Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT44. ආරොග්යත්ථඤ්ච නීලඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ආරොග්යත්ථඤ්ච සුඛත්ථඤ්ච නීලඤ්ච පීතකඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ආරොග්යත්ථඤ්ච සුඛත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච නීලඤ්ච පීතකඤ්ච ලොහිතකඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. -පෙ- සප්පිවණ්ණං චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT44. ආරෝග්‍යය පිණිස ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද නිල්වන් ද කහවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද බෙහෙත් පිණිස ද නිල්වන් ද කහවන් ද ලේවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ... ගිතෙල්වන් සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඋභතො වඩ්ඪකං එවමෙව වඩ්ඪෙතබ්බං.{1}
Sinhala BJTදෙපසින් වැඩෙන සේ මෙ පරිද්දෙන් පැමිණවිය යුතුයි.
Pali BJT45. ආරොග්යත්ථඤ්ච සුඛත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච දානත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච සග්ගත්ථඤ්ච බීජත්ථඤ්ච වීමංසත්ථඤ්ච දවත්ථඤ්ච නීලඤ්ච පීතකඤ්ච ලොහිතකඤ්ච ඔදාතඤ්ච තක්කවණ්ණඤ්ච දකවණ්ණඤ්ච තෙලවණ්ණඤ්ච ඛීරවණ්ණඤ්ච දධිවණ්ණඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT45. ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද බෙහෙත් පිණිස ද දන් පිණිස ද පින් පිණිස ද යාගය පිණිස ද සග පිණිස ද ගැබ් පිණිස ද විමසුම් පිණිස ද කෙළි පිණිස ද නිල්වන් ද කහවන් ද ලේවන් ද සුදුවන් ද මෝරුවන් ද දියවන් ද තෙල්වන් ද කිරිවන් ද දිහිවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTමිස්සකචක්කං නිට්ඨිතං.
Sinhala BJTමිශ්‍රකචක්‍රය නිමි.
Pali BJT46. නීලං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, පීතකං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. නීලං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති ලොහිතකං -පෙ- ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT46. නිල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කහවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. නිල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ලෙහෙවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඛණ්ඩචක්කං නිට්ඨිතං.
Sinhala BJTඛණ්ඩචක්‍රය නිමි.
Pali BJT47. පීතකං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, ලොහිතකං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පීතකං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං -පෙ- නීලං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT47. කහවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ලේවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. කහවන් ... මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTබද්ධචක්කං
Sinhala BJTබද්ධචක්‍රයයි.
Pali BJTමූලං සංඛිත්තං.
Sinhala BJTමූලය සංක්‍ෂිප්තයි.
Pali BJT48. සප්පිවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, නීලං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සප්පිවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති පීතකං -පෙ- ලොහිතකං -පෙ- ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT48. ගිතෙල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නිල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ගිතෙල්වන් මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTකුච්ඡිචක්කං නිට්ඨිතං.
Sinhala BJTකුච්ඡිචක්‍රය නිමි.
Pali BJT49. පීතකං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, නීලං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ලොහිතකං -පෙ- ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති නීලං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT49. කහවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නිල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නිල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස පඨමං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ පළමුවන ගමන නිමි.
Pali BJT50. ලොහිතකං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, පීතකං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං -පෙ- නීලං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති පීතකං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT50. ලේවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කහවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කහවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස දුතියං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ දෙවන ගමන නිමි.
Pali BJT51. ඔදාතං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති ලොහිතකං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං -පෙ- නීලං -පෙ- පීතකං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති. ලොහිතකං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT51. සුදුවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ලේවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. මෝරුවන් සුකුරු ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් සුකුරු මුදන්නෙමි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ලේවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස තතියං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ තෙවෙනි ගමන නිමි.
Pali BJT52. තක්කවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති ඔදාතං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං -පෙ- නීලං -පෙ- පීතකං -පෙ- ලොහිතකං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, ඔදාතං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT52. මෝරුවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, සුදුවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, සුදුවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස චතුත්ථං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ සිවුවන ගමන නිමි.
Pali BJT53. දකවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, තක්කවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං -පෙ- නීලං -පෙ- පීතකං -පෙ- ලොහිතකං -පෙ- ඔදාතං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති තක්කවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT53. දියවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මෝරුවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. තෙල්වන් ... කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මෝරුවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස පඤ්චමං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ පස්වන ගමන නිමි.
Pali BJT54. තෙලවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, දකවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං -පෙ- නීලං -පෙ- පීතකං -පෙ- ලොහිතකං -පෙ- ඔදාතං -පෙ- තක්කවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති දකවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT54. තෙල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, දියවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. කිරිවන් ... දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, දියවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස ඡට්ඨං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ සවන ගමන නිමි.
Pali BJT55. ඛීරවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති තෙලවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං -පෙ- නීලං -පෙ- පීතකං -පෙ- ලොහිතකං -පෙ- ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති තෙලවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT55. කිරිවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, තෙල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. දිහිවන් ... ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් ... මොහොරුවන් ... දියවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, තෙල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස සත්තමං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ සත්වන ගමන නිමි.
Pali BJT56. දධිවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති ඛීරවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සප්පිවණ්ණං -පෙ- නීලං -පෙ- පීතකං -පෙ- ලොහිතකං -පෙ- ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, ඛීරවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT56. දිහිවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කිරිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ගිතෙල්වන් ... නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, කිරිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස අට්ඨමං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ අටවන ගමන නිමි.
Pali BJT57. සප්පිවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති දධිවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. නීලං -පෙ- පීතකං -පෙ- ලොහිතකං -පෙ- ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති දධිවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT57. ගිතෙල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, දිහිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. නිල්වන් ... කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, දිහිවන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස නවමං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ නවවන ගමන නිමි.
Pali BJT58. නීලං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, සප්පිවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පීතකං -පෙ- ලොහිතකං -පෙ- ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං මොචෙස්සාමීති චෙතෙති උපක්කමති, සප්පිවණ්ණං මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT58. නිල්වන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ගිතෙල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. කහවන් ... ලේවන් ... සුදුවන් ... මෝරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දිහිවන් සුකුරු මුදන්නෙමි යි සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, ගිතෙල්වන් සුකුරු මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපිට්ඨිචක්කස්ස දසමං ගමනං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය පිළිබඳ දසවැනි ගමන නිමි.
Pali BJTපිට්ඨිචක්කං නිට්ඨිතං.
Sinhala BJTපිට්ඨිචක්‍රය නිමි.
Pali BJT59.චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස;
Sinhala BJT59. සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTචෙතෙති උපක්කමති න මුච්චති, ආපත්ති ථුල්ලච්චයස්ස;
Sinhala BJTසිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නො මිදේ නම්, ථුලැසිඇවැත් වේ.
Pali BJTචෙතෙති න උපක්කමති මුච්චති, අනාපත්ති;
Sinhala BJTසිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, මිදෙයි නම්, ඇවැත් නො වේ.
Pali BJTචෙතෙති න උපක්කමති න මුච්චති, අනාපත්ති;
Sinhala BJTසිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.
Pali BJTන චෙතෙති උපක්කමති මුච්චති, අනාපත්ති;
Sinhala BJTනො සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදේ නම්, ඇවැත් නො වේ.
Pali BJTන චෙතෙති උපක්කමති න මුච්චති, අනාපත්ති;
Sinhala BJTනො සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.
Pali BJTන චෙතෙති න උපක්කමති මුච්චති, අනාපත්ති;
Sinhala BJTනො සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, මිදෙයි නම්, ඇවැත් නො වේ.
Pali BJTන චෙතෙති න උපක්කමති න මුච්චති, අනාපත්ති;
Sinhala BJTනො සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.
Pali BJT60. අනාපත්ති සුපිනන්තෙන, න මොචනාධිප්පායස්ස, උම්මත්තකස්ස, ඛිත්තචිත්තස්ස, වෙදනාට්ටස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJT60. සිහිනෙන් ද, නො මුදන අදහස් ඇත්තහුට ද, උමතුවූවහුට ද, වික්‍ෂිප්ත සිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළෙන්නහුට ද, ආදි කර්‍මමිකයාට ද ඇවැත් නො වේ.
Pali BJTවිනීතවත්ථු.
Sinhala BJTවිනිශ්චිත වස්තු
Pali BJTඋද්දානගාථා:
Sinhala BJTඋද්දානගාථා:
Pali BJTසුපිනො උච්චාරපස්සාවො , විතක්කුණ්හොදකෙන ච භෙසජ්ජං කණ්ඩුවං මග්ගො වත්ථිජන්තාඝරං ඌරු{1}.
Sinhala BJTසුපින, උච්චාර, පස්සාව, කාමවිතක්ක, උණ්හොදක, භේසජ්ජ, කණ්ඩුව, මග්ග, වත්‍ථි, ජන්තාඝර, ඌරු යන වස්තුහු ද.
Pali BJTසාමණෙරො ච සුත්තො ච ඌරු මුට්ඨිනා පීළයි ආකාසෙ ථම්භං නිජ්ඣායි ඡිද්දං කට්ඨෙන ඝට්ටයී.
Sinhala BJTසාමණේර, සුත්තසාමණේර, ඌරු, මුට්ඨිපීළන, ආකාසකටිකම්පන,කායත්‍ථම්භ, උපනිජ්ඣාන, තාලච්ඡිද්ද, කට්ඨඝට්ටන, වස්තූහු ද.
Pali BJTසොතෙ{2} උදඤ්ජලං ධාවං පුප්ඵාවලියපොක්ඛරං{3} වාලිකා කද්දමුස්සෙකො සයනඞ්ගුට්ඨකෙන චාති.
Sinhala BJTපටිසෝතනහායන, උදඤ්ජල, උදකධාවන, පුප්ඵාවලි, පොක්ඛරවන, වාලිකා, කද්දම, උස්සෙක, සයන, අඞ්ගුට්ඨික යන වස්තූහු දැ යි විනීත වස්තු සම සැත්තෑවකි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො සුපිනන්තෙන අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි.{4} කච්චි නු ඛො අහං සඞ්ඝාදිසෙසං ආපත්තිං ආපන්නො’ති? අථ ඛො සො භික්ඛු{5} භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “අනාපත්ති භික්ඛු සුපිනන්තෙනා”ති. (1)
Sinhala BJT1. එසමයෙහි එක්තරා මහණකුට සිහිනෙන් සුකුරු මිදිනි. කිම? මම සඟවෙසෙස් ඇවැතට අවන්නෙම් දෝයි ඒ මහණහට කුකුස් උපනි. ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, සිහිනෙන් ඇවැත් නො වේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. (1)
Pali BJT2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො උච්චාරං කරොන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසි. “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”ති. “නාහං භගවා මොචනාධිප්පායො”ති. “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (2)
Sinhala BJT2. එසමයෙහි එක්තරා මල පහ කරණ මහණකුට සුකුරු මිදිනි. ඒ මහණහට කුකුස් උපනි. ... භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, තෝ කෙබඳු සිතැති වූයෙහිදැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො මුදන රිසිවීමි”යි හේ කීය. “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (2)
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පස්සාවං කරොන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (3)
Sinhala BJT3. එසමයෙහි සුළුවටන් කරණ, එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (3)
Pali BJT4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කාමවිතක්කං විතක්කෙන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු විතක්කෙන්තස්සා”ති.
Sinhala BJT4. එසමයෙහි කාමවිතර්‍ක උපදවන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, විතර්‍කණය කරන්නහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (4)
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො උණ්හොදකෙන නහායන්තස්ස{1} අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො{2} ත්වං භික්ඛූ”ති. “නාහං භගවා මොචනාධිප්පායො”ති. “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (5)
Sinhala BJT5. එසමයෙහි උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ කුමන සිතැති වූයෙහි දැ”යි අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම් මුදන රිසියෙම් නො වීමි” යි හේ කීය. “මහණ, මුදනු නො රිසියහුට ඇවැත් නො වේ”. (5)
Pali BJT6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස උණ්හොදකෙන නහායන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (6)
Sinhala BJT6. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි ය යි” වදාළසේක. (6)
Pali BJT7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස උණ්හොදකෙන නහායන්තස්ස අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (7)
Sinhala BJT7. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (7)
Pali BJT8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො අඞ්ගජාතෙ වණො හොති, භෙසජ්ජෙන ආලිම්පෙන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (8)
Sinhala BJT8. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟෙහි වණයෙක් වෙයි. බෙහෙත් ආලේප කරණ ඒ මහණහට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (8)
Pali BJT9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො අඞ්ගජාතෙ වණො හොති, {3}මොචනාධිප්පායස්ස භෙසජ්ජෙන ආලිම්පෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (9-10)
Sinhala BJT9. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟ වණයක් වෙයි. මුදන රිසි ඇති බෙහෙදින් අලෙවු දෙන්නහුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (9-10)
Pali BJT10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො අණ්ඩං කණ්ඩුවන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (11)
Sinhala BJT10. එසමයෙහි අණ්ඩය කසන්නා වූ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නුමුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (11)
Pali BJT11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස අණ්ඩං කණ්ඩුවන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (12-13)
Sinhala BJT11. එසමයෙහි මුදන අදහස ඇති අණ්ඩය කසන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළසේක. (12-13)
Pali BJT12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මග්ගං ගච්ඡන්තස්ස අසුචි මුච්චි . තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (14)
Sinhala BJT12. එසමයෙහි මග යන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. “මහණ, මුදන නො රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (14)
Pali BJT13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස මග්ගං ගච්ඡන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති, භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (15-16)
Sinhala BJT13. එසමයෙහි මුදන රිසි ඇති මග යන එක්තරා මහණකුට සුකුරු මිදිනි ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළසේක. (15-16)
Pali BJT14. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො වත්ථිං ගහෙත්වා පස්සාවං කරොන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (17)
Sinhala BJT14. එසමයෙහි රහසඟ ගෙණ සුළුවටන් කරණ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ...“මහණ, නො මුදන රිසියහුට ඇවැත්නොවේ”යි වදාළ සේක. (17)
Pali BJT15. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස වත්ථිං ගහෙත්වා පස්සාවං කරොන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (18-19)
Sinhala BJT15. එසමයෙහි මුදන රිසි ඇතිවැ රහසඟ ගෙන සුළුවටන් කරණ එක්තරා මහණකුට සුකුරු මිදින. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (18-19)
Pali BJT16. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ජන්තාඝරෙ උදරවට්ටිං තාපෙන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (20)
Sinhala BJT16. එසමයෙහි ගිනිහල්ගෙහි උදරය තවන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (20)
Pali BJT17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස ජන්තාඝරෙ උදරවට්ටිං තාපෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (21-22)
Sinhala BJT17. එසමයෙහි ගිනිහල්ගෙහි උදරය තවන මුදින රිසි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ”යි වදාළ සේක. (21-22)
Pali BJT18. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ජන්තාඝරෙ උපජ්ඣායස්ස පිට්ඨිපරිකම්මං කරොන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (23)
Sinhala BJT18. එසමයෙහි ගිනිහල්ගෙහි උවදෑ තෙරුන්ගේ පිට පිරිමදින එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”. (23)
Pali BJT19. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස ජන්තාඝරෙ උපජ්ඣායස්ස පිට්ඨිපරිකම්මං කරොන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (24-25)
Sinhala BJT19. එසමයෙහි මුදන රිසි ඇති ගිනිහල්ගෙහි උවදෑ තෙරුන්ගේ පිට පිරිමදින එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (24-25)
Pali BJT20. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඌරුං ඝට්ටාපෙන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (26)
Sinhala BJT20. එසමයෙහි එක්තරා මහණකු දෙවටොර ගටද්දී සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැත්තහුට ඇවැත් නො වේ”යි වදාළ සේක. (26)
Pali BJT21. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස ඌරුං ඝට්ටාපෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (27-28)
Sinhala BJT21. එසමයෙහි මිදියැටි ව වටොර ගටන මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ.” (27-28)
Pali BJT22. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මොචනාධිප්පායො අඤ්ඤතරං සාමණෙරං එතදවොච: “එහි මෙ ත්වං ආවුසො සාමණෙර අඞ්ගජාතං ගණ්හාහී”ති. සො තස්ස අඞ්ගජාතං අග්ගහෙසි, තස්සෙව{1} අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො සඞ්ඝාදිසෙස”න්ති. (29)
Sinhala BJT22. එසමයෙහි එක්තරා මහණෙක් සුකුරු මිදියැටි ව එක්තරා හෙරණකුට “ඇවැත් හෙරණ, එව තෝ මගේ රහසඟ ගණුව”යි කී ය. හේ ඔහුගේ රහසඟ ගති. ඔහුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි”ය යි බුදුහු වදාළහ. (29)
Pali BJT23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සුත්තස්ස සාමණෙරස්ස අඞ්ගජාතං අග්ගහෙසි, තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති දුක්කටස්සා”ති. (30)
Sinhala BJT23. එසමයෙහි එක්තරා මහණෙක් නිදි ගත් හෙරණකුගේ රහසඟ ගත. ඔහුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි බුදුහු වදාළහ. (30)
Pali BJT24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස ඌරූහි අඞ්ගජාතං පීළෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (31-32)
Sinhala BJT24. එසමයෙහි මිදියැටි ව රහසඟ වටොරින් පෙළන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි බුදුහු වදාළහ. (31-32)
Pali BJT25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස මුට්ඨිනා අඞ්ගජාතං පීළෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (33-34)
Sinhala BJT25. එසමයෙහි රහසඟ මිටින් පෙළන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (33-34)
Pali BJT26. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස ආකාසෙ කටිං කම්පෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (35-36)
Sinhala BJT26. එසමයෙහි අහසෙහි කටිකම්පනය කරණ මිදියැටි වූ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (36-36)
Pali BJT27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කායං ථම්භෙන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (37)
Sinhala BJT27. එසමයෙහි කය වජඹන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නොමුදන රිසි ඇතියහුට ඇවැත් නො වේ”යි වදාළහ. (37)
Pali BJT28. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස කායං ථම්භෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (38-39)
Sinhala BJT28. එසමයෙහි කය තද කරණ මිදියැටි වූ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (38-39)
Pali BJT29. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො මාතුගාමස්ස අඞ්ගජාතං උපනිජ්ඣායි. තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස. න ච භික්ඛවෙ සාරත්තෙන මාතුගාමස්ස අඞ්ගජාතං උපනිජ්ඣායිතබ්බං, යො උපනිජ්ඣායෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
Sinhala BJT29. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ මාගමකගේ අඞ්ගජාතය සිත එළවා බැලී ය. ඔහුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. මහණහු විසින් සංරක්ත ව මාගමකගේ අඞ්ගජාතය නො බැලිය යුතු යි. යමෙක් බලන්නේ නම් දුකුළාඇවැත් වේ”යි වදාළහ. (40)
Pali BJT30. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස තාලච්ඡිද්දං{1} අඞ්ගජාතං පවෙසෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (41-42)
Sinhala BJT30. එසමයෙහි මිදියැටි ව කෙසිසිදුරක අඞ්ගජාතය මෙහෙයන මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (41-42)
Pali BJT31. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස කට්ඨෙන අඞ්ගජාතං ඝට්ටෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (43-44)
Sinhala BJT31. එසමයෙහි මිදියැටි ව දඬුයෙකින් රහසඟ ගටන මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (43-44)
Pali BJT32. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පටිසොතෙ නහායන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (45)
Sinhala BJT32. එසමයෙහි උඩුහොය බලා නාන මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැත්තහුට ඇවැත් නො වේ”යි වදාළහ. (45)
Pali BJT33. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස පටිසොතෙ නහායන්තස්ස{2} අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (46-47)
Sinhala BJT33. එසමයෙහි උඩුහොය බලා නාන මිදියැටි වූ මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (46-47)
Pali BJT34. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො උදඤ්ජලං කීළන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (48)
Sinhala BJT34. එසමයෙහි මඩදියෙහි ක්‍රීඩා කරණ මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැතියහුට ඇවැත් නො වේ”යි වදාළහ. (48)
Pali BJT35. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස උදඤ්ජලං කීළන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (49-50)
Sinhala BJT35. එසමයෙහි මඩදියෙහි ක්‍රීඩා කරණ මිදියැටි මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (49-50)
Pali BJT36. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො උදකෙ ධාවන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (51)
Sinhala BJT36. එසමයෙහි දියෙහි දුවන මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැත්තහුට ඇවැත් නො වේ”යි වදාළහ. (51)
Pali BJT37. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස උදකෙ ධාවන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (52-53)
Sinhala BJT37. එසමයෙහි දියෙහි දුවන මිදියැටි මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (52-53)
Pali BJT38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පුප්ඵාවලියං කීළන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (54)
Sinhala BJT38. එසමයෙහි පුෂ්පාවලී ක්‍රීඩාව{1} කරණ මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නොමුදන රිසි ඇතියහුට ඇවැත් නො වේ” වදාළහ. (54)
Pali BJT39. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස පුප්ඵාවලියං කීළන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (55-56)
Sinhala BJT39. එසමයෙහි පුෂ්පාවලී* ක්‍රීඩාව කරණ මිදියැටි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (55-56)
Pali BJT40. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පොක්ඛරවනෙ ධාවන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (57)
Sinhala BJT40. එසමයෙහි පියුමිළුයෙහි දුවන මහණකුට සුකුරු මිදිනි. ... ඔහුට කුකුස් විය. ... “මහණ, මුදන රිසි නැත්තහුට ඇවැත් නො වේ”යි වදාළහ. (57)
Pali BJT41. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස පොක්ඛරවනෙ ධාවන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (58-59)
Sinhala BJT41. එසමයෙහි පියුමිළුයෙහි දුවන මිදියැටි මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (58-59)
Pali BJT42. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස වාලිකං අඞ්ගජාතං පවෙසෙන්තස්ස{1} අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (60-61)
Sinhala BJT42. එසමයෙහි වැල්ලෙහි රහසඟ මෙහෙයන මිදියැටි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (60-61)
Pali BJT43. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස කද්දමං අඞ්ගජාතං පවෙසෙන්තස්ස{2} අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි . තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (62-63)
Sinhala BJT43. එසමයෙහි කලලෙහි සිය හදන් මෙහෙයන මිදියැටි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (62-63)
Pali BJT44. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො න මොචනාධිප්පායස්ස උදකෙන අඞ්ගජාතං ඔසිඤ්චන්තස්ස අසුචි මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු න මොචනාධිප්පායස්සා”ති. (64)
Sinhala BJT44. එසමයෙහි දියෙන් හදන් තෙමන නොමිදියැටි මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නොමුදන රිසි ඇතියහුට ඇවැත් නො වේ”යි වදාළහ. (64)
Pali BJT45. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස උදකෙන අඞ්ගජාතං ඔසිඤ්චන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (65-66)
Sinhala BJT45. එසමයෙහි දියෙන් හදන් තෙමන මිදියැටි මහණකුට සුකුරු මිදිනි ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (65-66)
Pali BJT46. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස සයනෙ අඞ්ගජාතං ඝට්ටෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (67-68)
Sinhala BJT46. එසමයෙහි මිදියැටි ව යහන්හි හදන් ගටන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළහ. (67-68)
Pali BJT47. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මොචනාධිප්පායස්ස අඞ්ගුට්ඨෙන අඞ්ගජාතං ඝට්ටෙන්තස්ස අසුචි මුච්චි -පෙ- අසුචි න මුච්චි. තස්ස කුක්කුච්චං අහොසි: ‘කච්චි නු ඛො අහං සඞ්ඝාදිසෙසං ආපත්තිං ආපන්නො”ති? භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- “අනාපත්ති භික්ඛු සඞ්ඝාදිසෙසස්ස; ආපත්ති ථුල්ලච්චයස්සා”ති.
Sinhala BJT47. එසමයෙහි මාපටැඟිල්ලෙන් රහසඟ ගටන මිදියැටි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට “කිම, මම සඟවෙසෙස්ඇවැත් අවන්නෙම්දෝ?”යි කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි බුදුහු වදාළහ. (69-70)
Pali BJTසුක්කවිස්සට්ඨිසික්ඛාපදං නිට්ඨිතං.
Sinhala BJTසුක්කවිසට්ඨි ශික්‍ෂාපදය.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJTකායසංසග්ගසික්ඛාපදං
Sinhala BJTකායසංසර්‍ගශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී අරඤ්ඤෙ විහරති. තස්සායස්මතො විහාරො අභිරූපො හොති දස්සනීයො පාසාදිකො, මජ්ඣෙ ගබ්භො සමන්තා පරියාගාරො, සුපඤ්ඤත්තං මඤ්චපීඨං භිසිබිම්බොහනං, පානීයං පරිභොජනීයං සූපට්ඨිතං, පරිවෙණං සුසම්මට්ඨං. බහූ මනුස්සා ආයස්මතො උදායිස්ස විහාරපෙක්ඛකා ආගච්ඡන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් උදායි තෙමේ අරණෙහි වෙසෙයි. ඒ ආයුෂ්මත්හුගේ අරම මනහර දැකුම් ඇත්තෙකි. ප්‍රසාද එළවන්නෙකි. මැද ගබ හාත් පස මණ්ඩලමාලයෙන් පිරිකෙවු කරණ ලද්දේ ය. එහි ඇඳ පුටු බිසි බ්ම්බොහොන මනා කොට පණවන ලද්දේ ය. පියයුතු පිරිබෝ කටයුතු ජලය එළවන ලද්දේ ය. මිදුල මනා කොට හමදින ලද්දේ ය. බොහෝ මිනිස්සු උදායිහුගේ විහාරය බලනු කැමැත්තෝ එහි පැමිණෙති.
Pali BJT2. අඤ්ඤතරො’පි බ්රාහ්මණො සපජාපතිකො යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොච: “ඉච්ඡාම මයං භොතො උදායිස්ස විහාරං පෙක්ඛිතු”න්ති. “තෙන හි බ්රාහ්මණ පෙක්ඛස්සූ”ති අවාපුරණං ආදාය ඝටිකං උග්ඝාටෙත්වා කවාටං පණාමෙත්වා විහාරං පාවිසි. සො’පි ඛො බ්රාහ්මණො ආයස්මතො උදායිස්ස පිට්ඨිතො පාවිසි. සාපි ඛො බ්රාහ්මණී තස්ස බ්රාහ්මණස්ස පිට්ඨිතො පාවිසි. අථ ඛො ආයස්මා උදායී එකච්චෙ වාතපානෙ විවරන්තො එකච්චෙ වාතපානෙ ථකෙන්තො ගබ්භං අනුපරිගන්ත්වා පිට්ඨිතො ආගන්ත්වා තස්සා බ්රාහ්මණියා අඞ්ගමඞ්ගානි පරාමසි. අථ ඛො සො බ්රාහ්මණො ආයස්මතා උදායිනා සද්ධිං පටිසම්මොදිත්වා අගමාසි.
Sinhala BJT2. බිරිඳ සහිත වූ එක්තරා බමුණෙක් ආයුෂ්මත් උදායි වෙත පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායීහට, “අපි වනාහි භවත් උදායිහුගේ විහාරය දක්නට කැමැත්තෙමු”යි කී ය. ආයුෂ්මත් උදායි තෙමේ “එසේ නම් බමුණ බලව”යි යතුර ගෙණ අගුල හැර, කවුළු හැර, විහාරයට පැමිණියේ ය. ඒ බමුණු තෙමේ ද ආයුෂ්මත් උදායිහුගේ පිටු පසින් පැමිණියේ ය. බැමිණිය ද බමුණා ගේ පිටු පසින් ගියා ය. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ ඇතැම් වාකවුළු හරිනුයේ, ඇතැම් වාකවුළු වසනුයේ, ගැබ හාත්පසින් ගමන් කොට පිටුපසින් අවුත් ඒ බැමිණියගේ සිරුරෙහි අවයවයන් පරාමර්‍ශනය කෙළේ ය. ඉක්බිති ඒ බමුණු තෙමේ ආයුෂ්මත් උදායි හා බෙහෙවින් සතුටු වී ගියේ ය.
Pali BJT3. අථ ඛො සො බ්රාහ්මණො අත්තමනො අත්තමනවාචං නිච්ඡාරෙසි: “උළාරා ඉමෙ සමණා සක්යපුත්තියා යෙ ඉමෙ එවරූපෙ අරඤ්ඤෙ විහරන්ති. භවම්පි උදායී උළාරො යො එවරූපෙ අරඤ්ඤෙ විහරතී”ති. එවං වුත්තෙ සා බ්රාහ්මණී තං බ්රාහ්මණං එතදවොච: “කුතො තස්ස උළාරතා{1}? යථෙව මෙ ත්වං අඞ්ගමඞ්ගානි පරාමසි. එවමෙව මෙ සමණො උදායී අඞ්ගමඞ්ගානි පරාමසී”ති.
Sinhala BJT3. වැලිදු ඒ බමුණු තෙමේ සතුටු වූයේ, “යම් මේ මහණ කෙනෙක් මෙබඳු අරම්හි වෙසෙද්ද, ඒ මේ ශ්‍රමණ වූ ශාක්‍යපුත්‍රීයයෝ උදාරයහ. යමෙක් මෙබඳු අරණෙක වෙසේ ද, ඒ භවත් උදායි තෙමේ ද උදාර යැ”යි සතුට හඟවන වචන ද පැවැසී ය. මෙසේ කී කල්හි ඒ බැමිණි තොමෝ, “ඔහුගේ උදාර බවෙක් කොයින් ද? යම් සේ තෙපි මගේ අඟපසඟ පරාමර්‍ශනය කළහු නම් එ මෙන් ම ඒ උදායී මහණ තෙමේ ද මගේ ශරීරාවයව පරාමර්‍ශනය කෙළේ” යයි බමුණුට කීවා ය.
Pali BJT4. අථ ඛො සො බ්රාහ්මණො උජ්ඣායති ඛීයති විපාචෙති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා මුසාවාදිනො. ඉමෙහි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං, නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං, නට්ඨං ඉමෙසං සාමඤ්ඤං, නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං, කුතො ඉමෙසං සාමඤ්ඤං කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං, අපගතා ඉමෙ සාමඤ්ඤා, අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. කථං හි නාම සමණො උදායී මම භරියාය අඞ්ගමඞ්ගානි පරාමසිස්සති. නහි සක්කා කුලිත්ථීහි කුලධීතාහි කුලකුමාරීහි කුලසුණ්හාහි කුලදාසීහි ආරාමං වා විහාරං වා ගන්තුං. සචෙ{1} කුලිත්ථියො කුලධීතයො{2} කුලකුමාරියො කුලසුණ්හායො කුලදාසියො ආරාමං වා විහාරං වා ගච්ඡෙය්යුං, තාපි සමණා සක්යපුත්තියා දූසෙය්යු”න්ති.
Sinhala BJT4. ඉක්බිති ඒ බමුණු තෙමේ මෙසේ අවමන් කරයි, අයුණු කියයි, නුගුණ පතුරවයි: “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජිහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු නම් තුමූ ධම්මචාරීහු ය යි සමචාරීහු ය යි බ්‍රහ්මචාරීහු ය යි සත්‍යවාදීහුය යි සීලවන්තයෝය යි කල්‍යාණධර්‍ම ඇත්තෝය”යි පිළින කෙරෙත්. “මොවුන්ට මහණ කමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද? මොවුන්ට බමුණු කමෙක් කොයින් ද? මොහු මහණකමින් පහ වූවෝ ය. මොහු බමුණුකමින් පහ වූවෝ ය. කෙසේ නම් උදායී මහණ තෙමේ මගේ බිරින්දගේ අඟපසඟ පිරිමැද්දේ ද? කුලඟනන් සමග කුලදූන් සමග කුලකුමරියන් සමග කුලලේළියන් සමග කුලදැසියන් සමග අරමකට හෝ වෙහෙරකට යෑමට නො හැකිය. ඉදින් කුලස්ත්‍රීහු කුලදුහිතෘහු කුලකුමාරීහු කුලලෙහෙළිහු කුලදාසීහු අරමකට හෝ වෙහෙරකට යන්නාහු නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ඔවුන් දූෂණය කරන්නාහු” යනුයි.