Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1400 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපරිචරෙය්යාති අභිරමෙය්ය.
Sinhala BJTපරිවරෙය්‍ය යනු: අභිරමණය කෙරේ නම්.
Pali BJTමෙථුනූපසංහිතෙනාති මෙථුනධම්මප්පටිසංයුත්තෙන.
Sinhala BJTමෙථුනුපසංහිතෙන යනු: මෙවුන්දම් පිළිබැඳි දහමින් ය.
Pali BJTසඞ්ඝාදිසෙසො’ති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසො’ති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු ... එයිනුදු සඞ්ඝාදිසේස ය යි කියනු ලැබේ.
Pali BJT1. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT1. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් ස්ත්‍රිය සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියා ද සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT2. [ඉත්ථී ච හොති වෙමතිකො -පෙ- පණ්ඩකසඤ්ඤී -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT2. ස්ත්‍රියකුත් වේද, වෙමතිකත් වේද, ... පණ්ඩකය යන හැඟීම් ඇති ... පිරිමියක යන හැඟීම් ඇති ... තිරිසන් ගතයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි. මහණ තෙමේ ඒ ස්ත්‍රිය සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද ථුලැසිඇවැත් වේ.
Pali BJT3. පණ්ඩකො ච හොති, පණ්ඩකසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං පණ්ඩකස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT3. පණ්ඩකයෙකුදු වෙයි, පණ්ඩකය යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේ ඒ පණ්ඩකයා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියයි ද ථුලැසි ඇවැත් වේ.
Pali BJT4. පණ්ඩකො ච හොති වෙමතිකො -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී -පෙ- ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං පණ්ඩකස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT4. පණ්ඩකයෙකුත් වෙයි ද, වෙමතිකත් වේ ද ... පිරිමියෙක යන හැඟීම් ඇති ... තිරිසන් ගතයෙක යන හැඟීම් ඇති ... ස්ත්‍රියක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් ඒ පණ්ඩකයා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද දුකුළාඇවැත් වේ.
Pali BJT5. පුරිසො ච හොති -පෙ- තිරච්ඡානගතො ච හොති, තිරච්ඡානගතසඤ්ඤී -පෙ- වෙමතිකො ඉත්ථිසඤ්ඤී -පෙ- පණ්ඩකසඤ්ඤී -පෙ- පුරිසසඤ්ඤී සාරත්තො ච. භික්ඛු ච නං තිරච්ඡානගතස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති ආපත්ති දුක්කටස්ස.]{*}
Sinhala BJT5. පිරිමියෙකුදු වෙයි, ... තිරිසන්ගතයෙක් වෙයි, තිරිසන්ගතයෙක යන හැඟීම් ඇත්තේ, ... විමති ඇත්තේ, ... ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, ... පණ්ඩකයෙක යන හැඟීම් ඇත්තේ, ... පිරිමියෙක යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේ ඒ තිරිසන්තගයා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද දුකුළාඇවැත් වේ.
Pali BJT6. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං -පෙ-.
Sinhala BJT6. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇති සංරක්තයෙක් වෙයි, මහණ තෙමේ ඒ ස්ත්‍රීන් දෙදෙනා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද, සඟවෙසෙස් දෙකෙකි. ...
Pali BJT7. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ-.
Sinhala BJT7. ස්ත්‍රියකුදු වෙයි, පණ්ඩකයෙකුදු වෙයි, දෙදෙනා පිළිබඳ ව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇති සංරක්තයෙකුත් වෙයි, මහණ තෙමේත් ඒ දෙදෙනා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ. ...
Pali BJT8. අනාපත්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන උපට්ඨහාති භණති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT8. “සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් යන පිරිකරින් උවටන් කරව”යි කියයි ද, (ඔහුට ද,) උන්මත්තකයාට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නො වේ.
Pali BJTවිනීතවත්ථු
Sinhala BJTවිනිශ්චිතවස්තු
Pali BJTඋද්දානගාථා:
Sinhala BJTඋද්දානගාථා:
Pali BJTකථං වඤ්ඣා ලභෙ පුත්තං පියා ච සුභගා සියං, කිං දජ්ජං කෙනුපට්ඨෙය්යං, කථං ගච්ඡෙය්යං සුග්ගතින්ති.
Sinhala BJTකථංවඤ්ඣාවත්‍ථු, පුත්තවත්‍ථු, පියාවත්‍ථු, සුභගාවත්‍ථු, කිංදජ්ජාවත්‍ථු, කෙනුපට්ඨෙය්‍යවත්‍ථු, සුගතිං කථං ගච්ඡෙය්‍ය වත්‍ථු යි වස්තු සතෙකි:
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා වඤ්ඣා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං භන්තෙ විජායෙය්ය”න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන”න්ති? “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (1)
Sinhala BJT1. එසමයෙහි එක්තරා වඳ ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කෙසේ නම් වදන්නෙම් ද?”යි මෙය කිවුය. “නඟ, එසේ නම් අග්‍රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (1)
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා විජායිනී ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං භන්තෙ පුත්තං ලභෙය්ය”න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (2)
Sinhala BJT2. එසමයෙහි එක්තරා වදන ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් පුතකු ලබන්නෙම් දැ?”යි කිවුය. “නඟ, එසේ නම් අග්‍රදානය දෙව”යි කී ය. “වහන්ස, අග්‍රදාන නම් යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (2)
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං භන්තෙ සාමිකස්ස පියා අස්ස”න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (3)
Sinhala BJT3. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් මම් හිමියාට ප්‍රිය වන්නෙම් දැ?” විචාළාය. “එසේ නම් අග්‍රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්‍රදාන නම් කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (3)
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං, භන්තෙ සුභගා අස්ස?න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (4)
Sinhala BJT4. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කෙසේ නම් ඉසුරුමතියක් වන්නෙම් දැ?” පුළුවුත. “එසේ නම් අග්‍රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය නම් කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දම ය”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (4)
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “ක්යාහං භන්තෙ අය්යස්ස දජ්ජාමී?”ති. “අග්ගදානං භගිනී”ති. “කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (5)
Sinhala BJT5. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් ආර්‍ය්‍යයන් වහන්සේට කුමක් දෙන්නෙම් දැ?” විචාළාය. “නඟ, අග්‍ර දානය”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (5)
Pali BJT6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කෙනාහං, භන්තෙ අය්යං උපට්ඨෙමී?”ති. “අග්ගදානෙන භගිනී”ති. කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (6)
Sinhala BJT6. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කිමෙකින් ආර්‍ය්‍යයන් වහන්සේට උපස්ථාන කෙරෙම් දැ?” යි විචාළාය. “නඟ, අග්‍රදානයෙනි”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (6)
Pali BJT7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කුලූපගං භික්ඛුං එතදවොච: “කථාහං භන්තෙ, සුගතිං ගච්ඡෙය්ය?”න්ති. “තෙන හි භගිනි අග්ගදානං දෙහී”ති. “කිං භන්තෙ අග්ගදාන?”න්ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (7)
Sinhala BJT7. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් සුගතියට යන්නෙම් දැ?” යි කිවු ය. “නඟ, එසේ නම් අග්‍රදානය දෙව”යි කී ය. “වහන්ස, අග්‍රදාන යනු කිමැ?”යි ඕ විචාළාය. “මෙවුන්දමැ”යි කී ය. ... ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය” යි වදාළ සේක. (7)
Pali BJTඅත්තකාමපාරිචරියසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTඅත්තකාමපාරිචරියශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJTසඤ්චරිත්තසික්ඛාපදං
Sinhala BJTසඤ්චරිත්තශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී සාවත්ථියං කුලූපගො හොති, බහුකානි කුලානි උපසඞ්කමති. යත්ථ පස්සති කුමාරකං වා අපජාපතිකං, කුමාරිකං වා අපතිකං, කුමාරකස්ස මාතාපිතූනං සන්තිකෙ කුමාරිකාය වණ්ණං භණති: “අමුකස්ස කුලස්ස කුමාරිකා අභිරූපා දස්සනීයා පාසාදිකා පණ්ඩිතා බ්යත්තා මෙධාවිනී දක්ඛා අනලසා. ඡන්නා සා කුමාරිකා ඉමස්ස කුමාරකස්සා”ති. තෙ එවං වදෙන්ති: “එතෙ ඛො භන්තෙ අම්හෙ න ජානන්ති “කෙ වා ඉමෙ කස්ස වා”ති. සචෙ භන්තෙ අය්යො දාපෙය්ය ආනෙය්යාම මයං තං කුමාරිකං ඉමස්ස කුමාරකස්සා”ති. කුමාරිකාය මාතාපිතූනං සන්තිකෙ කුමාරකස්ස වණ්ණං භණති: “අමුකස්ස කුලස්ස කුමාරකො අභිරූපො දස්සනීයො පාසාදිකො පණ්ඩිතො බ්යත්තො මෙධාවී දක්ඛො අනලසො. ඡන්නායං{1} කුමාරිකා තස්ස කුමාරකස්සා”ති. තෙ එවං වදෙන්ති: “එතෙ ඛො භන්තෙ අම්හෙ න ජානන්ති: ‘කෙ වා ඉමෙ කස්සවා’ති, කිස්මිං විය කුමාරිකාය වත්තුං. සචෙ භන්තෙ අය්යො යාචාපෙය්ය දජ්ජෙය්යාම මයං ඉමං කුමාරිකං තස්ස කුමාරකස්සා”ති. එතෙනෙව උපායෙන ආවාහානි’පි කාරාපෙති. විවාහානි’පි කාරාපෙති. වාරෙය්යානි’පි කාරාපෙති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙමේ සැවැත්නුවර කුලුපග වෙයි. බොහෝ කුලයන් කරා පැමිණෙයි. යම් තැනෙක බිරියක නැති කුමරකු හෝ සැමියකු නැති කුමරියක හෝ දකී ද, කුමරුගේ මව්පියන් සමීපයේ දී, “අසෝ කුලයේ කුමරිය අභිරූප ය, දැකුම් කලු ය, ප්‍රසාද එළවන්නී ය, පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තී ය, දක්‍ෂ ය, අනලස ය. මේ කුමරුහට ඒ කුමරිය සුදුසු ය” යි ඇය ගුණ කියයි. “වහන්ස, මොහු කවරහු ද? මොහු කා අයත් දැ? යි තුලුහු අප නො දනිත්. ඉදින් වහන්ස, ආර්‍ය්‍ය තෙමේ දෙවන්නේ නම් අපි ඒ කුමරිය මේ කුමරුට ගෙණ එන්නෙමු” යි ඔහු මෙසේ කියත්. “අසෝ කුලකුමාර තෙමේ අභිරූපය, දැකුම්කලු ය, ප්‍රසාද එළවන්නේ ය, පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය, දක්‍ෂය, අනලස ය. මේ කුමාරිකා තොමෝ ඒ කුමාරයාහට සුදුසු ය” යි කුමරියගේ මාපියන් සමීපයේ දී කුමරුගේ ගුණ කියයි. “වහන්ස, මොහු කවරහු ද? මොහු කා අයත් දැ?” යි තුලුහු අප නො දනිත්. වහන්ස, කුමරිය හේතුකොට කීම අපට ලජ්ජා එළවන්නාක් වැන්න. ඉදින් වහන්ස, ආර්‍ය්‍ය තෙමේ ඔවුන් ලවා යාචනා කරවා නම්, අපි මේ කුමරිය ඒ කුමරුට දෙන්නමු” යි ඔහු මෙසේ කියත්. ආයුෂ්මත් උදායී තෙමේ මේ උපායෙන් ම ආවාහයන් ද කරවයි. විවාහයන් ද කරවයි. දින නකත් ආදිය ද ගිවිස්වා තබයි.
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරිස්සා පුරාණගණකියා ධීතා අභිරූපා හොති දස්සනීයා පාසාදිකා. තිරොගාමකා ආජීවකසාවකා ආගන්ත්වා තං ගණකිං එතදවොචුං: “දෙහාය්යෙ ඉමං කුමාරිකං අම්හාකං කුමාරකස්සා”ති. සා එවමාහ: “අහං ඛ්වය්යා{2} තුම්හෙ න ජානාමි “කෙ වා ඉමෙ කස්ස වා”ති. අයඤ්ච මෙ එකධීතිකා. තිරොගාමො ච ගන්තබ්බො, “නාහං දස්සාමී”ති. මනුස්සා තෙ ආජීවකසාවකෙ එතදවොචුං: “කිස්ස තුම්හෙ අය්යා ආගතත්ථා”ති. “ඉධ මයං අය්යා අමුකං නාම ගණකිං ධීතරං යාචිම්හ අම්හාකං කුමාරකස්ස, සා එවමාහ: “අහං ඛ්වය්යා තුම්හෙ න ජානාමි “කෙ වා ඉමෙ කස්ස වා”ති. අයඤ්ච මෙ එකධීතිකා, තිරොගාමො ච ගන්තබ්බො, නාහං දස්සාමී”ති. “කිස්ස තුම්හෙ අය්යො, තං ගණකිං ධීතරං යාචිත්ථ? නනු අය්යො උදායී වත්තබ්බො? අය්යො උදායී දාපෙස්සතී”ති. අථ ඛො තෙ ආජීවකසාවකා යෙනායස්මා උදායී, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොචුං: “ඉධ මයං භන්තෙ අමුකං නාම ගණකිං ධීතරං යාචිම්හ අම්හාකං කුමාරකස්ස. සා එවමාහ: අහං ඛ්වය්යා තුම්හෙ න ජානාමි කෙ වා ඉමෙ කස්ස වා’ති. අයඤ්ච මෙ එකධීතිකා, තිරොගාමො ච ගන්තබ්බො, නාහං දස්සාමී’ති. සාධු භන්තෙ අය්යො තං ගණකිං ධීතරං දාපෙතු අම්හාකං කුමාරකස්සා”ති.
Sinhala BJT2. එසමයෙහි එක්තරා හිමි නැති ගණකියකගේ දුවක් අභිරූප ය. දැකුම්කලු ය. ප්‍රසාද එළවන්නී ය. අන් ගමෙක වසන ආජීවකසව්වෝ පැමිණ ඒ ගණක බිරියට “ආර්‍ය්‍යාවෙනි, මේ කුමරිය අපගේ කුමරුට දෙව” යි මෙබස් කීහ. “ආර්‍ය්‍යයෙනි, මොහු කවුරු ද? කා අයත් දැ?” යි මම් තොප නො හඳුනමි. මෝ ද මාගේ එක ම දුව ය. බැහැරගම් ද යායුතු ය. මම නො දෙන්නෙමි” යි ඕ මෙසේ කිවු ය. මිනිස්සු ආජීවක ශ්‍රාවකයන්ට “ආර්‍ය්‍යයෙනි, තෙපි කුමක් හෙයින් ආවහු දැ?” යි මෙය කීහ. “ආර්‍ය්‍යයෙනි, මෙහි අපි අසෝ ගණකියගෙන් අපගේ කුමරුට ඇය දුව යැදීමු. ඕ ද “ආර්‍ය්‍යයෙනි, මම් මොහු කවුරු දැ යි කියා හෝ මොහු කාගේ දැ?” යි කියා හෝ නො දනිමි. මෝ ද මගේ එක ම දුව ය. බැහැරගම් ද යායුතු ය. මම් ඇය නො දෙමි” යි කීවා ය යි ඔහු කීහ. “ආර්‍ය්‍යයෙනි, තෙපි කුමක් හෙයින් ඒ ගණකියගෙන් ඇය යැදූහු ද? ආර්‍ය්‍ය උදායී තෙමේ කිය යුතු නො වේ ද? ආර්‍ය්‍ය වූ උදායී තෙමේ දෙවන්නේ ය” යි ඔහු කීහ. ඉක්බිති ආජීවක ශ්‍රාවකයෝ ආයුෂ්මත් උදායී තෙර කරා එළඹියාහු ය. එළඹ, ආයුෂ්මත් උදායීහට, “වහන්ස, මෙහි අපි අසෝ ගණකියගෙන් අපගේ කුමාරයාහට දුව යැදුමු. ඕ ‘ආර්‍ය්‍යයෙනි මොහු කාගේ කවුරු දැ? යි මම තොප නො හඳුනමි. මෝ ද මගේ එක ම දුව ය. බැහැරගම් ද යා යුතුය. මම් ඇය නො දෙමි’ යි කීවා ය. වහන්ස, ආර්‍ය්‍ය තෙමේ ඒ ගණකියගේ දුව අපගේ කුමරුට දෙවන්නේ නම් මැනවැ” යි කීහ.
Pali BJT3. අථ ඛො ආයස්මා උදායී යෙන සා ගණකී, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං ගණකිං එතදවොච: “කිස්සිමෙසං ධීතරං න දෙසී?”ති? “අහං ඛ්වය්ය, ඉමෙ න ජානාමි ‘කෙ වා ඉමෙ කස්ස වා’ති. අයඤ්ච මෙ එකධීතිකා, තිරොගාමො ච ගන්තබ්බො, නාහං දස්සාමී”ති. “දෙහිමෙසං. අහං ඉමෙ ජානාමී”ති. “සචෙ භන්තෙ අය්යො ජානාති, දස්සාමී”ති. අථ ඛො සා ගණකී තෙසං ආජීවකසාවකානං ධීතරං අදාසි. අථ ඛො තෙ ආජීවකසාවකා තං කුමාරිකං නෙත්වා මාසංයෙව සුණිසභොගෙන භුඤ්ජිංසු. තතො අපරෙන දාසිභොගෙන භුඤ්ජන්ති. අථ ඛො සා කුමාරිකා මාතුයා සන්තිකෙ දූතං පාහෙසි: “අහං හි දුග්ගතා දුක්ඛිතා න සුඛං ලභාමි. මාසං යෙව මං සුණිසභොගෙන භුඤ්ජිංසු. තතො අපරෙන දාසීභොගෙන භුඤ්ජන්ති. ආගච්ඡතු මෙ මාතා මං නෙස්සතූ”ති.
Sinhala BJT3. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ගණකිය වෙත පැමිණ ඒ ගණකියට “කුමක් හෙයින් මොවුන්ට දුව නො දෙයි දැ?” යි කී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, මොහු කාගේ කවුරු දැ” යි මොවුන් නො හඳුනමි. මෝ ද මාගේ එක ම දුව ය. මම ඇය නො දෙන්නෙමි බැහැරගම් ද යායුතු ය යි ඕ කිවු ය. “මොවුන්ට දෙව, මම මොවුන් හඳුනමි” යි ආයුෂ්මත් උදායීතෙර කී ය. “ඉදින් වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේ හඳුනත් නම් දෙන්නෙමි” යි ඕ කිවු ය. ඉක්බිති ඒ ගණකී ඒ ආජීවක සව්වන්ට සිය දුව දුන්නී ය. ඉක්බිති ඒ ආජීවක සව්වෝ ඒ කුමරිය කැඳවා ගෙණ ගොස් මසක් ම ලෙහෙළියකු කොට පරිභෝග කළාහු ය. ඉන්පසු දාසියක කොට පරිහරණය කෙරෙති. ඉක්බිති ඒ කුමාරිකා තොමෝ, “මම දැන් දුගී වෙමි. දුප්පත්මි. සැපයක් නො ලබමි. මසක් ම මා ලෙහෙළියක කොට පරිභෝග කළහ. ඉන්පසු දාසියක මෙන් පරිහරණය කෙරෙති. මගේ මව් තොමෝ මෙහි ඒවා. මා ගෙණ යේවා” යි මවු වෙතට දූතයකු යැවුවා ය.
Pali BJT4. අථ ඛො සා ගණකී යෙන තෙ ආජීවකසාවකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ ආජීවකසාවකෙ එතදවොච: “මාය්යා, ඉමං කුමාරිකං දාසිභොගෙන භුඤ්ජිත්ථ. සුණිසභොගෙන ඉමං කුමාරිකං භුඤ්ජථා”ති. තෙ එවමාහංසු “නත්ථම්හාකං තයා සද්ධිං ආහාරූපහාරො, සමණෙන සද්ධිං අම්හාකං ආහාරූපහාරො, ගච්ඡ ත්වං, න මයං තං ජානාමා”ති. අථ ඛො සා ගණකී තෙහි ආජීවකසාවකෙහි අපසාදිතා පුනදෙව සාවත්ථිං පච්චාගඤ්ඡි. දුතියම්පි ඛො සා කුමාරිකා මාතුයා සන්තිකෙ දූතං පාහෙසි: “අහං හි දුග්ගතා දුක්ඛිතා, න සුඛං ලභාමි. මාසංයෙව මං සුණිසභොගෙන භුඤ්ජිංසු. තතො අපරෙන දාසීභොගෙන භුඤ්ජන්ති. ආගච්ඡතු මෙ මාතා. මං නෙස්සතූ”ති.
Sinhala BJT4. ඉක්බිති ඒ ගණකී තොමෝ ඒ ආජීවක සව්වන් කරා එළඹියා ය. එළඹ ඔවුන්ට “ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නො කරව. ලෙහෙලියක කොට මේ කුමරිය පරිහරණය කරව” යි කිවුය. ඔහු “තී හා අපගේ ගණුදෙනුවෙක් නැත. අපගේ ගණු දෙනුව මහණහු සමග ය. තෝ යව. අපි තී නො දනිමු”යි කීහ. ඉක්බිති ඒ ගණකී තොමෝ ආජීවක සව්වන් විසින් ගරහන ලද්දී නැවත සැවැතට පෙරළා පැමිණියා ය. දෙවෙනි වර ද ඒ කුමරි “මම දුගීයෙමි. දුප්පත්මි. සැපයක් නො ලබමි. මසක් පමණ මා ලෙහෙළියක කොට පරිහරණය කළහ. එතැන් පටන් දාසියක්කොට පරිහරණය කරත්. මගේ මව් තොමෝ මෙහි ඒවා. මා කැඳවා ගෙණ යේවා” යි මවගේ සමීපයට දූතයකු යැවූ ය.
Pali BJT5. අථ ඛො සා ගණකී යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොච: “සා කිර භන්තෙ කුමාරිකා දුග්ගතා දුක්ඛිතා න සුඛං ලභති. මාසංයෙව නං සුණිසාභොගෙන භුඤ්ජිංසු. තතො අපරෙන දාසීභොගෙන භුඤ්ජන්ති. වදෙය්යාථ භන්තෙ: “මාය්යා ඉමං කුමාරිකං දාසිභොගෙන භුඤ්ජිත්ථ. සුණිසාභොගෙන ඉමං කුමාරිකං භුඤ්ජථා”ති. අථ ඛො ආයස්මා උදායී යෙන තෙ ආජීවකසාවකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ ආජීවකසාවකෙ එතදවොච: මාය්යා ඉමං කුමාරිකං දාසීභොගෙන භුඤ්ජිත්ථ. සුණිසාභොගෙන ඉමං කුමාරිකං භුඤ්ජථා”ති. තෙ එවමාහංසු: “නත්ථම්හාකං තයා සද්ධිං ආහාරූපහාරො, ගණකියා සද්ධිං අම්හාකං ආහාරූපහාරො. සමණෙන භවිතබ්බං අබ්යාවටෙන. සමණො අස්ස සුසමණො. ගච්ඡ ත්වං. න මයං තං ජානාමා”ති. අථ ඛො ආයස්මා උදායී තෙහි ආජීවකසාවකෙහි අපසාදිතො පුනදෙව සාවත්ථිං පච්චාගඤ්ඡි. තතියම්පි ඛො සා කුමාරිකා මාතුයා සන්තිකෙ දූතං පාහෙසි: “අහං හි දුග්ගතා දුක්ඛිතා, න සුඛං ලභාමි. මාසංයෙව මං සුණිසභොගෙන භුඤ්ජිංසු. තතො අපරෙන දාසීභොගෙන භුඤ්ජන්ති. ආගච්ඡතු මෙ මාතා මං නෙස්සතූ”ති.
Sinhala BJT5. ඉක්බිති ඒ ගණකී තොමෝ ආයුෂ්මත් උදායීතෙර කරා පැමිණියා ය. පැමිණ, ආයුෂ්මත් උදායීහට “වහන්ස, ඒ කුමරිය දුගී ල? දුප්පත් ල, සුවයක් නො ලබා ල. මසක් ම ලෙහෙළියක කොට පරිහරණය කළාහු ල. එතැන් පටන් දාසියක කොට පරිහරණය කරත්ල. වහන්ස, ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නොකරවු ලෙහෙළියක කොට පරිහරණය කරවු’යි කියනු මැනවැයි කී ය. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ආජීවක සව්වන් කරා ගියේ ය. ගොස්, ඒ ආජීවක ශ්‍රාවකයන්ට “ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නො කරවු. ලෙහෙළියක කොට මැය පරිහරණය කරවු” යි කී ය. “මුඹ හා අපගේ ගණුදෙනුවෙක් නැත. අපගේ ගණුදෙනුව ගණකිය හා ය. ශ්‍රමණයා ව්‍යාපාර නැත්තකු විය යුතු යි. ශ්‍රමණයෙක් නම් මනා ශ්‍රමණයෙක් වන්නේය. මුඹ යන්න. අපි මුඹ නො දනිමු” යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ආජීවක ශ්‍රාවකයන් විසින් ගරහන ලද්දේ සැවතට ම පෙරළා ආයේ ය. තුන්වන වර ද ඒ කුමරි මවු සමීපයට “මම දුගීයෙමි. දුප්පත් වෙමි. සුවයක් නො ලබමි. මසක් ම මා ලෙහෙළියක කොට පරිහරණය කළහ. එතැන් පටන් දාසියක කොට පරිහරණය කරත්. මගේ මව මෙහි ඒවා. මා කැඳවා ගෙණ යේවා”යි දූතයකු යැවූ ය.
Pali BJT6. දුතියම්පි ඛො සා ගණකී යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොච: සා කිර භන්තෙ කුමාරිකා දුග්ගතා දුක්ඛිතා. න සුඛං ලභති. මාසංයෙව නං සුණිසාභොගෙන භුඤ්ජිංසු. තතො අපරෙන දාසීභොගෙන භුඤ්ජන්ති. වදෙය්යාථ භන්තෙ: “මාය්යා ඉමං කුමාරිකං දාසීභොගෙන භුඤ්ජිත්ථ, සුණිසාභොගෙන ඉමං කුමාරිකං භුඤ්ජථා”ති. “පඨමං පාහං තෙහි ආජීවකසාවකෙහි අපසාදිතො. ත්වං ගච්ඡ නාහං ගමිස්සාමීති.
Sinhala BJT6. දෙවෙනි වර ද ඒ ගණකී ආයුෂ්මත් උදායීතෙර කරා ගියා ය. ගොස් ආයුෂ්මත් උදායීහට වහන්ස, ඒ කුමරී දුගී ල. දුප්පත් ය. සුවයක් නො ලබා ල. මසක් ම ඇය ලෙහෙළියක කොට පරිහරණය කළාහු ල. එ තැන් පටන් දාසියක මෙන් පරිහරණය කරත් ල. වහන්ස, “ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නො කර මු. ලෙහෙළියක කොට පරිහරණය කරවු” යි කියන්නැ යි සැළ කළා ය. “පළමු වර මම ඒ ආජීවක ශ්‍රාවකයන් විසින් ගරහන ලද්දෙම් වෙමි. තෝ යව මම් නො යන්නෙමි” යි ආයුෂ්මත් උදායී කී ය.
Pali BJT7. අථ ඛො සා ගණකී උජ්ඣායති ඛීයති විපාචෙති: “එවං දුග්ගතො හොතු අය්යො උදායී, එවං දුක්ඛිතො හොතු අය්යො උදායී, එවං මා සුඛං ලභතු අය්යො උදායී, යථා මෙ කුමාරිකා දුග්ගතා දුක්ඛිතා න සුඛං ලභති, පාපිකාය සස්සුයා පාපකෙන සසුරෙන පාපකෙන සාමිකෙනා”ති. සා’පි ඛො කුමාරිකා උජ්ඣායති ඛීයති විපාචෙති: “එවං දුග්ගතො හොතු අය්යො උදායී, එවං දුක්ඛිතො හොතු අය්යො උදායී, එවං මා සුඛං ලභතු අය්යො උදායී, යථාහං දුග්ගතා දුක්ඛිතා න සුඛං ලභාමි පාපිකාය සස්සුයා පාපකෙන සසුරෙන පාපකෙන සාමිකෙනා”ති. අඤ්ඤාපි ඉත්ථියො අසන්තුට්ඨා සස්සූහි වා සසුරෙහි වා සාමිකෙහි වා, තා එවං ආයාචන්තී: “එවං දුග්ගතො හොතු අය්යො උදායී, එවං දුක්ඛිතො හොතු අය්යො උදායී, එවං මා සුඛං ලභතු අය්යො උදායී, යථා මයං දුග්ගතා දුක්ඛිතා න සුඛං ලභාම, පාපිකාහි සස්සූහි පාපකෙහි සසුරෙහි පාපකෙහි සාමිකෙහී”ති.
Sinhala BJT7. ඉක්බිති ඒ ගණකී “යම්සේ මා කුමරි පාපී වූ නැන්දණියන් පාපි වූ මයිලනුවන් කරණ කොට ගෙණ, පාපි වූ සැමියා කරණ කොට ගෙණ දුගී වූවා ද, දුප්පත් වූවා ද, සුවයක් නො ලබා ද, ආර්‍ය්‍ය උදායී ද එසේ ම දුගී වේවා, එසේ දුප්පත් වේවා, ආර්‍ය්‍ය උදායී තෙමේ එසේ සුවයක් නො ලබාවා” යි අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි. ඒ කුමරි ද “යම්සේ මම් ලාමක වූ නැන්දණියන් කරණ කොට ගෙණ, ලාමක වූ මයිලනුවන් කරණ කොට ගෙණ, ලාමක වූ හිමියා කරණ කොට ගෙණ දුගී වෙම්ද, දුප්පත් වෙම් ද, සුවයක් නො ලබම් ද, එසේ ම ආර්‍ය්‍ය උදායී තෙමේ දුගී වේවා එසේ ම ආර්‍ය්‍ය උදායි තෙමේ දුප්පත් වේවා ඒසේ ම ආර්‍ය්‍ය උදායී තෙමේ සුවක් නො ලබාවා” යි අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි (ආයුෂ්මත් උදායී තෙරුන්ගේ මෙහෙයීමෙන් පතිකුලයට ගිය) අන් ස්ත්‍රීහු ද නැන්දණියන් හෝ මයිලනුවන් හෝ සැමියන් හෝ සමග නොසතුටු වූවෝ “යම්සේ අපි පාපී වූ නැන්දණියන් පාපී වූ මයිලනුවන්, පාපී වූ සැමියන් කරණ කොට ගෙණ දුගී වූමු ද, දුප්පත් වූමු ද, සුවක් නො ලබමෝ ද, ආර්‍ය්‍ය උදායීත් එසේ ම දුගී වේවා, ආර්‍ය්‍ය උදායීත් එසේ ම දුප්පත් වේවා, ආර්‍ය්‍ය උදායීත් එසේ ම සුවක් නො ලබාවා”යි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
Pali BJT8. යා පන තා ඉත්ථියො සන්තුට්ඨා සස්සූහි වා සසුරෙහි වා සාමිකෙහි වා තා එවං ආයාචන්ති: “එවං සුඛිතො හොතු අය්යො උදායී, එවං සජ්ජිතො හොතු අය්යො උදායී, එවං සුඛමෙධතු හොතු අය්යො උදායී, යථා මයං සුඛිතා සජ්ජිතා සුඛමෙධා භද්දිකාහි සස්සූහි භද්දකෙහි සසුරෙහි, භද්දකෙහි සාමිකෙහී”ති.
Sinhala BJT8. යම් ස්ත්‍රී කෙනෙක් (උදායී තෙරහුගේ මෙහෙයීමෙන් පතිකුලයට ගියෝ) නැදිමයිලන් හා සැමියන් හා සතුටු වූවාහු ද, ඔහු “යම්සේ අපි භද්‍ර නැදිමයිලන්, භද්‍ර සැමියන් කරණ කොට ගෙණ සුවපත් වූවමෝ සැදුනමෝ සුවසේ වැඩෙමු ද, ආර්‍ය්‍ය උදායී තෙමේ එසේ ම සුව පත් වේවා, ආර්‍ය්‍ය උදායී තෙමේ එසේ ම සැදුනේ වේවා, ආර්‍ය්‍ය උදායි තෙමේ එසේ ම සුවසේ වැඩේවා” යි මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
Pali BJT9. අස්සොසුං ඛො භික්ඛූ එකච්චානං ඉත්ථීනං ඔයාචන්තීනං එකච්චානං ඉත්ථීනං ආයාචන්තීනං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ආයස්මා උදායී සඤ්චරිත්තං සමාපජ්ජිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT9. භික්‍ෂූහු නිගා කරන්නාවූ ඇතැම් ස්ත්‍රීන්ගේ කථා ද, සුව පතන්නා වූ ඇතැම් ස්ත්‍රීන්ගේ කථා ද ඇසූහ. යම් ඒ භික්‍ෂූහු අල්පේච්ඡ ද, ඔහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙමේ (ස්ත්‍රීපුරුෂයන් අතර) සංචරණයට පැමිණේදැ” යි අවමන් කෙරෙත්, අගුණ කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ.
Pali BJT10. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උදායිං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං උදායී සඤ්චරිත්තං සමාපජ්ජී”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: කථං හි නාම ත්වං මොඝපුරිස සඤ්චරිත්තං සමාපජ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් උදායි අමතා, “උදායිය, තෝ ස්ත්‍රී පුරුෂයන් අතර සංචරණයට පැමිණියෙහි සැබෑදැ?”යි අසා වදාළ සේක. “සැබව භාග්‍යවතුන් වහන්සැ”යි ආයුෂ්මත් උදායී කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වදාරණසේක්, “හිස් පුරුෂය, තෝ කෙසේ නම් ස්ත්‍රීපුරුෂයන් අතර සංචරණයට පැමිණියෙහි ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි ... ගැරැහූ සේක. “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:-
Pali BJT“යො පන භික්ඛු සඤ්චරිත්තං සමාපජ්ජෙය්ය ඉත්ථියා වා පුරිසමතිං පුරිසස්ස වා ඉත්ථිමතිං, ජායත්තනෙ වා ජාරත්තනෙ වා, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“යම් මහණෙක් භාර්‍ය්‍යාභාවයෙහි වේවයි, මිථ්‍යාචාර භාවයෙහි වේවයි, පුරුෂමතිය ස්ත්‍රියට හෝ ස්ත්‍රීමතිය පුරුෂයාහට හෝ ගෙණ එමින් සඤ්චරණභාවයට වදනේ නම් සඟවෙසෙස් වේ”.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වෙයි.
Pali BJT[මූලපඤ්ඤත්ති.]
Sinhala BJT[මුල් පැණවීමයි.]
Pali BJT11. තෙන ඛො පන සමයෙන සම්බහුලා ධුත්තා උය්යානෙ පරිචාරෙන්තා අඤ්ඤතරිස්සා{1} වෙසියා සන්තිකෙ දූතං පාහෙසුං: “ආගච්ඡතු උය්යානෙ පරිචාරෙස්සාමා”ති. සා එවමාහ: “අහං ඛ්වය්යා{2} තුම්හෙ න ජානාමි ‘කෙ වා ඉමෙ කස්ස වා’ති. අහඤ්චම්හි බහුභණ්ඩා, බහුපරික්ඛාරා, බහිනගරඤ්ච ගන්තබ්බං, නාහං ගමිස්සාමී”ති. අථ ඛො සො දූතො තෙසං ධුත්තානං එතමත්ථං ආරොචෙසි, එවං වුත්තෙ අඤ්ඤතරො පුරිසො තෙ ධුත්තෙ එතදවොච: “කිස්ස තුම්හෙ අය්යා එතං වෙසිං යාචිත්ථ? නනු අය්යො උදායී වත්තබ්බො? අය්යො උදායී උය්යොජෙස්සතී”ති. එවං වුත්තෙ අඤ්ඤතරො උපාසකො තං පුරිසං එතදවොච: “මාය්යො එවං අවච, න කප්පති සමණානං සක්යපුත්තියානං එවරූපං කාතුං. නාය්යො උදායී එවං කරිස්සතී”ති. එවං වුත්තෙ, ‘කරිස්සති න කරිස්සතී’ති අබ්භුතං අකංසු. අථ ඛො තෙ ධුත්තා යෙනායස්මා උදායී තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොචුං: “ඉධ මයං භන්තෙ උය්යානෙ පරිචාරෙන්තා අසුකාය නාම වෙසියා සන්තිකෙ දූතං පහිණිම්හ: “ආගච්ඡතු උය්යානෙ පරිචාරෙස්සාමා”ති. සා එවමාහ:” “අහං ඛ්වය්යා තුම්හෙ න ජානාමි ‘කෙ වා ඉමෙ කස්ස වා’ ති, අහඤ්චම්හි බහුභණ්ඩා බහුපරික්ඛාරා, බහිනගරඤ්ච ගන්තබ්බං, නාහං ගමිස්සාමී”ති. “සාධු භන්තෙ අය්යො තං වෙසිං උය්යොජෙතූ”ති.
Sinhala BJT11. එසමයෙහි බොහෝ ස්ත්‍රීධුර්‍තයෝ උයනෙහි රමණය කරන්නාහු, “එව, උයනෙහි අභිරමණය කරන්නෙමු”යි එක්තරා වෙසඟනක සමීපයට දූතයකු යැවූහ. “ආර්‍ය්‍යයෙනි, මොහු කවුරු ද, කාගේ දැ?”යි මම තොප නො හඳුනමි. මම් බොහෝ බඩු ඇතියෙම් වෙමි. බොහෝ පිරිකර ඇතියෙමි. බැහැර නුවර යා යුතු ද වෙයි. මම නො යන්නෙමි”යි ඕ කිවු ය. ඉක්බිති ඒ දූත තෙමේ ඒ ධුර්‍තයන්ට මේ කාරණය කීය. මෙසේ කී කල්හි එක්තරා පුරුෂයෙක් ඒ ධූර්‍තයන්ට “ආර්‍ය්‍යයෙනි, තෙපි කුමක් හෙයින් වෙසඟන යැද්දහු ද? ආර්‍ය්‍ය වූ උදායී තෙමේ කිය යුතු නො වේ ද? ආර්‍ය්‍ය වූ උදායී තෙමේ ඇය යවන්නේ ය”යී කීය. මෙසේ කී කල්හි එක්තරා උවසුවෙක් ඒ පුරුෂයාට “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නො කියාවා, මෙබන්දක් කරන්නට ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයන්ට නොකැප ය. ආර්‍ය්‍ය වූ උදායී තෙමේ මෙසේ වූ දැයක් නො කරන්නේ ය”යි කීය. මෙසේ කී කල්හි “හෙතෙම එය කරන්නේය යි ද? නො කරන්නේය යිදැ”යි පරදු තැබූහ. ඉක්බිති ඒ ධූර්‍තයෝ ආයුෂ්මත් උදායිහු කරා ගියාහු ය. ගොස් ආයුෂ්මත් උදායිහට “වහන්ස, අපි මේ උයනෙහි අභිරමණය කරන්නමෝ ‘එව, අභිරමණය කරන්නමු’යි අසෝ වෙසඟන වෙතට දූතයකු යැවූම්හ. ‘මොහු කවුරුද? කා අයත් දැ’යි මම තොප නොහඳුනමි. මම ද බොහෝ බඩු ඇතියෙමි. බොහෝ පිරිකර ඇතියෙමි. බැහැර නුවර යා යුතු වේ. මම නො යන්නෙමි’යි ඕ කිවු ය, වහන්ස, හිමියන් ඒ වෙසඟන යවන්නේ මැනැවි’යි ඔහු කීහ.
Pali BJT12. අථ ඛො ආයස්මා උදායී යෙන සා වෙසී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං වෙසිං එතදවොච: “කිස්සි මෙසං න ගච්ඡසී”ති? “අහං ඛ්වය්ය ඉමෙ න ජානාමි ‘කෙ වා ඉමෙ කස්ස වා’ති. අහඤ්චම්හි බහුභණ්ඩා බහුපරික්ඛාරා, බහිනගරඤ්ච ගන්තබ්බං. නාහං ගමිස්සාමී”ති. “ගච්ඡිමෙසං අහං ඉමෙ ජානාමී”ති. සචෙ භන්තෙ අය්යො ජානාති, අහං ගමිස්සාමී”ති. අථ ඛො තෙ ධුත්තා තං වෙසිං ආදාය උය්යානං අගමංසු. අථ ඛො සො උපාසකො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම අය්යො උදායී තඞ්ඛණිකං සඤ්චරිත්තං සමාපජ්ජිස්සතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තස්ස උපාසකස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී තං ඛණිකං සඤ්චරිත්තං සමාපජ්ජිස්සතී”ති, අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර ත්වං උදායි තං ඛණිකං සඤ්චරිත්තං සමාපජ්ජි”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම ත්වං මොඝපුරිස තඞ්ඛණිකං සඤ්චරිත්තං සමාපජ්ජිස්සසි. නෙ‘තං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවං ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT12. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ වෙසඟන කරා පැමිණියේය. පැමිණ ඒ වෙසඟනට “කුමක් හෙයින් මොවුන් සමීපයට නො යෙහි ද”යි ඇසී ය. ආර්‍ය්‍යයන් වහන්ස, මොහු කවුරුදැ යි කාගේ දැයි මම නො හඳුනමි. මම ද බොහෝ බඩු ඇතියෙමි. බොහෝ පිරිකර ඇතියෙමි. බැහැර නුවර යා යුතු ද වෙයි. මම නො යන්නෙමි”යි ඕ කිවු ය. “මොවුන් සමීපයට යව. මම මොවුන් හඳුනමි”යි උදායි තෙර කී ය. “වහන්ස, ඉදින් ආර්‍ය්‍ය තෙමේ දනී නම් යන්නෙමි”යි ඕ කිවු ය. ඉක්බිති ඒ ධූර්‍තයෝ ඒ වෙසඟන කැඳවා ගෙණ උයනට ගියාහුය. එකල්හි උවසු තෙමේ “කෙසේ නම් ආර්‍ය්‍ය වූ උදායි තෙමේ (ස්ත්‍රී පුරුෂයන් අතර) එකෙණෙහි සංචරණයට පැමිණේ දැ යි අවමන් කෙළේය, අයුණු කී ය. නුගුණ පැතිරැවී ය. භික්‍ෂූහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ උවසුහුගේ කථාව ඇසූහ. අල්පෙච්ඡ වූ ඒ භික්‍ෂූහු “කෙසේ නම් ආයුෂ්මත් උදායි තෙමේ ස්ත්‍රී පුරුෂයන් අතර එකෙණෙහි සංචරණයට පැමිණේ දැ”යි අවමන් කළහ, අයුණු කීහ, නුගුණ පැතිරැවූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය. ... “උදායිය, තෝ ස්ත්‍රී පුරුෂයන් අතර එකෙණෙහි සංචරණයට පැමිණියෙහි ය යනු සැබෑ ද”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “සැබව, භාග්‍යවතුන් වහන්ස”යි හේ කීය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: ... “හිස් පුරුෂය, කෙසේ නම් ස්ත්‍රී පුරුෂයන් අතර එකෙණෙහි සංචරණයට පැමිණියෙහි ද, හිස් පුරුෂය, මෙය නොපහන්වුන්ගේ පැහැදීම පිණිස නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු සඤ්චරිත්තං සමාපජ්ජෙය්ය ඉත්ථියා වා පුරිසමතිං පුරිසස්ස වා ඉත්ථිමතිං, ජායත්තනෙ වා ජාරත්තනෙ වා, අන්තමසො තඞ්ඛණිකායපි, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“යම් මහණෙක් භාර්‍ය්‍යාභාවයෙහි වේවයි, මිථ්‍යාචාර භාවයෙහි වේවයි, පුරුෂමතිය ස්ත්‍රියට හෝ ස්ත්‍රීමතිය පුරුෂයාහට හෝ යටතින් එමොහොත සෙව්නා කැමැති මාගමකට හෝ ගෙණ එමින් සඤ්චරණභාවයට වදනේ නම් සඟවෙසෙස් වේ.”
Pali BJT[දුතියපඤ්ඤත්ති.]
Sinhala BJT(දෙවන පැණවීමයි.)
Pali BJT13. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT13. යො පන යනු යමෙක් යම්බඳු වූවෙක් ...
Pali BJTභික්ඛූ’ති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො ‘භික්ඛූ’ති.
Sinhala BJTභික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’ය යි අධිප්‍රෙත ය.
Pali BJTසඤ්චරිත්තං සමාපජ්ජෙය්යාති ඉත්ථියා වා පහිතො පුරිසස්ස සන්තිකෙ ගච්ඡති, පුරිසෙන වා පහිතො ඉත්ථියා සන්තිකෙ ගච්ඡති.
Sinhala BJTසංචරිත්තං සමාපජ්ජය්‍ය යනු: ස්ත්‍රිය විසින් යවන ලද්දේ පුරුෂයා සමීපයට යේ ද, පුරුෂයා විසින් යවන ලද්දේ ස්ත්‍රියගේ සමීපයට යේ ද,
Pali BJTඉත්ථියා වා පුරිසමතින්ති පුරිසස්ස මතිං ඉත්ථියා වා ආරොචෙති.
Sinhala BJTඉත්‍ථියා වා පුරිස මතිං යනු: පුරුෂාගේ අදහස ස්ත්‍රියට හෝ කියයි ද,
Pali BJTපුරිසස්ස වා ඉත්ථිමතින්ති ඉත්ථියා මතිං පුරිසස්ස වා ආරොචෙති.
Sinhala BJTපුරිසස්ස වා ඉත්‍ථිමතිං යනු: ස්ත්‍රියගේ අදහස පුරුෂයාට හෝ කියයි ද,
Pali BJTජායත්තනෙ වා’ති ජායා භවිස්සසි.
Sinhala BJTජායත්තනෙ වා යනු: බිරිඳ වන්නෙහි ය යි ...
Pali BJTජාරත්තනෙ වා’ති ජාරී භවිස්සසි.
Sinhala BJTජාරත්තනෙ වා යනු: සොර අඹු වන්නෙහි ය යි ...
Pali BJTඅන්තමසො තං ඛණිකායපීති මුහුත්තිකා භවිස්සසි .
Sinhala BJTඅන්තමසෝ තඞ්ඛණිකායපි යනු: එ මොහොතෙහි අඹු වන්නෙහිය යි
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු ... එයිනුදු ‘සඟවෙසෙස’යි කියනු ලැබේ.
Pali BJT14. දස ඉත්ථියො: මාතුරක්ඛිතා, පිතුරක්ඛිතා, මාතාපිතුරක්ඛිතා, භාතුරක්ඛිතා, භගිනිරක්ඛිතා, ඤාතිරක්ඛිතා, ගොත්තරක්ඛිතා, ධම්මරක්ඛිතා, සාරක්ඛා, සපරිදණ්ඩා.
Sinhala BJT14. ස්ත්‍රීහු දස දෙනෙකි; මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සාරක්ඛා ය, සපරිදණ්ඩා ය යන මොහු යි.
Pali BJTදස භරියායො: ධනක්කීතා, ඡන්දවාසිනී, භොගවාසිනී, පටවාසිනී, ඔදපත්තකිනී, ඔභටචුම්බටා, දාසී ච භරියා ච, කම්මකාරී ච භරියා ච, ධජාහටා, මුහුත්තිකා.
Sinhala BJTභාර්‍ය්‍යාවෝ දස දෙනෙකි: ධනක්කීතා ය, ඡන්‍දවාසිනී ය, භෝගවාසිනී ය, පටවාසිනී ය, ඔදපත්තකිනී ය, ඔභතචුම්බටා ය, දාසිභරියා ය, කම්මකාරී භරියා ය, ධජාහටා ය, මුහුත්තිකා ය, යන මොහු යි.
Pali BJTමාතුරක්ඛිතා නාම: මාතා රක්ඛති ගොපෙති ඉස්සරියං කරොති වසං වත්තෙති.
Sinhala BJTමාතුරක්ඛිතා නම්: මවු තොමෝ (යම් ස්ත්‍රියක) රකී ද, ගුප්තස්ථානයෙහි තබා රකියි ද ස්වෛර විහරණයට ඉඩ නො දෙයි ද තමා වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි.)
Pali BJTපිතුරක්ඛිතා නාම: පිතා රක්ඛති ගොපෙති ඉස්සරියං කාරෙති වසං වත්තෙති.
Sinhala BJTපිතුරක්ඛිතා නම්: යම් මාගමක් පිය තෙමේ රකියි ද, ගෝපනය කෙරෙයි ද ස්වෛර විහරණයට ඉඩ නො දෙයි ද, සිය වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි)
Pali BJTමාතාපිතුරක්ඛිතා නාම: මාතාපිතරො රක්ඛන්ති ගොපෙන්ති ඉස්සරියං කාරෙන්ති වසං වත්තෙන්ති.
Sinhala BJTමාතාපිතුරක්ඛිතා නම්: මවුපිය දෙදෙනා ම යම් ස්ත්‍රියක රකිත් ද, ගෝපනය කරත් ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද (ඒ ස්ත්‍රී යි.)
Pali BJTභාතුරක්ඛිතා නාම: භාතා රක්ඛති ගොපෙති ඉස්සරියං කාරෙති වසං වත්තෙති.
Sinhala BJTභාතුරක්ඛිතා නම්: යම් ස්ත්‍රියක සොහොවුරු තෙමේ රකියි ද, ගෝපනය කෙරෙයි ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙයි ද, වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි.)
Pali BJTභගිනිරක්ඛිතා නාම: භගිනී රක්ඛති ගොපෙති ඉස්සරියං කරොති වසං වත්තෙති.
Sinhala BJTභගිනිරක්ඛිතා නම්: යම් මාගමක බිහිනි තොමෝ රකියි ද, ගෝපනය කෙරෙයි ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙයි ද, වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝය.)
Pali BJTඤාතිරක්ඛිතා නාම: ඤාතකා රක්ඛන්ති ගොපෙන්ති ඉස්සරියං කාරෙන්ති වසං වත්තෙන්ති.
Sinhala BJTඤාතිරක්ඛිතා නම්: යම් ස්ත්‍රියක නෑයෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
Pali BJTගොත්තරක්ඛිතා නාම: සගොත්තා රක්ඛන්ති ගොපෙන්ති ඉස්සරියං කාරෙන්ති වසං වත්තෙන්ති.
Sinhala BJTගොත්තරක්ඛිතා නම්: යම් මාගමක සමානගෝත්‍රඇතියෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණීවන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
Pali BJTධම්මරක්ඛිතා නාම: සහධම්මිකා රක්ඛන්ති ගොපෙන්ති ඉස්සරියං කාරෙන්ති වසං වත්තෙන්ති.
Sinhala BJTධම්මරක්ඛිතා නම්: යම් මාගමක සහදැමියෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණීවන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
Pali BJTසාරක්ඛා නාම: ගබ්භෙපි පරිග්ගහිතා හොති ‘මය්හං එසා’ති. අන්තමසො මාලාගුණපරික්ඛිත්තාපි.
Sinhala BJTසාරක්ඛා නම්: යම් මාගමක ගැබෙහි දී ම ‘මෝ මට අයත්වන්නී ය’යි වෙන් කොට ගන්නා ලද්දියක් වෙයි ද, යටත් පිරිසෙයින් මල්දමකින් පිරිකෙවු කරණ ලද්දී වෙයි ද, (ඕ තොමෝ යි.)
Pali BJTසපරිදණ්ඩා නාම: කෙහිචි දණ්ඩො ඨපිතො හොති ‘යො ඉත්ථන්නාමං ඉත්ථිං ගච්ඡති එත්තකො දණ්ඩො’ති.
Sinhala BJTසපරිදණ්ඩා නම්: කිසිවකු විසින් “යමෙක් මෙනම් ස්ත්‍රිය කරා යේ නම් මෙ පමණ දඩ ය”යි යම් මාගමක ඇරැබ දඩ තබන ලද්දේ වෙයි ද (ඕ තොමෝ යි.)
Pali BJTධනක්කීතා නාම: ධනෙන කිණිත්වා වාසෙති.
Sinhala BJTධනක්කීතා නම්: ධනයෙන් පෙරළා ගෙණ වාසය කරවයි ද (ඕ තොමෝ යි)
Pali BJTඡන්දවාසිනී නාම: පියො පියං වාසෙති.
Sinhala BJTඡන්‍දවාසිනී නම්: ප්‍රියයෙක් යම් ප්‍රියාවක වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
Pali BJTභොගවාසිනී නාම: භොගං දත්වා වාසෙති.
Sinhala BJTභෝගවාසිනී නම්: යම් මාගමක භොග දී වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
Pali BJTපටවාසිනී නාම: පටං දත්වා වාසෙති.
Sinhala BJTපටවාසිනී නම්: යම් මාගමක පිළි දී වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
Pali BJTඔදපත්තකිනී නාම: උදකපත්තං ආමසිත්වා වාසෙති.
Sinhala BJTඔදපත්තකිනී නම්: යම් මාගමක දිය බඳුනක අත එව (ඒ හා සමව) වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
Pali BJTඔභතචුම්බටා{1} නාම: චුම්බටං ඔරොපෙත්වා වාසෙති.
Sinhala BJTඔහතචුම්බටා නම්: යම් මාගමක සුඹුළුව පහකොට තමා වෙත වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
Pali BJTදාසී නාම: දාසී චෙව හොති භරියා ච.
Sinhala BJTදාසී නම්: යමක් දැස්ස වූවා බිරිය ද වෙයි.
Pali BJTකම්මකාරී නාම: කම්මකාරී චෙව හොති භරියා ච.
Sinhala BJTකම්මකාරී නම්: යම් මාගමක් මිඩියක් වූවා බිරිය වෙයි ද (ඕ තොමෝ යි.)
Pali BJTධජාහටා නාම: කරමරානීතා වුච්චති.
Sinhala BJTධජාහටා නම්: බලාත්කාරයෙන් ගෙණෙන ලද්දී කියනු ලැබේ.
Pali BJTමුහුත්තිකා නාම: තඞ්ඛණිකා වුච්චති.
Sinhala BJTමුහුත්තිකා නම්: එකෙණෙහි කැඳවා ගන්නා ලද ස්ත්‍රිය කියනු ලැබේ.
Pali BJTනික්ඛෙපපදානි.
Sinhala BJTනික්‍ෂේපපදයෝ යි.
Pali BJT1. පුරිසො භික්ඛුං පහිණාතිං{2}: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT1. පුරුෂයෙක් මහණකු යවයි: “වහන්ස, යනු මැනව. මෙ නම් ඇති මාතුරක්ඛිතාවට මෙ නම් ඇත්තහුට මිලදී ගත් බිරිඳ වෙවයි කියව” යි පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT2. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං පිතුරක්ඛිතං බ්රූහි -පෙ- මාතාපිතුරක්ඛිතං බ්රූහි -පෙ- භාතුරක්ඛිතං බ්රූහි -පෙ- භගිනිරක්ඛිතං බ්රූහි -පෙ- ඤාතිරක්ඛිතං බ්රූහි -පෙ- ගොත්තරක්ඛිතං බ්රූහි -පෙ- ධම්මරක්ඛිතං බ්රූහි -පෙ- සාරක්ඛං බ්රූහි -පෙ- සපරිදණ්ඩං බ්රූහි -පෙ- හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT2. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් ඇති පිතුරක්ඛිත ස්ත්‍රියට කියනු මැනව මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට කියනු මැනව” යි මහණකු යවයි ද, භාතුරක්ඛිත ස්ත්‍රියට කියව ... භගිනිරක්ඛිත ස්ත්‍රියට කියව ... ඤාතිරක්ඛිත ස්ත්‍රියට කියව ... ගොත්තරක්ඛිත ස්ත්‍රියට කියව ... ධම්මරක්ඛිත ස්ත්‍රියට කියව ... සාරක්ඛ ස්ත්‍රියට කියව ... සපරිදණ්ඩ ස්ත්‍රියට කියව ... ‘මෙ නම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යාව වෙව’ යි කියව ... පිළිගණියි ද විමසයි ද පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT3. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතඤ්ච පිතුරක්ඛිතඤ්ච බ්රූහි “හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT3. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් මාතුරක්ඛිත ස්ත්‍රියට ද, පිතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව: ‘මෙ නම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි මහණකු යවයි ද, හෙතෙම එය පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT4. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතඤ්ච මාතාපිතුරක්ඛිතඤ්ච -පෙ- මාතුරක්ඛිතඤ්ච භාතුරක්ඛිතඤ්ච -පෙ- මාතුරක්ඛිතඤ්ච භගිනිරක්ඛිතඤ්ච -පෙ- මාතුරක්ඛිතං ච ඤාතිරක්ඛිතඤ්ච -පෙ- මාතුරක්ඛිතඤ්ච ගොත්තරක්ඛිතඤ්ච -පෙ- මාතුරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච -පෙ- මාතුරක්ඛිතඤ්ච සාරක්ඛඤ්ච -පෙ- මාතුරක්ඛිතඤ්ච සපරිදණ්ඩඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT4. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙ නම් මාතුරක්ඛිත ස්ත්‍රියට ද පිතුරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද භාතුරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද භගිනිරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද ඤාතිරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද ගොත්තරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද, ධම්මරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද, සාරක්ඛ ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද, සපරිදණ්ඩ ස්ත්‍රියට ද කියව: “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඛණ්ඩචක්කං.
Sinhala BJTඛණ්ඩචක්‍රය යි.
Pali BJT5. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං පිතුරක්ඛිතඤ්ච මාතාපිතුරක්ඛිතඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT5. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙ නම් පිතුරක්ඛිත මාතුපිතුරක්ඛිත ස්ත්‍රීන්ට “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි.කියනු මැනව. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT6. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං පිතුරක්ඛිතඤ්ච භාතුරක්ඛිතඤ්ච -පෙ- පිතුරක්ඛිතඤ්ච භගිනිරක්ඛිතඤ්ච -පෙ- පිතුරක්ඛිතඤ්ච ඤාතිරක්ඛිතඤ්ච -පෙ- පිතුරක්ඛිතඤ්ච ගොත්තරක්ඛිතඤ්ච -පෙ- පිතුරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච -පෙ- පිතුරක්ඛිතඤ්ච සාරක්ඛඤ්ච -පෙ- පිතුරක්ඛිතඤ්ච සපරිදණ්ඩඤ්ච බ්රූහි: “හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT6. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද භාතුරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද භගිනිරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද ඤාතිරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද ගොත්තරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද ධම්මරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද සාරක්ඛ ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද සපරිදණ්ඩ ස්ත්‍රියට ද කියනු මැනව: “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT7. පුරිසො භික්ඛුං පහිණාති:- “ගච්ඡ භන්තෙ, ඉත්ථන්නාමං පිතුරක්ඛිතඤ්ච මාතුරක්ඛිතඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT7. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද මාතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව. “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTබද්ධචක්කං.
Sinhala BJTබද්ධචක්‍රය යි.
Pali BJTමූලං සඞ්ඛිත්තං.
Sinhala BJTමූලය සංක්‍ෂිප්තය.
Pali BJT8. පුරිසො භික්ඛුං පහිණාති “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං සපරිදණ්ඩඤ්ච මාතුරක්ඛිතඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා”ති, පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT8. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. “මෙ නම් ඇති සපරිදණ්ඩ ස්ත්‍රියට ද මාතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව. “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව යි” පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT9. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං සපරිදණ්ඩඤ්ච පිතුරක්ඛිතඤ්ච -පෙ- සපරිදණ්ඩඤ්ච මාතාපිතුරක්ඛිතඤ්ච -පෙ- සපරිදණ්ඩඤ්ච භාතුරක්ඛිතඤ්ච -පෙ- සපරිදණ්ඩඤ්ච භගිනිරක්ඛිතඤ්ච -පෙ- සපරිදණ්ඩඤ්ච ඤාතිරක්ඛිතඤ්ච -පෙ- සපරිදණ්ඩඤ්ච ගොත්තරක්ඛිතඤ්ච -පෙ- සපරිදණ්ඩඤ්ච ධම්මරක්ඛිතඤ්ච -පෙ- සපරිදණ්ඩඤ්ච සාරක්ඛඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT9. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් ඇති සපරිදණ්ඩ ස්ත්‍රියට ද පිතුරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද භාතුරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද භගිනිරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද ඤාතිරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද ගොත්තරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද ධම්මරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද සාරක්ඛ ස්ත්‍රියට ද කියනු මැනව: “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඑකමූලකං නිට්ඨිතං.
Sinhala BJTඑකමූලකය නිමි.
Pali BJT10. එවං දුමූලකම්පි තිමූලකම්පි චතුමූලකම්පි පඤ්චමූලකම්පි ඡමූලකම්පි සත්තමූලකම්පි අට්ඨමූලකම්පි නවමූලකම්පි කාතබ්බං.{*}
Sinhala BJT10. දුමූලකය ද තිමූලකය ද චතුමූලකය ද පඤ්චමූලකය ද ඡමූලකය ද සත්තමූලකය ද අට්ඨමූලකය ද නවමූලකය ද මෙසේ කටයුතුයි.
Pali BJTඉදං දසමූලකං:
Sinhala BJTමේ දසමූලකය යි:
Pali BJT11. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතඤ්ච පිතුරක්ඛිතඤ්ච මාතාපිතුරක්ඛිතඤ්ච භාතුරක්ඛිතඤ්ච භගිනිරක්ඛිතඤ්ච ඤාතිරක්ඛිතඤ්ච ගොත්තරක්ඛිතඤ්ච ධම්මරක්ඛිතඤ්ච සාරක්ඛඤ්ච සපරිදණ්ඩඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො ධනක්කීතා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT11. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් ඇති මාතුරක්ඛිත ස්ත්‍රියට ද, පිතුරක්ඛිත ස්ත්‍රියට ද, මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට ද, භාතුරක්ඛිත ස්ත්‍රියට ද, භගිනිරක්ඛිත ස්ත්‍රියට ද, ඤාතිරක්ඛිත ස්ත්‍රියට ද, ගොත්තරක්ඛිත ස්ත්‍රියට ද, ධම්මරක්ඛිත ස්ත්‍රියට ද, සාරක්ඛ ස්ත්‍රියට ද, සපරිදණ්ඩ ස්ත්‍රියට ද කියනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTධනක්කීතාචක්කං{1} නිට්ඨිතං.
Sinhala BJTධනක්කීතචක්‍රය නිමි.
Pali BJT12. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතං බ්රූහි: හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා ඡන්දවාසිනී -පෙ- භොගවාසිනී -පෙ- පටවාසිනී -පෙ- ඔදපත්තකිනී -පෙ- ඔභතචුම්බටා -පෙ- දාසී ච භරියා ච -පෙ- කම්මකාරී ච භරියා ච -පෙ- ධජාහටා -පෙ- මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති. ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT12. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් මාතුරක්ඛිත ස්ත්‍රියට කියනු මැනව. ‘මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී භාර්‍ය්‍යා වව’යි ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඔහට චුම්බටා ... දස්සක් ද, භාර්‍ය්‍යාවක් ද, මිඩියක් ද, භාර්‍ය්‍යාවක් ද, ධජාහටා ... මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT13. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං පිතුරක්ඛිතං බ්රූහි -පෙ- මාතාපිතුරක්ඛිතං බ්රූහි -පෙ- භාතුරක්ඛිතං බ්රූහි -පෙ- භගිනිරක්ඛිතං බ්රූහි -පෙ- ඤාතිරක්ඛිතං බ්රූහි -පෙ- ගොත්තරක්ඛිතං බ්රූහි -පෙ- ධම්මරක්ඛිතං බ්රූහි -පෙ- සාරක්ඛං බ්රූහි -පෙ- සපරිදණ්ඩං බ්රූහි: හොහි කිර ඉත්ථන්නාමස්ස භරියා මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT13. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට කියව. ... මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට කියව. ... භාතුරක්ඛිත ස්ත්‍රියට කියව. භගිනිරක්ඛිත ස්ත්‍රියට කියව, ... ඤාතිරක්ඛිත ස්ත්‍රියට කියව. ... ගොත්තරක්ඛිත ස්ත්‍රියට කියව. ... ධම්මරක්ඛිත ස්ත්‍රියට කියව. ... සාරක්ඛ ස්ත්‍රියට කියව. ... සපරිදණ්ඩ ස්ත්‍රියට කියනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTනික්ඛෙපපදානි.
Sinhala BJTනිඃක්‍ෂේපපදයෝ යි.
Pali BJT14. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතඤ්ච පිතුරක්ඛිතඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT14. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් මාතුරක්ඛිත ස්ත්‍රියට ද, පිතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා, වව” යි පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT15. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං මාතුරක්ඛිතඤ්ච මාතාපිතුරක්ඛිතඤ්ච -පෙ- මාතුරක්ඛිතඤ්ච සපරිදණ්ඩඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT15. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් මාතුරක්ඛිත ස්ත්‍රියට ද, මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට ද ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද, සපරිදණ්ඩ ස්ත්‍රියට ද කියනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTඛණ්ඩචක්කං නිට්ඨිතං
Sinhala BJTඛණ්ඩචක්‍රය නිමි.
Pali BJT16. පුරිසො භික්ඛුං පහිණාති: ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං පිතුරක්ඛිතඤ්ච මාතාපිතුරක්ඛිතඤ්ච බ්රූහි: “හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT16. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද, මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT17. පුරිසො භික්ඛුං පහිණාති: “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං පිතුරක්ඛිතඤ්ච භාතුරක්ඛිතඤ්ච -පෙ- පිතුරක්ඛිතඤ්ච සපරිදණ්ඩඤ්ච බ්රූහි: “හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT17. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස ... යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද භාතුරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද සපරිදණ්ඩ ස්ත්‍රියට ද, කියව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි. පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJT18. පුරිසො භික්ඛුං පහිණාති, “ගච්ඡ භන්තෙ ඉත්ථන්නාමං පිතුරක්ඛිතඤ්ච මාතුරක්ඛිතඤ්ච බ්රූහි: හොථ කිර ඉත්ථන්නාමස්ස භරියායො මුහුත්තිකා”ති. පතිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT18. “වහන්ස යනු මැනව. මෙනම් තැනැත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව”යී මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද මාතුරක්ඛිත ස්ත්‍රියට ද කියන්නැ” යි පුරුෂයෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
Pali BJTබද්ධචක්කං.
Sinhala BJTබද්ධචක්‍රය යි.