Pali BJTපත්තසික්ඛාපදං.
Sinhala BJTපත්ත ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ බහූ පත්තෙ සන්නිචයං කරොන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා බහූ පත්තෙ සන්නිචයං කරිස්සන්ති, පත්තවාණිජ්ජං වා සමණා සක්යපුත්තියා කරිස්සන්ති, ආමත්තිකාපණං වා පසාරෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකපත්තං ධාරෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අතිරෙකපත්තං ධාරෙථා”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අතිරෙකපත්තං ධාරෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වාසය කරණ සේක. එසමයෙහි සවගමහණහු බොහෝ පාත්‍ර රැස් කෙරෙති. විහාරචාරිකාවෙහි හැසිරෙන මිනිස්සු දැක හෙලා දකිති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බොහෝ පාත්‍ර රැස් කෙරෙද්ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පාත්‍ර වෙළෙඳාම හෝ කෙරෙද් ද, අමත්අවුණක් හෝ විවෘත කෙරෙත් දැ”යි. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිත්, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු අතිරේකපාත්‍ර දරද් දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, තෙපි අතිරේක පාත්‍ර දරවු දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි අතිරේක පාත්‍ර දරවු ද? තුච්ඡපුරුෂයෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අතිරෙකපත්තං ධාරෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති.”
Sinhala BJT“යම් මහණෙක් අතිරේකපාත්‍ර දරා නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් මේ සිකපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.
Pali BJT[මූලපඤ්ඤත්ති.]
Sinhala BJT[මුල්පැණවීමයි.]
Pali BJT2. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස අතිරෙකපත්තො උප්පන්නො හොති. ආයස්මා ච ආනන්දො තං පත්තං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො හොති. ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං “න අතිරෙකපත්තො ධාරෙතබ්බො”ති. අයඤ්ච මෙ අතිරෙකපත්තො උප්පන්නො, අහඤ්චිමං පත්තං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො. ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති.” අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT2. එසමයෙහි ආයුෂ්මත් අනඳතෙරුන්ට අතිරේක පාත්‍රයෙක් උපන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ ඒ පාත්‍රය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වෙයි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සාකේතනුවර වසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට මේ සිත විය: අතිරේක පාත්‍රයක් නො දැරියයුතු ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. මට මේ අතිරේක පාත්‍රයෙක් උපන. මම ද මේ පාත්‍රය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තෙමි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වෙසෙති. ම විසින් කෙසේ පිළිපැදිය යුතු දැ”යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ.
Pali BJT3. “කීව චිරං පනානන්ද, සාරිපුත්තො ආගච්ඡිස්සතී”ති? “නවමං වා භගවා දිවසං දසමං වා”ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ දසාහපරමං අතිරෙකපත්තං ධාරෙතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. “ආනන්‍දය, ශාරීපුත්‍ර තෙමේ කොපමණ කලකින් එන්නේ දැ?”යි. “භාග්‍යවතුන් වහන්ස, නවවැනි හෝ දසවැනි දවසැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි මේ ප්‍රස්තාවයෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දස දිනක් පරම කොට අතිරේක පාත්‍රයක් දරන්නට අනුදනිමි”. “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“දසාහපරමං අතිරෙකපත්තො ධාරෙතබ්බො. තං අතික්කාමයතො, නිස්සග්ගියං පාචිත්තියන්ති.”
Sinhala BJT“දස දිනක් පරම කොට ඇති කල් අතිරේක පාත්‍රයක් දැරිය යුතුයි. එය ඉක්මවන්නහුට නිසඟිපචිති වේ” යයි.
Pali BJT[දුතියපඤ්ඤති.]
Sinhala BJT[දෙවන පැණවීමයි.]
Pali BJT4. දසාහපරමන්ති දසාහපරමතා ධාරෙතබ්බො.
Sinhala BJT4. දසාහපරමං යනු: දසදවසක් පරම කොට ඇති කල් දැරිය යුත්තේ ය.
Pali BJTඅතිරෙකපත්තො නාම: අනධිට්ඨිතො අවිකප්පිතො.
Sinhala BJTඅතිරේක පත්ත නම්: නො ඉටන ලදුයේ නො විකපන ලදුයේ යැ.
Pali BJTපත්තො නාම: ද්වෙ පත්තා: අයොපත්තො මත්තිකාපත්තොති. තයො පත්තස්ස වණ්ණා: උක්කට්ඨො පත්තො මජ්ඣිමො පත්තො ඔමකො පත්තො. උක්කට්ඨො නාම පත්තො අඩ්ඪාළ්හකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියං ව්යඤ්ජනං. මජ්ඣිමො නාම පත්තො නාළිකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියං ව්යඤ්ජනං. ඔමකො නාම පත්තො පත්ථොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියං ව්යඤ්ජනං. තතො උක්කට්ඨො අපත්තො. ඔමකො අපත්තො.
Sinhala BJTපත්ත නම්: පාත්‍ර දෙකෙකි: අයස්පාත්‍ර යැ මාත්තිකාපාත්‍ර යි. පාත්‍රයාගේ ප්‍රමාණයෝ තිදෙනෙකි: උත්කෘෂ්ටපාත්‍ර යැ මධ්‍යමපාත්‍ර යැ අවමකපාත්‍ර යි. උත්කෘෂ්ටපාත්‍රය නම්: සහල් දෙනැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්‍ය ද ඊට අනුරූප වූ ව්‍යඤ්ජන ද ගණී. මධ්‍යමපාත්‍රය නම්: සහල් නැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්‍ය ද ඊට අනුරූප වූ ව්‍යඤ්ජන ද ගණී. අවමකපාත්‍රය නම්: සහල් අඩනැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්‍ය ද ඊට අනුරූප වු ව්‍යඤ්ජන ද ගණී. එයින් උත්කෘෂ්ට වූයේ පාත්‍ර නො වෙයි. අවමක වූයේ පාත්‍ර නො වේ.
Pali BJTතං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං හොතීති [එකාදසෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියො හොති.]{*} නිස්සජිතබ්බො සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බො: තෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අයං මෙ භන්තෙ පත්තො දසාහාතික්කන්තො නිස්සග්ගියො. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති. නිස්සජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා, නිස්සට්ඨපත්තො දාතබ්බො.
Sinhala BJTතං අතික්කයමාතො නිස්සග්ගියං පාචිත්තියං හොති යනු: එකොළොස් වන අරුණ නැගෙන කල්හි නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසැජිය යුත්තේ ය: ඒ මහණහු විසින් සඟුන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුලු වා හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: ‘වහන්ස, මේ මාගේ පාත්‍රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මෙය මම සඟනට නිසජමි’යි නිසජා ඇවැත් දෙසිය යුතු ය. ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් ඇවැත් පිළිගතයුතු ය. නිසජන ලද පාත්‍රය දියයුත්තේ යි.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං පත්තො ඉත්ථන්නාමස්ස භික්ඛුනො නිස්සග්ගියො සඞ්ඝස්ස නිස්සට්ඨො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං පත්තං ඉත්ථන්නාමස්ස භික්ඛුනො දදෙය්යා”ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණහුගේ පාත්‍රය නිසඟි වූයේ සඟනට නිසදන ලද්දේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම් සඞ්ඝ තෙමේ මේ පාත්‍රය මෙනම් මහණහට දෙන්නේය”යි.
Pali BJTතෙන භික්ඛුනා සම්බහුලෙ භික්ඛූ උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්සු වචනීයා: “අයං මෙ භන්තෙ පත්තො දසාහාතික්කන්තො නිස්සග්ගියො. ඉමාහං ආයස්මන්තානං නිස්සජාමී”ති. නිස්සජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා, නිස්සට්ඨපත්තො දාතබ්බො.
Sinhala BJTඒ මහණහු විසින් බොහෝ භික්‍ෂූන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුත්තාහ. “වහන්ස, මේ මාගේ පාත්‍රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආයුෂ්මතුන්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු ය. නිසජන ලද පාත්‍රය දියයුත්තේ යි.
Pali BJT“සුණන්තු මෙ ආයස්මන්තා. අයං පත්තො ඉත්ථන්නාමස්ස භික්ඛුනො නිස්සග්ගියො ආයස්මන්තානං නිස්සට්ඨො. යදායස්මන්තානං පත්තකල්ලං, ආයස්මන්තා ඉමං පත්තං ඉත්ථන්නාමස්ස භික්ඛුනො දදෙය්යු”න්ති.
Sinhala BJT“ආයුෂ්මත්නි, මා කියන්නක් අසත්වා” මේ මෙනම් මහණහුගේ පාත්‍රය නිසඟි වූයේ ආයුෂ්මතුන්ට නිසඳන ලදී. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් වේ නම් ආයුෂ්මත්හු මේ පාත්‍රය මෙනම් මහණහට දෙන්නාහ” යි.
Pali BJT5. තෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අයං මෙ ආවුසො පත්තො දසාහාතික්කන්තො නිස්සග්ගියො. ඉමාහං ආයස්මතො නිස්සජාමී”ති. නිස්සජිත්වා ආපත්ති දෙසෙතබ්බා. තෙන භික්ඛුනා ආපත්ති පටිග්ගහෙතබ්බා. නිස්සට්ඨපත්තො දාතබ්බො: “ඉමං පත්තං ආයස්මතො දම්මී”ති.
Sinhala BJT5. ඒ මහණහු විසින් එක් මහණක්හු වෙත එළඹ උතුරුසඟ එකස් කොට අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුත්තේය. “ඇවැත්නි, මේ මාගේ පාත්‍රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආයුෂ්මතුන්හට නිසඳමි” යි නිසදා ඇවැත් දෙසිය යුතුයි. ඒ මහණහු විසින් ඇවැත් පිළිගත යුතු ය. “මේ පාත්‍රය ආයුෂ්මත්හට දෙමි”යි නිසදූ පය (ඔහුට) දියයුතු.
Pali BJT6. දසාහාතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. දසාහාතික්කන්තෙ වෙමතිකො, නිස්සග්ගියං පාචිත්තියං. දසාහාතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අනධිට්ඨිතෙ අධිට්ඨිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිකප්පිතෙ විකප්පිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අනට්ඨෙ නට්ඨසඤ්ඤී නිස්සග්ගියං පාචිත්තියං. අවිනට්ඨෙ විනට්ඨසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං . අභින්නෙ භින්නසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිලුත්තෙ විලුත්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. නිස්සග්ගියං පත්තං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. දසාහානතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. දසාහානතික්කන්තෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. දසාහානතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT6. දස දිනක් ඉක්ම ගියෙහි ඉක්මගිය සන් ඇතියේ නිසඟිපචිති වෙයි. දස දින ඉක්ම ගියෙහි විමති ඇතියේ නිසඟිපචිති වෙයි. දස දින ඉක්ම ගියෙහි නො ඉක්මිනැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ. නො ඉටන ලදුයෙහි ‘ඉටන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො විකපන ලදුයෙහි ‘විකපන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො විසජන ලදුයෙහි ‘විසජන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නොනටුයෙහි ‘නටැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නොවැනැසුනෙහි ‘වැනැසිනැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො බිඳුනෙහි ‘බිඳිනැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො පැහැරගන්නා ලදුයෙහි ‘පැහැරගන්නා ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ. නිසඟි වූ පාත්‍රය නො නිසජා පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වෙයි. දසදවසක් නොඉක්මගියෙහි ‘ඉක්මිණැ’යි සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. දසදවසක් නො ඉක්මගියෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. දස දවසක් නොඉක්මගියෙහි ‘නො ඉක්මිණැ’යි සන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT7. අනාපත්ති අන්තොදසාහං අධිට්ඨාති,{1} විකප්පෙති, විස්සජ්ජෙති, නස්සති, විනස්සති, භිජ්ජති, අච්ඡින්දිත්වා ගණ්හන්ති, විස්සාසං ගණ්හන්ති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT7. ඇතුළු දසදවසැ ඉටා නම්, විකපා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, බිඳේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි වැ ගණිත් නම් උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJT8. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නිස්සට්ඨපත්තං න දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ නිස්සට්ඨපත්තො න දාතබ්බො. යො න දදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT8. තවද එසමයෙහි සවගමහණහු නිස්සජනය කළ පාත්‍රය නො දෙති. භාග්‍යවතුන් වහන්සේට එපවත් දැන්වූහ. “මහණෙනි, නිස්සජනය කළ පාත්‍රය නො දියයුත්තේ නො වෙයි. යමෙක් නො දේ නම් දුකුළාඇවැත්වේ” යයි.
Pali BJTපත්තසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTපත්ත ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 3. 2.
Sinhala BJT5. 3. 2.
Pali BJTඌනපඤ්චබන්ධන සික්ඛාපදං
Sinhala BJTඌනපඤ්චබන්‍ධන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන කුම්භකාරෙන භික්ඛූ පවාරිතා හොන්ති: “යෙසං අය්යානං පත්තෙන අත්ථො අහං පත්තෙනා”ති. තෙන ඛො පන සමයෙන භික්ඛූ න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙන්ති. යෙසං ඛුද්දකා පත්තා තෙ මහන්තෙ පත්තෙ විඤ්ඤාපෙන්ති. යෙසං මහන්තා පත්තා තෙ ඛුද්දකෙ පත්තෙ විඤ්ඤාපෙන්ති. අථ ඛො සො කුම්භකාරො භික්ඛූනං බහූ පත්තෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං, අත්තනාපි න යාපෙති. පුත්තදාරාපිස්ස කිලමන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්ති. -
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි එක්තරා කුඹල්කරුවකු විසින් භික්‍ෂූහු පවරණ ලද්දාහු වෙත්. “යම් ආර්‍ය්‍යයන් වහන්සේ කෙනකුන්ට පාත්‍රයෙන් ප්‍රයෝජන වේ නම් මම පාත්‍රයෙන් පවරමි’යි. එසමයෙහි මහණහු පමණ නො දැන බොහෝ පා විනවත්. යම් කෙනෙකුන්ගේ කුඩා පාත්‍රයෝ වෙද්ද, ඔහු මහත් පා විනවත්. යම් කෙනෙකුන්ගේ මහත් පාත්‍රයෝ වෙද්ද, ඔහු කුඩා පා විනවත්. ඉක්බිති ඒ කුඹල්කරු තෙමේ භික්‍ෂූන්ට බොහෝ පාත්‍ර ඉදිකරන්නේ අනිත් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසෙති. මිනිස්සු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පමණ නො දැන බොහෝ පා විනවද්ද
Pali BJTඅයං ඉමෙසං බහූ පත්තෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං. අත්තනාපි න යාපෙති. පුත්තදාරාපිස්ස කිලමන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්තී”ති.
Sinhala BJTමේ තෙමේ මොවුනට බොහෝ පා ඉදිකරන්නේ අනිත් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසෙතැ’යි. මහණහු හෙලා දකින නුගුණ පවසන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් මහණහු පමණ නො දැන බොහෝ පා විනවුහුදැ’යි.
Pali BJT2. “අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙන්තීති?” “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ පත්තො විඤ්ඤාපෙතබ්බො, යො විඤ්ඤාපෙය්ය, ආපත්ති දුක්කටස්සාති.”
Sinhala BJT2. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... “සැබෑද, මහණෙනි, භික්‍ෂූහු පමණ නො දැන බොහෝ පා විනවද්දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ, පමණ නො දැන බොහෝ පා විනවූහු ද, මහණෙනි, එය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, පාත්‍රයෙක් විනවා නො ගත යුතුය. යමෙක් විනවා නම් දුකුළා ඇවැත් වේ” යයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පත්තො භින්නො හොති. අථ ඛො සො භික්ඛු “භගවතා පටික්ඛිත්තං පත්තං විඤ්ඤාපෙතුන්ති” කුක්කුච්චායන්තො න විඤ්ඤාපෙති. හත්ථෙසු පිණ්ඩාය චරති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා හත්ථෙසු පිණ්ඩාය චරිස්සන්ති, සෙය්යථාපි අඤ්ඤ{1}තිත්ථියා”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ නට්ඨපත්තස්ස වා භින්නපත්තස්ස වා පත්තං විඤ්ඤාපෙතුන්ති”.
Sinhala BJT3. එසමයෙහි එක්තරා මහණක්හුගේ පාත්‍රය බිඳුනේ වෙයි. ඉක්බිති ඒ මහණ තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් පාත්‍රය විනවා ගැනීම පිළිකෙව් කරණ ලදැ’යි කුකුස් කරන්නේ නො විනවයි. අතින් පිඬුසිඟා යෙයි. මිනිස්සු හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අන් තොටුවන් සේ අතින් පිඬු සිඟා හැසිරෙත් දැ”යි. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. ඉක්බිති භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළාහු ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, නට පා ඇතියහුට හෝ බුන් පා ඇතියහුට හෝ පයක් විනවා ගන්නට අනුදනිමි” යි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා අනුඤ්ඤාතං නට්ඨපත්තස්ස වා භින්නපත්තස්ස වා පත්තං විඤ්ඤාපෙතුන්ති,” තෙ{2} අප්පමත්තකෙනපි භින්නෙන අප්පමත්තකෙනපි ඛණ්ඩෙන විලිඛිතමත්තෙනපි බහූ පත්තෙ විඤ්ඤාපෙන්ති. අථ ඛො සො කුම්භකාරො භික්ඛූනං තථෙව බහූ පත්තෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං. අත්තනාපි න යාපෙති. පුත්තදාරාපිස්ස කිලමන්ති. මනුස්සා තථෙව උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්ති. අයං ඉමෙසං බහූ පත්තෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං. අත්තනාපි න යාපෙති. පුත්තදාරාපිස්ස කිලමන්තී”ති.
Sinhala BJT4. එසමයෙහි සවග මහණහු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් නට පා ඇතියහුට හෝ බුන් පා ඇතියහුට හෝ පයක් විනවා ගන්නට අනුදන්නා ලදැ’යි ඒ මහණහු මඳක් බුන් පමණකිනුදු, මඳක් කැඩුනු පමණකිනුදු ඉරි ගැසුනු පමණකිනුදු, බොහෝ පා විනවා ගණිත්. ඉක්බිති ඒ කුඹල්කරු තෙමේ භික්‍ෂූන්ට එසේ ම් බොහෝ පා ඉදිකරන්නේ අන් විකිණියයුතු බඩුවක් කරන්නට නොහැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසත්. මිනිස්සු එසේ ම හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයෝ පමණ නො දැන බොහෝ පා විනවා ගණිත් ද, මේ තෙමේ මොවුනට බොහෝ පා ඉදිකරන්නේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝත් වෙහෙසෙතැ”යි.
Pali BJT5. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අප්පමත්තකෙනපි භින්නෙන අප්පමත්තකෙනපි ඛණ්ඩෙන විලිඛිතමත්තෙනපි බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අප්පමත්තකෙනපි භින්නෙන අප්පමත්තකෙනපි ඛණ්ඩෙන විලිඛිතමත්තෙනපි බහූ පත්තෙ විඤ්ඤාපෙථා”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අප්පමත්තකෙනපි භින්නෙන අප්පමත්තකෙනපි ඛණ්ඩෙන විලිඛිතමත්තෙනපි බහූ පත්තෙ විඤ්ඤාපෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පහළ කරණ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් සවග මහණහු මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවද්දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි, තෙපි මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවවු ද?” යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවවුද?” “තුච්ඡපුරුෂයෙනි, තෙල නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු ඌනපඤ්චබන්ධනෙන පත්තෙන අඤ්ඤං නවං පත්තං චෙතාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තියං. තෙන භික්ඛුනා සො පත්තො භික්ඛුපරිසාය නිස්සජිතබ්බො. යො ච තස්සා භික්ඛුපරිසාය පත්තපරියන්තො සො තස්ස භික්ඛුනො පදාතබ්බො ‘අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බො’ති. අයං තත්ථ සාමීචී”ති.
Sinhala BJT“යම් මහණෙක් උනුපස්බාන් පා ඇතියාව අනිත් අලුත් පයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ. ඒ මහණහු විසින් ඒ විනවූ පය මහණපිරිස්හි නිසජිය යුතුය. ඒ මහණපිරිසෙහි පර්‍ය්‍යන්තයෙහි ලද යම් පාත්‍රයෙක් වේ ද එය එ මහණහට දියයුතු: මහණ තා විසින් මේ පාත්‍රය බිඳීම දක්වා දැරිය යුත්තේ’ යයි. මේ එහි වත” යි.
Pali BJT6. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT6. යො පන යනු: යමෙක්, යම්බඳු වූයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’ යි අදහස් කරණ ලදී.
Pali BJTඌනපඤ්චබන්ධනො නාම පත්තො: අබන්ධනො වා එකබන්ධනො වා ද්විබන්ධනො වා තිබන්ධනො වා චතුබන්ධනො වා. අබන්ධනොකාසො නාම පත්තො: යස්ස ද්වඞ්ගුලා රාජි න හොති. බන්ධනොකාසො නාම පත්තො: යස්ස ද්වඞ්ගුලා රාජි හොති. නවො නාම පත්තො: විඤ්ඤත්තිං උපාදාය වුච්චති.
Sinhala BJTඌනපඤ්චබන්‍ධනපත්ත නම්: බැඳුම් නැතියේ හෝ එක් බැඳුමක් ඇතියේ හෝ දෙබැඳුමක් ඇතියේ හෝ තුන්බැඳුමක් ඇතියේ හෝ සතර බැඳුමක් ඇතියේ හෝ යි. අබන්‍ධනෝකාසපත්ත නම්: යමක්හුගේ දැගුල්හිරෙක් නො වේ ද ඒ යැ. බන්‍ධනොකාස පත්ත නම්: යමක්හුගේ දැගුල්හිරෙක් වේ ද ඒ යැ. නවපත්ත නම්: වීඤ්ඤතතිය සඳහා කියනු ලැබේ.
Pali BJTචෙතාපෙය්යාති විඤ්ඤාපෙති, පයොගෙ දුක්කටං, පටිලාභෙන නිස්සග්ගියො හොති. සඞ්ඝමජ්ඣෙ නිස්සජ්ජිතබ්බො. සබ්බෙහෙව අධිට්ඨිතපත්තං ගහෙත්වා සන්නිපතිතබ්බං. න ලාමකො පත්තො අධිට්ඨාතබ්බො “මහග්ඝං පත්තං ගහෙස්සාමී”ති. සචෙ ලාමකං පත්තං අධිට්ඨෙති “මහග්ඝං පත්තං ගහෙස්සාමී”ති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTචේතාපෙය්‍ය යනු: විනවා නම් පියෝගී දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වෙයි. සඟමැද නිසැජියයුතු. සියල්ලන් විසින් මැ ඉටූ පාත්‍රය ගෙණ රැස්වියයුතු. (මාහැඟි පාත්‍රයක් ගන්නෙමි’ යි) ලාමක පාත්‍රයක් නො ඉටියයුතු. ඉදින් (මාහැඟි පාත්‍රයක් ගන්නෙමි’යි) ලාමක පාත්‍රයක් ඉටා නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බො: තෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අයං මෙ භන්තෙ පත්තො ඌනපඤ්චබන්ධනෙන පත්තෙන චෙතාපිතො නිස්සග්ගියො. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති. නිස්සජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා.
Sinhala BJTතවද මහණෙනි, මෙසේ නිසැජිය යුතු: ඒ මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරව මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: ‘වහන්ස, මේ මාගේ පාත්‍රය උනුපස්බානින් යුක්ත වැ විනවා ගන්නා ලදුයේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි’යි. නිසජා ඇවැත් දෙසියයුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගතයුතු.
Pali BJTපඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පත්තග්ගාහාපකො සම්මන්නිතබ්බො. යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ගාහිතාගාහිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: “පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:”
Sinhala BJTපසඟකින් යුත් පත්තගාහාපක මහණ තෙම සම්මත කළයුත්තේ ය: යමෙක් ඡන්‍දාගතියට නො යේ ද දෝසාගතියට නො යේ ද මෝහාගතියට නොයේ ද භයාගතියට නො යේ ද ගත් නො ගත් බව දනී ද හෙතෙමේ යි. තවද මහණෙනි, මෙසේ සම්මත කළයුත්තේ ය: පළමු කොට මහණ තෙම අයැදිය යුත්තේ ය. අයැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං පත්තගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙම මෙනම් මහණහු පත්තගාහාපක කොට සම්මත කරන්නේ ය. මේ ‘ඤත්ති’යැ,
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං පත්තගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො පත්තගාහාපකස්ස සම්මුති, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා සඞ්ඝ තෙම මෙනම් මහණහු පත්තගාහාපක කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ පත්තගාහාපක සම්මතිය රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.
Pali BJT“සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු පත්තගාහාපකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් පත්තගාහාපක වූ මෙනම් මහණ තෙම සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. මෙසේ තෙල තුෂ්ණිම්භාවය ධරමි” යි.
Pali BJTතෙන සම්මතෙන භික්ඛුනා පත්තො ගාහෙතබ්බො. ථෙරො වත්තබ්බො: “ගණ්හාතු භන්තෙ ථෙරො පත්ත”න්ති. සචෙ ථෙරො පත්තං{1} ගණ්හාති, ථෙරස්ස පත්තො දුතියස්ස ගාහෙතබ්බො. න ච තස්ස අනුද්දයතාය න ගහෙතබ්බො. යො න ගණ්හෙය්ය, ආපත්ති දුක්කටස්ස. අපත්තකස්ස න ගාහෙතබ්බො. එතෙනෙව උපායෙන යාව සඞ්ඝනවකා ගාහෙතබ්බා. යො ච තස්සා භික්ඛුපරිසාය පත්තපරියන්තො, සො තස්ස භික්ඛුනො පදාතබ්බො: “අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බො”ති. තෙන භික්ඛුනා සො පත්තො න අදෙසෙ නික්ඛිපිතබ්බො, න අභොගෙන භුඤ්ජිතබ්බො, න විස්සජ්ජෙතබ්බො, ‘කථායං පත්තො නස්සෙය්ය වා විනස්සෙය්ය වා භිජ්ජෙය්ය වා’ති. සචෙ අදෙසෙ වා නික්ඛිපති අභොගෙන වා භුඤ්ජති විස්සජ්ජෙති වා, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTඒ සම්මත මහණහු විසින් පාත්‍රය ගැන්වියයුතු. ‘වහන්ස, තෙරණුවෝ පාත්‍රය ගණිත්වා’ යි ස්ථවිර මහණහට කියයුතු ය. ඉදින් තෙරහු පාත්‍රය ගණිත් නම් තෙරුන්ගේ පාත්‍රය දෙවැන්නාට ගැන්වියයුතු ය. ඔහුට දයා ඇති බැවින් නො ද නො ගතයුත්තේ ය. යමෙක් නොගණී නම් දුකුළාඇවැත් වෙයි. පාත්‍රයක් නැත්තහුට නො ගැන්වියයුතු ය. මෙනයින් සඞ්ඝනවකයා තෙක් ගැන්වියයුතු ය. ඒ මහණපිරිසෙහි යම් පයර්‍ය්‍යන්තපාත්‍රයෙක් වේ නම් එය ඒ මහණහට දියයුතුය. ‘මහණ මේ පය තා විසින් බිඳීම තෙක් දැරියයුතු’ යයි. ඒ මහණහු විසින් ඒ පාත්‍රය ‘කෙසේ නම් මේ පාත්‍රය නැසේ හෝ වැනසේ හෝ බිඳේ හෝ යැ’යි නුසුදුසු තන්හි නො තැබියයුතු ය. නුසුදුසු පරිභෝගයෙන් නො වැළඳිය යුතුය. නො විසජියයුතු. ඉදින් නුසුදුසු තන්හි තබා නම් හෝ නුසුදුසු පරිභෝගයෙන් වළඳා නම් හෝ විසජා නම් හෝ දුකුළාඇවැත් වේ.
Pali BJTඅයං තත්ථ සාමීචීති අයං තත්ථ අනුධම්මතා.
Sinhala BJTඅයං තත්‍ථ සාමීචි යනු: එහිලා මේ ලොවුතුරු දහම් අනුව ගිය මඟ යි.
Pali BJT7. අබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අබන්ධනෙන පත්තෙන එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT7. බන්‍ධන නැති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධන නැති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිතිඇවැත් වෙයි. බන්‍ධන නැති පාත්‍රයෙන් යුක්ත ව එක් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT8. එකබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT8. එක් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT9. ද්විබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT9. දෙ බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT10. තිබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT10. තුන් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT11. චතුබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT11. සතර බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT12. අබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං චෙතාපෙති, පාචිත්තියං. අබන්ධනෙන පත්තෙන එකබන්ධනොකාසං පත්තං නිස්සග්ගියං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT12. බැඳුම් නැති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වෙයි. බැඳුම් නැති පාත්‍රයෙන් යුක්ත ව එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT13. එකබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT13. එක් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT14. ද්විබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT14. දෙ බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT15. තිබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT15. තුන් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT16. චතුබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT16. සතර බැඳුමක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... ද්විබන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT17. අබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං -පෙ- එකබන්ධනොකාසෙන පත්තෙන -පෙ- ද්විබන්ධනොකාසෙන පත්තෙන -පෙ- තිබන්ධනොකාසෙන පත්තෙන -පෙ- චතුබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං -පෙ- අබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT17. බන්‍ධනාවකාශ නැති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධන නැති පාත්‍රයක් ... එක් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... ද්විබන්‍ධනයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව ... ද්විබන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධන නැති පාත්‍රයක් ... එක් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... බන්‍ධනාවකාශ නැති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... ද්විබන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT18. එකබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT18. එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT19. ද්විබන්ධනොකාසෙන පත්තෙන -පෙ- තිබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT19. දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT20. චතුබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT20. සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJT21. අනාපත්ති නට්ඨපත්තස්ස, භින්නපත්තස්ස, ඤාතකානං පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT21. නට පා ඇතියහට, බුන් පා ඇතියහට, නෑයනට, පවරණ ලදුවනට, අනෙකක්හු සඳහා තමාගේ ධනයෙන්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැතියි.
Pali BJTඌනපඤ්චබන්ධනසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTඌනපඤ්චබන්‍ධන ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 3. 3.
Sinhala BJT5. 3. 3.
Pali BJTභෙසජ්ජසික්ඛාපදං
Sinhala BJTභේසජ්ජ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා පිලින්දිවච්ඡො රාජගහෙ පබ්භාරං සොධාපෙති ලෙණං කත්තුකාමො. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙනායස්මා පිලින්දිවච්ඡො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං පිලින්දිවච්ඡං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මන්තං පිලින්දිවච්ඡං එතදවොච: “කිං භන්තෙ ථෙරො කාරාපෙතී”ති. පබ්භාරං මහාරාජ, සොධාපෙමි ලෙණං කත්තුකාමො”ති. “අත්ථො භන්තෙ අය්යස්ස ආරාමිකෙනා”ති. න ඛො මහාරාජ භගවතා ආරාමිකො අනුඤ්ඤාතො”ති. “තෙන හි භන්තෙ භගවන්තං පටිපුච්ඡිත්වා මම ආරොචෙය්යාථා”ති. “එවං මහාරාජා”ති ඛො ආයස්මා පිලින්දිවච්ඡො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො රාජානං මාගධං සෙනියං බිම්බිසාරං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මතා පිලින්දිවච්ඡෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා ආයස්මන්තං පිලින්දිවච්ඡං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ ලෙනක් කරණු කැමැත්තාහු රජගහනුවර පවුබෙයදක් ශුද්ධ කරවති. එකල්හි මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹ වැඳ එකත්පස්ව හිඳ මෙය සැළ කෙළේය. “වහන්ස තෙරණුවෝ කුමක් කරවද්ද” යි “මහරජ ලෙනක් කරණු කැමැත්තෙම් පවුබෙයදක් ශුද්ධ කරවමි” යි “වහන්ස, හිමියනට ආරාමිකයකුගෙන් ප්‍රයෝජන දැ”යි “මහරජ භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් නො අනුදන්නා ලද්දේ ය” යි. එසේ වී නම් “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වනසේක්වා” යි. “එසේ ය මහරජැ” යි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්සරරජුට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. පැහැද වූහ. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ (කුසල් දහම්හි) සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ, පහදවන ලද්දේ හුනස්නෙන් නැගී ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJT2. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො භගවතො සන්තිකෙ දූතං පාහෙසි: “රාජා භන්තෙ මාගධො සෙනියො බිම්බිසාරො ආරාමිකං දාතුකාමො. කථං නු ඛො භන්තෙ මයා පටිපජ්ජිතබ්බ”න්ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ ආරාමික”න්ති. දුතියම්පි ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙනායස්මා පිලින්දිවච්ඡො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා ආයස්මන්තං පිලින්දිවච්ඡං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මන්තං පිලින්දිවච්ඡං එතදවොච: “අනුඤ්ඤාතො භන්තෙ භගවතා ආරාමිකො”ති? “එවං මහාරාජා”ති. “තෙන හි භන්තෙ අය්යස්ස ආරාමිකං දම්මී”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මතො පිලින්දිවච්ඡස්ස ආරාමිකං පටිස්සුණිත්වා විස්සරිත්වා චිරෙන සතිං පටිලභිත්වා අඤ්ඤතරං සබ්බත්ථකං මහාමත්තං ආමන්තෙසි: “යො මයා භණෙ, අය්යස්ස ආරාමිකො පටිස්සුතො, දින්නො සො ආරාමිකො”ති. “න ඛො දෙව අය්යස්ස ආරාමිකො දින්නො”ති. “කීව චිරං නු ඛො භණෙ ඉතො හි තං හොතී”ති. අථ ඛො සො මහාමත්තො රත්තියො විගණෙත්වා{1} රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “පඤ්ච දෙව රත්තිසතානී”ති. “තෙන හි භණෙ, අය්යස්ස පඤ්ච ආරාමිකසතානි දෙහී”ති. “එවං දෙවා”ති ඛො සො මහාමත්තො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පටිස්සුණිත්වා ආයස්මතො පිලින්දිවච්ඡස්ස පඤ්ච ආරාමිකසතානි පාදාසි.{2} පාටියෙක්කො ගාමො නිවිසි. “ආරාමිකගාමකො”තිපි නං ආහංසු, “පිලින්දිගාමකො”තිපි නං ආහංසු.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත දූතයකු යැවූහ: “වහන්ස මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආරාමිකයකු දෙනු කැමැත්තේ ය. “වහන්ස මවිසින් කෙසේ පිළිපැදියයුතුදැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක “මහණෙනි, ආරාමිකයකු අනුදනිමි” යි. දෙවනවට ද මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් මගධාධිපති සේනිය බිම්සර රජතෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන්ට මෙය සැළ කෙළේය. “වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් අනුදන්නා ලද්දේ දැ”යි. “එසේය මහරජැ’ යි. “වහන්ස එසේ වී නම් හිමියනට ආරාමිකයකු දෙමි’ යි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන්ට ආරාමිකයකු දීමට ගිවිස නො සිහිකොට කලකින් සිහි එළවා හැම කාරියෙහි යුත් එක්තරා මහඇමැතියකු ඇමැතීය. “තෙල මා විසින් හිමියනට යම් ආරාමිකයෙක් ගිවිස්නා ලද්දේ නම් ඒ ආරාමික තෙම දෙන ලද්දේදැ’යි. “දේවයන්වහන්ස හිමියනට ආරාමිකයෙක් නො දෙන ලදැ’යි. “කොල එය මෙයින් කෙතෙක් කල් ඉක්ම ගියේ දැ’යි. ඉක්බිති මහාමාත්‍ය තෙමේ දවස් ගැණ මගධාධිපති සේනිය මිබ්සර රජහට මෙය සැළ කෙළේය. “දේවයන් වහන්ස පන්සියක් දවසැ’යි. “කොල එසේ වී නම් හිමියනට ආරාමිකයන් පන් සියයක් දෙව’ යි. “එසේය දේවයන් වහන්සැ’ යි ඒ මහඇමැති තෙමේ මගධාධිපති සේනිය බිම්සර රජහට පිළිවදන් දී ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්හට ආරාමිකයන් පන්සියයක් දුනි. වෙන ම ගමෙක් පිහිටියේ ය. එය ආරාමිකගම’යි කීහ, එය පිලින්‍දිගම” යි ද කීහු.
Pali BJT3. තෙන ඛො පන සමයෙන ආයස්මා පිලින්දිවච්ඡො තස්මිං ගාමකෙ කුලූපගො හොති. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය පිලින්දිගාමං පිණ්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන තස්මිං ගාමකෙ උස්සවො හොති. දාරකා{1} අලඞ්කතා මාලාකිතා කීළන්ති.
Sinhala BJT3. එසමයෙහි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ ඒ ගමෙහි කුලුපග වූයෙක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස පිවිසියේ ය. ඒ කල්හි ඒ ගමෙහි උත්සවයෙක් වෙයි. දරුවෝ අබරණින් සදන ලද්දාහු මල්දමින් සදන ලද්දාහු ක්‍රීඩා කෙරෙත්.
Pali BJT4. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො පිලින්දිගාමකෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන අඤ්ඤතරස්ස ආරාමිකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. තෙන ඛො පන සමයෙන තස්සා ආරාමිකිනියා ධීතා අඤ්ඤෙ දාරකෙ අලඞ්කතෙ මාලාකිතෙ පස්සිත්වා රොදති: “මාලං මෙ දෙථ, අලඞ්කාරං මෙ දෙථා”ති. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො තං ආරාමිකිනිං එතදවොච: “කිස්සායං දාරිකා රොදති”ති. “අයං භන්තෙ දාරිකා අඤ්ඤෙ දාරකෙ අලඞ්කතෙ මාලාකිතෙ පස්සිත්වා රොදති: “මාලං මෙ දෙථ, අලඞ්කාරං මෙ දෙථා”ති. “කුතො අම්හාකං දුග්ගතානං මාලා, කුතො අලඞ්කාරා”ති.{2} අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො අඤ්ඤතරං තිණණ්ඩුපකං ගහෙත්වා තං ආරාමිකිනිං එතදවොච: “හන්දිමං තිණණ්ඩුපකං තස්සා දාරිකාය සීසෙ පටිමුඤ්චා”ති. අථ ඛො සා ආරාමිකිනී තං තිණණ්ඩුපකං ගහෙත්වා තස්සා දාරිකාය සීසෙ පටිමුඤ්චි, සා අහොසි සුවණ්ණමාලා අභිරූපා දස්සනීයා පාසාදිකා, නත්ථි තාදිසා රඤ්ඤොපි අන්තෙපුරෙ සුවණ්ණමාලා. මනුස්සා රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස ආරොචෙසුං: “අමුකස්ස දෙව ආරාමිකස්ස ඝරෙ සුවණ්ණමාලා අභිරූපා දස්සනීයා පාසාදිකා, නත්ථි තාදිසා දෙවස්සාපි අන්තෙපුරෙ සුවණ්ණමාලා. කුතො තස්ස දුග්ගතස්ස, නිස්සංසයං චොරිකාය ආභතා”ති. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො තං ආරාමිකකුලං බන්ධාපෙසි.
Sinhala BJT4. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ පිලින්‍දිගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙන්නේ එක්තරා ආරාමිකයකුගේ නිවෙස්න වෙත එළඹ පැනවූ අස්නෙහි හුන්නේ ය. එසමයෙහි ඒ ආරාමික බිරිඳගේ දියැනි තොමෝ අන් දරුවන් අබරණින් සදනලදුවන් මල්දමින් සදනලදුවන් දැක මට මල්දමක් දෙව, මට පළඳනාවක් දෙව’ යි හඬා. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ ඒ ආරාමික බිරිඳට මෙය කීය: ‘කුමකට මේ දැරිය හඬා දැ’යි. වහන්ස, මේ දැරිය අන් දරුවන් අබරණින් සදනලදුවන් මල්දමින් සදන ලදුවන් දැක ‘මට මල්දමක් දෙව’ මට පළඳනාවක් දෙව’ යි හඬා. දුගී අපට මල්දම් කොයින් ද? අබරණ කොයින් දැ?”යි. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ එක්තරා තණසුඹුළුවක් ගෙණ ඒ ආරාමික බිරිඳට මෙය කී ය: ‘ඉඳ මේ තණසූඹුළුව ඒ දැරියගේ හිසෙහි පළඳව යි. ඉක්බිති ඒ ආරාමිකයාගේ බිරිඳ ඒ තණසුඹුළුව ගෙණ ඇගේ හිසෙහි පැළඳවූ ය. එය මනාරූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ස්වර්‍ණමාලාවක් වූ ය. රජුගේ ඇතොවුරෙහි එබඳු ස්වර්‍ණමාලායෙක් නැති. මිනිස්සු මගධේශ්වර සේනිය බිම්බිසාර රජහට දැන්වූහ: “දේවයන් වහන්ස, අසුවල් ආරාමිකයාගේ ගෙහි මනාරූ ඇති දැකුම්කළලු ප්‍රසාද එළවන ස්වර්‍ණමාලායෙක් ඇත. දේවයන් වහන්සේගේ ඇතොවුරෙහි දු එබඳු ස්වර්‍ණමාලායෙක් නැති. ඒ දුගීපුරුෂයාහට කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණෙන ලද වනැ”යි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙම ඒ ආරාමික කුලය සිර කරවී ය.
Pali BJT5. දුතියම්පි ඛො ආයස්මා පිලින්දිවච්ඡො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය පිලින්දිගාමකං පිණ්ඩාය පාවිසි. පිලින්දිගාමකෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන තස්ස ආරාමිකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පටිවිස්සකෙ පුච්ඡි: “කහං ඉමං ආරාමිකකුලං ගත”න්ති? “එතිස්සා භන්තෙ සුවණ්ණමාලාය කාරණා රඤ්ඤා බන්ධාපිත”න්ති.
Sinhala BJT5. දෙවනවට ද ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙම පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස පිවිසියේ ය. පිලින්‍දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙණුයේ ඒ ආරාමිකයාගේ නිවෙස්න වෙත එළඹියේ ය. එළඹ එක්බිති ගෙහි මිනිසුන් විචාළේ ය: “මේ ආරාමික කුලය කොහි ගියේ දැ?” යි. “වහන්ස, තෙල ස්වර්‍ණමාලාව නිසා රජු විසින් බඳවන ලදැ”යි.
Pali BJT6. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො යෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙනායස්මා පිලින්දිවච්ඡො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං පිලින්දිවච්ඡං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං මාගධං සෙනියං බිම්බිසාරං ආයස්මා පිලින්දිවච්ඡො එතදවොච: “කිස්ස මහාරාජ ආරාමිකකුලං බන්ධාපිත”න්ති? තස්ස භන්තෙ ආරාමිකස්ස ඝරෙ සුවණ්ණමාලා අභිරූපා දස්සනීයා පාසාදිකා. නත්ථි තාදිසා අම්හාකම්පි අන්තෙපුරෙ සුවණ්ණමාලා, කුතො තස්ස දුග්ගතස්ස, නිස්සංසයං චොරිකාය ආභතා”ති. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පාසාදං සුවණ්ණන්ති අධිමුච්චි. සො අහොසි සබ්බසොවණ්ණමයො. “ඉදං පන තෙ මහාරාජ තාව බහුං සුවණ්ණං කුතො”ති. “අඤ්ඤාතං භන්තෙ, අය්යස්සෙව සො ඉද්ධානුභාවො”ති. තං ආරාමිකකුලං මුඤ්චාපෙසි.
Sinhala BJT6. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙම මගධාධිපති සේනිය බිම්බිසාර රජුගේ නිවෙස්න කරා එළඹ පණවන ලද අස්නෙහි වැඩහුන්නේ ය. ඉක්බිති මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙම ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මගධාධිපති සේනිය බිම්බිසාර රජහට ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මෙය කීහ: “මහරජ, කුමක් හෙයින් ආරාමිකකුලය බඳවනලද දැ”යි. “වහන්ස, ආරාමිකයාගේ ගෙහි මනාරූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ස්වර්‍ණමාලායෙක් ඇත. එබඳු ස්වර්‍ණමාලායෙක් අපගේ ඇතොවුරෙහිදු නැති. ඒ දුගී පුරුෂයහට කොයින් ද? එකත්නෙන් සොරකමින් ගෙණෙන ලද වනැ”යි. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහුගේ ප්‍රාසාදය රන්මුවා වේවා යි ඉටූහ. හේ සියල්ල රන්මුවා විය. “මහරජ, තොපට මේ මෙතෙක් බොහෝ රන් කොයින් දැ?”යි. “වහන්ස, හේ හිමියන්ගේ ම ඍද්ධ්‍යානුභාවයෙකැ යි දන්නා ලදැ” යි ඒ ආරාමික කුලය මිදැවී ය.
Pali BJT7. මනුස්සා “අය්යෙන කිර පිලින්දිවච්ඡෙන සරාජිකාය පරිසාය උත්තරිමනුස්සධම්මා{1} ඉද්ධිපාටිහාරියං දස්සිතන්ති අත්තමනා අභිප්පසන්නා ආයස්මතො පිලින්දිවච්ඡස්ස පඤ්චභෙසජ්ජානි අභිහරිංසු, සෙය්යථිදං: “සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං” පකතියාපි ච ආයස්මා පිලින්දිවච්ඡො ලාභී හොති පඤ්චන්නං භෙසජ්ජානං. ලද්ධං ලද්ධං පරිසාය විස්සජ්ජෙති. පරිසා චස්ස හොති බාහුලිකා, ලද්ධං ලද්ධං කොලම්බෙපි ඝටෙපි පූරෙත්වා පටිසාමෙති. පරිස්සාවනානිපි ථවිකායොපි පූරෙත්වා වාතපානෙසු ලග්ගෙති. තානි ඔලීනවිලීනානි තිට්ඨන්ති. උන්දූරෙහිපි විහාරා ඔකිණ්ණවිකිණ්ණා හොන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අන්තොකොට්ඨාගාරිකා ඉමෙ සමණා සක්යපුත්තියා, සෙය්යථාපි රාජා මාගධො සෙනියො බිම්බිසාරො”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ එවරූපාය බාහුල්ලාය චෙතෙස්සන්තී”ති!
Sinhala BJT7. මිනිස්සු ‘පිලින්‍දිවච්ඡ හිමියන් විසින් සරාජික පිරිස්හි උතුරුමිනිස්දමින් ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය දක්වන ලද්දේ ය’ යි සතුටුසිත් ඇත්තාහු වෙසෙසින් ප්‍රසන්න වූවාහු ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුනට පස්බෙහෙත් එළැවූහ. හේ මෙසේ ය: ගිතෙල් යැ වෙඬරු යැ තෙල් යැ මිහි යැ පැණි යයි. පියවිනුදු ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ පස්බෙහෙත් ලබනසුලු වෙති. ලද ලද දැය පිරිසෙහි විසජති. ඔබගේ පිරිස ද බාහුලික වෙයි. ලද ලද දැය මහසැළෙහිදු කළයෙහි පුරා සඟවා තබයි. පෙරහනුදු පිහිටා දු පුරා වාකවුළුවල එල්වා තබයි. ඒවා යටටත් දෙපසටත් ගිලිහුණාහු සිටිත්. මීයන් විසිනුදු විහාරයෝ අවකීර්‍ණ විකීර්‍ණ වූවාහු වෙත්. මිනිස්සු විහාරචාරිකායෙහි හැසිරෙන්නාහු දැක අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහු සෙයින් ඇතුළු කොටුගුළු ඇත්තාහු ය” යි. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් භික්‍ෂූහු මෙබඳු බහුල පැවැතුම් ඇති බවට සිතූහු දැ” යි.
Pali BJT8. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ එවරූපාය බාහුල්ලාය චෙතෙන්තී”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා එවරූපාය බාහුල්ලාය චෙතෙස්සන්ති” නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT8. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද? මහණෙනි, භික්‍ෂූහු මෙබඳු බහුල පැවැතුම් ඇති බවට සිතත් දැ” යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: “කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ මෙබඳු බහුල පැවැතුම් ඇති බවට සිතූහු දැ”යි. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“යානි ඛො පන තානි ගිලානානං භික්ඛූනං පටිසායනීයානි භෙසජ්ජානි සෙය්යථිදං: සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං, තානි පටිග්ගහෙත්වා සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බානි. තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියන්ති”.
Sinhala BJT“ගිලන් මහණුන් විසින් වැළඳියයුතු වූ යම් භෛෂජ්‍ය කෙනෙක් වෙද්ද, හේ මෙසේ ය: ගිතෙල් යැ වෙඬරු යැ තෙල් යැ මිහි යැ පැණි යි. ඒවා පිළිගෙණ සත්දවසක් පරම කොට ඇති කාලයක් සන්නිධි කොට වැළඳිය යුත්තාහ. ඒ (සත්තාහකාලය) ඉක්මවන්නාහට නිසඟිපචිති වේ.” යයි.
Pali BJT9. යානි ඛො පන තානි ගිලානානං භික්ඛූනං පටිසායනීයානි භෙසජ්ජානීති-
Sinhala BJT9. යානි ඛො පන තානි ගිලානානං භික්ඛුනං පටිසායනීයානි භේසජ්ජානි යනු:
Pali BJTසප්පි නාම: ගොසප්පි වා අජිකාසප්පි වා මහිසසප්පි වා{2} යෙසං මංසං කප්පති තෙසං සප්පි.
Sinhala BJTසප්පි නම් : ගවගිතෙල් වේවයි එළුගිතෙල් වේවයි මිහිගිතෙල් වේවයි යම් කෙනකුන්ගේ මස් කැප වේ නම් ඔවුන්ගේ ගිතෙල්.
Pali BJTනවනීතං නාම: තෙසං යෙව නවනීතං.
Sinhala BJTනවනීත නම්: ඔවුන්ගේ ම වෙඬරු ය.
Pali BJTතෙලං නාම: තිලතෙලං සාසපතෙලං මධුකතෙලං එරණ්ඩතෙලං වසාතෙලං.
Sinhala BJTතෙල නම්: තලතෙල් හබතෙල් මීතෙල් එරඬුතෙල් වුරුණුතෙල්
Pali BJTමධු නාම: මක්ඛිකා මධු.
Sinhala BJTමධු නම්: මී පැණි
Pali BJTඵාණිතං නාම: උච්ඡුම්හා නිබ්බත්තං.
Sinhala BJTඵාණිත නම්: උගුයෙන් නිපන්නේ යි.
Pali BJTතානි පටිග්ගහෙත්වා සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බානීති සත්තාහපරමතා පරිභුඤ්ජිතබ්බානි.
Sinhala BJTතානි පටිග්ගහෙත්වා සත්තාහපරමං සන්ගිධිකාරකං පරිභූඤජිතබ්බානි යනු: සත්දවසක් පරම කොට වැළඳිය යුත්තාහ.
Pali BJTතං අතික්කාමයතො නිස්සග්ගියං හොතීති අට්ඨමෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං: “ඉදං මෙ භන්තෙ භෙසජ්ජං සත්තාහාතික්කන්තං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති - දදෙය්යාති - දදෙය්යුන්ති - ආයස්මතො දම්මී”ති.
Sinhala BJTතං අතික්කාමයතෝ නිස්සග්ගියං හොති යනු: අට වැනි අරුණ නැගෙන කල්හි නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජියයුතු ය: ‘වහන්ස, මාගේ මේ බෙහෙත් සත්දවසක් ඉක්මගියේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
Pali BJT10. සත්තාහාතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. සත්තාහාතික්කන්තෙ වෙමතිකො, නිස්සග්ගියං පාචිත්තියං. සත්තාහාතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අනධිට්ඨිතෙ අධිට්ඨිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT10. සත් දවසක් ඉක්මගියෙහි ‘ඉක්මිනැ’ යි සන් ඇතියේ නිසැඟිපචිති වෙයි. සත්දවසක් ඉක්ම ගියෙහි විමති ඇතියේ නිසැඟිපචිති වෙයි. සත් දවසක් ඉක්ම ගියෙහි නො ඉක්මිනැ’යි සන් ඇතියේ නිසැඟි පචිති වෙයි. නො ඉටන ලදුයෙහි ‘ඉටනලදැ’යි සන් ඇතියේ නිසැඟිපචිති වෙයි.
Pali BJT11. අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤී, අනට්ඨෙ නට්ඨසඤ්ඤී,{1} අවිනට්ඨෙ විනට්ඨසඤ්ඤී, අදඩ්ඪෙ දඩ්ඪසඤ්ඤී, අවිලුත්තෙ විලුත්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT11. නො විසජන ලදුයෙහි ‘විසජන ලදැ’යි සන් ඇතියේ, නො නටුයෙහි ‘නටැ’යි සන් ඇතියේ, නොවැනැසුනෙහි ‘වැනැසුනැ’යි සන් ඇතියේ, නො දැවුනෙහි ‘දැවිනැ’ යි සන් ඇතියේ, නො පැහැරගන්නා ලදුයෙහි ‘පැහැරගන්නා ලදැ’යි සන් ඇතියේ නිසැඟිපචිති වෙයි.
Pali BJT12. නිස්සට්ඨං පටිලභිත්වා න කායිකෙන පරිභොගෙන පරිභුඤ්ජිතබ්බං. න අජ්ඣොහරිතබ්බං, පදීපෙ වා කාලවණ්ණෙ වා උපනෙතබ්බං. අඤ්ඤෙන භික්ඛුනා කායිකෙන පරිභොගෙන පරිභුඤ්ජිතබ්බං, න අජ්ඣොහරිතබ්බං.
Sinhala BJT12. නිසජනලද්ද ලැබ කායිකපරිභෝගයෙන් පරිභෝග නො කටයුතු ය. පරඟලා නො කටයුතු ය. පහනෙහි හෝ කළුඅලෙව් දීමෙහි හෝ එළවිය යුතු ය. අන් මහණකු විසින් කායික පරිභෝගයෙන් පරිභෝග කටයුතු ය. පරඟලා නො කටයුතු ය.
Pali BJT13. සත්තාහානතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. සත්තාහානතික්කන්තෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. සත්තාහානතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT13. සත්දවසක් නොඉක්මගියෙහි ‘නො ඉක්මිනැ’ යි සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. සත්දවසක් නො ඉක්ම ගියෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වෙයි. සත් දවසක් නො ඉක්ම ගියෙහි ‘නො ඉක්මිනැ’යි සන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT14. අනාපත්ති අන්තොසත්තාහං අධිට්ඨෙති, විස්සජ්ජෙති, නස්සති, විනස්සති, ඩය්හති, අච්ඡින්දිත්වා ගණ්හන්ති, විස්සාසං ගණ්හන්ති, අනුපසම්පන්නස්ස චත්තෙන, වත්තෙන, මුත්තෙන, අනපෙක්ඛො දත්වා පටිලභිත්වා පරිභුඤ්ජති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT14. ඇතුළු සත්දවස්හි ඉටා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, දැවේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි ව ගණිත් නම්, අනුපසපනක්හට දෙනලද්දෙන්, හරණලද්දෙන්, මුදනලද්දෙන්, නිරපේක්‍ෂක ව දී නැවත ලැබ පරිභෝග කෙරේ නම්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTභෙසජ්ජසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTභේසජ්ජ ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 3. 4.
Sinhala BJT5. 3. 4.
Pali BJTවස්සිකසාටික සික්ඛාපදං.
Sinhala BJTවස්සිකසාටික ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛූනං වස්සිකසාටිකා අනුඤ්ඤාතා හොති. ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා වස්සිකසාටිකා අනුඤ්ඤාතා”ති, පටිගච්චෙව{2} වස්සිකසාටිකචීවරං පරියෙසන්ති, පටිකච්චෙව කත්වා නිවාසෙන්ති. ජිණ්ණාය වස්සිකසාටිකාය නග්ගා කායං ඔවස්සාපෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ පටිගච්චෙව වස්සිකසාටිකචීවරං පරියෙසිස්සන්ති, පටිගච්චෙව කත්වා නිවාසෙස්සන්ති, ජිණ්ණායවස්සිකසාටිකාය නග්ගා කායං ඔවස්සාපෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ පටිගච්චෙව වස්සිකසාටිකචීවරං පරියෙසථ, පටිගච්චෙව කත්වා නිවාසෙථ, ජිණ්ණාය වස්සිකසාටිකාය නග්ගා කායං ඔවස්සාපෙථා”ති? “සච්චං භගවා”ති? විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා පටිගච්චෙව වස්සිකසාටිකචීවරං පරියෙසිස්සථ, පටිගච්චෙව කත්වා නිවාසෙස්සථ, ජිණ්ණාය වස්සිකසාටිකාය නග්ගා කායං ඔවස්සාපෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ”.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති. තවද එසමයෙහි භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට වැසිසළුසිවුර අනුදන්නා ලද වෙයි. සවගමහණහු ‘භාග්‍යවතුන් විසින් වැසිසළු අනුදන්නාලදැ’යි කැල ම වැසිසළුසිවුරු සොයති. කැල ම කොට නිවාසනය කෙරෙති, වැසිසළුසිවුර දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් සවග මහණහු කැල ම වැසිසළුසිවුරු සෙවූහු ද, කැල ම කොට නිවාසනය කළාහු ද, වැසිසළුසිවුරු දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමුහු දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණෙනි, තෙපි කැල ම වැසිසළුසිවුරු සොයවු ල, කැල ම කොට නිවාසනය කරවූ ල, වැසිසළුව දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමවු ලැ’යි. සැබව ‘භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: “තුච්ඡපුරුෂයෙනි, කෙසේ නම් තෙපි කැල ම වැසිසළුසිවුරු සෙවූහු ද, කැල ම කොට නිවාසනය කළහු ද, වැසිසළුව දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමුහු ද. තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
Pali BJT“මාසො සෙසො ගිම්හානන්ති භික්ඛුනා වස්සිකසාටිකචීවරං පරියෙසිතබ්බං. අද්ධමාසො සෙසො ගිම්හානන්ති කත්වා නිවාසෙතබ්බං. ඔරෙන චෙ මාසො සෙසො ගිම්හානන්ති වස්සිකසාටිකචීවරං පරියෙසෙය්ය, ඔරෙනද්ධමාසො සෙසො ගිම්හානන්ති කත්වා නිවාසෙය්ය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“ගිමන් සාරමස සම්බන්‍ධ මසෙක් ශේෂ ව සිටියේ යයි මහණහු විසින් වැසිසළුසිවුර සෙවියයුතු ය. ගිමන් සාරමස සම්බන්‍ධ අඩමසෙක් ශේෂ ව සිටියේ යයි කොට නිමවා හැන්ද යුතු ය. ඉදින් ගිමන් සාරමස සම්බන්‍ධ මසෙක් ශේෂ යයි (කියයුතු තැනට) මෑත භාගයෙහි වැසිසළුසිවුරක් සොයා නම් ගිමන් සාරමස සම්බන්‍ධ අඩ මසෙක් ශේෂ යයි කියයුතු තැනට මෑතභාගයෙහි කොට නිවාසනය කෙරේ නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJT2. මාසො සෙසො ගිම්හානන්ති භික්ඛුනා වස්සිකසාටිකචීවරං පරියෙසිතබ්බන්ති. යෙ මනුස්සා පුබ්බෙපි වස්සිකසාටිකචීවරං දෙන්ති තෙ උපසඞ්කමිත්වා එවමස්සු වචනීයා: “කාලො වස්සිකසාටිකාය, සමයො වස්සිකසාටිකාය, “අඤ්ඤෙපි මනුස්සා වස්සිකසාටිකචීවරං දෙන්තී”ති. න වත්තබ්බා: “දෙථ මෙ වස්සිකසාටිකචීවරං, ආහරථ මෙ වස්සිකසාටිකචීවරං, පරිවත්තෙථ මෙ වස්සිකසාටිකචීවරං, චෙතාපෙථ මෙ වස්සිකසාටිකචීවරන්ති.”
Sinhala BJT2. මාසො සේසෝ ගිම්හානන්ති භික්ඛුනා වස්සිකසාටිකචීවරං පරියේසිතබ්බං යනු: යම් මිනිස් කෙනෙක් පෙරත් වැසිසළුසිවුරු දෙද්ද ඔවුන් වෙත එළඹ මෙසේ කියයුත්තාහ: “වැසිසළුවට කාලය වෙයි. වැසි සළුවට සමය වෙයි. අන් මිනිස්සු ද වැසිසළු සිවුරු දෙතැ”යි. “මට වැසිසළුසිවුරක් දෙන්න. මට වැසිසළුසිවුරක් ගෙණෙන්න. මට වැසිසළුසිවුරක් පිරිවටා දෙන්න. මට වැසිසළුසිවුරක් විකොට ගෙණ දෙන්නැ”යි නො කියයුත්තාහ.
Pali BJTඅද්ධමාසො සෙසො ගිම්හානන්ති කත්වා නිවාසෙතබ්බන්ති. අද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ කත්වා නිවාසෙතබ්බං.
Sinhala BJTඅද්ධමාසො සේසෝ ගිම්හානන්ති කත්වා නිවාසෙතබ්බං යනු: අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හැන්ද යුතු ය.
Pali BJTඔරෙන චෙ මාසො සෙසො ගිම්හානන්ති අතිරෙකමාසෙ සෙස ගිම්හානෙ වස්සිකසාටිකචීවරං පරියෙසති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJTඔරෙන චෙ මාසො සේසෝ ගිම්හානං යනු: අයිරා මසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි වැසිසළුසිවුර සොයා නම් නිසඟිපචිති වේ.
Pali BJTඔරෙනද්ධමාසො සෙසො ගිම්හානන්ති අතිරෙකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ කත්වා නිවාසෙති, නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං: “ඉදං මෙ භන්තෙ වස්සිකසාටිකචීවරං අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ පරියිට්ඨං, අතිරෙකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ කත්වා පරිදහිතං{1} නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති-දදෙය්යාති-දදෙය්යුන්ති-ආයස්මතො දම්මී”ති.
Sinhala BJTඔරෙනද්ධමාසො සේසෝ ගිම්හානං යනු: අයිරා අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හඳී නම් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැදිය යුතු යි. මහණෙනි, මෙසේත් නිසැදිය යුතු යි: “වහන්ස, මගේ මේ වැසිසළුසිවුර අයිරා අඩමසක් ශේෂ ව සිටි. ගිම්හානයෙහි සොයන ලද්දේ අයිරා අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හඳින ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි ... දෙනේනේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT3. අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ අතිරෙකසඤ්ඤී, වස්සිකසාටිකචීවරං පරියෙසති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ වෙමතිකො වස්සිකසාටිකචීවරං පරියෙසති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ ඌනකසඤ්ඤී, වස්සිකසාටිකචීවරං පරියෙසති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT3. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරා සන් ඇතියේ වැසිසළු සිවුර සොයා නම්, නිසඟිපචිති වෙයි. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇත්තේ වැසිසළුසිවුර සොයා නම් නිසඟි පචිති වෙයි. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ වැසිසළුසිවුරක් සොයා නම් නිසඟිපචිති වේ.
Pali BJT4. අතිරෙකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ අතිරෙකසඤ්ඤී කත්වා නිවාසෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ වෙමතිකො කත්වා නිවාසෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ ඌනකසඤ්ඤී කත්වා නිවාසෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT4. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇත්තේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ.
Pali BJT5. සතියා වස්සිකසාටිකාය නග්ගො කායං ඔවස්සාපෙති, ආපත්ති දුක්කටස්ස. ඌනකමාසෙ සෙසෙ ගිම්හානෙ අතිරෙකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඌනකමාසෙ සෙසෙ ගිම්හානෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඌනකමාසෙ සෙසෙ ගිම්හානෙ ඌනකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT5.වැසිසළුව ඇතිකල්හි ලිහිණිව කය තෙමා නම් දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT6. ඌනකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ අතිරෙකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඌනකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඌනකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ ඌනකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT6. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT7. අනාපත්ති මාසො සෙසො ගිම්හානන්ති වස්සිකසාටිකචීවරං පරියෙසති , අද්ධමාසො සෙසො ගිම්හානන්ති කත්වා නිවාසෙති, ඌනකමාසො සෙසො ගිම්හානන්ති වස්සිකසාටිකචීවරං පරියෙසති, ‘ඌනකද්ධමාසො සෙසො ගිම්හානන්ති කත්වා නිවාසෙති, පරියිට්ඨාය වස්සිකසාටිකාය වස්සං උක්කඩ්ඪියති, නිවත්ථාය වස්සිකසාටිකාය වස්සං උක්කඩ්ඪියති, ධොවිත්වා නික්ඛිපිතබ්බං. සමයෙන නිවාසෙතබ්බං, අච්ඡින්නචීවරස්ස, නට්ඨචීවරස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT7. ගිමන් සිවුමසින් මසක් ශේෂ යයි වැසිසළුසිවුරක් සොයා නම්, ගිමන් සිවුමසින් අඩමසක් ශේෂ යයි කොට නිමවා හඳී නම්, ගිමන් සිවුමසින් උනුමසක් ශේෂ යයි වැසිසළුසිවුර සොයා නම්, ගිමන් සාරමසින් උනුමසක් ශේෂ යයි කොට හඳී නම්, සොයන ලද වැසිසළුව ඇති කල්හි වස පෙරට අදනා ලැබේ නම්, හඳනා ලද වැසිසළුව ඇති කල්හි වස පෙරට අදනා ලැබේ නම්, දොවා බහා තැබියයුතු ය. සුදුසුකල්හි හැන්ද යුතු ය. අසිඳැගත් සිවුරු ඇතියාට, නටසිවුරු ඇතියාට, උවදුරු ඇති කල්හි, උම්මතකයාහට, ආදිකම්මිකයහට, ඇවැත් නැත්තේ යි.
Pali BJTවස්සිකසාටිකසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTවස්සිකසාටික ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 3. 5.
Sinhala BJT5. 3. 5.
Pali BJTචීවරඅච්ඡින්දනසික්ඛාපදං
Sinhala BJTචීවරඅච්ඡින්‍දන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො භාතුනො සද්ධිවිහාරිකං භික්ඛුං එතදවොච: “එහාවුසො ජනපදචාරිකං පක්කමිස්සාමා”ති. “නාහං භන්තෙ ගමිස්සාමි, දුබ්බලචීවරොම්හී”ති. “එහාවුසො අහං තෙ චීවරං දස්සාමී”ති තස්ස චීවරං අදාසි. අස්සොසි ඛො සො භික්ඛු: “භගවා කිර ජනපදචාරිකං පක්කමිස්සතී”ති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි:- “නදානාහං{1} ආයස්මතා උපනන්දෙන සක්යපුත්තෙන සද්ධිං ජනපදචාරිකං පක්කමිස්සාමි, භගවතා සද්ධිං ජනපදචාරිකං පක්කමිස්සාමී”ති. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො තං භික්ඛුං එතදවොච: “එහිදානි ආවුසො ජනපදචාරිකං පක්කමිස්සාමා”ති. “නාහං භන්තෙ තයා සද්ධිං ජනපදචාරිකං පක්කමිස්සාමි, භගවතා සද්ධිං ජනපදචාරිකං පක්කමිස්සාමී”ති. “යම්පි ත්යාහං ආවුසො චීවරං අදාසිං මයා සද්ධිං ජනපදචාරිකං පක්කමිස්සතී”ති, කුපිතො අනත්තමනො අච්ඡින්දි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ බෑයාගේ සද්ධිවිහාරික මහණක්හට මෙය කී ය. “එව ඇවැත්නි, ජනපදචාරිකාහි යම්හ” යි. “වහන්ස මම නො යන්නෙමි. දුඹුල් සිවුරු ඇත්තෙමි” යි. “එව ඇවැත්නි, මම තට සිවුරක් දෙන්නෙමි” යි ඔහුට සිවුරක් දිනි. ඒ මහණ තෙමේ “භාග්‍යවතුන් වහන්සේ ජනපද චාරිකායෙහි වඩනාහ” යි ඇසී ය. ඉක්බිති ඒ මහණහට මේ සිත විය: “මම දැන් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් හා සමග ජනපද චාරිකායෙහි නො යන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ හා සමග ජනපද චාරිකායෙහි යන්නෙමි” යි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ ඒ මහණහට මෙය කීය: “එව ඇවැත්නි, දැන් ජනපද චාරිකායෙහි යම්හ” යි. “වහන්ස, මම නුඹ හා සමග ජනපද චාරිකායෙහි නො යන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ හා සමග ජනපද චාරිකායෙහි යන්නෙමැ” යි. “ඇවැත්නි, මම තට සිවුරක් දිනිම් ද එය මා හා සමග ජනපද චාරිකායෙහි යන්නේ යයි (සිතා) දිනිමි” යි කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගත්තේ ය.
Pali BJT2. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං උපනන්ද භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දී”ති. “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දිස්සසි. නෙතං, මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT2. ඉක්බිති ඒ මහණ තෙමේ භික්‍ෂූන්ට මෙ පවත් දැන්වී ය. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිති. නුගුණ කියති. දොස් පතුරුවති. “කෙසේ නම් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ මහණහට තෙමේ සිවුරක් දී කිපියේ නොසතුටු වූයේ අසිඳැ ගත්තේ දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද? උපනන්‍දය තෝ මහණකු ට තෙමේ සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගත්තේ දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “තුච්ඡපුරුෂය,කෙසේ නම් තෝ මහණක්හට තෙමේ සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගත්තේ ද?” “තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”