Pali BJT5. අස්සොසුං ඛො භික්ඛූ තස්ස බ්රාහ්මණස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායී මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජිස්සතී”ති.
Sinhala BJT5. අවමන් කරණ අයුණු කියන දොස් පතුරවන ඒ බමුණාගේ තෙපුල් භික්‍ෂූහු ඇසූහ. යම් ඒ අල්පේච්ඡ භික්‍ෂූහු වෙද්ද ඔහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙමේ මාගමක හා කාසසඟට පැමිණියේදැ?”යි අවමන් කරත්. අයුණු කියත්. නුගුණ පතුරවත්.
Pali BJT6. අථ ඛො තෙ භික්ඛූ{3} භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං උදායිං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං උදායි මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජි”ති{4}. “සච්චං භගවා”ති. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං{5}, මොඝපුරිස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජිස්සසි. නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය -පෙ- කාමපරිළාහානං වූපසමො අක්ඛාතො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT6. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් උදායිගෙන් විචාළහ. “උදායී, තෝ මාගමක හා කාසසඟට පැමිණියෙහි ය යනු සැබෑ දැ”යි අසා වදාළ සේක. “සැබෑව, භාග්‍යවතුන් වහන්ස”යි ආයුෂ්මත් උදායී කීය. “හිස් පුරුෂය, නුසුදුසු ය. අනුලොම් නො වේ. යෝග්‍ය නො වේ. මහණුන්ට නො සරුප් ය. නො කැප ය. මහණකු විසින් නොකට යුතු ය. “හිස් පුරුෂය, තෝ කෙසේ නම් මාගමක හා කාසසඟට සමවන්නෙහි ද? හිස් පුරුෂය, ඇලීම පිණිස නො ව නො ඇලීම පිණිස මා විසින් නන් අයුරින් දහම් දෙසන ලද්දේ නො වේ ද? ... කාමපරිදාහයන් සංසිඳවීම මා විසින් නොයෙක් අයුරින් කියන ලද්දේ නො වේ ද? “හිස් පුරුෂය, මෙය නො පහන්වූවන්ගේ පහන් බව පිණිස නො වන්නේ ය. ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
Pali BJT“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජෙය්ය: හත්ථගාහං වා වෙණිගාහං{6} වා අඤ්ඤතරස්ස වා අඤ්ඤතරස්ස වා අඞ්ගස්ස පරාමසනං, සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“යම් මහණෙක් රාගයට බටුයේ පෙරළී ගිය සිතින් මාගමක හා කාසසඟට පැමිණියේ නම්, අත ගැණීම හෝ කෙහෙ ගැණීම හෝ යම්ම අඟපසඟක් පිරිමැදීම හෝ කෙරේ නම් සඟවෙසෙස් වේ” යනුයි.
Pali BJT7. යො පනාති යො යාදිසො -පෙ-
Sinhala BJT7. යො පන යනු යමෙක්, යම්බඳු වූයෙක් ...
Pali BJTභික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJTභික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු ය යි අදහස් කරණ ලදී.
Pali BJTඔතිණ්ණො නාම: සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
Sinhala BJTඔතිණ්ණ නම්: අතිශයින් ඇලුනේ, බලාපොරොත්තු ඇත්තේ, පිළිබඳ සිත් ඇත්තේ ය.
Pali BJTවිපරිණතන්ති රත්තම්පි චිත්තං විපරිණතං. දුට්ඨම්පි චිත්තං විපරිණතං. මූළ්හම්පි චිත්තං විපරිණතං. අපි ච, රත්තං චිත්තං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතං විපරිණතන්ති.
Sinhala BJTවිපරිණතං යනු රාගයෙන් රත් වූ සිත ද, විපරිණත ය. ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය. මෝහයෙන් මුළා වූ සිත ද විපරිණත ය. එහෙත් මේ අර්‍ත්‍ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණත ය යි අදහස් කරණ ලදී.
Pali BJTමාතුගාමො නාම මනුස්සිත්ථි, න යක්ඛී, න පෙතී, න තිරච්ඡානගතා. අන්තමසො තදහුජාතාපි දාරිකා, පගෙව මහත්තරී.
Sinhala BJTමාතුගාම නම් මිනිස් මාගම ය. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන්ගිය මාගමක් නො වෙයි. යටත් පිරිසෙයින් එදින උපන් දැරි ය. ඇයට වඩා මහත් වූවා කැලැමය. (මුලදීම මාගම් වෙයි.)
Pali BJTසද්ධින්ති එකතො.
Sinhala BJTසද්ධිං යනු එක්ව ය.
Pali BJTකායසංසග්ගං සමාපජ්ජෙය්යාති අජ්ඣාචාරො වුච්චති.
Sinhala BJTකායසංසග්ගං සමාපජ්ජෙය්‍ය යනුයෙන් අධ්‍යාචාරය (ආචාරය ඉක්මවීම) කියනු ලැබේ.
Pali BJTහත්ථො නාම කප්පරං උපාදායං යාව අග්ගනඛා.
Sinhala BJTහත්‍ථ නම් වැළමිට පටන් නිය අගතෙක් ය.
Pali BJTවෙණී නාම සුද්ධකෙසා වා, සුත්තමිස්සා වා, මාලාමිස්සා වා, හිරඤ්ඤමිස්සා වා, සුවණ්ණමිස්සා වා, මුත්තාමිස්සා වා, මණිමිස්සා වා.
Sinhala BJTවේණි නම් හුදු කෙහෙ හෝ, හුයින් මුසු හෝ, මලින් මුසු හෝ, කහවනුයෙන් මුසු හෝ, රන්කූරුයෙන් මුසු හෝ, මුතුවැළින් මුසු හෝ, මණිමාලායෙන් මුසු හෝ යි.
Pali BJTඅඞ්ගං නාම හත්ථඤ්ච වෙණිඤ්ච ඨපෙත්වා අවසෙසං අඞ්ගං නාම.
Sinhala BJTඅඞ්ග නම් අත ද කෙස්වැටිය ද හැර සෙස්ස අඞ්ග නමි.
Pali BJT8. ආමසනා පරාමසනා ඔමසනා උම්මසනා ඔලඞ්ඝනා උල්ලඞ්ඝනා ආකඩ්ඪනා පතිකඩ්ඪනා අභිනිග්ගණ්හනා අභිනිප්පීළනා ගහණං ඡුපනං.
Sinhala BJT8. ආමසනා, පරාමසනා, ඔමසනා, උම්මසනා, ඔලඞ්ඝනා, උල්ලඞ්ඝනා, ආකඩ්ඪනා, පතිකඩ්ඪනා, අභිනිග්ගණ්හනා, අභිනීප්පිළනා, ගහණ, ජුපන යන මේ දත යුතු ය.
Pali BJTආමසනා නාම ආමට්ඨමත්තා.
Sinhala BJTආමසනා නම් ආමර්‍ශන මාත්‍ර ය (අත ගෑම ය.)
Pali BJTපරාමසනා නාම ඉතොචිතො ච සඤ්චොපනා.
Sinhala BJTපරාමසනා නම් ඔබ මොබ පිරිමැදීම ය.
Pali BJTඔමසනා නාම හෙට්ඨා ඔරොපනා.
Sinhala BJTඔමසනා නම් යටට පිරිමැදීම ය.
Pali BJTඋම්මසනා නාම උද්ධං උච්චාරණා.
Sinhala BJTඋම්මසනා නම් උඩට පිරිමැදීම ය.
Pali BJTඔලඞ්ඝනා නාම හෙට්ඨා ඔනමනා.
Sinhala BJTඔලඞ්ඝනා නම් යටට නැමීම ය.
Pali BJTඋල්ලඞ්ඝනා නාම උද්ධං උච්චාරණා.
Sinhala BJTඋල්ලඞ්ඝනා නම් උඩට නැමීම ය.
Pali BJTආකඩ්ඪනා නාම ආවිඤ්ජනා.{1}
Sinhala BJTආකඩ්ඪනා නම් ලංකර ගැණීම (ඇද ගැණීම) ය.
Pali BJTපතිකඩ්ඪනා නාම පතිපනාමනා{2}.
Sinhala BJTපතිකඞ්ඪනා නම් තමන් කරා හරවා ගැණීම ය.
Pali BJTඅභිනිග්ගණ්හනා නාම අඞ්ගං ගහෙත්වා නිප්පීළනා.
Sinhala BJTඅභිනිග්ගණ්හනා නම් අවයවයක් ගෙණ මැඩීම ය.
Pali BJTඅභිනිප්පීළනා නාම කෙනචි සහ නිප්පීළනා.
Sinhala BJTඅභිනිප්පිළනා නම් කිසිවක් හා මැඩීම ය.
Pali BJTගහණං නාම ගහිතමත්තං.
Sinhala BJTගහණ නම් ගැණීම් මාත්‍ර ය.
Pali BJTඡුපනං නාම ඵුට්ඨමත්තං.
Sinhala BJTජුපන නම් ස්පර්‍ශ කිරීම් මාත්‍ර ය.
Pali BJTසඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසො’ති.
Sinhala BJTසඞ්ඝාදිසේසො යනු ... ඒ කරණ කොට ගෙණ ද සඟවෙසෙස් ය යි කියනු ලැබේ.
Pali BJT1. ඉත්ථි ච හොති, ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ඉත්ථියා කායෙන කායං ආමසති පරාමසති ඔමසති උම්මසති ඔලඞ්ඝෙති උල්ලඞ්ඝෙති ආකඩ්ඪති පතිකඩ්ඪති අභිනිග්ගණ්හාති අභිනිප්පීළෙති ගණ්හාති ඡුපති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT1. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේ තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, අවමර්‍ශනය කෙරෙයි ද, උනමර්‍ශනය කෙරෙයි ද, අවලඞ්ඝනය කෙරෙයි ද, උල්ලඞ්ඝනය කෙරෙයි ද, ආකර්‍ෂණය කෙරෙයි ද, ප්‍රතිකර්‍මණය කෙරෙයි ද, අභිනිග්‍රහණය කෙරෙයි ද, අභිනිෂ්පීඩනය කෙරෙයි ද, ග්‍රහණය කෙරෙයි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT2. ඉත්ථී ච හොති වෙමතිකො සාරත්තො ච, භික්ඛු ච නං ඉත්ථියා කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඉත්ථි ච හොති, පණ්ඩකසඤ්ඤී සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඉත්ථි ච හොති, පුරිසසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ඉත්ථියා කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඉත්ථි ච හොති, තිරච්ඡානගතසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ඉත්ථියා කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයස්ස.
Sinhala BJT2. ස්ත්‍රියකුදු වෙයි, සංරක්ත වෙමතියෙකුත් වෙයි, මහණ තෙමේ තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ස්ත්‍රියකුදු වෙයි, පණ්ඩකය යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ස්ත්‍රියකුදු වෙයි, පුරුෂයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ස්ත්‍රියකුදු වෙයි, තිරිසන්ගිය යි හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද ථුලැසිඇවැත් වේ.
Pali BJT3. පණ්ඩකො ච හොති, පණ්ඩකසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං පණ්ඩකස්ස කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයස්ස. පණ්ඩකො ච හොති, වෙමතිකො සාරත්තො ච, භික්ඛු ච නං පණ්ඩකස්ස කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති දුක්කටස්ස. පණ්ඩකො ච හොති පුරිසසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං පණ්ඩකස්ස කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති දුක්කටස්ස. පණ්ඩකො ච හොති තිරච්ඡානගතසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං පණ්ඩකස්ස කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති දුක්කටස්ස. පණ්ඩකො ච හොති ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං පණ්ඩකස්ස කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT3. පණ්ඩකයෙකුදු වෙයි, පණ්ඩක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පණ්ඩකයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. පණ්ඩකයෙකුදු වෙයි, විමති ඇති සංරක්තයෙකුත් වෙයි, මහණ තෙමේත් කයින් පණ්ඩකයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. පණ්ඩකයෙකුදු වෙයි, පුරුෂයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේ තමාගේ කයින් පණ්ඩකයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. පණ්ඩකයෙකුදු වෙයි, තිරිසන්ගතයෙකැ යි හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පණ්ඩකයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. පණ්ඩකයෙකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ.
Pali BJT4. පුරිසො ච හොති, පුරිසසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං පුරිසස්ස කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති දුක්කටස්ස; පුරිසො ච හොති වෙමතිකො -පෙ- පුරිසො ච හොති තිරච්ඡානගතසඤ්ඤී -පෙ- පුරිසො ච හොති, ඉත්ථිසඤ්ඤී -පෙ- පුරිසො ච හොති, පණ්ඩකසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං පුරිසස්ස කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT4. පුරුෂයෙකුදු වෙයි, පුරුෂයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පුරුෂයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. පුරුෂයෙකුදු වෙයි, විමති ඇති ... පුරුෂයෙකුදු වෙයි, තිරිසන් ගතයෙක යන හැඟීම් ඇත්තේත් ... පුරුෂයෙකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේත් ... පුරුෂයෙකුදු වෙයි, පණ්ඩකයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පුරුෂයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරේ ද දුකුළාඇවැත් වේ.
Pali BJT5. තිරච්ඡානගතො ච හොති තිරච්ඡානගතසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං තිරච්ඡානගතස්ස කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති දුක්කටස්ස. තිරච්ඡානගතො ච හොති වෙමතිකො -පෙ- තිරච්ඡානගතො ච හොති, ඉත්ථිසඤ්ඤී -පෙ- තිරච්ඡානගතො ච හොති පණ්ඩකසඤ්ඤී -පෙ- තිරච්ඡානගතො ච හොති, පුරිසසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං තිරච්ඡානගතස්ස කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති දුක්කටස්ස.
Sinhala BJT5. තිරිසන් ගතයෙකුදු වෙයි, තිරිසන් ගතයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් තිරිසන්ගතයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද දුකුළාඇවැත් වේ. තිරිසන්ගතයෙකුදු වෙයි, විමති ඇති ... තිරිසන්ගතයෙකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේත් ... තිරිසන්ගතයකුදු වෙයි, පණ්ඩකයෙක යන හැඟීම් ඇත්තේද වේ, ... තිරිසන්ගතයෙකුදු වෙයි, පුරුෂයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් තිරිසන්ගතයාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ.
Pali BJTඑකමූලකං.
Sinhala BJTඒකමුලකනය නිමි.
Pali BJT1. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං.
Sinhala BJT1. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙති, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස්ඇවැත් දෙකෙකි.
Pali BJT2. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං වෙමතිකො සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං.
Sinhala BJT2. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ විමති ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි.
Pali BJT3. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං පණ්ඩකසඤ්ඤී -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං.
Sinhala BJT3. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ පණ්ඩකය යන හැඟීම් ඇත්තේ ... පුරුෂයෙක යන හැඟීම් ඇත්තේ ... තිරිසනෙක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි.
Pali BJT4. ද්වෙ පණ්ඩකා, ද්වින්නං පණ්ඩකානං පණ්ඩකසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං පණ්ඩකානං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං.
Sinhala BJT4. පණ්ඩකයෝ දෙදෙනෙක් වෙත්, පණ්ඩකයන් දෙදෙනා පිළිබඳ ව පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පණ්ඩකයන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි.
Pali BJT5. ද්වෙ පණ්ඩකා ද්වින්නං පණ්ඩකානං වෙමතිකො -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී -පෙ- ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං පණ්ඩකානං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT5. පණ්ඩකයෝ දෙදෙනෙක් වෙත්, පණ්ඩකයන් දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ ... පුරුෂය යන හැඟීම් ඇත්තේ ... තිරිසන්ගතය යන හැඟීම් ඇත්තේ ... ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පණ්ඩකයන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT6. ද්වෙ පුරිසා, ද්වින්නං පුරිසානං පුරිසසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං පුරිසානං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT6. පුරුෂයෝ දෙදෙනෙක් වෙත්, පුරුෂයන් දෙදෙනා පිළිබඳ ව පුරුෂය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පුරුෂයන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT7. ද්වෙ පුරිසා, ද්වින්නං පුරිසානං වෙමතිකො -පෙ- තිරච්ඡානගතසඤ්ඤී -පෙ- ඉත්ථිසඤ්ඤී -පෙ- පණ්ඩකසඤ්ඤී සාරත්තො ච භික්ඛු ච, නං ද්වින්නං පුරිසානං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT7. පුරුෂයෝ දෙදෙනෙක් වෙත්, පුරුෂයන් දෙදෙනා පිළිබඳව විමති ඇත්තේ ... ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ ... පණ්ඩකයෙක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් පුරුෂයන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT8. ද්වෙ තිරච්ඡානගතා ද්වින්නං තිරච්ඡානගතානං තිරච්ඡානගතසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං තිරච්ඡානගතානං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT8. තිරිසන්නු දෙදෙනෙක් වෙත්, තිරිසනුන් දෙදෙනා පිළිබඳ ව තිරි–සන්නුය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ඒ මහණ තෙමේත් තමාගේ කයින් තිරිසනුන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT9. ද්වෙ තිරච්ඡානගතා ද්වින්නං තිරච්ඡානගතානං වෙමතිකො -පෙ- ඉත්ථිසඤ්ඤී -පෙ- පණ්ඩකසඤ්ඤී -පෙ- පුරිසසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං තිරච්ඡානගතානං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT9. තිරිසන්නු දෙදෙනෙක් වෙත්, තිරිසනුන් දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ ... ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ ... පණ්ඩකයෙක යන හැඟීම් ඇත්තේ ... පුරුෂයෙක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් තිරිසනුන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT10. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJT10. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ.
Pali BJT11. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං වෙමතිකො සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස.
Sinhala BJT11. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව විමති ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසියක් හා දුකුළාඇවැත් වේ.
Pali BJT12. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං පණ්ඩකසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං.
Sinhala BJT12. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ඒ මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි.
Pali BJT13. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං පුරිසසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස.
Sinhala BJT13. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව පුරුෂ ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ඒ මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද ථුලැසි හා දුකුළාඇවැත් වේ.
Pali BJT14. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං තිරච්ඡානගතසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස.
Sinhala BJT14. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ තිරිසන්ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වේ, ඒ මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
Pali BJT15. ඉත්ථී ච පුරිසො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJT15. ස්ත්‍රියකුදු පුරුෂයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ඒ මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ.
Pali BJT16. ඉත්ථී ච පුරිසො ච, උභින්නං වෙමතිකො -පෙ- පණ්ඩකසඤ්ඤී -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස.
Sinhala BJT16. ස්ත්‍රියකුදු පුරුෂයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ ... පණ්ඩකය යන හැඟීම් ඇත්තේ, ... පුරුෂය යන හැඟීම් ඇත්තේ ... තිරිසන් ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
Pali BJT17. ඉත්ථී ච තිරච්ඡානගතො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
Sinhala BJT17. ස්ත්‍රියකුදු තිරිසනෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ස්පර්‍ශ කෙරෙයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ.
Pali BJT18. ඉත්ථී ච තිරච්ඡානගතො ච, උභින්නං වෙමතිකො -පෙ- පණ්ඩකසඤ්ඤී -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස.
Sinhala BJT18. ස්ත්‍රියකුදු තිරිසනෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව විමති ඇත්තේ, ... පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, ... පුරුෂය යන හැඟීම් ඇත්තේ, ... තිරිසන් ය යන හැඟීම් ඇත්තේ, ... සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
Pali BJT19. පණ්ඩකො ච පුරිසො ච, උභින්නං පණ්ඩකසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස.
Sinhala BJT19. පණ්ඩකයෙකුදු පුරුෂයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
Pali BJT20. පණ්ඩකො ච පුරිසො ච, උභින්නං වෙමතිකො -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී -පෙ- ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT20. පණ්ඩකයෙකුදු පුරුෂයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව විමති ඇත්තේ ... පුරුෂ ය යන හැඟීම් ඇත්තේ, ... තිරිසන්ගතය යන හැඟීම් ඇත්තේ, ... ස්ත්‍රී ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT21. පණ්ඩකො ච තිරච්ඡානගතො ච, උභින්නං පණ්ඩකසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස.
Sinhala BJT21. පණ්ඩකයෙකුදු තිරිසනෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳ ව පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ.
Pali BJT22. පණ්ඩකො ච තිරච්ඡානගතො ච, උභින්නං වෙමතිකො -පෙ- පුරිසසඤ්ඤී -පෙ- තිරච්ඡානගතසඤ්ඤී -පෙ- ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT22. පණ්ඩකයෙකුදු තිරිසනෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ, ... පුරුෂ ය යන හැඟීම් ඇත්තේ ... තිරිසන් ය යන හැඟීම් ඇත්තේ ... ස්ත්‍රී ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT23. පුරිසො ච තිරච්ඡානගතො ච, උභින්නං පුරිසසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT23. පුරුෂයෙකුදු තිරිසනෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව පුරුෂ ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT24. පුරිසො ච තිරච්ඡානගතො ච, උභින්නං වෙමතිකො -පෙ- තිරච්ඡානගතසඤ්ඤී -පෙ- ඉත්ථිසඤ්ඤී -පෙ- පණ්ඩකසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං.
Sinhala BJT24. පුරුෂයෙකුදු තිරිසන්ගතයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව විමති ඇත්තේ, ... තිරිසන්ගත ය යන හැඟීම් ඇත්තේ ... ස්ත්‍රී ය යන හැඟීම් ඇත්තේ, ... පණ්ඩක ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJTදුමූලකං නිට්ඨිතං.
Sinhala BJTද්විමූලකය නිමි.
Pali BJT1. ඉත්ථී ච හොති, ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ඉත්ථියා කායෙන කායපටිබද්ධං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයස්ස -පෙ-
Sinhala BJT1. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ...
Pali BJT2. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං කායෙන කායපටිබද්ධං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං -පෙ-
Sinhala BJT2. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රී ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි. ...
Pali BJT3. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායෙන කායපටිබද්ධං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස -පෙ-
Sinhala BJT3. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රී යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
Pali BJT4. ඉත්ථී ච හොති, ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ඉත්ථියා කායපටිබද්ධෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයස්ස -පෙ-
Sinhala BJT4. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි ද, මහණ තෙමේත් තමාගේ කයින් ස්ත්‍රියගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් වේ. ...
Pali BJT5. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං කායපටිබද්ධෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං -පෙ-
Sinhala BJT5. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි. ...
Pali BJT6. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච. භික්ඛු ච නං උභින්නං කායපටිබද්ධෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස -පෙ-
Sinhala BJT6. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
Pali BJT7. ඉත්ථී ච හොති, ඉත්ථිසඤ්ඤී සාරත්තො ච. භික්ඛු ච නං ඉත්ථියා කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති දුක්කටස්ස -පෙ-
Sinhala BJT7. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රී යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් ස්ත්‍රියගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
Pali BJT8. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT8. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT9. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, ආපත්ති ද්වින්නං දුක්කටානං. -පෙ-
Sinhala BJT9. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි ද, මහණ තෙමේත් තමාගේ කය පිළිබඳ වූවකින් දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT10. ඉත්ථී ච හොති ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ඉත්ථියා නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. -පෙ-
Sinhala BJT10. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් තමා විසින් මුදාලූවකින් ස්ත්‍රියගේ කය ආමර්‍ශනය කෙරේ ද දුකුළැඇවැත් වේ. ...
Pali BJT11. ද්වෙ ඉත්ථියො, ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං නිස්සග්ගියෙන කායං ආමසති, ආපත්ති ද්වින්නං දුක්කටානං. -පෙ-
Sinhala BJT11. ස්ත්‍රීහු දෙදෙනෙකුත් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් මුදාලූවකින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළැඇවැත් දෙකෙකි. ...
Pali BJT12. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං නිස්සග්ගියෙන කායං ආමසති, ආපත්ති ද්වින්නං දුක්කටානං. -පෙ-
Sinhala BJT12. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් මුදාලූවකින් දෙදෙනාගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT13. ඉත්ථී ච හොති, ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ඉත්ථියා නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස. -පෙ-
Sinhala BJT13. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් මුදාලූවකින් ස්ත්‍රියගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
Pali BJT14. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ද්වින්නං දුක්කටානං. -පෙ-
Sinhala BJT14. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි ද, මහණ තෙමේත් මුදාලූවකින් ස්ත්‍රීන් දෙදෙනාගේ කය පිළිබඳවූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT15. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ද්වින්නං දුක්කටානං. -පෙ-
Sinhala BJT15. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් මුදාලූවකින් දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT16. ඉත්ථී ච හොති, ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං ඉත්ථියා නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති, ආපත්ති දුක්කටස්ස. -පෙ-
Sinhala BJT16. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් ස්ත්‍රිය පිළිබඳ මුදාලූවකින් මුදාලූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
Pali BJT17. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච. භික්ඛු ච නං ද්වින්නං ඉත්ථීනං නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති, ආපත්ති ද්වින්නං දුක්කටානං. -පෙ-
Sinhala BJT17. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ මුදාලූවකින් මුදාලූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT18. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, භික්ඛු ච නං උභින්නං නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති, ආපත්ති ද්වින්නං දුක්කටානං. -පෙ-
Sinhala BJT18. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, මහණ තෙමේත් දෙදෙනා පිළිබඳ මුදාලූවකින් මුදාලූවක් ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJTභික්ඛුපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTභික්ඛුපෙය්‍යාලය නිමි.
Pali BJT1. ඉත්ථී ච හොති ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථී ච නං භික්ඛුස්ස කායෙන කායං ආමසති පරාමසති ඔමසති උම්මසති ඔලඞ්ඝෙති උල්ලඞ්ඝෙති ආකඩ්ඪති පතිකඩ්ඪති අභිනිග්ගණ්හාති අභිනිප්පීළෙති ගණ්හාති ඡුපති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. -පෙ-
Sinhala BJT1. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රියත් තමාගේ කයින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, අවමර්‍ශනය කෙරෙයි ද, උන්මර්‍ශනය කෙරෙයි ද, අවලඞ්ඝනය කෙරෙයි ද, උල්ලඞ්ඝනය කෙරෙයි ද, ආකර්‍ෂණය කෙරෙයි ද, ප්‍රතිකර්‍ෂණය කෙරෙයි ද, අභිනිග්‍රහණය කෙරෙයි ද, නිෂ්පීඩනය කෙරෙයි ද, ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, සඟවෙසෙස් ඇවැත් වේ. ...
Pali BJT2. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථියො ච නං භික්ඛුස්ස කායෙන කායං ආමසන්ති පරාමසන්ති ඔමසන්ති උම්මසන්ති ඔලඞ්ඝෙන්ති උල්ලඞ්ඝෙන්ති ආකඩ්ඪන්ති පතිකඩ්ඪන්ති අභිනිග්ගණ්හන්ති අභිනිප්පීළෙන්ති ගණ්හන්ති ඡුපන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං සඞ්ඝාදිසෙසානං. -පෙ-
Sinhala BJT2. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහු ද තමාගේ කයින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, අවමර්‍ශනය කෙරෙත් ද, උන්මර්‍ශනය කෙරෙත් ද, අවලඞ්ඝනය කෙරෙත් ද, උල්ලඞ්ඝනය කෙරෙත් ද, ආකර්‍ෂණය කෙරෙත් ද, ප්‍රතිකර්‍ෂණය කෙරෙත් ද, අභිනිග්‍රහණය කෙරෙත් ද, අභිනිෂ්පීඩනය කෙරෙත් ද, ග්‍රහණය කෙරෙත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ තෙම සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කරයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, සඟවෙසෙස් ඇවැත් දෙකෙකි. ...
Pali BJT3. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, උභො ච නං භික්ඛුස්ස කායෙන කායං ආමසන්ති පරාමසන්ති -පෙ- ගණ්හන්ති ඡුපන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස. -පෙ-
Sinhala BJT3. ස්ත්‍රියකුදු පණ්ඩකයකුදු වෙත්, දෙදෙනා පිළිබඳව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, දෙදෙනා තමන්ගේ කයින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ, කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය විඳියි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ. ...
Pali BJT4. ඉත්ථී ච හොති ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථී ච නං භික්ඛුස්ස කායෙන කායපටිබද්ධං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ථුල්ලච්චයස්ස. -පෙ-
Sinhala BJT4. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රිය තමාගේ කයින් මහණහුගේ කය පිළිබඳවූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ තමාගේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසිඇවැත් වේ. ...
Pali BJT5. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථියො ච නං භික්ඛුස්ස කායෙන කායපටිබද්ධං ආමසන්ති පරාමසන්ති -පෙ- ගණ්හන්ති ඡුපන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං -පෙ-
Sinhala BJT5. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රිහුත් තමාගේ කයින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කරත් ද, පරාමර්‍ශනය කරත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ, කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසිඇවැත් දෙකෙකි. ...
Pali BJT6. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, උභො ච නං භික්ඛුස්ස කායෙන කායපටිබද්ධං ආමසන්ති පරාමසන්ති -පෙ- ගණ්හන්ති ඡුපන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස -පෙ-
Sinhala BJT6. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳව ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, දෙදෙනා තමන්ගේ කයින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
Pali BJT7. ඉත්ථී ච හොති ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථී ච නං භික්ඛුස්ස කායපටිබද්ධෙන කායං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ථුල්ලච්චයස්ස -පෙ-
Sinhala BJT7. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රියත් තමාගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසිඇවැත් වේ. ...
Pali BJT8. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථියො ච නං භික්ඛුස්ස කායපටිබද්ධෙන කායං ආමසන්ති පරාමසන්ති -පෙ- ගණ්හන්ති ඡුපන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං ථුල්ලච්චයානං -පෙ-
Sinhala BJT8. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ඒ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහුත් තමන්ගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ තෙම සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසිඇවැත් දෙකෙක් වේ. ...
Pali BJT9. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, උභො ච නං භික්ඛුස්ස කායපටිබද්ධෙන කායං ආමසන්ති පරාමසන්ති -පෙ- ගණ්හන්ති ඡුපන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ථුල්ලච්චයෙන දුක්කටස්ස -පෙ-
Sinhala BJT9. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙම ඒ දෙදෙනා පිළිබඳව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, දෙදෙනා තමන්ගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
Pali BJT10. ඉත්ථී ච හොති ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථී ච නං භික්ඛුස්ස කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති පරාමසති -පෙ- ගණ්හාති ඡුපති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති දුක්කටස්ස -පෙ-
Sinhala BJT10. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, තමාගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, පරාමර්‍ශනය කෙරෙයි ද, ... ගණියි ද, ස්පර්‍ශ කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් වේ. ...
Pali BJT11. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථියො ච නං භික්ඛුස්ස කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසන්ති පරාමසන්ති -පෙ- ගණ්හන්ති ඡුපන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT11. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ඒ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ස්ත්‍රීහු තමන්ගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ තෙම සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT12. ඉත්ථී ච පණ්ඩකො ච උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, උභො ච නං භික්ඛුස්ස කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසන්ති පරාමසන්ති -පෙ- ගණ්හන්ති ඡුපන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT12. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, ඒ දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, දෙදෙනා තමන්ගේ කය පිළිබඳ වූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද, පරාමර්‍ශනය කෙරෙත් ද, ... ගණිත් ද, ස්පර්‍ශ කෙරෙත් ද, මහණ තෙම සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි.
Pali BJT13. ඉත්ථී ච හොති ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථී ච නං භික්ඛුස්ස නිස්සග්ගියෙන කායං ආමසති. සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති දුක්කටස්ස -පෙ-
Sinhala BJT13. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රියක යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ස්ත්‍රිය දමාලූ දෙයින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් වේ. ...
Pali BJT14. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථියො ච නං භික්ඛුස්ස නිස්සග්ගියෙන කායං ආමසන්ති. සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT14. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ඒ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහු ද මුදාලූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, මහණ සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT15. ඉත්ථී ච පණ්ඩකො ච උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, උභො ච නං භික්ඛුස්ස නිස්සග්ගියෙන කායං ආමසන්ති. සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT15. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, ඒ දෙදෙනා පිළිබඳව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, දෙදෙනා මුදාලූවකින් මහණහුගේ කය ආමර්‍ශනය කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT16. ඉත්ථී ච හොති ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථී ච නං භික්ඛුස්ස නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති. සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති දුක්කටස්ස -පෙ-
Sinhala BJT16. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, සංරක්තත් වෙයි, ස්ත්‍රීත් මුදාලූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් වේ. ...
Pali BJT17. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථියො ච නං භික්ඛුස්ස නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසන්ති. සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT17. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහුත් මුදාලූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද, මහණ තෙමේත් සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT18. ඉත්ථී ච පණ්ඩකො ච, උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, උභො ච නං භික්ඛුස්ස නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT18. ස්ත්‍රියකුදු පණ්ඩකයකුදු වෙත්, දෙදෙනා පිළිබඳව ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, දෙදෙන මුදාලූවකින් මහණහුගේ කය පිළිබඳ වූවක් ආමර්‍ශනය කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ, එ මහණත් කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දැන ගණියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT19. ඉත්ථී ච හොති ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථී ච නං භික්ඛුස්ස නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති. සෙවනාධිප්පායො කායෙන වායමති, න ච ඵස්සං පටිවිජානාති, ආපත්ති දුක්කටස්ස -පෙ-
Sinhala BJT19. ස්ත්‍රියක් වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රිය ද මහණහු පිළිබඳ මුදාලූවකින් මුදාලූවක් ආමර්‍ශනය කෙරෙයි ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, පහස නොදනියි ද, දුකුළාඇවැත් වේ. ...
Pali BJT20. ද්වෙ ඉත්ථියො ද්වින්නං ඉත්ථීනං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, ඉත්ථියො ච නං භික්ඛුස්ස නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසන්ති. සෙවනාධිප්පායො කායෙන වායමති, න ච ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT20. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහුය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, ස්ත්‍රීහුත් මුදාලූවකින් මහණහු පිළිබඳ මුදාලූවක් ආමර්‍ශනය කෙරෙත් ද, ඒ මහණ තෙමේ සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය නො ම දනියි ද, දුකුළැඇවැත් දෙකෙකි. ...
Pali BJT21. ඉත්ථී ච පණ්ඩකො ච උභින්නං ඉත්ථිසඤ්ඤී සාරත්තො ච, උභො ච නං භික්ඛුස්ස නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසන්ති, සෙවනාධිප්පායො කායෙන වායමති න ච ඵස්සං පටිවිජානාති, ආපත්ති ද්වින්නං දුක්කටානං -පෙ-
Sinhala BJT21. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, දෙදෙනා පිළිබඳ ව ස්ත්‍රීහු ය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි ද, දෙදෙනා ම මුදාලූවකින් මහණහු පිළිබඳ මුදාලූවක් ආමර්‍ශනය කෙරෙත් ද, සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය නො ම දනියි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
Pali BJT22. සෙවනාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සෙවනාධිප්පායො කායෙන වායමති න ච ඵස්සං පටිවිජානාති, ආපත්ති දුක්කටස්ස. සෙවනාධිප්පායො න ච කායෙන වායමති, ඵස්සං පටිවිජානාති, අනාපත්ති. සෙවනාධිප්පායො න ච කායෙන වායමති න ච ඵස්සං පටිවිජානාති, අනාපත්ති. මොක්ඛාධිප්පායො කායෙන වායමති ඵස්සං පටිවිජානාති, අනාපත්ති. මොක්ඛාධිප්පායො කායෙන වායමති න ච ඵස්සං පටිවිජානාති, අනාපත්ති.{1} මොක්ඛාධිප්පායො න ච කායෙන වායමති ඵස්සං පටිවිජානාති, අනාපත්ති. මොක්ඛාධිප්පායො න ච කායෙන වායමති න ච ඵස්සං පටිවිජානාති, අනාපත්ති.
Sinhala BJT22. සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, ස්පර්‍ශය දනියි ද, සඟවෙසෙස් ඇවැත් වේ. සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, පහස නොම දනියි ද, දුකුළාඇවැත් වේ. සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් නො කෙරෙයි ද, පහස දනියි ද, ඇවැත් නො වේ. සෙවුනා අදහස් ඇත්තේ කයින් වෑයම් නො කෙරෙයි ද, පහස නො ම දනියි ද, ඇවැත් නො වේ. මිදෙන අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, පහස දනියි ද, ඇවැත් නො වේ. මිදෙන අදහස් ඇත්තේ කයින් වෑයම් කෙරෙයි ද, පහස නො ම දනියි ද, ඇවැත් නො වේ. මිදෙන අදහස් ඇත්තේ කයින් වෑයම් නො කෙරෙයි ද, පහස දනියි ද, ඇවැත් නොවේ. මිදෙන අදහස් ඇත්තේ කයින් වෑයම් නො කෙරෙයි ද, පහස නො ම දනියි ද, ඇවැත් නොවේ.
Pali BJT23. අනාපත්ති අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස; අසාදියන්තස්ස, උම්මත්තකස්ස, ඛිත්තචිත්තස්ස, වෙදනට්ටස්ස{2}, ආදිකම්මිකස්සාති.
Sinhala BJT23. නො දැන සිටියහුට ද, නො සිහියෙන් සිටියහුට ද නො දන්නහුට ද නොඉවසන්නහුට ද, උමතු වූවහුට ද, ඛේදයට පැමිණි සිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළුනහුට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නො වේ.