Pali BJTචෙතාපෙත්වාති පරිවත්තෙත්වා
Sinhala BJTචෙතාපෙත්‍වා යනු: පිරිවටා.
Pali BJTඅච්ඡාදෙථාති දජ්ජෙථ. උභොව සන්තා එකෙනාති ද්වෙපි ජනා එකෙන.
Sinhala BJTඅච්ඡාදෙථ යනු: දෙවු. උභොච සත්තා ඒකෙන යනු: දෙදෙන මැ එකෙකින්.
Pali BJTකල්යාණකම්යතං උපාදායාති සාධත්ථිකො{1} මහග්ඝත්ථිකො.
Sinhala BJTකල්‍යාණකම්‍යතං උපාදාය යනු: සොඳුරු බව කැමැත්තේ, මහඇගි බව කැමැත්තේ.
Pali BJT6. තස්ස වචනෙන ආයතං වා විත්ථතං වා අප්පිතං වා සණ්හං වා චෙතාපෙන්ති. පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං: “ඉදං මෙ භන්තෙ චීවරං පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපන්නං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති” දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති. -පෙ-
Sinhala BJT6. ඔහුගේ බසින් දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ (සිවුරක්) විකොට ගණිත් නම් පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේ නිසැජියයුතු: “වහන්ස, මේ මාගේ සිවුර පෙර නොපවරණ ලදුයෙම් නොනෑ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි විකල්පයට පැමිණියේ නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ ය යි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි” යි ...
Pali BJT7. අඤ්ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී පුබ්බෙ අප්පවාරිතො ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතකෙ වෙමතිකො -පෙ- අඤ්ඤාතකෙ ඤාතකසඤ්ඤී පුබ්බෙ අප්පවාරිතො ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජති, නිස්සග්ගියං පාචිත්තියං. ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ ඤාතකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT7. නොනෑ වූවහු කෙරෙහි නොනෑ ය යන සංඥා ඇති ව පෙර නො පවරණ ලද්දේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි විකල්පයට පැමිණේ නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇතියේ ... නො නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇති ව පෙර නො පවරණ ලදුයේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි විකල්පයට පැමිණේ නම් නිසැඟි පචිති වෙයි. නෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇතියේ, ඇවැත් නැති.
Pali BJT8. අනාපත්ති ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, මහග්ඝං චෙතාපෙතුකාමානං අප්පග්ඝං චෙතාපෙති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT8. නෑයනට, පැවැරුවනට, අනෙකක්හු සඳහා තමාගේ ධනයෙන්, මහඇගියක් විකොට ගණු කැමැතියන් ලවා මඳ අගනා සිවුරක් මිල දී ගන්වා නම්, උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති යි.
Pali BJTදුතියඋපක්ඛටසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTද්විතීය උපක්ඛට ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 1. 10.
Sinhala BJT5. 1. 10.
Pali BJTරාජසික්ඛාපදං
Sinhala BJTරාජශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපන්දස්ස සක්යපුත්තස්ස උපට්ඨාකො මහාමත්තො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස දූතෙන චීවරචෙතාපන්නං පාහෙසි: “ඉමිනා චීවරචෙතාපන්නෙන චීවරං චෙතාපෙත්වා අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙහී’ති. අථ ඛො සො දූතො යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “ඉදං ඛො භන්තෙ ආයස්මන්තං උද්දිස්ස චීවරචෙතාපන්නං ආභතං. පතිගණ්හාතු ආයස්මා චීවරචෙතාපන්නන්ති.” එවං වුත්තෙ ආයස්මා උපනන්දො සක්යපුත්තො තං දූතං එතදවොච: “න ඛො මයං ආවුසො චීවරචෙතාපන්නං පතිගණ්හාම, චීවරඤ්ච ඛො මයං පතිගණ්හාම කාලෙන කප්පිය”න්ති. එවං වුත්තෙ සො දූතො ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “අත්ථි පනායස්මතො කොචි වෙය්යාවච්චකරො”ති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො ආරාමං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො තං දූතං එතදවොච: “එසො ඛො ආවුසො උපාසකො භික්ඛූනං වෙය්යාවච්චකරො”ති. අථ ඛො සො දූතො තං උපාසකං සඤ්ඤාපෙත්වා යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “යං ඛො භන්තෙ ආයස්මා වෙය්යාවච්චකරං නිද්දිසි, සඤ්ඤත්තො සො මයා, උපසඞ්කමතු ආයස්මා කාලෙන, චීවරෙන තං අච්ඡාදෙස්සතී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙති. තවද එසමයෙහි ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන්ගේ උපස්ථායක වූ මහඇමැතියෙක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට දූතයකු ලවා සිවුරුමිලයක් යැවී ය. “මේ සිවුරුමිලයෙන් සිවුරක් විකොටගෙණ සිවුරෙන් උපනන්‍දහිමියන් පුදව’ යි. එකල්හි ඒ දූත තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන්ට “වහන්ස, ආයුෂ්මතුන් උදෙසා මේ සිවුරුමිල ගෙණ එන ලද. ආයුෂ්මත්හු සිවුරුමිල පිළිගණිත්වා” යි කීය. මෙසේ කී කල්හි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයෝ ඒ දූතයාට “ඇවැත්නි, ඇපි සිවුරුමිල නො පිළිගණුම්හ. සුදුසු කල්හි කැප සිවුර වූ කලි ඇපි පිළිගණුම්හයි” කීහ. මෙසේ කී කල්හි ඒ දූත තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගෙන් “ආයුෂ්මත්හට කිසි මෙහෙකරුවෙක් ඇද්දැයි” ඇසී ය. එකල්හි එක්තරා උපාසකයෙක් කිසි යම් කටයුත්තෙකින් ආරාමයට ගියේ ය. එකල්හි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ දූතයාට “ඇවැත, තෙල උපාසක තෙම භික්‍ෂූන්ගේ මෙහෙකරු යයි කීහ. ඉක්බිති ඒ දූත තෙම ඒ උපාසකයාට දන්වා ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට “වහන්ස, ආයුෂ්මත්හු යම් මෙහෙකරුවකු දැක්වූහු නම් මා විසින් හේ දන්වන ලද්දේ ය. ආයුෂ්මත්හු සුදුසුකල ඔහු කරා එළඹෙත්වා. සිවුරෙන් පුදන්නේ ය” යි කීය.
Pali BJT2. තෙන ඛො පන සමයෙන සො මහාමත්තො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස සන්තිකෙ දූතං පාහෙසි: “පරිභුඤ්ජතු අය්යො තං චීවරං. ඉච්ඡාම මයං අය්යෙන තං චීවරං පරිභුත්ත”න්ති. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො තං උපාසකං න කිඤ්චි අවචාසි. දුතියම්පි ඛො සො මහාමත්තො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස සන්තිකෙ දූතං පාහෙසි: “පරිභුඤ්ජතු අය්යො තං චීවරං, ඉච්ඡාම මයං අය්යෙන තං චීවරං පරිභුත්ත”න්ති. දුතියම්පි ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො තං උපාසකං න කිඤ්චි අවචාසි. තතියම්පි ඛො සො මහාමත්තො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස සන්තිකෙ දූතං පාහෙසි: “පරිභුඤ්ජතු අය්යො තං චීවරං, ඉච්ඡාම මයං අය්යෙන තං චීවරං පරිභුත්ත”න්ති.
Sinhala BJT2. තව ද එසමයෙහි ඒ මහඇමැති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා, අපි හිමියන් ඒ සිවුර පරිභෝග කරණු කැමතියම්හ” යි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උවසුහට කිසිවක් නො කීහ. දෙවනවට ද ඒ මහඇමැති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා. අපි හිමියන් ඒ සිවුර පරිභෝග කරණු කැමැතියම්හ’ යි. දෙවනවට ද ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උවසුහට කිසිවක් නො කීහ. තෙවනවට ද ඒ මහඇමති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා. අපි හිමියන් විසින් ඒ සිවුර පරිභෝග කරණු කැමතියම්හ” යි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන නෙගමස්ස සමයො හොති. නෙගමෙන ච කතිකා කතා හොති: “යො පච්ඡා ආගච්ඡති, පඤ්ඤාසං බද්ධො”ති. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො යෙන සො උපාසකො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං උපාසකං එතදවොච:-
Sinhala BJT3. තවද එසමයෙහි නියම්ගම්වැසියන්ගේ සමාගමයෙක් වෙයි. නියම්ගම් වැසියන් විසිනුදු ‘යමෙක් පසු ව ඒ නම් (හෙතෙම) පණසකින් බැඳුනේ (කහවණු පණසක් දඩ ගෙවිය යුතු වේ’) යයි, කතිකායෙක් කරණ ලද වෙයි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උපාසකයා වෙක එළඹ ඒ උපාසකයාහට මෙය කීහ:
Pali BJT“අත්ථො මෙ ආවුසො චීවරෙනා”ති. “අජ්ජුන්හො භන්තෙ ආගමෙහි, අජ්ජනෙගමස්ස සමයො හොති, නෙගමෙන ච කතිකා කතා හොති: “යො පච්ඡා ආගච්ඡති, පඤ්ඤාසං බද්ධො”ති. “අජ්ජෙව මෙ ආවුසො චීවරං දෙහී”ති ඔවට්ටිකාය පරාමසි. අථ ඛො සො උපාසකො ආයස්මතා උපනන්දෙන සක්යපුත්තෙන නිප්පීළියමානො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස චීවරං චෙතාපෙත්වා පච්ඡා අගමාසි. මනුස්සා තං උපාසකං එතදවොචුං” “කිස්ස ත්වං අය්යො පච්ඡා ආගතොසි, පඤ්ඤාසං ජීතොසී”ති.
Sinhala BJT‘ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජනය ඇතැ’යි. “වහන්ස, අද එක් දවසක් බලව. අද නියම්ගම්වැසියන්ගේ සමාගමයෙක් වෙයි. නියම්ගම්වැසියන් විසිනුදු ‘යමෙක් පසුව ලා ඒ නම් (හෙතෙම) පණසකින් බැඳුණේ වේ’ යයි කතිකායෙක් කරණ ලද වෙයි. ‘අද ම ඇවැත, මට සිවුර දෙව’ යි එළියෙහි (හිඟැ) ගත්හ. ඉක්බිති ඒ උපාසක තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් විසින් දැඩි කොට පෙළනු ලබන්නේ ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයනට සිවුරක් මිලයට ගෙණ දී පසුවැ ලා ගියේ ය. මිනිස්සු ඒ උවසුහට මෙය කීහ: “කවර හෙයින් ආර්‍ය්‍යයෙනි, තෝ පසු වැ ලා ආයෙහි ද, පනසකට පැරදුනෙහි” යයි.
Pali BJT4. අථ ඛො සො උපාසකො තෙසං මනුස්සානං එතමත්ථං ආරොචෙසි. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “මහිච්ඡා ඉමෙ සමණා සක්යපුත්තියා අසන්තුට්ඨා, නයිමෙසං සුකරං වෙය්යාවච්චම්පි කාතුං. කථං හි නාම ආයස්මා උපනන්දො උපාසකෙන “අජ්ජුන්හො භන්තෙ ආගමෙහී’ති වුච්චමානො නාගමෙස්සතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො උපාසකෙන “අජ්ජුන්හො භන්තෙ ආගමෙහී”ති වුච්චමානො නාගමෙස්සතී”ති. අථ ඛො තෙ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “සච්චං කිර ත්වං උපනන්ද උපාසකෙන අජ්ජුන්හො භන්තෙ ආගමෙහී”ති වුච්චමානො නාගමෙසී”ති? “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා. -පෙ- “කථං හි නාම ත්වං මොඝපුරිස උපාසකෙන අජ්ජුණන්හො භන්තෙ ආගමෙහී’ති වුච්චමානො නාගමෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT4. ඉක්බිති ඒ උපාසක තෙම ඒ මිනිසුන්ට මෙ පවත් දැන්වී ය. මිනිස්සු අවඥා කෙරෙහි නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය, අසන්තුෂ්ටයෝ ය, මොවුනට මෙහෙයකුදු කරන්නට පහසු නො වෙයි. කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දයෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’යි කියනු ලබන්නාහු නො බැලූහු දැ’ යි භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පෙච්‍ඡයෝ නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නාහු නොබැලූහු දැ’ යි ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළහ. ‘සැබෑ ද උපනන්‍දය, තෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නෙහි නො බැලීහි දැ? යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නෙහි නො බැලීහි ද, තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“භික්ඛුං පනෙව උද්දිස්ස රාජා වා රාජභොග්ගො වා බ්රාහ්මණො වා ගහපතිකො වා දූතෙන චීවරචෙතාපන්නං පහිණෙය්ය ‘ඉමිනා චීවරචෙතාපන්නෙන චීවරං චෙතාපෙත්වා ඉත්ථන්නාමං භික්ඛුං චීවරෙන අච්ඡාදෙහී”ති. සො චෙ දූතො තං භික්ඛුං උපසඞ්කමිත්වා එවං වදෙය්ය ‘ඉදං ඛො භන්තෙ ආයස්මන්තං උද්දිස්ස චීවරචෙතාපන්නං ආභතං. පතිගණ්හාතු ආයස්මා චීවරචෙතාපන්නන්ති”. තෙන භික්ඛුනා සො දූතො එවමස්ස වචනීයො: ‘න ඛො මයං ආවුසො චීවරචෙතාපන්නං පතිගණ්හාම, චීවරඤ්ච ඛො මයං පතිගණ්හාම කාලෙන කප්පිය’න්ති. සො චෙ දූතො තං භික්ඛුං එවං වදෙය්ය: “අත්ථි පනායස්මතො කොචි වෙය්යාවච්චකරො’ති චීවරත්ථිකෙන භික්ඛවෙ භික්ඛුනා වෙය්යාවච්චකරො නිද්දිසිතබ්බො ආරාමිකො වා උපාසකො වා, ‘එසො ඛො ආවුසො භික්ඛූනං වෙය්යාවච්චකරො”ති. සො චෙ දූතො තං වෙය්යාවච්චකරං සඤ්ඤාපෙත්වා තං භික්ඛුං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: ‘යං ඛො භන්තෙ ආයස්මා වෙය්යාවච්චකරං නිද්දිසි, සඤ්ඤත්තො සො මයා, උපසඞ්කමතු ආයස්මා කාලෙන, චීවරෙන තං අච්ඡාදෙස්සතී’ති, චීවරත්ථිකෙන භික්ඛවෙ භික්ඛුනා වෙය්යාවච්චකරො උපසඞ්කමිත්වා ද්වත්තික්ඛත්තුං චොදෙතබ්බො සාරෙතබ්බො: ‘අත්ථො මෙ ආවුසො චීවරෙනාති:-
Sinhala BJT“මහණක්හු ම උදෙසා රජෙක් හෝ රජ ඇමැතියෙක් හෝ බමුණෙක් හෝ ගැහැවියෙක් හෝ ‘මේ සිවුරුමිලයෙන් සිවුරක් විකොට ගෙණ මෙනම් මහණහු සිවුරෙන් ආච්ඡාදනය කරව’ යි දූතයකු ලවා සිවුරුමිලයක් යවා නම්, ඉදින් ඒ දූත තෙම ඒ මහණහු කරා එළඹ ‘වහන්ස, මේ සිවුරු මිලය ආයුෂ්මතුන් උදෙසා ගෙණ එන ලද ය. ආයුෂ්මත්හු සිවුරුමිලය පිළිගණිත්වා’ යි මෙසේ කියා නම්, ඒ මහණහු විසින් ඒ දූත තෙම මෙසේ කියයුතු වන්නේ ය. ‘ඇවැත, අපි සිවුරුමිල නො පිළිගණුම් හ. එතෙකුදුවත් ඇපි සුදුසු කල්හි කැප වූ සිවුරක් පිළිගනුම්හ’ යි. ඉදින් ඒ දූත තෙම ඒ මහණහට ‘ආයුෂ්මතුන්ගේ කිසි මෙහෙකරුවෙක් ඇද්දැ’යි මෙසේ කියා නම්, මහණෙනි, සිවුරු කැමති මහණහු විසින් ආරාමිකයෙක් වේවයි උපාසකයෙක් වේවයි ‘අවැත, මේ තෙම භික්‍ෂූන්ගේ මෙහෙකරු ය’ යි මෙහෙකරු දැක්විය යුත්තේ ය. ඉදින් ඒ දූත තෙම ඒ මෙහෙකරු ඇනවා මහණහු කරා එළඹ මෙසේ කියා නම්: ‘වහන්ස, ආයුෂ්මත්හු යම් මෙහෙකරුවකු දැක්වූහු ද, මා විසින් හෙතෙම ඇනවන ලද්දේ ය. ආයුෂ්මත්හු සුදුසු කල්හි එළඹෙත්වා, සිවුරෙන් මුඹ වහන්සේ පුදන්නේ ය’ යි. මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් එළඹ ‘ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජන ඇතැ’ යි මෙහෙකරු තෙම දෙතුන් වරක් සෙවිය යුත්තේ ය. සිහි කරවිය යුත්තේ ය.
Pali BJTද්වත්තික්ඛත්තුං චොදයමානො සාරයමානො තං චීවරං අභිනිප්ඵාදෙය්ය, ඉච්චෙතං කුසලං. නො චෙ අභිනිප්ඵාදෙය්ය, චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං ඡක්ඛත්තුං පරමං තුණ්හීභූතෙන උද්දිස්ස ඨාතබ්බං. චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං ඡක්ඛත්තුං පරමං තුණ්හීභූතො උද්දිස්ස තිට්ඨමානො තං චීවරං අභිනිප්ඵාදෙය්ය, ඉච්චෙතං කුසලං. තතො චෙ උත්තරිං වායමමානො තං චීවරං අභිනිප්ඵාදෙය්ය නිස්සග්ගියං පාචිත්තියං. නො චෙ අභිනිප්ඵාදෙය්ය යතස්ස චීවරචෙතාපන්නං ආභතං, තත්ථ සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො: ‘යං ඛො තුම්හෙ ආයස්මන්තො භික්ඛුං උද්දිස්ස චීවරචෙතාපන්නං පහිණිත්ථ, න තං තස්ස භික්ඛුනො කිඤ්චි අත්ථං අනුභොති, යුඤ්ජන්තායස්මන්තො සකං මා වො සකං විනස්සා’ති. අයං තත්ථ සාමීචී”ති.
Sinhala BJTදෙතුන්යලක් සොයනු ලබන්නේ සිහි කරවනු ලබන්නේ ඒ සිවුර නිපදවා (සපයා) නම් මේ නිපැදවීම මැනැවි. ඉදින් නො නිපදවා නම්, සිවුයලක් පස්යලක් සයලක් පරම කොට තුෂ්ණිම්භූත වූවහු විසින් උදෙසා සිටියයුතු ය. සිවුයලක් පස්යලක් සයලක් පරම කොට තුෂ්ණිම්භූත ව උදෙසා සිටිනුයේ ඒ සිවුර නිපදවා නම් මේ නිපැදවීම මැනැවි. ඉදින් එයින් මත්තෙහි වෑයම් කරන්නේ ඒ සිවුර නිපදවා නම් නිසඟිපචිති වෙයි. ඉදින් නො නිපදවා නම් යමක්හු කෙරෙන් ඒ මහණහට සිවුරු මිලය ගෙණ එන ලද ද එහි තමා හෝ යායුතු ය: ‘ඇවැත්නි, තෙපි යම් මහණකු උදෙසා සිවුරුමිලයක් යැවූහු ද, එය ඒ මහණහට කිසි අර්‍ත්‍ථයක් සිදු නො කෙරෙයි. ආයුෂ්මත්හු ස්වකීය ධනය ලබත්වා. තොප සතු ධනය නහමක් වැනැසේ වා’ යි දූතයකු හෝ යැවිය යුත්තේ ය. මේ එහි අනුධර්‍මතා වේ” යයි.
Pali BJT5. භික්ඛුං පනෙව උද්දිස්සාති භික්ඛුස්සත්ථාය භික්ඛුං ආරම්මණං කරිත්වා භික්ඛුං අච්ඡාදෙතුකාමො.
Sinhala BJT5. භික්‍ඛුං පනෙච උද්දිස්ස යනු: භික්‍ෂූහු සඳහා භික්‍ෂූහු අරමුණු කොට භික්‍ෂූහු ආච්ඡාදනය කරණු කැමැත්තේ.
Pali BJTරාජා නාම: යො කොචි රජ්ජං කාරෙති.
Sinhala BJTරාජ නම්: යම් කිසිවෙක් රාජ්‍යය කෙරේ ද හෙතෙම.
Pali BJTරාජභොග්ගො නාම: යො කොචි රඤ්ඤො භත්තවෙතනාහාරො.
Sinhala BJTරාජභොග්ග නම්: රජහුගේ බත්වැටුම් බුදින යම් කිමිවෙක්.
Pali BJTබ්රාහ්මණො නාම: ජාතියා බ්රාහ්මණො.
Sinhala BJTබ්‍රාහ්මණ නම්: ජාතියෙන් බමුණු වූයේ.
Pali BJTගහපතිකො නාම: ඨපෙත්වා රාජානං රාජභොග්ගං බ්රාහ්මණං අවසෙසො ගහපතිකො නාම.
Sinhala BJTගහපතික නම්: රජ, රාජභෝග්‍යයා. බ්‍රාහ්මණයා ගබා ශේෂ වූයේ ගෘහපතික නම්.
Pali BJTචීවරචෙතාපන්නං නාම: හිරඤ්ඤං වා සුවණ්ණං වා මුත්තා වා මණි වා.
Sinhala BJTචීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ.
Pali BJTඉමිනා චීවරචෙතාපන්නෙනාති පච්චුපට්ඨිතෙන.
Sinhala BJTඉමිනා චීවරචේතාපන්නෙන යනු: එළඹසිටියෙන්.
Pali BJTචෙතාපෙත්වාති පරිවත්තෙත්වා.
Sinhala BJTචෙතාපෙත්‍වා යනු: පිරිවටා.
Pali BJTඅච්ඡාදෙහීති දජ්ජෙහි.
Sinhala BJTඅච්ඡාදේහි යනු : දෙව.
Pali BJTසො චෙ දූතො තං භික්ඛුං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: “ඉදං ඛො භන්තෙ ආයස්මන්තං උද්දිස්ස චීවරචෙතාපන්නං ආභතං. පතිගණ්හාතු ආයස්මා චීවරචෙතාපන්න”න්ති, තෙන භික්ඛුනා සො දූතො එවමස්ස වචනීයො: “න ඛො මයං ආවුසො චීවරචෙතාපන්නං පතිගණ්හාම, චීවරඤ්ච ඛො මයං පතිගණ්හාම කාලෙන කප්පිය”න්ති. සො චෙ දූතො තං භික්ඛුං එවං වදෙය්ය: “අත්ථි පනායස්මතො කොචි වෙය්යාවච්චකරො”ති. චීවරත්ථිකෙන භික්ඛවෙ භික්ඛුනා වෙය්යාවච්චකරො නිද්දිසිතබ්බො, ආරාමිකො වා උපාසකො වා: “එසො ඛො ආවුසො භික්ඛූනං වෙය්යාවච්චකරො”ති. න වත්තබ්බො “තස්ස දෙහී”ති වා සො වා නික්ඛිපිස්සති, සො වා පරිවත්තෙස්සති, සො වා චෙතාපෙස්සතී”ති.
Sinhala BJTඉදින් ඒ දූත තෙම ඒ මහණහු කරා එළඹ ‘වහන්ස, මේ සිවුරුමිලය ආයුෂ්මතුන් උදෙසා ගෙණ එන ලද ය. ආයුෂ්මත්හු සිවුරුමිලය පිළිගණිත්වා’ යි. මෙසේ කියා නම්, ඒ මහණහු විසින් ඒ දූත තෙම මෙසේ කියයුතු වන්නේ ය: ‘ඇවැත, ඇපි සිවුරුමිල නො පිළිගණුම්හ. එතෙකුදුවත් ඇපි සුදුසු කල්හි කැප වූ සිවුරක් පිළිගණුම්හ’ යි. ඉදින් ඒ දූත තෙම ඒ මහණහට ‘ආයුෂ්මතුන්ගේ කිසි කැපකරුවෙක් ඇද්දැ’ යි මෙසේ කියා නම්, මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් ආරාමික වේවයි උපාසක වේවයි ඇවැත, මේ තෙමේ භික්‍ෂූන්ගේ කැපකරු’ යයි කැපකරු දැක්විය යුත්තේ ය. “ඔහුට දෙව යි හෝ හෙතෙම බහා තබන්නේ ය හෝ හෙතෙම පිරිවටන්නේ ය හෝ හෙතෙම විකොටගන්නේ ය හෝ” යි නොකියයුත්තේ ය.
Pali BJTසො චෙ දූතො තං වෙය්යාවච්චකරං සඤ්ඤාපෙත්වා තං භික්ඛුං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: “යං ඛො භන්තෙ ආයස්මා වෙය්යාවච්චකරං නිද්දිසි සඤ්ඤත්තො සො මයා, උපසඞ්කමතු ආයස්මා කාලෙන, චීවරෙන තං අච්ඡාදෙස්සතී”ති, චීවරත්ථිකෙන භික්ඛවෙ භික්ඛුනා වෙය්යාවච්චකරො උපසඞ්කමිත්වා ද්වත්තික්ඛත්තුං චොදෙතබ්බො සාරෙතබ්බො: “අත්ථො මෙ ආවුසො චීවරෙනා”ති. න වත්තබ්බො: “දෙහි මෙ චීවරං, ආහර මෙ චීවරං, පරිවත්තෙහි මෙ චීවරං, චෙතාපෙහි මෙ චීවර”න්ති. දුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො. සචෙ අභිනිප්ඵාදෙති ඉච්චෙතං කුසලං.
Sinhala BJTඉදින් ඒ දූත තෙම ඒ කැපකරු ඇනවා ඒ මහණහු වෙත පැමිණ මෙසේ කියා නම්: ‘වහන්ස, ආයුෂ්මත් හු යම් කැපකරුවකු දැක්වූහු නම්, හෙතෙම මා විසින් ඇනවන ලද්දේ ය. ආයුෂ්මත්හු සිවුරෙන් ප්‍රයෝජන ඇති කල්හි එළඹෙත්වා සිවුරෙන් මුඹ වහන්සේ පුදන්නේ ය’ යි . මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් එළඹ ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජන ඇතැ යි කැපකරු තෙම දෙතුන්යලක් සෙවිය යුත්තේ ය. සිහි කරවිය යුත්තේ ය, ‘මට සිවුරක් දෙව, මට සිවුරක් ගෙණෙව, මට සිවුරක් පිරවටව, මට සිවුරක් විකොට ගණැ’ යි නො කියයුත්තේ ය. දෙවනවට ද කියයුතු ය. තෙවනවට ද කියයුතු. ඉදින් නිපදවා නම් මේ නිපදවීම මැනැව.
Pali BJTනො චෙ අභිනිප්ඵාදෙති, තත්ථ ගන්ත්වා තුණ්හීභූතෙන උද්දිස්ස ඨාතබ්බං. න ආසනෙ නිසීදිතබ්බං, න ආමිසං පටිග්ගහෙතබ්බං න ධම්මො භාසිතබ්බො. “කිං කාරණා ආගතොසී”ති පුච්ඡියමානො{1} “ජානාහි{2} ආවුසොති වත්තබ්බො: සචෙ ආසනෙ වා නිසීදති, ආමිසං වා පතිගණ්හාති, ධම්මං වා භාසති, ඨානං භඤ්ජති. දුතියම්පි ඨාතබ්බං. තතියම්පි ඨාතබ්බං. චතුක්ඛත්තුං චොදෙත්වා චතුක්ඛත්තුං ඨාතබ්බං. පඤ්චක්ඛතුං චොදෙත්වා ද්වික්ඛත්තුං ඨාතබ්බං. ඡක්ඛත්තුං චොදෙත්වා න ඨාතබ්බං. තතො චෙ උත්තරි වායමමානො තං චීවරං අභිනිප්ඵාදෙති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: -පෙ- “ඉදං මෙ භන්තෙ චීවරං අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන අභිනිප්ඵාදිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJTඉදින් නො නිපදවා නම් එහි ගොස් තුෂ්ණිම්භූත වූවහු විසින් උදෙසා සිටිය යුතු ය. අසුනෙක නො හින්ද යුතු ය. අහර නො පිළිගත යුතු ය. දහම් නොකිය යුතු ය. ‘කවර කරුණෙන් ආයෙහි දැ’ යි විචාරණු ලබන්නේ ‘ඇවැත් දනැ’යි කිය යුතු ය. ඉදින් අසුනෙහි හිදි නම් හෝ අහර පිළිගණී නම් හෝ දහම් කියා නම් හෝ සිටීම බිඳෙයි. දෙවනවට ද සිටිය යුතු ය තෙවනවට ද සිටිය යුතු ය. සතරවරක් චෝදනා කොට සතරවරක් සිටිය යුතු ය. පස්වරක් චෝදනා කොට දෙවරක් සිටිය යුතු ය. සවරක් චෝදනා කොට නො සිටිය යුතු ය. ඉදින් එයින් මතුයෙහි වෑයම් කරන්නේ ඒ සිවුර නිපදවා නම් පියොව්හි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසජිය යුතු ය. ‘වහන්ස, මෙ මාගේ සිවුර අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් නිපදවන ලද්දේ නිසඟි විය. මෙය මම් සඟනට නිසජමි යි ... දෙන්නේ ය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
Pali BJTනො චෙ අභිනිප්ඵාදෙය්ය, යතස්ස චීවරචෙතාපන්නං ආභතං තත්ථ සාමං වා ගන්තබ්බං, දූතො වා පාහෙතබ්බො. “යං ඛො තුම්හෙ ආයස්මන්තො භික්ඛුං උද්දිස්ස චීවරචෙතාපන්නං පහිණිත්ථ, න තං තස්ස භික්ඛුනො කිඤ්චි අත්ථං අනුභොති, යුඤ්ජන්තායස්මන්තො සකං, මා වො සකං විනස්සා”ති.
Sinhala BJTඉදින් නො නිපදවා නම් යමක්හු කෙරෙන් ඔහුට සිවුරුමිල ගෙණ එන ලද ද එහි තමා හෝ යා යුතු ය. ‘ඇවැත්නි, තෙපි යම් මහණක්හු උදෙසා සිවුරු මිලයක් යැවූහු ද එය ඒ මහණහට කිසි අර්‍ත්‍ථයක් සිදු නො කෙරේ. ආයුෂ්මත්හු ස්වකීය ධනය ලබත්වා. තොප සතු ධනය නහමක් වැනසේවා’ යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය.
Pali BJTඅයං තත්ථ සාමීචීති. අයං තත්ථ අනුධම්මතා.
Sinhala BJTඅයං තත්‍ථ සාමීචි යනු: මේ එහි අනුධර්‍මතා යි.
Pali BJT6. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන අතිරෙකසඤ්ඤී අභිනිප්ඵාදෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන වෙමතිකො අභිනිප්ඵාදෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන ඌනකසඤ්ඤී අභිනිප්ඵාදෙති නිස්සග්ගියං පාචිත්තියං. ඌනකතික්ඛත්තුං චොදනාය ඌනකඡක්ඛත්තුං ඨානෙන අතිරෙකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඌනකතික්ඛත්තුං චොදනාය ඌනකඡක්ඛත්තුං ඨානෙන වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඌනකතික්ඛත්තුං චොදනාය ඌනකඡක්ඛත්තුං ඨානෙන ඌනකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJT6. අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් අතිරේකය යන සංඥා ඇත්තේ නිපදවා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් විමති ඇත්තේ නිපදවා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් ඌන ය යන සංඥා ඇත්තේ නිපදවා නම් නිසඟිපචිති වේ. උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් අතිරේක ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් ඌනය යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
Pali BJT7. අනාපත්ති තික්ඛත්තුං චොදනාය ඡක්ඛත්තුං ඨානෙන, ඌනකතික්ඛත්තුං චොදනාය ඌනකඡක්ඛත්තුං ඨානෙන. අචොදියමානො දෙති, සාමිකා චොදෙත්වා දෙන්ති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT7. තුන්යලක් චෝදනායෙන් සයලක් සිටීමෙන් උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් දේ නම්, නො සොයනු ලබන්නේ දේ නම්, හිමියෝ සොයා දෙත් නම් ඇවැත් නැති. උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති යි.
Pali BJTරාජසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTරාජශික්‍ෂාපදය නිමි.
Pali BJTචීවරවග්ගො පඨමො.
Sinhala BJTපළමු වැනි චීවරවර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋබ්භතං කඨිනං තීණි ධොවනඤ්ච පටිග්ගහො, අඤ්ඤාතකානි තීණෙව උභින්නං දූතකෙන ච.
Sinhala BJTඋබ්‍භත කඨින සිකපදය, උද්දෝසිත (දෙවන කඨින) සිකපදය, තෙවන කඨින සිකපදය යන තුණ ද, ධෝවන සිකපදය, පටිග්‍ගහණ සිකපදය යි පසෙකි. තතුත්‍තරිය උපක්‍ඛට දෙක ය යන අඤ්ඤාතක සිකපද තුණ ය, දූතක සිකපද දෙකය යි සියල්ල දශයෙකි.
Pali BJTකොසියවග්ගො
Sinhala BJTකෝසිය වර්‍ගය
Pali BJT5. 2. 1.
Sinhala BJT5. 2. 1.
Pali BJTකොසියසික්ඛාපදං
Sinhala BJTකෝසිය ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ කොසියකාරකෙ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: “බහු ආවුසො කොසකාරකෙ පචථ අම්හාකම්පි දස්සථ. මයම්පි ඉච්ඡාම කොසියමිස්සකං සන්ථතං කාතු”න්ති. තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා අම්හෙ උපසඞ්කමිත්වා එවං වක්ඛන්ති, බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම්හාකම්පි දස්සථ, මයම්පි ඉච්ඡාම කොසියමිස්සකං සන්ථතං කාතුන්ති. අම්හාකම්පි අලාභා අම්හාකම්පි දුල්ලද්ධං, යෙ මයං ආජීවස්ස හෙතු පුත්තදාරස්ස කාරණා බහූ ඛුද්දකෙ පාණකෙ{1} සඞ්ඝාතං ආපාදෙමා”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ කොසියකාරකෙ උපසඞ්කමිත්වා එවං වක්ඛන්ති: බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම්හාකම්පි දස්සථ, මයම්පි ඉච්ඡාම කොසියමිස්සකං සන්ථතං කාතුන්ති.” අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ කොසියකාරකෙ උපසඞ්කමිත්වා එවං වදෙථ: බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම්හාකම්පි දස්සථ, මයම්පි ඉච්ඡාම කොසියමිස්සකං සන්ථතං කාතු”න්ති “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: කථං හි නාම තුම්හෙ මොඝපුරිසා කොසියකාරකෙ උපසඞ්කමිත්වා එවං වක්ඛථ, බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම්හාකම්පි දස්සථ, මයම්පි ඉච්ඡාම කොසියමිස්සකං සන්ථතං කාතු”න්ති. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවුනුවර අසල අග්ගාළව දෙවොලෙහි වැඩ වසන සේක. එසමයෙහි වූ කලි සවගමහණහු තිහිරිහූ නිපදවන්නන් වෙත එළඹ “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපි ද තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි මෙසේ කියත්. ඒ මිනිස්සු “ශාක්‍යපුත්‍රීය මහණහු අප වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපි දු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ’ යි කෙසේ නම් කියත් ද? යම් බඳු අපි ජීවිකා හේතුයෙන් අඹුදරුවන් රක්නා කරුණින් බොහෝ කුඩා පණුවන් මරණයට පමුණුවමෝ ද ඒ අපට ද අලාභයෙකි: අපගේ ද අභාග්‍යයෙකි.” යී අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. භික්‍ෂූහු අවමන් කරන අයුණු කියන නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙත් ද? ඔහු “කෙසේ නම් සවග මහණහු තිහිරිහූ නිපදවන්නවුන් වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපිදු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි කියත් දැ’ යි යී අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැළ කළහ ... “සැබව, භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් තිහිරිහූ නිපදවන්නවුන් කරා එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපිදු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ’ යි කෙසේ නම් කියවු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ ද උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු කොසියමිස්සකං සන්ථතං කාරාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් තිහිරිහූ මුසු ඇතිරියක් කරවන්නේ නම් නිසඟි පචිති වේ.”
Pali BJT2. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT2. යො පන යනු යම්, යම් බඳු
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු (මහණෙක්) යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු යයි අභිප්‍රේතය.
Pali BJTසන්ථතං නාම: සන්ථරිත්වා කතං හොති අවායිමං.
Sinhala BJTසන්‍ථත (ඇතිරිය) නම්: අතුරා වියුම් රහිත කොට කරණ ලද්ද වෙයි.
Pali BJTකාරාපෙය්යාති එකෙනපි කොසියංසුනා - මිස්සෙත්වා කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං: පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ කොසියමිස්සකං සන්ථතං කාරාපිතං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති, දදෙය්යාති, දදෙය්යුන්ති, ආයස්මතො දම්මී’ති.
Sinhala BJTකාරාපෙය්‍ය (කරවන්නේ නම්) යනු එක් තිහිරි කෙන්දකිනු දු මුසු කොට කෙරෙයි නම් හෝ කරවයි නම් හෝ පියාවෙහි දුකුළා වේ. ලබා ගැන්මෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයා හට හෝ පුඟුල් හට හෝ නිසජිය යුතු “වහන්ස, මා විසින් තිහිරිහූ මුසු මේ නිසජිය යුතු ඇතිරියෙක් කරවන ලද්දේ ය. මෙය මම් සඟනට නිසජමි යි ... දෙන්නේය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි නිසජිය යුතු.
Pali BJT3. අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා, ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. තමා විසින් කොට අඩාළ (ඇතිරිය) තෙමේ නිමවා ද, නිසඟිපචිති වේ. තමා විසින් කොට අඩාළ දැය අනුන් ලවා නිමවා ද, මෙරමා විසින් කොට අඩාළ දැය තෙමේ නිමවා ද නිසැඟි පචිති වේ. මෙරමා කොට අඩාළ දැය මෙරමා ලවා නිමවා ද නිසැඟි පචිති වේ. අනෙකක්හු පිණිස කෙරේ ද කරවා ද, දුකුළාඇවැත් වේ. අනෙකකු කළ ඇතිරියක් ලැබගෙන පරිභෝග කෙරේ ද, දුකුළාඇවැත් වන්නේ ය.
Pali BJT4. අනාපත්ති විතානං වා භුම්මත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT4. වියනක් හෝ බුමුතුරුණක් හෝ වටතිරයක් හෝ බිස්සක් හෝ කන්වයිනක් හෝ කෙරේ ද, ඔහුට ද උමතුවාහට ද ආදිකාර්මිකහට ද ඇවැත් නො වේ.
Pali BJTකොසියසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTකෝසිය ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 2. 2.
Sinhala BJT5. 2. 2.
Pali BJTසුද්ධකාළකසික්ඛාපදං
Sinhala BJTශුද්ධකාලක ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛු සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙන්ති. මනුස්සා විහාරචාරිකං ආහිණ්ඩන්තා පස්සිත්වා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙස්සන්ති, සෙය්යථාපි ගිහී කාමභොගිනො”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙස්සන්තී”ති? අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙථා”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා. “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එසමයෙහි සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්. මිනිස්සු විහාරචාරිකායෙහි හැසිරෙන්නාහු එය දැක, “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් මෙන් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවද්දැ”යි අවමන් කරත්, අයුණු කියත්, දොස් පතුරුවත්. භික්‍ෂුහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු “කෙසේ නම් සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්දැ!”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි, තෙපි හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු දැ?” යි භාග්‍යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්‍යවතුන්වහන්සැ” යි ඒ මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවා නම් නිසැඟි පචිති වෙයි.”
Pali BJT2. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT2. යො පන යනු යමෙක්, යම්බඳු වූ ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු ය යි අදහස් කරණ ලදී.
Pali BJTකාළකං නාම: ද්වෙ කාළකානි ජාතියා කාළකං වා රඤ්ජනකාළකං වා.
Sinhala BJTකාළක නම්: උත්පත්තියෙන් කළු වූයේ රඳන් පෙවීමෙන් කළු වූයේ දැ යි කළු පැහැය දෙවැදෑරුම් වෙයි.
Pali BJTසන්ථතං නාම: සන්ථරිත්වා කතං හොති අවායිමං.
Sinhala BJTසන්‍ථත නම්: අතුරා කරණ ලද, නොවියන ලද.
Pali BJTකාරාපෙය්යාති කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදම්මෙ භන්තෙ සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපිතං නිස්සග්ගියං ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJTකාරාපෙය්‍ය යනු කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයකුට හෝ නිසජිය යුතු. මහණෙනි, මෙසේ වනාහි නිසජිය යුතු: “වහන්ස, මා විසින් කරවන ලද හුදු කළු එළුලොම්මුවා මේ ඇතිරිය නිසඟි වෙයි. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි නිසජිය යුතු.
Pali BJT3. අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා, ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා ද, නිසඟිපචිති වේ. තමා විසින් අඩාළ කරණ ලද්ද අනුන් ලවා නිමවා ද, නිසඟිපචිති වේ, අනුන් විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා ද නිසඟිපචිති වේ. අනෙකකු පිණිස කෙරේ ද කරවා ද දුකුළාඇවැත් වේ. අනෙකකු විසින් කරණ ලද්දක් ලැබ පරිභෝග කෙරේ ද, දුකුළාඇවැත් වන්නේ ය.
Pali BJT4. අනාපත්ති විතානං වා භුම්මත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT4. වියනක් හෝ බුමුතුරුණක් හෝ වටතිරයක් හෝ බිස්සක් හෝ කන්වයිනක් හෝ කෙරේ ද ඇවැත් නො වේ. උමතුවාහට ද ආදිකම්මිකයාට ද ඇවැත් නො වේ.
Pali BJTසුද්ධකාළකසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTශුද්ධකාලක ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 2. 3.
Sinhala BJT5. 2. 3.
Pali BJTද්වෙභාගසික්ඛාපදං
Sinhala BJTද්වේභාග ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භගවතා පටික්ඛිත්තං සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙතුන්ති තෙ ථොකං යෙව ඔදාතං අන්තෙ ආදියිත්වා තථෙව සුද්ධකාළකානං සන්ථතං කාරාපෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ථොකං යෙව ඔදාතං අන්තෙ ආදියිත්වා තථෙව සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ථොකංයෙව ඔදාතං අන්තෙ ආදියිත්වා තථෙව සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙථා”ති. “සච්චං භගවා, විගරහි බුද්ධො භගවා. කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ථොකංයෙව ඔදාතං අන්තෙ ආදියිත්වා තථෙව සුද්ධකාළකානං එළකලොමානං සන්ථතං කාරාපෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ-” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:-
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි සවග මහණහු “භාග්‍යවතුන්වහන්සේ විසින් හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවීම පිළිකෙවිනැ” යි තුමූ මඳක් ම සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත්. යම් අපිස් මහණහු වෙද්ද ඔහු “කෙසේ නම් සවග මහණහු මඳක් සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත් දැ”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන්වහන්සේට එ පවත් සැළ කළහ. “සැබෑ ද? මහණෙනි, තෙපි සුදු එළුලොම් මඳක් ම දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවවු දැ?” යි භාග්‍යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්‍යවතුන්වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුරජානන්වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් සුදු එළුලොම් මඳක් දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“නවං පන භික්ඛුනා සන්ථතං කාරයමානෙන ද්වෙ භාගා සුද්ධකාළකානං එළකලොමානං ආදාතබ්බා, තතියං ඔදාතානං, චතුත්ථං ගොචරියානං. අනාදා චෙ භික්ඛු ද්වෙ භාගෙ සුද්ධකාළකානං එළකලොමානං තතියං ඔදාතානං, චතුත්ථං ගොචරියානං, නවං සන්ථතං කාරාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“අලුත් ඇතිරියක් කරවන මහණහු විසින් හුදු කළු එළුලොම් දෙකොටසක් ගත යුතු. තෙවෙනි කොටස සුදුපැහැ එළුලොම් ද සිවුවන කොටස කිඹුල් වන් එළුලොම් ද ගත යුතු. ඉදින් මහණ තෙම දෙකොටසක් හුදු කළුපැහැ එළුලොම් ද තෙවෙනි කොටස සුදුපැහැ එළුලොම් ද සිවුවන කොටස කිඹුල්වන් එළුලොම් ද නොගෙණ අලුත් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ.”
Pali BJT2. නවං නාම: කරණං උපාදාය වුච්චති.
Sinhala BJT2. නවං යනු: කිරීම් වශයෙන් අලුත් බව ඇරැබැ කියනු ලැබේ.
Pali BJTසන්ථතං නාම: සන්ථරිත්වා කතං හොති අවායිමං.
Sinhala BJTසන‍්ථතං යනු: අතුරා කරණ ලද්දෙක් වෙයි, නොවියන ලද්දෙක් වෙයි.
Pali BJTකාරයමානෙනාති කරොතා වා කාරාපෙතා වා.
Sinhala BJTකාරයමානෙන යනු: කරණ හෝ කරවන හෝ.
Pali BJTද්වෙ භාගා සුද්ධකාළකානං එළකලොමානං. ආදාතබ්බාති ධාරයිත්වා ද්වෙ තුලා ආදාතබ්බා.
Sinhala BJTදෙව භාගා සුද්ධකාළකානං එළකලෝමානං ආදාතබ්බා යනු: මැන තුලා දෙකක් ගත යුතු.
Pali BJTතතියං ඔදාතානන්ති තුලං ඔදාතානං.
Sinhala BJTතතියං ඕදාතානං යනු: සුදුපැහැ එළුලොම් තුලාවක්.
Pali BJTචතුත්ථං ගොචරියානන්ති තුලං ගොචරියානං.
Sinhala BJTචතුත‍්ථං ගෝචරියානං යනු: කිඹුල්වන් එළුලොම් තුලාවක්.
Pali BJTඅනාදා චෙ භික්ඛු ද්වෙ භාගෙ සුද්ධකාළකානං එළකලොමානං තතියං ඔදාතානං චතුත්ථං ගොචරියානන්ති. අනාදියිත්වා ද්වෙ තුලා සුද්ධකාළකානං එළකලොමානං, තූලං ඔදාතානං, තුලං ගොචරියානං නවං සන්ථතං කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදම්මෙ භන්තෙ නවං සන්ථතං අනාදියිත්වා [ද්වෙ තුලා සුද්ධකාළකානං එළකලොමානං,] තුලං ඔදාතානං, තුලං ගොචරියානං කාරාපිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJTඅනාදා චෙ භික්ඛු ද්වෙ භාගෙ සුද්ධකාළකානං එළකලෝමානං තතියං ඕදාතානං චතුත‍්ථං ගෝචරියානං යනු: හුදු කළුපැහැ එළුලොම් තුලා දෙකක් ද සුදුපැහැ එළුලොම් තුලාවක් ද කිඹුල්පැහැ එළුලොම් තුලාවක් ද නො ගෙණ අලුත් ඇතිරියක් කෙරේ නම් හෝ කරවා නම් හෝ පියොවෙහි දුකුළා වේ. ලබා ගැණීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට හෝ නිසජිය යුතු. මහණෙනි, මෙසේ වනාහි නිසජිය යුතු: “වහන්ස, හුදු කළුවන් එළුලොම් තුලා දෙකක් ද සුදුපැහැ එළුලොම් තුලාවක් ද කිඹුල්වන් එළුලොම් තුලාවක් ද නොගෙණ මා විසින් කරවන ලද මේ අලුත් ඇතිරිය නිසඟි වේ, මෙය මම් සඟනට නිසජමි ... දෙන්නේය ... දෙන්නාහු ය ... ආයුෂ්මත්හට දෙමි” යි මෙසේ නිසජිය යුතු.
Pali BJT3. අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. තමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. අනෙකකු සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළාඇවැත් වෙයි. අනෙකකු විසින් කරණ ලද්ද ලැබ පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වේ.
Pali BJT4. අනාපත්ති තුලං ඔදාතානං තුලං ගොචරියානං ආදියිත්වා කරොති, බහුතරං ඔදාතානං බහුතරං ගොචරියානං ආදියිත්වා කරොති, සුද්ධං ඔදාතානං සුද්ධං ගොචරියානං ආදියිත්වා කරොති, විතානං වා භුම්මත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති. උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT4. සුදු එළුලොම් සම ව කිඹුල්වන් එළුලොම් සම ව ගෙණ කෙරේ නම්, සුදු එළුලොම් බහුතර ව කිඹුල්වන් එළුලොම් බහුතර ව ගෙණ කෙරේ නම්, නො මුසු සුදු එළුලොම් නො මුසු කිඹුල්වන් එළුලොම් ගෙණ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කෙරේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති යි.
Pali BJTද්වෙභාගසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTද්වේභාග ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 2. 4.
Sinhala BJT5. 2. 4.
Pali BJTඡබ්බස්සසික්ඛාපදං.
Sinhala BJTඡබ්බස්ස ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ අනුවස්සං සන්ථතං කාරාපෙන්ති, තෙ යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා අනුවස්සං සන්ථතං කාරාපෙස්සන්ති, යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරිස්සන්ති: එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. අම්හාකං පන සකිං කතානි සන්ථතානි පඤ්චපි ඡපි වස්සානි හොන්ති, යෙසං නො දාරකා ඌහදන්තිපි උම්මිහන්තිපි උන්දූරෙහිපි ඛජ්ජන්ති. ඉමෙ පන සමණා සක්යපුත්තියා අනුවස්සං සන්ථතං කාරාපෙන්ති, යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති. තවද එසමයෙහි භික්‍ෂූහු වසක් පාසා ඇතිරි කරවති. ඔහු ‘එළුලොම් දෙව එළුලොමින් අර්‍ත්‍ථ ඇතැ’යි යැදීම බහුල ව විනැවීම් බහුල ව වෙසෙති. මිනිස්සු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ වසක් පාසා ඇතිරි කරවත් ද, ‘එළුලොම් දෙව එළුලොමින් අර්‍ත්‍ථ ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් ද, අපගේ වැලිත් වරක් කරණ ලද ඇතිරි පස්වසකුදු සවසකුදු පවතිත්. එහි අපගේ දරුවෝ මලමූ ද කෙරෙති (ඔහු) මීයන් විසිනිදු කනු ලැබෙත්. එතෙකුදුවත් මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ වසක් පාසා ඇතිරි කරවති. ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙති” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ අනුවස්සං සන්ථතං කාරාපෙස්සන්ති. යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරිස්සන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අනුවස්සං සන්ථතං කාරාපෙන්ති. යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා. කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා අනුවස්සං සන්ථතං කාරාපෙස්සන්ති. යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරිස්සන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් භික්‍ෂූහු වසක් පාසා ඇතිරි කරවත් ද, ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, භික්‍ෂූහු වසක් පාසා ඇතිරි කරවත් ද “එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ”යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් දැ’යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ වසක් පාසා ඇතිරි කරවත් ද ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වාසය කෙරෙත් දැ”යි වෙසෙසින් ගර්‍හා කළහ. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීමට නො වැටෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
Pali BJT“නවං පන භික්ඛුනා සන්ථතං කාරාපෙත්වා ඡබ්බස්සානි ධාරෙතබ්බං. ඔරෙන චෙ ඡන්නං වස්සානං තං සන්ථතං විස්සජ්ජෙත්වා වා අවිස්සජ්ජෙත්වා වා අඤ්ඤං නවං සන්ථතං කාරාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“මහණහු විසින් නව ඇතිරිය කරවා සවසක් ධැරිය යුතු ය. ඉදින් සවසකින් මෙපිට ඒ ඇතිරිය විසජා හෝ නො විසජා හෝ අනිත් නවඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද වේ.
Pali BJT[මූලපඤ්ඤත්ති.]
Sinhala BJT[මුල් පැණවීමයි]
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කොසම්බියං ගිලානො හොති. ඤාතකා තස්ස භික්ඛුනො සන්තිකෙ දූතං පාහෙසුං: “ආගච්ඡතු භදන්තො, මයං උපට්ඨහිස්සාමා”ති. භික්ඛූපි එවමාහංසු: “ගච්ඡාවුසො, ඤාතකා තං උපට්ඨහිස්සන්තී”ති. සො එවමාහ: “භගවතා ආවුසො සික්ඛාපදං පඤ්ඤත්තං: “නවං පන භික්ඛුනා සන්ථතං කාරාපෙත්වා ඡබ්බස්සානි ධාරෙතබ්බ”න්ති. “අහඤ්චම්හි ගිලානො න සක්කොමි සන්ථතං ආදාය පක්කමිතුං, මය්හඤ්ච විනා සන්ථතා න ඵාසු හොති, නාහං ගමිස්සාමී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT3. තවද එසමයෙහි කොසඹෑනුවර එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. නෑයෝ ‘වහන්සේ පැමිණෙත්වා අපි උපස්ථාන කරම්හ’ යි ඒ මහණහු වෙත දූතයකු යැවූහ. භික්‍ෂූහු ද ‘යා ඇවැත, නෑයෝ තොපට උවැටන් කරන්නාහ’යි මෙසේ කීහ. හේ මෙසේ කී ය: “ඇවැත්නි, භාග්‍යවතුන් විසින් සිකපද පණවන ලද. ‘මහණහු නවඇතිරියක් කරවා සවසක් ධැරිය යුතු’ යයි. මම් වූ කලි ගිලන් වෙමි. ඇතිරිය ගෙණ නික්ම යන්නට නො හැක්කෙමි. මට ද ඇතිරිය නැති ව සුවයෙක් නො වෙයි. මම් නො යෙමි” යි. භාග්‍යවතුන් වහන්සේට එපවත් දැන්වූහ.
Pali BJT4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස භික්ඛුනො සන්ථතසම්මුතිං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බ: තෙන ගිලානෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ ගිලානො න සක්කොමි සන්ථතං ආදාය පක්කමිතුං, සොහං භන්තෙ සඞ්ඝං සන්ථතසම්මුතිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො, තතියම්පි යාචිතබ්බො. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි ගිලන් මහණහට සන්‍ථතසම්මුතිය දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේත් දියයුතු ය. ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරව මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම් ගිලන් වෙමි. සන්‍ථතය ගෙණ යන්නට නො හැක්කෙමි. වහන්ස, මම් සඞ්ඝයාගෙන් සන්‍ථතසම්මුතිය අයදිමි. දෙවනවට ද යැදියයුතු තෙවනවට ද යැදියයුතු. ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො න සක්කොති සන්ථතං ආදාය පක්කමිතුං, සො සඞ්ඝං සන්ථතසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සන්ථතසම්මුතිං දදෙය්ය. එසා ඤත්ති.”
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් වෙයි. සන්‍ථතය ගෙණ යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් සන්‍ථතසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට සන්‍ථතසම්මුතිය දෙන්නේ ය. මේ ‘ඤත්ති’ යයි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො න සක්කොති සන්ථතං ආදාය පක්කමිතුං, සො සඞ්ඝං සන්ථතසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සන්ථතසම්මුතිං දෙති, යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සන්ථතසම්මුතියා දානං, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් වූයේ සන්‍ථතය ගෙණ යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් ‘සන්‍ථතසම්මුතිය’ යදියි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘සන්‍ථතසම්මුතිය’ දෙයි. මෙනම් මහණහට සන්‍ථතසම්මුතිය දීම යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණීම්භූත වන්නේය. යමක්හට රිසි වේ නම් හේ බණන්නේ ය.
Pali BJTදින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො සන්ථතසම්මුති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් මහණහට ‘සන්‍ථතසම්මුතිය’ දෙන ලද, සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණීම්භාවය යි. මේ මෙසේ ධරමි” යි.
Pali BJT5. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“නවං පන භික්ඛුනා සන්ථතං කාරාපෙත්වා ඡබ්බස්සානි ධාරෙතබ්බං, ඔරෙන චෙ ඡන්නං වස්සානං තං සන්ථතං විස්සජ්ජෙත්වා වා අවිස්සජ්ජෙත්වා වා අඤ්ඤං නවං සන්ථතං කාරාපෙය්ය, අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“මහණක්හු විසින් අලුත් ඇතිරියක් කරවා සවසක් ධැරිය යුතු ය. ඉදින් මහණහු විසින් සාවුරුද්දක් මෙපිට ඒ ඇතිරිය විසජා හෝ නො විසජා හෝ භික්‍ෂුසම්‍මති නැති ව අනිත් අලුත් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
Pali BJT[දුතියපඤ්ඤත්ති.]
Sinhala BJT[දෙවන පැණවීමයි.]
Pali BJT6. නවං නාම: කරණං උපාදාය වුච්චති.
Sinhala BJT6. නව නම්: කිරීම උදෙසා කියනු ලැබෙයි.
Pali BJTසන්ථතං නාම: සන්ථරිත්වා කතං හොති අවායිමං.
Sinhala BJTසන‍්ථත යනු: නො වියූ අතුරා කරණ ලද්දෙක් වෙයි.
Pali BJTකාරාපෙත්වාති කරිත්වා වා කාරාපෙත්වා වා.
Sinhala BJTකාරාපෙත්‍වා යනු: කොට හෝ කරවා හෝ.
Pali BJTඡබ්බස්සානි ධාරෙතබ්බන්ති ඡබ්බස්සපරමතා ධාරෙතබ්බං.
Sinhala BJTඡබ්බස්ස ධාරෙතබ්බං යනු: සාවුරුද්දක් පරම කොට ධැරිය යුතු ය.
Pali BJTඔරෙන චෙ ඡන්නං වස්සානන්ති ඌනකඡබ්බස්සානි.
Sinhala BJTඔරෙන චෙ ඡන්නං වස්සානං යනු: උනු සාවුරුද්දක්.
Pali BJTතං සන්ථතං විස්සජ්ජෙත්වාති අඤ්ඤෙසං දත්වා.
Sinhala BJTතං සන්ථතං විස්සජ්ජෙත්වා යනු: අනුනට දී.
Pali BJTඅවිස්සජ්ජෙත්වාති න කස්සචි දත්වා.
Sinhala BJTඅවිස්සජ්ජෙත‍්වා යනු: කිසිවක්හට නො දී.
Pali BJTඅඤ්ඤත්ර භික්ඛුසම්මුතියාති ඨපෙත්වා භික්ඛුසම්මුතිං.
Sinhala BJTඅඤ්ඤත්‍ර භික්ඛුසම්මුතියා යනු: භික්‍ෂුසම්මති තබා.
Pali BJT7. අඤ්ඤං නවං සන්ථතං කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ සන්ථතං ඌනකඡබ්බස්සානි කාරාපිතං අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති{1} -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJT7. අනිත් නව ඇතිරියක් කෙරේ නම් හෝ කරවා නම් හෝ ප්‍රයෝගයෙහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. මහණෙනි, මෙසේත් නිසැජිය යුතු: “වහන්ස, මේ මාගේ ඇතිරිය භික්‍ෂුසම්‍මති නැති ව උනු සාවුරුද්දක් ඇති ව කරවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි’යි . ... දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT8. අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT8. තමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි.
Pali BJT9. අනාපත්ති ඡබ්බස්සානි කරොති, අතිරෙකඡබ්බස්සානි කරොති, අඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා, අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති, විතානං වා භුම්මත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, භික්ඛුසම්මුතියා, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT9. සාවුරුද්දක් පිරුණු කල්හි කරවා නම්, අයිරා සාවුරුද්දක් පිරුණු කල්හි කරවා නම්, අනෙකක්හු විසින් කරණ ලද්දක් ලැබ පරිභෝග කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කරවා නම්, භික්‍ෂුසම්‍මති ඇති කල්හි, උම්මතකයාහට, ආදිකම්මිකයහට ඇවැත් නැත්තේ යි.