Pali BJTභික්ඛුන්ති අඤ්ඤං භික්ඛුං.
Sinhala BJTභික්ඛුං යනු: අන් මහණක්හු.
Pali BJTදුට්ඨො දොසොති කුපිතො අනත්තමනො අනභිරද්ධො ආහතචිත්තො ඛිලජාතො.
Sinhala BJTදුට්ඨො දෝසෝ යනු: කිපියේ නො සතුටු සිත් ඇත්තේ නො පහන් වූයේ කෝපයෙන් මැඩුණු සිත් ඇත්තේ (පිළිඝු) හුල් ඇත්තේ යි.
Pali BJTඅප්පතීතොති තෙන ච කොපෙන තෙන ච දොසෙන තාය ච අනත්තමනතාය තාය ච අනභිරද්ධියා අප්පතීතො හොති.
Sinhala BJTඅප්පතීතො යනු: ඒ කෝපයෙන් ද ඒ දෝෂයෙන් ද ඒ නො සතුටු සිත් ඇති බැවින් ද ඒ නො පහන් බැවින් ද නො සතුටු සිත් ඇත්තේ වේ.
Pali BJTඅමූලකං නාම අදිට්ඨං අසුතං අපරිසඞ්කිතං.
Sinhala BJTඅමූලක නම්: නො දක්නා ලදුයේ නො අසන ලදුයේ නො සැක කරණ ලදුයේ යි.
Pali BJTපාරාජිකෙන ධම්මෙනාති චතුන්නං අඤ්ඤතරෙන.
Sinhala BJTපාරාජිකෙන ධම්මෙන යනු: සතර පරිජි අතුරෙන් අන්‍යතරයෙකින්.
Pali BJTඅනුද්ධංසෙය්යාති චොදෙති වා චොදාපෙති වා.
Sinhala BJTඅනුද්ධංසෙය්‍ය යනු: චෝදනා කෙරෙයි හෝ චෝදනා කරවා හෝ.
Pali BJTඅප්පෙවනාම නං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්යන්ති භික්ඛුභාවා චාවෙය්යං, සමණධම්මා චාවෙය්යං සීලක්ඛන්ධා චාවෙය්යං තපොගුණා චාවෙය්යං.
Sinhala BJTඅප්පෙවනාම නං ඉම්මහා බ්‍රහ්මචරියා චාවෙය්‍යං යනු: භික්‍ෂු භාවයෙන් නෙරනෙම් නම් මහණදමින් නෙරනෙම් නම් ශීලස්කන්‍ධයෙන් නෙරනෙම් නම් තපෝගුණයෙන් නෙරනෙම් නම්.
Pali BJTතතො අපරෙන සමයෙනාති යස්මිං ඛණෙ අනුද්ධංසිතො හොති තං ඛණං තං ලයං තං මුහුත්තං වීතිවත්තෙ.
Sinhala BJTතතො අපරෙන සමයෙන යනු: යම් ඇසිල්ලෙක චෝදනා කරණ ලද්දේ වේ ද ඒ ඇසිල්ල ඒ ලය ඒ මොහොත ඉක්මගිය කල්හි.
Pali BJTසමනුග්ගාහියමානොති යෙන වත්ථුනා අනුද්ධංසිතො හොති තස්මිං වත්ථුස්මිං සමනුග්ගාහීයමානො.
Sinhala BJTසමනුග්ගාහියමානෝ යනු: යම් වස්තුයෙකින් චෝදනා කරණ ලද්දේ වේ ද ඒ වස්තුයෙහි ලා විචාරනු ලබන්නේ.
Pali BJTඅසමනුග්ගාහියමානොති න කෙනචි වුච්චමානො.
Sinhala BJTඅසමනුග්ගාහියමානෝ යනු: කිසිවක්හු විසින් නො කියනු ලබන්නේ.
Pali BJTඅධිකරණං නාම: චත්තාරි අධිකරණානි විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්චාධිකරණං.
Sinhala BJTඅධිකරණ නම්: සතර අධිකරණ කෙනෙකි: විවාදාධිකරණ ය අනුවාදාධිකරණ ය ආපත්තාධිකරණ ය කිච්චාධිකරණ යි.
Pali BJTභික්ඛු ච දොසං පතිට්ඨාතීති තුච්ඡකං මයා භණිතං, මුසා මයා භණිතං, අභූතං මයා භණිතං, අජානන්තෙන මයා භණිතං.
Sinhala BJTභික්ඛු ච දෝසං පතිට්ඨාති යනු: මා විසින් සිස් බස් කියන ලද, මා විසින් මුසවා කියන ලද, මා විසින් අභූතයක් කියන ලද, මා නො දන්නහු විසින් කියන ලද.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු: එයිනුදු සඞ්ඝාදිසේස යි කියනු ලැබේ ය යි.
Pali BJT16. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදෙති: “දිට්ඨො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT16. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ය. අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීය වෙහි, තා සමග පොහෝ කිරීමෙන් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT17. අසුතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති: “සුතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT17. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි නො අසන ලද්දේ වේ ද, ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි ය. අශ්‍රමණයෙහි, ආශාක්‍යපුත්‍රීය වෙහි, තා සමග පොහෝ කිරීමෙක් හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT18. අපරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති: ‘පරිසඞ්කිතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT18. චෝදක වූ ඔහු විසින් සැක නො කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට පරිජිඇවැත් අවන්නෙහි මා විසින් සැක කරණ ලද්දෙහි ය. අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග පොහෝ කිරීම හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍ම හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT19. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ, චොදෙති: “දිට්ඨො මයා සුතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT19. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි, ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි අසන ලද්දෙහි ද වෙහි. අශ්‍රමණයෙහි අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග පොහොය හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍ම හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT20. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදෙති: “දිට්ඨො මයා පරිසඞ්කිතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT20. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ද සැක කරණ ලද්දෙහි ද වෙහි. අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT21. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදෙති: “දිට්ඨො මයා සුතො ච පරිසඞ්කිතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT21. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ද අසන ලද්දෙහි ද සැක කරණ ලද්දෙහි ද වෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT22. අසුතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති “සුතො මයා පරිසඞ්කිතො ච -පෙ- සුතො මයා දිට්ඨො ච -පෙ- සුතො මයා පරිසඞ්කිතො ච දිට්ඨො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි” -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT22. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි නො අසන ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි ද ... මා විසින් අසන ලද්දෙහි දක්නා ලද්දෙහි ද ... මා විසින් අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි ද දක්නා ලද්දෙහි ද වෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT23. අපරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති: පරිසඞ්කිතො මයා දිට්ඨො ච -පෙ- පරිසඞ්කිතො මයා සුතො ච -පෙ- පරිසඞ්කිතො මයා දිට්ඨො ච සුතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT23. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි සැක නො කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ද ... මා විසින් පරිසඞ්කිතයෙහි අසන ලද්දෙහි ද ... මා විසින් පරිසඞ්කිතයෙහි දක්නා ලද්දෙහි ද අසන ලද්දෙහි ද වෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT24. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො. තඤ්චෙ චොදෙති: සුතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT24. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි ය ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT25. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදෙති: පරිසඞ්කිතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති -පෙ- තඤ්චෙ චොදෙති: සුතො මයා පරිසඞ්කිතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT25. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කෙරේ නම් (තෝ) පරිජිඇවැත් අවන්නෙහි යයි මා විසින් සැක කරණ ලද්දෙහි ය ... ඉදින් ඔහුට චෝදනා කෙරේ නම් (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි පරිසඞ්කිත ද වෙහි ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT26. සුතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති: “පරිසඞ්කිතො මයා -පෙ- දිට්ඨො මයා -පෙ- පරිසඞ්කිතො මයා දිට්ඨො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT26. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි අසන ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කෙරේ නම් ‘මා විසින් සැක කරණ ලද්දෙහි … මා විසින් දක්නා ලද්දෙහි ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් සැක කරන ලද්දෙහි ද ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT27. පරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තං චෙ චොදෙති: දිට්ඨො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- සුතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- දිට්ඨො මයා සුතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT27. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි සැක කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ය ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි ය ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි අසන ලද්දෙහි ද වෙහි, ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT28. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො. දිට්ඨෙ වෙමතිකො දිට්ඨං නො කප්පෙති, දිට්ඨං නස්සරති, දිට්ඨං පමුට්ඨො{1} හොති, -පෙ- සුතෙ වෙමතිකො සුතං නො කප්පෙති, සුතං නස්සරති, සුතං පමුට්ඨො හොති, -පෙ- පරිසඞ්කිතෙ වෙමතිකො පරිසඞ්කිතං නො කප්පෙති: පරිසඞ්කිතං නස්සරති, පරිසඞ්කිතං පමුට්ඨො හොති, තඤ්චෙ චොදෙති, පරිසඞ්කිතො මයා දිට්ඨො ච -පෙ- පරිසඞ්කිතො මයා සුතො ච -පෙ- පරිසඞ්කිතො මයා දිට්ඨො ච සුතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT28. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. දක්නා ලද්දෙහි විමති ඇත්තේ දක්නා ලද්ද නො හදහයි. දක්නා ලද්ද නො සිහි කෙරෙයි. දක්නා ලද්ද නැසුනේ වෙයි. ... ශ්‍රැතයෙහි විමති ඇත්තේ අසන ලද්ද නො හදහයි, අසන ලද්ද නො සිහි කෙරෙයි, අසන ලද්ද නැසුනේ වෙයි ... සැක කරණ ලද්දෙහි විමති ඇත්තේ සැක කරණ ලද්ද නො හදහයි, සැක කරණ ලද්ද නොසිහි කෙරෙයි, සැක කරණ ලද්ද නැසුනේ වෙයි. ඉදින් ඔහුට මා විසින් පරිසඞ්කිතයෙහි දක්නා ලද්දෙහි ද ... මා විසින් පරිසඞ්කිතයෙහි අසන ලද්දෙහි ද ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් පරිසඞ්කිතයෙහි දක්නා ලද්දෙහි ද අසනලද්දෙහි ද වෙහි අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි. තා සමග පොහෝ කිරීම හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍ම හෝ නැතැ’ යි චෝදනා කෙරේ නම්, තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT29. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො. තඤ්චෙ චොදාපෙති: “දිට්ඨොසි පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT29. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට ‘පරිජිඇවැත් අවන්නෙහි දක්නා ලද්දෙහි ය. අශ්‍රමණයෙහි අශාක්‍යපුත්‍රීයයෙහි තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’ යි චෝදනා කරවා නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT30. අසුතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, අපරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදාපෙති: “පරිසඞ්කිතොසි, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT30. චෝදක වූ ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’ යි නො අසන ලද්දේ වෙයි. ... ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’ යි සැක කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට ‘තෝ පරිජිඇවැත් අවන්නෙහි. පරිසඞ්කිතයෙහි ය. අශ්‍රමණයෙහි ... චෝදනා කරවා නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT31. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදාපෙති: දිට්ඨොසි සුතොසි -පෙ- දිට්ඨොසි පරිසඞ්කිතොසි -පෙ- දිට්ඨොසි සුතොසි පරිසඞ්කිතොසි, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, -පෙ- අසුතස්ස හොති, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදාපෙති: –සුතොසි පරිසඞ්කිතොසි -පෙ- සුතොසි දිට්ඨොසි -පෙ- සුතොසි පරිසඞ්කිතොසි දිට්ඨොසි -පෙ- අපරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදාපෙති; පරිසඞ්කිතොසි දිට්ඨොසි -පෙ- පරිසඞ්කිතොසි සුතොසි -පෙ- පරිසඞ්කිතොසි දිට්ඨොසි සුතොසි පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT31. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් දක්නා ලද්දෙහි අසන ලද්දෙහි ය ... දක්නා ලද්දෙහි සැක කරණ ලද්දෙහි ය ... දක්නා ලද්දෙහි අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි ... ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි නො අසන ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි ය ... දක්නා ලද්දෙහි සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ය … ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි සැක නො කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ය. ... සැක කරණ ලද්දෙහි අසන ලද්දෙහි ය ... සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි අසන ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි ය. අශ්‍රමණයෙහි ය. ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT32. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො. තඤ්චෙ චොදාපෙති: සුතොසි -පෙ- තඤ්චෙ චොදාපෙති: පරිසඞ්කිතොසි -පෙ- තඤ්චෙ චොදාපෙති: සුතොසි පරිසඞ්කිතොසි, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි -පෙ- ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT32. ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් අසන ලද්දෙහි ය ... ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘සැක කරණ ලද්දෙහි ය ... ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි අශ්‍රමණයෙහි’ ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT33. සුතස්ස හොති ‘පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො’ති -පෙ- පරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදාපෙති: දිට්ඨොසි -පෙ- තඤ්චෙ චොදාපෙති: සුතොසි -පෙ- තඤ්චෙ චොදාපෙති: දිට්ඨොසි සුතොසි පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT33. ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි අසන ලද්දේ වෙයි ... ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි සැක කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘දක්නා ලද්දෙහි ය. … ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘අසන ලද්දෙහි ය. ... ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘දක්නා ලද්දෙහි අසන ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි අශ්‍රමණයෙහි ය.’ … තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT34. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, දිට්ඨෙ වෙමතිකො දිට්ඨං නො කප්පෙති, දිට්ඨං නස්සරති, දිට්ඨං පමුට්ඨො හොති -පෙ- සුතෙ වෙමතිකො සුතං නො කප්පෙති සුතං නස්සරති සුතං පමුට්ඨො හොති -පෙ- පරිසඞ්කිතෙ වෙමතිකො පරිසඞ්කිතං නො කප්පෙති, පරිසඞ්කිතං නස්සරති, පරිසඞ්කිතං පමුට්ඨො හොති, තඤ්චෙ චොදාපෙති: පරිසඞ්කිතොසි දිට්ඨොසි -පෙ- පරිසඞ්කිතොසි සුතොසි -පෙ- පරිසඞ්කිතොසි දිට්ඨොසි සුතොසි පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වාති ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT34. චෝදනා කරවන ඔහු විසින් පරිජිඇවැත් අවදනා වූ හෙතෙම දක්නා ලද්දේ වෙයි. දක්නා ලද්දේ විමති ඇත්තේ දක්නා ලද්ද නො හදහයි. දක්නා ලද්ද නො සිහි කෙරෙයි. දක්නා ලද්ද නැසුනේ වෙයි. ... අසන ලද්දෙහි විමති ඇත්තේ අසන ලද්ද නො හදහයි, අසන ලද්ද නො සිහි කෙරෙයි, අසන ලද්ද නැසුනේ වෙයි. ... පරිසඞ්කිතයෙහි විමති ඇත්තේ පරිසඞ්කිතය නො හදහයි, පරිසඞ්කිතය නො සිහි කෙරෙයි, පරිසඞ්කිතය නැසුනේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ය … සැක කරණ ලද්දෙහි අසන ලද්දෙහි ය ... සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි අසන ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි ය. අශ්‍රමණයෙහි ය, අශාක්‍යපුත්‍රීයයෙහි ය තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කරවා නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT35. අසුද්ධෙ සුද්ධදිට්ඨි, සුද්ධෙ අසුද්ධදිට්ඨි, අසුද්ධෙ අසුද්ධදිට්ඨි, සුද්ධෙ සුද්ධදිට්ඨි.
Sinhala BJT35. අශුද්ධයා කෙරෙහි ශුද්ධදෘෂ්ටි ඇත්තේ යැ. ශුද්ධයා කෙරෙහි අශුද්ධදෘෂ්ටි ඇත්තේ යැ. අශුද්ධයා කෙරෙහි අශුද්ධදෘෂ්ටි ඇත්තේ යැ. ශුද්ධයා කෙරෙහි ශුද්ධදෘෂ්ටි ඇත්තේ යි.
Pali BJT36. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො, තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJT36. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට පැමිණියේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇත්තේ අවකාශ නො කරවා සස්නෙන් නෙරනු කැමැත්තේ කියා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වේ.
Pali BJT37. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො. තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො ඔකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT37. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට අවන්නේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇතියේ සස්නෙන් නෙරනු කැමැත්තේ අවකාශ කරවා කියා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT38. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදෙන දුක්කටස්ස.
Sinhala BJT38. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට අවන්නේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇත්තේ අවකාශ නො කරවා ආක්‍රෝශ කරණ රිසි ඇති ව කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ.
Pali BJT39. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො, තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
Sinhala BJT39. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට අවන්නේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව අවකාශ කරවා ආක්‍රෝශ කරණ රිසි ඇති ව කියා නම් ඔමසවාදයෙහි පචීතිඇවැත් වේ.
Pali BJT40. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT40. පුද්ගල තෙම ශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරනු කැමැත්තේ අවකාශ නො කරවා කියා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT41. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො ඔකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, අනාපත්ති.
Sinhala BJT41. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරනු කැමැත්තේ අවකාශ කරවා කියා නම් ඇවැත් නැති.
Pali BJT42. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදෙන දුක්කටස්ස.
Sinhala BJT42. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව ආක්‍රෝශ කරණ රිසි ඇත්තේ අවකාශ නො කරවා කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ.
Pali BJT43. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
Sinhala BJT43. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව ආක්‍රෝශ කරණ රිසි ඇතියේ අවකාශ කරවා කියා නම් ඔමසවාදයෙහි පචිතිඇවැත් වේ.
Pali BJT44. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති දුක්කටස්ස. -පෙ- ඔකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, අනාපත්ති -පෙ- අනෙකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදෙන දුක්කටස්ස -පෙ- ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
Sinhala BJT44. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට පැමිණියේ අශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරණ රිසි ඇතියේ අවකාශ නො කරවා කියා නම් දුකුළාඇවැත් වෙයි. ... සස්නෙන් නෙරණ රිසි ඇති ව අවකාශ කරවා කියා නම් ඇවැත් නැති ... ආක්‍රෝශ කරණ රිසි ඇති ව අවකාශ නො කරවා කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ ... ආක්‍රෝශ කරණ රිසි ඇති ව අවකාශ කරවා කියා නම් ඔමසවාදයෙහි පචීතිඇවැත් වේ.
Pali BJT45. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො අනෙකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- ඔකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස -පෙ- අනෙකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදෙන දුක්කටස්ස -පෙ- ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
Sinhala BJT45. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධය ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරණ රිසි ඇතියේ අවකාශ නො කරවා කියා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වේ. … සස්නෙන් නෙරණ රිසි ඇතියේ අවකාශ කරවා කියා නම් සඟවෙසෙස්ඇවැත් වේ. ... ආක්‍රෝශ කරණ රිසි ඇතියේ අවකාශ නො කරවා කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ ... ආක්‍රෝශ කරණ රිසි ඇතියේ අවකාශ කරවා කියා නම් ඔමසවාදයෙහි පචීතිඇවැත් වේ.
Pali BJT46. අනාපත්ති: සුද්ධෙ අසුද්ධදිට්ඨිස්ස, අසුද්ධෙ අසුද්ධදිට්ඨිස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT46. ශුද්ධයා කෙරෙහි අශුද්ධය යන දෘෂ්ටි ඇතියහුට, අශුද්ධයා කෙරෙහි අශුද්ධ ය යන දෘෂ්ටි ඇතියහුට, උන්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැත්තේ යි.
Pali BJTපඨම දුට්ඨදොස සික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTප්‍රථම දුට්ඨදෝස ශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 9.
Sinhala BJT3. 9.
Pali BJTදුතිය දුට්ඨදොස සික්ඛාපදං
Sinhala BJTදුතියදුට්ඨදෝසශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන මෙත්තියභුම්මජකා භික්ඛූ ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තා අද්දසංසු ඡගලකං{1} අජිකාය විප්පටිපජ්ජන්තං, දිස්වාන එවමාහංසු: “හන්ද මයං ආවුසො ඉමං ඡගලකං දබ්බං මල්ලපුත්තං නාම කරොම, ඉමං අජිකං මෙත්තියං නාම භික්ඛුනිං කරොම. එවං මයං වොහරිස්සාම. පුබ්බෙ මයං ආවුසො දබ්බං මල්ලපුත්තං සුතෙන අවොචුම්හ, ඉදානි පන අම්හෙහි සාමං දිට්ඨො මෙත්තියාය භික්ඛුනියා විප්පටිපජ්ජන්තො”ති. තෙ තං ඡගලකං දබ්බං මල්ලපුත්තං නාම අකංසු, තං අජිකං මෙත්තියං නාම භික්ඛුනිං අකංසු. තෙ භික්ඛූනං ආරොචෙසුං: ‘පුබ්බෙ මයං ආවුසො දබ්බං මල්ලපුත්තං සුතෙන අවොචුම්හ ඉදානි පන අම්හෙහි සාමං දිට්ඨො මෙත්තියාය භික්ඛුනියා විප්පටිපජ්ජන්තො’ති. භික්ඛූ එවමාහංසු: “මා ආවුසො එවං අවචුත්ථ, නායස්මා දබ්බො මල්ලපුත්තො එවං කරිස්සතී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වාසය කෙරෙති. තවද එසමයෙහි මෙත්තියභුම්මජක නම් භික්‍ෂූහු ගිජුකුළුපව්වෙහි සිට බස්නාහු එළියක සමග මෙවුන්දම්හි හැසිරෙණ එළුවකු දැක මෙසේ කීහු. “ඇවැත්නි, අපි දැන් මේ එළුවා දබ්බමල්‍යපුත්‍ර යයි නම් කරම්හ. මේ එළිය මෙත්තියා නම් භික්‍ෂුණිය කරම්හ. අපි මෙසේ ව්‍යවහාර කරම්හ. ඇවැත්නි, පෙර අපි දබ්බමල්‍යපුත්‍රහට ශ්‍රැතයෙන් චෝදනා කළම්හ. දැන් වැළිත් අප විසින් ‘මෙත්තියා මෙහෙණ සමග මෙවුන්දම්හි හැසිරෙණුයේ තමන් ම දක්නා ලද්දේ ය’යි. ඔහු ඒ එළුවා ‘දබ්බමල්‍යපුත්‍ර’යි නම් කළහ. ඒ එළිය ‘මෙත්තියා’ නම් භික්‍ෂුණිය කළහ. ඔහු භික්‍ෂූන්ට ආරෝචනය කළහ. ‘ඇවැත්නි, අපි පෙර දබ්බමල්‍යපුත්‍රහට ශ්‍රැතයෙන් කීම්හ. දැන් වැළිත් අප විසින් මෙත්තියා භික්‍ෂුණිය සමග මෙවුන්දම්හි හැසිරෙණුයේ තමන් ම දක්නා ලද්දේය’යි. භික්‍ෂූහු මෙසේ කීහු, ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ මෙසේ නො කරන්නාහ’යි.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං පටිපුච්ඡි: “සරසි ත්වං දබ්බ එවරූපං කත්තා, යථයිමෙ භික්ඛූ ආහංසූ”ති. “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. දුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “සරසි ත්වං දබ්බ එවරූපං කත්තා, යථයිමෙ භික්ඛූ ආහංසූ”ති. “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. “න ඛො දබ්බ දබ්බා එවං නිබ්බෙඨෙන්ති. සචෙ තයා කතං කතන්ති වදෙහි, සචෙ අකතං අකතන්ති වදෙහී”ති. “යතො අහං භන්තෙ ජාතො නාභිජානාමි සුපිනන්තෙනපි මෙථුනං ධම්මං පතිසෙවිතා, පගෙව ජාගරො”ති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛුවෙ ඉමෙ භික්ඛූ අනුයුඤ්ජථා”ති. ඉදං වත්වා භගවා උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJT2. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙකරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් පුළුවුත් සේක. ‘දබ්බය, යම්සේ මේ භික්‍ෂූහු කීහු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ?’යි. යම්සේ භාග්‍යවතුන් වහන්සේ මා දන්නා සේක් නම් (එසෙයින් දතයුතු වෙමි) යි, බුදුහු දෙවන වට ද ... බුදුහු තෙවන වට ද ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට මෙය වදාළහ. “දබ්බය, යම්සේ මේ භික්‍ෂූහු කීහු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ? යි. යම්සේ භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක් ද ‘එසෙයින් දතයුතු වෙමි’යි. දබ්බය, පණ්ඩිතයෝ මෙසේ (පර ප්‍රත්‍යයෙන්) නිරවුල් නො කෙරෙති. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව. ඉදින් තා විසින් නො කරණ ලද නම් නො කරණ ලදැ යි කියව”යි. ‘ස්වාමීනි, මම යම් කලෙක උපන්නෙම් ද එතැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවියෙම් නො දන්මි. නිදි වැරුයෙම් කැලමැ’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූ සේක. ‘එසේ වී නම් මහණෙනි, මේ භික්‍ෂූන් විමසව’යි. මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
Pali BJT3. අථ ඛො තෙ භික්ඛූ මෙත්තියභුම්මජකෙ භික්ඛූ අනුයුඤ්ජිංසු.{*} “කිං පන තුම්හෙ ආවුසො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙථා’ති. ‘එවමාවුසො’ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ දබ්බං මල්ලපුත්තං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙථා”ති. “සච්චං භගවා” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා දබ්බං මල්ලපුත්තං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චි දෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙස්සථ නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT3. ඉක්බිති ඒ භික්‍ෂූහු මෙත්තියභුම්මජක භික්‍ෂූන් විමසූහ. කිමෙක් ද “ඇවැත්නි, තෙපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු දැ?”යි. ‘එසේය ඇවැත්නි’යි. යම් අපිස් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් මෙත්තියභුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කෙරෙත් දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ‘සැබෑවෙක් ද මහණෙනි, තෙපි දබ්බමල්‍යපුත්‍රයට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු දැ?’යි. ‘සැබව භාග්‍යවතුන් වහන්සැ’යි. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. ‘කෙසේ නම් සිස්පුරුෂයෙනි, තෙපි දබ්බමල්‍යපුත්‍රහට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු ද, සිස් පුරුෂයෙනි, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු.
Pali BJT“යො පන භික්ඛු භික්ඛුං දුට්ඨො දොසො අප්පතීතො අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙය්ය, අප්පෙවනාම නං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්යන්ති. තතො අපරෙන සමයෙන සමනුග්ගාහීයමානො වා අසමනුග්ගාහියමානො වා අඤ්ඤභාගියං චෙව තං අධිකරණං හොති, කොචි දෙසො ලෙසමත්තො උපාදින්නො, භික්ඛු ච දොසං පතිට්ඨාති, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT‘යම් මහණෙක් දූෂිත වූයේ නො සතුටුසිත් ඇත්තේ ‘මොහු මෙසස්නෙන් නෙරනෙම් නම් යෙහෙකැ’යි අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙණ මහණක්හට පරිජිඇවතින් චෝදනා කරන්නේ නම්, එයින් පසුකලෙක විචාරනු ලබන්නේ හෝ නො විචාරණු ලබන්නේ හෝ ඒ අධිකරණය අන්‍යභාගියද වේ නම් ඒකදේශ වූ ලේශමාත්‍රයක් ගන්නා ලද්දේ නම් ‘චෝදක මහණ තෙමේත් දෝෂයෙහි පිහිටා නම් සඟවෙසෙස් වේය’යි.
Pali BJT4. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT4. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්ඛු යයි අදහස් කරණ ලද්දේ ය.
Pali BJTභික්ඛුන්ති අඤ්ඤං භික්ඛුං.
Sinhala BJTභික්ඛුං යනු: අන් මහණක්හට.
Pali BJTදුට්ඨො දොසොති කුපිතො අනත්තමනො අනභිරද්ධො ආහතචිත්තො ඛිලජාතො.
Sinhala BJTදුට්ඨො දෝසෝ යනු: කිපියේ නො සතුටුසිත් ඇත්තේ නො පහන් වූයේ කොවින් මැඬුණු සිත් ඇත්තේ හටගත් (පිළිඝු) හුල් ඇත්තේ.
Pali BJTඅප්පතිතොති තෙන ච කොපෙන තෙන ච දොසෙන තාය ච අනත්තමනතාය තාය ච අනභිරද්ධියා අප්පතීතො හොති.
Sinhala BJTඅප්පතීතො යනු: ඒ කෝපයෙන් ද ඒ දෝෂයෙන් ද ඒ නො සතුටුසිත් ඇති බැවින් ද ඒ නො පහන් බැවින් ද නො සතුටුසිත් ඇත්තේ වේ.
Pali BJTඅඤ්ඤභාගියස්ස අධිකරණස්සාති ආපත්තඤ්ඤභාගියං වා හොති අධිකරණඤ්ඤභාගියං වා. කථං අධිකරණං අධිකරණස්ස අඤ්ඤභාගියං. විවාදාධිකරණං අනුවාදාධිකරණස්ස ආපත්තාධිකරණස්ස කිච්චාධිකරණස්ස අඤ්ඤභාගියං, අනුවාදාධිකරණං ආපත්තාධිකරණස්ස කිච්චාධිකරණස්ස විවාදාධිකරණස්ස අඤ්ඤභාගියං, ආපත්තාධිකරණං කිච්චාධිකරණස්ස විවාදාධිකරණස්ස අනුවාදාධිකරණස්ස අඤ්ඤභාගියං, කිච්චාධිකරණං විවාදාධිකරණස්ස අනුවාදාධිකරණස්ස ආපත්තාධිකරණස්ස අඤ්ඤභාගියං. එවං අධිකරණං අධිකරණස්ස අඤ්ඤභාගියං.
Sinhala BJTඅඤ්ඤභාගියස්ස අධිකරණස්ස යනු: ආපත්ති අන්‍යභාගිය හෝ අධිකරණ අන්‍යභාගිය හෝ වෙයි. කිසෙයින් අධිකරණය අධිකරණයට අන්‍යභාග වේ ද? යත්: විවාදාධිකරණය අනුවාදාධිකරණයට ආපත්තාධිකරණයට කිච්චාධිකරණයට අන්‍යභාගිය වෙයි. අනුවාදාධිකරණය ආපත්තාධිකරණයට කිච්චාධිකරණයට විවාදාධිකරණයට අන්‍යභාගිය වෙයි. ආපත්තාධිකරණය කිච්චාධිකරණයට විවාදාධිකරණයට අනුවාදාධිකරණයට අන්‍යභාගිය වෙයි. කිච්චාධිකරණය විවාදාධිකරණයට අනුවාදාධිකරණයට ආපත්තාධිකරණයට අන්‍යභාගිය වෙයි. මෙසෙයින් අධිකරණය අධිකරණයට අන්‍යභාගිය වේ.
Pali BJTකථං අධිකරණං අධිකරණස්ස තබ්භාගියං? විවාදාධිකරණං විවාදාධිකරණස්ස තබ්භාගියං. අනුවාදාධිකරණං අනුවාදාධිකරණස්ස තබ්භාගියං. ආපත්තාධිකරණං ආපත්තාධිකරණස්ස සියා තබ්භාගියං සියා අඤ්ඤභාගියං.
Sinhala BJTකිසෙයින් අධිකරණය අධිකරණයට තද්භාගිය වේ ද? යත්: විවාදාධිකරණය විවාදාධිකරණයට තද්භාගිය වෙයි. අනුවාදාධිකරණය අනුවාදාධිකරණයට තද්භාගිය වෙයි. ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට තද්භාගිය ද වන්නේ ය. අන්‍යභාගිය ද වන්නේ යි.
Pali BJTකථං ආපත්තාධිකරණං ආපත්තාධිකරණස්ස අඤ්ඤභාගියං? මෙථුනධම්මපාරාජිකාපත්ති අදින්නාදානපාරාජිකාපත්තියා මනුස්සවිග්ගහපාරාජිකාපත්තියා උත්තරිමනුස්සධම්ම-පාරාජිකාපත්තියා අඤ්ඤභාගියා. අදින්නාදානපාරාජිකාපත්ති මනුස්සවිග්ගහපාරාජිකාපත්තියා උත්තරිමනුස්සධම්මපාරාජිකාපත්තියා මෙථුනධම්මපාරාජිකාපත්තියා අඤ්ඤභාගියා. මනුස්සවිග්ගහපාරාජිකාපත්ති උත්තරිමනුස්සධම්මපාරාජිකාපත්තියා මෙථුනධම්ම-පාරාජිකාපත්තියා අදින්නාදානපාරාජිකාපත්තියා අඤ්ඤභාගියා. උත්තරිමනුස්සධම්ම-පාරාජිකාපත්ති මෙථුනධම්මපාරාජිකාපත්තියා අදින්නාදානපාරාජිකාපත්තියා මනුස්සවිග්ගහපාරාජිකාපත්තියා අඤ්ඤභාගියා. එවං ආපත්තාධිකරණං ආපත්තාධිකරණස්ස අඤ්ඤභාගියං.
Sinhala BJTකිසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට අන්‍යභාගිය වේ ද? යත්: මෛථුනධර්‍මමපාරාජිකාපත්තිය අදින්නාදානපරාජිකාපත්තියට මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට අන්‍යභාගිය වෙයි. අදත්තාදානපාරාජිකාපත්තිය මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට මෛථුනධර්‍මමපාරාජිකාපත්තිය අන්‍යභාගිය වෙයි. මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තිය උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට මෛථුනධර්‍මපාරාජිකාපත්තියට අදත්තාදානදානපරාජිකාපත්තියට අන්‍යභාගිය වෙයි. උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තිය මෛථුනධර්‍මපාරාජිකාපත්තියට අදත්තාදානපාරාජිකාපත්තියට මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට අන්‍යභාගිය වෙයි. මෙසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට අන්‍යභාගිය වේ.
Pali BJTකථඤ්ච ආපත්තාධිකරණං ආපත්තාධිකරණස්ස තබ්භාගියං? මෙථුනධම්මපාරාජිකාපත්ති මෙථුනධම්මපාරාජිකාපත්තියා තබ්භාගියා. අදින්නාදානපාරාජිකාපත්ති අදින්නාදාන-පාරාජිකාපත්තියා තබ්භාගියා. මනුස්සවිග්ගහපාරාජිකාපත්ති මනුස්සවිග්ගහපාරාජිකාපත්තියා තබ්භාගියා. උත්තරිමනුස්සධම්මපාරාජිකාපත්ති උත්තරිමනුස්සධම්මපාරාජිකා-පත්තියා තබ්භාගියා. එවං ආපත්තාධිකරණං ආපත්තාධිකරණස්ස තබ්භාගියං.
Sinhala BJTයළි කිසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට තද්භාගිය වේ ද? යත්: මෛථුනධර්‍මපාරාජිකාපත්තිය මෛථුනධර්‍මපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. අදත්තාදානපාරාජිකාපත්තිය අදත්තාදානපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තිය මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තිය උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. මෙසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට තද්භාගිය වේ.
Pali BJTකිච්චාධිකරණං කිච්චාධිකරණස්ස තබ්භාගියං. එවං අධිකරණං අධිකරණස්ස තබ්භාගියං.
Sinhala BJTකිච්චාධිකරණය කිච්චාධිකරණයට තද්භාගිය වෙයි. මෙසෙයින් අධිකරණය අධිකරණයට තද්භාගිය වේ.
Pali BJTකිඤ්චි දෙසං ලෙසමත්තං උපාදායාති ලෙසො නාම: දසලෙසා: ජාතිලෙසො, නාමලෙසො ගොත්තලෙසො ලිඞ්ගලෙසො ආපත්තිලෙසො පත්තලෙසො චීවරලෙසො උපජ්ඣායලෙසො ආචරියලෙසො සෙනාසනලෙසො.
Sinhala BJTකිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය යනු: ලෙස නම් දශ ලේශ කෙනෙකි. ජාති ලේශ යැ නාමලේශ යැ ගෝත්‍රලේශ යැ ලිඞ්ගලෙශ යැ ආපත්ති ලේශ යැ පාත්‍ර ලේශ යැ චීවර ලේශ යැ උපාධ්‍යාය ලේශ යැ ආචාර්‍ය්‍ය ලේශ යැ ශයනාසන ලේශ යි.
Pali BJTජාතිලෙසො නාම: ඛත්තියො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, අඤ්ඤං ඛත්තියං පස්සිත්වා චොදෙති: “ඛත්තියො මයා දිට්ඨො පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වාති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස. බ්රාහ්මණො දිට්ඨො හොති -පෙ- වෙස්සො දිට්ඨො හොති -පෙ- සුද්දො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, අඤ්ඤං සුද්දං පස්සිත්වා චොදෙති: සුද්දො මයා දිට්ඨො පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTජාතිලෙස නම්: චෝදකයා විසින් පරිජිඇවැත් අවදනා ක්‍ෂත්‍රියයෙක් දක්නා ලද්දේ වෙයි. (හෙතෙම) අන්‍යක්‍ෂත්‍රිය මහණක්හු දැක මා විසින් (පරිජිඇවැත් අවදනා) ක්‍ෂිත්‍රියයෙක් දක්නා ලද්දේ ය. (ක්‍ෂත්‍රිය වූ තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ. බමුණෙක් දක්නා ලද්දේ වෙයි. ... වෛශ්‍යයෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා ශුද්‍රයෙක් දක්නා ලද්දේ වෙයි. (හෙතෙම) අන්‍යශුද්‍ර පැවිද්දකු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) ශුද්‍රයෙක් දක්නා ලද්දේ ය. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTනාමලෙසො නාම: බුද්ධරක්ඛිතො දිට්ඨො හොති -පෙ- ධම්මරක්ඛිතො දිට්ඨො හොති -පෙ- සඞ්ඝරක්ඛිතො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො . අඤ්ඤං සඞ්ඝරක්ඛිතං පස්සිත්වා චොදෙති: සඞ්ඝරක්ඛිතො මයා දිට්ඨො පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTනාමලෙස නම්: (චෝදක මහණහු විසින්) බුද්ධරක්ඛිත නමැත්තෙක් දක්නා ලද්දේ වෙයි. ... ධම්මරක්ඛිත නමැත්තෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා සඞ්ඝරක්ඛිත නමැත්තෙක් දක්නා ලද්දේ වෙයි. හේ සඞ්ඝරක්ඛිත නම් අනෙකක්හු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) සඞ්ඝරක්ඛිත දක්නා ලද්දේ ය. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTගොත්තලෙසො නාම: ගොතමො දිට්ඨො හොති -පෙ- මොග්ගල්ලානො දිට්ඨො හොති -පෙ- කච්චායනො දිට්ඨො හොති -පෙ- වාසිට්ඨො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, අඤ්ඤං වාසිට්ඨං පස්සිත්වා චොදෙති: වාසිට්ඨො මයා දිට්ඨො පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTගොත්තලෙස නම්: (චෝදක මහණහු විසින්) ගොතම ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. ... මොග්ගල්ලාන ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. ... කච්චායන ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා වාසිට්ඨ ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. හේ වාසිට්ඨ ගෝත්‍ර ඇති අන් පැවිද්දකු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) වාශිෂ්ඨයෙක් දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTලිඞ්ගලෙසො නාම: දීඝො දිට්ඨො හොති -පෙ- රස්සො දිට්ඨො හොති -පෙ- කණ්හො දිට්ඨො හොති -පෙ- ඔදාතො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, අඤ්ඤං ඔදාතං පස්සිත්වා චොදෙති: ඔදාතො මයා දිට්ඨො, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTලිඞ්ගලෙස නම්: දිගුල්ලෙක් දක්නා ලද්දේ වෙයි. ... ලුහුඬුයෙක් දක්නා ලද්දේ වෙයි. ... කළුලුයෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා හෙළලුයෙක් දක්නා ලද්දේ වෙයි. හේ අන් හෙළලු පැවිද්දකු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) හෙළලුයෙක් දක්නා ලද්දේ ය. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTආපත්තිලෙසො නාම: ලහුකං ආපත්තිං ආපජ්ජන්තො දිට්ඨො හොති, තඤ්චෙ පාරාජිකෙන චොදෙති: “අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTආපත්ති ලෙස නම්: ලුහුඇවැත් අවදනා පැවිද්දෙක් දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, ... පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTපත්තලෙසො නාම ලොහපත්තධරො දිට්ඨො හොති -පෙ- සාටකපත්තධරො දිට්ඨො හොති -පෙ- සුම්භකපත්තධරො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, අඤ්ඤං සුම්භකපත්තධරං පස්සිත්වා චොදෙති: සුම්භකපත්තධරො මයා දිට්ඨො පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTපත්ත ලෙස නම්: ලොහොමුවා පා දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. ... සාටකපාත්‍ර (ඔප්නැගූ මැටිපා) දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා සුම්භකපාත්‍ර (පියවි මැටිපා) දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. හේ පියවි මැටිපා දරණ අන් මහණක්හු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) පියවි මැටිපා දරන්නෙක් දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTචීවරලෙසො නාම: පංසුකූලිකො දිට්ඨො හොති -පෙ- ගහපතිචීවරධරො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, අඤ්ඤං ගහපතිචීවරධරං පස්සිත්වා චොදෙති: “ගහපතිචීවරධරො මයා දිට්ඨො, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTචීවර ලෙස නම්: පසුල් සිවුරු දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා ගැහැවිසිවුරු දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. හේ ගැහැවිසිවුරු දරණ අන් මහණක්හු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) ගැහැවිසිවුරු දරන්නෙක් දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඋපජ්ඣායලෙසො නාම: ඉත්ථන්නාමස්ස සද්ධිවිහාරිකො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, අඤ්ඤං ඉත්ථන්නාමස්ස සද්ධිවිහාරිකං පස්සිත්වා චොදෙති: පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTඋපජ්ඣාය ලෙස නම්: මෙනම් ඇත්තහුගේ පරිජිඇවැත් අවදනා සද්ධිවිහාරිකයෙක් දක්නා ලද වෙයි. මෙනම් ඇත්තහුගේ අන් සද්ධිවිහාරික පැවිද්දකු දැක ‘මා විසින් මෙනම් මහණහුගේ (පරිජිඇවැත් අවදනා) සද්ධිවිහාරික තෙම දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTආචරියලෙසො නාම: ඉත්ථන්නාමස්ස සද්ධිවිහාරිකො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, අඤ්ඤං ඉත්ථන්නාමස්ස සද්ධිවිහාරිකං පස්සිත්වා චොදෙති: පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTආචරිය ලෙස නම්: මෙනම් ඇත්තහුගේ පරිජිඇවැත් අවදනා අතැවැසියෙක් දක්නා ලද්දේ වෙයි. හේ මෙනම් ඇත්තහුගේ අන් අතැවැසි පැවිද්දකු දැක ‘මා විසින් මෙනම් ඇත්තහුගේ (පරිජිඇවැත් අවදනා) අතැවැසි තෙම දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTසෙනාසනලෙසො නාම: ඉත්ථන්නාමස්ස සෙනාසනවාසිකො දිට්ඨො හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, අඤ්ඤං ඉත්ථන්නාමස්ස සෙනාසනවාසිකං පස්සිත්වා චොදෙති: “ඉත්ථන්නාමස්ස සෙනාසනවාසිකො මයා දිට්ඨො පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො’සි, අස්සමණො’සි, අසක්යපුත්තියො’සි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා’ති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTසේනාසන ලෙස නම්: මෙනම් ඇත්තහුගේ සෙනසුන් වැසි වූ පරිජිඇවැත් අවදනා මහණෙක් දක්නා ලද වෙයි. මෙනම් ඇත්තහුගේ සෙනසුන් වැසි අන් මහණක්හු දැක ‘මා විසින් මෙනම් ඇත්තහුගේ සෙනසුන් වැසි (පරිජිඇවැත් අවදනා) මහණ දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි. තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTපාරාජිකෙන ධම්මෙනාති චතුන්නං අඤ්ඤතරෙන.
Sinhala BJTපාරාජිකෙන ධම්මෙන යනු: සතර පරිජි අතුරෙන් එක්තරයෙකින්.
Pali BJTඅනුද්ධංසෙය්යාති චොදෙති වා චොදාපෙති වා.
Sinhala BJTඅනුද්ධංසෙය්‍ය යනු: චෝදනා කෙරෙයි හෝ චෝදනා කරවා හෝ
Pali BJTඅප්පෙවනාම නං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්යන්ති භික්ඛුභාවා චාවෙය්යං සමණධම්මා චාවෙය්යං, සීලක්ඛන්ධා චාවෙය්යං, තපොගුණා චාවෙය්යං.
Sinhala BJTඅප්පෙවනාම නං ඉමම්හා බ්‍රහ්මචරියා චාවෙය්‍ය යනු: භික්‍ෂු භාවයෙන් ගළවන්නෙම් නම්, ශ්‍රමණධර්‍මයෙන් ගළවන්නෙම් නම් ශීලස්කන්‍ධයෙන් ගළවන්නෙම් නම්.
Pali BJTතතො අපරෙන සමයෙනාති යස්මිං ඛණෙ අනුද්ධංසිතො හොති තං ඛණං තං ලයං තං මුහුත්තං වීතිවත්තෙ.
Sinhala BJTතතො අපරෙන සමයෙන යනු: යම් ඇසිල්ලෙක්හි චෝදනා කරණ ලද වේ ද ඒ ඇසිල්ල, ඒ ලය, මොහොත, ඉක්මැගිය කල්හි.
Pali BJTසමනුග්ගාහියමානොති යෙන වත්ථුනා අනුද්ධංසිතො හොති, තස්මිං වත්ථුස්මිං සමනුග්ගාහීයමානො.
Sinhala BJTසමනුග්ගාහියමානෝ යනු: යම් පාරාජික වස්තුයෙකින් චෝදනා කරණ ලද්දේ වේ ද ඒ වස්තුයෙහි විචාරනු ලබන්නේ.
Pali BJTඅසමනුග්ගාහියමානොති න කෙනචි වුච්චමානො.
Sinhala BJTඅසමනුග්ගාහියමානෝ යනු: කිසි වස්තුයෙකින් නො කියනු ලබන්නේ
Pali BJTඅධිකරණං නාම චත්තාරි අධිකරණානි විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත්තාධිකරණං, කිච්චාධිකරණං.
Sinhala BJTඅධිකරණ නම්: අධිකරණ සතරෙකි: විවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යි.
Pali BJTකොචි දෙසො ලෙසමත්තො උපාදින්නොති තෙසං ලෙසානං අඤ්ඤතරො ලෙසො උපාදින්නො හොති.
Sinhala BJTකොවි දෙසො ලෙසමත්තො උපාදින්තො යනු: ඒ ලේශයන් අතුරෙන් එක්තරා ලේශයෙක් ගන්නා ලද්දේ වේ.
Pali BJTභික්ඛු ච දොසං පතිට්ඨාතීති තුච්ඡකං මයා භණිතං, මුසා මයා භණිතං, අභූතං මයා භණිතං, අජානන්තෙන මයා භණිතං.
Sinhala BJTභික්ඛු ච දෝසං පතිට්ඨාති යනු: සිස්බසෙක් මා විසින් කියන ලද යැ, මුසවායෙක් මා විසින් කියන ලද යැ, අභූතයෙක් මා විසින් කියන ලද යැ, මා නො දන්නහු විසින් කියන ලදී.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු කියනු ලැබෙයි ‘සඞ්ඝාදිසේසො’යි
Pali BJT5. භික්ඛු සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො හොති, සඞ්ඝාදිසෙසෙ සඞ්ඝාදිසෙසදිට්ඨි හොති. තඤ්චෙ පාරාජිකෙන චොදෙති: “අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වාති, එවම්පි ආපත්තඤ්ඤභාගියං හොති, ලෙසො ච උපාදින්නො, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT5. (චෝදක මහණ විසින්) සඟවෙසෙස් අවදනා මහණ තෙම දක්නා ලද්දේ වෙයි. සඟවෙසෙස්හි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැත් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි, ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT6. භික්ඛු සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො හොති, සඞ්ඝාදිසෙසෙ ථුල්ලච්චයදිට්ඨි හොති -පෙ- පාචිත්තියදිට්ඨි හොති -පෙ- පාටිදෙසනීයදිට්ඨි හොති -පෙ- දුක්කටදිට්ඨි හොති -පෙ- දුබ්භාසිතදිට්ඨි හොති තඤ්චෙ පාරාජිකෙන චොදෙති: අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- එවම්පි ආපත්තඤ්ඤභාගියං හොති, ලෙසො ච උපාදින්නො, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT6. සඟවෙසෙස් අවදනා මහණෙක් දක්නා ලද්දේ වෙයි. සඟවෙසෙස් තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පිළිදෙස්නී ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි අශාක්‍යපුත්‍රීයයෙහි …’යි පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT7. භික්ඛු ථුල්ලච්චයං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො හොති, දුබ්භාසිතෙ දුබ්භාසිතදිට්ඨි හොති, තඤ්චෙ පාරාජිකෙන චොදෙති: අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- එවම්පි ආපත්තඤ්ඤභාගියං හොති, ලෙසො ච උපාදින්නො, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT7. මහණ තෙම තුලැසි ... පචිති ... පිළිදෙස්නී ... දුකුළා ... දුබැසි ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. දුබැසියෙහි දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, …’යි පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT8. භික්ඛු දුබ්භාසිතං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො හොති, දුබ්භාසිතෙ සඞ්ඝාදිසෙසදිට්ඨි හොති -පෙ- දුබ්භාසිතෙ ථුල්ලච්චයපාචිත්තියපාටිදෙසනීයදුක්කට දිට්ඨි හොති. තඤ්චෙ පාරාජිකෙන චොදෙති: අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වාති, එවම්පි ආපත්තඤ්ඤභාගියං හොති ලෙසො ච උපාදින්නො, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT8. මහණ තෙම දුබැසිඇවැත් අවදනේ දක්නා ලද වෙයි. දුබැසියෙහි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි … දුබැසියෙහි තුලැසි පචිති පිළිදෙස්නී දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඑකෙකං මූලං කාතුන චක්කං බන්ධිතබ්බං
Sinhala BJTඑකක් එකක් මුල් කොටගෙන චක්‍රය බැන්ද යුතු.
Pali BJT9. භික්ඛු සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො හොති, සඞ්ඝාදිසෙසෙ සඞ්ඝාදිසෙසදිට්ඨි හොති. තඤ්චෙ පාරාජිකෙන චොදාපෙති: “අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති. එවම්පි ආපත්තඤ්ඤභාගියං හොති, ලෙසො ච උපාදින්නො, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT9. මහණ තෙම සඟවෙසෙස්ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. සඟවෙසෙස්හි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT10. භික්ඛු සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො හොති, සඞ්ඝාදිසෙසෙ ථුල්ලච්චයදිට්ඨි හොති -පෙ- පාචිත්තියදිට්ඨි හොති -පෙ- පාටිදෙසනීයදිට්ඨි හොති -පෙ- දුක්කටදිට්ඨි හොති -පෙ- දුබ්භාසිතදිට්ඨි හොති -පෙ- තඤ්චෙ පාරාජිකෙන චොදාපෙති: “අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ-” එවම්පි ආපත්තඤ්ඤභාගියං හොති, ලෙසො ච උපාදින්නො, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT10. මහණ තෙම සඟවෙසෙස්ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. සඟවෙසෙස්හි තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... පිළිදෙස්නි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ...’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT11. භික්ඛු ථුල්ලච්චයං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො හොති, ථුල්ලච්චයෙ ථුල්ලච්චයදිට්ඨි හොති -පෙ- ථුල්ලච්චයෙ පාචිත්තියදිට්ඨි හොති -පෙ- පාටිදෙසනීයදිට්ඨි හොති -පෙ- දුක්කටදිට්ඨි හොති -පෙ- දුබ්භාසිතදිට්ඨි හොති, සඞ්ඝාදිසෙසදිට්ඨි හොති. තඤ්චෙ පාරාජිකෙන චොදාපෙති: “අස්සමණොසි, අසක්යපුත්තියොසි” -පෙ- එවම්පි ආපත්තඤ්ඤභාගියං හොති, ලෙසො ච උපාදින්නො, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT11. මහණ තෙම ථුලැසිඇවැත් අවදනේ දක්නා ලද වෙයි. තුලැසියෙහි තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි … තුලැසියෙහි පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පිළිදෙස්නී ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි …’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම්, මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි, ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT12. භික්ඛු පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපජ්ජන්තො දිට්ඨො හොති දුබ්භාසිතෙ දුබ්භාසිතදිට්ඨි හොති -පෙ- දුබ්භාසිතෙ සඞ්ඝාදිසෙසදිට්ඨි හොති -පෙ- ථුල්ලච්චයදිට්ඨිහොති -පෙ- පාචිත්තියදිට්ඨි හොති -පෙ- පාටිදෙසනීයදිට්ඨි හොති -පෙ- දුක්කටදිට්ඨි හොති, තඤ්චෙ පාරාජිකෙන චොදාපෙති: “අස්සමණො’සි, අසක්යපුත්තියො’සි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා’ති, එවම්පි ආපත්තඤ්ඤභාගියං හොති ලෙසො ච උපාදින්නො, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT12. මහණ තෙම පචිති ... පිළිදෙස්නී ... දුකුළා ... දුබැසි ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. දුබැසියෙහි දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුබැසියෙහි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පිළිදෙස්නී ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම්, මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි, ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි, තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT13. අනාපත්ති තථාසඤ්ඤී චොදෙති වා චොදාපෙති වා උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT13. එබඳු සංඥා ඇත්තේ චෝදනා කෙරෙයි හෝ චෝදනා කරවයි හෝ ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැත්තේ යි.
Pali BJTදුතියදුට්ඨදොසසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTදුතියදුට්ඨදෝස ශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 10.
Sinhala BJT3. 10.
Pali BJTපඨමසඞ්ඝභෙදසික්ඛාපදං
Sinhala BJTප්‍රථමසඞ්ඝභේදශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො දෙවදත්තො යෙන කොකාලිකො කටමොදකතිස්සක ඛණ්ඩදෙවියා පුත්තො සමුද්දදත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා කොකාලිකං කටමොදකතිස්සකං ඛණ්ඩදෙවියා පුත්තං සමුද්දදත්තං එතදවොච: “එථ මයං ආවුසො සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදං කරිස්සාම චක්කභෙදන්ති.” එවං වුත්තෙ කොකාලිකො දෙවදත්තං එතදවොච: “සමණො ඛො ආවුසො ගොතමො මහිද්ධිකො මහානුභාවො. කථං මයං සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදං කරිස්සාම චක්කභෙදන්ති.” එථ මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්ච වත්ථූනි යාචිස්සාම: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී”. ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය ධුතාය පාසාදිකාය අපචයාය විරියාරම්භාය සංවත්තන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි දෙව්දත් තෙම කටමොරකතිස්සක නම් කෝකාලික යම් තැනෙක්හි ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්ත යම් තැනෙක්හි ද එතැන්හි එළඹ කටමොරකතිස්සක කෝකාලිකට ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්තට ද මෙසේ කී ය: “එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරම්හ. චක්‍රභේදය කරම්හ” යි. මෙසේ කී කල්හි කෝකාලික දෙව්දත්හට මේ කී ය: ඇවැත්නි, මහණ ගොයුම්හු මහත් ඍද්ධි ඇත්තාහ, මහත් අනුභාව ඇත්තාහ. කිසෙයින් අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරමෝ ද චක්‍රභේද කරමෝ දැ?යි. එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළඹ පඤ්චවස්තූන් ඉල්ලා සිටුම්හ: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, නොයෙක් අයුරින් අල්පේච්ඡ බව, සන්තුෂ්ට බව, සල්ලේඛය, ධූතගුණය, ප්‍රසාද එළවන බව, අපචය, වීර්‍ය්‍යාරම්භය පිළිබඳ ගුණ කියන සුල්ලහ. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු අල්පේච්ඡ බවට සන්තුෂ්ටියට සල්ලේඛයට ධූතගුණයට ප්‍රසාද එළවන බවට අපචයට වීර්‍ය්‍යාරම්භයට වැටෙත්.
Pali BJT“සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු, යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJT“ස්වාමීනි, භික්‍ෂූහු යාවජ්ජීවයෙන් ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට වදනේ නම් වරද ඔහු පහස්නේ ය.
Pali BJTයාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදියෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTයාවජ්ජීවයෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසා නම් වරද ඔහු පහස්නේ ය.
Pali BJTයාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTයාවජ්ජීවයෙන් පාශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගැහැවිසිවුරු ඉවසා නම් වරද ඔහු පහස්නේ ය.
Pali BJTයාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
Sinhala BJTයාවජ්ජීවයෙන් වෘක්‍ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනකට එළඹේ නම් වරද ඔහු පහස්නේ ය.