Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT“යො පන භික්ඛු භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දෙය්ය වා අච්ඡින්දාපෙය්ය වා, නිස්සග්ගියං පාචිත්තියන්ති”.
Sinhala BJT”යම් මහණෙක් මහණකුට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගණීනම් හෝ අසිඳැ ගන්වන්නේ නම් හෝ නිසඟි පචිති වේ” යයි
Pali BJT3. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT3. යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලදී.
Pali BJTභික්ඛුස්සාති අඤ්ඤස්ස භික්ඛුස්ස.
Sinhala BJTභික්ඛුස්ස යනු: අන් මහණකුට ය.
Pali BJTසාමන්ති සයං දත්වා
Sinhala BJTසාමං යනු: තෙමේ ම දී.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගපච්ඡිමං.
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරකි.
Pali BJTකුපිතො අනත්තමනොති අනභිරද්ධො ආහතචිත්තො ඛිලජාතො.
Sinhala BJTකුපිතෝ අනත්තමනෝ යනු: නොපහන්වූයේ, ක්‍රෝධයෙන් ගැටුනු සිත් ඇත්තේ, හටගත් කෙලෙස් කණු ඇත්තේ.
Pali BJTඅච්ඡින්දෙය්යාති සයං අච්ඡින්දති, නිස්සග්ගියං{1} පාචිත්තියං
Sinhala BJTඅච්ඡින්‍දෙය්‍ය යනු: තෙමේ අසිඳැ ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJTඅච්ඡින්දාපෙය්යාති අඤ්ඤං ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. සකිං ආණත්තො බහුකම්පි අච්ඡින්දති, නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං “ඉදං මෙ භන්තෙ චීවරං භික්ඛුස්ස සාමං දත්වා අච්ඡින්නං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති දදෙය්යාති-දදෙය්යුන්ති-ආයස්මතො දම්මී”ති.
Sinhala BJTඅච්ඡින්‍දාපෙය්‍ය යනු: අනෙකකු අණවා නම් දුකුළාඇවැත් වෙයි. වරක් අණවන ලද්දේ බොහෝ දෙයක් අසිඳ ගණී නම් නිසඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසජිය යුතු යි. මහණෙනි, මෙසේ නිසදිය යුතු යි: “වහන්ස, මගේ මේ සිවුර මහණකුට තමාම දී අසිඳැ ගන්නා ලද්දේ නිසඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT4. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දති වා අච්ඡින්දාපෙති වා, නිස්සග්ගියං පාචිත්තියං. උපසම්පන්නෙ වෙමතිකො -පෙ- උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දති වා අච්ඡින්දාපෙති වා, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT4. උපසපන් මහණකු කෙරෙහි උපසපන් සන් ඇතියේ සිවුරක් දී කිපියේ නොසතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ නිසඟිපචිති වෙයි. උපසපන් මහණකු කෙරෙහි විමති ඇතියේ ... උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ සිවුරක් දී කිපියේ නොසතුටුවූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ නිසඟිපචිති වේ.
Pali BJT5. අඤ්ඤං පරික්ඛාරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දති වා අච්ඡින්දාපෙති වා, ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නස්ස චීවරං වා අඤ්ඤං වා පරික්ඛාරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දති වා අච්ඡින්දාපෙති වා, ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT5. අන් පිරිකරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ දුකුළාඇවැත් වෙයි. අනුපසපනකුට සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි.
Pali BJT6. අනාපත්ති සො වා දෙති, තස්ස වා විස්සසන්තො ගණ්හාති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. හේ තෙමේ හෝ දේ නම්, ඔහුට විස්වස් ඇත්තේ හෝ ගණී නම්, (ඔවුනට ද,) උන්මත්තකයාට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නැත්තේ යි.
Pali BJTචීවරඅච්ඡින්දන සික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTචීවරඅච්ඡින්‍දන ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 3. 6.
Sinhala BJT5. 3. 6.
Pali BJTසුත්තවිඤ්ඤත්තිසික්ඛාපදං
Sinhala BJTසුත්තවිඤ්ඤත්ති ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ චීවරකාරසමයෙ බහුං සුත්තං විඤ්ඤාපෙසුං. කතෙපි චීවරෙ බහුං සුත්තං අවසිට්ඨං හොති. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි: “හන්ද මයං ආවුසො අඤ්ඤම්පි සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙමා”ති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ අඤ්ඤම්පි සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙසුං. වීතෙපි චීවරෙ බහුසුත්තං{1} අවසිට්ඨං හොති. දුතියම්පි ඛො ඡබ්බග්ගියා භික්ඛූ අඤ්ඤම්පි සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙසුං. වීතෙපි චීවරෙ බහුං සුත්තං අවසිට්ඨං හොති. තතියම්පි ඛො ඡබ්බග්ගියා භික්ඛූ අඤ්ඤම්පි සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙසුං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙස්සන්තී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩවසන සේක. තවද එසමයෙහි සවග මහණහු සිවුරු කරණ කාලයෙහි බොහෝ හූ විනවූහ. සිවුර නිමි කල්හි ද බොහෝ හූ ඉතිරි විය. ඉක්බිති සවග මහණුන්ට මේ සිත විය: “ඇවැත්නි, ඉදින් අපි වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවමෝ නම් මනා යැ” යි. ඉක්බිති සවග මහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. සිවුර වියා නිමි කල්හි ද බොහෝ හූ ඉතිරි වූයේ වෙයි. දෙවනවට ද සවගමහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. සිවුර වියා නිමි කල්හිදු බොහෝ හූ ඉතිරි වූයේ වෙයි. තෙවනවට දු සවග මහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. මිනිස්සු හෙලා දකිති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහුදැ”යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ ඡබ්බග්ගියෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං: “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙථා”ති. “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවද්දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණෙනි, තෙපි තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියැවුහු දැ’යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස” යි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නින්‍දා කළ සේක: “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති”.
Sinhala BJT“යම් මහණෙක් සිවුරු පිණිස හූ විනවා පෙහෙරුන් ලවා සිවුරු පිළියක් වියවා නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJT3. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT3. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු: ... මේ තෙමේ මේ කරුණෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලද්දේයි.
Pali BJTසාමන්ති සයං විඤ්ඤාපෙත්වා.
Sinhala BJTසාමං යනු: තෙමේ ඉල්ලා ගෙණය.
Pali BJTසුත්තං නාම: ඡ සුත්තානි: ඛොමං කප්පාසිකං කොසෙය්යං කම්බලං සාණං භඞ්ගං.
Sinhala BJTසුත්ත නම්: “කොමුවැහැරියෙන් කළ හූ ය, කපුයෙන් නිපන් හූ ය, තිහිරියෙන් කළ හූ ය, එළුලොමින් කළ හූය, හණවැහැරියෙන් කළ හූ ය, මේ පස මුසුකොට කළ හූ ය”යි සවැදෑරුම් හූය.
Pali BJTතන්තවායෙහීති පෙසකාරෙහි වායාපෙති, පයොගෙ පයොගෙ දුක්කටං, පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: ඉදං මෙ භන්තෙ චීවරං සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි වායාපිතං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති. - දදෙය්යාති - දදෙය්යුන්ති - ආයස්මතො දම්මී”ති.
Sinhala BJTතන්තවායෙහි යනු: පෙහෙරුන් ලවා වියවා නම් පියොවක් පාසා දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැජිය යුතු යි. “මහණෙනි, මෙසේ නිසැජිය යුතු යි: “වහන්ස, මවිසින් මේ සිවුරු පිළිය තමා ම හූ විනවා පෙහෙරුන් ලවා වියවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය’යි ... දෙන්නාහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT4. වායාපිතෙ වායාපිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. වායාපිතෙ වෙමතිකො, නිස්සග්ගියං පාචිත්තියං. වායාපිතෙ අවායාපිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT4. වියවන ලදුයෙහි වියවන ලදැයි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. වියවන ලදුයෙහි විමති ඇත්හේ නිසඟිපචිති වෙයි. වියවන ලදුයෙහි නො වියවන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ.
Pali BJT5. අවායාපිතෙ වායාපිතසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අවායාපිතෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අවායාපිතෙ අවායාපිතසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT5. නොවියවන ලදුයෙහි වියවන ලදැයි සන් ඇතියේ දුකුළා ඇවැත් වෙයි. නොවියවන ලදුයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නොවියවන ලදුයෙහි නොවියවන ලදැ යි සන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT6. අනාපත්ති චීවරං සිබ්බෙතුං, ආයොගෙ, කායබන්ධනෙ, අංසවට්ටකෙ පත්තත්ථවිකාය, පරිස්සාවනෙ, ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. සිවුරු මැහීම පිණිස ද, ආයෝගපට්ටය, කායබන්‍ධය, අංසවට්ටකය, පත්තත්‍ථවිකාය, පරිස්සාවනය යන මේ නිමිති කොට හූ විනවන්නහූට ද, ඥාති භික්‍ෂූන්ට ද, පවරණු ලැබුවනට ද, අනෙකක්හු සඳහා ඉල්වන්නහු ට ද, සිය ධනයෙන් ගන්නහුට ද, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නැති.
Pali BJTසුත්තවිඤ්ඤත්තිසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTසුත්තවිඤ්ඤත්ති ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 3. 7.
Sinhala BJT5. 3. 7.
Pali BJTමහාපෙසකාරසික්ඛාපදං
Sinhala BJTමහාපෙසකාර ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො පවාසං ගච්ඡන්තො පජාපතිං එතදවොච: “සුත්තං ධාරයිත්වා අමුකස්ස තන්තවායස්ස දෙහි. චීවරං වායාපෙත්වා නික්ඛිප. ආගතො අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. අස්සොසි ඛො අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු තස්ස පුරිසස්ස ඉමං වාචං භාසමානස්ස. අථ ඛො සො භික්ඛු යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා, ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “මහාපුඤ්ඤොසි ත්වං ආවුසො උපනන්ද, අමුකස්මිං ඔකාසෙ අඤ්ඤතරො පුරිසො පවාසං ගච්ඡන්තො පජාපතිං එතදවොච: “සුත්තං ධාරයිත්වා අමුකස්ස තන්තවායස්ස දෙහි. චීවරං වායාපෙත්වා නික්ඛිප. ආගතො අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. “අත්ථාවුසො මං සො උපට්ඨාකො”ති. සොපි ඛො තන්තවායො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස උපට්ඨාකො හොති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එසමයෙහි එක්තරා පුරුෂයෙක් ප්‍රවාසයට යන්නේ බිරිඳට මෙය කීය: “හූ තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළිය වියවා තබව. පෙරළා ආයෙම් උපනන්‍ද හිමියන් සිවුරින් පුදන්නෙමි” යි. එක්තරා පිණ්ඩචාරික මහණෙක් කියන්නා වූ ඒ පුරුෂයාගේ මෙතෙපුල් ඇසී ය. ඉක්බිති ඒ මහණ තෙමේ උපනන්‍ද ශාක්‍ය පුත්‍රයන් වෙත එළඹ මෙය කීය: “ඇවැත් උපනන්‍දයෙනි, තෙපි මහ පිනැත්තහුය. අසුවල් තැන එක්තරා පුරුෂයෙක් ප්‍රවාසයට යන්නේ බිරිඳට මෙය කීය. “නූල් තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළියක් වියවා තබව. පෙරළා ආයෙම් සිවුර උපනන්‍ද හිමියන් පුදන්නෙමි’යි. “ඇත ඇවැත්නි, හේ මට උපස්ථායකයැ” යි. ඒ පෙහෙර තෙමේ ද ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ උපස්ථායකයෙක් වෙයි.
Pali BJT2. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො යෙන සො තන්තවායො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තන්තවායං එතදවොච: “ඉදං ඛො ආවුසො චීවරං මං උද්දිස්ස විය්යති, ආයතඤ්ච කරොහි, විත්ථතඤ්ච අප්පිතඤ්ච සුවීතඤ්ච සුප්පවායිතඤ්ච සුවිලෙඛිතඤ්ච සුවිතච්ඡිතඤ්ච කරොහී”ති. “එතෙ ඛො මෙ භන්තෙ සුත්තං ධාරයිත්වා අදංසු ඉමිනා සුත්තෙන චීවරං විනාහීති. න භන්තෙ සක්කා ආයතං වා විත්ථතං වා අප්පිතං වා කාතුං, සක්කා ච ඛො භන්තෙ සුවීතඤ්ච සුප්පවායිතඤ්ච සුවිලෙඛිතඤ්ච සුවිතච්ඡිතඤ්ච කාතුන්ති.” “ඉඞ්ඝ ත්වං ආවුසො ආයතඤ්ච කරොහි විත්ථතඤ්ච අප්පිතඤ්ච, න තෙ{1} සුත්තෙන පටිබද්ධං භවිස්සතී”ති.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ උපස්ථායකයා වෙත එළඹ පෙහෙරාට මෙය කීය. “ඇවැත, මේ සිවුරු පිළිය මා උදෙසා වියනු ලැබේ. දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, සමව වියන ලද්දක් ද, සමව නූල් එළා වියන ලද්දක් ද, මනා හිරි අඳින ලද්දක් ද, කොස්සෙන් පිරිසිදු කරණ ලද්දක් ද කරව” යි. “වහන්ස, මොහු මට මේ හුයින් සිවුරු පිළියක් වියවයි හූ පමණ කොට දුන්හ. වහන්ස, දිග හෝ පුළුල් හෝ ඝන හෝ කරන්නට නො හැකිය. “වහන්ස, සුචිත ද, සුප්පවායිත ද සුවිලේඛිත ද සුචිතච්ඡිත ද කරන්නට හැකි වෙයි.” “ඇවැත, එසේ නම් තෝ දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, කරව. තට හුයින් අඩුවෙක් නොවන්නේ ය.”
Pali BJT3. අථ ඛො සො තන්තවායො යථාභතං සුත්තං තන්තෙ උපනෙත්වා යෙන සා ඉත්ථි තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං ඉත්ථිං එතදවොච: “සුත්තෙන අය්යෙ අත්ථො”ති. “නනු ත්වං අය්යො මයා වුත්තො: ඉමිනා සුත්තෙන චීවරං විනාහී”ති. “සච්චාහං අය්යෙ තයා වුත්තො: ඉමිනා සුත්තෙන චීවරං විනාහී”ති. අපිච මං අය්යො උපනන්දො එවමාහ: “ඉඞ්ඝ ත්වං ආවුසො ආයතඤ්ච කරොහි විත්ථතඤ්ච අප්පිතඤ්ච, න තෙන සුත්තෙන පටිබද්ධං භවිස්සතීති. අථ ඛො සා ඉත්ථි යත්තකං යෙව සුත්තං පඨමං අදාසි, තත්තකං පච්ඡා අදාසි.
Sinhala BJT3. ඉක්බිති ඒ පෙහෙර තෙමේ ගෙණා පමණ හූ යන්ත්‍රයෙහි එළවා ඒ ස්ත්‍රිය වෙත එළඹ මෙය කීය. “ආර්‍ය්‍යාවෙනි, හුයින් ප්‍රයෝජන ඇතැ”යි. “ආර්‍ය්‍යාවෙනි, මේ හුයින් සිවුරක් වියව’ යි තෙපි මා විසින් කියන ලද්දහු නො වේ ද?” “සැබව ආර්‍ය්‍යාවෙනි, තොප විසින් මේ හුයින් සිවුරක් වියව’යි කියන ලද්දෙමි” යි. එතකුදුවුවත් උපනන්‍ද ස්වාමීහු මට මෙය කීහ. “ඉදින් ඇවැත තෝ දිග ද පුළුල ද ඝන ද කරව, තට හුයින් අඩුවෙක් නො වන්නේය” යි. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ යම් පමණ හූ පළමුව දුන්නී ද, පසුව ද එපමණ දුන්නීය.
Pali BJT4. අස්සොසි ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො “සො කිර පුරිසො පවාසතො ආගතො”ති. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො යෙන තස්ස පුරිසස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සො පුරිසො යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො පජාපතිං එතදවොච: “තං වායාපිතං{1} චීවරන්ති?” “ආමාය්ය වායාපිතං තං චීවරන්ති”. “ආහර අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. අථ ඛො සා ඉත්ථි තං චීවරං නීහරිත්වා සාමිකස්ස දත්වා එතමත්ථං ආරොචෙසි. අථ ඛො සො පුරිසො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස චීවරං දත්වා උජ්ඣායති ඛීයති විපාචෙති: “මහිච්ඡා ඉමෙ සමණා සක්යපුත්තියා අසන්තුට්ඨා, නයිමෙ සුකරා චීවරෙන අච්ඡාදෙතුං. කථං හි නාම අය්යො උපනන්දො මයා පුබ්බෙ අප්පවාරිතො තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති.
Sinhala BJT4. ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ පුරුෂයා බැහැර සිට ආයේයයි ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ පුරුෂයාගේ නිවසට එළඹ පැණවූ අස්නෙහි හුන්හ. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ බිරිඳට මෙසේ කීයේය. ඒ සිවුරුපිළිය වියවන ලදදැ”යි. “එසේ ය හිමියනි, ඒ සිවුරු පිළිය වියවන ලද්දේය’ යි. “ගෙණ එව. උපනන්‍ද හිමියන් සිවුරින් පුදන්නෙමි”යි. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ඒ සිවුරුපිළිය ගෙණවුත් සැමියාට දී මේ පවත් දැන්වූවාය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාහට සිවුරුපිළිය දී හෙලා දකියි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ මහත් ආශා ඇත්තෝය. ලද දෙයින් සතුටු නො වන්නෝය. මොහු සිවුරකින් පුදන්නට පහසු නො වෙත්. “කෙසේ නම් උපනන්‍ද හිමියෝ මවිසින් පෙර නො පවරණ ලද්දාහු පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියාහු දැ”යි.
Pali BJT5. අස්සොසුං ඛො භික්ඛූ තස්ස පුරිසස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බෙ අප්පවාරිතො ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “සච්චං කිර ත්වං උපනන්ද පුබ්බෙ අප්පවාරිතො ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජී”ති? “සච්චං භගවා.” “ඤාතකො තෙ උපනන්ද අඤ්ඤාතකො”ති? “අඤ්ඤාතකො භගවා”ති. “අඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතකස්ස න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා සන්තං වා අසන්තං වා. තත්ථ නාම ත්වං මොඝපුරිස පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකස්ස ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ පුරුෂයාගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරවති. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නොපවරණ ලද්දාහු ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරුපිළියෙහි අධික විධානයට පැමිණියාහු දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලද්දෙහි ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියෙහි දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” “උපනන්‍දය හේ තාගේ නෑයෙක් ද? නො නෑයෙක් ද?” “භාග්‍යවතුන් වහන්ස, නො නෑයෙකි.” “තුච්ඡපුරුෂය, නො නෑයෙක් නො නෑයකුගේ සුදුසුබව හෝ නුසුදුසු බව හෝ ඇතිබව හෝ නැතිබව හෝ නො දනියි. එහිලා තුච්ඡපුරුෂය, තෝ පෙර නො පවරණ ලද්දෙහි නො නෑ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියෙහි ය. “තුච්ඡපුරුෂය, තෙල නොපහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි.” ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“භික්ඛුං පනෙව උද්දිස්ස අඤ්ඤාතකො ගහපති වා ගහපතානී වා තන්තවායෙහි චීවරං වායාපෙය්ය, තත්ර චෙ සො භික්ඛු පුබ්බෙ අප්පවාරිතො තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජෙය්ය: ‘ඉදං ඛො, ආවුසො, චීවරං මං උද්දිස්ස විය්යති. ආයතඤ්ච කරොථ විත්ථතඤ්ච. අප්පිතඤ්ච සුවීතඤ්ච සුප්පවායිතඤ්ච සුවිලෙඛිතඤ්ච සුවිතච්ඡිතඤ්ච කරොථ, අප්පෙවනාම මයම්පි ආයස්මන්තානං කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්යාමා’ති. එවඤ්ච සො භික්ඛු වත්වා කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්ය අන්තමසො පිණ්ඩපාතමත්තම්පි, නිස්සග්ගියං පාචිත්තියන්ති.”
Sinhala BJT“මහණකු උදෙසාම නොනෑ ගැහැවියෙක් හෝ ගිහිනියක් හෝ පෙහෙරුන් ලවා සිවුරුපිළියක් වියවා නම් එකල්හි ඒ මහණ තෙමේ පෙර නො පවරණ ලද්දේ පෙහෙරුන් වෙත එළඹ ඉදින් සිවුරෙහි අධික විධානයට පැමිණේ නම්: ‘ඇවැත්නි, මේ සිවුරුපිළිය මා උදෙසා වියනු ලැබේ. දිග් වූවක් ද පුළුල් වූවක් ද ඝන වූවක් ද කරවු. මනාකොට වියන ලද්දක් ද සමකොට හූ අතුරා වියන ලද්දක් ද මනාකොට හිරි අඳින ලද්දක් ද, මනාකොට මදින ලද්දක් ද කරවු. ඉදින් අපිදු ආයුෂ්මත්හට කිසිවක් දෙන්නමෝ නම් යෙහෙකැ’යි. ඒ මහණ තෙමේ මෙසේ කියා යටත් පිරිසෙයින් ස්වල්පමාත්‍රවූ ද පිඬුපමණකුදු දේ නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJT6. භික්ඛුං පනෙව උද්දිස්සාති භික්ඛුස්සත්ථාය භික්ඛුං ආරම්මණං කරිත්වා භික්ඛුං අච්ඡාදෙතුකාමො.
Sinhala BJT6. භික්ඛුං පනෙව උද්දිස්ස යනු: මහණකු සඳහා මහණකු අරමුණු කොට මහණක්හට දෙනු කැමැත්තේ.
Pali BJTඅඤ්ඤාතකො නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධො.
Sinhala BJTඅඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන මුත්තා යුගළු දක්වා සම්බන්‍ධනුවූයේ වෙයි.
Pali BJTගහපති නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTගහපති නම්: යමෙක් ගිහිගෙයි වෙසේ නම් හෙ තෙමේ ය.
Pali BJTගහපතානී නාම: යා කාචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTගහපතානී නම්: ගිහිගෙයි වසන යම්කිසි මාගමක්.
Pali BJTතන්තවායෙහීති පෙසකාරෙහි.
Sinhala BJTතන්තවායෙහි යනු: පෙහෙරුන් ලවා
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගපච්ඡිමං.
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරෙකි.
Pali BJTවායාපෙය්යාති විනාපෙති.
Sinhala BJTචායාපෙය්‍ය යනු: වියවයි.
Pali BJTතත්ර චෙ සො භික්ඛූති යං භික්ඛුං උද්දිස්ස චීවරං විය්යති සො භික්ඛු.
Sinhala BJTතත්‍ර චෙසො භික්ඛු යනු: යම් මහණකු උදෙසා සිවුරක් වියනු ලැබේ ද, ඒ මහණ තෙමෙ ය.
Pali BJTපුබ්බෙ අප්පවාරිතොති පුබ්බෙ අවුත්තො හොති: “කීදිසෙන තෙ භන්තෙ චීවරෙන අත්ථො, කීදිසං තෙ චීවරං වායාපෙමී”ති.
Sinhala BJTපුබ්බේ අප්පචාරිතො යනු: “වහන්ස, කෙබඳු සිවුරකින් තොපට ප්‍රයෝජන වේ ද, තොපට කෙබඳු සිවුරක් වියවම් දැ යි” පෙර නො කියනුලැබුවෙක් වෙයි.
Pali BJTතන්තවායෙ උපසඞ්කමිත්වාති ඝරං ගන්ත්වා යත්ථ කත්ථචි උපසඞ්කමිත්වා
Sinhala BJTතන්තවායෙ උපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස් යම්කිසි තැනෙක්හි එළඹය.
Pali BJTචීවරෙ විකප්පං ආපජ්ජෙය්යාති “ඉදං ඛො ආවුසො චීවරං මං උද්දිස්ස විය්යති, ආයතඤ්ච කරොථ, විත්ථඤ්ච අප්පිතඤ්ච සුවීතඤ්ච සුප්පවායිතඤ්ච සුවිලෙඛිතඤ්ච සුවිතච්ඡිතඤ්ච කරොථ.”
Sinhala BJTචීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය යනු: “ඇවැත, මේ සිවුරුපිළිය මා උදෙසා වියනු ලැබේ. දිග්වූවක් ද පුළුල්වූවක් ද ඝනවූවක් ද කරවු. මනා කොට වියන ලද්දක් ද, සමකොට හූ අතුරා වියන ලද්දක් ද, මනාකොට හිරි අඳින ලද්දක් ද, මනාකොට මදින ලද්දක් ද කරවු.”
Pali BJTඅප්පෙවනාම මයම්පි ආයස්මන්තානං කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්යාමාති එවඤ්ච සො භික්ඛු වත්වා කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්ය අන්තමසො පිණ්ඩපාතමත්තම්පීති. පිණ්ඩපාතො නාම: යාගුපි භත්තම්පි ඛාදනීයම්පි චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි අන්තමසො ධම්මම්පි භණති.
Sinhala BJTඅප්පෙව නාම මයම්පි ආයසමන්තානං කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්‍යාමාති එවං ච සො භික්ඛු වත්‍වා කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්‍ය අන්තමසෝ පිණ්ඩපාතමත්තම්පි යනු: පිණ්ඩපාත නම්: හඹු ද, බත් ද, කැවිලි ද, සුණුපිඬක් ද, දැහැටි දඬුවක් ද දහවළුකඩක් ද යටත් පිරිසෙයින් දහම් ද දෙසයි.
Pali BJT7. තස්ස වචනෙන ආයතං වා විත්ථතං වා අප්පිතං වා කරොති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ චීවරං පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකස්ස ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපන්නං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති. -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJT7. ඔහුගේ වචනයෙන් දිග්වූවක් හෝ පුළුල්වූවක් හෝ ඝනවූවක් හෝ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට හෝ නිසැජිය යුතු. මහණෙනි, මෙසේ නිසැජිය යුතුයි. “වහන්ස, මාගේ මේ සිවුර පෙර නො පවරණ ලදුයෙම් නො නෑ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධිකවිධානයට පැමිණෙන ලදුයේ නිසඟි විය. “මෙය මම් සඟනට නිසජමි’යි ... දෙන්නේය’යි ... දෙන්නාහ’යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
Pali BJT8. අඤ්ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී පුබ්බෙ අප්පවාරිතො ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතකෙ වෙමතිකො -පෙ- අඤ්ඤාතකෙ ඤාතකසඤ්ඤී පුබ්බෙ අප්පවාරිතො ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT8. නොනෑයෙකු කෙරෙහි නොනෑයෙක යන සන් ඇතියේ පෙර නො පවරණලද්දේ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණේ නම්, නිසඟිපචිති වෙයි. නො නෑයෙකු කෙරෙහි විමති ඇත්තේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සන් ඇත්තේ පෙර නොපවරණ ලද්දේ, ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණේ නම් නිසඟිපචිති වේ.
Pali BJT9. ඤාතකෙ අඤාතකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ ඤාතකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT9. නෑයකු කෙරෙහි නොනෑයෙක යන සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT10. අනාපත්ති ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, මහග්ඝං වායාපෙතුකාමස්ස අප්පග්ඝං වායාපෙති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT10. නෑයනට, පැවරූවනට, අනෙකක්හු සඳහා, සිය ධනයෙන්, මහඟු කොට වියවනු කැමැත්තහුගේ සිවුර අගය අඩුවූවක් කොට වියවා නම්, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
Pali BJTමහාපෙසකාරසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTමහාපෙසකාර ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 3. 8.
Sinhala BJT5. 3. 8.
Pali BJTඅච්චෙකචීවරසික්ඛාපදං
Sinhala BJTඅච්චෙකචීවර ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො මහාමත්තො පවාසං ගච්ඡන්තො භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: “ආගච්ඡන්තු භදන්තා, වස්සාවාසිකං දස්සාමී”ති. භික්ඛූ වස්සං වුත්ථානං භගවතා වස්සාවාසිකං අනුඤ්ඤාත”න්ති, කුක්කුච්චායන්තා නාගමංසු. අථ ඛො සො මහාමත්තො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා මයා දූතෙ පහිතෙ නාගච්ඡිස්සන්ති” “අහං හි සෙනාය ගච්ඡාමි. දුජ්ජානං ජීවිතං දුජ්ජානං මරණ”න්ති. අස්සොසුං ඛො භික්ඛූ තස්ස මහාමත්තස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ අච්චෙකචීවරං පටිග්ගහෙත්වා නික්ඛිපිතු”න්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි එක්තරා මහ ඇමතියෙක් ප්‍රවාසයට යන්නේ භික්‍ෂූන් වෙත දූතයකු යැවීය. වහන්දෑවරු වඩින සේක්වා වස්සාවාසිකයක් දෙන්නෙමි” යි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ විසින් වස්විසූවන්ට වස්සාවාසිකය අනුදන්නා ලදැයි කුකුස් කරමින් නොගියාහු ය. ඉක්බිති ඒ මහඇමති තෙමේ හෙලා දකියි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “කෙසේ නම් වහන්දෑවරු මා විසින් දූතයකු යැවූ කල්හි නො එද්ද” යි. මම සේනාව සමග යෙමි. ජීවත්වීම නො දත හැකි ය. මරණය නොදත හැකිය” යි. භික්‍ෂූහු හෙලා දකින නුගුණ පවසන දොස් පතුරුවන ඒ මහඇමතියාගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, අතික් සිවුරක් පිළිගෙණ තබන්නට අනුදනිමි” යි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ “භගවතා අනුඤ්ඤාතං අච්චෙකචීවරං පටිග්ගහෙත්වා නික්ඛිපිතුන්ති.” අච්චෙකචීවරානි පටිග්ගහෙත්වා චීවරකාලසමයං අතික්කාමෙන්ති. තානි චීවරානි චීවරවංසෙ භණ්ඩිකාබද්ධානි තිට්ඨන්ති. අද්දස ඛො ආයස්මා ආනන්දො සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තානි චීවරානි චීවරවංසෙ භණ්ඩිකාබද්ධානි. තිට්ඨන්තෙ, දිස්වා භික්ඛූ එතදවොච: “කස්සිමානි ආවුසො චීවරානි චීවරවංසෙ භණ්ඩිකාබද්ධානි තිට්ඨන්තී”ති? “අම්හාකං ආවුසො අච්චෙකචීවරානී”ති. “කීව චිරං පනාවුසො ඉමානි චීවරානි නික්ඛිත්තානී”ති. අථ ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස යථානික්ඛිත්තං ආරොචෙසුං. ආයස්මා ආනන්දො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛූ අච්චෙකචීවරං පටිග්ගහෙත්වා චීවරකාලසමයං අතික්කාමෙස්සන්තී”ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT2. එසමයෙහි මහණහු භාග්‍යවතුන් වහන්සේ විසින් අතික් සිවුරක් පිළිගෙණ තබන්නට අනුදන්නා ලදැයි. අතික් සිවුරු පිළිගෙණ චීවරකාල සමය ඉක්මවත්, ඒ සිවුරු චීවරවංසයෙහි බදබැඩි ව තිබේ. සේනාසන චාරිකාවෙහි හැසිරෙණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ චීවරවංසයෙහි බදබැඩි වූ ඒ සිවුරු දුටහ. දැක භික්‍ෂූන්ට මෙය කීහ. “ඇවැත්නි, චීවරවංසයෙහි පොදි බැඳ තබන ලද මේ සිවුරු කවරක්හුගේ දැ”යි. “ඇවැත්නි අපගේ අතික් සිවුරු” යි. “ඇවැත්නි, මේ සිවුරු කෙතෙක් කල් තබන ලදදැ”යි. එකල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තැබූපරිදි සැළ කළහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරුවති. “කෙසේ නම් භික්‍ෂූහු අතික් සිවුරක් පිළිගෙණ චීවරකාලසමය ඉක්මවද්දැ”යි. ඉක්බිති ආනන්‍ද තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ.
Pali BJT3. “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අච්චෙකචීවරං පටිග්ගහෙත්වා චීවරකාලසමයං අතික්කාමෙන්තී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා අච්චෙකචීවරං පටිග්ගහෙත්වා චීවරකාලසමයං අතික්කාමෙස්සන්ති”. නෙතං භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. “සැබෑද මහණෙනි, භික්‍ෂූහු අතික් සිවුරක් පිළිගෙණ චීවරකාලසමය ඉක්මවද්ද”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “මහණෙනි කෙසේ නම් ඒ තුච්ඡපුරුෂයෝ, අතික් සිවුරක් පිළිගෙණ චීවරකාලසමය ඉක්මවද්ද” “මහණෙනි තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“දසාහානාගතං කත්තිකතෙමාසිකපුණ්ණමං භික්ඛුනො පනෙව අච්චෙකචීවරං උප්පජ්ජෙය්ය, අච්චෙකං මඤ්ඤමානෙන භික්ඛුනා පටිග්ගහෙතබ්බං, පටිග්ගහෙත්වා යාව චීවරකාලසමයං නික්ඛිපිතබ්බං. තතො චෙ උත්තරි නික්ඛිපෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති”.
Sinhala BJT“දසදිනකින් නො පත් වප්මස මැදි පොහොය තෙක් මහණහට අතික් සිවුරක් උපන්නේ නම් ඉක්මන් බව හඟනා මහණහු විසින් පිළිගත යුතුය. පිළිගෙණ චීවරකාලසමය තෙක් තැබිය යුතුය. ඉදින් ඉන් මත්තෙහි තබන්නේ නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJT4. දසාහානාගතන්ති දසාහානාගතාය පවාරණාය.
Sinhala BJT4. දසාහානාගතං යනු: පවාරණය දසදිනකින් නො පත් කල්හි.
Pali BJTකත්තිකතෙමාසිකපුණ්ණමන්ති පවාරණා කත්තිකා වුච්චති.
Sinhala BJTකත්තිකතෙමාසිකපුණ්ණමං යනු: වප්මස පවුරුණු පණුරැස කියනු ලැබේ.
Pali BJTඅච්චෙකචීවරං නාම: සෙනාය වා ගන්තුකාමො හොති, පවාසං වා ගන්තුකාමො හොති, ගිලානො වා හොති, ගබ්භිනී වා හොති, අස්සද්ධස්ස වා සද්ධා උප්පන්නා හොති, අප්පසන්නස්ස වා පසාදො උප්පන්නො හොති, සො චෙ භික්ඛූනං සන්තිකෙ දූතං පහිණෙය්ය: “ආගච්ඡන්තු භදන්තා, වස්සාවාසිකං දස්සාමීති” එතං අච්චෙකචීවරං නාම.
Sinhala BJTඅච්චෙකචීවර නම්: සේනාව සමග යනු කැමැත්තේ හෝ වෙයි. බැහැර විසීමට යනු කැමැත්තේ හෝ වෙයි. ගිලනෙක් හෝ වෙයි. ගැබිණියක් හෝ වෙයි. සැදැහැ නැත්තකුට සැදැහැ උපන්නේ හෝ වෙයි. නො පහන් වූවකුට පහන්බව උපන්නේ හෝ වෙයි. ඉදින් හෙ තෙම භික්‍ෂූන් වෙත “වහන්දෑවරු වඩිත්වා වස්සාවාසිකය දෙන්නෙමි” යි දූතයකු එවා නම් මේ අච්චෙකචීවර නමි.
Pali BJTඅච්චෙකං මඤ්ඤමානෙන භික්ඛුනා පටිග්ගහෙතබ්බං පටිග්ගහෙත්වා යාව චීවරකාලසමයං නික්ඛිපිතබ්බන්ති සඤ්ඤාණං කත්වා නික්ඛිපිතබ්බං, “ඉදං අච්චෙකචීවරන්ති.
Sinhala BJTඅච්චෙකං මඤ්ඤමානෙන භික්ඛුනා පටිග්ගහෙතබ්බං පටිග්ගහෙත්‍වා යාව චීවරකාලසමයං නික්ඛිපිතබ්බං යනු: මේ අතික් සිවුරයයි සලකුණු කොට තැබිය යුතුයි.
Pali BJTචීවරකාලසමයො නාම: අනත්ථතෙ කථිනෙ වස්සානස්ස පච්ඡිමො මාසො, අත්ථතෙ කථිනෙ පඤ්චමාසා.
Sinhala BJTචීවර කාලසමය නම්: කෙළින් නො අතුළ කල්හි වැසි සාරමස පිළිබඳ පැසුළු මසයි. කෙළින් අතුළ කල්හි පස්මසකි.
Pali BJTතතො චෙ උත්තරිං නික්ඛිපෙය්යාති අනත්ථතෙ කථිනෙ වස්සානස්ස පච්ඡිමං දිවසං අතික්කාමෙති, නිස්සග්ගියං{1} පාචිත්තියං. අත්ථතෙ කඨිනෙ කඨිනුද්ධාරදිවසං අතික්කාමෙති, නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ, නිස්සජිතබ්බං: “ඉදම්මෙභන්තෙ අච්චෙකචීවරං චීවරකාලසමයං අතික්කාමිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJTතතො චෙ උත්තරිං නික්ඛිපෙය්‍ය යනු: කෙළින් නො අතුළ කල්හි වැසිසාරමස පිළිබඳ පැසුළු දින ඉක්ම වා නම් නිසඟිපචිති වෙයි. කෙළින් අතුළකල්හි කෙළින් උදුරණ දිනය ඉක්මවා නම් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට නිසැජිය යුතුය. මහණෙනි, මෙසේ නිසැජිය යුතු ... “වහන්ස, මගේ මේ අතික් සිවුර චීවරකාලසමය ඉක්මවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි” යි, ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT5. අච්චෙකචීවරෙ අච්චෙකචීවරසඤ්ඤී චීවරකාලසමයං අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. අච්චෙකචීවරෙ වෙමතිකො චීවරකාලසමයං අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. අච්චෙකචීවරෙ අනච්චෙකචීවරසඤ්ඤී චීවරකාලසමයං අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. අනධිට්ඨිතෙ අධිට්ඨිතසඤ්ඤී -පෙ- අවිකප්පිතෙ විකප්පිතසඤ්ඤී, අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤී අනට්ඨෙ නට්ඨසඤ්ඤී, අවිනට්ඨෙ විනට්ඨසඤ්ඤී, අදඩ්ඪෙ දඩ්ඪසඤ්ඤී, අවිලුත්තෙ විලුත්තසඤ්ඤී චීවරකාලසමයං අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT5. අතික් සිවුරෙහි අතික් සිවුරෙක යන සන් ඇතියේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟිපචිති වෙයි. අතික් සිවුරෙහි විමති ඇත්තේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟි පචිති වෙයි. අතික් සිවුරෙහි නො අතික් සිවුරෙක යන සන් ඇතියේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟිපචිති වේ. නොඉටන ලදුයෙහි ඉටන ලදැයි සන් ඇතියේ ... නොවිකපන ලදුයෙහි විකපන ලදැයි සන් ඇතියේ නොවිසජන ලදුයෙහි විසජනලදැ යි සන් ඇතියේ නොනටුයෙහි නටැයි සන් ඇතියේ , නොවැනැසුනෙහි වැනැසි නැ’යි සන් ඇතියේ නොදැවුනෙහි දැවිනැ’යි සන් ඇතියේ නොපැහැර ගන්නා ලදුයෙහි පැහැර ගන්නා ලදැ’යි සන් ඇතියේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟිපචිති වේ.
Pali BJT6. නිස්සග්ගියං චීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. අනච්චෙකචීවරෙ අච්චෙකචීවරසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අනච්චෙකචීවරෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අනච්චෙකචීවරෙ අනච්චෙකචීවරසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT6. නිසැඟි සිවුර නො නිසජා වළඳා නම් දුකුළාඇවැත් වෙයි. නො අතික් සිවුරෙහි අතික් සිවුරෙක යන සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. නො අතික් සිවුරෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. නො අතික් සිවුරෙහි නො අතික් සිවුරෙක යන සන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT7. අනාපත්ති අන්තොසමයං{1} අධිට්ඨෙති විකප්පෙති, විස්සජ්ජෙති නස්සති විනස්සති ඩය්හති, අච්ඡින්දිත්වා ගණ්හන්ති, විස්සාසං ගණ්හන්ති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT7. සමයතුළ ඉටා නම්, විකපා නම්, විසඳා නම්, නැසේ නම්, වැනසේ නම්, දැවේ නම්, අසිඳ ගණිත් නම් විස්වසින් ගණිත් නම්, ඔවුනට, උමතුවූවහුට, ආදිකම්මිකයාහට ඇවැත් නැත්තේ යි.
Pali BJTඅච්චෙකචීවරසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTඅච්චෙකචීවර ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 3. 9.
Sinhala BJT5. 3. 9.
Pali BJTසාසඞ්කසික්ඛාපදං
Sinhala BJTසාසඞ්ක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ වුත්ථවස්සා{2} ආරඤ්ඤකෙසු සෙනාසනෙසු විහරන්ති. කත්තිකචොරකා භික්ඛූ “ලද්ධලාභා”ති පරිපාතෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ ආරඤ්ඤකෙසු සෙනාසනෙසු විහරන්තෙන තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිතු”න්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි භික්‍ෂූහු වැස නිමවූ වස් ඇතියාහු වනසෙනසුන්හි වෙසෙති. ඉල්මස සොරු “භික්‍ෂූහු ලද ලාභ ඇත්තාහු යයි” උවදුරු කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි, දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි වනසෙනසුන්හි වසන්නහු විසින් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබන්නට අනුදනිමි”යි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ භගවතා අනුඤ්ඤාතං ආරඤ්ඤකෙසු සෙනාසනෙසු විහරන්තෙන තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිතුන්ති” තෙ තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිත්වා අතිරෙකඡාරත්තං විප්පවසන්ති. තානි චීවරානි නස්සන්තිපි ඩය්හන්තිපි විනස්සන්තිපි උන්දූරෙහිපි ඛජ්ජන්ති. භික්ඛූ දුච්චොලා හොන්ති ලූඛචීවරා. භික්ඛූ එවමාහංසු: “කිස්ස තුම්හෙ ආවුසො දුච්චොලා ලූඛචීවරා”ති. අථ ඛො තෙ භික්ඛූ භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිත්වා අතිරෙකඡාරත්තං විප්පවසිස්සන්තී”ති.
Sinhala BJT2. එසමයෙහි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ විසින් වනසෙනසුන්හි වසන්නහු විසින් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබන්නට අනුදන්නා ලදැ’යි තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා සරැයක් වෙන්ව වෙසෙති. ඒ සිවුරු නැසෙති. වැනසෙති. දැවෙති. මීයන් විසිනුදු කනු ලැබෙති. මහණහු දිරූ සිවුරුපිළි ඇත්තාහු, රළු සිවුරු ඇත්තාහු වෙත්. භික්‍ෂූහු මෙසේ කීහ. “ඇවැත්නි, තෙපි කුමක් හෙයින් දිරූ සිවුරුපිළි ඇත්තාහු රළුසිවුරු ඇත්තහුදැ”යි. එකල්හි ඒ භික්‍ෂූහු භික්‍ෂූන්ට මෙපවත් දැන්වූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මහණහු තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා සරැයක් වෙන්ව වෙසෙද්දැ”යි.
Pali BJT3. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිත්වා අතිරෙකඡාරත්තං විප්පවසන්තී”ති? “සච්චං භගවා” විගරහි බුද්ධො භගවා: කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිත්වා අතිරෙකඡාරත්තං විප්පවසිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT3. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, භික්‍ෂූහු තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා ‘සරැයක් වෙන්ව වෙසෙත්ල’යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ, කෙසේ නම් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා සරැයක් වෙන්ව වුසූහු ද. මහණෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“උපවස්සං ඛො පන කත්තිකපුණ්ණමං යානි ඛො පන තානි ආරඤ්ඤ කානි සෙනාසනානි සාසඞ්කසම්මතානි සප්පටිභයානි, තථාරූපෙසු භික්ඛු සෙනාසනෙසු විහරන්තො ආකඞ්ඛමානො තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපෙය්ය. සියා ච තස්ස භික්ඛුනො කොචිදෙව පච්චයො තෙන චීවරෙන විප්පවාසාය, ඡාරත්තපරමං තෙන භික්ඛුනා තෙන චීවරෙන විප්පවසිතබ්බං. තතො චෙ උත්තරිං විප්පවසෙය්ය, අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තියන්ති.”
Sinhala BJT“වස් වැස හිල් මැදි පොහොය තෙක් සැක සහිතයයි සම්මත වූ බිය සහිත වූ වනසෙනසුන් කෙනෙක් වෙද්ද, එබඳු සෙනසුන්හි වසන මහණ තෙමේ කැමැත්තේ නම් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබන්නේ ය. ඒ මහණහට ඒ සිවුරෙන් වෙන්ව විසීමට කිසි හේතුවක් ඇත්තේ නම් එ මහණ විසින් උඩත් පිරිසෙයින් සරැයක් කල් ඒ සිවුරෙන් වෙන්ව විසිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි භික්‍ෂූසම්මතියෙන් තොරව වෙන්ව වසන්නේ නිසඟිපචිති වේ” යයි.
Pali BJT4. උපවස්සං ඛො පනාති වුත්ථවස්සානං.
Sinhala BJT4. උපවස්සං පන ඛො යනු: විසූවස් ඇතියනට.
Pali BJTකත්තිකපුණ්ණමන්ති කත්තිකචාතුමාසිනී වුච්චති.
Sinhala BJTකත්තිකපුණ්ණමං යනු: හිල්මස පණුරැසිය කියනු ලැබේ..
Pali BJTයානි ඛො පන තානි ආරඤ්ඤකානි සෙනාසනානීති ආරඤ්ඤකං නාම සෙනාසනං පඤ්චධනුසතිකං පච්ඡිමං.
Sinhala BJTයානි ඛො පන තානි ආරඤ්ඤකානි සේනාසනානි යනු: දුනු පන්සියක් වූ පැසුළු සෙනසුන ආරණ්‍යක නමි.
Pali BJTසාසඞ්කං නාම: ආරාමෙ ආරාමූපචාරෙ චොරානං නිවිට්ඨොකාසො දිස්සති. භුත්තොකාසො දිස්සති. ඨිතොකාසො දිස්සති. නිසින්නොකාසො දිස්සති. නිපන්නොකාසො දිස්සති.
Sinhala BJTසාසඞ්ක නම්: අරම්හි ද අරම් උවසරෙහි ද සොරුන් පිවිසි තැන දක්නා ලැබෙ යි. අනුභව කළ තැන දක්නා ලැබෙයි. සිටි තැන දක්නා ලැබෙයි. හුන් තැන දක්නා ලැබෙයි. හොත් තැන දක්නා ලැබෙයි.
Pali BJTසප්පටිභයං නාම: ආරාමෙ ආරාමූපචාරෙ චොරෙහි මනුස්සා හතා දිස්සන්ති. විලුත්තා දිස්සන්ති. ආකොටිතා දිස්සන්ති.
Sinhala BJTසප්පටිභය නම්: අරම්හි ද අරම් උවසරෙහි ද සොරුන් විසින් නසන ලද මිනිස්සු දක්නා ලැබෙති. පැහැර ගන්නා ලදහු දක්නා ලැබෙති. පෙළන ලද්දාහු දක්නා ලැබෙති.
Pali BJTතථාරූපෙසු භික්ඛු සෙනාසනෙසු විහරන්තොති එවරූපෙසු භික්ඛු සෙනාසනෙසු විහරන්තො.
Sinhala BJTතථාරූපෙසු භික්ඛු සේනාසනේසු විහරන්තො යනු: එබඳු සෙනසුන්හි වසන මහණ තෙමේය.
Pali BJTආකඞ්ඛමානොති ඉච්ඡමානො.
Sinhala BJTආකඞ්ඛමානෝ යනු: කැමැතිවන්නේ.
Pali BJTතිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරන්ති සඞ්ඝාටිං වා උත්තරාසඞ්ගං වා අන්තරවාසකං වා.
Sinhala BJTතිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං යනු: සඟළ හෝ පොරෝණය හෝ අඳනය හෝ යි.
Pali BJTඅන්තරඝරෙ නික්ඛිපෙය්යාති සමන්තා ගොචරගාමෙ නික්ඛිපෙය්ය.
Sinhala BJTඅන්තරඝරෙ නික්ඛිපෙය්‍ය යනු: හාත්පසැ ගොදුරුගමෙහි තබන්නේය.
Pali BJTසියා ච තස්ස භික්ඛුනො කොචිදෙව පච්චයො තෙන චීවරෙන විප්පවාසායාති සියා පච්චයො සියා කරණීයං.
Sinhala BJTසියා ච තස්ස භික්ඛුනෝ කෝචිදේව පච්චයො තෙන චීවරෙන විප්පවාසාය යනු: හේතුවක් වේ නම්, කටයුත්තක් වේ නම්.
Pali BJTඡාරත්තපරමං තෙන භික්ඛුනා තෙන චීවරෙන විප්පවසිතබ්බන්ති ඡාරත්තපරමතා විප්පවසිතබ්බං.
Sinhala BJTජාරත්තපරමං තෙන භික්ඛුනා තෙන චීවරෙන විප්පවසිතබ්බං යනු: උඩත් පිරිසෙයින් සරැයක් වෙන්ව විසිය යුතුයි.
Pali BJTඅඤ්ඤත්ර භික්ඛුසම්මුතියාති ඨපෙත්වා භික්ඛුසම්මුතිං.
Sinhala BJTඅඤ්ඤත්‍ර භික්ඛුසම්මුතියා යනු: භික්ඛුසම්මුතිය හැර.
Pali BJTතතො චෙ උත්තරි විප්පවසෙය්යාති සත්තමෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ චීවරං අතිරෙකඡාරත්තං විප්පවුත්ථං අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති - දදෙය්යාති - දදෙය්යුන්ති - ආයස්මතො දම්මී”ති.
Sinhala BJTතතො චෙ උත්තරිං විප්පවසෙය්‍ය යනු: සත්වන අරුණ නැගෙත්ම නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට නිසැජිය යුතුය. මහණෙනි, මෙසේ නිසදිය යුතු. “වහන්ස මගේ මේ සිවුර භික්‍ෂුසම්මතියෙන් තොරව අයිරා සරැයක් වෙන්ව වසන ලද්දේ නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි යි, ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි”යි.
Pali BJT5. අතිරෙකඡාරත්තෙ අතිරෙකසඤ්ඤී විප්පවසති අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකඡාරත්තෙ වෙමතිකො විප්පවසති අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකඡාරත්තෙ ඌනකසඤ්ඤී විප්පවසති, අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තියං. අප්පච්චුද්ධටෙ පච්චුද්ධටසඤ්ඤී -පෙ- අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤී, අනට්ඨෙ නට්ඨසඤ්ඤී, අවිනට්ඨෙ විනට්ඨසඤ්ඤී, අදඩ්ඪෙ දඩ්ඪසඤ්ඤී, අවිලුත්තෙ විලුත්තසඤ්ඤී විප්පවසති අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT5. අතිරේක සරැයක් ඇතියෙහි අතිරේක ය යන සන් ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොරව වෙන් ව වෙසේ නම් නිසඟිපචිති වෙයි. අතිරේක සරැයක් ඇතියෙහි විමති ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොරව වෙන් ව වෙසේ නම් නිසඟිපචිති වෙයි. අතිරේක සරැයක් ඇතියෙහි උනුසන් ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොරව වෙන් ව වෙසේ නම් නිසඟිපචිති වෙයි. නොපසුදුළෙහි පසුදුළැයි සන් ඇතියේ ... නොවිසඳන ලද්දෙහි විසඳන ලදැයි සන් ඇතියේ ... නොනැසුනෙහි නැසිනැයි සන් ඇතියේ, නො වැනැසුනෙහි වැනසිනැයි සන් ඇතියේ, නොදැවුනෙහි දැවිනැයි සන් ඇතියේ, නො පැහැර ගන්නා ලදුයෙහි පැහැර ගන්නා ලදැයි සන් ඇතියේ, භික්‍ෂුසම්මුතියෙන් තොරව වෙන්ව වෙසේ නම් නිසඟිපචිති වේ.
Pali BJT6. නිස්සග්ගියං චීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. ඌනකඡාරත්තෙ අතිරෙකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඌනකඡාරත්තෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඌනකඡාරත්තෙ ඌනකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT6. නිසැඟි වූ සිවුර නො නිසජා වළඳා නම් දුකුළාඇවැත් වෙයි. උනු සදවසක් ඇතියෙහි අතිරේක ය යන සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනු සදවසක් ඇතියෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනු සදවසක් ඇතියෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT7. අනාපත්ති ඡාරත්තං විප්පවසති, ඌනකඡාරත්තං විප්පවසති, ඡාරත්තං විප්පවසිත්වා පුන ගාමසීමං ඔක්කමිත්වා වසිත්වා පක්කමති, අන්තොඡාරත්තං පච්චුද්ධරති, විස්සජ්ජෙති, නස්සති, විනස්සති, ඩය්හති, අච්ඡින්දිත්වා ගණ්හන්ති, විස්සාසං ගණ්හන්ති, භික්ඛුසම්මුතියා, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT7. සරැයක් වෙන්ව වෙසේ නම්, උනු සරැයක් වෙන්ව වෙසේ නම්, සරැයක් වෙන්ව වැස යලි ගම් ඉමට බැස වැස නික්මේ නම්, ඇතුළු සදවසැ පසුදුරා නම්, විසදා නම්, නැසේ නම්, වැනසේ නම්, දැවේ නම්, අසිඳ ගණිත් නම්, විස්වසින් ගණිත් නම්, භික්‍ෂුසම්මතියෙන් වෙන්ව වෙසේ නම්, උමතුවූවහුට, ආදිකම්මිකයාට ඇවැත් නැති යි.
Pali BJTසාසඞ්කසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTසාසඞ්ක ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 3. 10.
Sinhala BJT5. 3. 10.
Pali BJTපරිණතසික්ඛාපදං.
Sinhala BJTපරිණත ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරස්ස පූගස්ස සඞ්ඝස්ස සචීවරභත්තං පටියත්තං හොති: “භොජෙත්වා චීවරෙන අච්ඡාදෙස්සාමා”ති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ යෙන සො පූගො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා තං පූගං එතදවොචුං: “දෙථාවුසො අම්හාකං ඉමානි චීවරානී”ති. “න මයං භන්තෙ දස්සාම අම්හාකං සඞ්ඝස්ස අනුවස්සං සචීවරභික්ඛා පඤ්ඤත්තා”ති. “බහූ ආවුසො සඞ්ඝස්ස දායකා. බහූ සඞ්ඝස්ස භද්දා{1}. මයං තුම්හෙ නිස්සාය තුම්හෙ සම්පස්සන්තා ඉධ විහරාම. තුම්හෙ චෙ අම්හාකං න දස්සථ අථ කො චරහි අම්හාකං දස්සති? “දෙථාවුසො අම්හාකං ඉමානි චීවරානී”ති. අථ ඛො සො පූගො ඡබ්බග්ගියෙහි භික්ඛූහි නිප්පීළියමානො යථාපටියත්තං චීවරං ඡබ්බග්ගියානං භික්ඛූනං දත්වා සඞ්ඝං භත්තෙන පරිවිසි. යෙ තෙ භික්ඛූ ජානන්ති සඞ්ඝස්ස සචීවරභත්තං පටියත්තං, න ච ජානන්ති. ඡබ්බග්ගියානං භික්ඛූනං දින්නන්ති, තෙ එවමාහංසු:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි සැවැත්නුවර එක්තරා සමාගමක් විසින් සඟනට වළඳවා සිවුරු දෙන්නෙමු’ යි, සිවුරු සහිත බතක් පිළියෙළ කරණ ලද්දේ වෙයි. එකල්හි සවගමහණහු ඒ සමූහයා වෙත එළඹ ඒ සමූහයාට මෙසේ කීහ: “ඇවැත්නි, අපට මේ සිවුරු දෙව” යි. “වහන්ස, අපි නො දෙම්හ. අප විසින් සඟනට අවුරුදු පතා සිවුරු සහිත භික්‍ෂාව පිහිටුවන ලද්දීය.” “ඇවැත්නි, සඞ්ඝයාට දායකයෝ බොහෝ ය. සඞ්ඝයාට ලාභද්වාර බොහෝ ය. අපි තොප නිසා, තොප බලමින් මෙහි වසම්හ. ඉදින් තෙපි අපට නො දෙන්නහු නම් එකල්හි කවරෙක් අපට දෙන්නේ ද “ඇවැත්නි, මේ සිවුරු අපට දෙව” යි: එකල්හි ඒ ජනසමූහය සවග මහණුන් විසින් තර කොට කියනු ලබන්නේ පිළියෙළ කළ පරිදි සිවුරු සවග මහණුන්ට දී සඞ්ඝයා බතින් වැළඳවීය. යම් භික්‍ෂූ කෙනෙක් සඞ්ඝයාට සිවුරු සහිත බතක් පිළියෙළ කරණ ලදැයි දනිත් ද, සවග මහණුන්ට දෙන ලදැයි නොදනිත් ද” ඔහු මෙසේ කීහ.
Pali BJT2. “ඔණොජෙථාවුසො, සඞ්ඝස්ස චීවර”න්ති. “නත්ථි භන්තෙ යථාපටියත්තං චීවරං අය්යා ඡබ්බග්ගියා අත්තනො පරිණාමෙසු”න්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙථා”ති? “සච්චං භගවා” විගරහි බුද්ධො භගවා: කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ –
Sinhala BJT2. “ඇවැත්නි සඞ්ඝයාට සිවුරු පිරිකර දෙව” යි. “වහන්ස, නැත පිළියෙල කළ පරිදි සිවුරු සවග මහණහු තමන්ට පිරිණමා ගත්හ” යි. යම් අපිස් මහණහු කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු දැන දැන පිරිණමන ලද සඟසතු ලාභය තමහට පිරිණැමූහු දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි තෙපි පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන තමහට පිරිණැමූහු දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන තමහට පිරිණැමූහු ද, තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති.
Sinhala BJT“යම් මහණෙක් දැන දැන සඟසතු පිරිණැමු ලාභය තමනට පිරිණමවන්නේ නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJT3. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT3. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ..
Pali BJTභික්ඛූති -පෙ- අය ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලදී.
Pali BJTජානන්ති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති, සො වා ආරොචෙති.
Sinhala BJTජානත්ති නම්: තෙමේ හෝ දනියි. අන් කෙනෙක් හෝ ඔහුට දන්වත්. හෙ තෙමේ හෝ දන්වයි.
Pali BJTසඞ්ඝිකං නාම: සඞ්ඝස්ස දින්නං හොති පරිච්චත්තං.
Sinhala BJTසඞ්ඝික නම්: සඞ්ඝයාට දෙන ලද්දේ පරිභෝග කරණ ලද්දේ වෙයි.