Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT9. භික්ඛු සමාදිසිත්වා පක්කමති: “කුටිං මෙ කරොථාති. න ච සමාදිසති, දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා ච”ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT9. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම්, දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද ඇණවා නම් ඔහට දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT10. භික්ඛු සමාදිසිත්වා පක්කමති “කුටිං මෙ කරොථා’ති. න ච සමාදිසති, පමාණිකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT10. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම්, පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද ඇණවා නම් ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෛස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT11. භික්ඛු සමාදිසිත්වා පක්කමති “කුටිං මෙ කරොථාති න ච සමාදිසති’ පමාණිකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති පමාණිකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT11. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද ඇණවා නම් ඔහට පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් ඇවැත් නැති.
Pali BJT12. භික්ඛු සමාදිසිත්වා පක්කමති “කුටිං මෙ කරොථාති න ච සමාදිසති – ‘දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා ච අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං.
Sinhala BJT12. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම්, දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’ නො ද ඇණවා නම් ඔහට නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ සඟවෙසෙසක් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙස් ඇවැතෙක් වෙයි.
Pali BJT13. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. න ච සමාදිසති – ‘දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා ච අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං පමාණිකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං, -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස. -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT13. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද ඇණවා නම් ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දුකුළාඇවැත් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT14. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘දෙසිතවත්ථුකා ච හොතූ අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, සො සුණාති “කුටි කිර මෙ කයිරති අදෙසිතවත්ථුකා සාරම්භා අපරික්කමනා”ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො. ‘දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය. දූතං වා පහිණෙය්ය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT14. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවා නම් ඔහට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් හෙතෙම මට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කරනු ලැබේ ල යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT15. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං සපරික්කමනං. සො සුණාති කුටි කිර මෙ කයිරති අදෙසිතවත්ථුකා සාරම්භා සපරික්කමනා’ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො “දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා චා”ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT15. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවා නම් ඔහට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් හෙතෙම මට ආදේසිතවත්‍ථුක වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කරනු ලැබේ ල’ යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයෙකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT16. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති සමාදිසති ච දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං අනාරම්භං අපරික්කමනං සො සුණාති ‘කුටි කිර මෙ කයිරති අදෙසිතවත්ථුකා අනාරම්භා අපරික්කමනා’ති, තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො. ‘දෙසිතවත්ථුකා ච හොතූ සපරික්කමනා චා”ති, නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT16. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් යළි දේසිත–වත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවා නම් ඔහට අදේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් හෙතෙම ‘මට අදේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ ල’ යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. දේසිතවත්‍ථුක ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT17. භික්ඛු සමාදිසිත්වා පක්කමති “කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං අනාරම්භං සපරික්කමනං. සො සුණාති “කුටි කිර මෙ කයිරති අදෙසිතවත්ථුකා අනාරම්භා සපරික්කමනා’ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො දෙසිතවත්ථුකා හොතු’ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT17. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට අදේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම මට අදේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. ‘දේසිතවත්‍ථුක වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT18. භික්ඛු සමාදිසිත්වා පක්කමති කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති. දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං. සො සුණාති කුටි කිර මෙ කයිරති දෙසිතවත්ථුකා සාරම්භා අපරික්කමනා’ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං, දූතො වා පාහෙතබ්බො ‘අනාරම්භා ච හොතු සපරික්කමනා චා’ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය. ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT18. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම ‘මට දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය, අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT19. භික්ඛු සමාදිසිත්වා පක්කමති කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං සාරම්භං සපරික්කමනං. සො සුණාති “කුටි කිර මෙ කයිරති දෙසිතවත්ථුකා සාරම්භා සපරික්කමනා’ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො ‘අනාරම්භා හොතූ’ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT19. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ ල’ යි අසා නම් ඒ මහණහු තමා හෝ යායුතු ය. අනාරම්භ වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT20. භික්ඛු සමාදිසිත්වා පක්කමති කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං අනාරම්භං අපරික්කමනං. සො සුණාති ‘කුටි කිර මෙ කයිරති දෙසිතවත්ථුකා අනාරම්භා අපරික්කමනා’ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො. සපරික්කමනා හොතූ’ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT20. මහණ තෙමේ ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම ‘මට දේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ ල’ යි අසා නම් ඒ මහණහු තමා හෝ යායුතු ය. ‘සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT21. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT21. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් ඇවැත් නැති.
Pali BJT22. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘පමාණිකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං. සො සුණාති ‘කුටි කිර මෙ කයිරති පමාණාතික්කන්තා සාරම්භා අපරික්කමනා’ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො පමාණිකා{1} ච හොතු අනාරම්භා ච සපරික්කමනා චාති -පෙ- පමාණිකා ච හොතු අනාරම්භා චාති -පෙ- පමාණිකා ච හොතු සපරික්කමනා චා’ති -පෙ- පමාණිකා හොතූ’ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT22. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම ‘මට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කැරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... පමාණික ද අනාරම්භ ද වේවා’යි ... පමාණික ද සපරික්කමන ද වේවා’යි ... පමාණික වේවා’යි ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT23. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘පමාණිකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති පමාණිකං සාරම්භං අපරික්කමනං. සො සුණාති ‘කුටි කිර මෙ කයිරති පමාණිකා සාරම්භා අපරික්කමනා’ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො ‘අනාරම්භා ච හොතු සපරික්කමනා චා’ති -පෙ- අනාරම්භා හොතූ’ති -පෙ- සපරික්කමනා හොතූ’ති -පෙ- අනාපත්ති.
Sinhala BJT23. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට පමාණික වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම මට ‘පමාණික වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කැරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. ‘අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... ‘අනාරම්භ වේවා’යි ... ‘සපරික්කමන වේවා’යි ... ඇවැත් නැති.
Pali BJT24. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති සමාදිසති ච ‘දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා ච අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං. සො සුණාති ‘කුටි කිර මෙ කයිරති අදෙසිතවත්ථුකා පමාණාතික්කන්තා සාරම්භා අපරික්කමනා’ති තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං, දූතො වා පාහෙතබ්බො දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා ච අනාරම්භා ච සපරික්කමනා චා’ති -පෙ- ‘දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා ච අනාරම්භා චා’ති -පෙ- ‘දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා ච සපරික්කමනා චා’ති -පෙ- දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා චා’ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT24. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හේ මට අදේසිතවත්‍ථුක වූ පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන ද වූ කුටියක් කැරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතුය. දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද වේවා’යි ... දේසිතවත්‍ථුක ද පමාණික ද සපරික්කමන ද වේවා’යි ... දේසිතවත්‍ථුක ද පමාණික ද වේවා’යි (දූතයෙක් හෝ යැවිය යුත්තේ ය.) ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT25. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච – ‘දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා ච අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං පමාණිකං සාරම්භං අපරික්කමනං. සො සුණාති ‘කුටි කිර මෙ කයිරති දෙසිතවත්ථුකා පමාණිකා සාරම්භා අපරික්කමනා’ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං, දූතො වා පාහෙතබ්බො අනාරම්භා ච හොතු සපරික්කමනා චා’ති -පෙ- අනාරම්භා හොතූ’ති -පෙ- සපරික්කමනා හොතූ”ති -පෙ- අනාපත්ති.
Sinhala BJT25. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඒ මහණහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම ‘මට දේසිතවත්‍ථුක වූ පමාණික වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කැරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... අනාරම්භ වේවා’යි ... සපරික්කමන වේවා’යි (දූතයෙක් හෝ යැවිය යුත්තේ ය.) ... ඇවැත් නැති.
Pali BJT26. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච “දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං{2} තිණ්ණං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං ද්වින්නං දුක්කටානං -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං ද්වින්නං දුක්කටානං -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස.
Sinhala BJT26. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවායි ඇණව’යි. ඔහට අදේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. කරනුවනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කරනුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කරනුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කරනුවනට දුකුළාඇවැත් වේ.
Pali BJT27. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං ද්වින්නං දුක්කාටනං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT27. මහණ තෙමේ ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT28. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘පමාණිකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං තිණ්ණං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං ද්වින්නං දුක්කටානං -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති කාරුකානං ද්වින්නං දුක්කටානං -පෙ- අනාරම්භං සපරික්කමනං ආපත්ති කාරකානං දුක්කටස්ස.
Sinhala BJT28. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි “පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් කාරකයනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වේ.
Pali BJT29. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘පමාණිකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති පමාණිකං සාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT29. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි “පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT30. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා ච අනාරම්භා ච සපරික්කමනා චා”ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං චතුන්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං තිණ්ණං දුක්කටානං -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං තිණ්ණං දුක්කටානං -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති කාරුකානං ද්වින්නං දුක්කටානං.
Sinhala BJT30. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි “දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් කාරකයනට සතර දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වේ.
Pali BJT31. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. සමාදිසති ච ‘දෙසිතවත්ථුකා ච හොතු පමාණිකා ච අනාරම්භා ච සපරික්කමනා චා’ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං පමාණිකං සාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT31. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි “දේසිතවත්‍ථුක ද පමාණික ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT32. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, සො චෙ විප්පකතෙ ආගච්ඡති, තෙන භික්ඛුනා සා කුටි අඤ්ඤස්ස වා දාතබ්බා භින්දිත්වා වා පුන කාරෙය්ය, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, -පෙ- ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, -පෙ- ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, -පෙ- ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT32. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් ඒ මහණ (කුටිය) නොනිමවා–තබන ලද කල්හි පැමිණේ නම්, ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳ දමා හෝ වටාලා කළයුතු ය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කෙරේ නම්, සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ ... සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT33. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං සපරික්කමනං, සො චෙ විප්පකතෙ ආගච්ඡති. තෙන භික්ඛුනා සා කුටි අඤ්ඤස්ස වා දාතබ්බා භින්දිත්වා වා පුන කාතබ්බා. නො චෙ අඤ්ඤස්ස වා දදෙය්ය භින්දිත්වා වා පුන කාරෙය්ය, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, -පෙ- ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං -පෙ- ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, -පෙ- අනාපත්ති.
Sinhala BJT33. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් ඒ මහණ (කුටිය) කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳපියා හෝ වටාලා කළයුතු ය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කෙරේ නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ ... ඇවැත් නැති.
Pali BJT34. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. තස්ස කුටිං කරොන්ති පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, සො චෙ විප්පකතෙ ආගච්ඡති. තෙන භික්ඛුනා සා කුටි අඤ්ඤස්ස වා දාතබ්බා භින්දිත්වා වා පුන කාතබ්බා. නො චෙ අඤ්ඤස්ස වා දදෙය්ය භින්දිත්වා වා පුන කාරෙය්ය, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, -පෙ- ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, -පෙ- ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, -පෙ- ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT34. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති: ඉදින් ඒ මහණ (කුටිය) කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳපියා හෝ වටාලා කළයුතු ය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කෙරේ නම්, සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ ... සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT35. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. තස්ස කුටිං කරොන්ති පමාණිකං සාරම්භං අපරික්කමනං, සො චෙ විප්පකතෙ ආගච්ඡති. තෙන භික්ඛුනා සා කුටි අඤ්ඤස්ස වා දාතබ්බා භින්දිත්වා වා පුන කාතබ්බා. නො චෙ අඤ්ඤස්ස වා දදෙය්ය භින්දිත්වා වා පුන කාරෙය්ය, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, -පෙ- ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, -පෙ- ආපත්ති දුක්කටස්ස. -පෙ- අනාරම්භං සපරික්කමනං, -පෙ- අනාපත්ති.
Sinhala BJT35. මහණ තෙමේ ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් ඒ මහණ (කුටිය) කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳපියා හෝ වටාලා කළ යුතු ය. ඉදින් අනෙකක්හට නො දේ නම් හෝ බිඳපියා වටාලා නො කෙරේ නම් හෝ දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... ඇවැත් නැති.
Pali BJT36. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, සො චෙ විප්පකතෙ ආගච්ඡති. තෙන භික්ඛුනා සා කුටි අඤ්ඤස්ස වා දාතබ්බා භින්දිත්වා වා පුන කාතබ්බා . නො චෙ අඤ්ඤස්ස වා දදෙය්ය භින්දිත්වා වා පුන කාරෙය්ය, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, -පෙ- ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, -පෙ- ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, -පෙ- ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං.
Sinhala BJT36. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් ඒ මහණ (කුටිකම්) කොට අඩාළ කල්හි පෙරළා ඒ නම්, ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය: බිඳපියා හෝ වටාලා කළ යුතු ය. ඉදින් අනෙකක්හට නො දේ නම් හෝ බිඳපියා වටාලා නො කෙරේ නම් හෝ දෙ සඟවෙසෙසක් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ ... දෙ සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT37. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං පමාණිකං සාරම්භං අපරික්කමනං. සො චෙ විප්පකතෙ ආගච්ඡති. තෙන භික්ඛුනා සා කුටි අඤ්ඤස්ස වා දාතබ්බා භින්දිත්වා වා පුන කාතබ්බා, නො චෙ අඤ්ඤස්ස වා දදෙය්ය භින්දිත්වා වා පුන කාරෙය්ය, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, -පෙ- ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, -පෙ- ආපත්ති දුක්කටස්ස. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘කුටිං මෙ කරොථා’ති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං පමාණිකං අනාරම්භං සපරික්කමනං අනාපත්ති.
Sinhala BJT37. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් හෙතෙම (කුටිය) අවසන් නොකළ කල්හි පෙරළා ඒ නම්, ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳපියා හෝ වටාලා කළයුතු ය. ඉදින් අනෙකක්හට නො දේ නම් හෝ බිඳපියා වටාලා නො කරවා නම් හෝ දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් ඇවැත් නැති.
Pali BJT38. අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT38. තමා විසින් අවසන් නො කරන ලද්ද තෙමේ නිමවා නම්, සඟවෙසෙස් ඇවැත් වෙයි. තමා විසින් කොට අඩාළ කරන ලද්ද මෙරමා ලවා නිමවා නම්, සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් නොනිමවා තබන ලද්ද තෙමේ නිමවා නම්, සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරන ලද්ද මෙරමා ලවා නිම කරවා නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT39. අනාපත්ති ලෙනෙ ගුහාය තිණකුටිකාය අඤ්ඤස්සත්ථාය, වාසාගාරං ඨපෙත්වා සබ්බත්ථ, අනාපත්ති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJT39. ලෙනෙහි, ගුහායෙහි, තණකිළියෙහි, අනෙකක්හු උදෙසා කරණ ලද්දෙහි, වසන ගෙය හැර හැම තැනැදැ යි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTකුටිකාරසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTකුටීකාර ශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJTවිහාරකාරසික්ඛාපදං
Sinhala BJTවිහාරකාරශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො ඡන්නස්ස උපට්ඨාකො ගහපති ආයස්මන්තං ඡන්නං එතදවොච: ‘විහාරවත්ථුං භන්තෙ ජානාහි, අය්යස්ස විහාරං කාරාපෙස්සාමී’ති. අථ ඛො ආයස්මා ඡන්නො විහාරවත්ථුං සොධෙන්තො අඤ්ඤතරං චෙතියරුක්ඛං ඡෙදාපෙසි ගාමපූජිතං නිගමපූජිතං නගරපූජිතං ජනපදපූජිතං රට්ඨපූජිතං. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘කථං හි නාම සමණා සක්යපුත්තියා චෙතියරුක්ඛං ඡෙදාපෙස්සන්ති ගාමපූජිතං නිගමපූජිතං නගරපූජිතං ජනපදපූජිතං රට්ඨපූජිතං, එකින්ද්රියං සමණා සක්යපුත්තියා ජීවං විහෙට්ඨෙන්තී’ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං, යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා ඡන්නො චෙතියරුක්ඛං ඡෙදාපෙස්සති, ගාමපූජිතං -පෙ- රට්ඨපූජිත”න්ති
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ උපස්ථායක වූ ගෘහපති තෙම ආයුෂ්මත් ඡන්න තෙරුන්ට මෙපවත් කීය: ‘වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේට විහාරයක් කරවන්නෙමි. විහාරයට ගෙබිමක් දනුව’යි. ඉක්බිති ආයුෂ්මත් ඡන්නයෝ විහාරවාස්තුව ශුද්ධ කරන්නාහු ගැමියන් විසින් පුදන ලද නියම්ගම් වැස්සන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැස්සන් විසින් පුදන ලද රටවැසියන් විසින් පුදන ලද එක්තරා සෑරුකක් සිඳැ වූහ. මනුෂ්‍යයෝ ‘කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ගැමියන් විසින් පුදන ලද නිගමුන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැස්සන් විසින් පුදන ලද රටවැස්සන් විසින් පුදන ලද සෑරුක සිඳැ වූහු ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ඒකින්‍ද්‍රියජීවය කලකුරුවති’යි මනුෂ්‍යයෝ අවමන් කෙරෙති. අයුණු කියති, දොස් පහළ කෙරෙති. භික්‍ෂූහු අවමන් කරන අයුණු කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. අල්පේච්ඡ වූ යම් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවමන් කෙරෙති. අයුණු කියති දොස් පහළ කෙරෙති. ‘කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙමේ ගැමියන් විසින් පුදන ලද … රටවැසියන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවී ද?’යි.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ ආයස්මන්තං ඡන්නං අනෙකපරියායෙන විගරහිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර ත්වං ඡන්න, චෙතියරුක්ඛං ඡෙදාපෙසි ගාමපූජිතං -පෙ- රට්ඨපූජිත”න්ති “සච්චං භගවා”ති. විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම ත්වං මොඝපුරිස, චෙතියරුක්ඛං ඡෙදාපෙස්සසි ගාමපූජිතං නිගමපූජිතං නගරපූජිතං ජනපදපූජිතං රට්ඨපූජිතං. ජීවසඤ්ඤිනො හි මොඝපුරිස, මනුස්සා රුක්ඛස්මිං, නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන, භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT2. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ඡන්න තෙරුන්ට නොයෙක් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ ... “සැබෑවෙක් ද ඡන්නය, තෝ ගැමියන් විසින් පුදන ලද … රටුන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවූයෙහිදැ?”යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්සැ’යි. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්‍හා කළහ. හිස් පුරුෂය, කෙසේ නම් තෝ ගැමියන් විසින් පුදන ලද නිගමුන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැසියන් විසින් පුදන ලද රටුන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවූයෙහි ද? හිස් පුරුෂය, මනුෂ්‍යයෝ වෘකෂයෙහි ජීවසංඥා ඇත්තාහු ම ය. හිස් පුරුෂය, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
Pali BJTමහල්ලකං පන භික්ඛුනා විහාරං කාරයමානෙන සස්සාමිකං අත්තුද්දෙසං, භික්ඛූ අභිනෙතබ්බා වත්ථුදෙසනාය. තෙහි භික්ඛූහි වත්ථුං දෙසෙතබ්බං අනාරම්භං සපරික්කමනං, සාරම්භෙ චෙ භික්ඛු වත්ථුස්මිං අපරික්කමනෙ මහල්ලකං විහාරං කාරෙය්ය භික්ඛූ වා අනභිනෙය්ය වත්ථුදෙසනාය, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“කරවා දෙන හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලක විහාරයක් කරවන මහණහු විසින් වාස්තුදේශනාව පිණිස භික්‍ෂූහු පැමිණවිය යුත්තාහ. ඒ භික්‍ෂූන් විසින් නිරුපද්‍රව වූ උපචාර සහිත වූ ගෙබිම දෙසියයුතු ය. ඉදින් මහණ තෙම උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ ගෙබිම්හි මහල්ලක විහාරයක් කරවා නම් වාස්තුදේශනාව පිණිස භික්‍ෂූන් නො පමුණුවා නම් සඟවෙසෙස් වේ ය”යි.
Pali BJTමහල්ලකො නාම: විහාරො සස්සාමිකො වුච්චති.
Sinhala BJTමහල්ලක නම්: සස්වාමික වූ විහාරය කියනු ලැබේ.
Pali BJTවිහාරො නාම: උල්ලිත්තො වා හොති අවලිත්තො වා උල්ලිත්තාවලිත්තො වා.
Sinhala BJTවිහාර නම්: ඇතුළත පිරියම් කරණ ලදුයේ හෝ පිටත පිරියම් කරණ ලදුයේ හෝ ඇතුළත පිටත පිරියම් කරණ ලදුයේ හෝ වේ.
Pali BJTකාරයමානෙනාති: කරොන්තො වා කාරාපෙන්තො වා.
Sinhala BJTකාරයමානෙන යනු: කරණුයේ හෝ කරවනුයේ හෝ ය.
Pali BJTසස්සාමිකන්ති: අඤ්ඤො කොචි සාමිකො හොති ඉත්ථි වා පුරිසො වා ගහට්ඨො වා පබ්බජිතො වා.
Sinhala BJTසස්සාමිකං යනු: ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ අන් කිසි හිමියෙක් වේ.
Pali BJTඅත්තුද්දෙසන්ති අත්තනො අත්ථාය.
Sinhala BJTඅත්තුදෙදසං යනු: තමා සඳහා.
Pali BJTභික්ඛූ අභිනෙතබ්බා වත්ථුදෙසනායාති තෙන විහාරකාරකෙන භික්ඛුනා විහාරවත්ථුං සොධෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සොහං භන්තෙ සඞ්ඝං විහාරවත්ථුඔලොකනං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො, තතියම්පි යාචිතබ්බා. සචෙ සබ්බො සඞ්ඝො උස්සහති විහාරවත්ථුං ඔලොකෙතුං, සබ්බෙන සඞ්ඝෙන ඔලොකෙතබ්බං. නො චෙ සබ්බො සඞ්ඝො උස්සහති විහාරවත්ථුං ඔලොකෙතුං, යෙ තත්ථ හොන්ති භික්ඛූ ව්යත්තා පටිබලා සාරම්භං අනාරම්භං සපරික්කමනං අපරික්කමනං ජානිතුං, තෙ යාචිත්වා සම්මන්නිතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බා. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTභික්ඛු අභිනෙතබ්බා වත්‍ථුදේසනාය යනු: ඒ විහාරකාරක භික්‍ෂූහු විසින් විහාරවාස්තුව ශුද්ධ කොට සඟුන් වෙත එළැඹ උතුරුසඟ එකස් කොට මහලුතෙරුන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම කරවා දෙන හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම විහාරවාස්තු අවලෝකනයට සඞ්ඝයා අයැදිමි’යි. දෙවන වට ද යැදිය යුතු ය. තෙවන වට ද යැදිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ විහාරවාස්තුව බැලීම ඉවසා නම් හැම සඞ්ඝයා විසින් බැලිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ විහාරවාස්තුව බැලීම නො ඉවසා නම් සෝපද්‍රව අනුපද්‍රව බව සෝපචාර අනුපචාර බව දැනගන්නට ව්‍යක්ත වූ ප්‍රතිබල වූ යම් භික්‍ෂු කෙනෙක් එහි වෙත් නම් ඒ භික්‍ෂූහු අයැද සම්මත කළ යුත්තාහ. තවද මහණෙනි, මෙසෙයින් සම්මත කළ යුත්තාය: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං විහාරවත්ථුඔලොකනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛු සම්මන්නෙය්ය, ඉත්ථන්නාමස්ස භික්ඛුනො විහාරවත්ථුං ඔලොකෙතුං. එසා ඤත්ති.
Sinhala BJT‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හේ විහාරවාස්තුව බැලීමට සඞ්ඝයා අයැදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කරන්නේ ය. මේ ඤත්තිය යි’
Pali BJT“සුණාතු මෙ, භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං විහාරවත්ථුඔලොකනං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛූ සම්මන්නති, ඉත්ථන්නාමස්ස භික්ඛුනො විහාරවත්ථුං ඔලොකෙතුං. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස ච ඉත්ථන්නාමස්ස ච භික්ඛූනං සම්මති ඉත්ථන්නාමස්ස භික්ඛුනො විහාරවත්ථුං ඔලොකෙතුං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJT‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හෙතෙම විහාරවාස්තුව බැලීමට සඞ්ඝයා අයැද සිටී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ විහාර වාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කිරීම රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
Pali BJTසම්මතා සඞ්ඝෙන ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච භික්ඛූ ඉත්ථන්නාමස්ස භික්ඛුනො විහාරවත්ථුං ඔලොකෙතුං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සම්මත කරණ ලද්දාහ. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම් වෙ යි. තෙල මෙසේ ධරමි’යි.
Pali BJTතෙහි සම්මතෙහි භික්ඛූහි තත්ථ ගන්ත්වා විහාරවත්ථු ඔලොකෙතබ්බං. සාරම්භං අනාරම්භං සපරික්කමනං අපරික්කමනං ජානිතබ්බං. සචෙ සාරම්භං හොති අපරික්කමනං, මායිධ කරීති වත්තබ්බො. සචෙ අනාරම්භං හොති සපරික්කමනං, සඞ්ඝස්ස ආරොචෙතබ්බං අනාරම්භං සපරික්කමනන්ති . තෙන විහාරකාරකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං සො’හං භන්තෙ සඞ්ඝං විහාරවත්ථුදෙසනං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො, තතියම්පි යාචිතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTඒ සම්මත වූ භික්‍ෂූන් විසින් එහි ගොස් විහාරවාස්තුව බැලියයුතු ය. සොපද්‍රව බව නිරුපද්‍රව බව සෝපචාර බව අනුපචාර බව දතයුතු යි. ඉදින් සාරම්භ අපරික්කමන වේ නම් ‘මෙහි නහමක් කරා’යි කියයුත්තේ ය. ඉදින් අනාරම්භ සපරික්කමන වේ නම්, අනාරම්භය ය සපරික්කමන ය’යි සඞ්ඝයාට ආරොචන කළයුතු ය. ඒ විහාරකාරක මහණහු විසින් සඟුන් වෙත එළැඹ උතුරුසඟ එකස් කොට මහලුතෙරුන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම සස්වාමික වූ ආත්මෝද්දේශ්‍ය වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම විහාරවාස්තු දේශනාවට සඞ්ඝයා අයදිමි’යි. දෙවන වට ද යැදියයුතු ය. තෙවන වට ද යැදියයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං විහාරවත්ථුදෙසනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො විහාරවත්ථුං දෙසෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම සස්වාමික වූ ආත්මෝද්දේශ්‍යය වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හෙතෙම විහාරවාස්තු දේශනාවට සඞ්ඝයා අයැද සිටී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව දෙසන්නේ ය. තෙල ඤත්තිය”යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු මහල්ලකං විහාරං කත්තුකාමො සස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං විහාරවත්ථුදෙසනං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො විහාරවත්ථුං දෙසෙති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො විහාරවත්ථුස්ස දෙසනා, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සස්වාමික වූ ආත්මෝද්දේශ්‍ය වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හෙතෙම විහාරවාස්තු දේශනාවට සඞ්ඝයා අයැද සිටී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව දෙසයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ විහාරවාස්තුව දේශනාව රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
Pali BJTදෙසිතං සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො විහාරවත්ථු. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ විහාරවාස්තුව දෙසන ලදී. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම් වෙයි. තෙල මෙසේ ධරමි”යි.
Pali BJTසාරම්භං නාම: කිපිල්ලිකානං වා ආසයො හොති -පෙ- සංසරණනිස්සිතං වා හොති, එතං සාරම්භං නාම.
Sinhala BJTසාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ බිලයෙක් වෙයි. ... යන එන මග ඇසිරි කරණ ලද හෝ වේ. තෙල සාරම්භ නම.
Pali BJTඅපරික්කමනං නාම: න සක්කා හොති යථායුත්තෙන සකටෙන අනුපරිගන්තුං, සමන්තා නිස්සෙනියා අනුපරිගන්තුං. එතං අපරික්කමනං නාම.
Sinhala BJTඅපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලකින් සිසාරා යන්නට, හාත්පස හිණකින් සිසාරා යන්නට නො හැකි වෙයි. තෙල අපරික්කමන නම.
Pali BJTඅනාරම්භං නාම: න කිපිල්ලිකානං වා ආසයො හොති -පෙ- න සංසරණනිස්සිතං වා හොති. එතං අනාරම්භං නාම.
Sinhala BJTඅනාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ බිලයෙක් නො වෙයි. ... යන එන මග ඇසිරි කරණ ලද්දේ හෝ නො වේ. තෙල අනාරම්භ නම.
Pali BJTසපරික්කමනං නාම: සක්කා හොති යථායුත්තෙන සකටෙන අනුපරිගන්තුං, සමන්තා නිස්සෙණියා අනුපරිගන්තුං. එතං සපරික්කමනං නාම.
Sinhala BJTසපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලකින් සිසාරා යන්නට, හාත්පස හිණකින් සිසාරා යන්නට හැකි වේ. තෙල සපරික්කමන නම.
Pali BJTමහල්ලකො නාම: විහාරො සස්සාමිකො වුච්චති.
Sinhala BJTමහල්ලක නම්: සස්වාමික වූ විහාරය කියනු ලැබේ.
Pali BJTවිහාරො නාම: උල්ලිත්තො වා හොති අවලිත්තො වා උල්ලිත්තාවලිත්තො වා.
Sinhala BJTවිහාර නම්: ඇතුළත පිරියම් කරණ ලද්දේ හෝ පිටත පිරියම් කරණ ලද්දේ හෝ ඇතුළත පිටත පිරියම් කරණ ලද්දේ හෝ වේ.
Pali BJTකාරෙය්යාති කරොති වා කාරාපෙති වා.
Sinhala BJTකාරෙය්‍ය යනු: කෙරෙයි හෝ කරවා හෝ යි.
Pali BJTභික්ඛූ වා අනභිනෙය්ය වත්ථුදෙසනායාති ඤත්තිදුතියෙන කම්මෙන විහාරවත්ථුං න දෙසාපෙත්වා කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං. එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTභික්ඛු වා අනභිනෙය්‍ය වත්‍ථුදේසනාය යනු: ඤත්තිදුතිය කර්‍මවදනින් විහාරවාස්තුව නොදෙසවා කෙරෙයි හෝ කරවා හෝ පියොව්හි පියොව්හි දුකුළා වෙයි. පැසුළු මැටිපිඬ නො පත් කල්හි ථුලැසිඇවැත් වෙයි. ඒ පිඬ පැමිණි කල්හි සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු ... එයිනු දු සඞ්ඝාදිසේස ය යි කියනු ලැබේ.
Pali BJT3. භික්ඛු විහාරං කරොති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං.
Sinhala BJT3. මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ විහාරයක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු විහාරං කරොති අදෙසිතවත්ථුකං සාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර සහිත වූ විහාරයක් කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු විහාරං කරොති අදෙසිතවත්ථුකං අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ උපචාර රහිත වූ විහාරයක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමඟ දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු විහාරං කරොති අදෙසිතවත්ථුකං අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTමහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ උපචාර සහිත වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTභික්ඛු විහාරං කරොති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJTමහණ තෙම දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු විහාරං කරොති දෙසිතවත්ථුකං සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ සපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු විහාරං කරොති දෙසිතවත්ථුකං අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු විහාරං කරොති දෙසිතවත්ථුකං අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJTමහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනාරම්භ වූ සපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් ඇවැත් නැති.
Pali BJTභික්ඛු සමාදිසති ‘විහාරං මෙ කරොථා’ති. තස්ස විහාරං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTමහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවයි. ඔහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT4. භික්ඛු සමාදිසති ‘විහාරං මෙ කරොථා’ති. තස්ස විහාරං කරොන්ති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT4. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවයි. ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT5. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘විහාරං මෙ කරොථා’ති. න ච සමාදිසති – ‘දෙසිතවත්ථුකො ච හොතු අනාරම්භො ච සපරික්කමනො චා’ති. තස්ස විහාරං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT5. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද අණවයි. ඔහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළැඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වෙයි. අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT6. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘විහාරං මෙ කරොථා’ති. න ච සමාදිසති – දෙසිතවත්ථුකො ච හොතු අනාරම්භො ච සපරික්කමනො චාති. තස්ස විහාරං කරොන්ති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT6. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද අණවයි. ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT7. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘විහාරං මෙ කරොථා’ති. සමාදිසති ච – ‘දෙසිතවත්ථුකො ච හොතු අනාරම්භො ච සපරික්කමනො චා’ති. තස්ස විහාරං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං. සො සුණාති: ‘විහාරො කිර මෙ කයිරති අදෙසිතවත්ථුකො සාරම්භො අපරික්කමනො’ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො, ‘දෙසිතවත්ථුකො ච හොතු අනාරම්භො ච සපරික්කමනො චා’ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය ආපත්ති දුක්කටස්ස -පෙ- දෙසිතවත්ථුකො ච හොතු අනාරම්භො චාති -පෙ- දෙසිතවත්ථුකො ච හොතු සපරික්කමනො චාති -පෙ- දෙසිතවත්ථුකො හොතූ’ති. නො චෙ සාමං වා ගච්ඡෙය්ය දූතං වා පහිණෙය්ය, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT7. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ‘දෙසූ ගෙබිම් ඇත්තේ ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවන්නේත් වෙයි. ඔහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. හෙතෙම මට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයෙක් කෙරේ ල’යි අසා නම් ඒ මහණහු විසින් තමා ම හෝ යායුතු ය. ‘දෙසූ ගෙබිම් ඇත්තේ ද අනාරම්භ ද සපරික්කමන ද වේව’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වෙයි. ... දේසිතවත්‍ථුක ද අනාරම්භ ද වේවා’යි (දූතයකු හෝ නො යවා නම්) ... දේසිතවත්‍ථුක ද සපරික්කමන ද වේවා’යි (දූතයකු හෝ නො යවා නම්) ... දේසිතවත්‍ථුක වේවා’යි ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
Pali BJT8. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘විහාරං මෙ කරොථා’ති. සමාදිසති ච – ‘දෙසිතවත්ථුකො ච හොතු අනාරම්භො ච සපරික්කමනො චා’ති. තස්ස විහාරං කරොන්ති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං. සො සුණාති: “විහාරො කිර මෙ කයිරති දෙසිතවත්ථුකො සාරම්භො අපරික්කමනො”ති. තෙන භික්ඛුනා සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො, අනාරම්භො ච හොතු සපරික්කමනො චා’ති -පෙ- අනාරම්භො හොතූ”ති -පෙ- සපරික්කමනො හොතූ”ති, -පෙ- අනාරම්භං සපරික්කමනං,{1} අනාපත්ති.
Sinhala BJT8. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවයි. ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. හෙතෙම ‘මට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයෙක් කැරේ ල’යි අසා නම් ඒ මහණහු විසින් තමා හෝ යායුතු ය. ‘අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... අනාරම්භ වේවා’යි ... සපරික්කමන වේවා’යි ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT9. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘විහාරං මෙ කරොථා’ති. සමාදිසති ‘දෙසිතවත්ථුකො ච හොතු අනාරම්භො ච සපරික්කමනො චා’ති. තස්ස විහාරං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං තිණ්ණං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං ද්වින්නං දුක්කටානං -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං ද්වින්නං දුක්කටානං -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස.
Sinhala BJT9. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවයි. ඕහට අදේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් කරණුවනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දුකුළාඇවැත් වේ.
Pali BJT10. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘විහාරං මෙ කරොථා’ති. සමාදිසති ච ‘දෙසිතවත්ථුකො ච හොතු අනාරම්භො ච සපරික්කමනො චා’ති. තස්ස විහාරං කරොන්ති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති කාරකානං දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT10. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවයි. ඕහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් කරණුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT11. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘විහාරං මෙ කරොථා’ති. තස්ස විහාරං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං. සො චෙ විප්පකතෙ ආගච්ඡති. තෙන භික්ඛුනා සො විහාරො අඤ්ඤස්ස වා දාතබ්බො, භින්දිත්වා වා පුන කාතබ්බො. නො චෙ අඤ්ඤස්ස වා දදෙය්ය භින්දිත්වා වා පුන කාරෙය්ය, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT11. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ඕහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. ඉදින් ඒ මහණ විහාරය කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ වෙහෙර අනෙකක්හට හෝ දියයුත්තේ ය. බිඳපියා හෝ වටාලා කළයුත්තේය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. … අනාරම්භ වු සපරික්කමන වු (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT12. භික්ඛු සමාදිසිත්වා පක්කමති ‘විහාරං මෙ කරොථා’ති. තස්ස විහාරං කරොන්ති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, සො චෙ විප්පකතෙ ආගච්ඡති. තෙන භික්ඛුනා සො විහාරො අඤ්ඤස්ස වා දාතබ්බො භින්දිත්වා වා පුන කාතබ්බො. නො චෙ අඤ්ඤස්ස වා දදෙය්ය භින්දිත්වා වා පුන කාරෙය්ය, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT12. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ඕහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. ඉදින් හෙතෙම විහාරය කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ විහාරය අනෙකක්හට හෝ දියයුත්තේ ය. බිඳපියා හෝ වටාලා කළයුත්තේ ය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT13. අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT13. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තමා විසින් කොට නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරණ ලද්ද තමා විසින් නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT14. අනාපත්ති ලෙනෙ ගුහාය තිණකුටිකාය අඤ්ඤස්සත්ථාය, වාසාගාරං ඨපෙත්වා සබ්බත්ථ, අනාපත්ති උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT14. ලෙනෙහි, ගුහායෙහි, තණකිළියෙහි, අනෙකක්හට කරවා නම්, වාසාගාර තබා හැම තන්හි දැ යි ඇවැත් නැති. උන්මත්තකය හට, ආදිකාර්මිකයා හට ඇවැත් නැති.
Pali BJTවිහාරකාරසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTවිහාරකාර ශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJTපඨම-දුට්ඨදොසසික්ඛාපදං
Sinhala BJTපඨමදුට්ඨදෝසශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතා දබ්බෙන මල්ලපුත්තෙන ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං හොති. යං{1} කිඤ්චි සාවකෙන පත්තබ්බං, සබ්බං තෙන අනුප්පත්තං හොති, නත්ථි චස්ස කිඤ්චි උත්තරි කරණීයං, කතස්ස වා පතිචයො. අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “මයා ඛො ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං මයා අනුප්පත්තං. නත්ථි ච මෙ කිඤ්චි උත්තරි කරණීයං, කතස්ස වා පතිචයො. කින්නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය’න්ති. අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස එතදහොසි: “යන්නූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙය්යං භත්තානි ච උද්දිසෙය්ය”න්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වාසය කරණ සේක. එසමයෙහි උපතින් සත්වැසි වූ මල්ලරාජපුත්‍ර දබ්බ තෙරුන් විසින් අර්‍හත්‍වය පසක් කරණ ලද වෙයි. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු (ත්‍රිවිද්‍යාදී) යම්කිසි ගුණජාතයෙක් වේ ද ඒ සියල්ල ඔවුන් විසින් ලබන ලද වෙයි. ඔවුන් විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වටාලා වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. එකල්හි ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයන්ට රහසිගත ව විවෙක ව හුන්නවුන්ට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන. ‘උපතින් සත්හැවිරිදි වූ මා විසින් රහත් බව පසක් කරණ ලද. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු යම්කිසි ගුණජාතයෙක් වේ නම් ඒ සියල්ල මා විසින් ලබන ලද. මා විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. මම් සඟනට කිනම් වතාවතක් කෙරෙම් දෝ හෝ’යි. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයනට මේ සිත විය. ‘මම් සඟනට සෙනසුන් ද පනවම් නම් බත් ද උදෙසම් නම් මැනැවැ’යි.
Pali BJT2. අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. මයා ඛො ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං මයා අනුපත්තං, නත්ථි ච මෙ කිඤ්චි උත්තරි කරණීයං. කතස්ස වා පතිචයො, කිං නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය”න්ති. තස්ස මය්හං භන්තෙ එතදහොසි: “යන්නූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙය්යං, භත්තානි ච උද්දිසෙය්යන්ති. “ඉච්ඡාමහං භන්තෙ සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙතුං භත්තානි ච උද්දිසිතු”න්ති. “සාධු සාධු දබ්බ තෙන හි ත්වං දබ්බ, සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙහි, භත්තානි ච උද්දිසා”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො භගවතො පච්චස්සොසි.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ සවස් වේලෙහි පිළිසලනින් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව හුන්නාහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “ස්වාමීනි, මෙහි රහෝගත ව විවේකී ව හුන් මට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන. උපතින් සත්හැවිරිදි වූ මා විසින් රහත් බව පසක් කරණ ලද. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු වූ සියලු ගුණජාතය මා විසින් ලබන ලද. මා විසින් මත්තෙහි කටයුතු කිසිවක් හෝ කරණ ලද්දහුගේ වටාලා වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. මම සඟනට කිනම් වතාවතක් කෙරෙම් දෝ හෝ”යි. ‘ස්වාමීනි, ඒ මට මේ සිත විය: මම් සඟනට සෙනසුන් ද පනවම් නම් බතුදු උදෙසම් නම් මනා මැ නු’යි. ස්වාමීනි, මම සඟනට සෙනසුනුදු පනවන්නට බතුදු උදෙසන්නට කැමැත්තෙමි”යි. “මැනැවැ, මැනැවැ, දබ්බයෙනි, එසේ වී නම් දබ්බයෙනි, තෙපි සඟනට සෙනසුනුදු පනවවු. බතුදු උදෙසවු ය”යි. ‘එසේ ය වහන්සැ’යි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJT3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ සඞ්ඝො දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නතු. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං දබ්බො මල්ලපුත්තො යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: –
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “එසේ වී නම් මහණෙනි, සඞ්ඝ තෙමේ දබ්බමල්ලපුත්‍රයා සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කෙරේවා. තවද මහණෙනි, මෙසේත් සම්මත කළ යුත්තේ ය. පළමු කොට දබ්බමල්ලපුත්‍ර තෙමේ අයැදිය යුත්තේ ය. අයැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය”
Pali BJT4. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නෙය්ය, එසා ඤත්ති:
Sinhala BJT4. “වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කරන්නේ ය. තෙල ඤත්ති යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො, සඞ්ඝො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නති. යස්සායස්මතො ඛමති ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සෙනාසනපඤ්ඤාපකස්ස ච භත්තුද්දෙසකස්ස ච සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය:
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කිරීම රුචි වේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හෙතෙම බණන්නේ ය.
Pali BJTසම්මතො සඞ්ඝෙන ආයස්මා දබ්බො මල්ලපුත්තො සෙනාසනපඤ්ඤාපකො ච භත්තුද්දෙසකො ච. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී , එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම්භාවය යි. මේ මෙසේ ධරමි”යි.
Pali BJT5. සම්මතො ච පනායස්මා දබ්බො මල්ලපුත්තො සභාගානං සභාගානං භික්ඛූනං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති. යෙ තෙ භික්ඛූ සුත්තන්තිකා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති, “තෙ අඤ්ඤමඤ්ඤං සුත්තන්තං සඞ්ගායිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ විනයධරා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති, “තෙ අඤ්ඤමඤ්ඤං විනයං විනිච්ඡිනිස්සන්තී”ති.{1} යෙ තෙ භික්ඛූ ධම්මකථිකා තෙසං එකජ්ඣා සෙනාසනං පඤ්ඤාපෙති. “තෙ අඤ්ඤමඤ්ඤං ධම්මං සාකච්ඡිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ ඣායිනො තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති, “තෙ අඤ්ඤමඤ්ඤං න ව්යාබාධිස්සන්තී”ති.{2} යෙ තෙ භික්ඛූ තිරච්ඡානකථිකා කායදඩ්ඪිබහුලා {3}විහරන්ති, තෙසම්පි එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති, “ඉමායපිමෙ ආයස්මන්තො රතියා අච්ඡිස්සන්තී”ති. යෙපි තෙ භික්ඛූ විකාලෙ ආගච්ඡන්ති තෙසම්පි තෙජොධාතුං සමාපජ්ජිත්වා තෙනෙව ආලොකෙන සෙනාසනං පඤ්ඤාපෙති. අපිස්සු භික්ඛූ සඤ්චිච්ච විකාලෙ ආගච්ඡන්ති “මයං ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස ඉද්ධිපාටිහාරියං පස්සිස්සාමා”ති. තෙ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං උපසඞ්කමිත්වා එවං වදන්ති: අම්හාකං ආවුසො දබ්බ, සෙනාසනං පඤ්ඤාපෙහී”ති. තෙ ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං වදෙති: “කත්ථායස්මන්තා ඉච්ඡන්ති, කත්ථ පඤ්ඤාපෙමී”ති. තෙ සඤ්චිච්ච දූරෙ අපදිසන්ති, “අම්හාකං ආවුසො, දබ්බ, ගිජ්ඣකූටෙ පබ්බතෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං, ආවුසො, චොරපපාතෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො ඉසිගිලිපස්සෙ කාළසිලායං සෙනාසනං පඤ්ඤපෙහි, අම්හාකං ආවුසො වෙභාරපස්සෙ සත්තපණ්ණිගුහායං සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං, ආවුසො, ගොතමකකන්දරායං සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො තින්දුකකන්දරායං සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො තපොදකන්දරායං සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො තපොදාරාමෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො ජීවකම්බවනෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො මද්දකුච්ඡිස්මිං මිගදායෙ සෙනාසනං පඤ්ඤපෙහී”ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො තෙජොධාතුං සමාපජ්ජිත්වා අඞ්ගුලියා ජලමානාය පුරතො පුරතො ගච්ඡති. තෙපි තෙනෙව ආලොකෙන ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡන්ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං සෙනාසනං පඤ්ඤාපෙති: “අයං මඤ්චො, ඉදං පීඨං, අයං භිසි, ඉදං බිම්බොහනං, ඉදං වච්චට්ඨානං, ඉදං පස්සාවට්ඨානං, ඉදං පානීයං, ඉදං පරිභොජනීයං, අයං කත්තරදණ්ඩො, ඉදං සඞ්ඝස්ස කතිකසණ්ඨානං, ඉමං කාලං පවිසිතබ්බං, ඉමං කාලං නික්ඛමිතබ්බ”න්ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං සෙනාසනං පඤ්ඤාපෙත්වා පුනදෙව වෙළුවනං පච්චාගච්ඡති.
Sinhala BJT5. ඉක්බිති සම්මත වූ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ සභාග සභාග වූ භික්‍ෂූන්ට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් සෞත්‍රාන්තිකයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් සූත්‍රාන්තය සඞ්ගායනා කෙරෙති, ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විනයධරයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් විනය විනිශ්චය කෙරෙති’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධර්‍මකථිකයෝ වෙද්ද, ‘ඔහු ඔවුනොවුන් ධර්‍මය සාකච්ඡා කෙරෙතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධ්‍යායීහු වෙද් ද ‘ඔහු ඔවුනොවුන් නො වෙහෙසතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් තිරච්ඡානකථා ඇත්තාහු සිරුරු තර කිරීම බහුල ව වෙසෙත් නම් ‘මේ ආයුෂ්මත්හු මේ තිරිසන් කථා රතියෙන් වෙසෙති’. ඔවුනට ද එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විකාලයෙහි එත් නම් තේජෝධාතුවට සමවැද එම ආලෝකයෙන් ඔවුනට ද සෙනසුන් පනවත්. තවද භික්‍ෂූහු ‘ඇපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ ඍද්ධිප්‍රාතිහාර්‍ය බලම්හ’ යි දැන දැන නො කල්හි පැමිණෙති. ඔහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් කරා එළඹ ‘ඇවැත්නි, දබ්බයෙනි අපට සෙනසුන් පනවාලව’යි කියති. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඒ භික්‍ෂූන්ට මෙසේ කියති. ආයුෂ්මත්හු කොහි කැමැති වෙද්ද කොහි සෙනසුන් පනවම් දැ? යි. ඔහු දැන දැන දුරු තැන් දක්වති. ඇවැත් දබ්බයෙනි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපතනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපව්පාත්හි කළුසලහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වේභාරපව්පාත්හි සප්තපණ්ණිගුහායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ශීතවනයෙහි නාකෙමබෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම්කඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරිකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝදකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝදාරාමයෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹඋයන්හි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ඡි නම් මුවළැව්හි සෙනසුන් පනවාලව”යි කියන්නාහ. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ තේජෝධාතුවට සමවැද දිලියෙන ඇඟිලි ඇති ව ඔවුනට පෙරට ව පෙරට ව යෙති. උයිත් එම එළියෙන් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ පස්පස්හි යෙති. ඔවුනට ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ මෙසෙයින් සෙනසුන් පනවත්. මේ ඇඳ ය, මේ පුටු ය, මේ බිසි ය, මේ බිම්බොහන ය, මේ වැසිකිළි ය, මේ කෙසකිළි ය, මේ පැන් ය, මේ පරිභෝග උදක ය, මේ සැරයටි ය, මේ සඟුන්ගේ කතිකාවත ය, මෙකල පිවිසියයුතු ය, මෙකල නික්මියයුතු ය’යි. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඔවුනට සෙනසුන් පනවා නැවත වේළුවනයට පෙරළා එන්නාහ.
Pali BJT6. තෙන ඛො පන සමයෙන මෙත්තියභුම්මජකා භික්ඛූ නවකා චෙව හොන්ති අප්පපුඤ්ඤා ච, යානි සඞ්ඝස්ස ලාමකානි සෙනාසනානි, තානි තෙසං පාපුණන්ති ලාමකානි ච භත්තානි. තෙන ඛො පන සමයෙන රාජගහෙ මනුස්සා ඉච්ඡන්ති ථෙරානං භික්ඛූනං අභිසඞ්ඛාරිකං පිණ්ඩපාතං දාතුං සප්පිම්පි තෙලම්පි උත්තරිභඞ්ගම්පි. මෙත්තියභුම්මජකානං පන භික්ඛූනං පාකතිකං දෙන්ති යථාරන්ධං කණාජකං බිලඞ්ගදුතියං. තෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා ථෙරෙ භික්ඛූ පුච්ඡන්ති: තුම්හාකං ආවුසො භත්තග්ගෙ කිං අහොසි, තුම්හාකං කිං අහොසී”ති. එකච්චෙ ථෙරා එවං වදන්ති: “අම්හාකං ආවුසො සප්පි අහොසි තෙලං අහොසි උත්තරිභඞ්ගං අහොසී”ති. මෙත්තියභුම්මජකා පන භික්ඛූ එවං වදෙන්ති: “අම්හාකං ආවුසො න කිඤ්චි අහොසි පාකතිකං යථාරන්ධං කණාජකං බිලඞ්ගදුතිය”න්ති.
Sinhala BJT6. තවද එසමයෙහි මෙත්තියභුම්මජක භික්‍ෂූහු නවකයෝ ද මඳ පිනැත්තාහු ද වෙති. ඔවුනට සඞ්ඝයා පිළිබඳ වූ යම් ලාමක සෙනසුන් කෙනෙක් වෙත් ද ලාමක වූ බතකුත් වේ ද ඒ ලාමක සෙනසුන් හා බත් ම ලැබෙත්. එසමයෙහි රජගහනුවර මනුෂ්‍යයෝ සකස් කළ පිණ්ඩපාතය ද ගිතෙල් ද තලතෙල් ද මස්අවුළු ද ස්ථවිර භික්‍ෂූන්ට දෙන්නට කැමැති වෙත්. එතෙකුදුවත් මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට කුඩු සහිත වූ කාඩි දෙවැනි කොට ඇති පියවි බත පිසූ සැටියෙන් දෙති. ඔහු පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැත්තාහු “ස්ථවිරභික්‍ෂූන් පුළුවුස්ති ‘ඇවැත්නි, තොපට බොජුන්හල්හි කෙබඳු බතෙක් වී ද? තොපට කෙබඳු බතෙක් වී දැ?’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කියති. ‘ඇවැත්නි, අපට ගිතෙල් විය. තලතෙල් විය. මස්අවුළු වී ය’යි. මෙත්තියභුම්මජක භික්‍ෂූහු වැළිත් මෙසේ කියති. ‘ඇවැත්නි, අපට කිසිවක් නො වී ය. කුඩු සහිත වූ කාඩි දෙවැනි කොට ඇති. පිසූ සැටියෙන් පියවි බත වී ය’යි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන කල්යාණභත්තිකො ගහපති සඞ්ඝස්ස චතුක්කභත්තං දෙති නිච්චභත්තං. සො භත්තග්ගෙ සපුත්තදාරො උපතිට්ඨිත්වා පරිවිසති, අඤ්ඤෙ ඔදනෙන පුච්ඡන්ති, අඤ්ඤෙ සූපෙන පුච්ඡන්ති, අඤ්ඤෙ තෙලෙන පුච්ඡන්ති, අඤ්ඤෙ උත්තරිභඞ්ගෙන පුච්ඡන්ති. තෙන ඛො පන සමයෙන කල්යාණභත්තිකස්ස ගහපතිනො භත්තං ස්වාතනාය මෙත්තියභුම්මජකානං භික්ඛූනං උද්දිට්ඨං හොති. අථ ඛො කල්යාණභත්තිකො ගහපති ආරාමං අගමාසි කෙනචිදෙව කරණීයෙන. සො යෙනායස්මා දබ්බො මල්ලපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කල්යාණභත්තිකං ගහපතිං ආයස්මා දබ්බො මල්ලපුත්තො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො කල්යාණභත්තිකො ගහපති ආයස්මතා දබ්බෙන මල්ලපුත්තෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “කස්ස භන්තෙ අම්හාකං ඝරෙ ස්වාතනාය භත්තං උද්දිට්ඨ”න්ති.
Sinhala BJT7. තවද එසමයෙහි කල්‍යාණභක්තික ගෘහපති තෙම නිතිබත් කොට සතර බතක් දෙයි. හෙතෙම දන්හල්හි අඹුදරුවන් සහිත වූයේ සමීපයෙහි සිට වළඳවයි. කෙනෙක් බතින් පුළුවුස්ති. කෙනෙක් සූපයෙන් පුළුවුස්ති. කෙනෙක් තෙලින් පුළුවුස්ති. කෙනෙක් මසවුළෙන් පුළුවුසිත්. එසමයෙහි කල්‍යාණභක්තික ගෘහපතියාගේ බත සෙට දවසට මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට උදෙසන ලද වෙයි. එකල්හි කල්‍යාණභක්තික ගෘහපති තෙම කිසි කරුණෙකින් ආරාමයට ගියේ ය. හෙතෙම ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් සමීපයට එළැඹ ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් කල්‍යාණභක්තික ගෘහපතිහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කළහ. ඉක්බිති කල්‍යාණභක්තික ගෘහපති ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරණ ලද්දේ ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයනට මෙය කී ය. “වහන්ස, අපගේ ගෙහි සෙටදවසට කවරක්හට බත් උදෙසන ලද දැ?”යි. ගෘහපතිය, මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට තොපගේ ගෙහි සෙට දවසට බත් උදෙසන ලදැ යි කීහ.
Pali BJT8. අථ ඛො කල්යාණභත්තිකො ගහපති අනත්තමනො අහොසි “කථං හි නාම පාපභික්ඛූ අම්හාකං ඝරෙ භුඤ්ජිස්සන්තී”ති. ඝරං ගන්ත්වා දාසිං ආණාපෙසි: “යෙ ජෙ ස්වෙ භත්තිකා ආගච්ඡන්ති තෙ කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා කණාජකෙන බිලඞ්ගදුතියෙන පරිවිසා”ති. “එවං අය්යා”ති ඛො සා දාසී කල්යාණභත්තිකස්ස ගහපතිනො පච්චස්සොසි.
Sinhala BJT8. එකල්හි කල්‍යාණභක්තික ගෘහපති නො සතුටුසිත් ඇති වී ය. ‘කෙසේ නම් පාප භික්‍ෂූහු අපගේ ගෙහි සෙට බත් වළඳන්නාහු දැ’යි ගෙට ගොස් ‘කොල, සෙට බත් වළඳන යම් කෙනෙක් එත් නම් ඔහු කොටුයෙහි අසුන් පනවා කාඩි දෙවැනි කොට ඇති නිවුඩු සහලේ බතින් වළඳව”යි දාසියට ඇණවීය. ‘එසේය ස්වාමීනි’යි ඒ දාසිය කල්‍යාණභක්තික ගෘහපතිහට පිළිවදන් දින.
Pali BJT9. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ “හිය්යො ඛො ආවුසො අම්හාකං කල්යාණභත්තිකස්ස ගහපතිනො භත්තං උද්දිට්ඨං, ස්වෙ අම්හෙ කල්යාණභත්තිකො ගහපති සපුත්තදාරො උපතිට්ඨිත්වා පරිවිසිස්සති. අඤ්ඤෙ ඔදනෙන පුච්ඡිස්සන්ති, අඤ්ඤෙ සූපෙන පුච්ඡිස්සන්ති, අඤ්ඤෙ තෙලෙන පුච්ඡිස්සන්ති, අඤ්ඤෙ උත්තරිභඞ්ගෙන පුච්ඡිස්සන්තී”ති. තෙ තෙනෙව සොමනස්සෙන න චිත්තරූපං රත්තියා සුපිංසු.
Sinhala BJT9. ඉක්බිති මෙත්තියභුම්මජක භික්‍ෂූහු ඇවැත්නි, ඊයේ අපට කල්‍යාණභක්තික ගෘහපතිහුගේ බත උදෙසන ලද. සෙට කල්‍යාණභක්තික ගෘහපති තෙම අප සමීපයට එළඹ වළඳවන්නේය. කෙනෙක් ඕදනයෙන් පුළුවුස්ති, කෙනෙක් සූපයෙන් පුළුවුස්ති, කෙනෙක් තෙලින් පුළුවුස්ති. කෙනෙක් මසවුළෙන් පුළුවුසිත් ය”යි. ඔහු එ ම සොම්නසින් සිත් වූ පරිදි රාත්‍රියෙහි නිදි නො ගත්හ.
Pali BJT10. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන කල්යාණභත්තිකස්ස ගහපතිනො නිවෙසනං තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො සා දාසී මෙත්තියභුම්මජකෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ, දිස්වාන කොට්ඨකෙ ආසනං පඤ්ඤපෙත්වා මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: “නිසීදථ භන්තෙ”ති. අථ ඛො මෙත්තියභුම්මජකානං භික්ඛූනං එතදහොසි: “නිස්සංසයං ඛො න තාව භත්තං සිද්ධං භවිස්සති. යාව{1} මයං කොට්ඨකෙ නිසීදාපියෙය්යමා”{2}ති. අථ ඛො සා දාසී කණාජකෙන බිලඞ්ගදුතියෙන උපගච්ඡි: “භුඤ්ජථ භන්තෙ”ති “මයං ඛො භගිනි නිච්චභත්තිකා”ති. “ජානාමය්යා නිච්චභත්තිකත්ථ, අපිචාහං හිය්යොව ආණත්තා: ‘යෙ ජෙ ස්වෙ භත්තිකා ආගච්ඡන්ති, තෙ කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා කණාජකෙන බිලඞ්ගදුතියෙන පරිවිසා’ති. භුඤ්ජථ භන්තෙ”ති.
Sinhala BJT10. ඉක්බිති මෙත්තියභුම්මජක භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන කල්‍යාණභක්තික ගෘහපතිහුගේ නිවෙස්න කරා එළඹියහ. ඒ දාසිය දුරින් ම එන මෙත්තියභුම්මජක භික්‍ෂූන් දුටුවා ය. දැක කොටුයෙහි අසුන් පනවා මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට ‘වහන්ස, හුන මැනැවැ’යි කිව. එකල්හි මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට මේ සිත විය. එකැතින් ම තව බත් නො නිමියේ වන. ඒ තාක් ඇපි කොටුයෙහි හිඳුවනු ලබම්හ”යි. ඉක්බිති ඒ දාසිය කාඩි දෙවැනි කොට ඇති නිවුඩු බතින් යුක්ත ව එළඹියා ය. ‘වහන්ස, වළඳව’යි කිව. ‘නැගනියනි, ඇපි නිතිබත් ඇතියම්හ’යි. ස්වාමීනි, නිතිබත් ඇතියවුහු දනිමි. එතෙකුදුවත් මම ඊයේ ම අණ ලත්මු. කොල, සෙට බත් ලද යම් කෙනෙක් එත් නම් ඔහු කොටුයෙහි අසුන් පනවා කාඩි දෙවැනි කොට ඇති නිවුඩුසාලේ බතින් වළඳව’යි. වහන්ස, වැළඳුව මැනැවැ’යි.
Pali BJT11. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ “හිය්යො ඛො ආවුසො කල්යාණභත්තිකො ගහපති ආරාමං අගමාසි, දබ්බස්ස මල්ලපුත්තස්ස සන්තිකෙ. නිස්සංසයං ඛො මයං දබ්බෙන මල්ලපුත්තෙන ගහපතිනො පරිභින්නා”ති. තෙ තෙනෙව දොමනස්සෙන න චිත්තරූපං භුඤ්ජිංසු. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තා ආරාමං ගන්ත්වා පත්තචීවරං පටිසාමෙත්වා බහාරාමකොට්ඨකෙ සඞ්ඝාටිපල්ලත්ථිකාය නිසීදිංසු තුණ්හීභූතා මඞ්කුභූතා පත්තක්ඛන්ධා අධොමුඛා පජ්ඣායන්තා අප්පටිභානා.
Sinhala BJT11. ඉක්බිති මෙත්තියභුම්මජක භික්‍ෂූහු ‘ඇවැත්නි, ඊයේ කල්‍යාණභක්තික ගෘහපති තෙම අරමට ගියේ ය. දබ්බමල්‍යපුත්‍රයන් හමුයෙහි වී ය. එකැතින් ම ඇපි දබ්බමල්‍යපුත්‍රයන් විසින් ගෘහපතිහු කෙරෙහි බිඳුනා ලදුම්හ’යි ඔහු එම දොම්නසින් සිත් සේ නො වැළඳූහ. ඉක්බිති මෙත්තියභුම්මජක භික්‍ෂූහු පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැත්තාහු අරමට ගොස් පාසිවුරු සඟවා තබා බිහිඅරම්කොටුයෙහි නිහඬ ව මකු ව නැමූ කඳට ඇතිව (කෝපයෙන්) දුමමින් වැටහීම් රහිත ව සඟළින් අකවටු අවුළුවා හුන්හ.
Pali BJT12. අථ ඛො මෙත්තියා භික්ඛුනී යෙන මෙත්තියභුම්මජකා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: “වන්දාමි, අය්යා”ති.{3} එවං වුත්තෙ මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො මෙත්තියා භික්ඛුනී මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: “වන්දාමි අය්යා”ති. තතියම්පි ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. “ක්යාහං අය්යානං අපරජ්ඣාමි, කිස්ස මං අය්යා නාලපන්තී”ති. තථා හි පන ත්වං භගිනි, අම්හෙ දබ්බෙන මල්ලපුත්තෙන විහෙඨියමානෙ අජ්ඣුපෙක්ඛසී’ති. ‘ක්යාහං අය්යා කරොමී’ති ‘සචෙ ඛො ත්වං භගිනි ඉච්ඡෙය්යාසි අජ්ජෙව භගවා දබ්බං මල්ලපුත්තං නාසාපෙය්යා’ති. ක්යාහං අය්යා කරොමි. කිං මයා සක්කා කාතුන්ති. එහි ත්වං භගිනි, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා භගවන්තං එවං වදෙහි: ‘ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං, යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා, යතො නිවාතං තතො පවාතං,{4} උදකං මඤ්ඤෙ ආදිත්තං, අය්යෙනම්හි දබ්බෙන මල්ලපුත්තෙන දූසිතා’ති. එවං අය්යාති ඛො මෙත්තියා භික්ඛුනී මෙත්තියභුම්මජකානං භික්ඛූනං පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි, එකමන්තං ඨිතා ඛො මෙත්තියා භික්ඛුනී භගවන්තං එතදවොච: ‘ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං, යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා, යතො නිවාතං තතො පවාතං, උදකං මඤ්ඤෙ ආදිත්තං, අය්යෙනම්හි දබ්බෙන මල්ලපුත්තෙන දූසිතා’ති.
Sinhala BJT12. එකල්හි මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක භික්‍ෂූන් කරා එළඹියාය. එළැඹ මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට ‘වඳිමි හිමියනි’යි කිව. මෙසේ කී කල් ද මෙත්තියභුම්මජක භික්‍ෂූහු නො බැණ හුන්හ. දෙවනවට ද ... තෙවනවටහි මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට ‘වඳිමි, හිමියනි’යි කිව. තෙවනවට ද මෙත්තියභුම්මජක භික්‍ෂූහු නො බැණ හුන්හ. මම ආර්‍ය්‍යයන්ට කවර අපරාධයන් කෙළෙම් ද? කුමක් හෙයින් ආර්‍ය්‍යයෝ මා හා නො බෙණෙත් දැ?යි. එසේ ම ය නැගනියනි, තෝ දබ්බමල්‍යපුත්‍රයන් විසින් අප වෙහෙසනු ලබනුවන් උපේක්‍ෂා කෙරෙහි ය”යි. ආර්‍ය්‍යයෙනි, මම කුම් කෙරෙම් දැ?යි ඉදින් නැගනියනි, තෝ රිසියවු නම් අද ම භාග්‍යවත්හු දබ්බමල්‍යපුත්‍රයා නසවන්නා හ යි, ආර්‍ය්‍යයෙනි, මම් කුම් කෙරෙම් ද? මා විසින් කුමක් කරන්නට හැකි දැ?යි. එව නැගනියනි, තෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙව. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියව. ‘ස්වාමීනි, මේ නො රුස්නෙක නුසුදුස්සෙක, ස්වාමීනි, යම් දිශාවක් නිර්‍භය ද නිදුක් ද අනුපද්‍රව ද ඒ දිශාව භය සහිත ය. දුක් සහිත ය. උපද්‍රව සහිත ය. යම් තැනෙක්හි නීවාත ද එහි මහසුළං නැඟිණ. දිය ඇවිලගත් කලක් මෙන් ආර්‍ය්‍ය දබ්බමල්‍යපුත්‍රයන් විසින් මම් දූෂිතයමු”යි. ‘එසේය ආර්‍ය්‍යයෙනි’යි මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව සිටියා ය. එකත්පස් ව සිටි මෙත්තියා මෙහෙණ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් කිව. ‘ස්වාමීනි, මෙය නො රුස්නෙක. නුසුදුස්සෙක. ස්වාමීනි, යම් දිශාවක් අභය ද අනීතික ද අනුපද්‍රව ද, ඒ දිශාව භය සහිතය. දුක් සහිත ය. උවදුරු සහිත ය. යම් තැනෙක්හි නිවාත ද එතැන්හි මහසුළං නැඟිණි. දිය ආදීප්ත කලක් මෙනි. ආර්‍ය්‍ය දබ්බමල්‍යපුත්‍රයන් විසින් දූෂිතයමු’යි කිව.
Pali BJT13. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං පටිපුච්ඡි: ‘සරසි ත්වං දබ්බ එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා,ති “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. දුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “සරසි ත්වං දබ්බ එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා”ති “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. ‘න ඛො දබ්බ දබ්බා එවං නිබ්බෙඨෙන්ති. සචෙ තයා කතං කතන්ති වදෙහි, සචෙ අකතං අකතන්ති වදෙහී’ති. “යතො අහං භන්තෙ ජාතො නාභිජානාමි සුපිනන්තෙනපි මෙථුනං ධම්මං පතිසෙවිතා, පගෙව ජාගරො”ති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “තෙනහි භික්ඛවෙ මෙත්තියං භික්ඛුනිං නාසෙථ, ඉමෙ ච භික්ඛූ අනුයුඤ්ජථා”ති. ඉදං වත්වා භගවා උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJT13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් පුළුවුත් සේක. “දබ්බය, යම්සේ මේ මෙහෙණ කිවු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ”යි. “භාග්‍යවතුන් වහන්සේ යම්සේ මා දන්නාසේක් ද (එසෙයින් දතයුතු වෙමි”)යි. බුදුහු දෙවනවට ද ... බුදුහු තෙවනවට ද ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට මෙය වදාළහ. ‘දබ්බය, යම්සේ මේ මෙහෙණ කිවු ද, තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ’යි. දබ්බය පණ්ඩිතයෝ මෙසේ පරප්‍රත්‍යයෙන් නිරවුල් නො කෙරෙති. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව. නො කරණ ලද නම් නො කරණ ලදැයි කියව’යි. ‘ස්වාමීනි, මම යම් කලෙක උපන්නෙම් ද එතැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවියෙම් නො දන්මි. නිදිවැරුයෙම් කැලමැ’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූ සේක. එසේ වී නම් මහණෙනි, “මෙත්තියා මෙහෙණ (ලිඞ්ගනාසනායෙන්) නසවු. මේ (මෙහෙයූ) භික්‍ෂූන් ද විමසව”යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
Pali BJT14. අථ ඛො තෙ භික්ඛූ මෙත්තියං භික්ඛුනිං නාසෙසුං. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං: “මා ආවුසො මෙත්තියං භික්ඛුනිං නාසෙථ, න සා කිඤ්චි අපරජ්ඣති, අම්හෙහි සා උස්සාහිතා කුපිතෙහි අනත්තමනෙහි චාවනාධිප්පායෙහී”ති. “කිං පන තුම්හෙ ආවුසො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙථා”ති. එවමාවුසො’ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙථා”ති. “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT14. ඉක්බිති ඒ භික්‍ෂූහු මෙත්තියා මෙහෙණ ලිඞ්ගනාසනායෙන් නසාපූහ. එකල්හි මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට මෙසේ කීහ. ‘ඇවැත්නි, මෙත්තියා මෙහෙණ නහමක් නසවු. ඕ තොමෝ කිසි වරදක් නො කෙරෙයි. කිපියා වූ නො සතුටු සිත් ඇති සස්නෙන් නෙරනු කැමැති වූ අප විසින් ඕ තොමෝ මෙහෙයන ලදු ය’යි. කිමෙක් ද ඇවැත්නි, “තෙපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් අමුලු පරිජිඇවතින් චෝදනා කරවු දැ”යි. එසේය ඇවැත්නි, යි. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ද ඔහු අවමන් කෙරෙති. නුගුණ කියති. දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් මෙත්තියභුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයනට අමුලු පරිජිඇවැතින් චෝදනා කළාහු දැ’යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ දැන් වූහ. සැබෑද? මහණෙනි, තෙපි දබ්බමල්‍යපුත්‍රයනට අමුලු පරිජිඇවතින් චෝදනා කරවුදැ?යි. සැබව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්‍හා කළහ ... කෙසේ නම් සිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්‍ය පුත්‍රයනට අමුලු පරිජිඇවැතින් චෝදනා කළහු ද? සිස් පුරුෂයෙන්, තෙල නො පහන් වූවන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ ශික්‍ෂා පදය මෙසේ උදෙසවු.
Pali BJT“යො පන භික්ඛු භික්ඛුං දුට්ඨො දොසො අප්පතීතො අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙය්ය අප්පෙවනාම නං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්යන්ති. තතො අපරෙන සමයෙන සමනුග්ගාතියමානො වා අසමනුග්ගාතියමානො වා අමූලකඤ්චෙව තං අධිකරණං හොති භික්ඛු ච දොසං පතිට්ඨාති, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“යම් මහණෙක් ද්විෂ්ට වූයේ, මෙරමා දූෂණය කරණුයේ, නො සතුටු සිත් ඇත්තේ ‘මොහු මෙසස්නෙන් නෙරනෙම් නම් යෙහෙකැ’යි මහණක්හට අමුලු පරිජිඇවතින් චෝදනා කෙරේ නම්, එයින් පසු කලෙක විචාරනු ලබන්නේ හෝ නො විචාරහු ලබන්නේ හෝ ඒ අධිකරණය මුල් රහිත වේ නම්, (චෝදක) මහණ තෙමේ ද දෝෂයෙහි පිහිටා නම් සඟවෙසෙස් වේ” ය යි.
Pali BJT15. යො පනාති යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT15. යෝපන යනු: යමෙක් යමුබදුයෙක් ... භික්ඛු යනු … මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු යයි අදහස් කරණ ලදී.