Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 4101-4200 න් 4249

2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
ඉත්‍ථාලඞ්කාර නම්: හිසැ පළඳනා යැ, ගෙල පළඳනා යැ, අත්පළඳනා යැ, පා පළඳනා යැ, කටී පළඳනා යි.
ධාරෙය්‍ය යනු: වරකුදු දරා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැති. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතර වැනි ශික්‍ෂාපද යි.
පස්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු සුවඳින් හා පැහැගන්වන දැයින් යුතු වැ ස්නාන කෙරෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කෙරෙත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... “කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කෙරේ නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
ගන්‍ධ නම්: යම් කිසි ගඳෙකි.
වණ්ණක නම්: යම් කිසි වර්‍ණයෙකි.
නහායෙය්‍ය යනු: ස්නාන කෙරෙයි. ප්‍රයෝගයෙහි දුකුළා ඇවැත් වෙයි. ස්නාන කෙළවර පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැත. උමතු වූවාට ... ආදිකම්මික වූවාට ඇවැත් නැති.
පස්වැනි ශික්‍ෂාපද යි.
සවන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු සුවඳ කැවූ තල මුරුවටයෙන් ස්නාන කෙරෙති. මිනිස්සු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කෙරෙත් ලැයි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි මෙහෙණහු, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කෙරේ නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
වාසිතක නම්: යම් කිසි සුවඳකවන ලද්දකි.
පිඤ්ඤාක නම්: තලපිටි යයි කියනු ලැබේ.
නහායෙය්‍ය යනු: ස්නාන කෙරෙයි. ප්‍රයෝගයෙහි දුකුළා ඇවැත් වෙයි. ස්නාන කෙළවර පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැත. පියවි මුරුවටයෙන් ස්නාන කෙරේ ද, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවැනි ශික්‍ෂාපද යි.
සත්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද කරවති, සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් මෙහෙණක ලවා ඇඟ ඉලීම ද, සම්බාහන ද කරවූහු දැ යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහුද ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ යි. මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මෙහෙණක ලවා ඇඟ ඉලීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්‍ෂුණී යි.
භික්ඛුනියා යනු: අන් මෙහෙණක ලවා.
උම්මද්දාපෙය්‍ය වා යනු: ඇඟ උළවා නම් පචිති ඇවැත් වෙයි.
පරිමද්දාපෙය්‍ය වා යනු: සම්බාහන කරවා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
සත්වැනි ශික්‍ෂාපද යි.
4. 9. 8-10.
අට–නව–දසවන සිකපද
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු ශික්‍ෂමාණාවක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... හෙරැණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පෙච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි ... “සැබෑ ද මහණෙනි, මෙහෙණහු ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු ගෘහිණිය ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ශික්‍ෂමානාවක ... හෙරණියක ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
සික්ඛමානා නම්: දෑවුරුද්දක් සවැදෑරුම් ධර්‍මයෙහි හික්මුණු ශික්‍ෂා ඇත්තී.
සාමණේරා නම්: දශ ශික්‍ෂාපද ඇත්තී.
ගිහීනි නම්: ගෘහිණී කියනු ලැබේ.
උම්මද්දාපෙය්‍ය වා යනු: ඇඟ ඉළීම කරවානම් පචිති ඇවැත් වෙයි.
පරිමද්දාපෙය්‍ය වා යනු: සම්බාහන කරවා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
අට–නව–දසවැනි ශික්‍ෂාපද යි.
එකොළොස්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හිඳගනිති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හුන්හු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හිඳිත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හුන්හු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මහණක්හු පෙරට වැ නො විචාරා අස්නෙකැ හිඳගන්නී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු : යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
භික්ඛුස්ස පුරතො යනු: උපසපනක්හු පෙරට වැ.
අනුපුච්ඡා යනු: අපලෝකන නො කොට.
ආසනෙ නිසීදෙය්‍ය යනු: යටත් පිරිසෙයින් බිම ද හිඳී නම් පචිති ඇවැත් වේ.
නො විචාළ කල්හි නො විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විමති ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
විචාළ කල්හි නො විචාළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විචාළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.
අනාපත්ති: විචාරා අස්නෙහි හිඳී ද ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට දඇවැත් නැති.
එකොළොස්වැනි ශික්‍ෂාපද යි.
දොළොස්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු අවකාශ නො කළ මහණහු අතින් පැන පුළුවුස්ති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු දැ”යි ... ‘සැබෑ ද මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පුළුවුසිත් ලැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො කළ අවකාශ ඇති මහණක්හු අතින් පැන පුළුවුස්නී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
අනෝකාසකතං යනු: නො විචාරා.
භික්ඛුං යනු: උපසපනක්හු.
පඤ්හං පුච්ඡෙය්‍ය යනු: සූත්‍රාන්තයෙහි අවකාශ කරවා විනය හෝ අභිධර්‍මය හෝ පුළුවුසි නම් පචිති ඇවැත් වෙයි. විනයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ අභිධර්‍මය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අභිධර්‍මයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ විනය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වේ.
අවකාශ නො කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි විමති ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි අවකාශ කළ සංඥා ඇතිවැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි.
අවකාශ කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි අවකාශ කළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.
අනාපත්ති: අවකාශ කරවා පුළුවුසී ද, අවධි නො කොට, අවකාශ කරවා යම් කිසි තැනෙක පුළුවුසී ද, උමතු වූවාට ද ... ආදි කම්මික වූවාට ද ඇවැත් නැති.
දොළොස්වැනි ශික්‍ෂාපද යි.
තෙළෙස්වන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි එක්තරා මෙහෙණක් සඞ්කච්චිකා (සැට්ටය) රහිත වැ පිඬු පිණිස ගමට වන. වීථියෙහි වාසුළි ඇගේ සඟළ සිවුරු නඟාලී යැ. මිනිස්සු ආර්‍ය්‍යාවගේ පයෝධර හා උදරය සුන්‍දර යැ යි ඔල්වරසන් නැඟූහ. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූ ය. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ”යි. –පෙ– සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූව ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගම් වදී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
අසඞ්කච්චිකා යනු: සඞ්කච්චිකාව නැති වැ.
සඞ්කච්චිකා නම්: අකු ඇටින් යට, නාභියෙන් උඩ. එය වසනු සඳහා.
ගාමං පවිසෙය්‍ය යනු: පිරිකෙව් කරන ලද ගම්හි පිරිකෙව් ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. පිරිකෙව් නොකළ ගම්හි උපචාරයට බැසගන්නියට පචිති ඇවැත්වෙ යි.
අනාපත්ති: අසිඳැගත් සිවුරු ඇතියාට, නට සිවුරු ඇතියාට, ගිලන් වූවාට, නොසිහියෙන් ගියාට, නොදන්නියට, ආපදායෙහි, උමතු වූවාට, ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
තෙළෙස් වැනි ශික්‍ෂාපද යි.
නවවැනි ඡත්තුපාහන වර්‍ග යි.
ආර්‍ය්‍යාවෙනි, එක්සිය සසැටක් පාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? දෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? තෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පිරිසුදු වෙති. එහෙයින් තූෂ්ණිම්භූතයහ. තෙල මෙසේ ධරමි’යි.
එහි උද්දානය:
ඡත්‍ර යැ යාන යැ සඞ්ඝාණි යැ අලඞ්කාර යැ ගන්‍ධපිඤ්ඤාක යැ භික්ඛුනී සික්ඛමානා සාමණේරා ගිගීනී සම්බන්‍ධ උම්මද්දන පරිමද්දන ශික්‍ෂා යැ අනාපුච්ඡා යැ අනෝකාස යැ අසඞ්කච්චිකා යි ශික්‍ෂා තෙළෙසකි.
වර්‍ග උද්දානය:
ලසුන යැ අන්‍ධකාර ය: නග්න යැ තුවට්ටක යැ චිත්තාරාම යැ ගබ්භිනී යැ කුමාරී යැ ඡත්තූපාහන යි.
ඛුද්දකය නිමි.
5. පාටිදේසනීය
පළමු පිළිදෙස්නී සිකපදය
ආර්‍ය්‍යාවෙනි, මේ අෂ්ටපාටිදේසනීය ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වළඳත්. මිනිස්සු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහු දැ”යි. කවරකුහට මිහිරිදැය නො මැනැවි ද, කවරකුහට රසවත්දැය නො රුස්නේ දැ යි. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්‍තති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහුදැ” යි ... සැබෑද මහණෙනි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වළඳත්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහුද. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් ගිතෙල් විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්‍ය්‍යාවෙනි ගැරහිය යුතුවූ නුසුදුසුවූ පිළිදෙස්නට නිසි ඇවතකට පැමිණියෙමි. එය පිළිදෙසමි යි පටිදේසනා කළයුතුයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි මෙහෙණෝ ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මෙහෙණෝ ගිලන් මෙහෙණන්හට තෙල කරුණ කීහු. “කිමෙක්ද ආර්‍ය්‍යාවෙනි ඉවසියහැකිද යැපිය හැකිදැ” යි. “ආර්‍ය්‍යාවෙනි ඇපි පෙරැ ගිතෙල් විනවා වළඳමු. එයින් අපට පහසු වෙයි. දැන් වනාහි භාග්‍යවතුන් විසින් පිළිකෙව් කරන ලදැයි කුකුස්කරන්නමෝ නො විනවමු. එයින් අපට පහසු නො වේයැ” යි. තෙල කරුණ භාග්‍යවතුන්හට ඇරොජූහ ... මහණෙනි ගිලන් මෙහෙණහට ගිතෙල් විනවා බුදින්නට අනුදනිමි. මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් නොගිලන්වූවා ගිතෙල් විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්‍ය්‍යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි, එය පිළිදෙසමියි.
4. යා පන යනු: යම් යම්බඳු ... භික්ඛුනී යනු ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද මෙහෙණ යි.
අගිලානා නම්: යමකට ගිතෙලින් වෙන්වැ පහසු වේ නම් හෝ යැ. ගිලානා නම්: යමකට ගිතෙලින් වෙන්වැ පහසු නො වේ නම් හෝ යැ. සප්පි නම්: ගව ගිතෙල් හෝ එළු ගිතෙල් හෝ මිහි ගිතෙල් හෝ යි. යම් කෙනෙකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ ගිතෙල් යැ.