ලාභො නාම: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා. අන්තමසො චුණ්ණපිණ්ඩොපි, දන්තකට්ඨම්පි, දසිකසුත්තම්පි.
පරිණතං නාම: දස්සාම කරිස්සාමාති වාචා භින්නා හොති.
4. අත්තනො පරිණාමෙති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමිතං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති, -පෙ- ආයස්මතො දම්මී”ති.
5. පරිණතෙ පරිණතසඤ්ඤී අත්තනො පරිණාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරිණතෙ වෙමතිකො අත්තනො පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. පරිණතෙ අපරිණතසඤ්ඤී අත්තනො පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. සඞ්ඝස්ස පරිණතං අඤ්ඤසඞ්ඝස්ස වා චෙතියස්ස වා පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. චෙතියස්ස පරිණතං අඤ්ඤචෙතියස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. පුග්ගලස්ස පරිණතං අඤ්ඤස්ස පුග්ගලස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා චෙතියස්ස වා පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ පරිණතසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ අපරිණතසඤ්ඤී, අනාපත්ති.
6. අනාපත්ති කත්ථ දෙමාති පුච්ඡියමානො යත්ථ තුම්හාකං දෙය්යධම්මො පරිභොගං වා ලභෙය්ය පටිසඞ්ඛාරං වා ලභෙය්ය චිරට්ඨිතිකො වා අස්ස යත්ථ වා පන තුම්හාකං චිත්තං පසීදති තත්ථ දෙථාති භණති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
පරිණතසික්ඛාපදං නිට්ඨිතං.
පත්තවග්ගො තතියො.
තස්සුද්දානං:
ද්වෙ ච පත්තානි භෙසජ්ජං වස්සිකාදානපඤ්චමං, සාමං වායාපනච්චෙකො, සාසඞ්කං සඞ්ඝිකෙන චාති.
උද්දිට්ඨා ඛො ආයස්මන්තො තිංසනිස්සග්ගියා පාචිත්තියා ධම්මා. තත්ථායස්මන්තෙ පුච්ඡාමි: කච්චිත්ථ පරිසුද්ධා? දුතියම්පි පුච්ඡාමි: කච්චිත්ථ පරිසුද්ධා? තතියම්පි පුච්ඡාමි: කච්චිත්ථ පරිසුද්ධා? පරිසුද්ධෙත්ථායස්මන්තො. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
[අතිරෙකකරත්තඤ්ච අකාලපොරාණධොවනං, පටිග්ගහඤ්ච තඤ්චෙව විඤ්ඤත්ති ච තතුත්තරි, ද්වෙ අප්පවාරිතා චෙව තික්ඛත්තුං චොදනාය චාති.
මිස්සකං සුද්ධකඤ්චෙව තුලඤ්ච අනුවස්සකං, පුරාණසන්ථතඤ්චෙව ලොමානං හරණෙන ච, ධොවනං රුජිය්ඤචෙව ද්වෙ ච නානප්පකාරකාති.
අතිරෙකඤ්ච පත්තඤ්ච ඌනෙන බන්ධනෙන ච, භෙසජ්ජං සාටකඤ්චෙව කුපිතෙන අච්ඡින්දනං,
ද්වෙ තන්තවායා චෙව අච්චෙකචීවරෙන ච, ඡාරත්තං විප්පවාසෙන අත්තනො පරිණාමනාති.]{*}
තිංසකං නිට්ඨිතං.
පාරාජිකපාළි නිට්ඨිතා.