Pali BJT “යො පන භික්ඛු ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්ය, යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්යුං වා බන්ධෙය්යුං වා පබ්බාජෙය්යුං වා ‘චොරො’සි බාලො’සි මූළ්හො’සි ථෙනො’සී’ති, තථාරූපං භික්ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසො”ති.
Sinhala BJT“යම් මහණෙක් නුදුන් වස්තුවක් ග්‍රාමයෙන් හෝ අරණ්‍යයෙන් හෝ සොරසිතින් ගනී ද, යම් බඳු වූ නුදුන් වස්තුවක් ගැන්මෙහි රජවරු ‘සොරහු ගෙන, සොරෙහි, බාලයෙහි, මූඪයෙහි, අනුන් අයත් දැය සොරා ගත්තෙහි’යි ඔහු පෙළද්ද, බඳිද්ද, රටින් නගද්ද එබඳු නුදුන් වස්තුව සොරසිතින් ගන්නා වූ මේ මහණ ද පරිජි අවන්නේ සංවාස රහිත වූයේ වෙයි”.
Pali BJT[දුතියපඤ්ඤත්ති]
Sinhala BJT[දෙවැනි පැණවීමයි]
Pali BJT4. යො පනාති - යො යාදිසො -පෙ-
Sinhala BJT4. යෝපන යනු යම්බඳු වූ යමෙක් -පෙ-;
Pali BJTභික්ඛූති - භික්ඛකො’ති භික්ඛු -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු හිඟන්නේ “භික්‍ෂු” නම් වේ. -පෙ- මේ තෙමේ මේ අරුත්හි භික්‍ෂුය යි අභිප්‍රේතයි.
Pali BJTගාමො නාම - එකකුටිකො’පි ගාමො ද්විකුටිකො’පි ගාමො තිකුටිකො’පි ගාමො චතුකුටිකො’පි ගාමො සමනුස්සො’පි ගාමො, අමනුස්සො’පි ගාමො පරික්ඛිත්තො’පි ගාමො, අපරික්ඛිත්තො’පි ගාමො ගොනීසාදිනිවිට්ඨො’පි ගාමො යො’පි සත්ථො අතිරෙකචාතුමාසනිවිට්ඨො, සො’පි වුච්චති ගාමො.
Sinhala BJTගාම නම්: එක් කිළියක් ඇත්තේ ද ගමය. දෙකිළියක් ඇත්තේ ද ගමය. ගෙවල් තුනක් ඇත්තේ ද ගමය. ගෙවල් සතරක් ඇත්තේ ද ගමය. මිනිසුන් සහිත වූයේ ද ගමය. මිනිසුන් රහිත වූයේ ද ගමය. පිරිකෙව් කරණ ලද්දේ ද ගමය. පිරිකෙව් නො කරණ ලද්දේ ද ගමය. වීථි වෙන් කිරීමක් නො මැතිව ගෙවල් දෙකක් තුනක් (ගවයන් ලැගුනාක් මෙන්) තැනින් තැන වූයේ ද ගමය. යම් සාර්‍ත්‍ථවාහක සමූහයක් ගැල් බඩු වෙළඳමුලක් අයිරා සිවුමස් කලක් විසුයේ ද ගමයි කියනු ලැබේ.
Pali BJTගාමූපචාරො නාම: පරික්ඛිත්තස්ස ගාමස්ස ඉන්දඛීලෙ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාත. අපරික්ඛිත්තස්ස ගාමස්ස ඝරූපචාරෙ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාතො.
Sinhala BJTගාමූපචාරය නම්: පිරිකෙව් කළ ගමෙහි ඉන්‍ද්‍රකීලය (පුරටැඹ) වෙත සිටි මැදුම් පුරුෂයෙකුගේ ලෙඩ්ඩුපාත යයි. (ගලක් ගසන දුරයි) නො පිරිකෙව් කළ ගමෙහි ගෘහෝපචාරයෙහි සිටියා වූ මැදුම් පුරුෂයෙකුගේ ලෙඩ්ඩුපාත යයි.
Pali BJTඅරඤ්ඤං නාම: ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච අවසෙසං අරඤ්ඤං නාම.
Sinhala BJTඅරඤ්ඤ නම්: ගම ද, ගාමූපචාරය ද හැර සෙස්ස අරණ නමි.
Pali BJTඅදින්නං නාමං: යං අදින්නං අනිස්සට්ඨං අපරිච්චත්තං රක්ඛිතං ගොපිතං මමායිතං පරපරිග්ගහිතං, එතං අදින්නං නාම.
Sinhala BJTඅදින්න නම්: යමක් නො දෙන ලද ද, (අයිතියෙන්) බැහැර නො කරණ ලද ද, පරිත්‍යාග නො කරණ ලද ද, රක්නා ලද ද, ගෝපනය කරණ ලද ද, මාගේ යයි ගන්නා ලද ද, අනුන් අයත් දෑ ද, මෙය අදින්න නමි.
Pali BJTථෙය්යසඞ්ඛාතන්ති - ථෙය්යචිත්තො අවහරණචිත්තො.
Sinhala BJTථෙය්‍යසඞ්ඛාතං යනු: සොර සිත් ඇත්තේ, පැහැර ගන්නා සිත් ඇත්තේ ය.
Pali BJTආදියෙය්යාති - ආදියෙය්ය හරෙය්ය අවහරෙය්ය ඉරියාපථං විකොපෙය්ය ඨානා චාවෙය්ය සංකෙතං වීතිනාමෙය්ය.
Sinhala BJTආදියෙය්‍ය යනු: ගණී නම්, හැර ගණී නම්, පැහැර ගණී නම්, ඉරියව් වෙනස් කෙරේ නම්, තුබූ තැනින් වෙන් කෙරේ නම්, සලකුණ ගැණීමෙහි කළ ලකුණ ඉක්මවා නම් ය.
Pali BJTයථාරූපං නාම: පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා.
Sinhala BJTයථාරූපං යනු: පාදයක් (මසු පහක්) හෝ, පාදයක් අගනේ හෝ පාදයකට වැඩි වූයේ හෝ ය.
Pali BJTරාජානො නාම: පථබ්යාරාජා, පදෙසරාජා, මණ්ඩලිකා, අන්තරභොගිකා, අක්ඛදස්සා, මහාමත්තා, යෙ වා පන ඡෙජ්ජභෙජ්ජං{1} අනුසාසන්ති, එතෙ රාජානො නාම.
Sinhala BJTරාජානෝ යනු: පෘථිවීශ්වර රජහු ය, ප්‍රදේශ රජහු ය, මණ්ඩලිකයෝ ය, අතර පිහිටි ගම් කිහිපයක් වළඳනා රජහු ය. අක්‍ෂදර්‍ශක (විනිශ්චයකාරක)යෝ ය, මහාමාත්‍යයෝ ය, යම් කෙනෙක් සිඳුම් බිඳුම් ඈ දඬුවම් නියම කෙරෙද්ද, මොහු මෙහි රජවරු නම් වෙත්.
Pali BJTචොරො නාම: යො පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, එසො චොරො නාම.
Sinhala BJTචෝර යනු: යමෙක් මසු පහක් හෝ අයිරා මසු පහක් හෝ අගනා හිමියන් නුදුන් දෙය සොර සිතින් ගනී ද, හේ චෝර නමි.
Pali BJTහනෙය්යුං වාති - හත්ථෙන වා පාදෙන වා කසාය වා වෙත්තෙන වා අද්ධදණ්ඩකෙන{2} වා ඡෙජ්ජාය වා හනෙය්යුං.
Sinhala BJTහනෙය්‍යුං වා යි: අතින් හෝ පයින් හෝ කසයෙන් හෝ වේවැලින් හෝ අඩදඬුවකින් හෝ අවියකින් හෝ පෙළන්නාහු ය.
Pali BJTබන්ධෙය්යුං වාති - රජ්ජුබන්ධනෙන වා අන්දුබන්ධනෙන වා සඞ්ඛලිකබන්ධනෙන වා ඝරබන්ධනෙන වා නගරබන්ධනෙන වා ගාමබන්ධනෙන වා නිගමබන්ධනෙන වා බන්ධෙය්යුං, පුරිසගුත්තිං වා කරෙය්යුං.
Sinhala BJTබන්‍ධෙය්‍යුං වා යි: රැහැන් බැම්මෙන් හෝ විලංගු බැම්මෙන් හෝ හැකිලි බැම්මෙන් හෝ ගෙයක සිර කර තැබීමෙන් හෝ නුවරක සිර කර තැබීමෙන් හෝ ගමක සිර කර තැබීමෙන් හෝ නියම් ගමක සිර කර තැබීමෙන් හෝ මෙසේ බඳින්නාහු ය. පුරුෂාරක්‍ෂාව හෝ කරන්නාහු ය.
Pali BJTපබ්බාජෙය්යුං වාති - ගාමා වා නිගමා වා නගරා වා ජනපදා වා ජනපදපදෙසා වා පබ්බාජෙය්යුං.
Sinhala BJTපබ්බාජෙය්‍යුං වා යි: ගමින් හෝ නියම් ගමින් හෝ නුවරින් හෝ ජනපදයෙන් හෝ ජනපද පෙදෙසින් හෝ බැහැර කරන්නාහු ය.
Pali BJTචොරොසි බාලොසි මූළ්හොසි ථෙනොසීති - පරිභාසො එසො.
Sinhala BJTචෝරොසි බාලොසි මූළ්හෝසි ථේනෝසි යනු: මෙය පරිභව බිණීමකි.
Pali BJTතථාරූපං නාම: පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා.
Sinhala BJTතථාරූපං නම්: පාදයක් හෝ පාදයක් අගනේ හෝ අයිරා පාදයක් හෝ ය.
Pali BJTආදියමානොති - ආදියමානො හරමානො අවහරමානො ඉරියාපථං විකොපයමානො ඨානා චාවයමානො සඞ්කෙතං වීතිනාමයමානො.
Sinhala BJTආදියමානෝ යනු: ගන්නේ, හැරගන්නේ, පැහැර ගන්නේ, ඉරියව් වෙනස් කරන්නේ, තුබූ තැනින් ඉවත් කරන්නේ, සලකුණ වෙනස් කරන්නේ ය.
Pali BJTඅයම්පීති - පුරිමං උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි යනු: පළමු පරිජි ඇවතට අවන් පුද්ගලයා ගෙන ‘මෙතෙමේත්’ යි කියනු ලැබේ.
Pali BJTපාරාජිකො හොතීති - සෙය්යථාපි නාම පණ්ඩුපලාසො බන්ධනා පවුත්තො{3} අභබ්බො හරිතත්තාය. එවමෙව භික්ඛු පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තෙන වුච්චති පාරාජිකො හොතීති.
Sinhala BJTපාරාජිකො හොති යනු: යම් සේ නටුවෙන් ගිලිහුණු කොළය නැවත නිල් වීමට නුසුදුසු වේ ද, එපරිද්දෙන් ම මහණ තෙමේ පාදයක් හෝ පාදයක් අගනා දෙය හෝ අයිරා පාදයක් හෝ හිමියන් නුදුන් දෙය සොර සිතින් ගෙණ අශ්‍රමණයෙක් වෙයි. අශාක්‍යපුත්‍රීයයෙක් වෙයි. එහෙයින් පාරාජික වේ යයි කියනු ලැබේ.
Pali BJTඅසංවාසොති - සංවාසො නාම එකං කම්මං එකුද්දෙසො සමසික්ඛාතා. එසො සංවාසො නාම. සො තෙන සද්ධිං නත්ථීති තෙන වුච්චති අසංවාසොති.
Sinhala BJTඅසංවාසො යි: සංවාස නම් එක්ව විනයකර්‍ම කිරීම, එක්ව උදෙසීම, සමානශික්‍ෂා ඇති බව මේ සංවාස නමි. එය ඔහු හා නැත් නුයි, එහෙයින් අසංවාස යයි කියනු ලැබේ.
Pali BJT[නයමාතිකා]
Sinhala BJT[නය මාතෘකා]
Pali BJT1. භුම්මට්ඨං{4} ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං උදකට්ඨං නාවට්ඨං යානට්ඨං භාරට්ඨං ආරාමට්ඨං විහාරට්ඨං ඛෙත්තට්ඨං වත්ථුට්ඨං ගාමට්ඨං අරඤ්ඤට්ඨං උදකං දන්තපොනං වනප්පති හරණකං උපනිධි සුඞ්කඝාතං පාණො අපදං දිපදං චතුප්පදං බහුප්පදං ඔචරකො ඔනිරක්ඛො සංවිදාවහාරො සඞ්කෙතකම්මං නිමිත්තකම්මන්ති.
Sinhala BJT1. භුම්මට්ඨය, ථලට්ඨය, ආකාසට්ඨය, වේහාසට්ඨය, උදකට්ඨය, නාවට්ඨය, යානට්ඨය, භාරට්ඨය, ආරාමට්ඨය, විහාරට්ඨය, ඛෙත්තට්ඨය, වත්‍ථුට්ඨය, ගාමට්ඨය, අරඤ්ඤට්ඨය, උදකය, දන්තපෝනය, වනස්පතිය, හරණකය, උපනිධිය, සුඞ්කඝාතය, පාණය, අපදය, දිපදය, චතුප්පදය, බහුප්පදය, ඔවරකය, ඔනිරක්ඛය, සංවිදාවහාරය, සංකේතකම්මය, නිමිත්තකම්මය යි.
Pali BJT2. භුම්මට්ඨං නාම භණ්ඩං භූමියං නික්ඛිත්තං හොති නිඛාතං පටිච්ඡන්නං. භුම්මට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති කුද්දාලං{1} වා පිටකං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. තත්ථ ජාතකං කට්ඨං වා ලතං වා ඡින්දති, ආපත්ති දුක්කටස්ස. පංසුං ඛණති වා ව්යූහති වා උද්ධරති වා, ආපත්ති දුක්කටස්ස. කුම්භිං ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. අත්තනො භාජනං පවෙසෙත්වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. අත්තනො භාජනගතං වා කරොති මුට්ඨිං වා ඡින්දති, ආපත්ති පාරාජිකස්ස. සුත්තාරූළ්හං භණ්ඩං වා පාමඞ්ගං වා කණ්ඨසුත්තකං වා කටිසුත්තකං වා සාටකං වා වෙඨනං වා ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. කොටියං ගහෙත්වා උච්චාරෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඝංසන්තො නීහරති, ආපත්ති ථුල්ලච්චයස්ස. අන්තමසො කෙසග්ගමත්තම්පි කුම්භිමුඛා මොචෙති, ආපත්ති පාරාජිකස්ස. සප්පිං වා තෙලං වා මධුං වා ඵාණිතං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො එකෙන පයොගෙන පිවති, ආපත්ති පාරාජිකස්ස. තත්ථෙව භින්දති වා ඡඩ්ඩෙති වා ඣාපෙති වා අපරිභොගං වා කරොති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. භුම්මට්ඨ නම්: භාණ්ඩය බිම තබන ලද්දක් වෙයි. වළ දමන ලද්දක් වෙයි. සැඟවුනක් වෙයි. බිම පිහිටි භාණ්ඩය හැරගන්නෙමි යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම් උදැල්ලක් හෝ කූඩයක් හෝ සොයා නම් යේ නම් හෝ දුකුළාඇවැත් වේ. එහි හටගත් දඬු කඩක් හෝ වැලක් හෝ සිඳී ද දුකුළාඇවැත් වේ. පස් සාරයි හෝ රැස් කරයි හෝ නගයි හෝ දුකුළාඇවැත් වේ. සැළක් පහස්නේ හෝ දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. තම බඳුන එව මසු පහක් හෝ අයිරා මසු පහක් හෝ අගනා දැයක් සොර සිත් ඇත්තේ පහස්නේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තම බඳුනට ගනී නම් හෝ මිටු මොළවා ගනී නම් හෝ පරිජිඇවැත් වේ. නූලක ඇවුනු භාණ්ඩයක් හෝ පමුවක් හෝ ගෙලපලඳනාවක් හෝ හින පලඳනාවක් හෝ සළුවක් හෝ හිස් වෙළුමක් හෝ සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. කෙළවර ගෙන ඔසවා නම් ථුලැසිඇවැත් වේ. ගටමින් බැහැර කෙරේ නම් ථුලැසිඇවැත් වේ. යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු සැළි මුවෙන් මුදා නම් පරිජිඇවැත් වේ. ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ උක්පැණි හෝ මසුපසක් හෝ අයිරා මසුපසක් හෝ අගනා දෑ සොර සිත් ඇත්තේ එක් පියොවක් පානය කෙරේ නම් පරිජිඇවැත් වේ. එහි ම බිඳි නම් හෝ බැහැර කෙරේ නම් හෝ දවා නම් හෝ පරිභෝගයට නුසුදුසු කෙරේ නම් හෝ දුකුළාඇවැත් වේ.
Pali BJT3. ථලට්ඨං නාම භණ්ඩං ථලෙ නික්ඛිත්තං හොති. ථලට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT3. ස්ථලස්ථ භාණ්ඩය නම්: භුම්‍යාදි තලයෙහි තබන ලද්දක් වෙයි. ඒ ථලට්ඨ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT4. ආකාසට්ඨං නාම භණ්ඩං ආකාසගතං හොති. මොරො වා කපිඤ්ජරො වා තිත්තිරො වා වට්ටකො වා සාටකං වා වෙඨනං වා හිරඤ්ඤං වා සුවණ්ණං වා ඡිජ්ජමානං පතති. ආකාසට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ගමනං උපච්ඡින්දති, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT4. ආකාශස්ථ භාණ්ඩය නම් ආකාශ ගත වස්තුවෙක් වෙයි. මොනරෙක් හෝ සුදු තිත්වටුවෙක් හෝ කළු තිත්වටුවෙක් හෝ වටුවෙක් හෝ සළුවක් හෝ හිස් වෙළුමක් හෝ අමු රන් කඩක් හෝ රත්රන් කඩක් හෝ සිඳිනු ලබන්නේ වැටේ. අහසෙහි වූ භාණ්ඩය ‘පැහැර ගනිමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නෙකු හෝ සොයා නම්, යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ගමන ඔබ මොබ යාම නවතා නම් දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT5. වෙහාසට්ඨං නාම භණ්ඩං වෙහාසගතං හොති. මඤ්චෙ වා පීඨෙ වා චීවරවංසෙ වා චීවරරජ්ජුයා වා භිත්තිඛීලෙ වා නාගදන්තෙ වා රුක්ඛෙ වා ලග්ගිතං හොති, අන්තමසො පත්තාධාරකෙ’පි. වෙහාසට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT5. විහායසස්ථ භාණ්ඩ නම් අහස් ගත වූ භාණ්ඩයක් වෙයි. ඇඳක හෝ පුටුවක හෝ සිවුරුවසෙක හෝ සිවුරු රැහැනෙක හෝ බිත්තියෙහි සවි කළ ඇණයක හෝ නාදැත්තෙක හෝ රුකෙක හෝ යටත් පිරිසෙයින් පාත්‍රාධාරයක එල්වන ලද්දක් වෙයි. අහස් ගත භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම්, යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT6. උදකට්ඨං නාම භණ්ඩං උදකෙ නික්ඛිත්තං හොති. උදකට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. නිමුජ්ජති වා උම්මුජ්ජති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. තත්ථ ජාතකං උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා භිසං වා මච්ඡං වා කච්ඡපං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT6. උදකස්ථ භාණ්ඩය නම් ජලයෙහි තබන ලද්දක් වෙයි. උදකස්ථ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. දියේ ගිලේ නම් හෝ දියෙන් මතු වේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. එහි හට ගත් උපුලක් හෝ පියුමක් හෝ හෙල පියුමක් හෝ නෙලුඹු දැළියක් හෝ මසකු හෝ කැසුබුවකු හෝ මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දැය සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම්, දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT7. නාවා නාම යාය තරති. නාවට්ඨං නාම භණ්ඩං නාවාය නික්ඛිත්තං හොති. නාවට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. නාවං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. බන්ධනං මොචෙති, ආපත්ති දුක්කටස්ස. බන්ධනං මොචෙත්වා ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. උද්ධං වා අධො වා තිරියං වා අන්තමසො කෙසග්ගමත්තම්පි සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT7. නෞකා නම් යමකින් තරණය කෙරේ ද, එය යි. (නාවට්ඨ) නෞකාස්ථ භාණ්ඩ නම් නැවෙහි තබන ලද්දෙක් වෙයි. නැවෙහි වූ බඩුවක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම්, යේ නම් දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘නැව පැහැර ගනිමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම්, යේ නම් දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. බැම්ම මුදා නම් දුකුළාඇවැත් වේ. බැම්ම මුදා ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. උඩට හෝ යටට හෝ සරසට හෝ යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු ගමන් කරවා නම් පරිජිඇවැත් වේ.
Pali BJT8. යානං නාම වය්හං රථො සකටං සන්දමානිකා. යානට්ඨං නාම: භණ්ඩං යානෙ නික්ඛිත්තං හොති. යානට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. යානං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT8. යාන නම් හිදොලුව ද, රිය ද, ගැල ද, ගුරුළු පියාපත් නයින් කළ රිය ද, වෙයි. යානස්ථ භාණ්ඩය නම් යානයෙහි තබන ලද්ද වේ. යානයෙහි තුබූ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘යානය පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නෙකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT9. භාරො නාම සීසභාරො ඛන්ධභාරො කටිභාරො ඔලම්බකො. සීසෙ භාරං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඛන්ධං ඔරොපෙති, ආපත්ති පාරාජිකස්ස. ඛන්ධෙ භාරං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. කටිං ඔරොපෙති, ආපත්ති පාරාජිකස්ස. කටියා භාරං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. හත්ථෙන ගණ්හාති, ආපත්ති පාරාජිකස්ස. හත්ථෙ භාරං ථෙය්යචිත්තො භූමියං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ථෙය්යචිත්තො භූමිතො ගණ්හාති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT9. භාර නම් හිසින් උසුලන බර ය, උරහිසින් උසුලන බර ය, ඉණෙන් උසුලන බර ය, එල්ලාගෙන යන බර ය: හිසෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. කඳෙහි තබා නම් පරිජිඇවැත් වේ. කඳෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. කටියෙහි තබා නම් පරිජිඇවැත් වේ. කටියෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. අතට ගනී නම් පරිජිඇවැත් වේ. අතෙහි වූ බර සොර සිත් ඇත්තේ බිම තබා නම් පරිජිඇවැත් වේ. සොර සිත් ඇත්තේ බිමින් ගනී නම් පරිජිඇවැත් වේ.
Pali BJT10. ආරාමො නාම පුප්ඵාරාමො ඵලාරාමො. ආරාමට්ඨං නාම භණ්ඩං ආරාමෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. ආරාමට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. තත්ථ ජාතකං මූලං වා තචං වා පත්තං වා පුප්ඵං වා ඵලං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ආරාමං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො ‘න මය්හං භවිස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT10. ආරාම නම් පුෂ්පාරාම, ඵලාරාම යි. ආරාමස්ථ භාණ්ඩ නම් අරම්හි භූමිෂ්ඨ, ස්ථලස්ථ, ආකාශස්ථ, විහායසස්ථ යැ යි සතර තැනින් යම් තැනෙක තබන ලද්ද වෙයි. ආරාමයෙහි තුබූ බඩුවක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම් හෝ එයට යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තැනින් බැහැර කෙරේ ද පරිජිඇවැත් වේ. එහි හටගත් මුලක් හෝ පොත්තක් හෝ පත්‍රයක් හෝ මලක් හෝ ගෙඩියක් හෝ, පස් මසක් හෝ අතිරේක පස් මසක් හෝ අගනා දැයක් සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. ‘අරම තමා සතු ය’ යි පැමිණිලි කෙරේ ද දුකුළාඇවැත් වේ. හිමියා ට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට අයත් නොවන්නේ යැ’ යි ධුරනිඃක්‍ෂේපය කෙරේ ද පරිජිඇවැත්වේ. යුක්ති බණන්නේ හිමියා පරදවා ද පරිජිඇවැත් වේ. යුක්ති බණන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ.
Pali BJT11. විහාරට්ඨං නාම: භණ්ඩං විහාරෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. විහාරට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. විහාරං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො ‘න මය්හං භවිස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT11. විහාරස්ථ භාණ්ඩය නම් විහාරයෙහි සිවු තැනින් යම් තැනෙක තබන ලද්ද වෙයි: ඒ භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ යන මොහු ය. විහාරස්ථ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් බැහැර කෙරේ ද පරිජිඇවැත් වේ. විහාරය නිමිති කොට නඩු පවරා ද දුකුළාඇවැත් වේ. හිමියාට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට නො වන්නේ ය’ යි ධුර නිඃක්‍ෂේපය කෙරේ ද පරිජිඇවැත් වේ. යුක්තිය බණන්නේ හිමියා පරදවා ද පරිජිඇවැත් වේ. යුක්තිය බණන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ.
Pali BJT12. ඛෙත්තං නාම යත්ථ පුබ්බන්නං වා අපරන්නං වා ජායති. ඛෙත්තට්ඨං නාම: භණ්ඩං ඛෙත්තෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. ඛෙත්තට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. තත්ථ ජාතකං පුබ්බන්නං වා අපරන්නං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ඛෙත්තං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො ‘න මය්හං භවිස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඛීලං වා රජ්ජුං වා වතිං වා මරියාදං වා සඞ්කාමෙති, ආපත්ති දුක්කටස්ස. එකං පයොගං අනාගතෙ, ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පයොගෙ ආගතෙ, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT12. ක්‍ෂේත්‍ර නම් යම් තැනෙක ඇල් ආදී පුබ්බන්න ධාන්‍ය හෝ උඳු, මුං, ආදී අපරන්න ධාන්‍ය හෝ හට ගනී ද එය යි. ක්‍ෂෙත්‍රස්ථ භාණ්ඩය නම් කෙතෙහි සිවු තැනින් එක් තැනෙක තබන ලද්ද වෙයි: භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ යන මොහු යි. කෙතෙහි වූ බඩුවක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා ද, යේ ද, දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. මසු පසක් හෝ අයිරා මසු පසක් අගනා එහි හට ගත් පුබ්බන්න හෝ අපරන්න හෝ සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. කෙතට නඩු පවරා ද දුකුළාඇවැත් වේ. හිමියාට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට නො වන්නේ ය’ යි බලාපොරොත්තුව හරී ද පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ (හිමියා) පරදවා ද පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ. ඉම් කණුව හෝ තමන් සතු කරන්නේ ද, රැහැන හෝ පතුරුවන්නේ ද, වැට හෝ ඈත් කරන්නේ ද, ඉම හෝ පුළුල් කරන්නේ ද, මෙසේ ඉම ඉවත් කෙරේ නම් දුකුළාඇවැත් වේ. එය පිළිබඳ එක් ප්‍රයෝගයක් (පමණක්) සම්පූර්‍ණ නො වූ කල්හි ථුලැසිඇවැත් වේ. ඒ ප්‍රයෝගය (උත්සාහය) ද සම්පූර්‍ණ වූ කල්හි පරිජිඇවැත් වේ.
Pali BJT13. වත්ථු නාම ආරාමවත්ථු විහාරවත්ථු. වත්ථුට්ඨං නාම: භණ්ඩං වත්ථුස්මිං චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. වත්ථුට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. වත්ථුං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො ‘න මය්හං භවිස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඛීලං වා රජ්ජුං වා වතිං වා පාකාරං වා සඞ්කාමෙති, ආපත්ති දුක්කටස්ස. එකං පයොගං අනාගතෙ, ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පයොගෙ ආගතෙ, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT13. වාස්තු නම් ආරාම වස්තු යි. වාස්තුස්ථ භාණ්ඩ නම් වත්තෙහි සිවු තැනින් යම් තැනෙක තබන ලද්ද වෙයි: භුම්මට්ඨ ය, ථලට්ඨ ය, ආකාසට්ඨ ය, වේහාසට්ඨ ය යන මොහු ය. වත්තෙහි වූ බඩු ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ යොදා ද යේ ද දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. වත්තට නඩු පවරා ද දුකුළාඇවැත් වේ. හිමියාට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට නො වන්නේ යැ’ යි බලාපොරොත්තු හරී ද පරිජිඇවැත්වේ. විනිශ්චය කරන්නේ හිමියා පරදවා ද පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ. ඉම් කණුව හෝ රැහැන හෝ වැට හෝ පවුර හෝ තමන් සතු වන සේ වෙනස් කෙරේ ද දුකුළාඇවැත් වේ. එක් ප්‍රයෝගයක් සම්පූර්‍ණ නො වූ කල්හි ථුලැසිඇවැත් වේ. ඒ ප්‍රයෝගය ද සම්පූර්‍ණ වූ කල්හි පරිජිඇවැත් වේ.
Pali BJT14. ගාමට්ඨං නාම: භණ්ඩං ගාමෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. ගාමට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT14. ග්‍රාමස්ථ නම් ගමෙහි සිවු තැනින් එක් තැනෙක තබන ලද භාණ්ඩය වෙයි: භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ (යන මොහු ය.) ගමෙහි වූ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT15. අරඤ්ඤං නාම යං මනුස්සානං පරිග්ගහිතං හොති, තං අරඤ්ඤං. අරඤ්ඤට්ඨං නාම: භණ්ඩං අරඤ්ඤෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. අරඤ්ඤට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. තත්ථ ජාතකං කට්ඨං වා ලතං වා තිණං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT15. අරණ්‍ය නම් මිනිසුන් විසින් පරිගෘහිත යමක් වේ ද එය අරණ්‍යය යි. අරණ්‍යස්ථ භාණ්ඩය නම් අරණෙහි සිවු තැනින් එක් තැනෙක තබන ලද්ද වෙයි. භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ යන මොහු යි. අරණෙහි වූ භාණ්ඩයක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. මසු පසක් හෝ අයිරා මසු පසක් අගනා එහි හට ගත් ලීයක් හෝ වැලක් හෝ තණ හෝ සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT16. උදකං නාම භාජනගතං වා හොති පොක්ඛරණියා වා තළාකෙ වා. ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස . අත්තනො භාජනං පවෙසෙත්වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං උදකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. අත්තනො භාජනගතං කරොති, ආපත්ති පාරාජිකස්ස. මරියාදං ඡින්දති{1}, ආපත්ති දුක්කටස්ස. මරියාදං ඡින්දිත්වා{2} පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං උදකං නික්ඛාමෙති, ආපත්ති පාරාජිකස්ස. අතිරෙකමාසකං වා ඌනපඤ්චමාසකං වා අග්ඝනකං උදකං නික්ඛාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. මාසකං වා ඌනමාසකං වා අග්ඝනකං උදකං නික්ඛාමෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT16. උදක නම් භාජනගත වූ හෝ පොකුණෙහි වූ හෝ තඩාගයෙහි වූ දියෙක් වේ. එය සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. තමාගේ බඳුන එහි එව මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දියක් සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තම බඳුනට ගනී නම් පරිජිඇවැත් වේ. මියර සිඳී නම් දුකුළාඇවැත් වේ. මියර සිඳ මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දියක් නික්මවා ගනී නම් පරිජිඇවැත් වේ. මස්සකට වැඩි වූ හෝ මසු පසකට අඩු වූ අගනා දියක් නික්මවා ගනී නම් ථුලැසිඇවැත් වේ. මස්සක් හෝ උනුමස්සක් හෝ අගනා දියක් නික්මවා ගනී නම් දුකුළාඇවැත් වේ.
Pali BJT17. දන්තපොනං නාම ඡින්නං වා අච්ඡින්නං වා. පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT17. දන්තපොන නම් සිඳින ලද හෝ නො සිඳින ලද හෝ දැහැටුයෙක් දන්ත පවන දැහැටි වෙයි. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දැහැටි සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT18. වනස්පති{1} නාම යො මනුස්සානං පරිග්ගහිතො හොති රුක්ඛො පරිභොගො. ථෙය්යචිත්තො ඡින්දති, පහාරෙ පහාරෙ ආපත්ති දුක්කටස්ස. එකං පහාරං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පහාරෙ ආගතෙ, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT18. වනස්පති නම් මිනිසුන් විසින් පරිගෘහිත මිනිසුන්ගේ පරිභෝග වූ වෘක්‍ෂයෙක් වෙයි. සොර සිත් ඇත්තේ (එය) සිඳී නම් පහරක් පාසා දුකුළාඇවැත් වේ. එක් පහරක් නො පැමිණි කල්හි ථුලැසිඇවැත් වේ. ඒ පහර ද පැමිණි කල්හි පරිජිඇවැත් වේ.
Pali BJT19. හරණකං නාම අඤ්ඤස්ස හරණකං භණ්ඩං. ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘සහභණ්ඩහාරකං නෙස්සාමී’ති පඨමං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පතිතං භණ්ඩං ගහෙස්සාමී’ති පාතාපෙති, ආපත්ති දුක්කටස්ස. පතිතං භණ්ඩං පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT19. හරණක නම් අනෙකකුට ගෙන යන බඩුවකි. සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘බඩුව සමඟ ගෙන යන්නහු හැර ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබා නම් ථුලැසිඇවැත් වේ. දෙවෙනි පිය ඉදිරියට තබා නම් පරිජිඇවැත් වේ. ‘වැටුනු බඩුව හැර ගන්නෙමි’ යි බිම ලවා නම් දුකුළාඇවැත් වේ. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා වැටුනු බඩුවක් සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT20. උපනිධි නාම උපනික්ඛිත්තං භණ්ඩං. ‘දෙහි මෙ භණ්ඩ’න්ති වුච්චමානො ‘නාහං ගණ්හාමී’ති භණති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස . සාමිකො ‘න මය්හං දස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT20. උපනිධි නම් රක්නා පිණිස තැබූ බඩුව ය. ‘මගේ බඩුව දෙව’ යි කියනු ලබන්නේ ‘මම් නො ගනිමි’ යි කියා නම් දුකුළාඇවැත් වේ. හිමියාට විමිති උපදවා නම් ථුලැසිඇවැත් වේ. හිමි තෙමේ ‘මට නො දෙන්නේ යැ’ යි ධූරනිඃක්‍ෂේප කෙරේ නම් පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ හිමියා පරදවා නම් පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ (තෙමේ) පරදී නම් ථුලැසිඇවැත් වේ.
Pali BJT21. සුඞ්කඝාතං නාම රඤ්ඤා ඨපිතං හොති පබ්බතඛණ්ඩෙ වා නදීතිත්ථෙ වා ගාමද්වාරෙ වා ‘අත්ර පවිට්ඨස්ස සුඞ්කං ගණ්හන්තූ’ති. තත්ර පවිසිත්වා රාජග්ඝං භණ්ඩං පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. පඨමං පාදං සුඞ්කඝාතං අතික්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙති, ආපත්ති පාරාජිකස්ස. අන්තො සුඞ්කඝාතෙ ඨිතො බහි සුඞ්කඝාතං පාතෙති, ආපත්ති පාරාජිකස්ස. සුඞ්කං පරිහරති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT21. සුඞ්කඝාත නම් කඳු කපොල්ලෙක හෝ ගංතොටෙක හෝ ගම් දොරෙක හෝ ‘මෙහි පැමිණියහුගෙන් සුංවත් ගනිත්වා’ යි රජු විසින් නියම කොට තබන ලද්දක් වේ. එහි පිවිසි රජුගේ සුංවතට සුදුසු වූ මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා බඩුවක් සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. පළමු පිය සුංවත් ගන්නා තැනින් ඉක්මවා නම් ථුලැසිඇවැත් වේ. දෙවෙනි පිය ඉක්මවා නම් පරිජිඇවැත් වේ. සුංවත් ගන්නා තැන තුළ සිටියේ සුංවත් ගන්නා තැනින් සුංකම පිටතට හෙළා නම් පරිජිඇවැත් වේ. සුංකම වළකා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT22. පාණො නාම මනුස්සපාණො වුච්චති. ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පදසා නෙස්සාමී’ති පඨමං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT22. ප්‍රාණ නම් මනුෂ්‍ය ප්‍රාණියෙක් කියනු ලැබේ. සොර සිතින් ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබවා නම් ථුලැසිඇවැත් වේ. දෙවැනි පිය තබවා නම් පරිජිඇවැත් වේ.
Pali BJT23. අපදං නාම අහිමච්ඡා. පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT23. අපද නම් සර්‍පයෝ ය, මත්ස්‍යයෝ ය. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා සතකු සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT24. ද්විපදං නාම මනුස්සා පක්ඛජාතා. ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පදසා නෙස්සාමී’ති පඨමං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT24. ද්විපද නම් මිනිස්සු ද, පක්‍ෂීහු ද වෙත්. සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබවා නම් ථුලැසිඇවැත් වේ. දෙවැනි පිය තබවා නම් පරිජිඇවැත් වේ.
Pali BJT25. චතුප්පදං නාම හත්ථි අස්සා ඔට්ඨා ගොණා ගද්රභා පසුකා. ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පදසා නෙස්සාමී’ති පඨමං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. තතියං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. චතුත්ථං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT25. චතුප්පද නම් ඇත් ය, අස් ය, ඔටු ය, ගව ය, කොටළු ය, සෙසු සිවුපාවෝ ය යන මොහු වෙති. සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබවා නම් ථුලැසිඇවැත් වේ. දෙවැනි පිය තබවා නම් ථුලැසිඇවැත් වේ. තෙවැනි පිය තබවා නම් ථුලැසිඇවැත් වේ. සිවුවන පිය තබවා නම් පරිජිඇවැත් වේ.
Pali BJT26. බහුප්පදං නාම: විච්ඡිකා-සතපදී-උච්චාලිඞ්ගපාණකා. පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පදසා නෙස්සාමී’ති සඞ්කාමෙති, පදෙ පදෙ ආපත්ති ථුල්ලච්චයස්ස. පච්ඡිමං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT26. බහු පද නම් ගෝණුස්සෝ ය, පත්තෑයෝ ය, බූපණුවෝ ය, යන මොහු වෙත් මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා සතකු සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි ඉදිරියට ගමන් කරවා නම් පියක් පියක් පාසා ථුලැසිඇවැත් වේ. පැසුම් පිය මාරු කරවා නම් පරිජිඇවැත් වේ.
Pali BJT27. ඔචරකො නාම භණ්ඩං ඔචරිත්වා ආචික්ඛති “ඉත්ථන්නාමං භණ්ඩං අවහරාති” ආපත්ති දුක්කටස්ස. සො තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
Sinhala BJT27. ඔචරක නම් (යමෙක්) බඩුවක ඔත්තු බලා ‘මේ නම් බඩුව පැහැර ගනු ව’ යි කියා නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ ඒ බඩුව සොරකම් කෙරේ නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ.
Pali BJT28. ඔනිරක්ඛො{1} නාම ආහටං භණ්ඩං ගොපෙන්තො පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT28. ඔනිරක්ඛ නම් අනෙකෙකු ගෙනවුත් තුබූ බඩුවක් රක්නේ වෙයි. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා එය සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සෙලවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT29. සංවිදාවහාරො නාම සම්බහුලා සංවිදහිත්වා එකො භණ්ඩං අවහරති, ආපත්ති සබ්බෙසං පාරාජිකස්ස.
Sinhala BJT29. සංවිදාවහාර නම් බොහෝ දෙනෙකු කතා කොට ගෙන එකෙක් බඩුවක් සොරකම් කරයි. ඒ සියල්ල හට පරිජිඇවැත් වේ.
Pali BJT30. සඞ්කෙතකම්මං නාම සඞ්කෙතං කරොති “පුරෙභත්තං වා පච්ඡාභත්තං වා රත්තිං වා දිවා වා ‘තෙන සඞ්කෙතෙන තං භණ්ඩං අවහරා’ති ආපත්ති දුක්කටස්ස. තෙන සඞ්කෙතෙන තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස. තං සඞ්කෙතං පුරෙ වා පච්ඡා වා තං භණ්ඩං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT30. සඞ්කේතකර්‍ම නම් පෙරවරු හෝ පස්වරු හෝ රෑ හෝ දවල් හෝ ‘අසෝ සලකුණෙන් බඩුව ගනු ව’ යි සලකුණු කෙරෙයි. ‘ඒ සලකුණෙන් ඒ බඩුව ගනු ව’ යි කියා නම් දුකුළාඇවැත් වේ. ඒ සලකුණෙන් ඒ බඩුව සොරකම් කෙරේ නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ. ඒ සලකුණට නියමිත කාලයට පෙර හෝ පසුව හෝ බඩුව සොරකම් කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
Pali BJT31. නිමිත්තකම්මං නාම නිමිත්තං කරොති ‘අක්ඛිං වා නිඛනිස්සාමි භමුකං වා උක්ඛිපිස්සාමි සීසං වා උක්ඛිපිස්සාමි, තෙන නිමිත්තෙන තං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. තෙන නිමිත්තෙන තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස. තං නිමිත්තං පුරෙ වා පච්ඡා වා තං භණ්ඩං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT31. නිමිත්තකර්‍ම නම් ‘ඇස හෝ කනින්නෙමි, බැම හෝ නගන්නෙමි, හිස හෝ ඔසවන්නෙමි. ඒ නිමිත්තෙන් ඒ බඩුව පැහැර ගනු ව’ යි නිමිති කෙරෙයි නම් දුකුළාඇවැත් වේ. ඒ නිමිත්තෙන් ඒ බඩුව පැහැර ගනී නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ. ඒ නිමිත්තට පෙර හෝ පසුව හෝ ඒ බඩුව සොරකම් කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
Pali BJT32. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො තං මඤ්ඤමානො තං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
Sinhala BJT32. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරා ගනු ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ එය යැ යි හඟනේ එය ම සොරකම් කෙරේ නම් දෙදෙනාහට පරිජිඇවැත් වේ.
Pali BJT33. භික්ඛු භික්ඛුං ආණාපෙති – ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො තං මඤ්ඤමානො අඤ්ඤං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT33. මහණෙක් මහණෙකුට ‘මේ නම් බඩුව සොරා ගනු ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ එය ම යැ යි හඟනේ අනෙකක් සොරකම් කෙරේ නම් මූලිකයාහට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
Pali BJT34. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො අඤ්ඤං මඤ්ඤමානො තං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
Sinhala BJT34. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරකම් කර ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකෙකැ යි හඟනේ එය සොරකම් කෙරේ නම් දෙදෙනාහටම පරිජිඇවැත් වේ.
Pali BJT35. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT35. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරකම් කර ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකකැ යි හඟනේ අනෙකක් සොරකම් කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
Pali BJT36. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමස්ස පාවද: ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතු: ඉත්ථන්නාමො ඉත්ථන්නාමං භණ්ඩං අවහරතූ”ති, ආපත්ති දුක්කටස්ස. සො ඉතරස්ස ආරොචෙති, ආපත්ති දුක්කටස්ස. අවහාරකො පතිගණ්හාති{1}, මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. සො තං භණ්ඩං අවහරති, ආපත්ති සබ්බෙසං පාරාජිකස්ස.
Sinhala BJT36. මහණෙක් ‘මේ නම් ඇත්තේ මේ නම් බඩුව පැහැර ගනී වා’ යි මේ නම් ඇත්තේ මේ නම් ඇත්තහුට කියාවා යි ‘මේ නම් ඇත්තහුට කිය ව’ යි දන්වා නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ (එය) දන්වා නම් දුකුළාඇවැත් වේ. අවහාරක තෙමේ පිළිගනී නම් මූලිකයා හට ථුලැසිඇවැත් වේ. හේ තෙමේ ඒ බඩුව සොරකම් කෙරේ නම් සියල්ලන් හට පරිජිඇවැත් වේ.
Pali BJT37. භික්ඛු භික්ඛුං ආණාපෙති, “ඉත්ථන්නාමස්ස පාවද: ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතු, ඉත්ථන්නාමො ඉත්ථන්නාමං භණ්ඩං අවහරතූ”ති, ආපත්ති දුක්කටස්ස. සො අඤ්ඤං ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. අවහාරකො පතිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. සො තං භණ්ඩං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. ආණාපකස්ස ච අවහාරකස්ස ච ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT37. ‘මේ නම් ඇත්තේ මේ නම් බඩුව පැහැර ගනී වා’ යි මේ නම් ඇත්තේ මේ නම් ඇත්තහුට කියා වා යි ‘මේ නම් ඇත්තහුට කියව’ යි මහණෙක් මහණකුට අණවා නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ (අසවලාට මෙසේ කියව යි) අනෙකෙකු හට අණ කරයි නම් දුකුළාඇවැත් වේ. අවහාරක තෙමේ පිළිගනී නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ ඒ බඩුව සොරකම් කෙරේ නම් මූලිකයා හට ඇවැත් නො වේ. අණවන්නහුට ද පැහැර ගන්නහුට ද පරිජිඇවැත් වේ.
Pali BJT38. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො ගන්ත්වා පුන පච්චාගච්ඡති ‘නාහං සක්කොමි තං භණ්ඩං අවහරිතු’න්ති. සො පුන - ආණාපෙති ‘යදා සක්කොසි තදා තං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
Sinhala BJT38. මහණෙක් මහණකුට, ‘මේ නම් බඩුව සොරකම් කරව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ ගොස් ‘ඒ බඩුව ගන්නට මම නො සමත් මි’ යි පෙරළා එයි. මහණ තෙමේ ‘යම් දවසක සමත් වී නම් ඒ දවසෙහි ඒ බඩුව පැහැර ගනුව’ යි නැවත අණවා නම් දුකුළාඇවැත් වේ. ඒ මහණ තෙමේ බඩුව සොරකම් කරයි නම් දෙදෙනාහට ම පරිජිඇවැත් වේ.
Pali BJT39. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො ආණාපෙත්වා විප්පටිසාරී න සාවෙති ‘මා අවහරී’ති. සො තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
Sinhala BJT39. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරකම් කරව’ යි අණවයි නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ අණ කොට විපිළිසර වෙයි. ‘නො ගනුව’ යි නො කියයි. හේ ඒ බඩුව සොරකම් කරයි. දෙදෙනාහට ම පරිජිඇවැත් වේ.
Pali BJT40. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො ආණාපෙත්වා විප්පටිසාරී සාවෙති ‘මා අවහරී’ති. සො ‘ආණත්තො අහං තයා’ති, තං භණ්ඩං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT40. මහණෙක් මහණකුට ‘මෙනම් බඩුව සොරකම් කරව’ යි අණවා නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ අණ කොට විපිළිසර වූයේ ‘නො ගනුව’ යි අස්වයි. හේ ‘තා විසින් මම අණ කරණ ලද්දෙමි’ යි ඒ බඩුව සොරකම් කරයි. මූලිකයා හට ඇවැත් නො වේ. පැහැර ගන්නහුට පරිජිඇවැත් වේ.
Pali BJT41. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො ආණාපෙත්වා විප්පටිසාරී සාවෙති ‘මා අවහරී’ති. සො ‘සුට්ඨූ’ති{1} ඔරමති, උභින්නං අනාපත්ති.
Sinhala BJT41. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව ගනු ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ අණවා විපිළිසර වූයේ ‘නො ගනුව’ යි අස්වයි. හේ ‘මැනවැ’ යි අත්හරියි. දෙදෙනාට ම ඇවැත් නො වේ.
Pali BJT42. පඤ්චහාකාරෙහි{2} අදින්නං ආදියන්තස්ස ආපත්ති පාරාජිකස්ස පරපරිග්ගහිතඤ්ච හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ගරුකො ච හොති පරික්ඛාරො, පඤ්චමාසකො වා අතිරෙකපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT42. හිමියන් නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් පරිජිඇවැත් වේ. අනුන් අයත් දෙයක් වේ ද, අනුන් අයත් යැයි හැඟීම් ඇත්තෙක් වේ ද, පස් මස්සක් හෝ අයිරා පස් මස්සක් හෝ අගනා ගරු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT43. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස: පරපරිග්ගහිතඤ්ච හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ලහුකො ච හොති පරික්ඛාරො, අතිරෙකමාසකො වා ඌනපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT43. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් ථුලැසිඇවැත් වේ. අනුන් සතු දෙයක් වෙයි ද, අනුන් සතු යැයි හැඟීම් ඇත්තේ වෙයි ද, මස්සකට වැඩි වූ හෝ පස් මස්කට අඩු වූ ලඝු පිරිකරක් වෙයි ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් ථුලැසිඇවැත් වේ.
Pali BJT44. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස: පරපරිග්ගහිතඤ්ච හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ලහුකො ච හොති පරික්ඛාරො, මාසකො වා ඌනමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT44. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් දුකුළාඇවැත් වේ. මෙරමා සතු දැයකුත් වේ ද, මෙරමා සතුය යන හැඟීම් ඇත්තේත් වේ ද, මස්සක් හෝ උනුමස්සක් හෝ අගනා ලඝු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් දුකුළාඇවැත් වේ.
Pali BJT45. ඡහි ආකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති පාරාජිකස්ස: න ච සකසඤ්ඤී, න ච විස්සාසගාහී{3}, න ච තාවකාලිකං, ගරුකො ච හොති පරික්ඛාරො, පඤ්චමාසකො වා අතිරෙකපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT45. නුදුන් දැය පැහැර ගන්නහුට ආකාර සයෙකින් පරිජිඇවැත් වේ. ‘මෙය මා සතු ය’ යන හැඟීම් නැත්තේත් වේ ද, විශ්වාසග්‍රාහය නැත්තේත් වේ ද, තාවකාලිකත් නො වෙයි ද, මසු පසක් හෝ අයිරිත් මසු පසක් අගනා ගරු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
Pali BJT46. ඡහි ආකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. න ච සකසඤ්ඤී, න ච විස්සාසගාහී, න ච තාවකාලිකං, ලහුකො ච හොති පරික්ඛාරො අතිරෙකමාසකො වා ඌනපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT46. නුදුන් දැය ගන්නහුට අයුරු සයකින් ථුලැසිඇවැත් වේ. ‘මා සතු ය’ යන හැඟීම් නැත්තේ වේ ද, විශ්වාසග්‍රාහය නැත්තේ වේ ද, තව්කැලිත් නො වේ ද, මස්සකින් වැඩි වූ මසු පසකින් අඩු වූ ලුහු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් ථුලැසිඇවැත් වේ.
Pali BJT47. ඡහි ආකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස. න ච සකසඤ්ඤී, න ච විස්සාසගාහී, න ච තාවකාලිකං, ලහුකො ච හොති පරික්ඛාරො, මාසකො වා ඌනමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT47. නුදුන් දැය පැහැර ගන්නහුට අයුරු සයෙකින් දුකුළාඇවැත් වේ. ‘තමා සතු ය’ යන හැඟීම් නැත්තේත් වේ ද, විශ්වාසග්‍රාහය නැත්තේත් වේ ද, තව්කැලිත් නො වේ ද, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා ලුහු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් දුකුළාඇවැත් වේ.
Pali BJT48. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස. න ච පරපරිග්ගහිතං හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ගරුකො ච හොති පරික්ඛාරො, පඤ්චමාසකො වා අතිරෙකපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT48. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් දුකුළාඇවැත් වේ. අනුන් අයිති දැයක් නො වෙයි ද, අනුන් අයත් යැ යි හැඟීම ඇත්තේ වෙයි ද, මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා ගරු පිරිකරකුත් වෙයි ද, සොර සිතක් එළඹ සිටියේ වෙයි ද, ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් දුකුළාඇවැත් වේ.
Pali BJT49. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස. න ච පරපරිග්ගහිතං හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ලහුකො ච හොති පරික්ඛාරො, අතිරෙකමාසකො වා ඌනපඤ්චමාසකො වා, ථෙය්ය චිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT49. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් දුකුළාඇවැත් වේ. අනුන් අයිති දැයකුත් නො වෙයි ද, අනුන් අයත් යැ යි හැඟීම ඇත්තේත් වෙයි ද, අයිරා මස්සක් හෝ උනුපස් මස්සක් හෝ අගනා ලඝු පිරිකරකුත් වෙයි ද, සොර සිතත් එළඹ සිටියේ වෙයි ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තුබූ තැනින් මුදවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT50. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස. න ච පරපරිග්ගහිතං හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ලහුකො ච හොති පරික්ඛාරො, මාසකො වා ඌනමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT50. පස් අයුරකින් නුදුන් දැය ගන්නහුට දුකුළාඇවැත් වෙයි: අනුන් අයිති දැයක් නො වෙයි ද, අනුන් අයත් යයි හැඟීම ඇත්තේ වෙයි ද, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා ලඝු පිරිකරකුත් වෙයි ද, සොර සිතත් එළඹ සිටියේ වෙයි ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් මුදවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT51. අනාපත්ති සසඤ්ඤිස්ස{1}, විස්සාසග්ගාහෙ, තාවකාලිකෙ, පෙතපරිග්ගහෙ, තිරච්ඡානගතපරිග්ගහෙ, පංසුකූලසඤ්ඤිස්ස, උම්මත්තකස්ස, ඛිත්තචිත්තස්ස වෙදනට්ටස්ස,{2} ආදිකම්මිකස්සාති.{3}
Sinhala BJT51. (මේ වස්තුව) මා සතුය යන හැඟීම් ඇත්තාහට ද, විශ්වාස ග්‍රාහය ඇති කල්හි ද, තව්කැලියෙහි ද, ප්‍රේතයන් සතු දැයෙහි ද, තිරිසනුන් සතු දැයෙහි ද, පාංශුකූල සංඥාවෙන් ගන්නහුට ද, උන්මත්තකයාට ද, වික්‍ෂිප්ත සිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළුනහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නො වේ.
Pali BJTඅදින්නාදානම්හි පඨමභාණවාරො නිට්ඨිතො.
Sinhala BJTඅදින්නා දාන ශික්‍ෂා පදයෙහි පළමු වන බණවර නිමි.
Pali BJTවිනීතවත්ථු
Sinhala BJTවිනිශ්චිත කථාවස්තු
Pali BJTඋද්දානගාථා:
Sinhala BJTඋද්දාන ගාථා:
Pali BJTරජකෙහි පඤ්ච අක්ඛාතා, චතුරො අත්ථරණෙහි ච, අන්ධකාරෙන වෙ පඤ්ච, පඤ්චහාරණකෙන ඡ.
Sinhala BJTරජක බඩු විසින් වස්තු පසෙක් ද අත්‍ථරණ නිසා සතරෙක් ද අන්‍ධකාරයෙන් පසක් ද හාරක විසින් පසක් හා සයෙක් ද කියන ලද හ. (25)
Pali BJTනිරුත්තියා පඤ්ච අක්ඛාතා වාතෙහි අපරෙ දුවෙ, අසම්භින්නෙ කුසාපාතො ජන්තග්ගෙන{1} සහා දස.
Sinhala BJTනිරුත්තියෙන් පසෙක් ද වාතයෙන් දෙකෙක් ද අසම්භින්න කුසාපාතජන්තග්ග වස්තු තුන සමඟ දසයෙක් කියන ලදි. (10)
Pali BJTවිඝාසෙහි පඤ්ච අක්ඛාතා පඤ්ච චෙව අමූලකා දුබ්භික්ඛෙ කුරමංසඤ්ච පූවසක්ඛලිමොදකා.
Sinhala BJTවිඝාස විසින් පසෙක් ද අමූලක පසෙක් ද දුර්භික්‍ෂයෙහි කුර - මංස - පූව - සක්ඛලික - මෝදක වශයෙන් පසෙක් ද කියන ලද හ. (15)
Pali BJTසපරික්ඛාරථවිකං{2} භිසිවංසා න නික්ඛමෙ, ඛාදනීයඤ්ච විස්සාසං සසඤ්ඤායපරෙ දුවෙ.
Sinhala BJTපරික්ඛාර වස්තු සතරෙකි, සකපරික්ඛාර එකෙකි, ථවිකා - භිසි - චීවරවංස - න නික්ඛම වසයෙන් සතරෙකි, ඛාදනීය නිසා එකෙකි. තවත් සසඤ්ඤා විසින් දෙකෙකි. (12)
Pali BJTසත්ත නාවහරාමාති, සත්තචෙව අවාහරුං, සඞ්ඝස්ස අවහරුං සත්ත පුප්ඵෙහි අපරෙ දුවෙ.
Sinhala BJTනාවහරාමයී සතෙකි, අවාහරුංයී සතෙකි, සඞ්ඝසන්තක අවහාර සතෙකි, පුප්ඵාරාම විසින් තවත් දෙකෙකි. (23)
Pali BJTතයො ච වුත්තවාදිනො මණි තීණි අතික්කමෙ, සූකරා ච මිගා මච්ඡා යානඤ්චාපි පවට්ටයී.
Sinhala BJTවුත්තවාදී තුනෙකි, මණි අතික්කම තුනෙකි, සූකර දෙකෙකි. මිග දෙකෙකි. මච්ඡ දෙකෙකි. යානය පෙරළීයයි කී එකෙකි. (13)
Pali BJTදුවෙ පෙසී දුවෙ දාරු{3}, පංසුකූලං දුවෙ දකා, අනුපුබ්බවිධානෙන තදඤ්ඤො න පරිපූරයි.
Sinhala BJTමංස පේසි දෙකෙකි. දාරු දෙකෙකි. පංසුකූල එකකි. උදක (නදී) දෙකෙකි. අනුපුබ්බ සංවිධාන ‘නපරිපූරී’ සමඟ දෙකෙකි. එයින් අන්‍ය වූ එකකි. (10)
Pali BJTසාවත්ථියා චතුරො මුට්ඨී ද්වෙ විඝාසා දුවෙ තිණා, සඞ්ඝස්ස භාජයුං සත්ත සත්ත චෙව අසාමිකා.
Sinhala BJTසැවතෙහි මුට්ඨි වත්‍ථු සතරෙකි. විඝාස දෙකෙකි. තිණ දෙකෙකි. සඞ්ඝභාජන සතෙකි. අසාමික විසින් සතෙකි. (22)
Pali BJTදාරුදකං{4} මත්තිකා ද්වෙ තිණානි සඞ්ඝස්ස සත්ත අවභාසිසෙය්යුං{5} සස්සාමිකං න චාපි නීහරෙය්ය හරෙය්ය සස්සාමිකං තාවකාලිකං.
Sinhala BJTදාරු - උදක - මත්තිකා වසයෙන් තුනෙකි. තිණ දෙකෙකි. අවභාසන වත්‍ථු සතෙකි. සස්සාමික නීහරෙය්‍ය - තාවකාලික හරෙය්‍ය වසයෙන් දෙකෙකි. (14)
Pali BJTචම්පා රාජගහෙ චෙව වෙසාලියා ච අජ්ජුකො, බාරාණසී ච කොසම්බී සාගලා දළ්හිකෙන චාති.
Sinhala BJTචම්පා නුවර, රජගහ නුවර, විසල්පුර, අජ්ජුක බරණැස, කොසඹෑනුවර, සාගලපුර, දල්හික යයි වත්‍ථු සයෙකි. (6) – 150
Pali BJT1. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිංසු. තෙසං කුක්කුච්චං අහොසි: භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං. කච්චි නු ඛො මයං පාරාජිකං ආපත්තිං ආපන්නා’ති . භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජිකන්ති. (1)
Sinhala BJT1. එසමයෙහි සවග මහණු රදා තොටකට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කළාහු ය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සික පද පනවන ලදි. “කිම, අපි පරිජිඇවැත් අවන්නමෝ දැ?” යි ඔවුනට කුකුස් ඇති විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළාහු ය. “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (1)
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රජකත්ථරණං ගන්ත්වා මහග්ඝං දුස්සං පස්සිත්වා ථෙය්යචිත්තං උප්පාදෙසි. තස්ස කුක්කුච්චං අහොසි: කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නො’ති.{6} භගවතො එතමත්ථං ආරොචෙසි: අනාපත්ති භික්ඛු චිත්තුප්පාදෙ’ති. (2)
Sinhala BJT2. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඉපදවීය. “කිම, මම පරිජිඇවැත් අවන්නෙම් දෝ” යි ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළේ ය. “මහණ, චිත්තෝත්පාදයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (2)
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රජකත්ථරණං ගන්ත්වා මහග්ඝං දුස්සං පස්සිත්වා ථෙය්යචිත්තො ආමසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති දුක්කටස්සාති. (3)
Sinhala BJT3. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිතැතියේ ආමර්‍ශනය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැ යි වදාළ සේක. (3)
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රජකත්ථරණං ගන්ත්වා මහග්ඝං දුස්සං පස්සිත්වා ථෙය්යචිත්තො ඵන්දාපෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති ථුල්ලච්චයස්සාති. (4)
Sinhala BJT4. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඇත්තේ සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ” යැ යි වදාළ සේක. (4)
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රජකත්ථරණං ගන්ත්වා මහග්ඝං දුස්සං පස්සිත්වා ථෙය්යචිත්තො ඨානා චාවෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං ත්වං භික්ඛු, ආපන්නො පාරාජිකන්ති. (5)
Sinhala BJT5. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඇත්තේ තුබූ තැනින් පහ කළේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක.
Pali BJT6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු මහග්ඝං උත්තරත්ථරණං පස්සිත්වා ථෙය්යචිත්තං උප්පාදෙසි -පෙ- ථෙය්යචිත්තො ආමසි. -පෙ- ථෙය්යචිත්තො ඵන්දාපෙසි -පෙ- ථෙය්යචිත්තො ඨානා චාවෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (6-9)
Sinhala BJT6. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් මාහැඟි උතුරු අතුරුණක් දැක සොර සිත් ඉපද විය ... සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලවිය. ... සොර සිත් ඇත්තේ තුබූ තැනින් පහ කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (6-9)
Pali BJT7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා භණ්ඩං පස්සිත්වා නිමිත්තං අකාසි ‘රත්තිං අවහරිස්සාමී’ති. සො තං මඤ්ඤමානො තං අවහරි -පෙ- තං මඤ්ඤමානො අඤ්ඤං අවහරි, -පෙ- අඤ්ඤං මඤ්ඤමානො තං අවහරි. -පෙ- අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි: -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (10-13)
Sinhala BJT7. එසමයෙහි එක්තරා මහණෙක් දවල් භාණ්යක් දැක ‘රෑ පැහැර ගන්නෙමි’ යි නිමිති කළේ ය. හේ ‘එයැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘එයැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (10-13)
Pali BJT8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා භණ්ඩං පස්සිත්වා නිමිත්තං අකාසි ‘රත්තිං අවහරිස්සාමී’ති. සො තං මඤ්ඤමානො අත්තනො භණ්ඩං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි: -පෙ- අනාපත්ති භික්ඛු, පාරාජිකස්ස. ආපත්ති දුක්කටස්සාති. (14)
Sinhala BJT8. එසමයෙහි එක්තරා මහණෙක් දවල් භාණ්ඩයක් දැක ‘රෑ සොරා ගන්නෙමි’ යි නිමිති කෙළේ ය. හේ තෙමේ ‘ඒ ම යැ’ යි හඟිමින් තමා සතු භාණ්ඩයක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැ යි වදාළ සේක. (14)
Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤස්ස භණ්ඩං හරන්තො සීසෙ භාරං ථෙය්යචිත්තො ආමසි. -පෙ- ථෙය්යචිත්තො ඵන්දාපෙසි. -පෙ- ථෙය්යචිත්තො ඛන්ධං ඔරොපෙසි. -පෙ- ඛන්ධෙ භාරං ථෙය්යචිත්තො ආමසි. -පෙ- ථෙය්යචිත්තො ඵන්දාපෙසි. -පෙ- ථෙය්යචිත්තො කටිං ඔරොපෙසි. -පෙ- කටියා භාරං ථෙය්යචිත්තො ආමසි. -පෙ- ථෙය්යචිත්තො ඵන්දාපෙසි. -පෙ- ථෙය්යචිත්තො හත්ථෙන අග්ගහෙසි. -පෙ- හත්ථෙ භාරං ථෙය්යචිත්තො භූමියං නික්ඛිපි. -පෙ- ථෙය්යචිත්තො භූමිතො අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි: -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (15-25)
Sinhala BJT9. එසමයෙහි එක්තරා මහණෙක් අනෙකෙකු සතු භාණ්ඩයක් ගෙණ යන්නේ හිසෙහි තුබූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලැවී ය. ... සොර සිත් ඇත්තේ කරට ගත්තේ ය. ... කරෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලැවී ය. ... සොර සිත් ඇත්තේ උකුළට ගත්තේ ය. ... උකුළෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙළේ ය. සොර සිත් ඇත්තේ සෙලැවී ය ... සොර සිත් ඇත්තේ අතින් ගත්තේ ය. ... අතෙහි වූ බර සොර සිත් ඇත්තේ බිම තැබීය. ... සොර සිත් ඇත්තේ බිමින් උඩට ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (15-25)
Pali BJT10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අජ්ඣොකාසෙ චීවරං පත්ථරිත්වා විහාරං පාවිසි. අඤ්ඤතරො භික්ඛු ‘මායිදං චීවරං නස්සී’ති පටිසාමෙසි. සො නික්ඛමිත්වා තං භික්ඛුං පුච්ඡි: ආවුසො මය්හං චීවරං කෙන අවහටන්ති. සො එවමාහ: මයා අවහටන්ති. සො තං ආදියි, ‘අස්සමණොසි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි: -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසි. කිංචිත්තො ත්වං භික්ඛූ?ති. ‘නිරුත්තිපථො අහං, භගවා’ති. අනාපත්ති භික්ඛු නිරුත්තිපථෙ’ති. (26)
Sinhala BJT10. එසමයෙහි එක්තරා මහණෙක් අභ්‍යවකාශයෙහි සිවුරක් අතුට විහාරයට ගියේ ය. එක්තරා මහණෙක් ‘මේ සිවුර නො වැනසේ වා’ යි තැම්පත් කොට තැබී ය. ඒ මහණ තෙමේ නික්ම ගොස් “ඇවත, මාගේ සිවුර කවරකු විසින් පැහැර ගන්නා ලද දැ” යි ඒ මහණ විචාළේ ය. ‘ම විසින් පැහැර ගන්නා ලද යැ’ යි ඒ මහණ කීය. හේ තෙමේ ‘තෝ අශ්‍රමණයෙහි යැ’ යි කියා එය ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළේ ය. “මහණ, තෝ කෙබඳු සිතැතියෙහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් ව්‍යවහාර වචන ඇත්තෙම් වෙමි” යි හේ කීය. “මහණ, ව්‍යවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (26)
Pali BJT11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පීඨෙ චීවරං නික්ඛිපිත්වා. -පෙ- පීඨෙ නිසීදනං නික්ඛිපිත්වා -පෙ- හෙට්ඨාපීඨෙ පත්තං නික්ඛිපිත්වා විහාරං පාවිසි. අඤ්ඤතරො භික්ඛු ‘මායං පත්තො නස්සී’ති පටිසාමෙසි. සො නික්ඛමිත්වා තං භික්ඛුං පුච්ඡි: ‘ආවුසො මය්හං පත්තො කෙන අවහටො’ති. සො එවමාහ: ‘මයා අවහටො’ති. සො තං ආදියි ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛු නිරුත්තිපථෙ”ති. (27-29
Sinhala BJT11. එසමයෙහි එක්තරා මහණෙක් පුටුවක් මත සිවුර බහා තබා ... පුටුවක් මත නිසීදනය බහා තබා ... පුටුවක් යට පාත්‍රය බහා තබා විහාරයට ගියේ ය. එක්තරා මහණෙක් ‘මේ පාත්‍රය නො නැසේ ව’ යි තැම්පත් කොට තැබී ය. ඒ මහණ නික්ම අවුත් තෙල මහණගෙන් “ඇවත, මාගේ පාත්‍රය කවරකු විසින් පැහැර ගන්නා ලද දැ” යි විචාළේ ය. හේ තෙමේ ‘ම විසින් පැහැර ගන්නා ලද යැ’ යි මෙසේ කීය. හේ ‘තෝ අශ්‍රමණයෙහි යැ’ යි කියා එය ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, ව්‍යවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (27-29)
Pali BJT12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී වතියා චීවරං පත්ථරිත්වා විහාරං පාවිසි. අඤ්ඤතරා භික්ඛුනී ‘මායිදං චීවරං නස්සී’ති පටිසාමෙසි. සා නික්ඛමිත්වා තං භික්ඛුනිං පුච්ඡි: ‘අය්යෙ මය්හං චීවරං කෙන අවහට’න්ති. සා එවමාහ: ‘මයා අවහට’න්ති. සා තං ආදියි අස්සමණී’සි ත්ව’න්ති. තස්සා කුක්කුච්චං අහොසි. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනාපත්ති භික්ඛවෙ නිරුත්තිපථෙ”ති. (30)
Sinhala BJT12. එසමයෙහි එක්තරා මෙහෙණක් වැටේ සිවුර අතුට විහාරයට ගියා ය. එක්තරා මෙහෙණක් ‘මේ සිවුර නො නැසේ ව’ යි තැම්පත් කොට තැබුවා ය. ඕ නික්මවුත් ඒ මෙහෙණගෙන් ‘ආර්‍ය්‍යාවෙනි, මාගේ සිවුර කවරකු විසින් පැහැර ගන්නා ලද දැ?’ යි මෙසේ විචාළා ය. ‘මා විසින් පැහැර ගන්නා ලද යැ’ යි ඕ මෙසේ කීවා ය. ඒ මෙහෙණ එය ගත්තී ය. ‘තෝ නො මෙහෙණකැ’ යි කිවු ය. ඈට කුකුස් විය. ඉන් පසු ඒ මෙහෙණ මෙහෙණන්ට මේ පවත් දැන්වූවා ය. මෙහෙණහු භික්‍ෂූන්ට මේ පවත් සැල කළාහු ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළාහු ය. “මහණෙනි, ව්‍යාවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (30)
Pali BJT13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වාතමණ්ඩලිකාය උක්ඛිත්තං සාටකං පස්සිත්වා ‘සාමිකානං දස්සාමී’ති අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: ‘අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- කිංචිත්තො ත්වං භික්ඛූ’ති. ‘අථෙය්යචිත්තො අහං භගවා’ති. “අනාපත්ති භික්ඛු අථෙය්යචිත්තස්සා”ති. (31)
Sinhala BJT13. එසමයෙහි එක්තරා මහණෙක් පෙයාසුළඟින් නඟන ලද සළුවක් දැක ‘හිමියන්ට දෙමි’ යි ගත්තේ ය. ‘තෝ අශ්‍රමණයෙක් වෙහි ය’ යි හිමිහු ඒ මහණ හට චෝදනා කළාහු ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ තෝ කෙබඳු සිතැත්තෙහි දැ?” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො සොර සිත් ඇත්තෙම් වීමි” යි කීය. “මහණ, සොර සිත් නැත්තහුට ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (31)