Pali BJTවිනීතවත්ථු
Sinhala BJTවිනිශ්චිතවස්තු
Pali BJTඋද්දානගාථා:
Sinhala BJTඋද්දානගාථා:
Pali BJTමාතා ධීතා ච භගිනී ච ජායා යක්ඛී ච පණ්ඩකො, සුත්තා මතා තිරච්ඡානා දාරුධීතලිකාය ච.
Sinhala BJTමාතු ධීතු භගිනි වත්‍ථුය, ජායා යක්ඛී පණ්ඩක වත්‍ථුය, සුත්ත මත තිරච්ඡානගත වත්‍ථුය, දාරුධීතලික වත්‍ථුය,
Pali BJTසම්පීළෙ සඞ්කමො මග්ගො රුක්ඛො නාවා ච රජ්ජු ච, දණ්ඩො පත්තං පණාමෙසි වන්දෙ වායාමි නච්ඡුපෙති.
Sinhala BJTසමපීළන සංකම මග්ග වත්‍ථුය, රුක්ඛ නාවා රජ්ජු වත්‍ථුය, දණ්ඩ පත්ත පනාමන වන්‍දන නඡුපන වත්‍ථු ය යි විනීතවත්‍ථු විස්සකි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මාතුයා මාතුපෙමෙන ආමසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- කච්චි නු ඛො අහං සඞ්ඝාදිසෙසං ආපත්තිං ආපන්නො’ති. භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (1)
Sinhala BJT1. එසමයෙහි එක්තරා මහණෙක් මාතෘප්‍රේමයෙන් මවගේ සිරුර අත ගෑ ය. ඔහුට කුකුස් විය. ... කිම? මම සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දැ?”යි භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කෙළේ ය. ... “මහණ සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ධීතුයා ධීතුපෙමෙන ආමසි -පෙ- භගිනියා භගිනිපෙමෙන ආමසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (2-3)
Sinhala BJT2. එසමයෙහි එක්තරා මහණෙක් දුහිතෘප්‍රෙමයෙන් දුවගේ සිරුර අත ගෑ ය. ... භගිනි ප්‍රේමයෙන් බුහුනනියන්ගේ සිරුර අත ගෑය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (2.3)
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පුරාණදුතියිකාය කායසංසග්ගං සමාපජ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (4)
Sinhala BJT3. එසමයෙහි එක්තරා මහණෙක් ගිහිකල අඹුව හා කායසංසර්‍ගයට සමවනි. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (4)
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු යක්ඛියා{1} කායසංසග්ගං සමාපජ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (5)
Sinhala BJT4. එසමයෙහි එක්තරා මහණෙක් යකින්නක හා කාසසඟයට සමවනි. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (5.)
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පණ්ඩකස්ස කායසංසග්ගං සමාපජ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (6)
Sinhala BJT5. එසමයෙහි එක්තරා මහණෙක් පණ්ඩකයකු හා කාසසඟයට සමවනි. ඒ මහණට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළ සේක. (6.)
Pali BJT6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සුත්තිත්ථියා කායසංසග්ගං සමාපජ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (7)
Sinhala BJT6. එසමයෙහි එක්තරා මහණෙක් නිදන ස්ත්‍රියක හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි”ය යි වදාළ සේක. (7.)
Pali BJT7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මතිත්ථියා කායසංසග්ගං සමාපජ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (8)
Sinhala BJT7. එසමයෙහි එක්තරා මහණෙක් මළ ස්ත්‍රියක හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළ සේක. (8.)
Pali BJT8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු තිරච්ඡානගතිත්ථියා කායසංසග්ගං සමාපජ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (9)
Sinhala BJT8. එසමයෙහි එක්තරා මහණෙක් තිරිසන්ගිය මාගමක හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (9.)
Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දාරුධීතලිකාය කායසංසග්ගං සමාපජ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති දුක්කටස්සා”ති. (10)
Sinhala BJT9. එසමයෙහි එක්තරා මහණෙක් දඬුමුවා පෙතැලිරුවක් හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (10.)
Pali BJT10. තෙන ඛො පන සමයෙන සම්බහුලා ඉත්ථියො අඤ්ඤතරං භික්ඛුං සම්පීළෙත්වා බාහාපරම්පරාය නෙසුං{1}. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “සාදියි ත්වං භික්ඛු”ති. “නාහං භගවා සාදියි”න්ති. “අනාපත්ති භික්ඛූ අසාදියන්තස්සා”ති. (11)
Sinhala BJT10. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු එක්තරා මහණකු පෙළා අතිනතින් පැමිණවූහ. ඒ මහණහට කුකුස් වීය. ... “මහණ, තෝ ඉවසුයෙහි දැ?”යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො ඉවසීම්”යී හේ කීය. “මහණ, නො ඉවසන්නහුට ඇවැත් නො වේ”යී වදාළ සේක. (11.)
Pali BJT11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා අභිරූළ්හං සඞ්කමං සාරත්තො සඤ්චාලෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති දුක්කටස්සා”ති. (12)
Sinhala BJT11. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක නැගුනු ඒදණ්ඩක් සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ”යි වදාළ සේක. (12.)
Pali BJT12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථිං පටිපථෙ පස්සිත්වා සාරත්තො අංසකූටෙන පහාරං අදාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (13)
Sinhala BJT12. එසමයෙහි එක්තරා මහණෙක් පෙරමග ස්ත්‍රියක දැක සංරක්ත වූයේ උරහිසින් පහර දිනි. ඒ මහණහට කුකුස් වීය. ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි”ය යි වදාළ සේක. (13.)
Pali BJT13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා අභිරූළ්හං රුක්ඛං සාරත්තො සඤ්චාලෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (14)
Sinhala BJT13. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක නැගුනු ගසක් සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත්වේ”යි වදාළ සේක. (14.)
Pali BJT14. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා අභිරූළ්හං නාවං සාරත්තො සඤ්චාලෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (15)
Sinhala BJT14. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක නැගුනු ඔරුවක් සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (15.)
Pali BJT15. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා ගහිතං රජ්ජුං සාරත්තො ආවිඤ්ජි{2} තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (16)
Sinhala BJT15. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක ගත් රැහනක්ඇද්දේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලසිඇවැත් වේ”යි වදාළ සේක. (16.)
Pali BJT16. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා ගහිතං දණ්ඩං සාරත්තො ආවිඤ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (17)
Sinhala BJT16. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්තවූයේ ස්ත්‍රියක ගත් දඬුකඩක් ඇද්දේ ය. ඒ මහණහට කුකුස් වීය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (17.)
Pali BJT17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො ඉත්ථිං පත්තෙන පණාමෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (18)
Sinhala BJT17. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක පාත්‍රයෙන් දුරු කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (18.)
Pali BJT18. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා වන්දන්තියා සාරත්තො පාදං උච්චාරෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (19)
Sinhala BJT18. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක වඳින කල්හි පය එසවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (19.)
Pali BJT19. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථිං ගහෙස්සාමීති වායමිත්වා න ඡුපි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති දුක්කටස්සා”ති. (20)
Sinhala BJT19. එසමයෙහි එක්තරා මහණෙක් ස්ත්‍රියක අල්ලා ගණිමි යි වෑයම් කොට ස්පර්‍ශ නො කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (20.)
Pali BJTකාය සංසග්ගසික්ඛාපදං නිට්ඨිතං{3}
Sinhala BJTකායසංසර්‍ග ශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJTදුට්ඨුල්ලවාචාසික්ඛාපදං
Sinhala BJTදුට්ඨුල්ලවාචාශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී අරඤ්ඤෙ විහරති. තස්සායස්මතො විහාරො අභිරූපො හොති දස්සනීයො පාසාදිකො. තෙන ඛො පන සමයෙන සම්බහුලා ඉත්ථියො ආරාමං ආගමංසු විහාරපෙක්ඛිකායො. අථ ඛො තා ඉත්ථියො යෙනා යස්මා උදායී, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොචුං: “ඉච්ඡාම මයං භන්තෙ අය්යස්ස විහාරං පෙක්ඛිතු”න්ති. අථ ඛො ආයස්මා උදායී තා ඉත්ථියො විහාරං පෙක්ඛාපෙත්වා තාසං ඉත්ථීනං වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති. යාචති’පි ආයාචති’පි පුච්ඡති’පි පටිපුච්ඡති’පි, ආචික්ඛති’පි අනුසාසති’පි, අක්කොසති’පි. යා තා ඉත්ථියො ඡින්නිකා ධුත්තිකා අහිරිකායො තා ආයස්මතා උදායිනා සද්ධිං ඌහසන්ති’පි උල්ලපන්ති’පි උජ්ඣග්ඝන්ති’පි උප්පණ්ඩෙන්ති’පි. යා පන තා ඉත්ථියො හිරිමනා තා නික්ඛමිත්වා භික්ඛූ උජ්ඣාපෙන්ති: “ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං, සාමිකෙනපි මයං එවං වුත්තා න ඉච්ඡෙය්යාම, කිමිපනාය්යෙන උදායිනා”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙමේ අරණෙහි වෙසෙයි. ඒ ආයුෂ්මත් උදායී තෙරුන්ගේ විහාරය මනරම් ය. දැකුම්කලු ය. ප්‍රසාද එළවන්නේ ය. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු සෙනස්න බැලියැටි වූවාහු ඒ අරමට පැමිණියාහු ය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ආයුෂ්මත් උදායී තෙරුන් කරා එළඹියාහු ය. එළඹ ආයුෂ්මත් උදායී හට “ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේගේ විහාරය බලන්නට අපි කැමැත්තෙමු”යි කීහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ස්ත්‍රීන්ට විහාරය පෙන්වා ඒ ස්ත්‍රීන්ගේ වසමග පසමග ලක් කොට ගුණ ද කියයි. අගුණ ද කියයි. යදනේත් වෙයි. අයදනේත් වෙයි. විචාරණුයේත් වෙයි. පුළුවුස්නේත් වෙයි. අනුසස්නේත් වෙයි. හවන්නේත් වෙයි. යම් ඒ ස්ත්‍රී කෙනෙක් සුන් ඔතප් ඇත්තෝ සඨ වූවෝ ලජ්ජා නැත්තෝ වෙත් ද, ඔහු ආයුෂ්මත් උදායී තෙරුන් සමග මඳ සිනා පහළ කරන්නෝත් වෙත්. පොළඹවන බස් දොඩන්නෝත් වෙත්. මහ හඬින් සිනා සෙන්නෝ ද වෙත්. පරිහාස ද කෙරෙත්. යම් ඒ ස්ත්‍රී කෙනෙක් ලජ්ජා ඇත්තාහු ද ඔහු නික්ම ‘වහන්ස, මෙය නුසුදුසු ය. යෝග්‍ය නො වෙයි. හිමියා විසිනුදු මෙසේ කියන ලද්දා වූ අපි නො රුස්නෙමු. උදායී ආර්‍ය්‍යයන් වහන්සේ විසින් කියන ලදුමෝ කිම රුස්නමෝ ද?”යි භික්‍ෂූන්ට අවඥා කරත්. යම් ඒ අපිස් මහණහු වෙත් ද ඔහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙමේ මාගමුන්ට වසමග පසමග ඇරැබ තුළුල් තෙපුලින් ඔවස් බෙණේ ද?”යි අවඥා කෙරෙත්. අයුණු කියත්. දොස් පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උදායිං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං උදායී මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසී”ති. “සච්චං, භගවා. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසිස්සසි. නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො, නො සරාගාය -පෙ- කාමපරිළාහානං වූපසමො අක්ඛාතො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවං ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස්කරවා “උදායී, තෝ මාගමට තුළුල් තෙප්ලෙන් ඔවස් බිණූයෙහි සැබෑ ද?”යි ආයුෂ්මත් උදායී තෙරුන් පුළුවුත් සේක. “සැබව, භාග්‍යවතුන් වහන්සැ”යි හේ කීය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වදාරණ සේක්, “හිස් පුරුෂය, නුසුදුසු ය. අනුලොම් නො වෙයි. යෝග්‍ය නො වෙයි. මහණුන්ට නො ගැළපෙන්නෙක. නො කැප ය. නොකටයුත්තක. හිස් පුරුෂය, කවර කරුණකින් තෝ මාගමට තුළුල් තෙප්ලෙන් පහත් ලෙස බිණූයෙහි ද? හිස් පුරුෂය, මා විසින් සරාගය පිණිස නො ව විරාගය පිණිස නන් අයුරින් දහම් දෙසන ලද්දේ නො වේ ද? කාමපරිදාහයන්ගේ සංසිඳීම කියන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පහන් බව පිණිස නො වේ”යි ... ගැරහූ සේක. ඉක්බිති මෙය වදාළ සේක: මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසෙය්ය යථා තං යුවා යුවතිං මෙථුනූපසංහිතාහි, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“යම් මහණෙක් තුළුල් තෙපුල් කියැටි රායෙන් මඩනා ලද්දේ පෙරළි සිතින් මිනිස් මාගමකට වසමග පසමග ඇරැබ මෙවුන්දම් පිළිබඳ තුළුල් තෙප්ලෙන් තරුණයකු තරුණියකට මෙන් ඔවස් බෙණේ නම් ඒ මහණහට සඟවෙසෙස් ඇවැත් වේ.”
Pali BJT3. යො පනා’ති යො යාදිසො -පෙ-
Sinhala BJT3. යෝපන යනු යමෙක්, යම්බඳු වූයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු ... මේ අරුත්හි මේ තෙමේ භික්‍ෂු ය යි අභිමත යි.
Pali BJTඔතිණ්ණො නාම සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
Sinhala BJTඔතිණ්ණ නම්: ඇලුම් ඇත්තේ, අපේක්‍ෂා ඇත්තේ, පිළිබඳ සිතැත්තේ යි.
Pali BJTවිපරිණතන්ති රත්තම්පි චිත්තං විපරිණතං, දුට්ඨම්පි චිත්තං විපරිණතං, මූළ්හම්පි චිත්තං විපරිණතං. අපිච රත්තං චිත්තං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතං විපරිණතන්ති.
Sinhala BJTවිපරිණතං යනු: රාගයෙන් රත් වූ සිත ද විපරිණත ය, ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය, මෝහයෙන් මූඪ වූ සිත ද විපරිණත ය. වැලිත් මේ අර්‍ත්‍ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණතය යි අභිමත යි.
Pali BJTමාතුගාමො නාම: මනුස්සිත්ථි, න යක්ඛී න පෙතී න තිරච්ඡානගතා, විඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්භාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං.
Sinhala BJTමාතුගාම නම්: මිනිස් මාගමකි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් ද නො වෙයි. සුබැසි දුබැසි තුළුල් නොතුළුල් තෙපුල් දැන ගැණීමට සමත් නුවණැති මාගම කි.
Pali BJTදුට්ඨුල්ලා වාචා නාම:වච්චමග්ගපස්සාවමග්ගමෙථුනධම්මප්පටිසංයුත්තා වාචා.
Sinhala BJTදුට්ඨුල්ලවාචා නම්: වසමග පසමග මෙවුන්දම් පිළිබඳ තෙපුල් ය.
Pali BJTඔභාසෙය්යාති අජ්ඣාචාරො වුච්චති.
Sinhala BJTඔහාසෙය්‍ය යනුයෙන් ආචාරව්‍යතික්‍රමය කියනු ලැබේ.
Pali BJTයථා තං යුවා යුවතින්ති දහරො දහරිං තරුණො තරුණිං කාමභොගී කාමභොගිනිං.
Sinhala BJTයථා තං යුවා යුවතිං යනු ගම්දරුවකු ගම්දැරියකට තරුණයකු තරුණියකට කම්සැප විඳින්නකු කම්සැප විඳින්නියකට කථා කරන්නාක් මෙනි.
Pali BJTමෙථුනූපසංහිතාහීති මෙථුනධම්මප්පටිසංයුත්තාහි.
Sinhala BJTමෙථුනූපසංහිතා යනු: මෙවුන්දම් පිළිබඳ තෙපුලින් ය.
Pali BJTසඞ්ඝාදිසෙසො’ති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසො’ති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු ... එයිනුදු සඟවෙසෙස යි කියනු ලැබේ.
Pali BJT4. ද්වෙ මග්ගෙ ආදිස්ස වණ්ණම්පි භණති, අවණ්ණම්පි භණති, යාචති’පි, ආයාචති’පි, පුච්ඡති’පි, පටිපුච්ඡති’පි, ආචික්ඛති’පි, අනුසාසති’පි, අක්කොසති’පි.
Sinhala BJT4. දෙමග ඇරැබ ගුණත් කියයි. අගුණත් කියයි. යදින්නේත් වෙයි. අයදින්නේත් වෙයි. විචාරන්නේත් වෙයි. පුළුවුස්නේත් වෙයි. කියන්නේත් වෙයි. අනුශාසනා කරන්නේත් වෙයි. ආක්‍රෝශ කරන්නේත් වෙයි.
Pali BJTවණ්ණං භණති නාම: ද්වෙ මග්ගෙ ථොමෙති වණ්ණෙති පසංසති.
Sinhala BJTගුණ කියයි යනු: දෙමග ගුණ කියයි. වණයි. පසසයි.
Pali BJTඅවණ්ණං භණති නාම: ද්වෙ මග්ගෙ ඛුංසෙති වම්භෙති ගරහති.
Sinhala BJTඅගුණ කියයි යනු: ගරහයි, අවමන් කෙරෙයි, නින්‍දා කෙරෙයි.
Pali BJTයාචති නාම: දෙහි මෙ අරහසි මෙ දාතුන්ති.
Sinhala BJTයදියි යනු: ‘මට දෙව, මට දීමට සුදුස්සෙහි ය’යි කියයි.
Pali BJTආයාචති නාම: කදා තෙ මාතා පසීදිස්සති, කදා තෙ පිතා පසීදිස්සති, කදා තෙ දෙවතායො පසීදිස්සන්ති, කදා{1} සුඛණො සුලයො සුමුහුත්තො භවිස්සති, කදා තෙ මෙථුනං ධම්මං ලභිස්සාමී{2}ති.
Sinhala BJTඅයදියි යනු: කවරදා තීගේ මවු තුටු වන්නී ද? කවරදා තීගේ පියා තුටු වන්නේ ද? කවරදා තීගේ (ඉටු) දෙවියෝ පහදින්නාහු ද? කවරදා සුබ ක්‍ෂණය, සුබ ලය, සුබ මොහොත වන්නේ ද? කවරදා තිගේ මෙවුන්දම් ලබන්නෙම් ද? යී කියයි.
Pali BJTපුච්ඡති නාම: කථං ත්වං සාමිකස්ස දෙසි{3} කථං ජාරස්ස දෙසී3ති?
Sinhala BJTවිචාරයි යනු: ‘කෙසේ නම් තෝ සැමියාට දෙයි ද? කෙසේ නම් තෝ සොර සැමියාට දෙයි ද? යි ප්‍රශ්න කෙරෙයි.
Pali BJTපටිපුච්ඡති නාම: එවං කිර ත්වං සාමිකස්ස දෙසි{3} එවං ජාරස්ස දෙසී3ති.
Sinhala BJTපිළිවිසියි යනු: ‘මෙසේ තෝ සැමියාට දෙයිල මෙසේ තෝ සොරසැමියාට දෙයිල’යි පිළිවිසියි.
Pali BJTආචික්ඛති නාම: පුට්ඨො භණති “එවං දෙහි, එවං දෙන්තී{4} සාමිකස්ස පියා භවිස්සසි මනාපා චා”ති.
Sinhala BJTකියයි යනු: විචාරන ලද්දේ “මෙසේ දෙව. මෙසේ දෙන්නිය හිමියාට ප්‍රිය ද මන වඩන්නී ද වන්නීය”යි කියයි.
Pali BJTඅනුසාසති නාම: අපුට්ඨො භණති, “එවං දෙන්තී{1} සාමිකස්ස පියා භවිස්සති මනාපා චා”ති.
Sinhala BJTඅනුශාසන කෙරෙයි යනු: නො විචාරණ ලද්දේ “මෙසේ දෙන්නිය සැමියාට ප්‍රිය වන්නී ය, මන වඩන්නීය”යි කියයි.
Pali BJTඅක්කොසති නාම: අනිමිත්තා’සි නිමිත්තමත්තා’සි අලොහිතා’සි ධුවලොහිතා’සි ධුවචොලා’සි පග්ඝරන්තී’සි සිඛරිණී’සි ඉත්ථිපණ්ඩකා’සි වෙපුරිසිකා’සි සම්භින්නා’සි උභතොබ්යඤ්ජනාසීති.
Sinhala BJTආක්‍රෝශ කෙරෙයි යනු: ‘නිමිත්ත නැත්තී වෙහි, නොපිරිපුන් නිමිත්ත ඇත්තී වෙහි, ඔසප් නැත්තී වෙහි, නිති ඔසප් ඇත්තී වෙහි, නිති දරණ පිළි කඩ ඇත්තී වෙහි, මූ වගුරුවන්නී වෙහි, හිවී ගිය මස් ඇත්තී වෙහි, ස්ත්‍රීපණ්ඩක වෙහි, පිරිමි අයුරු ඇත්තී වෙහි, මුසු වූ හදන් ඇත්තී වෙහි, දෙහදන් ඇත්තී වෙහි’යි කියයි.
Pali BJT1. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති යාචති’පි ආයාචති’පි පුච්ඡති’පි පටිපුච්ඡති’පි, ආචික්ඛති’පි, අනුසාසති’පි, අක්කොසති’පි, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස -පෙ-{1}
Sinhala BJT1. ස්ත්‍රියකුදු වෙයි, ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇති ඇලුනු මහණෙකුදු වෙයි, ස්ත්‍රියගේ වසමග පසමග ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද, යදියි ද, අයදියි ද, විචාරයි ද, පිළිවිසියි ද, බෙණෙයි ද, අනුශාසනා කෙරෙයි ද, ආක්‍රෝශ කෙරෙයි ද, සඟවෙසෙස් ඇවැත් වේ. ...
Pali BJT2. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණංපි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං -පෙ-
Sinhala BJT2. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, මහණ තෙම ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද, වෙයි, ස්ත්‍රීන් දෙදෙනාගේ වසමග පසමග ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද සඟවෙසෙස්ඇවැත් දෙකෙකි. ...
Pali BJT3. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ-
Sinhala BJT3. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙම දෙදෙනා පිළිබඳ ව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද, වෙයි, ස්ත්‍රීන් දෙදෙනාගේ වසමග පසමග ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ. ...
Pali BJT4. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ථුල්ලච්චයස්ස -පෙ-
Sinhala BJT4. ස්ත්‍රියකුදු වෙයි, මහණතෙම ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද, වෙයි. ස්ත්‍රියගේ වසමග පසමග හැර අකුඇටින් යට දෙදණ මඩලින් මතු ගුණ කියයි ද, අගුණ කියයි ද, ආක්‍රෝශ කෙරෙයි ද ථුලැසි වේ. ...
Pali BJT5. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං -පෙ-
Sinhala BJT5. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, මහණ තෙම ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ වසමග පසමග හැර අකුඇටින් යට දෙදණ මඩලින් උඩ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි. ...
Pali BJT6. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසතිපි, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස -පෙ-
Sinhala BJT6. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. දෙදෙනාගේ වසමග පසමග හැර අකුඇටින් යට දෙදණ මඩලින් මතු ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
Pali BJT7. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති දුක්කටස්ස -පෙ-
Sinhala BJT7. ස්ත්‍රියක් ද වෙයි, මහණ තෙමේ ‘ස්ත්‍රියක’ යන හැඟීම් ඇත්තේ, ඇලුම් ඇත්තේ ද වෙයි. ස්ත්‍රියගේ අකුඇටින් මතු දෙදණ මඩලින් යට ගුණ කියයි ද, අගුණ කියයි ද, ... ආක්‍රෝශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
Pali BJT8. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT8. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, මහණ තෙමේ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. ස්ත්‍රීන් දෙදෙනාගේ අකුඇටින් මතු දෙදණ මඩලින් යට ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT9. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT9. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳ ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. දෙදෙනාගේ අකුඇටින් මතු දෙදණ මඩලින් යට ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT10. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති දුක්කටස්ස -පෙ-
Sinhala BJT10. ස්ත්‍රියක් ද වෙයි, මහණ තෙමේ ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. ස්ත්‍රියගේ කය පිළිබඳ වූ වස්ත්‍රාදිය ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද, ... ආක්‍රෝශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
Pali BJT11. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT11. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්. මහණ තෙමේ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ ද වෙයි. ඇලුනේ ස්ත්‍රීන් දෙදෙනාගේ කය පිළිබඳ වූ වස්ත්‍රාදිය ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT12. ඉත්ථි ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී, සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති -පෙ- අක්කොසති’පි, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT12. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්. මහණ තෙමේ දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT13. අනාපත්ති අත්ථපුරෙක්ඛාරස්ස, ධම්මපුරෙක්ඛාරස්ස, අනුසාසනීපුරෙක්ඛාරස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT13. ඔවා පෙරටුකොට, දහම් පෙරටු කොට අනුශාසන පෙරටු කොට කියන්නහුටත්, උමතුවූවහුටත් ආදිකර්‍මමිකයාටත් ඇවැත් නො වේ.
Pali BJTවිනීතවත්ථු
Sinhala BJTවිනිශ්චිතවස්තු
Pali BJTඋද්දානගාථා:
Sinhala BJTඋද්දානගාථා:
Pali BJTලොහිතං කක්කසාකිණ්ණං ඛරං දීඝඤ්ච වාපිතං කච්චි සංසීදති{1} මග්ගො සද්ධා දානෙන කම්මුනා’ති.
Sinhala BJTලෝහිත වත්‍ථු, කක්කස ලොම වත්‍ථු, ආකිණ්ණ ලොම වත්‍ථු, ඛර ලොම වත්‍ථු, දීඝ ලොම වත්‍ථු, වාපිත වත්‍ථු, කච්චීසංසීදනමග්ග වත්‍ථු, සද්ධා වත්‍ථු, දාන වත්‍ථු, කම්ම වත්‍ථු, (තුනෙකැ) යි වස්තු දොළසෙකි:
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි නවරත්තං කම්බලං පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “ලොහිතං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි. “ආමය්ය, නවරත්තො කම්බලො”ති. තස්ස කුක්කුච්චං අහොසි. “කච්චි නු ඛො අහං සඞ්ඝාදිසෙසං ආපත්තිං ආපන්නො”ති. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (1)
Sinhala BJT1. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් අලුත රැඳූ කම්බලයක් පෙරෙවියා වෙයි. එක්තරා මහණෙක් සංරක්තවූයේ ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ ලෙය”යි කී ය. ඕ එබස නො දත්තී ‘එසේය, ආර්‍ය්‍යයන් වහන්ස, අලුත රැඳූ කම්බලයකි’යි කිවු ය. මහණහට “කිම, මම් සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දැ?”යි කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි ඛරකම්බලං පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “කක්කසලොමං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි. “ආමය්ය, ඛරකම්බලකො”ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (2)
Sinhala BJT2. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් ගනලොම් කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්තවූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ කැකුළු ලෝමැ”යි කී ය. ඕ තොමෝ එ බස නො දත්තී “ආර්‍ය්‍යයන් වහන්ස, රළු ලොම් කම්බලයෙකි” යි ඕ කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (2)
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි නවාවුතං කම්බලං පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “ආකිණ්ණලොමං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි. “ආමය්ය නවාවුතො කම්බලො”ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (3)
Sinhala BJT3. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් අලුත වියූ කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ ගැවසුනු ලොම් වේ”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය ආර්‍ය්‍යයන් වහන්ස, අලුත වියූ කම්බලයකි” යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (3)
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි ඛරකම්බලං පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “ඛරලොමං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි. “ආමය්ය, ඛරකම්බලකො”ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (4)
Sinhala BJT4. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් අළුලොම් කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ රළු ලෝමැ”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය ආර්‍ය්‍යයන් වහන්ස, කම්බලය රළුලොම් ඇත්තෙකැ”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (4)
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි පාවාරං{1} පාරුතා හොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “දීඝලොමං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි, “ආමය්ය, පාවාරො”{2} ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (5)
Sinhala BJT5. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් උතුරු සළුවක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “නඟ, තිගේ දිග ලොම්ය”යි කී ය. ඕ දැන නොගත්තී ය. “එසේ ය, ආර්‍ය්‍යයන් වහන්ස, උතුරුසළුවකි”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (5)
Pali BJT6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි ඛෙත්තං වපාපෙත්වා ආගච්ඡති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “වාපිතං ඛො තෙ භගිනී”ති. සා න පටිවිජානි “ආමය්ය, නො ච ඛො පටිවුත්ත”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (6)
Sinhala BJT6. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් කෙතක් වපුරවා එයි. එක්තරා මහණෙක් සංරක්ත වූයේ “නඟ, තිගේ කෙත වපුළේ ද?”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය, ආර්‍ය්‍යයන් වහන්ස, වැලිත් නැවත වපුළේ නො වේ ය”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (6)
Pali BJT7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පරිබ්බාජිකං පටිපථෙ පස්සිත්වා සාරත්තො තං පරිබ්බාජිකං එතදවොච: “කච්චි තෙ භගිනි මග්ගො සංසීදතී”ති{3}. සා න පටිවිජානි. “ආම භික්ඛු පටිපජ්ජිස්සසී”ති . තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (7)
Sinhala BJT7. එසමයෙහි එක්තරා මහණෙක් පෙරමග පිරිවැජියක දැක සංරක්ත වූයේ, ඒ පිරිවැජියට “කිම නඟ, තිගේ මග මැනැවින් පවත්නේ ද?”යි ඇසී ය. ඕ නො දත්තී ය. “එසේ ය මහණ, මග බැස යන්නැ”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (7)
Pali BJT8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො අඤ්ඤතරං ඉත්ථිං එතදවොච: “සද්ධා’සි ත්වං භගිනි අපි ච යං ත්වං සාමිකස්ස දෙසි තං නාම්හාකං දෙසී”ති . “කිං භන්තෙ”ති. “මෙථුනං ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (8)
Sinhala BJT8. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ එක්තරා ස්ත්‍රියකට “නඟ, ශ්‍රද්ධා ඇති වෙහි ය. එහෙත් තෝ යමක් හිමියාට දෙයි නම් එය අපට නො දෙහිය”යි කී ය. “වහන්ස, කිමෙක් දැ?”යි ඕ කිවු ය. “මෙවුන්දමය”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (8)
Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො අඤ්ඤතරං ඉත්ථිං එතදවොච: “සද්ධා’සි ත්වං භගිනි. අපි ච යං අග්ගදානං තං නාම්හාකං දෙසී”ති. “කිං භන්තෙ අග්ගදාන”න්ති. “මෙථුන ධම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (9)
Sinhala BJT9. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියකට “නඟ, තෝ සැදැහැවත් ය. වැලිත් යම් අග්‍රදානයෙක් වේ නම් එය අපට නො දෙහිය”යි කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි කිවු ය. “මෙවුන්දමය”යි කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය”යි වදාළ සේක. (9)
Pali BJT10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි කම්මං කරොති. අඤ්ඤතරො භික්ඛු සාරත්තො තං ඉත්ථිං එතදවොච: “තිට්ඨ භගිනි අහං කරිස්සාමී”ති -පෙ- “නිසීද භගිනි අහං කරිස්සාමී”ති. -පෙ- “නිපජ්ජ භගිනි අහං කරිස්සාමී”ති. සා න පටිවිජානි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (10-11-12)
Sinhala BJT10. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් කිසි කටයුත්තක් කෙරෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “නඟ, සිටුව මම් කරන්නෙමි” ... “නඟ, හිඳුව. මම් කරන්නෙමි” ... “නඟ, වැදහෙව. මම් කරන්නෙමි” යි කී ය. ඕ දැන නො ගත්තී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළා ඇවැත්වේ”යි වදාළ සේක. (10. 11. 12.)
Pali BJTදුට්ඨුල්ලවාචාසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTදුට්ඨුල්ලාවාචාශික්‍ෂාපදය නිමි.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJTඅත්තකාමපාරිචරියසික්ඛාපදං
Sinhala BJTඅත්තකාමපාරිචරියශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී සාවත්ථියං කුලූපගො හොති, බහුකානි කුලානි උපසඞ්කමති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි මතපතිකා අභිරූපා හොති දස්සනීයා පාසාදිකා. අථ ඛො ආයස්මා උදායී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තස්සා ඉත්ථියා නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙමේ සැවැත්නුවර බොහෝ කුලයන් කරා එළඹෙයි. එසමයෙහි සැමියා මළ මනා රූ ඇති දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නාවූ එක්තරා ස්ත්‍රියක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ ඒ ස්ත්‍රියගේ නිවසට එළඹ පැණවූ අස්නෙහි හිඳගත්තේ ය.
Pali BJT2. අථ ඛො සා ඉත්ථි යෙනායස්මා උදායී, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං ඉත්ථිං ආයස්මා උදායී ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි.
Sinhala BJT2. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උදායී වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ ගත්තී ය. එකත්පසෙක හුන් ඒ ස්ත්‍රියට ආයුෂ්මත් උදායි තෙමේ දැහැමි කථාවෙන් දෙලෝවැඩ මනාකොට දැන්වීය. කුශලධර්‍මයන්හි සමාදන් කරවී ය. මැනවින් පැහැද වීය.
Pali BJT3. අථ ඛො සා ඉත්ථි ආයස්මතා උදායිනා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා ආයස්මන්තං උදායිං එතදවොච: “වදෙය්යාථ භන්තෙ යෙන අත්ථො. පටිබලා මයං අය්යස්ස දාතුං යදිදං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජ පරික්ඛාර”න්ති. “න ඛො තෙ භගිනි අම්හාකං දුල්ලභා යදිදං චීවරපිණ්ඩපාතසෙනාසන-ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා. අපි ච යො අම්හාකං දුල්ලභො තං දෙහී”ති. “කිං භන්තෙ”ති “මෙථුන ධම්ම”න්ති. “අත්ථො භන්තෙ”ති “අත්ථො භගිනී”ති. “එහි භන්තෙ”ති ඔවරකං පවිසිත්වා සාටකං නික්ඛිපිත්වා මඤ්චකෙ උත්තානා නිපජ්ජි. අථ ඛො ආයස්මා උදායී යෙන සා ඉත්ථි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා: “කො ඉමං වසලං දුග්ගන්ධං ආමසිස්සතී”ති, නිට්ඨුභිත්වා පක්කාමි.
Sinhala BJT3. ඉක්බිති ආයුෂ්මත් උදායි විසින් දෙලෝවැඩ දක්වන ලද්දාවූ කුශල ධර්‍මයන්හි සමාදන් කරවන ලද්දාවූ උත්සාහවත් කරණ ලද්දාවූ මනා කොට පහදවන ලද්දාවූ ඒ ස්ත්‍රී ආයුෂ්මත් උදායීහට “වහන්ස, යමකින් ප්‍රයෝජන නම් එය මට කියනු මැනව. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙය ආර්‍ය්‍යයන් වහන්සේට දීමට සමත් වෙමි”යි කිවු ය. “නඟ, මේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන යමෙක් වේ ද, ඒ අපට දුලබ නො වෙයි. වැලි දු අපට යමක් දුලබ නම් එය දෙව”යි හේ කී ය. “වහන්ස, කිමැ”යි ඕ ඇසූ ය. “මෙවුන්දම”යි හේ කී ය. “වහන්ස, එයට කැමති දැ?”යි ඕ ඇසූ ය. “නඟ, කැමැත්තෙමි”යි හේ කී ය. “වහන්ස, එනු මැනවැ”යි ලගිනාගෙට පිවිස සළුව මුදා ඇඳෙහි උඩුකුරු ව හොත්තී ය. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ ඇය වෙත පැමිණ “කවරෙක් නම් මල වැහෙන දුගඳ මැය ආමර්‍ශනය කරන්නේ දැ?”යි කෙළ ගසා ඉවත් ව ගියේ ය.
Pali BJT4. අථ ඛො සා ඉත්ථි උජ්ඣායති ඛීයති විපාචෙති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා මුසාවාදිනො. ඉමෙහි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං. නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං. නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං? කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා. අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. කථං හි නාම සමණො උදායී මං සාමං මෙථුනං ධම්මං යාචිත්වා ‘කො ඉමං වසලං දුග්ගන්ධං ආමසිස්සතී’ති නිට්ඨුභිත්වා පක්කමිස්සති? කිං මෙ පාපකං? කිං මෙ දුග්ගන්ධං? කස්සාහං? කෙන හායාමී?”ති
Sinhala BJT4. ඉක්බිති ඒ ස්ත්‍රිය අවමන් කරයි. අයුණු කියයි. දොස් පතුරුවයි. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය. දුශ්ශීලයෝ ය. මුසාවාදිහු ය. මොහු “තුමූ ධර්‍මචාරීහු ය යි සමාචාරීහු ය යි බ්‍රහ්මචාරීහුය යි සත්‍යවාදීහු ය යි සිල්වත්හු ය යි කලණ දහම් ඇත්තෝ ය යි පිළිණ කෙරෙත්. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද? මොවුන්ට බමුණුකමෙක් කොයින් ද? මොහු මහණකමින් පහ වූවෝ ය. මොවුහු බමුණු කමින් පහ වූවෝ ය. කවර කරුණකින් උදායී මහණ තෙමේ ම මා මෙවුන්දමින් යැද “කවරෙක් මළ වැහෙන දුගඳ වූ මැය ආමර්‍ශනය කරන්නේ දැ?”යි “කෙළ ගසා යන්නේ ද?” “මගේ කුමක් ලාමක ද? මගේ කුමක් දුගඳ ද? මම කිනම් ස්ත්‍රියකට කෙබඳු අලඞ්කාරයකින් පිරිහෙම් ද?”යි කිවු ය.
Pali BJT5. අඤ්ඤාපි ඉත්ථියො උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා -පෙ- කථං හි නාම සමණො උදායී ඉමිස්සා සාමං මෙථුනං ධම්මං යාචිත්වා කො ඉමං වසලං දුග්ගන්ධං ආමසිස්සතීති නිට්ඨුභිත්වා පක්කමිස්සති? කිං ඉමිස්සා පාපකං? කිං ඉමිස්සා දුග්ගන්ධං? කස්සායං? කෙන හායතී?”ති.
Sinhala BJT5. අනෙක් ස්ත්‍රීහු ද “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහුය ... අයුණු කියත්. නුගුණ පතුරුවත්. කවර හෙයකින් උදායි මහණ තෙමේ මැයගෙන් තෙමේ ම මෙවුන්දම් යැද කවරෙක් මළ වගුරණ දුගඳ වූ මැය ආමර්‍ශනය කරන්නේ දැ?යි කෙළ ගසා යන්නේ ද? මැගේ කුමක් ලාමක ද? මැගේ කුමක් දුගඳ ද? මෝ තොමෝ කිනම් ස්ත්‍රියකට කිනම් අලංකාරයකින් පිරිහේ ද?” යනුයි.
Pali BJT6. අස්සොසුං ඛො භික්ඛූ තාසං ඉත්ථීනං උජ්ඣායන්තීනං ඛීයන්තීනං විපාචෙන්තීනං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසිස්සතී”ති.
Sinhala BJT6. භික්‍ෂූහු අවමන් කරන්නාවූ අයුණු කියන්නා වූ නුගුණ පතුරුවන්නාවූ ඒ ස්ත්‍රීන්ගේ කථාව ඇසූහ. යම් අල්පේච්ඡ භික්‍ෂූහු වූවාහු ද ඔහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්. “කවර කරුණකින් ආයුෂ්මත් උදායි තෙමේ ස්ත්‍රියක ලඟ තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියන්නේ ද?”
Pali BJT7. අථ ඛො තෙ භික්ඛූ{1} භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උදායිං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං උදායී මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසසී”ති. “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිස අනනුලොමිකං අප්පති රූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසිස්සසි? නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය -පෙ- කාමපරිළාහානං වූපසමො අක්ඛාතො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT7. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස්කරවා. “උදායි, තෝ ස්ත්‍රියක ලඟ තමහට මෙවුන්දම් සෙවුමෙහි අනුසස් කීයෙහි යනු සැබෑ දැ?”යි ආයුෂ්මත් උදායින් විචාළසේක. “සැබව, භාග්‍යවතුන් වහන්ස”යි හේ කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ, “හිස්පුරුෂය, නුසුදුස්සෙකි. අනුලොම් නොවූවකි. මහණකමට නොසුදුස්සෙකි. නොකැපයෙකි. නොකටයුත්තකි. හිස් පුරුෂය, තෝ කෙසේ නම් මාගම ලඟ තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කිවුයෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් අයුරින් සරාගය පිණිස නොව විරාගය පිණිස දහම් දෙසන ලද්දේ නොවේ ද? ... කාමදාහයන් සංසිඳුවීම දෙසන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසෙය්ය: එතදග්ගං භගිනි, පාරිචරියානං යා මාදිසං සීලවන්තං කල්යාණධම්මං බ්රහ්මචාරිං එතෙන ධම්මෙන පරිචරෙය්යාති මෙථුනූපසංහිතෙන, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“යම් මහණෙක් අත්තකාමපාරිචරියා රාගයට බටුයේ පෙරළී ගිය සිතින් මිනිස් මාගමක සමීපයෙහි යම් ස්ත්‍රියක් සිල්වත් වූ කලණ දහම් ඇති බඹසර ඇති මා වැන්නක්හු මේ මෙවුන්දමින් අභිරමණය කරවා නම් මෙය පාරිචරියාවන් අතුරෙන් අග්‍රයයි මෛථුනෝපනිඃශ්‍රිත වචනයෙන් තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියා ද, ඒ මහණහට සඟවෙසෙස්ඇවැත් වේ.”
Pali BJT8. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT8. යෝපන යනු යමෙක් යම්බඳුවෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූ’ති.
Sinhala BJTභික්ඛු යනු ... මේ අර්‍ත්‍ථයෙහි මෙ තෙමේ භික්‍ෂු ය යි අභිමත යි.
Pali BJTඔතිණ්ණො නාම: සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
Sinhala BJTඔතිණ්ණ නම්: මොනවට ඇලුනේ බලාපොරොත්තු සහිත වූයේ පිළිබඳ සිත් ඇත්තේ යි.
Pali BJTවිපරිණතන්ති රත්තම්පි චිත්තං විපරිණත්තං. දුට්ඨම්පි චිත්තං විපරිණතං මූළ්හම්පි චිත්තං විපරිණතං. අපි ච රත්තං චිත්තං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතං විපරිණතන්ති.
Sinhala BJTවිපරිණත නම්: රාගයෙන් රත් වූ සිත ද විපරිණත ය, ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය, මෝහයෙන් මුළා සිත ද විපරිණත ය. වැලිත් මේ අර්‍ත්‍ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණතය යි අභිමත යි.
Pali BJTමාතුගාමො නාම: මනුස්සිත්ථි. න යක්ඛී, න පෙතී, න තිරච්ඡානගතා. විඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්භාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං.
Sinhala BJTමාතුගාම නම්: මිනිස් මාගමකි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගත මාගමක් ද නො වෙයි. සුබැසි දුබැසි තුළුල් නොතුළුල් තෙපුල් දැන ගන්නට සමත් නුවණැත්තියකි.
Pali BJTමාතුගාමස්ස සන්තිකෙ’ති මාතුගාමස්ස සාමන්තා, මාතුගාමස්ස අවිදූරෙ.
Sinhala BJTමාතුගාමස්ස සන්තිකේ යනු මාගම් වෙත, මාගම්හට නුදුරු තැන ය.
Pali BJTඅත්තකාමන්ති අත්තනො කාමං, අත්තනො හෙතුං, අත්තනො අධිප්පායං, අත්තනො පාරිචරියං,
Sinhala BJTඅත්තකාමං යනු තමාගේ කැමැත්ත, තමාගේ හේතුව, තමාගේ අදහස, තමා පිළිබඳ පාරිචර්‍ය්‍යා ය.
Pali BJTඑතදග්ගන්ති එතං අග්ගං එතං සෙට්ඨං එතං මොක්ඛං එතං උත්තමං එතං පවරං.
Sinhala BJTඒතදග්ගං යනු මෙය අග්‍රය, මෙය ශ්‍රේෂ්ඨ ය, මෙය ප්‍රමුඛ ය, මෙය උත්තම ය, මෙය ප්‍රවර ය යන අර්‍ත්‍ථ යි.
Pali BJTයා’ති ඛත්තියා{2} වා බ්රාහ්මණී වා වෙස්සී වා සුද්දී වා.
Sinhala BJTයා යනු ක්‍ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ වෛශ්‍ය හෝ ශුද්‍ර හෝ ස්ත්‍රීයි.
Pali BJTමාදිසන්ති ඛත්තියං වා බ්රාහ්මණං වා වෙස්සං වා සුද්දං වා.
Sinhala BJTමාදිසං යනු කැතකු හෝ බමුණකු හෝ වෙළෙඳෙකු හෝ සුදුරකු හෝ.
Pali BJTසීලවන්තන්ති පාණාතිපාතා පටිවිරතං, අදින්නාදානා පටිවිරතං, මුසාවාදා පටිවිරතං.
Sinhala BJTසීලවන්තං යනු: පණිවායෙන් තොර වූ අයිනාදනින් තොර වූ මුසවායෙන් තොර වූ එකක්හු ය.
Pali BJTබ්රහ්මචාරින්ති මෙථුනධම්මා පටිවිරතං.
Sinhala BJTබ්‍රහ්මචාරිං යනු: මෙවුන්දමින් තොරවූවකු ය.
Pali BJTකල්යාණධම්මො නාම: තෙන ච සීලෙන තෙන ච බ්රහ්මචරියෙන කල්යාණධම්මො හොති.
Sinhala BJTකල්‍යාණධම්ම නම්: ඒ ශීලයෙන් ද ඒ බඹසරින් ද කලණදහම් ඇත්තෙක් වෙයි.
Pali BJTඑතෙන ධම්මෙනාති මෙථුනධම්මෙන.
Sinhala BJTඑතෙන ධම්මෙන යනු: මෙවුන්දමින් ය.