Pali BJT64. සපරිදණ්ඩා භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං බ්රූහි: “හොමි ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා ච ඡන්දවාසිනී ච භොගවාසිනී ච පටවාසිනී ච ඔදපත්තකිනී ච ඔභටචුම්බටා ච දාසී ච භරියා ච කම්මකාරී ච භරියා ච ධජාහටා ච මුහුත්තිකා චා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT64. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද, පටවාසිනී ද, ඔදපත්තකිනී ද, ඕහටචුම්බටා ද, දාසීභරියා ද, කම්මකාරී භරියා ද, ධජාහටා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව” යි මහණකු මෙහෙයා ද එ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTසපරිදණ්ඩාචක්කං නිට්ඨිතං.
Sinhala BJTසපරිදණ්ඩා චක්‍රය යි.
Pali BJTසබ්බං චක්කපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTචක්කපෙය්‍යාලය හැම නිමි.
Pali BJT65. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පතිගණ්හාති වීමංසති න පච්චාහරති, ආපත්ති ථුල්ලච්චයස්ස. පතිගණ්හාති න වීමංසති පච්චාහරති, ආපත්ති ථුල්ලච්චයස්ස. පතිගණ්හාති න වීමංසති න පච්චාහරති, ආපත්ති දුක්කටස්ස. න පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති ථුල්ලච්චයස්ස. න පතිගණ්හාති වීමංසති න පච්චාහරති, ආපත්ති දුක්කටස්ස. න පතිගණ්හාති න වීමංසති පච්චාහරති, ආපත්ති දුක්කටස්ස. න පතිගණ්හාති න වීමංසති න පච්චාහරති, අනාපත්ති.
Sinhala BJT65. පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ. පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු නොම ගෙණ එයි ද ථුලැසිඇවැත් වේ. පිළිගණියි ද, නොවිමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, ථුලැසිඇවැත් වේ. පිළිගණියි ද, නො විමසයි ද, පිළිතුරු නොම ගෙණ එයි ද, දුකුළාඇවැත් වේ. නො පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, ථුලැසිඇවැත් වේ. නො පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු නොම ගෙණ එයි ද, දුකුළාඇවැත් වේ. නො පිළිගණියි ද, නො විමසයි ද, පිළිතුරු නොම ගෙණ එයි ද, ඇවැත් නොවේ.
Pali BJT66. පුරිසො සම්බහුලෙ භික්ඛූ ආණාපෙති: “ගච්ඡථ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසථා”ති. සබ්බෙ පතිගණ්හන්ති සබ්බෙ වීමංසන්ති සබ්බෙ පච්චාහරන්ති, ආපත්ති සබ්බෙසං සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT66. පුරුෂයෙක් “වහන්ස, යන්න. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි බොහෝ මහණුන් අණවයි, සියල්ලෝ ම පිළිගණිත් ද, සියල්ලෝ ම විමසත් ද, සියල්ලෝ ම පිළිතුරු ගෙන එත් ද, සියල්ලන්ට ම සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT67. පුරිසො සම්බහුලෙ භික්ඛූ ආණාපෙති:- “ගච්ඡථ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසථා”ති. සබ්බෙ පතිගණ්හන්ති සබ්බෙ වීමංසන්ති එකං පච්චාහරාපෙන්ති, ආපත්ති සබ්බෙසං සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT67. පුරුෂයෙක් “වහන්ස, යන්න, මෙනම් ස්ත්‍රිය විමසන්න”යි බොහෝ මහණුන් අණවයි, සියල්ලෝ ම පිළිගණිත් ද, සියල්ලෝ ම විමසත් ද, එක් මහණකු ලවා පිළිතුරු එළවත් ද, සියල්ලන්ට ම සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT68. පුරිසො සම්බහුලෙ භික්ඛූ ආණාපෙති:- “ගච්ඡථ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසථා”ති. සබ්බෙ පතිගණ්හන්ති එකං වීමංසාපෙත්වා සබ්බෙ පච්චාහරන්ති, ආපත්ති සබ්බෙසං සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT68. පුරුෂයෙක් “වහන්ස, යන්න. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි බොහෝ මහණුන් අණවයි. සියල්ලෝ ම පිළිගණිත් ද; එක් මහණකු ලවා විමසවා ද, සියල්ලෝ ම පිළිතුරු එළවත් ද සියල්ලන්ට ම සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT69. පුරිසො සම්බහුලෙ භික්ඛූ ආණාපෙති:- “ගච්ඡථ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසථා”ති. සබ්බෙ පතිගණ්හන්ති එකං වීමංසාපෙත්වා එකං පච්චාහරාපෙන්ති, ආපත්ති සබ්බෙසං සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT69. පුරුෂයෙක් “වහන්ස, යන්න. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි බොහෝ මහණුන් අණවයි’ද, සියල්ලෝ ම පිළිගණිත් ද, එක් මහණකු ලවා විමසවා ද එක් මහණකු ලවා පිළිතුරු එළවා ද, සියල්ලන්ට ම සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT70. පුරිසො භික්ඛුං ආණාපෙති:- “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසා”ති. පතිගණ්හාති වීමංසා”ති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT70. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි මහණකු අණවයි ද, පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT71. පුරිසො භික්ඛුං ආණාපෙති:- “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසා”ති. පතිගණ්හාති වීමංසා”ති අන්තෙවාසිං පච්චාහරාපෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT71. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි මහණකු අණවයි ද, පිළිගණියි ද, විමසයි ද, අතැවැසි මහණකු ලවා පිළිතුරු එළවයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT72. පුරිසො භික්ඛුං ආණාපෙති:- “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසා”ති. පතිගණ්හාති, අන්තෙවාසිං වීමංසාපෙත්වා අත්තනා පච්චාහරති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT72. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි මහණකු අණවයි ද, පිළිගණියි. අතැවැසි මහණකු ලවා විමසවා තෙමේ පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT73. පුරිසො භික්ඛුං ආණාපෙති:- “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසා”ති. පතිගණ්හාති අන්තෙවාසිං වීමංසාපෙති, අන්තෙවාසී වීමංසිත්වා බහිද්ධා පච්චාහරති, ආපත්ති උභින්නං ථුල්ලච්චයස්ස.
Sinhala BJT73. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි මහණකු අණවයි ද, පිළිගණියි ද, අතැවැසි මහණකු ලවා විමසවයි ද, අතැවැසි තෙමේ විමසා බැහැරට පිළිතුරු එළවයි ද දෙදෙනාටම ථුලැසිඇවැත් වේ.
Pali BJT74. ගච්ඡන්තො සම්පාදෙති, ආගච්ඡන්තො විසංවාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ගච්ඡන්තො විසංවාදෙති, ආගච්ඡන්තො සම්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ගච්ඡන්තො සම්පාදෙති, ආගච්ඡන්තො සම්පාදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ගච්ඡන්තො විසංවාදෙති, ආගච්ඡන්තො විසංවාදෙති, අනාපත්ති.
Sinhala BJT74. යන්නේ පිළිගණියි ද, විමසයි ද, පෙරළා එන්නේ පිළිතුරු නො පවසයි ද, ථුලැසිඇවැත් වේ. යන්නේ නො පිළිගණියි ද, එන්නේ විමසයි ද, පිළිතුරු එළවයි ද, ථුලැසිඇවැත් වේ. යන්නේ පිළිගණියි ද, එන්නේ විමසයි ද, පිළිතුරු එළවයි ද සඟවෙසෙස්ඇවැත් වේ. යන්නේ නො පිළිගණියි ද, නො විමසයි ද, එන්නේ පිළිතුරු නො එළවයි ද, ඇවැත් නොවේ.
Pali BJT75. අනාපත්ති සඞ්ඝස්ස වා චෙතියස්ස වා ගිලානස්ස වා කරණීයෙන ගච්ඡති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT75. සංඝයා පිළිබඳ හෝ චෛත්‍යය පිළිබඳ හෝ ගිලනුන් පිළිබඳ හෝ කටයුත්තකින් යෙයි ද ඔහුට ද උන්මත්තකයාට ද ආදිකම්මිකයාට ද ඇවැත් නොවේ.
Pali BJTවිනීතවත්ථු
Sinhala BJTවිනිශ්චිතවස්තු
Pali BJTඋද්දානගාථා:
Sinhala BJTඋද්දානගාථා:
Pali BJTසුත්තා මතා ච නික්ඛන්තා, අනිත්ථි ඉත්ථිපණ්ඩකා, කලහං කත්වාන සම්මොදි, සඤ්චරිත්තඤ්ච පණ්ඩකෙති.
Sinhala BJTසුත්තාය, මතාය, නික්ඛන්තාය, අනිත්‍ථිය, ඉත්‍ථිපණ්ඩකාය, කලහසම්මෝදනය, පණ්ඩකසඤ්චරිත්තය යි මෙහි වස්තු සතෙකි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො අඤ්ඤතරං භික්ඛුං ආණාපෙසි:- “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසා”ති. සො ගන්ත්වා මනුස්සෙ පුච්ඡි:- “කහං ඉත්ථන්නාමා”ති? “සුත්තා භන්තෙ”ති. තස්ස කුක්කුච්චං අහොසි. කච්චි නු ඛො අහං සඞ්ඝාදිසෙසං ආපත්තිං ආපන්නො”ති. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති දුක්කටස්සා”ති. (1)
Sinhala BJT1. එසමයෙහි එක්තරා පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් ස්ත්‍රිය විමසන්නැ”යි එක්තරා මහණකු ඇණවී ය. හෙතෙමේ ගොස් “මෙනම් තැනැත්තී කොහිදැ”යි මිනිසුන් විචාළේ ය. “වහන්ස, ඕ නිද්‍රෝපගත ය”යි මිනිස්සු කීහ. “කිම? මම සඟවෙසෙස්ඇවැත් අවන්නෙම්දැ”යි ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නොවේ. දුකුළාඇවැත් වේ.”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (1)
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො අඤ්ඤතරං භික්ඛුං ආණාපෙසි:- “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං ඉත්ථිං වීමංසා”ති. සො ගන්ත්වා මනුස්සෙ පුච්ඡි:- “කහං ඉත්ථන්නාමා”ති. “මතා භන්තෙ”ති -පෙ- “නික්ඛන්තා භන්තෙ”ති, ‘අනිත්ථි භන්තෙ”ති, “ඉත්ථිපණ්ඩකා භන්තෙ”ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති දුක්කටස්සා”ති. (2-5)
Sinhala BJT2. එසමයෙහි එක්තරා පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් ස්ත්‍රිය විමසන්නැ”යි එක්තරා මහණකු ඇණවී ය. හෙතෙමේ ගොස් “මෙ නම් තැනැත්තිය කොහිදැ”යි මිනිසුන් විචාළේ ය. “වහන්ස, ඕ මළාය”යි ඔහු කීහ. ... “වහන්ස, ඕ නික්ම ගියා ය” ... “වහන්ස, ඒ ස්ත්‍රියක් නොවේ.” ... “වහන්ස, ඕ ස්ත්‍රීපණ්ඩකාවකැ”යි ඔහු කීහ. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ.” (2-5)
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි සාමිකෙන සහ භණ්ඩිත්වා මාතුඝරං අගමාසි. කුලූපගො භික්ඛු සම්මොදනීයං අකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“අලංවචනීයා භික්ඛූ”ති? “නාලංවචනීයා භගවා”ති. “අනාපත්ති භික්ඛු නාලංවචනීයායා”ති. (6)
Sinhala BJT3. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් හිමියා සමග ඩබර කොට ගෙණ මවුගේ ගෙට ගියා ය. කුලුපග මහණෙක් ඇය ඔවා දී සනසා සැමියා වෙත පෙරළා යැවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සැමියා විසින් අනුශාස්‍ය නොවූවක් වේ ද?” ... “භාග්‍යවතුන් වහන්ස, එසේ අනුශාස්‍යවූවක් නොවේ” ... “මහණ, අනුශාස්‍යවූවක පිණිස ඇවැත් නොවේ.” (6)
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පණ්ඩකෙ සඤ්චරිත්තං සමාපජ්ජි. තස්ස කුක්කුච්චං අහොසි:- කච්චි නු ඛො අහං සංඝාදිසෙසං ආපත්තිං ආපන්නොති. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (7)
Sinhala BJT4. එ සමයෙහි එක්තරා මහණෙක් පණ්ඩකයෙකු කෙරෙහි සංචරණභාවයට පැමිණියේ ය. ඒ මහණහට “කිම? මම් සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දෝ”යි කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නොවේ. ථුලැසි ඇවැත් වේ” ... (7)
Pali BJTසඤ්චරිත්ත සික්ඛාපදං නිට්ඨිතං
Sinhala BJTසඤ්චරිතශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJTකුටිකාරසික්ඛාපදං
Sinhala BJTකුටිකාරශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආළවකා භික්ඛූ සඤ්ඤාචිකායො කුටියො කාරාපෙන්ති අස්සාමිකායො අත්තුද්දෙසිකායො අප්පමාණිකායො, තායො න නිට්ඨානං ගච්ඡන්ති. තෙ යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්ති: “පුරිසං දෙථ, පුරිසත්ථකරං දෙථ, ගොණං දෙථ, සකටං දෙථ, වාසිං දෙථ, ඵරසුං දෙථ, කුඨාරිං දෙථ, කුද්දාලං දෙථ, නිඛාදනං දෙථ, වල්ලිං දෙථ, වෙළුං දෙථ, මුඤ්ජං දෙථ, බබ්බජං දෙථ, තිණං දෙථ, මත්තිකං දෙථා”ති. මනුස්සා උපද්දුතා යාචනාය උපද්දුතා විඤ්ඤත්තියා භික්ඛූ දිස්වා උබ්බිජ්ජන්තිපි උත්තසන්තිපි පලායන්තිපි අඤ්ඤෙනපි ගච්ඡන්ති අඤ්ඤෙනපි මුඛං කරොන්ති ද්වාරම්පි ථකෙන්ති, ගාවිම්පි දිස්වා පලායන්ති, භික්ඛූති මඤ්ඤමානා.
Sinhala BJT1. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි අළවු රට වැසි මහණහු ඉල්ලාගත් උපකරණ ඇති, කරවා දෙන හිමියන් නැති, ඉක්මවූ පමණ ඇති, තමන් උදෙසා වූ කුටි කරවත්. ඒ කුටීහු නිමාවට නොයෙත්. ඒ මහණහු “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, ගොණකු දෙන්න, ගැළක් දෙන්න, වෑයක් දෙන්න, පොරොවක් දෙන්න, කෙටේරියක් දෙන්න, උදැල්ලක් දෙන්න, නියනක් දෙන්න, වැලක් දෙන්න, හුණගසක් දෙන්න, මුදුතණ දෙන්න, බබුස්තණ දෙන්න, කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යි යැදීම් බහුල කොටැති ව විනවීම් බහුල කොටැති ව වෙසෙත්. මිනිස්සු ආයාචනයෙන් මිරිකුනෝ, විනවීමෙන් මිරිකුනෝ මහණුන් දැක උද්වේගයට ද පැමිණෙත්. තැති ද ගණිත්. පලා යෑම ද කෙරෙත්. අන් මඟෙකින් ද යත්. අන් දිගකට මුහුණ ද පෙරළත්. දොර ද වසත්. ඈත දෙනක ද දැක “මහණහු”යි හඟිමින් පලායෙත්.
Pali BJT2. අථ ඛො ආයස්මා මහාකස්සපො රාජගහෙ වස්සං වුත්ථො යෙන ආළවී තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන ආළවී තදවසරි. තත්ර සුදං ආයස්මා මහාකස්සපො ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. අථ ඛො ආයස්මා මහාකස්සපො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ආළවිං පිණ්ඩාය පාවිසි. මනුස්සා ආයස්මන්තං මහාකස්සපං පස්සිත්වා උබ්බිජ්ජන්තිපි උත්තසන්තිපි පලායන්තිපි අඤ්ඤෙනපි ගච්ඡන්ති අඤ්ඤෙනපි මුඛං කරොන්ති ද්වාරම්පි ථකෙන්ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආළවියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT2. එකල්හි මහසුප් තෙරණුවෝ රජගහනුවර වස් වැස පවරා අළවු නුවරට වැඩියහ. එසමයෙහි මහසුප් තෙරණුවෝ අළවු නුවරට නොදුරු නොළං තන්හි වූ අග්ගාලව නම් චෛත්‍යස්ථානයෙහි වෙසෙත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ අළවු නුවරට පිඬු පිණිස පිවිසියහ. මිනිස්සු තෙරුන් දැක උද්වීග්න වෙත්. තැති ගණිත්. පලා යෙත්. මඟ වළහා යෙත්. මුහුණ අන් අතකට ද පෙරළත්. දොර ද පියත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ අළවු නුවර පිඬු පිණිස හැසිර පිඬුවායෙන් වැළකුණෝ පසුබත්හි භික්‍ෂූන් අමතා මෙසේ වදාළහ:
Pali BJT“පුබ්බායං ආවුසො ආළවි සුභික්ඛා අහොසි සුලභපිණ්ඩා සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. එතරහි පනායං ආළවී දුබ්භික්ඛා දුල්ලභපිණ්ඩා න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. කො නු ඛො ආවුසො හෙතු කො පච්චයො යෙනායං ආළවි දුබ්භික්ඛා දුල්ලභපිණ්ඩා න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතු”න්ති. අථ ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකස්සපස්ස එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT“ඇවැත්නි, මේ අළවුනුවර පෙර සුභික්‍ෂ විය. සුලභ පිඬු ඇති විය. පිඬු සිඟීමෙන් යැපීම පහසු විය. දැන් වනාහි මේ අළවුනුවර දුර්භික්‍ෂ ය. දුර්‍ලභ පිඬු ඇත්තේ ය. පිඬු සිඟීමෙන් යැපෙන්නට දුෂ්කර ය. ඇවැත්නි, යම් හෙයකින් මේ අළවුනුවර දුර්භික්‍ෂ නම්, දුර්‍ලභ පිඬු ඇත්තේ නම්, පිඬු සිඟීමෙන් යැපෙන්නට දුෂ්කර නම්, එයට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ” ද? යනු යි. ඉක්බිති ඒ භික්‍ෂූහු මහසුප් මහතෙරුන්ට එ පවත් සැළ කළහ.
Pali BJT3. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන ආළවි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන ආළවි තදවසරි. තත්ර සුදං භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහාකස්සපො භගවතො එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වැස පිළිවෙළින් සැරි සරා වඩනා සේක්, අළවුනුවරට වැඩි සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවුනුවර අග්ගාලව නම් චෛත්‍යස්ථානයෙහි වැඩ වසන සේක. ඉක්බිති මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පසක ඉඳගත්හ. එකත් පසෙක හුන් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැළ කළහ.
Pali BJT4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආළවකෙ භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ සඤ්ඤාචිකායො කුටියො කාරාපෙථ අස්සාමිකායො අත්තුද්දෙසිකායො අප්පමාණිකායො. තායො න නිට්ඨානං ගච්ඡන්ති. තෙ තුම්හෙ යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරථ, පුරිසං දෙථ, පුරිසත්ථකරං දෙථ, -පෙ- තිණං දෙථ, මත්තිකං දෙථා”ති. මනුස්සා උපද්දුතා යාචනාය, උපද්දුතා විඤ්ඤත්තියා භික්ඛූ දිස්වා උබ්බිජ්ජන්තිපි උත්තසන්තිපි පලායන්තිපි අඤ්ඤෙනපි ගච්ඡන්ති අඤ්ඤෙනපි මුඛං කරොන්ති ද්වාරම්පි ථකෙන්ති, ගාවිම්පි දිස්වා පලායන්ති භික්ඛූති මඤ්ඤමානා”ති. “සච්චං භගවා.”
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රකරණයෙහි (ප්‍රස්තාවයෙහි) භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා අළවුවැසි මහණුන්ගෙන් මෙසේ විචාළ සේක: “සැබෑද, මහණෙනි? තෙපි කරවා දෙන හිමියන් නැති, පමණ ඉක්ම වූ, තමන් ඉල්ලා ගත් උපකරණ ඇති, තමන් උදෙසා වූ කුටි කරවවු ද? ඒ කුටීහු නිමාවට නො යෙත් ද? ඒ තෙපි “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, ... කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යි යැදීම් බහුල ව, විනවීම් බහුල, ව වසවු ද? මිනිස්සු යැදීමෙන් මිරිකුනෝ, විනවීමෙන් මිරිකුනෝ, මහණුන් දැක උද්වේගයට ද පැමිණෙත් ද? තැති ගණිත් ද? පලායෙත් ද? මඟ වළහා යෙත් ද? මුහුණු වෙන අතකට පෙරළත් ද? දොර වසත් ද? “මහණහු”යි හඟිමින් දෙනක ද දැක පලායෙත් ද?” “සැබව භාග්‍යවතුන් වහන්ස” යි ඒ මහණහු පිළිවදන් දුන්හ.
Pali BJT5. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා සඤ්ඤාචිකායො කුටියො කාරාපෙස්සථ අස්සාමිකායො අත්තුද්දෙසිකායො අප්පමාණිකායො, තායො න නිට්ඨානං ගච්ඡන්ති. තෙ තුම්හෙ යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරිස්සථ: පුරිසං දෙථ පුරිසත්ථකරං දෙථ -පෙ- තිණං දෙථ මත්තිකං දෙථා”ති. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT5. භාග්‍යවතුන් වහන්සේ ගැරැහූ සේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් ඉල්ලා ගත් උපකරණ ඇති, කරවා දෙන හිමියන් නැති, තමන් උදෙසා වූ, පමණ ඉක්ම වූ කුටි කරවවු ද?, ... ඒ කුටීහි නිමාවට නොයෙත්. ඒ තෙපි “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යී යැදීම් බහුලව විනවීම් බහුල ව වසවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නොවේ. ... යී ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක:
Pali BJT6. භූතපුබ්බං භික්ඛවෙ ද්වෙ භාතරො ඉසයො ගඞ්ගං නදිං උපනිස්සාය විහරිංසු. අථ ඛො භික්ඛවෙ මණිකණ්ඨො නාගරාජා ගඞ්ගං නදිං උත්තරිත්වා යෙන කණිට්ඨො ඉසි තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා කණිට්ඨං ඉසිං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි මුද්ධනි මහන්තං ඵණං කරිත්වා අට්ඨාසි. අථ ඛො භික්ඛවෙ කණිට්ඨො ඉසි තස්ස නාගස්ස භයා කිසො අහොසි ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො. අද්දස ඛො භික්ඛවෙ ජෙට්ඨො ඉසි කණිට්ඨං ඉසිං කිසං ලූඛං දුබ්බණ්ණං උප්පණ්ඩුප්පණ්ඩුකජාතං ධමනිසන්ථතගත්තං, දිස්වාන කණිට්ඨං ඉසිං එතදවොච: “කිස්ස ත්වං භො කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො”ති. ඉධ භො මණිකණ්ඨො නාගරාජා ගඞ්ගං නදිං උත්තරිත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි මුද්ධනි මහන්තං ඵණං කරිත්වා අට්ඨාසි. තස්සාහං භො නාගස්ස භයා’ම්භි කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො”ති. “ඉච්ඡසි පන ත්වං භො තස්ස නාගස්ස අනාගමනන්ති.” “ඉච්ඡාමහං භො තස්ස නාගස්ස අනාගමනන්ති.” “අපි පන ත්වං භො තස්ස නාගස්ස කිඤ්චි පස්සසී”ති. “පස්සාමහං භො මණිමස්ස කණ්ඨෙ පිලන්ධන”න්ති. “තෙන හි ත්වං භො තං නාගං මණිං යාච, මණිං මෙ භො දෙහි, මණිනා මෙ අත්ථො”ති.
Sinhala BJT6. මහණෙනි, පෙරවූවක් කියමි. දෙබෑ තවුස් කෙනෙක් ගංගා නදිය ඇසුරු කොට වුසූහ. මහණෙනි, එකල්හි මණිකණ්ඨ නම් නාරජ ගංගානදිය පීනා කණිටු තවුසා වෙත එළඹියේ ය. එළඹ සත් වටක් ඔහු දරණවැළින් වෙළා හිස මතුයෙහි මහත් සේ පෙණය කොට සිටියේ ය. මහණෙනි, එකල්හි කණිටු තවුස් තෙම ඒ නාරජුට බියෙන් වැහැරුනේ, රූක්‍ෂ වූයේ, විවර්‍ණ වූයේ, හටගත් පඬු පැහැ ඇත්තේ, නහර පතුළ සිරුර ඇත්තේ විය. මහණෙනි, දෙටු තවුස් තෙම වැහැරුණු රූක්‍ෂවූ විවර්‍ණවූ හටගත් පඬු පැහැති නහර පතුළ සිරුර ඇති කණිටු තවුසා දිටී. දැක ඔහුට “පින්වත, තෝ කවර හෙයින් වැහැරුනෙහි ද? රූක්‍ෂවූයෙහි ද? විවර්‍ණ වූයෙහි ද? හටගත් පඬු පැහැත්තෙහි ද? නහරවැල් පතුළ සිරුර ඇත්තෙහි”ද? යි කී ය. “පින්වත, මෙහි මණිකණ්ඨ නාරජ ගඟනිය පිහිනා මා කරා අවුත් සත් යලක් මා දරණවැළින් වෙළා හිස මතුයෙහි මහත් සේ පෙණය කොට සිටියේ ය. පින්වත, මම් ඒ නයාට බියෙන් වැහැරුනෙම්, රූක්‍ෂ වූයෙම්, විවර්‍ණ වූයෙම්, හටගත් පඬු පැහැ ඇත්තෙම්, නහර පතුළ සිරුර ඇත්තෙම් වෙමි” යි හෙතෙම කීය. “පින්වත, තෝ ඒ නාරජුගේ නොඊම කැමැත්තෙහි දැ?” යි දෙටු තවුස් පුළුවුත. “පින්වත, මම් ඒ නාරජුගේ නොඊම කැමැත්තෙමි” යි කණිටු තවුස් කීය. “පින්වත, තෝ ඒ නාරජුගේ කිසිවක් දක්නෙහි දැ?” යි දෙටු තවුස් පුළුවුත. “පින්වත, ගෙලෙහි පලන් මිණක් දකිමි” යි කණිටු තවුස් කීය. “එසේ නම් පින්වත, “මට මිණ දෙව, මිණෙන් මට වැඩක් ඇතැ”යි නාරජුගෙන් මිණ ඉල්ලව”යි හෙ තෙම කීය.
Pali BJT7. අථ ඛො භික්ඛවෙ මණිකණ්ඨො නාගරාජා ගඞ්ගං නදිං උත්තරිත්වා කණිට්ඨො ඉසි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො භික්ඛවෙ මණිකණ්ඨං නාගරාජානං කණිට්ඨො ඉසි එතදවොච: “මණිං මෙ භො දෙහි, මණිනා මෙ අත්ථො”ති. අථ ඛො භික්ඛවෙ මණිකණ්ඨො නාගරාජා “භික්ඛු මණිං යාචති, භික්ඛුස්ස මණිනා අත්ථො’ති ඛිප්පඤ්ඤෙව අගමාසි. දුතියම්පි ඛො භික්ඛවෙ මණිකණ්ඨො නාගරාජා ගඞ්ගං නදිං උත්තරිත්වා යෙන කණිට්ඨො ඉසි තෙනුපසඞ්කමි. අද්දසා ඛො භික්ඛවෙ කණිට්ඨො ඉසි මණිකණ්ඨං නාගරාජානං දූරතොව ආගච්ඡන්තං දිස්වාන මණිකණ්ඨං නාගරාජානං එතදවොච: “මණිං මෙ භො දෙහි, මණිනා මෙ අත්ථො”ති. අථ ඛො භික්ඛවෙ මණිකණ්ඨො නාගරාජා “භික්ඛු මණිං යාචති, භික්ඛුස්ස මණිනා අත්ථො”ති තතොව පටිනිවත්ති. තතියම්පි ඛො භික්ඛවෙ මණිකණ්ඨො නාගරාජා ගඞ්ගං නදිං උත්තරති. අද්දසා ඛො භික්ඛවෙ කණිට්ඨො ඉසි මණිකණ්ඨං නාගරාජානං ගඞ්ගං නදිං උත්තරන්තං. දිස්වාන මණිකණ්ඨං නාගරාජානං එතදවොච: “මණිං මෙ භො දෙහි, මණිනා මෙ අත්ථො”ති. අථ ඛො භික්ඛවෙ මණිකණ්ඨො නාගරාජා කණිට්ඨං ඉසිං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJT7. මහණෙනි, ඉක්බිති මණිකණ්ඨ නාරජ ගංගානදිය පීනා කණිටු තවුසා වෙත එළඹ එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටි නාරජුට කණිටු තවුස්තෙම “පින්වත, මට මිණ දෙව. මිණෙන් මට වැඩෙක් ඇතැ”යි කීය. මහණෙනි, එවිට මණිකණ්ඨ නාරජ “මහණ මිණ ඉල්ලයි. මහණහට මිණෙන් වැඩෙක් ඇතැ”යි යුහු ව පලා ගියේ ය. දෙවනු ද මණිකණ්ඨ නාරජ ගඞ්ගා නදිය පීනා කණිටු තවුසා වෙත එළඹියේ ය. කණිටු තවුස් තෙම මණිකණ්ඨ නා රජහු ඈත එන්නහු දැක “පින්වත, මට මිණ දෙව. මිණෙන් මට වැඩ ඇතැ”යි කීය. මහණෙනි “එකල්හි මණිකණ්ඨ නාරජ “මහණ මිණ ඉල්ල යි. මහණහට මිණෙන් වැඩෙක් ඇතැ”යි එපමණින් ම පෙරළා ගියේ ය. තෙවනු ද මහණෙනි, කණිටු තවුස් තෙමේ ගඞ්ගා නදිය පිහිනා එන මණිකණ්ඨ නාරජු දුටුයේ ය. දැක ඔහුට “පින්වත, මට මිණ දෙව. මිණෙන් මට වැඩ ඇතැ”යි කීයේය. මහණෙනි, එකල්හි මණිකණ්ඨ නාරජ තෙමේ කණිටු තවුසාට දෙගයෙකින් මෙසේ කීය.
Pali BJT“මමන්නපානං විපුලං උළාරං උප්පජ්ජතීමස්ස මණිස්ස හෙතු, තං තෙ න දස්සං අතියාචකො’සි න චාපි තෙ අස්සමමාගමිස්සං.
Sinhala BJT“මේ මිණ නිසා මට බොහෝ වූ ප්‍රණීත ආහාරපාන උපදී. එය ඔබට නො දෙන්නෙමි. තෙපි පුනපුනා යදනහු ය. තොප අසපුවට ද නො එන්නෙමි.
Pali BJT“සුසූ යථා සක්ඛරධොතපාණී තාසෙසි මං සෙලං යාචමානො, තං තෙ න දස්සං අතියාචකො’සි න චාපි තෙ අස්සමමාගමිස්ස’න්ති.
Sinhala BJTමුවහත් තබන ලද කඩුවක් ගත් අතැති තරුණයකු මෙන් තෙපි මිණ ඉල්ලමින් මා තැති ගන්වහු. එය තොපට නො දෙන්නෙමි. තෙපි පුන පුනා යදනහු ය. තොප අසපුවට ද නො එන්නෙමි.”
Pali BJT8. අථ ඛො භික්ඛවෙ මණිකණ්ඨො නාගරාජා “භික්ඛු මණිං යාචති, භික්ඛුස්ස මණිනා අත්ථො”ති පක්කාමි. තථා පක්කන්තො පක්කන්තොව{1} අහොසි, න පුන පච්චාගඤ්ඡි. අථ ඛො භික්ඛවෙ කණිට්ඨො ඉසි තස්ස නාගස්ස දස්සනීයස්ස අදස්සනෙන භිය්යොසොමත්තාය කිසො අහොසි ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො. අද්දසා ඛො භික්ඛවෙ ජෙට්ඨො ඉසි කණිට්ඨං ඉසිං භිය්යොසොමත්තාය කිසං ලූඛං දුබ්බණ්ණං උප්පණ්ඩුප්පණ්ඩුකජාතං ධමනිසන්ථතගත්තං. දිස්වාන කණිට්ඨං ඉසිං එතදවොච: “කිස්ස ත්වං භො භිය්යොසොමත්තාය කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො”ති. තස්සාහං භො නාගස්ස දස්සනීයස්ස අදස්සනෙන. භිය්යොසොමත්තාය කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො”ති. අථ ඛො භික්ඛවෙ ජෙට්ඨො ඉසි කණිට්ඨං ඉසිං ගාථාය අජ්ඣභාසි:-
Sinhala BJT8. මහණෙනි, ඉක්බිති මණිකණ්ඨ නාරජ තෙම “මහණ මිණ ඉල්ලයි. මහණහට මිණෙන් වැඩෙක් ඇතැ”යි නික්ම ගියේ ය. එදා නික්ම ගියේ ගියේ ම විය. පෙරළා නො ආයේ ය. මහණෙනි, ඉක්බිති කණිටු තවුස් තෙම දැකුම්කලු ඒ නාරජු නොදැක්මෙන් බෙහෙවින් වැහැරුනේ රූක්‍ෂවූයේ විවර්‍ණ වූයේ හටගත් පඬුපැහැ ඇත්තේ නහර ඉල්පී ගිය සිරුර ඇත්තේ විය. මහණෙනි, දෙටු තවුස් තෙම බෙහෙවින් වැහැරුණු රූක්‍ෂ වූ විවර්‍ණ වූ හටගත් පඬු පැහැති කණිටු තවුසා දිටී. දැක ඔහුට, “පින්වත, තෝ කවර හෙයින් වෑරුනෙහි, රූක්‍ෂ වූයෙහි, විවර්‍ණ වූයෙහි, හටගත් පඬු පැහැ ඇත්තෙහි, නහරවැල් පෙනෙන සිරුර ඇත්තෙහි දැ?” යි ඇසී ය. “පින්වත, දැකුම්කලු ඒ නා රජු නො දැක්මෙන් බෙහෙවින් වෑරුනෙම්, රූක්‍ෂ වූයෙම්, පඬුපැහැති වූයෙම්, නහර ඉල්පුනු සිරුර ඇතියෙම් වෙමි”යි කී ය. මහණෙනි, ඉක්බිති දෙටු තවුස් තෙම කණිටු තවුසාට ගයෙකින් මෙසේ කී ය:
Pali BJT“න තං යාචෙ යස්ස පියං ජිගිංසෙ{2} දෙස්සො{3} හොති අතියාචනාය, නාගො මණිං යාචිතො බ්රාහ්මණෙන අදස්සනඤ්ඤෙව තදජ්ඣගමාති.
Sinhala BJT“යමක්හට යමක් ප්‍රිය යී දන්නේ නම්, එය නො ඉල්ලන්නේ ය. පුන පුනා ඉල්ලීමෙන් ද්වේෂ්‍ය (අප්‍රිය) වෙයි. බමුණා විසින් මිණ ඉල්ලනු ලැබූ නා තෙ ම ඔහුගේ අදර්‍ශනයටම ගියේ ය.”
Pali BJTතෙසං හි නාම භික්ඛවෙ තිරච්ඡානගතානං පාණානං අමනාපා භවිස්සති යාචනා අමනාපා විඤ්ඤත්ති. කිමඞ්ග{4} පන මනුස්සභූතානං.”
Sinhala BJTමහණෙනි, ඒ තිරිසන්ගිය සත්නට පවා ඉල්ලීම, විනවීම අමනාප විය. මිනිස් වූවනට කියනු කිම?
Pali BJT9. “භූතපුබ්බං භික්ඛවෙ අඤ්ඤතරො භික්ඛු හිමවන්තපස්සෙ විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තස්ස ඛො භික්ඛවෙ වනසණ්ඩස්ස අවිදූරෙ මහන්තං නින්නං පල්ලලං. අථ ඛො භික්ඛවෙ මහාසකුණසඞ්ඝො තස්මිං පල්ලලෙ දිවසං ගොචරං චරිත්වා සායං තං වනසණ්ඩං වාසාය උපගච්ඡති. අථ ඛො භික්ඛවෙ සො භික්ඛු තස්ස සකුණසඞ්ඝස්ස සද්දෙන උබ්බාළ්හො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අහං භික්ඛවෙ තං භික්ඛුං එතදවොච “කච්චි භික්ඛු ඛමනීයං, කච්චි යාපනීයං, කච්චිසි අප්පකිලමථෙන අද්ධානං ආගතො, කුතො ච ත්වං භික්ඛු ආගච්ඡසී”ති. “ඛමනීයං භගවා යාපනීයං භගවා. අප්පකිලමථෙන චාහං භන්තෙ අද්ධානං ආගතො. අත්ථි භන්තෙ හිමවන්තපස්සෙ මහාවනසණ්ඩො. තස්ස ඛො පන භන්තෙ වනසණ්ඩස්ස අවිදූරෙ මහන්තං නින්නං පල්ලලං. අථ ඛො භන්තෙ මහාසකුණසඞ්ඝො තස්මිං පල්ලලෙ දිවසං ගොචරං චරිත්වා සායං තං වනසණ්ඩං වාසාය උපගච්ඡති. තතො අහං භගවා ආගච්ඡාමි තස්ස සකුණසඞ්ඝස්ස සද්දෙන උබ්බාළ්හො”ති. “ඉච්ඡසි පන ත්වං භික්ඛු තස්ස සකුණසඞ්ඝස්ස අනාගමන”න්ති. “ඉච්ඡාමහං භගවා තස්ස සකුණසඞ්ඝස්ස අනාගමන”න්ති. ‘තෙන හි ත්වං භික්ඛු තත්ථ ගන්ත්වා තං වනසණ්ඩං අජ්ඣොගහෙත්වා රත්තියා පඨමං යාමං තික්ඛත්තුං සද්දමනුස්සාවෙහි: “සුණන්තු මෙ භොන්තො සකුණා, යාවතිකා ඉමස්මිං වනසණ්ඩෙ වාසං උපගතා, පත්තෙන මෙ අත්ථො, එකෙකං මෙ භොන්තො පත්තං දදන්තු”ති. රත්තියා මජ්ඣිමං යාමං -පෙ- රත්තියා පච්ඡිමං යාමං තික්ඛත්තුං සද්දමනුස්සාවෙහි: “සුණන්තු මෙ භොන්තො සකුණා යාවතිකා ඉමස්මිං වනසණ්ඩෙ වාසං උපගතා, පත්තෙන මෙ අත්ථො, එකෙකං මෙ භොන්තො පත්තං දදන්තූ”ති.
Sinhala BJT9. මහණෙනි, පෙර එක්තරා මහණෙක් හිමවත් පියසෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. මහණෙනි, ඒ වනලැහැබට නොදුරෙහි ගැඹුරු මහවිලෙක් ඇත. මහණෙනි, එකලැ පක්‍ෂිසමූහයෙක් ඒ විලෙහි දහවල් ගොදුරු කා සවස ලගිනු පිණිස ඒ වනලැහැබට පැමිණෙයි. මහණෙනි, ඉක්බිති ඒ මහණ තෙම ඒ පක්‍ෂි සමූහයාගේ හඬින් පෙළුනේ මා වෙත එළැඹියේ ය. එළැඹ මා වැඳ එකත්පස්ව හුන්නේ ය. මහණෙනි, එකත්පස් ව හුන් ඒ මහණහට “කිම, මහණ, ඉවැසිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම? නිදුකින් අදන්මඟ ආහි ද? මහණ තෝ කොහි සිට එයි දැ” යි කීමි. එවිට ඒ මහණ මෙය කී ය: “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. වහන්ස, මම් නිදුකින් අදන්මඟ ආයෙම් ද වෙමි. වහන්ස, හිමවු පියසෙහි මහ වනලැහැබෙක් වෙයි. එය නොදුරෙහි ගැඹුරු මහවිලෙක් වෙයි. වැලිදු වහන්ස, මහත් පක්‍ෂිසමූහයෙක් ඒ විලෙහි දහවල් ගොදුරු කා සවස ලගින්නට ඒ වනලැහැබට පැමිණෙයි. භාග්‍යවතුන් වහන්ස, මම් එහි සිට එමි. ඒ පක්‍ෂිසමූහයාගේ හඬින් පෙළුනෙම් වෙමි.” “මහණ, තෝ ඒ පක්‍ෂිසමූහයාගේ නොපැමිණීම කැමැත්තෙහි දැ?”යි මම් ඇසීමි. “එසේය, වහන්ස, මම් ඒ පක්‍ෂිසමූහයාගේ නොපැමිණීම රිසියෙමි”යි ඒ මහණ කී ය. එවිට “මහණ, එසේ වී නම්, තෝ එහි ගොස් ඒ වනලැහැබට වැද, ‘යම් පමණ පක්‍ෂීහු මේ වනලැහැබෙහි විසීමට පැමිණියාහු ද, ඒ පින්වත් පක්‍ෂීහු මගේ වචනය අසත්වා. පියාපතින් මට වැඩ ඇත. පින්වත්හු මට එකි එකී පියාපත දෙත්වා”යි පෙරයම්හි තෙවරක් හඬ ගා කියව. රෑ මැදි යම්හි ද, පැසුළු යම්හි ද එසේ ම තෙවර තෙවර හඬ ගා කියව”යි කීමි.
Pali BJT10. අථ ඛො භික්ඛවෙ සො භික්ඛු තත්ථ ගන්ත්වා තං වනසණ්ඩං අජ්ඣොගාහෙත්වා රත්තියා පඨමං යාමං තික්ඛත්තුං සද්දමනුස්සාවෙසි: “සුණන්තු මෙ භොන්තො සකුණා යාවතිකා ඉමස්මිං වනසණ්ඩෙ වාසං උපගතා, පත්තෙන මෙ අත්ථො, එකෙකං මෙ භොන්තො පත්තං දදන්තූ”ති. රත්තියා මජ්ඣිමං යාමං -පෙ- රත්තියා පච්ඡිමං යාමං තික්ඛත්තුං සද්දමනුස්සාවෙසි: “සුණන්තු මෙ භොන්තො සකුණා යාවතිකා ඉමස්මිං වනසණ්ඩෙ වාසං උපගතා, පත්තෙන මෙ අත්ථො, එකෙකං මෙ භොන්තො පත්තං දදන්තූ”ති. අථ ඛො භික්ඛවෙ සො සකුණසඞ්ඝො භික්ඛු පත්තං යාචති, භික්ඛුස්ස පත්තෙන අත්ථො”ති. තම්හා වනසණ්ඩා පක්කාමි. තථා පක්කන්තො පක්කන්තොව අහොසි. න පුන පච්චාගඤ්ඡි. තෙසං හි නාම භික්ඛවෙ තිරච්ඡානගතානං පාණානං අමනාපා භවිස්සති යාචනා අමනාපා විඤ්ඤත්ති, කිමඞ්ග පන මනුස්සභූතානං.
Sinhala BJT10. මහණෙනි, ඉක්බිති ඒ මහණ තෙම එහි ගොස් ඒ වනලැහැබ වැද රෑ පෙරයම්හි ‘යම් පමණ පක්‍ෂීහු මේ වනලැහැබෙහි වාසයට පැමිණියාහු ද, ඒ පින්වත් පක්‍ෂීහු මගේ වචනය අසත්වා. පියාපතින් මට වැඩ ඇත. පින්වත්හු මට එකි එකී පියාපත දෙත්වා”යි රෑ පෙරයම්හි ද ... මැද යම්හි ද ... පැසුළු යම්හි ද තුන්යලක් හඬගා කී ය. මහණෙනි, එකල්හි ඒ පක්‍ෂිසමූහයා “මහණ තෙම පියාපත් ඉල්ලයි. මහණහට පියාපතින් වැඩ ඇතැ” යි ඒ වනලැහැබෙන් නික්මුනේ ය. එදා ගියේ ගියේ ම ය. පෙරළා නො ආයේ ය. මහණෙනි, ඒ තිරිසන්ගිය සත්නට පවා ඉල්ලීම අප්‍රිය වීය. විනවීම අප්‍රිය විය. මිනිස්වූවනට කියනු ම කිම?
Pali BJT11. භූතපුබ්බං භික්ඛවෙ රට්ඨපාලස්ස කුලපුත්තස්ස පිතා රට්ඨපාලං කුලපුත්තං ගාථාය අජ්ඣභාසි.:
Sinhala BJT11. මහණෙනි, පෙර රට්ඨපාල කුලපුතුගේ පියා රට්ඨපාල කුලපුතුට–
Pali BJT“අපාහං තෙ න ජානාමි රට්ඨපාල බහුජ්ජනා, තෙ මං සඞ්ගම්ම යාචන්ති කස්මා මං ත්වං න යාචසීති.
Sinhala BJT“රට්ඨපාලය, බොහෝ දෙනා මා වෙත එළඹ මා යදතුදු මම් ඔවුන් නො දනිමි. කවර හෙයින් තෝ මා නො අයදනෙහි දැ?”යි ගයෙකින් කී ය.
Pali BJTයාචකො අප්පියො හොති යාචං අදදමප්පියො, තස්මාහං තං න යාචාමි මා මෙ විදෙස්සනා{1} අහූ”ති.
Sinhala BJT“ඉල්ලන තැනැත්තේ අප්‍රිය වෙයි. ඉල්ලූ දෑ නො දෙන තැනැත්තේ ද අප්‍රිය වෙයි. එහෙයින් “මා කෙරෙහි අප්‍රිය භාවයෙක් නො වේ වා”යි මම් ඔබ නො යදිමි” යි රට්ඨපාල කුලපුත් කී ය.
Pali BJT12. සො හි නාම භික්ඛවෙ රට්ඨපාලො කුලපුත්තො සකං පිතරං එවං වක්ඛති කිමඞ්ග පන ජනො ජනං. ගිහීනං හි භික්ඛවෙ දුස්සංහරානි භොගානි සම්භතානි’පි{2} දුරනුක්ඛියානි. තත්ථ නාම තුම්හෙ මොඝපුරිසා එවං දුස්සංහරෙසු භොගෙසු සංභතෙසුපි{3} දුරනුරක්ඛියෙසු යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරිස්සථ: “පුරිසං දෙථ, පුරිසත්ථකරං දෙථ, ගොණං දෙථ, සකටං දෙථ, වාසිං දෙථ, ඵරසුං{4} දෙථ, කුඨාරිං දෙථ, කුද්දාලං දෙථ, නිඛාදනං දෙථ, වල්ලිං දෙථ, වෙළුං දෙථ, මුඤ්ජං දෙථ, බබ්බජං දෙථ, තිණං දෙථ, මත්තිකං දෙථා”ති. නෙතං, මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
Sinhala BJT12. “මහණෙනි, ඒ රට්ඨපාල කුලපුත් පවා සිය පියාට මෙසේ කියයි. බාහිර ජනයාට කියනුම කවරේ ද? මහණෙනි, ගිහියන් විසින් භෝග රැස් කටයුතු යි, රැස් කරන ලද භෝග දුකසේ රැක්ක යුතු. හිස් පුරුෂයෙනි, මෙසේ දුකසේ රැස් කළ යුතු, දුකසේ රැක්ක යුතු ඒ භෝග විෂයයෙහි තෙපි “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, ගොණකු දෙන්න, ගැළක් දෙන්න, වෑයක් දෙන්න, පොරොවක් දෙන්න, කෙටේරියක් දෙන්න, උදැල්ලක් දෙන්න, නියනක් දෙන්න, වැලක් දෙන්න, හුණගසක් දෙන්න, මුදුතණ දෙන්න, බබුස් තණ දෙන්න, කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යි යැදුම් බහුලව, විනවීම් බහුලව වසවු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“සඤ්ඤාචිකාය පන භික්ඛුනා කුටිං කාරයමානෙන අස්සාමිකං අත්තුද්දෙසං පමාණිකා කාරෙතබ්බා. තත්රිදං පමාණං: දීඝසො ද්වාදසවිදත්ථියො, සුගතවිදත්ථියා තිරියං සත්තන්තරා, භික්ඛූ අභිනෙතබ්බා වත්ථුදෙසනාය. තෙහි භික්ඛූහි වත්ථුං දෙසෙතබ්බං අනාරම්භං සපරික්කමනං. සාරම්භෙ චෙ භික්ඛු වත්ථුස්මිං අපරික්කමනෙ සඤ්ඤාචිකාය කුටිං කාරෙය්ය, භික්ඛූ වා අනභිනෙය්ය වත්ථුදෙසනාය, පමාණං වා අතික්කාමෙය්ය සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“තමා ඉල්ලාගත් උපකරණයෙන්, කරවා දෙන හිමියකු නැති, තමා උදෙසා වූ කිළියක් කරවන මහණහු විසින් පමණින් යුත් කිළියක් කරවිය යුතු. එහි මේ ප්‍රමාණයි. දිගින් සුගත් වියතින් දොළොස් වියතෙක. පුළුල අතර සත් වියතෙකි. කුටි බිම දෙසනු පිණිස භික්‍ෂූහු කැඳවිය යුත්තාහ. ඒ භික්‍ෂූන් විසින් උවදුරු රහිත වූ උපචාර සහිත වූ කුටිවාස්තුව දෙසිය යුතු, ඉදින් මහණතෙම උවදුරු සහිත වූ උපචාර රහිත වාස්තුයෙහි ඉල්ලා ගත් උපකරණයෙන් කිළියක් කරවන්නේ නම්, කුටිවාස්තුව දෙසීම පිණිස භික්‍ෂූන් හෝ නො කැඳවන්නේ නම් පමණ හෝ ඉක්මවන්නේ නම්, සඟවෙසෙස්ඇවැත් වේ.”
Pali BJT13. සඤ්ඤාචිකා නාම: සයං යාචිත්වා පුරිසම්පි පුරිසත්ථකරම්පි ගොණම්පි සකටම්පි වාසිම්පි පරසුම්පි කුඨාරිම්පි කුද්දාලම්පි නිඛාදනම්පි වල්ලිම්පි වෙළුම්පි මුඤ්ජම්පි බබ්බජම්පි තිණම්පි මත්තිකම්පි.
Sinhala BJT13. සඤ්ඤාචිකා නම්: පුරුෂයකු ද අත්තමක් ද ගොණකු ද ගැළක් ද වෑයක් ද පොරොවක් ද කෙටේරියක් ද උදැල්ලක් ද නියනක් ද වැල් ද හුණගසක් ද මුදුතණ ද බබුස් තණ ද කුසතණ ද මැටි ද තමා ම ඉල්ලා ගෙණ ය.
Pali BJTකුටිනාම: උල්ලිත්තා වා හොති අවලිත්තා වා උල්ලිත්තාවලිත්තා වා.
Sinhala BJTකුටි නම්: ඇතුළත අලෙවු දුන් හෝ පිටත අලෙවු දුන් හෝ ඇතුළත පිටත දෙක්හි ම අලෙවු දුන් හෝ කිළිය වෙයි.
Pali BJTකාරයමානෙනාති කරොන්තො වා කාරාපෙන්තො වා.
Sinhala BJTකාරයමානෙන යනු කරණ හෝ කරවන.
Pali BJTඅස්සාමිකන්ති න අඤ්ඤො කොචි සාමිකො හොති ඉත්ථි වා පුරිසො වා ගහට්ඨො වා පබ්බජිතො වා.
Sinhala BJTඅස්සාමිකං යනු: අන්කිසි හිමියෙක්, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගැහැවියෙක් හෝ පැවිද්දෙක් හෝ නො වෙයි.
Pali BJTඅත්තුද්දෙසන්ති අත්තනො අත්ථාය.
Sinhala BJTඅත්තුද්දෙසං යනු: තමා උදෙසා.
Pali BJTපමාණිකා කාරෙතබ්බා තත්රිදං පමාණං: දීඝසො ද්වාදස විදත්ථියො සුගතවිදත්ථියා ති බාහිරිමෙන මානෙන.
Sinhala BJTපමාණිකා කාරෙතබ්බා තත්රිදං පමාණං දීඝසො ද්වාදස විදත්ථියො සුගතවිදත්‍ථියා යනු: ප්‍රමාණික ව කටයුතුය යන මෙහි ප්‍රමාණය නම් බිහි බිත්හි සිට මැනීමෙන් සුගත් වියතින් දොළොස් වියතෙකි.
Pali BJTතිරියං සත්තන්තරා ති අබ්භන්තරිමෙන මානෙන.
Sinhala BJTතිරියං සත්තන්තරා යනු: ඇතුළත බිත්හි සිට මැනීමෙන් සරස වියත් සතෙකි.
Pali BJTභික්ඛූ අභිනෙතබ්බා වත්ථු දෙසනායාති-තෙන කුටිකාරකෙන භික්ඛුනා කුටිවත්ථුං සොධෙත්වා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා වුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං. සොහං භන්තෙ සඞ්ඝං කුටිවත්ථු ඔලොකනං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා. තතියම්පි යාචිතබ්බො. සචෙ සබ්බො සඞ්ඝො උස්සහති කුටිවත්ථුං ඔලොකෙතුං, සබ්බෙන සඞ්ඝෙන ඔලොකෙතබ්බං. නො චෙ සබ්බො සඞ්ඝො උස්සහති කුටිවත්ථුං ඔලොකෙතුං, යෙ තත්ථ හොන්ති භික්ඛූ ව්යත්තා පටිබලා සාරම්භං අනාරම්භං සපරික්කමනං අපරික්කමනං ජානිතුං, තෙ යාචිත්වා සම්මන්නිතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTභික්ඛු අභිනෙතබ්බා වත්‍ථුදේසනාය යනු: ඒ කුටිය කරණ මහණහු විසින් කුටිවාස්තුව ශුද්ධ කොට සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසෙයින් කිය යුතු වන්නේ ය. ‘වහන්ස, මම කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කිළියක් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම කුටිවාස්තුව බැලීමට සඞ්ඝයා යදිමි’යි. දෙවනවට ද යැදිය යුතු. තෙවනවට ද යැදිය යුතු. ඉදින් සියලු සඞ්ඝ තෙමේ කුටිවාස්තුව බැලීමට රුචි කෙරේ නම් හැම සඞ්ඝයා විසින් බැලිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ කුටිවාස්තුව බලන්නට උත්සාහවත් නො වේ නම් එහි යම් භික්‍ෂූ කෙනෙක් සොපද්‍රව අනුපද්‍රව බව, සඋපචාර අනුපචාර බව දැනගන්නට ව්‍යක්ත වූවාහු ප්‍රතිබල වූවාහු වෙත් ද, ඒ භික්‍ෂූහු අයැද සම්මත කළ යුත්තාහ. මහණෙනි, මෙසෙයින් සම්මත කළ යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමො භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං, සො සඞ්ඝං කුටිවත්ථු ඔලොකනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛූ සම්මන්නෙය්ය ඉත්ථන්නාමස්ස භික්ඛුනො කුටිවත්ථුං ඔලොකෙතුං. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා: මේ මෙනම් ඇති මහණ තෙමේ කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණයෙන් කරණු කැමැති වෙයි. හෙතෙම කුටිවාස්තුව බැලීමට සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ කුටිවාස්තුව බැලීමට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කරන්නේ ය. තෙල ඤත්ති ය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං. සො සඞ්ඝං කුටිවත්ථු ඔලොකනං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමඤ්ච ඉත්ථන්නාමඤ්ච භික්ඛූ සම්මන්නති ඉත්ථන්නාමස්ස භික්ඛුනො කුටිවත්ථුං ඔලොකෙතුං. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස ච ඉත්ථන්නාමස්ස ච භික්ඛූනං සම්මති{1} ඉත්ථන්නාමස්ස භික්ඛුනො කුටිවත්ථුං ඔලොකෙතුං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා: මේ මෙනම් ඇති මහණ තෙමේ කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණයෙන් කරණු කැමැති වෙයි. හෙතෙම කුටිවාස්තුව බැලීමට සඞ්ඝයා යදී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ කුටිවාස්තුව බලන්නට මෙනම් වූ ද, මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කෙරෙයි. මෙනම් මහණහුගේ කුටිවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන්ගේ සම්මුතිය යම් ආයුෂ්මතක්හට රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට රුචි නො වේ නම් හෙතෙම කියන්නේ ය.
Pali BJTසම්මතා සඞ්ඝෙන ඉත්ථන්නාමො ච ඉත්ථන්නාමො ච භික්ඛූ ඉත්ථන්නාමස්ස භික්ඛුනො කුටිවත්ථුං ඔලොකෙතුං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ කුටිවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූහු සම්මතයහ. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් මේ තූෂ්ණීම්භාවයැ යි. මෙසේ තෙල තූෂ්ණීම්භාවය ධරමි” යි.
Pali BJTතෙහි සම්මතෙහි භික්ඛූහි තත්ථ ගන්ත්වා කුටිවත්ථු ඔලොකෙතබ්බං සාරම්භං අනාරම්භං, සපරික්කමනං අපරික්කමනං ජානිතබ්බං. සචෙ සාරම්භං හොති අපරික්කමනං, ‘මා ඉධ කරීති වත්තබ්බො. සචෙ අනාරම්භං හොති සපරික්කමනං සඞ්ඝස්ස ආරොචෙතබ්බං අනාරම්භං සපරික්කමනන්ති. තෙන කුටිකාරකෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං, සොහං භන්තෙ සඞ්ඝං කුටිවත්ථුදෙසනං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJTඒ සම්මත වූ භික්‍ෂූන් විසින් එහි ගොස් කුටිවාස්තුව බැලිය යුතු ය. සොපද්‍රව බව අනුපද්‍රව බව සඋපචාර බව අනුපචාර බව දතයුතු ය. ඉදින් සොපද්‍රව අනුපචාර වේ නම් “මෙහි නහමක් කරා”යි කියයුත්තේ ය. ඉදින් අනුපද්‍රව සඋපචාර වේ නම් ‘අනුපද්‍රව ය. සඋපචාර ය’යි සඟනට ආරොචන කළයුතු ය. ඒ කුටිකාරක මහණහු විසින් සඟුන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුත්තේ ය: ‘වහන්ස, මම කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණින් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම කුටිවාස්තු දේශනාවට සඞ්ඝයා අයදිමි’යි. දෙවනවට ද යැදිය යුතු. තෙවනවට ද යැදිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ ඥාපනය කළ යුත්තේ ය:
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමො භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං, සො සඞ්ඝං කුටිවත්ථුදෙසනං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො කුටිවත්ථුං දෙසෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා: මේ මෙනම් මහණ කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණින් කරණු කැමැත්තේ ය. හේ කුටිවාස්තු දේශනාවට සඞ්ඝයා අයදී. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු ගේ කුටිවාස්තුව දෙසන්නේ ය. තෙල ඤත්ති යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමො භික්ඛු සඤ්ඤාචිකාය කුටිං කත්තුකාමො අස්සාමිකං අත්තුද්දෙසං, සො සඞ්ඝං කුටිවත්ථු දෙසනං යාචති, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො කුටිවත්ථුං දෙසෙති, යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො කුටිවත්ථුස්ස දෙසනා සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා: මේ මෙනම් මහණ කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණින් කරණු කැමැත්තේ ය. හේ කුටිවාස්තු දේශනාවට සඞ්ඝයා අයදී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ කුටිවාස්තුව දෙසයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ කුටිවාස්තුව දෙසීම රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට රුචි නො වේ නම් හෙතෙම කියන්නේ ය.
Pali BJTදෙසිතං සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො කුටිවත්ථු. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ කුටිවාස්තුව දෙසන ලද. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම්භාවය යි. මෙසේ තෙල තූෂ්ණීම්භාවය ධරමි” යි.
Pali BJTසාරම්භං නාම: කිපිල්ලිකානං වා ආසයො හොති. උපචිකානං වා ආසයො හොති. උන්දූරානං වා ආසයො හොති. අහීනං වා ආසයො හොති. විච්ඡිකානං වා ආසයො හොති. සතපදීනං වා ආසයො හොති. හත්ථීනං වා ආසයො හොති. සීහානං වා ආසයො හොති. ව්යග්ඝානං වා ආසයො හො. දීපීනං වා ආසයො හොති. අච්ඡානං වා ආසයො හොති. තරච්ඡානං වා ආසයො හොති. යෙසං කෙසඤ්චි තිරච්ඡානගතානං පාණානං ආසයො හොති. පුබ්බන්නනිස්සිතං වා හොති. අපරන්නනිස්සිතං වා හොති. අබ්භාඝාතනිස්සිතං වා හොති. ආඝාතනිස්සිතං වා හොති. සුසානනිස්සිතං වා හොති. උය්යානනිස්සිතං වා හොති. රාජවත්ථුනිස්සිතං වා හොති. හත්ථිසාලානිස්සීතං වා හොති. අස්සසාලානිස්සිතං වා හොති. බන්ධනාගාරනිස්සිතං වා හොති. පානාගාරනිස්සිතං වා හොති. සූනනිස්සිතං වා හොති. රච්ඡානිස්සිතං වා හොති. චච්චරනිස්සිතං වා හොති. සභානිස්සිතං වා හොති. සංසරණ{1} නිස්සිතං වා හොති. එතං සාරම්භං නාම.
Sinhala BJTසාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ තුඹසෙක් වෙයි. වේයන්ගේ හෝ තුඹසෙක් වෙයි. මීයන්ගේ හෝ බිලයෙක් වෙයි. සපුන්ගේ හෝ බිලයෙක් වෙයි. නුහුසුවන්ගේ හෝ බිලයෙක් වෙයි. සියපානන්ගේ හෝ බිලයෙක් වෙයි. ඇතුන් හෝ වසන තැනෙක් වෙයි. සිංහයන් හෝ වසන තැනෙක් වෙයි. වගුන් හෝ වසන තැනෙක් වෙයි. දිවියන් හෝ වසන තැනෙක් වෙයි. වලසුන් හෝ වසන තැනෙක් වෙයි. තරසුන් හෝ වසන තැනෙක් වෙයි. යම්කිසි තිරිසන්ගිය සතුන් වසන තැනෙක් වෙයි. හැල් ඈ පුබ්බන්න වපුළ තැනෙක් හෝ වෙයි. උඳු ඈ අපරන්න වපුළ තැනෙක් හෝ වෙයි. වධස්ථාන ඇසිරි කෙළේ හෝ වෙයි. දම්ගෙඩිය ඇසිරි කෙළේ හෝ වෙයි. සොහොන ඇසිරි කෙළේ හෝ වෙයි. උයන් ඇසිරි කෙළේ හෝ වෙයි. රජවතු ඇසිරි කෙළේ හෝ වෙයි. ඇත්හල් ඇසිරි කෙළේ හෝ වෙයි. අස්හල් ඇසිරි කෙළේ හෝ වෙයි. සිරගේ ඇසිරි කෙළේ හෝ වෙයි. අවන්හල් ඇසිරි කෙළේ හෝ වෙයි. මස්ළොඹු ඇසිරි කෙළේ හෝ වෙයි. රියමඟ ඇසිරි කෙළේ හෝ වෙයි. සිවුමංසල ඇසිරි කෙළේ හෝ වෙයි. සභා ඇසිරි කෙළේ හෝ වෙයි. යන එන මඟ ඇසිරි කෙළේ හෝ වෙයි. තෙල ‘සාරම්භ’ නම.
Pali BJTඅපරික්කමනං නාම: න සක්කා හොති යථායුත්තෙන සකටෙන අනුපරිගන්තුං, සමන්තා නිස්සෙනියා අනුපරිගන්තුං. එතං අපරික්කමනං නාම.
Sinhala BJTඅපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලෙකින් සිසාරා යන්නට හාත්පස හිණෙකින් සිසාරා යන්නට නො හැකි වේ ද, තෙල ‘අපරික්කමන’ නම.
Pali BJTඅනාරම්භං නාම: න කිපිල්ලිකානං වා ආසයො හොති -පෙ- න සංසරණනිස්සිතං වා හොති. එතං අනාරම්භං නාම.
Sinhala BJTඅනාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ තුඹසෙක් නො වෙයි. ... යන එන මඟ ඇසිරි කෙළේ හෝ නො වෙයි. තෙල අනාරම්භ නම.
Pali BJTසපරික්කමනං නාම: සක්කා හොති යථා යුත්තෙන සකටෙන අනුපරිගන්තුං, සමන්තා නිස්සෙනියා අනුපරිගන්තුං, එතං සපරික්කමනං නාම.
Sinhala BJTසපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලෙකින් සිසාරා යන්නට, හාත්පස හිණෙකින් සිසාරා යන්නට හැකි වෙයි. තෙල ‘සපරික්කමන’ නම.
Pali BJTසඤ්ඤාචිකා නාම සයං යාචිත්වා පුරිසම්පි පුරිසත්ථකරම්පි -පෙ- මත්තිකම්පි.
Sinhala BJTසඤ්ඤාචිකා නම්: මිනිසකු දු මිනිස් අත්කමු දු ... මැටි දු තෙමේ ඉල්ලා ගෙණ.
Pali BJTකුටි නාම: උල්ලිත්තා වා හොති වා අවලිත්තා වා උල්ලිත්තාවලිත්තා වා.
Sinhala BJTකුටි නම්: ඇතුළත පිරියම් කරණ ලදු හෝ පිටත පිරියම් කරණ ලදු හෝ ඇතුළත පිටත පිරියම් කරණ ලදු හෝ වෙයි.
Pali BJTකාරෙය්යාති කරොති වා කාරාපෙති වා.
Sinhala BJTකරෙය්‍ය යනු: කෙරෙයි හෝ කරවා හෝ.
Pali BJTභික්ඛූ වා අනභිනෙය්ය, වත්ථුදෙසනාය පමාණං වා අතික්කාමෙය්යාති: ඤත්තිදුතියෙන කම්මෙන කුටිවත්ථුං න දෙසාපෙත්වා ආයාමතො වා විත්ථාරතො වා අන්තමසො කෙසග්ගමත්තම්පි අතික්කාමෙත්වා කරොති වා කාරාපෙති වා පයොගෙ පයොගෙ දුක්කටං, එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස; තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTභික්ඛු වා අනභිනෙය්‍ය වත්‍ථුදේසනාය පමාණං වා අතික්කාමෙය්‍ය යනු: ඤත්තිදුතිය කම්වදනින් ගෙබිම නො දෙසවා අයමින් හෝ විතරින් හෝ යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු ඉක්මවා කෙරෙයි හෝ කරවා හෝ පියොව්හි පියොව්හි දුකුළා වෙයි. පැසුළු එක් මැටි පිඩක් නො පත් කල්හි ථුලැසිඇවැත් වෙයි. එ පිඬ පැමිණි කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසංඝාදිසේසො යනු: ... එයිනු දු ‘සඞ්ඝාදිසේස’ය යි කියනු ලැබේ.
Pali BJT------------
Sinhala BJT------------
Pali BJT1. භික්ඛු කුටිං කරොති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං,
Sinhala BJT1. මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති අදෙසිතවත්ථුකං සාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර සහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වේ.
Pali BJTභික්ඛු කුටිං කරොති අදෙසිතවත්ථුකං අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ උපචාර රහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති අදෙසිතවත්ථුකං අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTමහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ සෝපචාර වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTභික්ඛු කුටිං කරොති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJTමහණ තෙම දෙසූ ගෙබිම් ඇති සෝපද්‍රව වූ උපචාර රහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති දෙසිතවත්ථුකං සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම දෙසූ ගෙබිම් ඇති සෝපද්‍රව වූ සෝපචාර වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති දෙසිතවත්ථුකං අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ අනුපචාර වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති දෙසිතවත්ථුකං අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJTමහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ සෝපචාර වූ කුටියක් කෙරේ හෝ කරවා නම් ඇවැත් නැති.
Pali BJTභික්ඛු කුටිං කරොති පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං.
Sinhala BJTමහණ තෙම පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති පමාණාතික්කන්තං සාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම පමණ ඉක්ම වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති පමාණාතික්කන්තං අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම පමණ ඉක්ම වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති පමාණාතික්කන්තං අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTමහණ තෙම පමණ ඉක්ම වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTභික්ඛු කුටිං කරොති පමාණිකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJTමහණ තෙම පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති පමාණිකං සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම පමණින් යුත් සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති පමාණිකං අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම පමණින් යුත් අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති පමාණිකං අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJTමහණ තෙම පමණින් යුත් අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් ඇවැත් නැති.
Pali BJTභික්ඛු කුටිං කරොති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං.
Sinhala BJTමහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති පමණ ඉක්ම වූ උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ සඟවෙසෙසක් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං සපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං අනාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං අනාරම්භං සපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං.
Sinhala BJTමහණ තෙම නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ සඟවෙසෙස්ඇවැතෙක් වේ.
Pali BJTභික්ඛු කුටිං කරොති දෙසිතවත්ථුකං පමාණිකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJTමහණ තෙම දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති දෙසිතවත්ථුකං පමාණිකං සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති දෙසිතවත්ථුකං පමාණිකං අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTමහණ තෙම දෙසූ කුටිවත් ඇති පමණින් යුත් අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
Pali BJTභික්ඛු කුටිං කරොති දෙසිතවත්ථුකං පමාණිකං අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJTමහණ තෙම දෙසූ කුටිවත් ඇති පමණින් යුත් අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් ඇවැත් නැති.
Pali BJT2. භික්ඛු සමාදිසති කුටිං මෙ කරොථාති, තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං. ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT2. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම් ඒ මහණහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත්) නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ (සපරික්කමන වූ කුටියක් කෙරෙත්) නම් සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT3. භික්ඛු සමාදිසති කුටිං මෙ කරොථාති, තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT3. මහණ තෙම ‘මට කුටියක් කරවයි ඇණවා නම් ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත්) නම් ඇවැත් නැති.
Pali BJT4. භික්ඛු සමාදිසති කුටිං මෙ කරොථාති. තස්ස කුටිං කරොන්ති පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT4. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම් ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT5. භික්ඛු සමාදිසති කුටිං මෙ කරොථාති, තස්ස කුටිං කරොන්ති පමාණිකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT5. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම් ඔහට පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් ඇවැත් නැති.
Pali BJT6. භික්ඛු සමාදිසති කුටිං මෙ කරොථාති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං පමාණාතික්කන්තං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං.
Sinhala BJT6. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම්, ඔහට නො දෙසූ, ගෙබිම් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙසඟවෙසෙසක් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙස්ඇවැතෙක් වෙයි.
Pali BJT7. භික්ඛු සමාදිසති කුටිං මෙ කරොථාති. තස්ස කුටිං කරොන්ති දෙසිතවත්ථුකං පමාණිකං සාරම්භං අපරික්කමනං, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, අනාපත්ති.
Sinhala BJT7. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම් ඒ ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
Pali BJT8. භික්ඛු සමාදිසිත්වා පක්කමති කුටිං මෙ කරොථාති. න ච සමාදිසති දෙසිතවත්ථුකා ච හොතු අනාරම්භා ච සපරික්කමනා චාති. තස්ස කුටිං කරොන්ති අදෙසිතවත්ථුකං සාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන ද්වින්නං දුක්කටානං -පෙ- සාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං අපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- අනාරම්භං සපරික්කමනං, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT8. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ඇණවා නම් ඔහට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.