Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං චීවරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නිස්සග්ගියං සඞ්ඝස්ස නිස්සට්ඨං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං චීවරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො දදෙය්යා”ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් මහණහුගේ මේ සිවුර නිසැඟි විය. සඟනට නිසදන ලද. ඉදින් සඟනට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මේ සිවුර මෙනම් මහණහට දෙන්නේ ය” යි.
Pali BJT4. තෙන භික්ඛුනා සම්බහුලෙ භික්ඛූ උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්සු වචනීයා: “ඉදම්මෙ භන්තෙ චීවරං දසාහාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං ආයස්මන්තානං නිස්සජ්ජාමී”ති. නිස්සජ්ජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා. නිස්සට්ඨචීවරං දාතබ්බං.
Sinhala BJT4. ඒ මහණහු විසින් බොහෝ භික්‍ෂූන් කරා එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නාහු ය. “වහන්ස, මාගේ මේ සිවුර දස දවස් ඉක්ම ගියේ නිසැඟි විය. මම් මේ සිවුර ආයුෂ්මත්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර ඔහුට දිය යුතු:
Pali BJT“සුණන්තු මෙ ආයස්මන්තා. ඉදං චීවරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නිස්සග්ගියං. ආයස්මන්තානං නිස්සට්ඨං. යදායස්මන්තානං පත්තකල්ලං, ආයස්මන්තා ඉමං චීවරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො දදෙය්යු”න්ති.
Sinhala BJT“ආයුෂ්මත්නි, මා කියන්නක් අසත්වා. මෙනම් භික්‍ෂූහුගේ මේ සිවුර නිසැඟි විය. ආයුෂ්මත්නට නිසජන ලද. ඉදින් ආයුෂ්මත්නට පැමිණි කල් ඇත් නම් ආයුෂ්මත්හු මේ සිවුර මෙ නම් මහණහට දෙන්නාහු ය” යි.
Pali BJT5. තෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “ඉදං මෙ ආවුසො චීවරං දසාහාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමී”ති. නිස්සජ්ජිත්වා ආපත්ති දෙසෙතබ්බා. තෙන භික්ඛුනා ආපත්ති පටිග්ගහෙතබ්බා. නිස්සට්ඨචීවරං දාතබ්බං: “ඉමං චීවරං ආයස්මතො දම්මී”ති.
Sinhala BJT5. ඒ මහණහු විසින් එක් මහණක්හු වෙත එළඹ උතුරුසඟ එකස් කොට උළුල්ලෙන් හිඳ මෙසේ කියයුතු වන්නේ ය. “ඇවැත්නි, මාගේ මේ සිවුර දස දවසක් ඉක්ම ගියේ නිසැඟි විය. මම් මේ සිවුර ආයුෂ්මත්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතු. ඒ මහණහු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර “මේ සිවුර ආයුෂ්මත්හට දෙමි” යි දිය යුතු.
Pali BJT6. දසාහාතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. දසාහාතික්කන්තෙ වෙමතිකො, නිස්සග්ගියං පාචිත්තියං. දසාහාතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අනධිට්ඨිතෙ අධිට්ඨිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිකප්පිතෙ විකප්පිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අනට්ඨෙ නට්ඨසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිනට්ඨෙ විනට්ඨසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අදඩ්ඪෙ දඩ්ඪසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිලුත්තෙ විලුත්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. නිස්සග්ගියං චීවරං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. දසාහානතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. දසාහානතික්කන්තෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. දසාහානතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT6. දස දවසක් ඉක්ම ගිය කල්හි ‘ඉක්ම ගියේ ය’ යන සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. දස දවසක් ඉක්මගිය කල්හි විමති ඇත්තේ, නිසැඟි පචිති වෙයි. දස දවසක් ඉක්ම ගිය කල්හි ‘ඉක්ම නො ගියේ ය’ යන සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො ඉටන ලද්දෙහි ඉටන ලදැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො විකපන ලද්දෙහි විකපන ලදැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො විසජන ලද්දෙහි විසජන ලදැයි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො නටුයෙහි නටැ යි සංඥා ඇත්තේ නිසැඟි පචිති වෙයි. නො වැනැසුනෙහි වැනැසිනැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො දැවුනෙහි දැවිනැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො පැහැර ගත්තෙහි පැහැර ගන්නා ලදැයි සංඥා ඇත්තේ නිසැඟි පචිති වෙයි. නිසැඟි සිවුර නො නිසදා පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දස දවස් නො ඉක්මුනෙහි ඉක්මිනැ යි සංඥා ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. දස දවස් නො ඉක්මුනෙහි විමති ඇත්තේ, දුකුළා ඇවැත් වෙයි. දස දවස් නො ඉක්මුනෙහි නො ඉක්මිනැ යි සංඥා ඇත්තේ, ඇවැත් නැති.
Pali BJT7. අනාපත්ති අන්තොදසාහං අධිට්ඨෙති විකප්පෙති විස්සජ්ජෙති නස්සති විනස්සති ඩය්හති අච්ඡින්දිත්වා ගණ්හන්ති, විස්සාසං ගණ්හන්ති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT7. ඇතුළු දස දවස්හි ඉටා නම් විකපා නම් විසඳා නම් නැසේ නම් වැනැසේ නම් දැවේ නම් අසිඳැ ගණිත් නම් විස්වැසි ව ගණිත් නම් ඇවැත් නැති. උම්මත්තකයනට ආදිකම්මිකයහට, ඇවැත් නැතැ’ යි.
Pali BJT8. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නිස්සට්ඨචීවරං න දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ නිස්සට්ඨචීවරං න දාතබ්බං. යො න දදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT8. තවද එසමයෙහි ෂඩ්වර්‍ගගීය භික්‍ෂූහු නිසැදු සිවුර නො දෙති. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “මහණෙනි, නිසැදු සිවුර නො දිය යුතු නො වෙයි. යමෙක් නො දේ නම් දුකුළාඇවැත් වේ” යයි.
Pali BJTපඨමකඨිනසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTප්‍රථම කඨින ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 1. 2.
Sinhala BJT5. 1. 2.
Pali BJTදුතියකඨින සික්ඛාපදං{1}
Sinhala BJTද්විතීයකඨිනශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ භික්ඛූනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමන්ති. තානි චීවරානි චිරං නික්ඛිත්තානි කණ්ණකිතානි හොන්ති. තානි භික්ඛූ ඔතාපෙන්ති. අද්දසා ඛො ආයස්මා ආනන්දො සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තෙ භික්ඛූ තානි චීවරානි ඔතාපෙන්තෙ. දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “කස්සිමානි ආවුසො චීවරානි කණ්ණකිතානී”ති. අථ ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස එතමත්ථං ආරොචෙසුං. ආයස්මා ආනන්දො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛූ භික්ඛූනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමිස්සන්තී”ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි, “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ භික්ඛූනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමන්තී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා භික්ඛූනං හත්ථෙ චීවරං නික්ඛිපිත්වා සන්තරුත්තරෙන ජනපදචාරිකං පක්කමිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වාසය කරන සේක. තවද එසමයෙහි භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් යුතු ව ජනපදචාරිකායේහි නික්මෙති. ඒ සිවුරු බොහෝ කල් තබන ලද්දාහු හටගත් කැලැල් ඇත්තාහු වෙති. භික්‍ෂූහු ඒ සිවුරු (අවුවෙහි) තවති. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සේනාසන චාරිකායෙහි ඇවිදිනාහු ඒ සිවුරු තවන ඒ භික්‍ෂූන් දුටහ. දැක ඒ භික්‍ෂූන් කරා එළඹ ඒ භික්‍ෂූන්ට මෙසේ කීහ: ‘ඇවැත්නි, කැලැල් හටගත් මේ සිවුරු කවරක්හුගේ දැ’ යි. එකල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන්ට එපවත් දැන්වූහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපදචාරිකායේහි නික්මුණාහු දැ’ යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ‘සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපද චාරිකායෙහි නික්මෙත් දැ’ යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡ පුරුෂයෝ භික්‍ෂූන් අත සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපද චාරිකායෙහි නික්මුණාහු ද, මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීමට හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ උදෙසවු:
Pali BJT“නිට්ඨිතචීවරස්මිං භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ එකරත්තම්පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්ය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“භික්‍ෂූහු විසින් කොට නිම වූ සිවුරු ඇති කල්හි කෙළින් උදුළ කල්හි ඉදින් මහණ තෙම එක් රැයකුදු තුන් සිවුරින් වෙන් ව වෙසේ නම් නිසැඟි පචිතිවේ ය” යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ.
Pali BJT[මූලපඤ්ඤත්ති.]
Sinhala BJT[මුල් පැණවීමයි]
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කොසම්බියං ගිලානො හොති. ඤාතකා තස්ස භික්ඛුනො සන්තිකෙ දූතං පාහෙසුං: “ආගච්ඡතු භදන්තො මයං උපට්ඨහිස්සාමා”ති. භික්ඛූපි එවමාහංසු. “ගච්ඡාවුසො ඤාතකා තං උපට්ඨහිස්සන්තී”ති. සො එවමාහ: “භගවතාවුසො සික්ඛාපදං පඤ්ඤත්තං න තිචීවරෙන විප්පවසිතබ්බ”න්ති. “අහඤ්චම්හි ගිලානො, න සක්කොමි තිචීවරං ආදාය පක්කමිතුං, නාහං ගමිස්සාමී”ති . භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT2. එසමයෙහි කොසඹෑනුවර එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. නෑයෝ ඒ භික්‍ෂූහුගේ සමීපයෙහි දූතයකු එවූහ. ‘වහන්සේ (මෙහි) එත්වා අපි උවටැන් කරම්හ’යි. භික්‍ෂූහු ද මෙසේ කීහු: ‘යා ඇවැත්නි, නෑයෝ තොපට උවටැන් කරන්නාහ’ යි. හේ මෙසේ කී ය: ‘ඇවැත්නි, භාග්‍යවතුන් විසින් ‘තුන් සිවුරින් නොවෙන් ව විසියයුතු ය’ යි සිකපද පණවන ලද: ‘මම ද ගිලන්මි. තුන්සිවුරු ගෙණ නික්ම යන්නට නො පොහොසත්මි. මම නො යෙමි’ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ:
Pali BJT3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස භික්ඛුනො තිචීවරෙන අවිප්පවාසසම්මුතිං දාතුං. එවඤ්ච පන, භික්ඛවෙ, දාතබ්බා. තෙන ගිලානෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: ‘අහං භන්තෙ ගිලානො න සක්කොමි තිචීවරං ආදාය පක්කමිතුං, සොහං භන්තෙ සඞ්ඝං තිචීවරෙන අවිප්පවාසසම්මුතිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමැතූ සේක: මහණෙනි, ගිලන් මහණහට ‘තිචීවර අවිප්පවාස සම්මුතිය’ දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේත් දියයුතු ය. ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: “වහන්ස, මම් ගිලන්මි. තුන් සිවුරු ගෙණ යන්නට නො පොහොසත්මි. වහන්ස, ඒ මම් සඞ්ඝයා තිචීවර අවිප්පවාස සම්මුතිය අයදිමි” යි දෙවනවට ද යැදිය යුත්තේ ය. තෙවනවට ද යැදිය යුත්තේ ය. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙම දැන්විය යුත්තේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො න සක්කොති තිචීවරං ආදාය පක්කමිතුං. සො සඞ්ඝං තිචීවරෙන අවිප්පවාසසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තිචීවරෙන අවිප්පවාසසම්මුතිං දෙති. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් වූයේ තුන් සිවුරු ගෙණ නික්ම යන්නට නො හැකි වෙයි. හෙතෙම සඞ්ඝයා තිචීවර අවිප්පවාසසම්මුතිය අයදියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘තිචීවර අවිප්පවාස සම්මුතිය දෙන්නේ ය’ තෙල ඤත්ති’ යයි.
Pali BJT“සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො. න සක්කොති තිචීවරං ආදාය පක්කමිතුං. සො සඞ්ඝං තිචීවරෙන අවිප්පවාසසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො තිචීවරෙන අවිප්පවාසසම්මුතිං දෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො තිචීවරෙන අවිප්පවාසසම්මුතියා දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් වූයේ තුන් සිවුරු ගෙණ නික්ම යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයා ‘තිචීවර අවිප්පවාසසම්මුතිය අයදියි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘තිචීවර අවිප්පවාසසම්මුතිය’ දෙයි. මෙ නම් මහණහට තිචීවර අවිප්පවාසසම්මුතිය දීම යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නොරිසි වේ නම් හේ කියන්නේ ය.
Pali BJTදින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො තිචීවරෙන අවිප්පවාසසම්මුති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් මහණහට තිචීවර අවිප්පවාසම්මුතිය දෙන ලද්දී ය. සඞ්ඝායට රුචි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. මෙසේ මේ තුෂ්ණිම්භාවය ධරමි” යි.
Pali BJTඑවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTතවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“නිට්ඨිතචීවරස්මිං භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ එකරත්තම්පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්ය අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“භික්‍ෂූහුගේ සිවුර කොට නිමි කල්හි කෙළින්උදුළ කල්හි ඉදින් මහණ තෙම භික්‍ෂූසම්මුතිය නැති ව එක් රැයකුදු තුන්සිවුරින් වෙන් ව වෙසේ නම් නිසැඟි පචිතිවේ” යයි.
Pali BJT[දුතියපඤ්ඤත්ති.]
Sinhala BJT[දෙවන පැණවීමයි.]
Pali BJT4. නිට්ඨිතචීවරස්මින්ති භික්ඛුනො චීවරං කතං වා හොති නට්ඨං වා, විනට්ඨං වා දඩ්ඪං වා චීවරාසා වා උපච්ඡින්නා.
Sinhala BJT4. නිට්ඨතචිවරස්මිං යනු භික්‍ෂූහුගේ සිවුර කරණ ලද හෝ වෙයි, නටුයේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ සිවුරු ලැබීමේ ආශාව සිඳුනේ හෝ වෙයි.
Pali BJTඋබ්භතස්මිං කඨිනෙති අට්ඨන්නං මාතිකානං අඤ්ඤතරාය මාතිකාය උබ්භතං හොති. සඞ්ඝෙන වා අන්තරා උබ්භතං හොති.
Sinhala BJTඋබ්හතස්මිං කඨිනෙ යනු: අට වැදෑරුම් මාතිකාවන් අතුරෙහි එක්තරා මාතිකායෙකින් උදුළේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරන ලද වෙයි.
Pali BJTඑකරත්තම්පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්යාති සඞ්ඝාටියා වා උත්තරාසඞ්ගෙන වා අන්තරවාසකෙන වා.
Sinhala BJTඒකරත්තම්පි චෙ භික්‍ඛු තිවීවරෙන විප්පවස්‍යෙය යනු: සඟළසිවුරින් හෝ උතුරුසඟසිවුරින් හෝ අතුරුවසාසිවුරින් හෝ.
Pali BJTඅඤ්ඤත්ර භික්ඛුසම්මුතියාති ඨපෙත්වා භික්ඛුසම්මුතිං.
Sinhala BJTඅඤ්ඤත්‍ර භික්‍ඛුසම්මුතියා යනු: භික්‍ෂූසම්මතය තබා.
Pali BJTනිස්සග්ගියං හොතීති සහ අරුණුග්ගමනෙන{1} නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- “ඉදම්මෙ භන්තෙ චීවරං රත්තිං විප්පවුත්ථං{2} අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJTනිස්සග්ගීයං හොති යනු: අරුණු නැඟීම සමඟ නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. ... “වහන්ස, මාගේ මේ සිවුර භික්‍ඛුසම්මුති නැති ව රැයක් වෙන් ව වසන ලද. නිසැඟි වූයේ ය. මම් මෙය සඞ්ඝයාට නිසජමි’යි දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT5. ගාමො එකූපචාරො නානූපචාරො, නිවෙසනං එකූපචාරං නානූපචාරං, උද්දොසිතො{3} එකූපචාරො නානූපචාරො, අට්ටො එකූපචාරො නානූපචාරො, මාලො එකූපචාරො නානූපචාරො, පාසාදො එකූපචාරො නානූපචාරො, හම්මියං එකූපචාරං නානූපචාරං, නාවා එකූපචාරා නානූපචාරා, සත්ථො එකූපචාරො නානූපචාරො, ඛෙත්තං එකූපචාරං නානූපචාරං, ධඤ්ඤකරණං එකූපචාරං නානූපචාරං, ආරාමො එකූපචාරො නානූපචාරො, විහාරො එකූපචාරො නානූපචාරො, රුක්ඛමූලං එකූපචාරං නානූපචාරං, අජ්ඣොකාසො එකූපචාරො නානූපචාරො.
Sinhala BJT5. ගම ඒකූපචාර ද නානූපචාර ද වෙයි. නිවෙස්න ඒකූපචාර ද නානූපචාර ද වෙයි. බඩුහල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. අටල්ල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. මහල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. පහය ඒකූපචාර ද නානූපචාර ද වෙයි. සඳලුගෙය ඒකූපචාර ද නානූපචාර ද වෙයි. නැව ඒකූපචාර ද නානූපචාර ද වෙයි, ගැල් සාත්තුව ඒකූපචාර ද නානූපචාර ද වෙයි, කෙත ඒකූපචාර ද නානූපචාර ද වෙයි. කලවිට ඒකූපචාර ද නානූපචාර ද වෙයි. අරම ඒකූපචාර ද නානූපචාර ද වෙයි. වෙහෙර ඒකූපචාර ද නානූපචාර ද වෙයි. රුක්මුල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. අබවස ඒකූපචාර ද නානූපචාර ද වේ.
Pali BJT6. ගාමො එකූපචාරො නාම: එකකුලස්ස ගාමො හොති පරික්ඛිත්තො ච, අන්තොගාමෙ චීවරං නික්ඛිපිත්වා අන්තොගාමෙ වත්ථබ්බං. අපරික්ඛිත්තො හොති, යස්මිං ඝරෙ චීවරං නික්ඛිත්තං හොති තස්මිං ඝරෙ වත්ථබ්බං, හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT6. ඒකූපචාර ගම නම්: එක් කුලයකට අයත් ගම පිරිකෙව් කරණ ලද්දේ ද වේ නම් ඇතුළුගම සිවුර තබා ඇතුළුගම විසිය යුතු ය. නො පිරිකෙව් කරණ ලද්දේ වේ නම් යම් ගෙයක සිවුර තබන ලද වේ ද ඒ ගෙහි විසිය යුතු ය. අත්පසින් නොහළ යුතු ය.
Pali BJT7. නානාකුලස්ස ගාමො හොති පරික්ඛිත්තො ච, යස්මිං ඝරෙ චීවරං නික්ඛිත්තං හොති තස්මිං ඝරෙ වත්ථබ්බං සභායෙ වා ද්වාරමූලෙ වා හත්ථපාසා වා න විජහිතබ්බං. සභායං ගච්ඡන්තෙන හත්ථපාසෙ චීවරං නික්ඛිපිත්වා සභායෙ වා වත්ථබ්බං ද්වාරමූලෙ වා, හත්ථපාසා වා න විජහිතබ්බං. සභායෙ චීවරං නික්ඛිපිත්වා සභායෙ වා වත්ථබ්බං ද්වාරමූලෙ වා, හත්ථපාසා වා න විජහිතබ්බං. අපරික්ඛිත්තො හොති, යස්මිං ඝරෙ චීවරං නික්ඛිත්තං හොති තස්මිං ඝරෙ වත්ථබ්බං. හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT7. නානා කුලයනට අයත් ගම පිරිකෙව් කරණ ලද්දේත් වේ නම් යම් ගෙයක සිවුර තබන ලද වේ ද ඒ ගෙහි සභායෙහි හෝ ද්වාරසමීපයෙහි හෝ විසිය යුතු ය. අත්පසින් නො හළ යුතු ය. සබයට යන්නහු විසින් අත්පසැ සිවුර තබා සෙබෙහි හෝ දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු. සෙබෙහි සිවුර තබා සෙබෙහි හෝ දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු. පිරිකෙව් නො කරණ ලද්දේ වේ නම් යම් ගෙයක සිවුර තබන ලද්දේ ද ඒ ගෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
Pali BJT8. එකකුලස්ස නිවෙසනං හොති පරික්ඛිත්තඤ්ච නානාගබ්භා නානාඔවරකා, අන්තොනිවෙසනෙ චීවරං නික්ඛිපිත්වා අන්තොනිවෙසනෙ වත්ථබ්බං. අපරික්ඛිත්තං හොති, යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති, තස්මිං ගබ්භෙ වත්ථබ්බං, හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT8. එක් කුලයකට අයත් නිවෙස්න පිරිකෙව් කරණ ලද්දේත් වේ නම් නානාගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් ඇතුළු නිවෙස්නෙහි සිවුර තබා ඇතුළු නිවෙස්නෙහි විසිය යුතු. පිරිකෙව් නොකරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
Pali BJT9. නානාකුලස්ස නිවෙසනං හොති පරික්ඛිත්තඤ්ච නානාගබ්භා නානාඔවරකා. යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති, තස්මිං ගබ්භෙ වත්ථබ්බං ද්වාරමූලෙ වා. හත්ථපාසා වා න විජහිතබ්බං. අපරික්ඛිත්තං හොති, යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති තස්මිං ගබ්භෙ වත්ථබ්බං. හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT9. නානා කුලයකට අයත් නිවෙස්න පිරිකෙව් කරණ ලද්දේත් වේ නම් නානාගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු. නොපිරිකෙව් කරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
Pali BJT10. එකකුලස්ස උදොසිතො හොති පරික්ඛිත්තො ච නානාගබ්භා නානාඔවරකා, අන්තොඋදොසිතෙ චීවරං නික්ඛිපිත්වා අන්තොඋදොසිතෙ වත්ථබ්බං. අපරික්ඛිත්තො හොති, යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති, තස්මිං ගබ්භෙ වත්ථබ්බං. හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT10. එක් කුලයකට අයත් පිරිකෙව් කරණ ලද බඩුහලෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් ඇතුළු බඩුහලෙහි සිවුර තබා ඇතුළු බඩුහලෙහි විසිය යුතු ය. නොපිරිකෙව් කරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
Pali BJT11. නානාකුලස්ස උදොසිතො හොති පරික්ඛිත්තො ච, නානාගබ්භා නානාඔවරකා. යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති, තස්මිං ගබ්භෙ වත්ථබ්බං ද්වාරමූලෙ වා, හත්ථපාසා වා න විජහිතබ්බං අපරික්ඛිත්තො හොති, යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති තස්මිං ගබ්භෙ වත්ථබ්බං. හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT11. නානා කුලයනට අයත් පිරිකෙව් කරණ ලද බඩුහලෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු. නො පිරිකෙව් කරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
Pali BJT12. එකකුලස්ස අට්ටො හොති, අන්තොඅට්ටෙ චීවරං නික්ඛිපිත්වා අන්තොඅට්ටෙ වත්ථබ්බං. නානාකුලස්ස අට්ටො හොති, නානාගබ්භා නානාඔවරකා, යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති තස්මිං ගබ්භෙ වත්ථබ්බං ද්වාරමූලෙ වා, හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT12. එක් කුලයකට අයත් අටල්ලෙක් වේ නම් ඇතුළු අටල්ලෙහි සිවුර තබා ඇතුළු අටල්ලෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් අටල්ලෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
Pali BJT13. එකකුලස්ස මාලො හොති, අන්තොමාලෙ චීවරං නික්ඛිපිත්වා අන්තොමාලෙ වත්ථබ්බං. නානාකුලස්ස මාලො හොති නානාගබ්භා නානාඔවරකා, යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති තස්මිං ගබ්භෙ වත්ථබ්බං ද්වාරමූලෙ වා. හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT13. එක් කුලයකට අයත් මහලෙක් වේ නම් ඇතුළු මහලෙහි සිවුර තබා ඇතුළු මහලෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් මහලෙක් වේ ද නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
Pali BJT14. එකකුලස්ස පාසාදො හොති, අන්තොපාසාදෙ චීවරං නික්ඛිපිත්වා අන්තොපාසාදෙ වත්ථබ්බං. නානාකුලස්ස පාසාදො හොති නානාගබ්භා නානාඔවරකා, යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති, තස්මිං ගබ්භෙ වත්ථබ්බං ද්වාරමූලෙ වා. හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT14. එක් කුලයකට අයත් පහයෙක් වේ නම් ඇතුළු පහයෙහි සිවුරු තබා ඇතුළු පහයෙහි විසිය යුතු. නානා කුලයනට අයත් පහයෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
Pali BJT15. එකකුලස්ස හම්මියං හොති, අන්තොහම්මියෙ චීවරං නික්ඛිපිත්වා අන්තොහම්මියෙ වත්ථබ්බං. නානාකුලස්ස හම්මියං හොති, නානාගබ්භා නානාඔවරකා, යස්මිං ගබ්භෙ චීවරං නික්ඛිත්තං හොති, තස්මිං ගබ්භෙ වත්ථබ්බං ද්වාරමූලෙ වා. හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT15. එක් කුලයකට අයත් සඳලුගෙයක් වේ නම් ඇතුළු හර්‍ම්‍යයෙහි සිවුර තබා ඇතුළු හර්‍ම්‍යයෙහි විසිය යුතු. නානා කුලයනට අයත් හර්‍ම්‍යයෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
Pali BJT16. එකකුලස්ස නාවා හොති අන්තොනාවාය චීවරං නික්ඛිපිත්වා අන්තොනාවාය වත්ථබ්බං. නානාකුලස්ස නාවා හොති නානාගබ්භා නානාඔවරකා, යස්මිං ඔවරකෙ චීවරං නික්ඛිත්තං හොති, තස්මිං ඔවරකෙ වත්ථබ්බං, හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT16. එක් කුලයකට අයත් නැවක් වේ නම් ඇතුළු නැවෙහි සිවුර තබා ඇතුළු නැවෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් නැවක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ඔවරකයෙක්හි සිවුර තබන ලද ද ඒ ඔවරකයෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
Pali BJT17. එකකුලස්ස සත්ථො හොති, සත්ථෙ චීවරං නික්ඛිපිත්වා පුරතො වා පච්ඡතො වා සත්තබ්භන්තරා න විජහිතබ්බා, පස්සතො අබ්භන්තරං න විජහිතබ්බං. නානාකුලස්ස සත්ථො හොති, සත්ථෙ චීවරං නික්ඛිපිත්වා හත්ථපාසා න විජහිතබ්බං.
Sinhala BJT17. එක් කුලයකට අයත් ගැල්සාත්තුයෙක් වේ නම් ගැල්සාත්තුයෙහි සිවුර තබා පෙරටුයෙන් හෝ පිටු පසින් හෝ සත් අබතුරු කෙනෙක් නො හළ යුත්තාහු ය. ඇළයෙන් අබතුරෙක් නොහළ යුතු ය. නානා කුලයනට අයත් ගැල්සාත්තුයෙක් වේ නම් ගැල්සාත්තුයෙහි සිවුර තබා අත්පසින් නො හළ යුතු.
Pali BJT18. එකකුලස්ස ඛෙත්තං හොති පරික්ඛිත්තඤ්ච. අන්තොඛෙත්තෙ චීවරං නික්ඛිපිත්වා අන්තොඛෙත්තෙ වත්ථබ්බං. අපරික්ඛිත්තං හොති, හත්ථපාසා න විජහිතබ්බං. නානාකුලස්ස ඛෙත්තං හොති පරික්ඛිත්තඤ්ච, අන්තොඛෙත්තෙ චීවරං නික්ඛිපිත්වා ද්වාරමූලෙ වා වත්ථබ්බං, හත්ථපාසා වා න විජහිතබ්බං. අපරික්ඛිත්තං හොති, හත්ථපාසා න විජහිතබ්බං.
Sinhala BJT18. එක් කුලයකට අයත් පිරිකෙව් කළ කෙතක් වේ නම් ඇතුළු කෙතෙහි සිවුර තබා ඇතුළු කෙතෙහි විසිය යුතු ය. නො පිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නො හළ යුතු ය. නානා කුලයනට අයත් පිරිකෙව් කළ කෙතක් වේ නම් ඇතුළු කෙතෙහි සිවුර තබා දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු. නොපිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නොහළ යුතු.
Pali BJT19. එකකුලස්ස ධඤ්ඤකරණං හොති පරික්ඛිත්තඤ්ච, අන්තොධඤ්ඤකරණෙ චීවරං නික්ඛිපිත්වා අන්තොධඤ්ඤකරණෙ වත්ථබ්බං. අපරික්ඛිත්තං හොති, හත්ථපාසා න විජහිතබ්බං. නානාකුලස්ස ධඤ්ඤකරණං හොති පරික්ඛිත්තඤ්ච. අන්තොධඤ්ඤකරණෙ චීවරං නික්ඛිපිත්වා ද්වාරමූලෙ වා වත්ථබ්බං, හත්ථපාසා වා න විජහිතබ්බං. අපරික්ඛිත්තං හොති, හත්ථපාසා න විජහිතබ්බං.
Sinhala BJT19. එක් කුලයකට අයත් පිරිකෙව් කළ කලවිටෙක් වේ නම් ඇතුළු කලවිටෙහි සිවුර තබා ඇතුළු කලවිටෙහි විසිය යුතු ය. පිරිකෙව් නොකරණ ලද වේ නම් අත්පසින් නොහළ යුතු ය. නානා කුලයනට අයත් පිරිකෙව් කළ කලවිටෙක් වේ නම් ඇතුළු කලවිටෙහි සිවුර තබා දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු ය. පිරිකෙව් නො කරණ ලද වේ නම් අත්පසින් නො හළ යුතු ය.
Pali BJT20. එකකුලස්ස ආරාමො හොති පරික්ඛිත්තො ච, අන්තොආරාමෙ චීවරං නික්ඛිපිත්වා අන්තොආරාමෙ වත්ථබ්බං. අපරික්ඛිත්තො හොති, හත්ථපාසා න විජහිතබ්බං. නානාකුලස්ස ආරාමො හොති පරික්ඛිත්තො ච, අන්තොආරාමෙ චීවරං නික්ඛිපිත්වා ද්වාරමූලෙ වා වත්ථබ්බං, හත්ථපාසා වා න විජහිතබ්බං. අපරික්ඛිත්තො හොති, හත්ථපාසා න විජහිතබ්බං.
Sinhala BJT20. එක් කුලයකට අයත් පිරිකෙව් කළ අරමෙක් වේ නම් ඇතුළු අරමෙහි සිවුර තබා ඇතුළු අරමෙහි විසිය යුතු ය. නො පිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නොහළ යුතු. නානා කුලයනට අයත් පිරිකෙව් කළ අරමෙක් වේ නම් ඇතුළු අරමෙහි සිවුර තබා දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළයුතු. නො පිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නො හළ යුතු.
Pali BJT21. එකකුලස්ස විහාරො හොති පරික්ඛිත්තො ච, අන්තොවිහාරෙ චීවරං නික්ඛිපිත්වා අන්තොවිහාරෙ වත්ථබ්බං. අපරික්ඛිත්තො හොති, යස්මිං විහාරෙ චීවරං නික්ඛිත්තං හොති, තස්මිං විහාරෙ වත්ථබ්බං, හත්ථපාසා වා න විජහිතබ්බං. නානාකුලස්ස විහාරො හොති පරික්ඛිත්තො ච, යස්මිං විහාරෙ චීවරං නික්ඛිත්තං හොති, තස්මිං විහාරෙ වත්ථබ්බං ද්වාරමූලෙ වා, හත්ථපාසා වා න විජහිතබ්බං. අපරික්ඛිත්තො හොති, යස්මිං විහාරෙ චීවරං නික්ඛිත්තං හොති තස්මිං විහාරෙ වත්ථබ්බං, හත්ථපාසා වා න විජහිතබ්බං.
Sinhala BJT21. එක් කුලයකට අයත් පිරිකෙව් කළ විහාරයෙක් වේ නම් ඇතුළු විහාරයෙහි සිවුර තබා ඇතුළු විහාරයෙහි විසිය යුතු ය. නොපිරිකෙව් කරන ලද වේ නම් යම් විහාරයෙක සිවුර තබන ලද ද ඒ විහාරයෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු ය. නානා කුලයනට අයත් පිරිකෙව් කළ විහාරයෙක් වේ නම් යම් විහාරයෙක සිවුර තබන ලද ද ඒ විහාරයෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු ය. නොපිරිකෙව් කරණ ලද වේ නම් යම් විහාරයෙක සිවුර තබන ලද ද ඒ විහාරයෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
Pali BJT22. එකකුලස්ස රුක්ඛමූලං හොති, යං මජ්ඣන්හිකෙ කාලෙ සමන්තා ඡායා ඵරති, අන්තොඡායාය චීවරං නික්ඛිපිත්වා අන්තොඡායාය වත්ථබ්බං. නානාකුලස්ස රුක්ඛමූලං හොති, හත්ථපාසා න විජහිතබ්බං.
Sinhala BJT22. එක් කුලයකට අයත් රුක්මුලෙක් වේ නම් යම් තැනෙක හිරිමුදුන් කලැ හාත්පසැ සෙවනලු පැතිරේ නම් ඇතුළු සෙවනලුයෙහි සිවුර තබා ඇතුළු සෙවනලුයෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් රුක්මුලෙක් වේ නම් අත්පසින් නො හළ යුතු ය.
Pali BJT23. අජ්ඣොකාසො එකූපචාරො නාම: අගාමකෙ අරඤ්ඤෙ සමන්තා සත්තබ්භන්තරා එකූපචාරො, තතො පරං නානූපචාරො.
Sinhala BJT23. අභ්‍යවකාශ ඒකූපචාර නම්: නො ගම්හි වූ අරණ්‍යයෙහි හාත්පසැ සත් අබතුරෙක් ඒකූපචාර ය. එයින් එපිට නානූපචාර යි.
Pali BJT24. විප්පවුත්ථෙ විප්පවුත්ථසඤ්ඤී අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තියං. විප්පවුත්ථෙ වෙමතිකො, අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා නිස්සග්ගියං පාචිත්තියං. විප්පවුත්ථෙ අවිප්පවුත්ථසඤ්ඤී අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තියං. අපච්චුද්ධටෙ පච්චුද්ධටසඤ්ඤී -පෙ- අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤී -පෙ- අනට්ඨෙ නට්ඨසඤ්ඤී -පෙ- අවිනට්ඨෙ විනට්ඨසඤ්ඤී -පෙ- අදඩ්ඪෙ දඩ්ඪසඤ්ඤී -පෙ- අවිලුත්තෙ විලුත්තසඤ්ඤී අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා නිස්සග්ගියං පාචිත්තියං. නිස්සග්ගියං චීවරං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. අවිප්පවුත්ථෙ විප්පවුත්ථසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අවිප්පවුත්ථෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අවිප්පවුත්ථෙ අවිප්පවුත්ථසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT24. භික්‍ෂූසම්මති නැති ව විප්‍රයුක්තයෙහි විප්‍රයුක්ත ය යන සංඥා ඇත්තේ නිසැඟිපචිති වෙයි. භික්‍ෂූසම්මතී නැති ව විප්‍රයුක්ත වූයෙහි විමති ඇතියේ නිසැඟිපචිති වෙයි. භික්‍ෂූසම්මති නැති වැ විප්‍රයුක්ත වූයෙහි අප්‍රවියුක්ත ය යන සංඥා ඇත්තේ නිසැඟිපචිති වෙයි. නොපසුදුරණ ලද්දෙහි පසුදුරණ ලදැ යි සංඥා ඇත්තේ ... නොවිසජන ලදුයෙහි විසජන ලදැ යි සංඥා ඇත්තේ ... නොනටුයෙහි නටැ යි සංඥා ඇත්තේ ... නොවැනැසුනෙහි වැනැසුනැ යි සංඥා ඇත්තේ ... නොදැවුනෙහි දැවිනැ යි සංඥා ඇත්තේ ... භික්‍ෂූසම්මති නැති ව නො පැහැරගන්නා ලදුයෙහි පැහැරගන්නා ලදැ යි සංඥා ඇත්තේ නිසැඟිපචිති වේ. නිසැඟි වූ සිවුර නො නිසජා පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වෙයි. විප්‍රයුක්ත නො වූයෙහි විප්‍රයුක්ත ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අවිප්‍රයුක්තයෙහි වෙමතික වූයේ දුකුළාඇවැත් වෙයි. අවිප්‍රයුක්ත වූයෙහි අවිප්‍රයුක්ත ය යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
Pali BJT25. අනාපත්ති අන්තො අරුණෙ පච්චුද්ධරති, විස්සජ්ජෙති, නස්සති, විනස්සති, ඩය්හති, අච්ඡින්දිත්වා ගණ්හන්ති, විස්සාසං ගණ්හන්ති, භික්ඛුසම්මුතියා, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT25. ඇතුළු අරුණෙහි පසුදුරා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, දැවේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි ව ගණිත් නම්, භික්‍ෂූසම්මතියෙන්, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදුතියකඨිනසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTද්විතීය කඨින ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 1. 3.
Sinhala BJT5. 1. 3.
Pali BJTතතියකථිනසික්ඛාපදං
Sinhala BJTතෘතීයකඨිනශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො අකාලචීවරං උප්පන්නං හොති. තස්ස තං චීවරං කයිරමානං නප්පහොති. අථ ඛො සො භික්ඛු තං චීවරං උස්සාපෙත්වා පුනප්පුනං විමජ්ජති. අද්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තං භික්ඛුං තං චීවරං උස්සාපෙත්වා පුනප්පුනං විමජ්ජන්තං. දිස්වාන යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිස්ස ත්වං භික්ඛු ඉමං චීවරං උස්සාපෙත්වා පුනප්පුනං විමජ්ජසී”ති? “ඉදම්මෙ භන්තෙ අකාලචීවරං උප්පන්නං කයිරමානං නප්පහොති. තෙනාහං ඉමං චීවරං උස්සාපෙත්වා පුනප්පුනං විමජ්ජාමී”ති. “අත්ථි පන තෙ භික්ඛු චීවරපච්චාසා”ති? “අත්ථි භගවා”ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:- “අනුජානාමි භික්ඛවෙ අකාලචීවරං පටිග්ගහෙත්වා චීවරපච්චාසා නික්ඛිපිතු”න්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වාසය කරණ සේක. තවද එසමයෙහි එක්තරා මහණක්හට අයල්සිවුරක් උපන්නේ වෙයි. ඔහුට ඒ සිවුර කරණු ලබන්නේ නො පොහෝනේ ය. ඉක්බිති ඒ මහණ තෙම ඒ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකායෙහි වඩනාහු ඒ මහණ ඒ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කරණුවහු දුටහ. දැක ඒ මහණ යම් තැනෙක්හි ද එතැන්හි එළඹියහ. එළඹ ඒ මහණහට මෙය වදාළහ: ‘මහණ, තෝ කුමට මේ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙහි දැ’ යි. ‘වහන්ස, මේ මට උපන් අයල්සිවුර කරණු ලබන්නේ නොපොහොනේ වෙයි. එහෙයින් මම් මේ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙමි’ යි. ‘මහණ, තට සිවුරු ලැබීමේ ආශායෙක් ඇත් දැ?’ යි. ‘ඇත භාග්‍යවතුන් වහන්සැ’ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි, අයල්සිවුරක් පිළිගෙන සිවුරු ලැබීමේ ආශායෙන් තබන්නට අනුදනිමි’ යි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භික්ඛූ භගවතා අනුඤ්ඤාතං අකාලචීවරං පටිග්ගහෙත්වා චීවරපච්චාසා නික්ඛිපිතුන්ති අකාලචීවරානි පටිග්ගහෙත්වා අතිරෙකමාසං නික්ඛිපන්ති තානි චීවරානි චීවරවංසෙ භණ්ඩිකාබද්ධානි තිට්ඨන්ති. අද්දසා ඛො ආයස්මා ආනන්දො සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො තානි චීවරානි චීවරවංසෙ භණ්ඩිකාබද්ධානි තිට්ඨන්තෙ. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “කස්සිමානි ආවුසො චීවරානි චීවරවංසෙ භණ්ඩිකාබද්ධානි තිට්ඨන්තී”ති. අම්හාකං ආවුසො අකාලචීවරානි චීවරපච්චාසා නික්ඛිත්තානී”ති. “කීව චිරං පනාවුසො ඉමානි චීවරානි නික්ඛිත්තානී”ති. “අතිරෙකමාසං ආවුසො”ති. ආයස්මා ආනන්දො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛූ අකාලචීවරං පටිග්ගහෙත්වා අතිරෙකමාසං නික්ඛිපිස්සන්තී”ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අකාලචීවරං පටිග්ගහෙත්වා අතිරෙකමාසං නික්ඛිපන්තී”ති? “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා අකාලචීවරං පටිග්ගහෙත්වා අතිරෙකමාසං නික්ඛිපිස්සන්තී”ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. තවද එසමයෙහි භික්‍ෂුහු භාග්‍යවතුන් විසින් ‘අයල්සිවුරක් පිළිගෙණ සිවුරු ලැබීමේ ආශායෙන් තබන්නට අනුදන්නා ලදැ’ යි අයල්සිවුරු පිළිගෙණ අතිරේක මාසයක් කල් තබති. ඒ සිවුරු සිවුරුවසැ බදබැඬි ව සිටිති. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සේනාසනචාරිකායෙහි වඩනාහු ඒ චීවරයන් සිවුරුවසැ බදබැඬි වි සිටියන් දුටහ. දැක භික්‍ෂූන් ඇමතූහ: ‘ඇවැත්නි, කවරක්හුගේ මේ සිවුරු සිවුරුවසැ බදබැඬි ව සිටිත් දැ’ යි. ‘ඇවැත්නි, අපගේ නොකල් සිවුරු චීවරපච්චාසායෙන් තබන ලද්දාහු ය’ යි. ඇවැත්නි, ‘කිපමණ කල් මේ සිවුරු තබන ලද්දාහු දැ’ යි. ‘ඇවැත්නි, අයිරා මසෙකැ’ යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අවඥා කෙරෙති, අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් මහණහු අයල්සිවුරු පිළිගෙණ අයිරා මසක් තැබූ දැ’ යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් දැන්වූ හ. ... “සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු අයල්සිවුරු පිළිගෙන අයිරා මසක් තබත් දැ” යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡ පුරුෂයෝ අයල්සිවුරු පිළිගෙණ අයිරා මසක් තැබූහු ද, මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:’
Pali BJT“නිට්ඨිතචීවරස්මිං භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ භික්ඛුනො පනෙව අකාලචීවරං උප්පජ්ජෙය්ය, ආකඞ්ඛමානෙන භික්ඛුනා පටිග්ගහෙතබ්බං. පටිග්ගහෙත්වා ඛිප්පමෙව කාරෙතබ්බං. නොචස්ස පාරිපූරි, මාසපරමං තෙන භික්ඛුනා තං චීවරං නික්ඛිපිතබ්බං ඌනස්ස පාරිපූරියා සතියා පච්චාසාය, තතො චෙ උත්තරිං නික්ඛිපෙය්ය සතියාපි පච්චාසාය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“භික්‍ෂූහුගේ සිවුර කොට නිමි කල්හි කෙළින් උදුළ කල්හි භික්‍ෂූනට මැ වැළිත් අයල්සිවුරෙක් උපදනේ නම් කැමැති වන්නා වූ භික්‍ෂූහු විසින් පිළිගත යුතු ය. පිළිගෙන වහාම කරවිය යුතු ය. ඉදින් පිරිපුන් බව නො වන්නේ නම් ඒ භික්‍ෂූහු විසින් ඌනපූරණය පිණිස සිවුරු ලැබීමේ ආශාවක් ඇති කල්හි ඒ සිවුර මසක් පරම කොට ඇති කලක් තැබිය යුතු ය. චීවරාසාවක් ඇති කල්හිදු එයින් මත්තෙහි තබා නම් නිසැඟි පචිති වේ” යි.
Pali BJT3. නිට්ඨිතචීවරස්මින්ති භික්ඛුනො චීවරං කතං වා හොති නට්ඨං වා විනට්ඨං වා දඩ්ඪං වා චීවරාසා වා උපච්ඡින්නා.
Sinhala BJT3. නිට්ඨතචීවරස්මිං යනු: භික්‍ෂූහුගේ සිවුර කරණ ලද හෝ වෙයි. නැසුනේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ චීවරාසාව සිඳුනේ හෝ වෙයි.
Pali BJTඋබ්භතස්මිං කඨිනෙති අට්ඨන්නං මාතිකානං අඤ්ඤතරාය මාතිකාය උබ්භතං හොති, සඞ්ඝෙන වා අන්තරා උබ්භතං හොති.
Sinhala BJTඋබ්හතස්මිං කඨිනෙ යනු: අට වැදෑරුම් මාතෘකාවන් අතුරින් එක්තරා මාතෘකායෙකින් උදුරන ලද්දේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරන ලද වෙයි.
Pali BJTඅකාලචීවරං නාම: අනත්ථතෙ කඨිනෙ එකාදසමාසෙ උප්පන්නං, අත්ථතෙ කඨිනෙ සත්තමාසෙ උප්පන්නං, කාලෙපි ආදිස්ස දින්නං, එතං අකාලචීවරං නාම.
Sinhala BJTඅකාලචීවර නම්: කෙළින් නොඅතුළ කල්හි එකොළොස් මස්හි උපන්නේ ය. කෙළින් අතුළ කල්හි සත්මස් මුළුල්ලෙහි උපන්නේ ය. කල්හිදු නොකල්සිවුරු යි උදෙසා දෙන ලද්දේ ය. තෙල අයල් සිවුරු නම.
Pali BJTඋප්පජ්ජෙය්යාති උප්පජ්ජෙය්ය සඞ්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත්තතො වා පංසුකූලං වා අත්තනො වා ධනෙන.
Sinhala BJTඋප්පජ්ජෙය්‍ය යනු: සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිත්‍රයන් කෙරෙන් හෝ පසුල් ව හෝ තමාගේ ධනයෙන් හෝ උපදනේ ය.
Pali BJTආකඞ්ඛමානෙනාති ඉච්ඡමානෙන පටිග්ගහෙතබ්බං.
Sinhala BJTආකඞ්ඛමානෙන යනු: කැමැත්තහු විසින් පිළිගත යුතු ය.
Pali BJTපටිග්ගහෙත්වා ඛිප්පමෙව කාරෙතබ්බන්ති දසාහා කාරෙතබ්බං.
Sinhala BJTපටිග්ගහෙත්‍වා ඛීප්පමෙච කාරෙතබ්බං යනු: දස දවසෙකින් කරවිය යුතු ය.
Pali BJTනො චස්ස පාරිපූරීති කයිරමානං නප්පහොති.
Sinhala BJTනො චස්ස පාරිපූරී යනු: කරණු ලබන්නේ නො පොහෝනේ ය.
Pali BJTමාසපරමං තෙන භික්ඛුනා තං චීවරං නික්ඛිපිතබ්බන්ති මාසපරමතා නික්ඛිපිතබ්බං.
Sinhala BJTමාසපරමං තෙන භික්ඛුනා තං චිවරං නික්ඛිපීතබ්බං යනු: මසක් කල් පරම කොට තැබිය යුතු ය.
Pali BJTඌනස්ස පාරිපූරියාති ඌනස්ස පාරිපූරත්ථාය.
Sinhala BJTඌනස්ස පාරිපූරියා යනු: උනු වූවහුගේ සම්පූර්‍ණ බව පිණිස ය.
Pali BJTසතියා පච්චාසායාති පච්චාසා හොති සඞ්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත්තතො වා පංසුකූලං වා අත්තනො වා ධනෙන.
Sinhala BJTසතියා පච්චාසාය යනු: සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිත්‍රයන් කෙරෙන් හෝ පසුල් ව හෝ තමාගේ ධනයෙන් හෝ සිවුරු ලැබීමේ ආශායෙක් වෙයි.
Pali BJTතතො චෙ උත්තරිං නික්ඛිපෙය්ය සතියාපි පච්චාසායාති තදහුප්පන්නෙ මූලචීවරෙ පච්චාසාචීවරං උප්පජ්ජති, දසාහා කාරෙතබ්බං. ද්වීහුප්පන්නෙ මූලචීවරෙ පච්චාසාචීවරං උප්පජ්ජති, දසාහා කාරෙතබ්බං. තීහුප්පන්නෙ -පෙ- චතූහුප්පන්නෙ -පෙ- පඤ්චාහුප්පන්නෙ -පෙ- ඡාහුප්පන්නෙ -පෙ- සත්තාහුප්පන්නෙ -පෙ- අට්ඨාහුප්පන්නෙ, -පෙ- නවාහුප්පන්නෙ -පෙ- දසාහුප්පන්නෙ මූලචීවරෙ පච්චාසාචීවරං උප්පජ්ජති, දසාහා කාරෙතබ්බං. එකාදසෙ උප්පන්නෙ -පෙ- ද්වාදසෙ උප්පන්නෙ -පෙ- තෙරසෙ උප්පන්නෙ -පෙ- චුද්දසෙ උප්පන්නෙ -පෙ- පන්නරසෙ උප්පන්නෙ -පෙ- සොළසෙ උප්පන්නෙ -පෙ- සත්තරසෙ උප්පන්නෙ -පෙ- අට්ඨාරසෙ උප්පන්නෙ -පෙ- එකූනවීසෙ උප්පන්නෙ -පෙ- වීසෙ උප්පන්නෙ මූලචීවරෙ පච්චාසාචීවරං උප්පජ්ජති, දසාහා කාරෙතබ්බං. එකවීසෙ උප්පන්නෙ මූලචීවරෙ පච්චාසාචීවරං උප්පජ්ජති, නවාහා කාරෙතබ්බං. ද්වාවීසෙ උප්පන්නෙ -පෙ- තෙවීසෙ උප්පන්නෙ -පෙ- චතුවීසෙ උප්පන්නෙ -පෙ- පඤ්චවීසෙ උප්පන්නෙ -පෙ- ඡබ්බීසෙ උප්පන්නෙ -පෙ- සත්තවීසෙ උප්පන්නෙ -පෙ- අට්ඨවීසෙ උප්පන්නෙ -පෙ- එකූනතිංසෙ උප්පන්නෙ මූලචීවරෙ පච්චාසාචීවරං උප්පජ්ජති, එකාහා කාරෙතබ්බං. තිංසෙ උප්පන්නෙ මූලචීවරෙ පච්චාසාචීවරං උප්පජ්ජති, තදහෙව අධිට්ඨාතබ්බං. විකප්පෙතබ්බං. විස්සජ්ජෙතබ්බං.
Sinhala BJTතතො චෙ උත්තරිං නික්ඛිපෙය්‍ය සතියා’පි පච්චාසාය යනු: එදවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු ය. දෙවන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු ය. තුන්වන දවස උපන් ... සතර වන දවස උපන් ... පස්වන දවස උපන් ... සවන දවස උපන් ... සත්වන දවස උපන් ... අට වන දවස උපන් ... නව වන දවස උපන් ... දස වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු. එකොළොස් වන දවස උපන් ... දොළොස් වන දවස උපන් ... තෙළෙස් වන දවස උපන් ... තුදුස් වන දවස උපන් ... පසළොස් වන දවස උපන් ... සොළොස් වන දවස උපන් ... සතළොස් වන දවස උපන් ... අටළොස් වන දවස උපන් ... එකුන්විසි වන දවස උපන් ... විසි වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු. එක්විසි වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් නව දවසින් කරවිය යුතු ය. දෙවිසි වන දවස උපන් ... තෙවිසි වන දවස උපන් ... සූවිසි වන දවස උපන් ... පස්විසි වන දවස උපන් ... සවිසි වන දවස උපන් ... සත්විසි වන දවස උපන් ... අටවිසි වන දවස උපන් ... එකුන්තිස් වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් එක්දවසින් කරවිය යුතු. තිස් වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් එදවස මැ ඉටිය යුතු ය. විකැපිය යුතු ය. විසැඳිය යුතු ය.
Pali BJTනො චෙ අධිට්ඨෙය්ය වා විකප්පෙය්ය වා විස්සජ්ජෙය්ය වා එකතිංසෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති, නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං -පෙ- “ඉදම්මෙ භන්තෙ අකාලචීවරං මාසාතික්කන්තං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති -පෙ- දදෙය්යාති” -පෙ- දදෙය්යු”න්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
Sinhala BJTඉදින් නො ඉටා නම් හෝ නො විකපා නම් හෝ නො විසඳා නම් හෝ එක්තිස් වන අරුණ නැගෙන ලක්හි නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුල්හට හෝ නිසැදිය යුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසැදිය යුතු ය ... “වහන්ස, මේ මාගේ අයල්සිවුර මසක් ඉක්මගියේ නිසැඟි විය, මෙය මම් සඟනට නිසඳමි” යි ... දෙන්නේ ය. ... දෙන්නාහු ය. ... ආයුෂ්මත්හට දෙමි” යි.
Pali BJT4. විසභාගෙ උප්පන්නෙ මූලචීවරෙ පච්චාසාචීවරං උප්පජ්ජති රත්තියො ච සෙසා හොන්ති, න අකාමා කාරෙතබ්බං.
Sinhala BJT4. විසභාග වූ මූලචීවරය උපන් කල්හි පච්චාසාචීවරය උපදී නම් රාත්‍රීහු ද ශේෂ වෙත් නම් නො කැමැත්තෙන් නො කරවිය යුතු ය.
Pali BJT5. මාසාතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. මාසාතික්කන්තෙ වෙමතිකො -පෙ- මාසාතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී -පෙ- අනධිට්ඨිතෙ අධිට්ඨිතසඤ්ඤී -පෙ- අවිකප්පිතෙ විකප්පිතසඤ්ඤී -පෙ- අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤී -පෙ- අනට්ඨෙ නට්ඨසඤ්ඤී -පෙ- අවිනට්ඨෙ විනට්ඨසඤ්ඤී -පෙ- අදඩ්ඪෙ දඩ්ඪසඤ්ඤී -පෙ- අවිලුත්තෙ විලුත්තසඤ්ඤී නිස්සග්ගියං පාචිත්තියං.
Sinhala BJT5. මසක් ඉක්ම ගිය සිවුරෙහි “ඉක්ම ගියේ ය” යන සංඥා ඇත්තේ නිසැඟි පචිති වෙයි. මසක් ඉක්මගිය සිවුරෙහි විමති ඇතියේ ... මසක් ඉක්මගිය සිවුරෙහි, නො ඉක්මිනැ’යි සංඥා ඇත්තේ ... නො ඉටූයෙහි ‘ඉටන ලදැ’ යි සංඥා ඇත්තේ ... නො විකැපූයෙහි ‘විකපන ලදැ’ යි සංඥා ඇත්තේ ... නො විසජන ලදුයෙහි ‘විසජන ලදැ’ යි සංඥා ඇත්තේ ... නො නටුයෙහි නටැ යි සංඥා ඇත්තේ ... නො වැනැසුනු සිවුරෙහි ‘වැනැසිනැ’ යි සංඥා ඇත්තේ ... නො දැවුනෙහි ‘දැවිනැ’යි සංඥා ඇත්තේ ... අසිඳැ ගන්නා ලද්දෙහි ‘නො අසිඳැ ගන්නා ලදැ’ යි සංඥා ඇත්තේ නිසැඟි පචිති වේ.
Pali BJT6. නිස්සග්ගියං චීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස. මාසානතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. මාසානතික්කන්තෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. මාසානතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී, අනාපත්ති.
Sinhala BJT6. නිසැඟි වූ සිවුර නො නිසජා පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වෙයි. මසක් නො ඉක්මගිය සිවුරෙහි ‘ඉක්මිනැ’ යි සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. මසක් නො ඉක්මගිය සිවුරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. මසක් නොඉක්මගිය සිවුරෙහි ‘නො ඉක්මිනැ’ යි සංඥා ඇත්තේ ඇවැත් නැති.
Pali BJT7. අනාපත්ති අන්තොමාසෙ අධිට්ඨෙති, විකප්පෙති, විස්සජ්ජෙති, නස්සති , විනස්සති, ඩය්හති, අච්ඡින්දිත්වා ගණ්හන්ති, විස්සාසං ගණ්හන්ති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT7. ඇතුළු මාසයෙහි ඉටා නම්, විකපා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, දැවේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි ව ගණිත් නම් ඇවැත් නැති. උමතුහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTතතියකඨිනසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTතෘතීය කඨින ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 1. 4.
Sinhala BJT5. 1. 4.
Pali BJTපුරාණචීවරසික්ඛාපදං
Sinhala BJTපුරාණචීවරශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උදායිස්ස පුරාණදුතියිකා භික්ඛුනීසු පබ්බජිතා හොති, සා ආයස්මතො උදායිස්ස සන්තිකෙ අභික්ඛණං ආගච්ඡති, ආයස්මාපි උදායී තස්සා භික්ඛුනියා සන්තිකෙ අභික්ඛණං ගච්ඡති. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී තස්සා භික්ඛුනියා සන්තිකෙ භත්තවිස්සග්ගං කරොති. අථ ඛො ආයස්මා උදායී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සා භික්ඛුනී තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තස්සා භික්ඛුනියා පුරතො අඞ්ගජාතං විවරිත්වා ආසනෙ නිසීදි, සාපි ඛො භික්ඛුනී ආයස්මතො උදායිස්ස පුරතො අඞ්ගජාතං විවරිත්වා ආසනෙ නිසීදි, අථ ඛො ආයස්මා උදායී සාරත්තො තස්සා භික්ඛුනියා අඞ්ගජාතං උපනිජ්ඣායි තස්ස අසුචි මුච්චි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරුන්ගේ පුරාණදුතියිකාව මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. ඕ තොමෝ නිරතුරු ආයුෂ්මත් උදායි තෙරුන් වෙත පැමිණෙයි. ආයුෂ්මත් උදායි තෙර ද නිරතුරු ඒ මෙහෙණ වෙත යයි. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙර ඒ මෙහෙණ වෙත බත්කිස කෙරෙයි. එකල ආයුෂ්මත් උදායි තෙර පෙරෙවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ ඒ මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ඒ මෙහෙණ පෙරටුයෙහි අඞ්ගජාතය විවර කොට ආසනයෙහි හුන්නේ ය. ඒ මෙහෙණ ද ආයුෂ්මත් උදායී තෙරුන් ඉදිරියෙහි අඞ්ගජාතය විවර කොට හිඳගතු. එකල්හි ආයුෂ්මත් උදායි තෙර හටගත් රාග ඇත්තේ ඒ මෙහෙණගේ අඞ්ගජාතය මෙනෙහි කෙළේ ය. ඔහුට අශූචි මිදින.
Pali BJT2. අථ ඛො ආයස්මා උදායී තං භික්ඛුනිං එතදවොච: “ගච්ඡ භගිනි උදකං ආහර, අන්තරවාසකං ධොවිස්සාමී”ති. “ආහරය්ය, අහමෙව ධොවිස්සාමී”ති තං අසුචිං එකදෙසං මුඛෙන අග්ගහෙසි, එකදෙසං අඞ්ගජාතෙ පක්ඛිපි. සා තෙන ගබ්භං ගණ්හි. භික්ඛුනියො එවමාහංසු: “අබ්රහ්මචාරිනී අයං භික්ඛුනී ගබ්භිනී”ති. “නාහං අය්යා අබ්රහ්මචාරිනී”ති භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා උදායී භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙස්සතී”ති. අථ ඛො තා භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “සච්චං කිර ත්වං උදායී භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙසී”ති? “සච්චං භගවා”. “ඤාතිකා තෙ උදායී අඤ්ඤාතිකා”ති? “අඤ්ඤාතිකා, භගවා”ති. “අඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා පාසාදිකං වා අපාසාදිකං වා. තත්ථ නාම ත්වං මොඝපුරිස අඤ්ඤාතිකාය භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙර ඒ මෙහෙණට මෙසේ කී ය. ‘යා නැඟනියෙනි, දිය ගෙණෙව. අන්තරවාසකය සෝදමි’ යි. ‘දෙව හිමියනි, මම් මැ සෝදමි’ යි. ඒ අශූචි එක්දෙසක් මුවින් ගතු. එක්දෙසක් අඞ්ගජාතයෙහි බැහූ. ඕ තොමෝ එයින් ගැබ් ගතු. භික්‍ෂුණීහු මෙසේ කීහු: “මේ මෙහෙණ බඹසර නැත්තී ගැබිලියකැ” යි. “ආර්‍ය්‍යාවෙනි, මම් බඹසර නැතියක් නො වෙමි” යි. භික්‍ෂුණීන්ට මෙ පවත් දැන් වූ. භික්‍ෂුණීහු අවඥා කෙරෙති. අයුණු කියති. දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් උදායී හිමිහු මෙහෙණක ලවා පොරණ සිවුරක් දෙවවූහු දැ” යි. ඉක්බිති ඒ භික්‍ෂුණීහු භික්‍ෂූන්ට මෙපවත් දැන්වූ හ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙර මෙහෙණක ලවා පොරණසිවුරක් දෙවවී දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ‘සැබෑද උදායීය, තෝ මෙහෙණක ලවා පොරණසිවුරක් දෙවවිහි ලැ’ යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’, උදායිය, තට ‘නෑ එකක් ද නො නෑ එකක් දැ’ යි. ‘නො නෑ එකක භාග්‍යවතුන් වහන්සැ’ යි. ‘තුච්ඡ පුරුෂය, නො නෑයෙක් නො නෑ එකක්හට සුදුස්සක් හෝ නො සුදුස්සක් හෝ ප්‍රසාදයට වැටෙන්නක් හෝ අප්‍රසාදයට වැටෙන්නක් හෝ නො දනියි. එහි ලා තුච්ඡපුරුෂය, තෝ නො නෑ මෙහෙණක ලවා පොරණසිවුර දෙවවිහි. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙය්ය වා රජාපෙය්ය වා ආකොටාපෙය්ය වා, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් තෙම නොනෑ මෙහෙණක ලවා පොරණසිවුරක් දොවවා නම් හෝ රඳවා නම් හෝ කොළවා නම් හෝ නිසැගිපචිති වේ” යයි.
Pali BJT3. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT3. යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්‍ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ඛු’ යයි අදහස් කරණ ලද්දේ ය.
Pali BJTඅඤ්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධා.
Sinhala BJTඅඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මුත්තාවුන් තෙක් අසම්බද්ධයෝ යි.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා.
Pali BJTපුරාණචීවරං නාම: සකිං නිවත්ථම්පි සකිං පාරුතම්පි.
Sinhala BJTපුරාණචීවර නම්: වරක් හඳනා ලද්දේ ද වරක් පොරෝනා ලද්දේ ද වෙයි.
Pali BJTධොවාති ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. ධොතං නිස්සග්ගියං හොති. රජාති ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. රත්තං නිස්සග්ගියං හොති. ආකොටෙහීති ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. සකිං පාණිප්පහාරං වා මුග්ගරප්පහාරං වා දින්නෙ නිස්සග්ගියං හොති. නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා.
Sinhala BJT‘දොවවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි, දෝනා ලද්දේ නිසැගි වෙයි. ‘රඳවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි. රඳනා ලද්දේ නිසැගි වෙයි. ‘කොළවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි. වරක් අත්පහරක් හෝ මුගුරු පහරක් හෝ දුන් කල්හි නිසැගි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය.
Pali BJT4. එවං ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං: “ඉදං මෙ භන්තෙ පුරාණචීවරං අඤ්ඤාතිකාය භික්ඛුනියා ධොවාපිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති. -පෙ-
Sinhala BJT4. තවද මහණෙනි මෙසේත් නිසැජිය යුතු ය. “වහන්ස, මාගේ ‘මේ පොරණ සිවුර නොනෑ මෙහෙණක ලවා දොවවන ලද්දේ නිසැගි විය. මම් මෙය සඟනට නිසදමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි ...
Pali BJT5. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී පුරාණචීවරං ධොවාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී පුරාණචීවරං ධොවාපෙති රජාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී පුරාණචීවරං ධොවාපෙති ආකොටාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී පුරාණචීවරං ධොවාපෙති රජාපෙති ආකොටාපෙති, නිස්සග්ගියෙන ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT5. නො නෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු දොවා නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු දොවා නම් රජන් කරවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණසිවුරු දොවා නම් කොළවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු දොවා නම් රජන් කරවා නම් කොළවා නම් නිසැඟි හා සමඟ දෙ දුකුළාඇවැතෙක් වේ.
Pali BJT6. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී පුරාණචීවරං රජාපෙති, නිස්සග්ගියං පාචිත්තියං -පෙ- රජාපෙති ආකොටාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. රජාපෙති ධොවාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. රජාපෙති ආකොටාපෙති ධොවාපෙති, නිස්සග්ගියෙන ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT6. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණය යන සංඥා ඇති ව පොරණ සිවුරු රජන් කරවා නම් නිසැඟිපචිති වෙයි. ... රජන් කරවා නම් කොළවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. රජන් කරවා නම් දොවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. රජන් කරවා නම් කොළවා නම් දොවා නම් නිසැඟි හා සමඟ දෙ දුකුළා ඇවැතෙක් වේ.
Pali BJT7. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී පුරාණචීවරං ආකොටාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී පුරාණචීවරං ආකොටාපෙති ධොවාපෙති, -පෙ- ආකොටාපෙති රජාපෙති -පෙ- ආකොටාපෙති ධොවාපෙති රජාපෙති, නිස්සග්ගියෙන ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT7. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණය යන සංඥා ඇති ව පොරණ සිවුරු කොළවා නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු කොළවා නම් දොවා නම් ... කොළවා නම් රජන් කරවා නම් ... කොළවා නම් දොවා නම් රජන් කරවා නම් නිසැඟි හා සමඟ දෙ දුකුළා ඇවැතෙක් වේ.
Pali BJT8. අඤ්ඤාතිකාය වෙමතිකො -පෙ- අඤ්ඤාතිකාය ඤාතිකසඤ්ඤී -පෙ- අඤ්ඤස්ස පුරාණචීවරං ධොවාපෙති, ආපත්ති දුක්කටස්ස. නිසීදනපච්චත්ථරණං ධොවාපෙති, ආපත්ති දුක්කටස්ස. එකතො උපසම්පන්නාය ධොවාපෙති, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය ඤාතිකසඤ්ඤී -පෙ- අනාපත්ති.
Sinhala BJT8. නොනෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව ... නොනෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... අනෙකක්හුගේ පොරණ සිවුරු දොවා නම් දුකුළාඇවැත් වෙයි, නිසඳුන් පසතුරුණු දොවා නම් දුකුළා ඇවැත් වෙයි. භික්‍ඛුනීසඞ්ඝයා කෙරෙහි උපසපන් මෙහෙණක ලවා දොවා නම් දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... ඇවැත් නැති.
Pali BJT9. අනාපත්ති ඤාතිකාය ධොවන්තියා අඤ්ඤාතිකා දුතියා හොති, අවුත්තා ධොවති, අපරිභුත්තං ධොවාපෙති, චීවරං ඨපෙත්වා අඤ්ඤං පරික්ඛාරං ධොවාපෙති, සික්ඛමානාය, සාමණෙරියා, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT9. නෑ මෙහෙණ දොවන කල්හි, නොනෑ මෙහෙණ දෙවැන්නක් වේ නම්, නො කියන ලද්දී දොවා නම්, පරිභෝග නො කරන ලද්ද දොවා නම්, සිවුරු තබා අන් පිරිකරක් දොවා නම්, සික්‍ඛමාතාවක ලවා, සාමණේරියක ලවා දොවා නම් ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති යයි.
Pali BJTපුරාණචීවරසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTපුරාණචීවර ශික්‍ෂාපදය නිමි.
Pali BJT5. 1. 5.
Sinhala BJT5. 1. 5.
Pali BJTචීවරපටිග්ගහණසික්ඛාපදං
Sinhala BJTචීවරප්‍රතිග්‍රහණශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන උප්පලවණ්ණා භික්ඛුනී සාවත්ථියං විහරති. අථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං{1} පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා දිවාවිහාරාය අන්ධවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. තෙන ඛො පන සමයෙන චොරා කතකම්මා ගාවිං වධිත්වා මංසං ගහෙත්වා අ්ධවනං පවිසිංසු. අද්දසා ඛො චොරගාමණිකො උප්පලවණ්ණං භික්ඛුනිං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නං, දිස්වා සචෙ මෙ පුත්තභාතුකා පස්සිස්සන්ති විහෙඨයිස්සන්ති ඉමං භික්ඛුනින්ති අඤ්ඤෙන මග්ගෙන අගමාසි. අථ ඛො සො චොරගාමණිකො මංසෙ පක්කෙ වරමංසානි ගහෙත්වා පණ්ණපුටං {2}බන්ධිත්වා උප්පලවණ්ණාය භික්ඛුනියා අවිදූරෙ රුක්ඛෙ ආලග්ගෙත්වා “යො පස්සති සමණො වා බ්රාහ්මණො වා දින්නං යෙව හරතූති” වත්වා පක්කාමි. අස්සොසි ඛො උප්පලවණ්ණා භික්ඛුනී සමාධිම්හා වුට්ඨහිත්වා තස්ස චොරගාමණිකස්ස ඉමං වාචං භාසමානස්ස. අථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී තං මංසං ගහෙත්වා උපස්සයං අගමාසි. අථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී තස්සා රත්තියා අච්චයෙන තං මංසං සම්පාදෙත්වා උත්තරාසඞ්ගෙ භණ්ඩිකං බන්ධිත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා වෙළුවනෙ පච්චුට්ඨාසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි උපුල්වන් මෙහෙණ සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති උපුල්වන් මෙහෙණ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිඬු පිණිස සැවැතට පිවිසියා ය. සැවැතෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුනී අන්‍ධවනය කරා එළඹියා ය. එළඹ දිවාවිහාරය පිණිස අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙහි හුන්නී ය. එසමයෙහි කළ සොරකම් ඇති සොරු දෙනක මරා මස් ගෙණ අන්‍ධවනයට පිවිසියහ. ඉක්බිති සොරදෙටු තෙම එක්තරා රුක්මුලෙක දිවාවිහාරයෙහි හුන් උපුල්වන් මෙහෙණ දිටි. දැක ඉදින් මාගේ දරු-මල්හු මේ මෙහෙණ දක්නාහු නම් වෙහෙසන්නාහ’ යි අන් මගෙකින් ගියේ ය. ඉක්බිති ඒ සොරදෙටු තෙම මස් පැසුනු කල්හි සොඳුරුමස් ගෙණ පත්පළාවක් බැඳ උපුල්වන් මෙහෙණට නුදුරු තැන්හි රුකෙක එල්වා “මහණ වේව යි බමුණු වේවයි යමෙක් දකී නම් දෙන ලද මැ” ය ‘ගෙණ යේව’ යි කියා ගියේ ය. උපුල්වන් මෙහෙණ සමාධියෙන් නැඟී මෙතෙපුල් කියන ඒ සොරදෙටුවාගේ බස් ඇසූ ය. ඉක්බිති උපුල්වන් මෙහෙණ ඒ මස් ගෙණ මෙහෙණවරට ගියා ය. ඉක්බිති උපුල්වන් මෙහෙණ ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් ඒ මස් පිළියෙල කොට උතුරුසඟසිවුරෙහි පොදි බැඳ අහසට පැනනැඟී වේළුවනවිහාරයෙහි බැස සිටියාය.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භගවා ගාමං පිණ්ඩාය පවිට්ඨො හොති. ආයස්මා උදායී ඔහිය්යකො හොති විහාරපාලො. අථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොච: “කහං භන්තෙ භගවා”ති. “පවිට්ඨො භගිනි භගවා ගාමං පිණ්ඩායා”ති. “ඉමං භන්තෙ මංසං භගවතො දෙහී”ති. “සන්තප්පිතො තයා භගිනි භගවා මංසෙන. සචෙ මෙ ත්වං අන්තරවාසකං දදෙය්යාසි, එවං අහම්පි සන්තප්පිතො භවෙය්යං අන්තරවාසකෙනා”ති. “මයං ඛො භන්තෙ මාතුගාමා නාම කිච්ඡලාභා, ඉදඤ්ච මෙ අන්තිමං පඤ්චමං චීවරං, නාහං දස්සාමී”ති. “සෙය්යථාපි භගිනි පුරිසො හත්ථිං දත්වා කච්ඡෙ සජ්ජෙය්ය,{3} එවමෙව ඛො ත්වං භගිනි භගවතො මංසං දත්වා මයි අන්තරවාසකෙ{4} සජ්ජසී”ති. අථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී ආයස්මතා උදායිනා නිප්පීළියමානා අන්තරවාසකං දත්වා උපස්සයං අගමාසි. භික්ඛුනියො උප්පලවණ්ණාය භික්ඛුනියා පත්තචීවරං පටිග්ගණ්හන්තියො උප්පලවණ්ණං භික්ඛුනිං එතදවොචුං: “කහං තෙ අය්යෙ, අන්තරවාසකො”ති. උප්පලවණ්ණා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යො උදායී භික්ඛුනියා චීවරං පටිග්ගහෙස්සති කිච්ඡලාභො මාතුගාමො”ති. අථ ඛො තා භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT2. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගම්වැදුනාහු වෙති. ආයුෂ්මත් උදායී තෙරණුවෝ වෙහෙර රක්නාහු නැවැතුනාහු වෙති. ඉක්බිති උපුල්වන් මෙහෙණ උදායි තෙරුන් කරා එළඹියා ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කිවූ ය: ‘වහන්ස භාග්‍යවතුන් වහන්සේ කොහි දැ’ යි. “නැගණියනි, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගමට පිවිසියහ’ යි. ‘වහන්ස, මේ මස් භාග්‍යවතුන් වහන්සේට දෙව’ යි. “නැගණියනි, තොප විසින් භාග්‍යවතුන් වහන්සේ මසින් සතපන ලදහ. ඉදින් තෙපි මට අතුරුවසාසිවුරු දෙන්නහු නම් මෙසේ මම ද අතුරුවසාසිවුරින් සතප්නා ලද්දෙම් වන්නෙමි’ යි. “වහන්ස, අපි නම් මාගම්වූවමෝ ප්‍රත්‍යය දුකසේ ලබන්‍නම්හ. මෙ ද මාගේ පැසිම් පස්වැනි සිවුර ය. (එහෙයින්) මම නො දෙමැ’ යි. ‘යම්සේ නැගණියනි, පුරුෂයෙක් ඇතු දී පොරොද්දෙහි ඇලෙන්නේ ද, එපරිද්දෙන් ම නැගණියනි, තෙපි භාග්‍යවතුන් වහන්සේට මස් දී මාකෙරෙහිලා අතුරුවසාසිවුරෙහි ඇලෙන්නහු” යයි. ඉක්බිති උපුල්වන් මෙහෙණ ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දැඩි ව පෙළනු ලබන්නී අතුරුවසාසිවුර දී මෙහෙණවරට ගියා ය. භික්‍ෂුණීහු උපුල්වන් මෙහෙණගේ පාසිවුරු පිළිගන්නාහු උපුල්වන් මෙහෙණට මෙපවත් කීහ. “ආර්‍ය්‍යාවෙනි, තොපගේ අතුරුවසාසිවුර කොහි දැ’ යි. උපුල්වන් මෙහෙණ භික්‍ෂුණීන්ට එපවත් දැන්වූය. භික්‍ෂුණීහු අවමන් කෙරෙති අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් උදායී හිමි මෙහෙණගේ සිවුර පිළිගත්තේ ද; මාගම (ප්‍රත්‍යය) දුකසේ ලබන්නී’ යයි ඉක්බිති ඒ භික්‍ෂුණීහු මෙපවත් දැන්වූහ.
Pali BJT3. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී භික්ඛුනියා චීවරං පටිග්ගහෙස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං උදායී භික්ඛුනියා චීවරං පටිග්ගහෙසී”ති? “සච්චං භගවා”ති. “ඤාතිකා තෙ උදායී අඤ්ඤාතිකා”ති. “අඤ්ඤාතිකා භගවා”ති. “අඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා සන්තං වා. අසන්තං වා තත්ථ නාම ත්වං මොඝපුරිස, අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො චීවරං පටිග්ගහෙස්සි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.”
Sinhala BJT3. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් ආයුෂ්මත් උදායි තෙර මෙහෙණකගේ සිවුරක් පිළිගත්තේ දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූ හ. “සැබෑද උදායිය, තෝ මෙහෙණකගේ සිවුරක් පිළිගත්තෙහි ල’ යි. “සැබව භාග්‍යවතුන් වහන්ස’, ‘උදායිය, තාගේ නෑ මෙහෙණක් ද නොනෑ මෙහෙණක් දැ’ යි. ‘නො නෑ මෙහෙණක භාග්‍යවතුන් වහන්සැ’ යි. “තුච්ඡපුරුෂය, නොනෑයෙක් නොනෑ එකකට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ විද්‍යාමානය හෝ අවිද්‍යාමානය හෝ නොදනියි. එහිලා තුච්ඡපුරුෂය, තෝ නොනෑ මෙහෙණකගේ අතින් සිවුරක් පිළිගත්තෙහි ය. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො චීවරං පටිග්ගණ්හෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති.”
Sinhala BJT“යම් මහණෙක් නොනෑ මෙහෙණකගේ අතින් සිවුරක් පිළිගන්නේ නම් නිසැඟි පචිති වේ.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් මේ ශික්‍ෂාපදය භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.
Pali BJT[මූලපඤ්ඤත්ති.]
Sinhala BJT[මුල්පැණවීමයි.]
Pali BJT4. තෙන ඛො පන සමයෙන භික්ඛූ කුක්කුච්චායන්තා භික්ඛුනීනං පාරිවත්තකචීවරං න පටිග්ගණ්හන්ති. භික්ඛුනියො උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා අම්හාකං පාරිවට්ටකචීවරං නප්පටිග්ගහෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තාසං භික්ඛුනීනං උජ්ඣායන්තීනං ඛීයන්තීනං විපාචෙන්තීනං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ පඤ්චන්නං පාරිවට්ටකං පටිග්ගහෙතුං, භික්ඛුස්ස භික්ඛුනියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා. අනුජානාමි භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං පාරිවට්ටකං පටිග්ගහෙතුං. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT4. තවද එ කල්හි භික්‍ෂුහු කුකුස් කරන්නාහු භික්‍ෂුණීන්ගේ පිරුළුසිවුරු නොපිළිගනිති. භික්‍ෂුණීහු අවඥා කෙරෙත් අයුණු කියත් දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් හිමිහු අපගේ පිරුළුසිවුරු නො පිළිගණිත් දැ’ යි. භික්‍ෂුහු ඒ භික්‍ෂූණින් අවඥා කරන්නන් අයුණු කියන්නන් දොස් පහළ කරන්නන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි, පස් දෙනකුන්ගේ පිරුළුසිවුරු පිළිගන්නට අනුදනිමි: භික්‍ෂූහුගේ ය, භික්‍ෂුණියගේ ය, ශික්‍ෂාමානාවගේ ය, සාමණේරයාගේ ය, සාමණේරියගේ ය. මහණෙනි, මෙ පස් දෙනාගේ පිරුළුසිවුරු පිළිගන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:’
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො චීවරං පටිග්ගණ්හෙය්ය අඤ්ඤත්ර පාරිවට්ටකා, නිස්සග්ගියං පාචිත්තියන්ති”.
Sinhala BJT“යම් මහණෙක් නොනෑ මෙහෙණක අතින් පිරුළුසිවුරු තබා සිවුරක් පිළිගන්නේ නම් නිසැඟිපවති වේ.”
Pali BJT[දුතියපඤ්ඤත්ති.]
Sinhala BJT[දෙවනපැණවීමයි.]