Pali BJT29. නනු ආවුසො භගවතා අනෙක පරියායෙන කාමානං පහාණං අක්ඛාතං, කාමසඤ්ඤානං පරිඤ්ඤා අක්ඛාතා, කාමපිපාසානං පටිවිනයො අක්ඛාතො, කාමවිතක්කානං සමුග්ඝාතො අක්ඛාතො, කාමපරිළාහානං වූපසමො අක්ඛාතො?
Sinhala BJT29. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් වස්තුකාම ක්ලේශකාමයන්ගේ ප්‍රහාණය පිණිස වදාරණ ලද්දේ නො වේ ද? සියලු කාමසංඥාවන්ගේ ත්‍රිවිධ වූ පරිඥාව වදාරණ ලද නො වේ ද? කාමපිපාසාවන්ගේ දුරු කිරීම වදාරණ ලද්දේ නො වේ ද? කාමවිතර්‍කයන්ගේ නැසීම වදාරණ ලද්දේ නො වේ ද? කාමපරිදාහයන්ගේ සන්සිඳීම වදාරණ ලද්දේ නො වේ ද?
Pali BJT30. නෙතං ආවුසො අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය{1} අථ ඛ්වෙතං, ආවුසො අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
Sinhala BJT30. ඇවැත්නි, ඔබගේ පාපකර්‍මය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වෙයි. පහන් වූවන්ගේ නැවත නැවත පැහැදීම පිණිස නො වෙයි. වැලිදු, ඇවැත්නි, තෙල පාපකර්‍මය වනාහි නොපහන් වූවන්ගේ නොපහන් බව පිණිස ද, පහන් වූ සමහරුන්ගේ (සෝවන් මගට නො පැමිණියවුන්ගේ) විපිළිසරබව පිණිස ද වෙයි.”
Pali BJT31. අථ ඛො තෙ භික්ඛූ ආයස්මන්තං සුදින්නං අනෙකපරියායෙන විගරහිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං සුදින්නං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං සුදින්න, පුරාණ දුතියිකාය මෙථුනං ධම්මං පටිසෙවී”ති. “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා:
Sinhala BJT31. ඉන් පසු ඒ භික්‍ෂුහු ආයුෂ්මත් සුදින්නහට නොයෙක් ආරෙන් ගර්‍හා කොට භාග්‍යවතුන් වහන්සේට ඒ කරුණ සැළ කළාහු ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “සුදින්න, තෝ පොරණ අඹුව සමග මෙවුන්දම් සේවනය කෙළෙහි ය යනු සැබෑ දැ”යි ආයුෂ්මත් සුදින්නගෙන් පිළිවිසි සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”යි සුදින්න භික්‍ෂු කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූසේක:
Pali BJT32. “අනනුච්ඡවියං{1} මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා න සක්ඛිස්සසි යාවජීවං පරිසුද්ධං පරිපුණ්ණං{2} බ්රහ්මචරියං චරිතුං.
Sinhala BJT32. “හිස් පුරුෂය, නුසුදුසු වූ අනුලොම් නුවූ අයෝග්‍ය වූ ශ්‍රමණයන්ට අයත් නුවූ අකැප වූ නො කට යුත්තෙක. කෙසේ නම්, හිස් පුරුෂය, තෝ මෙසේ මැනැවින් දෙසූ ධර්‍මවිනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු බඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද?
Pali BJT33. නනු මයා, මොඝපුරිස, අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය? විසංයොගාය ධම්මො දෙසිතො නො සංයොගාය? අනුපාදානාය ධම්මො දෙසිතො නො සඋපාදානාය?
Sinhala BJT33. හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් විරාගය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? සරාගය පිණිස දහම් නො දෙසන ලද්දේ නො වේද? විසංයෝගය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? සංයෝගය පිණිස දහම් නො දෙසන ලද්දේ නො වේද? අනුපාදානය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? සඋපාදානය පිණිස දහම් නො දෙසන ලද්දේ නො වේද?
Pali BJT34. තත්ථ නාම ත්වං මොඝපුරිස, මයා විරාගාය ධම්මෙ දෙසිතෙ සරාගාය චෙතෙස්සසි. විසංයොගාය ධම්මෙ දෙසිතෙ සංයොගාය චෙතෙස්සසි. අනුපාදානාය ධම්මෙ දෙසිතෙ සඋපාදානාය චෙතෙස්සසි.
Sinhala BJT34. හිස් පුරුෂය, එහි තෝ මා විසින් විරාගය පිණිස ධර්‍මය දෙසූ කල්හි සරාගය පිණිස උත්සාහ කෙළෙහි ය. විසංයෝගය පිණිස ධර්‍මය දෙසූ කල්හි සංයෝගය පිණිස උත්සාහ කෙළෙහි ය. අනුපාදානය පිණිස ධර්‍මය දෙසූ කල්හි සඋපාදානය පිණිස උත්සාහ කෙළෙහි ය.
Pali BJT35. නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන රාගවිරාගාය ධම්මො දෙසිතො? මදනිම්මදනාය පිපාසවිනයාය ආලයසමුග්ඝාතාය වට්ටුපච්ඡෙදාය තණ්හක්ඛයාය විරාගාය නිරොධාය නිබ්බානාය ධම්මො දෙසිතො?
Sinhala BJT35. හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් රාගවිරාගය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? මදනීම්මදනය පිණිස, පිපාසාවිනය පිණිස, ආලයසමුග්ඝාතය පිණිස, වට්ටූපච්ඡේදය පිණිස, තෘෂ්ණාක්‍ෂය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, නිර්‍වාණය පිණිස, ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද?
Pali BJT36. නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන කාමානං පහාණං අක්ඛාතං? කාමසඤ්ඤානං පරිඤ්ඤා අක්ඛාතා? කාමපිපාසානං පටිවිනයො අක්ඛාතො? කාමවිතක්කානං සමුග්ඝාතො අක්ඛාතො? කාමපරිළාහානං වූපසමො අක්ඛාතො?”
Sinhala BJT36. හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් කාමයන්ගේ ප්‍රහාණය කියන ලද්දේ නො වේ ද? කාමසංඥාවන්ගේ පරිඥාව කියන ලද්දේ නො වේ ද? කාමපිපාසවන්ගේ දුර ලීම කියන ලද්දේ නො වේ ද? කාමවිතර්‍කයන්ගේ නැසීම කියන ලද්දේ නො වේ ද? කාමපරිදාහයන්ගේ සංහිඳීම කියන ලද්දේ නො වේ ද?
Pali BJT37. “වරං තෙ මොඝපුරිස ආසීවිසස්ස ඝොරවිසස්ස මුඛෙ අඞ්ගජාතං පක්ඛිත්තං, න ත්වෙව මාතුගාමස්ස අඞ්ගජාතෙ අඞ්ගජාතං පක්ඛිත්තං. වරං තෙ මොඝපුරිස කණ්හසප්පස්ස මුඛෙ අඞ්ගජාතං පක්ඛිත්තං, න ත්වෙව මාතුගාමස්ස අඞ්ගජාතෙ අඞ්ගජාතං පක්ඛිත්තං. වරං තෙ මොඝපුරිස අඞ්ගාරකාසුයා ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය අඞ්ගජාතං පක්ඛිත්තං. න ත්වෙව මාතුගාමස්ස අඞ්ගජාතෙ අඞ්ගජාතං පක්ඛිත්තං. තං කිස්ස හෙතු? තතොනිදානං හි, මොඝපුරිස මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. ඉතොනිදානඤ්ච ඛො මොඝපුරිස කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.
Sinhala BJT37. “හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහා ලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි සිය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් කෘෂ්ණසර්‍පයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් ඇවිළගත්, හාත්පසින් ඇවිළගත්, ගිනිදැල් සහිත වූ ගිනිඅඟුරුවළෙක අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, එය හේතු කොට ගෙණ මරණයට හෝ පැමිණෙන්නේ ය. නැත හොත් මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ නරකගතියෙන් යුක්ත වූ විවශ ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. මේ හේතුවෙන්, හිස් පුරුෂය, කා බුන් මරණින් මතු අපාය නම් වූ දුග්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.
Pali BJT38. “තත්ථ නාම ත්වං මොඝපුරිස, යං ත්වං අසද්ධම්මං ගාමධම්මං වසලධම්මං දුට්ඨුල්ලං ඔදකන්තිකං රහස්සං{1} ද්වයංද්වයසමාපත්තිං සමාපජ්ජිස්සසි, බහුන්නං{2} ඛො ත්වං මොඝපුරිස අකුසලානං ධම්මානං ආදිකත්තා පුබ්බඞ්ගමො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං මොඝපුරිස, අප්පසන්නානඤ්චෙව අප්පසාදාය, පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
Sinhala BJT38. “හිස් පුරුෂය, ඒ මෙබඳු වූ සාවද්‍යකර්‍මයෙහි තෝ නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ගම්වැස්සන්ගේ ස්වභාවයක් වූ, ලාමකපුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසුන්ගෙන් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇති, රහසේ කට යුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන් විසින් සමවැද්දැ යුතු වූ මෛථුන ධර්‍මයට සමවන්නෙහි ය. හිස් පුරුෂය, තෝ බොහෝ දෙනා අතුරෙන් අකුශල ධර්‍මයන්ට ආදිකර්‍තෘ වෙහි. පූර්‍වඞ්ගම වෙහි. හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස හෝ නො වෙයි. වැලිදු, හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස ද පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වේ.”
Pali BJT39. අථ ඛො භගවා ආයස්මන්තං සුදින්නං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය{3} දුප්පොසතාය මහිච්ඡතාය අසන්තුට්ඨිතාය{4} සඞ්ගණිකාය කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වා අනෙකපරියායෙන සුභරතාය සුප්පොසතාය{5} අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණං භාසිත්වා භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සුදින්නහට නොයෙක් ක්‍රමයෙන් ගර්‍හා කොට (තමන් විසින් ද, අනුන් විසින් ද) දුර්‍භරභාවයෙහි ද දුකසේ පෝෂණය කට හැකි බව්හි ද, මහත් ආශා ඇති බව්හි ද, ලද දැයෙකින් සතුටු නො වීමෙහි ද, ගණසමූහයා කෙරෙහි ඇලීමෙහි ද, කුසීත බවෙහි ද අගුණ වදාරා, නොයෙක් ක්‍රමයෙන් සුභර භාවයෙහි ද, සුව සේ පෝෂණය කට හැකි බව්හි ද, අපිස් වූවහුගේ ද, ලද දැයෙකින් සතුටු වන්නහුගේ ද, කෙලෙස් සිඳ ලන්නහුගේ ද, කෙලෙස් කම්පිත කළහුගේ ද, ප්‍රසාදය එළවන සංවරයාගේ ද, කෙලෙස් රැස් නො කිරීමෙහි ද, වීර්‍ය්‍යාරම්භයෙහි ද, ගුණ වදාරා, භික්‍ෂූන්ට එතැනට සුදුසු වූ එයට අනුලොම් වූ දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJT40. “තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච: සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT40. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝයාගේ හිත සුව පිණිස, සඞ්ඝයාගේ පහසු බව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීල භික්‍ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස, මෙලොව දී පැමිණියැ හැකි දුක් දුරු කිරීම පිණිස, පරලොව දී පැමිණෙන දුක් නැසීම පිණිස, නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස ය යන මේ දස හිතවිශේෂයන්ගේ නිෂ්පත්තිය පිණිස භික්‍ෂූන්ට සිකපදයක් පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, පාරාජිකො හොති අසංවාසො”ති.
Sinhala BJT“යම් මහණෙක් මෙවුන්දම් සෙව්නේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ සංඝයා හා ඒකකර්‍මාදිසංවාස නැති වන බැවින් (අසංවාස සහවාස නැත්තෙක්) වේ.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වෙයි.
Pali BJT[මූලපඤ්ඤත්ති]
Sinhala BJT[මුල් පැණවීමයි.]
Pali BJTසුදින්නභාණවාරො නිට්ඨිතො.
Sinhala BJTසුදින්න බණවර නිමි.
Pali BJTමක්කටීවත්ථු
Sinhala BJTමක්කටී වස්තුව
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වෙසාලියං මහාවනෙ මක්කටිං ආමිසෙන උපලාපෙත්වා තස්සා මෙථුනං ධම්මං පටිසෙවති. අථ ඛො සො භික්ඛු පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි.
Sinhala BJT1. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහ වෙනෙහි වැඳිරියක ආහාරයෙන් පොළොඹවා ඇය හා මෙවුන්දම් සෙවෙ යි. ඉක්බිති ඒ මහණ තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිඬු සඳහා විසල් පුරයට පිවිසියේ ය.
Pali BJT2. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සෙනාසනචාරිකං ආහිණ්ඩන්තා යෙන තස්ස භික්ඛුනො විහාරො තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො සා මක්කටී තෙ භික්ඛූ දූරතො’ව ආගච්ඡන්තෙ. දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙසං භික්ඛූනං පුරතො කටිම්පි චාලෙසි, ඡෙප්පම්පි චාලෙසි, කටිම්පි ඔඩ්ඩි, නිමිත්තම්පි අකාසි. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “නිස්සංසයං ඛො සො භික්ඛු ඉමිස්සා මක්කටියා මෙථුනං ධම්මං පටිසෙවතී”ති එකමන්තං නිලීයිංසු. අථ ඛො සො භික්ඛු වෙසාලියං පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතං ආදාය පටික්කමි.
Sinhala BJT2. එසමයෙහි බොහෝ භික්‍ෂුහු සේනාසනචාරිකාවෙහි හැසිරෙන්නෝ ඒ මහණහුගේ විහාරය වෙත පැමිණියාහු ය. ඒ වැඳිරි එන ඒ භික්‍ෂූන් දුර දී ම දුටුවා ය. දැක ඒ භික්‍ෂූන් වෙත පැමිණියා ය. පැමිණ ඒ භික්‍ෂූන් ඉදිරියෙහි කටිය ද සැලූ ය. නඟුට ද සැලූ ය. කටිය ද නැඟු ය. (මෙවුන් දමට ගැළපෙන සේ) නිමිත්ත ද කළා ය. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මේ සිත විය. “නිසැක ව ම ඒ මහණ මේ වැඳිරිය සමග මෙවුන්දම් සෙවෙයි යනුයි” ඔහු පසෙක සැඟවුනාහු ය. ඉක්බිති ඒ මහණ තෙමේ විසල්පුරයෙහි පිඬු පිණිස හැසිර පිඬු රැගෙණ ආපසු පැමිණියේ ය.
Pali BJT3. අථ ඛො සා මක්කටී යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. අථ ඛො සො භික්ඛු තං පිණ්ඩපාතං එකදෙසං භුඤ්ජිත්වා එකදෙසං තස්සා මක්කටියා අදාසි. අථ ඛො සා මක්කටී භුඤ්ජිත්වා{1} තස්ස භික්ඛුනො කටිං ඔඩ්ඩි. අථ ඛො සො භික්ඛු තස්සා මක්කටියා මෙථුනං ධම්මං පතිසෙවති.
Sinhala BJT3. ඉක්බිති ඒ වැඳිරි ඒ මහණ වෙත එළඹියා ය. ඒ මහණ තෙමේ ඒ පිණ්ඩපාතය එක් කොටසක් වළඳා එක් කොටසක් ඒ වැඳිරියට දුන. ඒ වැඳිරි එය අනුභව කොට ඒ මහණහට කටිය නැඟූ ය. තෙල මහණ ඒ වැඳිරිය සමග මෙවුන්දම් සෙවෙයි.
Pali BJT4. අථ ඛො තෙ භික්ඛූ තං භික්ඛුං එතදවොචුං: “නනු ආවුසො භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං. කිස්ස ත්වං ආවුසො මක්කටියා මෙථුනං ධම්මං පතිසෙවසී”ති. “සච්චං, ආවුසො භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං. තඤ්ච ඛො මනුස්සිත්ථියා, නො තිරච්ඡානගතායා”ති. “නනු, ආවුසො තථෙව තං හොති. අනනුච්ඡවියං{2} ආවුසො අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං ආවුසො එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා න සක්ඛිස්සසි යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුං? නනු ආවුසො භගවතා අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය -පෙ- කාමපරිළාහානං වූපසමො අක්ඛාතො? නෙතං ආවුසො අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං ආවුසො අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති. අථ ඛො තෙ භික්ඛූ තං භික්ඛුං අනෙකපරියායෙන විගරහිත්වා භගවතො එතමත්ථං අරොචෙසුං.
Sinhala BJT4. එකල්හි ඒ භික්‍ෂුහු ඒ මහණහට මෙය කීහු: “ඇවත, භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපදයක් පණවන ලද්දේ නො වේ ද? ඇවත, තෝ කුමක්හෙයින් වැඳිරිය සමග මෙවුන්දම් සෙවෙහි ද?” “ඇවත, සැබව, භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපදයක් පණවන ලද්දේ වේ. හෙ ද මිනිස් මාගම් හා මෙවුන්දම ඇරබ ය. තිරිසන් මාගම් සමග මෙවුන්දම් අරැබ නො වේ” ය යි ඒ මහණ කී ය. “ඇවැත්නි, එයත් එසේ ම නො වේ ද? ඇවැත්නි, නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක. නො ගැළපෙන්නක. මහණුන්ට අයෝග්‍යයෙක. නො කැපයෙක. නො කටයුත්තෙක. ඇවැත්නි, කෙසේ නම් තෝ මෙසේ මැනැවින් දේශනා කරණ ලද ශාසනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු කොට බඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද? ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? සරාගය පිණිස නො දෙසන ලද්දේ නො වේ ද? ... කාම පරිදාහයන්ගේ සංසිඳීම වදාරණ ලද්දේ නො වේ ද? ඇවැත්නි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස හෝ නො වෙයි. ඇවැත්නි, තව ද මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වේ” යනු යි. ඉක්බිති ඒ භික්‍ෂුහු ඒ මහණහට නොයෙක් ලෙසින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහු ය.
Pali BJT5. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා තං භික්ඛුං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං භික්ඛු මක්කටියා මෙථුනං ධම්මං පතිසෙවසී?”ති{1} “සච්චං භගවා.”{2} විගරහි බුද්ධො භගවා:
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “සැබෑ ද මහණ, තෝ වැඳිරියක සමග මෙවුන්දම් සෙවෙහි දැ?” යි ඒ මහණ පුළුවුත් සේක. “සැබව, භාග්‍යවතුන් වහන්ස” යි එ මහණ කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගර්‍හා කළ සේක:
Pali BJTඅනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා න සක්ඛිස්සසි යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුං? නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය -පෙ- කාමපරිළාහානං වූපසමො අක්ඛාතො?
Sinhala BJT“හිස් පුරුෂය, නුසුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නක. මහණුන්ට යෝග්‍ය නුවූවෙක. නො කැපයක. නො කටයුත්තෙක. හිස් පුරුෂය, කෙසේ නම් තෝ මෙසේ මැනවින් දෙසන ලද ශාසනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු කොට මගබඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? සරාගය පිණිස දහම් නො දෙසන ලද්දේ නො වේ ද? ... කාමපරිදාහයන්ගේ සංසිඳීම කියන ලද්දේ නො වේ ද?
Pali BJT6. වරං තෙ මොඝපුරිස, ආසීවිසස්ස ඝොරවිසස්ස මුඛෙ අඞ්ගජාතං පක්ඛිත්තං, න ත්වෙව මක්කටියා{3} අඞ්ගජාතෙ අඞ්ගජාතං පක්ඛිත්තං. වරං තෙ මොඝපුරිස කණ්හසප්පස්ස මුඛෙ අඞ්ගජාතං පක්ඛිත්තං, න ත්වෙව මක්කටියා අඞ්ගජාතෙ අඞ්ගජාතං පක්ඛිත්තං. වරං තෙ මොඝපුරිස, අඞ්ගාරකාසුයා ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය අඞ්ගජාතං පක්ඛිත්තං, න ත්වෙව මක්කටියා අඞ්ගජාතෙ අඞ්ගජාතං පක්ඛිත්තං. තං කිස්ස හෙතු? තතොනිදානං හි, මොඝපුරිස, මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. න ත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. ඉතො නිදානඤ්ච ඛො මොඝපුරිස, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.
Sinhala BJT6. හිස් පුරුෂය, දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, කෘෂ්ණ සර්‍පයක්හුගේ මුඛයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, ඇවිලගත්, හාත්පසින් ඇවිලගත්, ගිනිදැල් සහිත වූ අඟුරුවළෙක ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණය වැනි දුකකට හෝ පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුගති වූ විවස ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. හිස් පුරුෂය, මේ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ ය.
Pali BJT7. තත්ථ නාම ත්වං මොඝපුරිස, යං ත්වං අසද්ධම්මං ගාමධම්මං වසලධම්මං දුට්ඨුල්ලං ඔදකන්තිකං රහස්සං ද්වයංද්වයසමාපත්තිං සමාපජ්ජිස්සසි, නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භියොභාවාය. අථ ඛ්වෙතං මොඝපුරිස, අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා’ති.
Sinhala BJT7. හිස් පුරුෂය, මෙහි තෝ මෙබඳු වූ සාවද්‍ය කර්‍මයෙහි, ගම්වැසියන්ගේ ස්වභාවයක් වූ, නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ලාමක පුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසින් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇත්තා වූ, රහසේ කටයුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන්ගේ සමවැදීමක් වූ, යම් මෙවුන්දම් සෙවීමකට සමවන්නෙහි ද, හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස ද, පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස ද නො වෙයි. හිස් පුරුෂය, වැලිදු මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද, පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වෙයි”.
Pali BJT8. අථ ඛො භගවා තං භික්ඛුං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය දුප්පොසතාය මහිච්ඡතාය අසන්තුට්ඨිතාය සඞ්ගණිකාය කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වා අනෙකපරියායෙන සුභරතාය සුප්පොසතාය අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස විරියාරම්භස්ස වණ්ණං භාසිත්වා භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං{4} කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට නොයෙක් ලෙසින් ගරහා දුභර බව්හි ද, දුකසේ පෝෂණය කට හැකි බව්හි ද, මහත් ආශා ඇති බව්හි ද, ලද දෙයකින් සතුටු නො වීමෙහි ද, සමූහයා කෙරෙහි ඇලීමෙහි ද, කුසීත බව්හි ද අගුණ වදාරා, නොයෙක් කරුණින් සුභර බව්හි ද, සුවසේ පෝෂණය කටහැකි බව්හි ද, අපිස් බව්හි ද, සතොස් බව්හි ද, සැහැල්ලු බව්හි ද, සංලේඛයෙහි ද, ප්‍රසාද එළවීමෙහි ද, කෙලෙස් සංසිඳුවීමෙහි ද, වීර්‍ය්‍යාරම්භයෙහි ද ගුණ වදාරා, භික්‍ෂූන්ට එතැනට සුදුසු වූ ද, එයට අනුලොම් වූ ද, දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT9. “තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච: සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT9. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝයාගේ හිත සුව පිණිස, සඞ්ඝයාගේ පහසුව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස, මෙලොව දී විය හැකි විපත් දුරු කිරීම පිණිස, පරලොව දී වන දුක් නැසීම පිණිස, නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස, භික්‍ෂූන්ට සිකපදයක් පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවෙය්ය{1} අන්තමසො තිරච්ඡානගතායපි, පාරාජිකො හොති අසංවාසො”ති.
Sinhala BJT“යම් මහණෙක් යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක් හා ද මෙවුන්දම් සෙවියේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ, සංඝයා හා සමාන සංවාස රහිතයෙක් වේ.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වෙයි.
Pali BJT[දුතියපඤ්ඤත්ති]
Sinhala BJT[දෙවැනි පැණවීමයි.]
Pali BJTමක්කටීවත්ථු නිට්ඨිතං.
Sinhala BJTමක්කටී වස්තුව නිමි.
Pali BJTසන්ථතභාණවාරො
Sinhala BJTසන්‍ථත බණවර
Pali BJT1. තෙන ඛො පන සමයෙන සම්බහුලා වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ යාවදත්ථං භුඤ්ජිංසු, යාවදත්ථං සුපිංසු, යාවදත්ථං නහායිංසු. යාවදත්ථං භුඤ්ජිත්වා, යාවදත්ථං සුපිත්වා, යාවදත්ථං නහායිත්වා, අයොනිසො මනසි කරිත්වා, සික්ඛං අපච්චක්ඛාය, දුබ්බල්යං අනාවීකත්වා,{2} මෙථුනං ධම්මං පතිසෙවිංසු. තෙ අපරෙන සමයෙන ඤාතිව්යසනෙනපි ඵුට්ඨා, භොගව්යසනෙනපි ඵුට්ඨා, රොගව්යසනෙනපි ඵුට්ඨා ආයස්මන්තං ආනන්දං උපසඞ්කමිත්වා එවං වදන්ති: “න මයං භන්තෙ ආනන්ද, බුද්ධගරහිනො න ධම්මගරහිනො න සඞ්ඝගරහිනො. අත්තගරහිනො මයං භන්තෙ ආනන්ද, අනඤ්ඤගරහිනො. මයමෙවම්හා අලක්ඛිකා මයං අප්පපුඤ්ඤා, යෙ මයං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා නාසක්ඛිම්හ{3} යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුං. ඉදානි චෙ’පි මයං භන්තෙ ආනන්ද, ලභෙය්යාම භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පදං. ඉදානි’පි මයං විපස්සකා කුසලානං ධම්මානං පුබ්බරත්තාපරරත්තං බොධිපක්ඛියානං{4} ධම්මානං භාවනානුයොගමනුයුත්තා විහරෙය්යාම. සාධු භන්තෙ ආනන්ද, භගවතො එතමත්ථං ආරොචෙහී”ති. “එවමාවුසො”ති ඛො ආයස්මා ආනන්දො වෙසාලිකානං වජ්ජිපුත්තකානං පටිස්සුත්වා{5} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT1. එසමයෙහි විසල්පුර වැසි බොහෝ වජ්ජිපුත්‍ර භික්‍ෂුහු රිසි තාක් වැළඳුවාහු ය. රිසි තාක් ශයනය කළාහු ය. රිසි තාක් නෑවාහු ය. රිසි තාක් අනුභව කොට, රිසි තාක් ශයනය කොට, රිසි තාක් නා, නුනුවණින් මෙනෙහි කොට, පාතිමොක්ඛසංවර සඞ්ඛ්‍යාත ශික්‍ෂාව පිළිකෙව් නො කොට, සාජීවයෙහි දුබල බව පහළ නො කොට, මෙවුන්දම් සෙවියාහු ය. ඒ භික්‍ෂුහු පසු කාලයෙහි ඥාතිව්‍යසනයෙන් ද පහස්නා ලද්දාහු, භෝගව්‍යසනයෙන් ද පහස්නා ලද්දාහු, රෝගව්‍යසනයෙන් ද පහස්නා ලද්දාහු, ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹ මෙසේ කියත්: “වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, අපි බුදුරජුන්ට දොස් නො කියන්නමෝ වමු. ධර්‍මයට දොස් නොකියන්නමෝ වමු. සඞ්ඝයාට දොස් නොකියන්නමෝ වමු. වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, අපි තමන්ට ම ගර්‍හා කරන්නමෝ වමු. අපි මෙරමා ගරහන්නමෝ නො වමු. යම්බඳු වූ අපි මෙසේ මැනැවින් දෙසූ ශාසනයෙහි පැවැදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැක්කමෝ වූමු ද, ඒ අපි ම කාලකණ්ණි වමු. අපි ම මද පිණැත්තමෝ වමු. වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, ඉදින් දැනුදු අපි භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලබන්නමු නම් උපසම්පදාව ලබන්නමු නම් යෙහෙක. දැනුත් අපි මහද්ගත කුශල ධර්‍මයන් විදර්‍ශනා වශයෙන් වඩන්නමෝ පෙර යම හා පැසුළු යම බෝධිපාක්‍ෂික ධර්‍ම වැඩීමෙහි එක්වන් යෙදුනමෝ ව වාසය කරන්නමු. වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කරන්නහු නම් යෙහෙකි” යනු යි “ඇවැත්නි, එසේ යැ”යි වදාරා ආයුෂ්මත් වූ ආනන්‍ද ස්ථවිර තෙමේ විසල් පුරවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ එපවත් සැළ කෙළේ ය.
Pali BJT2. “අට්ඨානමෙතං, ආනන්ද, අනවකාසො, යං තථාගතො වජ්ජීනං වා වජ්ජිපුත්තකානං වා කාරණා සාවකානං පාරාජිකං සික්ඛාපදං පඤ්ඤත්තං සමූහනෙය්යා”ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “යො පන භික්ඛවෙ භික්ඛු සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවති, සො ආගතො න උපසම්පාදෙතබ්බො. යො ච ඛො භික්ඛවෙ භික්ඛු සික්ඛං පච්චක්ඛාය දුබ්බල්යං ආවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවති, සො ආගතො උපසම්පාදෙතබ්බො. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ”:
Sinhala BJT2. “ආනන්‍දය, තථාගත තෙමේ සව්වන්ට පණවන ලද පරිජි සිකපදය වජ්ජීන් හෝ වජ්ජිපුත්‍රයන් හෝ නිසා උදුරාලන්නේ ය” යන යමක් වේ ද, මෙය විද්‍යමාන නො වෙයි. එයට අවකාශයක් ද නැතැ”යි වදාළසේක. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් මහණෙක් තෙමේ ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප නො කොට, දුබල බව පළ නො කොට, මෙවුන්දම් සේවනය කෙරේ ද, හෙතෙමේ නැවත පැමිණියේ ද උපසපන් නො කටයුතුයි. මහණෙනි, යම් මහණෙක් තෙමේ ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කොට, දුබල බව පළ කොට, මෙවුන්දම් සේවනය කෙරේ ද, හෙතෙමේ පැමිණියේ උපසපන් කටයුතු යි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT3. “යො පන භික්ඛු භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවෙය්ය අන්තමසො තිරච්ඡානගතායපි, පාරාජිකො හොති අසංවාසො”ති.
Sinhala BJT3. “යම් කිසි මහණෙක් භික්‍ෂූන්ගේ අධිශීල සඞ්ඛ්‍යාත ශික්‍ෂාවට හා ප්‍රඥප්ත ශික්‍ෂාපද සඞ්ඛ්‍යාත සාජීවයට පැමිණියේ, පාතිමොක්ඛසංවර සඞ්ඛ්‍යාත ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප නො කොට, සාජීවයෙහි දුබලබව පළ නො කොට, යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක් හා ද මෙවුන්දම් සෙවියේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ පියෙවි මහණුන් හා සමානසංවාස නැති බැවින් අසංවාස වේ”.
Pali BJT[තතියපඤ්ඤත්තී]
Sinhala BJTතෙවැනි පැණවීමයි.
Pali BJT4. යො පනාති - යො යාදිසො යථායුත්තො යථාජච්චො යථානාමො යථාගොත්තො යථාසීලො යථාවිහාරී යථාගොචරො ථෙරො වා නවො වා මජ්ඣිමො වා. එසො වුච්චති ‘යො පනා’ති.
Sinhala BJT4. යො පන යනු: යම්බඳු, යම්, යම් ක්‍රියාවක යෙදුනු, යම්බඳු ජාති ඇති, යම්බඳු නම් ඇති, යම්බඳු ගොත් ඇති, යම්බඳු ස්වභාව ඇති, යම්බඳු විහරණ ඇති, යම්බඳු පැවතුම් ඇති ස්ථවිර වූවෙක් හෝ නවක වූවෙක් හෝ මජ්ඣිමයෙක් හෝ වේ ද, මෙ තෙමේ ‘යො පන’යි කියනු ලැබේ.
Pali BJT5. භික්ඛූති-භික්ඛකො’ති භික්ඛු, භික්ඛාචරියං අජ්ඣූපගතො’ති භික්ඛු, භින්නපටධරො’ති භික්ඛු, සමඤ්ඤාය භික්ඛු, පටිඤ්ඤාය භික්ඛු, එහි භික්ඛූ’ති භික්ඛු, තීහි සරණගමනෙහි උපසම්පන්නො’ති භික්ඛු, භද්රො භික්ඛු, සාරො භික්ඛු, සෙඛො භික්ඛු, අසෙඛො භික්ඛු, සමග්ගෙන සඞ්ඝෙන ඤත්තිචතුත්ථෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන උපසම්පන්නො’ති භික්ඛු. තත්රය්වායං භික්ඛු සමග්ගෙන සඞ්ඝෙන ඤත්තිචතුත්ථෙන කම්මෙන අකුප්පෙන ඨානාරහෙන උපසම්පන්නො, අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූ’ති.
Sinhala BJT5. භික්ඛු යනු: සිඟා යන්නේ නු යි භික්ඛු නමි. භික්‍ෂාටනයට පැමිණියේ නු යී භික්ඛු නමි. බුන් වත් දරා නු යි භික්ඛු නමි. ව්‍යවහාර මාත්‍රයෙන් කිසිවෙක් භික්ඛු නම් වේ. ප්‍රතිඥාමාත්‍රයෙන් කිසිවෙක් භික්ඛු නමි. ‘එහි භික්ඛු’ යන්නෙන් භික්‍ෂු භාවය ලැබී නු යි භික්ඛු නමි. තිසරණගමනයෙන් උපසපන් වූයේ නු යි භික්ඛු නමි. භද්‍ර වූ ශීලාදි පංච ධර්‍මයන්ගෙන් යුක්ත වූයේ නු යි භික්ඛු නමි. ශීලසාරාදියෙන් ම යුක්ත නු යි භික්ඛු නමි. හික්මේ නු යි භික්ඛු නමි. හික්මීම අවසන් කෙළේ නු යි භික්ඛු නමි. සමග වූ සඟන විසින් අකෝප්‍ය වූ ශාසනයට සුදුසු වූ ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් උපසපන් කරණ ලද්දේ නු යි භික්ඛු නමි. එහි යම් ඒ මහණෙක් සමග්‍ර සඞ්ඝයා විසින් අකෝප්‍ය වූ ශාසනයට සුදුසු වූ ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් උපසපන් කරණ ලද්දේ වේ ද මේ තෙමේ අර්‍ත්‍ථයෙහි භික්ඛු ය යි අදහස් කරණ ලද්දේ ය.
Pali BJT6. සික්ඛාති-තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. තත්ර යායං අධිසීලසික්ඛා අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා ‘සික්ඛා’ති.
Sinhala BJT6. සික්ඛා යනු: අධිසීල සික්ඛා ය, අධිචිත්ත සික්ඛා ය, අධිපඤ්ඤා සික්ඛාය යි ශික්‍ෂා තුණෙකි. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් අතුරෙන් යම් මේ අධිසීලශික්‍ෂාවක් වේ ද මෝ තොමෝ මෙහි ලා සික්ඛා ය යි අදහස් කරණ ලදූ.
Pali BJT7. සාජීවං නාම - යං භගවතා පඤ්ඤත්තං සික්ඛාපදං, එතං සාජීවං නාම. තස්මිං සික්ඛති තෙන වුච්චති සාජීවසමාපන්නො’ති.
Sinhala BJT7. සාජීව නම්: භාග්‍යවතුන් වහන්සේ විසින් පණවන ලද යම් සිකපදයක් වේ ද, මෙය සාජීව නමි. එහි හික්මෙයි. එහෙයින් සාජීව සමාපන්න ය යි කියනු ලැබේ.
Pali BJT8. සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා’ති - අත්ථි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා. අත්ථි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච පච්චක්ඛාතා.
Sinhala BJT8. සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්‍වා යන මෙහි - ‘මහණෙනි, දුබලබව හෙළි කිරීම නම් වේ, එහෙත් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාත නො වේ, යන මෙය ඇත. ‘මහණෙනි, දුබල බව හෙළි කිරීමත් වේ. එසේ ම ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාතත් වේ’ යන මෙය ද ඇත.
Pali BJT9. කථඤ්ච භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා? ඉධ භික්ඛවෙ භික්ඛු උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො උපාසකභාවං පත්ථයමානො ආරාමිකභාවං පත්ථයමානො සාමණෙරභාවං පත්ථයමානො තිත්ථියභාවං පත්ථයමානො තිත්ථියසාවකභාවං පත්ථයමානො අස්සමණභාවං පත්ථයමානො අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘යන්නූනාහං බුද්ධං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති. එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT9. මහණෙනි, ‘දුබලබව හෙළි කිරීම නම් වේ. එහෙත් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාත නො වේ’ යන මෙය කෙසේ ද? යත්: මහණෙනි, මෙහි මහණෙක් පැවිද්දෙහි කලකිරුනේ, පැවිද්දෙහි නො ඇලුනේ, මහණුවමින් පහ වනු කැමැත්තේ, මහණුවමින් තමා පෙළුනකු මෙන් කොට පවත්වන්නේ, භික්‍ෂුභාවයෙන් ලජ්ජිජිත වන්නේ, මහණදම පිළිකුල් කරන්නේ, ගිහිබව පතන්නේ, උවසුබව පතන්නේ, ආරාමික බව පතන්නේ, හෙරණ බව පතන්නේ, තීර්‍ත්‍ථක බව පතන්නේ, තීර්‍ත්‍ථකශ්‍රාවක බව පතන්නේ, අශ්‍රමණ බව පතන්නේ, අශාක්‍යපුත්‍රීය බව පතන්නේ, ‘මම බුදු රජුන් පිළිකෙව් කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද, හඟවා ද, මහණෙනි, මෙසේත් දුබල බව පහළ කිරීම වෙයි. වැලි දු ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාත (පියන ලද්දේ) නො වෙයි.
Pali BJT10. අථ වා පන උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො -පෙ- අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘යන්නූනාහං ධම්මං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති -පෙ- ‘යන්නූනාහං සඞ්ඝං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං සික්ඛං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං විනයං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං පාතිමොක්ඛං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං උද්දෙසං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං උපජ්ඣායං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං ආචරියං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං සද්ධිවිහාරිකං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං අන්තෙවාසිකං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං සමානුපජ්ඣායකං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං සමානාචරියකං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං සබ්රහ්මචාරිං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං ගිහී අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං උපාසකො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං ආරාමිකො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, ‘යන්නූනාහං සාමණෙරො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං තිත්ථියො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං තිත්ථියසාවකො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං අස්සමණො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘යන්නූනාහං අසක්යපුත්තියො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT10. තව ද උකටලී වූයේ නො ඇලුනේ මහණුවමින් පහ වනු කැමැත්තේ, මහණුවමින් පීඩිත වන්නේ, ලජ්ජිත වන්නේ, පිළිකුල් කරන්නේ, ගිහි බව පතන්නේ ... අශාක්‍යපුත්‍රීය බව පතන්නේ, ‘මම ධර්‍මය ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙක’යි කියා ද හඟවා ද; ... ‘මම සඞ්ඝයා ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම විනය ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම ප්‍රාතිමෝක්‍ෂය ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම උදෙසීම ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම උපාධ්‍යායන් වහන්සේ ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම ආචාර්‍ය්‍යයන් වහන්සේ ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම සද්ධිවිහාරිකයා ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම අතැවැස්සා ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම සමානෝපාධ්‍යායයන් ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම සමානාචාර්‍ය්‍යයන් ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම සබ්‍රහ්මචාරීන් ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම ගිහි වන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; මම උවසුවෙක් වන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම ආරාමිකයෙක් වන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද ... ‘මම හෙරණෙක් වන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... ‘මම තොටුවෙක් වන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ... මම තොටුසව්වෙක් වන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ‘මම අශ්‍රමණයෙක් වන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; ‘මම අශාක්‍යපුත්‍රීයයෙක් වන්නෙම් නම් යෙහෙකැ’යි කියා ද හඟවා ද; මහණෙනි, මෙසේත් දුබල බව පහළ කිරීම වෙයි. වැලි දු ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාත නො වෙයි.
Pali BJT11. අථ වා පන උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො -පෙ- අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘යදි පනාහං බුද්ධං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති -පෙ- ‘යදි පනාහං අසක්යපුත්තියො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, එවම්පි, භික්ඛවෙ, දුබ්බල්යාවීකම්මං චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT11. නැත හොත් උකටලී වූයේ, නො ඇලුනේ, මහණබැවින් මිදෙනු කැමැත්තේ, භික්‍ෂු භාවයෙන් පීඩිත වන්නේ, ලජ්ජිත වන්නේ, ජුගුප්සිත වන්නේ, ගිහි බව පතන්නේ, ... අශාක්‍යපුත්‍රීය බව පතන්නේ, මහණ තෙමේ ‘ඉදින් මම බුදුරජුන් ප්‍රතික්‍ෂේප කරන්නෙම් නම්’යි කියා ද, හඟවා ද ... ‘ඉදින් මම අශාක්‍යපුත්‍රීයයෙක් වන්නෙම් නම්’යි කියා ද හඟවා ද, ... මහණෙනි, මෙසේත් දුර්‍වල බව ප්‍රකාශ කිරීම වෙයි. එහෙත් ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත (පිළිකෙව් කළා) නො වෙයි.
Pali BJT12. අථවා පන -පෙ- ‘අපාහං බුද්ධං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති -පෙ- ‘අපාහං අසක්යපුත්තියො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මං චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT12. තව ද ... ‘මම ඒකාන්තයෙන් බුදුරජුන් ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම් නම්’යි කියා ද හඟවා ද ... ‘මම ඒකාන්තයෙන් අශාක්‍යපුත්‍රීයයෙක් වන්නෙම් නම්’යි කියා ද හඟවා ද ‘මහණෙනි, මෙසේත් දුර්‍වල බව හෙළි කිරීම වෙයි. එහෙත් ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො කළා වෙයි.
Pali BJT13. අථවා පන -පෙ- ‘හන්දාහං බුද්ධං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති -පෙ- ‘හන්දාහං අසක්යපුත්තියො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මං චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT13. නැවත ද ... ‘මම බුදුරදුන් ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම්’යි කියා ද හඟවා ද ... ‘මම අශාක්‍යපුත්‍රීයයෙක් නමුදු වන්නෙම්’යි කියා ද හඟවා ද, මෙසේත් මහණෙනි, දුර්‍වල බව ප්‍රකාශ කිරීම වෙයි. එහෙත් ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි.
Pali BJT14. අථවා පන -පෙ- ‘හොති මෙ බුද්ධං පච්චක්ඛෙය්ය’න්ති වදති විඤ්ඤාපෙති -පෙ- ‘හොති මෙ අසක්යපුත්තියො අස්ස’න්ති වදති විඤ්ඤාපෙති, එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT14. වැලිදු ... ‘බුදුරදුන් ප්‍රතික්‍ෂිප්ත කරන්නෙම්යි මට අදහස් වෙයි’ කියා ද හඟවා ද ... ‘අශාක්‍යපුත්‍රීයයෙක් වන්නෙමි යි මට අදහස් වෙයි’ කියා ද හඟවා ද, මෙසේත් මහණෙනි, දුර්‍වල බව ප්‍රකාශ කිරීම වෙයි, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි.
Pali BJT15. අථවා පන උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො -පෙ- අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘මාතරං සරාමී’ති වදති විඤ්ඤාපෙති -පෙ- ‘පිතරං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘භාතරං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘භගිනිං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පුත්තං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ධීතරං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පජාපතිං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ඤාතකෙ සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘මිත්තෙ සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ගාමං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘නිගමං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ඛෙත්තං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘වත්ථුං සරාමි’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘හිරඤ්ඤං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සුවණ්ණං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සිප්පං සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පුබ්බෙ හසිතං ලපිතං කීළිතං සමනුස්සරාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT15. තව ද උකටලී වූයේ, නො ඇලුනේ, මහණුවමින් මිදෙනු කැමැත්තේ, භික්‍ෂුභාවයෙන් පීඩිත වන්නේ, ලජ්ජිත වන්නේ, පිළිකුල් කරන්නේ, ගිහි බව පතන්නේ ... අශාක්‍යපුත්‍රීය බව පතන්නේ, ‘මව සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘පියා සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘බෑයා සිහි කරමි’යි කියා ද හඟවා ද; ... නැගණියන් සිහිකරමි’යි කියා ද හඟවා ද; ... ‘පුතු සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘දුව සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘බිරිය සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘නෑයන් සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘මිතුරන් සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘ගම සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘නියම් ගම සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘කෙත සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘වත්ත සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘අමුරන් සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘රන් සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘ශිල්පය සිහි කරමි’යි කියා ද හඟවා ද; ... ‘පෙර කළ සිනා, කී වචන, කළ ක්‍රීඩා සිහි කරමි’යි කියා ද හඟවා ද, මහණෙනි, මෙසේත් දුබල බව හෙළි කිරීම වෙයි. එහෙත් ශික්‍ෂාව පිළිකෙව් කළා නො වෙයි.
Pali BJT16. අථ වා පන උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො -පෙ- අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘මාතා මෙ අත්ථි. සා මයා පොසෙතබ්බා’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පිතා මෙ අත්ථි සො මයා පොසෙතබ්බො’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘භාතා මෙ අත්ථි. සො මයා පොසෙතබ්බො’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘භගිනී මෙ අත්ථි සා මයා පොසෙතබ්බා’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පුත්තො මෙ අත්ථි. සො මයා පොසෙතබ්බො’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ධීතා මෙ අත්ථි, සා මයා පොසෙතබ්බා’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පජාපති මෙ අත්ථි. සා මයා පොසෙතබ්බා’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ඤාතකා මෙ අත්ථි. තෙ මයා පොසෙතබ්බා’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘මිත්තා මෙ අත්ථි. තෙ මයා පොසෙතබ්බා’ති වදති විඤ්ඤාපෙති, -පෙ- එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති, සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT16. නැත හොත්, උකටලී වූයේ, නො ඇලුනේ, මහණුවමින් මිදෙනු කැමැත්තේ, භික්‍ෂුභාවයෙන් පීඩිත වන්නේ, ලජ්ජිත වන්නේ, පිළිකුල් කරන්නේ, ගිහි බව පතන්නේ ... අශාක්‍යපුත්‍රීය බව පතන්නේ ‘මාගේ මවු ඇත. මා විසින් ඕ තොමෝ පෝෂණය කටයුත්තී ය’යි කියා ද හඟවා ද, ... ‘මාගේ පියා ඇත. මා විසින් හේ පෝෂණය කටයුත්තේ ය’යි කියා ද හඟවා ද, ... ‘මාගේ බෑයා ඇත. මා විසින් හේ පෝෂණය කටයුත්තේ ය’යි කියා ද හඟවා ද, ... ‘මාගේ නගක් ඇත. මා විසින් ඕ පෝෂණය කටයුත්තී ය’යි කියා ද හඟවා ද, ... ‘මාගේ පුතෙක් ඇත. හේ මා විසින් පෝෂණය කටයුත්තේ ය’යි කියා ද හඟවා ද; ... ‘මාගේ දුවක් ඇත. මා විසින් ඕ පෝෂණය කටයුත්තී ය’යි කියා ද හඟවා ද; ... ‘මාගේ බිරිය ඇත. මා විසින් ඕ පෝෂණය කටයුත්තී ය’යි කියා ද හඟවා ද; ... ‘මාගේ නෑයෝ ඇත. මා විසින් ඔහු පෝෂණය කටයුත්තාහ’යි කියා ද හඟවා ද; ... ‘මාගේ මිත්‍රයෝ ඇත. මා විසින් ඔහු පෝෂණය කටයුත්තාහ’යි කියා ද හඟවා ද; ... මහණෙනි, මෙසේත් දුර්‍වල බව හෙළි කිරීම වෙයි. එහෙත් ශික්‍ෂාව පිළිකෙව් නො කළා වෙයි.
Pali BJT17. අථ වා පන උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො -පෙ- අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘මාතා මෙ අත්ථි. සා මං පොසෙස්සතී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පිතා මෙ අත්ථි සො මං පොසෙස්සතී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘භාතා මෙ අත්ථි සො මං පොසෙස්සතී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- භගිනී මෙ අත්ථි සා මං පොසෙස්සතී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පුත්තො මෙ අත්ථි සො මං පොසෙස්සතී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ධීතා මෙ අත්ථි සා මං පොසෙස්සතී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පජාපති මෙ අත්ථි සා මං පොසෙස්සතී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ඤාතකා මෙ අත්ථි තෙ මං පොසෙස්සන්තී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘මිත්තා මෙ අත්ථි තෙ මං පොසෙස්සන්තී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ගාමො මෙ අත්ථි තෙනාහං ජීවිස්සාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘නිගමො මෙ අත්ථි තෙනාහං ජීවිස්සාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ඛෙත්තං මෙ අත්ථි තෙනාහං ජීවිස්සාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘වත්ථු මෙ අත්ථි තෙනාහං ජීවිස්සාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘හිරඤ්ඤං මෙ අත්ථි තෙනාහං ජීවිස්සාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සුවණ්ණං මෙ අත්ථි තෙනාහං ජීවිස්සාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සිප්පං මෙ අත්ථි තෙනාහං ජීවිස්සාමී’ති වදති විඤ්ඤාපෙති. එවම්පි, භික්ඛවෙ, දුබ්බල්යාවීකම්මඤ්චෙව හොතී සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT17. නැත හොත්, උකටලී වූයේ, නො ඇලුනේ, මහණබැවින් මිදෙනු කැමැත්තේ, භික්‍ෂුභාවයෙන් පීඩිත වන්නේ, ලජ්ජිත වන්නේ, පිළිකුල් කරන්නේ, ගිහි බව පතන්නේ ... අශාක්‍යපුත්‍රීය බව පතන්නේ ‘මාගේ මවු ඇත. ඕ තොමෝ මා පෝෂණය කකරන්නී ය’යි කියා ද හඟවා ද; ... ‘මාගේ පියා ඇත. හේ මා පෝෂණය කරන්නේ ය’යි කියා ද හඟවා ද; ... මාගේ බෑයා ඇත. හේ මා පෝෂණය කරන්නේ ය’යි කියා ද හඟවා ද; ... ‘මාගේ නගෙක් ඇත. ඕ මා පෝෂණය කරන්නී ය’යි කියා ද හඟවා ද; ... ‘මාගේ පුත්‍රයා ඇත. හේ මා පෝෂණය කරන්නේ ය’යි කියා ද, හඟවා ද; ... ‘මාගේ දුව ඇත. ඕ මා පෝෂණය කරන්නී ය’යි කියා ද, හඟවා ද; ... ‘මාගේ බිරිය ඇත. ඕ මා පෝෂණය කරන්නී ය’යි කියා ද, හඟවා ද; ... ‘මාගේ නෑයෝ ඇත. ඔහු මා පෝෂණය කරන්නාහු’යි කියා ද, හඟවා ද; ... ‘මාගේ මිතුරෝ ඇත. ඔහු මා පෝෂණය කරන්නාහු යි’ කියා ද, හඟවා ද; ... ‘මාගේ ගමෙක් ඇත. එයින් මම ජීවත් වන්නෙමි’යි කියා ද, හඟවා ද; ... ‘නියම්ගමෙක් ඇත. මම එයින් ජිවත්වන්නෙමි’යි කියා ද, හඟවා ද; ... ‘මාගේ කෙතෙක් ඇත. මම එයින් ජීවත්වන්නෙමි’යි කියා ද, හඟවා ද; ... ‘මාගේ වත්තෙක් ඇත. මම එයින් ජීවත් වන්නෙමි’යි කියා ද, හඟවා ද; ‘මාගේ අමුරන් ඇත. මම එයින් ජීවත්වන්නෙමි’යි කියා ද, හඟවා ද; ... ‘මාගේ රත්රන් ඇත. එයින් ජීවත් වන්නෙමි’යි කියා ද, හඟවා ද; ... ‘මා දත් ශිල්පයෙක් ඇත. එයින් මම ජීවත් වන්නෙමි’යි කියා ද, හඟවා ද; මහණෙනි, මෙසේත් දුර්‍වල බව හෙළි කිරීම වෙයි. එහෙත් ශික්‍ෂාව පිළිකෙව් නො කළා වෙයි.
Pali BJT18. අථ වා පන උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො -පෙ- අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘දුක්කර’න්ති වදති විඤ්ඤාපෙති -පෙ- ‘න සුකර’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘දුච්චර’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘න සුචර’න්ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘න උස්සහාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘න විසහාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘න රමාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘න අභිරමාමී’ති වදති විඤ්ඤාපෙති, එවම්පි ඛො භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච අපච්චක්ඛාතා.
Sinhala BJT18. නැත හොත්, උකටලී වූයේ, නො ඇලුනේ, මහණබැවින් මිදෙනු කැමැත්තේ, භික්‍ෂුභාවයෙන් පීඩිත වන්නේ, ලජ්ජිත වන්නේ, පිළිකුල් කරන්නේ, ගිහි බව පතන්නේ ... අශාක්‍යපුත්‍රීය බව පතන්නේ ‘(එක් වේලක් වැළඳීම් ආදිය) දුෂ්කරය’යි කියා ද, හඟවා ද; ... නැත හොත් ‘නො පහසු ය’යි කියාද, හඟවාද; ... මහණදම දුශ්චර ය’යි කියාද, හඟවාද; ... ‘මහණදම් සුචර නො වේය’ කියාද, හඟවාද; ... ‘උත්සාහ නො කරමි’ කියාද, හඟවාද; ... ‘නො ඉවසමි’ කියාද, හඟවාද; ... ‘නො ඇලෙමි’ කියාද, හඟවාද; ... ‘දැඩිව නො ඇලෙමි’ කියාද, හඟවාද; ... මහණෙනි, මෙසේත් දුබල බව හෙළි කිරීම වෙයි. එහෙත් ශික්‍ෂාව පිළිකෙව් නො කළා වෙයි.
Pali BJT19. කථඤ්ච භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච පච්චක්ඛාතා? ඉධ භික්ඛවෙ භික්ඛු උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො -පෙ- අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘බුද්ධං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච පච්චක්ඛාතා.
Sinhala BJT19. මහණෙනි, කෙසේ නම් දුබල බව හෙළි කිරීමත් ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කරණ ලද්දේත් වේ ද? මහණෙනි, මෙහි මහණෙක් උකටලී වූයේ, නො ඇලුනේ, මහණකමින් මිදෙනු කැමැත්තේ, භික්‍ෂුභාවයෙන් පීඩිත වන්නේ, ලජ්ජිත වන්නේ, පිළිකුල් කරන්නේ, ගිහිබව පතන්නේ ... අශාක්‍යපුත්‍රීය භාවය පතන්නේ, ‘බුදුරදුන් ප්‍රතික්‍ෂේප කරමි’ කියා ද, හඟවා ද, මහණෙනි, මෙසේත් දුබල බව හෙළි කිරීම වෙයි. ශික්‍ෂාව ද පිළිකෙව් කළා වෙයි.
Pali BJT20. අථ වා පන උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො -පෙ- අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘ධම්මං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සඞ්ඝං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සික්ඛං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘විනයං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘පාතිමොක්ඛං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘උද්දෙසං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘උපජ්ඣායං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ආචරියං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සද්ධිවිහාරිකං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘අන්තෙවාසිකං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සමානූපජ්ඣායකං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සමානාචරියකං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සබ්රහ්මචාරිං පච්චක්ඛාමී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ගිහීති මං ධාරෙහී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘උපාසකොති මං ධාරෙහීති’ වදති විඤ්ඤාපෙති, -පෙ- ‘ආරාමිකොති මං ධාරෙහී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සාමණෙරොති මං ධාරෙහී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘තිත්ථියොති මං ධාරෙහී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘තිත්ථියසාවකොති මං ධාරෙහී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘අස්සමණොති මං ධාරෙහී’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘අසක්යපුත්තියොති මං ධාරෙහී’ති වදති විඤ්ඤාපෙති, එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච පච්චක්ඛාතා.
Sinhala BJT20. උකටලී වූයේ, නො ඇලුනේ, මහණබැවින් මිදෙනු කැමැත්තේ, භික්‍ෂුභාවයෙන් පීඩිත වන්නේ, ලජ්ජිත වන්නේ, පිළිකුල් කරන්නේ, ගිහි බව පතන්නේ ... අශාක්‍යපුත්‍රීය බව පතන්නේ ‘ධර්‍මය ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘සඞ්ඝයා ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘විනය ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘ප්‍රාතිමෝක්‍ෂය ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘උදෙසීම ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘උපාධ්‍යායයන් වහන්සේ ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘ආචාර්‍ය්‍යයන් වහන්සේ ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘සද්ධිවිහාරිකයා ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘අතැ වැස්සා ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘සමානෝපාධ්‍යයා ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘සමානාචාර්‍ය්‍යයා ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... ‘සබ්‍රම්සරුහු ප්‍රතික්‍ෂේප කරමි’යි කියා ද, හඟවා ද; ... මා ගිහියෙකැයි දරව’යි කියාද, හඟවාද; ... ‘මා උවසුවෙකැයි දරව’යි කියාද, හඟවාද; ... ‘මා ආරාමිකයෙකැයි දරව’යි කියාද, හඟවාද; ... ‘මා හෙරණෙකැයි දරව’යි කියාද, හඟවාද; ... ‘මා තොටුවෙකැයි දරව’යි කියාද, හඟවාද; ... ‘මා තොටුසව්වෙකැයි දරව’යි කියාද, හඟවාද; ... ‘මා අශ්‍රමණයෙකැයි දරව’යි කියාද, හඟවාද; ... ‘මා අශාක්‍යපුත්‍රීයයෙකැයි දරව’යි කියාද, හඟවාද; මහණෙනි, මෙසේත් දුබල බව හෙළිකිරිම වෙයි. ශික්‍ෂාව ද පියන ලද්දී වෙයි.
Pali BJT21. අථ වා පන උක්කණ්ඨිතො අනභිරතො සාමඤ්ඤා චවිතුකාමො භික්ඛුභාවං අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො ගිහීභාවං පත්ථයමානො -පෙ- අසක්යපුත්තියභාවං පත්ථයමානො ‘අලං මෙ බුද්ධෙනා’ති වදති විඤ්ඤාපෙති -පෙ- ‘අලං මෙ සබ්රහ්මචාරීහී’ති වදති විඤ්ඤාපෙති, එවම්පි -පෙ- සික්ඛා ච පච්චක්ඛාතා.
Sinhala BJT21. නැත හොත් උකටලී වූයේ, නො ඇලුනේ, මහණබැවින් මිදෙනු කැමැත්තේ, භික්‍ෂුභාවයෙන් පීඩිත වන්නේ, ලජ්ජිත වන්නේ, පිළිකුල් කරන්නේ, ගිහි බව පතන්නේ ... අශාක්‍යපුත්‍රීයභාවය පතන්නේ ‘මට බුදුරදුන්ගෙන් කම් නැතැ’යි කියා ද, හඟවා ද; ... ‘මට සබ්‍රම්සරුන්ගෙන් කම් නැතැ’යි කියා ද, හඟවා ද; ... මෙසේත් ... ශික්‍ෂාව ද පියන ලද්දී වෙයි.
Pali BJT22. අථ වා පන -පෙ- ‘කින්නු මෙ බුද්ධෙනා’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘කින්නු මෙ සබ්රහ්මචාරීහී’ති වදති විඤ්ඤාපෙති, එවම්පි -පෙ- සික්ඛා ච පච්චක්ඛාතා.
Sinhala BJT22. නැත හොත් ... ‘මට බුදුරදුන්ගෙන් කිමැ’යි කියා ද, හඟවා ද; ... ‘මට සබ්‍රම්සරුන්ගෙන් කිමැ’යි කියා ද, හඟවා ද; ... මෙසේත් ... ශික්‍ෂාව ද පියන ලද්දී වෙයි.
Pali BJT23. අථ වා පන -පෙ- ‘න මමත්ථො බුද්ධෙනා’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘න මමත්ථො සබ්රහ්මචාරීහී’ති වදති විඤ්ඤාපෙති, එවම්පි -පෙ-. සික්ඛා ච පච්චක්ඛාතා.
Sinhala BJT23. නැත හොත් ... ‘මට බුදුරදුන්ගෙන් වැඩෙක් නැතැ’යි කියා ද, හඟවා ද; ... ‘මට සබ්‍රම්සරුන්ගෙන් වැඩෙක් නැතැ’යි කියා ද, හඟවා ද; ... මෙසේත් ... ශික්‍ෂාව ද පියන ලද්දී වෙයි.
Pali BJT24. අථ වා පන -පෙ- ‘සුමුත්තා’හං{1} බුද්ධෙනා’ති වදති විඤ්ඤාපෙති, -පෙ- ‘සුමුත්තා’හං සබ්රහ්මචාරීහී’ති වදති විඤ්ඤාපෙති, එවම්පි භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච පච්චක්ඛාතා.
Sinhala BJT24. නැත හොත් ... ‘මම බුදුරදුන්ගෙන් මොනවට මිදුනෙමි’යි කියා ද, හඟවා ද; ... ‘මම සබ්‍රම්සරුන්ගෙන් මොනවට මිදුනෙමි’යි කියා ද, හඟවා ද; ... මෙසේත් මහණෙනි, දුබල බව හෙළිකිරීම වෙයි. ශික්‍ෂාව ද පියන ලද්දී වෙයි.
Pali BJT25. යානි වා පනඤ්ඤානි’පි අත්ථි බුද්ධවෙවචනානි වා ධම්මවෙවචනානි වා සඞ්ඝවෙවචනානි වා සික්ඛාවෙවචනානි වා විනයවෙවචනානි වා පාතිමොක්ඛවෙවචනානි වා උද්දෙසවෙවචනානි වා උපජ්ඣායවෙවචනානි වා ආචරියවෙවචනානි වා සද්ධිවිහාරිකවෙවචනානි වා අන්තෙවාසිකවෙවචනානි වා සමානුපජ්ඣායකවෙවචනානි වා සමානාචරියකවෙවචනානි වා සබ්රහ්මචාරිවෙවචනානි වා ගිහිවෙවචනානි වා උපාසකවෙවචනානි වා ආරාමිකවෙවචනානි වා සාමණෙරවෙවචනානි වා තිත්ථියවෙවචනානි වා තිත්ථියසාවකවෙවචනානි වා අස්සමණවෙවචනානි වා අසක්යපුත්තියවෙවචනානි වා තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි වදති විඤ්ඤාපෙති, එවං ඛො භික්ඛවෙ දුබ්බල්යාවීකම්මඤ්චෙව හොති සික්ඛා ච පච්චක්ඛාතා.
Sinhala BJT25. යම් අන්‍ය වූ බුද්ධපර්‍ය්‍යාය වචනයෝ හෝ ධර්‍මපර්‍ය්‍යාය වචනයෝ හෝ, සඞ්ඝපර්‍ය්‍යාය වචනයෝ හෝ, ශික්‍ෂාපර්‍ය්‍යාය වචනයෝ හෝ, විනයපර්‍ය්‍යාය වචනයෝ හෝ, ප්‍රාතිමෝක්‍ෂපර්‍ය්‍යාය වචනයෝ හෝ, උද්දේශපර්‍ය්‍යාය වචනයෝ හෝ, උපාධ්‍යායපර්‍ය්‍යාය වචනයෝ හෝ, ආචාර්‍ය්‍යපර්‍ය්‍යාය වචනයෝ හෝ, සද්ධිවිහාරික පර්‍ය්‍යාය වචනයෝ හෝ, අන්තේවාසික පර්‍ය්‍යාය වචනයෝ හෝ, සමානඋපාද්ධ්‍යාය පර්‍ය්‍යාය වචනයෝ හෝ, සමානාචාර්‍ය්‍යපර්‍ය්‍යාය වචනයෝ හෝ, සබ්‍රහ්මචාරීපර්‍ය්‍යාය වචනයෝ හෝ, ගෘහීපර්‍ය්‍යාය වචනයෝ හෝ, උපාසකපර්‍ය්‍යාය වචනයෝ හෝ, ආරාමිකපර්‍ය්‍යාය වචනයෝ හෝ, ශ්‍රාමණෙරපර්‍ය්‍යාය වචනයෝ හෝ, තීර්‍ත්‍ථකපර්‍ය්‍යාය වචනයෝ හෝ, තීර්‍ත්‍ථකශ්‍රාවක පර්‍ය්‍යාය වචනයෝ හෝ, අශ්‍රමණපර්‍ය්‍යාය වචනයෝ හෝ, අශාක්‍යපුත්‍රීයපර්‍ය්‍යාය වචනයෝ හෝ වෙද්ද, ඒ අයුරින්, ඒ ලකුණෙන් ඒ නිමිත්තෙන් කියා ද, හඟවා ද; මහණෙනි, මෙසේත් දුබල බව හෙළිකිරීම වෙයි. ශික්‍ෂාව ද පියන ලද්දී වෙයි.
Pali BJT26. කථඤ්ච භික්ඛවෙ, අපච්චක්ඛාතා හොති සික්ඛා? ඉධ භික්ඛවෙ යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි සික්ඛා පච්චක්ඛාතා හොති, තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි උම්මත්තකො සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. උම්මත්තකස්ස සන්තිකෙ සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. ඛිත්තචිත්තො සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. ඛිත්තචිත්තස්ස සන්තිකෙ සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. වෙදනට්ටො සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. වෙදනට්ටස්ස සන්තිකෙ සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. දෙවතාය සන්තිකෙ සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතාහොති සික්ඛා. තිරච්ඡානගතස්ස සන්තිකෙ සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. අරියකෙන මිලක්ඛකස්ස{1} සන්තිකෙ සික්ඛං පච්චක්ඛාති, සො ච න පටිවිජානාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. මිලක්ඛකෙන අරියකස්ස සන්තිකෙ සික්ඛං පච්චක්ඛාති, සො ච න පටිවිජානාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. අරියකෙන අරියකස්ස{2} සන්තිකෙ සික්ඛං පච්චක්ඛාති, සො ච න පටිවිජානාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. මිලක්ඛකෙන මිලක්ඛකස්ස සන්තිකෙ සික්ඛං පච්චක්ඛාති, සො ච න පටිවිජානාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. දවාය සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. රවාය සික්ඛං පච්චක්ඛාති, අපච්චක්ඛාතා හොති සික්ඛා. අසාවෙතුකාමො සාවෙති, අපච්චක්ඛාතා හොති සික්ඛා. සාවෙතුකාමො න සාවෙති, අපච්චක්ඛාතා හොති සික්ඛා. අවිඤ්ඤුස්ස සාවෙති, අපච්චක්ඛාතා හොති සික්ඛා. විඤ්ඤුස්ස න සාවෙති, අපච්චක්ඛාතා හොති සික්ඛා. සබ්බසො වා පන න සාවෙති, අපච්චක්ඛාතා හොති සික්ඛා. එවං ඛො, භික්ඛවෙ, අපච්චක්ඛාතා හොති සික්ඛා.
Sinhala BJT26. මහණෙනි, කෙසේ නම් ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වේ ද? මහණෙනි, මෙහි යම් අයුරින්, යම් ලකුණෙන්, යම් නිමිත්තෙන් ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත වේ ද, ඒ අයුරින් ඒ ලකුණින් ඒ නිමිත්තෙන් උමතුවෙක් තෙමේ ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කරයි නම් ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. උමතුවකු හමුවෙහි ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. ඛේදයට පැමිණි සිත් ඇත්තේ ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කරයි ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. ඛේදයට පැමිණි සිත් ඇත්තහු හමුවෙහි ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. වේදනාවෙන් පීඩිත තැනැත්තේ ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. වේදනාවෙන් පෙළුනහු හමුවෙහි ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. දේවතාවක සමීපයෙහි ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. තිරිසනකු සමීපයෙහි ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. ආර්‍ය්‍යක ව්‍යවහාරයෙන් අනාර්‍ය්‍යයකු හමුවෙහි ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, හෙ තෙමේ නො දනී ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. අනාර්‍ය්‍යක ව්‍යවහාරයෙන් ආර්‍ය්‍යයකු සමීපයෙහි ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, හෙ තෙමේ නො දනී ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. ආර්‍ය්‍යක ව්‍යවහාරයෙන් ආර්‍ය්‍යයෙකු සමීපයෙහි ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, හෙ තෙමේ නො දනී ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. අනාර්‍ය්‍යක ව්‍යවහාරයෙන් අනාර්‍ය්‍යයෙකු සමීපයෙහි ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, හෙ තෙමේ නො දනී ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. වහා බිණීමෙන් ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. පැකුළුණු බසින් ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේ ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. නො අස්වනු කැමැත්තේ අස්වයි ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. අස්වනු කැමැත්තේ නො අස්වයි ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. කිසිවක් නො දන්නකුට අස්වයි ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. නුවණැත්තකුට නො අස්වයි ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. සියලු අයුරින් හෝ නො අස්වයි ද, ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි. මහණෙනි මෙසේත් ශික්‍ෂාව ප්‍රතික්‍ෂිප්ත නො වෙයි.
Pali BJT27. මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො දුට්ඨුල්ලං ඔදකන්තිකං රහස්සං ද්වයංද්වයසමාපත්ති, එසො මෙථුනධම්මො නාම.
Sinhala BJT27. මෙථුනධම්ම නම්: යම් ඒ නීච ජනයන්ගේ ස්වභාවයක් වේ ද, ගම්වැස්සන්ගේ ස්වභාව ධර්‍මයෙක් වේ ද, වසලයන්ගේ ගතියක් වේ ද, කෙලෙසුන්ගෙන් දූෂිත බවක් වේ ද, දියකිස අවසන් කොට ඇත්තක් වේ ද, රහසින් කටයුතු දෙයක් වේ ද, දෙදෙනෙකුන් දෙදෙනෙකුන් විසින් සමවැදිය යුත්තක් වේ ද, මේ (මෙථුනධම්ම) නම්.
Pali BJT28. පතිසෙවති නාම: යො නිමිත්තෙන නිමිත්තං අඞ්ගජාතෙන අඞ්ගජාතං අන්තමසො තිලඵලමත්තම්පි පවෙසෙති, එසො පතිසෙවති නාම.
Sinhala BJT28. පතිසේවති නම්: යමෙක් තෙමේ නිමිත්තෙන් නිමිත්ත අඞ්ගජාතයෙන් අඞ්ගජාතය යටත්පිරිසෙයින් තලැටක් පමණකුදු පිවිස්වා ද මේ පතිසේවති (ප්‍රතිසේවනය කෙරේ) නම් වේ.
Pali BJT29. අන්තමසො තිරච්ඡානගතායපී’ති තිරච්ඡානගතිත්ථියාපි මෙථුනං ධම්මං පතිසෙවිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො, පගෙව මනුස්සිත්ථියා. තෙන වුච්චති ‘අන්තමසො තිරච්ඡානගතායපී’ති.
Sinhala BJT29. අන්තමසෝ තිරච්ඡානගතායපි - යනු තිරිසන් මාගමක හා ද මෙවුන්දම් සෙවීමෙන් අශ්‍රමණයෙක් වෙයි. අශාක්‍යපුත්‍රීයයෙක් වෙයි. මිනිස් මාගමක හා මෙවුන්දම් සෙවීම ගැන කියනුම කිම? එහෙයින් අන්තමසෝ තිරච්ඡානගතායපි’ (යටත්පිරිසෙයින් තිරිසන් ගිය මාගමක හා ද) යි කියනු ලැබේ.
Pali BJT30. පාරාජිකො හොතී’ති සෙය්යථාපි නාම පුරිසො සීසච්ඡින්නො අභබ්බො තෙන සරීරබන්ධනෙන ජීවිතුං, එවමෙව භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තෙන වුච්චති පාරාජිකො හොතීති.
Sinhala BJT30. පාරාජිකො හොති යනු - යම් සේ හිස සුන් පුරුෂයෙක් ඒ ශරීරබන්‍ධනයෙන් ජීවත් වන්නට නුසුදුස්සෙක් වේ ද, එමෙන් ම මහණ තෙමේ මෙවුන්දම් සේවනය කොට අශ්‍රමණයෙක් වෙයි, අශාක්‍යපුත්‍රීයයෙක් වෙයි. එහෙයින් “පාරාජිකො හොති (පැරදුනෙක් වේ)” යි කියනු ලැබේ.
Pali BJT31. අසංවාසො’ති සංවාසො නාම එකං කම්මං එකුද්දෙසො සමසික්ඛතා. එසො සංවාසො නාම. සො තෙන සද්ධිං නත්ථි. තෙන වුච්චති අසංවාසො’ති.
Sinhala BJT31. අසංවාසො යනු - සංවාස නම් එක් ව කටයුතු සංඝකර්‍ම යි. එකතු ව උදෙසීම යි. සමශික්‍ෂා ඇති බව යි. මේ සංවාස නමි. එය ඔහු සමග නැත. එහෙයින් ‘අසංවාසො’ යි කියනු ලැබේ.
Pali BJT32. තිස්සො ඉත්ථියො: මනුස්සිත්ථි, අමනුස්සිත්ථි, තිරච්ඡානගතිත්ථි. තයො උභතොබ්යඤ්ජනකා: මනුස්සුභතොබ්යඤ්ජනකො, අමනුස්සුභතොබ්යඤ්ජනකො, තිරච්ඡානගතුභතොබ්යඤ්ජනකො. තයො පණ්ඩකා: මනුස්සපණ්ඩකො, අමනුස්සපණ්ඩකො , තිරච්ඡානගතපණ්ඩකො. තයො පුරිසා: මනුස්සපුරිසො අමනුස්සපුරිසො, තිරච්ඡානගතපුරිසො.
Sinhala BJT32. මිනිස් මාගමය, නොමිනිස් මාගමය, තිරිසන් ගිය මාගම ය යි මාගම්මු තුන් දෙනෙක් වෙත්. මනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනක ය, අමනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනක ය, තිරච්ඡානගත උභතෝබ්‍යඤ්ජනක ය යි උභතෝබ්‍යඤ්ජනකයෝ තිදෙනෙක් වෙත්. මනුෂ්‍ය පණ්ඩකය, අමනුෂ්‍ය පණ්ඩකය, තිරච්ඡානගත පණ්ඩකය යි පණ්ඩකයෝ තිදෙනෙක් වෙත්. මනුෂ්‍ය පුරුෂය, අමනුෂ්‍ය පුරුෂය, තිරච්ඡානගත පුරුෂය යි තිරච්ඡානගත පුරුෂයෝ තිදෙනෙක් වෙත්.
Pali BJT33. මනුස්සිත්ථියා තයො මග්ගෙ මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස{1} ආපත්ති පාරාජිකස්ස:– වච්චමග්ගෙ පස්සාවමග්ගෙ මුඛෙ. අමනුස්සිත්ථියා -පෙ- තිරච්ඡානගතිත්ථියා තයො මග්ගෙ මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්ති පාරාජිකස්ස: වච්චමග්ගෙ පස්සාවමග්ගෙ මුඛෙ. මනුස්සුභතොබ්යඤ්ජනකස්ස -පෙ- අමනුස්සුභතොබ්යඤ්ජනකස්ස -පෙ- තිරච්ඡානගතූභතොබ්යඤ්ජනකස්ස තයො මග්ගෙ මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්ති පාරාජිකස්ස: වච්චමග්ගෙ, පස්සාවමග්ගෙ මුඛෙ.
Sinhala BJT33. මිනිස් මාගමකගේ වසමග පසමග මුව යන තුන් මගෙහි මෙවුන්දම් සෙවුනාහට පරිජි ඇවැත් වේ. නොමිනිස් මාගමකගේ ... තිරිසන්ගිය මාගමකගේ වසමග පසමග මුව යන තුන් මගෙහි මෙවුන්දම් සෙවුනාහට පරිජි ඇවැත් වේ. මනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකයාගේ ... අමනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකයාගේ ... තිරච්ඡානගත උභතෝබ්‍යඤ්ජනකයාගේ වසමග පසමග මුව යන තුන් මගෙහි සෙවුනාහට පරිජි ඇවැත් වේ.
Pali BJT34. මනුස්සපණ්ඩකස්ස ද්වෙ මග්ගෙ මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්ති පාරාජිකස්ස: වච්චමග්ගෙ මුඛෙ. අමනුස්සපණ්ඩකස්ස -පෙ- තිරච්ඡානගතපණ්ඩකස්ස -පෙ- මනුස්සපුරිසස්ස -පෙ- අමනුස්සපුරිසස්ස -පෙ- තිරච්ඡානගතපුරිසස්ස ද්වෙ මග්ගෙ මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්ති පාරාජිකස්ස:– වච්චමග්ගෙ මුඛෙ.
Sinhala BJT34. මනුෂ්‍ය පණ්ඩකයාගේ වසමග මුව යන දෙමගෙහි මෙවුන්දම් සෙවුනාහට පරිජි ඇවැත් වේ. අමනුෂ්‍ය පණ්ඩකයාගේ ... තිරච්ඡානගත පණ්ඩකයාගේ ... මනුෂ්‍ය පුරුෂයාගේ ... අමනුෂ්‍යපුරුෂයාගේ ... තිරච්ඡානගත පුරුෂයාගේ වසමග මුව යන දෙමගෙහි මෙවුන්දම් සෙවුනාහට පරිජි ඇවැත් වේ.
Pali BJT35. භික්ඛුස්ස සෙවනචිත්තං උපට්ඨිතෙ මනුස්සිත්ථියා වච්චමග්ගං අඞ්ගජාතං පවෙසෙන්තස්ස{2} ආපත්ති පාරාජිකස්ස. භික්ඛුස්ස සෙවනචිත්තං උපට්ඨිතෙ මනුස්සිත්ථියා පස්සාවමග්ගං -පෙ- මුඛං අඞ්ගජාතං පවෙසෙන්තස්ස ආපත්ති පාරාජිකස්ස. භික්ඛුස්ස සෙවනචිත්තං උපට්ඨිතෙ අමනුස්සිත්ථියා -පෙ- තිරච්ඡානගතිත්ථියා -පෙ- මනුස්සුභතොබ්යඤ්ජනකස්ස -පෙ- අමනුස්සුභතොබ්යඤ්ජනකස්ස තිරච්ඡානගතූභතොබ්යඤ්ජනකස්ස වච්චමග්ගං -පෙ- පස්සාවමග්ගං -පෙ- මුඛං අඞ්ගජාතං පවෙසෙන්තස්ස{2} ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT35. සේවනචිත්තය එළඹ සිටි කල්හි මිනිස් මාගමකගේ වසමගට ස්වකීය අඞ්ගජාතය ප්‍රවිෂ්ට කරන්නාවූ මහණහට පරිජි ඇවැත් වේ. සේවනචිත්තය එළඹ සිටි කල්හි මිනිස් මාගමකගේ පසමගට ... මුවට ස්වකීය අඞ්ගජාතය ප්‍රවිෂ්ට කරන්නාවූ මහණහට පරිජි ඇවැත් වේ. සේවනචිත්තය එළඹ සිටි කල්හි නොමිනිස් මාගමකගේ ... තිරිසන් ගිය මාගමකගේ ... මනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකයාගේ ... අමනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකයාගේ ... තිරච්ඡානගත උභතෝබ්‍යඤ්ජනකයාගේ වසමගට ... පසමගට ... මුවට ස්වකීය අඞ්ගජාතය ප්‍රවිෂ්ට කරන්නාවූ මහණහට පරිජි ඇවැත් වේ.
Pali BJT36. භික්ඛුස්ස සෙවනචිත්තං උපට්ඨිතෙ මනුස්සපණ්ඩකස්ස වච්චමග්ගං -පෙ- මුඛං අඞ්ගජාතං පවෙසෙන්තස්ස{2} ආපත්ති පාරාජිකස්ස. භික්ඛුස්ස සෙවනචිත්තං උපට්ඨිතෙ අමනුස්සපණ්ඩකස්ස -පෙ- තිරච්ඡානගතපණ්ඩකස්ස -පෙ- මනුස්සපුරිසස්ස -පෙ- අමනුස්සපුරිසස්ස -පෙ- තිරච්ඡානගතපුරිසස්ස වච්චමග්ගං -පෙ- මුඛං අඞ්ගජාතං පවෙසෙන්තස්ස{2} ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT36. සේවනචිත්තය එළඹ සිටි කල්හි මනුෂ්‍ය පණ්ඩකයාගේ වසමගට මුවට ස්වකීය අඞ්ගජාතය ප්‍රවිෂ්ට කරන්නාවූ මහණහට පරිජි ඇවැත් වේ. සේවනචිත්තය එළඹ සිටි කල්හි අමනුෂ්‍ය පණ්ඩකයාගේ ... තිරච්ඡානගත පණ්ඩකයාගේ ... මනුෂ්‍ය පුරුෂයාගේ ... අමනුෂ්‍ය පුරුෂයාගේ ... තිරච්ඡානගත පුරුෂයාගේ වසමගට ... මුවට ස්වකීය අඞ්ගජාතය ප්‍රවිෂ්ට කරන්නාවූ මහණහට පරිජි ඇවැත් වේ.
Pali BJT37. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං භික්ඛුස්ස සන්තිකෙ{1} ආනෙත්වා වච්චමග්ගෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං භික්ඛුස්ස සන්තිකෙ52 ආනෙත්වා වච්චමග්ගෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං න සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං න සාදියති, පවිට්ඨං න සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං න සාදියති, පවිට්ඨං න සාදියති, ඨිතං න සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං න සාදියති, පවිට්ඨං න සාදියති, ඨිතං න සාදියති, උද්ධරණං න සාදියති, අනාපත්ති.
Sinhala BJT37. වෛරී භික්‍ෂුහු මිනිස් මාගමක මහණක්හුගේ සමීපයට ගෙණවුත් වසමගින් (මහණහුගේ) අඞ්ගජාතය මත හිඳුවද්ද, ඉදින් ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මිනිස් මාගමක මහණක්හුගේ සමීපයට ගෙණවුත් වසමගින් (මහණහුගේ) අඞ්ගජාතය මත හිඳුවද්ද, ඉදින් ඒ මහණ තෙමේ ප්‍රවේශය නො ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මිනිස් මාගමක මහණක්හුගේ සමීපයට ගෙනවුත් වසමගින් අඞ්ගජාතය මත හිඳුවද්ද, ඉදින් ඒ මහණ තෙමේ ප්‍රවේශය නො ඉවසා ද, ප්‍රවිෂ්ටය නො ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මිනිස් මාගමක මහණක්හුගේ සමීපයට ගෙනවුත් වසමගින් අඞ්ගජාතය මත හිඳුවද්ද, ඉදින් ඒ මහණ තෙමේ ප්‍රවේශය නො ඉවසා ද, ප්‍රවිෂ්ටය නො ඉවසා ද, ස්ථිතය නො ඉවසා ද, උද්ධරණය ඉවසා ද පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මිනිස් මාගමක මහණක්හුගේ සමීපයට ගෙනවුත් වසමගින් අඞ්ගජාතය මත හිඳුවද්ද, ඉදින් ඒ මහණ තෙමේ ප්‍රවේශය නො ඉවසා ද, ප්‍රවිෂ්ටය නො ඉවසා ද, ස්ථිතය නො ඉවසා ද, උද්ධරණය නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT38. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා පස්සාවමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චවත්ථිකා -පෙ- න සාදියති අනාපත්ති.
Sinhala BJT38. වෛරී භික්‍ෂුහු මිනිස් මාගමක මහණක්හුගේ සමීපයට ගෙනවුත් පසමගින් ... මුවින් අඞ්ගජාතය මත හිඳුවද්ද, ඉදින් ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT39. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං ජාගරන්තිං -පෙ- සුත්තං -පෙ- මත්තං -පෙ- උම්මත්තං -පෙ- පමත්තං -පෙ- මතං අක්ඛයිතං -පෙ- මතං යෙභුය්යෙන අක්ඛයිතං -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති අනාපත්ති.
Sinhala BJT39. වෛරී භික්‍ෂුහු නිදිවරණ මිනිස් මාගමක ... නිදි ගත් ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළාවූ එහෙත් ක්‍ෂීණ නුවූ ... මළාවූ බොහෝ සෙයින් ක්‍ෂීණ නුවූ ඉවසා ද, ... පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT40. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං මතං යෙභුය්යෙන ඛයිතං{2} භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- පස්සාවමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT40. වෛරී භික්‍ෂුහු මළාවූ බොහෝ සෙයින් ක්‍ෂයට පැමිණි මිනිස් මාගමක මහණකු සමීපයට ගෙණවුත් වසමගින් ... පසමගින් ... මුවින් අඞ්ගජාතය මත හිඳුවද්ද, ඉදින් ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. ... වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT41. භික්ඛුපච්චත්ථිකා අමනුස්සිත්ථිං -පෙ- තිරච්ඡානගතිත්ථිං -පෙ- මනුස්සුභතොබ්යඤ්ජනකං -පෙ- අමනුස්සුභතොබ්යඤ්ජනකං -පෙ- තිරච්ඡානගතූභතොබ්යඤ්ජනකං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- පස්සාවමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT41. වෛරී භික්‍ෂුහු නොමිනිස් මාගමක ... තිරිසන්ගිය මාගමක ... මනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකයකු ... අමනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකයකු ... තිරච්ඡානගත උභතෝබ්‍යඤ්ජනකයකු මහණක්හුගේ සමීපයට ගෙණවුත් වසමගින් ... පසමගින් ... මුවින් අඞ්ගජාතය මත හිඳුවද්ද, හේ ඉදින් ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT42. භික්ඛුපච්චත්ථිකා -පෙ- තිරච්ඡානගතූභතොබ්යඤ්ජනකං ජාගරන්තං -පෙ- සුත්තං -පෙ- මත්තං -පෙ- උම්මත්තං -පෙ- පමත්තං -පෙ- මතං අක්ඛයිතං -පෙ- මතං යෙභුය්යෙන අක්ඛයිතං -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT42. වෛරී භික්‍ෂුහු ... නිදිවරණ ... නිදිගත් ... මත් වූ උමතු වූ පමා වූ මළාවූ ක්‍ෂීණ නුවූ ... මළාවූ බෙහෙවින් ක්‍ෂීණ නුවූ තිරච්ඡානගත උභතෝබ්‍යඤ්ජනකයකු ... ඉවසා ද, පරිජි ඇවැත් වේ. ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT43. භික්ඛුපච්චත්ථිකා -පෙ- තිරච්ඡානගතූභතොබ්යඤ්ජනකං මතං යෙභුය්යෙන ඛයිතං53 භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- පස්සාවමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT43. වෛරී භික්‍ෂුහු ... මළ බෙහෙවින් ක්‍ෂීණ වූ තිරිසන්ගිය උභතෝබ්‍යඤ්ජනයකු මහණක්හුගේ සමීපයට ගෙණවුත් වසමගින් ... පසමගින් ... මුවින් අඞ්ගජාතය මත හිඳුවද්ද, හේ ඉදින් ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT44. භික්ඛුපච්චත්ථිකා -පෙ- මනුස්සපණ්ඩකං -පෙ- අමනුස්සපණ්ඩකං -පෙ- තිරච්ඡානගතපණ්ඩකං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT44. වෛරී භික්‍ෂුහු මිනිස් පඬුවකු ... නොමිනිස් පඬුවකු ... තිරිසන් ගිය පඬුවකු මහණක්හුගේ සමීපයට ගෙණවුත් වසමගින් ... මුවෙන් අඞ්ගජාතය මත හිඳුවද්ද, හේ ඉදින් ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT45. භික්ඛුපච්චත්ථිකා -පෙ- තිරච්ඡානගතපණ්ඩකං ජාගරන්තං -පෙ- සුත්තං -පෙ- මත්තං -පෙ- උම්මත්තං -පෙ- පමත්තං -පෙ- මතං අක්ඛයිතං -පෙ- මතං යෙභුය්යෙන අක්ඛයිතං -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. -පෙ- න සාදියති අනාපත්ති.
Sinhala BJT45. වෛරී භික්‍ෂුහු ... නිදිවරණ තිරිසන්ගිය පඬුවකු ... නිදිගත් ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළා වූ ක්‍ෂීණ නුවූ ... මළාවූ බෙහෙවින් ක්‍ෂීණ නුවූ ... ඉවසා ද, පරිජිඇවැත් වේ. ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT46. භික්ඛුපච්චත්ථිකා -පෙ- තිරච්ඡානගතපණ්ඩකං මතං යෙභුය්යෙන ඛයිතං53 භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති අනාපත්ති.
Sinhala BJT46. වෛරී භික්‍ෂුහු … මළාවූ බෙහෙවින් ක්‍ෂීණ වූ ... තිරිසන් ගිය පඬුවකු ... මහණහුගේ සමීපයට ගෙණවුත් වසමගින් ... මුවින් අඞ්ගජාතය මත හිඳුවද්ද, හේ ඉදින් ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT47. භික්ඛුපච්චත්ථිකා මනුස්සපුරිසං -පෙ- අමනුස්සපුරිසං -පෙ- තිරච්ඡානගතපුරිසං භික්ඛුස්ස සන්තිකෙ{1} ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති අනාපත්ති.
Sinhala BJT47. වෛරී භික්‍ෂුහු මිනිස් පිරිමියකු ... නොමිනිස් පිරිමියකු ... තිරිසන්ගිය පිරිමියකු මහණහු වෙත ගෙණවුත් වසමගින් ... මුවෙන් අඞ්ගජාතය මත හිඳුවද්ද, හේ ඉදින් ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT48. භික්ඛුපච්චත්ථිකා -පෙ- තිරච්ඡානගතපුරිසං ජාගරන්තං -පෙ- සුත්තං -පෙ- මත්තං -පෙ- උම්මත්තං -පෙ- පමත්තං -පෙ- මතං අක්ඛයිතං -පෙ- මතං යෙභුය්යෙන අක්ඛයිතං -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT48. වෛරී භික්‍ෂුහු ... නිදිවරණ ... නිදිගත් ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළාවූ ක්‍ෂීණ නුවූ ... මළාවූ බෙහෙවින් ක්‍ෂීණ නුවූ ... තිරිසන්ගිය පිරිමියකු ... ඉවසා ද, පරිජිඇවැත් වේ. ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT49. භික්ඛුපච්චත්ථිකා -පෙ- තිරච්ඡානගතපුරිසං මතං යෙභුය්යෙන ඛයිතං53 භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT49. වෛරී භික්‍ෂුහු … මළ බෙහෙවින් ක්‍ෂීණ වූ තිරිසන් ගිය පිරිමියකු මහණක්හු වෙත ගෙණවුත් වසමගින් ... මුවින් අඞ්ගජාතය මත හිඳුවද්ද, හේ ඉදින් ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. ... වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT50. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- පස්සාවමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති, සන්ථතාය අසන්ථතස්ස, -පෙ- අසන්ථාතාය සන්ථතස්ස -පෙ- සන්ථතාය සන්ථතස්ස -පෙ- අසන්ථතාය අසන්ථතස්ස. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති .
Sinhala BJT50. වෛරී භික්‍ෂුහු මිනිස් මාගමක මහණක්හු සමීපයට ගෙණවුත් වසමගින් ... පසමගින් ... මුවින් අඞ්ගජාතය මත හිඳුවද්ද, (මෙහි වස්ත්‍රාදි යමෙකින්) වැසූ වසමග ඈ මග ඇත්තියගේ වසමග ඈ මගින් මහණහුගේ (වස්ත්‍රාදි යමෙකින්) නො වැසූ අඞ්ගජාතය මත ... නො වැසූ මග ඇත්තියගේ වසමග ඈ මගින් මහණහුගේ වැසූ අංගජාතය ... වැසූ මග ඇත්තියගේ වසමග ඈ මගින් මහණහුගේ වැසූ අඞ්ගජාතය ... නො වැසූ මග ඇත්තියගේ වසමග ඈ මගින් මහණහුගේ නො වැසූ අඞ්ගජාතය මත හිඳුවද්ද, ඒ මහණ තෙමේ ඉදින් (අඞ්ගජාතයාගේ) ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT51. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං ජාගරන්තිං -පෙ- සුත්තං -පෙ- මත්තං -පෙ- උම්මත්තං -පෙ- පමත්තං -පෙ- මතං අක්ඛයිතං -පෙ- මතං යෙභුය්යෙන අක්ඛයිතං -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT51. වෛරී භික්‍ෂුහු නොනිදන මිනිස් මාගමක ... නිදිගත් ... මත් වූ ... උමතු ... පමා වූ ... මළ ක්‍ෂීණ නුවූ ... මළ බෙහෙවින් ක්‍ෂීණ නුවූ ... පරිජිඇවැත් වේ. ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT52. භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං -පෙ- අමනුස්සිත්ථිං -පෙ- තිරච්ඡානගතිත්ථිං මතං යෙභුය්යෙන ඛයිතං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- පස්සාවමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති, සන්ථතාය අසන්ථතස්ස -පෙ- අසන්ථතාය සන්ථතස්ස -පෙ- සන්ථතාය සන්ථතස්ස -පෙ- අසන්ථතාය අසන්ථතස්ස -පෙ- සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT52. වෛරී භික්‍ෂුහු ... මළ බෙහෙවින් ක්‍ෂීණ වූ මිනිස් මාගමක, නො මිනිස් මාගමක ... තිරිසන් ගිය මාගමක මහණහු සමීපයට ගෙණවුත් වසමගින් ... පසමගින්, මුවින් අඞ්ගජාතය මත හිඳුවද්ද, අතුළ තැනැත්තියගේ ... නො අතුළ මහණහුගේ ... නො අතුළ තැනැත්තියගේ ... අතුළ මහණහුගේ ... වැසූ වසමග ආදියක් ඇත්තියගේ ... වැසූ අංගජාතය ඇති මහණහුගේ ... නො වැසූ වසමග ඇත්තියගේ ... නො වැසූ අංගජාතය ඇති මහණහුගේ ... ප්‍රවේශය ... ප්‍රවිෂ්ටය ... ස්ථිතය ... උද්ධරණය ඉදින් ඉවසා ද, ථුලැසි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT53. භික්ඛුපච්චත්ථිකා මනුස්සුභතොබ්යඤ්ජනකං -පෙ- අමනස්සුභතොබ්යඤ්ජනකං -පෙ- තිරච්ඡානගතූභතොබ්යඤ්ජනකං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- පස්සාවමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති, සන්ථතස්ස අසන්ථතස්ස -පෙ- අසන්ථතස්ස සන්ථතස්ස -පෙ- සන්ථතස්ස සන්ථතස්ස -පෙ- අසන්ථතස්ස අසන්ථතස්ස -පෙ- සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති අනාපත්ති.
Sinhala BJT53. වෛරී භික්‍ෂුහු මිනිස් උභතෝබ්‍යඤ්ජනයකු ... නො මිනිස් උභතෝබ්‍යඤ්ජනයකු ... තිරිසන්ගිය උභතෝබ්‍යඤ්ජනයකු ... මහණහු සමීපයට ගෙණවුත් වසමගින් ... පසමගින්, ... මුවින් අංගජාතය මත හිඳුවද්ද, වැසූ වසමග ඈ ඇති උභතෝබ්‍යඤ්ජනකයාගේ ... නො වැසූ අංගජාතය ඇති මහණහුගේ ... නො වැසූ මං ඇති උභතෝබ්‍යඤ්ජනකයාගේ ... වැසූ අංගජාතය ඇති මහණහුගේ ... වැසූ මං ඇති උභතෝබ්‍යඤ්ජනකයාගේ ... වැසූ අංගජාතය ඇති මහණහුගේ ... නො වැසූ මං ඇති උභතෝබ්‍යඤ්ජනකයාගේ ... නො වැසූ අංගජාතය ඇති මහණහුගේ ... ඉදින් මහණ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT54. භික්ඛුපච්චත්ථිකා තිරච්ඡානගතූභතොබ්යඤ්ජනකං ජාගරන්තං -පෙ- සුත්තං -පෙ- මත්තං -පෙ- උම්මත්තං -පෙ- පමත්තං -පෙ- මතං අක්ඛයිතං -පෙ- මතං යෙභුය්යෙන අක්ඛයිතං -පෙ- ආපත්ති පාරාජිකස්ස.
Sinhala BJT54. වෛරී භික්‍ෂුහු නො නිදන තිරිසන් ගිය උභතෝබ්‍යඤ්ජනයකු ... නිදිගත් ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළ ක්‍ෂීණ නුවූ ... මළ බෙහෙවින් ක්‍ෂීණ නුවූ ... ඉවසා ද, පරිජිඇවැත් වේ. ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT55. භික්ඛුපච්චත්ථිකා -පෙ- මතං යෙභුය්යෙන ඛයිතං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- පස්සාවමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති, සන්ථතස්ස අසන්ථතස්ස -පෙ- අසන්ථතස්ස සන්ථතස්ස, -පෙ- සන්ථතස්ස සන්ථතස්ස -පෙ- අසන්ථතස්ස අසන්ථතස්ස -පෙ- සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති , උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT55. වෛරී භික්‍ෂුහු ... මළ බෙහෙවින් ක්‍ෂීණ වූ තිරිසන් ගිය උභතෝබ්‍යඤ්ජනකයකු මහණහු සමීපයට ගෙණවුත් වසමගින් ... පසමගින් ... මුවින් අංගජාතය මත හිඳුවද්ද, වැසූ මං ඇතියහුගේ ... නො වැසූ අඞ්ගජාතය ඇති මහණහුගේ ... නො වැසූ මං ඇතියහුගේ ... වැසූ අංග ජාතය ඇති මහණහුගේ ... වැසූ මං ඇතියහුගේ ... වැසූ අංගජාතය ඇති මහණහුගේ ... නො වැසූ මං ඇතියහුගේ ... නො වැසූ අංගජාතය ඇති මහණහුගේ ... ඉදින් ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT56. භික්ඛුපච්චත්ථිකා මනුස්සපණ්ඩකං -පෙ- අමනුස්සපණ්ඩකං -පෙ- තිරච්ඡානගතපණ්ඩකං -පෙ- මනුස්සපුරිසං -පෙ- අමනුස්සපුරිසං -පෙ- තිරච්ඡානගතපුරිසං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති, සන්ථතස්ස අසන්ථතස්ස -පෙ- අසන්ථතස්ස සන්ථතස්ස, -පෙ- සන්ථතස්ස සන්ථතස්ස -පෙ- අසන්ථතස්ස අසන්ථතස්ස. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛු පච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT56. වෛරී භික්‍ෂුහු මිනිස් පණ්ඩකයකු, ... නොමිනිස් පණ්ඩකයකු ... තිරිසන් ගිය පණ්ඩකයකු ... මිනිස් පිරිමියකු ... නොමිනිස් පිරිමියකු ... තිරිසන්ගිය පිරිමියකු මහණකු වෙත ගෙණවුත් වසමගින් ... මුවින් අංගජාතය මත හිඳුවද්ද, වැසූ මං ඇති පණ්ඩකයාගේ ... නො වැසූ අඞ්ගජාතය ඇති මහණහුගේ ... නො වැසූ මං ඇතියහුගේ ... වැසූ අංග ජාතය ඇති මහණහුගේ ... වැසූ මං ඇතියහුගේ ... නො වැසූ අංගජාතය ඇති මහණහුගේ ... නො වැසූ මං ඇතියහුගේ ... නො වැසූ අංගජාතය ඇති මහණහුගේ ... ඉදින් හෙ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජිඇවැත් වේ. ... වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT57. භික්ඛුපච්චත්ථිකා මනුස්සපණ්ඩකං -පෙ- තිරච්ඡානගතපුරිසං ජාගරන්තං -පෙ- සුත්තං -පෙ- මත්තං -පෙ- උම්මත්තං -පෙ- පමත්තං -පෙ- මතං අක්ඛයිතං -පෙ- මතං යෙභුය්යෙන අක්ඛයිතං -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛු පච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT57. වෛරී භික්‍ෂුහු නොනිදි මිනිස් පණ්ඩකයකු ... තිරිසන්ගිය පිරිමියකු ... නිදිගත් ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළා වූ ක්‍ෂීණ නුවූ ... මළා වූ බෙහෙවින් ක්‍ෂීණ නුවූ ... ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භිකක්‍ෂූහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT58. භික්ඛුපච්චත්ථිකා -පෙ- තිරච්ඡානගත පුරිසං මතං යෙභුය්යෙන ඛයිතං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන -පෙ- මුඛෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති, සන්ථතස්ස අසන්ථතස්ස, -පෙ- අසන්ථතස්ස සන්ථතස්ස, -පෙ- සන්ථතස්ස සන්ථතස්ස, -පෙ- අසන්ථතස්ස අසන්ථතස්ස. -පෙ- සො ච පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති , ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT58. වෛරී භික්‍ෂුහු ... මළ බෙහෙවින් ක්‍ෂීණ වූ තිරිසන් ගිය පිරිමියකුගේ සිරුරක් මහණහු වෙත ගෙණවුත් වසමගින් ... මුවෙන් අංගජාතය මත හිඳුවද්ද, වසන ලද සිරුරේ මහණහුගේ නො වසන ලද ... නො වසන ලද සිරුරේ මහණහුගේ වසන ලද ... වසන ලද සිරුරේ මහණහුගේ වසන ලද ... නො වසන ලද සිරුරේ මහණහුගේ නො වසන ලද අංගජාතය මත හිඳුවද්ද, ... ඉදින් හෙ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT59. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං මනුස්සිත්ථියා සන්තිකෙ ආනෙත්වා අඞ්ගජාතෙන වච්චමග්ගං -පෙ- පස්සාවමග්ගං -පෙ- මුඛං අභිනිසීදෙන්ති, සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT59. වෛරී භික්‍ෂුහු මහණකු මිනිස් මාගමක වෙත ගෙණවුත් අංගජාතයෙන් වසමගෙහි ... පසමගෙහි ... මුවෙහි හිඳුවද්ද, ඉදින් හෙතෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT60. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං මනුස්සිත්ථියා ජාගරන්තියා -පෙ- සුත්තාය -පෙ- මත්තාය -පෙ- උම්මත්තාය -පෙ- පමත්තාය -පෙ- මතාය අක්ඛයිතාය, -පෙ- මතාය යෙභුය්යෙන අක්ඛයිතාය -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛු පච්චත්ථිකා භික්ඛුං -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT60. වෛරී භික්‍ෂුහු මහණකු නො නිදන මිනිස් මාගමක වෙත ... නිදන ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළ ක්‍ෂීණ නුවූ ... මළ බෙහෙවින් ක්‍ෂීණ නුවූ .. ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT61. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං -පෙ- මනුස්සිත්ථියා මතාය යෙභුය්යෙන ඛයිතාය සන්තිකෙ ආනෙත්වා අඞ්ගජාතෙන වච්චමග්ගං -පෙ- පස්සාවමග්ගං -පෙ- මුඛං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT61. වෛරී භික්‍ෂුහු මහණකු ... මළ බෙහෙවින් ක්‍ෂීණ වූ ස්ත්‍රියකගේ සමීපයට ගෙණවුත් අංගජාතයෙන් වසමගෙහි ... පසමගෙහි ... මුවෙහි හිඳුවද්ද, ඉදින් හෙතෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT62. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං අමනුස්සිත්ථියා තිරච්ඡානගතිත්ථියා -පෙ- මනුස්සුභතොබ්යඤ්ජනකස්ස -පෙ- අමනුස්සුභතොබ්යඤ්ජනකස්ස -පෙ- තිරච්ඡානගතූභතොබ්යඤ්ජනකස්ස -පෙ- මනුස්සපණ්ඩකස්ස -පෙ- අමනුස්සපණ්ඩකස්ස -පෙ- තිරච්ඡානගතපණ්ඩකස්ස -පෙ- මනුස්සපුරිසස්ස -පෙ- අමනුස්සපුරිසස්ස -පෙ- තිරච්ඡානගතපුරිසස්ස සන්තිකෙ ආනෙත්වා අඞ්ගජාතෙන වච්චමග්ගං -පෙ- මුඛං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT62. වෛරී භික්‍ෂුහු මහණකු නොමිනිස් මාගමකගේ ... තිරිසන් ගිය මාගමකගේ ... මිනිස් උභතෝබ්‍යඤ්ජනකයකුගේ ... නො මිනිස් උභතෝබ්‍යඤ්ජනකයකුගේ ... තිරිසන්ගිය උභතෝබ්‍යඤ්ජනකුගේ ... මිනිස් පණ්ඩකයකුගේ ... නොමිනිස් පණ්ඩකයකුගේ ... තිරිසන්ගිය පණ්ඩකයකුගේ ... මිනිස් පිරිමියකුගේ ... නොමිනිස් පිරිමියකුගේ ... තිරිසන්ගිය පිරිමියකුගේ සමීපයට ගෙණවුත් අංගජාතයෙන් වසමගෙහි ... මුවෙහි හිඳුවද්ද, ඉදින් මහණ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT63. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං -පෙ- තිරච්ඡානගතපුරිසස්ස ජාගරන්තස්ස -පෙ- සුත්තස්ස -පෙ- මත්තස්ස -පෙ- උම්මත්තස්ස -පෙ- පමත්තස්ස -පෙ- මතස්ස අක්ඛයිතස්ස -පෙ- මතස්ස යෙභුය්යෙන අක්ඛයිතස්ස -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT63. වෛරී භික්‍ෂුහු මහණකු නොනිදි තිරිසන්ගිය පිරිමියකුගේ ... නිදිගත් ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළ ක්‍ෂීණ නුවූ ... මළ වූ බෙහෙවින් ක්‍ෂීණ නුවූ ... ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT64. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං -පෙ- තිරච්ඡානගතපුරිසස්ස මතස්ස යෙභුය්යෙන ඛයිතස්ස සන්තිකෙ ආනෙත්වා අඞ්ගජාතෙන වච්චමග්ගං -පෙ- මුඛං අභිනිසීදෙන්ති. සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT64. වෛරී භික්‍ෂුහු මහණකු ... මළාවූ බොහෝ සෙයින් ක්‍ෂීණ වූ තිරිසන්ගිය පිරිමියක්හුගේ සමීපයට ගෙණවුත් අංගජාතයෙන් වසමගෙහි ... මුවෙහි හිඳුවද්ද, ඉදින් හෙ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT65. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං මනුස්සිත්ථියා සන්තිකෙ ආනෙත්වා අඞ්ගජාතෙන වච්චමග්ගං -පෙ- පස්සාවමග්ගං -පෙ- මුඛං අභිනිසීදෙන්ති. සන්ථතස්ස අසන්ථතාය, -පෙ- අසන්ථතස්ස සන්ථතාය, -පෙ- සන්ථතස්ස සන්ථතාය -පෙ- අසන්ථතස්ස අසන්ථතාය -පෙ- සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT65. වෛරී භික්‍ෂුහු මහණකු මිනිස් මාගමකගේ සමීපයට ගෙණවුත් අංගජාතයෙන් වසමගෙහි ... පසමගෙහි ... මුවෙහි හිඳුවද්ද, මහණහුගේ යමෙකින් වැසුනු අඞ්ගජාතය ... නො වැසුනු තැනැත්තියගේ ... මහණහුගේ නො අතුළ ... වැසුනු තැනැත්තියගේ ... මහණහුගේ වැසුනු ... වැසුනු තැනැත්තියගේ ... මහණහුගේ නො වැසුනු අඞ්ගජාතය නො වැසුනු තැනැත්තියගේ ... ඉදින් හෙ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT66. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං මනුස්සිත්ථියා ජාගරන්තියා -පෙ- සුත්තාය -පෙ- මත්තාය -පෙ- උම්මත්තාය -පෙ- පමත්තාය -පෙ- මතාය අක්ඛායිතාය -පෙ- මතාය යෙභුය්යෙන අක්ඛයිතාය -පෙ- සාදියති, ආපත්ති පාරාජිකස්ස. -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT66. වෛරී භික්‍ෂුහු මහණකු නොනිදි මිනිස් මාගමකගේ ... නිදිගත් ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළා වූ ක්‍ෂීණ නුවූ ... මළ බෙහෙවින් ක්‍ෂීණ නුවූ ... ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
Pali BJT67. භික්ඛුපච්චත්ථිකා භික්ඛුං මනුස්සිත්ථියා මතාය යෙභුය්යෙන ඛයිතාය සන්තිකෙ ආනෙත්වා අඞ්ගජාතෙන වච්චමග්ගං -පෙ- පස්සාවමග්ගං -පෙ- මුඛං අභිනිසීදෙන්ති සන්ථතස්ස අසන්ථතාය -පෙ- අසන්ථතස්ස සන්ථතාය, -පෙ- සන්ථතස්ස සන්ථතාය -පෙ- අසන්ථතස්ස අසන්ථතාය -පෙ- සො චෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. භික්ඛුපච්චත්ථිකා -පෙ- න සාදියති, අනාපත්ති.
Sinhala BJT67. වෛරී භික්‍ෂුහු මහණකු බෙහෙවින් ක්‍ෂීණ වූ මළ ස්ත්‍රියකගේ සමීපයට ගෙණවුත් අඞ්ගජාතයෙන් වසමගෙහි ... පසමගෙහි ... මුවෙහි හිඳුවද්ද, මහණහුගේ වස්ත්‍රාදියෙන් පිළිසන් ... මාගම්හුගේ නො පිළිසන් ... මහණහුගේ නො පිළිසන් ... මාගම්හුගේ පිළිසන් ... මහණහුගේ පිළිසන් ... මාගම්හුගේ පිළිසන් ... මහණහුගේ නො පිළිසන් ... මාගම්හුගේ නො පිළිසන් ... ඉදින් හෙ තෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.