Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 3901-4000 න් 4249

කුමාරිභූතා නම්: හෙරැණිය කියනු ලැබෙයි.
ද්වේවස්සානි: දෑවුරුද්දක්.
අසික්ඛිතසික්ඛා නම්: ශික්‍ෂාව නො දෙන ලද්දී හෝ වෙයි. දෙන ලද ශික්‍ෂාව කෝප්‍ය වූවා හෝ වේ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණහට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියානම් දුකුළා ඇවැත් වේ.
පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරන ලද හෙරණියක උපසපන් කරවති. මෙහෙණෝ මෙසේ කීහු: ‘එවු හික්මනුවෙනි, මෙය දනිවු, මෙය දෙවු, මෙය ගෙනඑවු, මෙයින් ප්‍රයෝජන යැ, මෙය කැප කරවු’යි. ඔහු මෙසේ කීහු: ආර්‍ය්‍යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. ‘මහණෙනි, පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති ඒ හෙරණිය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණිය වූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා: මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණි වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් විසිවස් ඇති සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
4. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණි වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් විසි වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙයි. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬවන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් අයුරින් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සංඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
6. යා පන: යම්, යම්බඳු .. භික්ඛුනී .. මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පරිපුණ්ණවීසතිවස්සා නම්: පැමිණි විසිවස් ඇතියා යැ.
කුමාරීභූතා නම්: හෙරණිය කියනු ලැබෙයි.
ද්වේවස්සානි: දෑවුරුද්දක්.
සික්ඛිතසික්ඛා නම්: සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
අසම්මතා නම්: ඤත්තිදුතිය කර්‍මයෙන් වුට්ඨාන සම්මුතිය නොදෙන ලද්දී වෙයි.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමැ යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහටද ඇජරහටද දුකුළා ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත කරනලද හෙරණියක උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවත්. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිති. සද්ධිවිහාරිනීහු ද නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, උනුදොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් උනු දොළොස්වස් ඇතියා උපසපන් කරවා නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ඌනද්වාදසවස්සා නම්: නොපත් දොළොස්වස් ඇතියා යැ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.
පිරිපුන් දොළොස්වස් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.
පස්වෙනි සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත්. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිති. සද්ධිවිහාරිනීහුද නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති; දොස් පතුරුවත්: “කෙසේ නම් පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, පිරිපුන් දොළොස් වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නට අනුදනිමි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ: පිරිපුන් දොළොස්වස් ඇති ඒ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙනම් ඇති මම මෙහෙණසඟනගෙන් වුට්ඨාපන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ඒ මෙහෙණ තොමෝ මෙහෙණ සඟන විසින් පිරික්සිය යුත්තී යැ. මේ මෙහෙණ තොමෝ ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවාදැ යි. ඉදින් නො දැනුමැති වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් නො දැනුමැති වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නොදිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් දිය යුත්තී යැ. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ ම වදන් අසාවා: පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් ඇති මෝ තොමෝ භික්‍ෂුණී සඞ්ඝයාගෙන් වුට්ඨාපන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස් වස් ඇති මෙනම් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
4. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. පිරිපුන් දොළොස්වස් ඇති මේ මෙනම් ඇති මෙහෙණ සඞ්ඝයාගෙන් වුට්ඨාපන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස් වස් ඇති මෙනම් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුති දෙනලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ ය. මෙසේ මෙසේ දරමි යි.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් අයුරින් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ පිරිපුන් දොළොස් වස් ඇතියා සඞ්ඝයා විසින් සම්මත නොකරනලද්දී උපසපන් කරවා නම් පචිති වේ”ය යි.
6. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.
අසම්මතා නම්: ඤත්තිදුතිය කර්‍මයෙන් වුට්ඨාපන සම්මුති නො දෙනලද්දි වේ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
පිරිපුන් දොළොස්වස් ඇතියා සඞ්ඝයා විසින් සම්මත කරනලද්දී උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ මෙහෙණ සඟන වෙතැ එළැඹැ වුට්ඨාපන සම්මුතිය යැදූ යැ. එකල්හි මෙහෙණ සඟ තෙමේ චණ්ඩකාළී භික්‍ෂුණිය පිරිසිඳ “ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපන සම්මුතිය දීමෙන් තිට කම් නැතැ” යි වුට්ඨාපන සම්මුතිය නො දුන්නේ යැ. චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ මැනැවැයි පිළිවදන් දුනු යැ. එසමයෙහි වනාහි මෙහෙණසඟ තෙමේ අන් මෙහෙණන්ට වුට්ඨාපන සම්මුතිය දෙයි. චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “මම් මැ එකැතින් බාලයෙම් ද, මම් මැ එකැතින් අලජ්ජිනියෙම් ද, යම් හෙයෙකින් සඞ්ඝ තෙමේ අන් මෙහෙණන්ට වුට්ඨාපනසම්මුතිය දේ ද, මට මැ නො දේ දැ”යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළී තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියාදැ”යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියා දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තිට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපන සම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට අවදී නම් පචිති වේ”ය යි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අලං තාව තෙ අය්‍යෙ වුට්ඨාපිතෙන: ආර්‍ය්‍යාවෙනි, උපසපන් කැරැවීමෙන් තොපට කම් නැති. මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණේ නම් පචිති ඇවැත් වේ.
ප්‍රකෘතියෙන් ඡන්‍දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයෙන් කරන්නහුට නුගුණ පවසා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා සික්මනුවක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙතැ එළැඹැ උපසපුව යැදූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ සික්මනුවට “ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මා හට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ”යි මෙසේ කියා නොමැ උපසපන් කරවයි. උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ සික්මනු තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සික්මනුවට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොමැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවා ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා ද, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සික්මනුවකට ‘ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මා හට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා පසුවැ ඕතොමෝ අනතුරක් නැත්තී නොමැ උපසපන් කරවා නම් උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
සික්ඛමානා නම්, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමි: මෙසේ මම තා උපසපන් කරවන්නෙමි.
සා පච්ඡා අනත්තරායිකීනි: අනතුරක් නැති කල්හි,
නේව වුට්ඨාපෙය්‍ය: නොමැ උපසපන් කරවයි.
න වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නොමැ උපසපන් කරවන්නෙමි, උපසපන් කරවීමට වෑයම් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා නොලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා හික්මනුවක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙතැ එළැඹැ උපසපුව යැදූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ හික්මනුවට “ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවටැන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ”යි මෙසේ කියා නොමැ උපසපන් කරවයි. උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ හික්මනු තොමෝ මෙහෙණන්ට තෙල කරුණ අරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ හික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවැටන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොම උපසපන් කරවූ ද? උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා” දැ යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ හික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවැටන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොමැ උපසපන් කරවා ද? උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ හික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවැටන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොමැ උපසපන් කරවූ ද? උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ හික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවැටන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා ඕ තොමෝ පසුවැ අනතුරක් නැත්තී නොමැ උපසපන් කරවා නම් උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ”ය යි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
සචෙ මෙ ත්‍වං අය්‍යෙ ද්වෙ වස්සානි අනුබන්‍ධිස්සසි: දෙවසක් උවැටන් කරන්නෙහි නම්.
එවාහන්තං වුට්ඨාපෙස්සාමි: මෙසේ මම තොප උපසපන් කරන්නෙමි.
සා පච්ඡා අනත්තරායිකීනි: අනතුරක් නැති කල්හි.
නේව වුට්ඨාපෙය්‍ය: තොමෝ නොමැ උපසපන් කරවයි.
න වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නොමැ උපසපන් කරවන්නෙමි, උපසපන් කරවීමට වෑයම් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම් ඇවැත් නැත. ගිලන්වූවාට, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය ථුල්ලනන්‍දා තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූ දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනී ගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක්, පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬවූ සෝ දනවන හික්මනුවක උපසපන්කරවා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පුරිස නම්: පැමිණි විසිවස් ඇතියේ යැ.
කුමාරක නම්: නො පැමිණි විසිවස් ඇතියේ යැ.
සංසට්ඨා නම්: අනුලොම් නො වූ කායික වාචසිකයෙන් මුසුවූවා යැ.