීනා, කතමෙසං ත්වං ධම්මානං වා{2} ලාභී”ති.
Sinhala BJTසමනුග්ගාහියමානෝ යනු යම් වතක් පිළිණ කරණ ලද්දේ වේ ද, ඒ වස්තුවෙහි විචාරණු ලබන්නේ: “තා විසින් කිනම් දහමක් අවබෝධ කරණ ලද ද, තා විසින් කෙසේ අවබෝධ කරණ ලද ද, තා විසින් කවර දා අවබෝධ කරණ ලද ද, කොහිදී තා විසින් අවබෝධ කරණ ලද ද, තාගේ කවර කෙලෙස් ප්‍රහීණ ද, තෝ කවර දහම් හෝ ලැබුයෙහි ද?”
Pali BJTඅසමනුග්ගාහියමානොති න කෙනචි වුච්චමානො.
Sinhala BJTඅසමනුග්ගාහියමානෝ යනු කිසිවකු විසින් නොවිචාරණු ලබන්නේ ය.
Pali BJTආපන්නොති පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපිත්වා පාරාජිකං ආපත්තිං ආපන්නො හොති.
Sinhala BJTආපන්නෝ යනු ලාමක ආශා ඇත්තේ, ඉච්ඡාවෙන් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ, නුවූ උතුරුමිනිස්දම් පවසා පරිජිඇවැත් අවන්නේ වේ.
Pali BJTවිසුද්ධාපෙක්ඛොති ගිහී වා හොතුකාමො උපාසකො වා හොතුකාමො ආරාමිකො වා හොතුකාමො සාමණෙරො වා හොතුකාමො.
Sinhala BJTවිසුද්ධාපේක්ඛෝ යනු ගිහි හෝ වනු කැමැත්තේ උවසු හෝ වනු කැමැත්තේ ආරාමික හෝ වනු කැමැත්තේ හෙරණකු හෝ වනු කැමැත්තේ ය.
Pali BJTඅජානමෙවං{3} ආවුසො අවචං ජානාමි අපස්සං පස්සාමීති නාහං එතෙ ධම්මෙ ජානාමි, නාහං එතෙ ධම්මෙ පස්සාමි, නත්ථි ච මෙ එතෙ ධම්මා{4}, න මයි එතෙ ධම්මා සන්දිස්සන්ති, න චාහං එතෙසු ධම්මෙසු සන්දිස්සාමීති.
Sinhala BJTඅජානමෙවං ආවුසො අවචං ජානාමි අපස්සං පස්සාමි යනු “මම තෙල දහම් නො දනිමි. මම තෙල දහම් නො දකිමි. තෙල දහම් ද මට නැත. තෙල දහම් මා කෙරෙහි නො පැණෙයි. මම ද තෙල දහම්හි නො පැණෙන්නෙමි” යි.
Pali BJTතුච්ඡං මුසා විලපින්ති තුච්ඡකං මයා භණිතං, මුසා මයා භණිතං, අභූතං මයා භණිතං, අජානන්තෙන මයා භණිතං.
Sinhala BJTතුච්ඡං මුසා විලපිං යනු මා විසින් හිස් වදන් කියන ලදී. මා විසින් මුසවා කියන ලදී. මා විසින් නො වූවක් කියන ලදී. නොදන්නාවූ මා විසින් කියන ලදී.
Pali BJTඅඤ්ඤත්ර අධිමානාති ඨපෙත්වා අධිමානං.
Sinhala BJTඅඤ්ඤත්‍ර අධිමානා යනු අධිමානය හැර ය.
Pali BJTඅයම්පීති පුරිමෙ උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි යනු පළමු තුන් පරිජි අවන් පුඟුලන් ගෙණ කියනු ලැබේ.
Pali BJTපාරාජිකො හොතීති සෙය්යථාපි නාම තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා, එවමෙව භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තෙන වුච්චති පාරාජිකො හොතීති.
Sinhala BJTපරාජිකො හොති යනු යම් සේ මුදුන සුන් තල්ගසක් නැවත වැඩීමට නුසුදුසු වේ ද, එමෙන් ම මහණ තෙමේ ලාමක ආශා ඇත්තේ ඉච්ඡාවෙන් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ අභූත වූ උතුරුමිනිස්දහම් පවසා අශාක්‍යපුත්‍රීය වෙයි, අශ්‍රමණ වෙයි. එහෙයින් පැරදුනේ වේ ය යි කියනු ලැබේ.
Pali BJTඅසංවාසොති සංවාසො නාම: එක{5}කම්මං එකුද්දෙසො සමසික්ඛතා එසො සංවාසො නාම. සො තෙන සද්ධිං නත්ථි, තෙන වුච්චති අසංවාසොති.
Sinhala BJTඅසංවාසො යනු සංවාස නම්: එක් ව කරණ කර්‍මය, එක් ව කරණ උදෙසීම ය, සම වූ ශික්‍ෂා ඇති බව ය යන මේ සංවාස නමි. ඒ සංවාසය ඔහු සමග නැත. එහෙයින් අසංවාස ය යි කියනු ලැබේ.
Pali BJTඋත්තරිමනුස්සධම්මො නාම: ඣානං විමොක්ඛං සමාධි සමාපත්ති ඤාණදස්සනං මග්ගභාවනා ඵලසච්ඡිකිරියා කිලෙසප්පහානං විනීවරණතා චිත්තස්ස සුඤ්ඤාගාරෙ අභිරති.
Sinhala BJTඋත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යානය, විමෝක්‍ෂය, සමාධිය, සමාපත්තිය, ඥානදර්‍ශනය, මාර්‍ගභාවනාය, ඵල පසක් කිරීම ය, ක්ලේශප්‍රහාණ ය, සිත නීවරණ රහිත බව, ශුන්‍යාගාරයෙහි ඇල්ම ද වේ.
Pali BJTඣානන්ති පඨමං ඣානං දුතියං ඣානං තතියං ඣානං චතුත්ථං ඣානං.
Sinhala BJTඣානං යනු ප්‍රථමධ්‍යානය – ද්විතීයධ්‍යානය – තෘති ධ්‍යානය – චතුර්‍ත්‍ථ ධ්‍යාන යි.
Pali BJTවිමොක්ඛොති සුඤ්ඤතො විමොක්ඛො අනිමිත්තො විමොක්ඛො අප්පණිහිතො විමොක්ඛො.
Sinhala BJTවිමොක්ඛො යනු රාගදෝසමෝහයන්ගෙන් සුන් බැවින් ශුන්‍යත විමෝක්‍ෂය, රාග දෝස මෝහ නිමිති රහිත බැවින් අනිමිත්ත විමෝක්‍ෂය, රාග දෝස මෝහ ප්‍රණිධි රහිත බැවින් අප්‍රණිහිත විමෝක්‍ෂය යි.
Pali BJTසමාධීති සුඤ්ඤතො සමාධි අනිමිත්තො සමාධි අප්පණිහිතො සමාධි.
Sinhala BJTසමාධි යනු ශුන්‍යසමාධිය, අනිමිත්තසමාධිය, අප්‍රණිහිතසමාධිය යි.
Pali BJTසමාපත්තීති සුඤ්ඤතා සමාපත්ති අනිමිත්තා සමාපත්ති අප්පණිහිතා සමාපත්ති.
Sinhala BJTසමාපත්ති යනු ශුන්‍යතසමාපත්තිය, අනිමිත්තසමාපත්තිය, අප්‍රණිහිතසමාපත්තිය යි.
Pali BJTඤාණදස්සනන්ති{1} තිස්සො විජ්ජා.
Sinhala BJTඤාණදස්සනං යනු ත්‍රිවිද්‍යාව යි.
Pali BJTමග්ගභාවනාති චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
Sinhala BJTමග්ගභාවනා යනු සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධන්ය, සතර ඍද්ධිපාදය, පඤ්චේන්‍ද්‍රියය, පඤ්චබලය, සප්තබෝධ්‍යඞ්ගය, ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගය යි.
Pali BJTඵලසච්ඡිකිරියාති සොතාපත්තිඵලස්ස සච්ඡිකිරියා, සකදාගාමිඵලස්ස සච්ඡිකිරියා, අනාගාමිඵලස්ස සච්ඡිකිරියා, අරහත්තස්ස සච්ඡිකිරියා.
Sinhala BJTඵලසච්ඡිකිරියා යනු සෝවාන් පල පසක් කිරීම ය, සෙදගැමිපල පසක් කිරීම ය, අනගැමිපල පසක් කිරීම ය, රහත්පල පසක් කිරීම යි.
Pali BJTකිලෙසප්පහානන්ති රාගස්ස පහානං දොසස්ස පහානං මොහස්ස පහානං.
Sinhala BJTකිලේසප්පහානං යනු රාගප්‍රහාණය, ද්වේෂප්‍රහාණය, මෝහප්‍රහාණය යි.
Pali BJTවිනීවරණතා චිත්තස්සාති රාගා චිත්තං විනීවරණතා දොසා චිත්තං විනීවරණතා මොහා චිත්තං විනීවරණතා.
Sinhala BJTවිනීවරණතා චිත්තස්ස යනු රාගයෙන් සිත නො වැසෙන බව, ද්වේෂයෙන් සිත නො වැසෙන බව, මෝහයෙන් සිත නොවැසෙන බව යි.