Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 301-400 න් 4249

62. උපසපනක්හට ඇති උතුරුමිනිස්දහමක් ඇරොජා නම් ඇවැත් නැත, ආදිකම්මිකහට ඇවැත් නැති.
අටවැනි භූතාරෝචන ශික්‍ෂාපද යි.
6. 1. 9.
දුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ සවග මහණුන් සමඟ කලහ කළේ වෙයි. හෙතෙම දැන දැන සුකුරුමිදීම් ඇවතකට පැමිණ සඟුන් ගෙන් ඒ ඇවතට පිරිවෙස් යැදී. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවතට පිරිවෙස් දුන්නේ යි.
2. එසමයෙහි සැවැතෙහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. හෙ පිරිවසමින් භක්තග්‍රයෙහි අසුන් පිරියත්හි හුන්නේ යැ. සවග මහණහු ඒ උවසුවනට මෙය කීහු: ඇවැත්නි, තෙල ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර තෙමේ තොප විසින් සම්භාවනා කරන ලද කුලූපගයෙකි. යම්බඳු මැ අතෙකින් සැදැහැයෙන් දුන් දෙය වළඳා ද, එබඳු මැ අතින් උපක්‍රම කොට අශුචි මිදුවේ යැ. හේ සංචේතනික සුක්කවිස්සට්ඨි ඇවැතකට පැමිණ සඟුන්ගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදී. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ පිරිවසමින් අසුන් පිරියත්හි හුන්නේ යි.
3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දැන්වූහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දන්වහු ද? සැබැව භාග්‍යවතුනි, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස්පුරුෂයෙනි, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දැන්වූවහු ද? හිස්පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට භික්‍ෂුසම්මුතියෙන් තොර වැ ඇරොජා නම් පචිති වේ” යයි.
4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු: ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුස්ස: අන් මහණක්හුගේ. දුට්ඨුල්ලා නාම ආපත්ති: සතර පරිජි ද තෙළෙස් සඟ වෙසෙස් ද. අනුපසම්පන්න නම්: භික්‍ෂුහු ද භික්‍ෂුණිය ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නමි. ආරෝචෙය්‍ය: ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ගෘහස්ථයකුට හෝ පැවිද්දකුට හෝ දන්වයි.
අඤ්ඤත්‍ර භික්ඛු සම්මුතියා: භික්‍ෂු සම්මුතිය හැරැ පියා ඇවැත් පිරියත් කොට ඇති කුලපිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇත, කුලපිරියත් කොට ඇති ඇවැත් පිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇත, ඇවැත් පිරියත් කොට ද කුල පිරියත් කොට ද ඇති භික්‍ෂු සම්මුතියෙක් ඇත. ඇවැත් පිරියත් කොට නොමැති කුලපිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇති.
ආපත්තිපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් ඇරොජිය යුතු යැ යි ආපත්තීහු සලකා ගන්නා ලද්දාහු වෙති. කුලපරියන්ත නම්: මෙතෙක් කුලයන්හි ඇරොජියයුතු යැ යි කුලයෝ සලකා ගන්නා ලද්දාහු වෙති. ආපත්ති පරියන්ත හා කුලපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් මෙතෙක් කුලයන්හි ඇරොජිය යුතු යැ යි ආපත්තීහු ද කුලයෝ ද සලකාගන්නා ලද්දාහු වෙති. නොම ආපත්ති පරියන්ත හා නො ද කුලපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් මෙතෙක් කුලයන්හි ඇරොජිය යුතු යැ යි ආපත්තීහු ද කුලයෝ ද නො ද සලකාගන්නා ලද්දාහු වෙති.
ආපත්තිපර්‍ය්‍යන්තයෙහි යම් ඇවැත් කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද් ද ඒ ඇවැත් තබා අනෙක් ඇවැත්වලින් ඇරොජා නම් පචිති ඇවැත් වේ.
කුලපර්‍ය්‍යන්තයෙහි යම් බඳු කුල කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද්ද, ඒ කුලයන් තබා අන්‍ය කුලයන්හි ඇරොජා නම් පචිති ඇවැත් වේ.
ආපත්තිපර්‍ය්‍යන්තයෙහි ද කුලපර්‍ය්‍යන්තයෙහි ද යම් ඇවැත් කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද්ද, ඒ ඇවැත් තබා යම් කුල කෙනෙක් සලකා ගන්නා ලද්දාහු වෙද්ද, ඒ කුලයන් තබා අනෙක් ඇවැත්වලින් අන්‍යකුලයන්හි ඇරොජා නම් පචිති ඇවැත් වේ.
ආපත්තිපර්‍ය්‍යන්තයක් නොමැති කල්හි කුලපර්‍ය්‍යන්තයක් නැති කල්හි ඇවැත් නැති.
දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත්සන් ඇතියේ භික්‍ෂු සම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ. දුළුල් ඇවැතෙහි විමති ඇතියේ භික්‍ෂු සම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ. දුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ.
නොදුළුල් ඇවැතක් ඇරොජා නම් දුකුළා ඇවැත් වේ. අනුපසපනක්හුගේ දුළුල් හෝ නොදුළුල් හෝ අධ්‍යාචාරයක් ඇරොජා නම් දුකුළා ඇවැත් වේ.
නොදුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොදුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
ආපත්තිය නො වැ වස්තුව ඇරොජා නම්, වස්තුව නොවැ ආපත්තිය ඇරොජා නම්, භික්‍ෂූසම්මුතියෙන් ඇරොජා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවවැනි දුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපද යි.
6. 1. 10.
පඨවිඛණන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවු පුරැ අග්ගාළව සෑයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි අළවු පුරැ නිවැසි භික්‍ෂූහු නවාම් කරනුවෝ පොළොව කැණීම ද කෙරෙති, කැණවීම ද කෙරෙත්, මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පොළොව කැණූහු ද? කැණවූහු ද? ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ඒකින්‍ද්‍රිය ජීවය පෙළූහු”දැ යි ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්‍ෂූහු ඇසූහු.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් අළවුපුරැ නිවැසි භික්‍ෂූහු පොළොව කැණූහු ද? කැණවූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පොළොව කණිවු ද? කණවවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පොළොව කැණූහු ද? කැණවූහු ද? හිස් පුරුෂයෙනි, මිනිස්සු පොළොවෙහි ජීවසංඥා ඇතියෝ යැ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් පොළොව කණින්නේ නම් හෝ කණවන්නේ නම් හෝ පචිති වේ” ය යි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
පඨවි නම් ජාත පෘථිවිය ද අජාත පෘථිවිය දැ යි පෘථිවීහු දෙදෙනෙකි. ජාතපෘථිවි නම්: හුදු පස් ඇති හුදු මැටි ඇති මඳ පහණැති මඳ හකුරැති මඳකැබිලිති ඇති මඳ කැටහකුරැති මඳ වැලි ඇති බෙහෙවින් පස් ඇති බෙහෙවින් මැටි ඇති නොදැවුණු ද පොළොව ජාතපඨවි යයි කියනු ලැබේ. යම් පස් රැසෙක් හෝ මැටිරැසෙක් හෝ අයිරා සිවුමසක් මුළුල්ලෙහි වැස්සෙන් තෙමීගියේ වේ ද, හෙද ජාතපෘථිවි යයි කියනු ලැබේ. අජාතපෘථිවි නම්: හුදුපහණැති හුදුහකුරැති හුදුකැබිලිති ඇති හුදු කැටහකුරැති හුදුවැලි ඇති මඳපස් ඇති මඳ මැටි ඇති බෙහෙවින් පහණැති බොහෙවින් හකුරැති බෙහෙවින් කැබිලිති ඇති බෙහෙවින් කැටහකුරැති බෙහෙවින් වැලි ඇති දැවුණුදු පොළොව අජාතපඨවි යයි කියනු ලැබේ. යම් පස් රැසෙක් හෝ මැටි රැසෙක් හෝ අඩු සිවුමසක් වැස්සෙන් තෙමීගියේ වේ ද, හෙ ද අජාතපෘථිවි යයි කියනු ලැබේ.
ඛණෙය්‍ය: තෙමේ කණී ද, පචිති ඇවැත් වේ. ඛණාපෙය්‍ය: අනෙකකු අණවා ද පචිති ඇවැත් වේ. වරක් ඇණවූයේ බොහෝ වරක් කණී ද පචිති ඇවැත් වේ.
පොළොවෙහි පොළෝ සන් ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, පචිති ඇවැත් වේ. පොළොවෙහි විමති ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, දුකුළා ඇවැත් වේ. පොළොවෙහි නො පොළෝ සන් ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, ඇවැත් නැති.
නො පොළොවෙහි පොළෝසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නො පොළොවෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නො පොළොවෙහි නො පොළෝසන් ඇති යේ නම් ඇවැත් නැති.
මෙය දනු ව, මෙය දෙව, මෙය ගෙනෙව, මෙයින් වැඩෙකි, මෙය කැප කරවයි බෙණේ ද, නො සිතා (බිඳින්නහුට) නො සිහියෙන් (අනෙකක් කරන්නාහට), නො දන්නාහට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දසවැනි පඨවිඛණන ශික්‍ෂාපද යි
ප්‍රථම මුසාවාද වර්‍ගය යි.
එහි උද්දානය:
මුසාවාද යැ ඔමසවාද යැ පෙසුඤ්ඤ යැ පදසෝධම්ම යැ සහසෙය්‍ය දෙක යැ විඥයක්හු නැති වැ ධම්ම දේසනා යැ භූතාරෝචන යැ දුට්ඨුල්ලාරෝචන යැ පඨවිඛණන යි.
භූතගාම වර්‍ගය
6. 2. 1.
භූතගාම ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවුපුරැ අග්ගාළව සෑයෙහි වැඩ වෙසෙති. එසමයෙහි අළවු රට වැසි භික්‍ෂූහු නවාම් කරනුවෝ රුක් සිඳීම ද සිඳු වීම ද කෙරෙති. එක්තරා අළවු වැසි මහණෙක් ද රුකක් සිඳියි. එරුක්හි අරක්ගත් දේවතා තොමෝ එමහණහට මෙය කිවුය: වහන්ස, තමාට නිවෙස්නක් කරනු කැමැති වැ මාගේ නිවෙස්න නහමක් සිඳිනු මැනැවැ යි. එ මහණ (ඇයගේ බස) නො ගන්නේ සින්දේ යැ. එදෙව්දූගේ දරුවාගේ බාහුව ද සින්දේ යි. එකල්හි ඒ දෙව්දුවට තෙල සිත විය: “යම් හෙයෙකින් මම් මේ මහණහු මෙහි දී මැ දිවියෙන් තොර කරන්නෙම් නම් යෙහෙකැ යි” එකෙණෙහි ම ඇයට තෙල සිත වී: “යම් හෙයෙකින් මම මේ මහණහු මෙහි දී මැ දිවියෙන් තොර කරන්නෙම් නම් තෙල කරුණ මට නුසුදුසු මැ යි. මම තෙල කරුණ භාග්‍යවතුන්හට දන්වන්නෙම් නම් යෙහෙකැ යි. එකල්හි ඒ දෙව්දූ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළැඹියා ය. එළැඹැ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූ ය.
මැනැවි මැනැවි දෙව්දුව, තෙපි එමහණහු දිවියෙන් තොර නො කළහු මනා මැ යි. ඉදින් දෙව්දුව, තෙපි අද එමහණහු දිවියෙන් තොර කරවු නම් බොහෝ පව් උපදවා ගන්නහු ය. යා දෙව්දුව, තෙපි අසුවල් පෙදෙසෙහි හිස් රුකෙක් වෙයි එහි එළැඹෙව යි.
2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ රුක් සිඳීමත් සිඳවීමත් කරන්නාහු ද, ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ ඒකින්‍ද්‍රියජීවය පෙළන්නාහු දැ යි. ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්‍ෂූහු ඇසූහු ය. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමුකොට සිතති නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් අළවු වැසි භික්‍ෂූහු රුක් සිඳීමත් සිඳවීමත් කොළෝ ද, …
එකල්හි භාග්‍යවතුන් වහන්සේ “සැබෑ ද මහණෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කරවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූසේක. … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කළහු ද, හිස් පුරුෂයෙනි, මිනිස්සු රුක්හි ජීවය ඇතැ යි යන හැඟීම් ඇතියෝ යි. එහෙයින් හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“භූතගාමපාතව්‍යාතායෙහි පචිති වේ” යයි
3. භූතගාම නම්: පඤ්චබීජජාතයෝ යි. මූලබීජ යැ, ඛන්‍ධබීජ යැ, එළුබීජ යැ, අග්ගබීජ යැ හා පස්වැනි බීජබීජ යි.
මූලබීජ නම්: කහ යැ ඉඟුරු යැ වදකසා යැ හෙළවදකසා යැ ඉවද යැ කුළුරෑණ යැ සුවඳහොට යැ වම්මුතු යැ, තව ද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් මුලෙහි උපදී ද මුලෙහි හටගනී ද මේ (හැම) මූලබීජ නම් වෙයි.
ඛන්‍ධබීජ නම්: ඇහැටු යැ නුග යැ පුලිල යැ දිඹුල් යැ කලහ යැ ගිවුළු යැ, තවද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් කඳෙහි උපදී ද කඳෙහි හටගනී ද මේ (හැම) ඛන්‍ධබීජ නම් වෙයි.
එළුබීජ නම්: උගු යැ හුණ යැ බට යැ, තව ද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් පුරුකෙහි උපදී ද පුරුකෙහි හටගනී ද මේ (හැම) එළුබීජ නම් වෙයි.
අග්ගබීජ නම්: අඳුතලා යැ මුරුවා යැ හිරිවේරි යැ තවද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් අගෙහි (කරටියෙහි) උපදී ද අගෙහි හටගනී ද මේ (හැම) අග්ගබීජ නම් වෙයි.
බීජබීජ නම්: හැල් වී ඈ පුබ්බන්න යැ මුඟු උඳු ඈ අපරන්න යැ තවද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් ඇටයෙහි උපදී ද ඇටයෙහි හටගනී ද මේ (හැම) බීජබීජ නම් වේ.
බීජයෙහි බීජසංඥා ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ පචිති ඇවැත් වෙයි. බීජයෙහි විමති ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ දුකුළා ඇවැත් වේ. බීජයෙහි නො බීජුසන් ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ ඇවැත් නැති.
බීජ නොවූයෙහි බීජසංඥා ඇතියේ දුකුළා ඇවැත් වේ. බීජ නොවූයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වේ. බීජ නොවූයෙහි අබීජසංඥා ඇතියේ ඇවැත් නැති.
මෙය දනුව, මෙය දෙව, මෙය ගෙනෙව, මෙයින් වැඩෙකි, මෙය කැපකරව යි බෙණේ නම් ඔහුට ද නො සිතා කරන්නහුට ද නො සිහියෙන් කරන්නහුට ද නො දන්නහුට ද උම්මත්තකයහට ද ආදි කම්මිකයාහට ද ඇවැත් නැති.
පළමුවැනි භූතගාම ශික්‍ෂාපදය යි.
6. 2. 2.
අඤ්ඤවාදක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙමේ අනාචාරයෙහි හැසිරැ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ ‘කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණි යෙම් ද? කෙසේ ඇවැතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු දොස් නඟති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න සඟමැද ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නේ ‘කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ ඇවතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලී ද … කිම සැබෑ ද, ඡන්න තෙපි සඟමැද ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙහු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලවූ ද. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස්පුරුෂය, තෙපි සඟමැදහි ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි. අනෙකකින් අනෙකක් වසාලූවහු ද, හිස්පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ. ඒ කරුණෙන් ම මහණෙනි, සඞ්ඝ තෙමේ ඡන්න භික්‍ෂූහට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවාවා. මෙසේ ද මහණෙනි, පිහිටුවාලිය යුත්තී ය, ප්‍රතිබල වූ ව්‍යක්ත වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. වහන්ස, සඞ්ඝයා මාගේ වචනය අසාවා, මේ ඡන්න මහණ සඟමැද ඇවතින් අනුයෝග වතට නංවනු ලබන්නේ අනෙකකින් අනෙකක් වසාලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝයා ඡන්න මහණහට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවන්නේ යැ. මේ ඤත්තිය යි.
3. වහන්ස, සඞ්ඝයා මාගේ (වචනය) අසාවා, මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ අනෙකකින් අනෙකක් වසාලයි. සඞ්ඝයා ඡන්න මහණට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවාල යි. යම් ආයුෂ්මත් කෙනකුන්ට ඡන්න භික්‍ෂුහට අඤ්ඤවාදකා රෝපණය රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ, සංඝයා විසින් ඡන්න මහණහුට අඤ්ඤවාදකය පිහිටුවන ලදි. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ වී මෙසේ මෙය දරමි යි.
4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඡන්න මහණහු නොයෙක් කරුණෙන් ගරහා දුබර බැව්හි … මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු.
“අන්‍යවාදයෙහි පචිති වේ” යයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සිකපදය භික්‍ෂූන් හට මෙසේත් පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ අනෙකෙකින් අනෙකක් වසාලමින් ඇවතට පැමිණෙන්නෙමි යි නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙමේ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසී ද … සැබෑ ද ඡන්නයෙනි, තෙපි සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නහු නිහඬ වැ සඞ්ඝයා වෙහෙසවු ද? සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. … කෙසේ නම් හිස් පුරුෂය, තෙපි සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නහු නිහඬ වැ සඞ්ඝයා වෙහෙසවු ද? හිස්පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු. එසේ නම් මහණෙනි, සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවාවා. මෙසේ ද මහණෙනි, පිහිටුවිය යුතු යි. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝයා දැන්විය යුත්තේ යි.
6. ස්වාමීනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝග වතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවන්නේ යැ මේ ඥප්තිය යි.
7. ස්වාමීනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝග වතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවාලයි. ඡන්න භික්‍ෂුහට විහෙසකාරෝපණය යම් ආයුෂ්මත් කෙනකුන්ට රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ සඞ්ඝයා විසින් ඡන්න මහණහට විහෙසකය පිහිටුවන ලදි. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ වී. තෙල මෙසේ දරමි යි.
8. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඡන්නහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි … මෙසේ ද මහණෙනි මේ සික පදය උදෙසවු.
“අනෙකක් කීමෙහි ද වෙහෙසීමෙහි ද පචිති වේ” යයි.
9. අඤ්ඤවාදක නම්: සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ “කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි අවන්නෙම් ද? කෙසේ අවන්නෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ යි අනෙකෙකින් අනෙකක් වසාලයි. මේ යැ අඤ්ඤවාදක නම්.
විහෙසක නම්: සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. මේ යැ විහෙසක නම්.
අන්‍යවාදක කර්‍මය නො නැඟූ කල්හි සඟමැද වස්තුවකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළිකරනු කැමැත්තේ “කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ යි අනෙකෙකින් අනෙකක් වසාලයි නම් දුකුළා ඇවැත් වේ.
විහෙසක කර්‍මය නො නැඟූ කල්හි සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසා නම් දුකුළා ඇවැත් වේ.
අන්‍යවාදකකර්‍මය නැඟූ කල්හි සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ “කවරෙක් අවන්නේ ද? කවර ඇවැත් අවන්නෙම් ද? කිනම් වස්තුවෙක්හි අවන්නෙම් ද? කෙසේ අවන්නෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ”යි අනෙකෙකින් අනෙකක් වසාලයි නම් පචිති ඇවැත් වේ.
විහෙසක කර්‍මය නැඟූ කල්හි සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසා නම් පචිති ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම සංඥා ඇතියේ අනෙකක් කීමෙහි වෙහෙසකිරීමෙහි පචිති ඇවැත් වේ. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ අනෙකක් කීමෙහි වෙහෙස කිරීමෙහි පචිති ඇවැත් වේ. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ අනෙකක් කීමෙහි වෙහෙස කිරීමෙහි පචිති ඇවැත් වේ.
16. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
17. නො දන්නේ විචාරා නම්, ගිලන් වැ හෝ නො කියා නම්, සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විවාදයෙක් හෝ වන්නේ යැ යි නො කියා නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි නො කියා නම්, අධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ අකර්මාර්හයාට හෝ කර්‍මය කරන්නේ යැ යි නො කියා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දෙවැනි අඤ්ඤවාදකශික්‍ෂාපදය යි.
6. 2. 3.
උජ්ඣාපන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවෝ සඞ්ඝයාට සෙනසුන් ද පනවති. බත් උදෙසීම ද කරති. එකල්හි මෙත්තිය භුම්මජක භික්‍ෂූහු නවක ද මඳපිනැති ද වෙති. සඞ්ඝයාගේ යම්බඳු ලමුසෙනසුන් වෙත් නම් ඒ සෙනසුන් ද ලමුබත් ද ඔවුනට පැමිණෙත්. එව්හු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍ර තෙරණුවනට ‘ඡන්‍දාගතියෙන් දබ්බමල්ල පුත්‍ර තෙරණුවෝ සෙනසුන් පනවති. ඡන්‍දාගතියෙන් බත් ද උදෙසති’ යි භික්‍ෂූන් ලවා ලමු කොට සිතවත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවන් භික්‍ෂූන් ලවා ලමු කොට සිතවූහු දැ යි … සැබෑ ද මහණෙනි, තෙපි දබ්බමල්ල පුත්‍රයහට භික්‍ෂූන් ලවා ලමු කොට සිතවහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්ල පුත්‍රයහට භික්‍ෂූන් ලවා ලාමක කොට සිතවූවහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සික පදය උදෙසවු:
“ලමු කොට සිතැවීමෙහි පචිති වේ” යයි.
මෙසේත් මේ සිකපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූනට පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි මෙත්තියභුම්මජක භික්‍ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ලමු කොට සිතැවීම පිළිකෙව් කරන ලදැ යි මෙපමණකින් භික්‍ෂූහු අසන්නාහ’යි භික්‍ෂූන්ගේ වැළතෙහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවන්ට ‘ඡන්‍දාගතියෙන් දබ්බමල්ලපුත්‍ර තෙමේ සෙනසුන් පැනවීම ද බත් උදෙසීම ද කෙරේ’යයි නුගුණ පවසති. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවන්ට නුගුණ පැවසූහු දැ යි, ... සැබෑ ද මහණෙනි, තෙපි දබ්බමල්ලපුත්‍රහට නුගුණ පවසහු දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්ලපුත්‍රයහට නුගුණ පැවැසූවහු දැ? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“ලමු කොට සිතැවීමෙහි නුගුණ පැවැසීමෙහි පචිති වේ” යයි.
3. උජ්ඣාපනක නම්: සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මඳදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත කරන ලද උපසපනක්හු යැ. ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකුකරනු කැමැතියේ උපසපන්නක්හු ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි ධර්‍මකර්‍මසංඥා ඇති යේ ලමු කොට සිතවාලීමෙහි නුගුණ පැවැසීමෙහි පචිති ඇවැත් වේ. දැහැමිකම්හි විමති ඇතියේ ලමු කොට සිතැවීමෙහි නුගුණ පැවසීමෙහි පචිති ඇවැත් වේ. දැහැමිකම්හි අධර්‍මකර්‍ම සංඥා ඇතියේ ලමුකොට සිතැවීමෙහි නුගුණ පැවසීමෙහි පචිති ඇවැත් වේ.
අනුපසපනක්හු ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මඳදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත නො කරන ලද උපසපනක්හු ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකු කරනු කැමැතියේ උපසපනක්හු ලවා හෝ අනුපසපනක්හු ලවා හෝ ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වේ.
සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මදදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත කරන ලද්දා වූ හෝ සම්මත නො කරන ලද්දාවූ හෝ අනුපසපනක්හු ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකු කරනු කැමැතියේ උපසපනක්හු ලවා හෝ අනුපසපනක්හු ලවා හෝ ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වේ.
නො දැහැමිකම්හි දැහැමිකමෙක යන සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
ප්‍රකෘතියෙන් ඡන්‍දයෙන් ද්වේෂයෙන් භයෙන් මෝහයෙන් කරන්නහු ලමු කොට සිතවා නම් හෝ (ඔහුගේ) නුගුණ පවසා නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෙවන උජ්ඣාපනක ශික්‍ෂාපදයි.
6. 2. 4.
පඨමසේනාසන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි භික්‍ෂූහු හිමත් කල්හි එළිමහන්හි සෙනසුන් පනවා සිරිර තවන්නෝ කල් දැන්වූ කල්හි බැහැරැ යන්නාහු ඒ සෙනසුන් නොමැ ගෝපන කළහ, නොද ගෝපන කැරැවූහ, නොවිචාරා බැහැරැ ගියහ. සෙනසුන (හිමවැස්සෙන්) තෙත් වූයේ වෙයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් භික්‍ෂූහු එළිමහන්හි සෙනසුන් පනවා බැහැර යන්නාහු එය නොම ගෝපන කළෝ ද නො ද ගෝපන කැරැවූවෝ ද, නොවිචාරා බැහැරැ ගියෝ ද සෙනසුන (හිම වැස්සෙන්) තෙමිණැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. … සැබෑද? මහණෙනි, භික්‍ෂූහු එළිමහනෙහි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බඳවෙළුමක් හෝ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නොමැ තැම්පත් කරන්නේ නම් හෝ නොද තැන්පත් කරවන්නේ නම් හෝ නොවිචාරා යන්නේ නම් හෝ පචිති වේ” යයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මේ සිකපදය ද භික්‍ෂූනට පනවන ලද්දේ වේ.
2. එසමයෙහි වනාහි භික්‍ෂූහු එළිමහනෙහි වැස කල්තබා මැ සෙනසුන ගෙන යති. භාග්‍යවතුන් වහන්සේ කල්තබා මැ සෙනසුන ගෙන යන ඒ භික්‍ෂූන් දුටු සේකැ. දැක මෙකරුණෙහි ලා මෙ ප්‍රකරණයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක: “මහණෙනි, හිමත් ගිමන් නොවසින ලකුණු ඇති අටමස්හි යම් තෙනෙකැ කවුඩුවෝ හෝ උකුස්සෝ හෝ මල පහ නො කෙරෙත් නම් එවන් මඩුවෙකැ හෝ රුප්පයෙකැ හෝ සෙනසුන බහා තබන්නට අනුදනිමි” යි.
3. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සඞ්ඝික නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යාගයෙක් වෙයි.
මඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුලීරපාදක යැ ආහච්චපාදක යැ යි සිවු ඇඳෙකි.
පීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුලීරපාදක යැ ආහච්චපාදක යැ යි සිවු පුටුවෙකි.