Pārājika

Defeats

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 901-1000 න් 2616

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතෙරසකං.
Sinhala BJTතේරසකය
Pali BJTඉමෙ ඛො පනායස්මන්තො තෙරස සඞ්ඝාදිසෙසා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති.
Sinhala BJTආයුෂ්මත්නි, මේ තෙළෙස් සඟවෙසෙස්ඇවැත්හු උදෙසීමට පැමිණෙත්.
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJTපඨමසඞ්ඝාදිසෙසො
Sinhala BJTසුක්කවිසට්ඨිශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සෙය්යසකො අනභිරතො බ්රහ්මචරියං චරති. සො තෙන කිසො හොති ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් සෙය්‍යසක තෙමේ කළකිරුනේ බඹසර හැසිරෙයි. හෙතෙමේ එයින් කෘශ වූයේ රූක්‍ෂ වූයේ දුර්වර්‍ණ වූයේ අතිශයින් පඬුවන් වූයේ ඉල්පුනු නහරින් යුත් සිරුරු ඇත්තේ වෙයි.
Pali BJT2. අද්දසා ඛො ආයස්මා උදායී ආයස්මන්තං සෙය්යසකං කිසං ලූඛං දුබ්බණ්ණං උප්පණ්ඩුප්පණ්ඩුකජාතං ධමනිසන්ථතගත්තං. දිස්වාන ආයස්මන්තං සෙය්යසකං එතදවොච: “කිස්ස ත්වං ආවුසො සෙය්යසක, කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො. කච්චි නො ත්වං ආවුසො සෙය්යසක, අනභිරතො බ්රහ්මචරියං චරසී”ති. ‘එවමාවුසො’ති. ‘තෙන හි ත්වං ආවුසො සෙය්යසක, යාවදත්ථං භුඤ්ජ, යාවදත්ථං සුප, යාවදත්ථං නහාය{1}. යාවදත්ථං භුඤ්ජිත්වා යාවදත්ථං සුපිත්වා යාවදත්ථං නහායිත්වා{1} යදා තෙ අනභිරති උප්පජ්ජති, රාගො චිත්තං අනුද්ධංසෙති, තදා හත්ථෙන උපක්කමිත්වා අසුචිං මොචෙහී’ති. “කින්නු ඛො ආවුසො කප්පති එවරූපං කාතු”න්ති. ‘ආම ආවුසො. අහම්පි එවං කරොමී’ති.
Sinhala BJT2. ආයුෂ්මත් වූ උදායි තෙමේ කෘශ වූ රූක්‍ෂ වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ ඉල්පී ගිය නහරින් යුත් සිරුරු ඇති ආයුෂ්මත් සෙය්‍යසක මහණහට මෙය කීය: “ඇවැත් සෙය්‍යසකයිනි, තෙපි කුමක් හෙයින් කෘශ වූ රූක්‍ෂ වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පී ගිය සිරුරු ඇති වූවහු ද? ඇවැත් සෙය්‍යසකයිනි, කිම තෙපි කළකිරුනහු බඹසර හැසිරෙවු ද යනුයි. “ඇවැත්නි එසේ” යයි ඒ මහණ කීය. ඇවැත් සෙය්‍යසකයිනි, එසේ වී නම් තෙපි කැමැති තාක් අනුභව කරවු. කැමති තාක් සැතපෙවු. කැමැති තාක් ස්නානය කරවු. කැමැති තාක් අනුභව කොට කැමති තාක් සැතපී කැමති තාක් නා යම් කලෙක තොපට අනභිරතියක් උපදී නම් රාගය සිත මැඩ ගණී නම් එකල්හි අතින් ගටා සුකුරු මුදවු යයි උදායි තෙර කීය. ඇවැත්නි, එබන්දක් කරන්නට කැපදැ?යි ඒ මහණ ඇසී ය. ඇවැත්නි, එසේ ය. මම ද එසේ කරමි යි උදායි තෙර කී ය.
Pali BJT3. අථ ඛො ආයස්මා සෙය්යසකො යාවදත්ථං භුඤ්ජි, යාවදත්ථං සුපි, යාවදත්ථං නහායි{1}. යාවදත්ථං භුඤ්ජිත්වා යාවදත්ථං සුපිත්වා යාවදත්ථං නහායිත්වා{1}, යදා අනභිරති උප්පජ්ජති, රාගො චිත්තං අනුද්ධංසෙති, තදා හත්ථෙන උපක්කමිත්වා අසුචිං මොචෙති{2} . අථ ඛො ආයස්මා සෙය්යසකො අපරෙන සමයෙන වණ්ණවා අහොසි පීණින්ද්රියො පසන්නමුඛවණ්ණො විප්පසන්නඡවිවණ්ණො.
Sinhala BJT3. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක තෙමේ කැමැති තාක් වැළැඳී ය. කැමැති තාක් සැතපුනේ ය. කැමැති තාක් නෑවේ ය. කැමති තාක් වළඳා කැමැති තාක් සැතපී කැමැති තාක් නා යම් කලෙක අනභිරතිය උපදී ද, රාගය සිත මැඩ ගණී ද, එකල්හි අතින් ගටා සුකුරු මුදයි. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක තෙමේ පසු කාලයෙහි පැහැය ඇත්තෙක් ද පිණා ගිය ඉඳුරන් ඇත්තෙක් ද පහන් මුව පැහැය ඇත්තෙක් ද අතිශයින් සිවිපැහැ ඇත්තෙක් ද විය.
Pali BJT4. අථ ඛො ආයස්මතො සෙය්යසකස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං සෙය්යසකං එතදවොචුං: “පුබ්බෙ ඛො ත්වං ආවුසො සෙය්යසක කිසො අහොසි ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො. සො දානි ත්වං එතරහි වණ්ණවා පීණින්ද්රියො පසන්නමුඛවණ්ණො විප්පසන්නඡවිවණ්ණො. කින්නු ඛො ත්වං ආවුසො සෙය්යසක භෙසජ්ජං කරොසී”ති. ‘න ඛො අහං ආවුසො භෙසජ්ජං කරොමි. අපිචාහං යාවදත්ථං භුඤ්ජාමි, යාවදත්ථං සුපාමි, යාවදත්ථං නහායාමි, යාවදත්ථං භුඤ්ජිත්වා යාවදත්ථං සුපිත්වා යාවදත්ථං නහායිත්වා යදා මෙ අනභිරති උප්පජ්ජති, රාගො චිත්තං අනුද්ධංසෙති, තදා හත්ථෙන උපක්කමිත්වා{1} අසුචිං මොචෙමී”ති. ‘කිං පන ත්වං ආවුසො සෙය්යසක යෙනෙ’ව හත්ථෙන සද්ධාදෙය්යං භුඤ්ජසි, තෙනෙ’ව හත්ථෙන උපක්කමිත්වා අසුචිං මොචෙසීති. ‘එවමාවුසො’ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: ‘කථං හි නාම ආයස්මා සෙය්යසකො හත්ථෙන උපක්කමිත්වා අසුචිං මොචෙස්සතී’ති. අථ ඛො තෙ භික්ඛූ ආයස්මන්තං සෙය්යසකං අනෙකපරියායෙන විගරහිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT4. ඉක්බිති ආයුෂ්මත් සෙය්‍යසක මහණහුගේ යහළු භික්‍ෂුහු ආයුෂ්මත් සෙය්‍යසකහට මෙය කීවාහුය: “ඇවැත් සෙය්‍යසකයෙනි, තෙපි පෙර කෘශ වූවහු රූක්‍ෂ වූවහු දුර්වර්‍ණ වූවහු ඉතා පඬුවන් වූවහු ඉල්පී ගිය නහරින් යුත් සිරුරු ඇත්තහු වූවහු ය. ඒ තෙපි දැන් වර්‍ණවත් ය. පිණා ගිය ඉඳුරන් ඇත්තහු ය. පහන් මුව පැහැය ඇත්තහු ය. වෙසෙසින් පහන් සිවි පැහැ ඇත්තහු ය, ඇවැත් සෙය්‍යසකයෙනි, කිම තෙපි බෙහෙතක් කරවුද”යි ඇසූහ. “ඇවැත්නි, මම බෙහෙතක් නො කෙරෙමි. එහෙත් මම කැමති තාක් වළඳමි, කැමැති තාක් සැතපෙමි, කැමැති තාක් නාමි, කැමැති තාක් වළඳා කැමති තාක් සැතපී කැමැති තාක් නහා යම් කලෙක මට අනභිරතියෙක් ඇති වේ නම්, රාගය සිත මැඩ ගණී නම්, එකල්හි අතින් ගටා සුකුරු මුදමි”යි සෙය්‍යසක මහණ කීය. “කිම? ඇවැත් සෙය්‍යසකයිනි, තෙපි යම් අතෙකින් ම සැදැහැයෙන් දෙන දෑ වළඳවු නම් ඒ අතින් ම ගටා සුකුරු මුදවු දැ,” යි ඒ භික්‍ෂුහු කීහ. “ඇවැත්නි, එසේ ය”යි සෙය්‍යසක මහණ කී ය. යම් ඒ භික්‍ෂූහු අල්පේච්ඡයෝ ද ඔහු “කෙසේ නම්, ආයුෂ්මත් සෙය්‍යසකයෝ අතින් ගටා සුකුරු මුදන්නෝ දැ”යි අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සෙය්‍යසකහට නන් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
Pali BJT5. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං සෙය්යසකං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං සෙය්යසක හත්ථෙන උපක්කමිත්වා අසුචිං මොචෙසී”ති? ‘සච්චං භගවා’{2}. විගරහි බුද්ධො භගවා “අනනුච්ඡවියං{3} මොඝපුරිස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං, කථං හි{4} නාම ත්වං මොඝපුරිස හත්ථෙන උපක්කමිත්වා අසුචිං මොචෙස්සසි. නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය, විසඤ්ඤොගාය ධම්මො දෙසිතො නො සඤ්ඤොගාය, අනුපාදානාය ධම්මො දෙසිතො නො සඋපාදානාය. තත්ථ නාම ත්වං මොඝපුරිස මයා විරාගාය ධම්මෙ දෙසිතෙ සරාගාය චෙතෙස්සසි. විසඤ්ඤොගාය ධම්මෙ දෙසිතෙ සඤ්ඤොගාය චෙතෙස්සසි. අනුපාදානාය ධම්මෙ දෙසිතෙ සඋපාදානාය චෙතෙස්සසි. නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන රාගවිරාගාය ධම්මො දෙසිතො, මදනිම්මදනාය, පිපාසවිනයාය, ආලයසමුග්ඝාතාය, වට්ටුපච්ඡෙදාය, තණ්හක්ඛයාය, විරාගාය, නිරොධාය, නිබ්බානාය ධම්මො දෙසිතො. නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන කාමානං පහානං අක්ඛාතං කාමසඤ්ඤානං පරිඤ්ඤා අක්ඛාතා, කාමපිපාසානං පටිවිනයො අක්ඛාතො, කාමවිතක්කානං සමුග්ඝාතො අක්ඛාතො, කාමපරිළාහානං වූපසමො අක්ඛාතො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං මොඝපුරිස අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් සෙය්‍යසක මහණහු ගෙන් විචාළ සේක: “සැබෑ ද සෙය්‍යසකය, තෝ අතින් ගටා සුකුරු මුදයිදැ”යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑව”යි ඒ මහණ කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂය, නුසුදුසු වූ අනුලොම් නුවූ අප්‍රතිරූප වූ ශ්‍රමණසාරුප්‍ය නුවූ නොකැප වූ නොකටයුත්තෙක. හිස් පුරුෂය තෝ කවර කරුණකින් අතින් ගටා සුකුරු මුදනෙහි ද?” “හිස් පුරුෂය මා විසින් නන් අයුරෙන් සරාගය පිණිස නො ව විරාගය පිණිස ධර්‍මය දෙසන ලද්දේ නො වේ ද? සංයෝගය පිණිස නො ව විසංයෝගය පිණිස ධර්‍මය දෙසන ලද්දේ නො වේ ද? උපාදානය පිණිස නොව අනුපාදානය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? එහිලා හිස් පුරුෂය, තෝ මා විසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කළ කල්හි සරාගය පිණිස ප්‍රයෝග කෙළෙහි ය. විසංයෝගය පිණිස දහම් දෙසූ කල්හි සංයෝගය පිණිස ප්‍රයෝග කෙළෙහි ය. කෙලෙසුන් නොගැණීම පිණිස දහම් දෙසූ කල්හි කෙලෙසුන් ගැණීම පිණිස ප්‍රයෝග කෙළෙහි ය. “හිස් පුරුෂය මා විසින් නන් අයුරින් රාගවිරාගය පිණිස දහම් දෙසන ලද්දේ නොවේ ද? මදනිම්මදනය පිණිස පිපාසවිනය පිණිස ආලයසමුග්ඝාතය පිණිස වට්ටුපච්ඡේදය පිණිස තණ්හාක්ඛය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස නිබ්බාණය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය මා විසින් නන් අයුරින් කාමයන්ගේ ප්‍රහාණය කියන ලද්දේ නොවේ ද? කාමසංඥාවන්ගේ ත්‍රිවිධ පරිඥාවෝ කියන ලද්දාහු නො වෙද්ද? කාමපිපාසයන්ගේ ප්‍රතිවිනය කියන ලද්දේ නො වේ ද? කාමවිතර්‍කයන්ගේ නැසීම කියන ලද්දේ නො වේ ද? කාමගුණිකරාගපරිදාහයන්ගේ සංහිඳීම කියන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය මෙය වනාහි නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ පහන් වූවන්ගේ බොහෝබව පිණිස හෝ නො වෙයි. වැලිදු හිස් පුරුෂය මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස පහන් වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ම වෙයි.” යනුයි.
Pali BJT6. අථ ඛො භගවා ආයස්මන්තං සෙය්යසකං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය{1} -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෙය්‍යසක මහණහට නන් අයුරින් ගරහා දුබරබව්හි ... වදාරා මහණෙනි මේ සිකපදය මෙසේ ද උදෙසවු:
Pali BJT“සඤ්චෙතනිකා සුක්කවිස්සට්ඨි{2} සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“ව්‍යතික්‍රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පණවන ලදී.
Pali BJT[පඨමපඤ්ඤත්ති.]
Sinhala BJT(පළමුපැණවීමයි.)
Pali BJT7. තෙන ඛො පන සමයෙන භික්ඛූ පණීතානි භොජනානි භුඤ්ජිත්වා මුට්ඨස්සතී අසම්පජානා නිද්දං ඔක්කමන්ති. තෙසං මුට්ඨස්සතීනං අසම්පජානානං නිද්දං ඔක්කමන්තානං සුපිනන්තෙන අසුචි මුච්චති. තෙසං කුක්කුච්චං අහොසි: “භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං සඤ්චෙතනිකා සුක්කවිසට්ඨි{3} සඞ්ඝාදිසෙසො”ති. “අම්හාකඤ්ච සුපිනන්තෙන අසුචි මුච්චති. අත්ථි චෙත්ථ චෙතනා ලබ්භ”ති{4}. “කච්චි නු ඛො මයං සඞ්ඝාදිසෙසං ආපත්තිං ආපන්නා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අත්ථෙසා භික්ඛවෙ චෙතනා සා ච ඛො අබ්බොහාරිකා”ති. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ: –
Sinhala BJT7. එසමයෙහි භික්‍ෂූහු ප්‍රණීත බොජුන් වළඳා මුළා සිහි ඇත්තාහු සම්ප්‍රජන්‍යයෙන් තොර වූවාහු නින්දට බසිත්. මුළා සිහි ඇත්තාවූ සති සම්ප්‍රජන්‍යයෙන් තොර වූවාවූ නින්දට බැස ගත් ඔවුන්ට සිහිනෙන් සුකුරු මිදෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් මිදියැටි සිතින් සුකුරු මිදුව සඟවෙසෙස් වේ ය”යි සිකපදයක් පණවන ලදී. අපට ද සිහිනෙන් සුකුරු මිදෙයි. මෙහිදී ආස්වාදචේතනාව ලැබේ ද? කිම? අපි සඟවෙසෙස් ඇවතට පැමිණියමෝ ද?”යි කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහු ය. මහණෙනි, මෙහි චේතනාවක් ඇත. එය ඇවතට අංග නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“සඤ්චෙතනිකා සුක්කවිසට්ඨි1 අඤ්ඤත්ර සුපිනන්තා සඞ්ඝාදිසෙසො”ති.
Sinhala BJT“සිහින විනා ව්‍යතික්‍රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.”
Pali BJT[දුතියපඤ්ඤත්ති.]
Sinhala BJT(දෙවනපැණවීමයි.)
Pali BJT8. සඤ්චෙතනිකා’ති ජානන්තො සඤ්ජානන්තො චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො.
Sinhala BJT8. සඤේචතනිකා යනු උපක්‍රම කරමි යි දන්නේ, සුකුරු මුදමි යි මැනැවින් දන්නේ, සිතා, නිසැක සිත මෙහෙයා ව්‍යතික්‍රමය කිරීම ය.
Pali BJTසුක්කන්ති දස සුක්කානි: නීලං පීතං{5} ලොහිතකං ඔදාතං තක්කවණ්ණං දකවණ්ණං තෙලවණ්ණං ඛීරවණ්ණං දධිවණ්ණං සප්පිවණ්ණං.
Sinhala BJTසුක්කං යනු නිල්වන් ය, කසාවන් ය, ලෙහෙවන් ය, සුදුවන් ය, මෝරුවන් ය, දියවන් ය, තෙල්වන් ය, කිරිවන් ය, දිහිවන් ය, ගිතෙල් වන් ය, යන දස සුකුරු ය.
Pali BJTවිසට්ඨීති{6} ඨානතො චාවනං{7} වුච්චති විසට්ඨීති{6}.
Sinhala BJTවිසට්ඨි යනු පිහිටි තැනින් මිදීම විසට්ඨි ය යි කියනු ලැබේ.
Pali BJTඅඤ්ඤත්ර සුපිනන්තා’ති ඨපෙත්වා සුපිනන්තං.
Sinhala BJTඅඤ්ඤත්‍ර සුපීනන්තා යනු සිහින හැර යි.
Pali BJTසඞ්ඝාදිසෙසො’ති සඞ්ඝො’ව තස්සා ආපත්තියා පරිවාසං දෙති, මූලාය පටිකස්සති, මානත්තං දෙති, අබ්භෙති. න සම්බහුලා, න එකපුග්ගලො. තෙන වුච්චති සඞ්ඝාදිසෙසො’ති. තස්සෙ’ව ආපත්තිනිකායස්ස නාමකම්මං අධිවචනං. තෙන’පි වුච්චති සඞ්ඝාදිසෙසො’ති.
Sinhala BJTසංඝාදිසේසො යනු සඞ්ඝයා ම ඒ ඇවතට පිරිවෙස් දෙයි. මුලට අදියි. මානත දෙයි. අබ්භානය කෙරෙයි. සම්බහුලයෝ ද නො වෙත්. එක් පුද්ගලයෙක් ද නො වෙයි. එහෙයින් සඞ්ඝාදිසේස ය යි කියනු ලැබේ. ඒ ඇවැත්සමූහයට නම් කිරීමකි. එයිනුදු සංඝාදිසේස ය යි කියනු ලැබේ.
Pali BJT9. අජ්ඣත්තරූපෙ මොචෙති, බහිද්ධාරූපෙ මොචෙති, අජ්ඣත්තබහිද්ධාරූපෙ මොචෙති, ආකාසෙ කටිං කම්පෙන්තො මොචෙති, රාගූපත්ථම්භෙ මොචෙති, වච්චූපත්ථම්භෙ මොචෙති, පස්සාවූපත්ථම්භෙ මොචෙති, වාතූපත්ථම්භෙ මොචෙති, උච්චාලිඞ්ගපාණකදට්ඨූපත්ථම්භෙ මොචෙති, ආරොග්යත්ථාය මොචෙති, සුඛත්ථාය මොචෙති, භෙසජ්ජත්ථාය මොචෙති, දානත්ථාය මොචෙති, පුඤ්ඤත්ථාය මොචෙති, යඤ්ඤත්ථාය මොචෙති, සග්ගත්ථාය මොචෙති, බීජත්ථාය මොචෙති, වීමංසත්ථාය මොචෙති, දවත්ථාය මොචෙති, නීලං මොචෙති, පීතකං මොචෙති, ලොහිතකං මොචෙති, ඔදාතං මොචෙති, තක්කවණ්ණං මොචෙති, දකවණ්ණං මොචෙති, තෙලවණ්ණං මොචෙති, ඛීරවණ්ණං මොචෙති, දධිවණ්ණං මොචෙති, සප්පිවණ්ණං මොචෙති.
Sinhala BJT9. ආධ්‍යාත්මිකරූපයෙහි මුදයි. බාහිර රූපයෙහි මුදයි. ආධ්‍යාත්මික බාහිර රූපයෙහි මුදයි, අහසෙහි කටිය සොලවමින් මුදයි. රාගයෙන් තද වූ කල්හි මුදයි. වසුරුයෙන් තදවූ කල්හි මුදයි. මූයෙන් තද වූ කල්හි මුදයි. වායෙන් තද වූ කල්හි මුදයි. බූපණූදළපහසින් තද වූ කල්හි මුදයි. නීරෝග බව පිණිස මුදයි. සුවය පිණිස බෙහෙත් පිණිස මුදයි. දානය පිණිස මුදයි. පින් පිණිස මුදයි. යැදීම පිණිස මුදයි. දෙව්ලෝ සැප ලැබීම පිණිස මුදයි. බීජ පිණිස මුදයි, විමසීම පිණිස මුදයි. කෙළි පිණිස මුදයි. නිල් පැහැය ඇත්තක් මුදයි. කහ පැහැය ඇත්තක් මුදයි. ලේ පැහැය ඇත්තක් මුදයි. සුදු පැහැය ඇත්තක් මුදයි. මොහොරු පැහැය ඇත්තක් මුදයි. දිය පැහැය ඇත්තක් මුදයි. තෙල් පැහැය ඇත්තක් මුදයි. කිරි පැහැය ඇත්තක් මුදයි. දී පැහැය ඇත්තක් මුදයි. ගිතෙල් පැහැය ඇත්තක් මුදයි.
Pali BJT10. අජ්ඣත්තරූපෙ’ති අජ්ඣත්තං උපාදින්නෙ රූපෙ.
Sinhala BJT10. අජ්ඣත්තරූපෙ යනු ආධ්‍යාත්මික සවිඥාන රූපයෙහි ය.
Pali BJTබහිද්ධාරූපෙ’ති බහිද්ධා උපාදින්නෙ වා අනුපාදින්නෙ වා.
Sinhala BJTබහිද්ධාරූපෙ යනු බාහිර වූ සවිඥාන වූ හෝ අවිඥාන රූපයෙහි ය.
Pali BJTඅජ්ඣත්තබහිද්ධාරූපෙ’ති තදුභයෙ.
Sinhala BJTඅජ්ඣත්තබහිද්ධාරූපෙ යි ඒ දෙපරිදි රූපයෙහි ය.
Pali BJTආකාසෙ කටිං කම්පෙන්තො’ති ආකාසෙ වායමන්තස්ස අඞ්ගජාතං කම්මනියං හොති.
Sinhala BJTආකාසෙ කටිං කම්පෙන්තො යනු අහසෙහි වෑයම් කරන්නහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
Pali BJTරාගූපත්ථම්භෙ’ති රාගෙන පීළිතස්ස අඞ්ගජාතං කම්මනියං හොති.
Sinhala BJTරාගුපත්‍ථම්හෙ යනු රාගයෙන් පෙළුනහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
Pali BJTවච්චූපත්ථම්භෙ’ති වච්චෙන පීළිතස්ස අඞ්ගජාතං කම්මනියං හොති.
Sinhala BJTවච්චූපත්‍ථම්භෙ යනු වර්චසින් පෙළුනහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
Pali BJTපස්සාවූපත්ථම්භෙ’ති පස්සාවෙන පීළිතස්ස අඞ්ගජාතං කම්මනියං හොති.
Sinhala BJTපස්සාවූපත්‍ථම්භෙ යනු මූයෙන් පෙළුනහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
Pali BJTවාතූපත්ථම්භෙ’ති වාතෙන පීළිතස්ස අඞ්ගජාතං කම්මනියං හොති.
Sinhala BJTවාතූපත්‍ථම්හෙ යනු වායෙන් පෙළුනහුගේ හදන් කර්‍මන්‍ය වෙයි.
Pali BJTඋච්චාලිඞ්ගපාණකදට්ඨූපත්ථම්භෙ’ති උච්චාලිඞ්ගපාණකදට්ඨෙන අඞ්ගජාතං කම්මනියං හොති.
Sinhala BJTඋච්චාලිඞ්ගපාණකදට්ඨුපත්‍ථම්හෙ යනු බූපණුලොම් ගැටීමෙන් හදන් කර්‍මන්‍ය වෙයි.
Pali BJTආරොග්යත්ථායා’ති අරොගො භවිස්සාමි;
Sinhala BJTආරෝග්‍යත්‍ථාය යනු නීරෝගයෙක් වන්නෙමි යි (අදහසින්).
Pali BJTසුඛත්ථායා’ති සුඛං වෙදනං උප්පාදෙස්සාමි;
Sinhala BJTසුඛත්‍ථාය යනු සුවවේදනා උපදවන්නෙමි යි (අදහසින්).
Pali BJTභෙසජ්ජත්ථායා’ති භෙසජ්ජං භවිස්සති;
Sinhala BJTභේසජ්ජත්‍ථාය යනු බෙහෙතක් වන්නේයැ යි (සිතා).
Pali BJTදානත්ථායා’ති දානං දස්සාමි;
Sinhala BJTදානත්‍ථාය යනු දන් දෙන්නෙමි යි (සිතා).
Pali BJTපුඤ්ඤත්ථායා’ති පුඤ්ඤං භවිස්සති;
Sinhala BJTපුඤ්ඤත්‍ථාය යනු පිනක් වන්නේය යි (සිතා).
Pali BJTයඤ්ඤත්ථායා’ති යඤ්ඤං යජිස්සාමි;
Sinhala BJTයඤ්ඤත්‍ථාය යනු යාගයක් කරන්නෙමි යි (සිතා).
Pali BJTසග්ගත්ථායා’ති සග්ගං ගමිස්සාමි;
Sinhala BJTසග්ගත්‍ථාය යනු දෙව්ලොවට යන්නෙමි යි (සිතා).
Pali BJTබීජත්ථායා’ති බීජං භවිස්සති;
Sinhala BJTබීජත්‍ථාය යි දාරකබීජයක් වන්නේ යැ යි (සිතා).
Pali BJTවීමංසත්ථායා’ති නීලං භවිස්සති -පෙ- සප්පිවණ්ණං භවිස්සති;
Sinhala BJTවීමංසත්‍ථාය යනු නිල්වන්නේ දැ යි ... ගිතෙල් පැහැය වන්නේ දැ යි විමසීම පිණිස.
Pali BJTදවත්ථායා’ති ඛිඩ්ඩාධිප්පායො.
Sinhala BJTදවත්‍ථාය යනු කෙළි අදහස් ඇත්තේ.
Pali BJT11. අජ්ඣත්තරූපෙ චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT11. ආධ්‍යාත්ම රූපයෙහි මිදේවා යි සිතා ද, එයට වෑයම් කෙරේ ද, මිදේ ද, සඟ වෙසස් ඇවැත් වේ.
Pali BJTබහිද්ධාරූපෙ චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTබාහිර රූපයෙහි මිදේවා යි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟ වෙසෙස් ඇවැත් වේ.
Pali BJTඅජ්ඣත්තබහිද්ධාරූපෙ චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTආධ්‍යාත්ම බාහිර රූපයෙහි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟ වෙසෙස් ඇවැත් වේ.
Pali BJTආකාසෙ කටිං කම්පෙන්තො චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTඅහසෙහි කටිය සොලොවමින් සිතා ද වෑයම් කෙරේ ද, මිදේ ද, සඟ වෙසෙස් ඇවැත් වේ.
Pali BJTරාගූපත්ථම්භෙ චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTරාගයෙහි තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTවච්චූපත්ථම්භෙ චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTවර්‍චසින් තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTපස්සාවූපත්ථම්භෙ චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTමූයෙන් තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසස් ඇවැත් වේ.
Pali BJTවාතූපත්ථම්භෙ චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTවායෙන් තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසස් ඇවැත් වේ.
Pali BJTඋච්චාලිඞ්ගපාණකදට්ඨූපත්ථම්භෙ චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJTබූපණු දළ ගැටීමෙන් තද වූ කල්හි සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසස් ඇවැත් වේ.
Pali BJT12. ආරොග්යත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සුඛත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. භෙසජ්ජත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. දානත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පුඤ්ඤත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. යඤ්ඤත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සග්ගත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. බීජත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. වීමංසත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. දවත්ථාය චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT12. නීරෝග බව පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. සුව පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. බෙහෙත් පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. දන් පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. පින් පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. යාග පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. සග පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. දාරකබීජය පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. කෙළි පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ. විමසීම පිණිස සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT13. නීලං චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පීතකං -පෙ- ලොහිතකං -පෙ- ඔදාතං -පෙ- තක්කවණ්ණං -පෙ- දකවණ්ණං -පෙ- තෙලවණ්ණං -පෙ- ඛීරවණ්ණං -පෙ- දධිවණ්ණං -පෙ- සප්පිවණ්ණං චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT13. නිල්වන් සුකුරු මිදීමට සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසස් ඇවැත් වේ. කසාවන් ... ලෙහෙවන් ... සුදුවන් ... මොහොරුවන් ... දියවන් ... තෙල්වන් ... කිරිවන් ... දීවන් ... ගිතෙල්වන් සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTසුද්ධිකං නිට්ඨිතං.
Sinhala BJTසුද්ධිකය නිමි.
Pali BJT14. ආරොග්යත්ථඤ්ච සුඛත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ආරොග්යත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච -පෙ- ආරොග්යත්ථඤ්ච දානත්ථඤ්ච -පෙ- ආරොග්යත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච -පෙ- ආරොග්යත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච -පෙ- ආරොග්යත්ථඤ්ච සග්ගත්ථඤ්ච -පෙ- ආරොග්යත්ථඤ්ච බීජත්ථඤ්ච -පෙ- ආරොග්යත්ථඤ්ච වීමංසත්ථඤ්ච -පෙ- ආරොග්යත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT14. ආරෝග්‍යය පිණිසත් සුවය පිණිසත්, සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද සඟවෙසෙස් ඇවැත් වේ. ආරෝග්‍යය පිණිසත් බෙහෙත් පිණිසත් ... ආරෝග්‍ය පිණිසත් දන් පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් පින් පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් යාග පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් ස්වර්‍ගය පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් දාරකබීජය පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් විමසීම පිණිසත් ... ආරෝග්‍යය පිණිසත් කෙළි පිණිසත් සිතා ද, වෑයම් කෙරේ ද, මිදේ ද, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඑකමූලකස්ස ඛණ්ඩචක්කං නිට්ඨිතං.
Sinhala BJTඒකමූලක ඛණ්ඩචක්‍රය නිමි.
Pali BJT15. සුඛත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සුඛත්ථඤ්ච දානත්ථඤ්ච -පෙ- සුඛත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච -පෙ- සුඛත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච -පෙ- සුඛත්ථඤ්ච සග්ගත්ථඤ්ච -පෙ- සුඛත්ථඤ්ච බීජත්ථඤ්ච -පෙ- සුඛත්ථඤ්ච වීමංසත්ථඤ්ච -පෙ- සුඛත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සුඛත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT15. සුව පිණිස ද, බෙහෙත් පිණිස ද, සිතයි නම් වෑයම් කෙරෙයි නම් මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. සුව පිණිස ද දන් පිණිස ද ... සුව පිණිස ද පින් පිණිස ද ... සුව පිණිස ද යාග පිණිස ද ... සුව පිණිස ද සග පිණිස ද ... සුව පිණිස ද බීජ පිණිස ද ... සුව පිණිස ද විමසුම පිණිස ද ... සුව පිණිස ද කෙළි පිණිස ද සිතයි නම් වෑයම් කෙරෙයි නම් මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. සුව පිණිස ද ආරෝග්‍යය පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT16. භෙසජ්ජත්ථඤ්ච දානත්ථඤ්ච -පෙ- භෙසජ්ජත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච -පෙ- භෙසජ්ජත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච -පෙ- භෙසජ්ජත්ථඤ්ච සග්ගත්ථඤ්ච -පෙ- භෙසජ්ජත්ථඤ්ච බීජත්ථඤ්ච -පෙ- භෙසජ්ජත්ථඤ්ච වීමංසත්ථඤ්ච -පෙ- භෙසජ්ජත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. භෙසජ්ජත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච -පෙ- භෙසජ්ජත්ථඤ්ච සුඛත්ථඤ්ච චෙතෙති, උපක්කමති, මුච්චති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT16. බෙහෙත් පිණිස ද දානය පිණිස ද ... බෙහෙත් පිණිස ද පින් පිණිස ද ... බෙහෙත් පිණිස ද යාග පිණිස ද ... බෙහෙත් පිණිස ද සග පිණිස ද ... බෙහෙත් පිණිස ද බීජ පිණිස ද ... බෙහෙත් පිණිස ද විමසුම පිණිස ද ... බෙහෙත් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. බෙහෙත් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... බෙහෙත් පිණිස ද සුව පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT17. දානත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච -පෙ- දානත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච -පෙ- දානත්ථඤ්ච සග්ගත්ථඤ්ච -පෙ- දානත්ථඤ්ච බීජත්ථඤ්ච -පෙ- දානත්ථඤ්ච වීමංසත්ථඤ්ච -පෙ- දානත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. දානත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච -පෙ- දානත්ථඤ්ච සුඛත්ථඤ්ච -පෙ- දානත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT17. දන් පිණිස ද පින් පිණිස ද ... දන් පිණිස ද යාග පිණිස ද ... දන් පිණිස ද සග පිණිස ද ... දන් පිණිස ද බීජ පිණිස ද ... දන් පිණිස ද විමසුම පිණිස ද ... දන් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. දන් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... දන් පිණිස ද සුව පිණිස ද ... දන් පිණිස ද බෙහෙත් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT18. පුඤ්ඤත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච -පෙ- පුඤ්ඤත්ථඤ්ච සග්ගත්ථඤ්ච -පෙ- පුඤ්ඤත්ථඤ්ච බීජත්ථඤ්ච -පෙ- පුඤ්ඤත්ථඤ්ච වීමංසත්ථඤ්ච -පෙ- පුඤ්ඤත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පුඤ්ඤත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච -පෙ- පුඤ්ඤත්ථඤ්ච සුඛත්ථඤ්ච -පෙ- පුඤ්ඤත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච -පෙ- පුඤ්ඤත්ථඤ්ච දානත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT18. පින් පිණිස ද යාග පිණිස ද ... පින් පිණිස ද සග පිණිස ද ... පින් පිණිස ද බීජ පිණිස ද ... පින් පිණිස ද විමසුම පිණිස ද ... පින් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. පින් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... පින් පිණිස ද සුව පිණිස ද ... පින් පිණිස ද බෙහෙත් පිණිස ද ... පින් පිණිස ද දන් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT19. යඤ්ඤත්ථඤ්ච සග්ගත්ථඤ්ච -පෙ- යඤ්ඤත්ථඤ්ච බීජත්ථඤ්ච -පෙ- යඤ්ඤත්ථඤ්ච වීමංසත්ථඤ්ච -පෙ- යඤ්ඤත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. යඤ්ඤත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච -පෙ- යඤ්ඤත්ථඤ්ච සුඛත්ථඤ්ච -පෙ- යඤ්ඤත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච -පෙ- යඤ්ඤත්ථඤ්ච දානත්ථඤ්ච -පෙ- යඤ්ඤත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT19. යාග පිණිස ද සග පිණිස ද ... යාග පිණිස ද බීජ පිණිස ද ... යාග පිණිස ද විමසුම පිණිස ද ... යාග පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. යාග පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... යාග පිණිස ද සුව පිණිස ද ... යාග පිණිස ද බෙහෙත් පිණිස ද ... යාග පිණිස ද දානය පිණිස ද ... යාග පිණිස ද පින් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT20. සග්ගත්ථඤ්ච බීජත්ථඤ්ච -පෙ- සග්ගත්ථඤ්ච වීමංසත්ථඤ්ච -පෙ- සග්ගත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සග්ගත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච -පෙ- සග්ගත්ථඤ්ච සුඛත්ථඤ්ච -පෙ- සග්ගත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච -පෙ- සග්ගත්ථඤ්ච දානත්ථඤ්ච -පෙ- සග්ගත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච -පෙ- සග්ගත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT20. සග පිණිස ද ගැබ් පිණිස ද ... සග පිණිස ද විමසුම පිණිස ද ... සග පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. සග පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... සග පිණිස ද සුව පිණිස ද ... සග පිණිස ද බෙහෙත් පිණිස ද ... සග පිණිස ද කෙළි පිණිස ද ... සග පිණිස ද පින් පිණිස ද ... සග පිණිස ද යාග පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT21. බීජත්ථඤ්ච වීමංසත්ථඤ්ච -පෙ- බීජත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. බීජත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච -පෙ- බීජත්ථඤ්ච සුඛත්ථඤ්ච -පෙ- බීජත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච -පෙ- බීජත්ථඤ්ච දානත්ථඤ්ච -පෙ- බීජත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච -පෙ- බීජත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච -පෙ- බීජත්ථඤ්ච සග්ගත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT21. ගැබ් පිණිස ද විමසුම් පිණිස ද ... ගැබ් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ගැබ් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... ගැබ් පිණිස ද සුව පිණිස ද ... ගැබ් පිණිස ද බෙහෙත් පිණිස ද ... ගැබ් පිණිස ද දන් පිණිස ද ... ගැබ් පිණිස ද පින් පිණිස ද ... ගැබ් පිණිස ද යාග පිණිස ද ... ගැබ් පිණිස ද සග පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT22. වීමංසත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. වීමංසත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච -පෙ- වීමංසත්ථඤ්ච සුඛත්ථඤ්ච -පෙ- වීමංසත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච -පෙ- වීමංසත්ථඤ්ච දානත්ථඤ්ච -පෙ- වීමංසත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච -පෙ- වීමංසත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච -පෙ- වීමංසත්ථඤ්ච සග්ගත්ථඤ්ච -පෙ- වීමංසත්ථඤ්ච බීජත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT22. විමසුම් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම් වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. විමසුම් පිණිස ද ආරෝග්‍යය පිණිස ද ... විමසුම් පිණිස ද සුව පිණිස ද ... විමසුම් පිණිස ද බෙහෙත් පිණිස ද ... විමසුම් පිණිස ද දන් පිණිස ද ... විමසුම් පිණිස ද පින් පිණිස ද ... විමසුම් පිණිස ද යාග පිණිස ද ... විමසුම් පිණිස ද සග පිණිස ද ... විමසුම් පිණිස ද ගැබ් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT23. දවත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. දවත්ථඤ්ච සුඛත්ථඤ්ච -පෙ- දවත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච -පෙ- දවත්ථඤ්ච දානත්ථඤ්ච -පෙ- දවත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච -පෙ- දවත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච -පෙ- දවත්ථඤ්ච සග්ගත්ථඤ්ච -පෙ- දවත්ථඤ්ච බීජත්ථඤ්ච -පෙ- දවත්ථඤ්ච වීමංසත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT23. කෙළි පිණිස ද ආරෝග්‍යය පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. කෙළි පිණිස ද සුව පිණිස ද ... කෙළි පිණිස ද බෙහෙත් පිණිස ද ... කෙළි පිණිස ද දන් පිණිස ද ... කෙළි පිණිස ද පින් පිණිස ද ... කෙළි පිණිස ද යාග පිණිස ද ... කෙළි පිණිස ද සග පිණිස ද ... කෙළි පිණිස ද ගැබ් පිණිස ද ... කෙළි පිණිස ද විමසුම් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඑකමූලකස්ස බද්ධචක්කං සඞ්ඛිත්තං.
Sinhala BJTඒකමූලකබද්ධචක්‍රය සංක්‍ෂේප කරණ ලදී.
Pali BJTඑකමූලකස්ස චක්කපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTඒකමූලක චක්‍රපෙය්‍යාලය නිමි.
Pali BJT24. ආරොග්යත්ථඤ්ච සුඛත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. -පෙ- ආරොග්යත්ථඤ්ච සුඛත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT24. ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද බෙහෙත් පිණිස සිතයි නම්, වෑයම් කෙරෙයි නම් මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ... ආරෝග්‍යය පිණිස ද සුව පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTදුමූලකස්ස ඛණ්ඩචක්කං නිට්ඨිතං.
Sinhala BJTද්විමූලක ඛණ්ඩචක්‍රය නිමි.
Pali BJT25. සුඛත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච දානත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. -පෙ- සුඛත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සුඛත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT25. සුව පිණිස ද බෙහෙත් පිණිස ද දන් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟ වෙසෙස් ඇවැත් වේ. ... සුව පිණිස ද බෙහෙත් පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟ වෙසෙස් ඇවැත් වේ. සුව පිණිස ද බෙහෙත් පිණිස ද ආරෝග්‍යය පිණිස ද සිතයි නම් වෑයම් කෙරෙයි නම් මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTදුමූලකස්ස බද්ධචක්කං සඞ්ඛිත්තං.
Sinhala BJTද්විමූලක බද්ධචක්‍රය සංක්‍ෂිප්තයි.
Pali BJT26. වීමංසත්ථඤ්ච දවත්ථඤ්ච ආරොග්යත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.{1} වීමංසත්ථඤ්ච දවත්ථඤ්ච සුඛත්ථඤ්ච -පෙ- වීමංසත්ථඤ්ච දවත්ථඤ්ච බීජත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT26. විමසීම පිණිස ද කෙළි පිණිස ද ආරෝග්‍යය පිණිස ද සිතයි, වෑයම් කෙරෙයි, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ... විමසීම පිණිස ද කෙළි පිණිස ද සුව පිණිස ද ... විමසීම පිණිස ද කෙළි පිණිස ද ගැබ් පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟ වෙසෙස් ඇවැත් වේ.
Pali BJTදුමූලකං නිට්ඨිතං.
Sinhala BJTද්විමූලකය නිමි.
Pali BJT27. තිමූලකම්පි චතුමූලකම්පි පඤ්චමූලකම්පි ඡමූලකම්පි සත්තමූලකම්පි අට්ඨමූලකම්පි නවමූලකම්පි එවමෙව විත්ථාරෙතබ්බං.
Sinhala BJT27. තිමූලකය ද, චතුමූලකය ද, පඤ්චමූලකය ද, ඡමූලකය ද, සත්තමූලකය ද, අට්ඨමූලකය ද, නවමූලකය ද මෙසේ ම විස්තර කටයුතු ය.
Pali BJTඉදං සබ්බමූලකං:
Sinhala BJTමේ සබ්බමූලකයයි.
Pali BJT28. ආරොග්යත්ථඤ්ච සුඛත්ථඤ්ච භෙසජ්ජත්ථඤ්ච දානත්ථඤ්ච පුඤ්ඤත්ථඤ්ච යඤ්ඤත්ථඤ්ච සග්ගත්ථඤ්ච බීජත්ථඤ්ච වීමංසත්ථඤ්ච දවත්ථඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT28. ආරෝග්‍යය පිණිස ද සුවය පිණිස ද බෙහෙත් පිණිස ද දන් පිණිස ද පින් පිණිස ද යාගය පිණිස ද සග පිණිස ද ගැබ් පිණිස ද විමංසනය පිණිස ද කෙළි පිණිස ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟ වෙසෙස් ඇවැත් වේ.
Pali BJTසබ්බමූලකං නිට්ඨිතං.
Sinhala BJTසබ්බමූලකය නිමි.
Pali BJTචක්කපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTචක්කපෙය්‍යාලය නිමි.
Pali BJT29. නීලඤ්ච පීතකඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. නීලඤ්ච ලොහිතකඤ්ච -පෙ- නීලඤ්ච ඔදාතඤ්ච. -පෙ- නීලඤ්ච තක්කවණ්ණඤ්ච, -පෙ- නීලඤ්ච දකවණ්ණඤ්ච, -පෙ- නීලඤ්ච තෙලවණ්ණඤ්ච, -පෙ- නීලඤ්ච ඛීරවණ්ණඤ්ච, -පෙ- නීලඤ්ච දධිවණ්ණඤ්ච, -පෙ- නීලඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT29. නිල්වන් ද කහවන් ද සිතයි, වෑයම් කෙරෙයි, මිදෙයි, සඟවෙසෙස් ඇවැත් වේ. නිල්වන් ද ලේ වන් ද ... නිල්වන් ද සුදු වන් ද ... නිල්වන් ද මොහොරු වන් ද ... නිල්වන් ද දියවන් ද ... නිල්වන් ද තෙල්වන් ද ... නිල්වන් ද කිරිවන් ද ... නිල්වන් ද දිහිවන් ද ... නිල්වන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඑකමූලකස්ස ඛණ්ඩචක්කං.
Sinhala BJTඒකමූලක ඛණ්ඩචක්‍රය නිමි.
Pali BJT30. පීතකඤ්ච ලොහිතකඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පීතකඤ්ච ඔදාතඤ්ච -පෙ- පීතකඤ්ච තක්කවණ්ණඤ්ච -පෙ- පීතකඤ්ච දකවණ්ණඤ්ච -පෙ- පීතකඤ්ච තෙලවණ්ණඤ්ච -පෙ- පීතකඤ්ච ඛීරවණ්ණඤ්ච -පෙ- පීතකඤ්ච දධිවණ්ණඤ්ච, -පෙ- පීතකඤ්ච සප්පිවණ්ණඤ්ච -පෙ- පීතකඤ්ච නීලඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT30. කහවන් ද ලේවන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. කහවන් ද සුදුවන් ද ... කහවන් ද මෝරුවන් ද ... කහවන් ද දියවන් ද ... කහවන් ද තෙල්වන් ද ... කහවන් ද කිරිවන් ද ... කහවන් ද දිහිවන් ද ... කහවන් ද ගිතෙල්වන් ද ... කහවන් ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඑකමූලකස්ස බද්ධචක්කං.
Sinhala BJTඒකමූලක බද්ධචක්‍රය
Pali BJT31. ලොහිතකඤ්ච ඔදාතඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ලොහිතකඤ්ච තක්කවණ්ණඤ්ච -පෙ- ලොහිතකඤ්ච දකවණ්ණඤ්ච -පෙ- ලොහිතකඤ්ච තෙලවණ්ණඤ්ච -පෙ- ලොහිතකඤ්ච ඛීරවණ්ණඤ්ච -පෙ- ලොහිතකඤ්ච දධිවණ්ණඤ්ච -පෙ- ලොහිතකඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ලොහිතකඤ්ච නීලඤ්ච -පෙ- ලොහිතකඤ්ච පීතකඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT31. ලේවන් ද සුදුවන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ලෙහෙවන් ද මෝරුවන් ද ... ලෙහෙවන් ද දියවන් ද ... ලෙහෙවන් ද තෙල්වන් ද ... ලෙහෙවන් ද කිරිවන් ද ... ලෙහෙවන් ද දිහිවන් ද ... ලෙහෙවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT32. ඔදාතඤ්ච තක්කවණ්ණඤ්ච -පෙ- ඔදාතඤ්ච දකවණ්ණඤ්ච -පෙ- ඔදාතඤ්ච තෙලවණ්ණඤ්ච -පෙ- ඔදාතඤ්ච ඛීරවණ්ණඤ්ච -පෙ- ඔදාතඤ්ච දධිවණ්ණඤ්ච -පෙ- ඔදාතඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ඔදාතඤ්ච නීලඤ්ච -පෙ- ඔදාතඤ්ච පීතකඤ්ච -පෙ- ඔදාතඤ්ච ලොහිතකඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT32. ලෙහෙවන් ද නිල්වන් ද ... ලෙහෙවන් ද කහවන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. සුදුවන් ද මෝරුවන් ද ... සුදුවන් ද දියවන් ද ... සුදුවන් ද තෙල්වන් ද ... සුදුවන් ද කිරිවන් ද ... සුදුවන් ද දීවන් ද ... සුදුවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. සුදුවන් ද නිල්වන් ද ... සුදුවන් ද කහවන් ද ... සුදුවන් ද ලෙහෙවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT33. තක්කවණ්ණඤ්ච දකවණ්ණඤ්ච -පෙ- තක්කවණ්ණඤ්ච තෙලවණ්ණඤ්ච -පෙ- තක්කවණ්ණඤ්ච ඛීරවණ්ණඤ්ච -පෙ- තක්කවණ්ණඤ්ච දධිවණ්ණඤ්ච -පෙ- තක්කවණ්ණඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. තක්කවණ්ණඤ්ච නීලඤ්ච -පෙ- තක්කවණ්ණඤ්ච පීතකඤ්ච -පෙ- තක්කවණ්ණඤ්ච ලොහිතකඤ්ච -පෙ- තක්කවණ්ණඤ්ච ඔදාතඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT33. මෝරුවන් ද දියවන් ද ... මෝරුවන් ද තෙල්වන් ද ... මෝරුවන් ද කිරිවන් ද ... මෝරුවන් ද දීවන් ද ... මෝරුවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. මෝරුවන් ද නිල්වන් ද ... මෝරුවන් ද කහවන් ද ... මෝරුවන් ද ලෙහෙවන් ද ... මෝරුවන් ද සුදුවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT34. දකවණ්ණඤ්ච තෙලවණ්ණඤ්ච -පෙ- දකවණ්ණඤ්ච ඛීරවණ්ණඤ්ච -පෙ- දකවණ්ණඤ්ච දධිවණ්ණඤ්ච -පෙ- දකවණ්ණඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. දකවණ්ණඤ්ච නීලඤ්ච -පෙ- දකවණ්ණඤ්ච පීතකඤ්ච -පෙ- දකවණ්ණඤ්ච ලොහිතකඤ්ච -පෙ- දකවණ්ණඤ්ච ඔදාතඤ්ච -පෙ- දකවණ්ණඤ්ච තක්කවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT34. දියවන් ද තෙල්වන් ද ... දියවන් ද කිරිවන් ද ... දියවන් ද දීවන් ද ... දියවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. දියවන් ද නිල්වන් ද ... දියවන් ද කහවන් ද ... දියවන් ද ලෙහෙවන් ද ... දියවන් ද සුදුවන් ද ... දියවන් ද මෝරුවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT35. තෙලවණ්ණඤ්ච ඛීරවණ්ණඤ්ච -පෙ- තෙලවණ්ණඤ්ච දධිවණ්ණඤ්ච -පෙ- තෙලවණ්ණඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. තෙලවණ්ණඤ්ච නීලඤ්ච -පෙ- තෙලවණ්ණඤ්ච පීතකඤ්ච -පෙ- තෙලවණ්ණඤ්ච ලොහිතකඤ්ච -පෙ- තෙලවණ්ණඤ්ච ඔදාතඤ්ච -පෙ- තෙලවණ්ණඤ්ච තක්කවණ්ණඤ්ච -පෙ- තෙලවණ්ණඤ්ච දකවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT35. තෙල්වන් ද කිරිවන් ද ... තෙල්වන් ද දීවන් ද ... තෙල්වන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. තෙල්වන් ද නිල්වන් ද ... තෙල්වන් ද කහවන් ද ... තෙල්වන් ද ලෙහෙවන් ද ... තෙල්වන් ද සුදුවන් ද ... තෙල්වන් ද මෝරුවන් ද ... තෙල්වන් ද දියවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT36. ඛීරවණ්ණඤ්ච දධිවණ්ණඤ්ච -පෙ- ඛීරවණ්ණඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ඛීරවණ්ණඤ්ච නීලඤ්ච{1} -පෙ- ඛීරවණ්ණඤ්ච පීතකඤ්ච -පෙ- ඛීරවණ්ණඤ්ච ලොහිතකඤ්ච -පෙ- ඛීරවණ්ණඤ්ච ඔදාතඤ්ච -පෙ- ඛීරවණ්ණඤ්ච තක්කවණ්ණඤ්ච -පෙ- ඛීරවණ්ණඤ්ච දකවණ්ණඤ්ච -පෙ- ඛීරවණ්ණඤ්ච තෙලවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT36. කිරිවන් ද දීවන් ද ... කිරිවන් ද ගිතෙල්වන් ද ... සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. කිරිවන් ද නිල්වන් ද ... කිරිවන් ද කහවන් ද ... කිරිවන් ද ලෙහෙවන් ද ... කිරිවන් ද සුදුවන් ද ... කිරිවන් ද මෝරුවන් ද ... කිරිවන් ද දියවන් ද ... කිරිවන් ද තෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT37. දධිවණ්ණඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. දධිවණ්ණඤ්ච නීලඤ්ච -පෙ- දධිවණ්ණඤ්ච පීතකඤ්ච -පෙ- දධිවණ්ණඤ්ච ලොහිතකඤ්ච -පෙ- දධිවණ්ණඤ්ච ඔදාතඤ්ච -පෙ- දධිවණ්ණඤ්ච තක්කවණ්ණඤ්ච -පෙ- දධිවණ්ණඤ්ච දකවණ්ණඤ්ච -පෙ- දධිවණ්ණඤ්ච තෙලවණ්ණඤ්ච -පෙ- දධිවණ්ණඤ්ච ඛීරවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT37. දිහිවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. දීවන් ද නිල්වන් ද ... දීවන් ද කහවන් ද ... දීවන් ද ලෙහෙවන් ද ... දීවන් ද සුදුවන් ද ... දීවන් ද මෝරුවන් ද ... දීවන් ද දියවන් ද ... දීවන් ද තෙල්වන් ද ... දීවන් ද කිරිවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJT38. සප්පිවණ්ණං ච නීලං ච{1} චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සප්පිවණ්ණඤ්ච පීතකඤ්ච -පෙ- සප්පිවණ්ණඤ්ච ලොහිතකඤ්ච -පෙ- සප්පිවණ්ණඤ්ච ඔදාතඤ්ච -පෙ- සප්පිවණ්ණඤ්ච තක්කවණ්ණඤ්ච -පෙ- සප්පිවණ්ණඤ්ච දකවණ්ණඤ්ච -පෙ- සප්පිවණ්ණඤ්ච තෙලවණ්ණඤ්ච -පෙ- සප්පිවණ්ණඤ්ච ඛීරවණ්ණඤ්ච -පෙ- සප්පිවණ්ණඤ්ච දධිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT38. ගිතෙල්වන් ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. ගිතෙල්වන් ද කහවන් ද ... ගිතෙල්වන් ද ලේවන් ද ... ගිතෙල්වන් ද සුදුවන් ද ... ගිතෙල්වන් ද මෝරුවන් ද ... ගිතෙල්වන් ද දියවන් ද ... ගිතෙල්වන් ද තෙල්වන් ද ... ගිතෙල්වන් ද කිරිවන් ද ... ගිතෙල්වන් ද දීවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTඑකමූලකස්ස බද්ධචක්කං නිට්ඨිතං.
Sinhala BJTඒකමූලක බද්ධචක්‍රය නිමි.
Pali BJT39. නීලඤ්ච පීතකඤ්ච ලොහිතකඤ්ච{2} චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. නීලඤ්ච පීතකඤ්ච ඔදාතඤ්ච{3} -පෙ- නීලඤ්ච පීතකඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT39. නිල්වන් ද කහවන් ද ලේවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. නිල්වන් ද කහවන් ද සුදුවන් ද ... නිල්වන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTදුමූලකස්ස ඛණ්ඩචක්කං.
Sinhala BJTද්විමූලක ඛණ්ඩචක්‍රය.
Pali BJT40. පීතකඤ්ච ලොහිතකඤ්ච ඔදාතඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. -පෙ- පීතකඤ්ච ලොහිතකඤ්ච සප්පිවණ්ණඤ්ච -පෙ- පීතකඤ්ච ලොහිතකඤ්ච නීලඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT40. කහවන් ද ලේවන් ද සුදුවන් ද සිතයි නම්, වෑයමක් කරයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ. ... කහවන් ද ලේවන් ද ගිතෙල්වන් ද ... කහවන් ද ලේවන් ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTදුමූලකස්ස බද්ධචක්කං.
Sinhala BJTද්විමූලක බද්ධචක්‍රය නිමි.
Pali BJT41. දධිවණ්ණඤ්ච සප්පිවණ්ණඤ්ච නීලඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. -පෙ- දධිවණ්ණඤ්ච සප්පිවණ්ණඤ්ච ඛීරවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT41. දිහිවන් ද ගිතෙල්වන් ද නිල්වන් ද සිතයි නම්, වෑයම් කරයි නම්, මිදෙයි නම් සඟවෙසෙස් ඇවැත් වේ. දිහිවන් ද ගිතෙල්වන් ද කිරිවන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTදුමූලකං නිට්ඨිතං.
Sinhala BJTද්විමූලකය නිමි.
Pali BJT42. තිමූලකම්පි චතුමූලකම්පි පඤ්චමූලකම්පි ඡමූලකම්පි සත්තමූලකම්පි අට්ඨමූලකම්පි නවමූලකම්පි එවමෙව විත්ථාරෙතබ්බං.
Sinhala BJT42. තිමූලකය ද චතුමූලකය ද පඤ්චමූලකය ද ඡමූලකය ද සත්තමූලකය ද අට්ඨමූලකය ද නවමූලකය ද මෙසේ ම විස්තර කටයුතුයි.
Pali BJTඉදං සබ්බමූලකං:
Sinhala BJTමේ සබ්බමූලකය යි.
Pali BJT43. නීලඤ්ච පීතකඤ්ච ලොහිතකඤ්ච ඔදාතඤ්ච තක්කවණ්ණඤ්ච දකවණ්ණඤ්ච තෙලවණ්ණඤ්ච ඛීරවණ්ණඤ්ච දධිවණ්ණඤ්ච සප්පිවණ්ණඤ්ච චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
Sinhala BJT43. නිල්වන් ද කහවන් ද ලේවන් ද සුදුවන් ද මෝරුවන් ද දියවන් ද තෙල්වන් ද කිරිවන් ද දීවන් ද ගිතෙල්වන් ද සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
Pali BJTසබ්බමූලකං නිට්ඨිතං.
Sinhala BJTසබ්බමූලකය නිමි.