Pācittiya

Expiation Rules

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 4249 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2001-2100 න් 4249

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
vp-pct-1-2:496.16
“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:496.17
2. අල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:496.18
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:496.19
තෘතීය ශික්‍ෂාපද යි.
vp-pct-1-2:498.1
8. 2. 4.
vp-pct-1-2:498.2
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳිත් ...
vp-pct-1-2:498.3
“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:498.4
අල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:498.5
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:498.6
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
vp-pct-1-2:498.7
8. 2. 5.
vp-pct-1-2:498.8
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යෙත් ...
vp-pct-1-2:498.9
“කය සලමින් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:498.10
කය සලමින් ඇතුළුගමෙහි නො යා යුතු යි. කය නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:498.11
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:498.12
පඤ්චම ශික්‍ෂාපද යි.
vp-pct-1-2:498.13
8. 2. 6.
vp-pct-1-2:498.14
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...
vp-pct-1-2:498.15
“කය සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:498.16
කය සලමින් ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. කය නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සොලවමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:498.17
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:498.18
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
vp-pct-1-2:500.1
8. 2. 7.
vp-pct-1-2:500.2
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බාහුව එල්වමින් බාහුව සල සලා ඇතුළුගමෙහි යෙත් ...
vp-pct-1-2:500.3
“අත් සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:500.4
බාහුව සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. බාහුව නිසල කොට තබා යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:500.5
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:500.6
සප්තම ශික්‍ෂාපද යි.
vp-pct-1-2:500.7
8. 2. 8.
vp-pct-1-2:500.8
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු අත් එල්වමින් ඇතුළුගමෙහි හිඳිත් ...
vp-pct-1-2:500.9
“අත් සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:500.10
බාහුව සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. බාහුව නිසල කොට තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:500.11
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:500.12
අෂ්ටම ශික්‍ෂාපද යි.
vp-pct-1-2:500.13
8. 2. 9.
vp-pct-1-2:500.14
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි යෙත් ...
vp-pct-1-2:500.15
“හිස සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු”.
vp-pct-1-2:500.16
2. හිස සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:500.17
3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:500.18
නවම ශික්‍ෂාපද යි.
vp-pct-1-2:502.1
8. 2. 10.
vp-pct-1-2:502.2
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...
vp-pct-1-2:502.3
“හිස සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:502.4
හිස සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:502.5
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:502.6
දශම ශික්‍ෂාපද යි.
vp-pct-1-2:502.7
දෙවන උජ්ජග්ඝික වර්‍ග යි.
vp-pct-1-2:504.1
ඛම්භකත වර්‍ගය
vp-pct-1-2:504.2
8. 3. 1.
vp-pct-1-2:504.3
එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි යෙත් ...
vp-pct-1-2:504.4
“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:504.5
උකුළෙහි තැබූ අතින් යුතු වැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙපසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:504.6
නො සිතා කරන්නහුට ... උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:504.7
ප්‍රථම ශික්‍ෂාපද යි.
vp-pct-1-2:504.8
8. 3. 2.
vp-pct-1-2:504.9
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි හිඳිත් ...
vp-pct-1-2:504.10
“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:504.11
උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙ පසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:504.12
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:504.13
ද්විතීය ශික්‍ෂාපද යි.
vp-pct-1-2:504.14
8. 3. 3.
vp-pct-1-2:504.15
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස සහිත වැ පෙරෙවැ ඇතුළුගමෙහි යෙත් ...
vp-pct-1-2:504.16
“හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:504.17
හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:504.18
නොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:504.19
තෘතීය ශික්‍ෂාපද යි.
vp-pct-1-2:506.1
8. 3. 4.
vp-pct-1-2:506.2
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස සහිත වැ පෙරෙ වැ ඇතුළුගමෙහි හිඳිත් ...
vp-pct-1-2:506.3
“හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:506.4
හිස වසා පෙරවැ ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරවැ ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:506.5
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:506.6
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
vp-pct-1-2:506.7
8. 3. 5.
vp-pct-1-2:506.8
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උළුලුයෙන් ඇතුළුගමෙහි යෙත් ...
vp-pct-1-2:506.9
“ඇතුළුගමෙහි උළුලුයෙන් නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:506.10
උළුලුයෙන් ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇතුළුගමෙහි උළුලුයෙන් යේ නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:506.11
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:506.12
පඤ්චම ශික්‍ෂාපද යි.
vp-pct-1-2:506.13
8. 3. 6.
vp-pct-1-2:506.14
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි ...
vp-pct-1-2:506.15
“අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:506.16
අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අතින් අකවටු ඇවිළීමෙන් හෝ පිළියෙන් අකවටු ඇවිළීමෙන් හෝ ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:506.17
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:506.18
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
vp-pct-1-2:508.1
8. 3. 7.
vp-pct-1-2:508.2
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බැහැරැ දමනු කැමැතියන් මෙන් නො සකසා (සිහි නො එළවා) පිඬුවා පිළිගනිත් ...
vp-pct-1-2:508.3
“සිහි එළවා පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:508.4
සකසා පිඬුවා පිළිගතයුතු යි. යමෙක් අනාදරිය පිණිස බැහැරැ දමනු කැමැතියකු මෙන් නො සකසා පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:508.5
නොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:508.6
සප්තම ශික්‍ෂාපද යි.
vp-pct-1-2:508.7
8. 3. 8.
vp-pct-1-2:508.8
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනිත්. (පිඬුවා) දෙන කල්හි දු පිඬුවා දී ඉක්ම යන කල්හි දු නො දනිත් ...
vp-pct-1-2:508.9
“පාත්‍රගත සංඥී වැ පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:508.10
පාත්‍රගත සංඥා ඇතියහු විසින් පිඬුවා පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
vp-pct-1-2:508.11
නො සිතා කරන්නහුට ... ආදිකකම්මිකහට ඇවැත් නැති.
vp-pct-1-2:508.12
අෂ්ටම ශික්‍ෂාපද යි.
vp-pct-1-2:508.13
8. 3. 9.
vp-pct-1-2:508.14
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා පිළිගන්නෝ සූප මැ බොහෝ කොට පිළිගනිත් ...
vp-pct-1-2:508.15
“බත සතරවන කොටසින් නො වැඩි සූප ඇති වැ පිණ්ඩපාතය පිළින්නෙමි යි හික්මියැ යුතු” යි.
vp-pct-1-2:508.16
සූප නම්: අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූප යැ යි සූප දෙකෙකි. සමසූපක පිණ්ඩපාතය පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.