Pali BJTයාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං, යො මච්ඡමංසං ඛාදෙය්ය වජ්ජං නං ඵුසෙය්යා”ති.
Sinhala BJTයාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ යි.
Pali BJTඉමානි සමණො ගොතමො නානුජානිස්සති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙස්සාමාති. සක්කා ඛො ආවුසො ඉමෙහි පඤ්චහි වත්ථූහි සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදො කාතුං චක්කභෙදො. ලූඛප්පසන්නා හි ආවුසො මනුස්සා”ති.
Sinhala BJTමේ වස්තූන් ශ්‍රමණ ගෞතමයෝ නො අනුදන්නාහ. අපි මේ වස්තූන් කරණ කොටගෙන ජනයා දන්වාලම්හ”යි. ඇවැත්නි, මේ පඤ්චවස්තූන් කරණ කොටගෙන මහණ ගොයුම්හට සඞ්ඝභේද කරන්නට චක්‍රභේද කරන්නට හැකියැ. ඇවැත්නි, යම් හෙයකින් මනුෂ්‍යයෝ රූක්‍ෂප්‍රසන්නයෝ ද එහෙයිනැ”යි.
Pali BJT2. අථ ඛො දෙවදත්තො සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දෙවදත්තො භගවන්තං එතදවොච: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය ධුතාය පාසාදිකාය අපචයාය විරියාරම්භාය සංවත්තන්ති.
Sinhala BJT2. ඉක්බිති දෙව්දත් තෙම පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව හිඳගත. එකත්පස් ව හුන් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේට මෙපවත් කී ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අල්පේච්ඡ බව සන්තුෂ්ට බව සල්ලේඛය ධූතගුණය ප්‍රසාදික බව අපචය වීර්‍ය්‍යාරම්භය පිළිබඳ ගුණ කියන සුල්ලහ. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු නොයෙක් අයුරින් අල්පේච්ඡ බවට සන්තුෂ්ටියට සල්ලේඛයට ධූතයට ප්‍රසාදික ගුණයට අපචයට වීර්‍ය්‍යාරම්භයට වැටෙත්.
Pali BJT“සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු, යො ගාමන්තං ඔසරෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය. යාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදියෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය. යාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය. යාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය. යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං, යො මච්ඡමංසං ඛාදෙය්ය, වජ්ජං නං ඵුසෙය්යා”ති. “අලං දෙවදත්ත, යො ඉච්ඡති ආරඤ්ඤිකො හොතු, යො ඉච්ඡති ගාමන්තෙ විහරතු, යො ඉච්ඡති පිණ්ඩපාතිකො හොතු, යො ඉච්ඡති නිමන්තනං සාදියතු, යො ඉච්ඡති පංසුකූලිකො හොතු, යො ඉච්ඡති ගහපතිචීවරං සාදියතු. අට්ඨමාසෙ ඛො මයා දෙවදත්ත, රුක්ඛමූලසෙනාසනං අනුඤ්ඤාතං, තිකොටිපරිසුද්ධං මච්ඡමංසං අදිට්ඨං අසුතං අපරිසඞ්කිතන්ති. අථ ඛො දෙවදත්තො න භගවා ඉමානි පඤ්ච වත්ථූනි අනුජානාතීති හට්ඨො උදග්ගො සපරිසො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT“ස්වාමීනි, භික්‍ෂූහු යාවජීවයෙන් ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පාංශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපතිචීවර ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් වෘක්‍ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනට එළඹේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ ය”යි. “කම් නැත දේවදත්තය, යමෙක් රිසියේ නම් ආරණ්‍යක වේවා, යමෙක් රිසියේ නම් ග්‍රාමාන්තයෙහි වාසය කෙරේවා. යමෙක් රිසියේ නම් පිණ්ඩපාතික වේවා. යමෙක් රිසියේ නම් නිමන්ත්‍රණ ඉවසාවා. යමෙක් රිසියේ නම් පාංශුකූලික වේවා. යමෙක් රිසියේ නම් ගැහැවිසිවුරු ඉවසාවා. දේවදත්තය, මා විසින් අටමසෙක්හි ම රුක්මුල් සෙනස්න අනුදන්නා ලද (තමා පිණිස) මරණු නො දක්නා ලද නොඅසන ලද සැක නොකරණ ලද ත්‍රිකෝටිපරිශුද්ධ වූ මත්ස්‍යමාංශය අනුදන්නා ලදැ”යි. එකල්හි දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ මේ පඤ්චවස්තූන් නො අනුදන්නාහ’යි. සතුටු වූයේ ඔදවැඩියේ පිරිස් සහිත ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට අභිවාදන කොට පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJT3. අථ ඛො දෙවදත්තො සපරිසො රාජගහං පවිසිත්වා පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙසි: “මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්චවත්ථූනි යාචිම්හ: භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස -පෙ- යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං; යො මච්ඡමංසං ඛාදෙය්ය, වජ්ජං නං ඵුසෙය්යා”ති. ඉමානි සමණො ගොතමො නානුජානාති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි {1}සමාදාය වත්තාමා”ති. තත්ථ යෙ තෙ මනුස්සා අස්සද්ධා අප්පසන්නා දුබ්බුද්ධිනො, තෙ එවමාහංසු: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධුතා සල්ලෙඛවුත්තිනො, සමණො පන ගොතමො බාහුලිකො බාහුල්ලාය චෙතෙති”ති. යෙ පන තෙ මනුස්සා සද්ධා පසන්නා පණ්ඩිතා බුද්ධිමන්තො තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො භගවතො සඞ්ඝභෙදාය පරක්කමිස්සති චක්කභෙදායා”ති.
Sinhala BJT3. ඉක්බිති දෙව්දත් තෙම රජගහනුවර වැද පඤ්චවස්තුයෙන් ජනයා හඟවාලී ය: “ඇවැත්නි, අපි මහණගොයුම්හු කරා එළඹ පඤ්චවස්තූන් අයැදිම්හ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අල්පේච්ඡ බව පිළිබඳ ... යාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නොවළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ ය”යි. ශ්‍රමණගෞතමයෝ මේ වස්තූන් නො අනුදනිති. අපි මේ පඤ්චවස්තූන් සමාදන් ව වැටෙම්හ’යි. එහි යම් මිනිස් කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු නො පහන් වූවාහු දුර්බුද්ධි වූවාහු ද ඔහු මෙසේ කීහු: මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ ධූතගුණ ඇත්තාහ. කෙලෙස් තවන පැවැතුම් ඇත්තාහ. මහණ ගොයුම්හු වැළිත් බාහුලික පැවැතුම් ඇත්තාහු බහුලභාවයට සිතන්නාහ’යි. යම් මිනිස් කෙනෙක් සැදැහැ ඇත්තාහු, ප්‍රසන්න වූවාහු, පණ්ඩිත වූවාහු, බුද්ධිමත් වූවාහු වෙත් නම් ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති. කිසෙයින් නම් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සඞ්ඝභේදයට චක්‍රභේදයට උත්සාහ කරන්නේ දැ’යි.
Pali BJT4. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො සඞ්ඝභෙදාය පරක්කමිස්සති චක්කභෙදායා”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර ත්වං දෙවදත්ත සඞ්ඝභෙදාය පරක්කමසි චක්කභෙදායා”ති. “සච්චං භගවා” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස සඞ්ඝභෙදාය පරක්කමිස්සසි චක්කභෙදාය. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. භික්‍ෂූහු අවමන් කරණ, නුගුණ කියන, දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. අල්පේච්ඡ වූ යම් භික්‍ෂූ කෙනෙක් වෙත් නම් ඔහු “කෙසේ නම් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේට සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස උත්සාය කරන්නේදැ”යි අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... “සැබෑවෙක් ද දේවදත්තය, තෝ සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස වෑයම් කෙරෙහි දැ”යි. “සැබෑව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්‍හා කළහ: කෙසේ නම් තෝ තුච්ඡපුරුෂය, සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස වෑයම් කෙළෙහි ද? තුච්ඡපුරුෂය, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. …තවද මහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමෙය්ය, භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ තිට්ඨෙය්ය, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො: ‘මා ආයස්මා සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ අට්ඨාසි. සමෙතායස්මා සඞ්ඝෙන. සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී’ති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්ය, සො භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය, යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්ය,{1} ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්ය, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“යම් මහණෙක් සමග සඞ්ඝයාගේ භේදය පිණිස යතන කෙරේ නම් භේදය පිණිස පවත්නා භේදකරවස්තුවක් හෝ ගෙණ දැඩි ව ගෙණ සිටී නම් ඒ මහණ තෙම (සෙසු ලජ්ජී මහණුන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: “ආයුෂ්මත්නි, සමග සඞ්ඝයාගේ භේදය පිණිස නහමක් යතන කර, භේදය පිණිස පවත්නා භේදකරවස්තුවක් හෝ ගෙණ දැඩි ව ගෙණ නහමක් සිටුව, ආයුෂ්මත් තෙම සඞ්ඝයා හා සමග එක් වේවා, යම් හෙයකින් සඞ්ඝ තෙමේ සමග වූයේ ඔවුනොවුන් හා සතුටු වූයේ විරුද්ධවාද රහිත වූයේ සමාන උද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ද එහෙයිනි. මෙසේත් ඒ මහණ තෙම භික්‍ෂූන් කියනු ලබන්නේ එසේ ම් දැඩිව ගෙන සිටී නම් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් ඒ අධිකරණයාගේ දුරලීම පිණිස තෙවනවට දක්වා සමනුභාසන කම් කළ යුත්තේ ය, ඉදින් තෙවනවට දක්නා සමනුභාසන කම් කරණු ලබන්නේ ඒ අධිකරණය දුරලා නම් මේ දුරලීම මැනැවි. ඉදින් නොදුරලා නම් සඟවෙසෙස් වේ”ය යි.
Pali BJT5. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT5. යො පන යනු: යමෙක් යම්බඳු වූයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’යි අදහස් කරණ ලදී.
Pali BJTසමග්ගො නාම සඞ්ඝො: සමානසංවාසකො සමානසීමායං ඨිතො.
Sinhala BJTසමග්ග සඞ්ඝ නම්: සමාන සංවාසක වූයේ සමාන සීමායෙහි සිටියේ යි.
Pali BJTභෙදාය පරක්කමෙය්යාති ‘කථං ඉමෙ නානා අස්සු විනා අස්සු, වග්ගා අස්සූ’ති පක්ඛං පරියෙසති, ගණං බන්ධති.
Sinhala BJTභේදාය පරක්කමෙය්‍ය යනු: කෙසේ නම් මොහු විවිධ වන්නාහු ද වෙන් වන්නාහු ද වර්‍ග වන්නාහු දැ යි පක්‍ෂයක් සොයයි ගණයා බඳියි.
Pali BJTභෙදනසංවත්තනිකං වා අධිකරණන්ති අට්ඨාරසභෙදකරවත්ථූනි.
Sinhala BJTභේදනසංවත්තනිකං වා අධිකරණං යනු: අටළොස් භේදකරවස්තූහු යි.
Pali BJTසමාදායාති ආදාය.
Sinhala BJTසමාදාය යනු: ගෙණ.
Pali BJTපග්ගය්හාති දීපෙය්ය.
Sinhala BJTපග්ගය්හ යනු: දක්වන්නේ ය.
Pali BJTතිට්ඨෙය්යාති න පටිනිස්සජ්ජෙය්ය.
Sinhala BJTතිට්ඨෙය්‍ය යනු: නො දුර ලන්නේ ය.
Pali BJTසො භික්ඛූති යො සො සඞ්ඝභෙදකො භික්ඛු.
Sinhala BJTසො භික්ඛු යනු: යමෙක් සඞ්ඝභේදක වේ නම් ඒ මහණ.
Pali BJTභික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි.
Sinhala BJTභික්ඛුහි යනු: අන්‍යභික්‍ෂූන් විසින්.
Pali BJTයෙ පස්සන්ති යෙ සුණන්ති තෙහි වත්තබ්බො: “මා ආයස්මා සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ අට්ඨාසි, සමෙතායස්මා සඞ්ඝෙන, සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී”ති. දුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කියයුත්තේ ය: ආයුෂ්මත්නි, සමග සඞ්ඝයාගේ භේදය පිණිස නහමක් යතන කර, භේදය පිණිස පවත්නා භේදකර වස්තුවක් හෝ ගෙණ දක්වාගෙණ නහමක් සිට, ආයුෂ්මත් තෙම සඞ්ඝයා හා එක් වේවා, යම් හෙයකින් සඞ්ඝ තෙමේ සමග වූයේ සතුටු වූයේ විවාද රහිත වූයේ සමාන උද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ද එහෙයිනි. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTසො භික්ඛු සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බො: “මා ආයස්මා සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ අට්ඨාසි. සමෙතායස්මා සඞ්ඝෙන. සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී”ති. දුතියම්පි වත්තබ්බො තතියම්පි වත්තබ්බො. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු භික්ඛූහි{1} සමනුභාසිතබ්බො. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බො, ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTඒ මහණ තෙම සඟමැදට ද ඇදැ කිය යුත්තේ ය: ආයුෂ්මත්නි, සමග සඞ්ඝයාගේ භේදය පිණිස නහමක් යතන කර, භේදය පිණිස පවත්නා භේදකරවස්තුවක් හෝ ගෙණ දක්වාගෙණ නහමක් සිට, ආයුෂ්මත් තෙම සඞ්ඝයා හා එක් වේවා, යම් හෙයකින් සඞ්ඝ තෙමේ සමග වූයේ සතුටු වනුයේ විවාද රහිත වූයේ සමාන උද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ද එහෙයිනි. ඉදින් හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ සෙසු භික්‍ෂූන් විසින් සමනුභාසන කම් කළයුත්තේ ය. තවද මහණෙනි, මෙසේ සමනුභාසන කම් කළ යුත්තේ ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ ඥාපනය කළ යුත්තේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමති. සො තං වත්ථුං න පටිනිස්සජති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම සමග සඞ්ඝයාගේ බිඳීම පිණිස යතන කෙරෙයි. හෙතෙම ඒ භේදකරවස්තුව නො හැර පියයි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු ඒ වස්තුහුගේ දුරලීම පිණිස සමනුභාසනය කරන්නේ ය. මේ ‘ඤත්ති’ යැ.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමති. සො තං වත්ථුං න පටිනිස්සජති, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සමග සඞ්ඝයාගේ භේදය පිණිස යතන කෙරෙයි. හෙතෙම ඒ භේදකරවස්තුව නො හැරපියයි. සඞ්ඝ තෙමේ ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහු සමනුභාසනය කෙරෙයි. ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය යම් ආයුෂ්මතක්හට රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTදෙවනවට ද මෙ කරුණ කියමි ...
Pali BJTතතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමො භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමති. සො තං වත්ථුං න පටිනිස්සජති. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTතෙවනවට ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සමග සඞ්ඝයාගේ භේදය පිණිස යතන කෙරෙයි. හෙතෙම ඒ භේදකරවස්තුව නො හැරපියයි. සඞ්ඝ තෙමේ ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහු සමනුභාසන කෙරෙයි. ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය යම් ආයුෂ්මතක්හට රුස්නේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
Pali BJTසමනුභට්ඨො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණ තෙම සමනුභාසන කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුස්නේ වෙයි. එහෙයින් තූෂ්ණීම්භූත ය. මෙසේ තෙල තූෂ්ණීම්භාවය ධරමි”යි.
Pali BJTඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තස්ස ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
Sinhala BJTඤත්තියෙන් දුකුළා වෙයි. දෙ කම්වදනකින් දෙ තුලැසියෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වේ. සඟවෙසෙස් අවදනාහට ඤත්තියෙන් වූ දුකුළාව ද දෙ කම්වදනින් වූ දෙ තුලැසි ද නවතිත්.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු ‘සඞ්ඝාදිසේස’යි කියනු ලැබේ.
Pali BJT6. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකො න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT6. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ නො හැරපියා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි වෙමතික වූයේ නො හැරපියා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ නො හැරපියා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වේ.
Pali BJT7. අනාපත්ති අසමනුභාසන්තස්ස, පටිනිස්සජන්තස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT7. සමනුභාසන නො කරන්නහුට, හැරපියන්නහුට, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැත.
Pali BJTපඨමසඞ්ඝභෙදසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTප්‍රථම සඞ්ඝභේද ශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 11.
Sinhala BJT3. 11.
Pali BJTදුතියසඞ්ඝභෙදසික්ඛාපදං
Sinhala BJTද්විතීයසඞ්ඝභේදශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දෙවදත්තො සඞ්ඝභෙදාය පරක්කමති චක්කභෙදාය. භික්ඛූ එවමාහංසු: අධම්මවාදී දෙවදත්තො, අවිනයවාදී දෙවදත්තො. කථං හි නාම දෙවදත්තො සඞ්ඝභෙදාය පරක්කමිස්සති චක්කභෙදායාති. එවං වුත්තෙ කොකාලිකො ච{1} කටමොරකතිස්සකො ඛණ්ඩදෙවියා පුත්තො සමුද්දදත්තො ච{1} තෙ භික්ඛූ {2}එතදවොචුං. මා ආයස්මන්තො එවං අවචුත්ථ: ධම්මවාදී දෙවදත්තො, විනයවාදී දෙවදත්තො, අම්හාකඤ්ච දෙවදත්තො ඡන්දඤ්ච රුචිඤ්ච ආදාය වොහරති, ජානාති. නො භාසති, අම්හාකමෙපතං ඛමතීති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ දෙවදත්තස්ස සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා භවිස්සන්ති වග්ගවාදකා”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ දෙවදත්තස්ස සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා භවිස්සන්ති වග්ගවාදකා”ති “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා දෙවදත්තස්ස සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා භවිස්සන්ති වග්ගවාදකා. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වාසය කෙරෙති. තවද එසමයෙහි දෙව්දත් තෙම සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස යතන කෙරෙයි. භික්‍ෂූහු මෙසේ කීහු: ‘දෙව්දත් අධර්‍මවාදී යැ, දෙව්දත් අවිනයවාදී යැ. කෙසේ නම් දෙව්දත් සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස යතන කෙරේ දැ’යි. මෙසේ කී කල්හි කටමොරකතිස්සක නම් කෝකාලික තෙමේ ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්ත තෙමේ ද ඒ භික්‍ෂූන්ට මෙසේ කීහු: ‘ආයුෂ්මත්නි, නහමක් මෙසේ කියවු, දෙව්දත් ධර්‍මවාදී යැ, දෙව්දත් විනයවාදී යැ, දෙව්දත් අපගේ ද ඡන්‍දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි. අපගේ (ඡන්‍දාදිය) දනී. (දැන) කියයි තෙල අපට ද රුචි වේ’ ය යි. යම් භික්‍ෂු කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති: ‘කෙසේ නම් භික්‍ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... ‘සැබෑව ද මහණෙනි, භික්‍ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු ද? අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ’යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. ... ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. ... තව ද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“තස්සෙව ඛො පන භික්ඛුස්ස භික්ඛූ හොන්ති අනුවත්තකා වග්ගවාදකා එකො වා ද්වෙ වා තයො වා, තෙ එවං වදෙය්යුං: “මා ආයස්මන්තො එතං භික්ඛුං කිඤ්චි අවචුත්ථ, ධම්මවාදී චෙසො භික්ඛු විනයවාදී චෙසො භික්ඛු අම්හාකං චෙසො භික්ඛු ඡන්දඤ්ච රුචිඤ්ච ආදාය වොහරති, ජානාති නො භාසති අම්හාකම්පෙතං ඛමතී”ති. තෙ භික්ඛූ භික්ඛූහි එවමස්සු වචනීයා: “මා ආයස්මන්තො එවං අවචුත්ථ, න චෙසො භික්ඛු ධම්මවාදී, න චෙ සො භික්ඛු විනයවාදී, මායස්මන්තානම්පි සඞ්ඝභෙදො රුච්චිත්ථ, සමෙතායස්මන්තානං සඞ්ඝෙන, සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී’ති. එවඤ්ච තෙ භික්ඛූ භික්ඛූහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්යුං, තෙ භික්ඛූ භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බා තස්ස පටිනිස්සග්ගාය. යාව තතියඤ්චෙ සමනුභාසියමානා නං පටිනිස්සජෙය්යුං, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්යුං, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“සඞ්ඝභේදය පිණිස යතන කරණ එ මැ මහණහට අනුවර්‍තක වූ වර්‍ගවාදක වූ භික්‍ෂූහු එකෙක් හෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ වෙත් ද ඔහු මෙසේ කියන්නාහු නම්: ඇවැත්නි, තෙල මහණහට කිසිවක් නොකියවු. තෙල මහණ ධර්‍මවාදී ය. තෙල මහණ විනයවාදී ය. අපගේ ද ඡන්‍දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි, අපගේ ඡන්‍දාදිය දනියි. අප සමග බෙණෙයි, තෙල අපට ද රිසි වේ” ය යි. ඒ භික්‍ෂූහු භික්‍ෂූන් විසින් මෙසේ කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. තෙල මහණ නො ද ධර්‍මවාදී ය, තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා, සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි. ඒ (අනුවර්‍තක) භික්‍ෂූහු භික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නාහු එසේමැ දැඩි කොට ගන්නාහු නම් ඒ භික්‍ෂූහු භික්‍ෂූන් විසින් ඒ ලබ්ධිය දුරලීම පිණිස තෙවන වට දක්වා සමනුභාසන කම් කළ යුත්තාහ. ඉදින් තෙවන වට දක්වා සමනුභාසන කම් කරණු ලබන්නාහු ඒ ලබ්ධිය හරණාහු නම් මේ දුරලීම මැනවි. ඉදින් නො හරණාහු නම් සඟවෙසෙස් වේ ය”යි.
Pali BJT2. තස්සෙව ඛො පනාති තස්ස සඞ්ඝභෙදකස්ස භික්ඛුනො.
Sinhala BJT2. තස්සේව ඛො පන යනු: ඒ සඞ්ඝභේදක මහණහට.
Pali BJTභික්ඛූ හොන්තීති අඤ්ඤෙ භික්ඛූ හොන්ති.
Sinhala BJTභික්ඛු හොන්ති යනු: අන් භික්‍ෂූහු වෙත්.
Pali BJTඅනුවත්තකාති යංදිට්ඨිකො හොති යංඛන්තිකො යංරුචිකො, තෙපි තංදිට්ඨිකා හොන්ති තංඛන්තිකා තංරුචිකා.
Sinhala BJTඅනුවත්තකා යනු: යම් දෘෂ්ටි ඇත්තෙක් යම් ක්‍ෂාන්ති ඇත්තෙක් යම් රුචි ඇත්තෙක් වේ ද ඔහු ද, ඒ ලබ්ධි ඇත්තාහු ඒ ක්‍ෂාන්ති ඇත්තාහු ඒ රුචි ඇත්තාහු වෙත්.
Pali BJTවග්ගවාදකාති තස්ස වණ්ණාය පක්ඛාය ඨිතා හොන්ති.
Sinhala BJTවග්ගවාදකා යනු: ඔහුගේ ගුණ වැණීමට පක්‍ෂවෘද්ධිය පිණිස සිටියාහු වෙත්.
Pali BJTඑකො වා ද්වෙ වා තයො වාති එකො වා හොති ද්වෙ වා තයො වා. තෙ එවං වදෙය්යුං: “මා ආයස්මන්තො එතං භික්ඛුං කිඤ්චි අවචුත්ථ, ධම්මවාදී චෙසො භික්ඛු විනයවාදී චෙසො භික්ඛු, අම්හාකඤ්චෙසො භික්ඛු ඡන්දඤ්ච රුචිඤ්ච ආදාය වොහරති, ජානාති නො භාසති, අම්හාකපෙතං ඛමතී”ති.
Sinhala BJTඒකෝ වා ද්වෙ වා තයො වා යනු: එකෙක් හෝ වෙයි. දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ වෙත්. ඔහු මෙසේ කියන්නාහු ය: ‘ඇවැත්නි, තෙල මහණහට කිසිවක් නො කියවු, තෙල මහණ ධර්‍මවාදී ය, තෙල මහණ විනයවාදී ය, තෙල මහණ අපගේ ද ඡන්‍දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි. අපගේ (ඡන්‍දාදිය) දනියි, අප සමග බෙණෙයි. තෙල අපට ද රුචි වේ’ යයි.
Pali BJTතෙ භික්ඛූති යෙ තෙ අනුවත්තකා භික්ඛූ.
Sinhala BJTතෙ භික්ඛු යනු: යම් ඒ අනුවර්‍තක භික්‍ෂූහු.
Pali BJTභික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි, යෙ පස්සන්ති, යෙ සුණන්ති, තෙහි වත්තබ්බා: “මා ආයස්මන්තො එවං අවචුත්ථ. න චෙසො භික්ඛු ධම්මවාදී, න චෙසො භික්ඛු විනයවාදී, මා ආයස්මන්තානම්පි සඞ්ඝභෙදො රුච්චිත්ථ සමෙතායස්මන්තානං සඞ්ඝෙන, සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී”ති. දුතියම්පි වත්තබ්බා. තතියම්පි වත්තබ්බා. සචෙ පටිනිස්සජන්ති, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජන්ති, ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති, ආපත්ති දුක්කටස්ස. තෙ භික්ඛූ සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා:- “මා ආයස්මන්තො එවං අවචුත්ථ, න චෙසො භික්ඛු ධම්මවාදී, න චෙසො භික්ඛු විනයවාදී, මා ආයස්මන්තානම්පි සඞ්ඝභෙදො රුච්චිත්ථ, සමෙතායස්මන්තානං සඞ්ඝෙන. සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී”ති. දුතියම්පි වත්තබ්බා. තතියම්පි වත්තබ්බා. සචෙ පටිනිස්සජන්ති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජන්ති, ආපත්ති දුක්කටස්ස. තෙ භික්ඛූ භික්ඛූහි සමනුභාසිතබ්බා, එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTභික්ඛූහි යනු: අන්‍ය භික්‍ෂූන් විසින් යම් කෙනෙක් දකිත් ද, යම් කෙනෙක් අසද් ද, ඔවුන් විසින් කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු, තෙල මහණ නො ද ධර්‍මවාදී ය. තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා, සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නොකරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි. දෙවන වට ද කියයුත්තාහ. තෙවන වට ද කියයුත්තාහ. ඉදින් දුරලත් නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුර ලත් නම් දුකුළාඇවැත් වේ. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි. ඒ භික්‍ෂූහු සඟමැදට ද ඇද කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. තෙල මහණ නො ද ධර්‍මවාදී ය, තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා. සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි දෙවන වට ද කියයුත්තාහ. තෙවන වට ද කියයුත්තාහ. ඉදින් දුර ලත් නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුර ලත් නම් දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු අන් මහණුන් විසින් සමනුභාසන කම් කළයුත්තාහ. තවද මහණෙනි, මෙසේත් සමනුභාසන කම් කළයුත්තාහ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො ච ඉත්ථනාමො ච භික්ඛූ ඉත්ථන්නාමස්ස භික්ඛුනො සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා වග්ගවාදකා. තෙ තං වත්ථුං න පටිනිස්සජන්ති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛූ සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සඞ්ඝභේදය පිණිස යතන කරණ මෙනම් මහණහට අනුවර්‍තකයහ, වර්‍ගවාදකයහ. ඔහු ඒ (භේදකර) වස්තුව නො හරිත්. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කරන්නේ ය. තෙල ‘ඤත්ති’ ය.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච භික්ඛූ ඉත්ථන්නාමස්ස භික්ඛුනො සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස අනුවත්තකා වග්ගවාදකා. තෙ තං වත්ථුං න පටිනිස්සජන්ති. සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛූ සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස ච ඉත්ථන්නාමස්ස ච භික්ඛූනං සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය. “දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සඞ්ඝභේදය පිණිස යතන කරණ මෙනම් මහණහට අනුවර්‍තකයහ වර්‍ගවාදකයහ. ඔහු ඒ (භේදකර) වස්තුව නො හරිත්. සඞ්ඝ තෙමේ ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කිරීම රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හෙතෙම බණන්නේ ය. දෙවන වට ද මෙපවත් කියමි. ... තෙවන වට ද මෙපවත් කියමි. ...
Pali BJT“සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච භික්ඛූ තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් ඒ (භේදකර) වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූහු සමනුභාසන කර්‍ම කරණ ලදහ. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් මේ තූෂ්ණීම්භාව යි. තෙල මෙසේ ධරමි’ යි.
Pali BJTඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තානං ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති. ද්වෙ තයො එකතො සමනුභාසිතබ්බා. තදුත්තරි න සමනුභාසිතබ්බා.
Sinhala BJTඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් තුලැසි දෙකෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වෙයි. සඟවෙසෙස් අවදනාවුනට ඤත්තියෙන් වූ දුකුළා ද දෙකම්වදනින් වූ දෙතුලැසිය ද නවතිත්. දෙතුන් දෙනෙක් එකට සමනුභාසන කම් කළයුත්තාහ. එයින් මත්තෙහි සමනුභාසන කම් නො කළයුත්තාහ.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු කියනු ලැබෙයි ‘සඞ්ඝාදිසේසො’ යි.
Pali BJT3. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී{1} න පටිනිස්සජන්ති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකා න පටිනිස්සජන්ති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජන්ති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය සංඥා ඇත්තාහු (ලබ්ධිය) නො හරිත් නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තාහු නො හරිත් නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තාහු නො හරිත් නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තාහු නො හරිත් නම් දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තාහු ... දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තාහු ... දුකුළාඇවැත් වේ.
Pali BJT4. අනාපත්ති අසමනුභාසන්තානං, පටිනිස්සජ්ජන්තානං, උම්මත්තකානං, ඛිත්තචිත්තානං, වෙදනාට්ටානං, ආදිකම්මිකානන්ති.
Sinhala BJT4. සමනුභාසන කම් නො කරණුවනට, හරණුවනට, උන්මත්තකයනට, නටසිත් ඇතියනට, වෙයින් පෙළෙනුවනට, ආදිකම්මිකයනට ඇවැත් නැති.
Pali BJTදුතියසඞ්ඝභෙද සික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTද්විතීය සඞ්ඝභේද ශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 12.
Sinhala BJT3. 12.
Pali BJTදුබ්බචසික්ඛාපදං
Sinhala BJTදුර්‍වචශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො අනාචරං ආචරති. භික්ඛූ එවමාහංසු: “මා ආවුසොඅ ඡන්න, එවරූපං අකාසි. නෙතං කප්පතී”ති. සො එවං වදෙති: “කින්නු ඛො නාම තුම්හෙ ආවුසො, මං වත්තබ්බං මඤ්ඤථ. අහං ඛො නාම තුම්හෙ වදෙය්යං. අම්හාකං බුද්ධො අම්හාකං ධම්මො අම්හාකං අය්යපුත්තෙන ධම්මො අභිසමිතො. සෙය්යථාපි නාම මහාවාතො වායන්තො තිණකට්ඨපණ්ණසටං{1} එකතො උස්සාදෙය්ය,{2} සෙය්යථාපි වා පන නදී පබ්බතෙය්යා සඞ්ඛසෙවාලපණකං එකතො උස්සාදෙය්ය, එවමෙව තුම්හෙ නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා එකතො උස්සාදිතා. කින්නු ඛො නාම තුම්හෙ ආවුසො, මං වත්තබ්බං මඤ්ඤථ. අහං ඛො නාම තුම්හෙ වදෙය්යං. අම්හාකං බුද්ධො අම්හාකං ධම්මො අම්හාකං අය්යපුත්තෙන ධම්මො අභිසමිතො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා ඡන්නො භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර ත්වං ඡන්න, භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොසී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරිස්සසි -පෙ- නෙතං, මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙන සේක. තවද එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙම අනාචාර කෙරෙයි. භික්‍ෂූහු මෙසේ කීහ: ‘ඇවැත, ඡන්නය, මෙබන්දක් නො කරව, මේ නො කැප ය’ යි. හෙතෙම මෙසේ කියයි: ‘කිමෙක් ද ඇවැත්නි, තෙපි නම් මා කියයුත්තකු කොට සිතවු ද, මම නම් තොපට කියන්නෙම්. අපගේ බුදුහු, අපගේ දහම, අපගේ ආර්‍ය්‍යපුත්‍රයන් විසින් දහම අවබෝධ කරණ ලද ය. යම්සේ නම් මහසුළඟ හමන්නේ තණ වියලිදඬු පරණලා එක්රැස් කරන්නේ ද, තවද යම්සේ හෝ කන්දෙන් ගලාබස්නා නදිය සක් සෙවෙල් පිසඹුරු එක්රැස් කරන්නී ද, එසේ ම තෙපි නොයෙක් නම් ඇත්තහු නොයෙක් ගෝත්‍ර ඇත්තහු නොයෙක් ජාති ඇත්තහු නොයෙක් කුලයෙන් නික්ම පැවිදි වූවහු එක්රැස් වූවහු ය. කිමෙක් ද ඇවැත්නි, තෙපි නම් මා කියයුත්තකු කොට සිතවු ද, මම නම් තොපට කියන්නෙම්, අපගේ බුදුහු, අපගේ දහම, අපගේ ආර්‍ය්‍යපුත්‍රයන් විසින් දහම අවබෝධ කරණ ලදැ’ යි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වූහු ද ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙම භික්‍ෂූන් විසින් කරණු සහිත ව කියනු ලබන්නේ තමා නොකියයුත්තකු කෙළේ දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... ‘සැබෑවෙක් ද ඡන්නය, තෝ භික්‍ෂූන් විසින් කරුණු සහිත ව කියනු ලබන්නෙහි තමා නො කියයුත්තකු කෙරෙහි දැ’ යි. “සැබෑව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ: කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ භික්‍ෂූන් විසින් කරුණු සහිත ව කියනු ලබන්නෙහි තමා නො කියයුත්තකු කෙරෙහි ද ... තුච්ඡපුරුෂය, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“භික්ඛු පනෙව දුබ්බචජාතිකො හොති, උද්දෙසපරියාපන්නෙසු සික්ඛාපදෙසු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති, ‘මා මං ආයස්මන්තො කිඤ්චි අවචුත්ථ කල්යාණං වා පාපකං වා, අහම්පායස්මන්තෙ න කිඤ්චි වක්ඛාමි කල්යාණං වා පාපකං වා, විරමථායස්මන්තො මම වචනායා’ති, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො: ‘මා ආයස්මා අත්තානං අවචනීයං අකාසි. වචනීයමෙවායස්මා අත්තානං කරොතු. ආයස්මාපි භික්ඛූ වදෙතු සහධම්මෙන. භික්ඛූපි ආයස්මන්තං වක්ඛන්ති සහධම්මෙන. එවං සංවද්ධා හි තස්ස භගවතො පරිසා, යදිදං අඤ්ඤමඤ්ඤවචනෙන අඤ්ඤමඤ්ඤවුට්ඨාපනෙනා’ති. එවඤ්ච සො භික්ඛුං භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්ය, සො භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය. යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජෙය්ය, ඉච්චෙතං කුසලං නොචෙ පටිනිස්සජෙය්ය, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“මහණ තෙම දුර්‍වචස්කස්වභාව ඇත්තේ වේ ද, ප්‍රාතිමෝක්‍ෂෝද්දේශයෙහි ඇතුළත් වූ ශික්‍ෂාපදයෙහි ලා (ලජ්ජි) භික්‍ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ ‘ආයුෂ්මත්නි, මට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියවු. මම ද ආයුෂ්මත්නට කල්‍යාණ වූ හෝ ලාමක වූ කිසිවක් නො කියන්නෙමි. ආයුෂ්මත්නි, මට අවවාදයෙන් වෙන් වවු’යයි තමා නො කියයුත්තකු කෙරේ ද, ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා. ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා. ආයුෂ්මත් තෙමේ ද භික්‍ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා. භික්‍ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවත්හුගේ පර්‍ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී ම’ යයි. මෙසේත් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ ම දැඩි කොට ගණී නම් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් ඒ ලබ්ධිය දුරැලීම පිණිස තුන්වනවට දක්වා සමනුභාසනය කළයුත්තේ ය. ඉදින් තුන්වනවට දක්වා සමනුභාසන කම් කරණු ලබන්නේ ඒ ලබ්ධිය හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවි. ඉදින් නො හැරපියා නම් සඟවෙසෙස් වේ” ය යි.
Pali BJT2. භික්ඛූ පනෙව දුබ්බචජාතිකො හොතීති දුබ්බචො හොති දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො අක්ඛමො අප්පදක්ඛිණග්ගාහී අනුසාසනිං.
Sinhala BJT2. භික්ඛු පනෙව දුබ්බචජාතිකො හොති යනු: දුර්වචස්ක වූයේ දුර්වච කරණ ධර්‍මයන්ගෙන් සමන්‍විත වූයේ (අවවාදය) නො ඉවසන්නේ අනුශාසනය පැදකුණින් (අදර ඇති වැ) නො ගන්නේ වෙයි.
Pali BJTඋද්දෙසපරියාපන්නෙසු සික්ඛාපදෙසූති පාතිමොක්ඛපරියාපන්නෙසු සික්ඛාපදෙසු.
Sinhala BJTඋද්දේසපරියාපන්තේසු ශික්ඛාපදෙසු යනු: ප්‍රාතිමෝක්‍ෂයෙහි ඇතුළත් වූ ශික්‍ෂාපදයන්හි.
Pali BJTභික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි.
Sinhala BJTභික්ඛූහි යනු: අන්‍ය භික්‍ෂූන් විසින්.
Pali BJTසහධම්මිකං නාම: යං භගවතා පඤ්ඤත්තං සික්ඛාපදං, එතං සහධම්මිකං නාම. තෙන වුච්චමානො අත්තානං අවචනීයං කරොති, “මා මං ආයස්මන්තො කිඤ්චි අවචුත්ථ කල්යාණං වා පාපකං වා, අහම්පායස්මන්තෙ න කිඤ්චි වක්ඛාමි කල්යාණං වා පාපකං වා. විරමථායස්මන්තො මම වචනායා”ති.
Sinhala BJTසහධම්මික නම්: භාග්‍යවතුන් විසින් පනවන ලද යම් ශික්‍ෂාපදයෙක් වේ ද තෙල සහධම්මික නමි. එයින් කියනු ලබන්නේ ‘ඇවැත්නි, මට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියවු, මම ද ආයුෂ්මත්නට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියන්නෙමි. ඇවැත්නි, මට අවවාද වචනයෙන් වෙන් වවු’ යයි.
Pali BJTසො භික්ඛූති යො සො දුබ්බචජාතිකො භික්ඛු.
Sinhala BJTසො භික්ඛු යනු: ඒ දුර්වච ස්වභාව ඇති මහණ තෙම.
Pali BJTභික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි. යෙ පස්සන්ති යෙ සුණන්ති තෙහි වත්තබ්බො: “මා ආයස්මා අත්තානං අවචනීයං අකාසි. වචනීයමෙවායස්මා අත්තානං කරොතු. ආයස්මාපි භික්ඛූ වදෙතු සහධම්මෙන, භික්ඛූපි ආයස්මන්තං වක්ඛන්ති සහධම්මෙන. එවං සංවද්ධා හි තස්ස භගවතො පරිසා යදිදං අඤ්ඤමඤ්ඤවචනෙන අඤ්ඤමඤ්ඤවුට්ඨාපනෙනා”ති. දුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බො: “මා ආයස්මා අත්තානං අවචනීයං අකාසි. වචනීයමෙවායස්මා අත්තානං කරොතු. ආයස්මාපි භික්ඛු වදෙතු සහධම්මෙන. භික්ඛූපි ආයස්මන්තං වක්ඛන්ති සහධම්මෙන. එවං සංවද්ධා හි තස්ස භගවතො පරිසා යදිදං අඤ්ඤමඤ්ඤවචනෙන අඤ්ඤමඤ්ඤවුට්ඨාපනෙනා”ති. දුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු සමනුභාසිතබ්බො. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බො: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTභික්ඛූහි යනු: අන් මහණුන් විසින්, යම් කෙනෙක් දකිත් ද යම් කෙනෙක් අසත් ද ඔවුන් විසින් ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා, ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා, ආයුෂ්මත් තෙමේ ද භික්‍ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා, භික්‍ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවතුන්ගේ පර්‍ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී මැ ය’යි කියයුත්තේ ය. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ තෙම සඟමැදට ද ඇද ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා, ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා, ආයුෂ්මත් තෙමේ ද භික්‍ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා, භික්‍ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවතුන්ගේ පර්‍ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී ම ය’ යි කියයුත්තේ ය. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ තෙම සමනුභාසනය කළ යුත්තේ ය. තවද මහණෙනි, මෙසේත් සමනුභාසනය කළයුත්තේ ය: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති. සො තං වත්ථුං න පටිනිස්සජති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම භික්‍ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ තමා නො කියයුත්තකු කෙරෙයි. හෙතෙම ඒ වස්තුව නො හරියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙම ඒ වස්තුව හැරපියනු පිණිස මෙනම් මහණහට සමනුභාසන කම් කරන්නේ ය. තෙල ‘ඤත්ති’ය.
Pali BJT“සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති, සො තං වත්ථුං න පටිනිස්සජති, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම භික්‍ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ තමා නො කියයුත්තකු කෙරෙයි. හෙතෙම ඒ වස්තුව නො හරියි. සඞ්ඝ තෙම ඒ වස්තුව හැරපියනු පිණිස මෙනම් මහණහට සමනුභාසන කම් කෙරෙයි, යම් ආයුෂ්මතක්හට ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය රුචි වේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නුරුස්නේ නම් හෙතෙම බණන්නේ ය.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි සමනුභට්ඨො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTදෙවනවට ද මෙපවත් කියමි ... තෙවනවට ද මෙපවත් කියමි. ... සඞ්ඝයා විසින් ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණ තෙම සමනුභාසනය කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තූෂ්ණීම්භාව යි. තෙල මෙසේ ධරමි’ යි.
Pali BJTඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තස්ස ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
Sinhala BJTඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දෙතුලැසියෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වේ. සඟවෙසෙස් අවදනුවහට ඤත්තියෙන් වූ දුකුළා ද දෙ කම්වදනින් වූ දෙ තුලැසි ද නවතිත්.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු කියනු ලැබෙයි ‘සඞ්ඝාදිසේසො’යි.
Pali BJT3. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකො න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී -පෙ- ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො -පෙ- ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී -පෙ- ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ (ලබ්ධිය) නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ ... දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තේ … දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ ... දුකුළාඇවැත් වේ.
Pali BJT4. අනාපත්ති අසමනුභාසන්තස්ස, පටිනිස්සජන්තස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT4. සමනුභාසන කම් නො කරණුවහට, හැරපියනුවහට, උන්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදුබ්බචසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTදුර්‍වචශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 13.
Sinhala BJT3. 13.
Pali BJTකුලදූසකසික්ඛාපදං
Sinhala BJTකුලදූසකශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අස්සජිපුනබ්බසුකා{1} නාම කීටාගිරිස්මිං ආවාසිකා හොන්ති අලජ්ජිනො පාපභික්ඛූ. තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි. සිඤ්චන්තිපි සිඤ්චාපෙන්තිපි. ඔචිනන්තිපි ඔචිනාපෙන්තිපි. ගන්ථෙන්තිපි ගන්ථාපෙන්තිපි. එකතොවණ්ටිකමාලං කරොන්තිපි කාරාපෙන්තිපි. උභතොවණ්ටිකමාලං කරොන්තිපි කාරාපෙන්තිපි. මඤ්ජරිකං කරොන්තිපි කාරාපෙන්තිපි. විධූතිකං කරොන්තිපි කාරාපෙන්තිපි. වටංසකං කරොන්තිපි කාරාපෙන්තිපි. ආවෙලං කරොන්තිපි කාරාපෙන්තිපි. උරච්ඡදං කරොන්තිපි කාරාපෙන්තිපි. තෙ කුලිත්ථීහි කුලධීතාහි කුලකුමාරීහි කුලසුණ්හාහි කුලදාසීහි සද්ධිං එකභාජනෙපි භුඤ්ජන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. තවද එසමයෙහි අස්සජී ය පුනබ්බසුක ය යන නම් ඇති අලජ්ජී වූ පාපභික්‍ෂූහු කීටාගිරි දනව්වෙහි ආවාසික වෙති. ඔහු මෙබඳු අනාචාර කෙරෙති: මල්ගස් (තුමූද) රෝපණය කෙරෙති, (මෙරමා ලවා ද) රෝපණය කරවති. දිය ඉසිති, දිය ඉස්වති. නෙලති, නෙලවති. ගොතති, ගොතවති. එක්පසැ නටු ඇති මාලා කෙරෙති. කරවති. දෙපසැ නටු ඇති මාලා කෙරෙති, කරවති. මල්කලප් කෙරෙති, කරවති. හිදින් විද කළ මල්දම් කෙරෙති, කරවති. මල්සුඹුළු කෙරෙති, කරවති. මල් කැරලි කෙරෙති, කරවති. උරසැද කෙරෙති, කරවති. ඔහු කුලස්ත්‍රීන්ට, කුලදූන්ට, කුලකුමරියන්ට, කුලසුණිසාවන්ට, කුලදාසීන්ට එක්පස නටු ඇති මාලා ගෙණ යෙති, යවති. දෙපස නටු ඇති මාලා ගෙණ යෙති, යවති. මල් සුඹුළු ගෙණ යෙති, යවති. මල්කැරලි ගෙණ යෙති, යවති. උරසැද ගෙණ යෙති, යවති. ඔහු කුලස්ත්‍රීන් කුලදූන් කුලකුමාරීන් කුලසුණිසාවන් කුලදාසීන් සමග එක් බඳුනෙහි ද බුදිති -
Pali BJTඑකථාලකෙපි පිවන්ති, එකාසනෙපි නිසීදන්ති, එකමඤ්චෙපි තුවට්ටෙන්ති, එකත්ථරණාපි තුවට්ටෙන්ති, එකපාපුරණාපි තුවට්ටෙන්ති, එකත්ථරණපපුරණාපි තුවට්ටෙන්ති, විකාලෙපි භුඤ්ජන්ති, මජ්ජම්පි පිවන්ති, මාලාගන්ධවිලෙපනම්පි ධාරෙන්ති, නච්චන්තිපි ගායන්තිපි වාදෙන්තිපි ලාසෙන්තිපි, නච්චන්තියාපි නච්චන්ති, නච්චන්තියාපි වාදෙන්ති, නච්චන්තියාපි ලාසෙන්ති, ගායන්තියාපි නච්චන්ති, ගායන්තියාපි ගායන්ති, ගායන්තියාපි වාදෙන්ති, ගායන්තියාපි ලාසෙන්ති, වාදෙන්තියාපි නච්චන්ති, වාදෙන්තියාපි ගායන්ති, වාදෙන්තියාපි වාදෙන්ති, වාදෙන්තියාපි ලාසෙන්ති, ලාසෙන්තියාපි නච්චන්ති, ලාසෙන්තියාපි ගායන්ති, ලාසෙන්තියාපි වාදෙන්ති, ලාසෙන්තියාපි ලාසෙන්ති. අට්ඨපදෙපි කීළන්ති, දසපදෙපි කීළන්ති, ආකාසෙපි කීළන්ති, පරිහාරපථෙපි කීළන්ති, සන්තිකායපි කීළන්ති, ඛලිකායපි කීළන්ති, ඝටිකායපි කීළන්ති, සලාකහත්ථෙනපි කීළන්ති, අක්ඛෙනපි කීළන්ති, පඞ්ගචීරෙනපි කීළන්ති, වඞ්කකෙනපි කීළන්ති, මොක්ඛචිකායපි කීළන්ති, චිඞ්ගුලකෙනපි කීළන්ති, පත්තාළ්හකෙනපි කීළන්ති, රථකෙනපි කීළන්ති, ධනුකෙනපි කීළන්ති, අක්ඛරිකායපි කීළන්ති, මනෙසිකායපි කීළන්ති, යථාවජ්ජෙනපි කීළන්ති. හත්ථිස්මිම්පි සික්ඛන්ති, අස්සස්මිම්පි සික්ඛන්ති, රථස්මිම්පි සික්ඛන්ති, ධනුස්මිම්පි සික්ඛන්ති, ථරුස්මිම්පි සික්ඛන්ති, හත්ථිස්සපි පුරතො ධාවන්ති, අස්සස්සපි පුරතො ධාවන්ති, රථස්සපි{1} පුරතො ධාවන්ති, ධාවන්තිපි, අධාවන්තිපි, උස්සෙළෙන්තිපි{2} අප්පොඨෙන්තිපි, නිබ්බුජ්ඣන්තිපි, මුට්ඨීහිපි යුජ්ඣන්ති, රඞ්ගමජ්ඣෙපි සඞ්ඝාටිං පත්ථරිත්වා නච්චන්තිං{3} එවං වදෙන්ති: ‘ඉධ භගිනි නච්චස්සූ’ති, නලාටිකම්පි දෙන්ති, විවිධම්පි අනාචාරං ආචරන්ති.
Sinhala BJTඑක් තලියෙහි දු බොති. එක් අසුනෙහි දු හිඳිති. එක් ඇඳෙහි දු හොවිති. එක්තිලි ඇති ව හොවිති. එක් පොරෝණ ඇති ව ද හොවිති. එක්තිලිපොරෝණ ඇති ව ද හොවිති. නො කල්හි දු වළඳති. මත්පැන් ද බොති. මල්ගඳ විලවුනු දු දරති, නටති, ගයති, වයති. ලාස්‍ය නැටුම් නටති. නිළිය නටන කල්හි දු නටති. නටන කල්හි දු ගයති. නටන කල්හි දු වයති. නටන කල්හි දු ලාස්‍ය කෙරෙති. ගයන කල්හි දු නටති. ගයන කල්හි දු ගයති. ගයන කල්හි දු වයති. ගයන කල්හි දු ලාස්‍ය කෙරෙති. වයන කල්හි දු නටති. වයන කල්හි දු ගයති. වයන කල්හි දු වයති. වයන කල්හි දු ලාස්‍ය කෙරෙති. ලාස්‍ය කරණ කල්හි දු නටති. ලාස්‍ය කරණ කල්හි දු ලාස්‍ය කෙරෙති. අටපද දූපෝරුයෙහි දු කෙළිති. දශපද දූපෝරුයෙහි දු කෙළිති. දූපෝරුයෙහි සෙයින් අහස්හි දු කෙළිති. හිරිමඬලෙහි දු කෙළිති. නියෙන් කැට ඈත් මෑත් කොට ද කෙළිති. පසැටිනු දු කෙළිති. සිංකෙළියෙනු දු (කල්ලි) කෙළිති. ලහඅතිනු දු කෙළිති. ලාවටිනු දු කෙළිති. පත්නලිනු දු කෙළිති. කුඩානඟුලිනු දු කෙළිති. කරණම් පැනීමෙනු දු කෙළිති. කන්නන්ගුරුවා ඉදි කොට කෙළිති. පත්නැලියෙනු දු කෙළිති. කුඩා රියෙනු දු කෙළිති. කුඩා දුන්නෙනු ද කෙළිති. අකුරුකෙළියෙනු ද කෙළිති. මනෙසිකායෙනු (සිතූ දෙය කීමෙන්) දු කෙළිති. යථාවද්‍යායෙනු දු (සිරුර දොස් ඇති සැටි දක්වමින්) කෙළිති. හස්තිශිල්පයෙහි දු හික්මෙති. අශ්වශිල්පයෙහි දු හික්මෙති. රථශිල්පයෙහි දු හික්මෙති. ධනුශිල්පයෙහි දු හික්මෙති. ඛඩ්ගශිල්පයෙහි දු හික්මෙති. ඇතු පෙරටුයෙහි ද දුවති. අසු පෙරටුයෙහි ද දුවති. රිය පෙරටුයෙහි ද දුවති. පසුපසට දුවති. පෙරට ද දුවති. ප්‍රීතිනාද ද කෙරෙති. අත්පොළසන් ද දෙති. මල්ලව පොර ද කෙරෙති. මිටු පොර ද කෙරෙති. රඟමඬල මැද සඟළ අතුරා නිළියට ‘නැගනියනි මෙහි නටව’යි මෙසේ කියති. නළලෙහි අත ද තබති. විවිධ අනාචාර ද කෙරෙත්.
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කාසීසු වස්සං වුත්ථො සාවත්ථිං ගච්ඡන්තො භගවන්තං දස්සනාය යෙන කීටාගිරි තදවසරි. අථ ඛො සො භික්ඛු පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කීටාගිරිං පිණ්ඩාය පාවිසි පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සමිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛූ ඉරියාපථසම්පන්නො. මනුස්සා තං භික්ඛුං පස්සිත්වා එවමාහංසු: “ක්වායං අබලබලො විය මන්දමන්දො විය භාකුටිකභාකුටිකො විය, කො ඉමස්ස උපගතස්ස පිණ්ඩකම්පි දස්සති. අම්හාකං පන අය්යා අස්සජිපුනබ්බසුකා සණ්හා සඛිලා සුඛසම්භාසා මිහිතපුබ්බඞ්ගමා එහිස්වාගතවාදිනො අබ්භාකුටිකා උත්තානමුඛා පුබ්බභාසිනො. තෙසං ඛො නාම පිණ්ඩො දාතබ්බො”ති. අද්දසා ඛො අඤ්ඤතරො උපාසකො තං භික්ඛුං කීටාගිරිස්මිං පිණ්ඩාය චරන්තං, දිස්වාන යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එතදවොච: “අපි භන්තෙ පිණ්ඩො ලබ්භතී”ති “න ඛො ආවුසො පිණ්ඩො ලබ්භතී”ති. “එහි භන්තෙ ඝරං ගමිස්සාමා”ති.
Sinhala BJT2. තවද එසමයෙහි එක්තරා මහණෙක් කාසිජනපදයෙහි වස් විසූයේ බුදුරදුන් දක්නා පිණිස සැවැත්නුවරට යන්නේ කීටාගිරිය යම් තැනෙක්හි ද එතැනට පැමිණියේ ය. ඉක්බිති ඒ මහණ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ප්‍රසාද එළවන ගමනින් නැවැත්මෙන් ඉදිරි බැල්මෙන් අවට බැල්මෙන් අත්පා හැකුළුමින් දිග හැරීමෙන් (යුතුව) යට හෙළූ ඇස් ඇත්තේ පිරිපුන් ඉරියව් ඇත්තේ කීටාගිරියට පිඬු පිණිස පිවිසියේ ය. මිනිස්සු ඒ මහණ දැක මෙසේ කීහ: ඉතා දුබලයකු මෙන් ඉතා සණ්හයකු මෙන් ඉතා හැකුළූ මුහුණු ඇත්තකු මෙන් මේ කවරෙක් ද? මොහු ගෙදොරට පැමිණියහුට කවරෙක් පිණ්ඩපාතයකු දු දෙයි ද? අපගේ ස්වාමීහු අස්සජීපුනබ්බසුකයෝ වැළිත් නිපුණයෝ ය. සඛිලයෝ ය, සුව එළවන කථා ඇත්තාහු ය, සිනහ පෙරටු කොට කථා කරන්නාහු ය, ‘එව සුවදැ’යි කියන්නාහු ය, නො හැකුළූ බැම ඇත්තාහු ය, නැඟූ මුව ඇත්තාහු ය, පළමු කථා කරන්නාහු ය. ඔවුනට නම් පිඬු දිය යුත්තේ දැ’යි. එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන ඒ මහණ දුටුයේ ය. දැක ඒ මහණහු කරා එළඹ ඒ මහණහු වැඳ මේ කී ය. ‘වහන්ස, පිඬු ලැබුණේ දැ? යි. ඇවැත්නි, පිඬු නො ලැබිණැ’යි. එව වහන්ස, ගෙට යම්හ’යි.
Pali BJT3. අථ ඛො සො උපාසකො තං භික්ඛුං ඝරං නෙත්වා භොජෙත්වා එතදවොච: “කහං භන්තෙ අය්යො ගමිස්සතී”ති. “සාවත්ථිං ඛො අහං ආවුසො ගමිස්සාමි භගවන්තං දස්සනායා”ති. “තෙන හි භන්තෙ මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, එවඤ්ච වදෙහි:” දුට්ඨො භන්තෙ කීටාගිරිස්මිං ආවාසො, අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා අලජ්ජිනො පාපභික්ඛූ. තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි -පෙ- විවිධම්පි අනාචාරං ආචරන්ති යෙපි තෙ භන්තෙ මනුස්සා පුබ්බෙ සද්ධා අහෙසුං පසන්නා, තෙපි එතරහි අස්සද්ධා අප්පසන්නා. යානිපි තානි සඞ්ඝස්ස පුබ්බෙ දානපථානි, තානිපි එතරහි උපච්ඡින්නානි. රිඤ්චන්ති පෙසලා භික්ඛූ. නිවසන්ති පාපභික්ඛූ. සාධු භන්තෙ භගවා කීටාගිරිං භික්ඛූ පහිණෙය්ය යථායං කීටාගිරිස්මිං ආවාසො සණ්ඨහෙය්යා”ති.
Sinhala BJT3. ඉක්බිති ඒ උපාසක තෙම ඒ මහණ ගෙට පමුණුවා වළඳවා මෙපවත් කී ය: වහන්ස, ‘ස්වාමීහු කොහි යෙත් දැ’යි. ‘ඇවැත්නි, මම භාග්‍යවතුන් දක්නා පිණිස සැවැතට යෙමි’යි. එසේ වී නම් වහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන්ගේ පාසඟළු උතුමගින් වඳිනු මැනැවැ. මෙසේත් කියුව මැනැවැ: ‘වහන්ස, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. අස්සජි ය පුනබ්බසුක ය යන අලජ්ජී වූ පාපභික්‍ෂූහු කීටාගිරියෙහි ආවාසිකයෝ ය. ඔහු මෙබඳු අනාචාරයෙහි හැසිරෙත්: (තුමූ ද) මල්ගස් රෝපණය කෙරෙති. (මෙරමා ලවා ද) රෝපණය කරවති. ... විවිධ වූත් නො කටයුතු කෙරෙත්. වහන්ස, පෙර යම් මිනිස් කෙනෙකුත් ශ්‍රද්ධා ඇත්තාහු ප්‍රසන්නයෝ වූහු ද ඔහුත් මෙකල ශ්‍රද්ධා නැත්තාහු අප්‍රසන්නයෝ ය. පෙර සඞ්ඝයාට යම් දන්වැට කෙනෙකුත් වූහු නම් ඔහුත් මෙකල සිඳුනාහු ය. පේශල භික්‍ෂූහු වෙන් ව යෙති. පාපභික්‍ෂූහු නිවසත්. වහන්ස, භාග්‍යවත්හු යම්සේ මේ කීටාගිරියෙහි ආවාසය මැනැවින් පිහිටා නම් එසෙයින් කීටාගිරියට වහන්දෑ කෙනකුන් යවන්නාහු නම් මැනැවැ’යි.
Pali BJT4. “එවමාවුසො”ති ඛො සො භික්ඛු තස්ස උපාසකස්ස පටිස්සුත්වා යෙන සාවත්ථි තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච: “කච්චි භික්ඛු ඛමනීයං, කච්චි යාපනීයං, කච්චිසි අප්පකිලමථෙන අද්ධානං ආගතො, කුතො ච ත්වං භික්ඛු ආගච්ඡසී”ති? “ඛමනීයං භගවා, යාපනීයං භගවා, අප්පකිලමථෙන චාහං භන්තෙ අද්ධානං ආගතො.
Sinhala BJT4. ‘එසේ ය ඇවැත්නි’යි ඒ මහණ තෙම ඒ උවසුහට පිළිවදන් දී සැවැතට නික්ම ගියේ ය. අනුක්‍රමයෙන් සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම යම් තැනෙක්හි ද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතැන්හි එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. ආගන්තුක භික්‍ෂූන් සමග සතුටු සාමීචිකථා කිරීම යන මෙය භාග්‍යවත් බුදුවරුන් විසින් පුරුදු කරණ ලද්දේ ම ය. ඉක්බිති භාග්‍යවත්හු ඒ මහණහට මෙය වදාළ සේක. “කිමෙක් ද මහණ ඉවසිය හැකි ද? යැපිය හැකි ද? නො වෙහෙසින් මඟ ආයෙහි ද? මහණ තෝ කොහි සිට ආයෙහි දැ”යි. භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැක්ක. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක්ක. ස්වාමීනි, මම් නො වෙහෙසින් මඟ ආයෙමි.
Pali BJT5. ඉදාහං භන්තෙ කාසීසු වස්සං වුත්ථො සාවත්ථිං ආගච්ඡන්තො භගවන්තං දස්සනාය යෙන කීටාගිරි තදවසරිං, අථ ඛ්වාහං භන්තෙ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කීටාගිරිං පිණ්ඩාය පාවිසිං. අද්දසා ඛො මං භන්තෙ අඤ්ඤතරො උපාසකො කීටාගිරිස්මිං පිණ්ඩාය චරන්තං, දිස්වාන යෙනාහං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එතදවොච: “අපි භන්තෙ පිණ්ඩො ලබ්භතී”ති. “න ඛො ආවුසො පිණ්ඩො ලබ්භතී”ති. “එහි භන්තෙ ඝරං ගමිස්සාමා”ති. අථ ඛො භන්තෙ සො උපාසකො මං ඝරං නෙත්වා භොජෙත්වා එතදවොච: “කහං භන්තෙ අය්යො ගමිස්සසී”ති. “සාවත්ථිං ඛො අහං ආවුසො ගමිස්සාමි භගවන්තං දස්සනායා”ති. “තෙන හි භන්තෙ මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, එවඤ්ච වදෙහි: ‘දුට්ඨො භන්තෙ කීටාගිරිස්මිං ආවාසො අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා අලජ්ජිනො පාපභික්ඛූ. තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි -පෙ- විවිධම්පි අනාචාරං ආචරන්ති. යෙපි තෙ භන්තෙ මනුස්සා පුබ්බෙ සද්ධා අහෙසුං පසන්නා, තෙපි එතරහි අස්සද්ධා අප්පසන්නා. යානිපි තානි සඞ්ඝස්ස පුබ්බෙ දානපථානි, තානිපි එතරහි උපච්ඡින්නානි, රිඤ්චන්ති පෙසලා භික්ඛූ නිවසන්ති පාපභික්ඛූ’ති. සාධු භන්තෙ භගවා කීටාගිරිං භික්ඛූ පහිණෙය්ය යථායං කීටාගිරිස්මිං ආවාසො සණ්ඨහෙය්යා”ති. “තතො අහං භගවා ආගච්ඡාමී”ති.
Sinhala BJT5. ස්වාමීනි, මම් මෙහි කසීජනපදයෙහි වැස නිමවූ වස් ඇත්තෙම් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැත්නුවරට එන්නෙම් කීටාගිරිය යම් තැනෙක්හි ද එහි පිවිසියෙමි. ස්වාමීනි, එකල්හි මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ කීටාගිරියට පිඬු පිණිස පිවිසියෙමි. ස්වාමීනි, එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන මා දුටුයේ ය. දැක මා වෙත එළඹ වැඳ මෙපවත් කී ය: ‘වහන්ස, පිණ්ඩපාතය ලැබුණේ දැ’යි. ‘ඇවැත්නි, පිඬු නො ලැබිනැ’යි. ‘එව වහන්ස, ගෙය යම්හ’යි. ස්වාමීනි, ඉක්බිති ඒ උපාසක තෙම මා ගෙට පමුණුවා වළඳවා මෙය කී ය: ‘වහන්ස, ස්වාමීහු කොහි යන්නහු දැ’යි. ‘ඇවැත්නි, මම් භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා සැවැත්නුවරට යන්නෙමි’යි. වහන්ස, එසේ වී නම් මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළුවන් උතුමගින් වඳිනු මැනව, මෙසේත් කියනු මැනව. ‘ස්වාමීනි, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. කීටාගිරියෙහි අස්සජිපුනබ්බසුක නම් වූ ආවාසිකයෝ අලජ්ජිහු ය, පාපභික්‍ෂූහු ය. ඔහු මෙබඳු වූ අනාචාරයෙහි හැසිරෙති. මල්ගස් රෝපණය ද කෙරෙති, රෝපණය ද කරවති ... විවිධ වූ අනාචාරයෙහි ද හැසිරෙත්. ස්වාමීනි, යම් මනුෂ්‍ය කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු ප්‍රසන්නයෝ වූහු නම් ඔහු දු මෙකල්හි ශ්‍රද්ධා රහිතයෝ ය. අප්‍රසන්නයෝ ය. පෙර සඟනට යම් දන්වැට කෙනෙක් වූවාහු නම් ඔහු දු මෙකල්හි සිඳුනාහු ය. සුපේශල භික්‍ෂූහු නික්ම යෙති. පාපභික්‍ෂූහු වාසය කෙරෙති ය’යි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ කීටාගිරියෙහි මේ ආවාසය පවත්නේ ද එපරිද්දෙන් කීටාගිරියට භික්‍ෂූන් එවනසේක් නම් මැනැවැ”යි. ‘භාග්‍යවතුන් වහන්ස, මම් එහි සිට එමි’යි.
Pali BJT6. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා අලජ්ජිනො පාපභික්ඛූ, තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි -පෙ- විවිධම්පි අනාචාරං ආචරන්ති, යෙපි තෙ භික්ඛවෙ මනුස්සා පුබ්බෙ සද්ධා අහෙසුං පසන්නා, තෙපි එතරහි අස්සද්ධා අප්පසන්නා. යානිපි තානි සඞ්ඝස්ස පුබ්බෙ දානපථානි, තානිපි එතරහි උපච්ඡින්නානි. රිඤ්චන්ති පෙසලා භික්ඛූ. නිවසන්ති පාපභික්ඛූ”ති? “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා:
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා භික්‍ෂූසඞ්ඝයා රැස් කරවා භික්‍ෂූන් විචාළ සේක. සැබෑවෙක් ද මහණෙනි, කීටාගිරියෙහි අස්සජි - පුනබ්බසුක නම් වූ ආවාසිකයෝ අලජ්ජීහු ය, පාපභික්‍ෂූහු ය. ඔහු මෙබඳු වූ අනාචාරයෙහි හැසිරෙති. මල්ගස් රෝපණය ද කෙරෙති, රෝපණය ද කරවති ... විවිධ අනාචාරයෙහි දු හැසිරෙති. පෙර සැදැහැති පහන් වූ යම් මිනිස් කෙනෙක් වූහු නම් ඔහු දු දැන් සැදැහැ නැත්තාහු ය, නො පහන් වූවාහු ය. සඟනට පෙර යම් දන්වැට කෙනෙක් වූහු නම් ඔහු දු දැන් සිඳුනාහු ය. පේශල භික්‍ෂූහු නික්ම යෙති පාපභික්‍ෂූහු වාසය කෙරෙත් ය’යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ගැරහූ සේක:
Pali BJT7. “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා එවරූපං අනාචාරං ආචරිස්සන්ති: මාලාවච්ඡං රොපෙස්සන්තිපි රොපාපෙස්සන්තිපි, සිඤ්චිස්සන්තිපි සිඤ්චාපෙස්සන්තිපි, ඔචිනිස්සන්තිපි ඔචිනාපෙස්සන්තිපි, ගන්ථිස්සන්තිපි ගන්ථාපෙස්සන්තිපි, එකතො වණ්ටිකමාලං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, උභතොවණ්ටිකමාලං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, මඤ්ජරිකං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, විධූතිකං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, වටංසකං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, ආවෙලං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, උරච්ඡදං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, තෙ කුලිත්ථීනං කුලධීතානං කුලකුමාරීනං කුලසුණ්හානං කුලදාසීනං එකතො වණ්ටිකමාලං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, උභතො වණ්ටිකමාලං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, මඤ්ජරිකං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, විධූතිකං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, වටංසකං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, ආවෙලං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, උරච්ඡදං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි. තෙ කුලිත්ථීහි කුලධීතාහි කුලකුමාරීහි කුලසුණ්හාහි කුලදාසීහි සද්ධිං එකභාජනෙපි භුඤ්ජිස්සන්ති, එකථාලකෙපි පිවිස්සන්ති, එකාසනෙපි නිසීදිස්සන්ති, එකමඤ්චෙපි තුවට්ටිස්සන්ති, එකත්ථාරණාපි තුවට්ටිස්සන්ති, එකපාපුරණාපි තුවට්ටිස්සන්ති, එකත්ථරණපාවුරණාපි තුවට්ටිස්සන්ති, විකාලෙපි භුඤ්ජිස්සන්ති, මජ්ජම්පි පිවිස්සන්ති, මාලාගන්ධවිලෙපනම්පි ධාරිස්සන්ති, නච්චිස්සන්තිපි, ගායිස්සන්තිපි, වාදිස්සන්තිපි ලාසෙස්සන්තිපි, නච්චන්තියාපි නච්චිස්සන්ති, නච්චන්තියාපි ගායිස්සන්ති, නච්චන්තියාපි වාදිස්සන්ති, නච්චන්තියාපි ලාසෙස්සන්ති, ගායන්තියාපි නච්චිස්සන්ති, ගායන්තියාපි ගායිස්සන්ති, ගායන්තියාපි වාදිස්සන්ති, ගායන්තියාපි ලාසෙස්සන්ති, වාදෙන්තියාපි නච්චිස්සන්ති, වාදෙන්තියාපි ගායිස්සන්ති, වාදෙන්තියාපි වාදිස්සන්ති, වාදෙන්තියාපි ලාසෙස්සන්ති, ලාසෙන්තියාපි නච්චිස්සන්ති, ලාසෙන්තියාපි ගායිස්සන්ති ලාසෙන්තියාපි වාදිස්සන්ති, ලාසෙන්තියාපි ලාසෙස්සන්ති, අට්ඨපදෙපි කීළිස්සන්ති, දසපදෙපි කීළිස්සන්ති, අකාසෙපි කීළිස්සන්ති, පරිහාරපථෙපි කීළිස්සන්ති, සන්තිකායපි කීළිස්සන්ති, ඛලිකායපි කීළිස්සන්ති, ඝටිකායපි කීළිස්සන්ති, සලාකහත්ථෙනපි කීළිස්සන්ති, අක්ඛෙනපි කීළිස්සන්ති, පඞ්ගචීරෙනපි කීළිස්සන්ති, වඞ්කකෙනපි කීළිස්සන්ති, මොක්ඛචිකායපි කීළිස්සන්ති, චිඞ්ගුලකෙනපි කීළිස්සන්ති, පත්තාළ්හකෙනපි කීළිස්සන්ති, රථකෙනපි කීළිස්සන්ති, ධනුකෙනපි කීළිස්සන්ති, අක්ඛරිකායපි කීළිස්සන්ති, මනෙසිකායපි කීළිස්සන්ති, යථාවජ්ජෙනපි කීළිස්සන්ති, හත්ථිස්මිම්පි සික්ඛිස්සන්ති, අස්සස්මිම්පි සික්ඛිස්සන්ති, රථස්මිම්පි සික්ඛිස්සන්ති, ධනුස්මිම්පි සික්ඛිස්සන්ති, ථරුස්මිම්පි සික්ඛිස්සන්ති, හත්ථිස්සපි පුරතො ධාවිස්සන්ති, අස්සස්සපි පුරතො ධාවිස්සන්ති, රථස්සපි පුරතො ධාවිස්සන්ති, ධාවිස්සන්තිපි අධාවිස්සන්තිපි, උස්සෙළිස්සන්තිපි{1}, අප්පොඨෙස්සන්තිපි, නිබ්බුජ්ඣිස්සන්තිපි, මුට්ඨීහිපි යුජ්ඣිස්සන්ති, රඞ්ගමජ්ඣෙපි සඞ්ඝාටිං පත්ථරිත්වා නච්චන්තිං එවං වක්ඛන්ති “ඉධ භගිනි නච්චස්සූ”ති නලාටිකම්පි දස්සන්ති, විවිධම්පි අනාචාරං ආචරිස්සන්ති.
Sinhala BJT7. මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ කෙසේ නම් මෙබඳු වූ අනාචාරයෙහි හැසිරෙත් ද, මල්ගස් රෝපණය කෙරෙත් ද, රෝපණය කරවත් ද, දිය ඉසිත් ද ඉස්වත් ද, නෙලත් ද නෙලවත් ද, ගොතත් ද ගොතවත් ද, එක්පසැ නටු ඇති මාලා කෙරෙත් ද කරවත් ද, දෙපසැ නටු ඇති මාලා කෙරෙත් ද කරවත් ද, මල්කලප් කෙරෙත් ද කරවත් ද, හිදින් විද කළ මල්දම් කෙරෙත් ද කරවත් ද, මල්සුඹුළු කෙරෙත් ද කරවත් ද, මල්කැරලි කෙරෙත් ද කරවත් ද, උරසැද කෙරෙත් ද කරවත් ද, ඔහු කුලස්ත්‍රීන්ට කුලධීතෘන්ට කුලකුමරියන්ට කුලසුණිසාවන්ට කුලදාසීන්ට එක්පසැ නටු ඇති මාලා ගෙණ යෙත් ද යවත් ද, දෙපසැ නටු ඇති මාලා ගෙණ යෙත් ද යවත් ද, මල්කලප් ගෙණ යෙත් ද යවත් ද, හිදින් විද කළ මල්දම් ගෙණ යෙත් ද යවත් ද, මල්සුඹුළු ගෙණ යෙත් ද යවත් ද, මල්කරැලි ගෙණ යෙත් ද යවත් ද, උරසැද ගෙණ යෙත් ද යවත් ද, ඔහු කුලස්ත්‍රීන් කුලධීතෘන් කුලකුමාරීන් කුලසුණිසාවන් කුලදාසීන් සමග එක් බඳුනෙහි වළඳත් ද, එක් තලියෙහි බොත් ද, එක් අසුනෙහි හිඳිත් ද, එක් ඇඳෙහි හොවිත් ද, එක් අතුරුණු ඇති ව හොවිත් ද, එක් පොරෝණ ඇති ව හොවිත් ද, එක් අතුරුණු පොරෝණ ඇති ව හොවිත් ද, නො කල්හි වළඳත් ද, මත්පැනු දු බොත් ද, මල්ගඳවිලෙවුනු දු දරත් ද, නටත් ද, ගයත් ද, වයත් ද, ලාස්‍ය නැටුම් කෙරෙත් ද, (නිළිය) නටන කල්හි නටත් ද, නටන කල්හි ගයත් ද, නටන කල්හි වයත් ද, නටන කල්හි ලාස්‍ය කෙරෙත් ද, ගයන කල්හි දු නටත් ද, ගයන කල්හි ගයත් ද, ගයන කල්හි වයත් ද, ගයන කල්හි දු ලාස්‍ය කෙරෙත් ද, වයන කල්හි දු නටත් ද වයන කල්හි දු ගයත් ද වයන කල්හි වයත් ද, වයන කල්හි ලාස්‍ය කෙරෙත් ද, ලාස්‍ය කරණ කල්හි දු නටත් ද, ලාස්‍ය කරණ කල්හි දු ගයත් ද, ලාස්‍ය කරණ කල්හි වයත් ද, ලාස්‍ය කරණ කල්හි ලාස්‍ය කෙරෙත් ද, අටපද පෝරුයෙහි කෙළිත් ද, දසපද පෝරුයෙහි කෙළිත් ද, පෝරුයෙහි සෙයින් අහස් හි කෙළිත් ද, පාරිමඬලෙහි කෙළිත් ද, නියෙන් කැට ඈත් මෑත් කොට කෙළිත් ද, පසැටිනුදු කෙළිත් ද, සිංකෙළි කෙළිත් ද, ලහ අතිනු දු කෙළිත් ද, ලාවටිනු දු කෙළිත් ද, පත්නලිනු දු කෙළිත් ද, කුඩා නඟුලිනු දු කෙළිත් ද, කරණම් පැනීමෙනු දු කෙළිත් ද, කන්නන්ගුරුවා ඉදිකොට කෙළිත් ද, පත්නැලියෙනු දු කෙළිත් ද, කුඩාරියෙනු දු කෙළිත් ද, කුඩාදුන්නෙනු දු කෙළිත් ද, අකුරුකෙළියෙනු දු කෙළිත් ද, මනෙසිකායෙනු දු කෙළිත් ද, යථාවද්‍යයෙනු දු කෙළිත් ද, හස්තිශිල්පයෙහි දු හික්මෙත් ද, අශ්වශිල්පයෙහි දු හික්මෙත් ද, රථශිල්පයෙහි දු හික්මෙත් ද, ධනුශ්ශිල්පයෙහි දු හික්මෙත් ද, ඛඞ්ගශිල්පයෙහි දු හික්මෙත් ද, ඇතු පෙරටුයෙහි දු දිවෙත් ද, අසුපෙරටුයෙහි දු දිවෙත් ද, රියපෙරටුයෙහි දු දිවෙත් ද, පසුපසට ද දිවෙත් ද, පෙරටද දිවෙත් ද, ප්‍රීතිනාද කෙරෙත් ද, අපොළත් ද, මල්ලවපොර දු කෙරෙත් ද, මිටුපොර දු කෙරෙත් ද, රඟමඬල මැද සඟළ අතුරා නිළියට ‘නැගනියනි, මෙහි නටව’යි මෙසේ කියත් ද, නළලෙහි ඇඟිලි තබත් ද, විවිධ අනාචාරයෙහි හැසිරෙත් ද?”
Pali BJT8. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- “විගරහිත්වා ධම්මිං කථං කත්වා සාරිපුත්තමොග්ගල්ලානෙ ආමන්තෙසි: “ගච්ඡථ තුම්හෙ සාරිපුත්තා කීටාගිරිං, ගන්ත්වා අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොථ, තුම්හාකං එතෙ සද්ධිවිහාරිකා”ති. “කථං මයං භන්තෙ අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොම. චණ්ඩා තෙ භික්ඛූ ඵරුසා”ති. “තෙන හි තුම්හෙ සාරිපුත්තා බහුකෙහි භික්ඛූහි සද්ධිං ගච්ඡථා”ති. “එවං භන්තෙ”ති ඛො සාරිපුත්තමොග්ගල්ලානා භගවතො පච්චස්සොසුං.
Sinhala BJT8. මහණෙනි, තෙල නො පහනුන්ගේ පැහැදීමට හෝ නො වෙයි. ... ගරහා දැහැමි කථා වදාරා සැරියුත් මුගලන් තෙරුන් ඇමතූ සේක. ‘ශාරීපුත්‍රයෙනි, තෙපි කීටාගිරියට යවු. ගොස් අස්සජීපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් (නෙරනු සඳහා) පබ්බාජනීයකර්‍මය කරවු. තුලුහු තොපගේ සද්ධිවිහාරිකයෝ ය’යි. ස්වාමීනි, අපි අස්සජීපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනිය කර්‍මය කෙසේ කරමෝ ද ඒ භික්‍ෂූහු චණ්ඩයෝ ය පරුෂයෝ ය යි. ‘එසේ වී නම් ශාරීපුත්‍රයෙනි, තෙපි බොහෝ භික්‍ෂූන් සමග යව’යි. ‘එසේ ය ස්වාමීනි’යි, සැරියුත්මුගලන් තෙරහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJT9. එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං අස්සජිපුනබ්බසුකා භික්ඛූ චොදෙතබ්බා. චොදෙත්වා සාරෙතබ්බා. සාරෙත්වා ආපත්ති{1} රොපෙතබ්බා, ආපත්තිං රොපෙත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT9. තවද මහණෙනි, මෙසේ කළයුතු ය: පළමු කොට අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු චෝදනා කටයුත්තාහු ය. චෝදනා කොට සාරණය කටයුත්තාහු ය. සාරණය කොට ඇවැත් රෝපණය කළ යුත්තාහු ය. ඇවැත් රෝපණය කොට ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝ තෙමේ ඥාපනය කළයුත්තේ ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ කුලදූසකා පාපසමාචාරා. ඉමෙසං පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච. කුලානි ච ඉමෙහි දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරෙය්ය, න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බ”න්ති. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ අස්සජීපුනබ්බසුක භික්‍ෂූහු කුලදූෂකයෝ ය පාපසමාචාර ඇත්තාහු ය. මොවුන්ගේ ලාමක වූ සමාචාරයෝ දක්නට ද ලැබෙත් අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝත් දක්නට ද ලැබෙත් අසනු ද ලැබෙත්. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ අස්සජීපුනබ්බසුක භික්‍ෂූන්ට ‘අස්සජීපුනබ්බසුක භික්‍ෂූන් විසින් කීටාගිරියෙහි නො විසිය යුතු ය’යි කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කරන්නේ ය. තෙල ‘ඤත්ති’ ය.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ කුලදූසකා පාපසමාචාරා, ඉමෙසං පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි ච ඉමෙහි දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච. සඞ්ඝො අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොති, න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති. යස්සායස්මතො ඛමති අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මස්ස කරණං; න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති. සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු කුලදූෂකයෝ ය. පාපසමාචාරයෝ ය. මොවුන්ගේ ලාමක වූ සමාචාරයෝ දක්නට ද ලැබෙත්. අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝත් දක්නට ද ලැබෙත්. අසනු ද ලැබෙත්. සඞ්ඝ තෙමේ ‘අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් විසින් කීටාගිරියෙහි නො විසියයුතුය’යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ‘අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් විසින් කීටාගිරියෙහි නො විසිය යුතු ය’යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කිරීම රිසි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ බණන්නේ ය:
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- කතං සඞ්ඝෙන අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං, න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති. –
Sinhala BJTදෙවනවට ද මෙකරුණ කියමි ... තෙවනවට ද මෙකරුණ කියමි ... සඞ්ඝයා විසින් අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් විසින් කීටාගිරියෙහි නො විසියයුතු ය’ යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කරණ ලද. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම්භාවය යි. තෙල තූෂ්ණීම්භාවය මෙසේ ධරමි” යි.
Pali BJT10. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානප්පමුඛො භික්ඛුසඞ්ඝො කීටාගිරිං ගන්ත්වා අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මිං{1} පබ්බාජනීයකම්මං අකාසි: “න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බ”න්ති. තෙ සඞ්ඝෙන පබ්බාජනියකම්මකතා න සම්මා වත්තන්ති, න ලොමං පාතෙන්ති, න නෙත්ථාරං වත්තන්ති, න භික්ඛූ ඛමාපෙන්ති, අක්කොසන්ති, පරිභාසන්ති ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙන්ති. පක්කමන්තිපි. විබ්භමන්තිපි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනියකම්මකතා න සම්මා වත්තිස්සන්ති න ලොමං පාතෙස්සන්ති, න නෙත්ථාරං වත්තිස්සන්ති, භික්ඛූ න ඛමාපෙස්සන්ති, අක්කොසිස්සන්ති, පරිභාසිස්සන්ති, ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙස්සන්ති, පක්කමිස්සන්තිපි විබ්භමිස්සන්තිපී”ති.
Sinhala BJT10. ඉක්බිති ශාරීපුත්‍ර මෞද්ගල්‍යායන ප්‍රමුඛ භික්‍ෂූසඞ්ඝ තෙමේ කීටාගිරියට ගොස් ‘අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් කීටාගිරියෙහි නො විසියයුතු ය’යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කෙළේ ය. ඔහු සඞ්ඝයා විසින් පබ්බාජනියකර්‍මය කරණ ලද්දාහු මනාකොට නොපවතිති. (භික්‍ෂූන්ට) යටත් ව නො පවතිති. නිස්තරණවතෙහි නො පවතිති. භික්‍ෂූන් කමා නොකරවති. ආක්‍රෝශ කෙරෙති. පරිභව බෙණෙති: ඡන්‍දගාමී බවට දෝසගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවති. පලායෙති ගිහි දු වෙත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ ද ඔහු අවමන් කෙරෙති, අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු සඞ්ඝයා විසින් පබ්බාජනියකර්‍මය කරණ ලද්දාහු මනා කොට නො පවතිත් ද යටත් නො වෙත් ද, නිස්තරණවතෙහි නො පවතිත් ද, භික්‍ෂූන් ක්‍ෂමා නො කරවත් ද, ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව බෙණෙත් ද, ඡන්‍දගාමී බවට දෝසගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවත් ද පලායෙත් ද ගිහි වෙත් දැ’යි.
Pali BJT11. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “සච්චං කිර භික්ඛවෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනියකම්මකතා න සම්මා වත්තන්ති -පෙ- විබ්භමන්තිපී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සඞ්ඝෙන පබ්බාජනියකම්මකතා න සම්මා වත්තිස්සන්ති, න ලොමං පාතෙස්සන්ති, න නෙත්ථාරං වත්තිස්සන්ති භික්ඛූ න ඛමාපෙස්සන්ති. අක්කොසිස්සන්ති, පරිභාසිස්සන්ති, ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙස්සන්ති, පක්කමිස්සන්තිපි විබ්භමිස්සන්ති’පි. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT11. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... සැබවෙක් ද මහණෙනි, අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු සඞ්ඝයා විසින් පබ්බාජනියකර්‍මය කරණ ලද්දාහු මනා කොට නො පවතිත් ද ... ගිහි වෙත් දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. ... කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ සඞ්ඝයා විසින් පබ්බාජනියකර්‍මය කරණ ලද්දාහු මනා කොට නො පවතිත් ද යටත් ව නො පවතිත් ද නිස්තරණ වතෙහි නො පිහිටත් ද භික්‍ෂූන් ක්‍ෂමා නො කරවත් ද ආක්‍රෝශ කෙරෙත් ද පරිභව බෙණෙත් ද ඡන්‍දගාමී බවට දෝසගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවත් ද පලායෙත් ද ගිහි වෙත් දැ’යි. මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJT“භික්ඛු පනෙව අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති කුලදූසකො පාපසමාචාරො. තස්ස ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි ච තෙන දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච. සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො: “ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, පක්කමතායස්මා ඉමම්හා ආවාසා, අලන්තෙ ඉධ වාසෙනා”ති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තෙ භික්ඛූ එවං වදෙය්ය: “ඡන්දගාමිනො ච භික්ඛූ දොසගාමිනො ච භික්ඛූ මොහගාමිනො ච භික්ඛූ භයගාමිනො ච භික්ඛූ, තාදිසිකාය ආපත්තියා එකච්චං පබ්බාජෙන්ති: එකච්චං න පබ්බාජෙන්තී”ති, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො “මා ආයස්මා එවං අවච, න ච භික්ඛූ ඡන්දගාමිනො න ච භික්ඛූ දොසගාමිනො න ච භික්ඛූ මොහගාමිනො න ච භික්ඛූ භයගාමිනො, ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච’ කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච පක්කමතායස්මා ඉමම්හා ආවාසා, අලං තෙ ඉධ වාසෙනා”ති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්ය, සො භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය, යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්ය, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්ය සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“මහණ තෙම කුලදූෂණය කරන්නේ ලාමක සමාචාර ඇත්තේ එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වෙසේ නම්, ඔහුගේ ලාමක සමාචාරයෝ දක්නා ලැබෙත් නම් අසනු ලැබෙත් නම්, ඔහු දූෂිත කුලයෝ ද දක්නා ලැබෙත් නම් අසනු ලැබෙත් නම් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ආයුෂ්මත් තෙම කුලදූෂකයෙහි ලාමක සමාචාර ඇත්තෙහි ය. ආයුෂ්මත්හුගේ වැළිත් ලාමක සමාචාරයෝ දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිත කුලයෝ ද දක්නා ද ලැබෙති අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ අවසින් නික්ම යේවා තාගේ මෙහි විසීමෙන් කම් නැතැ’යි මෙසේත් ඒ මහණ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ ඒ භික්‍ෂූන්ට මෙසේ කියන්නේ නම්: භික්‍ෂූහු ඡන්‍දගාමීහු ද වෙති. භික්‍ෂූහු දෝසගාමීහු ද වෙති. භික්‍ෂූහු මෝහගාමීහු ද වෙති. භික්‍ෂූහු භයගාමීහු ද වෙත්. එබඳු ඇවැතින් ඇතැමකු නෙරති, ඇතැමකු නො නෙරති’යි. ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ඇවැත්නි, නහමක් මෙසේ කියව. භික්‍ෂූහු නො ද ඡන්‍දගාමීහු ය, භික්‍ෂූහු නො ද දෝසගාමීහු ය, භික්‍ෂූහු නො ද මෝහගාමීහු ය, භික්‍ෂූහු නො ද භයගාමීහු ය, ආයුෂ්මත් තෙම වැළිත් කුලදූෂක ය, ලාමක සමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ වැළිත් ලාමක සමාචාරයෝ දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිතකුලයෝ ද දක්නා ද ලැබෙති අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ අවසින් නික්ම යේවා තාගේ මෙහි විසීමෙන් කම් නැතැ’යි. මෙසේත් ඒ මහණ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ ම දැඩි ව ගෙණ සිටී නම් ඒ මහණ භික්‍ෂූන් විසින් ඒ වස්තුහුගේ දුරැලීම පිණිස තෙවනවට දක්වා සමනුභාසන කම් කළ යුත්තේ ය. ඉදින් තෙවනවට දක්වා සමනුභාසනය කරනු ලබන්නේ ඒ වස්තුව හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවැ. ඉදින් නො හැරපියා නම් සඟවෙසෙස් වේ ය” යි.
Pali BJT12. භික්ඛු පනෙව අඤ්ඤතරං ගාමං වා නිගමං වාති ගාමොපි නිගමොපි නගරම්පි ගාමො චෙව නිගමො ච.
Sinhala BJT12. භික්ඛු පනෙව අඤ්ඤතරං ගාමං වා නිගමං වා යනු: ගමුදු නිගමුදු නුවරුදු ගාම ද නිගම ද වෙයි.
Pali BJTඋපනිස්සාය විහරතීති තත්ථ පටිබද්ධා හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසන-ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා.
Sinhala BJTඋපනිස්සාය විහරති යනු: චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භේසජ්ජපරික්ඛාරයෝ ඇත් ද එහි පිළිබඳ වූවාහු වෙත්.
Pali BJTකුලං නාම: චත්තාරි කුලානි: ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං.
Sinhala BJTකුල නම්: ක්‍ෂත්‍රියකුල ය, බ්‍රාහ්මණකුල ය, වෛශ්‍යකුල ය ශුද්‍රකුල ය යි කුල සතරෙකි.
Pali BJTකුලදූසකොති කුලානි දූසෙති පුප්ඵෙන වා ඵලෙන වා චුණ්ණෙන වා මත්තිකාය වා දන්තකට්ඨෙන වා වෙළුනා වා{1} වෙජ්ජිකාය වා ජඞ්ඝපෙසනිකෙන වා.
Sinhala BJTකුලදූසකො යනු: මලින් හෝ පෙලෙන් හෝ සුණුයෙන් හෝ මැටියෙන් හෝ දැහැටිදඬුයෙන් හෝ හුණදඬුයෙන් හෝ වෙදකමින් හෝ හසුන්පත් ගෙණ යෑමෙන් හෝ කුලයන් දූෂණය කෙරෙයි.
Pali BJTපාපසමාචාරොති මාලාවච්ඡං රොපෙතිපි රොපාපෙතිපි, සිඤ්චතිපි සිඤ්චාපෙතිපි, ඔචිනාතිපි ඔචිනාපෙතිපි, ගන්ථෙතිපි ගන්ථාපෙතිපි. -පෙ-
Sinhala BJTපාපසමාචාරො යනු: මල්ගස් රෝපණය කෙරේ ද, රෝපණය කරවා ද, දිය ඉසී ද ඉස්වා ද, මල් නෙලා ද නෙළවා ද, මල් ගොතා ද ගොතවා ද -පෙ-
Pali BJTදිස්සන්ති චෙව සුය්යන්ති චාති යෙ සංමුඛා තෙ පස්සන්ති, යෙ තිරොක්ඛා තෙ සුණන්ති.
Sinhala BJTදිස්සන්ති චෙව සුය්යන්ති ච යනු: යම් කෙනෙක් හමූ වූවා හු නම් ඔහු දකිත්. යම් කෙනෙකු මුවහ වූවාහු නම් ඔහු අසත්.
Pali BJTකුලානි ච තෙන දුට්ඨානීති පුබ්බෙ සද්ධා හුත්වා තං ආගම්ම අස්සද්ධා හොන්ති, පසන්නා හුත්වා අප්පසන්නා හොන්ති.
Sinhala BJTකුලානි ච තෙන දුට්ඨානි යනු: පෙර සැදැහැති ව සිට ඔහු කරා පැමිණ සැදැහැ නැත්තාහු වෙති. පහන් ව සිට නො පහන් වූවාහු වෙත්.
Pali BJTදිස්සන්ති චෙව සුය්යන්ති චාති යෙ සංමුඛා තෙ පස්සන්ති, යෙ තිරොක්ඛා තෙ සුණන්ති.
Sinhala BJTදිස්සන්ති චෙව සුය්යන්ති ච යනු: යම් කෙනෙක් හමු වූවාහු නම් ඔහු දකිත්. යම් කෙනෙක් මුවහ වූවාහු නම් ඔහු අසත්.
Pali BJTසො භික්ඛූති යො සො කුලදූසකො භික්ඛු.
Sinhala BJTසො භික්ඛු යනු: යම් කුලදූෂක මහණෙක් වේ ද හෙතෙමේ යි.
Pali BJTභික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි. යෙ පස්සන්ති යෙ සුණන්ති. තෙහි වත්තබ්බො: “ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, පක්කමතායස්මා ඉමම්හා ආවාසා, අලං තෙ ඉධ වාසෙනා”ති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තෙ භික්ඛූ එවං වදෙය්ය: “ඡන්දගාමිනො ච භික්ඛූ දොසගාමිනො ච භික්ඛු මොහගාමිනො ච භික්ඛූ භයගාමිනො ච භික්ඛූ. තාදිසිකාය ආපත්තියා එකච්චං පබ්බාජෙන්ති එකච්චං න පබ්බාජෙන්තී”ති.
Sinhala BJTභික්ඛූහි යනු: අන්‍යභික්‍ෂූන් විසින් ය. යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කියයුත්තේ ය. ‘ආයුෂ්මත් තෙම කුලදූෂක ය පාපසමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ ලාමකසමාචාරයෝ දක්නා ද ලැබෙති. අසනු ද ලැබෙත් ආයුෂ්මත්හු විසින් දූෂිත වූ කුලයෝ ද දක්නා ද ලැබෙති අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ ආවාසයෙන් නික්ම යේවා තා මෙහි විසීමෙන් කම් නැතැ’යි. මෙසේත් ඒ මහණ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ ඒ භික්‍ෂූන්ට මෙසේ කියා නම් “භික්‍ෂූහු ඡන්‍දගාමීහු ද වෙති. භික්‍ෂූහු ද්වේෂගාමීහු ද වෙති. භික්‍ෂූහු මෝහගාමීහු ද වෙති. භික්‍ෂූහු භයගාමීහු ද වෙති. එබඳු ඇවැතින් ඇතැමෙකු නෙරපති, ඇතැමකු නො නෙරපත්”යයි.
Pali BJTසො භික්ඛූති යො සො කම්මකතො භික්ඛු.
Sinhala BJTසො භික්ඛු යනු: යම් කර්‍මකෘත වූ මහණෙක් වේ ද (හෙතෙමේයි).
Pali BJTභික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි. යෙ පස්සන්ති, සුණන්ති, තෙහි වත්තබ්බො: “මා ආයස්මා එවං අවච, න ච භික්ඛූ ඡන්දගාමිනො න ච භික්ඛූ දොසගාමිනො, න ච භික්ඛූ මොහගාමිනො න ච භික්ඛූ භයගාමිනො; ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, පක්කමතායස්මා ඉමම්හා ආවාසා අලං තෙ ඉධ වාසෙනා”ති. දුතියම්පි වත්තබ්බො තතියම්පි වත්තබ්බො සචෙ පටිනිස්සජ්ජති, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බො:– “මා ආයස්මා එවං අවච, න ච භික්ඛූ ඡන්දගාමිනො න ච භික්ඛූ දොසගාමිනො න ච භික්ඛූ මොහගාමිනො න ච භික්ඛූ භයගාමිනො, ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, පක්කමතායස්මා ඉමම්හා ආවාසා, අලං තෙ ඉධ වාසෙනා”ති.
Sinhala BJTභික්ඛූහි යනු: අන්‍යභික්‍ෂූන් විසින්, යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කියයුත්තේ ය. ‘ආයුෂ්මත් තෙම මෙසේ නහමක් කියාවා. භික්‍ෂූහු නො ද ඡන්‍දගාමීහු ය. භික්‍ෂූහු නො ද ද්වේෂගාමීහු ය, භික්‍ෂූහු නො ද මෝහගාමීහු ය, භික්‍ෂූහු නො ද භයගාමීහු ය. ආයුෂ්මත් තෙම වනාහි කුලදූෂක ය, පාපසමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ වැළිත් ලාමක වූ සමාචාරයෝ දක්නා ද ලැබෙති. අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිත වූ කුලයෝ ද දක්නා ද ලැබෙති. අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ ආවාසයෙන් නික්ම යේවා. තා මෙහි විසීමෙන් කම් නැතැ”යි. දෙවනුව ද කියයුත්තේ ය, තෙවනුව ද කියයුත්තේ යි. ඉදින් දුරලයි නම් මේ දුරැලීම මැනැවි. ඉදින් නො දුරලයි නම් දුකුළාඇවැත් වේ. අසා නො කියත් නම් දුකුළාඇවැත් වේ. එ මහණතෙම සඟමැදට ද ඇද කියයුත්තේ ය. ආයුෂ්මත් තෙම නහමක් මෙසේ කියාවා. භික්‍ෂූහු නො ද ඡන්‍දගාමීහු ය. භික්‍ෂූහු නො ද ද්වේෂගාමීහු ය. භික්‍ෂූහු නො ද මෝහගාමීහු ය. භික්‍ෂූහු නො ද භයගාමීහු ය. ආයුෂ්මත් තෙම වනාහි කුලදූෂක ය. පාපසමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ වැළිත් පාපසමාචාරයෝ දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිත වූ කුලයෝ ද දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ ආවාසයෙන් නික්ම යේවා. තා මෙහි විසීමෙන් කම් නැතැ’යි.
Pali BJTදුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු සමනුභාසිතබ්බො. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බො: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTදෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් දුරලා නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුරලා නම් දුකුළාඇවැත් වේ. ඒ මහණ තෙම සමනුභාසන කම් කළයුත්තේ යි. මෙසේත් මහණෙනි, සමනුභාසන කම් කළයුත්තේ යි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො භික්ඛූ ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙති, සො තං වත්ථුං න පටිනිස්සජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, එසා ඤත්ති:
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරනලදුයේ භික්‍ෂූන් ඡන්‍දගාමී බවට ද්වේෂගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවයි. හෙතෙම ඒ වස්තුව නො දුරලයි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් මහණහට සමනුභාසන කර්‍ම කරන්නේ ය. තෙල ඤත්ති යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො භික්ඛූ ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙති, සො තං වත්ථුං න පටිනිස්සජති. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සමනුභාසනා, තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය:
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණලදුයේ භික්‍ෂූන් ඡන්‍දගාමී බවට ද්වේෂගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවයි. හෙතෙම ඒ වස්තුව නො දුරලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාසන කර්‍ම කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාසනය රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රැස්නේ නම් හෙතෙම බණන්නේ යි.
Pali BJT“දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTදෙවනවට ද මෙපවත් කියමි. ... තෙවනවට ද මෙපවත් කියමි. ... සඞ්ඝයා විසින් මෙනම් මහණ තෙම ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාසනය කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුස්නේ ය. එහෙයින් මේ තූෂ්ණීම්භාවය යි. මෙය මෙසේ ධරමි”යි.