Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[දුතියපඤ්ඤත්ති.]
Sinhala BJT[දෙවන පැණවීමයි.]
Pali BJT8. යො පනාති - යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT8. යො පන යි යම්බඳු වූ යමෙක් ... භික්ඛු යි ... (ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසපන් වූයේ ද,) මේ තෙමේ මේ කරුණෙහි භික්ඛු යයි අදහස් කරන ලදි.
Pali BJTසඤ්චිච්චාති - ජානන්තො සංජානන්තො චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො.
Sinhala BJTසඤ්චිච්ච යි ප්‍රාණියෙකැ යි දන්නේ, දිවියෙන් තොර කරමි යී දන්නේ, වධයට සිතා, නිසැකසිත මෙහෙයවා, ව්‍යතික්‍රම (ක්‍රියාවෙහි යෙදීම) කරන්නේ ය.
Pali BJTමනුස්සවිග්ගහො නාම: යං මාතුකුච්ඡිස්මිං පඨමං චිත්තං උප්පන්නං පඨමං විඤ්ඤාණං පාතුභූතං, යාව මරණකාලා එත්ථන්තරෙ එසො මනුස්සවිග්ගහො නාම.
Sinhala BJTමනුස්සවිග්ගහ නම්: මවුකුසෙහි දී පළමු යම් සිතක් උපන්නේ ද, ප්‍රථම විඥානය පහළ වී ද, මරණය දක්වා මේ අතරෙහි පැවති මේ තෙමේ මනුස්සවිග්ගහ නමි.
Pali BJTජීවිතා වොරොපෙය්යාති - ජීවිතින්ද්රියං උපච්ඡින්දති උපරොධෙති සන්තතිං විකොපෙති.
Sinhala BJTජිවිතා වෝරෝපෙය්‍ය යි රූපාරූප ජීවිතේන්‍ද්‍රිය සිඳියි. වළක්වයි. සන්තතිය වෙන් කරයි.
Pali BJTසත්ථහාරකං වාස්ස පරියෙසෙය්යාති - අසිං වා සත්තිං වා භෙණ්ඩිං වා ලගුළං{1} වා පාසාණං වා සත්ථං වා විසං වා රජ්ජුං වා.
Sinhala BJTසන්‍ථහාරකං වාස්ස පරියෙසෙය්‍ය යි කඩුවක් හෝ අඩයටියක් හෝ හෙල්ලක් හෝ මුගුරක් හෝ පහණක් හෝ සැතක් හෝ වස හෝ රැහැනක් හෝ ඔහු ලඟ තබන්නේ ය.
Pali BJTමරණවණ්ණං වා සංවණ්ණෙය්යාති - ජීවිතෙ ආදීනවං දස්සෙති, මරණෙ වණ්ණං භණති.
Sinhala BJTමරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය යි දිවියෙහි දොස් දක්වයි. මරණයෙහි ගුණ කියයි.
Pali BJTමරණාය වා සමාදපෙය්යාති - සත්ථං වා ආහර, විසං වා ඛාද, රජ්ජුයා වා උබ්බන්ධිත්වා කාලං කරොහීති.
Sinhala BJTමරණාය වා සමාදපෙය්‍ය යි ශස්ත්‍රයක් හෝ ගණුව, වස හෝ අනුභව කරව, වැලකින් හෝ එල්ලී කලුරිය කරව යි උපාය ගන්වන්නේ ය.
Pali BJTඅම්භො පුරිසාති - ආලපනාධිවචනමෙතං අම්භො පුරිසාති.
Sinhala BJTඅම්හො පුරිස යි මෙය ආමන්ත්‍රණ පදයකි.
Pali BJTකිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීවිතෙනාති - පාපකං නාම ජීවිතං: අඩ්ඪානං ජීවිතං උපාදාය දළිද්දානං ජීවිතං පාපකං,{2} සධනානං ජීවිතං උපාදාය අධනානං ජීවිතං පාපකං, දෙවානං ජීවිතං උපාදාය මනුස්සානං ජීවිතං පාපකං. දුජ්ජීවිතං නාම: හත්ථච්ඡින්නස්ස පාදච්ඡින්නස්ස හත්ථපාදච්ඡින්නස්ස කණ්ණච්ඡින්නස්ස නාසච්ඡින්නස්ස කණ්ණනාසච්ඡින්නස්ස. ඉමිනා ච පාපකෙන ඉමිනා ච දුජ්ජීවිතෙන මතන්තෙ ජීවිතා සෙය්යොති.
Sinhala BJTකිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීතෙන යි ලාමකජීවිතය නම් ආඪ්‍යයන්ගේ ජීවිතය නිසා දිළින්දන්ගේ ජීවිතය ලාමක ය. ධනවතුන්ගේ ජීවිතය නිසා ධන හීනයන්ගේ ජීවිතය ලාමක ය. දෙවියන්ගේ ජීවිතය නිසා මිනිසුන්ගේ ජීවිතය ලාමක ය. අත් සිඳුනහුගේ, පා සිඳුනහුගේ, අත් පා සිඳුනහුගේ, කන් සිඳුනහුගේ, නැහැය සිඳුනහුගේ, කන්නාසා සිඳුනහුගේ (දිවිය) දුජ්ජීවිත නමි. මේ ලාමක ජීවිතයෙන්, මේ දුක්ඛජීවිතයෙන් ජීවත් වීමට වඩා තාගේ මරණය උතුමි.
Pali BJTඉති චිත්තමනොති - යඤ්චිත්තං තං මනො, යං මනො තං චිත්තං.
Sinhala BJTඉතිචිත්තමනෝ යි යමක් සිතා ද, ඒ මන නමි. යමක් මන ද, එය සිත නමි.
Pali BJTචිත්තසඞ්කප්පොති - මරණසඤ්ඤී මරණචෙතනො මරණාධිප්පායො.
Sinhala BJTචිත්තසඞ්කප්පො යි මරණසංඥා ඇත්තේ, මරණචේතනා ඇත්තේ, මරණ අදහස් ඇත්තේ ය.
Pali BJTඅනෙකපරියායෙනාති - උච්චාවචෙහි ආකාරෙහි.
Sinhala BJTඅනෙකපරියායෙන යි නොයෙක් අයුරෙන්ය.
Pali BJTමරණවණ්ණං වා සංවණ්ණෙය්යාති - ජීවිතෙ ආදීනවං දස්සෙති, මරණෙ වණ්ණං භණති: – ‘ඉතො ත්වං කාලකතො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සසි. තත්ථ දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙස්සසී”ති.{3}
Sinhala BJTමරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය යි දිවියෙහි දොස් දක්වයි. මරණයෙහි ගුණ කියයි: මෙයින් තෝ කලුරිය කෙළෙහි කාබුන් මරණින් මතු සුගති නම්වූ දෙව්ලොවට පැමිණෙන්නෙහි ය. එහිදී දිවපස්කම් ගුණයන්ගෙන් සමෘද්ධ වූයේ, යුක්ත වූයේ අභිරමණය කරන්නෙහි ය.
Pali BJTමරණාය වා සමාදපෙය්යාති - සත්ථං වා ආහර, විසං වා ඛාද, රජ්ජුයා වා උබ්බන්ධිත්වා කාලං කරොහි, සොබ්භෙ වා නරකෙ වා පපාතෙ වා පපතා’ති.
Sinhala BJTමරණාය වා සමාදපෙය්‍ය යි සැතක් හෝ ගණුව, වසක් හෝ කව, රැහැනකින් හෝ එල්බී කලුරිය කරව, හෙබක හෝ නරාවළෙක හෝ ප්‍රපාතයක හෝ වැටෙව.
Pali BJTඅයම්පීති - පුරිමෙ උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි යි පළමු මෙවුන්දම් සෙවීමෙන් පරිජි අවන් පුඟුලා සලකාගෙණ කියනු ලැබේ.
Pali BJTපාරාජිකො හොතීති - සෙය්යථාපි නාම පුථුසිලා ද්වෙධා{4} අප්පටිසන්ධිකා හොති, එවමෙව භික්ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තෙන වුච්චති පාරාජිකො හොතීති.
Sinhala BJTපාරාජිකො හොති යි දෙබෑවූ මහගලක් යම් සේ සන්‍ධි කට නො හැකිවේ ද, එපරිද්දෙන් ම මහණ තෙමේ දැන දැන මිනිස්සිරුර දිවියෙන් තොර කොට නොමහණෙක් වෙයි. අශාක්‍යපුත්‍රීයයෙක් වෙයි. එහෙයින් පරිජි අවන්නේ වේ යයි කියනු ලැබේ.
Pali BJTඅසංවාසොති - සංවාසො නාම: එකං කම්මං{1} එකුද්දෙසො සමසික්ඛතා, එසො සංවාසො නාම. සො තෙන සද්ධිං නත්ථි තෙන වුච්චති අසංවාසො’ති.
Sinhala BJTඅසංවාසො යි එකට කර්‍ම කිරීමය, එකට උදෙසීමය, සම වූ ශික්‍ෂා ඇති බවය යන මෙය සංවාස නමි. ඔහු හා ඒ සංවාසය නැත. එහෙයින් අසංවාස යයි කියනු ලැබේ.
Pali BJT[නයමාතිකා]
Sinhala BJT[නයමාතෘකා]
Pali BJT1. සාමං අධිට්ඨාය, දූතෙන, දූතපරම්පරාය, විසක්කියෙන දූතෙන, ගතපච්චාගතෙන දූතෙන, අරහො රහොසඤ්ඤී, රහො අරහොසඤ්ඤී, අරහො අරහොසඤ්ඤී, රහො රහොසඤ්ඤී, කායෙන සංවණ්ණෙති, වාචාය සංවණ්ණෙති, කායෙන වාචාය සංවණ්ණෙති, දූතෙන සංවණ්ණෙති, ලෙඛාය සංවණ්ණෙති, ඔපාතං, අපස්සෙනං, උපනික්ඛිපනං, භෙසජ්ජං, රූපූපහාරො, සද්දූපහාරො, ගන්ධූපහාරො, රසූපහාරො, ඵොට්ඨබ්බූපහාරො, ධම්මූපහාරො, ආචික්ඛනා, අනුසාසනී, සංකෙතකම්මං, නිමිත්තකම්මන්ති.
Sinhala BJT1. තෙමේ ම ඉටා දූතයකු ලවා හෝ, දූතපරපුරෙන් හෝ, වරදවා කියන දූතයෙකු ලවා හෝ, ගොස් පෙරළා පැමිණි දූතයෙකු ලවා හෝ, නොරහස රහස් යයි හැඟීම් ඇත්තේ හෝ, රහස නො රහස් යයි හැඟීම් ඇත්තේ හෝ නොරහස් නොරහස් යයි හැඟීම් ඇත්තේ හෝ, රහස රහස යයි හැඟීම් ඇත්තේ හෝ, කයින් අඟවයි. වදනින් කියයි. කයින් හා වදනින් අඟවයි. දුතයෙකු ලවා අරොජයි. ලිපියකින් අඟවයි. මරුවළ, වැතිර ගන්නා පුවරුව, ලඟ තබන අවිය, විස බෙහෙත, බිහිසුණු රුව එළවීම, බිහිසුහුණු හඬ එළවීම, දරුණු දුගඳ එළවීම, පිළිකුල් රස එළවීම, කැකුළු පහස එළවීම, බියකරු බණ එළවීම, ඔත්තු කීම, අනුසස් කීම, සලකුණු කිරීම, නිමිති කම් ය.
Pali BJT2. සාමන්ති - සයං හන්ති{2} කායෙන වා කායපටිබද්ධෙන වා නිස්සග්ගියෙන වා.
Sinhala BJT2. සාමං යි කයින් හෝ කා පිළිබඳ දෙයකින් හෝ දමා ලූ දෙයකින් හෝ තෙමේ මරයි.
Pali BJT3. අධිට්ඨායාති - අධිට්ඨහිත්වා ආණාපෙති: “එවං විජ්ඣ, එවං පහර, එවං ඝාතෙහී”ති.
Sinhala BJT3. අධිට්ඨාය යි සමීපයෙහි සිට “මෙසේ විදුව, මෙසේ පහර දෙව, මෙසේ නසව” යි අණ කෙරෙයි.
Pali BJT4. භික්ඛු භික්ඛුං ආණාපෙති: “ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස. සො තං මඤ්ඤමානො තං ජීවිතා වොරොපෙති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
Sinhala BJT4. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණවා නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ ඔහු යයි හඟිමින් උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාටම පරිජිඇවැත් වේ.
Pali BJT5. භික්ඛු භික්ඛුං ආණාපෙති “ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස. සො තං මඤ්ඤමානො අඤ්ඤං ජීවිතා වොරොපෙති, මූලට්ඨස්ස අනාපත්ති. වධකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT5. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වේ. හෙතෙමේ ඔහු යයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. වධක මහණහට පිරිජිඇවැත් වේ.
Pali BJT6. භික්ඛු භික්ඛුං ආණාපෙති: “ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස. සො අඤ්ඤං මඤ්ඤමානො තං ජීවිතා වොරොපෙති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
Sinhala BJT6. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකෙකැයි හඟිමින් උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ.
Pali BJT7. භික්ඛු භික්ඛුං ආණාපෙති: “ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස. සො අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං ජීවිතා වොරොපෙති, මූලට්ඨස්ස අනාපත්ති; වධකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT7. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වේ. හෙතෙමේ අනෙකෙකැයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. වධක මහණහට පරිජිඇවැත් වේ.
Pali BJT8. භික්ඛු භික්ඛුං ආණාපෙති: “ඉත්ථන්නාමස්ස පාවද: ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතු: ඉත්ථන්නාමො ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙතූ”ති, ආපත්ති දුක්කටස්ස. සො ඉතරස්ස ආරොචෙති, ආපත්ති දුක්කටස්ස. වධකො පතිගණ්හාති,{3} මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. සො තං ජීවිතා වොරොපෙති, ආපත්ති සබ්බෙසං පාරාජිකස්ස.
Sinhala BJT8. මහණෙක් මහණකුට “මෙනම් ඇත්හුට කියව: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියවා: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකාහට කියා නම් දුකුළාඇවැත් වේ. වධක තෙමේ එය පිළිගණී නම් මූලික මහණහට ථුලැසිඇවැත් වේ. ඒ මහණ තෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් හැමට ම පරිජිඇවැත් වේ.
Pali BJT9. භික්ඛු භික්ඛුං ආණාපෙති: “ඉත්ථන්නාමස්ස පාවද: ‘ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතු: ඉත්ථන්නාමො ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙතූ”ති, ආපත්ති දුක්කටස්ස. සො අඤ්ඤං ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. වධකො පතිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. සො තං ජීවිතා වොරොපෙති, මූලට්ඨස්ස අනාපත්ති. ආණාපකස්ස ච වධකස්ස ච ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT9. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහුට කියව: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියවා: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකකුට අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. වධක මහණ තෙමේ පිළිගණී නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් මූලිකයාහට ඇවැත් නො වේ. අණවන්නහුට ද, වධක මහණහට ද පරිජිඇවැත් වේ.
Pali BJT10. භික්ඛු භික්ඛුං ආණාපෙති: “ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස. සො ගන්ත්වා පුන පච්චාගච්ඡති ‘නාහං සක්කොමි තං ජීවිතා වොරොපෙතු’න්ති. සො පුන ආණාපෙති: “යදා සක්කොසි තදා තං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස. සො තං ජීවිතා වොරොපෙති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
Sinhala BJT10. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වේ. හෙතෙමේ ගොස් “උහු දිවියෙන් තොර කරන්නට මම නො සමත්මි” යි පෙරළා ඒ ද, හෙතෙමේ “යම් කලක හැකි වේ නම් එකල ඔහු දිවියෙන් තොර කරව”යි නැවත අණවා නම් දුකුළා ඇවැත් වේ. ඒ මහණ තෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාහට ම පරිජිඇවැත් වේ.
Pali BJT11. භික්ඛු භික්ඛුං ආණාපෙති: “ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස. සො ආණාපෙත්වා විප්පටිසාරී න සාවෙති ‘මා ඝාතෙහී’ති. සො තං ජීවිතා වොරොපෙති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
Sinhala BJT11. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අණවා විපිළිසරවූයේ “නො නසව” යි නො අස්වයි ද, හෙ තෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාට ම පරිජි ඇවැත් වේ.
Pali BJT12. භික්ඛු භික්ඛුං ආණාපෙති: “ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස; සො ‘ආණාපෙත්වා විප්පටිසාරී සාවෙති ‘මා ඝාතෙහී’ති, සො ‘ආණත්තො අහං තයා’ති තං ජීවිතා වොරොපෙති, මූලට්ඨස්ස අනාපත්ති. වධකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT12. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණවා නම් දුකුළාඇවැත් වේ. හෙ තෙමේ අණවා විපිළිසරවූයේ “නො නසව” යි අස්වා ද තෙල මහණ තෙමේ “තා විසින් මම අණ කරණු ලැබුවෙමි” යි උහු දිවියෙන් තොර කෙරේ නම් මූලික මහණහට ඇවැත් නො වේ. වධක මහණහට පරිජිඇවැත් වේ.
Pali BJT13. භික්ඛු භික්ඛුං ආණාපෙති: “ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස. සො ආණාපෙත්වා විප්පටිසාරී සාවෙති: ‘මා ඝාතෙහී’ති. සො ‘සුට්ඨූ’ති{1} ඔරමති, උභින්නං අනාපත්ති.
Sinhala BJT13. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණවා නම් දුකුළාඇවැත් වේ. හෙ තෙමේ අණවා විපිළිසර වූයේ “නො නසව” යි අස්වයි. හෙ තෙමේ මැනවයි එයින් වළකියි. දෙදෙනාට ම ඇවැත් නො වේ.
Pali BJT14. අරහො රහොසඤ්ඤී උල්ලපති: “අහො ඉත්ථන්නාමො හතො අස්සා”ති, ආපත්ති දුක්කටස්ස. රහො අරහොසඤ්ඤී උල්ලපති: “අහො ඉත්ථන්නාමො හතො අස්සා”ති, ආපත්ති දුක්කටස්ස. අරහො අරහොසඤ්ඤී උල්ලපති: “අහො ඉත්ථන්නාමො හතො අස්සා”ති, ආපත්ති දුක්කටස්ස. රහො රහොසඤ්ඤී උල්ලපති: “අහො ඉත්ථන්නාමො හතො අස්සා”ති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT14. සම්මුඛයෙහි සිටියේ ‘අසම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ නම් යෙහෙකැ’ යි කථා කෙරේ නම් දුකුළාඇවැත් වේ. අසම්මුඛයෙහි සිටියේ ‘සම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ නම් යෙහෙකැ’ යි කියා නම් දුකුළාඇවැත් වේ. සම්මුඛයෙහි වූයේ ‘සම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ යෙහෙකැ” යි කියා නම් දුකුළාඇවැත් වේ. අසම්මුඛයෙහි වූයේ ‘අසම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ යෙහෙකැ” යි කියා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT15. කායෙන සංවණ්ණෙති නාම: කායෙන විකාරං කරොති: “යො එවං මරති සො ධනං වා ලභති යසං වා ලභති සග්ගං වා ගච්ඡතී”ති, ආපත්ති දුක්කටස්ස; තාය සංවණ්ණනාය මරිස්සාමීති දුක්ඛං වෙදනං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT15. කායේන සංවණ්ණෙති නම් යමෙක් මෙසේ මැරේ ද, හේ තෙමේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේ යයි කයින් සංඥා කෙරේ නම් දුකුළාඇවැත් වේ. ඒ කායසංවර්‍ණනාව හේතු කොට ගෙණ ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවා නම් ථුලැසිඇවැත් වේ. මැරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT16. වාචාය සංවණ්ණෙති නාම: වාචාය භණති: “යො එවං මරති සො ධනං වා ලභති යසං වා ලභති සග්ගං වා ගච්ඡතී”ති, ආපත්ති දුක්කටස්ස; තාය සංවණ්ණනාය, මරිස්සාමී’ති දුක්ඛං වෙදනං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT16. වාචාය සංවණ්ණෙති නම් යමෙක් මෙසේ මැරේ ද, හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේයයි වචනයෙන් කියා නම් දුකුළාඇවැත් වේ. ඒ වැණීමෙන් මැරෙන්නෙමියි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT17. කායෙන වාචාය සංවණ්ණෙති නාම: කායෙන ච විකාරං කරොති, වාචාය ච භණති, “යො එවං මරති. සො ධනං වා ලභති යසං වා ලභති සග්ගං වා ගච්ඡතී”ති, ආපත්ති දුක්කටස්ස. තාය සංවණ්ණනාය “මරිස්සාමී”ති දුක්ඛං වෙදනං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT17. කායේන වාචාය සංවණ්ණෙති නම් “යමෙක් මෙසේ මැරේද, හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේ ය”යි කයින් ද හඟවයි. වචනයෙන් ද කියයි. දුකුළාඇවැත් වේ. ඒ වැණීමෙන් මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවාද ථුලැසි ඇවැත් වේ. මැරේ ද පරිජි ඇවැත් වේ.
Pali BJT18. දූතෙන සංවණ්ණෙති නාම: දූතස්ස සාසනං ආරොචෙති: “යො එවං මරති සො ධනං වා ලභති යසං වා ලභති සග්ගං වා ගච්ඡතී”ති, ආපත්ති දුක්කටස්ස. දූතස්ස සාසනං සුත්වා ‘මරිස්සාමී’ති දුක්ඛං වෙදනං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT18. දුතෙන සංවණ්ණෙති නම් “යමෙක් මෙසේ මැරේ ද හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේය” යි දූතයකුට අස්නක් බෙණේ ද, දුකුළාඇවැත් වේ. දූතයාගේ අස්න අසා ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT19. ලෙඛාය සංවණ්ණෙති නාම: ලෙඛං ඡින්දති “යො එවං මරති සො ධනං වා ලභති යසං වා ලභති සග්ගං වා ගච්ඡතී”ති, අක්ඛරක්ඛරාය ආපත්ති දුක්කටස්ස; ලෙඛං පස්සිත්වා ‘මරිස්සාමී’ති දුක්ඛං වෙදනං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT19. ලේඛාය සංවණ්ණෙති නම් “යමෙක් මෙසේ මැරේ ද හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේය”යි (පොත පතක) අකුරු ලියා ද, අකුරක් පාසා දුකුළාඇවැත් වේ. ලිපිය දැක මැරෙන්නෙමි යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT20. ඔපාතං නාම: මනුස්සං උද්දිස්ස ඔපාතං ඛණති{1} ‘පපතිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; පපතිතෙ දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස. අනොදිස්ස ඔපාතං ඛණති ‘යො කොචි පපතිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස. මනුස්සො තස්මිං පපතති, ආපත්ති දුක්කටස්ස; පපතිතෙ දුක්ඛා වෙදනා උප්පජති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස. යක්ඛො වා පෙතො වා තිරච්ඡානගතමනුස්සවිග්ගහො වා තස්මිං පපතති, ආපත්ති දුක්කටස්ස. පපතිතෙ දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති දුක්කටස්ස; මරති, ආපත්ති ථුල්ලච්චයස්ස. තිරච්ඡානගතො තස්මිං පපතති, ආපත්ති දුක්කටස්ස; පපතිතෙ දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති දුක්කටස්ස. මරති, ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJT20. ඕපාත නම් “වැටී මැරෙන්නේය” යි මිනිසකු උදෙසා වළක් කනී නම් දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. “යම් කිසිවෙක් වැටී මැරෙන්නේය” යි (කෙනකුන්) නො උදෙසා වළක් කනී ද දුකුළාඇවැත් වේ. මිනිසෙක් එහි වැටේ ද දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. යකෙක් හෝ ප්‍රේතයෙක් හෝ තිරිසන්වෙස් හෝ මිනිස් වෙස් ගත්තෙක් (යකෙක් හෝ ප්‍රේතයෙක්) හෝ එහි වැටේ ද, දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද දුකුළාඇවැත් වේ. මැරේ ද ථුලැසිඇවැත් වේ. තිරිසනෙක් එහි වැටේ ද දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද දුකුළාඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT21. අපස්සෙනං නාම: අපස්සෙනෙ සත්ථං වා ඨපෙති, විසෙන වා මක්ඛෙති දුබ්බලං වා කරොති, සොබ්භෙ වා නරකෙ වා පපාතෙ වා ඨපෙති ‘පපතිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස. සත්ථෙන වා විසෙන වා පපතිතෙන වා දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස. මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT21. අපස්සේන නම් ආලම්බන පුවරුවෙහි සැතක් හෝ තබා ද, විස හෝ ගල්වා ද දුර්‍වල හෝ කෙරේ ද, හෙබක හෝ නරාවළක හෝ ප්‍රපාතයක ‘හෝ වැටී මැරෙන්නේය’ යි (ආලම්බනඵලකය) තබා ද, දුකුළාඇවැත් වේ. සැත කරණකොටගෙණ හෝ විස කරණකොටගෙණ හෝ වැටීමෙන් හෝ දුක් වේදනා උපදී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT22. උපනික්ඛිපනං නාම: අසිං වා සත්තිං වා භෙණ්ඩිං වා ලගුළං වා පාසාණං වා සත්ථං වා විසං වා රජ්ජුං වා උපනික්ඛිපති ‘ඉමිනා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තෙන මරිස්සාමීති දුක්ඛං වෙදනං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT22. උපනික්ඛිපන නම් “මෙයින් මැරෙන්නේ ය”යි කඩුවක් හෝ අඩයටියක් හෝ හෙල්ලක් හෝ මුගුරක් හෝ ගලක් හෝ සැතක් හෝ විසක් හෝ රැහැනක් හෝ ලඟ තබා ද දුකුළාඇවැත් වේ. එයින් මැරෙන්නෙමි’යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT23. භෙසජ්ජං නාම: සප්පිං වා නවනීතං වා තෙලං වා මධුං වා ඵාණිතං වා දෙති ‘ඉමං සායිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තං සායිතෙ දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT23. භේසජ්ජ නම් “මෙය ලෙව මැරෙන්නේය” යි ගිතෙල් හෝ වෙඬරු හෝ තලතෙල් හෝ මී හෝ පැණි හෝ දේ ද, දුකුළාඇවැත් වේ. එය ලෙවි කල්හි ඔහුට දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT24. රූපූපහාරො නාම: අමනාපිකං රූපං උපසංහරති භයානකං භෙරවං “ඉමං පස්සිත්වා උත්තසිත්වා මරිස්සතී”ති, ආපත්ති දුක්කටස්ස; තං පස්සිත්වා උත්තසති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස. මනාපිකං රූපං උපසංහරති{2} ඉමං පස්සිත්වා අලාභකෙන සුස්සිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තං පස්සිත්වා අලාභකෙන සුස්සති, ආපත්ති ථුල්ලච්චයස්ස. මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT24. රුපූපහාර නම් “මෙය දැක තැති ගෙණ මැරෙන්නේය” යි භයජනක බියපත් කරවන, නො මනා රුවක් ලඟ තබා ද, දුකුළාඇවැත් වේ. එය දැක තැති ගණී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය දැක නො ලැබීමෙන් වියලී මැරෙන්නේය’යි මනා රුවක් ලඟ තබා ද දුකුළාඇවැත් වේ. එය දැක නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT25. සද්දූපහාරො නාම: අමනාපිකං සද්දං උපසංහරති භයානකං භෙරවං ‘ඉමං සුත්වා උත්තසිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තං සුත්වා උත්තසති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස. මනාපිකං සද්දං උපසංහරති පෙමනීයං හදයඞ්ගමං ‘ඉමං සුත්වා අලාභකෙන සුස්සිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තං සුත්වා අලාභකෙන සුස්සති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT25. සද්දූපහාර නම් ‘මෙය අසා තැති ගෙන මැරෙන්නේයයි’ බියජනක, බියපත් කරවන නො මනා ශබ්දයක් ඉදිරිපත් කෙරේ ද, දුකුළාඇවැත් වේ. එය අසා තැති ගැණි ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය අසා නො ලැබීමෙන් වියලී මැරෙන්නේය’ යි ප්‍රේමයට හිත වූ ලගන්නා වූ මනාප ශබ්දයක් ඉදිරිපත් කෙරේ ද දුකුළාඇවැත් වේ. එය අසා නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT26. ගන්ධූපහාරො නාම: අමනාපිකං ගන්ධං උපසංහරති ජෙගුච්ඡං පාටිකුල්යං ‘ඉමං ඝායිත්වා ජෙගුච්ඡතා පාටිකුල්යතා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තං ඝායිතෙ ජෙගුච්ඡතා පාටිකුල්යතා දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස. මනාපිකං ගන්ධං උපසංහරති ‘ඉමං ඝායිත්වා අලාභකෙන සුස්සිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තං ඝායිත්වා අලාභකෙන සුස්සති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT26. ගන්‍ධූපහාර නම් ‘මෙය සිඹ ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් මැරෙන්නේය’ යි ජුගුප්සා කටයුතු පිළිකුල් කටයුතු නො මනා ගඳක් එළවා ද දුකුළාඇවැත් වේ. එය සිඹි කල්හි ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් දුක් වේදනා උපදී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය සිඹ නො ලැබීමෙන් වියලී මැරෙන්නේය’ යි මනා සුවඳක් එළවා ද, දුකුළාඇවැත් වේ. එය සිඹ නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT27. රසූපහාරො නාම: අමනාපිකං රසං උපසංහරති ජෙගුච්ඡං පාටිකුල්යං ‘ඉමං සායිත්වා ජෙගුච්ඡතා පාටිකුල්යතා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තං සායිතෙ ජෙගුච්ඡතා පාටිකුල්යතා දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස. මනාපිකං රසං උපසංහරති, ඉමං සායිත්වා අලාභකෙන සුස්සිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තං සායිත්වා අලාභකෙන සුස්සති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT27. රසූපහාර නම් ‘මෙය රස විඳ ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් මැරෙන්නේය’ යි ජුගුප්සා කටයුතු පිළිකුල් කටයුතු නො මනා රසයක් එළවා ද දුකුළාඇවැත් වේ. එය රස විඳි කල්හි ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් දුක් වේදනා උපදී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජි ඇවැත් වේ. ‘මෙය රස විඳ නො ලැබීමෙන් වියලී මැරෙන්නේ ය’ යි මනාප රසයක් එළවා තබා ද දුකුළාඇවැත් වේ. එය රස විඳ නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT28. ඵොට්ඨබ්බූපහාරො නාම: අමනාපිකං ඵොට්ඨබ්බං උපසංහරති දුක්ඛසම්ඵස්සං ඛරසම්ඵස්සං “ඉමිනා ඵුට්ඨො මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස; තෙන ඵුට්ඨස්ස දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති; ආපත්ති පාරාජිකස්ස. මනාපිකං ඵොට්ඨබ්බං උපසංහරති සුඛසම්ඵස්සං මුදුසම්ඵස්සං “ඉමිනා ඵුට්ඨො අලාභකෙන සුස්සිත්වා මරිස්සතී”ති, ආපත්ති දුක්කටස්ස. තෙන ඵුට්ඨො අලාභකෙන සුස්සති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT28. ඵොට්ඨබ්බූපහාර නම් ‘මෙයින් පහස්නා ලද්දේ මැරෙන්නේය’ යි දුක් පහස් ඇති රළු පහස් ඇති නො මනා පහස්නා දැයක් එළවා තබා ද දුකුළාඇවැත් වේ. එයින් පහස්නා ලද්දහුට දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙයින් පහස්නා ලද්දේ නො ලැබීමෙන් වියලී මැරෙන්නේ ය’ යි සුවපහස් ඇති මුදුපහස් ඇති මනාප වූ පහස්නා දැයක් එළවා තබා ද දුකුළාඇවැත් වේ. එයින් පහස්නා ලද්දේ නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT29. ධම්මූපහාරො නාම: නෙරයිකස්ස නිරයකථං කථෙති “ඉමං සුත්වං උත්තසිත්වා මරිස්සතී”ති, ආපත්ති දුක්කටස්ස; තං සුත්වා උත්තසති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස. කල්යාණකම්මස්ස සග්ගකථං කථෙති “ඉමං සුත්වා අධිමුත්තො මරිස්සතී”ති, ආපත්ති දුක්කටස්ස. තං සුත්වා අධිමුත්තො “මරිස්සාමී”ති දුක්ඛං වෙදනං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT29. ධම්මූපහාර නම් ‘මෙය අසා තැති ගෙණ මැරෙන්නේ ය’ යි නිරයට සුදුසුවූවකුට නිරය පිළිබඳ කථා කියා ද දුකුළාඇවැත් වේ. එය අසා තැති ගණී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය අසා එහි ඇලුනේ මැරෙන්නේ ය’යි කලණකම් ඇත්තහුට දෙව්ලෝ පිළිබඳ කථා කෙරේ ද දුකුළාඇවැත් වේ. එය අසා එහි ඇලුනේ ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවාද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT30. ආචික්ඛනා නාම: පුට්ඨො භණති එවං මරස්සු“යො එවං මරති, සො ධනං වා ලභති, යසං වා ලභති, සග්ගං වා ගච්ඡතී”ති, ආපත්ති දුක්කටස්ස: තාය ආචික්ඛනාය මරිස්සාමීති දුක්ඛං වෙදනං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT30. ආචික්ඛනා නම් විචාරණ ලද්දේ “මෙසේ මැරෙව. යමෙක් මෙසේ මැරේ නම් හේ ධනය හෝ ලබයි. යශස් හෝ ලබයි. දෙව්ලොවට හෝ යේ”යි කියා ද, දුකුළාඇවැත් වේ. ඒ සැළකිරීමෙන් ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT31. අනුසාසනී නාම: අපුට්ඨො භණති එවං මරස්සු. “යො එවං මරති, සො ධනං වා ලභති යසං වා ලභති, සග්ගං වා ගච්ඡතී”ති, ආපත්ති දුක්කටස්ස. තාය අනුසාසනියා “මරිස්සාමී”ති දුක්ඛං වෙදනං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; මරති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT31. අනුසාසනී නම් නොවිචාරණ ලද්දේ “මෙසේ මැරෙව. යමෙක් මෙසේ මැරේද, හේ ධනය හෝ ලබයි. යශස් හෝ ලබයි. ස්වර්‍ග යට හෝ යේ ය”යි කියා ද දුකුළාඇවැත් වේ. ඒ අනුශාසනාවෙන් ‘මැරෙන්නෙමි’යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
Pali BJT32. සඞ්කෙතකම්මං නාම: සඞ්කෙතං කරොති: පුරෙ භත්තං වා පච්ඡාභත්තං වා රත්තිං වා දිවා වා තෙන සඞ්කෙතෙන තං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස. තෙන සඞ්කෙතෙන තං ජීවිතා වොරොපෙති, ආපත්ති උභින්නං පාරාජිකස්ස; තං සඞ්කෙතං පුරෙ වා පච්ඡා වා තං ජීවිතා වොරොපෙති, මූලට්ඨස්ස අනාපත්ති; වධකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT32. සඞ්කේතකම්ම නම් “පෙර බත්කල හෝ පසු බත්කල හෝ රෑ හෝ දවල් හෝ ඒ සලකුණෙන් ඔහු දිවියෙන් තොර කරව” යි සලකුණක් කෙරේ ද දුකුළාඇවැත් වේ. ඒ සලකුණෙන් ඔහු තොර කෙරේ ද දෙදෙනාට ම පරිජිඇවැත් වේ. ඒ සලකුණට පෙර හෝ පසුව හෝ ඔහු දිවියෙන් තොර කෙරේ ද මූලිකයාට ඇවැත් නො වේ. මැරුවහුට පරිජිඇවැත් වේ.
Pali BJT33. නිමිත්තකම්මං නාම: නිමිත්තං කරොති “අක්ඛිං වා නිඛණිස්සාමි භමුකං වා උක්ඛිපිස්සාමි සීසං වා උක්ඛිපිස්සාමි තෙන නිමිත්තෙන තං ජීවිතා වොරොපෙහී”ති, ආපත්ති දුක්කටස්ස; තෙන නිමිත්තෙන තං ජීවිතා වොරොපෙති, ආපත්ති උභින්නං පාරාජිකස්ස; තං නිමිත්තං පුරෙ වා පච්ඡා වා{1} ජීවිතා වොරොපෙති, මූලට්ඨස්ස අනාපත්ති; වධකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT33. නිමිත්තකම්ම නම් “ඇස හෝ කසන්නෙමි. බැම හෝ නගන්නෙමි. හිස හෝ ඔසවන්නෙමි. ඒ නිමිත්තෙන් ඔහු දිවියෙන් තොර කරව යි නිමිති කෙරේ ද, දුකුළාඇවැත් වේ. ඒ නිමිත්තෙන් ඔහු දිවියෙන් තොර කෙරේ ද දෙදෙනාහට ම පරිජිඇවැත් වේ. ඒ නිමිත්තට පෙර හෝ පසුව හෝ ඔහු දිවියෙන් තොර කෙරේ ද මූලිකයාට ඇවැත් නො වේ. මැරුවහුට පරිජිඇවැත් වේ.
Pali BJT34. අනාපත්ති අසඤ්චිච්ච අජානන්තස්ස න මරණාධිප්පායස්ස උම්මත්තකස්ස ඛිත්තචිත්තස්ස වෙදනට්ටස්ස{2} ආදිකම්මිකස්සාති.
Sinhala BJT34. නො දැන මරන්නහුට ද, නොදන්නහුට ද, නොමරණ අදහස් ඇත්තහුට ද, උමතුවූවහුට ද, විසුළසිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළුනහුට ද, ආදි කර්මිකයා ද ඇවැත් නො වේ.
Pali BJTමනුස්සවිග්ගහපාරාජිකම්හි පඨමභාණවාරො නිට්ඨිතො.
Sinhala BJTමිනිස්විකාපරිජියෙහි පළමුවන බණවර නිමි.
Pali BJTවිනීතවත්ථු.
Sinhala BJTවිනිශ්චිත කථාවස්තු
Pali BJTඋද්දානගාථා:
Sinhala BJTඋද්දානගාථා:
Pali BJTසංවණ්ණනා නිසීදන්තො මුසලොදුක්ඛලෙන ච, බුඩ්ඪපබ්බජිතා සත්ත{1} ලග්ගවීමංසනාවිසං.{2}
Sinhala BJTසංවණ්ණනා, නිසීදන්ත, මුසල, උදුක්ඛල සමඟ සතරක් ද, බුඩ්ඪපබ්බජිත තුණක්දැයි සතකි. ලග්ග තුණක් ද වීමංසන විස දෙකක් දැයි වස්තු 12 ක් ද,
Pali BJTතයො ච වත්ථුකම්මෙහි, ඉට්ඨකාහිපරෙ තයො, වාසී ගොපානසී චෙව අට්ටකො තාරණම්පති.
Sinhala BJTවිහාරවත්‍ථු තුණක් ද අනෙක් ඉට්ඨකවත්‍ථු තුණක් ද, වාසී, ගෝපානසී, අට්ටක, ඔතාරණ, යන වස්තූන් තුන බැගින් ද, පති දෙකක් දැයි 20 ක් ද,
Pali BJTසෙදං නත්ථු ච සම්බාහො නහාපනබ්භඤ්ජනෙන ච, උට්ඨාපෙන්තො නිපාතෙන්තො, අන්නපානෙන මරණං.{3}
Sinhala BJTසෙද, නත්‍ථු, සම්බාහන, නහාපන, අබ්භඤ්ජන, උට්ඨාපන, නිපාතන, අන්නමාරණ, පානමාරණ වස්තු තුන බැගින් 27 ක් ද,
Pali BJTජාරගබ්භො සපත්තී ච මාතා පුත්තං උභො වධි, උභො න මිය්යරෙ මද්දා තාපං වඤ්ඣා විජායිනී.
Sinhala BJTජාරගබ්භ, සපතනිය සම්බන්‍ධ මවුමළ, පුතුමළ, දෙදෙනා ම මළ, දෙදෙනා ම නො මළ වස්තු සතරක් ද, මද්දාපන, තාපන වඤ්ඣා, විජායිනී වස්තු සතරක් දැයි 9 ක් ද,
Pali BJTපතොදං නිග්ගහෙ යක්ඛො වාළයක්ඛඤ්ච පාහිණී, තං මඤ්ඤමානො පහරි සග්ගඤ්ච නිරයං භණෙ.
Sinhala BJTපතෝද, නිග්ගහ, යක්ඛ වස්තු ද, වාළ යක්ඛවස්තු තුණක් ද, පාහිනි කන්තාර වස්තු සයක් ද, මඤ්ඤමාන සතරක් ද, පහාර තුණක් ද, සග්ග තුණක් ද, නිරයවණ්ණනා තුණක් දැයි 25 ක් ද,
Pali BJTආලවියා තයො රුක්ඛා දායෙහි අපරෙ තයො, මා කිලමෙසි න තුය්හං තක්කං සොවීරකෙන චාති.
Sinhala BJTආලවිරුක්ඛවත්‍ථු තුණක් ද දාය වත්‍ථු තුණක් ද, මා කිලමෙසි තුණක් ද, තක්ක, සොවීරක දෙක දැයි 10 ක් ද වූ විනීත වස්තු එක්සිය තුණෙකි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති, තස්ස භික්ඛූ කාරුඤ්ඤෙන මරණවණ්ණං සංවණ්ණෙසුං, සො භික්ඛු කාලමකාසි, තෙසං කුක්කුච්චං අහොසි, කච්චි නු ඛො මයං පාරාජිකං ආපත්තිං ආපන්නා”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජිකන්ති.” (1)
Sinhala BJT1. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. භික්‍ෂූහු ඒ මහණහට කරුණාවෙන් මරණයෙහි ගුණ වැණූහ. ඒ මහණ තෙමේ කලුරිය කෙළේ ය. “කිම අපි පරිජිඇවැත් අවන්නමෝ ද” යි ඔවුන්ට කුකුස් විය. ... ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.”
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු පීඨකෙ පිළොතිකාය පටිච්ඡන්නං දාරකං නිසීදන්තො ඔත්ථරිත්වා මාරෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස.” “න ච භික්ඛවෙ අප්පටිවෙක්ඛිත්වා ආසනෙ නිසීදිතබ්බං. යො නිසීදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (2)
Sinhala BJT2. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් පුටුවක හිඳගන්නේ රෙදිකඩකින් පිළිසන් දරුවකු මැඩ ගෙණ මැරී ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, පරික්‍ෂා නො කොට අසුනෙහි නො හිඳිය යුතුයි. යමෙක් හිඳී නම් දුකුළා ඇවැත් වේ.”
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භත්තග්ගෙ අන්තරඝරෙ ආසනං පඤ්ඤාපෙන්තො මුසලෙ උස්සිතෙ එකං මුසලං අග්ගහෙසි. දුතියො මුසලො පරිපතිත්වා අඤ්ඤතරස්ස දාරකස්ස මත්ථකෙ අවත්ථාසි. සො කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ‘කිංචිත්තො ත්වං භික්ඛූති?” අසඤ්චිච්ච අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු අසඤ්චිච්චා”ති. (3)
Sinhala BJT3. එසමයෙහි එක්තරා මහණෙක් ඇතුළු ගම බොජුන්හලෙහි අසුන් පණවන්නේ මොහොල් දෙකක් ඔසවා තැබූ කල්හි එක් මොහොලක් හැර ගත්තේ ය. දෙවෙනි මොහොල පෙරළී එක්තරා දරුවකුගේ හිසමත වැටුනේ ය. ඒ දරු තෙමේ කලුරිය කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ කෙබඳු සිත් ඇත්තෙහි ද”? “භාග්‍යවතුන් වහන්ස, මම නො දැන කෙළෙමි.” මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ.
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භත්තග්ගෙ අන්තරඝරෙ ආසනං පඤ්ඤාපෙන්තො උදුක්ඛලභණ්ඩිකං අක්කමිත්වා පවට්ටෙසි, අඤ්ඤතරං දාරකං ඔත්ථරිත්වා මාරෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අසඤ්චිච්චා”ති. (4)
Sinhala BJT4. එසමයෙහි එක්තරා මහණෙක් ඇතුළුගම බොජුන් හලෙහි අසුන් පණවන්නේ වංගෙඩියක් ඇක්ම පෙරළීය. එක්තරා දරුවකු යට කොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ.
Pali BJT5. තෙන ඛො පන සමයෙන පිතාපුත්තා භික්ඛූසු පබ්බජිතා හොන්ති. කාලෙ ආරොචිතෙ පුත්තො පිතරං එතදවොච: ‘ගච්ඡ භන්තෙ සඞ්ඝො තං පතිමානෙතී’ති පිට්ඨියං ගහෙත්වා පනාමෙසි.{1} සො පපතිත්වා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”?ති “නාහං භගවා මරණාධිප්පායො”ති. “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (5)
Sinhala BJT5. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්‍ෂූන් කෙරෙහි මහණවූවෝ වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කී ය: ‘වහන්ස, යනු මැනවි. සඞ්ඝතෙමේ තොප අපේක්‍ෂා කෙරේ’ යි පිට ගෙණ නෙරීය. හෙතෙමේ වැටී මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? ‘භාග්‍යවතුන් වහන්ස, මම මරණ අදහස් නැත්තෙම් වෙමි.’ මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (5)
Pali BJT6. තෙන ඛො පන සමයෙන පිතාපුත්තා භික්ඛූසු පබ්බජිතා හොන්ති. කාලෙ ආරොචිතෙ පුත්තො පිතරං එතදවොච: ‘ගච්ඡ භන්තෙ සඞ්ඝො තං පතිමානෙතී’ති මරණාධිප්පායො පිට්ඨියං ගහෙත්වා පනාමෙසි. සො පපතිත්වා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (6)
Sinhala BJT6. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්‍ෂූන් කෙරෙහි පැවිදිවූවාහු වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කීය: ‘වහන්ස, යනු මුනවි. සඞ්ඝ තෙමේ තොප අපේක්‍ෂා කෙරේ’ යි මරණ අදහස් ඇත්තේ පිට ගෙණ නෙරීය. හෙ තෙමේ වැටී මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (6)
Pali BJT7. තෙන ඛො පන සමයෙන පිතාපුත්තා භික්ඛූසු පබ්බජිතා හොන්ති. කාලෙ ආරොචිතෙ පුත්තො පිතරං එතදවොච: ‘ගච්ඡ භන්තෙ සඞ්ඝො තං පතිමානෙතී’ති මරණාධිප්පායො පිට්ඨියං ගහෙත්වා පනාමෙසි. සො පපතිත්වා න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (7)
Sinhala BJT7. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්‍ෂූන් කෙරෙහි පැවිදිවූවාහු වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කීය: ‘වහන්ස, යනු මැනවි. සඞ්ඝ තෙමේ තොප අපේක්‍ෂා කෙරේ’ යි මරණ අදහස් ඇත්තේ පිට ගෙණ නෙරීය. හෙ තෙමේ වැටී නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (7)
Pali BJT8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො භුඤ්ජන්තස්ස මංසං කණ්ඨෙ විලග්ගං හොති. අඤ්ඤතරො භික්ඛු තස්ස භික්ඛුනො ගීවායං පහාරං අදාසි. සලොහිතං මංසං පති. සො භික්ඛු කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (8)
Sinhala BJT8. එසමයෙහි එක්තරා බුදින මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ කලුරිය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (8)
Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො භුඤ්ජන්තස්ස මංසං කණ්ඨෙ විලග්ගං හොති. අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො තස්ස භික්ඛුනො ගීවායං පහාරං අදාසි. සලොහිතං මංසං පති. සො භික්ඛු කාලමකාසි . තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (9)
Sinhala BJT9. එසමයෙහි එක්තරා බුදින මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. මැරියැටි එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ කලුරිය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (9)
Pali BJT10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො භුඤ්ජන්තස්ස මංසං කණ්ඨෙ විලග්ගං හොති. අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො තස්ස භික්ඛුනො ගීවායං පහාරං අදාසි. සලොහිතං මංසං පති. සො භික්ඛු න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (10)
Sinhala BJT10. එසමයෙහි බුදින එක්තරා මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. මැරියැටි එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ නො ම මෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (10)
Pali BJT11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු විසගතං පිණ්ඩපාතං ලභිත්වා පටික්කමනං හරිත්වා භික්ඛූනං අග්ගකාරිකං අදාසි. තෙ භික්ඛූ කාලමකංසු. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”ති? “නාහං භගවා ජානාමී”ති. “අනාපත්ති භික්ඛු අජානන්තස්සා”ති. (11)
Sinhala BJT11. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් විසමුසු අහරක් ලැබ අසුන්හලට ගෙණ ගොස් භික්‍ෂූන්ට අග්‍රපිණ්ඩය දුනි. ඒ භික්‍ෂූහු මළහ. ඔහුට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?’ ‘භාග්‍යවතුන් වහන්ස, මම නො දනිමි.’ මහණ, නො දන්නහුට ඇවැත් නො වේ. (11)
Pali BJT12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වීමංසාධිප්පායො අඤ්ඤතරස්ස භික්ඛුනො විසං අදාසි. සො භික්ඛු කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”ති? “වීමංසාධිප්පායො අහං, භගවා”ති. “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (12)
Sinhala BJT12. එසමයෙහි විමැසියැටි එක්තරා මහණෙක් එක්තරා මහණකුට වස දුනි. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?’ ‘භාග්‍යවතුන් වහන්ස, මම විමසන අදහස් ඇත්තෙමි’යී. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (12)
Pali BJT13. තෙන ඛො පන සමයෙන ආලවකා{1} භික්ඛූ විහාරවත්ථුං කරොන්ති . අඤ්ඤතරො භික්ඛු හෙට්ඨා හුත්වා සිලං උච්චාරෙසි. උපරිමෙන භික්ඛුනා දුග්ගහිතා සිලා හෙට්ඨිමස්ස භික්ඛුනො මත්ථකෙ අවත්ථාසි. සො භික්ඛු කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“අනාපත්ති භික්ඛු අසඤ්චිච්චා”ති. (13)
Sinhala BJT13. එසමයෙහි අලවුරට වැසි භික්‍ෂූහු විහාරභූමියක් (ගෙපළක්) කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගලක් නැගී ය. මත්තෙහි සිටි මහණ විසින් නපුරු කොට ගත් ගල යට සිටි මහණහු හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ. (13)
Pali BJT14. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ විහාරවත්ථුං කරොන්ති. අඤ්ඤතරො භික්ඛු හෙට්ඨා හුත්වා සිලං උච්චාරෙසි. උපරිමො භික්ඛු මරණාධිප්පායො හෙට්ඨිමස්ස භික්ඛුනො මත්ථකෙ සිලං මුඤ්චි. සො භික්ඛු කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (14)
Sinhala BJT14. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු විහාර භූමියක් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගලක් එසවී ය. මත්තෙහි සිටි මැරියැටි මහණෙක් යට සිටි මහණහුගේ හිසමත ගල හෙළී ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (14)
Pali BJT15. තෙන -පෙ- සො භික්ඛු න කාලමකාසි තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති, භික්ඛු පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (15)
Sinhala BJT15. එසමයෙහි ... ඒ මහණ නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (15)
Pali BJT16. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ විහාරස්ස කුඩ්ඩං උට්ඨාපෙන්ති. අඤ්ඤතරො භික්ඛු හෙට්ඨා හුත්වා ඉට්ඨකං උච්චාරෙසි. උපරිමෙන භික්ඛුනා දුග්ගහිතා ඉට්ඨකා හෙට්ඨිමස්ස භික්ඛුනො මත්ථකෙ අවත්ථාසි. සො භික්ඛු කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අසඤ්චිච්චා”ති. (16)
Sinhala BJT16. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු විහාරයට බිතක් නංවත්. එක්තරා මහණෙක් යට සිට ගඩොලක් එසවී ය. මත්තේ සිටි මහණ විසින් නපුරු කොට ගත් ගඩොල යට සිටි මහණහු හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ. (16)
Pali BJT17. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ විහාරස්ස කුඩ්ඩං උට්ඨාපෙන්ති. අඤ්ඤතරො භික්ඛු හෙට්ඨා හුත්වා ඉට්ඨකං උච්චාරෙසි, උපරිමො භික්ඛු මරණාධිප්පායො හෙට්ඨිමස්ස භික්ඛුනො මත්ථකෙ ඉට්ඨකං මුඤ්චි. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නො පාරාජිකන්ති තෙන ඛො පන සම්පයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (17-18)
Sinhala BJT17. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු විහාර බිතක් නංවත්. එක්තරා මහණෙක් යට සිට ගඩොලක් එසවී ය. මත්තෙහි සිටි මැරියැටි මහණ යට සිටි මහණහු හිස මත ගඩොල හෙළී ය. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහි ය. ... එසමයෙහි] ... ඒ මහණ නොමළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (17-18)
Pali BJT18. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ නවකම්මං කරොන්ති. අඤ්ඤතරො භික්ඛු හෙට්ඨා හුත්වා වාසිං උච්චාරෙසි. උපරිමෙන භික්ඛුනා දුග්ගහිතා වාසි{2} හෙට්ඨිමස්ස භික්ඛුනො මත්ථකෙ අවත්ථාසි. සො භික්ඛු කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“අනාපත්ති භික්ඛු අසඤ්චිච්චා”ති. (19)
Sinhala BJT18. එසමයෙහි අලවුවැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට වෑයක් එසවී ය. මත්තෙහි සිටි මහණහු විසින් නපුරු කොට ගත් වෑය යට සිටි මහණහු හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ නො දැන කළහුට ඇවැත් නො වේ. (19)
Pali BJT19. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ නවකම්මං කරොන්ති. අඤ්ඤතරො භික්ඛු හෙට්ඨා හුත්වා වාසිං උච්චාරෙසි. උපරිමො භික්ඛු මරණාධිප්පායො හෙට්ඨිමස්ස භික්ඛුනො මත්ථකෙ වාසිං මුඤ්චි. සො භික්ඛු කාලමකාසි (-පෙ- ආපන්නො පාරාජිකන්ති තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (20-21)
Sinhala BJT19. එසමයෙහි අලවුරට වැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට වෑයක් එසවී ය. මත්තෙහි සිටි මහණතෙමේ මැරියැටිවූයේ යට සිටි මහණහුගේ හිස මත වෑය හෙළී ය. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහි ය ... එසමයෙහි] ... ඒ මහණ නො මළේ ය. ... ඔහුට කුකුස් විය. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (20-21)
Pali BJT20. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ නවකම්මං කරොන්ති. අඤ්ඤතරො භික්ඛු හෙට්ඨා හුත්වා ගොපානසිං උච්චාරෙසි. උපරිමෙන භික්ඛුනා දුග්ගහිතා ගොපානසී හෙට්ඨිමස්ස භික්ඛුනො මත්ථකෙ අවත්ථාසි. සො භික්ඛු කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අසඤ්චිච්චා”ති. (22)
Sinhala BJT20. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගොනැස්සක් එසවී ය. මත්තෙහි සිටි මහණහු විසින් නපුරු කොට ගත් ගොනැස්ස යට සිටි මහණහුගේ හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... නො දැන කළහුට ඇවැත් නො වේ. (22)
Pali BJT21. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ නවකම්මං කරොන්ති. අඤ්ඤතරො භික්ඛු හෙට්ඨා හුත්වා ගොපානසිං උච්චාරෙසි, උපරිමො භික්ඛු මරණාධිප්පායො හෙට්ඨිමස්ස භික්ඛුනො මත්ථකෙ ගොපානසිං මුඤ්චි. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නො පාරාජිකන්ති තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු, පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සාති”. (23-24)
Sinhala BJT21. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගොනැස්සක් එසවීය. මත්තෙහි සිටි මහණ තෙමේ මැරියැටි වූයේ යට සිටි මහණහුගේ හිස මත ගොනැස්ස හෙළී ය. ඒ මහණ මළේ ය. .... පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ... ඒ මහණ නො මළේ ය. එහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (23-24)
Pali BJT22. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ නවකම්මං කරොන්තා අට්ටකං බන්ධන්ති. අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “ආවුසො අත්රට්ඨිතො බන්ධාහී”ති. සො තත්රට්ඨිතො බන්ධන්තො පරිපතිත්වා කාලමකාසි . තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ?”ති “නාහං භගවා මරණාධිප්පායො”ති. “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (25)
Sinhala BJT22. එසමයෙහි අලවුරට භික්‍ෂූහු නවහම් කරන්නාහු අටල්ලක් බඳිත්. එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කීය: ‘ඇවැත, මෙහි සිට බඳව’යි, හෙ තෙමේ එහි සිට බඳින්නේ පෙරළී වැටී මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ තෝ කෙබඳු සිතැත්තෙහි ද? “භාග්‍යවතුන් වහන්ස, මම මැරි යැටි නො වෙමි.” මහණ, නො මැරියැටිහුට ඇවැත් නො වේ. (25)
Pali BJT23. තෙන ඛො පන සමයෙන ආලවකා භික්ඛූ නවකම්මං කරොන්තා අට්ටකං බන්ධන්ති. අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “ආවුසො අත්රට්ඨිතො බන්ධාහී”ති. සො තත්රට්ඨිතො බන්ධන්තො පරිපතිත්වා කාලමකාසි -පෙ- (ආපන්නො පාරාජිකන්ති තෙන ඛො පන සමයෙන -පෙ- තත්රඨිතො) පරිපතිත්වා න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (26-27)
Sinhala BJT23. එසමයෙහි අලවුවැසි භික්‍ෂූහු නවහම් කරන්නාහු අටල්ලක් බඳිත්. එක්තරා මහණෙක් මැරියැටි වූයේ එක්තරා මහණකුට මෙය කීය. “ඇවැත, මෙහි සිට බඳව” යි, හෙ තෙමේ එහි සිට බඳින්නේ පෙරළී වැටී මළේ ය. ... පරිජිඇවැත් අවන්නෙහි ය. එසමයෙහි ... පෙරළී වැටී නො මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (26-27)
Pali BJT24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු විහාරං ඡාදෙත්වා ඔතරති. අඤ්ඤතරො භික්ඛු තං භික්ඛුං එතදවොච: “ආවුසො ඉතො ඔතරාහී”ති. සො තෙන ඔතරන්තො පරිපතිත්වා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්සා”ති. (28)
Sinhala BJT24. එසමයෙහි එක්තරා මහණෙක් විහාරය සෙවෙනි කොට බසී. එක්තරා මහණෙක් ඒ මහණහට මෙය කීය: “ඇවත, මේ තැනින් බසිනු” යි හෙ තෙමේ එතැනින් බස්නේ පෙරළී වැටී මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (28)
Pali BJT25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු විහාරං ඡාදෙත්වා ඔතරති . අඤ්ඤතරො භික්ඛු මරණාධිප්පායො තං භික්ඛුං එතදවොච:- “ආවුසො ඉතො ඔතරාහී”ති. සො තෙන ඔතරන්තො පරිපතිත්වා කාලමකාසි -පෙ- (ආපන්නො පාරාජිකන්ති තෙන ඛො පන සමයෙන -පෙ-) පරිපතිත්වා න කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති, භික්ඛු පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (29-30)
Sinhala BJT25. එසමයෙහි එක්තරා මහණෙක් විහාරය සෙවෙනි කොට බසී. එක්තරා මහණෙක් මැරියැටි වූයේ ඒ මහණහට මෙය කීය. “ඇවැත, මෙතැනින් බසිනු” යි හෙ තෙමේ එතැනින් බස්නේ පෙරළී වැටී මළේ ය. ... පරිජිඇවැත් අවන්නෙහි ය. එසමයෙහි ... පෙරළී වැටී නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (29-30)
Pali BJT26. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අනභිරතියා පීළිතො ගිජ්ඣකූටං පබ්බතං අභිරුහිත්වා පපාතෙ පපතන්තො අඤ්ඤතරං විලීවකාරං ඔත්ථරිත්වා මාරෙසි, තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. න ච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං. යො පාතෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (31)
Sinhala BJT26. එසමයෙහි එක්තරා මහණෙක් සස්නෙහි උකටලී බැවින් පෙළුනේ ගිජුකුළුපව්වට නැඟී ප්‍රපාතයෙහි වැටෙන්නේ එක්තරා නලකරුවකු යට කොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, ආත්මඝාතනය නො කටයුතුයි, යමෙක් ආත්මඝාතනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. (31)
Pali BJT27. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ගිජ්ඣකූටං පබ්බතං අභිරුහිත්වා දවාය සිලං පවිජ්ඣිංසු. අඤ්ඤතරං{1} ගොපාලකං ඔත්ථරිත්වා මාරෙසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, න ච භික්ඛවෙ දවාය සිලා පවිජ්ඣිතබ්බා, යො පවිජ්ඣෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (32)
Sinhala BJT27. එසමයෙහි සවග මහණහු ගිජුකුළුපව්වට නැඟී කෙළි පිණිස ගලක් පෙරළූහ. ඒ ගල එක්තරා ගොපල්ලකු යට කොට මැරී ය. ඔවුන්ට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. මහණෙනි, කෙළි පිණිස ගල් නො පෙරළිය යුතුයි. යමෙක් පෙරළන්නේ නම් දුකුළාඇවැත් වේ. (32)
Pali BJT28. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ සෙදෙසුං. සො භික්ඛු කාලමකාසි තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (33)
Sinhala BJT28. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ ඩහ ගැන්වූහ. හෙ තෙමේ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (33)
Pali BJT29. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති . තං භික්ඛූ මරණාධිප්පායා සෙදෙසුං. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන.....) සො භික්ඛු න කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (34-35)
Sinhala BJT29. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ මැරියැටි වූවෝ ඩහ ගැන්වූ හ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේ ය. ඔවුනට කුකුස් විය: ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (34-35)
Pali BJT30. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො සීසාභිතාපො හොති. තස්ස භික්ඛූ නත්ථුං අදංසු. සො භික්ඛු කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (36)
Sinhala BJT30. එසමයෙහි එක්තරා මහණකුට හිසරුජාවක් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට නස්‍යයක් දුන්හ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (36)
Pali BJT31. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො සීසාභිතාපො හොති. තස්ස භික්ඛූ මරණාධිප්පායා නත්ථුං අදංසු. සො භික්ඛු කාලමකාසි. -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (37-38)
Sinhala BJT31. එසමයෙහි එක්තරා මහණකුට හිසරුජාවක් වෙයි. භික්‍ෂූහු මැරියටිවූවෝ ඒ මහණහට නස්‍යයක් දුන්හ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නොමළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (37-38)
Pali BJT32. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ සම්බාහෙසුං. සො භික්ඛු කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (39)
Sinhala BJT32. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ සම්බාහනය (=ඇඟ පිරිමැදීම) කළහ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නොමැරියැටි වූවහුට ඇවැත් නො වේ. (39)
Pali BJT33. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ මරණාධිප්පායා සම්බාහෙසුං. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (40-41)
Sinhala BJT33. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ මැරියැටි වූවෝ සම්බාහනය කළාහු ය. ඒ මහණ මළේ ය. [පරිජි ඇවැත් අවන්නහු ය. එසමයෙහි ...] ඒ මහණ නොමළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (40-41)
Pali BJT34. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ නහාපෙසුං. සො භික්ඛු කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (42)
Sinhala BJT34. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ නැහැවූ හ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (42)
Pali BJT35. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ මරණාධිප්පායා නහාපෙසුං. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (43-44)
Sinhala BJT35. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ නැහැවූ හ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (43-44)
Pali BJT36. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ තෙලෙන අබ්භඤ්ජිංසු. සො භික්ඛු කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (45)
Sinhala BJT36. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි, භික්‍ෂූහු ඒ මහණ වෙර තෙල් ගැල් වූ හ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (45)
Pali BJT37. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ මරණාධිප්පායා තෙලෙන අබ්භඤ්ජිංසු. සො භික්ඛු කාලමකාසි -පෙ- (ආපන්නා පාරාජිකන්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික්ඛු න කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (46-47)
Sinhala BJT37. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ වෙර තෙල් ගැල්වූහ. ඒ මහණ මළේය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (46-47)
Pali BJT38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති. තං භික්ඛූ උට්ඨාපෙසුං. සො භික්ඛු කාලමකාසි. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ න මරණාධිප්පායස්සා”ති. (48)
Sinhala BJT38. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ නැගිටවූහ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (48)