Pali BJT14. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වාතමණ්ඩලිකාය උක්ඛිත්තං වෙඨනං{1} ‘පුරෙ සාමිකා පස්සන්තී’ති ථෙය්යචිත්තො අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (32)
Sinhala BJT14. එසමයෙහි එක්තරා මහණෙක් පෙයාසුලඟින් නඟන ලද හිස් වෙළුමක් (‘නො බෝ වේලාවකින් හිමියෝ දක්නාහ, ඊට පෙර ගනිමි’ යි සිතා) සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණයෙහි” යි චෝදනා කළාහු ය. ඒ මහණට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (32)
Pali BJT15. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සුසානං ගන්ත්වා අභින්නෙ සරීරෙ පංසුකූලං අග්ගහෙසි. තස්මිං ච සරීරෙ පෙතො අධිවත්ථො හොති . අථ ඛො සො පෙතො තං භික්ඛුං එතදවොච: “මා භන්තෙ මය්හං සාටකං අග්ගහෙසී”ති. සො භික්ඛු අනාදියන්තො අගමාසි. අථ ඛො තං සරීරං උට්ඨහිත්වා තස්ස භික්ඛුනො පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො සො භික්ඛු විහාරං පවිසිත්වා ද්වාරං ථකෙසි. අථ ඛො තං සරීරං තත්ථෙව පරිපති{2}. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. න ච භික්ඛවෙ අභින්නෙ සරීරෙ පංසුකූලං ගහෙතබ්බං. යො ගණ්හෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (83)
Sinhala BJT15. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනට ගොස් නුබුන් මළ සිරුරෙහි පාංශුකූල වස්ත්‍රය හැර ගත්තේ ය. ඒ සිරුරෙහි ද ප්‍රේතයෙක් අධිගෘහිත විය. එකල්හි ඒ ප්‍රේතයා ඒ මහණහට “වහන්ස, මගේ වස්ත්‍රය නො ගත මැනව” යි කීය. ඒ මහණ තෙමේ එය නො සලකමින් ගියේ ය. ඉන් පසු ඒ සිරුර නැගිට ඒ මහණහු පසු පස ලුහුබැන්දේ ය. එකල්හි ඒ මහණ විහාරයට ගොස් දොර වැසී ය. ඉක්බිති ඒ සිරුර එහි ම පතිත විය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, නුබුන් සිරුරෙහි පාංශුකූල වස්ත්‍රය නො ගත යුතු ය. යමෙක් ගන්නේ නම් දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (33)
Pali BJT16. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස චීවරෙ භාජියමානෙ ථෙය්යචිත්තො කුසං සඞ්කාමෙත්වා චීවරං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (34)
Sinhala BJT16. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු සිවුරු බෙදනු ලබන කල්හි සොර සිත් ඇත්තේ කුසපත් මාරු කොට සිවුරක් ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (34)
Pali BJT17. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො ජන්තාඝරෙ අඤ්ඤතරස්ස භික්ඛුනො අන්තරවාසකං අත්තනො මඤ්ඤමානො නිවාසෙසි. අථ ඛො සො භික්ඛු ආයස්මන්තං ආනන්දං එතදවොච: “කිස්ස මෙ ත්වං ආවුසො ආනන්ද, අන්තරවාසකං නිවාසෙසී”ති. “සකසඤ්ඤී අහං ආවුසො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනාපත්ති, භික්ඛවෙ සකසඤ්ඤිස්සා”ති. (35)
Sinhala BJT17. එසමයෙහි ආයුෂ්මත් අනඳ තෙරුණුවෝ ගිනිහල් ගෙහි එක්තරා මහණකුගේ අඳනයක් ‘තමාගේ යැ’ යි හඟිමින් හැන්දහ. එකල්හි ඒ මහණ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය කී ය. “ඇවැත්නි, ආනන්‍ද ස්ථවිරයෙනි, තෙපි මගේ අඳනය කුමක් හෙයින් ඇන්දහු ද?” යි විචාළේ ය. “ඇවැත්නි, මම ‘මගේ යැ’ යි හැඟීම් ඇත්තෙම් වීමි’ යි තෙරණුවෝ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළාහු ය. ... “මහණෙනි, ‘තමා සතු ය’ යන හැඟීම් ඇත්තහුට ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (35)
Pali BJT18. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තා සීහවිඝාසං පස්සිත්වා පචාපෙත්වා පරිභුඤ්ජිංසු. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති, භික්ඛවෙ සීහවිඝාසෙ”ති. (36)
Sinhala BJT18. එසමයෙහි බොහෝ භික්‍ෂූහු ගිජුකුළු පව්වෙන් බස්නාහු සිංහයකු විසින් ඉඳුල් කළ මසක් දැක පිසවා අනුභව කළාහු ය. ඔවුන්ට කුකුස් විය. ... “මහණෙනි, සීහවිඝාසයෙහි ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (36)
Pali BJT19. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තා ව්යග්ඝවිඝාසං පස්සිත්වා -පෙ- දීපිවිඝාසං පස්සිත්වා -පෙ- තරච්ඡවිඝාසං පස්සිත්වා -පෙ- කොකවිඝාසං පස්සිත්වා පචාපෙත්වා පරිභුඤ්ජිංසු. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ තිරච්ඡානගතපරිග්ගහෙ”ති. (37-40)
Sinhala BJT19. එසමයෙහි බොහෝ භික්‍ෂූහු ගිජුකුළු පව්වෙන් බස්නාහු ව්‍යාග්‍රයකු ඉඳුල් කළ මසක් දැක, ... දිවියකු කා හැරදැමූ මසක් දැක, ... කරබානා වලසකු කා හැර දැමූ මසක් දැක, ... වෘකයකු කා ඉතිරි කළ මසක් දැක පිසවා අනුභව කළාහු ය. ඔවුන්ට කුකුස් විය. ... “මහණෙනි, තිරිසනුන් අයත් දැයෙහි ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (37-40)
Pali BJT20. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස ඔදනෙ භාජියමානෙ “අපරස්ස භාගං දෙහී”ති අමූලකං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති, භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්සා”ති. (41)
Sinhala BJT20. එසමයෙහි එක්තරා මහණෙක් සඟනට බත් බෙදන කල්හි ‘අනෙකකුට ද කොටසක් දෙව’ යි අමුලු කොට ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දැන දැන මුසවා කීමෙහි පචිතිඇවැත් වේ” ය යි වදාළ සේක. (41)
Pali BJT21. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස ඛාදනීයෙ භාජියමානෙ -පෙ- සඞ්ඝස්ස පූවෙ භාජියමානෙ -පෙ- සඞ්ඝස්ස උච්ඡුම්හි භාජියමානෙ -පෙ- සඞ්ඝස්ස තිම්බරූසකෙ භාජියමානෙ “අපරස්ස භාගං දෙහී”ති අමූලකං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්සා”ති. (42-45)
Sinhala BJT21. එසමයෙහි එක්තරා මහණෙක් සඟනට කැවිලි බෙදන කල්හි, ... සඟනට පූ බෙදන කල්හි, ... සඟනට උක් දඬු බෙදන කල්හි, ... සඟනට තිඹිරි බෙදන කල්හි, ‘අනෙකකුට ද කොටසක් දෙව’ යි අමුලු කොට (පිළිගා නැතිව) ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දැන දැන බොරු කීමෙහි පචිතිඇවැත් වේ” ය යි වදාළ සේක.(42-45)
Pali BJT22. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දුබ්භික්ඛෙ ඔදනීයඝරං පවිසිත්වා පත්තපූරං ඔදනං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (46)
Sinhala BJT22. එසමයෙහි එක්තරා මහණෙක් දුර්භික්‍ෂයෙහි විකිණීමට බත් පිසන ගෙයකට පැමිණ සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා බත් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (46)
Pali BJT23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දුබ්භික්ඛෙ සූනාඝරං{1} පවිසිත්වා පත්තපූරං මංසං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (47)
Sinhala BJT23. ඒසමෙයහි එක්තරා මහණෙක් දුර්භික්‍ෂෙයහි විකිණීමට මස් පිසින ගෙයකට පිවිස සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා මස් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (47)
Pali BJT24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දුබ්භික්ඛෙ පූවඝරං පවිසිත්වා පත්තපූරං පූවං ථෙය්යචිත්තො අවහරි -පෙ- පත්තපූරා සක්ඛලියො ථෙය්යචිත්තො අවහරි -පෙ- පත්තපූරෙ මොදකෙ ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (48-50)
Sinhala BJT24. එසමයෙහි එක්තරා මහණෙක් දුර්භික්‍ෂයෙහි කැවුම් පිසින ගෙයකට පැමිණ සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා කැවුම් හැර ගත්තේ ය. ... සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා ලහලු හැර ගත්තේ ය. ... සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා අග්ගලා හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (48-50)
Pali BJT25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා පරික්ඛාරං පස්සිත්වා නිමිත්තං අකාසි: “රත්තිං අවහරිස්සාමී”ති. සො තං මඤ්ඤමානො තං අවහරි -පෙ- තං මඤ්ඤමානො අඤ්ඤං අවහරි -පෙ- අඤ්ඤං මඤ්ඤමානො තං අවහරි -පෙ- අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං අවහරි. -පෙ- තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (51-54)
Sinhala BJT25. එසමයෙහි එක්තරා මහණෙක් දහවල් පිරිකරක් දැක “රෑ සොරකම් කරන්නෙමි” යි නිමිති ගත්තේ ය. හෙතෙමේ ‘එයැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘එයැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... අනෙකකැයි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි” යයි වදාළ සේක. (51-54)
Pali BJT26. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා පරික්ඛාරං පස්සිත්වා නිමිත්තං අකාසි “රත්තිං අවහරිස්සාමී”ති. සො තං මඤ්ඤමානො අත්තනො පරික්ඛාරං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (55)
Sinhala BJT26. එසමයෙහි එක්තරා මහණෙක් දහවල් පිරිකරක් දැක “රෑ සොරකම් කරන්නෙමි” යි නිමිති කෙළේ ය. හෙතෙමේ ‘එයැ’ යි හඟිමින් තමාගේ පිරිකරක් (සොර සිතින්) හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යයි වදාළ සේක. (55)
Pali BJT27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පීඨෙ ථවිකං පස්සිත්වා ඉතො ගණ්හන්තො පාරාජිකො භවිස්සාමීති සහ පීඨකෙන සඞ්කාමෙත්වා අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (56)
Sinhala BJT27. එසමයෙහි එක්තරා මහණෙක් පුටුවක පියැල්ලක් දැක ‘මෙයින් පැහැර ගන්නෙම් පැරැදුනෙම්’ වෙමි යි සිතා පුටුව සමඟ බැහැර කොට හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. -පෙ- “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.”(56)
Pali BJT28. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස භිසිං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (57)
Sinhala BJT28. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු බිස්සක් සොර සිතින් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. -පෙ- “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි (57)
Pali BJT29. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු චීවරවංසෙ චීවරං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (58)
Sinhala BJT29. එසමයෙහි එක්තරා මහණෙක් සිවුරුවසෙහි ලූ සිවුරක් සොර සිතින් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. -පෙ- “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (58)
Pali BJT30. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු විහාරෙ චීවරං අවහරිත්වා ඉතො නික්ඛමන්තො පාරාජිකො භවිස්සාමීති විහාරා න නික්ඛමි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.{1} -පෙ- “නික්ඛමෙය්ය{2} වා සො, භික්ඛවෙ, මොඝපුරිසො න වා නික්ඛමෙය්ය ආපත්ති පාරාජිකස්සා”ති. (59)
Sinhala BJT30. එසමයෙහි එක්තරා මහණෙක් විහාරයෙහි සිවුරක් සොරා ගෙන ‘මෙයින් නික්මෙන්නෙම් පරිජිඇවැත් අවන්නෙමි’ යි විහාරයෙන් නො නික්මින. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැළ කළාහු ය. ... “මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ නික්මෙන්නේ හෝ නො නික්මෙන්නේ හෝ පරිජිඇවැත් අවන්නේ වෙයි.” (59)
Pali BJT31. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ සහායකා හොන්ති. එකො භික්ඛු ගාමං පිණ්ඩාය පාවිසි. දුතියො භික්ඛු සඞ්ඝස්ස ඛාදනීයෙ භාජියමානෙ සහායකස්ස භාගං ගහෙත්වා තස්ස විස්සසන්තො පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි: ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”ති “විස්සාසගාහී අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු විස්සාසගාහෙ”ති. (60)
Sinhala BJT31. එසමයෙහි යහළු භික්‍ෂූහු දෙනමක් වෙත්. එක් නමක් පිඬු පිණිස ගමට පිවිසියේ ය. දෙවැන්නා සඟනට කැවිලි බෙදනු ලබන කල්හි යහළුවා අයත් කොටස ගෙන ඔහුට විස්වස් ඇතියේ වැළඳී ය. ඒ මහණ තෙමේ එය දැන “තෝ නො මහණෙක් වෙහි” යි ඒ මහණට චෝදනා කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කෙළේ ය. ... මහණ තෝ කෙබඳු සිතැතියෙහි ද? “භාග්‍යවතුන් වහන්ස, මම් විශ්වාසග්‍රාහී වීමි.” “මහණ විශ්වාසග්‍රාහයෙ ඇවැත් නොවේ.” (60)
Pali BJT32. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ චීවරකම්මං කරොන්ති. සඞ්ඝස්ස ඛාදනීයෙ භාජියමානෙ සබ්බෙසං පටිවිංසා{3} ආහරිත්වා උපනික්ඛිත්තා හොන්ති. අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරස්ස භික්ඛුනො පටිවිංසං{4} අත්තනො මඤ්ඤමානො පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි: ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ’ති “සකසඤ්ඤී අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු සකසඤ්ඤිස්සා”ති. (61)
Sinhala BJT32. එසමයෙහි බොහෝ භික්‍ෂූහු සිවුරුකම් කරත්. සඟනට කැවිලි බෙදනු ලබන කල්හි සියල්ලන්ගේ කොටස් ගෙනවුත් වෙත තබන ලද්දාහු වෙත්. එක්තරා මහණෙක් ‘අනෙක් මහණකුගේ කොටස තමාගේ ය’ යි හඟිමින් වැළැඳීය. ඒ මහණ තෙමේ එය දැන “තෝ නො මහණෙක් වෙහි” යි ඔහුට චෝදනා කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කෙළේ ය. ... “මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, තමාගේ ය යන හැඟීම් ඇත්තෙම් වීමි.” “මහණ, තමාගේය යන හැඟීම් ඇත්තහුට ඇවැත් නොවේ.” (61)
Pali BJT33. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ චීවරකම්මං කරොන්ති. සඞ්ඝස්ස ඛාදනීයෙ භාජියමානෙ අඤ්ඤතරස්ස භික්ඛුනො පත්තෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පටිවිංසො ආහරිත්වා උපනික්ඛිත්තො හොති. පත්තසාමිකො භික්ඛු අත්තනො මඤ්ඤමානො පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ?”ති “සකසඤ්ඤී අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු සකසඤ්ඤිස්සා”ති. (62)
Sinhala BJT33. එසමයෙහි බොහෝ භික්‍ෂූහු සිවුරු ගෙත්තම් කරත්. සඟනට කැවිලි බෙදනු ලබන කල්හි එක්තරා මහණකුගේ පාත්‍රයෙන් අන් මහණකුගේ කොටස ගෙණවුත් තබන ලද්දේ වෙයි. පාත්‍රය හිමි මහණ තෙමේ තමාගේ ය යි සිතමින් වැළැඳී ය. ඒ මහණ එය දැන ඒ මහණහට ‘තෝ නො මහණෙහි’ යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළේ ය. ... “මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම ස්වකීය ය යන හැඟීම් ඇත්තෙම් වීමි.” “මහණ, ස්වකීය ය යන හැඟීම් ඇත්තහුට ඇවැත් නො වේ.” (62)
Pali BJT34. තෙන ඛො පන සමයෙන අම්බචොරකා අම්බං පාතෙත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො පටිග්ගහාපෙත්වා පරිභුඤ්ඤිංසු. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- කිඤ්චිත්තා තුම්හෙ, භික්ඛවෙ?”ති “පංසුකූලසඤ්ඤිනො මයං භගවා”ති. “අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා”ති. (63)
Sinhala BJT34. එසමයෙහි අඹ සොරු අඹ නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඒ සොරුන් ලුහු බැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පැන ගියාහු ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇත්තාහු පිළිගන්වා ගෙන වැළඳූහ. “තෙපි නො මහණහ” යි හිමියෝ ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළහ. මහණෙනි, තෙපි කෙබඳු සිත් ඇත්තෝ වූහු ද? “භාග්‍යවතුන් වහන්ස, අපි පාංශුකූල සංඥා ඇත්තම්හ” යි. “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නොවේ.” (63)
Pali BJT35. තෙන ඛො පන සමයෙන ජම්බුචොරකා -පෙ- ලබුජචොරකා -පෙ- පනසචොරකා -පෙ- තාලපක්කචොරකා -පෙ- උච්ඡුචොරකා -පෙ- තිම්බරූසකචොරකා තිම්බරූසකෙ ඔචිනිත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො පටිග්ගහාපෙත්වා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා”ති. (64-69)
Sinhala BJT35. එසමයෙහි දඹ සොරු ... දෙල් සොරු ... කොස් සොරු ... තල්පල සොරු ... උක් සොරු ... තිඹිරි සොරු තිඹිරි පල නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඒ සොරුන් ලුහුබැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පළා ගියාහු ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇති ව පිළිගන්වා ගෙන වැළඳූහ. “තෙපි නො මහණහ” යි හිමියෝ ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නොවේ.” (64-69)
Pali BJT36. තෙන ඛො පන සමයෙන අම්බචොරකා අම්බං පාතෙත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛූ “පුරෙ සාමිකා පස්සන්තී’ති ථෙය්යචිත්තා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (70)
Sinhala BJT36. එසමයෙහි අඹ සොරු අඹ නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඔවුන් ලුහුබැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පළා ගියාහු ය. භික්‍ෂූහු සොර සිත් ඇත්තාහු ‘නො බෝ වේලාවකින් හිමියෝ දක්නාහ’ යි වැළඳූහ. හිමියෝ “තෙපි නො මහණහ” යි ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.” (70)
Pali BJT37. තෙන ඛො පන සමයෙන ජම්බුචොරකා -පෙ- ලබුජචොරකා -පෙ- පනසචොරකා -පෙ- තාලපක්කචොරකා -පෙ- උච්ඡුචොරකා -පෙ- තිම්බරූසකචොරකා තිම්බරූසකෙ ඔචිනිත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛූ “පුරෙ සාමිකා පස්සන්තී”ති, ථෙය්යචිත්තා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (71-76)
Sinhala BJT37. එසමයෙහි දඹ සොරු ... දෙල් සොරු ... කොස් සොරු ... තල්පල සොරු ... උක් සොරු ... තිඹිරි සොරු තිඹිරි පල නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඔවුන් ලුහුබැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පැන ගියාහු ය. භික්‍ෂූහු සොර සිත් ඇත්තෝ ‘නො බෝ කලකින් හිමියෝ දක්නාහ’ යි වැළඳූහ. “තෙපි නො මහණහ” යි හිමියෝ ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.” (71-76)
Pali BJT38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස අම්බං ථෙය්යචිත්තො අවහරි -පෙ- සඞ්ඝස්ස ජම්බුං -පෙ- සඞ්ඝස්ස ලබුජං -පෙ- සඞ්ඝස්ස පනසං -පෙ- සඞ්ඝස්ස තාලපක්කං -පෙ- සඞ්ඝස්ස උච්ඡුං -පෙ- සඞ්ඝස්ස තිම්බරූසකං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (77-83)
Sinhala BJT38. එසමයෙහි එක්තරා මහණෙක් සොර සිත් ඇත්තේ සඟසතු අඹ සොරකම් කෙළේ ය. ... සඟසතු දඹ ... සඟසතු දෙල් ... සඟසතු කොස් ... සඟසතු තල්පල ... සඟසතු උක් ... සඟසතු තිඹිරි සොර සිත් ඇත්තේ පැහැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ...“මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (77-83)
Pali BJT39. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පුප්ඵාරාමං ගන්ත්වා ඔචිතං පුප්ඵං පඤ්චමාසග්ඝනකං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (84)
Sinhala BJT39. එසමයෙහි එක්තරා මහණෙක් මල් උයනකට පැමිණ මසු පසක් අගනා නෙළා තුබූ මල් සොර සිතින් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (84)
Pali BJT40. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පුප්ඵාරාමං ගන්ත්වා පුප්ඵානි{1} ඔචිනිත්වා පඤ්චමාසග්ඝනකං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (85)
Sinhala BJT40. එසමයෙහි එක්තරා මහණෙක් මල් උයනට පැමිණ සොර සිත් ඇතියේ මසු පසක් අගනා මල් නෙළා ගෙන ගියේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (85)
Pali BJT41. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගාමකං ගච්ඡන්තො අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “ආවුසො තුය්හං උපට්ඨාකකුලං වුත්තො වජ්ජෙමී”ති. සො ගන්ත්වා එකං සාටකං ආහරාපෙත්වා අත්තනා පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි:– ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. න ච භික්ඛවෙ වුත්තො වජ්ජෙමී’ති වත්තබ්බො. යො වදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (86)
Sinhala BJT41. එසමයෙහි එක්තරා මහණෙක් ගමකට යන්නේ එක්තරා මහණකුට, “ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට (ගොස් ඉල්ලා ගැනීමට) ‘තොප විසින් කියනු ලැබූයෙමි’ යි තොප වචනයෙන් කියමි” යි කීය. හේ තෙමේ ගොස් එක් සළුවක් ගෙන්වා ගෙන තෙමේ පරිභෝග කළේ ය. හේ දැන ගෙන ඒ මහණට “තෝ අශ්‍රමණ වෙහි” ය යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. -පෙ- මහණ පරිජිඇවැත් නො වේ. “මහණෙනි, (පණිවුඩයක්) කියනු ලැබුවෙමි යි (ඔවුන්ට) කියමි’ යි නො කිය යුතු ය. යමෙක් කියා නම් දුකුළාඇවැත් වේ.” (86)
Pali BJT42. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගාමකං ගච්ඡති. අඤ්ඤතරො භික්ඛු තං භික්ඛුං එතදවොච: “ආවුසො මය්හං උපට්ඨාකකුලං වුත්තො වජ්ජෙහී”ති. සො ගන්ත්වා යුගසාටකං ආහරාපෙත්වා එකං අත්තනා පරිභුඤ්ජි, එකං තස්ස භික්ඛුනො අදාසි. සො ජානිත්වා තං චොදෙසි: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති, භික්ඛු පාරාජිකස්ස. “න ච භික්ඛවෙ ‘වුත්තො වජ්ජෙහී’ති වත්තබ්බො. යො වදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (87)
Sinhala BJT42. එසමයෙහි එක්තරා මහණෙක් ගමකට යයි. අන් මහණෙක් ඒ මහණ හට “ඇවැත්නි, මගේ උපස්ථායක කුලයට මා විසින් කියන ලද්දෙහි යයි මගේ වචනයෙන් කියව” යි කී ය. හේ තෙමේ ගොස් සළු යුවලක් ගෙන්වා ගෙන එකක් තමා පරිභෝග කළේ ය. එකක් ඒ මහණ හට දින. හේ තෙමේ එය දැන ගෙන ඔහුට ‘තෝ අශ්‍රමණ වෙහි’ යි චෝදනා කළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ”. “මහණෙනි, ‘මා විසින් කියන ලද්දෙහි මගේ වචනයෙන් කියව’ යි නො කිය යුතු ය. යමෙක් කියා නම් දුකුළාඇවැත් වේ.” (87)
Pali BJT43. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගාමකං ගච්ඡන්තො අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “ආවුසො තුය්හං උපට්ඨාකකුලං වුත්තො වජ්ජෙමී”ති. සොපි එවමාහ: “වුත්තො වජ්ජෙහී”ති. සො ගන්ත්වා ආළ්හකං සප්පිං, තුලං ගුළං, දොණං තණ්ඩුලං, ආහරාපෙත්වා අත්තනා පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. “න ච භික්ඛවෙ ‘වුත්තො වජ්ජෙමී’ති වත්තබ්බො. න ච වුත්තො වජ්ජෙහී’ති වත්තබ්බො. යො වදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (88)
Sinhala BJT43. එසමයෙහි එක්තරා මහණෙක් ගමකට යන්නේ එක්තරා මහණකුට “ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට ‘තා විසින් කියන ලදු යෙමි’යි තාගේ වචනයෙන් කියමි” යි කී ය. හේ තෙමේ ද “මා විසින් කියන ලද්දෙහි යයි මාගේ වචනයෙන් කියව” යි කීය. හෙතෙමේ ගොස් නැලියක් ගිතෙල් ද තුලාවක් උක් සකුරු ද තිඹක් සහල් ද ගෙන්වා ගෙන තෙමේ පරිභෝග කළේ ය. හේ තෙමේ එය දැන ගෙන ඔහුට ‘තෝ නො මහණෙක් වෙහි’ යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. මහණ, ‘තා විසින් කියන ලද්දෙමි, තාගේ වචනයෙන් කියමි’ යි නො කිය යුතු ය. ‘මා විසින් කියන ලද්දෙහි මාගේ වචනයෙන් කියව’ යි නො කිය යුතු යි. යමෙක් කියා නම් දුකුළාඇවැත් වේ” යැයි වදාළ සේක. (88)
Pali BJT44. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො මහග්ඝං මණිං ආදාය අඤ්ඤතරෙන භික්ඛුනා සද්ධිං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අථ ඛො සො පුරිසො සුඞ්කට්ඨානං පස්සිත්වා තස්ස භික්ඛුනො අජානන්තස්ස ථවිකාය මණිං පක්ඛිපිත්වා සුඞ්කට්ඨානං අතික්කමිත්වා අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”ති. “නාහං භගවා ජානාමී”ති. අනාපත්ති භික්ඛු අජානන්තස්සාති. (89)
Sinhala BJT44. එසමයෙහි එක්තරා පුරුෂයෙක් මා හැඟි මැණිකක් රැගෙන එක්තරා මහණකු හා අදන් මඟට පිළිපන්නේ වෙයි. එකල්හි ඒ පුරුෂයා ශුලකස්ථානයක් (සුංකම් අය කරන තැනක්) දැක නො දන්නා වූ ඒ මහණහුගේ පසුම්බියෙහි මැණික බහා සුංකම් අයකරණ තැන ඉක්මවා නැවත හැර ගත්තේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ කෙබඳු සිතැති වෙහි දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම එය නො දනිමි” යි හේ කීය. “මහණ, නො දන්නහුට ඇවැත් නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (89)
Pali BJT45. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො මහග්ඝං මණිං ආදාය අඤ්ඤතරෙන භික්ඛුනා සද්ධිං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අථ ඛො සො පුරිසො සුඞ්කට්ඨානං පස්සිත්වා ගිලානාලයං කරිත්වා අත්තනො භණ්ඩිකං තස්ස භික්ඛුනො අදාසි. අථ ඛො සො පුරිසො සුඞ්කට්ඨානං අතික්කමිත්වා තං භික්ඛුං එතදවොච: ‘ආහර මෙ භන්තෙ භණ්ඩිකං. නාහං අකල්ලකො”ති. “කිස්ස පන ත්වං ආවුසො එවරූපං අකාසීති. අථ ඛො සො පුරිසො තස්ස භික්ඛුනො එතමත්ථං ආරොචෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අජානන්තස්සා”ති. (90)
Sinhala BJT45. එසමයෙහි එක්තරා පුරුෂයෙක් මාහැඟි මැණිකක් රැගෙන එක්තරා මහණකු සමඟ අදන් මඟට පිළිපන්නේ වෙයි. එකල්හි ඒ පුරුෂයා ශුල්කස්ථානයක් දැක ගිලන් අයුරු දක්වා ස්වකීය බඩු පොදිය ඒ මහණහට දින. ඉන් පසු ඒ පුරුෂයා ශුල්කස්ථානය ඉක්මවා ඒ මහණහට “වහන්ස, මගේ බඩු පොදිය දෙනු මැනව. මම ගිලනෙක් නො වෙමි” යි මෙය කී ය. “ඇවත, තෝ කුමක් හෙයින් මෙබන්දක් කෙළෙහි ද?යි” ඒ මහණ පිළිවිසී ය. එකල ඒ පුරුෂයා ඒ මහණහට තෙල කරුණ දැන්වී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, නො දන්නහුට ඇවැත් නො වේ.” යැ යි වදාළ සේක. (90)
Pali BJT46. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සත්ථෙන සද්ධිං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අඤ්ඤතරො පුරිසො තං භික්ඛුං ආමිසෙන උපලාපෙත්වා සුඞ්කට්ඨානං පස්සිත්වා මහග්ඝං මණිං තස්ස භික්ඛුනො අදාසි: ඉමං භන්තෙ මණිං සුඞ්කට්ඨානං අතික්කාමෙහීති. අථ ඛො සො භික්ඛු තං මණිං සුඞ්කට්ඨානං අතික්කාමෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (91)
Sinhala BJT46. එසමයෙහි එක්තරා මහණෙක් ගැල් තවලමක් සමඟ අදන් මඟට පිළිපන්නේ වෙයි. එක් පුරුෂයෙක් ඒ මහණහු ආමිෂයෙන් පොළොඹවා ශුල්කස්ථානය දැක “වහන්ස, මේ මැණික ශුල්කස්ථානය ඉක්මවා ගෙණ යනු මැනවැ” යි මාහැඟි මැණිකක් ඒ මහණහට දිනි. වැලි ඒ මහණ තෙමේ ඒ මැණික ශුල්කස්ථානය ඉක්මවා ගෙන ගියේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (91)
Pali BJT47. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං{1} සූකරං කාරුඤ්ඤෙන මුඤ්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”ති “කාරුඤ්ඤාධිප්පායො අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු කාරුඤ්ඤාධිප්පායස්සා”ති. (92)
Sinhala BJT47. එසමයෙහි එක්තරා මහණෙක් මලපුඬුවෙක බැඳුනු ඌරකු කුළුණු සිත් ඇතියේ මුදා ලී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ කෙබඳු සිතැති විහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම කුළුණු සිත් ඇත්තෙම් වීමි” යි හේ කීය. “කුළුණු සිත් ඇත්තහුට ඇවැත් නො වේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (92)
Pali BJT48. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං සූකරං “පුරෙ සාමිකා පස්සන්තී”ති ථෙය්යචිත්තො මුඤ්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (93)
Sinhala BJT48. එසමයෙහි එක්තරා මහණෙක් මලපත බැඳි ඌරකු හිමියෝ දක්නාහ’යි පෙර ම සොර සිත් ඇතියේ මුදා ලී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (93)
Pali BJT49. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං මිගං කාරුඤ්ඤෙන මුඤ්චි -පෙ- පාසෙ බද්ධං මිගං “පුරෙ සාමිකා පස්සන්තී”ති, ථෙය්යචිත්තො මුඤ්චි -පෙ- කුමිනෙ බද්ධෙ මච්ඡෙ කාරුඤ්ඤෙන මුඤ්චි. -පෙ- කුමිනෙ බද්ධෙ මච්ඡෙ ‘පුරෙ සාමිකා පස්සන්තී”ති ථෙය්යචිත්තො මුඤ්චි, තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (94-97)
Sinhala BJT49. එසමයෙහි එක්තරා මහණෙක් මලපුඬුවෙක බැඳි මුවකු කුළුණු සිත් ඇතියේ මුදා ලී ය. ... මලපත බැඳි මුවකු ‘නො බෝ කලකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇති ව මුදා ලීය. ... කෙමිනෙහි හසු වූ මසුන් කුළුණු සිත් ඇතියේ මුදාලී ය. ... කෙමිනෙහි හසු වූ මසුන් ‘නො බෝ කලෙකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇතිව මුදා ලීය. ඒ මහණ හට කුකුස් විය. “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (94-97)
Pali BJT50. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු යානෙ භණ්ඩං පස්සිත්වා “ඉතො ගණ්හන්තො පාරාජිකො භවිස්සාමී”ති අතික්කමිත්වා පවට්ටෙත්වා අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (98)
Sinhala BJT50. එසමයෙහි එක්තරා මහණෙක් යානයක භාණ්ඩය දැක ‘මෙයින් ගන්නෙම් නම් පරිජි අවදින්නෙමි’ යි ඉවත් කොට පෙරළා ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (98)
Pali BJT51. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කුලලෙන උක්ඛිත්තං මංසපෙසිං “සාමිකානං දස්සාමී”ති අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අථෙය්යචිත්තස්සා”ති. (99)
Sinhala BJT51. එසමයෙහි එක්තරා මහණෙක් උකුස්සකු විසින් නඟා ගත් මස් වැදැල්ලක් ‘හිමියනට දෙන්නෙමැ’ යි ගත්තේ ය. හිමියෝ “තෝ අශ්‍රමණ වෙහි” යි ඒ මහණහට චෝදනා කළාහු ය.” ඔහුට කුකුස් විය. ... “මහණ, සොර සිත් නැත්තහුට ඇවැත් නො වේ” යැයි වදාළ සේක. (99)
Pali BJT52. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කුලලෙන උක්ඛිත්තං මංසපෙසිං “පුරෙ සාමිකා පස්සන්තී”ති ථෙය්යචිත්තො අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (100)
Sinhala BJT52. එසමයෙහි එක්තරා මහණෙක් උකුස්සකු විසින් නඟාගත් මස් වැදැල්ලක් ‘නො බෝ කලෙකින් හිමියෝ දක්නාහ’යි සොරසිත් ඇති ව ගත්තේ ය. “තෝ අශ්‍රමණ වෙහි”යි හිමියෝ ඒ මහණහට චෝදනා කළාහු ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (100)
Pali BJT53. තෙන ඛො පන සමයෙන මනුස්සා උළුම්පං බන්ධිත්වා අචිරවතියා නදියා ඔසාදෙන්ති.{1} බන්ධනෙ ඡින්නෙ කට්ඨානි විප්පකිණ්ණානි අගමංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො උත්තාරෙසුං. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා’ති. (101)
Sinhala BJT53. එසමයෙහි මිනිස්සු පසුරක් බැඳ අචිරවතී නදියෙහි ඕවාපියති. බැමි සිඳී ගිය කල්හි ලී දඬු විසිර ගියේ ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ ගොඩ ගත්හ. හිමියෝ ඒ භික්‍ෂූන්ට “තෙපි අශ්‍රමණයව්හ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (101)
Pali BJT54. තෙන ඛො පන සමයෙන මනුස්සා උළුම්පං බන්ධිත්වා අචිරවතියා නදියා ඔසාරෙන්ති. බන්ධනෙ ඡින්නෙ කට්ඨානි විප්පකිණ්ණානි අගමංසු. භික්ඛූ “පුරෙ සාමිකා පස්සන්තී”ති ථෙය්යචිත්තා උත්තාරෙසුං. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ’{2}ති.” තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (102)
Sinhala BJT54. එසමයෙහි මිනිස්සු පසුරක් බැඳ අචිරවතී නදියෙහි ඕවාපියති. බැඳුම් සිඳී ගිය කල්හි ලී දඬු විසිර ගියේ ය. භික්‍ෂූහු ‘නො බෝ කලකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇත්තාහු ගොඩ දැමූහ. හිමියෝ “තෙපි නො මහණහ” යි ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි වදාළ සේක. (102)
Pali BJT55. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ගොපාලකො රුක්ඛෙ සාටකං ආලග්ගෙත්වා උච්චාරං අගමාසි. අඤ්ඤතරො භික්ඛු පංසුකූලසඤ්ඤී අග්ගහෙසි . අථ ඛො සො ගොපාලකො තං භික්ඛුං චොදෙසි: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පංසුකූලසඤ්ඤිස්සා”ති. (103)
Sinhala BJT55. එසමයෙහි එක්තරා ගොපල්ලෙක් ගසක සළුවක් එල්වා මල පහ කිරීම පිණිස ගියේ ය. එක්තරා මහණෙක් පාංශුකූල සංඥා ඇත්තේ එය ගත්තේ ය. ඉන් පසු ඒ ගොපලු තෙමේ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (103)
Pali BJT56. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො නදිං තරන්තස්ස රජකානං හත්ථතො මුත්තං{3} සාටකං පාදෙ ලග්ගං හොති. සො භික්ඛු සාමිකානං දස්සාමීති අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අථෙය්යචිත්තස්සා”ති. (104)
Sinhala BJT56. එසමයෙහි නදියක් තරණය කරණ මහණකුගේ පාදයෙහි රජකයන්ගේ අතින් මිදුනු සළුවක් ලැගුනේ වෙයි. ඒ මහණ තෙමේ ‘හිමියන්ට දෙමැ’ යි එය ගත්තේ ය. හිමියෝ “තෝ අශ්‍රමණයෙහි” යි ඒ මහණහට චෝදනා කළාහු ය. ඔහුට කුකුස් විය. ... “මහණ, සොර සිත් නැත්තහුට ඇවැත් නො වේ” යැයි වදාළ සේක. (104)
Pali BJT57. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො නදිං තරන්තස්ස රජකානං හත්ථතො මුත්තං සාටකං පාදෙ ලග්ගං හොති. සො භික්ඛු “පුරෙ සාමිකා පස්සන්තී”ති, ථෙය්යචිත්තො අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (105)
Sinhala BJT57. එසමයෙහි නදියක් තරණය කරණ මහණකුගේ පාදයෙහි රජකයන්ගේ අතින් මිදුනු සළුවෙක් ලැගුනේ වෙයි. ඒ මහණ ‘නො බෝ කලෙකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇතියේ එය ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළාහු ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි” යැයි වදාළ සේක. (105)
Pali BJT58. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සප්පිකුම්භිං පස්සිත්වා ථොකං ථොකං{4} පරිභුඤ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (106)
Sinhala BJT58. එසමයෙහි එක්තරා මහණෙක් ගිතෙල් කළයක් දැක ටික ටික වැළඳී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැයි වදාළ සේක.
Pali BJT59. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සංවිදහිත්වා අගමංසු: “භණ්ඩං අවහරිස්සාමා”ති. එකො භණ්ඩං අවහරි. තෙ එවමාහංසු: “න මයං පාරාජිකා. යො අවහටො සො පාරාජිකො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (107)
Sinhala BJT59. එසමයෙහි බොහෝ භික්‍ෂූහු ‘බඩු සොරකම් කරන්නෙමු’ යි සංවිධාන කොට ගෙන ගියාහු ය. එක් නමක් බඩුව සොරකම් කෙළේ ය. සෙස්සෝ “අපි පරිජිඇවැත් නො අවදුම්හ. යමෙක් එය සොරා ගත්තේ ද හෙතෙමේ පරිජිඇවැත් අවන්නේ වේ” යැයි මෙසේ කීහු. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළාහු ය. “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහුයැ” යි වදාළ සේක. (107)
Pali BJT60. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සංවිදහිත්වා භණ්ඩං අවහරිත්වා භාජෙසුං . තෙහි භාජියමානෙ එකමෙකස්ස පටිවිංසො{5} න පඤ්චමාසකො පූරි. තෙ එවමාහංසු. “න මයං පාරාජිකා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (108)
Sinhala BJT60. එසමයෙහි බොහෝ භික්‍ෂූහු සංවිධානය කොට බඩු සොරා ගෙන බෙදුවාහු ය. ඔවුන් විසින් බඩු බෙදනු ලබන කල්හි එක් එක් මහණක්හුගේ කොටස (අගයෙන්) මසු පසක් නො පිරුණි. ඔහු “අපි පැරදුනමෝ නො වන්නමු” යි කීහු. භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (108)
Pali BJT61. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං දුබ්භික්ඛෙ ආපණිකස්ස තණ්ඩුලමුට්ඨිං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (109)
Sinhala BJT61. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර දුර්භික්‍ෂයෙක දී වෙළෙන්දකුගේ සහල් මිටක් සොර සිතැතියේ ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (109)
Pali BJT62. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං දුබ්භික්ඛෙ ආපණිකස්ස මුග්ගමුට්ඨිං -පෙ- මාසමුට්ඨිං -පෙ- තිලමුට්ඨිං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (110-112)
Sinhala BJT62. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර දුර්භික්‍ෂයෙක දී වෙළෙන්දකුට මුං මිටක් ... මෑ මිටක් ... තල මිටක් ... සොර සිතැතියේ ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක.(110-112)
Pali BJT63. තෙන ඛො පන සමයෙන සාවත්ථියා{1} අන්ධවනෙ චොරකා ගාවිං හන්ත්වා මංසං ඛාදිත්වා සෙසකං පටිසාමෙත්වා අගමංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො පටිග්ගහාපෙත්වා{2} පරිභුඤ්ජිංසු. චොරකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා”ති. (113)
Sinhala BJT63. එසමයෙහි සැවැත් නුවර අන්‍ධ වනයෙහි සොරු ගවදෙනක මරා මස් කා සෙස්ස සඟවා තබා ගියාහු ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ පිළිගන්වා ගෙන එය වැළදූහ. සොරු ඒ භික්‍ෂූන්ට “තෙපි අශ්‍රමණයව්හ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (113)
Pali BJT64. තෙන ඛො පන සමයෙන සාවත්ථියා{1} අන්ධවනෙ චොරකා සූකරං හන්ත්වා මංසං ඛාදිත්වා සෙසකං පටිසාමෙත්වා අගමංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො පටිග්ගහාපෙත්වා පරිභුඤ්ජිංසු. චොරකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා”ති. (114)
Sinhala BJT64. එසමයෙහි සැවැත් නුවර අන්‍ධ වනයෙහි සොරු ඌරකු මරා මස් කා සෙස්ස සඟවා තබා ගියාහු ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ පිළිගන්වා ගෙන එය වැළදූහ. සොරු මහණුන්ට “තෙපි නො මහණහ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (114)
Pali BJT65. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු තිණක්ඛෙත්තං ගන්ත්වා ලූනං{3} තිණං පඤ්චමාසග්ඝනකං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (115)
Sinhala BJT65. එසමයෙහි එක්තරා මහණෙක් තණ කෙතකට ගොස් සිඳ ලන ලද පස් මස්සක් අගනා තණ සොර සිතැතියේ හැර ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (115)
Pali BJT66. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු තිණක්ඛෙත්තං ගන්ත්වා තිණං ලායිත්වා{4} පඤ්චමාසග්ඝනකං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (116)
Sinhala BJT66. එසමයෙහි එක්තරා මහණෙක් තණ කෙතකට ගොස් සොර සිත් ඇත්තේ පස් මස්සක් අගනා තණ කපා පැහැර ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (116)
Pali BJT67. තෙන ඛො පන සමයෙන ආගන්තුකා භික්ඛූ සඞ්ඝස්ස අම්බං භාජාපෙත්වා පරිභුඤ්ජිංසු. ආවාසිකා භික්ඛූ තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “කිඤ්චිත්තා තුම්හෙ භික්ඛවෙ?”ති “පරිභොගත්ථා{5} මයං භගවා”ති. “අනාපත්ති භික්ඛවෙ පරිභොගත්ථායා”ති. (117)
Sinhala BJT67. එසමයෙහි ආගන්තුක භික්‍ෂූහු සඟ සතු අඹ බෙදවා ගෙන වැළදූහ. ආවාසික භික්‍ෂූහු ඔවුනට “තෙපි නො මහණහ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැළ කළාහු ය. “මහණෙනි, තෙපි කෙබඳු සිත් ඇති වූහු ද?” යි අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, අපි පරිභෝග කැමැත්තමෝ වූමු’ යි ඔහු කීහ. ... “මහණෙනි, පරිභෝග කිරීම පිණිස ඇවැත් නො වේ.” යැයි වදාළ සේක. (117)
Pali BJT68. තෙන ඛො පන සමයෙන ආගන්තුකා භික්ඛූ සඞ්ඝස්ස ජම්බුං -පෙ- සඞ්ඝස්ස ලබුජං -පෙ- සඞ්ඝස්ස පනසං -පෙ- සඞ්ඝස්ස තාලපක්කං -පෙ- සඞ්ඝස්ස උච්ඡුං -පෙ- සඞ්ඝස්ස තිම්බරූසකං භාජාපෙත්වා පරිභුඤ්ජිංසු. ආවාසිකා භික්ඛූ තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛවෙ පරිභොගත්ථායා”ති. (118-123)
Sinhala BJT68. එසමයෙහි ආගන්තුක භික්‍ෂූහු සඟ සතු දඹ ... සඟ සතු දෙල් ... සඟ සතු පනා (කොස්) ... සඟ සතු තල් පල ... සඟ සතු උක් ... සඟ සතු තිඹිරි බෙදවා වැළදූහ. ආවාසික භික්‍ෂූහු ඔවුනට “තෙපි නො මහණහ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පරිභෝග පිණිස ඇවැත් නො වේ.” යැයි වදාළ සේක. (118-123)
Pali BJT69. තෙන ඛො පන සමයෙන අම්බපාලකා භික්ඛූනං අම්බඵලං දෙන්ති. භික්ඛූ – ‘ගොපෙතුං ඉමෙ ඉස්සරා, නයිමෙ දාතු’න්ති, කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනාපත්ති භික්ඛවෙ ගොපකස්ස දානෙ”ති. (124)
Sinhala BJT69. එසමයෙහි අඹ පල්ලෝ භික්‍ෂූන්ට අඹ පල දෙත්. භික්‍ෂූහු “මොහු අඹ රැක ගැන්මෙහි ඉසුරෝ වෙත්. මොහු අනුන්ට දෙන්නට ඉසුරෝ නො වෙත් යැ” යි කුකුස් කරන්නාහු නො පිළිගනිති. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැල කළාහු ය. “මහණෙනි, ආරක්‍ෂකයා දුන් දැය පිළිගැන්මෙහි ඇවැත් නො වේ යැ” යි වදාළ සේක. (124)
Pali BJT70. තෙන ඛො පන සමයෙන ජම්බුපාලකා -පෙ- ලබුජපාලකා -පෙ- පනසපාලකා -පෙ- තාලපක්කපාලකා -පෙ- උච්ඡුපාලකා -පෙ- තිම්බරූසකපාලකා භික්ඛූනං තිම්බරූසකං දෙන්ති. භික්ඛූ “ගොපෙතුං ඉමෙ ඉස්සරා, නයිමෙ දාතු”න්ති කුක්කුච්චායන්තා න පටිග්ගණ්හන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනාපත්ති භික්ඛවෙ ගොපකස්ස දානෙ”ති. (125-130)
Sinhala BJT70. එසමයෙහි දඹපල්ලෝ ... දෙල් රක්නෝ ... කොස් රක්නෝ ... තල් පල රක්නෝ ... උක් රක්නෝ ... තිඹිරි රක්නෝ භික්‍ෂූන්ට තිඹිරි දෙත්. භික්‍ෂූහු ‘මොහු රක්නට ඉසුරෝ වෙත්. මොහු දෙන්නට ඉසුරෝ නො වෙති’ යි කුකුස් කරමින් නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැල කළාහු ය. ... “මහණෙනි, රක්නහුගේ දානය පිළිගැන්මෙහි ඇවැත් නො වේ යැ” යි වදාළ සේක. (125-130)
Pali BJT71. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස දාරුං තාවකාලිකං හරිත්වා අත්තනො විහාරස්ස කුඩ්ඩං{1} උපත්ථම්භෙසි. භික්ඛූ තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- ‘කිඤ්චිත්තො ත්වං භික්ඛූ’ති. ‘තාවකාලිකො අහං භගවා’ති, “අනාපත්ති භික්ඛු තාවකාලිකෙ”ති. (131)
Sinhala BJT71. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු දැව තාවකාලික වසයෙන් ගෙන ගොස් තමාගේ විහාරයේ බිත්තියට රුකුල් වශයෙන් යෙදී ය. භික්‍ෂූහු ඒ මහණහට චෝදනා කළාහු ය, “තෝ අශ්‍රමණ වෙහි” යයි. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් දැන්විය. “මහණ, තෝ කෙබඳු සිතැති වෙහි ද?” භාග්‍යවතුන් වහන්ස, තව්කැලි සිත් ඇත්තෙමි’. “මහණෙනි, තව්කැලියෙහි ඇවැත් නො වේ.” (131)
Pali BJT72. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස උදකං ථෙය්යචිත්තො අවහරි. -පෙ- සඞ්ඝස්ස මත්තිකං ථෙය්යචිත්තො අවහරි. -පෙ- සඞ්ඝස්ස පුඤ්ජකිතං තිණං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (132-134)
Sinhala BJT72. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු ජලය සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. ... සඟ සතු මැටි සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. ... සඟ සතු ගොඩ ගසා තිබූ තණ සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. ... ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (132-134)
Pali BJT73. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස පුඤ්ජකිතං තිණං ථෙය්යචිත්තො ඣාපෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (135)
Sinhala BJT73. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු ගොඩ ගැසූ තණකොළ සොර සිතින් දැවීය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”. (135)
Pali BJT74. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස මඤ්චං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (136)
Sinhala BJT74. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු ඇඳක් සොර සිත් ඇතියේ හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ...“මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (136)
Pali BJT75. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස පීඨං -පෙ- සඞ්ඝස්ස භිසිං -පෙ- සඞ්ඝස්ස බිම්බොහනං{2} -පෙ- සඞ්ඝස්ස කවාටං -පෙ- සඞ්ඝස්ස ආලොකසන්ධිං -පෙ- සඞ්ඝස්ස ගොපානසිං ථෙය්යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (137-142)
Sinhala BJT75. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු පුටුවක් ... සඟ සතු බිස්සක් ... සඟ සතු කොට්ටයක් ... සඟ සතු කවුළු දොරක් ... සඟ සතු කවුළුවක් ... සඟ සතු ගොනැස්සක් සොර සිත් ඇතියේ හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (137-142)
Pali BJT76. තෙන ඛො පන සමයෙන භික්ඛූ අඤ්ඤතරස්ස උපාසකස්ස විහාරපරිභොගං සෙනාසනං අඤ්ඤත්ර පරිභුඤ්ජන්ති. අථ ඛො සො උපාසකො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා අඤ්ඤත්ර පරිභොගං අඤ්ඤත්ර පරිභුඤ්ජිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “න භික්ඛවෙ අඤ්ඤත්ර පරිභොගො අඤ්ඤත්ර පරිභුඤ්ජිතබ්බො, යො පරිභුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (143)
Sinhala BJT76. එසමයෙහි භික්‍ෂූහු එක්තරා උවසුවකුගේ විහාර පරිභෝග වූ සෙනසුනක් අන් තැනක පරිභෝග කරත්. ඉන් පසු ඒ උවසු තෙමේ අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි: ‘කෙසේ නම් පින්වත්හු අන් තැනක පරිභෝග කළ යුතු දෙයක් අන් තැනක පරිභෝග කෙරෙද් දැ’ යි භාග්‍යවතුන් වහන්සේට එපවත් සැල කළාහු ය. ... “මහණෙනි, අන් තැනක පරිභෝග කළ යුතු දෙය අන් තැනක දී පරිභෝග නො කළ යුතු යි. යමෙක් පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වේ” (143)
Pali BJT77. තෙන ඛො පන සමයෙන භික්ඛූ උපොසථග්ගම්පි සන්නිසජ්ජම්පි හරිතුං කුක්කුච්චායන්තා ඡමායං නිසීදන්ති. ගත්තානි’පි චීවරානි’පි පංසුකිතානි හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ තාවකාලිකං හරිතු”න්ති. (144)
Sinhala BJT77. එසමයෙහි භික්‍ෂූහු පොහොය ගෙට ද හිඳිනා කඩ පවා හැරගෙන යන්නට කුකුස් උපදවන්නාහු බිම හිඳ ගනිත්. සිරුරු ද සිවුරු ද පස් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහු ය. ... “මහණෙනි, තව්කැලිව ගෙන යන්නට අනු දනිමි.” (144)
Pali BJT78. තෙන ඛො පන සමයෙන චම්පායං ථුල්ලනන්දාය භික්ඛුනියා අන්තෙවාසිකා{1} භික්ඛුනී ථුල්ලනන්දාය භික්ඛුනියා උපට්ඨාකකුලං ගන්ත්වා “අය්යා ඉච්ඡති තෙකටුලයාගුං පාතු”න්ති පචාපෙත්වා හරිත්වා අත්තනා පරිභුඤ්ජි. සා ජානිත්වා තං චොදෙසි: “අස්සමණී’සි ත්ව”න්ති. තස්සා කුක්කුච්චං අහොසි. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්සා”ති. (145)
Sinhala BJT78. එසමයෙහි චම්පාවෙහි ථුල්ලනන්‍දා නම් මෙහෙණගේ අතැවැසි මෙහෙණක් ථුල්ලනන්‍දා මෙහෙණගේ පසදා කුලයට ගොස් “ආර්‍ය්‍යා තොමෝ තිකුළු කැඳ{1} පානය කරන්නට කැමති” යයි පිසවා ගෙන්වා ගෙන තොමෝ පානය කළා ය. ඕ තොමෝ එය දැන ගෙන ඇයට “තී මෙහෙණක් නො වෙහි” යි චෝදනා කළා ය. ඇයට කුකුස් විය. ඉන් පසු ඒ මෙහෙණ මෙහෙණන්ට මෙය සැල කළා ය. මෙහෙණහු මහණුන්ට මෙය සැල කළාහු ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පුවත සැල කළාහු ය. “මහණෙනි, පරිජිඇවැත් නො වේ. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ.” (145)
Pali BJT79. තෙන ඛො පන සමයෙන රාජගහෙ ථුල්ලනන්දාය භික්ඛුනියා අන්තෙවාසිකා{1} භික්ඛුනී ථුල්ලනන්දාය භික්ඛුනියා උපට්ඨාකකුලං ගන්ත්වා “අය්යා ඉච්ඡති මධුගොළකං ඛාදිතු”න්ති, පචාපෙත්වා හරිත්වා අත්තනා පරිභුඤ්ජි. සා ජානිත්වා තං චොදෙසි: “අස්සමණීසි ත්ව”න්ති. තස්සා කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්සා”ති. (146)
Sinhala BJT79. එසමයෙහි රජගහ නුවර ථුල්ලනන්‍දා නම් මෙහෙණගේ අතැවැසි මෙහෙණක් ථුල්ලනන්‍දා මෙහෙණගේ පසදා කුලයට පැමිණ “ආර්‍ය්‍යා තොමෝ අතිරස කැවුම් වළඳන්නට කැමැත්තී” යයි අතිරස කැවුම් පිසවා ගෙන්වා ගෙන තොමෝ වැළදුවා ය. ඕ මේ කරුණ දැන ගෙන තෙල මෙහෙණට “තී නො මෙහෙණක් වෙහි” යි චෝදනා කළා ය. ඒ මෙහෙණට කුකුස් විය. ... “මහණෙනි, පරිජිඇවැත් නො වේ. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ.” (146)
Pali BJT80. තෙන ඛො පන සමයෙන වෙසාලියං ආයස්මතො අජ්ජුකස්ස උපට්ඨාකස්ස ගහපතිනො ද්වෙ දාරකා හොන්ති පුත්තො ච භාගිනෙය්යො ච. අථ ඛො සො ගහපති ආයස්මන්තං අජ්ජුකං එතදවොච: “ඉමං භන්තෙ ඔකාසං යො ඉමෙසං ද්වින්නං දාරකානං සද්ධො හොති පසන්නො තස්ස ආචික්ඛෙය්යාසීති.{2} තෙන ඛො පන සමයෙන තස්ස ගහපතිනො භාගිනෙය්යො සද්ධො හොති පසන්නො. අථ ඛො ආයස්මා අජ්ජුකො තං ඔකාසං තස්ස දාරකස්ස ආචික්ඛි. සො තෙන සාපතෙය්යෙන කුටුම්බඤ්ච සණ්ඨපෙසි, දානඤ්ච පට්ඨපෙසි.{3} අථ ඛො තස්ස ගහපතිනො පුත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච: “කො නු ඛො භන්තෙ ආනන්ද පිතුනො දායජ්ජො පුත්තො වා භාගිනෙය්යො වා”ති. “පුත්තො ඛො ආවුසො පිතුනො දායජ්ජො”ති. “අයං අය්යො{4} අජ්ජුකො අම්හාකං සාපතෙය්යං අම්හාකං මෙථුනකස්ස ආචික්ඛී”ති. “අස්සමණො ආවුසො ආයස්මා අජ්ජුකො”ති. අථ ඛො අජ්ජුකො{5} ආයස්මන්තං ආනන්දං එතදවොච: “දෙහි මෙ ආවුසො ආනන්ද විනිච්ඡය”න්ති. තෙන ඛො පන සමයෙන ආයස්මා උපාලි ආයස්මතො අජ්ජුකස්ස පක්ඛො හොති. අථ ඛො ආයස්මා උපාලි ආයස්මන්තං ආනන්දං එතදවොච: “යො නු ඛො ආවුසො ආනන්ද සාමිකෙන ‘ඉමං ඔකාසං ඉත්ථන්නාමස්ස ආචික්ඛා’ති{6} වුත්තො තස්ස ආචික්ඛති” කිං සො ආපජ්ජතී’ති. “න භන්තෙ කිඤ්චි ආපජ්ජති, අන්තමසො දුක්කටමත්තම්පී”ති. “අයං ආවුසො ආයස්මා අජ්ජුකො සාමිකෙන ‘ඉමං ඔකාසං ඉත්ථන්නාමස්ස ආචික්ඛා’ති වුත්තො තස්ස ආචික්ඛති.{7} අනාපත්ති ආවුසො ආයස්මතො අජ්ජුකස්සා’ති. (147)
Sinhala BJT80. එසමයෙහි විසල් පුරයෙහි ආයුෂ්මත් අජ්ජුක මහණහුගේ උපස්ථායක ගෘහපතිහුගේ පුත්‍රයා ද බෑනා දැ යි දරුවෝ දෙදෙනෙක් වෙති. ඉක්බිති ඒ ගැහැවි තෙමේ ආයුෂ්මත් අජ්ජුක තෙරුන්ට මෙය කීය: “වහන්ස, මේ දරුවන් දෙදෙනා අතුරෙන් යමෙක් සැදැහැති වේ ද, සස්නෙහි පැහැදුනෙක් වේ ද, ඔහුට මේ ස්ථානය (ධනය) කියනු මැනවැ” යි. එසමයෙහි ඒ ගැහැවියාගේ බෑනා සැදැහැ ඇත්තෙක් ද පැහැදුනෙක් ද වෙයි. ඉක්බිති ආයුෂ්මත් අජ්ජුක තෙමේ ඒ ස්ථානය ඒ දරුහට කීයේ ය. හේ තෙමේ ඒ ධනයෙන් ගෙදළු (ගිහි ජීවිතය) ඇරඹීය. දන් වැට ද තැබී ය. ඉක්බිති ඒ ගැහැවියාගේ පුත් තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය දැන්වී ය. “වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, කවරකු පිය සතු ධනයට හිමියා වේ ද, ‘පුත්‍රයා ද නැත හොත් බෑනා ද?” යි. “ඇවත, පුත් තෙමේ පිය සතු ධනයට හිමියා වෙයි” කී ය. “වහන්ස, මේ අජ්ජුක හිමි තෙමේ අප සතු ධනය අපගේ නෑ සුහුරුබඩු පැවරී ය. ඇවැත්නි, ආයුෂ්මත් අජ්ජුක තෙමේ නො මහණෙකි’යි. ඉක්බිති අජ්ජුක තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කී ය: “ඇවැත් ආනන්‍ද ස්ථවිරයෙනි, මට විනිශ්චයක් දෙනු මැනවැ”යි. එසමයෙහි ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ ආයුෂ්මත් අජ්ජුකහට පක්‍ෂපාතී වෙයි. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය කීය: “ඇවැත් ආනන්‍ද ස්ථවිරය, යමෙක් වනාහි හිමියා විසින් ‘මේ ස්ථානය මෙනම් ඇත්තහුට කියව’ යි කියන ලද්දේ ඔහුට කියා නම් හෙතෙමේ කිනම් ඇවතකට පැමිණේ ද?” “වහන්ස, කිසියම් ඇවතකට නො පැමිණෙයි. යටත් පිරිසෙයින් දුකුළාවක් පමණකට ද නො පැමිණේ” යි. “ඇවැත්නි, මේ ආයුෂ්මත් අජ්ජුක තෙමේ හිමියා විසින් මේ ස්ථානය මෙනම් ඇත්තහුට කියව’ යි කියන ලද්දේ ඔහුට කී ය. ඇවැත්නි, ආයුෂ්මත් අජ්ජුක හට ඇවැත් නො වේ.” (147)
Pali BJT81. තෙන ඛො පන සමයෙන බාරාණසියං ආයස්මතො පිලින්දිවච්ඡස්ස උපට්ඨාකකුලං චොරෙහි උපද්දුතං හොති. ද්වෙ ච දාරකා නීතා හොන්ති. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො තෙ දාරකෙ ඉද්ධියා ආනෙත්වා පාසාදෙ ඨපෙසි. මනුස්සා තෙ දාරකෙ පස්සිත්වා “අය්යස්සායං පිලින්දිවච්ඡස්ස ඉද්ධානුභාවො”ති ආයස්මන්තෙ පිලින්දිවච්ඡෙ අභිප්පසීදිංසු. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා පිලින්දිවච්ඡො චොරෙහි නීතෙ දාරකෙ ආනෙස්සතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනාපත්ති භික්ඛවෙ ඉද්ධිමතො{1} ඉද්ධිවිසයෙ”ති. (146)
Sinhala BJT81. එසමයෙහි බරණැස් නුවර ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගේ උපස්ථායක කුලය සොරුන් විසින් පෙළන ලද්දේ වෙයි. දරුවන් දෙදෙන ද පැහැර ගෙන යන ලද්දාහු වෙත්. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ ඒ දරුවන් ඍද්ධියෙන් ගෙන වුත් පහයෙහි තැබී ය. මිනිස්සු ඒ දරුවන් දැක මෙය පිළින්‍දිවච්ඡ ආර්‍ය්‍යයන්ගේ ඍද්ධ්‍යානුභාව යයි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් කෙරෙහි ඉතා පැහැදුනාහු ය. භික්‍ෂූහු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුණ පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ සොරුන් විසින් ගෙන යන ලද දරුවන් ගෙන ආයේ දැ” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහු ය. ... “මහණෙනි, ඍද්ධිමත්හුගේ ඍද්ධි විෂයෙහි ඇවැත් නො වේ.” (148)
Pali BJT82. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ සහායකා හොන්ති පණ්ඩුකො ච කපිලො ච. එකො ගාමකෙ විහරති එකො කොසම්බියං. අථ ඛො තස්ස භික්ඛුනො ගාමකා කොසම්බිං ගච්ඡන්තස්ස අන්තරා මග්ගෙ නදිං තරන්තස්ස සූකරිකානං හත්ථතො මුත්තා මෙදවට්ටි පාදෙ ලග්ගා හොති. සො භික්ඛු “සාමිකානං දස්සාමී”ති අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණොසි ත්ව”න්ති. තං උත්තිණ්ණං අඤ්ඤතරා ගොපාලිකා{2} පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. සො ‘පකතියාපහං අස්සමණො’ති{3} තස්සා මෙථුනං ධම්මං පතිසෙවිත්වා කොසම්බිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අනාපත්ති භික්ඛවෙ අදින්නාදානෙ පාරාජිකස්ස, ආපත්ති මෙථුනධම්මසමායොගෙ පාරාජිකස්සා”ති. (149)
Sinhala BJT82. එසමයෙහි පණ්ඩුකය කපිලය යි යහළු භික්‍ෂූහු දෙනමක් වෙත්. එක් නමක් ගමක වෙසෙයි. එක් නමක් කොසඹෑ නුවර වෙසෙයි. ඉක්බිති ගමින් කොසඹෑ නුවරට යද්දී අතර මඟ නදියක් තරණය කරන්නා වූ ඒ මහණහුගේ පාදයෙහි හූරු වැද්දන්ගේ අතින් ගිළිහුනු වුරුණු තෙල් වැටිය ලැගුනේ වෙයි. ඒ මහණ තෙමේ “හිමියන්ට දෙන්නෙමැ” යි එය හැර ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළාහු ය. එතර වූ ඒ මහණ දැක එක් ගෙවිලියක් මෙසේ කීවා ය. “වහන්ස, එනු මැනවි. මෙවුන්දම් සේවනය කරන්නැ” යි. හෙතෙමේ “මම පියොවිනිදු අශ්‍රමණයෙමි” යි ඇය හා මෙවුන්දම් සේවනය කොට කොසඹෑ නුවරට ගොස් භික්‍ෂූන්ට තෙල පවත් සැල කළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැල කළාහු ය. ... “මහණෙනි, අයිනාදනින් පරිජිඇවැත් නො වේ. මෙවුන්දම් සෙවීමෙන් පරිජිඇවැත් වේ”. (149)
Pali BJT83. තෙන ඛො පන සමයෙන සාගලායං ආයස්මතො දළ්හිකස්ස සද්ධිවිහාරිකො භික්ඛු අනභිරතියා පීළිතො ආපණිකස්ස වෙඨනං අවහරිත්වා ආයස්මන්තං දළ්හිකං එතදවොච: “අස්සමණො අහං භන්තෙ විබ්භමිස්සාමී”ති. “කිං තයා ආවුසො කත”න්ති? සො තමත්ථං ආරොචෙසි. ආහරාපෙත්වා අග්ඝාපෙසි. තං අග්ඝාපෙන්තෙ න පඤ්චමාසකො අග්ඝි{4} “අනාපත්ති ආවුසො පාරාජිකස්සා”ති ධම්මකථං අකාසි. සො භික්ඛු අභිරමිති.{5} (150)
Sinhala BJT83. එසමයෙහි සගල්පුර ආයුෂ්මත් දළ්හිකගේ සද්ධිවිහාරික මහණෙක් අනභිරතියෙන් පෙළුනේ වෙළෙන්දකුගේ හිස් වෙළුමක් සොරා ගෙන ආයුෂ්මත් වූ දළ්හික තෙරුන්ට මෙය කීය: “වහන්ස, මම අශ්‍රමණ වෙමි. උපැවිදි වන්නෙමි” යි. “ඇවැත්නි, තා විසින් කුමක් කරන ලද ද?”. හෙතෙමේ එ කරුණ කීය. එය ගෙන්වා අගය (මිල නියම) කරවී ය. අගය කරවන කල්හි මසු පසක් නො අගනේ විය. “ඇවැත්නි, පරිජිඇවැත් නො වේ ය” යි දැහැමි කථාවක් කළේ ය. ඒ මහණ තෙමේ සස්නෙහි සිත් ඇලවිය. (150)
Pali BJTදුතියපාරාජිකං සමත්තං.
Sinhala BJTදෙවන පරිජිය නිමි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTතතියපාරාජිකං
Sinhala BJTතෘතීය පාරාජිකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසති, ආදිස්ස ආදිස්ස අසුභසමාපත්තියා වණ්ණං භාසති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කූටාගාරසාලාවෙහි වෙසෙන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් භික්‍ෂූන්ට අසුභය පිළිබඳ කථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර වදාරණ සේක. අසුභභාවනාවෙහි ගුණ කියන සේක. කරුණු දක්ව දක්වා අසුභසමාපත්තියෙහි අනුසස් වදාරණ සේක.
Pali BJT2. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ඉච්ඡාමහං භික්ඛවෙ අද්ධමාසං පටිසල්ලීයිතුං, නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා”ති. “එවං, භන්තෙ”ත ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා{1} නාස්සුධ{2} කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන.
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මම අඩමසක් හුදකලාව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙණෙන එක් මහණකු හැර කිසිවකු විසින් නොඑළඹිය යුත්තෙම් වෙමි” යි. “වහන්ස, එසේ ය” යි. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී මෙහි පිණ්ඩපාතය ගෙණෙන එක් මහණකු හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි.
Pali BJT3. භික්ඛූ “භගවා ඛො අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසති, ආදිස්ස ආදිස්ස අසුභසමාපත්තියා වණ්ණං භාසතී”ති තෙ අනෙකාකාරවොකාරං අසුභභාවනානුයොගමනුයුත්තා විහරන්ති.
Sinhala BJT3. භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අසුභකථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර කියන සේක. අසුභභාවනාවෙහි ගුණ කියන සේක. කරුණු දක්ව දක්වා අසුභසමාපත්තියෙහි අනුසස් වදාරණ සේකැ” යි ඒ භික්‍ෂූහු නොයෙක් අයුරින් මුසු වූ අසුභභාවනාවෙහි යෙදුනාහු වෙසෙත්.
Pali BJT4. තෙ සකෙන කායෙන අට්ටීයන්ති හරායන්ති ජිගුච්ඡන්ති. සෙය්යථාපි නාම ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො සීසං නහාතො අහිකුණපෙන වා කුක්කුරකුණපෙන වා මනුස්සකුණපෙන වා කණ්ඨෙ ආසත්තෙන අට්ටීයෙය්ය හරායෙය්ය ජිගුච්ඡෙය්ය. එවමෙව තෙ භික්ඛූ සකෙන කායෙන අට්ටීයන්තා හරායන්තා ජිගුච්ඡන්තා අත්තනාපි අත්තානං ජීවිතා වොරොපෙන්ති, අඤ්ඤමඤ්ඤම්පි ජීවිතා වොරොපෙන්ති. මිගලණ්ඩිකම්පි සමණකුත්තකං උපසඞ්කමිත්වා එවං වදෙන්ති:– “සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි, ඉදං තෙ පත්තචීවරං භවිස්සතී”ති.
Sinhala BJT4. යම්සේ සැරසීම පියවි කොට ඇති හිස නෑවාවූ තරුණ වූ යොවුනෙහි සිටියා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුනු සර්‍පකුණපයකින් හෝ බලුකුණකින් හෝ මිනිස් කුණකින් හෝ පෙළෙන්නේ ද, ලජ්ජිතවන්නේ ද, පිළිකුල් කරන්නේ ද, එපරිද්දෙන් ම ඒ භික්‍ෂූහු සියකයින් පෙළෙන්නාහු ලජ්ජිත වන්නාහු, පිළිකුල් කරන්නාහු තුමූ තමන් ම ජීවිතයෙන් තොරකර ගණිත්. ඔවුනොවුන් ද ජීවිතයෙන් තොරකර ගණිත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත ද එළඹ මෙසේ කියත්: “ඇවත, අප ජීවිතයෙන් තොර කරණු මැනව. මේ පා සිවුරු තට වන්නේය” යි.
Pali BJT5. අථ ඛො මිගලණ්ඩිකො සමණකුත්තකො පත්තචීවරෙහි භටො සම්බහුලෙ භික්ඛූ ජීවිතා වොරොපෙත්වා ලොහිතකං අසිං ආදාය යෙන වග්ගමුදා නදී, තෙනුපසඞ්කමි. අථ ඛො මිගලණ්ඩිකස්ස සමණකුත්තකස්ස ලොහිතකං අසිං{3} ධොවන්තස්ස අහුදෙව කුක්කුච්චං අහු විප්පටිසාරො: “අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං. බහුං වත මයා අපුඤ්ඤං පසුතං යො’හං භික්ඛූ සීලවන්තෙ කල්යාණධම්මෙ ජීවිතා වොරොපෙසි”න්ති.
Sinhala BJT5. ඉක්බිති මහණ වෙස් ගත් මිගලණ්ඩික තෙමේ පා සිවුරුවලින් පෝෂිත වූයේ බොහෝ භික්‍ෂූන් දිවියෙන් තොර කොට ලේ වැකුනු කඩුව ගෙණ වග්ගුමුදා නදිය වෙත පැමිණියේ ය. ඉක්බිති ලේ වැකුණු කඩුව දෝනා මහණවෙස් ගත් මිගලණ්ඩිකයාට කුකුස් වූයේ ම ය. විපිළිසර වූයේ ම ය. “ඒකාන්තයෙන් මට අලාභයහ. ඒකාන්තයෙන් මට ලාභයෝ නො වෙති. මා ලත් මිනිසත් බව ද නපුරු ය. මනාසේ ලද්දක් ද නො වෙයි. යම් බඳු වූ මම සිල්වත් වූ කලණදම් ඇති භික්‍ෂූන් දිවියෙන් තොර කෙළෙම් ද, ඒ මා විසින් ඒකාන්තයෙන් බොහෝ අකුසල් රැස්කරන ලද්දේය” යී.
Pali BJT6. අථ ඛො අඤ්ඤතරා මාරකායිකා දෙවතා අභිජ්ජමානෙ උදකෙ ආගන්ත්වා මිගලණ්ඩිකං සමණකුත්තකං එතදවොච: “සාධු සාධු සප්පුරිස, ලාභා තෙ සප්පුරිස, සුලද්ධං තෙ සප්පුරිස, බහුං තයා සප්පුරිස, පුඤ්ඤං පසුතං, යං ත්වං අතිණ්ණෙ තාරෙසී”ති.
Sinhala BJT6. ඉක්බිති එක්තරා මාරපාක්‍ෂික දෙවියෙක් නොබිඳෙන දියෙහි (ඍද්ධියෙන්) අවුත් මහණවෙස් ගත් මිගලණ්ඩිකයාට මෙය කීය: “සත්පුරුෂය, ඉතා මැනවි. සත්පුරුෂය, තට ලාභයහ. සත්පුරුෂය, තා විසින් ලද්දේ මනා මිනිසත් බවෙක. යම් හෙයකින් තෝ සසරින් එතර නුවූවන් එතර කෙළෙහි ද එහෙයින් තා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේය.” යි
Pali BJT7. අථ ඛො මිගලණ්ඩිකො සමණකුත්තකො: “ලාභා කිර මෙ, සුලද්ධං කිර මෙ, බහුං කිර මයා පුඤ්ඤං පසුතං, අතිණ්ණෙ කිරාහං තාරෙමී”ති තිණ්හං අසිං ආදාය විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං උපසඞ්කමිත්වං එවං වදෙති “කො අතිණ්ණො කං තාරෙමී”ති. තත්ථ යෙ තෙ භික්ඛූ අවීතරාගා තෙසං තස්මිං සමයෙ හොතියෙව භයං. හොති ඡම්භිතත්තං. හොති ලොමහංසො. යෙ පන තෙ භික්ඛූ වීතරාගා තෙසං තස්මිං සමයෙ න හොති භයං න හොති ඡම්භිතත්තං. න හොති ලොමහංසො.
Sinhala BJT7. ඉක්බිති මහණ වෙස්ගත් මිගලණ්ඩිකයා “මට ලාභය. මා විසින් ලද්දේ මනා මිනිසත් බවෙක. මා විසින් බොහෝ පින් රැස් කරන ලද්දේ ය. මම වනාහි සසරින් එතර නුවූවන් එතර කෙරෙමි”යි තියුණු අසිපතක් ගෙණ වෙහෙරින් වෙහෙරට ද, පිරිවෙණින් පිරිවෙණට ද එළඹ මෙසේ කියයි: “කවරෙක් සසරින් එතර නුවූයේ ද? කවරකු සසරින් එතර කෙරෙම්දැ”යී. එහි යම් අවීතරාග භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එකල්හි බියෙක් වේ ම ය. තැති ගැණීමෙක් වෙයි. ලොමුදහගැන්මෙක් වෙයි. යම් ඒ වීතරාග භික්‍ෂූහු වෙද්ද එකල්හි ඔවුන්ට බියෙක් නො වෙයි. තැතිගැන්මෙක් නො වෙයි. ලොමු දහගැන්මෙක් නො වෙයි.
Pali BJT8. අථ ඛො මිගලණ්ඩිකො සමණකුත්තකො එකම්පි භික්ඛුං එකාහෙන ජීවිතා වොරොපෙසි, ද්වෙ’පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, තයො’පි භික්ඛූ එකාහෙන{1} ජීවිතා වොරොපෙසි, චත්තාරො’පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, පඤ්ච’පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, දස’පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, වීසම්පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, තිංසම්පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, චත්තාලීසම්පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, පඤ්ඤාසම්පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, සට්ඨිම්පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි.
Sinhala BJT8. ඉක්බිති මහණ වෙස් ගත් මිගලණ්ඩික තෙමේ එකදවසකින් එක් මහණකුදු දිවියෙන් තොර කළේය. එකදවසකින් භික්‍ෂූන් දෙනමක් ද දිවියෙන් තොර කෙළේය. එකදවසකින් භික්‍ෂූන් තෙනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සිවුනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් පස්නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් දසනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් වීසිනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් තිස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සතළිස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් පනස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සැට නමක් ද දිවියෙන් තොර කෙළේ ය.
Pali BJT9. අථ ඛො භගවා තස්ස අද්ධමාසස්ස අච්චයෙන පටිසල්ලානා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කිං නු ඛො ආනන්ද තනුභූතො විය භික්ඛුසඞ්ඝො”ති.
Sinhala BJT9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් පල සමවතින් නැගී සිටිසේක් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, කුමක් හෙයින් භික්‍ෂූ සඞ්ඝයා තුනීවූවාක් මෙන් වී ද?”යී
Pali BJT10. “තථාහි පන භන්තෙ, භගවා භික්ඛූනං අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසති, ආදිස්ස ආදිස්ස අසුභසමාපත්තියා වණ්ණං භාසති. තෙ ච භන්තෙ භික්ඛූ භගවා ඛො අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසති, ආදිස්ස ආදිස්ස අසුභසමාපත්තියා වණ්ණං භාසතී”ති තෙ අනෙකාකාරවොකාරං අසුභභාවනානුයොගමනුයුත්තා විහරන්ති. තෙ සකෙන කායෙන අට්ටීයන්ති හරායන්ති ජිගුච්ඡන්ති. සෙය්යථාපි නාම ඉත්ථි වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො සීසං නහාතො අහිකුණපෙන වා කුක්කුරකුණපෙන වා මනුස්සකුණපෙන වා කණ්ඨෙ ආසත්තෙන අට්ටීයෙය්ය හරායෙය්ය ජිගුච්ඡෙය්ය, එවමෙව තෙ භික්ඛූ සකෙන කායෙන අට්ටීයන්තා හරායන්තා ජිගුච්ඡන්තා අත්තනාපි අත්තානං ජීවිතා වොරොපෙන්ති, අඤ්ඤමඤ්ඤම්පි ජීවිතා වොරොපෙන්ති, මිගලණ්ඩිකම්පි සමණකුත්තකං උපසඞ්කමිත්වා එවං වදෙන්ති: “සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි. ඉදං තෙ පත්තචීවරං භවිස්සතී”ති. අථ ඛො භන්තෙ මිගලණ්ඩිකො සමණකුත්තකො පත්තචීවරෙහි භටො එකම්පි භික්ඛුං එකාහෙන ජීවිතා වොරොපෙසි -පෙ- සට්ඨිම්පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි. “සාධු භන්තෙ භගවා අඤ්ඤං පරියායං ආචික්ඛතු, යථායං භික්ඛුසඞ්ඝො අඤ්ඤායං සණ්ඨහෙය්යා”ති.
Sinhala BJT10. වහන්ස, එසේ ම ය. භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් භික්‍ෂූන්ට අසුභකථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර කියන සේක. අසුභ භාවනාවෙහි ගුණ කියන සේක, කරුණු දක්ව දක්වා අසුභ සමවතෙහි අනුසස් වදාරණ සේක. වහන්ස, ඒ භික්‍ෂූහු ද “භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අසුභකථාව වදාරති. අසුභයෙහි විස්තර කියති. අසුභ භාවනාවෙහි ගුණ කියති. කරුණු දක්ව දක්වා අසුභ සමවතෙහි අනුසස් කියති” යි ඒ භික්‍ෂුහු නන් අයුරින් මුසු වූ අසුභභාවනාවෙහි යෙදුනාහු වෙසෙත්. ... යම් සේ සැරසීම පියවි කොට ඇති ශීර්‍ෂස්නානය කළ තරුණ වූ යොවුනෙහි සිටියා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුනු අහිකුණපයකින් හෝ බලුකුණකින් හෝ මිනිස් කුණකින් හෝ පීඩිත වන්නේ ද, ලජ්ජිතවන්නේ ද, ජුගුප්සිත වන්නේ ද, එමෙන් ම ඒ භික්‍ෂූහු සිය කයින් පීඩිත වෙමින් ලජ්ජිත වෙමින් ජුගුප්සිත වෙමින් තුමූ ම තමන් නසා ගනිත්. ඔවුනොවුන් ද දිවි තොර කර ගණිත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත ද පැමිණ මෙසේ කියත්: “ඇවැත්නි, අප දිවියෙන් තොර කරණු මැනැවි. මේ පාසිවුරු තට වන්නේය” යි. ඉක්බිති ශ්‍රමණවේශය ගත් මිගලණ්ඩික තෙමේ පාසිවුරු වලින් පෝෂිත වූයේ එක් දවසකින් එක් භික්‍ෂූ නමක් ද, ... එක් දවසකින් භික්‍ෂූන් සැට නමක් ද දිවියෙන් තොර කෙළේ ය. “වහන්ස, යම් සේ මේ භික්ඛුසඞ්ඝතෙමේ අර්‍හත්‍වයෙහි පිහිටන්නේ ද භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ අනික් ක්‍රමයක් දෙසන සේක්වා” යී.
Pali BJT11. “තෙනහානන්ද යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙහී”ති . “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිසුත්වා යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “සන්නිපතිතො භන්තෙ භික්ඛුසඞ්ඝො, යස්ස’දානි භන්තෙ භගවා කාලං මඤ්ඤතී”ති.
Sinhala BJT11. “ආනන්‍දය, එසේ වී නම් යම් පමණ භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙද් ද, ඒ සියල්ලන් උවැටන්හලෙහි රැස් කරවයි. “වහන්ස, එසේය” යි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යම් පමණ භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් ද, ඒ සියල්ලන් උවැටන්හලෙහි රැස්කරවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙය සැළ කෙළේ ය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යමකට කල් දන්නා සේක් ද ඒ සඳහා භික්‍ෂූසඞ්ඝතෙමේ රැස්වීය” යි.
Pali BJT12. අථ ඛො භගවා යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “අයම්පි ඛො භික්ඛවෙ ආනාපානසතිසමාධි{1} භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො{2} ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති. සෙය්යථාපි, භික්ඛවෙ ගිම්හානං පච්ඡිමෙ මාසෙ ඌහතං{3} රජොජල්ලං, තමෙනං මහා අකාලමෙඝො ඨානසො අන්තරධාපෙති වූපසමෙති, එවමෙව ඛො භික්ඛවෙ ආනාපාන සතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති.
Sinhala BJT12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උවටැන්හල වෙත එළඹ පැණවූ අසුන්හි වැඩහිඳ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මේ ආනාපානසති සමාධිය වඩනලද්දේ බහුල කරන ලද්දේ සාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුව විහරණ ඇත්තේ ද වෙයි. උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරෙයි. සන්සිඳුවයි. මහණෙනි, යම් සේ ගිම්හානයේ පැසුළු මස අහසට නැඟුණු දූවිලි නො කල් මහ වැස්සක් ක්‍ෂණයකින් ම අතුරුදන් කෙරේ ද, එසේ ම මහණෙනි ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරණ ලද්දේ ශාන්ත ද, ප්‍රණීත ද, පියවින් මිහිරි ද, සුව විහරණ ඇත්තේ ද වෙයි. උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරෙයි. සන්සිඳුවයි.
Pali BJT13. කථං භාවිතො ච භික්ඛවෙ ආනාපානසතිසමාධි කථං බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති?
Sinhala BJT13. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරණ ලද්දේ ශාන්ත වේ ද ප්‍රණීත වේ ද පියවින් මිහිරි වේ ද සැප විහරණ ඇත්තේ වේ ද, උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරේ ද, සන්සිඳුවා ද?
Pali BJT14. “ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතො පස්සසති:-
Sinhala BJT14. “මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ වනසෙනසුනට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ පලක් බැඳ සිරුර කෙළින් තබා ගෙණ සිහිය කමටහනට යොමු කොට හිඳියි. හෙතෙමේ සිහි ඇත්තේ ආශ්වාස කෙරෙයි. සිහි ඇත්තේ ප්‍රශ්වාස කෙරෙයි:–
Pali BJTදීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී{4} අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී{5} අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී{6} අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී{7} අස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී{8} අස්සසිස්සාමීති සික්ඛති, චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, අභිප්පමොදයං චිත්තං -පෙ- සමාදහං චිත්තං -පෙ- විමොචයං චිත්තං -පෙ- අනිච්චානුපස්සී -පෙ- විරාගානුපස්සී -පෙ- නිරොධානුපස්සී -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතො ඛො භික්ඛවෙ ආනාපානසතිසමාධි එවං බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙතී”ති.
Sinhala BJTප්‍රවෘත්තිකාල වශයෙන් දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරන්නේ දීර්‍ඝ කොට ආශ්වාස කරමියි දනියි. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරන්නේ දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරමියි දනියි. ලුහුඬු කොට හෝ ආශ්වාස කරන්නේ ලුහුඬු කොට ආශ්වාස කරමියි දනි යි. ලුහුඬු කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ලුහුඬු කොට ප්‍රශ්වාස කරමි’යි දනියි. සියලු ආශ්වාසකය මොනොවට දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ප්‍රශ්වාසකය මොනොවට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික කායසංස්කාරය සන්සිදුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික කායසංස්කාරය සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. {*} ප්‍රීතිය අරමුණු විසින් මොනොවට දනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ප්‍රීතිය මොනොවට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. කායික චෛතසික සුවය දනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. කායික චෛතසික සුවය දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසඞ්ඛාරයන් දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසඞ්ඛාරයන් දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික චිත්තසඞ්ඛාරයන් සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික චිත්තසඞ්ඛාරයන් සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. {*} චිත්තපටිසංවේදී වූයේ ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත පටිසංවේදී වූයේ ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. (සමථ විපස්සනා වශයෙන්) සිත පහන් කරමින් ... අරමුණෙහි සිත පිහිටුවමින් ... නීවරණාදියෙන් සිත මුදමින් ... {*} අනිස විසින් දක්නා සුලු වූයේ ... (ඛය–අච්චන්ත විසින්) විරාගානුපස්සී වූයේ ... නිරෝධානුපස්සී වූයේ ... (පරිච්චාගපක්ඛන්‍දන වශයෙන්) කෙලෙස් දුරලීම දන්නා සුලුවූයේ ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. (පරිච්චාග–පක්ඛන්‍දන වශයෙන්) කෙලෙස් දුරලීම දක්නා සුලුවූයේ ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. {*} “මහණෙනි, ආනාපාන සති සමාධිය මෙසේ වඩනා ලද්දේ, මෙසේ බහුල කරණ ලද්දේ, සාන්තවූයේ ද, ප්‍රණීතවූයේ ද, ස්වභාව මධුරවූයේ ද, සුව විහරණ ඇත්තේ වූයේ ද, උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරෙයි. සන්සිඳුව”යි.
Pali BJT15. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අත්තනාපි අත්තානං ජීවිතා වොරොපෙන්ති, අඤ්ඤමඤ්ඤම්පි ජීවිතා වොරොපෙන්ති මිගලණ්ඩිකම්පි සමණකුත්තකං උපසඞ්කමිත්වා එවං වදෙන්ති:{1} ‘සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි, ඉදං තෙ පත්තචීවරං භවිස්සතී”ති. “සච්චං භගවා”ති. “විගරහි බුද්ධො භගවා, අනනුච්ඡවියං{2} භික්ඛවෙ තෙසං භික්ඛූනං අනනුලොමිකං අප්පතිරූපං{3} අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තෙ භික්ඛවෙ භික්ඛූ අත්තනාපි අත්තානං ජීවිතා වොරොපෙස්සන්ති, අඤ්ඤමඤ්ඤම්පි ජීවිතා වොරොපෙස්සන්ති, මිගලණ්ඩිකම්පි සමණකුත්තකං උපසඞ්කමිත්වා එවං වක්ඛන්ති: “සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි, ඉදං තෙ පත්තචීවරං භවිස්සතී”ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:-
Sinhala BJT15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ නිදානයෙහි ඒ ප්‍රස්තාවයෙහි බික්සඟන රැස් කරවා භික්‍ෂූන් විචාළසේක. “සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු තුමූ ද තමන් දිවියෙන් තොර කෙරෙත්, ඔවුනොවුන් ද දිවියෙන් තොර කෙරෙත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත එළඹ ‘ඇවැත, අප දිවියෙන් තොර කරණු මැනව, මේ පාසිවුරු තට වන්නේය’ යි මෙසේ කියද්ද?” “සැබව භාග්‍යවතුන් වහන්සැ” යි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ ක්‍රියාව නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක. නොගැළපෙන්නෙක. නොමහණකමෙක. නොකැපයෙක. නොකටයුත්තෙක. “මහණෙනි, ඒ භික්‍ෂූහු කෙසේ නම් තුමූ තමනු දු දිවියෙන් තොරකර ගන්නාහු ද, ඔවුනොවුනුදු දිවියෙන් තොරකර ගන්නාහු ද, මහණ වෙස්ගත් මිගලණ්ඩිකයා වෙත එළඹ ‘ඇවැත්නි, අප දිවියෙන් තොර කරණු මැනව. මේ පා සිවුරු තට වන්නේය’ යි මෙසේ කියන්නාහු ද? මහණෙනි, මේ කරුණ නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නො වෙයි. ... මහණෙනි, මේ සික පදය මෙසේ උදෙසවු:–
Pali BJT“යො පන භික්ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙය්ය, සත්ථහාරකං වාස්ස පරියෙසෙය්ය, අයම්පි පාරාජිකො හොති අසංවාසො”ති.
Sinhala BJT“යම් මහණෙක් ‘මොහු මරමී’ දැන දැන මිනිස් සිරුරක් දිවියෙන් තොර කෙරේ ද, දිවි තොර කරණ අවියක් හෝ ඔහුට ගත හැකි සේ එළවා තබා ද, මේ මහණ ද පැරදුනේ සංවාසරහිතයෙක් වේ.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සිකපදය මෙසේත් පණවන ලද්දේ වෙයි.
Pali BJT[මූලපඤ්ඤත්ති.]
Sinhala BJT[මුල්පැණවීමයි.]
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො ගිලානො හොති. තස්ස පජාපති අභිරූපා හොති දස්සනීයා පාසාදිකා. ඡබ්බග්ගියා භික්ඛූ තස්සා ඉත්ථියා පටිබද්ධචිත්තා හොන්ති. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි: “සචෙ ඛො සො ආවුසො උපාසකො ජීවිස්සති න මයං තං ඉත්ථිං ලභිස්සාම. හන්ද මයං ආවුසො තස්ස උපාසකස්ස මරණවණ්ණං සංවණ්ණෙමා”ති.
Sinhala BJT1. එසමයෙහි එක්තරා උවසුවෙක් ගිලන් වෙයි. ඔහුගේ බිරිඳ මනා රූ ඇත්තී, දැකුම්කලු වූවා, දුටුවන් පහදවන්නී වෙයි. සවග මහණහු ඈ කෙරෙහි පිළිබඳ සිත් ඇත්තාහු වෙත්. එකල්හි සවග භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය. “ඇවැත්නි, ඉදින් ඒ උවසු තෙමේ ජීවත්වන්නේ නම් අපි ඒ මාගම නො ලබන්නෙමු. ඇවැත්නි, එබැවින් අපි ඒ උවසුහට මරණයෙහි ගුණ වණමු” යි.
Pali BJT2. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ යෙන සො උපාසකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තං උපාසකං එතදවොචුං: “ත්වං ඛො’සි උපාසක, කතකල්යාණො කතකුසලො කතභීරුත්තාණො අකතපාපො අකතලුද්දො අකතකිබ්බිසො. කතං තයා කල්යාණං, අකතං තයා පාපං. කිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීවිතෙන, මතං තෙ ජීවිතා සෙය්යො. ඉතො ත්වං කාලකතො{4} කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං{5} උපපජ්ජිස්සසි. තත්ථ දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙස්සසී”ති.
Sinhala BJT2. ඉක්බිති සවග මහණහු ඒ උවසු වෙත එළඹ මෙය කීහ. “උපාසකය, තෝ කළ කලණදම් ඇත්තෙහි. කළ කුසල් ඇත්තෙහි. කළ බිය රැකුම් ඇත්තෙහි. නොකළපව් ඇත්තෙහි. නොකළ රුදුකම් ඇත්තෙහි. නොකළ සැහැසිකම් ඇත්තෙහි. තා විසින් යහපතක් ම කරණ ලදී. තා විසින් පව් නො කරණ ලදී. තට මේ ලාමක වූ ජීවිතයෙන් කිම? තාගේ ජීවත් වීමට වඩා මරණය උතුමි. තෝ මෙලොවින් කලුරිය කළේ කාබුන් මරණින් මතු සුගතිය වූ දෙව්ලොවට පැමිණෙන්නෙහි. එහි දී දිව පස්කම් ගුණයෙන් පිණාගියෙහි, එයින් යුතු වූයේ අභිරමණය කරන්නෙහි ය.”
Pali BJT3. අථ ඛො සො උපාසකො “සච්චං ඛො අය්යා ආහංසු. අහං හි කතකල්යාණො කතකුසලො කතභීරුත්තාණො, අකතපාපො අකතලුද්දො අකතකිබ්බිසො. කතං මයා කල්යාණං, අකතං මයා පාපං. කිං මය්හිමිනා පාපකෙන දුජ්ජීවිතෙන, මතං මෙ ජීවිතා සෙය්යො. ඉතො අහං කාලකතො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමි. තත්ථ දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙස්සාමි”ති. සො අසප්පායානි චෙව භොජනානි භුඤ්ජි, අසප්පායානි ච ඛාදනීයානි ඛාදි, අසප්පායානි සායනීයානි සායි, අසප්පායානි පානානි පිවි. තස්ස අසප්පායානි චෙව භොජනානි භුඤ්ජතො අසප්පායානි ච ඛාදනීයානි ඛාදතො අසප්පායානි සායනීයානි සායතො අසප්පායානි පානානි පිවතො ඛරො ආබාධො උප්පජ්ජි. සො තෙනෙව ආබාධෙන කාලමකාසි.
Sinhala BJT3. ඉක්බිති ඒ උවසු තෙමේ “ආර්‍ය්‍යයෝ සැබවක් කීහු. මම වනාහි කළ යහපත ඇත්තෙක් මි. කළ කුසල් ඇත්තෙක්මි. කළ බිය රැකුම් ඇත්තෙක් මි. නොකළ පව් ඇත්තෙක්මි. නොකළ රුදු කම් ඇත්තෙක් මි. නොකළ සැහැසි කම් ඇත්තෙක් මි. මා විසින් යහපත කරණලදී. මා විසින් පව් නො කරණ ලදී. මට මේ ලාමක දුඃඛ ජීවිතයෙන් කිම? මගේ ජීවත් වීමට වඩා මරණය උතුමි. මම මෙලොවින් කලුරිය කෙළෙම් කාබුන්, මරණින් මතු සුගතිය වූ ස්වර්‍ගලෝකයට පැමිණෙන්නෙමි. එහි දී දිව පස් කම් ගුණයෙන් පිණා ගියෙම් එයින් යුතුවූයෙම් අභිරමණය කරන්නෙමි” යි. හෙ තෙමේ නොසැපවූ ම බොජුන් වැළඳී ය. නොසැප වූ කැවිලි කෑවේ ය. නො සැප වූ ලේහයන් ලෙවී ය. නොසැප වූ පැන් පානය කෙළේ ය. අහිත බොජුන් ම බුදින, අහිත කැවිලි කන, අහිත ලේහයන් ලොවින, අහිත පැන් බොන, ඔහුට දැඩි ආබාධයෙක් උපන. හෙතෙමේ ඒ ආබාධයෙන් ම කලුරිය කෙළේ ය.
Pali BJT4. තස්ස පජාපති උජ්ඣායති ඛීයති{1} විපාචෙති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා මුසාවාදිනො. ඉමෙ හි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං, නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං, නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං, කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං. අපගතා ඉමෙ සාමඤ්ඤා, අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. ඉමෙ මෙ සාමිකස්ස මරණවණ්ණං සංවණ්ණෙසුං. ඉමෙහි මෙ සාමිකො මාරිතො”ති.
Sinhala BJT4. ඔහුගේ බිරිඳ අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි; “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු නම් ‘ධර්‍මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහු ය, සච්චවාදීහු ය, සිල්වත්හු ය, කළණ දහම් ඇත්තාහුය’ යි පිළින කෙරෙත්. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද, මොවුන්ට බමුණු කමෙක් කොයින් ද, මොහු මහණ කමින් පහවූවෝ ය. මොහු බමුණු කමෙන් පහවූවෝ ය. මොහු මාගේ සැමියාට මරණයෙහි ගුණ වැණූහ. මොවුන් විසින් මාගේ සැමියා මරණ ලද්දේය” යි.
Pali BJT5. අඤ්ඤෙපි මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති{2} විපාචෙන්ති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා මුසාවාදිනො. ඉමෙහි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං, නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං, නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං, කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං. අපගතා ඉමෙ සාමඤ්ඤා, අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. ඉමෙ උපාසකස්ස මරණවණ්ණං සංවණ්ණෙසුං. ඉමෙහි උපාසකො මාරිතො”ති.
Sinhala BJT5. අන් මිනිස්සු ද අවමන් කෙරෙත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු වූ කලී ‘ධම්මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහු ය, සච්චවාදීහු ය, සීලවන්තයෝ ය, කළ කළණ දහම් ඇත්තෝය’යි පිළින කෙරෙති. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණුකමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද, මොවුන්ට බමුණු කමෙක් කොයින් ද, මොහු මහණ කමින් පහ වූවෝ ය. මොහු බමුණුකමින් පහවූවෝ ය. මොහු උවසුහට මරණයෙහි ගුණ වැණූහ. මොවුන් විසින් උවසු තෙමේ මරණ ලද්දේය”යී.
Pali BJT6. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං{3} විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ උපාසකස්ස මරණවණ්ණං සංවණ්ණිස්සන්තී”ති.
Sinhala BJT6. භික්‍ෂූහු අවමන් කරන, අයුණු කියන, නුගුණ පතුරුවන, ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් ඒ අපිස් මහණහු වෙද් ද, ඔහු අවමන් කරති, අයුණු කියති, නුගුණ පතුරුවත්: කෙසේ නම් සවග මහණහු උවසුහට මරණයෙහි ගුණ වැණූහු ද? යි.
Pali BJT7. අථ ඛො තෙ භික්ඛූ{4} භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසංඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ උපාසකස්ස මරණවණ්ණං සංවණ්ණයිත්ථා”ති.{5} “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා “අනනුච්ඡවියං මොඝපුරිසා, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උපාසකස්ස මරණවණ්ණං සංවණ්ණිස්සථ.{6} නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:-
Sinhala BJT7. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ නිදානයෙහි ඒ කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා සවග මහණුන් පිළිවිසි සේක. “සැබෑ ද, මහණෙනි, තෙපි උවසුහට මරණයෙහි ගුණ වැණූහු ද” යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස.’ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක, නොගැළ පෙන්නෙක. නොමහණකමෙක, නොකැපයෙක, නොකටයුත්තෙක. “හිස් පුරුෂයෙනි, තෙල කරුණ නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ.” ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT “යො පන භික්ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙය්ය සත්ථහාරකං වාස්ස පරියෙසෙය්ය මරණවණ්ණං වා සංවණ්ණෙය්ය මරණාය වා සමාදපෙය්ය: “අම්භො පුරිස කිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීවිතෙන, මතන්තෙ ජීවිතා සෙය්යො”ති ඉති චිත්තමනො චිත්තසඞ්කප්පො අනෙකපරියායෙන මරණවණ්ණං වා සංවණ්ණෙය්ය මරණාය වා සමාදපෙය්ය, අයම්පි පාරාජිකො හොති අසංවාසො”ති.
Sinhala BJT“යම් මහණෙක් දැන දැන මිනිස්සිරුර දිවියෙන් තොර කෙරේද, දිවි හරණ අවියක් උහු වෙත එළවා තබන්නේ ද, මරණයෙහි ගුණ හෝ කියන්නේ ද, මරණය පිණිස උපාය උගන්වන්නේ ද, ‘එම්බා පුරුෂය, තාගේ ලාමක වූ මේ දුඃඛජීවිතයෙන් කිම? තාගේ ජීවත්වීමට වඩා මරණය උතුමි’ යි මෙබඳු මරණ සිත් ඇත්තේ මෙබඳු මරණ සංකල්පනා ඇත්තේ නොයෙක් අයුරින් මරණයෙහි ගුණ හෝ වණා ද, මරණය පිණිස උපාය උගන්වා ද, මේ මහණ තෙමේ ද පැරදුනේ වෙයි, සංවාසයට නුසුදුසු වෙයි.”