Pali BJTවිනයපිටකෙ
Sinhala BJTවිනයපිටකයෙහි
Pali BJTපාරාජිකපාළි
Sinhala BJTපාරාජිකපාළිය
Pali BJTභික්ඛු විභඞ්ගො
Sinhala BJTභික්ෂුවිභඞ්ගය
Pali BJTවෙරඤ්ජකණ්ඩො
Sinhala BJTවේරඤ්ජකාණ්ඩය
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරති නළෙරුපුචිමන්දමූලෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. අස්සොසි ඛො වෙරඤ්ජො බ්රාහ්මණො:– “සමණො ඛලු, භො, ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො වෙරඤ්ජායං විහරති නළෙරුපුචිමන්දමූලෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා.{1} සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වේරඤ්ජාව සමීපයෙහි නළේරු කොසඹගස මුල පන්සියයක් පමණ වූ මහත් භික්ෂුසඞ්ඝයා සමග වැඩ වෙසෙන සේක. වේරඤ්ජබ්‍රාහ්මණ තෙමේ (මෙය) ඇසීය: “පින්වත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ පන්සියක් පමණ වූ මහසඟන සමග වේරඤ්ජානුවර නළේරු කොසඹරුක මුල වැඩ වෙසෙති. ඒ භවත් ගෞතමයන්ගේ කලණ වූ කීර්තතිරාවය මෙසේ පැන නැංගේ ය: “ඒ භාග්‍යවත් තෙමේ මේ මේ කරුණෙන් කෙලෙස්සතුරන් නැසුවෙක; සම්‍යක්සම්බුද්ධ ය; විද්යාචරණධර්මයන්ගෙන් යුක්ත ය; මනා ගමන් ඇත්තෙක; සව්ලෝ දත්තෙක; නිරුත්තර වූ පුරුෂදම්‍යසාරථි ය; දෙව්මිනිසුන්ගේ අනුශාසක ය; සව්නේ දත්තෙක; භගවත් ය. ඒ භාග්‍යවත් තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශ ලෝකය හා මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ සත්ත්ව ලෝකය ද තෙමේ මනා නුවණින් දැන පසක් කොට පවසයි. හෙ තෙමේ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අර්ත්ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සර්වප්රකාරයෙන් සම්පූර්ණ වූ පිරිසිදු වූ දහම් දෙසයි. (මෙසේ) සසුන් බඹසර හා මගබඹසර ද පවසයි. එබඳු රහතුන් දැකීම මැනැව” යනුයි.
Pali BJT2. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “සුතම්මෙතං{1} භො ගොතම,–න සමණො ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා, පච්චුට්ඨෙති වා, ආසනෙන වා නිමන්තෙතීති. තයිදං භො ගොතම තථෙව. න හි භවං ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා, පච්චුට්ඨෙති වා, ආසනෙන වා නිමන්තෙති. තයිදං භො ගොතම න සම්පන්නමෙවා”ති.
Sinhala BJT2. ඉක්බිති වේරඤ්ජබමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිතෙහි රැඳවිය යුතු වූ කථාව කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නා වූ වේරඤ්ජබමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “භවත් ගෞතමයෙනි, මා විසින් මෙය අසන ලදී: ‘භවත් ගෞතමයෝ ජරාවට පත් වූ වෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පැසුළුවියට පත් බමුණන් නො වඳිති. පෙරගමන් නො කෙරෙති. අසුනෙන් හෝ නො පවරති’යි. භවත් ගෞතමයෙනි, ඒ කාරණය එසේ මය. භවත් ගෞතමයෝ ජරාවට පත් වූ වෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පැසුළුවියට පත් බමුණන් නො වඳිති. නැගිට පෙර ගමන් නො කරති. අස්නෙන් හෝ නො පවරති. භවත් ගෞතමයෙනි, මේ කාරණය සුදුසු නො වෙයි.”
Pali BJT3. “නාහං තං බ්‍රාහ්මණ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යමහං අභිවාදෙය්යං වා, පච්චුට්ඨෙය්යං වා, ආසනෙන වා නිමන්තෙය්යං. යං හි,{2} බ්‍රාහ්මණ තථාගතො අභිවාදෙය්ය වා, පච්චුට්ඨෙය්‍ය වා, ආසනෙන වා නිමන්තෙය්‍ය, මුද්ධාපි තස්ස විපතෙය්යා”ති.
Sinhala BJT3. “බ්‍රාහ්මණය, මම යම් පුද්ගලයකුට වඳිම් ද, නැගිට පෙර ගමන් කෙරෙම් ද, අස්නෙන් හෝ පවරම් ද, එබඳු පුද්ගලයකු දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි ද නො ම දකිමි. බ්‍රාහ්මණය, යම් පුද්ගලයකුට තථාගත තෙමේ වඳී නම් හෝ, නැගිට පෙර ගමන් කෙරේ නම් හෝ, අසුනෙන් පවරා නම් හෝ, ඔහුගේ හිස ද ගෙලෙන් ගිලිහෙයි.
Pali BJT4. “අරසරූපො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය –‘අරසරූපො සමණො ගොතමො’ති. යෙ තෙ බ්‍රාහ්මණ, රූපරසා සද්දරසා ගන්ධරසා රසරසා ඵොට්ඨබ්බරසා, තෙ තථාගතස්ස පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{3} ආයතිං අනුප්පාදධම්මා අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අරසරූපො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
Sinhala BJT4. “භවත් ගෞතමයෝ රසවිරෝධිහු”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ රස විරෝධිහුය යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ ද, ඒ කාරණය මා කෙරෙහි විද්‍යමාන වේ ම ය. බමුණ, යම් ඒ රූපාස්වාදයෝ ශබ්දාස්වාදයෝ ගන්ධාස්වාදයෝ රසාස්වාදයෝ ස්ප්රෂ්ටව්යාස්වාදයෝ වෙද්ද, ඒ ආස්වාද (රසයෝ) තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදහ. සිඳුනා ලද මුල් ඇතියහ. මුදුන සුන් තල් රුකක් මෙන් කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාවය ඇතියහ. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ රසවිරෝධිහුය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි ද, ඒ කාරණය නො වේ.”
Pali BJT5. “නිබ්භොගො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘නිබ්භොගො සමණො ගොතමො’ති. යෙ තෙ බ්‍රාහ්මණ, රූපභොගා සද්දභොගා ගන්ධභොගා රසභොගා ඵොට්ඨබ්බභොගා, තෙ තථාගතස්ස පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා2 ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘නිබ්භොගො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
Sinhala BJT5. “භවත් ගෞතමයෝ පරිභෝග රහිතයෝ යයි”. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘පරිභෝග රහිතයෝ යැ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ කාරණය මා කෙරෙහි විද්‍යමාන වේ ම ය. බමුණ, යම් ඒ රූපපරිභෝගයෝ, ශබ්දපරිභෝගයෝ ගන්ධපරිභෝගයෝ, රසපරිභෝගයෝ, ඵොට්ඨබ්බපරිභෝගයෝ වෙද්ද, ඔහු තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇතියහ. මුදුන සුන් තල්ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ පරිභෝග රහිතයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි ද, ඒ කාරණය නො වේ.”
Pali BJT6. “අකිරියවාදො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අකිරියවාදො සමණො ගොතමො’ති. අහං හි{1}, බ්‍රාහ්මණ, අකිරියං වදාමි කායදුච්චරිතස්ස වචීදුච්චරිතස්ස මනොදුච්චරිතස්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං අකිරියං වදාමි. අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අකිරියවාදො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
Sinhala BJT6. “භවත් ගෞතමයෝ අක්රියවාදීහු ය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘අකිරියවාදීහ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, ඒ කාරණය ඇත් ම ය. බ්‍රාහ්මණය, මම කායදුශ්චරිතයාගේ වාග්දුශ්චරිතයාගේ මනෝදුශ්චරිතයාගේ නොකිරීම කියමි. සෙසු ලාමක අකුශල ධර්මයන්ගේ නො කිරීම කියමි. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘අකිරියවාදීහ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණයයි. එහෙත් යමක් සඳහා තෝ කියයි නම්, ඒ කාරණය නො වේ.”
Pali BJT7. “උච්ඡෙදවාදො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘උච්ඡෙදවාදො සමණො ගොතමො’ති. අහං හි බ්‍රාහ්මණ, උච්ඡෙදං වදාමි රාගස්ස දොසස්ස මොහස්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං උච්ඡෙදං වදාමි. අයං ඛො බ්‍රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘උච්ඡෙදවාදො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
Sinhala BJT7. “භවත් ගෞතමයෝ උච්ඡේදවාදිහුය’ යි.” “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘උච්ඡේදවාදිහුය’ යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම් ඒ මේ කාරණය ඇත් ම ය. බ්‍රාහ්මණය, මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ නැසීම කියමි. සෙසු අකුශල ධර්මයන්ගේ නැසීම කියමි. බ්‍රාහ්මණය, ශ්‍රමණ ගෞතමයෝ ‘උච්ඡේදවාදිහුය’ යි මොනොවට කියන තෙනැත්තේ යම් කරුණෙකින් මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
Pali BJT8. “ජෙගුච්ඡී භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස බ්‍රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘ජෙගුච්ඡී සමණො ගොතමො’ති. අහං හි බ්‍රාහ්මණ, ජිගුච්ඡාමි කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ජිගුච්ඡාමි. අයං ඛො බ්‍රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘ජෙගුච්ඡී සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
Sinhala BJT8. “භවත් ගෞතමයෝ පිළිකුල් කරන්නෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘ජෙගුච්ඡි ය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. බ්‍රාහ්මණය, මම වනාහි කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය පිළිකුල් කරමි. සෙසු ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම පිළිකුල් කරමි. බ්‍රාහ්මණය, ශ්‍රමණ ගෞතමයෝ ‘ජෙගුච්ඡි ය’යි මොනොවට කියන තෙනැත්තේ යම් කරුණෙකින් මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
Pali BJT9. “වෙනයිකො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘වෙනයිකො සමණො ගොතමො’ති. අහං හි බ්‍රාහ්මණ, විනයාය ධම්මං දෙසෙමි රාගස්ස දොසස්ස මොහස්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං විනයාය ධම්මං දෙසෙමි. අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘වෙනයිකො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
Sinhala BJT9. “භවත් ගෞතමයෝ නාශකයෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතම තෙමේ ‘නාශකයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. බ්‍රාහ්මණය, මම් වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ විනාශය පිණිස ධර්මය දේශනා කරමි. සෙසු ලාමක අකුශලධර්‍මයන්ගේ විනාශය පිණිස ධර්මය දේශනා කරමි. බ්‍රාහ්මණය, ශ්‍රමණ ගෞතමයෝ ‘වෙනයිකයෝ = නාශකයෝය’යි මොනොවට කියන තෙනැත්තේ යම් කරුණෙකින් මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
Pali BJT10. “තපස්සී භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘තපස්සී සමණො ගොතමො’ති. තපනීයාහං, බ්‍රාහ්මණ, පාපකෙ අකුසලෙ ධම්මෙ වදාමි කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. යස්ස ඛො බ්‍රාහ්මණ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා, තමහං තපස්සීති වදාමි. තථාගතස්ස ඛො බ්‍රාහ්මණ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘තපස්සී සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
Sinhala BJT10. “භවත් ගෞතමයෝ අනුන් තවන්නෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘තවන්නෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. “බ්‍රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය තැවිය යුතු කොට කියමි. බ්‍රාහ්මණය, යමකුගේ වනාහි තැවිය යුතු ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ වෙද්ද, උදුරණ ලද මුල් ඇත්තෝ වෙද්ද, මුදුන සුන් තල් ගසක් මෙන් කරණ ලද්දෝ වෙද්ද, නැවත නොහටගන්නා පරිද්දෙන් කරණ ලද්දෝ වෙද්ද, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තෝ වෙද්ද, මම් ඔහුට ‘තපස්වී’ (තවන්නා)’ යි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ වූ කලී තැවිය යුතු ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණයහ. උදුරණ ලද මුල් ඇතියහ. මුදුන සුන් තල්ගසක් මෙන් කරණ ලදහ. නැවත නොහටගන්නා පරිද්දෙන් කරණ ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියන තෙනැත්තේ ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්සී යැ’යි මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
Pali BJT11. “අපගබ්භො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අපගබ්භො සමණො ගොතමො’ති. යස්ස ඛො බ්‍රාහ්මණ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා, තමහං අපගබ්භො’ති වදාමි. තථාගතස්ස ඛො බ්‍රාහ්මණ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො බ්‍රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අපගබ්භො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
Sinhala BJT11. “භවත් ගෞතමයෝ අපගර්භයෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අපගර්භයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. බ්‍රාහ්මණය, යමකුගේ මතු මවු ගැබ හෝනාබව, නැවත භවයෙහි ඉපදීම ප්‍රහීණ ද, උදුරණ ලද මුල් ඇත්තේ ද, සුන් මුදුන ඇති තල්ගසක් මෙන් කරණ ලද ද, නැවත නො හට ගන්නා පරිද්දෙන් කරණ ලද ද, මත්තෙහි නූපදනා ස්වභාවය ඇත් ද, ඔහුට මම් ‘අපගර්භ’ය යි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ මතු මවුගැබ ශයනය, නැවත භවයෙහි ඉපදීම ප්‍රහීණ ය. උදුරණ ලද මුල් ඇත්තේ ය. සුන් මුදුන ඇති තල්ගසක් මෙන් කරණ ලද ය. නැවත නො හට ගන්නා පරිද්දෙන් කරණ ලද ය. මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තේ ය. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ අපගර්භ හ’යි මොනවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කාරණය නො වේ.”
Pali BJT12. “සෙය්යථාපි බ්‍රාහ්මණ කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා, තානස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි සම්මා පරිසෙදිතානි සම්මා පරිභාවිතානි, යො නු ඛො තෙසං කුක්කුටච්ඡාපකානං පඨමතරං පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්ය, කින්ති ස්වාස්ස වචනීයො ජෙට්ඨො වා කනිට්ඨො වා’ති. ‘ජෙට්ඨො’ති’ස්ස, භො ගොතම වචනීයො. සො හි නෙසං ජෙට්ඨො හොතී’ති. එවමෙව ඛො අහං බ්‍රාහ්මණ අවිජ්ජාගතාය පජාය අණ්ඩභූතාය පරියොනද්ධාය අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා එකො’ව ලොකෙ අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො. ස්වාහං බ්‍රාහ්මණ, ජෙට්ඨො සෙට්ඨො ලොකස්ස.”
Sinhala BJT12. “බ්‍රාහ්මණය, යම්සේ කිකිළියගේ බීජයෝ අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් හෝ වෙත් ද, උහු කිකිළිය විසින් මත්තෙහි හෙව රක්නා ලද්දාහු ද, මනා කොට උණුසුම් ගන්වන ලද්දාහු ද, මනා කොට කුකුළුගඳ ගන්වන ලද්දාහු ද, ඒ කුකුළුපැටවුන් අතුරෙන් යමෙක් සිය පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුකටුව පළා ගෙන සියල්ලන්ට පළමුවෙන් සුවයෙන් නික්මෙන්නේ ද, කිම, හේ දෙටු ය යි හෝ කනිටු ය යි හෝ කිය යුතු වන්නේ ද?” “භවත් ගෞතමයෙනි, හේ දෙටු ය යි කිය යුතු වන්නේ ය. හෙ තෙමේ ඔවුන් අතුරෙන් දෙටු වෙයි.” “බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම මම් අවිද්‍යා නැමැති බිජුවට තුළ වූ, අවිද්‍යා නැමැති අණ්ඩකෝෂයෙන් හාත්පසින් බැඳුනා වූ සත්ත්වවර්ගයා අතුරෙන් අවිද්‍යා නැමැති බිජුකටුව පළාගෙන සියලු ලෝකසන්නිවාසයෙහි අද්විතීය වූයෙම් නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමි. බ්‍රාහ්මණය, ඒ මම් ලොවට දෙටු ද වෙමි. සෙට ද වෙමි.
Pali BJT13. “ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ, විරියං{1} අහොසි අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා{2} පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. සො ඛො අහං බ්‍රාහ්මණ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{3} උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං{4} අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං{5} උපසම්පජ්ජ විහාසිං. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහාසිං. සතො ච සම්පජානො සුඛං ච{6} කායෙන පටිසංවෙදෙසිං. යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති, තතියං ඣානං{7} උපසම්පජ්ජ විහාසිං. සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං{8} උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJT13. බ්‍රාහ්මණය, (බෝමැඩ හුන්) මා විසින් වඩන ලද වීර්‍ය්‍යය නො හැකුළුනේ විය. සිහිය එළඹ සිටියේ නොනටුයේ ය. (නාමරූප) කය සංහිඳුනේ දරථ රහිත විය. සිත අරමුණෙහි මොනොවට පිහිටියේ එකඟ විය. බ්‍රාහ්මණය, ඒ මම් කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම, විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ද ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් සිය සතන්හි හටගත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ, චිත්තයාගේ එකඟ බව ඇති, විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතියෙන් ද වෙන්වීමෙන් ධ්යානෝපේක්ෂාව ඇත්තෙම් වාසය කෙළෙමි. සිහි ඇත්තෙම්, සම්‍යක්ප්‍රඥාවෙන් යුක්ත වූයෙම්, කයින් සුවය වින්දෙමි. යම් ධ්‍යානයක් හේතු කොට ගෙණ, ඒ පුද්ගලයා ‘උපේක්ෂාවෙන් යුක්තයෙක, සිහියෙන් යුක්තයෙක, සුඛ විහරණ ඇත්තෙකැ’යි බුද්ධාදී ආර්‍ය්‍යයෝ ප්‍රකාශ කෙරෙත් නම්, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. කායිකසුඛයාගේ ද කායික දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමුවෙන් ම සොම්නස් දොම්නස් පහ ව යාමෙන් දුක්වේදනා නැති සුඛවේදනා ද නැති, උපේක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
Pali BJT14. “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{9} පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාළීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි, ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ, ‘අමුත්රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං{10}. තත්රාපාසිං එවන්නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ බ්‍රාහ්මණ, පඨමාභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
Sinhala BJT14. ඒ මම් මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සමාහිත වූ කල්හි, උපේක්ෂාස්මෘතිපරිශුද්ධියෙන් පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, පහ වූ රාගාදී අඞ්ගණ ඇති වූ කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මෘදු වූ කල්හි, අභිඥාකර්‍මයට සුදුසු ව පිරිසිදුබව් ආදියෙහි සිටි කල්හි, අචල බවට පත් කල්හි, පෙර වුසූ කඳපිළිවෙළ සිහි කිරීමේ නුවණ පිණිස සිත නැමුයෙමි. ඒ මම නන්වැදෑරුම් වූ පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරමි. ඒ මෙසේ යි: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුණක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පණසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති ලක්ෂයක් ද, නොයෙක් නස්නා කල්පයන් ද, නොයෙක් වැඩෙන කල්පයන් ද, නොයෙක් නස්නා වැඩෙන කල්පයන් ද සිහි කරමි. කෙසේ ද? යත්: අසෝ තැන මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් විඳින්නෙම්, මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම් එයින් චුත වූයෙම් අසෝ තැන උපනිමි. එහි ද මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් අනුභව කරන්නෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීම්. ඒ මම් එයින් චුත වූයෙම් මෙහි උපනිමි කියා යි. මෙසේ ආකාර සහිත වූ නාමගෝත්රාදී උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් වූ පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරමි. බමුණ මා විසින් රැයෙහි පෙරයම්හි දී මේ පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කරණ නුවණ නැමැති ප්‍රථම විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව පහළ විය. මෝහ නැමැති අඳුර නැසුනේ ය. ප්‍රඥා නැමැති ආලෝකය පහළ විය. ස්මෘතිඅවිප්‍රවාසයෙන් අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත ව අභිප්රෙතාර්ත්ථ සිද්ධිය කෙරෙහි යොමු කරණ ලද සිත් ඇති ව වාසය කරන්නහුට යම්සේ ද මටත් එසේ ය. බමුණ, බිජුවටින් කුකුළුපැටියාගේ නික්මීම මෙන් මාගේ මේ පළමු වන නික්මීම විය.
Pali BJT15. “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{1} සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන{2} අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උප්පජ්ජමානෙ{3} හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ. සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි, “ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා{4}. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා9”ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ බ්‍රාහ්මණ, දුතියාභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
Sinhala BJT15. ඒ මම් මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සමාහිත වූ කල්හි, උපේක්ෂා ස්මෘති පාරිශුද්ධියෙන් පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, පහ වූ රාගාදී අඞ්ගණ ඇති කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මෘදුභාවයට පැමිණි කල්හි, අභිඥාකර්‍මයට සුදුසු ව පරිශුද්ධභාවාදියෙහි පිහිටි කල්හි, අචලබවට පත් කල්හි සත්ත්වයන්ගේ චුති උපපත්ති දෙක දැනීම පිණිස සිත නැමූයෙමි. ඒ මම් පිරිසිදු වූ, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවැසින් චුත වන්නා වූ ද උපදින්නා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද ආඪ්‍ය වූ ද දිළිඳු වූ ද සත්ත්වයන් දකිමි. කර්මය පරිදි පැමිණියා වූ සත්ත්වයින් දනිමි. ඒ මෙසේ යි: “ඒකාන්තයෙන් මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූහ. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූහ. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූහ. බුද්ධාදී ආර්‍ය්‍යයන්ට ගර්හා කරන්නෝ වූහ. විපරීතදෘෂ්ටි ඇත්තෝ වූහ. මිථ්‍යාදෘෂ්ටියෙන් ගන්නා ලද නානාවිධ කර්ම ඇත්තෝ වූහ. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ හෙයින් අපාය නම් වූ දුක පිහිටි තැන හෙයින් දුග්ගති නම් වූ, (නො කැමැත්තෙන් ම) පතිත වන හෙයින් විනිපාත නම් වූ නරකයට පැමිණියාහු ය. මේ භවත් සත්වයෝ වනාහි කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්‍ය්‍යයන්ට ගර්හා නො කරන්නෝ වූහ. සම්‍යග්දෘෂ්ටියෙන් යුක්තයෝ ය. සම්‍යග්දෘෂ්ටියෙන් ගන්නා ලද නානාවිධ කර්ම ඇත්තෝ වූහ. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති හෙයින් සුගති නම් වූ දිව්‍යලෝකයට පැමිණියාහු ය”යි මෙසේ මිනිස් ඇස ඉක්ම පැවැති පිරිසිදු දිවැසින් චුත වන්නා වූ ද උපදින්නා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද ආඪ්‍ය වූ ද දිළිඳු වූ ද සත්ත්වයන් දකිමි. කර්මය වූ පරිදි පැමිණියා වූ සත්ත්වයන් දනිමි. බ්‍රාහ්මණය, මා විසින් රැය මැදුම්යම්හි මේ ද්විතීය විද්‍යාව වූ දිව්‍යඥානය ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව පහළ විය. මෝහ අඳුර පහ විය. ප්‍රඥා ආලෝකය පහළ විය. අප්රමාදී වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වසන්නහුට යම් සේ නම් එමෙනි. බ්‍රාහ්මණය, බිජුවටින් කුකුළු පැටියාගේ නික්මීම මෙන් මාගේ මේ ද්විතීය වූ නික්මීම විය.
Pali BJT16. “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{5} ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. ‘ඉමෙ ආසවා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චිත්ථ. භවාසවා’පි චිත්තං විමුච්චිත්ථ. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ බ්‍රාහ්මණ තතියාභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා’ති.
Sinhala BJT16. ඒ මම් මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සමාධිගත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, පහ වූ රාගාදි අඞ්ගණ ඇති කල්හි, පහවූ උපක්ලේශ ඇති කල්හි, සිත වශී භාවයට පැමිණි කල්හි, අභිඥාකර්‍මයට සුදුසු ව පරිශුද්ධභාවාදියෙහි පිහිටි කල්හි නොසැලී සිටි කල්හි, ආස්රවක්ෂයකරඥානය පිණිස හෙවත් මගනුවණ පිණිස විදසුන් සිත නැමූයෙමි. ඒ මම් මේ දුක යැ යි තත් වූ පරිද්දෙන් දතිමි. මේ දුක හටගැණීමට හේතුවැ යි තත් වූ පරිද්දෙන් දතිමි. මේ දුක්ඛනිරෝධය යි තත් වූ පරිදි දතිමි. දුක්ඛනිරෝධයට = නිවනට යන පිළිවෙත ය යි තත් වූ පරිදි දතිමි. මොහු ආස්‍රවයෝ යි තතු සේ දතිමි. මේ ආස්‍රවයන්ගේ හට ගැණීමට හේතුව ය යි තතු සේ දතිමි. මේ ආස්‍රවනිරෝධය යි තතු සේ දතිමි. මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්ති ය යි තතු සේ දතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුනේ ය. භවාස්‍රවයෙන් ද මිදුනේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද මිදුනේ ය. සිත මිදුනු කල්හි මිදිනැ යි නුවණ පහළ විය. ඉපදීම ක්ෂීණ විය. මග බඹසර වැස නිමවන ලදී. සිවු මග කටයුතු කරණ ලද්දේ ය. මේ බව (කෙලෙසුන් නැසීම) පිණිස අන්‍ය වූවක් නැතැ යි දනිමි. බ්‍රාහ්මණය, රෑ පැසුළුයමෙහි මේ තෘතීයවිද්යාව (ආස්රවක්ෂයකරඥානය) අවබෝධ කරණ ලද්දේ ය. අවිද්‍යාව නසන ලදී. ආර්ය්යමාර්ගඥානවිද්යාව උපන. මෝහාන්ධකාරය නැසින. ප්රඥාලෝකය පහළ විය. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වසන්නහුට යම් සේ ද, එසේ ය. බ්‍රාහ්මණය, බිජුවටින් කුකුළු පැටියාගේ නික්මීම මෙන් මාගේ මේ තුන්වන නික්මීම විය.
Pali BJT17. එවං වුත්තෙ වෙරඤ්ජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “ජෙට්ඨො භවං ගොතමො. සෙට්ඨො භවං ගොතමො. අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අධිවාසෙතු ච මෙ භවං ගොතමො වෙරඤ්ජායං වස්සාවාසං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති.
Sinhala BJT17. මෙසේ වදාළ කල්හි ඒ වේරඤ්ජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේ ය: “භවත් ගෞතමයෝ ජ්යේෂ්ඨයහ. ශ්‍රේෂ්ඨයහ. භවත් ගෞතමයෙනි, ඉතා මැනැවි. භවත් ගෞතමයෙනි, ඉතා මැනැවි. භවත් ගෞතමයෙනි, යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මග කියන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකිත්වා යි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ ද, මෙපරිද්දෙන් ම භවත් ගෞතමයන් විසින් නන් අයුරින් දහම් දෙසන ලදී. මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂු සංඞ්ඝයා ද සරණ යමි. භවත් ගෞතමයෝ අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ උවසුවකු කොට මා සලකත්වා. භවත් ගෞතමයෝ භික්ෂුසඞ්ඝයා සමග මට අනුග්‍රහය පිණිස වේරඤ්ජා නුවර වස් විසීම ද ඉවසත්වා”යි.
Pali BJT18. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT18. භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් එය ඉවසූසේක. ඉක්බිති වේරඤ්ජ බමුණු තෙමේ බුදුරජානන් වහන්සේගේ ඒ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදුකුණු කොට ගියේය.
Pali BJT19. තෙන ඛො පන සමයෙන වෙරඤ්ජා දුබ්භික්ඛා හොති ද්වීහිතිකා සෙතට්ඨිකා{1} සලාකාවුත්තා. න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. තෙන ඛො පන සමයෙන උත්තරාපථකා{2} අස්සවාණිජා පඤ්චමත්තෙහි අස්සසතෙහි වෙරඤ්ජං වස්සාවාසං උපගතා හොන්ති. තෙහි අස්සමණ්ඩලිකාසු භික්ඛූනං පත්ථපත්ථපුලකං පඤ්ඤත්තං හොති. භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙරඤ්ජං පිණ්ඩාය පවිසිත්වා පිණ්ඩං අලභමානා අස්සමණ්ඩලිකාසු පිණ්ඩාය චරිත්වා පත්ථපත්ථපුලකං ආරාමං හරිත්වා උදුක්ඛලෙ කොට්ටෙත්වා කොට්ටෙත්වා පරිභුඤ්ජන්ති. ආයස්මා පනානන්දො පත්ථපුලකං සිලායං පිංසිත්වා{3} භගවතො උපනාමෙති. තං භගවා පරිභුඤ්ජති.
Sinhala BJT19. එකල්හි වේරඤ්ජා නුවර දුක සේ ලැබිය යුතු භික්ෂාව ඇත්තේය. ජීවිතයත් මරණයත් අතර පැවැති දෙ-අදහස් ඇත්තේ ය. තැන තැන විසුළ මිනීඇටවලින් යුක්ත ය. (නොහොත් ‘සේතට්ඨිකා’ නම් සස්යරෝගයෙන් යුක්ත ය.) කුසපත් බෙදා කරණ දිවිපැවැත්ම ඇත්තේ ය. (නොහොත් කූරු පමණක් ව හටගත් සස්‍ය ඇත්තේ ය.) පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නොවන තැනෙක් විය. එකල්හි උත්තරාපථයෙන් පැමිණි අස්වෙළෙන්දෝ පන්සියක් පමණ වූ අසුන් සමග වස් සාරමස විසීමට වේරඤ්ජාවට පැමිණියාහු වෙත්. ඔවුන් විසින් අස්මඬුලුවල දී භික්ෂූන්ට යවහාල් පත පත පිහිටුවන ලද්දේ වෙයි. භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ වේරඤ්ජාවට පිඬු පිණිස පිවිස නො ලබන්නාහු අස්මඬුලුවල පිඬු සිඟා ඇවිද යවහාල් පත පත අරමට ගෙණවුත් වනෙහි ලා කොටා වළඳත්. ආයුෂ්මත් වූ ආනන්ද ස්ථවිර තෙමේ යවහාල්පතක් ගලෙහි ලා අඹරා (මී සකුරු යොදා) භාග්‍යවතුන් වහන්සේට පිළිගන්වයි. භාග්‍යවතුන් වහන්සේ එය වළඳනසේක.
Pali BJT20. අස්සොසි ඛො භගවා උදුක්ඛලසද්දං. - ජානන්තාපි තථාගතා පුච්ඡන්ති, ජානන්තාපි න පුච්ඡන්ති. කාලං විදිත්වා පුච්ඡන්ති, කාලං විදිත්වා න පුච්ඡන්ති. අත්ථසංහිතං තථාගතා පුච්ඡන්ති, නො අනත්ථසංහිතං. අනත්ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං. ද්වීහාකාරෙහි බුද්ධා භගවන්තො භික්ඛූ පරිපුච්ඡන්ති: ‘ධම්මං වා දෙසෙස්සාම. සාවකානං වා සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමා’ති. -
Sinhala BJT20. භාග්‍යවතුන් වහන්සේ වනෙහි මොහොල් ගැටෙන හඬ ඇසූසේක. - තථාගතවරයෝ කරුණ දන්නාහු ද විචාරත්. දන්නාහු ද නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරයෝ වැඩ සහිත වූවක් ම විචාරත්. අවැඩ සහිතයෙක් නො විචාරත්. අනර්‍ත්‍ථ සහිත වචන විෂයයෙහි තථාගතවරයන්ගේ සේතුඝාතය (එබඳු වචන කීමෙහි සිත මාර්ගයෙන් නැසුනේ ම) වෙයි. භාග්‍යවත් බුදුවරු “දහම් හෝ දෙසන්නෙමු. සව්වන්ට සිකපද හෝ පණවන්නෙමු” යි දෙ කරුණෙකින් භික්ෂූන් පිළිවිසිත්. –
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කිං නු ඛො සො, ආනන්ද, උදුක්ඛලසද්දො”ති අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “සාධු සාධු, ආනන්ද, තුම්හෙහි ආනන්ද, සප්පුරිසෙහි විජිතං. පච්ඡිමා ජනතා සාලිමංසොදනං අතිමඤ්ඤිස්සතීති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූ සේක: “ආනන්දය, ඒ වනෙහි මොහොල් ගැටෙන හඬ කිමෙක් ද?”. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කෙළේය. “ආනන්ද ය, මැනැවි, මැනැවි. සත්පුරුෂ වූ තොප විසින් දුර්භික්ෂය ද ලෝභය ද දිනන ලදී. පශ්චිමජනතාව මස් හා හැල්සාල්බතට පවා අවමන් කරායි” වදාළ සේක.
Pali BJT21. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: – “එතරහි භන්තෙ, වෙරඤ්ජා දුබ්භික්ඛා ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා. න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. ඉමිස්සා භන්තෙ මහාපඨවියා හෙට්ඨිමං තලං සම්පන්නං. සෙය්යථාපි ඛුද්දමධුං අනීලකං එවමස්සාදං. සාධාහං භන්තෙ පඨවිං{1} පරිවත්තෙය්යං. භික්ඛූ පප්පටකොජං පරිභුඤ්ජිස්සන්තී”ති.
Sinhala BJT21. ඉක්බිති ආයුෂ්මත් වූ මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් සැළ කළහ: “වහන්ස, දැන් වේරඤ්ජා නුවර දුක සේ ලැබිය යුතු වූ භික්ෂාව ඇත්තේ ය. ජීවිතය පිළිබඳ ව දෙඅතෙකින් පැවැති සැක ඇත්තේය. තැන තැන විසුළ මිනීඇට ඇත්තේ ය. (නොහොත් වැළඳුනු සේතට්ඨිකා නම් සස්‍යරෝගය ඇත්තේය.) ලහ බෙදීමෙන් දිවි පවත්වන්නක් වෙයි. පිඬු සිඟීමෙන් ජීවත් වන්නට පහසු නොවන්නක් වෙයි. වහන්ස, මේ පොළොවේ යට පෙදෙස මිහිරිරසයෙන් සමෘද්ධ වෙයි. පිලවුන් නැති මීවදයක් යම් සේ ද, එමෙන් රසවත් වෙයි. වහන්ස, භික්ෂූහු පෘථිවිරසය වළඳත්වා’ යි මම් පොළොව පෙරළන්නෙම් නම් මැනැවි” යනු යි.
Pali BJT“යෙ පන තෙ, මොග්ගල්ලාන, පඨවිනිස්සිතා පාණා තෙ කථං කරිස්සසී”ති.
Sinhala BJT“මුගලන, යම් ඒ පොළොව ඇසුරු කළ ප්‍රාණීහු වෙද්ද, ඔවුනට කුමක් කරන්නෙහි ද?”
Pali BJT“එකාහං භන්තෙ, පාණිං අභිනිම්මිනිස්සාමි – සෙය්යථාපි මහාපඨවී. යෙ පඨවිනිස්සිතා පාණා තෙ තත්ථ සඞ්කාමෙස්සාමි. එකෙන හත්ථෙන පඨවිං පරිවත්තෙස්සාමී”ති.
Sinhala BJT“වහන්ස, මම් පොළොව පමණ මහත් වූ එක් අත්ලක් මවන්නෙමි. පොළොව ඇසුරු කළ ඒ ප්‍රාණීන් එයට මාරු කරන්නෙමි. අනික් අතින් පොළොව පෙරළන්නෙමි.”
Pali BJT“අලං, මොග්ගල්ලාන, මා තෙ රුච්චි පඨවිං{1} පරිවත්තෙතුං. විපල්ලාසම්පි සත්තා පටිලභෙය්යු”න්ති.
Sinhala BJT“මුගලන, නුසුදුසු ය. පොළොව පෙරැළීම තොපට රුචි නො වේවා. සත්ත්වයෝ චිත්තවිපර්ය්යාසයට පවා පැමිණෙන්නාහු ය.”
Pali BJT“සාධු භන්තෙ, සබ්බො භික්ඛුසඞ්ඝො උත්තරකුරුං පිණ්ඩාය ගච්ඡෙය්යා”ති.
Sinhala BJT“වහන්ස, සියලු භික්‍ෂුසඞ්ඝ තෙමේ උතුරුකුරු දිවයිනට පිඬු පිණිස යන්නේ නම් මැනැවි.”
Pali BJT“අලං මොග්ගල්ලාන, මා තෙ රුච්චි සබ්බස්ස භික්ඛුසඞ්ඝස්ස උත්තරකුරුං පිණ්ඩාය ගමන”න්ති.
Sinhala BJT“මුගලන, නුසුදුසු ය. උතුරුකුරුදිවයිනට සියලු භික්‍ෂුසඞ්ඝයාගේ යෑම තොපට රුචි නො වේවා.”
Pali BJT22. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස{2} එවං චෙතසො පරිවිතක්කො උදපාදි:– “කතමෙසානං ඛො බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි? කතමෙසානං බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී?”ති.
Sinhala BJT22. ඉක්බිති රහෝගත වූ, චිත්තවිවේකයෙන් යුත් වූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ වූ චිත්තපරිවිතර්කයෙක් පහළ විය. “කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?”
Pali BJT23. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායණ්හසමයං පතිසල්ලානා{3} වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස{2} එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කතමෙසානං ඛො බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි? කතමෙසානං බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී?”ති.
Sinhala BJT23. ඉක්බිති ආයුෂ්මත් වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ පස්වරුයෙහි පලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත් පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, මෙහි රහසිගත වූ චිත්තවිවේකයෙන් යුත් වූ මගේ සිතට මෙබඳු විතර්කයෙක් පහළ විය. “කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?” යනු යි.
Pali BJT24. “කතමෙසානං නු ඛො, භන්තෙ, බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි? කතමෙසානං බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී?”ති
Sinhala BJT24. “වහන්ස, මෙහි කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?”
Pali BJT“භගවතො ච, සාරිපුත්ත, විපස්සිස්ස භගවතො ච සිඛිස්ස භගවතො ච වෙස්සභුස්ස බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි. භගවතො ච සාරිපුත්ත, කකුසන්ධස්ස භගවතො ච කොණාගමනස්ස{4} භගවතො ච කස්සපස්ස බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසි”ති.
Sinhala BJT“ශාරීපුත්රයිනි, විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පැවැතුනෙක් නො වී ය. ශාරීපුත්රයිනි, කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ ද කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ද, ශාසනය වූ කලී බොහෝ කල් පැවැතුනෙක් වී” යැ යි වදාළ සේක.
Pali BJT25. “කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙන භගවතො ච විපස්සිස්ස භගවතො ච සිඛිස්ස භගවතො ච වෙස්සභුස්ස බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසී?”ති.
Sinhala BJT25. “වහන්ස, යම් හේතුවෙකින් විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පැවතුනෙක් නො වී නම්, එයට හේතු කවරේ ද? එයට ප්‍රත්‍යය කවරේ ද?”
Pali BJT26. “භගවා ච, සාරිපුත්ත, විපස්සී භගවා ච සිඛී භගවා ච වෙස්සභූ කිලාසුනො අහෙසුං සාවකානං විත්ථාරෙන ධම්මං දෙසෙතුං. අප්පකං ච තෙසං අහොසි සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. අප්පඤ්ඤත්තං{1} සාවකානං සික්ඛාපදං. අනුද්දිට්ඨං පාතිමොක්ඛං.
Sinhala BJT26. “ශාරීපුත්‍රයෙනි, විපස්සී භාග්‍යවතුන් වහන්සේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ ද ශ්‍රාවකයන්ට විස්තරවශයෙන් ධර්මය දේශනා කරන්නට උත්සාහ රහිත වූහ. ඒ බුදුවරුන්ගේ සුත්ත ය, ගෙය්ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වේදල්ල ය යන නවාංග ශාස්තෘශාසනය ස්වල්ප ද විය. ශ්‍රාවකයන්ට ශික්ෂාපද ද නො පණවන ලදී. ආණාපාතිමොක්ඛය නො උදෙසන ලදී.
Pali BJT27. තෙසං බුද්ධානං භගවන්තානං අන්තරධානෙන බුද්ධානුබුද්ධානං සාවකානං අන්තරධානෙන යෙ තෙ පච්ඡිමා සාවකා නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා, තෙ තං බ්රහ්මචරියං ඛිප්පඤ්ඤෙව අන්තරධාපෙසුං. සෙය්යථාපි සාරිපුත්ත, නානාපුප්ඵානි ඵලකෙ නික්ඛිත්තානි සුත්තෙන අසඞ්ගහිතානි{2}, තානි වාතො විකිරති විධමති විද්ධංසෙති. තං කිස්ස හෙතු? යථා තං සුත්තෙන අසඞ්ගහිතත්තා. එවමෙව ඛො සාරිපුත්ත තෙසං බුද්ධානං භගවන්තානං අන්තරධානෙන බුද්ධානුබුද්ධානං සාවකානං අන්තරධානෙන යෙ තෙ පච්ඡිමා සාවකා නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා, තෙ තං බ්රහ්මචරියං ඛිප්පඤ්ඤෙව අන්තරධාපෙසුං.
Sinhala BJT27. ඒ භාග්‍යවත් වූ බුදුවරුන්ගේ පරිනිර්වාණයෙන් ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ ද පරිනිර්වාණයෙන් නානානාම ඇති, නානාගෝත්ර ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් පැවිදි වූ යම් පශ්චිමශ්‍රාවක කෙනෙක් වූවාහු ද, ඔහු ඒ ශාසනය වහා ම අතුරුදන් කළාහු ය. ශාරීපුත්‍රයෙනි, යම්සේ නන් වැදෑරුම් පුෂ්පජාතීහු මලස්නේ තැන්පත් කරණ ලද්දාහු හුයෙන් නොගොතන ලද්දාහු ද, යම් සේ ඒ මල් වාතය තෙමේ විසුරුවා ද, අන් තැනකට යවා ද, තුබූ තැනින් පහ කෙරේ ද, ඒ කවර හෙයින් ද? යත්: සුදුසු පරිදි ඒ මල් හුයින් නොගෙතුනු හෙයිනි. මෙ පරිද්දෙන් ම, ශාරීපුත්‍රයෙනි, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ ශ්‍රාවකයන්ගේ අතැවැසි වූ නානානාමගෝත්‍ර ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ යම් පශ්චිමශ්‍රාවක කෙනෙක් වූවාහු නම්, ඔහු ඒ ශාසනය වහා ම අතුරුදන් කළහ.
Pali BJT28. අකිලාසුනො{3} ච තෙ භගවන්තො අහෙසුං සාවකෙ චෙතසා චෙතො පරිච්ච ඔවදිතුං. භූතපුබ්බං සාරිපුත්ත වෙස්සභූ භගවා අරහං සම්මාසම්බුද්ධො අඤ්ඤතරස්මිං භිංසනකෙ වනසණ්ඩෙ සහස්සං භික්ඛුසඞ්ඝං චෙතසා චෙතො පරිච්ච ඔවදති අනුසාසති: –“එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ; එවං මනසි කරොථ, මා එවං මනසාකත්ථ. ඉදං පජහථ. ඉදං උපසම්පජ්ජ විහරථා”ති. අථ ඛො සාරිපුත්ත තස්ස භික්ඛුසහස්සස්ස වෙස්සභුනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන එවං ඔවදියමානානං එවං අනුසාසියමානානං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු. තත්ර සුදං සාරිපුත්ත, භිංසනකස්ස වනසණ්ඩස්ස භිංසනකතස්මිං හොති{4}:– යො කොචි අවීතරාගො තං වනසණ්ඩං පවිසති, යෙභුය්යෙන ලොමානි හංසන්ති. –
Sinhala BJT28. වැලි දු ඒ භාග්‍යවත් බුදුවරු තමන්ගේ සිතින් ශ්‍රාවකයන් සිත පිරිසිඳ දැන ශ්‍රාවකයන්ට අවවාද කරන්නට උත්සාහ සහිත වූහ. ශාරීපුත්‍රයෙනි, පෙර වූවක් කියමි: අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ බිහිසුණු වූ එක්තරා වනලැහැබක දී තමන්ගේ සිතින් ඒ මහණුන්ගේ සිත පිරිසිඳ දැන දහසක් මහණුන්ට ‘මෙසේ (නෙක්ඛම්මාදි) විතර්ක කරවු. (කාමාදි) විතර්ක නො කරවු. මෙසේ අනිත්‍යාදිවශයෙන් මෙනෙහි කරවු. නිත්‍යාදිවශයෙන් මෙනෙහි නො කරවු. අකුසල් වූ මෙය දුරු කරවු. කුසල් වූ මෙයට පැමිණ වාසය කරවු’යි අවවාද කරණ සේක, අනුශාසනා කරණ සේක. ඉක්බිති ශාරීපුත්‍රයෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නා වූ මෙසේ අනුශාසනා කරණු ලබන්නා වූ ඒ දහසක් මහණුන්ගේ සිත් උපාදාන රහිත ව කාමාදි ආස්‍රවයන්ගෙන් මිදුනේය. - ශාරීපුත්‍රයෙනි, ඒ බිහිසුණු වනලැහැබෙහි මේ බිහිසුණු බව වෙයි: අවීතරාග වූ යමෙක් ඒ වන ලැහැබට පිවිසේ ද, බෙහෙවින් ඔහුගේ ලොමුදහගණී.-
Pali BJT29. අයං ඛො සාරිපුත්ත හෙතු අයං පච්චයො, යෙන භගවතො ච විපස්සිස්ස භගවතො ච සිඛිස්ස භගවතො ච වෙස්සභුස්ස බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසී”ති.
Sinhala BJT29. යමක් හේතු කොට ගෙණ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පවත්නේ නො වී ද, ශාරීපුත්‍රයෙනි, මේ එයට හේතුව යි. මේ එයට ප්‍රත්‍යය යි.”
Pali BJT30. “කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන භගවතො ච කකුසන්ධස්ස භගවතො ච කොණාගමනස්ස භගවතො ච කස්සපස්ස බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී?”ති.
Sinhala BJT30. “වහන්ස, යමක් කරණ කොට ගෙණ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේත් කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේත් ශාසනය බොහෝ කල් පවත්නක් වී නම්, එයට හේතුව කිම? ප්‍රත්‍යය කිම?”
Pali BJT31. “භගවා ච සාරිපුත්ත කකුසන්ධො භගවා ච කොණාගමනො භගවා ච කස්සපො අකිලාසුනො අහෙසුං සාවකානං විත්ථාරෙන ධම්මං දෙසෙතුං. බහුං ච නෙසං අහොසි සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. පඤ්ඤත්තං සාවකානං සික්ඛාපදං. උද්දිට්ඨං පාතිමොක්ඛං.
Sinhala BJT31. “ශාරීපුත්‍රයෙනි, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ද කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ද ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් දහම් දෙසන්නට උත්සාහවත් වූහ. ඒ බුදුවරුන්ගේ සූත්‍රදේශනා ද, ගාථා සහිත සූත්‍ර දේශනා ද, අභිධර්මපිටකය හා අන්‍ය අඞ්ග අටට අයත් නුවූ බුද්ධවචන ද, ගාථා දේශනා ද, සොම්නස්මුවා නුවණින් වදාළ දේශනා ද, ‘භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේකැ’යි දැක්වූ සූත්‍රාන්ත ද, ජාතකදේශනා ද, ආශ්චර්ය්යාද්භූතධර්මප්රතිසංයුක්ත සූත්‍රාන්ත ද, ප්‍රීතිය හා ඥානය ඇසුරු කළ සූත්‍රාන්ත ද යන නවාංග ශාස්තෘශාසනය බොහෝ විය. ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවන ලදී. පාමොක් උදෙසන ලදී.
Pali BJT32. තෙසං බුද්ධානං භගවන්තානං අන්තරධානෙන, බුද්ධානුබුද්ධානං සාවකානං අන්තරධානෙන, යෙ තෙ පච්ඡිමා සාවකා නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා, තෙ තං බ්රහ්මචරියං චිරං දීඝමද්ධානං ඨපෙසුං. සෙය්යථාපි සාරිපුත්ත, නානාපුප්ඵානි ඵලකෙ නික්ඛිත්තානි සුත්තෙන සුසංගහිතානි, තානි වාතො න විකිරති න විධමති න විද්ධංසෙති. තං කිස්ස හෙතු? යථා තං සුත්තෙන සුසඞ්ගහිතත්තා. එවමෙව ඛො සාරිපුත්ත, තෙසං බුද්ධානං භගවන්තානං අන්තරධානෙන බුද්ධානුබුද්ධානං සාවකානං අන්තරධානෙන යෙ තෙ පච්ඡිමා සාවකා නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා, තෙ තං බ්රහ්මචරියං චිරං දීඝමද්ධානං ඨපෙසුං.
Sinhala BJT32. ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පරිනිර්වාණයෙන්, ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පරිනිර්වාණයෙන්, ඒ සම්බුද්ධසම්මුඛ ශ්රාවකවරයන්ගේ අතැවැසි වූ, නන් වැදෑරුම් නම් ගොත් ඇති, නන් වැදෑරුම් ජාතියෙන් නන් වැදෑරුම් කුලයෙන් නික්ම පැවිදි වූ යම් ඒ පශ්චිම ශ්‍රාවක කෙනෙක් වූවාහු නම්, ඔහු ඒ ශාසනය ඉතා දීර්ඝ කාලයක් තැබූහ. ශාරීපුත්‍රයෙනි, යම්සේ නන්වැදෑරුම් පුෂ්පයෝ මලස්නේ තැන්පත් කරණ ලද්දාහු හුයෙන් මනා ව බඳනා ලද්දාහු ද, වාතය තෙමේ ඔවුන් නො විසුරුවා ද, අන් තැනකට නො යවා ද, තුබූ තැනින් පහ නො කෙරේ ද, ඒ කවර හෙයින් ද? යත්: සුදුසු පරිදි ඒ මල් හුයින් ගෙතුනු හෙයිනි. මෙ පරිද්දෙන් ම ශාරීපුත්‍රයෙනි, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවීමෙන්, ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පිරිනිවීමෙන්, ඒ සම්මුඛශ්‍රාවකයන්ගේ අතැවැසි වූ, නානා නම් ගොත් ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ යම් ඒ පශ්චිම ශ්‍රාවක කෙනෙක් වූවාහු ද, ඔහු ඒ ශාසනය බොහෝ දිගු කලක් තැබූහ.
Pali BJT33. අයං ඛො, සාරිපුත්ත හෙතු අයං පච්චයො යෙන භගවතො ච කකුසන්ධස්ස භගවතො ච කොණාගමනස්ස භගවතො ච කස්සපස්ස බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී”ති.
Sinhala BJT33. ශාරීපුත්‍රයෙනි, යම් කරුණෙකින් කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේත්, කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේත්, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේත් ශාසනය දිගු කලක් පවත්නේ වී ද, මේ එයට හේතුව ය, මේ එයට ප්‍රත්‍යය ය” යි වදාළ සේක.
Pali BJT34. අථ ඛො ආයස්මා සාරිපුත්තො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “එතස්ස භගවා කාලො, එතස්ස, සුගත කාලො, යං භගවා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙය්ය{1}, උද්දිසෙය්ය පාතිමොක්ඛං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතික”න්ති.
Sinhala BJT34. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පොරෝණය එකස් කොට පෙරෙව භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “භාග්‍යවතුන් වහන්ස, යම් හෙයෙකින් මේ ශාසනය දිගුකල් පවත්නක්, බොහෝ කල් පවත්නක් වන්නේ ද, එසේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවන සේක්වා. පාමොක් උදෙසන සේක්වා. භාග්‍යවතුන් වහන්ස, මෙය එයට කල් වෙයි. සුගතයන් වහන්ස, මෙය එයට කල් වෙයි.”
Pali BJT35. “ආගමෙහි ත්වං, සාරිපුත්ත. ආගමෙහි ත්වං, සාරිපුත්ත. තථාගතො’ව තත්ථ කාලං ජානිස්සති. න තාව සාරිපුත්ත සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති{2}, න{3} උද්දිසති පාතිමොක්ඛං, යාව න ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. යතො ච ඛො, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති{2}, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.
Sinhala BJT35. “ශාරීපුත්‍රයෙනි, බලාපොරොත්තු වවු. ශාරීපුත්‍රයෙනි, බලාපොරොත්තු වවු. තථාගත තෙමේ ම එයට කල් දන්නේ ය. ශාරීපුත්‍රයෙනි, යම් තාක් මේ ශාසනයෙහි ආස්‍රවයන් ඉපද සිටීමට ආධාර වූ ඇතැම් ධර්මයෝ සඞ්ඝයා කෙරෙහි නො පහළ වෙද්ද, ඒ තාක් ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන්ට සිකපද නො පණවයි, පාමොක් නො උදෙසයි. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක වනාහි මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙද්ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්රවස්ථානීය ධර්මයන් නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
Pali BJT36. න තාව, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො රත්තඤ්ඤුමහත්තං පත්තො හොති. යතො ච ඛො සාරිපුත්ත, සඞ්ඝො රත්තඤ්ඤුමහත්තං පත්තො හොති, අථ ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති{2}, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.
Sinhala BJT36. ශාරීපුත්‍රයෙනි, සඞ්ඝ තෙමේ යම් තාක් චිරරාත්රයන්ගෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ චිරරාත්රයන්ගෙන් මහත්වයට පැමිණියේ වේ ද, මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙත් ද, එකල්හි ශාස්තෘ තෙමේ ඒ ආස්රවස්ථානීයධර්මයන් නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
Pali BJT37. න තාව, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො වෙපුල්ලමහත්තං පත්තො හොති. යතො ච ඛො සාරිපුත්ත සඞ්ඝො වෙපුල්ලමහත්තං පත්තො හොති, අථ ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති{2}, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.
Sinhala BJT37. ශාරීපුත්‍රයෙනි, සඞ්ඝ තෙමේ යම් තාක් ස්ථවිර මද්ධ්‍යම නවක වශයෙන් විපුලත්වයට මහත්ත්වයට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ විපුලත්වයට මහත්ත්වයට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ පහළ වෙත්. එකල්හි ශාස්තෘ තෙමේ එ ම ආස්රවස්ථානීය ධර්ම නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
Pali BJT38. න තාව, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො ලාභග්ගමහත්තං පත්තො හොති. යතො ච ඛො සාරිපුත්ත සඞ්ඝො ලාභග්ගමහත්තං පත්තො හොති, අථ ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති{2}, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.
Sinhala BJT38. ශාරීපුත්‍රයෙනි, යම් තාක් සඞ්ඝ තෙමේ ලාභයෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ ලාභයෙන් මහත්බවට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ පහළ වෙත්. ඉක්බිති ශාස්තෘ තෙමේ එ ම ආස්රවස්ථානීය ධර්ම නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
Pali BJT39. න තාව, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො බාහුසච්චමහත්තං පත්තො හොති. යතො ච ඛො සාරිපුත්ත, සඞ්ඝො බාහුසච්චමහත්තං පත්තො හොති, අථ ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති{2}, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.”
Sinhala BJT39. ශාරීපුත්‍රයෙනි, යම් තාක් සඞ්ඝ තෙමේ බහුශ්රැතියෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ බොහෝ උගත්බවට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ පහළ වෙත්. එකල්හි ශාස්තෘ තෙමේ එ ම ආස්රවස්ථානීය ධර්ම නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
Pali BJT40. නිරබ්බුදො හි සාරිපුත්ත, භික්ඛුසඞ්ඝො නිරාදීනවො අපගතකාළකො{4} සුද්ධො සාරෙ පතිට්ඨිතො. ඉමෙසං හි සාරිපුත්ත පඤ්චන්නං භික්ඛුසතානං යො පච්ඡිමකො භික්ඛු, සො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
Sinhala BJT40. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝ තෙමේ නිරර්බුද ය, නිදොස් ය, දුසිල් මහණුන්ගෙන් තොර ය, පිරිසුදු ය, සිල් ආදි සරුදහම්හි පිහිටියේ ය. ශාරීපුත්‍රයෙනි, මේ පන්සියක් මහණුන් අතුරෙන් යම් පැසුළු මහණෙක් වේ ද, හෙතෙමේ සෝවන් ය, අපායෙහි නො හෙනසුලු ය, නිවණට නියත ය, සම්බෝධිය ම පිහිට කොට ඇත්තේ ය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT41. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: –“ආචිණ්ණං ඛො පනෙතං ආනන්ද තථාගතානං යෙහි නිමන්තිතා වස්සං වසන්ති, න තෙ අනපලොකෙත්වා ජනපදචාරිකං පක්කමන්ති. ආයාමානන්ද වෙරඤ්ජං බ්රාහ්මණං අපලොකෙස්සාමා”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
Sinhala BJT41. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳතෙරුන් අමතා “ආනන්දය, බුදුවරු යම් කෙනෙකුන් විසින් නිමතන ලද්දාහු වස් වෙසෙද්ද, ඔවුන් නො විචාරා දනවු සැරිසැරීමට නො නික්මෙත් යන මෙය තථාගතයන්ගේ පුරුදු ධර්මතාවකි. ආනන්දය යමු. වේරඤ්ජ බ්‍රාහ්මණයාට දැනුම් දෙමු”යි වදාළ සේක. ආයුෂ්මත් ආනන්ද තෙමේ, “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුනි.
Pali BJT42. අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන වෙරඤ්ජස්ස බ්රාහ්මණස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT42. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙව පාසිවුරු ගෙණ ආයුෂ්මත් අනඳ තෙරහු පසුව ලා යන මහණහු කොට වේරඤ්ජ බමුණාගේ නිවෙසට එළැඹි සේක. එළඹ පැනවූ අසුන්හි වැඩ හුන් සේක.
Pali BJT43. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො වෙරඤ්ජං බ්රාහ්මණං භගවා එතදවොච: “නිමන්තිතම්හ තයා බ්‍රාහ්මණ වස්සං වුත්ථා{1}. අපලොකෙම තං. ඉච්ඡාම මයං ජනපදචාරිකං පක්කමිතු”න්ති.
Sinhala BJT43. එකල්හි වේරඤ්ජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත් පසෙක හුන් වේරඤ්ජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ “බමුණානෙනි, අපි තොප විසින් නිමතන ලද්දමෝ වස් වුසූමු. තොපට දන්වමු. දනවු සැරිසරන්නට අපි කැමැත්තෙමු” යි වදාළ සේක.
Pali BJT44. “සච්චං භො ගොතම, නිමන්තිතත්ථ මයා වස්සං වුත්ථා. අපි ච යො දෙය්යධම්මො සො න දින්නො. තඤ්ච ඛො නො අසන්තං නො’පි අදාතුකම්යතා. තං කුතෙත්ථ ලබ්භා? බහුකිච්චා ඝරාවාසා බහුකරණීයා. අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT44. “භවත් ගෞතමයන් වහන්ස, සැබැව. මා විසින් නිමතන ලද්දහු වස් වුසූහු ය. එහෙත් යම් දෙයධර්‍මයක් වී නම්, එය නො දෙන ලද්දේ ය. හෙ ද වනාහි නැතිව නො වෙයි. නො දෙනු කැමැත්තෙක් ද නො වීය. ගෘහවාසයෝ බොහෝ කෘත්‍ය ඇත්තෝ ය. බොහෝ කටයුතු ඇත්තෝ ය. එහෙයින් එයට අවකාශයෙක් කොයින් ලැබේ ද? භවත් ගෞතමයන් වහන්ස, භික්ෂුසඞ්ඝයා සමග සෙට දවසට මාගේ දානය ඉවසන සේක්වා”යි හේ කී ය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් එය ඉවසූ සේක.
Pali BJT45. අථ ඛො භගවා වෙරඤ්ජං බ්රාහ්මණං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT45. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයාට දැහැමි කථාවෙන් කරුණු දක්වා, ඔහු කුසල් දහම්හි සමාදන් කරවා, තියුණු කරවා, සතුටු කොට හුනස්නෙන් නැගී වැඩි සේක.
Pali BJT46. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භො ගොතම, නිට්ඨිතං භත්ත”න්ති.
Sinhala BJT46. ඉක්බිති වේරඤ්ජ බ්‍රාහ්මණ තෙමේ එ රැය ඇවෑමෙන් සිය නිවෙසෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා, “භවත් ගෞතමයන් වහන්ස, කල් වෙයි. බත නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවීය.
Pali BJT47. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන වෙරඤ්ජස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො බුද්ධපමුඛං{1} භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං තිචීවරෙන අච්ඡාදෙසි. එකමෙකං ච{2} භික්ඛුං එකමෙකෙන දුස්සයුගෙන අච්ඡාදෙසි. අථ ඛො භගවා වෙරඤ්ජං බ්රාහ්මණං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT47. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ වේරඤ්ජ බ්‍රාහ්මණයාගේ නිවෙසට එළඹ පැණවූ අසුන්හි භික්ෂුසඞ්ඝයා සමග වැඩහුන් සේක. ඉක්බිති වේරඤ්ජබ්‍රාහ්මණ තෙමේ ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් බුදුපාමොක් මහසඟන සියතින් වළඳවා පවරවා, වළඳා නිමවූ, පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ තුන්සිවුරෙන් පිදී ය. එක් එක් භික්ෂුනමක් එක් එක් වස්ත්‍රයුග්මයෙන් පිදී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බමුණාට දැහැමි කථාවෙන් කරුණු දක්වා, ඔහු කුසල් දහම්හි සමාදන් කරවා, තියුණු කරවා, පහන් කොට හුනස්නෙන් නැගී වැඩි සේක.
Pali BJT48. අථ ඛො භගවා වෙරඤ්ජායං යථාභිරන්තං{3} විහරිත්වා අනුපගම්ම සොරෙය්යං සඞ්කස්සං කන්නකුජ්ජං{4}, යෙන පයාගපතිට්ඨානං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පයාගපතිට්ඨානෙ ගඞ්ගං නදිං උත්තරිත්වා යෙන බාරාණසී තදවසරි. අථ ඛො භගවා බාරාණසියං යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී{5}, තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං.
Sinhala BJT48. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජාවෙහි රිසි තාක් වැස සොරෙය්‍ය, සඞ්කස්ස, කාන්‍යකුබ්ජ යන නගරයන්ට නො පැමිණ ප්රයාගප්රතිෂ්ඨානයට එළඹි සේක. එළඹ ප්රයාගප්රතිෂ්ඨානයෙහි දී ගඞ්ගා නදිය තරණය කොට බරණැසට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස රිසි තාක් වැස විසල්පුර බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරණ සේක්, විසල්පුර යම් තැනෙක ද එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වෙසෙන සේක.
Pali BJTවෙරඤ්ජභාණවාරො නිට්ඨිතො.{6}
Sinhala BJTවේරඤ්ජ බණවර නිමියේ ය.
Pali BJTපාරාජිකකණ්ඩො
Sinhala BJTපාරාජිකකාණ්ඩය
Pali BJT2.
Sinhala BJT2.
Pali BJT[තත්රිමෙ චත්තාරො පාරාජිකා ධම්මා උද්දෙසං ආගච්ඡන්ති{*}]
Sinhala BJT[එහි (විනයෙහි) මේ පාරාජික ධර්මයෝ සිව් දෙන උදෙසීමට පැමිණෙත්.]
Pali BJTපඨමපාරාජිකං
Sinhala BJTප්‍රථමපාරාජිකය
Pali BJTසුදින්නභාණවාරො
Sinhala BJTසුදින්න බණවර
Pali BJT1. තෙන ඛො පන සමයෙන වෙසාලියා අවිදූරෙ කලන්දගාමො නාම හොති. තත්ථ සුදින්නො නාම කලන්දපුත්තො සෙට්ඨිපුත්තො හොති. අථ ඛො සුදින්නො කලන්දපුත්තො සම්බහුලෙහි සහායකෙහි සද්ධිං වෙසාලිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නො හොති.
Sinhala BJT1. එසමයෙහි විසල්පුර අසල කලන්දගාම නම් ගමෙක් වෙයි. එහි කලන්ද සිටුහුගේ පුත් වූ සුදින්න නම් සිටුපුතෙක් වෙයි. ඉක්බිති කලන්දසිටුපුත් වූ සුදින්න තෙමේ බොහෝ යහළුවන් සමග කිසි යම් කටයුත්තෙකින් විසල්පුරයට පැමිණියේ ය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවැරුණ සේක් දහම් දෙසමින් වැඩහුන් සේක.
Pali BJT2. අද්දසා ඛො සුදින්නො කලන්දපුත්තො භගවන්තං මහතියා පරිසාය පරිවුතං ධම්මං දෙසෙන්තං නිසින්නං. දිස්වානස්ස එතදහොසි: “යන්නූනාහම්පි ධම්මං සුණෙය්ය”න්ති. අථ ඛො සුදින්නො කලන්දපුත්තො යෙන සා පරිසා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස එතදහොසි: “යථා යථා ඛො අහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති.
Sinhala BJT2. කලන්ද සිටුපුත් තෙමේ මහපිරිසෙන් පිරිවරණ ලදු ව දහම් දෙසමින් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක ඔහුට “ඉදින් මම ද බණ අසන්නෙම් නම් යෙහෙකැ”යි මෙබඳු සිතෙක් විය. ඉක්බිති සුදින්න සිටුපුත් තෙමේ ඒ පිරිස වෙත පැමිණ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් සුදින්නහට මෙබඳු සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය යම් යම් සේ මම දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය හැසිරෙන්නට සුකර නො වේ. ඉදින් මම කෙස්රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නෙම් නම් මැනැව” යනුයි.
Pali BJT3. අථ ඛො සා පරිසා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද, කුසල් දහම්හි යොදවන ලද, තියුණු කරණ ලද, පහන් කරණ ලද ඒ පිරිස හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
Pali BJT4. අථ ඛො සුදින්නො කලන්දපුත්තො අචිරවුට්ඨිතාය පරිසාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුදින්නො කලන්දපුත්තො භගවන්තං එතදවොච: “යථා යථා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං භන්තෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. පබ්බාජෙතු මං භගවා”ති.
Sinhala BJT4. ඉක්බිති සුදින්න නම් වූ කලන්‍දපුත් තෙමේ ඒ පිරිස නැගිට ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුදින්න කලන්‍දපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය මම යම්සේ දනිම් ද, ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය හැසිරෙන්නට සුකර නො වේ. වහන්ස, මම් කෙස් රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරණ සේක්වා” යනු යි.
Pali BJT“අනුඤ්ඤාතො’සි පන ත්වං සුද්දින්න මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා?”ති.
Sinhala BJT“සුදින්නය, ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් තෝ අනුදන්නා ලද්දෙහි ද?”
Pali BJT“න ඛො අහං භන්තෙ අනුඤ්ඤාතො මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
Sinhala BJT“වහන්ස, ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් මම නො අනුදන්නා ලද්දෙම් වෙමි.”
Pali BJT“න ඛො සුදින්න තථාගතා අනනුඤ්ඤාතං මාතාපිතූහි පුත්තං පබ්බාජෙන්තී”ති.
Sinhala BJT“සුදින්නය, තථාගතවරයෝ මව්පියන් විසින් නොඅනුදත් කුලදරුවා පැවිදි නො කෙරෙත්.”
Pali BJT“සො’හං භන්තෙ තථා කරිස්සාමි, යථා මං මාතාපිතරො අනුජානිස්සන්ති, අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
Sinhala BJT“වහන්ස, ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මව්පියෝ මට යම්සේ අනුදන්නාහු ද, මම් එසේ කරන්නෙමි.”
Pali BJT5. අථ ඛො සුදින්නො කලන්දපුත්තො වෙසාලියං තං කරණීයං තීරෙත්වා යෙන කලන්දගාමො, යෙන මාතාපිතරො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච: – “අම්ම, තාත,{1} යථා යථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. එවං වුත්තෙ සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි තාත සුදින්න, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො{2}. න ත්වං තාත සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි. මරණෙන’පි මයං තෙ අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
Sinhala BJT5. ඉක්බිති කලන්ද සිටු පුත් වූ සුදින්න තෙමේ විසල්පුරයෙහි ඒ කටයුතු දැය අවසන් කොට කලන්දගම මව්පියන් වෙත ගියේ ය. ගොස් මව්පියන්ට “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මය මම යම් යම් ලෙසෙකින් දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම් කෙස්රවුල් බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මට අවසර දෙන්නැ”යි මෙය කීය. මෙසේ කී කල්හි සුදින්න කලන්ද පුතුගේ මව්පියෝ සුදින්න කලන්ද පුත්හට “දරුව, සුදින්නය, තෝ අපගේ ප්‍රිය වූ මනාප වූ සුව සේ වැඩුනු, සුව සේ පෝෂණය කරණ ලද, එක ම පුත්‍ර වෙහි. දරුව, සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. අපි තාගේ මරණයෙනුදු නොකැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු දැ?” යි මෙය කීහ.
Pali BJT6. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සුදින්නො කලන්දපුත්තො මාතාපිතරො එතදවොච: “අම්ම, තාත, යථා යථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. තතියම්පි ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි, තාත සුදින්න අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො{2}. න ත්වං, තාත සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි. මරණෙන’පි මයං තෙ අකාමකා විනා භවිස්සාම, කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා?”ති.
Sinhala BJT6. දෙවෙනු ද ... තෙවෙනු ද ... කලන්ද පුත් වූ සුදින්න තෙමේ මව්පියන්ට “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මය මම යම් සේ දනිම් ද, ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස්රවුල් බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මට අවසර දෙන්නැ”යි මෙය කී ය. තෙවෙනු ද කලන්ද පුත් සුදින්නගේ මව්පියෝ කලන්ද පුත් සුදින්නහට “දරුව, සුදින්නය, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මන වඩන, සුව සේ වැඩුනු, සුවසේ පෝෂිත වූ, එක ම පුත්‍ර වෙහි. දරු, සුදින්න, තෝ කිසි දුකක් නො දන්නෙහි. තාගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු දැ?” යි මෙය කීහ.
Pali BJT7. අථ ඛො සුදින්නො කලන්දපුත්තො “න මං මාතාපිතරො අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති, තත්ථෙව අනන්තරහිතාය{3} භූමියා නිපජ්ජි “ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වා”ති. අථ ඛො සුදින්නො කලන්දපුත්තො එකම්පි භත්තං න භුඤ්ජි. ද්වෙ’පි භත්තානි න භුඤ්ජි. තීණි’පි භත්තානි න භුඤ්ජි. චත්තාරි’පි භත්තානි න භුඤ්ජි. පඤ්ච’පි භත්තානි න භුඤ්ජි. ඡ’පි භත්තානි න භුඤ්ජි. සත්ත’පි භත්තානි න භුඤ්ජි.
Sinhala BJT7. ඉක්බිති කලන්ද පුත් සුදින්න තෙමේ “ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මව්පියෝ මට නො ම අනුදනිත්. මෙහි ම මගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේ ය”යි එහි ම කිසිවක් නො අතුළ බිමෙහි හොත්තේ ය. ඉක්බිති කලන්‍දපුත් සුදින්න තෙමේ එක් බතක් ද නො වැළඳීය. බත් දෙකක් ද නො වැළඳී ය. බත් තුණක් ද නො වැළඳී ය. බත් සතරක් ද නො වැළඳී ය. බත් පසක් ද නො වැළඳී ය. බත් සයක් ද නො වැළඳී ය. බත් සතක් ද නො වැළඳී ය. (සත් දිනක් ම නො වැළඳීය යනු භාවයි.)
Pali BJT8. අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි තාත සුදින්න, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො, න ත්වං තාත සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි, මරණෙන’පි මයං තෙ අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. උට්ඨෙහි තාත සුදින්න, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච. භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමෙ පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. එවං වුත්තෙ සුදින්නො කලන්දපුත්තො තුණ්හී අහොසි දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි තාත සුදින්න, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො. න ත්වං තාත සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි. මරණෙන’පි මයං තෙ අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. උට්ඨෙහි තාත සුදින්න, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච. භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමෙ පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. තතියම්පි ඛො සුදින්නො කලන්දපුත්තො තුණ්හී අහොසි.
Sinhala BJT8. ඉක්බිති කලන්‍දපුත් සුදින්නගේ මවුපියෝ කලන්‍දපුත් සුදින්න හට “දරු, සුදින්න, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මන වඩන්නා වූ, සුවසේ වැඩුනු, සුව සේ පෝෂණය කරණ ලද, එක ම පුත්‍ර වෙහි. දරුව සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. තාගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස අපි අනුදනිමු ද? දරුව, සුදින්නය, නැගිටුව. අනුභව ද කරව. පානය ද කරව. ඉඳුරන් ද පිණවව. කමින් බොමින් ඉඳුරන් පිණවමින් පස්කම් සුව විඳිමින් පින් කරමින් ගිහිසුව විඳුව. ගිහිගෙන් නික්ම සසුන් වදිනට අපි තට නො ම අනුදනිමු” යි මෙය කීහ. මෙසේ කී කල්හි කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ වි ය. දෙවෙනුත් ... තෙවෙනුත් කලන්‍දපුත් සුදින්නගේ මවුපියෝ කලන්‍දපුත් සුදින්න හට “දරුව, සුදින්නය, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මනාප වූ, සුවසේ වැඩුනා වූ සුව සේ පෝෂිත වූ එක ම පුත් වෙහි. දරුව, සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. අපි තාගේ මරණයෙනුදු නො කැමැත්තමෝ වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු ද? දරුව, සුදින්නය, නැගිටුව, කව, බොව. ඉඳුරන් පිණවව. කමින් බොමින් ඉඳුරන් පිණවමින් පස්කම්සුව විඳිමින් පින් කරමින් (ගිහිගෙහි) සිත් අලවව. අපි තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අවසර නො දෙමු” යි මෙය කීහ. තෙවනුත් කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ වි ය.
Pali BJT9. අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා යෙන සුදින්නො කලන්දපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි සම්ම සුදින්න මාතාපිතුන්නං{1} එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො. න ත්වං සම්ම සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි. මරණෙන’පි තෙ මාතාපිතරො අකාමකා විනා භවිස්සන්ති. කිං පන තං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය{2}. උට්ඨෙහි, සම්ම සුදින්න, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච. භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමෙ පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මාතාපිතරො අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. එවං වුත්තෙ සුදින්නො කලන්දපුත්තො තුණ්හී අහොසි. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි සම්ම සුදින්න -පෙ- තතියම්පි ඛො සුදින්නො කලන්දපුත්තො තුණ්හී අහොසි.
Sinhala BJT9. ඉක්බිති කලන්‍දපුත් සුදින්නගේ යහළුවෝ කලන්‍දපුත් සුදින්න වෙත පැමිණියාහු ය. පැමිණ කලන්‍දපුත් සුදින්නහට “යහළු සුදින්නය, තෝ වනාහි මවුපියන්ගේ ප්‍රිය වූ මනාප වූ සුවසේ වැඩුනා වූ, සුව සේ පෝෂිත වූ, එක ම පුත් වෙහි ය. යහළු සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. තාගේ මරණයෙනුදු මවුපියෝ නො කැමැත්තමෝ ම වෙන් වන්නාහ. කිම, ඔහු ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වැදීමට අනුදන්නාහු ද? යහළු සුදින්නය, නැගිටින්න. කන්න. බොන්න. ඉඳුරන් පිණවන්න. කමින් බොමින් ඉඳුරන් පිණවමින් කම් සුව විඳිමින් පින් කරමින් ගිහිගෙහි සිත් අලවන්න. මව්පියෝ තොපට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට නො අනුදන්නාහ” යි මෙය කීහ. මෙසේ කී කල්හි කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ විය. දෙවෙනුත් ... තෙවෙනුත් කලන්‍දපුත් සුදින්නගේ යහළුවෝ කලන්‍දපුත් සුදින්නහට මෙය කීහු: “යහළු සුදින්නය, තෝ වනාහි ...” තෙවෙනුත් කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ විය.
Pali BJT10. අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා යෙන සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො එතදවොචුං: “අම්ම, තාත, එසො සුදින්නො අනන්තරහිතාය භූමියා නිපන්නො ‘ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වා’ති. සචෙ තුම්හෙ සුදින්නං නානුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, තත්ථෙව මරණං ආගමිස්සති. සචෙ පන තුම්හෙ සුදින්නං අනුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, පබ්බජිතම්පි නං දක්ඛිස්සථ. සචෙ සුදින්නො නාභිරමිස්සති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, කා තස්ස අඤ්ඤා ගති භවිස්සති? ඉධෙව පච්චාගමිස්සති. අනුජානාථ සුදින්නං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. “අනුජානාම, තාතා, සුදින්නං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා යෙන සුදින්නො කලන්දපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “උට්ඨෙහි සම්ම සුදින්න, අනුඤ්ඤාතො’සි මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
Sinhala BJT10. ඉක්බිති කලන්දපුත්ර වූ සුදින්නගේ යහළුවෝ කලන්දපුත්ර සුදින්නගේ මාපියන් වෙත එළඹියාහු ය. එළඹ කලන්දපුත්ර සුදින්නගේ මාපියන්ට මෙය කීහු: “මෑනියනි, පියාණෙනි, තෙල සුදින්න තෙමේ ‘මෙහි ම මාගේ මරණය හෝ පැවිද්ද වන්නේ ය’ යි කිසිවක් නො අතුළ බිමෙහි හොත්තේ වෙයි. ඉදින් තෙපි ගිහිගෙන් නික්ම සසුන් වදින්නට සුදින්නට අවසර නො දෙන්නහු නම්, එහි ම මරණය පැමිණෙන්නේ ය. ඉදින් තෙපි ගිහිගෙන් නික්ම සසුන් වැදීමට සුදින්නට අවසර දෙන්නහු නම්, පැවිදි වූ ඔහු දක්නහු ය. ඉදින් සුදින්න තෙමේ ගිහිගෙන් නික්ම සසුන් වැදී පැවිද්දෙහි සිත් නො අලවන්නේ නම්, ඔහුගේ කිනම් අනෙක් ගතියෙක් වන්නේ ද? මෙහි ම පෙරළා එන්නේ ය. ගිහිගෙන් නික්ම සසුන් වැදීමට සුදින්නට අනුදනිවු” යි. “දරුවෙනි, ගිහිගෙන් නික්ම සසුන් වැදීමට සුදින්නට අනුදනිමු” යි. ඉක්බිති කලන්දපුත්ර සුදින්නගේ යහළුවෝ කලන්දපුත්ර සුදින්න වෙත එළඹියාහු ය. එළඹ කලන්දපුත්ර සුදින්නහට මෙය කීහු: “යහළු සුදින්නයෙනි, නැගිටින්න, මාපියන් විසින් ගිහිගෙන් නික්ම සසුන් වැදීමට අනුදන්නා ලද්දාහු ය” යි.
Pali BJT11. අථ ඛො සුදින්නො කලන්දපුත්තො “අනුඤ්ඤාතො’ම්හි කිර මාතා පිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති හට්ඨො උදග්ගො පාණිනා ගත්තානි පරිපුඤ්ඡන්තො උට්ඨාසි. අථ ඛො සුදින්නො කලන්දපුත්තො කතිපාහං බලං ගාහෙත්වා යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුදින්නො කලන්දපුත්තො භගවන්තං එතදවොච: “අනුඤ්ඤාතො’ම්හි{1} අහං භන්තෙ, මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බාජෙතු මං භගවා”ති . අලත්ථ ඛො සුදින්නො කලන්දපුත්තො භගවතො සන්තිකෙ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා සුදින්නො එවරූපෙ ධුතගුණෙ සමාදාය වත්තති: ආරඤ්ඤිකො හොති, පිණ්ඩපාතිකො, පංසුකූලිකො, සපදානචාරිකො. අඤ්ඤතරං වජ්ජිගාමං උපනිස්සාය විහරති.
Sinhala BJT11. ඉක්බිති කලන්දපුත්ර සුදින්න තෙමේ “මාපියන් විසින් ගිහිගෙන් නික්ම සසුන් වැදීමට අනුදන්නා ලද්දෙම් වෙමි”යි සතුටු වූයේ ඔදවැඩි සිත් ඇත්තේ, අතින් සිරුර පිරිමදිමින් නැගී සිටියේ ය. ඉක්බිති කලන්දපුත්ර සුදින්න තෙමේ කීපදවසක් මුළුල්ලෙහි කය බල ගන්වා බුදුරදුන් වෙත එළැඹියේ ය. එළඹ බුදුරදුන් වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ කලන්දපුත්ර සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “වහන්ස, මම ගිහිගෙන් නික්ම සසුන් වැදීමට මාපියන් විසින් අනුදන්නා ලද්දෙම් වෙමි. භාග්‍යවතුන්වහන්සේ මා පැවිදි කරණ සේක්වා”යි. කලන්දපුත්ර වූ සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබී ය. උපසම්පදාව ලැබී ය. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් සුදින්න තෙමේ මෙබඳු ධුතගුණයන් සමාදන් ව වෙසෙයි: අරණෙහි වසන්නෙක් වෙයි. පිණ්ඩපාතිකයෙක් වෙයි. පසුල්සිවුරු දරන්නෙක් වෙයි. ගෙපිළිවෙලින් පිඬු සිඟන්නෙක් වෙයි. එක්තරා වැදෑගමක් ඇසුරු කොට වාසය කෙරෙයි.
Pali BJT12. තෙන ඛො පන සමයෙන වජ්ජී දුබ්භික්ඛා හොති ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා. න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. අථ ඛො ආයස්මතො සුදින්නස්ස එතදහොසි: “එතරහි ඛො වජ්ජී දුබ්භික්ඛා ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා. න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. බහූ ඛො පන මෙ වෙසාලියං{2} ඤාතී අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා. යංනූනාහං ඤාතී උපනිස්සාය විහරෙය්යං, ඤාතී{3} මං නිස්සාය දානානි දස්සන්ති. පුඤ්ඤානි කරිස්සන්ති, භික්ඛූ ච ලාභං ලච්ඡන්ති, අහඤ්ච පිණ්ඩකෙන න කිලමිස්සාමී”ති.
Sinhala BJT12. එකල වැදෑරට දුක සේ ලැබිය යුතු භික්ෂාව ඇත්තේ වෙයි. දෙපරිද්දෙකින් පැවැති අදහස් ඇත්තක් වෙයි. තන්හි තන්හි විසුරුණු මිනීඇට ඇත්තක් වෙයි. නොහොත් සේතට්ඨිකානම් සස්‍යරෝගය ඇත්තක් වෙයි. කුසපත්නියමයෙන් ජීවිකාවෘත්තිය පවත්වන්නක් වෙයි. නොහොත් ඉරටු පමණක් ව හටගත් සස්‍ය ඇත්තක් වෙයි. පාත්‍රය ගෙන භික්ෂාවෙහි හැසිරීමෙන් ජීවත් වන්නට පහසු නො වන්නක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නහට මේ සිත විය: “දැන් වනාහි වැදෑරට දුක සේ ලැබිය හැකි භික්ෂාව ඇත්තකි. දෙපරිද්දෙන් පැවති අදහස් ඇත්තකි. තන්හි තන්හි විසුරුණු මිනීඇට ඇත්තකි නොහොත් සේතට්ඨිකා නම් රෝගය ඇත්තකි. කුසපත්නියමයෙන් ජීවිකාවෘත්තිය පවත්වන්නකි නොහොත් ඉරටු පමණක් ව හටගත් සස්‍ය ඇත්තකි. පාත්‍රය ගෙණ භික්ෂාවෙහි හැසිරීමෙන් ජීවත් වන්නට පහසු නො වන්නකි. විසල්පුරයෙහි (උපභෝග පරිභෝගයන්ගෙන්) ආඪ්‍ය වූ නිදන්ගත මහත් ධනය ඇති, දින පතා වියදම් වන මහත් භෝග ඇති, බොහෝ වූ රන්රිදී ඇති, සතුටු උපදවන බොහෝ අලඞ්කාරෝපකරණ ඇති, ගණුදෙනුවට යෝග්‍ය වූ බොහෝ ධනධාන්‍යයන් ඇති මාගේ ඥාතීහු බොහෝ වෙත්. මම නෑයන් ඇසුරු කොට වාසය කරන්නෙම් නම්, ඉතා මැනැවි. නෑයෝ මා නිසා දන් දෙත්. පින් කරත්. භික්ෂුහු ද ලාබ ලබත්. මම ද ආහාරයෙන් ක්ලාන්ත නො වෙමි” යි.
Pali BJT13. අථ ඛො ආයස්මා සුදින්නො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන වෙසාලී{1}, තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං ආයස්මා සුදින්නො වෙසාලියං විහරති මහාවනෙ{2}. අස්සොසුං ඛො ආයස්මතො සුදින්නස්ස ඤාතකා “සුදින්නො කිර කලන්දපුත්තො වෙසාලිං අනුප්පත්තො”ති. තෙ ආයස්මතො සුදින්නස්ස සට්ඨිමත්තෙ ථාලිපාකෙ භත්තාභිහාරං අභිහරිංසු. අථ ඛො ආයස්මා සුදින්නො තෙ සට්ඨිමත්තෙ ථාලිපාකෙ භික්ඛූනං විස්සජ්ජෙත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කලන්දගාමං පිණ්ඩාය පාවිසි. කලන්දගාමෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන සකපිතුනිවෙසනං, තෙනුපසඞ්කමි.
Sinhala BJT13. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ සෙනසුන තැන්පත් කොට පා සිවුරු ගෙන විසල්පුරය බලා ගියේ ය. පිළිවෙළින් ගොස් විසල්පුරයට පැමිණියේ ය. එකල්හි ආයුෂ්මත් සුදින්න තෙමේ විසල්පුර මහවනයෙහි වෙසෙයි. ආයුෂ්මත් වූ සුදින්නගේ නෑයෝ “කලන්ද පුත් සුදින්න තෙමේ විසල් පුරයට පැමිණියේ ල” යි ඇසූහ. ඔහු ආයුෂ්මත් සුදින්නට බත්සැළි සැටක් එළැවූහ. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ බත්සැළි සැට භික්ෂූන්ට දී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කලන්දසිටුගමෙහි පිඬු පිණිස හැසිරෙන්නේ සිය පියාගේ නිවෙසට පැමිණියේ ය.
Pali BJT14. තෙන ඛො පන සමයෙන ආයස්මතො සුදින්නස්ස ඤාතිදාසී ආභිදොසිකං කුම්මාසං ඡඩ්ඩෙතුකාමා හොති. අථ ඛො ආයස්මා සුදින්නො තං ඤාතිදාසිං එතදවොච: “සචෙ තං භගිනි ඡඩ්ඩනීයධම්මං, ඉධ මෙ පත්තෙ ආකිරා”ති. අථ ඛො ආයස්මතො සුදින්නස්ස ඤාතිදාසී තං ආභිදොසිකං කුම්මාසං ආයස්මතො සුදින්නස්ස පත්තෙ ආකිරන්ති{3} හත්ථානඤ්ච පාදානඤ්ච සරස්ස ච නිමිත්තං අග්ගහෙසි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස ඤාතිදාසී යෙනායස්මතො සුදින්නස්ස මාතා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතො සුදින්නස්ස මාතරං එතදවොච: “යග්ඝය්යෙ ජානෙය්යාසි, අය්යපුත්තො සුදින්නො අනුප්පත්තො”ති. “සචෙ ජෙ සච්චං භණසි,{4} අදාසිං තං කරොමී”ති.
Sinhala BJT14. එකල්හි ආයුෂ්මත් සුදින්නගේ නෑදැස්සක් පිළුනු වූ කොමු පිඩුවක් ඉවත ලනු කැමැත්තී වෙයි. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ නෑදැස්සට මෙය කී: “ඉදින් නැගනියෙනි, එය ඉවත දැමිය යුත්තක් නම් මෙහි මාගේ පාත්‍රයෙහි බහාලනු මැනැවි”යි. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නගේ නෑදැස්ස ඒ පිළුනු කොමුපිඩුව ආයුෂ්මත් සුදින්නගේ පාත්‍රයෙහි බහන්නී අත්වල ද පාවල ද ස්වරයෙහි ද නිමිති ගත්තා ය. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නගේ නෑදැස්ස ආයුෂ්මත් වූ සුදින්නගේ මවු වෙත එළඹියාය ය. එළඹ ආයුෂ්මත් සුදින්නගේ මවට මෙය කිවූය: “ආර්‍ය්‍යාවෙනි, දන්නෙහි ද? ආර්‍ය්‍ය පුත්‍ර වූ සුදින්න තෙමේ පැමිණියේ ය” යි. “එම්බල දාසිය, ඉදින් තෝ සත්‍යයක් කීයෙහි නම්, තී නොදැස්සක් කරමි”යි.
Pali BJT15. තෙන ඛො පන සමයෙන ආයස්මා සුදින්නො තං ආභිදොසිකං කුම්මාසං අඤ්ඤතරං කුඩ්ඩමූලං{5} නිස්සාය පරිභුඤ්ජති. පිතා’පි ඛො ආයස්මතො සුදින්නස්ස කම්මන්තා ආගච්ඡන්තො අද්දස ආයස්මන්තං සුදින්නං තං ආභිදොසිකං කුම්මාසං අඤ්ඤතරං කුඩ්ඩමූලං නිස්සාය පරිභුඤ්ජන්තං. දිස්වාන යෙනායස්මා සුදින්නො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “අත්ථි නාම, තාත සුදින්න, ආභිදොසිකං කුම්මාසං පරිභුඤ්ජිස්සසි? නනු නාම තාත සුදින්න, සකං ගෙහං ගන්තබ්බ?”න්ති. “අගමිම්හ{6} ඛො තෙ ගහපති, ගෙහං. තතායං{7} ආභිදොසිකො කුම්මාසො”ති. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පිතා ආයස්මතො සුදින්නස්ස බාහායං ගහෙත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “එහි තාත සුදින්න, ඝරං ගමිස්සාමා”ති. අථ ඛො ආයස්මා සුදින්නො යෙන සකපිතුනිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පිතා ආයස්මන්තං සුදින්නං එතදවොච: “භුඤ්ජ තාත සුදින්නා”ති. “අලං ගහපති. කතං මෙ අජ්ජ භත්තකිච්ච”න්ති. “අධිවාසෙහි, තාත සුදින්න ස්වාතනාය භත්ත”න්ති. අධිවාසෙසි ඛො ආයස්මා සුදින්නො තුණ්හීභාවෙන. අථ ඛො ආයස්මා සුදින්නො උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT15. එකල්හි ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ පිළුනු වූ කොමුපිඩුව එක් ගෙබිත්තියක් ලඟ හිඳ වළඳයි. ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ද කර්මාන්ත ස්ථානයෙන් පෙරළා එන්නේ ඒ පිළුනු වූ කොමුපිඩුව එක් ගෙබිත්තියක් ලඟ හිඳ වළඳන්නා වූ ආයුෂ්මත් සුදින්න දිටී ය. දැක ආයුෂ්මත් සුදින්න වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් සුදින්නට මෙය කී ය: “දරුව සුදින්නයෙනි, රෑලැගි කොමු පිඩුව වළඳවු ද, (අත්ථි නාම =) තොප කෙරෙහි ශ්‍රමණගුණ විශේෂයක් ඇත් ම ය;{1} දරුව සුදින්නය, සියගෙට යා යුතු නො වේ ද?”. “ගැහැවිය, ඔබගේ ගෙට ගියෙමු. මේ පිළුනු කොම පිඩුව ඒ ඔබගේ ගෙයින් ය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ බාහුව ගෙණ ආයුෂ්මත් සුදින්නට මෙය කීය: “දරුව, සුදින්නය, එව. ගෙට යමු” යි. පසු ව ආයුෂ්මත් සුදින්න තෙමේ සිය පියාගේ ගෙට ගියේ ය. ගොස් පණවන ලද අස්නෙහි හුනි. ඉන් පසු ආයුෂ්මත් වූ සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් වූ සුදින්නට “දරුව, සුදින්නය, අනුභව කරව” යි මෙය කී ය. “ගැහැවිය, කම් නැත. අද බත්කිස නිමවන ලදී” යි සුදින්න භික්ෂු තෙමේ කීය. “දරුව සුදින්න හෙට සඳහා බත ඉවසන්නැ” යි (පියතුමා) කීවේය. ආයුෂ්මත් සුදින්න තෙමේ නිශ්ශබ්දභාවයෙන් ඉවසූ සේක. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ හුනස්නෙන් නැගිට වැඩිසේක.
Pali BJT16. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා තස්සා රත්තියා අච්චයෙන හරිතෙන ගොමයෙන පඨවිං ඔපුඤ්ඡාපෙත්වා{1} ද්වෙ පුඤ්ජෙ කාරාපෙසි: එකං හිරඤ්ඤස්ස, එකං සුවණ්ණස්ස. තාව මහන්තා පුඤ්ජා අහෙසුං-ඔරතො ඨිතො පුරිසො පාරතො ඨිතං පුරිසං න පස්සති, පාරතො ඨිතො පුරිසො ඔරතො ඨිතං පුරිසං න පස්සති. තෙ පුඤ්ජෙ කිලඤ්ජෙහි පටිච්ඡාදාපෙත්වා මජ්ඣෙ ආසනං පඤ්ඤාපෙත්වා තිරොකරණීයං පරික්ඛිපිත්වා ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකං ආමන්තෙසි: “තෙන හි ත්වං වධු, යෙන අලඞ්කාරෙන අලඞ්කතා පුත්තස්ස මෙ සුදින්නස්ස පියා අහොසි මනාපා, තෙන අලඞ්කාරෙන අලඞ්කරා”ති. ‘එවං අය්යෙ”ති ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස මාතුයා පච්චස්සොසි.
Sinhala BJT16. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නගේ මවු තොමෝ එ රැය ඇවෑමෙන් අමුගොමින් බිම පිරිබඩ දී කහවණුවලින් එකක් ද රනින් එකක් දැ යි ගොඩවල් දෙකක් කරවී ය. මොබ සිටි පුරුෂතෙමේ ඔබ සිටි පුරුෂයා නො දකීද, ඔබ සිටි පුරුෂ තෙමේ මොබ සිටි පුරුෂයා නො දකීද, ඒ සා මහත් ගොඩවල් වූහ. ඒ ගොඩවල් කළාලවලින් වසා මැද අසුනක් පණවා තිරයකින් වට කොට ආයුෂ්මත් සුදින්නගේ පැරණි දෙවැන්නිය (= අඹුව) අමතා, “ලෙහෙළිය, යම් අලඞ්කාරයකින් සැරසුනා වූ තී මා පුත් සුදින්නට ප්‍රිය වූවා ද, මනාප වූවා ද, ඒ අලඞ්කාරයෙන් සැරසෙව” යි කිවු ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ආයුෂ්මත් සුදින්නගේ පැරණි අඹුව ආයුෂ්මත් සුදින්නගේ මවුට පිළිවදන් දුන්නී ය.
Pali BJT17. අථ ඛො ආයස්මා සුදින්නො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සකපිතුනිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පිතා යෙනායස්මාසුදින්නො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ පුඤ්ජෙ විවරාපෙත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තෙ තාත සුදින්න, මාතුමත්තිකං ඉත්ථිකාය ඉත්ථිධනං. අඤ්ඤං පෙත්තිකං. අඤ්ඤං පිතාමහං. ලබ්භා තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගා ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු. පුඤ්ඤානි ච කරොහී”ති. “තාත, න උස්සහාමි. න විසහාමි. අභිරතො අහං බ්රහ්මචරියං චරාමී”ති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මතො සුදින්නස්ස පිතා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තෙ තාත සුදින්න මාතුමත්තිකං ඉත්ථිකාය ඉත්ථිධනං. අඤ්ඤං පෙත්තිකං. අඤ්ඤං පිතාමහං. ලබ්භා, තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගා ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං, තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු. පුඤ්ඤානි ච කරොහී”ති. “වදෙය්යාම ඛො තං, ගහපති, සචෙ ත්වං නාතිකඩ්ඪෙය්යාසී”ති. “වදෙහි තාත සුදින්නා”ති. “තෙන හි ත්වං ගහපති, මහන්තෙ මහන්තෙ සාණිපසිබ්බකෙ කාරාපෙත්වා හිරඤ්ඤසුවණ්ණස්ස පූරාපෙත්වා සකටෙහි නිබ්බාහාපෙත්වා මජ්ඣෙ ගඞ්ගාය සොතෙ ඔසාදෙහි{2} තං කිස්ස හෙතු? යං හි තෙ ගහපති භවිස්සති තතොනිදානං භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා ආරක්ඛො වා, සො තෙ න භවිස්සතී”ති. එවං වුත්තෙ ආයස්මතො සුදින්නස්ස පිතා අනත්තමනො අහොසි: කථං හි නාම පුත්තො සුදින්නො එවං වක්ඛතී”ති.
Sinhala BJT17. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පෙරබත්කල හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සිය පිය නිවෙස වෙත එළඹියේ ය. එළඹ පැණවූ අස්නෙහි හුන්නේ ය. ඉන්පසු ආයුෂ්මත් සුදින්නගේ පියතෙමේ ආයුෂ්මත් සුදින්න වෙත එළඹියේ ය. එළඹ ඒ රන්රුවන් ගොඩවල් වැසුම් හරවා ආයුෂ්මත් සුදින්නට මෙය කී: “දරුව, සුදින්නය, මේ මිත්තනියන් විසින් ඔබගේ මවට දෛනික පරිභෝග වූ නානසුණු ආදිය ගැණීම පිණිස දුන් ධනය වෙයි. පියාට අයත් ධනය මෙයින් අන්‍ය ය. මුත්තනුවන්ගේ ධනය මෙයින් අන්‍ය ය. දරුව සුදින්නය, ගිහිබවට පැමිණ භෝග අනුභව කරන්නට ද පින් කරන්නට ද හැකි ය. දරුව සුදින්නය, එව. තෝ ගිහිබවට පැමිණ භෝගයන් ද අනුභව කරව. පින් ද කරව” යනු යි. “පියාණෙනි, නො හෙමි. නො හැකියෙමි. මම් සස්නෙහි ඇලුනෙම් බඹසර හැසිරෙමි”යි. දෙවනුවත් ... තෙවෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියතෙමේ ආයුෂ්මත් සුදින්නහට මෙය කී ය: “දරුව සුදින්නය, මේ මිත්තනියන් විසින් ඔබගේ මවට දෛනික පරිභෝය පිණිස දුන් ධනය වෙයි. පියාට අයත් ධනය මෙයින් අන්‍ය ය. මුත්තනුවන්ගේ ධනය ද මෙයින් අන්‍ය ය. දරුව සුදින්නය, ගිහිබවට පැමිණ භෝග අනුභව කරන්නට ද පින් කරන්නට ද හැකි ය. දරුව සුදින්නය, එව, තෝ ගිහිබවට පැමිණ භෝගයන් ද අනුභව කරව. පින් ද කරව” කියා යි. “ඉදින් ගැහැවිය, ඔබ නොකිපෙන්නහු නම්, එයට කිව යුතු දෙය කියමු” යි. “පුත සුදින්නය, කියව” යි ගැහැවි කී ය. “එසෙ වී නම් ගැහැවිය, ඔබ මහත් මහත් ගෝණිමලු කරවා, කහවණුවලින් හා රනින් පුරවා, ගැල්වලින් අදවා, ගඟ මැද සැඩ දියපහරෙහි කිඳවා ලන්න. ඒ කවර හෙයින් ද? ගැහැවිය, ඔබට එය හේතු කොට ගෙණ යම්බඳු බියක් හෝ ලය සැලීමෙක් හෝ ලොමුදහ ගැණීමක් හෝ රැක ගැණීමක් හෝ වේ ද, එය ඔබට නොවන්නේය” යි සුදින්න භික්ෂු කී ය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ “කෙසේ නම් මා පුත් සුදින්න තෙමේ මෙසේ කියන්නේ දැ?”යි නොසතුටු සිත් ඇත්තේ විය.
Pali BJT18. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පිතා ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකං ආමන්තෙසි: “තෙන හි වධු, ත්වම්පි යාච, අප්පෙව නාම පුත්තො සුදින්නො තුය්හම්පි වචනං කරෙය්යා”ති. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස පාදෙසු ගහෙත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “කීදිසා නාම තා අය්යපුත්ත අච්ඡරායො, යාසං ත්වං හෙතු බ්රහ්මචරියං චරසී?”ති. “න ඛො අහං භගිනි, අච්ඡරානං හෙතු බ්රහ්මචරියං චරාමී”ති.
Sinhala BJT18. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව ඇමතී ය: “එසේ වී නම් ලෙහෙළිය, තෝ ද යාච්ඤා කරව. පුත් වූ සුදින්න තෙමේ තිගේ වචනය වත් කරන්නේ නම් ඉතා මැනැවි”යි කී ය. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ පා අල්ලාගෙන ආයුෂ්මත් සුදින්නට මෙය කී ය: “ආර්ය්යපුත්රයෙනි, ඔබ යම්බඳු වූ දෙවඟනන් ලැබීම පිණිස බඹසර හැසිරෙත් නම්, ඒ දෙවඟනෝ කෙබඳු දැ”යි ඇසුවා ය. “නැගනියෙනි, මම දෙවඟනන් හේතු කොට ගෙණ බඹසර නො හැසිරෙමි”යි හේ කී ය.
Pali BJT19. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා “අජ්ජතග්ගෙ මං අය්යපුත්තො සුදින්නො භගිනීවාදෙන සමුදාචරතී”ති තත්ථෙව මුච්ඡිතා පපතා. අථ ඛො ආයස්මා සුදින්නො පිතරං එතදවොච: “සචෙ ගහපති, භොජනං දාතබ්බං, දෙථ. මා නො විහෙඨයිත්ථා”ති. “භුඤ්ජ තාත සුදින්නා”ති. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ච පිතා ච ආයස්මන්තං සුදින්නං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසුං සම්පවාරෙසුං. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මන්තං සුදින්නං භුත්තාවිං ඔනීතපත්තපාණිං එතදවොච: “ඉදං තාත සුදින්න, කුලං අඩ්ඪං මහද්ධනං මහාභොගං පහූතජාතරූපරජතං පහූතවිත්තූපකරණං පහූතධනධඤ්ඤං. ලබ්භා{1} තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගා ච භුඤ්ජිතුං. පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු. පුඤ්ඤානි ච කරොහී”ති. “අම්ම, න උස්සහාමි. න විසහාමි. අභිරතො අහං බ්රහ්මචරියං චරාමී”ති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තාත සුදින්න, කුලං අඩ්ඪං මහද්ධනං මහාභොගං පහූතජාතරූපරජතං පහූතවිත්තූපකරණං පහූතධනධඤ්ඤං. තෙන හි තාත සුදින්න, බීජකම්පි දෙහි, මා නො අපුත්තකං සාපතෙය්යං ලිච්ඡවයො{2} අතිහරාපෙසු”න්ති. “එතං ඛො මෙ අම්ම, සක්කා කාතු”න්ති. “කහං පන තාත සුදින්න, එතරහි විහරසී”ති? “මහාවනෙ අම්මා”ති. අථ ඛො ආයස්මා සුදින්නො උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT19. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආර්‍ය්‍යපුත්‍ර වූ සුදින්න තෙමේ “අද පටන් මට භගිනිවාදයෙන් කථා කෙරේ ය”යි සිහි නැති ව එහි ම වැටුනී ය. ඉන් පසු ආයුෂ්මත් සුදින්න තෙමේ “ඉදින් ගැහැවිය දිය යුතු ආහාරයක් වේ නම්, දෙනු මැනැවි. අප නො වෙහෙසන්නැ”යි පියාට කී ය. “පුත සුදින්නය, වළඳනු මැනැවි” යි ගැහැවි කීය. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ මවු ද පියා ද ආයුෂ්මත් සුදින්නට ප්‍රණීත වූ කෑ යුතු දැය ද බිදිය යුතු දැය ද සියතින් වැළඳවූහ, පැවැරවූහ. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ වළඳා අවසන් කළ, පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් සුදින්නට මෙය කී ය: “පුත සුදින්න, මේ කුලය ආඪ්‍ය ය. මහද්ධන ඇත්තක. මහද් භෝග ඇත්තක. බොහෝ රන් රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධනධාන්‍ය ඇත්තක. පුත සුදින්න, ගිහි බවට පැමිණ භෝග අනුභව කරන්ට ද පින් කරන්ට ද හැකි ය. පුත සුදින්න. එව, තෝ ගිහි බවට පැමිණ භෝග ද අනුභව කරව. පින් ද කරව” කියා යි. “මෑනියනි, නො හෙමි. නො හැක්කෙමි. මම ඇලුනෙම් බඹසර හැසිරෙමි”යි සුදින්න භික්ෂු කී ය. දෙවනුවත් ... තෙවනුවත් ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නහට මෙය කීය: “පුත සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහද්ධන ඇත්තක. මහාභෝග ඇත්තක. බොහෝ රන්රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධනධාන්‍ය ඇත්තක. එහෙයින් පුත සුදින්න, (කුලවංශය ආරක්ෂා කර ගැණීමට) බීජයක් (පුතෙකු) දෙව. අපගේ දරුවන් නොමැති වස්තුව ලිච්ඡවීහු ගෙන්වා නො ගණිත්වා”යනු යි. “මෑනියනි, මෙය මට කරන්නට හැකි ය”යි සුදින්න කී ය. “පුත සුදින්න, මෙ කල කොහි වෙසෙහි දැ?”යි මවු ඇසුවා ය. “මෑනියනි, මහවනයෙහියැ”යි සුදින්නභික්‍ෂු තෙමේ කී ය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ අස්නෙන් නැගිට ගියේ ය.
Pali BJT20. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකං ආමන්තෙසි: “තෙන හි වධු, යදා උතුනී හොසි, පුප්ඵං තෙ උප්පන්නං හොති, අථ මෙ ආරොචෙය්යාසී”ති. “එවං අය්යෙ”ති ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස මාතුයා පච්චස්සොසි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා න චිරස්සෙව උතුනී අහොසි, පුප්ඵංසා උප්පජ්ජි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස මාතරං එතදවොච: “උතුනී’ම්හි අය්යෙ, පුප්ඵං මෙ උප්පන්න”න්ති. “තෙන හි වධු, යෙන අලඞ්කාරෙන අලඞ්කතා පුත්තස්ස සුදින්නස්ස පියා අහොසි මනාපා, තෙන අලඞ්කාරෙන අලඞ්කරා”ති. “එවං අය්යෙ”ති ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස මාතරං{3} පච්චස්සොසි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකං ආදාය යෙන මහාවනං යෙනායස්මා සුදින්නො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තාත සුදින්න, කුලං අඩ්ඪං මහද්ධනං මහාභොගං පහූතජාතරූපරජතං පහූතවිත්තූපකරණං පහූතධනධඤ්ඤං. ලබ්භා තාත සුදින්න හීනායාවත්තිත්වා භොගා ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු පුඤ්ඤානි ච කරොහී”ති. “අම්ම, න උස්සහාමි. න විසහාමි අභිරතො අහං බ්රහ්මචරියං චරාමී”ති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො -පෙ- ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තාත සුදින්න, කුලං අඩ්ඪං මහද්ධනං මහාභොගං පහූතජාතරූපරජතං පහූතවිත්තූපකරණං පහූතධනධඤ්ඤං. තෙන හි තාත සුදින්න, බීජකම්පි දෙහි, මා නො අපුත්තකං සාපතෙය්යං ලිච්ඡවයො අතිහරාපෙසු”න්ති.
Sinhala BJT20. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව බණවා “එසේ වී නමි ලේළිය, යම් දවසක ඍතුමතී වෙහි ද, තිට මල්වර වේ ද, එකල්හි මට දන්වව” යි කිවු ය. “ආර්‍ය්‍යාවෙනි, එස් යැ”යි කියා ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට පිළිවදන් දුන්නී ය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ නොබෝ දවසකින් ම ඍතුමතී වූවා ය. ඇයට මල්වර උපන. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට “ආර්‍ය්‍යාවෙනි, උතුනියක් වෙමි. මට ඔසප් ලෙය උපනැ”යි මෙය කීවා ය. “එසේ වී නම් ලේළිය, යම් අලඞ්කාරයකින් සැරසුනී පුත් වූ සුදින්නහට ප්‍රියමනාප වූ ද, ඒ අලඞ්කාරයෙන් සැරසෙව”යි ඕ කිවු ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය”යි ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට පිළිවදන් ඇස්වූ ය. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව කැඳවාගෙණ මහවනයෙහි ආයුෂ්මත් සුදින්න වෙත එළඹියා ය. එළඹ ආයුෂ්මත් සුදින්නහට මෙය කිවු ය: “පුත සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහද්ධන ඇත්තක. මහද්භෝග ඇත්තක. බොහෝ රන්රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධනධාන්‍ය ඇත්තක. පුත සුදින්න, ගිහිබවට පැමිණ භෝග අනුභව කරන්නට ද පින් කරන්නට ද හැකි ය. පුත සුදින්න, එව. තො ගිහිබවට පැමිණ භෝගයන් ද අනුභව කරව. පින් ද කරව” යනු යි. “මෑනියනි, නො හෙමි. නො හැකියෙමි. මම ඇලුනෙම් බඹසර හැසිරෙමි”යි හේ කී ය. දෙවනුත් ... තෙවනුත් ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නහට මෙය කීවාය: “පුත, සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහද් ධන ඇත්තක. මහද් භෝග ඇත්තක. බොහෝ රන්රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධන ධාන්‍ය ඇත්තක. එහෙයින් පුත සුදින්නය, බීජයක් (පුතකු) දෙව. අපුත්‍රක වූ ධනය ලිච්ඡවීහු හැර නො ගණිත්වා” යනු යි.
Pali BJT21. “එතං ඛො මෙ අම්ම, සක්කා කාතු”න්ති පුරාණදුතියිකාය{1} බාහායං ගහෙත්වා මහාවනං අජ්ඣොගාහෙත්වා අප්පඤ්ඤත්තෙ{2} සික්ඛාපදෙ අනාදීනවදස්සො පුරාණදුතියිකාය තික්ඛත්තුං මෙථුනං ධම්මං අභිවිඤ්ඤාපෙසි. සා තෙන ගබ්භං ගණ්හි.
Sinhala BJT21. “මෑනියනි, මෙය නම් මට කරන්නට හැකි” යි හෙතෙම ගිහි කල අඹුවගේ අත අල්ලා ගෙණ මහවනයට බැස ගෙණ, සිකපද නො පැණවූ කල්හි ආදීනව නො දක්නේ ගිහිකල අඹුව සමග තෙවරක් මෙවුන්දම් සෙවී ය. ඕ එයින් ගැබ් ගත්තී ය.
Pali BJTභුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං: “නිරබ්බුදො වත භො, භික්ඛුසඞ්ඝො නිරාදීනවො. සුදින්නෙන කලන්දපුත්තෙන අබ්බුදං උප්පාදිතං, ආදීනවො උප්පාදිතො”ති. භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දෙවා සද්දමනුස්සාවෙසුං -පෙ- තාවතිංසා දෙවා, -යාමා දෙවා- තුසිතා දෙවා, -නිම්මානරතිනො{3} දෙවා, -පරනිම්මිතවසවත්තිනො{4} දෙවා, -බ්රහ්මකායිකා දෙවා, සද්දමනුස්සාවෙසුං: “නිරබ්බුදො වත භො භික්ඛුසඞ්ඝො නිරාදීනවො. සුදින්නෙන කලන්දපුත්තෙන අබ්බුදං උප්පාදිතං, ආදීනවො උප්පාදිතො”ති. ඉතිහ තෙන ඛණෙන තෙන මුහුත්තෙන යාව බ්රහ්මලොකා සද්දො අබ්භුග්ගඤ්ඡි{5}.
Sinhala BJT“පින්වත්නි, ඒකාන්තයෙන් ම භික්‍ෂුසඞ්ඝ තෙමේ නො කැලැල් ය. නිදොස් ය. කලන්දසිටු පුත් වූ සුදින්න විසින් අර්බුදයක් උපදවන ලදී. ආදීනවයක් උපදවන ලදැ” යි බූමාටු දෙවියෝ උද්ඝෝෂණය කළාහු ය. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ උද්ඝෝෂණය කළාහු ය. ... තව්තිසා වැසි දෙවියෝ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ … නිම්මානරති දෙවියෝ ... පරනිර්මිත වශවර්ති දෙවියෝ ... බඹලොව වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් භික්‍ෂුසඞ්ඝ තෙමේ නො කැලැල් ය. නිදොස් ය. කලන්දසිටු පුත් සුදින්න විසින් අර්බුදයක් උපදවන ලදී. ආදීනවයක් උපදවන ලදැ” යි උද්ඝෝෂණය කළාහු ය. මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි ඝෝෂය බඹලොව තෙක් පැන නැගුනේ ය.
Pali BJT22. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා තස්ස ගබ්භස්ස පරිපාකමන්වාය පුත්තං විජායි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස සහායකා තස්ස දාරකස්ස බීජකො’ති නාමං අකංසු. ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකාය බීජකමාතා’ති නාමං අකංසු. ආයස්මතො සුදින්නස්ස බීජකපිතා’ති නාමං අකංසු. තෙ අපරෙන සමයෙන උභො අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අරහත්තං සච්ඡාකංසු.
Sinhala BJT22. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුතොමෝ ඒ ගබ මිහිකිරීමට පැමිණ පුතකු වැදුවා ය. එකල්හි ආයුෂ්මත් වූ සුදින්නගේ යහළුවෝ ඒ දරුහට ‘බීජක ය’ යි නම් කළාහු ය. ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුවට ‘බීජකමාතෘ ය’ යි නම් කළාහු ය. ආයුෂ්මත් සුදින්නහට ‘බීජකපිතෘ ය’ යි නම් කළාහු ය. ඔහු (මාතෘපුත්ර) දෙදෙන පසු කාලයෙහි ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වී රහත්බව ලැබූහ.
Pali BJT23. අථ ඛො ආයස්මතො සුදින්නස්ස අහුදෙව කුක්කුච්චං, අහු විප්පටිසාරො “අලාභා වත මෙ. න වත මෙ ලාභා. දුල්ලද්ධං වත මෙ. න වත මෙ සුලද්ධං. යො’හං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා නාසක්ඛිං යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතු”න්ති. සො තෙනෙව කුක්කුච්චෙන තෙන විප්පටිසාරෙන කිසො අහොසි ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො අන්තොමනො ලීනමනො දුක්ඛී දුම්මනො විප්පටිසාරී පජ්ඣායි.
Sinhala BJT23. ඉක්බිති ආයුෂ්මත් සුදින්නහට “යම් ඒ මම මෙසේ මනා කොට දේශනා කරණ ලද ධර්මවිනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැකි වීම් ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෝ ය. ඒකාන්තයෙන් මට ලාභයෝ නො වෙත්. මා විසින් ඒකාන්තයෙන් නපුරු ලැබීමක් ය. යහපත් ලැබීමක් නො වේ”යි පසුතැවිලි ඇති විය. විපිළිසර ඇති විය. හෙතෙමේ ඒ කුකුසෙන් ඒ විපිළිසරින් කෘශ වූයේ රළු වූයේ දුර්වර්ණ වූයේ පඬුවන් පැහැ ඇති වූයේ නහර ඉල්පී ගිය සිරුරු ඇත්තේ, සැඟවුනු හැකුළුණු සිත් ඇත්තේ දුක් ඇත්තේ නො සතුටු සිත් ඇත්තේ විපිළිසර වූයේ සිතිවිල්ලට වැටුනේ විය.
Pali BJT24. අථ ඛො ආයස්මතො සුදින්නස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං සුදින්නං එතදවොචුං: “පුබ්බෙ ඛො ත්වං ආවුසො සුදින්න, වණ්ණවා අහොසි පීනින්ද්රියො{6} පසන්නමුඛවණ්ණො විප්පසන්නඡවිවණ්ණො. සො’දානි ත්වං එතරහි කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො, අන්තොමනො ලීනමනො දුක්ඛී දුම්මනො විප්පටිසාරී පජ්ඣායසි. කච්චි නො ත්වං ආවුසො සුදින්න, අනභිරතො බ්රහ්මචරියං චරසී”ති? “න ඛො අහං ආවුසො අනභිරතො බ්රහ්මචරියං චරාමි. අත්ථි මෙ පාපකම්මං කතං. පුරාණදුතියිකාය මෙථුනො ධම්මො පටිසෙවිතො. තස්ස මය්හං ආවුසො, අහුදෙව කුක්කුච්චං, අහු විප්පටිසාරො: අලාභා වත මෙ. න වත මෙ ලාභා. දුල්ලද්ධං වත මෙ. න වත මෙ සුලද්ධං: යො ‘හං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා නාසක්ඛිං යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතු”න්ති.
Sinhala BJT24. එකල්හි ආයුෂ්මත් සුදින්නගේ යහළු භික්ෂුහු ආයුෂ්මත් සුදින්න හට මෙය කීවාහු ය: “ඇවැත් සුදින්න ය, පෙර තෝ පැහැපත් වූයෙහි ය. පිණා ගිය ඉඳුරන් ඇත්තෙහි ය. පහන් වූ මුව පැහැය ඇත්තෙහි ය. ඉතා ප්‍රසන්න වූ ඡවිවර්ණ ඇත්තෙහි ය. ඒ තෝ දැන් වනාහි කෘශ වූයෙහි රළු වූයෙහි දුර්වර්ණ වූයෙහි පඬුවන් පැහැ ඇති වූයෙහි නහර ඉල්පී ගිය සිරුරු ඇත්තෙහි සැඟවුනු සිත් ඇත්තෙහි හැකිළුනු සිත් ඇත්තෙහි දුක් ඇත්තෙහි නො සතුටු සිත් ඇත්තෙහි විපිළිසර වූයෙහි ඒ ඒ දෑ සිතන්නට පටන් ගත්තෙහි ය. කිම ඇවැත් සුදින්න, තෝ නො ඇලුනෙහි බඹසර හැසිරෙහි ද?”. “ඇවැත්නි, මම නො ඇලුනෙම් බඹසර නො හැසිරෙමි. මා විසින්කළ පව්කමක් ඇත. පොරණඅඹුව හා මෙවුන්දම් සෙවුනා ලද්දේ ය. ‘ඇවැත්නි, යම් ඒ මම මෙසේ මනා කොට දේශනා කරණ ලද ධර්මවිනයෙහි පැවිදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැකි වීමි ද, ඒ මට අලාභයෝ ය. ඒකාන්තයෙන් ලාභයෝ නො වෙත්. මවිසින් ඒකාන්තයෙන් නපුරු ලැබීමකි, එකැතින් මට යහපත් ලැබීමක් නො වෙයි, පසුතැවිලි ඇති විය. විපිළිසර ඇති විය” යි සුදින්න මහණ කී ය. එ විට ඒ මහණහු මෙසේ කීහ:
Pali BJT25. “අලං හි තෙ ආවුසො සුදින්න කුක්කුච්චාය, අලං විප්පටිසාරාය, යං ත්වං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා න සක්ඛිස්සසි යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුං.
Sinhala BJT25. “ඇවැත් සුදින්න, යම් හෙයකින් තෝ මෙසේ මැනැවින් දෙසූ ධර්ම විනයයෙහි පැවිදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද? තාගේ කුකුසට එය සෑහේ. විපිළිසරට සෑහේ.
Pali BJT26. නනු ආවුසො භගවතා අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය? විසංයොගාය ධම්මො දෙසිතො නො සංයොගාය? අනුපාදානාය ධම්මො දෙසිතො නො සඋපාදානාය?
Sinhala BJT26. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් සරාගය පිණිස නොව විරාගය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? (නො ඇලීම පිණිස දෙසන ලදී. ඇලීම පිණිස නො වෙයි.) ක්ලේශයන්ගෙන් වෙන් ව විසීම පිණිස ධර්මය දේශනා කරණ ලද්දේ නො වේ ද? කෙලෙසුන් හා නො යෙදීම පිණිස ධර්මය දෙසන ලද්දේ නො වේ ද? තෘෂ්ණාවශයෙන් දැඩි කොට නො ගැණීම පිණිස ධර්මය දේශනා කරණ ලද්දේ නො වේ ද? තෘෂ්ණා වශයෙන් දැඩි කොට ගැණීම පිණිස නො දෙසන ලද්දේ නො වේ ද?
Pali BJT27. තත්ථ නාම ත්වං ආවුසො භගවතා විරාගාය ධම්මෙ දෙසිතෙ සරාගාය චෙතෙස්සසි. විසංයොගාය ධම්මෙ දෙසිතෙ සංයොගාය චෙතෙස්සසි. අනුපාදානාය ධම්මෙ දෙසිතෙ සඋපාදානාය චෙතෙස්සසි,
Sinhala BJT27. එහි ඇවැත්නි, තෝ භාග්‍යවතුන් වහන්සේ විසින් විරාගය පිණිස ධර්මය දේශනා කරණ ලද කල්හි රාගය හා පවත්නා මෙවුන්දම් සෙවීම පිණිස උත්සාහ කෙළෙහි ය. විසංයෝගය පිණිස ධර්මය දේශනා කරණ ලද කල්හි සංයෝගය පිණිස උත්සාහ කෙළෙහි ය. අනුපාදානය පිණිස ධර්මය දේශනා කරණ ලද කල්හි සඋපාදානය පිණිස උත්සාහ කෙළෙහි ය.
Pali BJT28. නනු, ආවුසො භගවතා අනෙකපරියායෙන රාගවිරාගාය ධම්මො දෙසිතො? මදනිම්මදනාය පිපාසවිනයාය ආලයසමුග්ඝාතාය වට්ටුපච්ඡෙදාය තණ්හාක්ඛයාය විරාගාය නිරොධාය නිබ්බානාය ධම්මො දෙසිතො?
Sinhala BJT28. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මදාදිය දුරු කිරීම පිණිස කාම පිපාසාදීන්ගේ දුර ලීම පිණිස, පඤ්චකාමාලය මුලින් ම සිඳීම පිණිස සංසාරයේ මුල් සිඳීම පිණිස, තෘෂ්ණාක්ෂයය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, නිවණ පිණිස ධර්මය දේශනා කරණ ලද්දේ නොවේ ද?