Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2301-2400 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඡබ්බස්සසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTඡබ්බස්ස ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 2. 5.
Sinhala BJT5. 2. 5.
Pali BJTනිසීදනසන්ථතසික්ඛාපදං
Sinhala BJTනිසීදනසන්‍ථත ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ඉච්ඡාමහං භික්ඛවෙ තෙමාසං පටිසල්ලීයිතුං, නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා”ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සුධ කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. තෙන ඛො පන සමයෙන සාවත්ථියා සඞ්ඝෙන කතිකා කතා හොති. “ඉච්ඡතාවුසො භගවා තෙමාසං පටිසල්ලීයිතුං, න භගවා කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. යො භගවන්තං උපසඞ්කමති, සො පාචිත්තියං දෙසාපෙතබ්බො”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩ වසන සේක. එකල්හි භාග්‍යවත්හු භික්‍ෂූන් ඇමැතූහ: ‘මහණෙනි, මම් තුන්මසක් විවික්ත ව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාත එළවන එක් මහණක්හු හැර කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය එළවන එක් මහණකු හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙයි. යළි එසමයෙහි සැවැත්නුවර සඞ්ඝයා විසින් කතිකාවක් කරණ ලද වෙයි: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තුන්මසක් මුළුල්ලෙහි විවික්ත ව වාසය කරන්නට කැමති වන සේක. පිණ්ඩපාත එළවන එක් මහණකු විනා කිසිවක්හු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හෙතෙම පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි.
Pali BJT2. අථ ඛො ආයස්මා උපසෙනො වඞ්ගන්තපුත්තො සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං භගවා එතදවොච: “කච්චි වො උපසෙන ඛමනීයං, කච්චි යාපනීයං, කච්චිත්ථ අප්පකිලමථෙන අද්ධානං ආගතා”ති. “ඛමනීයං භගවා, යාපනීයං භගවා, අප්පකිලමථෙන ච මයං භන්තෙ අද්ධානං ආගතා”ති.
Sinhala BJT2. එකල්හි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේන තෙමේ පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන්නාවූ වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ: ‘කිම උපසේනය, තොපට ඉවසිය හැකි ද, කිම යැපිය හැකි ද, කිම නො වෙහෙසින් දිගුමඟැ ආවාහු දැ’යි. ඉවැසිය හැක්ක භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක්ක භාග්‍යවතුන් වහන්ස, වහන්ස අපි නො වෙහෙසින් දිගුමඟැ ආම්හ’යි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපසෙනස්ස වඞ්ගන්තපුත්තස්ස සද්ධිවිහාරිකො භික්ඛු භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච: “මනාපානි තෙ භික්ඛු පංසුකූලානී”ති. “න ඛො මෙ භන්තෙ මනාපානි පංසුකූලානී”ති. “කිස්ස පන ත්වං භික්ඛු පංසුකූලිකො”ති. “උපජ්ඣායො මෙ භන්තෙ පංසුකූලිකො, එවං අහම්පි පංසුකූලිකො”ති. අථ ඛො භගවා ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං එතදවොච: “පාසාදිකා ඛො ත්යායං උපසෙන පරිසා, කථං ත්වං උපසෙන පරිසං විනෙසී”ති. “යො මං භන්තෙ උපසම්පදං යාචති, තාහං{1} එවං වදාමි: “අහං ඛො ආවුසො ආරඤ්ඤිකො පිණ්ඩපාතිකො පංසුකූලිකො, සචෙ ත්වම්පි ආරඤ්ඤිකො භවිස්සසි පිණ්ඩපාතිකො පංසුකූලිකො, එවාහන්තං උපසම්පාදෙස්සාමී”ති. සචෙ මෙ පටිසුණාති උපසම්පාදෙමි. නො චෙ මෙ පටිසුණාති, න උපසම්පාදෙමි. යො මං නිස්සයං යාචති, තාහං එවං වදාමි: “අහං ඛො ආවුසො ආරඤ්ඤිකො පිණ්ඩපාතිකො පංසුකූලිකො, සචෙ ත්වම්පි ආරඤ්ඤිකො භවිස්සසි පිණ්ඩපාතිකො පංසුකූලිකො, එවාහන්තෙ නිස්සයං දස්සාමීති. සචෙ මෙ පටිසුණාති නිස්සයං දෙමි. නො චෙ මෙ පටිසුණාති, න නිස්සයං දෙමි. එවං ඛො අහං භන්තෙ පරිසං විනෙමී”ති. “සාධු සාධු උපසෙන, සාධු ඛො ත්වං උපසෙන පරිසං විනෙසි. ජානාසි පන ත්වං උපසෙන, සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. “න ඛො අහං භන්තෙ ජානාමි සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. සාවත්ථියා ඛො උපසෙන සඞ්ඝෙන කතිකා කතා: “ඉච්ඡතාවුසො භගවා තෙමාසං පටිසල්ලීයිතුං, න භගවා කෙනචි උපසඞ්කමිතබ්බො, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. යො භගවන්තං උපසඞ්කමති, සො පාචිත්තියං දෙසාපෙතබ්බො”ති. “පඤ්ඤායිස්සති භන්තෙ සාවත්ථියා සඞ්ඝො සකාය කතිකාය “න මයං අපඤ්ඤත්තං පඤ්ඤාපෙස්සාම, පඤ්ඤත්තං වා න සමුච්ඡින්දිස්සාම, යථා පඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිස්සාමා”ති. “සාධු සාධු උපසෙන, අපඤ්ඤත්තං න පඤ්ඤාපෙතබ්බං, පඤ්ඤත්තං වා න සමුච්ඡින්දිතබ්බං, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිතබ්බං”. “අනුජානාමි උපසෙන යෙ තෙ භික්ඛූ ආරඤ්ඤිකා පිණ්ඩපාතිකා පංසුකූලිකා යථාසුඛං මං දස්සනාය උපසඞ්කමන්තූ”ති.
Sinhala BJT3. තවද එසමයෙහි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනගේ සද්ධිවිහාරික මහණෙක් භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට මෙය වදාළහ: ‘මහණ තට පසුල්සිවුරු මනාප දැ’යි. ‘වහන්ස, මට පසුල්සිවුරු මනාප නො වෙති’යි. ‘කවර හෙයින් මහණ, තෝ පංශුකූලිකයෙහි දැ’යි. ‘වහන්ස, මාගේ උපාධ්‍යායයෝ පාංශුකූලිකයහ. එසෙයින් මම ද පාංශුකූලිකයෙමි’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනහට මෙය වදාළහ: ‘උපසේනය, තාගේ මේ පිරිස ප්‍රසාදික ය, උපසේනය, කිසෙයින් තෝ පිරිස හික්මවූයෙහි දැ’යි. ‘වහන්ස, යමෙක් මා උපසම්පදාව ඉල්වා නම්, ඔහුට මම මෙසේ කියමි: ඇවැත්නි, මම ආරණ්‍යකයෙමි, පිණ්ඩපාතිකයෙමි, පාංශුකූලිකයෙමි, ඉදින් තො ද ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වන්නෙහි නම් මෙසේ මම් තා උපසපන් කරන්නෙමි’යි ඉදින් මට පිළින කෙරේ නම් උපසපන් කරමි. ඉදින් මට පිළින නො කෙරේ නම් උපසපන් නො කෙරෙමි. යමෙක් මා නිස ඉල්වා නම් ඔහුට මම් මෙසේ කියමි. ‘ඇවැත්නි, මම් ආරණ්‍යකයෙමි, පිණ්ඩපාතිකයෙමි, පාංශුකූලිකයෙමි, ඉදින් තො ද ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වන්නෙහි නම් මෙසේ මම තට නිස දෙන්නෙමි’යි. ඉදින් මට පිළින කෙරේ නම් නිස දෙමි, ඉදින් මට පිළින නො කෙරේ නම් නිස නො දෙමි. වහන්ස, මෙසේ මම් පිරිස හික්මවමි”යි. “මැනව මැනව උපසේනය, උපසේනය තෝ මැනැවින් පිරිස හික්මවූයෙහි. තවද ‘උපසේනය’ තෝ සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දනී දැ”යි. වහන්ස, මම් සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව නො දනිමි’යි. “උපසේනය, සැවැත්නුවර සඞ්ඝයා විසින් ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තෙමසක් විවික්ත ව වසන්නට රිසි වෙති. පිණ්ඩපාත එළවන එක් මහණක්හු තබා කිසිවකු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හේ පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි කතිකාවක් කරණ ලද ය. ‘වහන්ස, සැවැත්නුවර සඞ්ඝ තෙම සිය කතිකායෙන් පැනෙන්නේ ය. අපි නො පණවන ලද්දක් නො පණවම්හ. පණවන ලද්ද හෝ නො සිඳුම්හ. යථාප්‍රඥප්ත වූ ශික්‍ෂාපදයන්හි සමාදන් ව පවතුම්හ’යි. මැනව මැනැව උපසේනය, නො පණවන ලද්දක් නො පැණවිය යුතුය, පණවන ලද්ද හෝ නො සිඳිය යුතුය. යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් ව පැවැතිය යුතු. උපසේනය, යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා’ යි අනුදනිමි.
Pali BJT4. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ බහිද්වාරකොට්ඨකෙ ඨිතා හොන්ති: “මයං ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං පාචිත්තියං දෙසාපෙස්සාමා”ති . අථ ඛො ආයස්මා උපසෙනො වඞ්ගන්තපුත්තො සපරිසො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො තෙ භික්ඛූ ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං එතදවොචුං “ජානාසි ත්වං ආවුසො උපසෙන සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. “භගවාපි මං ආවුසො එවමාහ: “ජානාසි පන{2} ත්වං උපසෙන සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. “න ඛො අහං භන්තෙ ජානාමි සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. සාවත්ථියා ඛො උපසෙන සඞ්ඝෙන කතිකා කතා: “ඉච්ඡතාවුසො භගවා තෙමාසං පටිසල්ලීයිතුං න භගවා කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. යො භගවන්තං උපසඞ්කමති, සො පාචිත්තියං දෙසාපෙතබ්බො”ති. “පඤ්ඤායිස්සති භන්තෙ සාවත්ථියා සඞ්ඝො සකාය කතිකාය, “න මයං අපඤ්ඤත්තං පඤ්ඤපෙස්සාම, පඤ්ඤත්තං වා න සමුච්ඡින්දිස්සාම, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිස්සාමා”ති. අනුඤ්ඤාතාවුසො භගවතා යෙ තෙ භික්ඛූ ආරඤ්ඤිකා පිණ්ඩපාතිකා පංසුකූලිකා යථාසුඛං මං දස්සනාය උපසඞ්කමන්තූ”ති.
Sinhala BJT4. තවද එසමයෙහි බොහෝ භික්‍ෂූහු “අපි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයන් ලවා පචිතිඇවැත් දෙසවම්හ’ යි බිහිදොර කොටුවෙහි සිටියාහු වෙති. ඉක්බිති වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයෝ පිරිස් සහිත ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ. ඉක්බිති ඒ භික්‍ෂූහු වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයන්ට මෙ පවත් කීහ: ‘ඇවැත්නි, උපසේනයෙනි, තෙපි සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දන්නහු දැ’යි. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ද මට මෙසේ වදාළහ: උපසේනය, තෝ සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දන්නෙහි දැ’යි. ‘වහන්ස, මම් සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව නො දනිමි’යි. “උපසේනය, සැවැත්නුවර සඞ්ඝයා විසින් ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තෙමසක් විවික්ත ව වාසය කරන්නට රිසි වෙති. පිණ්ඩපාත එළවන එක් මහණක්හු තබා කිසිවකු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හෙතෙම පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි කතිකාවක් කරණ ලදැ’යි. “වහන්ස, සැවැත්නුවර සඞ්ඝ තෙම සිය කතිකායෙන් පැනෙන්නේ ය. ‘ඇපි නො පණවන ලද්දක් නො පණවම්හ. පණවන ලද්ද හෝ නො සිඳුම්හ. යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් ව පවතුම්හ’ යි. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා’ යි අනුදන්නා ලද” යයි.
Pali BJT5. අථ ඛො තෙ භික්ඛූ “සච්චං ඛො ආයස්මා උපසෙනො ආහ. න අපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං පඤ්ඤත්තං වා න සමුච්ඡින්දිතබ්බං, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිතබ්බ”න්ති. අස්සොසුං ඛො භික්ඛූ අනුඤ්ඤාතා කිර භගවතා යෙ තෙ භික්ඛූ ආරඤ්ඤිකා පිණ්ඩපාතිකා පංසුකූලිකා යථාසුඛං මං දස්සනාය උපසඞ්කමන්තූ”ති. තෙ භගවන්තං දස්සනං පිහෙන්තා{1} සන්ථතානි උජ්ඣිත්වා ආරඤ්ඤිකඞ්ගං පිණ්ඩපාතිකඞ්ගං පංසුකූලිකඞ්ගං සමාදියිංසු. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො අද්දස සන්ථතානි තහිං තහිං උජ්ඣිතානි, පස්සිත්වා භික්ඛූ ආමන්තෙසි: “කස්සිමානි භික්ඛවෙ සන්ථතානි තහිං තහිං උජ්ඣිතානී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි, “තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච සඞ්ඝසුට්ඨුතාය සඞ්ඝඵාසුතාය -පෙ- “එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් උපසේනයෝ සැබවක් ම කියති: ‘නො පණවන ලද්දක් නො පැණවියයුතු ය, පණවන ලද්ද හෝ නො සින්ද යුතු ය. යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් ව පැවැතියයුතු’ යයි. භික්‍ෂූහු ‘යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා යි අනුදන්නා ලදැ’යි ඇසූහ. ඔහු භාග්‍යවතුන් වහන්සේ දක්නට කැමැත්තාහු ඇතිරි හැරපියා ආරණ්‍යකාඞ්ගය, පිණ්ඩපාතිකාඞ්ගය, පාංශුකූලිකාඞ්ගය සමාදන් වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් හා සමග සේනාසන චාරිකායෙහි වඩනාහු ඒ ඒ තැන්හි හැරපියන ලද ඇතිරි දුටහ. දැක ‘මහණෙනි, මේ ඒ ඒ තැන්හි හැරපියන ලද ඇතිරි කවරක්හුගේ දැ’යි භික්‍ෂූන් ඇමැතූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූහ: “එසේ වී නම් මහණෙනි, කරුණු දශයක් නිසා භික්‍ෂූන් ට ශික්‍ෂාපද පනවන්නෙමි. සඞ්ඝසුට්ඨුතා පිණිස ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“නිසීදනසන්ථතං පන භික්ඛුනා කාරයමානෙන පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථි ආදාතබ්බා දුබ්බණ්ණකරණාය, අනාදා චෙ භික්ඛු පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං නවං නිසීදනසන්ථතං කාරාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“නිසදුන් ඇතිරියක් කරණ මහණහු විසින් දුර්‍වර්‍ණකිරීමට පුරාණ සන්‍ථතයාගේ හාත්පසින් සුගත්වියතක් ගතයුතු ය. ඉදින් මහණ තෙම පුරාණ සන්‍ථතයාගේ හාත්පසින් සුගත්වියතක් නො ගෙණ අලුත් නිසඳුන් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJT6. නිසීදනං නාම: සදසං වුච්චති.
Sinhala BJT6. නිසීදන නම්: දාවලු සහිතයෙක් කියනු ලැබේ.
Pali BJTසන්ථතං නාම: සන්ථරිත්වා කතං හොති අවායිමං.
Sinhala BJTසන්‍ථත නම්: නො වියූ අතුට කරණ ලද්දක් වෙයි.
Pali BJTකාරයමානෙනාති කරොන්තො වා කාරාපෙන්තො වා.
Sinhala BJTකාරයමානෙන යනු කරන්නේ හෝ කරවන්නේ හෝ.
Pali BJTපුරාණසන්ථතං නාම: සකිං නිව්ත්ථම්පි සකිං පාරුතම්පි.
Sinhala BJTපුරාණසන්‍ථත නම්: වරක් හැන්ද හෝ වරක් පෙරවූවකි.
Pali BJTසාමන්තා සුගතවිදත්ථි ආදාතබ්බා දුබ්බණ්ණකරණායාති{2} ථිරභාවාය වට්ටං වා චතුරස්සං{3} වා ඡින්දිත්වා එකදෙසෙ වා සන්ථරිතබ්බං, විජටෙත්වා වා සන්ථරිතබ්බං.
Sinhala BJTසාමන්තා සුගතවිදත‍්ථි ආදාතබ්බා දුබ්බණ්ණකරණාය යනු වට කොට හෝ සිවුරැස් කොට හෝ සිඳ එක්පසෙක හෝ ඇතිරිය යුතු යි. නෙලා හෝ ඇතිරිය යුතු යි.
Pali BJTඅනාදා චෙ භික්ඛු පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථින්ති අනාදියිත්වා පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං නවං නිසීදනසන්ථතං කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදම්මෙ භන්තෙ නිසීදනසන්ථතං අනාදියිත්වා පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං කාරාපිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති. -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති, ආයස්මතො දම්මී”ති.
Sinhala BJTඅනාදා චෙ භික්ඛු පුරාණ සන්‍ථතස්ස සාමන්තා සුගතවිදත‍්ථිං යනු පැරණි ඇතිරියක පසකින් සුගත් වියතක් පමණ නොගෙණ අලුත් නිසඳුන් ඇතිරියක් කෙරේ හෝ කරවා හෝ පියෝහි දුකුළා වෙයි. ලබා ගැනීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුතු යි. තවද මහණෙනි, මෙසේ නිසජිය යුතු යි. “වහන්ස, පැරණි ඇතිරියක පසකින් සුගත් වියතක් නො ගෙණ කරවන ලද මේ මගේ හිඳිනා ඇතිරිය නිසගි විය. මම් මෙය සඟනට නිසජමි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT7. අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT7. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. අනෙකකු සඳහා කෙරෙයි හෝ කරවා හෝ දුකුළාඇවැත් වේ.
Pali BJT8. අනාපත්ති පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං ආදියිත්වා කරොති. අලභන්තො ථොකතරං ආදියිත්වා කරොති, අලභන්තො අනාදියිත්වා කරොති, අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති, විතානං වා භුම්මත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT8. පැරණි ඇතිරියක පසකින් සුගත්වියතක් පමණ ගෙණ කෙරේ නම්, නොලැබෙන්නේ ඉතා මඳක් ගෙණ කෙරේ නම්, නො ලැබෙන්නේ නො ගෙණ කෙරේ නම්, අනෙකක්හු විසින් කරණ ලද්ද ලැබී පරිභෝග කෙරේ නම් වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කෙරේ නම්, ඔහුට ද, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
Pali BJTනිසීදනසන්ථතසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTනිසීදනසන්‍ථත ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 2. 6.
Sinhala BJT5. 2. 6.
Pali BJTඑළකලොමසික්ඛාපදං
Sinhala BJTඑළකලෝම ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තස්ස අන්තරා මග්ගෙ එළකලොමානි උප්පජ්ජිංසු. අථ ඛො සො භික්ඛු තානි එළකලොමානි උත්තරාසඞ්ගෙන භණ්ඩිකං බන්ධිත්වා අගමාසි. මනුස්සා තං භික්ඛුං පස්සිත්වා උප්පණ්ඩෙසුං: “කිත්තකෙන තෙ භන්තෙ කීතානි, කිත්තකො උදයො භවිස්සතී”ති. සො භික්ඛු තෙහි මනුස්සෙහි උප්පණ්ඩියමානො මඞ්කු අහොසි. අථ ඛො සො භික්ඛු සාවත්ථිං ගන්ත්වා තානි එළකලොමානි ඨිතකොව ආසුම්භි. භික්ඛූ තං භික්ඛුං එතදවොචුං: “කිස්ස පන ත්වං ආවුසො ඉමානි එළකලොමානි ඨිතකොව ආසුම්භසී”ති. “තථා හි පනාහං ආවුසො ඉමෙසං එළකලොමානං කාරණා මනුස්සෙහි උප්පණ්ඩිතො”ති. “කීව දූරතො පන ත්වං ආවුසො ඉමානි එළකලොමානි ආහරී”ති. “අතිරෙකතියොජනං ආවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම භික්ඛු අතිරෙකතියොජනං එළකලොමානි ආහරිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං භික්ඛු අතිරෙකතියොජනං එළකලොමානි ආහරී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස අතිරෙකතියොජනං එළකලොමානි ආහරිස්සි, නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි කොසොල් දනව්හි සිට සැවැත්නුවරට යන එක්තරා මහණක්හට අතරමගදී එළුලොම් උපන. ඉක්බිති ඒ මහණ තෙමේ ඒ එළුලොම් උතුරුසඟින් පොදියක් බැඳගෙණ ගියේ ය. මිනිස්සු ඒ මහණ දැක වෙළපූහ: “වහන්ස, ඔබ විසින් කොපමණකින් මිලයට ගන්නා ලද ද. කෙතෙක් ලාබ වන්නේ දැ?” යි. ඒ මහණ තෙමේ ඒ මිනිසුන් විසින් වෙළපනු ලබන්නේ මකු වූයේ ය. ඉක්බිති ඒ මහණ සැවැත්නුවරට ගොස් ඒ එළුලොම් සිටි වන ම බිම හෙළී ය. භික්‍ෂූහු ඒ මහණහට මෙසේ කීහ: “ඇවත තෝ කුමක් හෙයින් මේ එළුලොම් සිටි වන ම බිම හෙළුයෙහි ද?” යි. “ඇවැත්නි, මම මේ එළුලොම් නිසා මිනිසුන් විසින් වෙළපන ලද්දෙමි. එහෙයිනි” යි. “ඇවැත්නි, තෝ කෙතෙක් දුර සිට මේ එළුලොම් ගෙණ ආයෙහි දැ?”යි. “ඇවැත්නි, අයිරා තුන් යොදුනකි” යි. යම් අපිස් වූ මහණ කෙනෙක් වෙත් ද, ඔහු අවමන් කෙරෙති, අයුණු කියත්, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් මහණෙක් අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙණ අයි දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණ? තෝ අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙන අයි දැ”යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස” යි. භාග්‍යවත් බුදුහු ගැරැහූහ. “තුච්ඡපුරුෂය, තෝ කෙසේ නම් අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙණ අයි ද? තුච්ඡපුරුෂය, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි.” ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“භික්ඛුනො පනෙව අද්ධානමග්ගප්පටිපන්නස්ස එළකලොමානි උප්පජ්ජෙය්යුං, ආකඞ්ඛමානෙන භික්ඛුනා පටිග්ගහෙතබ්බානි. පටිග්ගහෙත්වා තියොජනපරමං සහත්ථා හරිතබ්බානි{1} අසන්තෙ හාරකෙ. තතො චෙ උත්තරිං හරෙය්ය අසන්තෙපි හාරකෙ නිස්සග්ගියං පාචිත්තියන්ති”.
Sinhala BJT“අදන්මගට පිළිපන් මහණකුහට එළුලොම් උපනේ නම් කැමැති මහණහු විසින් පිළිගත යුතු යි. පිළිගෙණ ගෙණ යන්නකු නැතිකල්හි තුන් යොදුනක් පරම කොට සියතින් ගෙණ යා යුතු යි. ඉදින් ගෙණ යන්නකු නැති කල්හිදු ඉන් මත්තෙහි ගෙණ යන්නේ නම් නිසැඟිපචිති වේ.”
Pali BJT2. භික්ඛුනො පනෙව අද්ධානමග්ගප්පටිපන්නස්සාති පථං ගච්ඡන්තස්ස.
Sinhala BJT2. භික්ඛු නො පනෙව අද්ධානමග්ගප්පටිපන්නස්ස යනු: මග යන්නහුට.
Pali BJTඑළකලොමානි උප්පජ්ජෙය්යුන්ති උප්පජ්ජෙය්යුං සඞ්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත්තතො වා පංසුකූලං වා අත්තනො වා ධනෙන.
Sinhala BJTඒකලෝමානි උප්පජ්ජෙය්‍යුං යනු: සඞ්ඝයාකෙරෙන් හෝ ගණයාකෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිතුරන් කෙරෙන් හෝ පංසුකූල ව හෝ සිය ධනයෙන් හෝ උපදනාහු ය.
Pali BJTආකඞ්ඛමානෙනාති ඉච්ඡමානෙන
Sinhala BJTආකඞ්ඛමානෙන යනු: කැමැතිවන්නහු විසින්
Pali BJTපටිග්ගහෙතබ්බානි, පටිග්ගහෙත්වා තියොජනපරමං සහත්ථා හරිතබ්බානීති, තියොජනපරමතා සහත්ථා හරිතබ්බානි.
Sinhala BJTපටිග්ගහෙතබ්බානි පටිග්ගහෙත්‍වා තියෝජනපරමං සහත්‍ථා හරිතබ්බානි යනු: තුන් යොදුන් පරම තැන් ගෙණ යෑ යුත්තාහ.
Pali BJTඅසන්තෙ හාරකෙති නාඤ්ඤො කොචි හාරකො හොති ඉත්ථි වා පුරිසො වා ගහට්ඨො වා පබ්බජිතො වා.
Sinhala BJTඅසන්තෙ හාරකෙ යනු: ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි ගෙණ යන අන් කිසිවෙක් නැත්තේ වෙයි.
Pali BJTතතො චෙ උත්තරි හරෙය්ය අසන්තෙපි හාරකෙති පඨමං පාදං තියොජනං අතික්කාමෙති, ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං{1} අන්තො තියොජනෙ ඨිතො බහි තියොජනං පාතෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤස්ස යානෙ වා භණ්ඩෙ වා අජානන්තස්ස පක්ඛිපිත්වා තියොජනං අතික්කාමෙති, නිස්සග්ගියානි හොන්ති. නිස්සජිතබ්බානි සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බානි: “ඉමානි මෙ භන්තෙ එළකලොමානි තියොජනං අතික්කාමිතානි නිස්සග්ගියානි, ඉමානාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති. -පෙ-
Sinhala BJTතතො චෙ උත්තරිං හරෙය්‍ය අසන්තෙ’පි හාරකෙ යනු: පළමු පිය තුන් යොදුන ඉක්මවා නම් දුකුළාඇවැත් වෙයි. දෙවෙනි පිය ඉක්මවා නම් නිසඟිපචිති වෙයි. තුන්යොදුන ඇතුළත සිටියේ තුන්යොදුනෙන් පිටත හෙළා නම් නිසඟිපචිති වෙයි. නො දන්නා වූ අනෙකක්හුගේ යානයෙහි හෝ බැඬියෙහි හෝ බහා තුන් යොදුන ඉක්මවා නම් නිසඟි වේ. සඟනට හෝ ගණයාහට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුතු. තවද “මහණෙනි, මෙසේ නිසජිය යුත්තාහ: “වහන්ස, තුන් යොදුනක් ඉක්මවන ලද මගේ මේ එළුලොම් නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි යි, ... දෙන්නේ යි ... දෙන්නහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT3. අතිරෙකතියොජනෙ අතිරෙකසඤ්ඤී {2}අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකතියොජනෙ වෙමතිකො {2}අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකතියොජනෙ ඌනකසඤ්ඤී {2}අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. ඌනකතියොජනෙ අතිරෙකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඌනකතියොජනෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඌනකතියොජනෙ ඌනකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT3. අතිරේක අයිරා තුන් යොදුනෙහි අයිරා සන් ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන් යොදුනෙහි විමති ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන් යොදුනෙහි උනු ය යන සන් ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වේ. උනු තුන් යොදුනෙහි අයිරා සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනු තුන් යොදුනෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙ’යි. උනුතුන් යොදුනෙහි උනුය යන සන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT4. අනාපත්ති තියොජනං හරති, ඌනකතියොජනං හරති, තියොජනං හරතිපි, පච්චාහරතිපි, තියොජනං වාසාධිප්පායො ගන්ත්වා තතො පරං හරති, අච්ඡින්නං පටිලභිත්වා හරති, නිස්සට්ඨං පටිලභිත්වා හරති, අඤ්ඤං හරාපෙති, කටභණ්ඩං හරති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT4. තුන්යොදුනක් තැන් ගෙණ යේ නම්, උනුතුන් යොදුනක් තැන් ගෙණ යේ නම්, තුන් යොදුනක් තැන් ගෙණ යේ ද පෙරළා ගෙණ ඒ ද, තුන් යොදුනක් තැන් විසියැටි වූයේ ගොස් ඉන් මත්තෙහි ගෙණ යේ නම්, අසිඳැ ගන්නා ලදුව නැවත ලැබ ගෙණ යේ නම්, නිසජන ලද්දක් ලැබගෙණ යේ නම් අනෙකක්හු ලවා ගෙන්වා යේ නම්, එළුලොමින් කළ බඩුවක් ගෙණ යේ නම් (ඔහුට ද), උමතු වූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
Pali BJTඑළකලොමසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTඑළකලෝම ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 2. 7.
Sinhala BJT5. 2. 7.
Pali BJTඑළකලොමධොවාපන සික්ඛාපදං
Sinhala BJTඑළකලෝමධොවාපන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙන්තිපි රජාපෙන්තිපි විජටාපෙන්තිපි. භික්ඛුනියො එළකලොමානි ධොවන්තියො රජන්තියො විජටෙන්තියො රිඤ්චන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤං. අථ ඛො මහාපජාපති ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො මහාපජාපතිං ගොතමිං භගවා එතදවොච: “කච්චි ගොතමි භික්ඛුනියො අප්පමත්තා ආතාපිනියො පහිතත්තා විහරන්තී”ති. “කුතො භන්තෙ භික්ඛුනීනං අප්පමාදො, අය්යා ඡබ්බග්ගියා භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙන්තිපි රජාපෙන්තිපි වීජටාපෙන්තිපි, භික්ඛුනියො එළකලොමානි ධොවන්තියො රජන්තියො විජටෙන්තියො රිඤ්චන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤන්ති”.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි සවග මහණහු භික්‍ෂුණීන් ලවා එළුලොම් දොවවති, රඳන් කරවති, නෙළවත්. භික්‍ෂුණීහු එළුලොම් දොවන්නාහු රඳන්නාහු නෙළන්නාහු උදෙසීම පිළිවිසීම අධිසීලය අධිචිත්තය අධිප්‍රඥාව හැරපියති. එකල්හි මහාප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියා ය. එකත්පස්ව සිටි මහාප්‍රජාපතී ගෝතමීයට භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක: “කිමෙක් ද? ගෞතමියනි, භික්‍ෂුණීහු නොපමාවූවාහු, කෙලෙසුන් තවන වෙර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තාහු වෙසෙද් ද.” “වහන්ස භික්‍ෂුණීන්ට අප්‍රමාදයෙක් කොයින් ද? ෂඩ්වර්ගීය ආර්‍ය්‍යයෝ මෙහෙණන් ලවා එළුලොම් දොවවති, රඳන් කරවති, නෙළවත්. භික්‍ෂුණීහු එළුලොම් දොවන්නාහු රඳන්නාහු නෙළන්නාහු උදෙසීම පිළිවිසීම අධිසීලය අධිචිත්තය අධිප්‍රඥාව යන මේ හැරපියති” යි.
Pali BJT2. අථ ඛො භගවා මහාපජාපතිං ගොතමිං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො මහාපජාපති ගොතමී භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙථපි රජාපෙථපි විජටාපෙථපී”ති? “සච්චං භගවා” “ඤාතිකායො තුම්හාකං භික්ඛවෙ අඤ්ඤාතිකායො”ති. “අඤ්ඤාතිකායො භගවා”ති. “අඤ්ඤාතිකා මොඝපුරිසා අඤ්ඤාතිකානං න ජානන්ති පතිරූපං වා අප්පතිරූපං වා පාසාදිකං වා අපාසාදිකං වා. තත්ථ නාම තුම්හෙ මොඝපුරිසා අඤ්ඤාතිකාහි භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙස්සථපි රජාපෙස්සථපි විජටාපෙස්සථපි. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෝතමීයට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. කුසල් දහම්හි සමාදන් කරවූහ. උත්සාහවත් කරවූහ. මැනවින් පැහැද වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, තෙද ගන්වන ලද, මැනවින් පහදවන ලද මහාප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි බික්සඟන රැස් කරවා සවග මහණුන් පුළුවුත් සේක: “සැබෑද මහණෙනි, තෙපි භික්‍ෂුණීන් ලවා එළුලොම් දොවවවු ද, රඳවවු ද, නෙළවවු ද?” යී. “සැබැව භාග්‍යවතුන් වහන්ස.” “මහණෙනි තොපගේ නෑයෝ ද නොනෑයෝ ද?” යි. “භාග්‍යවතුන් වහන්ස, නො නෑයෝ” යි. “තුච්ඡ පුරුෂයෙනි, නොනෑයෝ නො නෑයන් පිළිබඳ සුදුසු බව හෝ නුසුදුසු බව හෝ පැහැදීම හෝ නො පැහැදීම හෝ නො දනිත්. “තුච්ඡපුරුෂයෙනි, එහි නම් තෙපි නොනෑ වූ භික්‍ෂුණීන් ලවා එළුලොම් දෙවවූහු ය. රැඳවූවහු ය. නෙළවූවහු ය’ යි. “හිස්පුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා එළකලොමානි ධොවාපෙය්ය වා රජාපෙය්ය වා විජටාපෙය්ය වා, නිස්සග්ගියං පාචිත්තියන්ති”.
Sinhala BJT“යම් මහණෙක් නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් හෝ රඳවා නම් හෝ නෙළවා නම් හෝ නිසඟි පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන යනු යම්බඳු වූ යමෙක් භික්ඛු’ යි ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුය යි අදහස් කරණ ලදී.
Pali BJTඅඤ්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධා.
Sinhala BJTඅඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන මුත්තා යුගළු දක්වා නො බැඳුනාහු.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුණී නම්, උභතෝ සඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා ය.
Pali BJT4. “ධොවා”ති ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. ධොතානි නිස්සග්ගියානි හොන්ති. රජාති ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. රත්තානි නිස්සග්ගියානි හොන්ති. “විජටෙහී”ති ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. විජටිතානි නිස්සග්ගියානි හොන්ති. නිස්සජිතබ්බානි සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බානි: “ඉමානි මෙ භන්තෙ එළකලොමානි අඤ්ඤාතිකාය භික්ඛුනියා ධොවාපිතානි නිස්සග්ගියානි, ඉමානාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති, -පෙ- ආයස්මතො දම්මීති.”
Sinhala BJT4. ‘දොවව’ යි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. දෝනාලද්දාහු නිසජිය යුත්තාහු වෙති. රඳන් කරවයි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. රඳන ලද්දාහු නිසජිය යුත්තාහු වෙත්. නෙළව යි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. නෙළන ලද්දාහු නිසජිය යුත්තාහු වෙත්. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුත්තාහ. තවද “මහණෙනි මෙසේ නිසජිය යුත්තාහුය.” “වහන්ස, නො නෑ මෙහෙණක ලවා දොවවන ලද මගේ මේ එළුලොම් නිසඟි විය. මම මේවා සඟනට නිසජමියි ... දෙන්නේයයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත් හට දෙමි” යි:
Pali BJT5. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි ධොවාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි ධොවාපෙති රජාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි ධොවාපෙති විජටාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි ධොවාපෙති රජාපෙති විජටාපෙති, නිස්සග්ගියෙන ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT5. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් නෙළවා නම් නිසඟියක් හා දුකුළාඇවැත් වෙයි. නො නෑ සන් ඇතියාව, නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් රඳන් කරවා නම් නෙළවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැතෙක් වේ.
Pali BJT6. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි රජාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි රජාපෙති විජටාපෙති, -පෙ- රජාපෙති ධොවාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. -පෙ- රජාපෙති විජටාපෙති ධොවාපෙති, නිස්සග්ගියෙන ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT6. නො නෑ මෙහෙණක ලවා නො නෑ ය යන සන් ඇති ව එළුලොම් රඳන් කරවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ මෙහෙණක ලවා නො නෑ සන් ඇති ව එළුලොම් රඳන් කරවා නම් නෙළවා නම් ... රඳන් කරවා නම් දොවවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි ... රඳන් කරවා නම් නෙළවා නම් දොවවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැත් වේ.
Pali BJT7. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි විජටාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි විජටාපෙති ධොවාපෙති, -පෙ- විජටාපෙති රජාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස . -පෙ- විජටාපෙති ධොවාපෙති රජාපෙති, නිස්සග්ගියෙන ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT7. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් නෙළවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් නෙළවා නම් දොවවා නම් ... නෙළවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි ... නෙළවා නම් දොවවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැතෙක් වේ.
Pali BJT8. අඤ්ඤාතිකාය වෙමතිකො -පෙ- අඤ්ඤාතිකාය ඤාතිකසඤ්ඤී -පෙ- අඤ්ඤස්ස එළකලොමානි ධොවාපෙති, ආපත්ති දුක්කටස්ස. එකතො උපසම්පන්නාය ධොවාපෙති, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය ඤාතිකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT8. විමති ඇත්තේ නො නෑ මෙහෙණක ලවා ... නෑය යන සන් ඇතියේ නො නෑ මෙහෙණක ලවා ... අනෙකක්හුගේ එළුලොම් දොවවා නම් දුකුළාඇවැත් වෙයි. භික්‍ෂුණීන් වෙත උපසපන් වූ මෙහෙණක ලවා දොවවා නම් දුකුළාඇවැත් වෙයි. නො නෑය යන සන් ඇතියේ නෑ මෙහෙණක ලවා (දොවවා නම්) දුකුළාඇවැත් වෙයි. විමති ඇත්තේ නෑ මෙහෙණක ලවා (දොවවා නම්) දුකුළාඇවැත් වෙයි. නෑය යන සන් ඇතියේ නෑ මෙහෙණක ලවා දොවවා නම් ඇවැත් නැති.
Pali BJT9. අනාපත්ති ඤාතිකාය ධාවන්තියා අඤ්ඤාතිකා දුතියා හොති, අවුත්තා ධොවති, අපරිභුත්තං කතභණ්ඩං ධොවාපෙති, සික්ඛමානාය සාමණෙරියා උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT9. නෑ මෙහෙණක දෝනා කල්හි නො නෑ මෙහෙණක් දෙවැන්න වේ නම්, නො කියන ලද්දී දොවා නම්, පරිභෝග නො කරණ ලද එළුලොමින් කළ භාණ්ඩයක් දොවවා නම්, සික්ඛමානාවක ලවා (දොවවා නම්), හෙරණක ලවා (දොවවා නම්), උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
Pali BJTඑළකලොමධොවාපනසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTඑළකලෝමධොවාපන ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 2. 8.
Sinhala BJT5. 2. 8.
Pali BJTරූපියසික්ඛාපදං
Sinhala BJTරූපිය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො රාජගහෙ අඤ්ඤතරස්ස කුලස්ස කුලූපකො හොති නිච්චභත්තිකො. යං තස්මිං කුලෙ උප්පජ්ජති ඛාදනීයං වා භොජනීයං වා තතො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස පටිවිංසො{1} ඨපීයති. තෙන ඛො පන සමයෙන සායං තස්මිං කුලෙ මංසං උප්පන්නං හොති. තතො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස පටිවිංසො ඨපිතො හොති. තස්ස කුලස්ස දාරකො රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය රොදති: “මංසං මෙ දෙථා”ති. අථ ඛො සො පුරිසො පජාපතිං එතදවොච: “අය්යස්ස පටිවිංසං දාරකස්ස දෙහි, අඤ්ඤං චෙතාපෙත්වා අය්යස්ස දස්සාමා”ති. තස්ස{2} තං අදාසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ රජගහනුවර එක්තරා කුලයක්හුගේ කුලුපගවූයේ නිච්චභත්තික වෙයි. ඒ කුලයෙහි කෑ යුතු හෝ බුදිය යුතු යමක් උපදී නම් ඉන් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ කොටස තබනු ලැබේ. එකල්හි ඒ කුලයෙහි සවස මසක් උපන්නේ වෙයි. එයින් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ කොටස තබන ලද්දේ වෙයි. එකුලෙහි දරුවෙක් රෑ අලුයම නැගිට “මට මස් දෙවයි” යි හඬයි. ඉක්බිති ඒ පුරුෂ තෙමේ බිරිඳට මෙසේ කීය. “ආර්‍ය්‍යයන් වහන්සේගේ කොටස දරුහට දෙව. අන් මසක් විකොට ගෙණ ආර්‍ය්‍යයන් වහන්සේට දෙන්නෙමු” යි. ඔහුට එය දුනි.
Pali BJT2. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තං කුලං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සො පුරිසො යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “හිය්යො ඛො භන්තෙ සායං මංසං උප්පන්නං අහොසි, තතො අය්යස්ස පටිවිංසො ඨපිතො. අයං භන්තෙ දාරකො රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය රොදති: “මංසං මෙ දෙථා”ති. අය්යස්ස පටිවිංසො දාරකස්ස දින්නො. කහාපණෙන, භන්තෙ කිං ආහරිය්යතූ”ති. “පරිච්චත්තො මෙ ආවුසො කහාපණොති?” “ආම භන්තෙ පරිච්චත්තො”ති. “තඤ්ඤෙව මෙ ආවුසො කහාපණං දෙහී”ති.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ පෙරවරු හැඳ පොරවා පාසිවුරු ගෙණ ඒ කුලය වෙත එළඹ පැණවූ අසුන්හි හුන්නේය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ උපනන්‍ද ශාක්‍යපුත්‍රයනට මෙය කීය. “වහන්ස, ඊයේ සවස මසක් උපන්නේ විය. එයින් ආර්‍ය්‍යයන් වහන්සේගේ කොටස තබන ලදී. “වහන්ස, මේ දරුවා රෑ අලුයම් වේලෙහි නැගිට මට මස් දෙවයි” හඬයි. ආර්‍ය්‍යයන්ගේ කොටස දරුවාට දෙන ලදී. “කහවණුවකින් කුමක් ගෙණා යුතුදැ”යි කීය. “ඇවැත මට කහවණු පරිත්‍යාග කරණ ලදදැ”යි. “එසේය වහන්ස, පරිත්‍යාග කරණ ලදැ”යි. “ඇවැත මට ඒ කහවණුව ම දෙව”යි.
Pali BJT3. අථ ඛො සො පුරිසො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස කහාපණං දත්වා උජ්ඣායති ඛීයති විපාචෙති: “තථෙව මයං රූපියං පටිග්ගණ්හාම, එවමෙව ඉමෙ සමණා සක්යපුත්තියා රූපියං පටිග්ගණ්හන්තී’ති. අස්සොසුං ඛො භික්ඛූ තස්ස පුරිසස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො රූපියං පටිග්ගහෙස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං: “සච්චං කිර ත්වං උපනන්ද රූපියං පටිග්ගහෙසී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා. “කථං හි නාම ත්වං මොඝපුරිස රූපියං පටිග්ගහෙස්සසි, නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයනට කහවණුව දී අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි. “යම් සේ අපි රන් රිදී මසු කහවණු පිළිගණුමෝ ද, එමෙන් ම මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ද රන් රිදී මසු කහවණු පිළිගණිති” යි. භික්‍ෂූහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ පුරුෂයාගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු අවමන් කරති, අයුණු කියති, නුගුණ පතුරුවත් . “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ රන් රිදී මසු කහවණු පිළිගත්තහු දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑ ද, උපනන්‍දය, තෝ රන් රිදී මසු කහවණු පිළිගන්නෙහි දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡ පුරුෂය, තෝ රන් රිදී මසු කහවණු පිළිගත්තෙහි ද, තුච්ඡ පුරුෂය, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.”
Pali BJT“යො පන භික්ඛු ජාතරූපරජතං උග්ගණ්හෙය්ය වා උග්ගණ්හාපෙය්ය වා උපනික්ඛිත්තං වා සාදියෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති.”
Sinhala BJT“යම් මහණෙක් රන් රිදී මසු කහවණු තෙමේ ගණී නම් හෝ අනුන් ලවා ගන්වා නම් හෝ ලඟ තබන ලද්දක් ඉවසා නම් හෝ නිසඟිපචිති වේ” යයි.
Pali BJT4. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT4. යො පන යනු: යමෙක් යම් බඳුවූයෙක්, ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුයයි අදහස් කරණ ලදී.
Pali BJTජාතරූප නාම: සත්ථුවණ්ණො වුච්චති.
Sinhala BJTජාතරූප නම්: රත්රන් කියනු ලැබේ.
Pali BJTරජතං නාම: කහාපණො ලොහමාසකො- දාරුමාසකො- ජතුමාසකො යෙ වොහාරං ගච්ඡන්ති.
Sinhala BJTරජත නම්: කහවණුය, ලොහොමසුය, දැවමසුය, ලහමසුයි යමෙක් ව්‍යවහාරයට යේ නම් ඒ යැ.
Pali BJTඋග්ගණ්හෙය්යාති සයං ගණ්හාති, නිස්සග්ගියං පාචිත්තියං
Sinhala BJTඋග්ගණ්හෙය්‍ය යනු: තෙමේ ගණී නම් නිසඟිපචිති වේ.
Pali BJTඋග්ගණ්හාපෙය්යාති අඤ්ඤං ගාහාපෙති නිස්සග්ගියං{1} පාචිත්තියං
Sinhala BJTඋග්ගණ්හාපෙය්‍ය යනු: අනෙකක්හු ලවා ගන්වා නම් නිසඟිපචිති වේ.
Pali BJTඋපනික්ඛිත්තං වා සාදියෙය්යාති “ඉදං අය්යස්ස හොතූ’ති උපනික්ඛිත්තං සාදියති, නිස්සග්ගියං හොති. සඞ්ඝමජ්ඣෙ නිස්සජිතබ්බං. එවඤ්ච පන, භික්ඛවෙ නිස්සජිතබ්බං: තෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ රූපියං පටිග්ගහෙසිං. ඉදං මෙ නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති. නිස්සජිත්වා ආපත්ති දෙසෙතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා. සචෙ තත්ථ ආගච්ඡති ආරාමිකො වා උපාසකො වා. සො වත්තබ්බො: “ආවුසො ඉමං ජානාහී”ති. සචෙ සො භණති “ඉමිනා කිං ආහරිය්යතූ”ති, න වත්තබ්බො “ඉමං වා ඉමං වා ආහරා”ති. කප්පියං ආචික්ඛිතබ්බං: සප්පි වා තෙලං වා මධු වා ඵාණිතං වා. සචෙ සො තෙන පරිවත්තෙත්වා කප්පියං ආහරති, රූපියප්පටිග්ගාහකං ඨපෙත්වා සබ්බෙහෙව පරිභුඤ්ජිතබ්බං. එවඤ්චෙතං ලභෙථ, ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, සො වත්තබ්බො: “ආවුසො ඉමං ඡඩ්ඩෙහී”ති. සචෙ සො ඡඩ්ඩෙති, ඉච්චෙතං කුසලං. නො චෙ ඡඩ්ඩෙති, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු රූපියඡඩ්ඩකො සම්මන්නිතබ්බො: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ඡඩ්ඩීතාඡඩ්ඩිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො, යාචිත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTඋපනික්ඛිත්තං වා සාදියෙය්‍ය යනු: “මෙය ආර්‍ය්‍යයන් වහන්සේට වේවා” යි ලඟ තබන ලද්දක් ඉවසා නම් නිසඟි වේ. සඟමැද නිසජිය යුතුයි. තවද “මහණෙනි, මෙසේ නිසජිය යුතුයි. ඒ මහණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරෙව මහලු භික්‍ෂූන් පා වැඳ අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුත්තේය. “වහන්ස, මම රන් රිදී මසු කහවණු පිළිගත්තෙමි. මාගේ මෙය නිසඟි විය. මම මෙය සඟනට නිසජමි” යි, නිසජා ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතුයි. ඉදින් එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණේ නම් හේ මෙසේ කිය යුත්තේ ය. ඇවැත මෙය දනැයි. ඉදින් හේ “මෙයින් කුමක් ගෙණ ආයුතුදැ”යි බෙණේ නම් මෙය හෝ මෙය හෝ ගෙණෙවයි නො කිය යුත්තේය. ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ පැණි හෝ කැපවතක් පැවසිය යුතුයි. ඉදින් හේ එයින් පෙරළි කොට කැපවතක් එළවා නම් රූපිය ප්‍රතිග්‍රාහකයා තබා සියල්ලන් විසින් පරිභෝග කටයුතුයි. ඉදින් මෙසේ ලැබේ නම් එය මැනවි. ඉදින් නො ලැබේ නම් හේ මෙසේ කියයුත්තේ ය. ඇවැත මෙය ඉවත ලවයි. ඉදින් හේ ඉවත ලා නම් තෙල ඉවතලීම මැනවි. ඉදින් ඉවත නොලා නම් පසඟකින් සමන්‍විත වූ මහණ තෙමේ ‘රූපිය ඡඩ්ඩකය’ යි සම්මත කටයුත්තේ ය: යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යේ නම්, ද්වේෂයෙන් අගතියට නො යේ නම්, මෝහයෙන් අගතියට නො යේ නම්, බියෙන් අගතියට නො යේ නම්, ඉවත ලූ නො ලූ දැය දනී නම්, හෙතෙමේ යි. තවද මහණෙනි, මෙසේ සම්මත කටයුත්තේ ය: පළමුකොට මහණ තෙමේ යැදිය යුත්තේ ය. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ ය.”
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං රූපියඡඩ්ඩකං සම්මන්නෙය්ය, එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්‍ඝ තෙමේ මා කියන්නක් අසාවා. ඉදින් සඟනට පැමිණි කල් වේ නම් සඞ්‍ඝ තෙමේ මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කරන්නේය. මේ ඤත්තිය” යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං රූපියඡඩ්ඩකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො රූපියඡඩ්ඩකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT“වහන්ස, සඞ්‍ඝ තෙමේ මා කියන්නක් අසාවා. සඞ්‍ඝ තෙමේ මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කෙරෙයි. මෙනම් මහණහුගේ රූපියඡඩ්ඩක සම්මතිය යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.
Pali BJTසම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු රූපියඡඩ්ඩකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්‍ඝයා විසින් මෙනම් මහණ තෙමේ ‘රූපියඡඩ්ඩක’ යයි සම්මත කරණ ලද්දේ ය. එය සඞ්‍ඝයාට රිසි වෙයි. එහෙයින් තුෂ්ණිම්භාවය යි. මෙය මෙසේ දරමි” යි.
Pali BJT5. තෙන සම්මතෙන භික්ඛුනා අනිමිත්තං කත්වා පාතෙතබ්බං. සචෙ නිමිත්තං කත්වා පාතෙති, ආපත්ති දුක්කටස්ස. රූපියෙ රූපියසඤ්ඤී රූපියං පටිග්ගණ්හාති, නිස්සග්ගියං පාචිත්තියං. රූපියෙ වෙමතිකො රූපියං පටිග්ගණ්හාති, නිස්සග්ගියං පාචිත්තියං. රූපියෙ අරූපියසඤ්ඤී රූපියං පටිග්ගණ්හාති, නිස්සග්ගියං පාචිත්තියං. අරූපියෙ රූපියසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අරූපියෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අරූපියෙ අරූපියසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT5. සම්මතය ලත් ඒ මහණහු විසින් සලකුණු නො කොට ඉවත ලිය යුතුයි. ඉදින් සලකුණු කොට ඉවත ලා නම් දුකුළාඇවැත් වේ. රූපියෙහි රූපිය යන සන් ඇතියේ රූපියවතක් පිළිගණී නම් නිසඟි පචිති වෙයි. රූපියෙහි විමති ඇත්තේ රූපියවතක් පිළිගණී නම් නිසඟි පචිති වෙයි. රූපියෙහි අරූපිය ය යන සන් ඇත්තේ රූපියවතක් පිළිගණී නම් නිසඟිපචිති වේ. අරූප්‍යයෙහි රූප්‍යසංඥී වූයේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි අරූප්‍ය ය යන සන් ඇත්තේ ඇවැත් නැති.
Pali BJT6. අනාපත්ති අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපති, “යස්ස භවිස්සති සො හරිස්සතී”ති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. ඇතුළුඅරමැ හෝ ඇතුළුඅවසැ හෝ ‘යමක්හුගේ වේ නම් හේ ගෙණ යන්නේ’ යයි ගෙණ හෝ ගන්වා හෝ බහා තබා නම්,උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති.
Pali BJTරූපියසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTරූපිය ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 2. 9.
Sinhala BJT5. 2. 9.
Pali BJTරූපියසංවොහාරසික්ඛාපදං
Sinhala BJTරූපියසංවෝහාර ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජිස්සන්ති, සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජිස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ ඡබ්බග්ගියෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජථා’ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි සවග මහණහු නන්වැදෑරුම් රූපියසංවෝහාරයට (රන් රිදී මසු කහවණු ගණුදෙනුවට) පැමිණෙත්. මිනිස්සු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුණ පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් නන්වැදෑරුම් වූ රූපියසංවෝහාරයට පැමිණෙද්දැ”යි. භික්‍ෂුහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ මිනිසුන් බස් ඇසූහ: යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුන් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණෙද්දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... “සැබෑ ද මහණෙනි, තෙපි නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියවු දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස,” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියවු ද, “තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... “මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු.”
Pali BJT“යො පන භික්ඛු නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති.”
Sinhala BJT“යම් මහණෙක් නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණේ නම් හෝ නිසඟිපචිති වේ” යයි.
Pali BJT2. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT2. යෝපන යනු: යමෙක් යම් බඳුයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුයයි අදහස් කරණ ලදී.
Pali BJTනානප්පකාරකං නාම: කතම්පි අකතම්පි කතාකතම්පි. කතං නාම සීසූපගං ගීවූපගං හත්ථූපගං පාදූපගං කටූපගං. අකතං නාම: ඝනකතං වුච්චති. කතාකතං නාම: තදුභයං.
Sinhala BJTනානප්පකාරක නම්: කෘතය ද අකෘතය ද කෘතාකෘතය ද වෙයි. කත නම්: ශීර්‍ෂාභරණ යැ ගීවාභරණ යැ හස්තාභරණ යැ පාදාභරණ යැ කට්‍යාභරණ යි. අකත නම්: පිඬු කළ අමුරන් කියනු ලැබේ. කතාකත නම්: ඒ දෙක යි.
Pali BJTරූපියං නාම: සත්ථුවණ්ණො කහාපණො, ලොහමාසකො දාරුමාසකො ජතූමාසකො යෙ වොහාරං ගච්ඡන්ති.
Sinhala BJTරූපිය නම්: රත්රන් ය, කහවණුය, ලොහොමසුය, දැවමසුය, ලහමසුය, යමක් ගණුදෙනුවට පැමිණේ නම් ඒ යැ.
Pali BJTසමාපජ්ජෙය්යාති කතෙන කතං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං{1} කතෙන අකතං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. කතෙන කතාකතං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අකතෙන කතං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අකතෙන අකතං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අකතෙන කතාකතං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. කතාකතෙන කතං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. කතාකතෙන අකතං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. කතාකතෙන කතාකතං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. සඞ්ඝමජ්ඣෙ නිස්සජිතබ්බං. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: තෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො:
Sinhala BJTසමාපජ්ජෙය්‍ය යනු: කෘතයෙන් කෘතය විකොට ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතයෙන් අකෘතය ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතයෙන් කෘතාකෘතය විකොට ගණී නම් නිසඟිපචිති වෙයි. අකෘතයෙන් කෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. අකෘතයෙන් අකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වේ. අකෘතයෙන් කෘතාකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් කෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් අකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් කෘතාකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වේ. (නිසඟි වූ වත) සඟමැද නිසැජියයුතු. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය. ඒ මහණහු විසින් සඟ වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරෙව මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය.
Pali BJT“අහං භන්තෙ නානප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජිං, ඉදං මෙ නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති. නිස්සජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා. සචෙ තත්ථ ආගච්ඡති ආරාමිකො වා උපාසකො වා, සො වත්තබ්බො: “ආවුසො ඉමං ජානාහී”ති. සචෙ සො භණති: “ඉමිනා කිං ආහරිය්යතූ”ති. න වත්තබ්බො “ඉමං වා ඉමං වා ආහරා”ති. කප්පියං ආචික්ඛිතබ්බං: සප්පි වා තෙලං වා මධු වා ඵාණිතං වා. සචෙ සො තෙන පරිවත්තෙත්වා කප්පියං ආහරති. රූපියචෙතාපකං ඨපෙත්වා සබ්බෙහෙව පරිභුඤ්ජිතබ්බං. එවඤ්චෙතං ලභෙථ ඉච්චෙතං කුසලං. නො චෙ ලභෙථ, සො වත්තබ්බො: “ආවුසො ඉමං ඡඩ්ඩෙති. සචෙ සො ඡඩ්ඩෙති, ඉච්චෙතං කුසලං. නො චෙ ඡඩ්ඩෙති, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු රූපියඡඩ්ඩකො සම්මන්නිතබ්බො: යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය න දොසාගතිං ගච්ඡෙය්ය න මොහාගතිං ගච්ඡෙය්ය න භයාගතිං ගච්ඡෙය්ය ඡඩ්ඩිතාඡඩ්ඩිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT“වහන්ස, මම නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියෙමි. මගේ මේ රූපියය (රන් රිදී මසු කහවණු) නිසඟි විය: මම මෙය සඟනට නිසජමි” යි. නිසදා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතුය. ඉදින් එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණේ නම් “ඇවැත මෙය දනැ” යි හේ කියයුත්තේ ය. ඉදින් හෙතෙමේ ‘මින් කුමක් ගෙණ ආ යුතු දැ’යි කියා නම් ‘මෙනම් මෙනම් දැය ගෙණෙව’යි නො කියයුත්තේ ය. ගිතෙල් හෝ තලතෙල් හෝ මී පැණි හෝ කැපවූවක් කියයුතුය. ඉදින් හෙතෙම ඒ රූපියයෙන් පෙරළි කොට කැප දෙයක් ගෙණේ නම් රූපියය ගණුදෙනු කළහු තබා සියල්ලන් විසින් ම වැළඳිය යුතුය. මෙසේ මෙය ලැබේ නම්, ඒ ලැබීම මැනව. ඉදින් නො ලැබේ නම්, හෙතෙමේ “ඇවත මෙය බැහැර ලව” යි හේ කිය යුත්තේ ය. ඉදින් හෙතෙමේ එය බැහැර ලා නම් තෙල බැහැර ලීම මැනවි. ඉදින් බැහැර නො ලා නම් පසඟින් සමන්‍විත රූපියඡඩ්ඩක මහණ සම්මත කළ යුත්තේ ය. “යමෙක් ඡන්‍දාගතියට නොයේ නම්, දෝසාගතියට නො යේ නම්, මෝහාගතියට නො යේ නම්, භයාගතියට නො යේ නම් බැහැර ලූ නො ලූ දැය දනී නම් එබන්දෙකි.” තවද මහණෙනි, මෙසේ සම්මත කළයුත්තේ ය. පළමුව මහණ තෙම යැදිය යුත්තේ ය. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ ය:”
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං රූපියඡඩ්ඩකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්‍ඝ තෙම මා කියන්නක් අසාවා. ඉදින් සඞ්‍ඝයාට පැමිණි කල් ඇත් නම් සඞ්‍ඝ තෙම මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කරන්නේය. මේ ‘ඤත්ති’යයි.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං රූපියඡඩ්ඩකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො රූපියඡඩ්ඩකස්ස සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්‍ඝ තෙම මා කියන්නක් අසාවා. සඞ්‍ඝ තෙම මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහට රූපියඡඩ්ඩකසම්මතිය රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.
Pali BJT“සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු රූපියඡඩ්ඩකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්‍ඝයා විසින් මෙනම් මහණ රූපියඡඩ්ඩක කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්‍ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. තෙල මෙසේ ධරමි” යි.
Pali BJT3. තෙන සම්මතෙන භික්ඛුනා අනිමිත්තං කත්වා පාතෙතබ්බං. සචෙ නිමිත්තං කත්වා පාතෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. සම්මතය ලත් මහණහු විසින් නිමිති රහිත කොට ඉවත ලියයුතු ය. ඉදින් නිමිති කොට ඉවත ලා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT4. රූපියෙ රූපියසඤ්ඤී රූපියං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. රූපියෙ වෙමතිකො රූපියං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. රූපියෙ අරූපියසඤ්ඤී රූපියං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අරූපියෙ රූපියසඤ්ඤී රූපියං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අරූපියෙ වෙමතිකො රූපියං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අරූපියෙ අරූපියසඤ්ඤී රූපියං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අරූපියෙ රූපියසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අරූපියෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අරූපියෙ අරූපියසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT4. රූප්‍යයෙහි රූප්‍ය ය යන සංඥා ඇත්තේ (කෘතාකෘත) රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. රූප්‍යයෙහි විමති ඇතියේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. රූප්‍යයෙහි අරූප්‍ය ය යන සංඥා ඇතියේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වේ. අරූප්‍යයෙහි රූප්‍ය ය යන සංඥා ඇත්තේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. අරූප්‍යයෙහි විමති ඇතියේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. අරූප්‍යයෙහි අරූප්‍ය ය යන සංඥා ඇත්තේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. අරූප්‍යයෙහි රූප්‍ය ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි වෙමතික වූයේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි අරූප්‍යය යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
Pali BJT5. අනාපත්ති උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT5. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTරූපියසංවොහාරසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTරූපියසංවෝහාර ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 2. 10.
Sinhala BJT5. 2. 10.
Pali BJTකයවික්කයසික්ඛාපදං
Sinhala BJTකයවික්කය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො පට්ටො හොති චීවරකම්මං කාතුං. සො පටපිලොතිකානං සඞ්ඝාටිං කරිත්වා සුරත්තං සුපරිකම්මකතං කත්වා පාරුපි. අථ ඛො අඤ්ඤතරො පරිබ්බාජකො මහග්ඝං පටං පාරුපිත්වා යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “සුන්දරා ඛො ත්යායං ආවුසො සඞ්ඝාටි, දෙහි මෙ පටෙනා”ති. “ජානාහි ආවුසො”ති? “ආමාවුසො ජානාමී”ති. “හන්දාවුසො”ති, අදාසි. අථ ඛො සො පරිබ්බාජකො තං සඞ්ඝාටිං පාරුපිත්වා පරිබ්බාජකාරාමං අගමාසි. පරිබ්බාජකා තං පරිබ්බාජකං එතදවොචුං: “සුන්දරා ඛො ත්යායං ආවුසො සඞ්ඝාටි, කුතො තයා ලද්ධා”ති “තෙන මෙ ආවුසො පටෙන පරිවත්තිතා”ති. “කතීහිපි ත්යායං ආවුසො සඞ්ඝාටි භවිස්සති, සො යෙව තෙ පටො වරො”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන්වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍ර තෙමේ සිවුරුකම් කරන්නට සමත් වූයේ වෙයි. හේ මහලු පටකඩින් සඟළක් කොට මොනොවට රඳන ලද්දක් මොනොවට රඳා පිරියම් කරණ ලද්දක් කොට පෙරෙවි ය. ඉක්බිති එක්තරා පිරිවැජියෙක් මහඟු පිළියක් පෙරෙව ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත එළඹ උපනන්‍දශාක්‍යපුත්‍රයනට මෙය කීය. “ඇවත, තොපගේ මේ සඟළ සොඳුරුය. මගේ පිළියෙන් පෙරළි කොට දෙව” යි. “ඇවත විමසා ගණැ”යි. එසේය “ඇවත දනිමි” යි “එසේ නම් ගණැ”යි දුන්නේය. එකල්හි ඒ පිරිවැජි තෙමේ ඒ සඟළ පෙරව පිරිවැජිඅරමට ගියේය. පිරිවැජියෝ ඒ පිරිවැජියාහට මෙය කීහ. “ඇවැත, තාගේ මේ සඟළ සොඳුරූය. කොයින් ලබන ලදදැ”යි. “ඇවැත්නි, මා විසින් ඒ පිළියෙන් පෙරළි කොට ගන්නා ලදැ”යි. “තාගේ මේ සඟළ කී දවසක් පවත්නේ ද? තාගේ ඒ වස්ත්‍රය ම උතුමැ’ යි.
Pali BJT2. අථ ඛො සො පරිබ්බාජකො “සච්චං ඛො පරිබ්බාජකා ආහංසු. කතීහිපි ම්යායං සඞ්ඝාටි භවිස්සති, සො යෙව මෙ පටො වරො”ති යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “හන්ද තෙ ආවුසො සඞ්ඝාටි, දෙහි මෙ පට”න්ති. “නනු ත්වං ආවුසො මයා වුත්තො ජානාහි ආවුසොති, නාහ දස්සාමී”ති.
Sinhala BJT2. ඉක්බිති ඒ පිරිවැජි තෙමේ පිරිවැජියෝ සැබවක් කීහ. “මගේ මේ සඟළ කී දවසක් පවත්නේ ද, මගේ ඒ වස්ත්‍රය ම උතුමැ”යි. ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත එළඹ මෙය කීය. “ඇවැත්නි, තාගේ සඟළ ගණුව මගේ වස්ත්‍රය දෙව” යි. “ඇවැත්නි, තෝ මා විසින් විමසා ගණැ”යි කියන ලද්දේ නො වෙහි ද?” “මම නො දෙමි”යි.
Pali BJT3. අථ ඛො සො පරිබ්බාජකො උජ්ඣායති ඛීයති විපාචෙති: ගිහීපි නං ගිහිස්ස විප්පටිසාරිස්ස දෙති{1}, කිං පන පබ්බජිතො පබ්බජිතස්ස න දස්සතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තස්ස පරිබ්බාජකස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පරිබ්බාජකෙන සද්ධිං කයවික්කයං සමාපජ්ජිස්සතී”ති. “අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං උපනන්ද පරිබ්බාජකෙන සද්ධිං කයවික්කයං සමාපජ්ජසී”ති?{2} “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස පරිබ්බාජකෙන සද්ධිං කයවික්කයං සමාපජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. ඉක්බිති ඒ පිරිවැජි තෙමේ අවඥා කෙරෙයි නුගුණ කියයි දොස් පහළ කෙරෙයි: ගිහියා පවා පසුතැවිලි වන ගිහියාට එය දෙයි. “කුමක්හෙයින් පැවිද්දෙක් පැවිද්දාට නොදෙන්නේද” යි භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ පිරිවැජියාගේ තෙපුල් ඇසූහ. යම් අපිස්වූ මහණ කෙනෙක් වෙද්ද ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ පිරිවැජියකු සමග කයවික්කයට ගණුදෙනුවට පැමිණියාහු දැ?යි”. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද, උපනන්‍දය, තෝ පිරිවැජියකු සමග ගණුදෙනුවට පැමිණියෙහි දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ පිරිවැජියකු සමග ගණුදෙනුවට පැමිණියෙහි ද? තුච්ඡපුරුෂය, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි”. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු නානප්පකාරකං කයවික්කයං සමාපජ්ජෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති”.
Sinhala BJT“යම් මහණෙක් නන්වැදෑරුම් ගණුදෙනුවටට පැමිණේ නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJT4. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT4. යෝපන යනු: යමෙක් යම්බඳු වූයෙක් ..
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’යි අදහස් කරණ ලදී.
Pali BJTනානප්පකාරකං නාම: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චය භෙසජ්ජපරික්ඛාරා, අන්තමසො චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි.
Sinhala BJTනානප්පකාරක නම්: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරය. යටත් පිරිසෙයින් සුණුපිඬකුදු දැහැටි දඬුකුදු දාවලු හුයකුදු.
Pali BJTකයවික්කයං සමාපජ්ජෙය්යාති ‘ඉමිනා ඉමං දෙහි, ඉමිනා ඉමං ආහර, ඉමිනා ඉමං පරිවත්තෙහි, ඉමිනා ඉමං චෙතාපෙහී’ති. අජ්ඣාචරති, ආපත්ති දුක්කටස්ස. යතො කයිතඤ්ච හොති වික්කයිතඤ්ච, අත්තනො භණ්ඩං පරහත්ථගතං පරභණ්ඩං, අත්තනො හත්ථගතං, නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “අහං භන්තෙ නානප්පකාරකං කයවික්කයං සමාපජ්ජිං. ඉදං මෙ නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මීති”
Sinhala BJTකායවීක්කයං සමාපජ්ජෙය්‍ය යනු: මෙයින් මෙය දෙව. මෙයින් මෙය ගෙණෙව. මෙයින් මෙය පෙරළි කරව. මෙයින් මෙය විකොට ගෙණෙව’යි සිකපද මඩී නම්, දුකුළාඇවැත් වේ. යම් කලෙක දෙනු ලදත් ගන්නා ලදත් වේ ද තමන් අයත් බඩු පර අත් ගියේ ද මෙරමා අයත් බඩු තමා අතට ගියේ ද, එකල්හි නිසඟි වේ. සඞ්‍ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැජිය යුතුය. තවද මහණෙනි, මෙසේ නිසැජිය යුතු: “වහන්ස, මම නන්වැදෑරුම් කයවික්කයට පැමිණියෙමි. මාගේ මෙය නිසඟි විය: මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහ’ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
Pali BJT5. කයවික්කයෙ කයවික්කයසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. කයවික්කයෙ වෙමතිකො, නිස්සග්ගියං පාචිත්තියං. කයවික්කයෙ න කයවික්කයසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. න කයවික්කයෙ කයවික්කයසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. න කයවික්කයෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. න කයවික්කයෙ න කයවික්කයසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT5. විනිමයෙහි විනිමය සන් ඇතියේ නිසඟිපචිති වෙයි. විනිමයෙහි විමති ඇත්තේ නිසඟිපචිති වෙයි. විනිමයෙහි විනිමය සන් නැතියේ නිසඟිපචිති වේ. විනිමය නො වූයෙහි විනිමය ය යන සන් ඇත්තේ දුකුළාඇවැත් වෙයි. විනිමය නො වූයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. විනිමය නො වූයෙහි විනිමය නො වූයේය යන සන් ඇතියේ ඇවැත් නැති.
Pali BJT6. අනාපත්ති අග්ඝං පුච්ඡති, කප්පියකාරකස්ස ආචික්ඛති, “ඉදං අම්හාකං අත්ථි අම්හාකඤ්ච ඉමිනා ච ඉමිනා ච අත්ථොති භණති. උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. අගය විචාර නම්, කැපකරුහට කියා නම්, මෙනම් දෙයක් අපට ඇත, අපට මේ මේ දෙයින් ප්‍රයෝජනයයි කියා නම්, උමතු වූවහුට, ආදිකම්මිකයාට ඇවැත් නැති.
Pali BJTකයවික්කයසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTකායවික්කය ශික්‍ෂාපදය නිමි.
Pali BJTකොසියවග්ගො දුතියො.
Sinhala BJTදෙවන කෝසිය වගයි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකොසියා සුද්ධද්වෙභාගා ඡබ්බස්සානි නිසීදනං, ද්වෙ ච ලොමානි උග්ගණ්හෙ, උභො නානප්පකාරකාති.
Sinhala BJTකෝසිය සිකපදය, සුද්ධකාලක සිකපදය, ද්වේභාග සිකපදය, ඡබ්බස්ස සිකපදය, නිසීදන සිකපදය, සන්‍ථත සිකපදය, එළකලෝම ධෝවන සිකපද දෙකය, රූපිය, රූපියසංවෝහාර සිකපද දෙකය, කයවික්කය සිකපදයයි දසයකි.
Pali BJTපත්තවග්ගො
Sinhala BJTපත්ත වර්‍ගය
Pali BJT5. 3. 1.
Sinhala BJT5. 3. 1.