Pali BJT14. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තස්ස ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
Sinhala BJT14. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් තුලැසි දෙකෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වේ. සඟවෙසෙස් අවදනාහට ඤත්තියෙන් වූ දුකුළා ද දෙකම්වදනින් වූ දෙතුලැසිය ද නවතිත් (සන්සිඳෙත්).
Pali BJTසඞ්ඝාදිසෙසොති සඞ්ඝොව තස්සා ආපත්තියා පරිවාසං දෙති මූලාය පටිකස්සති, මානත්තං දෙති අබ්භෙති, න සම්බහුලා, න එකපුග්ගලො. තෙන වුච්චති සඞ්ඝාදිසෙසොති. තස්සෙව ආපත්තිනිකායස්ස නාමකම්මං අධිවචනං. තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු: සඞ්ඝ තෙමේ ම ඒ ඇවැතට පිරිවෙස් දෙයි. මුලට අදියි මානත දෙයි. ආහවානය කෙරෙයි. භික්‍ෂූහු තිදෙනෙක් නො දෙත්. එක්පුඟුලෙක් නො දේ. එයිනුදු කියනු ලැබෙයි. ‘සඞ්ඝාදිසේසො’යි. එ ම ඇවැත් මුළුවට නාමකර්‍ම යි අධිවචන යි. එයිනුදු කියනු ලැබෙයි. ‘සඞ්ඝාදිසේසො’යි.
Pali BJT15. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකො න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජ්ජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT15. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ (ලබ්ධිය) නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මෙයහි විමති ඇතියේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇතියේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇතියේ නම් දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇතියේ නම් දුකුළාඇවැත් වේ.
Pali BJT16. අනාපත්ති අසමනුභාසන්තස්ස, පටිනිස්සජන්තස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT16. සමනුභාසනකර්‍ම නො කරන්නාහට ද, හැරැපියන්නාහට ද, උන්මත්තකයාහට ද, ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
Pali BJTකුලදූසකසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTකුලදූසක ශික්‍ෂාපදය නිමියේ යි.
Pali BJT17. උද්දිට්ඨා ඛො ආයස්මන්තො තෙරස සඞ්ඝාදිසෙසා ධම්මා, නව පඨමාපත්තිකා, චත්තාරො යාවතතියකා, යෙසං භික්ඛු අඤ්ඤතරං වා අඤ්ඤතරං වා ආපජ්ජිත්වා යාවතීහං ජානං පටිච්ඡාදෙති තාවතීහං තෙන භික්ඛුනා අකාමා පරිවත්ථබ්බං. පරිවුත්ථපරිවාසෙන භික්ඛුනා උත්තරි ඡාරත්තං භික්ඛුමානත්තාය පටිපජ්ජිතබ්බං. චිණ්ණමානත්තො භික්ඛු යත්ථ සියා වීසතිගණො භික්ඛුසඞ්ඝො, තත්ථ සො භික්ඛු අබ්භෙතබ්බො. එකෙනපි චෙ ඌනො වීසතිගණො භික්ඛුසඞ්ඝො තං භික්ඛුං අබ්භෙය්ය, සො ච භික්ඛු අනබ්භිතො. තෙ ච භික්ඛූ ගාරය්හා. අයං තත්ථ සාමීචි. තත්ථායස්මන්තෙ පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථායස්මන්තො. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJT17. ආයුෂ්මත්වරුනි, තෙළෙස් සඟවෙසෙස් ඇවැත්හු උදෙසන ලදහු ම ය. ප්‍රථමාපත්තික නව දෙනෙක, යාවතතියක සතර දෙනෙකි. මහණ තෙම යම් සඟවෙසෙසුන් අතුරෙන් එක්තරා ඇවැතකට හෝ පැමිණ යම්තාක් දින දැන දැන සඟවා ද, ඒතාක් දින ඒ මහණහු විසින් නො කැමැත්තෙන් නමුදු පිරිවෙස් විසිය යුතුයි. වැස නිමවූ පිරිවෙස් ඇති මහණහු විසින් මත්තෙහි සරැයක් භික්‍ෂූන්ට බුහුමන් පිණිස පිළිපැදිය යුතුයි. පිරූ මානත් ඇති මහණතෙම විංශද්වර්ගික භික්‍ෂූසඞ්ඝතෙමේ යම් සීමාවෙක්හි වන්නේ නම් එහි අබ්භානකර්‍මය කළයුත්තේ යි. එක්නමකිනුදු උනු වූ විංශද්වර්ගික භික්‍ෂූසඞ්ඝතෙමේ එමහණහු ඉදින් අබ්හානකර්‍මයෙන් කරන්නේ නම් ඒ මහණතෙමේත් අනබහිත වූයේ වෙයි. ඒ භික්‍ෂූහුත් ගැරහිය යුත්තාහු වෙති. මේ එහි සාමීචිධර්‍මය යි. එහිලා ආයුෂ්මතුන් විචාරමි. කිම, පිරිසුදුවූවහු ද? දෙවනවට ද විචාරමි. කිම, පිරිසුදුවූවහු ද? තෙවනවට ද විචාරමි. කිම, පිරිසුදු වූවහු ද? මෙහිලා ආයුෂ්මත්හු පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූත වෙති, තෙල නිහඬබව මෙසේ ධරමි.
Pali BJTතෙරසකං නිට්ඨිතං
Sinhala BJTතේරසකය නිමියේ යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTවිස්සට්ඨ කායසංසග්ගො දුට්ඨුල්ලං අත්තකාමතං, සඤ්චරිත්තං කුටී චෙව විහාරො ච අමූලකං.
Sinhala BJTසුක්විසැටි ය, කාසසඟරා ය, දුටුල්වසු ය, අත්තකාමපාරිචරිය ය, සසුරුතු ය, කුටිකාර ය, විහාරකාර ය, අමුලු ය,
Pali BJTකිඤ්චි දෙසඤ්ච භෙදො ච තස්සෙව අනුවත්තකා, දුබ්බචං කුලදූසඤ්ච සඞ්ඝාදිසෙසා තෙරසාති.
Sinhala BJTඅඤ්ඤභාගිය ය, සඞ්ඝභේද ය, අනුවත්තක ය, දුබ්බච ය, කුලදූසක ය යි තෙළෙස් සඟවෙසෙස්හු වෙත්.
Pali BJTසඞ්ඝාදිසෙසකණ්ඩො නිට්ඨිතො
Sinhala BJTසඞ්ඝාදිසේස කාණ්ඩය නිමියේ ය.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTඅනියතකණ්ඩො.
Sinhala BJTඅනියත කාණ්ඩය
Pali BJTඉමෙ ඛො පනායස්මන්තො ද්වෙ අනියතා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTඇවැත්නි, මේ අනියත ධර්‍මයෝ දෙදෙන උදෙසීමට එති:
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJTපඨමඅනියතසික්ඛාපදං
Sinhala BJTපළමු අනියතශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී සාවත්ථියං කුලූපගො හොති, බහුකානි කුලානි උපසඞ්කමති. තෙන ඛො පන සමයෙන ආයස්මතො උදායිස්ස උපට්ඨාකකුලස්ස කුමාරිකා අඤ්ඤතරස්ස කුලස්ස කුමාරකස්ස දින්නා හොති. අථ ඛො ආයස්මා උදායී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තං කුලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මනුස්සෙ පුච්ඡි: “කහං ඉත්ථන්නාමා”ති{1}. “දින්නා භන්තෙ අමුකස්ස කුලස්ස කුමාරකස්සා”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සැවැත්නුවරෙහි කුලුපග වෙත්. බොහෝ කුලයන් කරා එළඹෙත්. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවන්ගේ උපස්ථායක කුලයක් සතු කුමරියක් එක්තරා කුලකයක් සතු කුමරකුට දින. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ඒ කුලය වෙත එළඹියහ. එළඹ “මෙ නම් කුමරිය කොහි දැ?” යි මිනිසුන් විචාළහ: “වහන්ස, අසෝ කුලය සතු කුමරකුට දිනැ” යි, ඒ මිනිස්සු කීහ.
Pali BJT2. තම්පි ඛො කුලං ආයස්මතො උදායිස්ස උපට්ඨාකං හොති. අථ ඛො ආයස්මා උදායී යෙන තං කුලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මනුස්සෙ පුච්ඡි: “කහං ඉත්ථන්නාමා”ති. “එසාය්ය ඔවරකෙ නිසින්නා”ති. අථ ඛො ආයස්මා උදායී යෙන සා කුමාරිකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තස්සා කුමාරිකාය සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙසි කාලයුත්තං සමුල්ලපන්තො කාලයුත්තං ධම්මං භණන්තො.
Sinhala BJT2. ඒ කුලය ද ආයුෂ්මත් උදායි තෙරණුවන්ගේ උපස්ථායක වෙයි. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ කුලය කරා එළඹියහ. එළඹ, “මෙ නම් තුමරිය කොහි දැ?” යි මිනිසුන් විචාළහ. හිමියනි, තෙල කුමරිය ලැගුම් ගෙහි හුන” යි ඔහු කීහ. එසඳ ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ කුමරිය කරා එළඹියහ. එළඹ එකලා වූයේ එකලා ව සිටි ඒ කුමරිය හා සමඟ රහසිගත ව සිට මෙවුන්දමට යෝග්‍ය වූ පිළිසන් අස්නෙහි කල් සලකා පැවති බස් බෙණෙමින් කලට යුතු දහම් බෙණෙමින් නිෂද්‍ය කළහ.
Pali BJT3. තෙන ඛො පන සමයෙන විසාඛා මිගාරමාතා බහුපුත්තා හොති බහුනත්තා අරොගපුත්තා අරොගනත්තා අභිමඞ්ගලසම්මතා. මනුස්සා යඤ්ඤෙසු ඡණෙසු උස්සවෙසු විසාඛං මිගාරමාතරං පඨමංභොජෙන්ති. අථ ඛො විසාඛා මිගාරමාතා නිමන්තිතා තං කුලං අගමාසි. අද්දසා ඛො විසාඛා මිගාරමාතා ආයස්මන්තං උදායිං තස්සා කුමාරිකාය සද්ධිං එකං එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසින්නං. දිස්වාන ආයස්මන්තං උදායිං එතදවොච:
Sinhala BJT3. එසමයෙහි මෘගාරිමාතා වූ විශාඛාවෝ බොහෝ දූ පුතුන් ඇතියහ. බොහෝ මුනුබුරන් ඇතියහ. නීරෝග දූ පුතුන් ඇතියහ. නීරෝග මුනුබුරන් ඇතියහ. උත්තම මඞ්ගල සම්මතයහ. මිනිස්සු දාන ප්‍රදානයෙහි දී දින නියම ඇති ආවාහ විවාහ ආදි සැණෙහි දී දින නියම නැති (ඇසළ ඈ) මහ සැණෙහි දී මෘගාරිමාතෘ විශාඛාවන් පළමු කොට වළඳවත්. එ සඳ මෘගාරිමාතෘ විශාඛාවෝ කැඳවන ලදු ව එකල කරා ගියහ. මෘගාරිමාතෘ විශාඛාවෝ එකලා ව සිටි ඒ කුමරිය හා සමඟ ආයුෂ්මත් උදායී තෙරණුවන් රහසිගත ව මෛථුනකර්‍මයට යෝග්‍ය වූ පිළිසන් අස්නෙක එකලා ව හුන්නවුන් දුටහ. දැක ආයුෂ්මත් උදායී තෙරණුවන්ට මෙ පවත් සැළ කළහ:
Pali BJT“ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං, යං අය්යො මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙති. කිඤ්චාපි භන්තෙ අය්යො අනත්ථිකො තෙන ධම්මෙන, අපි ච දුස්සද්ධාපයා අප්පසන්නා මනුස්සා”ති.
Sinhala BJT“යම් හෙයකින් හිමිහු එකලා ව සිටි මිනිස් මාගමක හා සමඟ රහසිගත ව මෙවුන්දමට යෝග්‍ය වූ පිළිසන් අස්නෙක එකලා ව සිට නිෂද්‍ය කෙරෙත් ද, වහන්ස, තෙල අයෝග්‍ය ය, නුසුදුසු ය. වහන්ස, හිමිහු ඒ මෙවුන්දමින් අර්‍ත්‍ථ නැති වුව ද වැලිත් නොපහන් මිනිස්සු නො හදහවාලිය හෙති” යි.
Pali BJT4. එවම්පි ඛො ආයස්මා උදායී විසාඛාය මිගාරමාතුයා වුච්චමානො නාදියි. අථ ඛො විසාඛා මිගාරමාතා නික්ඛමිත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි, යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙස්සතී”ති.
Sinhala BJT4. මෘගාරිමාතෘ විශාඛාව විසින් මෙ ලෙසිනුත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ කියනු ලබන්නාහු දු නොපිළිගත්හ. එසඳ මෘගාරිමාතෘ විශාඛාවෝ නික්ම ගොස් භික්‍ෂූන්ට මෙ පවත් සැළ කළහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද, ඔහු අවඥා කෙරෙත්, නුගුණ බෙණෙත්, අයුණු පතුරුවත්: “ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා ව සිටි මිනිස් මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව සිට කෙසේ නිෂද්‍ය කළාහු ද” කියා ය.
Pali BJT5. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං: “සච්චං කිර ත්වං උදායි මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙසී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් සැළ කළහ: “උදායිය, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව නිෂද්‍යා කෙළෙහි ල යනු සැබෑ ද?” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබැවෙකැ” යි හේ කී ය. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. “මෝඝපුරුෂය, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමග කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක රහසිගත ව එකලා ව කෙසේ නිෂද්‍ය කෙළෙහි ද, මෝඝපුරුෂය, මෙය නොපහන් මිනිසුන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙය්ය, තමෙනං සද්ධෙය්යවචසා උපාසිකා දිස්වා තිණ්ණං ධම්මානං අඤ්ඤතරෙන වදෙය්ය, පාරාජිකෙන වා සඞ්ඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා, නිසජ්ජං භික්ඛු පටිජානමානො තිණ්ණං ධම්මානං අඤ්ඤතරෙන කාරෙතබ්බො පාරාජිකෙන වා සඞ්ඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා. යෙන වා සා සද්ධෙය්යවචසා උපාසිකා වදෙය්ය, තෙන සො භික්ඛු කාරෙතබ්බො. අයං ධම්මො අනියතො”ති.
Sinhala BJT“යම් මහණෙක් එකලා වූ මිනිස් මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව නිෂද්‍යා කරන්නේ වේ ද, හැදහිය යුතු බස් ඇති උවැසියක් ඒ මහණහු දැක පරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේව යි පවිතියෙන් වේ ව යි තුන් ඇවැත් අතුරින් එක්තරා එකෙකින් දොස් තබා බෙණේ නම්, නිෂද්‍යාව පිළින කරණ මහණ පරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේව යි පවිතියෙන් වේව යි තුන් ඇවැත් අතුරින් එක්තරා එකෙකින් කරවිය යුතු. හැදහිය යුතු වචන ඇති ඒ උවැසිය යම් ඇවැතකින් හෝ දොස් තබා බෙණේ නම්, ඒ මහණ ඒ ඇවැතින් කරවිය යුතු ය. මේ ඇවැත අනියත යි”
Pali BJT6. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT6. යො පන -යි යමෙක්, යම් බඳු වූවෙක් ....
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්‍ඛු යි ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි දී භික්‍ෂුහු ය යි දක්වන ලදි.
Pali BJTමාතුගාමො නාම: මනුස්සිත්ථි. න යක්ඛී. න පෙතී. න තිරච්ඡානගතා. අන්තමසො තදහුජාතාපි දාරිකා, පගෙව මහත්තරී.
Sinhala BJTමාතුගාම නම්: මිනිස් මාගම යි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් නො වෙයි. යටත් පිරිසෙයින් එදවස උපන් දැරිය ද වෙයි. ඉමහත් ස්‍ත්‍රිය (මැහැලි) කැලම ය. (කියනු ම කීම).
Pali BJTසද්ධින්ති එකතො.
Sinhala BJTසද්ධිං යි එකතු ය.
Pali BJTඑකො එකායාති භික්ඛු චෙව හොති මාතුගාමො ච.
Sinhala BJTඒකෝ ඒකාය යි මහණෙක් ද මාගමෙක් ද වෙයි.
Pali BJTරහො නාම: චක්ඛුස්ස රහො සොතස්ස රහො. චක්ඛුස්ස රහො නාම: න සක්කා හොති අක්ඛිං වා නිඛණීයමානෙ භමුකං වා උක්ඛිපීයමානෙ සීසං වා උක්ඛිපීයමානෙ පස්සිතුං. සොතස්ස රහොනාම න සක්කා හොති පකතිකථා සොතුං.
Sinhala BJTරහෝ නම්: ඇසට රහස, කණට රහස. ඇසට රහස නම්: කනන කල ඇස වේව යි නඟන කල බැම වේව යි නගන කල හිස වේව යි දක්නට නොහැකි වෙයි. කණට රහස නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.
Pali BJTපටිච්ඡන්නං නාම ආසනං කුඩ්ඩෙන වා කවාටෙන වා කිලඤ්ජෙන වා සාණිපාකාරෙන වා රුක්ඛෙන වා ථම්භෙන වා කොත්ථලියා වා යෙන කෙනචි පටිච්ඡන්නං හොති.
Sinhala BJTපටිච්‍ඡන්න නම්: අස්න බිත්තියෙන් හෝ කවුළු දොරින් හෝ කලාලින් හෝ කඩතුරා පවුරින් හෝ රුකින් හෝ කණුවෙන් හෝ පැලලිපොතුයෙන් හෝ යම් කිසිවකින් වැසුනේ වෙයි.
Pali BJTඅලංකම්මනියෙති සක්කා හොති මෙථුනං ධම්මං පතිසෙවිතුං.
Sinhala BJTඅලංකම්මතියෙ යි මෙවුන්දම් සෙවුනට හැක්කේ වෙයි.
Pali BJTනිසජ්ජං කප්පෙය්යාති මාතුගාමෙ නිසින්නෙ භික්ඛු උපනිසින්නො වා හොති උපනිපන්නො වා. භික්ඛු නිසින්නෙ මාතුගාමො උපනිසින්නො වා හොති උපනිපන්නො වා. උභො වා නිසින්නා හොන්ති උභො වා නිපන්නා.
Sinhala BJTනිඝජ්ජං කප්පෙය්‍ය යි මාගම හුන්කල මහණ ලං ව හුන්නේ හෝ වෙයි. ලං ව හොත්තේ හෝ වෙයි. මහණ හුන්කල මාගම ලං ව හුන්නී හෝ වෙයි. ලං ව හොත්තී හෝ වෙයි. දෙදෙනා ම හෝ හුන්නාහු වෙති. දෙදෙනා ම හෝ හොත්තාහු වෙති.
Pali BJTසද්ධෙය්යවචසා නාම: ආගතඵලා අභිසමෙතාවිනී විඤ්ඤාතසාසනා.
Sinhala BJTසද්ධෙය්‍ය වචසා නම්: ලැබූ සෝවාන් ඵල ඇති පිළිවිදි සිවුසස් ඇති දත් සසුන් ඇති (උවැසි).
Pali BJTඋපාසිකා නාම: බුද්ධං සරණං ගතා ධම්මං සරණං ගතා සඞ්ඝං සරණං ගතා.
Sinhala BJTඋපාසිකා නම්: බුදුන් සරණ ගියා ය, දහම් සරණ ගියා ය, සඟුන් සරණ ගියා ය.
Pali BJTදිස්වාති පස්සිත්වා.
Sinhala BJTදිස්වායී දැක
Pali BJTතිණ්ණං ධම්මානං අඤ්ඤතරෙන වදෙය්ය, පාරාජිකෙන වා සඞ්ඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා. නිසජ්ජං භික්ඛු පටිජානමානො තිණ්ණං ධම්මානං අඤ්ඤතරෙන කාරෙතබ්බො පාරාජිකෙන වා සඞ්ඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා. යෙන වා සා සද්ධෙය්යවචසා උපාසිකා වදෙය්ය, තෙන සො භික්ඛු කාරෙතබ්බො.
Sinhala BJTපරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේ ව යි පවිතියෙන් වේ වයි තුන් ඇවැතුන් අතුරින් එක්තරා එකෙකින් කියා නම්, නිෂද්‍යාව පිළින කරණ මහණ පරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේ වයි පවිතියෙන් වේව යි තුන් ඇවැත් අතුරින් එක්තරා එකෙකින් කරවිය යුතු ය. හැදහිය යුතු බස් ඇති ඒ උවැසි යම් ඇවැතකින් කියා නම්, ඒ මහණ ඒ ඇවැතින් කරවිය යුතු ය.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිසින්නො මාතුගාමස්ස මෙථුනං ධම්මං පතිසෙවන්තො”ති, සො ච තං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරෙයි නම් පිරිජිඇවැතින් කරවිය යුතුයි.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිසින්නො මාතුගාමස්ස මෙථුනං ධම්මං පතිසෙවන්තො”ති, සො චෙ එවං වදෙය්ය: “සච්චාහං නිසින්නො, නො ච ඛො මෙථුනං ධම්මං පතිසෙවින්ති, නිසජ්ජාය කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ඉදින් සැබෑව, මම හුන්නෙමි මෙවුන්දම් නො ද සෙවීමි” යි. මෙසේ කියා නම්: නිෂද්‍යායෙන් කරවිය යුතු ය.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිසින්නො මාතුගාමස්ස මෙථුනං ධම්මං පතිසෙවන්තො”ති, සො චෙ එවං වදෙය්ය: “නාහං නිසින්නො අපි ච ඛො නිපන්නො”ති, නිපජ්ජාය කාරෙතබ්බො . සා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිසින්නො මාතුගාමස්ස මෙථුනං ධම්මං පතිසෙවන්තොති, සො චෙ එවං වදෙය්ය: “නාහං නිසින්නො, අපිච ඛො ඨිතො”ති. න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හුන්නාහු දක්නා ලදහ” යි. මෙසේ කියා නම්: ඒ මහණ “මම නුහුන්නෙමි වැලිත් හොත්තෙමි” යි. ඉදින් මෙසේ කියා නම්: නිපත්‍යායෙන් කරවිය යුතු ය. ඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ “මම නුහුන්නෙමි වැලිත් සිටියෙමි” යි. ඉදින් මෙසේ කියා නම්: නොකරවිය යුතු ය.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිපන්නො මාතුගාමස්ස මෙථුනං ධම්මං පතිසෙවන්තො”ති, සො ච තං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. සා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිපන්නො මාතුගාමස්ස මෙථුනං ධම්මං පතිසෙවන්තො”ති. සො චෙ එවං වදෙය්ය: “සච්චාහං නිපන්නො, නො ච ඛො මෙථුනං ධම්මං පතිසෙවින්ති. නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො. අපි ච ඛො නිසින්නො”ති, නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො. අපි ච ඛො ඨිතො”ති. න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් වැද හොත්තාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරෙයි නම්, පරිජිඇවැතින් කරවිය යුතු ය. ඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හොත්තාහු දක්නා ලදහ” යි ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ “සැබව, මම හොත්තෙමි. මෙවුන්දම් නො ද සෙවීමි” යි. ඉදින් මෙසේ කියා නම්: නිපත්‍යායෙන් කරවිය යුතු ය ... “මම නො හොත්තෙමි. වැලිත් හුන්නෙමි” යි. කියා නම් නිෂද්‍යායෙන් කරවිය යුතු ය. ... “මම නොහොත්තෙමි, වැලිත් සිටියෙමි” යි. කියා නම් නොකරවිය යුතු ය
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිසින්නො මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තො”ති, සො ච තං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො -පෙ- සච්චාහං නිසින්නො, නො ච ඛො කායසංසග්ගං සමාපජ්ජි”න්ති, නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිසින්නො, අපි ච ඛො නිපන්නො”ති, නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිසින්නො අපි ච ඛො ඨිතො”ති, න කාරෙතබ්බො. සා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිපන්නො මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තො”ති, සො ච තං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො -පෙ- “සච්චාහං නිපන්නො, නො ච ඛො කායසංසග්ගං සමාපජ්ජි”න්ති, නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො අපි ච ඛො නිසින්නො”ති, නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- නාහං නිපන්නො, අපිච ඛො ඨිතො”ති, න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “මා විසින් හිමිහු මාගමක හා සමඟ කායසංසර්‍ගයට සමවදිමින් හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරෙයි නම්, කායසංසර්‍ග ඇවැතින් කරවිය යුතු ය ... “සැබව, මම හුන්නෙමි. කායසංසර්‍ගයට නො ද සමවැදිමි” යි. හේ කියා නම් නිෂද්‍යායෙන් කරවිය යුතු ය. ... “මම නුහුන්නෙමි, වැලිත් හොත්තෙමි” යි කියා නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය ... “මම නුහුන්නෙමි, වැලිත් හොත්තෙමි” යි. කියා නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය. .... “මම නුහුන්නෙම්, වැලිත් සිටියෙමි” යි. කියා නම් නො කරවිය යුතු ය. ඒ උවැසි “මා විසින් හිමිහු මාගමක හා සමඟ කායසංසර්‍ගයෙහි සමවදිමින් හොත්තාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද ඒ පිළින කෙරෙයි නම්, කායසංසර්‍ග ඇවැතින් කරවිය යුතු ය. ... “සැබව, මම හොත්තෙමි. කායසංසර්‍ගයට නො ද සමවැදිමි” යි. කියා නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය .... “මම නො හොත්තෙමි, වැලිත් හුන්නෙමි” කියා නම් නිෂද්‍යායෙන් කරවිය යුතු ය ... “මම නොහොත්තෙමි, වැලිත් සිටියෙමි” යි කියා නම් නො කරවිය යුතු ය.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසින්නො”ති , සො ච තං පටිජානාති, නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිසින්නො, අපි ච ඛො නිපන්නො”ති, නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිසින්නො, අපි ච ඛො ඨිතො”ති. න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “මා විසින් හිමිහු එකලාව සිටි මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරෙයි නම්, නිෂද්‍යායෙන් කරවිය යුතු ය ... “මම නුහුන්නෙමි, වැලිත් හොත්තෙමි” යි, කියා නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය ... “මම නුහුන්නෙමි, වැලිත් සිටියෙමි” යි, කියා නම් නො කරවිය යුතු ය.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිපන්නො”ති, සො ච තං පටිජානාති, නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො අපි ච ඛො නිසින්නො”ති. නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො අපි ච ඛො ඨිතො”ති. න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “මා විසින් හිමිහු එකලා ව සිටි මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව හොත්තාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද ඒ පිළින කෙරෙයි නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය. ... “මම නොහොත්තෙමි. වැලිත් හුන්නෙමි” යි කියා නම් නිෂද්‍යායෙන් කරවිය යුතු ය. ... “මම නොහොත්තෙමි වැලිත් සිටියෙමි” යි කියා නම්, නො කරවිය යුතු ය.
Pali BJTඅනියතොති න නියතො, පාරාජිකං වා සඞ්ඝාදිසෙසො වා පාචිත්තියං වා.
Sinhala BJTඅනියතෝ යනු: පරිජි යැ හෝ සඟවෙසෙස් යැ හෝ පචිති යැ හෝ නියත නො වූයේ.
Pali BJT7. ගමනං පටිජානාති නිසජ්ජං පටිජානාති ආපත්තිං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. ගමනං පටිජානාති නිසජ්ජං න පටිජානාති ආපත්තිං පටිජානාති ආපත්තියා කාරෙතබ්බො. ගමනං පටිජානාති නිසජ්ජං පටිජානාති ආපත්තිං න පටිජානාති, නිසජ්ජාය කාරෙතබ්බො. ගමනං පටිජානාති, නිසජ්ජං න පටිජානාති ආපත්තිං න පටිජානාති, න කාරෙතබ්බො.
Sinhala BJT7. ගමන පිළින කෙරේ නම් හිඳීම පිළින කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් හිඳීම පිළින නො කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් හිඳීම පිළින කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් හිඳීම නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් හිඳීම පිළින නො කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නො කරවිය යුත්තේ යි.
Pali BJTගමනං න පටිජානාති නිසජ්ජං පටිජානාති ආපත්තිං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. ගමනං න පටිජානාති නිසජ්ජං න පටිජානාති, ආපත්තිං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. ගමනං න පටිජානාති, නිසජ්ජං පටිජානාති, ආපත්තිං න පටිජානාති, නිසජ්ජාය කාරෙතබ්බො. ගමනං න පටිජානාති, නිසජ්ජං න පටිජානාති ආපත්තිං න පටිජානාති, න කාරෙතබ්බොති.
Sinhala BJTගමන පිළින නො කෙරේ නම් හිඳීම පිළින කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් හිඳීම පිළින නො කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් හිඳීම පිළින කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් හිඳිම් නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් හිඳීම පිළින නො කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නො කරවිය යුත්තේ යි.
Pali BJTපඨමඅනියතසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTපළමු වැනි අනියතශික්‍ෂා පදය නිමි.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJTදුතියඅනියතසික්ඛාපදං
Sinhala BJTදෙවැනි අනියතශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී භගවතා පටික්ඛිත්තං මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙතුන්ති තස්සායෙව කුමාරිකාය සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසි. කාලයුත්තං සමුල්ලපන්තො කාලයුත්තං ධම්මං භණන්තො. දුතියම්පි ඛො විසාඛා මිගාරමාතා නිමන්තිතා තං කුලං අගමාසි. අද්දසා ඛො විසාඛා මිගාරමාතා ආයස්මන්තං උදායිං තස්සා යෙව කුමාරිකාය සද්ධිං එකං එකාය රහො නිසින්නං, දිස්වාන ආයස්මන්තං උදායිං එතදවොච: “ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං යං අය්යො මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙති. කිඤ්චාපි භන්තෙ අය්යො අනත්ථිකො තෙන ධම්මෙන, අපි ච දුස්සද්ධාපයා අප්පසන්නා මනුස්සා”ති. එවම්පි ඛො ආයස්මා උදායී විසාඛාය මිගාරමාතුයා වුච්චමානො නාදියි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා වූ මිනිස්මාගමක හා රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව නිෂද්‍යා කිරීම භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ’ යි එකලා වු මැ කුමරිය සමඟ එකලා ව රහසිගත ව කලට සුදුසු තෙපුල් බෙණෙමින් කලට සුදුසු දහම් බෙණෙමින් හුන්හ. දෙවන වට ද මෘගාරිමාතෘ විශාඛා තොමෝ කැඳවන ලදු ව ඒ කුලයට ගියා ය. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛා තොමෝ ආයුෂ්මත් උදායි තෙරණුවන් එකලා වූ එ මැ කුමරිය සමඟ එකලා ව රහසිගත ව හුන්නවුන් දුටු. දැක ආයුෂ්මත් උදායී තෙරණුවන්ට “යම් හෙයකින් හිමිහු එකලා වූ මාගමක හා සමඟ එකලා ව රහසිගත ව නිෂද්‍යා කෙරෙත් ද, වහන්ස, මේ අයෝග්‍ය ය. නුසුදුසු ය. වහන්ස, හිමිහු ඒ මෙවුන්දමින් අර්‍ත්‍ථ නැත්තාහු නමුදු වැළිත් නො පහන් මිනිස්සු හදහවාලිය නො හෙති” යි මෙබස් කිවු ය. ආයුෂ්මත් උදායී තෙරණුවෝ මෘගාරිමාතෘ විශාඛාව විසින් මෙසේත් කියනු ලබන්නාහු නො පිළිගත්හ.
Pali BJT2. අථ ඛො විසාඛා මිගාරමාතා නික්ඛමිත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සතී’ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර ත්වං උදායි මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසී”?ති “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සි, නෙතං, මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ”.
Sinhala BJT2. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛාවෝ නික්ම ගොස් භික්‍ෂූන්ට මෙපවත් දැන්වූහ: යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවමන් කෙරෙති. අයුණු කියති, දොස් පහළ කෙරෙත්. “කිසෙයින් නම් ආයුෂ්මත් උදායි තෙරණුවෝ එකලා වූ මාගමක හා සමඟ එකලා ව රහසිගත ව නිෂද්‍ය කළෝ දැ?” යි. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබවෙක් ද උදායි, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමඟ එකලා ව රහසිගත ව නිෂද්‍ය කෙළෙහි දැ” යි. භාග්‍යවත්හු පුළුවුත්හ. “සැබෑව භාග්‍යවතුන් වහන්ස”, භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමග එකලාව රහසිගතව නිෂද්‍ය කෙළෙහි ද, තුච්ඡපුරුෂය, තෙල නො පහනුන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ...”. තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු.
Pali BJT“නහෙව ඛො පන පටිච්ඡන්නං ආසනං හොති නාලංකම්මනියං, අලඤ්ච ඛො හොති මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසිතුං. යො පන භික්ඛු තථාරූපෙ ආසනෙ මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙය්ය, තමෙනං සද්ධෙය්යවචසා උපාසිකා දිස්වා ද්වින්නං ධම්මානං අඤ්ඤතරෙන වදෙය්ය සඞ්ඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා, නිසජ්ජං භික්ඛු පටිජානමානො ද්වින්නං ධම්මානං අඤ්ඤතරෙන කාරෙතබ්බො සඞ්ඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා, යෙන වා සා සද්ධෙය්යවචසා උපාසිකා වදෙය්ය තෙන සො භික්ඛු කාරෙතබ්බො. අයම්පි ධම්මො අනියතො”ති.
Sinhala BJT“අස්න ප්‍රතිච්ඡන්න නො වූයේ ම වේ ද කර්‍මෙයෝග්‍ය නො වේ ද? මිනිස්මාගමකට තුළුල්තෙපුලින් කියන්නට යෝග්‍ය වේ ද, යම් මහණෙක් එබඳු අස්නෙක එකලා වූ මාගමක හා සමඟ එකලාව රහසිගත ව නිෂද්‍ය කෙරේ නම් හැදැහියයුතු වචන ඇති උවැසියක් තොමෝ මේ මහණහු දැක සඟවෙසෙසින් හෝ පවිතියෙන් හෝ දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් කියන්නී නම් මහණ තෙම නිෂද්‍යාව පිළින කරන්නේ සඟවෙසෙසින් හෝ පවිතියෙන් හෝ දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් පිළියම් කරවිය යුත්තේ ය. හැදැහියයුතු වචන ඇති ඒ උවැසි තොමෝ යමෙකින් හෝ කියන්නී නම් ඒ මහණ තෙම ඒ ඇවැතින් හෝ පිළියම් කරවිය යුත්තේ ය. මේ ධර්‍මය ද අනියත වේ.”
Pali BJT3. නහෙව ඛො පන පටිච්ඡන්නං ආසනං හොතීති අප්පටිච්ඡන්නං හොති, කුඩ්ඩෙන වා කවාටෙන වා කිලඤ්ජෙන වා සාණිපාකාරෙන වා රුක්ඛෙන වා ථම්භෙන වා කොත්ථලියා වා යෙන කෙනචි අපටිච්ඡන්නං හොති.
Sinhala BJT3. නහෙව ඛො පන පටිච්‍ඡන්තං ආසනං හොති යනු: නො වැසුනේ වෙයි: බිත්තියෙන් හෝ කවුළුයෙන් හෝ කලාලින් හෝ කඩතුරාපවුරින් හෝ රුකින් හෝ ටැඹින් හෝ පැලලිපොතුයෙන් හෝ යම් කිසිවකින් වැසුනේ වෙයි.
Pali BJTනාලංකම්මනියන්ති න සක්කා හොති මෙථුනං ධම්මං පටිසෙවිතුං.
Sinhala BJTනාලං කම්මනියං යනු: මෙවුන්දම් සෙවුනට නො හැකි වෙයි.
Pali BJTඅලඤ්ච ඛො හොති මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසිතුන්ති සක්කා හොති මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසිතුං.
Sinhala BJTඅලඤච ඛො හොති මාතුගාමං දුටුඨුල්ලාභි වාචාහි ඔහාසීතුං යනු: මිනිස්මාගමකට තුළුල්තෙපුලින් කියන්නට හැකි වෙයි.
Pali BJTයො පනාති යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTයො පන යනු: යමෙක් යම් බඳුයෙක් ... භික්‍ඛු යනු ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි “භික්‍ඛු” යි අදහස් කරන ලදි.
Pali BJTතථාරූපෙ ආසනෙති එවරූපෙ ආසනෙ.
Sinhala BJTතථාරූපෙ ආසනෙ යනු: එබඳු අස්නෙක.
Pali BJTමාතුගාමො නාම: මනුස්සිත්ථි, න යක්ඛී න පෙතී න තිරච්ඡානගතා.
Sinhala BJTමාතුගාම නම්: මිනිස්මාගම, යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි, තිරිසන්ගිය මාගමක් නො වෙයි.
Pali BJTවිඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්භාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං.
Sinhala BJTනුවණැති වූවා සුබැසි දුබැසි තුළුල් නො තුළුල් තෙපුල් දැනගන්නට ප්‍රතිබල වූවා වෙයි.
Pali BJTසද්ධින්ති එකතො.
Sinhala BJTසද්ධිං යනු: එකට
Pali BJTඑකො එකායාති භික්ඛු චෙව හොති මාතුගාමො ච.
Sinhala BJTඒකෝ ඒකාය යනු: මහණෙක් ද මාගමක් ද වෙයි.
Pali BJTරහො නාම: චක්ඛුස්ස රහො, සොතස්ස රහො. චක්ඛුස්ස රහො නාම න සක්කා හොති අක්ඛිං වා නිඛණීයමානෙ භමුකං වා උක්ඛිපීයමානෙ සීසං වා උක්ඛිපීයමානෙ පස්සිතුං. සොතස්ස රහො නාම න සක්කා හොති පකතිකථා සොතුං.
Sinhala BJTරහෝ නම්: ඇසට රහස, කණට රහස. ඇසට රහස නම්: ඇස කසන කල්හි බැම හෝ නහන කල්හි හිස හෝ නහන කල්හි දක්නට නො හැකි වෙයි. කණට රහස නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.
Pali BJTනිසජ්ජං කප්පෙය්යාති මාතුගාමෙ නිසින්නෙ භික්ඛු උපනිසින්නො වා හොති උපනිපන්නො වා, භික්ඛු නිසින්නෙ මාතුගාමො උපනිසින්නො වා හොති උපනිපන්නො වා, උභො වා නිසින්නා හොන්ති උභො වා නිපන්නා.
Sinhala BJTනිස්ජ්‍ජං කප්පෙය්‍ය යනු: මාගම හුන් කල මහණ තෙම වැළත හුන්නේ හෝ වෙයි, වැළත හොත්තේ හෝ වෙයි, මහණ හුන් කල්හි මාගම වැළත හුන්නේ හෝ වෙයි. වැළත හොත්තේ හෝ වෙයි. දෙදෙන හෝ හුන්නාහු වෙති. දෙදෙන හෝ හොත්තාහු වෙති.
Pali BJTසද්ධෙය්යවචසා නාම: ආගතඵලා අභිසමෙතාවිනී විඤ්ඤාතසාසනා.
Sinhala BJTසද්ධෙය්‍යවචසා නම්: පැමිණි සෝවාන් ඵල ඇති පිළිවිදි සිවුසස් ඇති දත් සසුන් ඇති (උවැසි.)
Pali BJTඋපාසිකා නාම: බුද්ධං සරණං ගතා ධම්මං සරණං ගතා සඞ්ඝං සරණං ගතා.
Sinhala BJTඋපාසිකා නම්: බුදුන් සරණ ගියා ය, දහම් සරණ ගියා ය, සඟුන් සරණ ගියා ය.
Pali BJTදිස්වාති පස්සිත්වා.
Sinhala BJTදිස්වා යනු: දැක.
Pali BJTද්වින්නං ධම්මානං අඤ්ඤතරෙන වදෙය්ය සඞ්ඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා. නිසජ්ජං භික්ඛු පටිජානමානො ද්වින්නං ධම්මානං අඤ්ඤතරෙන කාරෙතබ්බො සඞ්ඝාදිසෙසෙන වා පාචිත්තියෙන වා, යෙන වා සා සද්ධෙය්යවචසා උපාසිකා වදෙය්ය, තෙන සො භික්ඛු කාරෙතබ්බො.
Sinhala BJTසඟවෙසෙසින් වේවයි පවිතියෙන් වේවයි දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් කියා නම් මහණ තෙම නිෂද්‍යාව පිළින කරණුයේ සඟවෙසෙසින් වේවයි පවිතියෙන් වේ වයි දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් පිළියම් කරවිය යුත්තේ ය. ඒ හැදැහියයුතු වචන ඇති උවැසි තොමෝ යමෙකින් කියා නම් ඒ මහණ තෙම එයින් හෝ පිළියම් කරවිය යුත්තේ යි.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිසින්නො මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තො”ති, සො ච තං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. සා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිසින්නො මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තො”ති, සො චෙ එවං වදෙය්ය: “සච්චාහං නිසින්නො නො ච ඛො කායසංසග්ගං සමාපජ්ජි”න්ති, නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිසින්නො අපි ච ඛො නිපන්නො”ති. නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිසින්නො අපි ච ඛො ඨිතො”ති. න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “හිමිහු මාගමක හා කායසංසර්‍ගයට සමවදිමින් හුන්නාහු මා විසින් දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ තෙමේ එය පිළින කෙරේ නම් (සඟවෙසෙස්) ඇවැතින් කරවිය යුත්තේ ය. ඒ උවැසි ඉදින් “හිමිහු මාගමක හා කායසංසර්‍ගයට සමවදිමින් හුන්නාහු මා විසින් දක්නා ලදහ” යි මෙසේ කියා නම්: ඒ මහණ “සැබෑව මම හුන්නෙමි. එතෙකුදුවත් කායසංසර්‍ගයට නො සමවන්මි” යි. ඉදින් මෙසේ කියා නම්: නිෂද්‍ය නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... මම් නිෂද්‍ය නො කෙළෙමි. එතෙකුදුවත් හොත්තෙමි යි ශය්‍යා නිමිති වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නිෂද්‍යා නො කෙළෙමි. එතෙකුදුවත් සිටියෙමි” යි. නො කරවිය යුත්තේ යි.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො නිපන්නො මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තො”ති, සො ච තං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො -පෙ- “සච්චාහං නිපන්නො නො ච ඛො කායසංසග්ගං සමාපජ්ජින්ති”, නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො අපි ච ඛො නිසින්නො”ති. නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො අපි ච ඛො ඨිතොති. න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “හිමිහු මාගමක හා කායසංසර්‍ගයට සමවදිමින් හොත්තාහු මා විසින් දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ... “සැබව මම හොත්තෙමි. එතෙකුදුවත් කායසංසර්‍ගයට නො සමවන්මි” යි. කියා නම් ශය්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් නිෂද්‍යා කෙළෙමි” යි කියා නම්, නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් සිටියෙමි” යි. කියානම්. නො කරවිය යුත්තේ යි.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යස්ස මයා සුතං නිසින්නස්ස මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසන්තස්සා”ති, සො ච තං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. -පෙ- “සච්චාහං නිසින්නො නො ච ඛො දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසි”න්ති. නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිසින්නො අපි ච ඛො නිපන්නො”ති, නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිසින්නො අපි ච ඛො ඨිතො”ති. න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “හිමියන් මාගමකට තුළුල් තෙපුලින් කියමින් හුන්නවුන් මා විසින් අස ලදැ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ... සැබව මම් හුන්නෙමි එතෙකුදුවත් තුළුල් තෙපුලින් නො කීමි” යි. කියා නම්, නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය ... “මම් නිෂද්‍යා නො කෙළෙමි එතෙකුදුවත් ශයනය කෙළෙමි” යි කියා නම්, ශය්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නිෂද්‍යා නො කෙළෙමි. එතෙකුදුවත් සිටියෙමි” යි කියා නම්, නො කරවිය යුත්තේ යි.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යස්ස මයා සුතං නිපන්නස්ස මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසන්තස්සා”ති, සො ච තං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො -පෙ- “සච්චාහං නිපන්නො නො ච ඛො දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසි”න්ති, නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො අපි ච ඛො නිසින්නො”ති, නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො අපිච ඛො ඨිතො”ති, න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “හිමියන් මාගමකට තුළුල් තෙපුලින් කියමින් වැද හොත්තවුන් බස මා විසින් අසන ලදැ” යි. ඉදින් මෙසේ කියා නම් ඒ මහණ ද එය පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ... “සැබැව මම් හොත්තෙමි එතෙකුදුවත් තුළුල් තෙපුලින් නො කීමි” යි කියා නම්, ශය්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් හුන්නෙමි” යි කියා නම්, නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් සිටියෙමි” යි කියා නම්, නො කරවිය යුත්තේ යි.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසින්නො”ති, සො ච තං පටිජානාති, නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිසින්නො අපි ච ඛො නිපන්නො”ති, නිපජ්ජාය කාරෙතබ්බො: -පෙ- “නාහං නිපන්නො අපි ච ඛො ඨිතො”ති, න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “හිමිහු එකලා වූ මාගමක හා එකලා ව රහසිගත ව හුන්නාහු මා විසින් දක්නා ලදහ” යි, ඉදින් මෙසේ කියා නම් ඒ මහණ ද එය පිළින කෙරේ නම්, නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නිෂද්‍යා නො කෙළෙමි, එතෙකුදුවත් හොත්තෙමි” ය. කියා නම්, නිපත්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුතුත්තේ ය. ... “මම් නිෂද්‍යා නො කෙළෙමි, එතෙකුදුවත් සිටියෙමි” යි. කියා නම්, නො කරවිය යුත්තේ යි.
Pali BJTසා චෙ එවං වදෙය්ය: “අය්යො මයා දිට්ඨො මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිපන්නො”ති, සො ච තං පටිජානාති, නිපජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො අපි ච ඛො නිසින්නො”ති, නිසජ්ජාය කාරෙතබ්බො -පෙ- “නාහං නිපන්නො අපි ච ඛො ඨිතො”ති, න කාරෙතබ්බො.
Sinhala BJTඒ උවැසි “හිමිහු එකලා වූ මාගමක හා එකලා ව රහසිගත ව හොත්තාහු මා විසින් දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම් ඒ මහණ ද එය පිළින කෙරේ නම්, නිපත්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් හුන්නෙමි” යි. කියා නම්, නිෂද්‍යායෙන් කරවිය යුත්තේ ය. … “මම් නො හුන්නෙමි එතෙකුදුවත් සිටියෙමි”යි කියා නම්, නො කරවිය යුත්තේ යි.
Pali BJTඅයම්පීති පුරිමං උපාදාය වුච්චති.
Sinhala BJTඅයම්පි යනු පළමු ශික්‍ෂාපදය ගෙණ කියනු ලැබෙයි.
Pali BJTඅනියතොති න නියතො සඞ්ඝාදිසෙසො වා පාචිත්තියං වා.
Sinhala BJTඅනියතෝ යනු සඟවෙසෙස හෝ පචිති ය හෝ නියත නො වූයේ.
Pali BJT4. ගමනං පටිජානාති නිසජ්ජං පටිජානාති ආපත්තිං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. ගමනං පටිජානාති නිසජ්ජං න පටිජානාති ආපත්තිං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. ගමනං පටිජානාති නිසජ්ජං පටිජානාති ආපත්තිං න පටිජානාති, නිසජ්ජාය කාරෙතබ්බො. ගමනං පටිජානාති නිසජ්ජං න පටිජානාති ආපත්තිං න පටිජානාති, න කාරෙතබ්බො. ගමනං න පටිජානාති නිසජ්ජං පටිජානාති ආපත්තිං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. ගමනං න පටිජානාති නිසජ්ජං න පටිජානාති ආපත්තිං පටිජානාති, ආපත්තියා කාරෙතබ්බො. ගමනං න පටිජානාති, නිසජ්ජං පටිජානාති, ආපත්තිං න පටිජානාති, නිසජ්ජාය කාරෙතබ්බො. ගමනං න පටිජානාති, නිසජ්ජං න පටිජානාති, ආපත්තිං න පටිජානාති, න කාරෙතබ්බොති.
Sinhala BJT4. ගමන පිළින කෙරේ නම් නිෂද්‍යා පිළින කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් නිෂද්‍යාව පිළින නො කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් නිෂද්‍යාව පිළින කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් නිෂද්‍යාව පිළින නො කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම්, නො කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් නිෂද්‍යාව පිළින කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් නිෂද්‍යාව පිළින නො කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් නිෂද්‍යාව පිළින කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නිෂද්‍යායෙන් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් නිෂද්‍යාව පිළින නො කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නො කරවිය යුත්තේ යි.
Pali BJTදුතියඅනියතසික්ඛාපදං නිට්ඨිතං
Sinhala BJTදෙවැනි අනියතශික්‍ෂාපදය නිමි.
Pali BJT5. උද්දිට්ඨා ඛො ආයස්මන්තො ද්වෙ අනියතා ධම්මා. තත්ථායස්මන්තෙ පුච්ඡාමි, කච්චිත්ථ පරිසුද්ධා. දුතියම්පි පුච්ඡාමි, කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි, කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථායස්මන්තො තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
Sinhala BJT5. ආයුෂ්මත්නි, දෙ අනියතාපත්තීහු උදෙසන ලද්දාහු මැ යි. එහි ලා ආයුෂ්මතුන් පුළුවුස්මි. කිම පිරිසුදු වවු ද? දෙවන වට ද පුළුවුස්මි: කිම පිරිසුදු වවු ද? තෙවන වට ද පුළුවුස්මි: කිම පිරිසුදු වවු ද? මෙහි ලා ආයුෂ්මත් හු පිරිසුදුහ. එහෙයින් තුෂ්ණිම්භූතයහ. මෙය මෙසේ ධරමි” යනුයි.
Pali BJTතස්සුද්දානං
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅලංකම්මනියඤ්චෙව තථෙව ච නහෙව ඛො, අනියතා සුපඤ්ඤත්තා, බුද්ධසෙට්ඨෙන තාදිනාති.
Sinhala BJTඅලංකම්මනිය ද නහෙවඛො දැ යි අනියතාපත්තීහු තාදිගුණ ඇති ශ්‍රේෂ්ඨ වූ බුදුන් විසින් පණවන ලදහ.
Pali BJTඅනියතකණ්ඩො නිට්ඨිතො.
Sinhala BJTඅනියත කාණ්ඩය නිමියේ ය.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTනිස්සග්ගියකණ්ඩො
Sinhala BJTනිසැඟිකාණ්‍ඩය
Pali BJTඉමෙ ඛො පනායස්මන්තො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTඇවැත්නි, මේ තිස් නිසැඟි පචිති ඇවැත්හු උදෙසීමට පැමිණෙත්.
Pali BJTචීවරවග්ගො
Sinhala BJTචීවර වර්‍ගය
Pali BJT5. 1. 1.
Sinhala BJT5. 1. 1.
Pali BJTපඨමකඨිනසික්ඛාපදං
Sinhala BJTප්‍රථමකඨිනශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති ගොතමකෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛූනං තිචීවරං අනුඤ්ඤාතං හොති. ඡබ්බග්ගියා භික්ඛූ භගවතා තිචීවරං අනුඤ්ඤාතන්ති අඤ්ඤෙනෙව තිචීවරෙන ගාමං පවිසන්ති, අඤ්ඤෙන තිචීවරෙන ආරාමෙ අච්ඡන්ති, අඤ්ඤෙන තිචීවරෙන නහානං ඔතරන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකචීවරං ධාරෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ{*} භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අතිරෙකචීවරං ධාරෙථා?”ති “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අතිරෙකචීවරං ධාරෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුර ගෝතමක චෛත්‍යස්ථානයෙහි වැඩ වෙසෙති. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලද වෙයි. සවග මහණහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලදැ’යි අනිත් ම තුන් සිවුරකින් ගම් වදිති, අනිත් ම තුන් සිවුරකින් අරමෙහි හිඳිත්, අනිත් ම තුන් සිවුරකින් නහන තොටට බසිත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු අවඥා කෙරෙති, අගුණ කියති, දොස් පහළ කෙරෙත්: කිසෙයින් නම් සවග මහණහු අයිරා සිවුරු ධරත් දැ” යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට මේ පවත් සැළ කළහ ... “සැබෑද මහණෙනි, තෙපි අයිරා සිවුරු ධරවු ලැ? යි. භගවත්හු පුළුවුත්හ. සැබැව භාග්‍යවතුන් වහන්ස” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුහු ගැරහූහ: කිසෙයින් නම් තුච්ඡ පුරුෂයෙනි, තෙපි අයිරා සිවුරු ධරවු ද? තුච්ඡ පුරුෂයෙනි, තෙල නො පහනුන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අතිරෙකචීවරං ධාරෙය්ය නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් තෙම අයිරා සිවුරක් ධරා නම් නිසැඟිපචිති වේ”ය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ.
Pali BJT[මූලපඤ්ඤත්ති.]
Sinhala BJT[මුල් පැණවීමයි.]
Pali BJT2. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස අතිරෙකචීවරං උප්පන්නං හොති. ආයස්මා ච ආනන්දො තං චීවරං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො හොති. ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: “භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං න අතිරෙකචීවරං ධාරෙතබ්බ”න්ති. ඉදඤ්ච මෙ අතිරෙකචීවරං උප්පන්නං, අහඤ්චිමං චීවරං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො, ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. කථන්නුඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “කීව චිරං පනානන්ද සාරිපුත්තො ආගච්ඡිස්සතී?”ති “නවමං වා භගවා දිවසං දසමං වා”ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතුං එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අතිරේක චීවරයෙක් උපන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේත් ඒ සිවුර ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තාහ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහ්නසේත් සාකේතයෙහි වාසය කෙරෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුනට මේ සිත විය. “භාග්‍යවතුන් විසින් අයිරිත් සිවුරක් නො දැරියයුතු ය යි සිකපද පනවන ලදි. මෙ ද මට උපන් අයිරිත් සිවුරෙක, මම ද මේ සිවුර ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තෙමි. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේත් සාකේතයෙහි වාසය කෙරෙති. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “ආනන්‍දය, කිපමණ කලෙකින් ශාරිපුත්‍රයෝ එන්නාහු දැ?” යි පුළුවුත්හ. “භාග්‍යවතුන් වහන්ස, නව වැනි හෝ දස වැනි හෝ දවසැ” යි අනඳ තෙරණුවෝ කීහ. එකල්හි භාග්‍යවත්හු මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූහ: “මහණෙනි, දස දවසක් පරම කොට අයිරිත් සිවුරක් දරන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“නිට්ඨිතචීවරස්මිං භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බං. තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
Sinhala BJT“භික්‍ෂූහු විසින් කොට නිම වූ සිවුරු ඇති කල්හි කෙළින් උදුළ කල්හි දස දවසක් පරම කොට අයිරිත් සිවුර ධැරිය යුතු ය. ඒ දසාහ පරම කාලය ඉක්මවන්නාහට නිසැඟිපචිති වේ.”
Pali BJT[දුතියපඤ්ඤත්ති.]
Sinhala BJT[දෙවනපැණවීමයි.]
Pali BJT3. නිට්ඨිතචීවරස්මින්ති භික්ඛුනො චීවරං කතං වා හොති නට්ඨං වා විනට්ඨං වා දඩ්ඪං වා චීවරාසා වා උපච්ඡින්නා.
Sinhala BJT3. නිට්ඨිත චිවරස්‍මිං යනු භික්‍ෂූහුගේ චීවරය කරණ ලද හෝ වෙයි නටුයේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ සිවුරු ලැබීමේ ආශාව සිඳුනී හෝ වෙයි.
Pali BJTඋබ්භතස්මිං කඨිනෙති අට්ඨන්නං මාතිකානං අඤ්ඤතරාය මාතිකාය උබ්භතං හොති, සඞ්ඝෙන වා අන්තරා උබ්භතං හොති.
Sinhala BJTඋබ්හතස්‍මිං කඨිනෙ යනු අට වැදෑරුම් මාතිකාවන් අතුරෙන් එක්තරා මාතිකායෙකින් උදුළේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරණ ලද වෙයි.
Pali BJTදසාහපරමන්ති දසාහපරමතා{1} ධාරෙතබ්බං.
Sinhala BJTදසාහපරමං යනු දස දවසක් පරම කොට ඇති කාලය ධැරිය යුත්තේ ය.
Pali BJTඅතිරෙකචීවරං නාම: අනධිට්ඨිතං අවිකප්පිතං.
Sinhala BJTඅතිරේක චීවර නම්: නො ඉටන ලද නො විකපන ලද ය.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගංපච්ඡිමං.
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසිම් සිවුරෙක.
Pali BJTතං අතික්කාමයතො නිස්සග්ගියං හොතීති{2} එකාදසෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං: තෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “ඉදං මෙ භන්තෙ චීවරං දසාහාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති. නිස්සජ්ජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා. නිස්සට්ඨචීවරං දාතබ්බං.
Sinhala BJTතං අතික්කාමයතෝ නිස්සග්ගියං හොති යනු එකොළොස් වැනි අරුණ නැගෙන සඳ නිසැගි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේ නිසැජිය යුතු ය: “ඒ මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. වහන්ස, මේ මාගේ සිවුර දස දවසක් ඉක්මෙන ලද නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි” යි නිසජා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර දිය යුතු: