Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT68. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං අමනුස්සිත්ථියා -පෙ- තිරච්ඡානගතිත්ථියා -පෙ- මනුස්සුභතොබ්යඤ්ජනකස්ස -පෙ- අමනුස්සුභතොබ්යඤ්ජනකස්ස -පෙ- තිරච්ඡානගතූභතොබ්යඤ්ජනකස්ස -පෙ- වච්චමග්ගං -පෙ- පස්සාවමග්ගං -පෙ- මුඛං -පෙ- මනුස්සපණ්ඩකස්ස -පෙ- අමනුස්සපණ්ඩකස්ස -පෙ- තිරච්ඡානගතපණ්ඩකස්ස -පෙ- මනුස්සපුරිසස්ස -පෙ- අමනුස්සපුරිසස්ස -පෙ- තිරච්ඡානගතපුරිසස්ස සන්තිකෙ ආනෙත්වා අඞ්ගජාතෙන වච්චමග්ගං -පෙ- මුඛං අභිනිසීදෙන්ති සන්ථතස්ස අසන්ථතස්ස -පෙ- අසන්ථතස්ස සන්ථතස්ස -පෙ- සන්ථතස්ස සන්ථතස්ස, -පෙ- අසන්ථතස්ස අසන්ථතස්ස -පෙ- සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති අනාපත්ති.
Sinhala BJT68. වෛරී භික්‍ෂුහු මහණකු නොමිනිස් මාගමකගේ ... තිරිසන්ගිය මාගමකගේ ... මිනිස් දෙහදන් ඇතියකුගේ ... නොමිනිස් දෙහදන් ඇතියකුගේ ... තිරිසන් ගිය දෙහදන් ඇතියකුගේ ... මිනිස් පණ්ඩකයකුගේ ... නොමිනිස් පණ්ඩකයකුගේ ... තිරිසන් ගිය පණ්ඩකයකුගේ ... මිනිස් පිරිමියකුගේ ... නොමිනිස් පිරිමියකුගේ ... තිරිසන්ගිය පිරිමියකුගේ සමීපයට ගෙණවුත් රහසඟින් වසමගෙහි ... මුවෙහි ... හිඳුවද්ද, තිරිසන් ගිය පිරිමියකුගේ පිළිසන් ... මහණහුගේ නො පිළිසන් ... තිරිසන් ගිය පිරිමියකුගේ නො පිළිසන් ... මහණහුගේ පිළිසන් ... තිරිසන් ගිය පිරිමියකුගේ පිළිසන් ... මහණහුගේ පිළිසන් ... තිරිසන් ගිය පිරිමියකුගේ නො පිළිසන් ... මහණහුගේ නො පිළිසන් ... ඉදින් හෙතෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT69. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං -පෙ- තිරච්ඡානගතපුරිසස්ස ජාගරන්තස්ස -පෙ- සුත්තස්ස -පෙ- මත්තස්ස -පෙ- උම්මත්තස්ස -පෙ- පමත්තස්ස -පෙ- මතස්ස අක්ඛයිතස්ස -පෙ- මතස්ස යෙභුය්යෙන අක්ඛයිතස්ස -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT69. වෛරී භික්‍ෂුහු මහණකු නොනිදි තිරිසන්ගිය පිරිමියකුගේ ... නිදි ගත් ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළා වූ ක්‍ෂීණ නො වූ ... මළා වූ බෙහෙවින් ක්‍ෂීණ නො වූ ... ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT70. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං -පෙ- තිරච්ඡානගත පුරිසස්ස මතස්ස යෙභුය්යෙන ඛයිතස්ස සන්තිකෙ ආනෙත්වා අඞ්ගජාතෙන වච්චමග්ගං -පෙ- මුඛං අභිනිසීදෙන්ති සන්ථතස්ස අසන්ථතස්ස -පෙ- අසන්ථතස්ස සන්ථතස්ස -පෙ- සන්ථතස්ස සන්ථතස්ස -පෙ- අසන්ථතස්ස අසන්ථතස්ස -පෙ- සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT70. වෛරී භික්‍ෂුහු මහණහු ... මළා වූ බෙහෙවින් ක්‍ෂීණ වූ තිරිසන් ගිය පිරිමියකුගේ සමීපයට ගෙණවුත් රහසඟින් වසමගෙහි ... මුවෙහි ... හිඳුවද්ද පිළිසන් මහණහුගේ ... නො පිළිසන් තිරිසන් ගිය පිරිමියකුගේ ... නො පිළිසන් මහණහුගේ ... පිළිසන් තිරිසන් ගියහුගේ ... පිළිසන් මහණහුගේ ... පිළිසන් තිරිසන් ගියහුගේ ... නො පිළිසන් මහණහුගේ ... නො පිළිසන් ... ඉදින් හෙතෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT71. රාජපච්චත්ථිකා -පෙ- චොරපච්චත්ථිකා -පෙ- ධුත්තපච්චත්ථිකා -පෙ- උප්පලගන්ධපච්චත්ථිකා -පෙ- ආපත්ති -පෙ- අනාපත්ති [භික්ඛු පච්චත්ථිකෙසු විය විත්ථාරෙතබ්බං] (සන්ථතං වණ්ණිත මෙව.)
Sinhala BJT71. සතුරු රජවරු ... සතුරු සොරු ... සතුරු ධූර්‍තයෝ ... බිලියම් පිණිස හදවත උපුටා ගන්නා සතුරෝ ... ඉවසා ද, ඇවැත් වේ. නො ඉවසා ද, ඇවැත් නො වේ. [වෛරී භික්‍ෂුහු වාරයන්හි මෙන් විස්තර කටයුතු]. (පිළිසන්වූව වර්‍ණනා කරණ ලද්දේ ම ය.)
Pali BJT72. මග්ගෙන මග්ගං පවෙසෙති, ආපත්ති පාරාජිකස්ස. මග්ගෙන අමග්ගං පවෙසෙති, ආපත්ති පාරාජිකස්ස. අමග්ගෙන මග්ගං පවෙසෙති, ආපත්ති පාරාජිකස්ස. අමග්ගෙන අමග්ගං පවෙසෙති, ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT72. මගින් මග මෙහෙයා නම් පරිජි ඇවැත් වේ. මගින් නොමග මෙහෙයා නම් පරිජි ඇවැත් වේ. නොමගින් මග මෙහෙයා නම් පරිජි ඇවැත් වේ. නො මගින් නොමග මෙහෙයා නම් ථුලැසි ඇවැත් වේ.
Pali BJT73. භික්ඛු සුත්තභික්ඛුම්හි විප්පටිපජ්ජති, පටිබුද්ධො සාදියති, උභො නාසෙතබ්බා. පටිබුද්ධො න සාදියති, දූසකො නාසෙතබ්බො.
Sinhala BJT73. මහණ තෙමේ නිදි ගත් මහණකු කෙරෙහි වරදවා පිළිපදී ද, පිබිදියේ ඉවසා නම් දෙදෙනා ම ලිඞ්ගනාසනයෙන් නැසිය යුත්තාහ. පිබිද නො ඉවසා නම් දූෂකයා ලිඞ්ගනාසනයෙන් නැසිය යුත්තේ ය.
Pali BJT74. භික්ඛු සුත්තසාමණෙරම්හි විප්පටිපජ්ජති, පටිබුද්ධො සාදියති, උභො නාසෙතබ්බා. පටිබුද්ධො න සාදියති, දූසකො නාසෙතබ්බො.
Sinhala BJT74. මහණ තෙමේ නිදි ගත් හෙරණකු කෙරෙහි වරදවා පිළිපදී ද, පිබිදියේ ඉවසා නම් දෙදෙන ම ලිඞ්ගනාසනයෙන් නැසිය යුත්තාහ. පිබිදියේ නොඉවසා නම් දූෂකයා නැසිය යුත්තේ ය.
Pali BJT75. සාමණෙරො සුත්තභික්ඛූම්හි විප්පටිපජ්ජති, පටිබුද්ධො සාදියති, උභො නාසෙතබ්බා. පටිබුද්ධො න සාදියති, දූසකො නාසෙතබ්බො.
Sinhala BJT75. හෙරණ තෙමේ නිදි ගත් මහණකු කෙරෙහි වරදවා පිළිපදී ද, පිබිදියේ ඉවසා නම් දෙදෙනා ම නැසිය යුත්තාහ. පිබිදියේ නො ඉවසා නම් දූෂකයා ලිඞ්ගනාසනයෙන් නැසිය යුත්තේ ය.
Pali BJT76. සාමණෙරො සුත්තසාමණෙරම්හි විප්පටිපජ්ජති, පටිබුද්ධො සාදියති, උභො නාසෙතබ්බා. පටිබුද්ධො න සාදියති, දූසකො නාසෙතබ්බො.
Sinhala BJT76. හෙරණ තෙමේ නිදි ගත් හෙරණකු කෙරෙහි වරදවා පිළිපදී ද, පිබිදියේ ඉවසා නම් දෙදෙන ම නැසිය යුත්තාහ. පිබිදියේ නො ඉවසා නම් දූෂකයා නැසිය යුත්තේ ය.
Pali BJT77. අනාපත්ති අජානන්තස්ස අසාදියන්තස්ස උම්මත්තකස්ස ඛිත්තචිත්තස්ස වෙදනට්ටස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT77. නොදන්නහුට නොඉවසන්නහුට උමතු වූවහුට, යක්‍ෂෝන්මාදයෙන් උමතු වූවහුට, වේදනාවෙන් පීඩිත වූවහුට ආදිකම්මිකයාට ඇවැත් නො වේ.
Pali BJTසන්ථත භාණවාරො නිට්ඨිතො.
Sinhala BJTසන්‍ථත බණවර නිමි.
Pali BJTවිනීතවත්ථු
Sinhala BJTවිනිශ්චිත කථාවස්තු
Pali BJTඋද්දානගාථා:
Sinhala BJTඋද්දාන ගාථාවෝ:
Pali BJTමක්කටී වජ්ජිපුත්තා ච ගිහී නග්ගො ච තිත්ථියා, දාරිකුප්පලවණ්ණා ච බ්යඤ්ජනෙහිපරෙ දුවෙ.
Sinhala BJTමක්කටී වජ්ජිපුත්තක ගිහී නග්න තිත්‍ථිය වස්තුහු ය, දාරිකා උප්පලවණ්ණා වස්තු දෙක ය, අන්‍ය වූ බ්‍යඤ්ජන වස්තු දෙක ය, (15)
Pali BJTමාතා ධීතා භගිනී ච ජායා ච මුදු ලම්බිනො{1}, ද්වෙ වණාලෙපචිත්තඤ්ච දාරුධීතලිකාය ච.
Sinhala BJTමාතු දුහිතු භගිනි ජායා වස්තුහු ය, මුදුපිට්ඨී ලම්බී වස්තු දෙක ය, වණවත්‍ථු දෙක ය, දාරුධීතලිකා වස්තුව සමග ආලේපචිත්ත වස්තු ය, (10)
Pali BJTසුන්දරෙන සහ පඤ්ච පඤ්ච සිවථිකට්ඨිකා, නාගී යක්ඛී ච පෙතී ච පණ්ඩකොපහතො ඡුපෙ.
Sinhala BJTසුන්‍දර වස්තුව සමග වස්තු පස හා සීවථික වස්තු පසය, අට්ඨිකවස්තුව ය, යක්ඛී නාගී පේතී පණ්ඩක උපහත ඡුපිත යන වස්තුහු ය, (17)
Pali BJTභද්දියෙ අරහං සුත්තො සාවත්ථියා චතුරො පරෙ, වෙසාලියා තයො මල්ලා සුපිනෙ භාරුකච්ඡකො.
Sinhala BJTභද්දිය නුවර සුත්ත අරහ වස්තුව ය. අන්‍ය වූ සැවැතෙහි වස්තු සතර ය, විසල්පුර මල්ල වස්තු තුණ ය, සුපින වස්තුව ය, භාරුකච්ඡක වස්තුව ය. (10)
Pali BJTසුපබ්බා සද්ධා භික්ඛුනී සික්ඛමානා සාමණෙරී ච, වෙසියා පණ්ඩකො ගිහී අඤ්ඤමඤ්ඤං බුඩ්ඪපබ්බජිතො මිගො ති.
Sinhala BJTසුපබ්බා වස්තු නව ය, සද්ධා වස්තු නව ය, භික්ඛුණී වස්තුව ය, සික්ඛමානා සාමණෙරී වස්තු දෙක ය, වේසී පණ්ඩක ගිහි වස්තු තුණ ය, අඤ්ඤමඤ්ඤ බුඩ්ඪපබ්බජිත මිග වස්තු ය යන මොහු වෙත්. (27)
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මක්කටියා මෙථුනං ධම්මං පතිසෙවි{2}. තස්ස කුක්කුච්චං අහොසි. භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං. කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නො’ති. භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (1)
Sinhala BJT1. එ සමයෙහි එක්තරා මහණෙක් වැඳිරියක හා මෙවුන්දම් සෙවී ය. “භාග්‍යවතුන්වහන්සේ විසින් සික පද පනවන ලදී. කිම, මම පරිජි ඇවැත් අවන්නෙම් දෝ?” යි ඔහුට කුකුසෙක් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (1)
Pali BJT2. තෙන ඛො පන සමයෙන සම්බහුලා වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවිංසු. තෙසං කුක්කුච්චං අහොසි: භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං. කච්චි නු ඛො මයං පාරාජිකං ආපත්තිං ආපන්නා’ති. භගවතො එතමත්ථං අරොචෙසුං -පෙ- ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජිකන්ති. (2)
Sinhala BJT2. එ සමයෙහි විසල්පුර වැසි බොහෝ වජ්ජිපුත්තක භික්‍ෂුහු සික පිළිකෙව් නො කොට දුබල බව් පළ නො කොට මෙවුන්දම් සෙවූහ. “භාග්‍යවතුන් වහන්සේ විසින් සික පදයක් පණවන ලදී. කිම, අපි පරිජි ඇවැත් අවන්නමෝ දැ?”යි ඔවුනට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජි ඇවැත් අවන්නහු ය”. (2)
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එවං මෙ අනාපත්ති භවිස්සතීති ගිහීලිඞ්ගෙන මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (3)
Sinhala BJT3. එසමයෙහි එක්තරා මහණෙක් ‘මෙසේ මට ඇවැත් නොවන්නේය’යි ගිහි වෙසින් මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (3)
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එවං මෙ අනාපත්ති භවිස්සතීති නග්ගො හුත්වා මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (4)
Sinhala BJT4. එ සමයෙහි එක්තරා මහණෙක් තෙමේ ‘මෙසේ මට ඇවැත් නොවන්නේය’යි නග්න ව සිවුර ඉවත ලා මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (4)
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එවං මෙ අනාපත්ති භවිස්සතීති කුසචීරං නිවාසෙත්වා -පෙ- වාකචීරං නිවාසෙත්වා -පෙ- ඵලකචීරං නිවාසෙත්වා -පෙ- කෙසකම්බලං නිවාසෙත්වා -පෙ- වාලකම්බලං නිවාසෙත්වා -පෙ- උලූකපක්ඛං{1} නිවාසෙත්වා -පෙ- අජිනක්ඛිපං නිවාසෙත්වා මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (5-11)
Sinhala BJT5. එසමයෙහි එක්තරා මහණෙක් තෙමේ මෙසේ මට ඇවැත් නොවන්නේය යි කුසතණ වැහැරි හැඳ ... නියඳ වැහැරි හැඳ ... පුවරු සටහනින් මසා කළ වැහැරි හැඳ ... කෙස්වලින් කළ කම්බිලි හැඳ ... සෙමර වලින් කළ කම්බිලි හැඳ ... මහමුහුණු පියාපතින් කළ වැහැරි හැඳ ... ලොම් කුර සහිත අඳුන් දිවිසම් හැඳ ... මෙවුන් දම් සෙවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණෙ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (5-11)
Pali BJT6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු පීඨකෙ නිපන්නං දාරිකං පස්සිත්වා සාරත්තො අඞ්ගුට්ඨං අඞ්ගජාතං පවෙසෙසි. සා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සඞ්ඝාදිසෙසස්සා”ති. (12)
Sinhala BJT6. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් පුටුවක හොත් දැරියක් දැක කායසංසග්ගරාගයෙන් යුක්තවූයේ මාපටැඟිල්ල අංගජාතයට ප්‍රවිෂ්ට කෙළේ ය. ඕ කලුරිය කළා ය. ඔහුට කුකුසෙක් විය. ...“මහණ පරිජි ඇවත් නො වේ. සඟ වෙසෙස් ඇවත් වේ.” (12)
Pali BJT7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො මාණවකො උප්පලවණ්ණාය භික්ඛුනියා පටිබද්ධචිත්තො හොති. අථ ඛො සො මාණවකො උප්පලවණ්ණාය භික්ඛුනියා ගාමං පිණ්ඩාය පවිට්ඨාය කුටිකං පවිසිත්වා නිලීනො අච්ඡි. උප්පලවණ්ණා භික්ඛුනී පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා පාදෙ පක්ඛාලෙත්වා කුටිකං පවිසිත්වා මඤ්චකෙ නිසීදි. අථ ඛො සො මාණවකො උප්පලවණ්ණං භික්ඛුනිං උග්ගහෙත්වා දූසෙසි. උප්පලවණ්ණා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනාපත්ති භික්ඛවෙ අසාදියන්තියා”ති. (13)
Sinhala BJT7. එසමයෙහි එක්තරා මාණවකයෙක් උපුල්වන් මෙහෙණ කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ වෙයි. ඉක්බිති ඒ මාණවක තෙමේ උපුල්වන් මෙහෙණ ගමට පිඬු පිණිස වන් කල්හි කිළියට වැද සැඟවී හුන. උපුල්වන් මෙහෙණ පසුබත් කාලයෙහි පිඬු සිඟා පෙරළා පැමිණියා පා සෝදා කිළියට පිවිස ඇඳෙහි හුන්නු ය. ඉක්බිති ඒ තරුණයා උපුල්වන් මෙහෙණ මැඩ ගෙණ දූෂණය කෙළේ ය. උපුල්වන් මෙහෙණ තෙල කරුණ භික්‍ෂුණීන්ට සැළ කළා ය. භික්‍ෂුණීහු භික්‍ෂුන්ට මේ කරුණ සැළ කළාහු ය. භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට එය සැළ කළාහු ය. ... “මහණෙනි, නොඉවසන්නියට ඇවැත් නො වේ.” (13)
Pali BJT8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිඞ්ගං පාතුභූතං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං “අනුජානාමි, භික්ඛවෙ තඤ්ඤෙව උපජ්ඣං, තමෙව උපසම්පදං, තානි වස්සානි, භික්ඛුනීහි සඞ්කමිතුං{2}, යා ආපත්තියො භික්ඛූනං භික්ඛුනීහි සාධාරණා, තා ආපත්තියො භික්ඛුනීනං සන්තිකෙ වුට්ඨාතුං, යා ආපත්තියො භික්ඛූනං භික්ඛුනීහි අසාධාරණා තාහි ආපත්තීහි අනාපත්තී”ති. (14)
Sinhala BJT8. එසමයෙහි එක්තරා මහණකුට ස්ත්‍රීනිමිත්ත පහළ විය. භාග්‍යවතුන්වහන්සේට මෙය සැළ කළාහු ය. “මහණෙනි, එම උපාධ්‍යායයන් ද, ඒ උපසපුව ද, ඒ වස් ද, භික්‍ෂුණීන් සමග එකතු වන්නට ද භික්‍ෂූන් පිළිබඳ භික්‍ෂුණීන් හා සාධාරණ යම් ඇවැත් වේ නම් ඒ ඇවැත් භික්‍ෂුණීන් වෙත දෙසා නැගී සිටින්ට ද අනුදනිමි. භික්‍ෂූන් පිළිබඳ භික්‍ෂුණීන් හා අසාධාරණ යම් ඇවැත් කෙනෙක් වෙත් නම් ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.” (14)
Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්සා{3} භික්ඛුනියා පුරිසලිඞ්ගං පාතුභූතං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ තඤ්ඤෙව උපජ්ඣං, තමෙව උපසම්පදං, තානි වස්සානි, භික්ඛූහි සඞ්කමිතුං, යා ආපත්තියො භික්ඛුනීනං භික්ඛූහි සාධාරණා තා ආපත්තියො භික්ඛූනං සන්තිකෙ වුට්ඨාතුං, යා ආපත්තියො භික්ඛුනීනං භික්ඛූහි අසාධාරණා, තාහි ආපත්තීහි අනාපත්තී”ති. (15)
Sinhala BJT9. එසමයෙහි එක්තරා භික්‍ෂුණියකට පුරුෂනිමිත්ත පහළ විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පුවත සැළ කළාහු ය. මහණෙනි එම උපාධ්‍යායයන් වහන්සේ ද, එම උපසපුව ද, ඒ වස් ගණන ද, භික්‍ෂූන් සමග එක් වන්ට ද අනුදනිමි. භික්‍ෂුණීන් පිළිබඳ භික්‍ෂූන් හා සාධාරණ යම් ඇවැත් වේ නම් ඒ ඇවැත් භික්‍ෂූන් වෙත දෙසා නැගී සිටින්නට ද අනුදනිමි. භික්‍ෂුණීන් පිළිබඳ භික්‍ෂූන් හා අසාධාරණ යම් ඇවැත් කෙනෙක් වෙත් නම් ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.” (15)
Pali BJT10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එවං මෙ අනාපත්ති භවිස්සතීති මාතුයා මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- ධීතුයා මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- භගිනියා මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (16-18)
Sinhala BJT10. එසමයෙහි එක්තරා මහණෙක් “මෙසේ මට ඇවැත් නො වන්නේය”යි මවු හා මෙවුන්දම් සෙවී ය. ... දුව හා මෙවුන් දම් සෙවී ය. ... බුහුන හා මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. භාග්‍යවතුන්වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (16-18)
Pali BJT11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පුරාණදුතියිකාය මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු, ආපන්නො පාරාජික”න්ති. (19)
Sinhala BJT11. එසමයෙහි එක්තරා මහණෙක් ගිහිකල අඹු වූ තෙනැත්තිය සමග මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි” ය. (19)
Pali BJT12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මුදුපිට්ඨිකො හොති. සො අනභිරතියා පීළිතො අත්තනො අඞ්ගජාතං මුඛෙන අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (20)
Sinhala BJT12. එසමයෙහි එක්තරා මහණෙක් මොළොක් පිටු ඇත්තෙක් වෙයි. හෙ තෙමේ අනභිරතියෙන් පෙළුනේ සිය රහසඟ මුවින් ගත්තේ ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (20)
Pali BJT13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ලම්බී හොති. සො අනභිරතියා පීළිතො අත්තනො අඞ්ගජාතං අත්තනො වච්චමග්ගං පවෙසෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු, ආපන්නො පාරාජික”න්ති. (21)
Sinhala BJT13. එසමයෙහි එක්තරා මහණෙක් එල්බෙන රහසඟ ඇත්තේ වෙයි. හේ අනභිරතියෙන් පෙළුනේ සිය රහසඟ තමාගේ වසමගෙහි මෙහෙයී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (21)
Pali BJT14. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මතසරීරං{1} පස්සි. තස්මිඤ්ච සරීරෙ අඞ්ගජාතසාමන්තා වණො හොති. සො එවං මෙ අනාපත්ති භවිස්සතීති අඞ්ගජාතෙ අඞ්ගජාතං පවෙසෙත්වා වණෙන නීහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (22)
Sinhala BJT14. එසමයෙහි එක්තරා මහණෙක් මළ සිරුරක් දිටී ය. ඒ සිරුරෙහි රහසඟ අවට ව්‍රණයෙක් වෙයි. හේ ‘මෙසේ මට ඇවැත් නොවන්නේ’ ය යි රහසඟෙහි රහසඟ මෙහෙයා ව්‍රණයෙන් බැහැර කෙළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (22)
Pali BJT15. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මතසරීරං පස්සි, තස්මිඤ්ච සරීරෙ අඞ්ගජාතසාමන්තා වණො හොති. සො එවං මෙ අනාපත්ති භවිස්සතීති වණෙ අඞ්ගජාතං පවෙසෙත්වා අඞ්ගජාතෙන නීහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (23)
Sinhala BJT15. එසමයෙහි එක්තරා මහණෙක් මළ සිරුරක් දුට. ඒ සිරුරෙහි ද රහසඟ අවට ව්‍රණයෙක් වෙයි. හෙතෙමේ “මට මෙසේ ඇවැත් නො වන්නේ ය”යි ව්‍රණයෙහි අඞ්ගජාතය මෙහෙයා අඞ්ගජාතයෙන් බැහැර කෙළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (23)
Pali BJT16. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො ලෙපචිත්තස්ස නිමිත්තං අඞ්ගජාතෙන ඡුපි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (24)
Sinhala BJT16. එසමයෙහි එක්තරා මහණෙක් රාගයෙන් ඇලුනේ සිතුවම්රුවක නිමිත්ත රහසඟින් පහළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ” (24)
Pali BJT17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො දාරුධීතලිකාය නිමිත්තං අඞ්ගජාතෙන ඡුපි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ‘අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (25)
Sinhala BJT17. එසමයෙහි එක්තරා මහණෙක් රාගයෙන් ඇලුනේ දැවමුවා පෙතැලිරුවක නිමිත්ත රහසඟින් පහළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ” (24)
Pali BJT18. තෙන ඛො පන සමයෙන සුන්දරො නාම භික්ඛු රාජගහා පබ්බජිතො රථිකාය ගච්ඡති. අඤ්ඤතරා {2}ඉත්ථි “මුහුත්තං භන්තෙ ආගමෙහි වන්දිස්සාමී’ති සා වන්දන්තී අන්තරවාසකං උක්ඛිපිත්වා මුඛෙන අඞ්ගජාතං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “සාදියි ත්වං භික්ඛූ”ති. “නාහං භගවා සාදියි”න්ති. “අනාපත්ති භික්ඛු අසාදියන්තස්සා”ති. (26)
Sinhala BJT18. එසමයෙහි රජගහනුවරින් පැවිදි වූ සුන්‍දර නම් මහණ තෙමේ වීථියෙහි යෙයි. එක්තරා ස්ත්‍රියක් “වහන්ස, මොහොතක් නවතිනු මැනව. වඳින්නෙමි”යි කීවා ය. වඳින්නී අඳනය ඔසවා රහසඟ මුවින් ගත්තී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ ඉවසූයෙහි දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් නො ඉවසීමි”යි හේ කි ය. “මහණ නොඉවසන්නහුට ඇවැත් නො වේ.” (26)
Pali BJT19. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. “අලං භගිනි නෙතං කප්පතීති”. ‘එහි භන්තෙ අහං වායමිස්සාමි, ත්වං මා වායමි. එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-. “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (27)
Sinhala BJT19. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් මහණකු දැක “වහන්ස එනු මැනවි. මෙවුන්දම් සෙවුව මැනව”යි මෙය කීවා ය. “නැගනියෙනි, කම් නැත. මෙය නො කැප ය”යි හේ කී ය. “වහන්ස, එනු මැනව. මම වෑයම් කරන්නෙමි. ඔබ නහමක් වෑයම් කරන්න. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (27)
Pali BJT20. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. අලං භගිනි නෙතං කප්පතීති. එහි භන්තෙ ත්වං වායම, අහං න වායමිස්සාමි, එවං තෙ අනාපත්ති භවිස්සතීති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (28)
Sinhala BJT20. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් මහණකු දැක “වහන්ස, එනු මැනව, මෙවුන්දම් සෙවුව මැනව”යි, මෙය කීවා ය. නැගනියෙනි, නුසුදුසු ය, මෙය නො කැපය”යි හේ කී ය. “වහන්ස, එනු මැනවි. මම වෑයම් නො කරන්නෙමි. ඔබ වෑයම් කරන්න. මෙසේ ඔබට ඇවැත් නො වන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණ හට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (28)
Pali BJT21. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. අලං භගිනි නෙතං කප්පතීති. “එහි භන්තෙ අබ්භන්තරං ඝට්ටෙත්වා බහි මොචෙහි” -පෙ- “බහි ඝට්ටෙත්වා අබ්භන්තරං මොචෙහි එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (29, 30)
Sinhala BJT21. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් මහණකු දැක “වහන්ස, එනු මැනව, මෙවුන්දම් සෙවුව මැනව”යි මෙය කී ය. “නැගනියෙනි, නුසුදුසු ය, මෙය නො කැප ය”යි හේ කී ය. “වහන්ස එනු මැනව, අබතුර ගටා බැහැර මුදන්න. ... බැහැර ගටා අබතුර මුදන්න. මෙසේ ඔබට ඇවැත් නො වන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ එසේ කෙළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (29-30)
Pali BJT22. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා අක්ඛයිතං සරීරං පස්සිත්වා තස්මිං මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (31)
Sinhala BJT22. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් නො ගෙවී ගිය සිරුරක් දැක එහි මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”. (31)
Pali BJT23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා යෙභුය්යෙන අක්ඛයිතං{1} සරීරං පස්සිත්වා තස්මිං මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (32)
Sinhala BJT23. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් බෙහෙවින් නො ගෙවී ගිය සිරුරක් දැක එහි මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”. (32)
Pali BJT24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා යෙභුය්යෙන ඛයිතං{2} සරීරං පස්සිත්වා තස්මිං මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“අනාපත්ති භික්ඛු, පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (33)
Sinhala BJT24. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් බෙහෙවින් ගෙවී ගිය සිරුරක් දැක එහි මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ”. (33)
Pali BJT25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා ඡින්නසීසං පස්සිත්වා වත්තකතෙ{3} මුඛෙ ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (34)
Sinhala BJT25. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් සුන් හිසක් දැක විවට මියෙහි පහසමින් රහසඟ පිවිසවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජිඇවැත් අවන්නෙහි ය”. (34)
Pali BJT26. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා ඡින්නසීසං පස්සිත්වා වත්තකතෙ මුඛෙ අච්ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (35)
Sinhala BJT26. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් සුන් හිසක් දැක විවට මියෙහි නොපහසමින් රහසඟ පිවිසවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”. (35)
Pali BJT27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරස්සා{4} ඉත්ථියා පටිබද්ධචිත්තො හොති. සා කාලකතා සුසානෙ ඡඩ්ඩිතා. අට්ඨිකානි විප්පකිණ්ණානි හොන්ති. අථ ඛො සො භික්ඛු සීවථිකං ගන්ත්වා අට්ඨිකානි සංකඩ්ඪිත්වා නිමිත්තෙ අඞ්ගජාතං පටිපාදෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (36)
Sinhala BJT27. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා ස්ත්‍රියක කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ වෙයි. ඕ කලුරිය කළා සොහොනෙහි බහන ලද්දී වෙයි. ඇට විසුරුණේ වෙයි. ඉක්බිති ඒ මහණ සොහොනට ගොස් ඇට රැස් කොට නිමිති සටහනින් රහසඟ මෙහෙයී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ.”. (36)
Pali BJT28. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු නාගියා මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- යක්ඛියා මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- පෙතියා මෙථුනං ධම්මං පතිසෙවි. -පෙ- පණ්ඩකස්ස මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (37-40)
Sinhala BJT28. එසමයෙහි එක්තරා මහණෙක් නැයිනියක හා මෙවුන්දම් සෙවී ය. ... යකින්නක හා මෙවුන්දම් සෙවී ය. ... ප්‍රේතියක හා මෙවුන්දම් සෙවී ය. ... පණ්ඩකයකු හා මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (37-40)
Pali BJT29. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු උපහතින්ද්රියො හොති. සො ‘නාහං වෙදියාමි සුඛං වා දුක්ඛං වා, අනාපත්ති මෙ භවිස්සතී’ති මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසුං. “වෙදියි වා සො භික්ඛවෙ මොඝපුරිසො න වා වෙදියි, ආපත්ති පාරාජිකස්සා”ති. (41)
Sinhala BJT29. එසමයෙහි එක්තරා මහණෙක් නටඉඳුරන් ඇත්තේ වෙයි. හේ “මම සුවයක් හෝ නොසුවයක් නො විඳිමි. මට ඇවැත් නො වන්නේ ය”යි මෙවුන්දම් සෙවීය. ... භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළාහු ය. “මහණෙනි, ඒ හිස් මහණ වින්දේ හෝ නොවින්දේ හෝ පරිජිඇවැත් වේ”. (41)
Pali BJT30. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා මෙථුනං ධම්මං පතිසෙවිස්සාමීති ඡුපිතමත්තෙ විප්පටිසාරී අහොසි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති සඞ්ඝාදිසෙසස්සා”ති. (42)
Sinhala BJT30. එසමයෙහි එක්තරා මහණෙක් ස්ත්‍රියක හා මෙවුන්දම් සෙවුනෙමි යි පහස්නා ලද පමණෙහි විපිළිසර විය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. සඟවෙසෙස් ඇවැත් වේ.” (42)
Pali BJT31. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භද්දියෙ ජාතියාවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. තස්ස අඞ්ගමඞ්ගානි වාතූපත්ථද්ධානි හොන්ති. අඤ්ඤතරා ඉත්ථි පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදිත්වා යාවදත්ථං කත්වා පක්කාමි. භික්ඛූ කිලින්නං පස්සිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT31. එසමයෙහි එක්තරා මහණෙක් භද්දිය නුවර ජාතියාවනයෙහි දිවාවිහාරගත ව හොත්තේ වෙයි. ඔහුගේ අවයවයෝ වාතයෙන් තද වූවාහු වෙත්. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක රහසඟ මතුයෙහි හිඳ ගෙන ඇති තාක් කොට ගියා ය. භික්‍ෂුහු තෙත් වූවහු දැක භාග්‍යවත්නු වහන්සේට මෙපවත් සැළ කළාහු ය.
Pali BJT“පඤ්චහි භික්ඛවෙ ආකාරෙහි අඞ්ගජාතං කම්මනියං හොති: රාගෙන වච්චෙන පස්සාවෙන වාතෙන උච්චාලිඞ්ගපාණකදට්ඨෙන. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහාකාරෙහි අඞ්ගජාතං කම්මනියං හොති. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං තස්ස භික්ඛුනො රාගෙන අඞ්ගජාතං කම්මනියං අස්ස. අරහං සො භික්ඛවෙ භික්ඛු. අනාපත්ති භික්ඛවෙ තස්ස භික්ඛුනො”ති. (43)
Sinhala BJT“මහණෙනි, අයුරු පසකින් රහසඟ කර්‍මණ්‍ය වෙයි. රාගයෙන් ද වර්‍චසින් ද මූත්‍රයෙන් ද වාතයෙන් ද බූ පණුවන් ගැටීමෙන් ද යන පසෙනි. මහණෙනි, මේ පස් අයුරෙන් රහසඟ කර්‍මණ්‍ය වෙයි. මහණෙනි, ඒ භික්‍ෂුහුගේ අඞ්ගජාතය රාගයෙන් කර්‍මන්‍ය වන්නේය යන මෙයට කරුණෙක් නැත. අවකාශයෙක් නැත. මහණෙනි, ඒ භික්‍ෂු තෙමේ රහත් ය. මහණෙනි, ඒ භික්‍ෂුහට ඇවැත් නො වේ”. (43)
Pali BJT32. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං අන්ධවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. අඤ්ඤතරා ගොපාලිකා පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදි. සො භික්ඛු පවෙසනං සාදියි, පවිට්ඨං සාදියි, ඨිතං සාදියි, උද්ධරණං සාදියි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (44)
Sinhala BJT32. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත් නුවර අන්‍ධවනයෙහි දිවා විහාරයට ගියේ හොත්තේ වෙයි. එක්තරා ගොපලු ස්ත්‍රියක් දැක අඞ්ගජාතය මත්තෙහි හිඳ ගත්තී ය. ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසී ය. ප්‍රවිෂ්ටය ඉවසී ය. ස්ථිතය ඉවසී ය. උද්ධරණය ඉවසී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”. (44)
Pali BJT33. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං අන්ධවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. අඤ්ඤතරා අජපාලිකා පස්සිත්වා -පෙ- අඤ්ඤතරා කට්ඨහාරිකා පස්සිත්වා -පෙ- අඤ්ඤතරා ගොමයහාරිකා පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදි. සො භික්ඛු පවෙසනං සාදියි, පවිට්ඨං සාදියි, ඨිතං සාදියි, උද්ධරණං සාදියි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (45-47)
Sinhala BJT33. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත් නුවර අන්‍ධවනයෙහි දිවා විහාරයට ගියේ, හොත්තේ වෙයි. එක්තරා අජපාල ස්ත්‍රියක් දැක ... එක්තරා දර ගෙණෙන්නියක් දැක ... ගොම ගෙණ යන්නියක් දැක අඞ්ගජාතය මත්තෙහි හිඳගත්තී ය. ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසී ය. ප්‍රවිෂ්ටය ඉවසී ය. ස්ථිතය ඉවසී ය. උද්ධරණය ඉවසී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (45-47)
Pali BJT34. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වෙසාලියං මහාවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. අඤ්ඤතරා ඉත්ථි පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදිත්වා යාවදත්ථං කත්වා සාමන්තා හසමානා ඨිතා හොති . සො භික්ඛු පටිබුජ්ඣිත්වා තං ඉත්ථිං එතදවොච: “තුය්හිදං කම්මන්ති. “ආම මය්හං කම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “සාදියි ත්වං භික්ඛූ”ති. “නාහං භගවා ජානාමි”ති. “අනාපත්ති භික්ඛු අජානන්තස්සා”ති. (48)
Sinhala BJT34. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි දිවාවිහාරයට ගියේ හොත්තේ වෙයි. එක්තරා ස්ත්‍රියක් දැක රහසඟ මත්තෙහි හිඳගෙණ ඇතිතාක් කොට සිනාසෙමින් සමීපයෙහි සිටියා වෙයි. ඒ මහණ තෙමේ පිබිදී ඒ ස්ත්‍රියගෙන් “මේ කාර්‍ය්‍යය තිගේ දැ?”යි ඇසී ය. “එසේ ය, මගේ කාර්‍ය්‍යයකි”යි ඕ කිවු ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ ඉවසූයෙහි ද? ... භාග්‍යවතුන් වහන්ස, මම නො දනිමි”යි හේ කී ය. මහණ, නොදන්නහුට ඇවැත් නො වේ”. (48)
Pali BJT35. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වෙසාලියං මහාවනෙ දිවාවිහාරගතො රුක්ඛං අපස්සාය නිපන්නො හොති. අඤ්ඤතරා ඉත්ථි පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදි. සො භික්ඛු සහසා වුට්ඨාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “සාදියි ත්වං භික්ඛූ”ති. “නාහං භගවා සාදියි”න්ති. අනාපත්ති භික්ඛු අසාදියන්තස්සා”ති. (49)
Sinhala BJT35. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි දිවා විහාරයට ගියේ ගහකට හාන්සි වී හොත්තේ වෙයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක රහසඟ මතුයෙහි හිඳගත්තා ය. ඒ මහණ තෙමේ වහා නැගිට සිටියේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ ඉවසුයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො ඉවසීමි”. “මහණ, නො ඉවසන්නහුට ඇවැත් නො වේ”. (49)
Pali BJT36. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වෙසාලියං මහාවනෙ දිවාවිහාරගතො රුක්ඛං අපස්සාය නිපන්නො හොති. අඤ්ඤතරා ඉත්ථි පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදි. සො භික්ඛු අක්කමිත්වා පවට්ටෙසි.{1} තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “සාදියි ත්වං භික්ඛූ”ති. “නාහං භගවා සාදියි”න්ති. අනාපත්ති භික්ඛු අසාදියන්තස්සා”ති. (50)
Sinhala BJT36. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි දිවා විහාරයට ගියේ ගහකට හාන්සි වී හොත්තේ වෙයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක රහසඟ මතුයෙහි හිඳගත්තා ය. ඒ මහණ තෙමේ ඇක්ම ඇය පෙරළී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ ඉවසුයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො ඉවසීමි”. “මහණ, නො ඉවසන්නහුට ඇවැත් නො වේ”. (50)
Pali BJT37. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වෙසාලියං මහාවනෙ කූටාගාරසාලායං දිවාවිහාරගතො ද්වාරං විවරිත්වා නිපන්නො හොති. තස්ස අඞ්ගමඞ්ගානි වාතූපත්ථද්ධානි හොන්ති. තෙන ඛො පන සමයෙන සම්බහුලා ඉත්ථියො ගන්ධඤ්ච මාලඤ්ච ආදාය ආරාමං අගමංසු{2} විහාරපෙක්ඛිකායො. අථ ඛො තා ඉත්ථියො තං භික්ඛුං පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදිත්වා යාවදත්ථං කත්වා ‘පුරිසූසභො වතාය’න්ති වත්වා ගන්ධඤ්ච මාලඤ්ච ආරොපෙත්වා පක්කමිංසු. භික්ඛූ කිලින්නං පස්සිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT37. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි කූටාගාරශාලාවෙහි දිවාවිහාරයට ගියේ දොර හැර ගෙණ හොත්තේ වෙයි. ඔහුගේ අවයවයෝ වාතයෙන් දැඩි වූවාහු වෙත්. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු සුවඳ ද මල් ද රැගෙන විහාරය බලනු කැමැතියෝ අරමට පැමිණියාහු ය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඒ මහණ දැක රහසඟ මතුයෙහි හිඳගෙන රිසිතාක් කොට ‘ඒකාන්තයෙන් මේ තෙමේ පුරුෂශ්‍රේෂ්ඨයෙකැ’යි කියා සුවඳ ද මල් ද (එහි) නගා ගියාහු ය. භික්‍ෂුහු තෙත් වූවහු දැක එපවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහුය.
Pali BJT“පඤ්චහි භික්ඛවෙ ආකාරෙහි අඞ්ගජාතං කම්මනියං හොති: රාගෙන වච්චෙන පස්සාවෙන වාතෙන උච්චාලිඞ්ගපාණකදට්ඨෙන. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහාකාරෙහි අඞ්ගජාතං කම්මනියං හොති. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං තස්ස භික්ඛුනො රාගෙන අඞ්ගජාතං කම්මනියං අස්ස. අරහං සො භික්ඛවෙ භික්ඛු. අනාපත්ති භික්ඛවෙ තස්ස භික්ඛුනො. අනුජානාමි භික්ඛවෙ දිවා පතිසල්ලීයන්තෙන ද්වාරං සංවරිත්වා පතිසල්ලීයිතු”න්ති. (51)
Sinhala BJT“මහණෙනි, පස් අයුරකින් රහසඟ කර්‍මණ්‍ය වෙයි: රාගයෙන් ද වර්‍චසින් ද මූත්‍රයෙන් ද වාතයෙන් ද බූපණුපහසින් ද යන පසිනි. මහණෙනි, මේ පස් අයුරෙන් රහසඟ කර්‍මණ්‍ය වෙයි. මහණෙනි, ඒ මහණහුගේ රහසඟ යම් හෙයකින් රාගයෙන් කර්‍මණ්‍ය වන්නේ ද එයට කරුණු නැත. අවකාශයෙක් නැත. මහණෙනි, ඒ මහණ තෙමේ රහත් ය. මහණෙනි, ඒ මහණහට ඇවැත් නොවේ. “මහණෙනි, දහවල් සැතපෙන්නහු විසින් දොර වසාගෙන සැතපෙන්නට අනුදනිමි”යි වදාළසේක. (51)
Pali BJT38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භාරුකච්ඡකො භික්ඛු සුපිනන්තෙන{3} පුරාණදුතියිකාය මෙථුනං ධම්මං පතිසෙවිත්වා ‘අස්සමණො අහං විබ්භමිස්සාමී’ති භාරුකච්ඡං ගච්ඡන්තො අන්තරාමග්ගෙ ආයස්මන්තං උපාලිං පස්සිත්වා එතමත්ථං ආරොචෙසි. ආයස්මා උපාලි එවමාහ: “අනාපත්ති ආවුසො සුපිනන්තෙනා”ති. (52)
Sinhala BJT38. එසමයෙහි භරුකච්ඡයෙහි උපන් එක්තරා මහණෙක් ගිහිකල අඹු වූ තෙනැත්තිය සමග සිහිනෙන් මෙවුන්දම් සේවනය කොට “මම අශ්‍රමණයෙක් වීමි. ගිහි වන්නෙමි”යි භරුකච්ඡයට යන්නේ අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක එපුවත සැළ කෙළේ ය. ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ මෙසේ කී ය: “ඇවැත්නි, සිහිනෙන් මෙවුන්දම් සේවනය කරන්නහුට ඇවැත් නො වේ.” (52)
Pali BJT39. තෙන ඛො පන සමයෙන රාජගහෙ සුපබ්බා නාම උපාසිකා මුද්ධප්පසන්නා{4} හොති. සා එවංදිට්ඨිකා හොති: “යා මෙථුනං ධම්මං දෙති, සා අග්ගදානං දෙතී”ති. සා භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. “අලං භගිනි, නෙතං කප්පතී”ති. “එහි භන්තෙ ඌරන්තරිකාය{5} ඝට්ටෙහි, එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි. “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති සඞ්ඝාදිසෙසස්සා” ති. (53)
Sinhala BJT39. එසමයෙහි රජගහ නුවර සුපබ්බා නම් උවැසියක් මුග්ධප්‍රසන්න වෙයි. ඕ ‘යම් ස්ත්‍රියක් මෙවුන්දම් දේ ද ඕ අගදන් දේ ය’යි මෙසේ දෘෂ්ටි ඇත්තියක් වෙයි. ඕ මහණකු දැක “වහන්ස, එනු මැනව’ මෙවුන්දම් සේවනය කරන්න”යි මෙය කිවු ය. “නැගනියෙනි, නුසුදුසු ය. මෙය අකැප ය’යි හේ කී ය. “වහන්ස, එනු මැනව. ඌරු අතරෙහි ගටනු මැනැවි. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ තෙමේ එසේ කෙළේ ය. ඔහුට කුකුස් විය. “මහණ, පරිජිඇවැත් නො වේ. සඟවෙසෙස්ඇවැත් වේ.” (53)
Pali BJT40. තෙන ඛො පන සමයෙන රාජගහෙ සුපබ්බා නාම උපාසිකා මුද්ධප්පසන්නා හොති. සා එවං දිට්ඨිකා හොති: ‘යා මෙථුනං ධම්මං දෙති, සා අග්ගදානං දෙතී’ති. සා භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. “අලං භගිනි, නෙතං කප්පතී”ති. “එහි භන්තෙ නාභියං ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ උදරවට්ටියං ඝට්ටෙහි” -පෙ-“එහි භන්තෙ උපකච්ඡකෙ ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ ගීවායං ඝට්ටෙහි” -පෙ- එහි භන්තෙ කණ්ණච්ඡිද්දෙ ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ කෙසවට්ටියං ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ අඞ්ගුලන්තරිකාය ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ හත්ථෙන උපක්කමිත්වා මොචෙස්සාමි, එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි. “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සඞ්ඝාදිසෙසස්සා”ති. (54-61)
Sinhala BJT40. එසමයෙහි රජගහ නුවර සුපබ්බා නම් උවැසියක් මුග්ධප්‍රසන්න වෙයි. ඕ “යම් ස්ත්‍රියක් මෙවුන්දම් දේ ද ඕ අගදන් දේ ය” යි මෙසේ දෘෂ්ටි ඇත්තියක් වෙයි. ඕ මහණකු දැක “වහන්ස, එනු මැනව. මෙවුන්දම් සේවනය කරන්නැ”යි කිවු ය. “නැගනියෙනි, නුසුදුසු ය. මෙය කැප නො වෙයි” හේ කී ය. “වහන්ස, නැබැ ගටනු මැනවි. ... වහන්ස, උදරවැටියෙහි ගටනු මැනවි. වහන්ස එනු මැනව. කිසිල්ලෙහි ගටනු මැනව. ... වහන්ස ගීවායෙහි ගටනු මැනව. ... වහන්ස, කන් සිදුරු ගටනු මැනව. ... වහන්ස, කෙස් වැටියෙහි ගටනු මැනව. ... වහන්ස, එනු මැනව. ඇඟිලි අතුරු ගටනු මැනව. ... “වහන්ස, එනු මැනව, අතින් උපක්‍රම කොට මුදන්නෙමි. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවු ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. “මහණ, පරිජිඇවැත් නො වේ. සඟවෙසෙස්ඇවැත් වේ.” (54-61)
Pali BJT41. තෙන ඛො පන සමයෙන සාවත්ථියං සද්ධා නාම උපාසිකා මුධප්පසන්නා හොති. සා එවං දිට්ඨිකා හොති: ‘යා මෙථුනං ධම්මං දෙති, සා අග්ගදානං දෙතී’ති. සා භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. “අලං භගිනි, නෙතං කප්පතී”ති. “එහි භන්තෙ ඌරන්තරිකාය ඝට්ටෙහි -පෙ- “එහි භන්තෙ හත්ථෙන උපක්කමිත්වා මොචෙස්සාමි. එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි”. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති සඞ්ඝාදිසෙසස්සා”ති. (62-70.)
Sinhala BJT41. එසමයෙහි සැවැත් නුවර සද්ධා නම් උවැසියක් මුග්ධප්‍රසන්න වෙයි. ඕ තොමෝ “යම් ස්ත්‍රියක් මෙවුන්දම් දේ නම් ඕ අගදන් දේ ය”යි මෙසේ දෘෂ්ටි ඇත්තියක් වෙයි. ඕ මහණකු දැක “වහන්ස, එනු මැනව. මෙවුන්දම් සේවනය කරන්නැ”යි කිවු ය. “නැගනියෙනි, නුසුදුසු ය. මෙය නො කැප ය”යි හේ කී ය. “වහන්ස, එනු මැනව. ඌරු අතරෙහි ගටන්න. ... “වහන්ස, එනු මැනව. අතින් උපක්‍රම කොට මුදන්නෙමි. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවු ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. “මහණ, පරිජිඇවැත් නො වේ. සඟවෙසෙස්ඇවැත් වේ.” (62-70)
Pali BJT42. තෙන ඛො පන සමයෙන වෙසාලියං ලිච්ඡවිකුමාරකා භික්ඛුං ගහෙත්වා භික්ඛුනියා විප්පටිපාදෙසුං. උභො සාදියිංසු. “උභො නාසෙතබ්බා” -පෙ- උභො න සාදියිංසු. “උභින්නං අනාපත්ති”. (71)
Sinhala BJT42. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලා ගෙණ මෙහෙණක හා වරදවා පිළිපැදවූහ. දෙදෙන ම ඉවසූහ. “දෙදෙන ම (ලිංගනාසනයෙන්) නැසිය යුත්තාහු ය”. ... දෙදෙන ම නො ඉවසූහ. “දෙදෙනාට ම ඇවැත් නො වේ”. (71)
Pali BJT43. තෙන ඛො පන සමයෙන වෙසාලියං ලිච්ඡවිකුමාරකා භික්ඛුං ගහෙත්වා සික්ඛමානාය විප්පටිපාදෙසුං -පෙ- සාමණෙරියා විප්පටිපාදෙසුං. උභො සාදියිංසු. “උභො නාසෙතබ්බා” -පෙ- උභො න සාදියිංසු. “උභින්නං අනාපත්ති”. (72-73)
Sinhala BJT43. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලාගෙන සික්ඛමානාවක හා වරදවා පිළිපැදවූහ. ... හෙරණක හා වරදවා පිළිපැදවූහ. දෙදෙන ම ඉවසූහ. “දෙදෙනා ම (ලිංගනාසනායෙන්) නැසිය යුත්තාහු ය”. ... දෙදෙනා ම නො ඉවසූහ. “දෙදෙනාට ම ඇවැත් නො වේ”. (72-73)
Pali BJT44. තෙන ඛො පන සමයෙන වෙසාලියං ලිච්ඡවිකුමාරකා භික්ඛුං ගහෙත්වා වෙසියා විප්පටිපාදෙසුං -පෙ- පණ්ඩකෙ විප්පටිපාදෙසුං -පෙ- ගිහිනියා විප්පටිපාදෙසුං -පෙ- භික්ඛු සාදියි. “භික්ඛු නාසෙතබ්බො”. -පෙ- භික්ඛු න සාදියි. “භික්ඛුස්ස අනාපත්ති”. (74-76)
Sinhala BJT44. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලා ගෙණ වෙසඟනක හා වරදවා පිළිපැදවූහ. ... පණ්ඩකයකු හා වරදවා පිළිපැදවූහ. ගිහිනියක හා වරදවා පිළිපැදවූහ. ... මහණ ඉවසීය. “මහණ තෙමේ නැසිය යුතු යි”. මහණ නො ඉවසී ය. “මහණහට ඇවැත් නො වේ”. (74-76)
Pali BJT45. තෙන ඛො පන සමයෙන වෙසාලියං ලිච්ඡවිකුමාරකා භික්ඛූ ගහෙත්වා අඤ්ඤමඤ්ඤං විප්පටිපාදෙසුං. උභො සාදියිංසු. “උභො නාසෙතබ්බා” -පෙ- උභො න සාදියිංසු. “උභින්නං අනාපත්ති”. (77.)
Sinhala BJT45. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලා ගෙණ ඔවුනොවුන් වරදවා පිළිපැදවූහ. දෙදෙන ම ඉවසූහ. “දෙදෙන ම නැසිය යුත්තාහ”. ... දෙදෙන ම නො ඉවසූහ. “දෙදෙනාට ම ඇවැත් නො වේ”. (77)
Pali BJT46. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො බුඩ්ඪපබ්බජිතො භික්ඛු පුරාණදුතියිකාය දස්සනං අගමාසි. සා ‘එහි භන්තෙ විබ්භමා’ති අග්ගහෙසි. සො භික්ඛු පටික්කමන්තො උත්තානො පරිපති. සා උබ්භුජිත්වා{1} අඞ්ගජාතෙ{2} අභිනිසීදි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අසාදියන්තස්සා”ති. (78)
Sinhala BJT46. එසමයෙහි මහලුව පැවිදි වූවෙක් ගිහිකල අඹු වූ ස්ත්‍රිය දැකීමට ගියේ ය. ඕ “වහන්ස, එනු මැනව. උපැවිදි වනු මැනවැ”යි අල්ලා ගත්තී ය. තෙමේ පෙරළා යනුයේ උඩුකුරුව වැටුනේ ය. ඕ නැමී රහසඟ මතුයෙහි හිඳ ගත්තී ය. ඔහුට කුකුස් විය. ... “මහණ නො ඉවසන්නහුට ඇවැත් නො වේ”. (1)
Pali BJT47. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අරඤ්ඤෙ විහරති. මිගපොතකො තස්ස පස්සාවට්ඨානං ආගන්ත්වා පස්සාවං පිවන්තො මුඛෙන අඞ්ගජාතං අග්ගහෙසි. සො භික්ඛු සාදියි. තස්ස කුක්කුච්චං අහොසි භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (79)
Sinhala BJT47. එසමයෙහි එක්තරා මහණෙක් අරණෙහි වෙසෙයි. මුවපොව්වෙක් උන්වහන්සේ මුත්‍ර පහ කරණ තැනට පැමිණ මුත්‍ර බොමින් මුවින් රහසඟ ගත්තේ ය. ඒ මහණ ඉවසී ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. “මහණ, තෝ පරිජි ඇවතට පැමිණියෙහි ය”. (2)
Pali BJTපඨමපාරාජිකං සමත්තං.
Sinhala BJTප්‍රථමපාරාජිකය නිමි.
Pali BJTදුතියපාරාජිකං
Sinhala BJTද්විතීයපාරාජිකය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ ඉසිගිලිපස්සෙ තිණකුටියො කරිත්වා වස්සං උපගච්ඡිංසු. ආයස්මාපි ධනියො කුම්භකාරපුත්තො තිණකුටිකං කරිත්වා වස්සං උපගච්ඡි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ සමයෙහි දුටු පමණින් මිතුරු වූ දැඩි මිතුරු වූ බොහෝ භික්‍ෂූහු ඉසිගිලි පර්‍වත පාර්‍ශවයෙහි තණ කිළි කොට වස් එළඹියාහු ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේත් තණ කිළියක් කොට වස් එළඹියේ ය.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ වස්සං වුත්ථා තෙමාසච්චයෙන තිණකුටියො භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච පටිසාමෙත්වා ජනපදචාරිකං පක්කමිංසු. ආයස්මා පන ධනියො කුම්භකාරපුත්තො තත්වෙව වස්සං වසි, තත්ථ හෙමන්තං, තත්ථ ගිම්හං.
Sinhala BJT2. ඉක්බිති ඒ භික්‍ෂූහු විසූ වස් ඇත්තාහු තෙමස ඉක්ම යෑමෙන් තණ කිළි බිඳ දමා තණ ද ලී දඬු ද තැම්පත් කොට තබා දනව් සැරිසැරීමෙහි නික්මුනාහු ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ එහි ම (තමන් කළ කුටියෙහි) වස්සානය ද එහි ම හේමන්තය ද එහි ම ගිම්හානයෙහි ද විසී ය.
Pali BJT3. අථ ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු.
Sinhala BJT3. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දර ගෙන යන ස්ත්‍රීහු ද තණකිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
Pali BJT4. දුතියම්පි ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො තිණඤ්ච කට්ඨඤ්ච සංකඩ්ඪිත්වා තිණකුටිකං අකාසි. දුතියම්පි ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු.
Sinhala BJT4. දෙවෙනි වර ද කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද දැව ද රැස් කොට ගෙන තණ කිළියක් කළේ ය. දෙවෙනි වර ද කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
Pali BJT5. තතියම්පි ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො තිණඤ්ච කට්ඨඤ්ච සංකඩ්ඪිත්වා තිණකුටිකං අකාසි. තතියම්පි ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු.
Sinhala BJT5. තෙවෙනි වර ද කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද දැව ද රැස් කොට තණ කිළියක් කෙළේ ය. තෙවෙනි වර ද කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
Pali BJT6. අථ ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස එතදහොසි: ‘යාව තතියකං ඛො මෙ ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු. අහං ඛො පන සුසික්ඛිතො අනවයො සකෙ ආචරියකෙ කුම්භකාරකම්මෙ පරියොදාතසිප්පො. යන්නූනාහං සාමං චික්ඛල්ලං මද්දිත්වා සබ්බමත්තිකාමයං කුටිකං කරෙය්ය’න්ති.
Sinhala BJT6. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන්ට මේ සිත විය: “තෙවෙනි වර දක්වාත් මා ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද, දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය. මම් වනාහි ස්වකීය ආචාර්‍ය්‍යයන්ගේ කර්‍මය වූ කුම්භකාරකර්‍මය මනාසේ උගත්තෙම් වෙමි. පිරිපුන් සිප් ඇත්තෙම් වෙමි. අසදෘශ ශිල්ප ඇත්තෙම් වෙමි. ඉදින් මම් තෙමේ ම මැටි පාගා පදම් කොට හැම මැටිමුවා කිළියක් කරන්නෙම් නම් යෙහෙක” යනු යි.
Pali BJT7. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො සාමං චික්ඛල්ලං මද්දිත්වා සබ්බමත්තිකාමයං කුටිකං කරිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ගොමයඤ්ච සංකඩ්ඪිත්වා තං කුටිකං පචි. සා අහොසි කුටිකා අභිරූපා දස්සනීයා පාසාදිකා ලොහිතිකා, සෙය්යථාපි ඉන්දගොපකො. සෙය්යථාපි නාම කිඞ්කිණිකසද්දො එවමෙවං තස්සා කුටිකාය සද්දො අහොසි.
Sinhala BJT7. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ මැටි පාගා පදම් කොට හැම මැටිමුවා කිළියක් කොට තණ ද දර ද ගොම වැරටි ද රැස් කොට ඒ කිළිය පිළිස්සීය ය. රතිඳුගොව්වකු වැනි පැහැ ඇති ඒ කිළිය මනා රූ ඇත්තක් විය. දැකුම්කලු විය. ප්‍රසාද එළවන්නක් විය. ලෙහෙවන් විය. ඒ කිළියේ හඬ කිකිණි හඬ සේ විය.
Pali BJT8. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දස තං කුටිකං අභිරූපං දස්සනීයං පාසාදිකං ලොහිතිකං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “කිං එතං භික්ඛවෙ අභිරූපං දස්සනීයං පාසාදිකං ලොහිතිකං සෙය්යථාපි ඉන්දගොපකො?”ති:
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමඟ ගිජුකුළු පව්වෙන් බස්නා සේක් මනා පැහැ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ලේවන් වූ ඒ කිළිය දුටු සේක. දැක භික්‍ෂූන් අමතා “මහණෙනි, රතිඳුගොව්වකු වැනි පැහැති මනා රූ ඇති දැකුම් කළු ප්‍රසාද එළවන ලෙහෙවන් වූ තෙල කිමෙක් දැ?” යි ඇසූ සේක.
Pali BJT9. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං{1} භික්ඛවෙ තස්ස මොඝපුරිසස්ස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම සො භික්ඛවෙ මොඝපුරිසො සබ්බමත්තිකාමයං කුටිකං කරිස්සති. න හි නාම භික්ඛවෙ තස්ස මොඝපුරිසස්ස පාණෙසු අනුද්දයා අනුකම්පා අවිහෙසා භවිස්සති. ගච්ඡථෙතං භික්ඛවෙ කුටිකං භින්දථ. මා පච්ඡිමා ජනතා පාණෙසු පාතබ්යතං ආපජ්ජි. න ච භික්ඛවෙ සබ්බමත්තිකාමයා කුටිකා කාතබ්බා. යො කරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT9. ඉක්බිති ඒ භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළාහු ය. භාග්‍යවත් බුදු රජානන් වහන්සේ “මහණෙනි, ඒ හිස් පුරුෂයාට නුසුදුසු වූවකි. අනුලොම් නුවූවකි. නොගැළපෙන්නකි, ශ්‍රමණසාරුප්‍ය නුවූවකි. කැප නුවූවකි. නොකටයුත්තකි” යි ගැරහූ සේක. “මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් හැම මැටිමුවා වූ කිළියක් කළේ ද! මහණෙනි, ඒ හිස් පුරුෂයාට ප්‍රාණීන් කෙරෙහි දයාවක් අනුකම්පාවක් අවිහිංසාවක් නො වූයේ ම ය. මහණෙනි, යවු. තෙල කිළිය බිඳිවු. පශ්චිම ජන තෙමේ ප්‍රාණීන් වැනසීමට නහමක් පැමිණේවා. මහණෙනි, හැම මැටිමුවා කිළියක් නොකටයුතු ය. යමෙක් කරන්නේ නම් දුකුළාඇවැත් වේ”.
Pali BJT10. “එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා යෙන සා කුටිකා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තං කුටිකං භින්දිංසු. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො තෙ භික්ඛූ එතදවොච: “කිස්ස මෙ තුම්හෙ ආවුසො කුටිකං භින්දථා”ති. “භගවා ආවුසො භෙදාපෙතී”ති. “භින්දථාවුසො සචෙ ධම්මස්සාමී භෙදාපෙතී”ති.
Sinhala BJT10. ඒ භික්‍ෂූහු “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ කිළිය වෙත එළඹ එය බිඳ දැමූහ. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ ඒ භික්‍ෂූන්ට “ඇවැත්නි, තෙපි කුමක් හෙයින් මාගේ කිළිය බිඳිවු දැ?” යි මෙය කී. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ බිඳවන සේක” යි කීහ. “ඇවැත්නි, ඉදින් දම්රජහු බිඳුවත් නම් බිඳිවු” යි හේ කී ය.
Pali BJT11. අථ ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස එතදහොසි: “යාවතතියකං ඛො මෙ ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු. යාපි මයා සබ්බමත්තිකාමයා කුටිකා කතා, සාපි භගවතා භෙදාපිතා. අත්ථි ච මෙ දාරුගහෙ ගණකො සන්දිට්ඨො. යන්නූනාහං දාරුගහෙ ගණකං දාරූනි යාචිත්වා දාරුකුඩ්ඩිකං කුටිකං{2} කරෙය්ය”න්ති.
Sinhala BJT11. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන්ට මේ සිත විය. “තෙවෙනි වර තෙක් ගමට පිඬු පිණිස මා පිවිසිය දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ, තණ ද දැව ද රැගෙන ගියාහු ය. මා විසින් හැම මැටිමුවා වූ යම් කිළියක් කරන ලද ද, හේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුවන ලදී. රජහුගේ දැව ගබඩාවෙහි වූ දැවමුදලි තෙමේ මාගේ මිත්‍රයෙකි. මම දැව මුදලිගෙන් දැව ඉල්ලා ගෙන දැව මුවා බිත්ති ඇති කිළියක් කරන්නෙම් නම් ඉතා යෙහෙක” යනු යි.
Pali BJT12. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො යෙන දාරුගහෙ ගණකො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා දාරුගහෙ ගණකං එතදවොච: “යාවතතියකං ඛො මෙ ආවුසො ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨං ච ආදාය අගමංසු. යාපි මයා සබ්බමත්තිකාමයා කුටිකා කතා, සාපි භගවතා භෙදාපිතා. දෙහි මෙ ආවුසො දාරූනි, ඉච්ඡාමි දාරුකුඩ්ඩිකං කුටිකං කාතුන්ති. “නත්ථි භන්තෙ තාදිසානි දාරූනි, යානාහං අය්යස්ස දදෙය්යං. අත්ථි භන්තෙ දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි. සචෙ තානි දාරූනි රාජා දාපෙති, හරාපෙථ, භන්තෙ”ති. “දින්නානි ආවුසො රඤ්ඤා”ති.
Sinhala BJT12. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ දැව මුදලියා වෙත එළඹ ඔහුට මෙය කීය: “ඇවත, තෙවැනිවර තෙක් මා ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ, තණ ද දැව ද රැගෙන ගියාහු ය. මා විසින් හැම මැටිමුවා වූ යම් කිළියක් කරන ලද ද එය භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුවන ලදි. ඇවත, දැවමුවා කිළියක් කරනු කැමැත්තෙමි. මට දැව දෙන්න” යනු යි. “වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේට දීමට සුදුසු දැව නැත. වහන්ස, නගර ප්‍රතිසංස්කරණයට වෙන් වූ, ආපදාවකට තබන ලද, රජුට අයත් දැව ඇත. ඉදින් ඒ දැව රජ තෙමේ පරිත්‍යාග කෙරේ නම්, වහන්ස, ගෙන්වා ගනු මැනවි” යි හේ කීය. “ඇවත, රජු විසින් අපට දෙන ලද්දාහු ය” යි හේ කීය.
Pali BJT13. අථ ඛො දාරුගහෙ ගණකො{1} “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා. රාජාපිමෙසං අභිප්පසන්නො. න අරහති අදින්නං දින්නන්ති වත්තු”න්ති ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං එතදවොච: “හරාපෙථ භන්තෙ’ති. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො තානි දාරූනි ඛණ්ඩාඛණ්ඩිකං ඡෙදාපෙත්වා සකටෙහි නිබ්බාහාපෙත්වා දාරුකුඩ්ඩිකං කුටිකං අකාසි.
Sinhala BJT13. ඉක්බිති දැවමුදලි “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයෝ ධර්‍මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහුය, සත්‍යවාදීහු ය, සිල්වත්තු ය, කළණදහම්හි පිළිපන්නෝ ය, මොවුනට රජ ද වෙසෙසින් පහන් ය. නොදෙන ලද්දක් දෙන ලදැ යි කියන්නට සුදුසු නො වේ” ය යි සිතී ය. සිතා කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය ස්ථවිරයන්ට “වහන්ස, ගෙන්වා ගනු මැනවැ” යි කීය. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ ඒ දැව කඩ කඩ කොට සිඳුවා ගැල්වලින් ගෙන්වා ගෙන දැව මුවා බිතු ඇති කිළියක් කළේ ය.
Pali BJT14. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො රාජගහෙ කම්මන්තෙ අනුසඤ්ඤායමානො යෙන දාරුගහෙ ගණකො, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා දාරුගහෙ ගණකං එතදවොච: “යානි තානි භණෙ දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි, කහං තානි දාරූනී?”ති තානි සාමි, දාරූනි දෙවෙන අය්යස්ස ධනියස්ස කුම්භකාරපුත්තස්ස දින්නානී”ති.
Sinhala BJT14. ඉක්බිති මගධ රටෙහි මහ ඇමති වූ වස්සකාර නම් බමුණු තෙමේ රජගහනුවර කර්‍මාන්තයන් විමසමින් දැවමුදලි කරා පැමිණ ඔහුට “සගය, නගර ප්‍රතිසංස්කරණයට වෙන් වූ, ආපදාවක් පිණිස ගත යුතු, යම් ඒ රජුට අයත් දැව රැසක් වී ද, ඒ දැව කොහි දැ?” යි කීය. “හිමිය, ඒ දැව රජහු විසින් කුම්භකාර පුත්‍ර වූ ධනිය ආර්‍ය්‍යයන් වහන්සේට දෙන ලදි”. හේ කීය.
Pali BJT15. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො අනත්තමනො අහොසි: “කථං හි නාම දෙවො දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි ධනියස්ස කුම්භකාරපුත්තස්ස දස්සතී”ති.
Sinhala BJT15. ඉක්බිති මගධ මහාමාත්‍ය වූ වස්සකාර බමුණු තෙමේ “කෙසේ නම් රජ තෙමේ නගර ප්‍රතිසංස්කරණය පිණිස වෙන් වූ, ආපදාවක් පිණිස තබන ලද්දා වූ, රජු සතු දැව කුම්භකාර පුත්‍ර වූ ධනිය තෙරුන්ට දෙන්නේ දැ?” යි නො සතුටු සිතැති විය.
Pali BJT16. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “සච්චං කිර දෙව දෙවෙන දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි ධනියස්ස කුම්භකාරපුත්තස්ස දින්නානී?”ති “කො එවමාහා”ති. “දාරුගහෙ ගණකො දෙවා”ති. “තෙන හි බ්රාහ්මණ දාරුගහෙ ගණකං ආණාපෙහී”ති.
Sinhala BJT16. එකල්හි මගධ මහඇමති වූ වස්සකාර බමුණු තෙමේ මගධාධිපති, සේනිය බිම්සර රජු කරා පැමිණියේ ය. පැමිණ මගධාධිපති සේනිය බිම්සර රජුගෙන් “දේවයන් වහන්ස, රජු විසින් නගර ප්‍රතිසංස්කරණය පිණිස වෙන් වූ ආපදාවක් පිණිස තබන ලද්දා වූ රජු සතු දැව කුම්භකාර පුත්‍ර වූ ධනිය තෙරුන්ට දෙන ලද්දේ ය යනු සැබෑ දැ?” යි විචාළේ ය. “කවරෙක් මෙසේ කියයි ද?” “දේවයන් වහන්ස, දැව මුදලියා ය.” “බමුණ, එසේ වී නම් දැවමුදලි කැඳවාලව” යි රජ කීය.
Pali BJT17. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො දාරුගහෙ ගණකං බද්ධං{2} ආණාපෙසි. අද්දසා ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො දාරුගහෙ ගණකං බද්ධං76 නිය්යමානං. දිස්වාන දාරුගහෙ ගණකං එතදවොච: “කිස්ස ත්වං ආවුසො බද්ධො නිය්යාසී?”ති. “තෙසං භන්තෙ දාරූනං කිච්චා”ති. “ගච්ඡාවුසො අහම්පි ආගච්ඡාමී”ති. “එය්යාසි භන්තෙ පුරාහං හඤ්ඤාමී”ති.
Sinhala BJT17. ඉක්බිති මගධ මහාමාත්‍ය වූ වස්සකාර තෙමේ දැවමුදලි අත් පා බැඳ ගෙන්වී ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ බැඳගෙන යනු ලබන්නා වූ දැවමුදලි දිටී ය. දැක දැව මුදලිහට “ඇවත, තෝ කුමක් හෙයින් බඳනා ලදුවැ ගෙනයෙහි” ද? කී ය. “වහන්ස, තෙල දැව හේතු කොටගෙන ය” යි හේ කීය. “ඇවත, යනු. මම ද එමි” යි තෙරුණුවෝ කීහ. “වහන්ස, මම නැස්නෙම් වේ ද, එයට පෙර එනු මැනවි” යි හේ කීය.
Pali BJT18. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො යෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙනායස්මා ධනියො කුම්භකාරපුත්තො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං එතදවොච:
Sinhala BJT18. ඉක්බිති කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ මගධාධිපති සේනා ඇති බිම්සර රජුගේ නිවස වෙත එළඹ පැණ වූ අස්නෙහි හුනි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් වෙත එළඹියේ ය. එළඹ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් වැඳ එකත්පසෙක හුනි. එකත්පසෙක හුන් මගධාධිපති සේනිය බිම්සර රජතෙමේ කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙරුන්ට මෙය කීය. “වහන්ස, මා විසින් නගර ප්‍රතිසංස්කරණයට වෙන් වූ ආපදාවක් පිණිස තබන ලද්දා වූ රාජසන්තක දැව ආර්‍ය්‍යයන් වහන්සේට දෙන ලද්දේ ය, යනු සැබෑ ද?”
Pali BJT19. “සච්චං කිර මයා භන්තෙ දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි අය්යස්ස දින්නානී?”ති. “එවං මහාරාජා”ති. “මයං ඛො භන්තෙ රාජානො නාම බහුකිච්චා බහුකරණීයා. දත්වාපි නස්සරෙය්යාම. ඉඞ්ඝ භන්තෙ සරාපෙහී”ති. “සරසි ත්වං මහාරාජ, පඨමාභිසිත්තො එවරූපිං වාචං භාසිතා: දින්නං යෙව සමණබ්රාහ්මණානං තිණකට්ඨොදකං පරිභුඤ්ජන්තූ”ති. “සරාමහං භන්තෙ. සන්ති භන්තෙ, සමණබ්රාහ්මණා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා. තෙසං අප්පමත්තකෙ’පි කුක්කුච්චං උප්පජ්ජති. තෙසං මයා සන්ධාය භාසිතං. තඤ්ච ඛො අරඤ්ඤෙ අපරිග්ගහිතං. සො ත්වං භන්තෙ, තෙන ලෙසෙන දාරූනි අදින්නං හරිතුං මඤ්ඤසි. කථං හි නාම මාදිසො සමණං වා බ්රාහ්මණං වා විජිතෙ වසන්තං හනෙය්ය වා? බන්ධෙය්ය වා? පබ්බාජෙය්ය වා, ගච්ඡ භන්තෙ. ලොමෙන ත්වං මුත්තොසි.{1} මාස්සු පුනපි එවරූපං අකාසී”ති.
Sinhala BJT19. “මහරජ, සැබෑය.” “වහන්ස, රජවරු වූ අපි බොහෝ කිස ඇත්තමෝ වෙමු. බොහෝ කටයුතු ඇත්තමෝ වෙමු. පරිභෝග කොට ද සිහි නො කරන්නෙමු”. “වහන්ස, එසේ වී නම් සිහිකරවනු මැනවැ” යි. “මහරජතුමනි, ප්‍රථමාභිෂික්ත වැ ඔබ කී මෙබඳු වචනයක් සිහි කෙරෙහි ද ‘මහණ බමුණන්ට තණ දැව ජලය පරිත්‍යාග කරණ ලද්දේ ම ය. (කැමති සේ) පරිභෝග කෙරෙත්වා”යි. “වහන්ස, මම සිහි කරමි. වහන්ස, ලජ්ජී වූ කුකුස් ඇත්තා වූ ශික්‍ෂාකාමී වූ මහණ බමුණෝ වෙති. උන්වහන්සේලාට ස්වල්ප මාත්‍ර දෙයෙහි ද කුකුස් උපදී. මා විසින් උන්වහන්සේලා සඳහා කියන ලදි. හේ ද වනාහි අරණෙහි වූ නොරක්නා ලද දෙයයි. වහන්ස, ඒ ඔබ ඒ ලේසයෙන් නො දෙන ලද දැව පැහැර ගන්නට හඟනෙහිය. කෙසේ නම් මා වැන්නෙක් මගේ රටෙහි වසන්නා වූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ නසන්නේ ද, සිරගෙහි ලන්නේ ද, රටින් නෙරපන්නේ ද, “වහන්ස, යනු මැනවි. ඔබ ලෝමමාත්‍රයෙන් (පැවිදිලිංගයෙන්) මිදුනහු ය. නැවත මෙබන්දක් නහමක් කරණු මැනවි.”
Pali BJT20. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා මුසාවාදිනො. ඉමෙ හි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රාහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං. නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං, නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං? කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා. අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. රාජානම්පිමෙ වඤ්චෙන්ති. කිමපනඤ්ඤෙ මනුස්සෙ”ති.
Sinhala BJT20. මිනිස්සු අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. “ශාක්‍ය පුත්‍ර වූ මේ ශ්‍රමණයෝ අලජ්ජීහු ය. දුශ්ශීලයෝ ය. මුසාවාදීහු ය. මොහු වනාහි ‘ධම්මචාරීහු. සමචාරීහුය. බ්‍රහ්මචාරීහුය. සච්චවාදීහුය. සීලවන්තයෝ ය. කලණදම් ඇත්තමෝ වෙමු’ යි පිළින කරන්නාහු ය. මොවුන්ට මහණ කමක් නැත. මොවුන්ට බමුණුකමක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමක් කොයින් ද? මොවුන්ට බමුණුකමක් කොයින්ද? මොහු මහණකමින් පහවූවෝ ය. මොහු බමුණුකමින් පහ වූවෝ ය. මොහු රජුන් ද රවටත්. අන් මිනිසුන් ගැණ කියනු කවරේ ද” යි.
Pali BJT21. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා ධනියො කුම්භකාරපුත්තො රඤ්ඤො දාරූනි අදින්නං ආදියිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං{2}.
Sinhala BJT21. භික්‍ෂූහු අවමන් කරන්නා වූ අයුණු කියන්නා වූ නුගුණ පතුරු වන්නා වූ ඒ මිනිසුන්ගේ කථාව ඇසූහ. අපිස් වූ සතොස් වූ ලජ්ජී වූ කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී යම් ඒ භික්‍ෂූහු වෙද්ද, ඔහු අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්: “කෙසේ නම් කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය ස්ථවිර තෙමේ, රජු සතු නුදුන් දැව සොරකම් කළේද’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළාහු ය.
Pali BJT22. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං ධනිය, රඤ්ඤො දාරූනි අදින්නං ආදියී?”ති. “සච්චං භගවා. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං, මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, රඤ්ඤො දාරූනි අදින්නං ආදියිස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථඛ්වෙතං මොඝපුරිස අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
Sinhala BJT22. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් විචාළ සේක. “ධනිය, තෝ රජු සතු නුදුන් දැව ගත්තෙහි යනු සැබෑ ද?” “සැබෑය, භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූසේක. “හිස් පුරුෂය, නුසුදුසු වූවකි. අනුලොම් නුවූවකි. නොගැළපෙන්නකි. ශ්‍රමණසාරුප්‍ය නුවූවකි. නොකැපවූවකි. නොකටයුත්තකි. “හිස් පුරුෂය, කෙසේ නම් තෝ නුදුන් රජු සතු දැව ගත්තෙහි ද?, හිස් පුරුෂය, තෙල කරුණ නොපහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ පහන් වූවන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො වෙයි. වැලි හිස් පුරුෂය, තෙල කරුණ නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද වේ”.
Pali BJT23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරාණවොහාරිකො මහාමත්තො භික්ඛූසු පබ්බජිතො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච: “කිත්තකෙන ඛො භික්ඛු, රාජා මාගධො සෙනියො බිම්බිසාරො චොරං ගහෙත්වා හනති වා බන්ධති වා පබ්බාජෙති වා?”ති “පාදෙන වා භගවා පාදාරහෙන වා”ති. තෙන ඛො පන සමයෙන රාජගහෙ පඤ්චමාසකො පාදො හොති. අථ ඛො භගවා ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ: –
Sinhala BJT23. එසමයෙහි එක්තරා ගිහිකල විනිසකරු මහ ඇමතියෙක් භික්‍ෂූන් අතර පැවිදි වූයේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුහට මෙය කී සේක. “මහණ, මගධාධිපති වූ සේනාසම්පන්න වූ බිම්සර රජතෙමේ කොපමණකින් සොරකු අල්ලා නසා ද? සිර කෙරේ ද? රටින් නෙරපා ද?” “භාග්‍යවතුන් වහන්ස, පාදයකින් හෝ පාදයක් පොහෝනා දෙයකිනි”. එසමයෙහි රජගහනුවර මසුපසක් පාදයක් වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනියහට නන් අයුරින් ගරහා දුභර බැව් පිළිබඳ -පෙ- මහණෙනි, මේ සික පදය මෙසේ උදෙසව්:
Pali BJT“යො පන භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්ය, යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්යුං වා බන්ධෙය්යුං වා පබ්බාජෙය්යුං වා, චොරො’සි බාලො’සි මූළ්හො’සි ථෙනො’සීති, තථාරූපං භික්ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසොති”
Sinhala BJT“යම් මහණෙක් හිමියන් විසින් නුදුන් වස්තුව සොර සිතින් ගනී ද, යම්බඳු වූ නුදුන් වස්තුව ගැන්මෙහි රජවරු සොරහු ගෙන ‘සොරෙහි, බාලයෙහි, මූඪයෙහි, අනුන් අයත් දැය සොරා ගත්තෙහි’යි පෙළද්ද, බඳිද්ද, රටින් නගද්ද, එබඳු වූ නුදුන් වස්තුව ගන්නා මේ මහණ තෙමේ ද පරිජි අවන්නේ සංවාස නැත්තෙක් වේ”.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සික පදය මෙසේත් පණවන ලද්දේ වෙයි.
Pali BJT[මූලපඤ්ඤත්ති]
Sinhala BJTමුල් පැණවීමයි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිත්වා ආරාමං හරිත්වා භාජෙසුං. භික්ඛූ එවමාහංසු: “මහාපුඤ්ඤත්ථ තුම්හෙ ආවුසො, බහුං තුම්හාකං චීවරං උප්පන්න”න්ති. “කුතො ආවුසො අම්හාකං පුඤ්ඤං? ඉදානි මයං රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිම්හා”ති.
Sinhala BJT1. එසමයෙහි සවගමහණහු රදා තොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කොට ආරාමයට ගෙණ ගොස් බෙදා ගත්තාහු ය. භික්‍ෂූහු මෙසේ කීහු. “ඇවැත්නි, තෙපි මහ පිණැත්තෝ වහු ය. තොපට බොහෝ සිවුරු උපන.” “ඇවැත්නි, අපට පිනක් කොයින් ද? දැන් අපි රදා තොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කෙළෙමු” යි.
Pali BJT“නනු ආවුසො භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං, කිස්ස තුම්හෙ ආවුසො රජකභණ්ඩිකං අවහරිත්ථා”ති.
Sinhala BJT“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂා පදයක් පණවන ලද්දේ නො වේ ද, ඇවැත්නි, තෙපි කුමක් හෙයින් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහුද?” යි.
Pali BJT“සච්චං ආවුසො භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං, තඤ්ච ඛො ගාමෙ නො අරඤ්ඤෙ”ති.
Sinhala BJT“ඇවැත්නි, සැබව. භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපදයක් පණවන ලදි. හේ ද වනාහි ගමෙහි ය. අරණෙහි නො වේ.”
Pali BJT2. නනු ආවුසො තථෙව තං{1} හොති. අනනුච්ඡවියං ආවුසො අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තුම්හෙ ආවුසො රජකභණ්ඩිකං අවහරිස්සථ? නෙතං ආවුසො අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය, අථඛ්වෙතං ආවුසො අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
Sinhala BJT2. “ඇවැත්නි, එය එසේ ම නො වේ ද?” ඇවැත්නි, නුසුදුසුවූවකි, අනුලොම් නුවූවකි, නොගැලපෙන්නකි, ශ්‍රමණසාරුප්‍ය නුවූවකි, නොකැපවූවකි, නොකටයුත්තකි. ඇවැත්නි, කෙසේ නම් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහු ද? ඇවැත්නි, මෙය නොපහන්වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ පහන්වූවන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො වේ”. “ඇවැත්නි, වැලි එය නොපහන්වූවන්ගේ නොපැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද වේ” යි.
Pali BJT3. අථ ඛො තෙ භික්ඛූ ඡබ්බග්ගියෙ භික්ඛූ අනෙකපරියායෙන විගරහිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිත්ථා?” “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිසා, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තුම්හෙ මොඝපුරිසා රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. ඉක්බිති ඒ භික්‍ෂූහු සවගමහණුන්ට නන් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා සවගමහණුන් පුළුවුත්හ: “සැබෑ ද, මහණෙනි, තෙපි රදාතොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහු ද?” යි. “භාග්‍යවතුන් වහන්ස සැබෑ ය.” භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගැරහූසේක. “හිස් පුරුෂයෙනි, නුසුදුස්සකි. අනුලොම් නුවූවකි. නො ගැලපෙන්නකි. ශ්‍රමණ සාරුප්‍ය නුවූවකි. නොකැපවූවකි. නො කටයුත්තකි. හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් රදාතොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. -පෙ- මහණෙනි, මෙසේත් මේ සික පදය (අනුප්‍රඥප්තවශයෙන්) උදෙසවු: