Pali BJT5. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT5. යො පන යනු: යමෙක්, යම්බඳුයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්‍ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ඛු’ ය යි අදහස් කරන ලද්දේ ය.
Pali BJTඅඤ්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධා.
Sinhala BJTඅඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්මුත්තා යුගය තෙක් නොසැබැඳියෝ.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: උභතෝ සඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගපච්ඡිමං.
Sinhala BJTචීවර නම්: ස සිවුරු අතුරින් විකපුන් පොහෝනා සිවුරු පැසුළු කොට ඇති එක්තරා සිවුරෙකි.
Pali BJTඅඤ්ඤත්ර පාරිවත්තකාති ඨපෙත්වා පාරිවට්ටකං පටිග්ගණ්හාති.
Sinhala BJTඅඤ්ඤත්ර පාරිවට්ටකා යනු: පිරුළු තබා පිළිගණියි.
Pali BJT6. පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං: ඉදම්මෙ භන්තෙ චීවරං අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො පටිග්ගහිතං අඤ්ඤත්ර පාරිවට්ටකා නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJT6. පියොව්හි දුකුළා වෙයි, පිළිගැනීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුල්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය: ‘වහන්ස , මේ මාගේ සිවුර නොනෑ මෙහෙණක අතින් පිරුළු තබා පිළිගන්නා ලද්දේ නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි ...
Pali BJT7. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී චීවරං පටිග්ගණ්හාති අඤ්ඤත්ර පාරිවත්තකා, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය වෙමතිකො චීවරං පටිග්ගණ්හාති අඤ්ඤත්ර පාරිවට්ටකා, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය ඤාතිකසඤ්ඤී චීවරං පටිග්ගණ්හාති අඤ්ඤත්ර පාරිවට්ටකා, නිස්සග්ගියං පාචිත්තියං. එකතො උපසම්පන්නාය හත්ථතො චීවරං පටිග්ගණ්හාති අඤ්ඤත්ර පාරිවට්ටකා, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී -පෙ- ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය වෙමතිකො -පෙ- ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය ඤාතිකසඤ්ඤී -පෙ- අනාපත්ති.
Sinhala BJT7. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පිරිවට තබා සිවුරු පිළිගනී නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව පිරුළු තබා සිවුරු පිළිගනී නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණක යන සංඥා ඇතිව පිරුළු තබා සිවුරු පිළිගනී නම් නිසැඟිපචිති වෙයි. භික්‍ඛුනීසඞ්ඝයා කෙරෙහි උපසපන් මෙහෙණ අතින් පිරුළු තබා සිවුරු පිළිගනී නම් දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නො නෑ මෙහෙණක යන සංඥා ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... ඇවැත් නැ.ති.
Pali BJT8. අනාපත්ති ඤාතිකාය, පාරිවට්ටකං, පරිත්තෙන වා විපුලං, විපුලෙන වා පරිත්තං, භික්ඛු විස්සාසං ගණ්හාති, තාවකාලිකං ගණ්හාති , චීවරං ඨපෙත්වා අඤ්ඤං පරික්ඛාරං ගණ්හාති, සික්ඛමානාය, සාමණෙරියා, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT8. නෑ මෙහෙණෙක අතින්, පිරුළු විසින් අල්පයෙකින් මහඇගි සිවුරක් හෝ මගඇගියකින් අල්ප සිවුරක් හෝ ගණී නම්, මහණ විස්වසින් ගණී නම්, තව්කැලි කොට ගණී නම්, සිවුරු තබා අන් පිරිකරක් ගණී නම්, ඇවැත් නැති. සික්ඛමානා අතින්, සාමණේරිය අතින් ගණී නම්, ඇවැත් නැති, උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති.
Pali BJTචීවරපටිග්ගහණසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTචීවරප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 1. 6.
Sinhala BJT5. 1. 6.
Pali BJTඅඤ්ඤාතකවිඤ්ඤත්තිසික්ඛාපදං
Sinhala BJTඅඤ්ඤාතකවිඤ්ඤත්තිශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො පට්ටො හොති ධම්මකථං කාතුං. අථ ඛො අඤ්ඤතරො සෙට්ඨිපුත්තො යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං සෙට්ඨිපුත්තං ආයස්මා උපනන්දො සක්යපුත්තො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො සො සෙට්ඨිපුත්තො ආයස්මතා උපනන්දෙන සක්යපුත්තෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “වදෙය්යාථ භන්තෙ යෙන අත්ථො, පටිබලා මයං අය්යස්ස දාතුං යදිදං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර”න්ති. “සචෙ මෙ ත්වං ආවුසො දාතුකාමො’සි ඉතො එකං සාටකං දෙහී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්වෙහෙර වැඩ වෙසෙති. තව ද එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ධර්‍මකථා කරන්නට සමර්‍ත්‍ථ වෙයි. එසඳ එක්තරා සිටු පුත්‍රයෙක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් කරා එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ සිටුපුත්හට ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම දැහැමි කථායෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. තෙද ගැන්වීය. පැහැදවී. ඉක්බිති ඒ සිටුපුත් තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ පහදවන ලද්දේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රහට ‘වහන්ස, කැමැති දැයෙකින් කිව මැනව. අපි හිමියනට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නට සමර්‍ත්‍ථයම්හ’ යි මෙය කී ය: ‘ඉදින් ඇවැත්නි, තෝ මට දෙනු කැමැත්තෙහි නම් මෙයින් එක් සළුවක් දෙව’ යි හේ කීය.
Pali BJT2. “අම්හාකං ඛො භන්තෙ කුලපුත්තානං කිස්මිං විය එකසාටකං ගන්තුං, ආගමෙහි භන්තෙ යාව ඝරං ගච්ඡාමි, ඝරං ගතො ඉතො වා එකං පහිණිස්සාමි, ඉතො වා සුන්දරතර”න්ති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො තං සෙට්ඨිපුත්තං එතදවොච:- “සචෙ මෙ ත්වං ආවුසො දාතුකාමො’සි, ඉතො එකං සාටකං දෙහී”ති. “අම්හාකං ඛො භන්තෙ කුලපුත්තානං කිස්මිං විය එකසාටකං ගන්තුං, ආගමෙහි භන්තෙ යාව ඝරං ගච්ඡාමි, ඝරං ගතො ඉතො වා එකං පහිණිස්සාමි, ඉතො වා සුන්දරතර”න්ති. කිම්පන තයා ආවුසො අදාතුකාමෙන පවාරිතෙන, යං ත්වං පවාරෙත්වා න දෙසී”ති. අථ ඛො සො සෙට්ඨිපුත්තො ආයස්මතා උපනන්දෙන සක්යපුත්තෙන නිප්පීළියමානො එකං සාටකං දත්වා අගමාසි. මනුස්සා තං සෙට්ඨිපුත්තං පස්සිත්වා{1} එතදවොචුං. “කිස්ස ත්වං අය්යො එකසාටකො ආගච්ඡසී”ති.
Sinhala BJT2. “වහන්ස, කුලපුත් වූ අපට එක් සළුවකින් යන්නට ලජ්ජාකාරය වෙයි. වහන්ස, යම්තාක් ගෙට යෙම් ද, එතෙක් නවතිනු මැනව. ගෙට ගියෙම් මෙයින් එකක් හෝ මෙයට වඩා සුන්‍දරතරයක් හෝ එවන්නෙමි’ යි. දෙවන වට ද ... තෙවන වට ද ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ඒ සිටුපුත්හට ‘ඉදින් ඇවැත්නි, තෝ මට දෙනු කැමැත්තෙහි නම් මෙයින් එක් සළුවක් දෙව’ යි කී ය. “වහන්ස කුලපුත් වූ අපට ඒකසාටක ව යන්නට ලජ්ජාකාරය වෙයි. වහන්ස, යම්තාක් ගෙට යෙම් ද එතෙක් නවතිනු මැනව. ගෙට ගියෙම් මෙයින් එකක් හෝ මෙයට වඩා සුන්‍දරතරයක් හෝ එවන්නෙමි’ යි හේ කී ය. “ඇවැත්නි, නො දෙනු කැමැති ව පැවැරූ තගෙන් කවර ප්‍රයෝජන ද? යම් හෙයකින් තෝ පවරා නො දෙයි ද එහෙයිනි’ යි හේ කීය. ඉක්බිති ඒ සිටුපුත් තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා විසින් දැඩි ව පෙළනු ලබන්නේ එක් සළුවක් දී ගියේ ය. මිනිස්සු ඒ සිටුපුත්හු දැක ‘ආර්‍ය්‍යයෙනි, කුමක් හෙයින් තෙපි ඒකසාටක ව එන්නහු දැ’ යි. මෙය කීහ. එසඳ ඒ සිටුපුත් තෙම ඒ මිනිසුන්ට එ පවත් දැන්වී ය. මිනිස්සු අවඥා කෙරෙත්. අගුණ කියත්. දොස් පහළ කෙරෙත්:
Pali BJT3. අථ ඛො සො සෙට්ඨිපුත්තො තෙසං මනුස්සානං එතමත්ථං ආරොචෙසි. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “මහිච්ඡා ඉමෙ සමණා සක්යපුත්තියා අසන්තුට්ඨා, නයිමෙසං සුකරා ධම්මනිමන්තනාපි කාතුං.{2} “කථං හි නාම සෙට්ඨිපුත්තෙන ධම්මනිමන්තනාය කයිරමානාය සාටකං ගහෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො සෙට්ඨිපුත්තං චීවරං විඤ්ඤාපෙස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං: “සච්චං කිර ත්වං උපනන්ද සෙට්ඨිපුත්තං චීවරං විඤ්ඤාපෙසී”?ති “සච්චං, භගවා” “ඤාතකො තෙ උපනන්ද අඤ්ඤාතකො?”ති “අඤ්ඤාතකො භගවා”ති. “අඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතකස්ස න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා සන්තං වා අසන්තං වා. තත්ථ නාම ත්වං මොඝපුරිස අඤ්ඤාතකං සෙට්ඨිපුත්තං චීවරං විඤ්ඤාපෙස්සසි. නෙතං, මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT3. ‘මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය, අසන්තුෂ්ටයෝ ය. මොවුනට දැහැමි නිමන්ත්‍රණයකුදු කරන්නට පහසු නො වෙයි. කෙසේ නම් සිටුපුත්හු විසින් දැහැමි නිමන්ත්‍රණය කරනු ලබන කල්හි සාටකය ගත්තාහු දැ” යි, භික්‍ෂුහු ඒ මිනිසුන් අවඥා කරණුවන් අයුණු කියනුවන් දොස් පහළ කරණුවන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු ‘කෙසේ’ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍ර තෙම සිටුපුතක්හු සිවුරක් විනැවී දැ’ යි. අවඥා කෙරෙත්, අයුණු කියත්, දොස් පහළ කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ: ‘සැබෑ ද උපනන්‍දය, තෝ සිටුපුතක්හු සිවුරක් විනවුයෙහි දැ’ යි අසා වදාළහ. “සැබව භාග්‍යවතුන් වහන්ස, යි හේ කී ය. “උපනන්‍දය, තාගේ නෑයෙක් ද නොනෑයෙක්දැ?” යි භගවත් ඇසූහ. “නොනෑයෙක භාග්‍යවතුන් වහන්සැ’ යි හේ කී ය. “තුච්ඡපුරුෂය, නොනෑයෙක් නොනෑයෙකුහට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ විද්‍යාමානය හෝ අවිද්‍යාමානය හෝ නො දනියි. එහි ලා තුච්ඡපුරුෂය, තෝ නොනෑ සිටුපුතක්හු සිවුරක් විනවූයෙහි ය. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති”.
Sinhala BJT“යම් මහණෙක් තෙම නොනෑ ගැහැවියක්හු හෝ ගැහැවිනියක හෝ සිවුරක් විනවා නම් නිසැඟි පචිති වේ.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් මේ ශික්‍ෂාපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.
Pali BJT[මූලපඤ්ඤත්ති.]
Sinhala BJT[මුල්පැණවීමයි.]
Pali BJT4. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සාකෙතා සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා තෙ භික්ඛූ අච්ඡින්දිංසු. අථ ඛො තෙ භික්ඛූ “භගවතා පටික්ඛිත්තං අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙතුන්ති” කුක්කුච්චායන්තා න විඤ්ඤාපෙසුං. යථා නග්ගා’ව සාවත්ථිං ගන්ත්වා භික්ඛූ අභිවාදෙන්ති. භික්ඛූ එවමාහංසු: “සුන්දරා ඛො ඉමෙ ආවුස ආජීවකා, යෙ ඉමෙ භික්ඛූ{3} අභිවාදෙන්තී”ති. තෙ එවමාහංසු: “න මයං ආවුසො ආජීවකා, භික්ඛූ මය”න්ති. භික්ඛූ ආයස්මන්තං උපාලිං එතදවොචුං: “ඉඞ්ඝාවුසො උපාලි ඉමෙ අනුයුඤ්ජාහී”ති. තෙ අනුයුඤ්ජීයමානා එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT4. තව ද එසමයෙහි බොහෝ භික්‍ෂූහු සාකේතනුවරින් සැවැත්නුවර බලා අදන්මගට පිළිපන්නාහු වෙති. අතරමඟ සොරු නික්ම ඒ භික්‍ෂූන් (පාසිවුරු) පැහැර ගත්හ. එසඳ ඒ භික්‍ෂූහු ‘භාග්‍යවතුන් විසින් නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක් හෝ සිවුරක් විනවන්නට පිළිකෙව් කරණ ලදැ’ යි කුකුස් කරන්නාහු නො විනවූහ. ලිහිණි වණින් ම සැවතට ගොස් භික්‍ෂූන් වඳිති. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, මේ ආජීවකයෝ සුන්‍දරයහ. මොහු භික්‍ෂූන් වඳිති” යි මෙසේ කීහ. “ඇවැත්නි, අපි ආජීවක නො වම්හ. අපි මහණම්හු” යි. මෙසේ කීහ. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලිහට “එසේ වී නම් ඇවැත්නි, උපාලි මොවුන් විමසව” යි කීහ. ඒ භික්‍ෂුහු අනුයෝග කරනු ලබන්නාහු එ පවත් දැන්වූහ.
Pali BJT5. අථ ඛො ආයස්මා උපාලි තෙ භික්ඛූ අනුයුඤ්ජිත්වා භික්ඛූ එතදවොච: “භික්ඛූ ඉමෙ ආවුසො, දෙථ නෙසං චීවරානී”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ නග්ගා ආගච්ඡිස්සන්ති, නනු නාම තිණෙන වා පණ්ණෙන වා පටිච්ඡාදෙත්වා ආගන්තබ්බ”න්ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT5. ඉක්බිති ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ඒ භික්‍ෂූන් විමසා භික්‍ෂුන්ට ‘ඇවැත්නි, මොහු භික්‍ෂූහු ය. මොවුනට සිවුරු දෙව’ යි කීහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු “කෙසේ නම් භික්‍ෂූහු ලිහිණි ව ආවාහු ද, තෘණයෙන් හෝ පර්‍ණයෙන් හෝ පිළිසන් කොට ඉයයුතු නො වේ දැ” යි අවඥා කෙරෙති. අයුණු කියති. දොස් පහළ කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT6. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ අච්ඡින්නචීවරස්ස වා නට්ඨචීවරස්ස වා අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙතුං. යං ආවාසං පඨමං උපගච්ඡති, සචෙ තත්ථ හොති සඞ්ඝස්ස විහාරචීවරං වා උත්තරත්ථරණං වා භූමත්ථරණං වා භිසිච්ඡවි වා නං ගහෙත්වා පාරුපිතුං ලභිත්වා ඔදහිස්සාමී”ති . නො චෙ හොති සඞ්ඝස්ස විහාරචීවරං වා උත්තරත්ථරණං වා භුමත්ථරණං වා භිසිච්ඡවි වා, තිණෙන වා පණ්ණෙන වා පටිච්ඡාදෙත්වා ආගන්තබ්බං. නත්වෙව නග්ගෙන ආගන්තබ්බං. යො ආගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්ස. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT6. එසඳ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රකරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඇසිදෑගත් සිවුරු ඇතියහුට හෝ නට සිවුරු ඇතියහුට හෝ නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සිවුරක් වීනවන්නට, යම් ආවාසයකට පළමු එළඹේ නම්, ඉදින් එහි සඞ්ඝයාගේ විහාර සිවුරක් හෝ පසතුරුණෙක් හෝ බුමුතුරුණෙක් හෝ බිසිසිවියෙක් හෝ වේ නම් ‘(සිවුරු) ලැබ තබන්නෙමි’ යි එය ගෙණ පොරෝනට අනුදනිමි. ඉදින් සඞ්ඝයාගේ විහාර සිවුරක් හෝ පසතුරුණෙක් හෝ බුමුතුරුණෙක් හෝ බිසිසිවියෙක් හෝ නොවේ නම් තෘණයෙන් හෝ පර්‍ණයෙන් හෝ පිළිසන් කොට ඉයයුතු ය. ලිහිණි ව නො ම ඉයයුතු ය. යමෙක් ඒ නම් දුකුළාඇවැත් වෙයි. මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු.”
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙය්ය, අඤ්ඤත්ර සමයා, නිස්සග්ගියං පාචිත්තියං. තත්ථායං සමයො: අච්ඡින්නචීවරො වා හොති භික්ඛු නට්ඨචීවරො වා. අයං තත්ථ සමයො’ති.
Sinhala BJT“යම් මහණෙක් නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සමය තබා සිවුරක් විනවා නම් නිසැඟිපචිති වෙයි. එහි මේ සමය වෙයි: මහණ තෙම පැහැර ගන්නා ලද සිවුරු ඇත්තේ හෝ නට සිවුරු ඇත්තේ හෝ වෙයි. මේ එහි සමය වේ.”
Pali BJT[දුතියපඤ්ඤත්ති]
Sinhala BJT[දෙවන පැණවීමයි.]
Pali BJT7. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT7. යො පන යනු: යමෙක්, යම් බඳුයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූ’ති.
Sinhala BJTභික්‍ඛු යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි භික්‍ඛු ය යි අදහස් කරණ ලද්දේ ය.
Pali BJTඅඤ්ඤාතකො නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධො.
Sinhala BJTඅඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මුත්තා යුගය තෙක් අසම්බද්ධයෝ ය.
Pali BJTගහපති නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ නම් හේ.
Pali BJTගහපතානී නාම: යා කාචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJT[need trans?]
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනූපගපච්ඡිමං.
Sinhala BJTචීවර නම්: සසිවුරු අතුරින් විකපුන් පොහෝනා සිවුරු පැසුළු කොට ඇති එක්තරා සිවුරෙකි.
Pali BJTඅඤ්ඤත්ර සමයාති ඨපෙත්වා සමයං.
Sinhala BJTඅඤ්ඤත්‍ර සමයා යනු: සමය තබා.
Pali BJTඅච්ඡින්නචීවරො නාම: භික්ඛුස්ස චීවරං අච්ඡින්නං හොති, රාජූහි වා චොරෙහි වා ධුත්තෙහි වා යෙහි කෙහිචි වා අච්ඡින්නං හොති.
Sinhala BJTඅච්ඡින්නචීවර නම්: භික්‍ෂුහුගේ සිවුරු රජුන් විසින් හෝ සොරුන් විසින් හෝ ධූර්‍තයන් විසින් හෝ යම්කිසි කෙනකුන් විසින් හෝ පැහැර ගන්නා ලද වෙයි.
Pali BJTනට්ඨචීවරො නාම: භික්ඛුස්ස චීවරං අග්ගිනා වා දඩ්ඪං හොති, උදකෙන වා වුළ්හං හොති, උන්දූරෙහි වා උපචිකාහි වා ඛායිතං හොති, පරිභොගජිණ්ණං වා හොති. අඤ්ඤත්ර සමයා විඤ්ඤාපෙති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: -පෙ- ඉදම්මෙ භන්තෙ චීවරං අඤ්ඤාතකං ගහපතිකං අඤ්ඤත්ර සමයා විඤ්ඤාපිතා නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති -පෙ-
Sinhala BJTනට්ඨචීවර නම්: භික්‍ෂුහුගේ සිවුර ගින්නෙන් හෝ දැවුනේ වෙයි. දිය විසින් හෝ උසුලන ලද වෙයි. මීයන් විසින් හෝ වේයන් විසින් හෝ කන ලද වෙයි. පරිභෝගයෙන් දිරුනේ හෝ වෙයි. සමය තබා විනවා (ඉල්ලා) නම් පියොව්හි දුකුළා වෙයි. පිළිගැනීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුල්හට හෝ නිසැජිය යුතු ය. තව ද “මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය: ‘වහන්ස, මේ මාගේ සිවුර නොනෑ ගැහැවියක්හු සමය තබා විනවන ලද්දේ නිසැගි විය. මෙය මම් සඟනට නිසදමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
Pali BJT8. අඤ්ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී අඤ්ඤත්ර සමයා චීවරං විඤ්ඤාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතකෙ වෙමතිකො අඤ්ඤත්ර සමයා චීවරං විඤ්ඤාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතකෙ ඤාතකසඤ්ඤී අඤ්ඤත්ර සමයා චීවරං විඤ්ඤාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ ඤාතකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT8. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව සමය තබා සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නො නෑයකු කෙරෙහි විමති ඇති ව සමය තබා සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇති ව සමය තබා සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නෑයකු කෙරෙහි නො නෑයෙක යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයෙකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
Pali BJT9. අනාපත්ති සමයෙ, ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT9. සමයෙහි, නෑයන් සතු, පැවැරූවන් සතු සිවුරු විනවන්නහුට අනෙකකු සඳහා විනවන්නහුට, තමාගේ ධනයෙන් පිරුළු ගන්නහුට, උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති.
Pali BJTඅඤ්ඤාතකවිඤ්ඤත්තිසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTඅඤ්ඤාතකවිඤ්ඤත්ති ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 1. 7.
Sinhala BJT5. 1. 7.
Pali BJTතතුත්තරිසික්ඛාපදං
Sinhala BJTතතුත්තරිශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අච්ඡින්නචීවරකෙ භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: “භගවතා ආවුසො අනුඤ්ඤාතං අච්ඡින්නචීවරස්ස වා නට්ඨචීවරස්ස වා අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙතුං. විඤ්ඤාපෙථ, ආවුසො චීවරන්ති.” “අලං ආවුසො ලද්ධං අම්හෙහි චීවරන්ති.” “මයං ආයස්මන්තානං අත්ථාය{1} විඤ්ඤාපෙමා”ති. “විඤ්ඤාපෙථ ආවුසො”ති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ අඤ්ඤාතකෙ{2} ගහපතිකෙ උපසඞ්කමිත්වා එතදවොචුං: “අච්ඡින්නචීවරකා ආවුසො භික්ඛූ ආගතා, දෙථ නෙසං චීවරානී”ති බහුං චීවරං විඤ්ඤාපෙසුං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්වෙහෙරෙහි වැඩ වෙසෙති. එසමයෙහි සවග මහණහු අසිඳැගන්නා ලද සිවුරු ඇති භික්‍ෂූන් වෙත එළඹ මෙසේ කියති: ‘ඇවැත්නි, භාග්‍යවතුන් විසින් අසිඳැගන්නා ලද සිවුරු ඇතියහුට හෝ නට සිවුරු ඇතියහුට හෝ නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සිවුරක් විනැවීම අනුදන්නා ලද. ඇවැත්නි, සිවුරක් විනවවු’ ය යි. ‘කම් නැත ඇවැත්නි, අප විසින් සිවුරක් ලබන ලදැ’ යි. ඔහු කියත්. ‘අපි ආයුෂ්මතුන් සඳහා විනවම්හ’ යි සවැඟියෝ කීහ. ‘විනවවු ඇවැත්නි’ යි ඔහු කීහ. ඉක්බිති සවග මහණහු නො නෑ ගැහැවියන් කරා එළඹ මෙසේ කීහ. ‘ඇවැත්නි, අසිඳැගන්නා ලද සිවුරු ඇති මහණහු ආහ. ඔවුනට සිවුරු දෙව’ යි බොහෝ සිවුරු විනවාගත්හ.
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො සභායං නිසින්නො අඤ්ඤතරං පුරිසං එතදවොච: “අච්ඡින්නචීවරකා අය්යො භික්ඛූ ආගතා. තෙසං මයා චීවරං දින්න”න්ති. සොපි එවමාහ “මයාපි දින්නන්ති”. අපරොපි එවමාහ මයාපි දින්නන්ති.” තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා න මත්තං ජානිත්වා බහුං චීවරං විඤ්ඤාපෙස්සන්ති. දුස්සවාණිජ්ජං වා සමණා සක්යපුත්තියා කරිස්සන්ති, පග්ගාහිකසාලං{3} වා පසාරෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ න මත්තං ජානිත්වා බහුං චීවරං විඤ්ඤාපෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT2. එසමයෙහි එක්තරා පුරුෂයෙක් සභායෙහි හුන්නේ එක්තරා පුරුෂයකුට මෙ පවත් කී ය: ‘ආර්‍ය්‍යයෙනි, අසිඳැගන්නා ලද සිවුරු ඇති භික්‍ෂූහු ආහ. මා විසින් ඔවුනට සිවුරක් දෙන ලදැ’ යි. හෙ ද මෙසේ කී ‘මා විසිනුදු දෙන ලදැ’ යි. අනෙකෙකුදු මෙසේ කී: ‘මා විසිනුදු දෙන ලදැ’ යි. ඔහු අවඥා කෙරෙත් අයුණු කියත් දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රීයයෝ පමණ නො දැන බොහෝ සිවුරු විනවා ගත්තු ද, පිළී වෙණෙඳහමක් හෝ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කෙරෙත් ද පිළී අවුණක් හෝ විවෘත කෙරෙත් දැ යි. භික්‍ෂූහු අවඥා කරණ අයුණු කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් සවඟ මහණහු පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT3. “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ න මත්තං ජානිත්වා බහුං චීවරං විඤ්ඤාපෙථා”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: කථං හි නාම තුම්හෙ මොඝපුරිසා න මත්තං ජානිත්වා බහුං චීවරං විඤ්ඤාපෙස්සථ, නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT3. ‘සැබෑ ද මහණෙනි, තෙපි පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු ල’ යි භාග්‍යවත්හු ඇසූහ. “සැබෑව භාග්‍යවතුන් වහන්ස” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: ‘කෙසේ නම් කුච්ඡ පුරුෂයෙනි, තෙපි පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු ද! තුච්ඡපුරුෂයෙනි, තෙල කරුණ නො පහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
Pali BJT“තඤ්චෙ අඤ්ඤාතකො ගහපති වා ගහපතානී වා බහූහි චීවරෙහි අභිහට්ඨුං පවාරෙය්ය, සන්තරුත්තරපරමං තෙන භික්ඛුනා තතො චීවරං සාදිතබ්බං. තතො චෙ උත්තරිං{1} සාදියෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති.”
Sinhala BJT“ඉදින් නොනෑ ගෘහපතියෙක් හෝ ගෘහපතිනියක් හෝ ඒ (අසිඳැගත්නට සිවුරු ඇති) මහණහට කැමතිතාක් ගෙන යන්නට බොහෝ සිවුරින් පවරා නම් ඒ මහණහු විසින් හඳනා සිවුර හා උතුරුසඟ පරම කොට ඇති සිවුරක් එයින් ඉවසිය යුතු” ය. ඉදින් එයින් මත්තෙහි ඉවසා නම් නිසැඟි පචිති වේ” යයි.
Pali BJT4. තඤ්චෙ ති අච්ඡින්නචීවරකං භික්ඛුං.
Sinhala BJT4. තඤ්චෙ යනු: පැහැරගන්නා ලද සිවුරු ඇති මහණ.
Pali BJTඅඤ්ඤාතකො නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධො.
Sinhala BJTඅඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මී මුතුන් යුගළුව දක්වා අසම්බද්ධයෝ ය.
Pali BJTගහපති නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද හේ.
Pali BJTගහපතානී නාම: යා කාචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTගහපතානි නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද හෝ.
Pali BJTබහූහි චීවරෙහීති බහුකෙහි චීවරෙහි.
Sinhala BJTබහූහි චීවරෙහි යනු: බොහෝ වූ සිවුරින්.
Pali BJTඅභිහට්ඨුං පවාරෙය්යාති යාවතකං ඉච්ඡසි තාවතකං ගණ්හාහීති.
Sinhala BJTඅභිහට්ඨුං පවාරෙය්‍ය යනු: යම්තාක් රිසියෙහි නම් ඒ තාක් ගණුව යි.
Pali BJTසන්තරුත්තරපරමං තෙන භික්ඛුනා තතො චීවරං සාදිතබ්බන්ති සචෙ තීණි නට්ඨානි හොන්ති ද්වෙ සාදිතබ්බානි, ද්වෙ නට්ඨානි එකං සාදිතබ්බං, එකං නට්ඨං න කිඤ්චි සාදිතබ්බං.
Sinhala BJTසන්තරුත්තපරමං තෙන භික්ඛුනා තතෝ චීවරං සාදිතබ්බං යනු: ඉදින් තුන් සිවුර නටුයේ නම් දෙකෙක් ඉවසිය යුතු ය. දෙකෙක් නටුයේ නම් එකෙක් ඉවසිය යුතු ය. එකෙක් නටුයේ නම් කිසිවක් නො ඉවසිය යුතු ය.
Pali BJTතතො චෙ උත්තරිං සාදියෙය්යාති තතුත්තරි විඤ්ඤාපෙති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං:
Sinhala BJTතතො චෙ උත්තරිං සාදියෙය්‍ය යනු: එයින් මත්තෙහි විනවා නම් ප්‍රයෝගයෙහි දුකුළා වෙයි. සිවුරු ලැබීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය.
Pali BJT“ඉදම්මෙ භන්තෙ චීවරං අඤ්ඤාතකං ගහපතිකං{2} තතුත්තරිං විඤ්ඤාපිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති”ති. දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJT‘වහන්ස, මේ මාගේ සිවුර නොනෑ ගැහැවියකු සතු වූයේ පමණින් මතුයෙහි විනවන ලද්දේ නිසැඟි විය, මෙය මම් සඟනට නිසදමි’ යි ... දෙන්නේ ය යි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි ...
Pali BJT5. අඤ්ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී තතුත්තරිං චීවරං විඤ්ඤාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතකෙ වෙමතිකො -පෙ- අඤ්ඤාතකෙ ඤාතකසඤ්ඤී තතුත්තරිං චීවරං විඤ්ඤාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ ඤාතකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT5. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව පමණින් මත්තෙහි සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇත්තේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ පමණින් මත්තෙහි සිවුරක් විනවා නම් නිසැගි පචිති වෙයි. නෑයකු කෙරෙහි නො නෑයෙක යන සංඥා ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ, ඇවැත් නැති.
Pali BJT6. අනාපත්ති සෙසකං ආහරිස්සාමීති හරන්තො ගච්ඡති, සෙසකං තුය්හෙව හොතූති දෙන්ති, න අච්ඡින්නකාරණා දෙන්ති, න නට්ඨකාරණා දෙන්ති, ඤාතකානං, පවාරිතානං, අත්තනො ධනෙන, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. සෙස්ස ‘ගෙණ එන්නෙමි’ යි ගෙණ යේ නම්, සෙස්ස තොපට ම වේවයි දෙත් නම් අසිඳැගන්නා ලද කරුණින් නො දෙත් නම්, තට හෙයින් නො දෙත් නම්, තතුත්තර සිවුරු ගන්නහුට, නෑයන් සතු, පැවරූවන් සතු තතුත්තර සිවුරු ගන්නහුට, තමාගේ ධනයෙන් ගන්නහුට, උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති.
Pali BJTතතුත්තරිසික්ඛාපදං නිට්ඨිතං
Sinhala BJTතතුත්තරි ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 1. 8.
Sinhala BJT5. 1. 8.
Pali BJTපඨමඋපක්ඛටසික්ඛාපදං
Sinhala BJTප්‍රථමඋපක්ඛටශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො පජාපතිං එතදවොච: “අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. අස්සොසි ඛො අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු තස්ස පුරිසස්ස ඉමං වාචං භාසමානස්ස. අථ ඛො සො භික්ඛු යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “මහාපුඤ්ඤො’සි ත්වං ආවුසො උපනන්ද, අමුකස්මිං ඔකාසෙ අඤ්ඤතරො පුරිසො පජාපතිං එතදවොච: අය්යං උපනන්දං, චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. “අත්ථාවුසො මං සො උපට්ඨාකො’ති. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො යෙන සො පුරිසො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං පුරිසං එතදවොච: “සච්චං කිර මං ත්වං ආවුසො චීවරෙන අච්ඡාදෙතුකාමොසී”ති? “අපි{1} ම’ය්ය එවං හොති: “අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. “සචෙ ඛො මං ත්වං ආවුසො චීවරෙන අච්ඡාදෙතුකාමො’සි, “එවරූපෙන චීවරෙන අච්ඡාදෙහි ක්යාහං තෙන අච්ඡන්නොපි කරිස්සාමි, යාහං න පරිභුඤ්ජිස්සාමී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි එක්තරා පුරුෂයෙක් භාර්‍ය්‍යාවට උපනන්‍ද හිමියන් සිවුරෙන් ආච්ඡාදනය කරන්නෙමි’ යි. මේ කී ය: එක්තරා පිඬුසිඟා යන මහණෙක් ඒ පුරුෂයා මේ තෙපුල් කියන්න ඇසී ය. ඉක්බිති ඒ මහණ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට ආයුෂ්මත් උපනන්‍දයෙනි, තෙපි මහපින් ඇත්තහු ය. අසෝ පෙදෙසෙහි එක්තරා මිනිසෙක් බිරිඳට “උපනන්‍ද හිමියන් චීවරයෙන් ආච්ඡාදනය කරවන්නෙමි” යි. කී යයි සැළ කෙළේ ය. “ඇවැත්නි, (එබඳු මිනිසෙක්) ඇත. හේ මාගේ උපස්ථායකයෙකැ” යි. උපනන්‍ද තෙර කීය. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ඒ පුරුෂයා වෙත එළඹ “සැබෑවෙක් ද, ඇවැත්නි, තෙපි මා සිවුරකින් ආච්ඡාදනය කරණු කැමැත්තහු දැ?” යි ඇසී ය. “හිමියනි, උපනන්‍ද හිමියන් චීවරයෙකින් ආච්ඡාදනය කරන්නෙමි” යි මට මේ සිත නම් වී යැයි හේ කී ය. “ඉදින් ඇවැත්නි, තෙපි සිවුරෙකින් මා ආච්ඡාදනය කරණු කැමැත්තාහු නම් මෙබඳු සිවුරකින් ආච්ඡාදනය කරවු. යම් සිවුරක් මම් පරිභෝග නො කෙරෙම් නම් ඒ සිවුරින් පුදන ලද්දෙම් නමුදු එයින් මම් කුමක් කෙරෙම් දැ?” යි උපනන්‍ද තෙර කී ය.
Pali BJT2. අථ ඛො සො පුරිසො උජ්ඣායති ඛීයති විපාචෙති: “මහිච්ඡා ඉමෙ සමණා සක්යපුත්තියා අසන්තුට්ඨා, නයිමෙ සුකරා චීවරෙන අච්ඡාදෙතුං. කථං හි නාම අය්යො උපනන්දො මයා පුබ්බෙ අප්පවාරිතො මං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තස්ස පුරිසස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣාය්යන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බෙ අප්පවාරිතො ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං “සච්චං කිර ත්වං උපනන්ද පුබ්බෙ අප්පවාරිතො ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජීති{2}? “සච්චං භගවා”. “ඤාතකො තෙ උපනන්ද අඤ්ඤාතකොති”? “අඤ්ඤාතකො භගවා”ති. ‘අඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතකස්ස න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා සන්තං වා අසන්තං වා. තත්ථ නාම ත්වං මොඝපුරිස පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකං ගහපතිං{3} උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT2. ඉක්බිති ඒ පුරුෂ ‘මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීකයයෝ මහේච්ඡයෝ ය. අසන්තුෂ්ටයෝ ය, මොවුන් සිවුරකින් පුදන්නට පහසු නො වෙයි. කෙසේ නම් උපනන්‍ද හිමියෝ කලින් මා විසින් නොපවරණ ලද්දාහු මා වෙත එළඹ චීවරයෙහි අධික විධානයට පැමිණෙන්නාහු දැ’ යි අවඥා කෙරෙයි, නුගුණ කියයි, දොස් පහළ කෙරේ: භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසාගේ බස් ඇසූහ. යම් භික්‍ෂු කෙනෙක් අල්පේච්ඡයෝ ද ඔහු ‘කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නොපවරණ ලද්දාහු, ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ!’ යි. අවඥා කෙරෙති, අගුණ කියති, දොස් පහළ කෙරෙති. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබෑවෙක් ද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලදුයෙහි ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි දැ?’ යි. භාග්‍යවත්හු පුළුවුත්හ. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස’ යි හේ කී ය. “උපනන්‍දය, තාගේ නෑයෙක් ද නො නෑයෙක් දැ?” යි භාග්‍යවත්හු ඇසූහ. ‘නොනෑයෙක භාග්‍යවතුන් වහන්සැ’ යි හේ කී ය. “තුච්ඡ පුරුෂය, නො නෑයෙක් නොනෑයකුට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනියි. තුච්ඡපුරුෂය, එහි නම් තෝ පෙර නො පවරණ ලද්දෙහි නොනෑ ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි. තුච්ඡ පුරුෂය, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදයට හෝ නො වැටෙයි ... තව ද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
Pali BJT“භික්ඛුං පනෙව උද්දිස්ස අඤ්ඤාතකස්ස ගහපතිස්ස වා ගහපතානියා වා චීවරචෙතාපන්නං{4} උපක්ඛටං හොති, ඉමිනා චීවරචෙතාපන්නෙන චීවරං චෙතාපෙත්වා ඉත්ථන්නාමං භික්ඛුං චීවරෙන අච්ඡාදෙස්සාමීති. තත්ර චෙසො භික්ඛු පුබ්බෙ අප්පවාරිතො උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජෙය්ය: සාධු වත මං ආයස්මා ඉමිනා චීවරචෙතාපන්නෙන එවරූපං වා එවරූපං වා චීවරං චෙතාපෙත්වා අච්ඡාදෙහීති කල්යාණකම්යතං උපාදාය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“මහණක්හු ම උදෙසා නොනෑ ගැහැවියකු විසින් හෝ ගැහැවි දුවක විසින් හෝ මේ සිවුරුමිලයෙන් සිවුරක් මිල දී ගෙණ මෙනම් ඇති මහණහුට දෙන්නෙමි යි සිවුරුමිලයක් සපයන ලද්දේ වේ ද, ඉදින් ඒ මහණ පෙර නො පවරණ ලද්දේ එහි එළඹ ‘ආයුෂ්මත, මේ සිවුරු මිලයෙන් මෙබඳු වූ ද මෙබඳු වූ ද සිවුරක් මිල දී ගෙණ මට දෙව’ යි සොඳුරු බව කැමැති බව රිසි වැ මෙසේ කළහොත් මැනැවැ යි චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ වී නම් නිසැඟිපචිති වේ.”
Pali BJT3. භික්ඛුං පනෙව උද්දිස්සාති භික්ඛුස්සත්ථාය, භික්ඛුං ආරම්මණං කරිත්වා, භික්ඛුං අච්ඡාදෙතුකාමො.
Sinhala BJT3. භික්‍ඛුං පනෙව උද්දිස්ස යනු: මහණක්හු සඳහා, මහණක්හු අරමුණු කොට, මහණක්හු ආච්ඡාදනය කරණු කැමැත්තේ.
Pali BJTඅඤ්ඤාතකො නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධො.
Sinhala BJTඅඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වන මීමුතුන් යුගලය දක්වා නො සබඳ වූයේ ය.
Pali BJTගහපති නාම: යො කොචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ නම් හේ ය.
Pali BJTගහපතානී නාම: යා කාචි අගාරං අජ්ඣාවසති.
Sinhala BJTගහපතානී නම්: යම් කිසිවක් ගිහිගෙයි වෙසේ නම් හෝ ය.
Pali BJTචීවරචෙතාපන්නං නාම: හිරඤ්ඤං වා සුවණ්ණං වා මුත්තා වා මණි වා පවාළො වා ඵළිකො වා පටකො වා සුත්තං වා කප්පාසො වා.
Sinhala BJTචීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ පබළු හෝ පිළිමිණි හෝ පටයෙක් හෝ හූ හෝ කපු හෝ ය.
Pali BJTඉමිනා චීවරචෙතාපන්නෙනාති පච්චුපට්ඨිතෙන.
Sinhala BJTඉමිනා චීවරචේතාපන්නෙන යනු: වෙතට පත් දැයෙකින්.
Pali BJTචෙතාපෙත්වාති පරිවත්තෙත්වා.
Sinhala BJTචෙතාපෙත්‍වා යනු: පිරිවටා.
Pali BJTඅච්ඡාදෙස්සාමීති දස්සාමි.
Sinhala BJTඅච්ඡාදෙස්සාමි යනු: දෙන්නෙමි.
Pali BJTතත්ර චෙ සො භික්ඛූති යං භික්ඛුං උද්දිස්ස චීවරචෙතාපන්නං උපක්ඛටං හොති, සො භික්ඛු.
Sinhala BJTතත්‍ර වෙසො භික්‍ඛු යනු: යම් මහණක්හු උදෙසා සිවුරුමිල සපයන ලද වේ ද ඒ මහණ.
Pali BJTපුබ්බෙ අප්පවාරිතොති පුබ්බෙ අවුත්තො හොති, කීදිසෙන තෙ භන්තෙ චීවරෙන අත්ථො, කීදිසං තෙ චීවරං චෙතාපෙමිති.
Sinhala BJTපුබ්බේ අප්පචාරිතො යනු: වහන්ස, කෙබඳු සිවුරෙකින් තොපට ප්‍රයෝජන වේ ද කෙබඳු සිවුරක් තොපට මිල දී ගනිම් දැ යි පෙර නො කියන ලද්දේ වේ.
Pali BJTඋපසඞ්කමිත්වාති ඝරං ගන්ත්වා, යත්ථ කත්ථචි උපසඞ්කමිත්වා.
Sinhala BJTඋපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස් යම් කිසි තැනෙක්හි එළඹ.
Pali BJTචීවරෙ විකප්පං ආපජ්ජෙය්යාති ආයතං වා හොතු විත්ථතං වා අප්පිතං වා සණ්හං වා.
Sinhala BJTචීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය යනු: දිගු ද පුළුල් ද ඝන ද සිලිටි ද වේව යි.
Pali BJTඉමිනා චීවරචෙතාපන්නෙනාති පච්චුපට්ඨිතෙන.
Sinhala BJT[need trans?]
Pali BJTඑවරූපං වා එවරූපං වාති ආයතං වා විත්ථතං වා අප්පිතං වා සණ්හං වා.
Sinhala BJT[need trans?]
Pali BJTචෙතාපෙත්වාති පරිවත්තෙත්වා.
Sinhala BJTචෙතාපෙත්‍වා යනු: පිරිවටා.
Pali BJTඅච්ඡාදෙහීති දජ්ජෙහි.
Sinhala BJTඅච්ඡාදේහි යනු: දෙව.
Pali BJTකල්යාණකම්යතං උපාදායාති සාධත්ථිකො{1} මහග්ඝත්ථිකො.
Sinhala BJTකල්‍යාණකම්‍යතං උපාදාය යනු: සොඳුරු බව කැමැත්තේ මහඇඟි බව කැමැත්තේ.
Pali BJT4. තස්ස වචනෙන ආයතං වා විත්ථතං වා අප්පිතං වා සණ්හං වා චෙතාපෙති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති, නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ චීවරං පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකං ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපන්නං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJT4. ඔහුගේ බසින් දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ වූවක් මිල දී ගණී නම්, පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේ නිසැජියයුතු ය: ‘වහන්ස, මේ මාගේ සිවුර පෙර නො පවරන ලදුයෙම් නොනෑ ගැහැවියක්හු කරා එළඹ සිවුරෙහි අධිකවිධානයට පැමිණෙන ලදුයේ නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’යි. ...
Pali BJT5. අඤ්ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී පුබ්බෙ අප්පවාරිතො ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතකෙ වෙමතිකො -පෙ- අඤ්ඤාතකෙ ඤාතකසඤ්ඤී පුබ්බෙ අප්පවාරිතො ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජති, නිස්සග්ගියං පාචිත්තියං. ඤාතකෙ අඤ්ඤාතකසඤ්ඤී. ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඤාතකෙ ඤාතකසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT5. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව පෙර නොපවරන ලදුයේ ගැහැවියකු කරා එළැඹ චීවරයෙහි විධානයට පැමිණේ නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇතියේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇතියේ පෙර නො පවරන ලදු වැ ගැහැවියකු කරා එළැඹ චීවරයෙහි විකල්පයට පැමිණේ නම්, නිසැඟි පචිති වෙයි. නෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇතියේ ඇවැත් නැති.
Pali BJT6. අනාපත්ති ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, මහග්ඝං චෙතාපෙතුකාමස්ස අප්පග්ඝං චෙතාපෙති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT6. නෑයනට, පැවැරුවනට අනෙකක්හු සඳහා, තමාගේ ධනයෙන් මහඇඟි කොට මිල දී ගණු කැමැත්තහුට නො අගනා කොට මිල දී ගන්වා නම්, ඇවැත් නැත. උන්මත්තකයහට ආදිකම්‍මිකයහට ඇවැත් නැත්තේ යි.
Pali BJTපඨමඋපක්ඛටසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTප්‍රථම උපක්‍ඛට ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 1. 9.
Sinhala BJT5. 1. 9.
Pali BJTදුතියඋපක්ඛටසික්ඛාපදං
Sinhala BJTද්විතීයඋපක්ඛටශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො අඤ්ඤතරං පුරිසං එතදවොච: “අහං අය්යං උපනන්දං{1} චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. සො’පි එවමාහ: “අහම්පි අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. අස්සොසි ඛො අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු තෙසං පුරිසානං ඉමං කථාසල්ලාපං. අථ ඛො සො භික්ඛු යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “මහාපුඤ්ඤො’සි ත්වං ආවුසො උපනන්ද. අමුකස්මිං ඔකාසෙ අඤ්ඤතරො පුරිසො අඤ්ඤතරං පුරිසං එතදවොච: “අහං අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. සො’පි එවමාහ: අහම්පි අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙස්සාමී”ති. “අත්ථාවුසො මං තෙ උපට්ඨාකාති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩවසන සේක. තව ද එසමයෙහි එක්තරා මිනිසෙක් එක්තරා මිනිසකුට ‘මම් උපනන්‍ද හිමියනට සිවුරක් දෙන්නෙමි’ යි කීය. හෙ තෙමේ ‘මම ද උපනන්‍ද හිමියනට සිවුරක් දෙන්නෙමි’ යි කී ය. එක්තරා පිඬුසිඟා යන භික්‍ෂූ කෙනෙක් ඒ මිනිසුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. ඉක්බිති ඒ මහණ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා කරා එළැඹ, ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා හට “ඇවැත්නි උපනන්‍දයෙනි, තෙපි මහපින් ඇත්තව, අසුවල් පෙදෙසෙහි එක්තරා මිනිසෙක් එක්තරා මිනිසකුට මම් උපනන්‍ද හිමියන් සිවුරකින් පුදන්නෙමි යි කී ය. හෙතෙමේ ‘මම ද උපනන්‍ද හිමියන් සිවුරකින් පුදන්නෙමි’ යි කීය. “ඇවැත්නි, ඔහු මට උපස්ථායකයෝ වෙති” යි උපනන්‍ද තෙරණුවෝ කීහ.
Pali BJT2. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො යෙන තෙ පුරිසා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ පුරිසෙ එතදවොච: “සච්චං කිර මං තුම්හෙ ආවුසො චීවරෙහි අච්ඡාදෙතුකාමාත්ථා”ති. “අපි නය්ය එවං හොති, අය්යං, උපනන්දං චීවරෙහි අච්ඡාදෙස්සාමා”ති. “සචෙ ඛො මං තුම්හෙ ආවුසො චීවරෙහි අච්ඡාදෙතුකාමත්ථ, එවරූපෙන චීවරෙන අච්ඡාදෙථ, ක්යාහං තෙහි අච්ඡන්නො’පි කරිස්සාමි, යානාහං න පරිභුඤ්ජිස්සාමී”ති .
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ මිනිසුන් කරා එළැඹ “සැබැවෙක් ද? ඇවැත්නි, තෙපි මා සිවුරුවලින් පුදනු කැමැතියවු දැ?” යි විචාළහ. ‘හිමියෙනි, උපනන්‍ද හිමියන් පුදන්නම්හ’ යි මෙබඳු සිතෙක් නම් වියැ” යි ඔහු කීහ. ‘ඉදින් ඇවැත්නි, තෙපි සිවුරුවලින් පුදනු කැමැතියවු නම්, මෙබඳු සිවුරකින් පුදව්, යම් බඳු සිවුරු මම් පරිභෝග නො කෙරෙම් නම්, එයින් පුදන ලදුයෙම් නමුදු මම් කුමක් කෙරෙම් දැ’ යි තෙරණුවෝ කී හ.
Pali BJT3. අථ ඛො තෙ පුරිසා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “මහිච්ඡා ඉමෙ සමණා සක්යපුත්තියා අසන්තුට්ඨා, නයිමෙ සුකරා චීවරෙහි අච්ඡාදෙතුං, කථං හි නාම අය්යො උපනන්දො අම්හෙහි පුබ්බෙ අප්පවාරිතො උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං පුරිසානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පුබ්බෙ අප්පවාරිතො ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සතී”ති.
Sinhala BJT3. එකල්හි ‘මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය. අසන්තුෂ්ටයෝ යැ. මොවුන් සිවුරුවලින් පුදන්නට පහසු නො වෙයි. කෙසේ නම් උපනන්‍ද හිමියෝ අප විසින් පෙර නො පවරණ ලද්දාහු සමීපයට පැමිණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ’ යි ඒ පුරුෂයෝ ගරහති නුගුණ කියති දොස් පහළ කෙරෙත්. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ පුරුෂයන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ නම් ඔහු ‘කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නො පවරණ ලද්දාහු ගැහැවියන් කරා පැමිණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ’ යි අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්.
Pali BJT4. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං උපනන්ද පුබ්බෙ අප්පවාරිතො ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජී?”ති “සච්චං භගවා”. “ඤාතකා තෙ උපනන්ද අඤ්ඤාතකා?”ති “අඤ්ඤාතකා භගවා”ති. “අඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතකානං න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා සන්තං වා අසන්තං වා. තත්ථ නාම ත්වං මොඝපුරිස පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබෑද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලද්දේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ ල?” යි භාග්‍යවත්හු පුළුවුත්හ. “සැබෑව, භාග්‍යවතුන් වහන්ස” යි තෙරණුවෝ කීහ. “උපනන්‍දය, තාගේ නෑයෝ ද නො නෑයෝ දැ” යි භාග්‍යවත්හු අසා වදාළහ. “නොනෑ කෙනෙක භාග්‍යයවතුන් වහන්සැ” යි තෙරණුවෝ කීහ. “තුච්ඡපුරුෂය, නො නෑයෙක් නො නෑයනට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනියි. තුච්ඡපුරුෂය, එහි තෝ පෙර නො පවරණ ලද්දේ, නොනෑ ගැහැවියන්, කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි. තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
Pali BJT“භික්ඛුං පනෙව උද්දිස්ස උභින්නං අඤ්ඤාතකානං ගහපතීනං වා ගහපතානීනං වා පච්චෙකචීවරචෙතාපන්නා උපක්ඛටානි{1} හොන්ති: ඉමෙහි මයං පච්චෙකචීවරචෙතාපන්නෙහි පච්චෙකචීවරානි චෙතාපෙත්වා ඉත්ථන්නාමං භික්ඛුං චීවරෙහි අච්ඡාදෙස්සාමාති. තත්ර චෙසො භික්ඛු පුබ්බෙ අප්පවාරිතො උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජෙය්ය: සාධු වත මං ආයස්මන්තො ඉමෙහි පච්චෙකචීවරචෙතාපන්නෙහි එවරූපං වා එවරූපං වා චීවරං චෙතාපෙත්වා අච්ඡාදෙථ. උභො’ව සන්තා එකෙනාති, කල්යාණකම්යතං උපාදාය, නිස්සග්ගියං පාචිත්ති”න්ති.
Sinhala BJT“මහණක්හු ම උදෙසා නොනෑ වූ ගැහැවියන් දෙදෙනකුන් විසින් හෝ ගෙහඹුවන් දෙදෙනකුන් විසින් හෝ අපි මේ වෙන් වෙන් වූ සිවුරු මිලයෙන් වෙන වෙන සිවුරු මිල දී ගෙණ මෙනම් මහණහු සිවුරින් පුදම්හ” යි වෙන වෙන සිවුරු මිල රැස් කරණ ලද වේ ද, තෙල මහණ පෙර නො පවරන ලදුයේ ඔවුන් සමීපයෙහි එළඹ ‘ආයුෂ්මත්නි, තෙපි දෙදෙනා මැ එක් ව මේ වෙන වෙන සිවුරුමිලයෙන් මෙබඳු වූ ද මෙබඳු වූ ද සිවුරක් විකොටගෙණ එක් සිවුරෙකින් මා පුදන්නහු නම් මැනැවැ’ යි කල්‍යාණකම්‍යතාව සිතාගෙණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ වී නම් නිසැඟි පවිතී වේ.”
Pali BJT5. භික්ඛුං පනෙව උද්දිස්සාති භික්ඛුස්සත්ථාය, භික්ඛුං ආරම්මණං කරිත්වා, භික්ඛුං අච්ඡාදෙතුකාමා.
Sinhala BJT5. භික්‍ඛුං පනෙච උද්දීස්‍ස යනු: මහණක්හු සඳහා මහණක්හු අරමුණු කොට මහණකු ආච්ඡාදනය කරුණු කැමැත්තාහු.
Pali BJTඋභින්නන්ති ද්වින්නං.
Sinhala BJTඋභින්නං යනු: දෙදෙනකුන්ගේ.
Pali BJTඅඤ්ඤාතකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධා.
Sinhala BJTඅඤ්ඤාතක නම්: මවුපියන් හෝ පියපසින් හෝ සත් වන මීමුතුන් යුවල දක්වා නො බැඳුනාහු.
Pali BJTගහපතී නාම: යෙ කෙචි අගාරං අජ්ඣාවසන්ති.
Sinhala BJTගහපති නම්: යම් කෙනෙක් ගිහිගෙයි වෙසෙත් ද ඔහු.
Pali BJTගහපතානියො නාම: යා කාචි අගාරං අජ්ඣාවසන්ති.
Sinhala BJTගහපතානී නම්: ගිහිගෙයි වෙසෙන යම් කිසි ස්ත්‍රීහු ය.
Pali BJTචීවරචෙතාපන්නා නාම: හිරඤ්ඤා වා සුවණ්ණා වා මුත්තා වා මණී වා පවාළා වා ඵලිකා වා පටකා වා සුත්තා වා කප්පාසා වා.
Sinhala BJTචීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ පබළු හෝ පිළිමිණි හෝ පිළි හෝ හූ හෝ කපු හෝ ය.
Pali BJTඉමෙහි චීවරචෙතාපන්නෙහිති පච්චුපට්ඨිතෙහි. චෙතාපෙත්වාති පරිවත්තෙත්වා.
Sinhala BJTඉමෙහි චීවරචේතාපන්නෙහි යනු: වෙතට පත් දැයෙකින්, පරිවත්තෙත්‍වා යනු: පිරිවටා (වීකොටගෙණ)
Pali BJTඅච්ඡාදෙස්සාමාති දස්සාම.
Sinhala BJTඅච්ඡාදෙස්සාම යනු: දෙන්නම් හ.
Pali BJTතත්ර චෙසො භික්ඛූති යං භික්ඛුං උද්දිස්ස චීවරචෙතාපන්නානි උපක්ඛටා හොන්ති, සො භික්ඛු.
Sinhala BJTතත්‍ර වෙසො භික්‍ඛු යනු: යම් මහණකු උදෙසා සිවුරුමිල රැස් කරණ ලද ද ඒ මහණ.
Pali BJTපුබ්බෙ අප්පවාරිතොති පුබ්බෙ අවුත්තො හොති, “කීදිසෙන තෙ භන්තෙ චීවරෙන අත්ථො, කීදිසං තෙ චීවරං චෙතාපෙමාති.
Sinhala BJTපුබ්බේ අප්පවාරිතො යනු: ‘වහන්ස, ඔබට කෙබඳු සිවුරෙකින් ප්‍රයෝජන ද? කෙබඳු සිවුරක් ඔබට මිලදී ගණුවෝ දැ’ යි පෙර නො කියන ලද්දේ වෙයි.
Pali BJTඋපසඞ්කමිත්වාති ඝරං ගන්ත්වා, යත්ථ කත්ථචි උපසඞ්කමිත්වා.
Sinhala BJTඋපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස්, යම් තැනෙක්හි එළඹ.
Pali BJTචීවරෙ විකප්පං ආපජ්ජෙය්යාති ආයතං වා හොතු විත්ථතං වා අප්පිතං වා සණ්හං වා.
Sinhala BJTචීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය යනු: දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ වේව’යි.
Pali BJTඉමෙහි චීවරචෙතාපන්නෙහීති පච්චුපට්ඨිතෙහි.
Sinhala BJTඉමෙහි චීවරවෙතාපන්නෙහි යනු: වෙතට පත් දැයෙකින්.
Pali BJTඑවරූපං වා එවරූපං වාති ආයතං වා විත්ථතං වා අප්පිතං වා සණ්හං වා.
Sinhala BJTඑවරූපං වා එවරූපං වා යනු: දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ.