Pācittiya

Expiation Rules

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

පෙන්වන කොටස් 3101-3200 න් 4249

පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි, යක්‍ෂයෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
සද්ධිං: එක් වැ.
එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
සන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටී නම් පචිත් ඇවැත් වෙයි.
සල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
අත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
යම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නොරඹුරෙහි රිසි ඇතියා අන්‍යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රාකාපිලානියගේ අතැවැසි මෙහෙණකගේ ඥාති පුරුෂයෙක් කිසියම් ඇවැසි කටයුත්තක් පිණිස ගමින් සැවැතට පැමිණියේ යැ. එකල්හි ඒ මෙහෙණ හුදෙකලා වූවා පිළිසන් පියසෙක්හි හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් සල්ලාප කිරීමත් භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි හුදෙකලා වූවා හුදෙකලා වූ ඒ පිරිම්නියා සමග මැ එළිමහන්හි වෙතැ සිටීම ද කෙරෙයි. සල්ලාප ද කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් තොමෝ එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද සල්ලාපත් කළා දැයි ... සැබෑද මහණෙනි, මෙහෙණක් එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේද සල්ලාපත් කෙරේ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද සල්ලාපත් කළා දැ යි ... මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් එළිමහන්හි හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අජ්ඣොකාස නම්: බිතුයෙන් හෝ කවුළුවෙන් හෝ කළාලින් හෝ කඩතුරා පවුරෙන් හෝ රුකින් හෝ ටැඹින් හෝ කොතැලියෙන් හෝ යම් කිසිවකින් නො පිළිසන් වූ පියසෙක් වෙයි.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි, යක්‍ෂයෙක් නො වෙයි, ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
සද්ධිං: එක්වැ;
එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
සන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටීනම් පචිත් ඇවැත් වෙයි.
සල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසෙහි සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
අත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
යම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නො රඹුරෙහි රිසි ඇතියා, අන්‍යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මාවේහි ද කොවේහි ද සිවුමංසලෙහි ද හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරෙයි. සල්ලාපත් කෙරෙයි. කන්මුලැ කෙඳිරීමත් කෙරෙයි. දෙවන මෙහෙණක නඟා යැවීමත් කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය ථුල්ලනන්‍දා මාවේහි දු කොවේහි දු සිවුමංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද? සල්ලාපත් කළා ද? කන්මුලැ කෙඳිරීමත් කළා ද? දෙවන මෙහෙණක නඟා යැවීමත් කළා දැයි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මාවේහි දු කොවේහි දු සිවුමංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේ ද, සල්ලාපත් කෙරේ ද, කන්මුලැ කෙඳිරීමත් කෙරේ ද, දෙවන මෙහෙණක නගා යැවීමත් කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී මාවේහි දු කොවේහි දු සිව්මංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද? සල්ලාපත් කළා ද? කන්මුලැ කෙඳිරීමත් කළා ද? දෙවන මෙහෙණක නඟා යැවීමත් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
“යම් මෙහෙණක් මාවේහි හෝ කොවේහි හෝ සිවුමංසලෙහි හෝ හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ කන්මුලැ කොඳුරා නම් හෝ දෙවන මෙහෙණක නඟා යවා නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
රථියා නම්: වීථිය කියනු ලැබෙයි.
බ්‍යුහ නම්: යම් මඟකින් මැ පිවිසෙත් ද ඒ මඟින් මැ නික්මෙත්.
සිඞ්ඝාටක නම්: සිවුමංසල කියනු ලැබෙයි.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යක්‍ෂයෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
සද්ධිං: එක්වැ:
එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
සන්තිට්ඨෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටී නම් පචිති ඇවැත් වෙයි.
සල්ලපෙය්‍ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
නිකණ්ණිකං වා ජප්පෙය්‍ය: පිරිම්නියක්හුගේ කන්මුලැ අරොජා නම් පචිති ඇවැත් වෙයි.
දුතියිකං වා භික්ඛුනිං උය්‍යෝජෙය්‍ය: අනාචාරයෙහි හැසිරෙනු කැමැත්තී දෙවන මෙහෙණකුදු නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හෝ සවන් උවසර හෝ හැරැපියන කල්හි දුකුළා ඇවැත් වෙයි. හැරැපූ කල්හි පචිති ඇවැත් වෙයි. අත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්‍ෂයකු හෝ ප්‍රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
යම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නො රඹුරෙහි රිසි ඇතියා අන්‍යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ අනාචාරයෙහි නො හැසිරෙනු කැමැතියා ඇවැසි කටයුත්තක් ඇති කල්හි දෙවන මෙහෙණක නඟා යවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
සතරවන සිකපදය යි.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් තොමෝ එක්තරා කුලයක්හුගේ නිතිබත් වළඳන කුලූපිකාවක් වෙයි. එකල්හි ඒ මෙහෙණ තොමෝ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ඒ කුලය වෙතැ එළඹියා යැ. එළැඹැ අස්නෙහි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා යැ. ඒ කුලයෙහි දාසී තොමෝ හමදින්නී ඒ අසුන බඳුන් අතුරෙයි බහාලූ යැ. මිනිස්සු ඒ අසුන නො දක්නාහු එ මෙහෙණහට “ආර්‍ය්‍යාවෙනි, ඒ අසුන කොහිදැ” යි කීහු. ඇවැත්නි, මම ඒ අසුන නොදකිමියි. ‘ආර්‍ය්‍යාවෙනි, ඒ අසුන දෙව’යි තැතිගන්වා නිතිබත සිඳැලූහ. එකල්හි ඒ මිනිස්සු ගෙය ශුද්ධකරන්නාහු ඒ අසුන බඳුන් අතුරෙහි දැක එ මෙහෙණ කමාකරවා නිතිබත (යළි) තැබූහු.
2. ඉක්බිති ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙත එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා දැ”යි ... සැබෑද මහණෙනි මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළැඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර යා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පුරේභත්ත නම්: අරුණ නැඟීම පටන් මද්දහන තෙක්.
කුල නම්: ක්‍ෂත්‍රිය කුල යැ බ්‍රාහ්මණ කුල යැ වෛශ්‍ය කුලයැ ශුද්‍ර කුල යැ යි කුල සතරෙකි.
උපසඞ්කමිත්‍වා: එහි ගොස්.
ආසන නම්: පලඟෙක්හි අවකාශය කියනු ලැබෙයි.
නිසීදිත්‍වා: එහි හිඳ.
සාමිකෙ අනාපුච්ඡා පක්කමෙය්‍ය: ඒ කුලයෙහි දැනුමැති යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ නිසවත ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. එළිමහනෙහි උවසර ඉන්මවන්නියට පචිති ඇවැත්වේ.
නො පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා බැහැර යේ නම් පචිති ඇවැත් වේ.
පලඟෙක අනවකාශයෙහි දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා නම් ඇවැත් නැති.
පිළිවිසැ යා නම්, නො ගෙනැ යා හැකි අස්නෙහි නම්, ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපදය යි.
සවන සිකපදය
1. ශ්‍රාවස්ති නිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීම ද කෙරෙයි. වැදහොවීම ද කෙරෙයි. මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියගෙන් ලජ්ජිත වෙන්නාහු අසුනෙහි නොමැ හිඳිත්. නොමැ හොවිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීම කළා ද? වැදහොවීම කළා දැ යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කළා ද? වැදහොවීමත් කළා දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කෙරේද? වැද හොවීමත් කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කළාද? වැද හොවීමත් කළා දැ යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීනම් හෝ වැද හොවී නම් හෝ පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පච්ඡාභත්ත නම්, මද්දහන ඉක්මගිය කල්හි හිරු අවරට යන තෙක්.
කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.
උපසඞ්කමිත්‍වා: එහි ගොස්.
සාමිකෙ අනාපුච්ඡා: ඒ කුලයෙහි දෙන්නට හිමි යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ.
ආසන නම්: පලඟෙක්හි අවකාශය කියනු ලැබෙයි.
අභිනිසීදෙය්‍ය: එහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
[need trans?]
නො පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
පලඟෙක අවකාශයෙහි දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා නම් ඇවැත් නැති.
පිළිවිසි අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ ඇවැත් නැති. නිති පැනවූයෙහි, ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවස එක්තරා ගමකට පැමිණ එක්තරා බමුණු කුලයක් වෙතැ එළැඹැ ඉඩක් ඉල්ලූහ. එකල්හි ඒ බැමිණි ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි බමුණා එන තෙක් ඉවසවයි කිවු යැ. මෙහෙණෝ බමුණා එන තෙක් ශයනය අතුරා ඇතැම්හු හුන්හ. ඇතැම්හු හොත්හ. එකල්හි ඒ බමුණු රෑ අවුත් එබැමිණිට මොහු කවුරුදැ යි කී යැ. ආර්‍ය්‍යය, මෙහෙණෝ යැ. මේ මුඩු වඳලියන් ඇදදමවයි ගෙයින් ඇදදැමවී යැ.
2. ඉක්බිති ඒ මෙහෙණෝ සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කෙරෙත් ද? වැද හොවීමත් කෙරෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
“යම් මෙහෙණක් විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
විකාල නම්: හිරු අවරට ගිය කල්හි අරුණ නැඟීම තෙක්.
කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.
උපසඞ්කමිත්‍වා: එහි ගොස්.
සාමිකෙ අනාපුච්ඡා: ඒ කුලයෙහි දෙන්නට හිමි යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ.
සෙය්‍ය නම්: යටත් පිරිසෙයින් කොළ ඇතිරියකුත්.
සන්‍ථරිත්‍වා: තොමෝ අතුරා.
සන්‍ථරාපෙත්‍වා: මෙරමා ලවා අතුරුවා.
අභිනිසීදෙය්‍ය: එහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
අභිනිපජ්ජෙය්‍ය: එහි වැද හොවී නම් පචිති ඇවැත් වෙයි.
නො පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසිසන් ඇතියා ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසියන් ඇතියා නම් ඇවැත් නැති.
පිළිවිසැ ශය්‍යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ, ඇවැත් නැත. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපදයි.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රා කාපිලානියගේ අතැවැසි මෙහෙණක් තොමෝ භද්‍රා කාපිලානියට සකසා උවටැන් කෙරෙයි. භද්‍රා කාපිලානී තොමෝ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, මේ මෙහෙණ මට සකසා උවටැන් කෙරෙයි. මැයට මම සිවුරක් දෙන්නෙමි”යි මෙය කිවු යැ. එකල්හි ඒ මෙහෙණ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු යැ. ආර්‍ය්‍යාවෙනි, මම වනාහි ආර්‍ය්‍යාවහට සකසා උවටැන් නො කෙරෙම් ල, ආර්‍ය්‍යා තොමෝ මට සිවුරක් නො දෙන්නී ලැ යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු”දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මේ සිකපදය මෙසේ උදෙසත්වා:
“යම් මෙහෙණක් වරදවා ගන්නා ලදුයෙන් වරදවා දරන ලදුයෙන් මෙරමා ලමු කොට සිතවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුණී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
දුග්ගහිතෙන: අන් පරිද්දෙකින් ගන්නා ලදුයෙන්,