Pali BJT10. ගණභොජනං නාම: යත්ථ චත්තාරො භික්ඛූ පඤ්චන්නං භොජනානං අඤ්ඤතරෙන භොජනෙන නිමන්තිතා භුඤ්ජන්ති, එතං ගණභොජනං නාම. අඤ්ඤත්රසමයාති: ඨපෙත්වා සමයං.
Sinhala BJT10. ගණභෝජන නම්: යම් තැනෙකැ භික්‍ෂූහු සතර දෙනෙක් පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමැතුම් ලදුවෝ වළඳත්. මේ ගණ භෝජන නම් වේ. අඤඤත්‍රසමයා: සුදුසුසමය තබා.
Pali BJTගිලානසමයො නාම: අන්තමසො පාදාපි ඵලිතා{1} හොන්ති ගිලානසමයොති භුඤ්ජිතබ්බං. චීවරදානසමයො නාම: අනත්ථතෙ කඨිනෙ{2} වස්සානස්ස පච්ඡිමො මාසො. අත්ථතෙ කඨිනෙ පඤ්චමාසා චීවරදානසමයොති භුඤ්ජිතබ්බං. චීවරකාරසමයො නාම: චීවරෙ කයිරමානෙ චීවරකාරසමයොති භුඤ්ජිතබ්බං. අද්ධානගමනසමයො නාම අද්ධයොජනං ගච්ඡිස්සාමීති භුඤ්ජිතබ්බං, ගච්ඡන්තෙන භුඤ්ජිතබ්බං, ගතෙන භුඤ්ජිතබ්බං.
Sinhala BJTගිලානසමය නම්: යටත් පිරිසෙයින් පාදයෝ පැළුණහු වෙත් නම් ගිලන්සමය යැයි වැළඳිය යුතු යි. චීවරදානසමය නම්: කෙළින් සිවුරු නො අතුළ කල්හි වැසිකල් පිළිබැඳි පැසුළුමස ද, කෙළින් සිවුරු අතුළ කල්හි පස්මස ද සිවුරු දෙන සමය යැයි වැළඳිය යුතු යි. චීවරකාරසමය නම්: සිවුරක් කරනු ලබන කල්හි සිවුරු කරන සමය යැයි වැළඳිය යුතු යි. අද්ධානගමනසමය නම්: අඩ යොදුනක් යන්නෙමි යි වැළඳිය යුතු, යන්නහු විසින් වැළඳිය යුතු, ගියහු විසින් වැළඳිය යුතු යි.
Pali BJTනාවාභිරූහනසමයො නාම: නාවං අභිරූහිස්සාමීති භුඤ්ජිතබ්බං. ආරූළ්හෙන භුඤ්ජිතබ්බං, ඔරූළ්හෙන භුඤ්ජිතබ්බං.
Sinhala BJTනාවාභිරූහනසමය නම්: නැවට නඟින්නෙමියි වැළඳිය යුතු, නැවට නැඟුණහු විසින් වැළඳිය යුතු, නැවෙන් බටහු විසින් වැළඳිය යුතු යි.
Pali BJTමහාසමයො නාම: යත්ථ ද්වෙ තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා යාපෙන්ති, චතුත්ථෙ ආගතෙ න යාපෙන්ති, මහාසමයොති භුඤ්ජිතබ්බං. සමණභත්තසමයො නාම: යො කොචි පරිබ්බාජකසමාපන්නො භත්තං කරොති සමණභත්තසමයොති භුඤ්ජිතබ්බං.
Sinhala BJTමහාසමය නම්: යම් තැනෙකැ දෙතුන් භික්‍ෂු කෙනෙක් පිඬු පිණිස හැසිරැ යැපෙද්ද, සතර වැන්නකු ආ කල්හි නො යැපෙද්ද, මහාසමය යැයි වැළඳිය යුතු යි. සමණභත්තසමය නම්: පැවිදිබවට පැමිණි යම් කිසිවෙක් බතක් කරා නම් මහණබත්සමය යැයි වැළඳිය යුතු යි.
Pali BJTඅඤ්ඤත්ර සමයා භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස. ගණභොජනෙ ගණභොජනසඤ්ඤී අඤ්ඤත්ර සමයා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. ගණභොජනෙ වෙමතිකො අඤ්ඤත්ර සමයා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. ගණභොජනෙ න ගණභොජනසඤ්ඤී අඤ්ඤත්ර සමයා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. න ගණභොජනෙ ගණභොජනසඤ්ඤී ආපත්ති දුක්කටස්ස, න ගණභොජනෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. න ගණභොජනෙ න ගණභොජනසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTසුදුසුසමය තබා වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වෙයි. ගණබොජුනෙහි ගණබොජුන්සන් ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැති වෙයි. ගණබොජුනෙහි විමති ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. ගණබොජුනෙහි නො ගණ බොජුන්සන් ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නො ගණ බොජුනෙහි ගණබොජුන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො ගණ බොජුනෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො ගණ බොජුනෙහි නො ගණ බොජුන් සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සමයෙ ද්වෙ තයො එකතො භුඤ්ජන්ති පිණ්ඩාය චරිත්වා එකතො සන්නිපතිත්වා භුඤ්ජන්ති නිච්චභත්තෙ සලාකභත්තෙ පක්ඛිකෙ, උපොසථිකෙ, පාටිපදිකෙ,{1} පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTසුදුසු සමයෙහි දෙතුන් දෙනෙක් එක් වැ වළඳත් නම්, පිඬු පිණිස හැසිරැ එක් රැස් වැ වළඳත් නම්, නිතිබත්හි, ලභබත්හි, අඩමස්බත්හි, පොහෝබත්හි, පෑළවියබත්හි, පස් බොජුන් තබා (හඹු කැවිලි ඈ) හැම වැළඳීමෙහි ඇවැත් නැති, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
Pali BJTගණභොජනසික්ඛාපදං දුතියං.
Sinhala BJTගණභෝජන ශික්‍ෂාපද යි.
Pali BJT6. 4. 3.
Sinhala BJT6. 4. 3.
Pali BJTපරම්පරභොජන සික්ඛාපදං
Sinhala BJTපරම්පරභෝජන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන වෙසාලියං පණීතානං භත්තානං භත්තපටිපාටි අට්ඨිතා{2} හොති. අථ ඛො අඤ්ඤතරස්ස දළිද්දස්ස කම්මකාරස්ස{3} එතදහොසි: “න ඛො ඉදං ඔරකං භවිස්සති, යථා ඉමෙ{4} මනුස්සා සක්කච්චං භත්තං කරොන්ති, යන්නූනාහම්පි භත්තං කරෙය්යන්ති.” අථ ඛො සො දළිද්දො කම්මකාරො යෙන කිරපතිකො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං කිරපතිකං එතදවොච:
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි විසල්පුරැ පිණිබත්වලින් බත්පිළිවෙළෙක් තබන ලද්දේ වෙයි. එකල්හි එක්තරා දිළිඳු කම්කරුවකුහට මෙ සිත විය: “යම් සේ මේ මිනිස්සු සකසා බත් තැබීම කෙරෙද්ද, මේ නම් ලමුවැඩෙක් නො වේ මැ යි, යම් හෙයෙකින් මම ද බතක් කරන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි. එකල්හි ඒ දිළිඳු කම්කරුවා කිරපතිකයා වෙත එළැඹියේ යැ. එළැඹැ ඒ කිරපතිකයා හට මෙය කී යැ:
Pali BJTඉච්ඡාමහං අය්යපුත්ත, බුද්ධ පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස භත්තං කාතුං, දෙහි මෙ වෙතනන්ති”. සොපි ඛො කිරපතිකො සද්ධො හොති පසන්නො. අථ ඛො සො කිරපතිකො තස්ස දළිද්දස්ස කම්මකාරස්ස අබ්භාතිරෙකං{1} වෙතනං අදාසි. අථ ඛො සො දළිද්දො කම්මකාරො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො දළිද්දො කම්මකාරො භගවන්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. “මහා ඛො ආවුසො භික්ඛුසඞ්ඝො ජානාහීති හොතු භන්තෙ{2} මහා භික්ඛුසඞ්ඝො, බහූ මෙ බදරා පටියත්තා බදරමිස්සෙනපය්යා{3} පරිපූරිස්සන්තීති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සො දළිද්දො කම්මකරො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT“හිමි පුත, මම් බුදුපාමොක් බික්සඟනට බතක් කරන්නට කැමැත්තෙමි, මාගේ වැටුප් දෙනුමැනැවැ” යි. ඒ කිරපතිකයා ද සැදැහැතියේ පහන් වූයේ වෙයි. එකල්හි ඒ කිරපතිකයා ඒ දිළිඳු කම්කරුවාහට අතිරේක දීමනා සහිත වැටුප දින. ඉක්බිති ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන් වෙතැ එළැඹි යේ යැ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා වූ ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාගේ බත සෙට දවසට බික්සඟන සමඟ ඉවසනසේක්ව” යි. ඇවැත, බික්සඟන බොහෝ යැ, (පමණ) දනුව යි. ස්වාමීනි, භික්‍ෂුසඞ්ඝයා බොහෝ වේවා, මා විසින් බොහෝ ඩෙබර පිළියෙළ කරන ලදහ. ඩෙබරමුසු අහරින් පින්වත් හිමිවරු පිනා යෙත්ව යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළසේකැ. එකල්හි ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන්ගේ ඉවසීම දැනැ අස්නෙන් නැඟිට භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට නික්මැ ගියේ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ දළිද්දෙන කිර කම්මකාරෙන ස්වාතනාය බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො නිමන්තිතො, බදරමිස්සෙනපය්යා පරිපූරිස්සන්තීති. තෙ කාලස්සෙව පිණ්ඩාය චරිත්වා භුඤ්ජිංසු. අස්සොසුං ඛො මනුස්සා දළිද්දෙන කිර කම්මකාරෙන බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො නිමන්තිතොති. තෙ දළිද්දස්ස කම්මකාරස්ස පහූතං ඛාදනීයං භොජනීයං අභිහරිංසු.
Sinhala BJT2. ඒ දිළිඳු කම්කරුවා විසින් ඩෙබරමුසු අහරින් වත් ආර්‍ය්‍යයෝ පිනායෙත්වා’යි හෙට දවසට බුදුපාමොක් බික්සඟන නිමතන ලදැ යි භික්‍ෂූහු ඇසූහු. ඔවුහු කල්තබා මැ පිඬු පිණිස හැසිරැ වැළඳූහ. මිනිස්සු දිළිඳු කම්කරුවා විසින් බුදුපාමොක් බික්සඟන නිමතන ලදැ යි ඇසූහු යි. ඔවුහු බොහෝ කෑ යුතු බිඳිය යුතු දැය ඒ දිළිඳු කම්කරුවා වෙතැ එළවූහ.
Pali BJT3. අථ ඛො සො දළිද්දො කම්මකාරො තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි. කාලො භන්තෙ නිට්ඨිතං භත්තන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තස්ස දළිද්දස්ස කම්මකරස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො සො දළිද්දො කම්මකරො භත්තග්ගෙ භික්ඛූ පරිවිසති. භික්ඛූ එවමාහංසු: “ථොකං ආවුසො දෙහි, ථොකං ආවුසො දෙහී”ති. මා ඛො තුම්හෙ භන්තෙ අයං දළිද්දො කම්මකරොති ථොකං ථොකං{4} පටිගණ්හිත්ථ, පහූතං මෙ ඛාදනීයං භොජනීයං පටියත්තං පටිග්ගණ්හාථ භන්තෙ යාවදත්ථන්ති. න ඛො මයං ආවුසො එතං කාරණා ථොකං ථොකං පටිග්ගණ්හාම අපි ච මයං කාලස්සෙව පිණ්ඩාය චරිත්වා භුඤ්ජිම්හා, තෙන මයං ථොකං ථොකං පටිග්ගණ්හාමාති. අථ ඛො සො දළිද්දො කම්මකාරො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා මයා නිමන්තිතා අඤ්ඤත්ර භුඤ්ජිස්සන්ති, න චාහං පටිබලො යාවදත්ථං දාතුන්ති. අස්සොසුං ඛො භික්ඛූ තස්ස දළිද්දස්ස කම්මකාරස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස.
Sinhala BJT3. එකල්හි ඒ දිළිඳු කම්කරුවා ඒ රැය ඇවෑමෙන් පිණි කැවිලි බොජුන් පිළියෙල කොට භාග්‍යවතුන්හට කල් දන්වා යැවී ය. ස්වාමීනි, මේ කාලය යි, බත් නිමියේ යි. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන ඒ දුළිඳු කම්කරුවාගේ නිවසට එළඹියහ. එළැඹැ පනවන ලද අසුනෙහි භික්‍ෂුසංඝයා සමඟ වැඩ හුන්හු. එකල්හි ඒ දිළිඳු කම්කරුවා භක්තාග්‍රයෙහි භික්‍ෂූන් වළඳවයි. භික්‍ෂූහු මෙසේ කීහ. ඇවැත, මඳක් දෙව, ඇවැත මඳක් දෙව. ස්වාමීනි, මුඹවහන්සේලා මේ දිළිඳු කම්කරුවෙකැයි මඳ මඳ කොට නො පිළිගනු මැනැවි. මා විසින් බොහෝ කැවිලි බොජුන් අහර පිළියෙළ කරන ලදී. ස්වාමීනි, කැමැතිතාක් පිළිගනු මැනැවි. ඇවැත, ඇපි මෙකරුණින් මඳ මඳ කොට නො පිළිගනුම්හ. තවද ඇපි කල්තබා මැ පිඬු පිණිස හැසිරැ වැළැඳුම්හ. එහෙයින් අපි මඳ මඳ පිළිගනුම්හ. එකල්හි ඒ දිළිඳු කම්කරුවා ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. කෙසේ නම් වහන්දෑ මා විසින් නිමතන ලද්දාහු අන් තැනෙක වැළැඳුහු ද? මම් ද කැමැතිතාක් දීමට සමර්‍ත්‍ථ නො වෙම් ද? භික්‍ෂූහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ දිළිඳු කම්කරුවා ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යි.
Pali BJT4. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම භික්ඛූ අඤ්ඤත්ර නිමන්තිතා අඤ්ඤත්ර භුඤ්ජිස්සන්තීති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අඤ්ඤත්ර නිමන්තිතා අඤ්ඤත්ර භුඤ්ජන්තීති? සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා අඤ්ඤත්ර නිමන්තිතා අඤ්ඤත්ර භුඤ්ජිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් භික්‍ෂූහු අන්තැනෙකැ නිමතන ලද්දාහු අන් තැනෙකැ වැළැඳූහු ද? ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු අන්තැනෙකැ නිමතන ලද්දාහු අන් තැනෙකැ වළඳද්ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ අන් තැනෙකැ නිමතන ලද්දාහු අන් තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“පරම්පරභොජනෙ පාචිත්තිය”න්ති.
Sinhala BJT“පරම්පර භෝජනයෙහි පචිති වේ” ය යි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගිලානො හොති අඤ්ඤතරො භික්ඛු පිණ්ඩපාතං ආදාය යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “භුඤ්ජාහි ආවුසො”. අලං ආවුසො අත්ථි මෙ භත්තපච්චාසාති තස්ස භික්ඛුනො පිණ්ඩපාතො උස්සූරෙ{1} ආහරීයිත්ථ. සො භික්ඛු න චිත්තරූපං භුඤ්ජි. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා පරම්පරභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT5. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් ගිලන්වූයේ වෙයි. එක්තරා මහණෙක් පිණ්ඩපාතය ගෙනැ ඒ භික්‍ෂු යම් තැනෙක ද එතැනට එළැඹියේ යි, එළැඹැ ඒ මහණහට මෙය කීය: ඇවැත වළඳන්න, කම් නැත ඇවැත, මා විසින් ඉවසූ බතෙක් ඇත. ඒ භික්‍ෂුහුගේ පිණ්ඩපාතය ඉතා දවාලෙහි ගෙනෙනු ලැබීයැ. ඒ භික්‍ෂු තෙමේ සිත්සේ නො වැළැඳී යැ. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ: “මහණෙනි, ගිලන්මහණහු විසින් පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි” මහණෙනි, තවද මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“පරම්පරභොජනෙ, අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො ගිලානසමයො අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“සුදුසු සමය තබා පරම්පර භෝජනයෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිලන්සමය යැ එහි මේ සුදුසු සමය යි.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT6. තෙන ඛො පන සමයෙන මනුස්සා චීවරදානසමයෙ සචීවරභත්තං{2} පටියාදෙත්වා{3} භික්ඛූ නිමන්තෙන්ති: “භොජෙත්වා චීවරෙන අච්ඡාදෙස්සාමා”ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති “පටික්ඛිත්තං භගවතා පරම්පරභොජන”න්ති චීවරං පරිත්තං උප්පජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ චීවරදානසමයෙ පරම්පරභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT6. එසමයෙහි මිනිස්සු සිවුරු දෙන සමයෙහි සිවුරුබතක් පිළියෙළ කොට වළඳවා සිවුරු දෙම්හ යි භික්‍ෂූන්හට නිමතත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් පරම්පරභෝජනය ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො ඉවසත්. මඳ සිවුරෙක් උපදී. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු දෙනසමයෙහි පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි.” මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“පරම්පරභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං තත්ථායං සමයො ගිලානසමයො චීවරදානසමයො අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“සුදුසු සමය තබා පරම්පර භෝජනයෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිලන් සමය යැ, සිවුරු දෙනසමය යැ, මෙහි ඒ සුදුසු සමය යි.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT7. තෙන ඛො පන සමයෙන මනුස්සා චීවරකාරකෙ භික්ඛූ භත්තෙන නිමන්තෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති “පටික්ඛිත්තං භගවතා පරම්පරභොජන”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ චීවරකාරසමයෙ පරම්පරභොජනං භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT7. එසමයෙහි වනාහි මිනිස්සු සිවුරු කරන මහණුන්ට බතින් නිමතත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් පරම්පරභෝජනය ප්‍රතික්‍ෂේප කරන ලදැයි කුකුස් කරනුවෝ නො ඉවසත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු කරන සමයෙහි පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“පරම්පරභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං තත්ථායං සමයො ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“සුදුසු සමය තබා පරම්පරභෝජනයෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි ගිලන් සමය යැ සිවුරු දෙනසමය යැ සිවුරු කරනසමය යැ, මේ එහි සුදුසු සමය යි.”
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT8. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන අඤ්ඤතරං කුලං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො තෙ මනුස්සා භගවතො ච ආයස්මතො ච ආනන්දස්ස භොජනං අදංසු. ආයස්මා ආනන්දො කුක්කුච්චායන්තො න පටිගණ්හාති. පටිගණ්හාහි{1} ආනන්දා”ති. අලං භගවා අත්ථි මෙ භත්තපච්චාසාති. තෙනහානන්ද, විකප්පෙත්වා ගණ්හාහීති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ විකප්පෙත්වා{2} පරම්පරභොජනං භුඤ්ජිතුං”, එවඤ්ච පන භික්ඛවෙ විකප්පෙතබ්බං: මය්හං භත්තපච්චාසං ඉත්ථන්නාමස්ස දම්මීති.
Sinhala BJT8. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙර වැ පා සිවුරු ගෙන ආයුෂ්මත් ආනන්‍දයන් පසුමහණුන් කොට එක්තරා කුලයකට එළැඹියහ. එළැඹැ පනවන ලද අසුනෙහි වැඩැහුන්හු. එකල්හි ඒ මිනිස්සු භාග්‍යවතුන්හට ද ආයුෂ්මත් ආනන්‍දයන්හට ද භෝජනය දුන්හ. ආයුෂ්මත් ආනන්‍දයෝ කුකුස් කරනුවෝ නො ඉවසති. පිළිගනු ව ආනන්‍ද, කම් නැති භාග්‍යවතුනි, මා විසින් ඉවසූ බතෙක් ඇත. එසේ නම් ආනන්‍ද විකපා පිළිගනුව. එකල්හි භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූහ. “මහණෙනි, විකල්පනය කොට පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි,” මහණෙනි, ‘මා ඉවසූ බත මෙනම්හුට දෙමි’යි මෙසේ විකල්පනය කළයුතු යි.
Pali BJT9. පරම්පරභොජනං නාම: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරෙන භොජනෙන නිමන්තිතො තං ඨපෙත්වා අඤ්ඤං පඤ්චන්නං භොජනානං අඤ්ඤතරං භොජනං භුඤ්ජති, එතං පරම්පරභොජනං නාම.
Sinhala BJT9. පරම්පරභෝජනය නම්: පස්බොජුන් අතුරෙන් එක්තරා බොජුනකින් නිමතන ලද්දේ එය තබා පස් බොජුන් අතුරෙන් එක්තරා අන් බොජුනක් වළඳයි. මේ පරම්පරභෝජන නම් වේ.
Pali BJTඅඤ්ඤත්ර සමයාති ඨපෙත්වා සමයං.
Sinhala BJTඅඤ්ඤත්‍රසමයා: සුදුසු සමය තබා.
Pali BJTගිලානසමයො නාම: න සක්කොති එකාසනෙ නිසින්නො යාවදත්ථං භුඤ්ජිතුං ගිලානසමයොති භුඤ්ජිතබ්බං.
Sinhala BJTගිලානසමය නම්: එක් අසුනෙහි හුන්නේ කැමැති තාක් වළඳන්නට නො හැකිවේ ද, ගිලන්සමය යැ යි වැළඳියයුතු.
Pali BJTචීවරදානසමයො නාම: අනත්ථතෙ කඨිනෙ වස්සානස්ස පච්ඡිමො මාසො, අත්ථතෙ කඨිනෙ පඤ්චමාසා චීවරදාන සමයොති භුඤ්ජිතබ්බං.
Sinhala BJTචීවරදානසමය නම්: කෙළින් සිවුරු නො අතුළ කල්හි වැසිකල් පිළිබැඳි පැසුළුමස ද කෙළින් සිවුරු අතුළ කල්හි පස්මස ද, සිවුරු දෙන සමය යැ යි වැළඳියයුතු.
Pali BJTචීවරකාරසමයො නාම: චීවරෙ කයිරමානෙ චීවරකාර සමයොති භුඤ්ජිතබ්බං.
Sinhala BJTචීවරකාරසමය නම්: සිවුරක් කරනු ලබන කල්හි සිවුරු කරන සමය යැ යි වැළඳියයුතු.
Pali BJTඅඤ්චත්ර සමයා භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසුදුසු සමය තබා වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTපරම්පරභොජනෙ පරම්පරභොජනසඤ්ඤී අඤ්ඤත්ර සමයා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. පරම්පරභොජනෙ වෙමතිකො අඤ්ඤත්ර සමයා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. පරම්පරභොජනෙ න පරම්පරභොජනසඤ්ඤී අඤ්ඤත්ර සමයා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපරම්පරභෝජනයෙහි පරම්පරබොජුන්සන් ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. පරම්පරභෝජනයෙහි විමති ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. පරම්පරබොජුනෙහි පරම්පරබොජුනැ යි සන් නැතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වේ.
Pali BJTන පරම්පරභොජනෙ පරම්පරභොජනසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. න පරම්පරභොජනෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. න පරම්පරභොජනෙ න පරම්පරභොජනසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො පරම්පරබොජුනෙහි පරම්පරබොජුන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පරම්පරබොජුනෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පරම්පරබොජුනෙහි නො පරම්පරබොජුන්සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සමයෙ විකප්පෙත්වා භුඤ්ජති ද්වෙ තයො නිමන්තනෙ එකතො භුඤ්ජති, නිමන්තනපටිපාටියා භුඤ්ජති, සකලෙන ගාමෙන නිමන්තිතො තස්මිං ගාමෙ යත්ථ කත්ථචි භුඤ්ජති, සකලෙන පූගෙන නිමන්තිතො තස්මිං පූගෙ යත්ථ කත්ථචි භුඤ්ජති, නිමන්තියමානො භික්ඛං ගහෙස්සාමීති භණති, නිච්චභත්තෙ සලාකභත්තෙ පක්ඛිකෙ උපොසථිකෙ පාටිපදිකෙ පඤ්චභොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සා ති.
Sinhala BJTසුදුසු සමයෙහි විකල්පනය කොට වළඳා නම්, දෙතුන් නිමැතුම්හි එකට වළඳා නම්, නිමතන ලද පිළිවෙළින් වළඳා නම්, සියලු ගම විසින් නිමතන ලද්දේ එගම්හි කිසියම් තැනෙකැ වළඳා නම්, සියලු මුළුවක් විසින් නිමතන ලද්දේ එමුළුවෙහි කිසියම් තැනෙකැ වළඳා නම්, නිමතනු ලබන්නේ භික්‍ෂාව ගන්නෙමි යි බෙණේ නම්, නිතිබත්හි නම්, ලහබත්හි නම්, පැකිබත්හි නම්, පොහෝබත්හි නම්, පෑළවිය බත්හි නම්, පස් බොජුන් තබා (හඹුකැවිලි ඈ) හැම වැළඳීමෙහි නම් ඇවැත් නැති. උම්මත්තකහට ද ආදිකම්මිකහට ද ඇවැත් නැති.
Pali BJTපරම්පර භොජනසික්ඛාපදං තතියං.
Sinhala BJTපරම්පරභෝජන ශික්‍ෂාපද යි.
Pali BJT6. 4. 4.
Sinhala BJT6. 4. 4.
Pali BJTකාණමාතුසික්ඛාපදං
Sinhala BJTකාණමාතු ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ තෙන ඛො පන සමයෙන කාණමාතා උපාසිකා සද්ධා හොති පසන්නා. කාණා ගාමකෙ අඤ්ඤතරස්ස පුරිසස්ස දින්නා හොති. අථ ඛො කාණා මාතුඝරං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො කාණාය සාමිකො කාණාය සන්තිකෙ දූතං පාහෙසි: “ආගච්ඡතු කාණා, ඉච්ඡාමි කාණාය ආගත”න්ති. අථ ඛො කාණමාතා උපාසිකා කිස්මිං විය රිත්තහත්ථං ගන්තු”න්ති පූවං{1} පචි. පක්කෙ පූවෙ අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු කාණමාතාය උපාසිකාය නිවෙසනං පාවිසි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි කාණමාතා උපාසිකාව සැදැහැත්තී පහන්වූවා වෙයි. කාණාව ගමෙකැ එක්තරා පුරුෂයකුට පාවා දුන්නී ය. එකල්හි කාණාව කිසියම් කරුණක් සඳහා මවගේ ගෙට ගියාය. එකල්හි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. කාණාව පැමිණේ වා, කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. එකල්හි කාණමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැ යි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬු සැරි මහණෙක් කාණමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේ යැ.
Pali BJTඅථ ඛො කාණමාතා උපාසිකා තස්ස භික්ඛුනො පූවං දාපෙසි. සො නික්ඛමිත්වා අඤ්ඤස්ස ආචික්ඛි. තස්සපි පූවං දාපෙසි. සොපි{1} නික්ඛමිත්වා අඤ්ඤස්ස ආචික්ඛි. තස්සපි පූවං දාපෙසි. යථා පටියත්තං පූවං පරික්ඛයං අගමාසි. දුතියම්පි ඛො කාණාය සාමිකො කාණාය සන්තිකෙ දූතං පාහෙසි “ආගච්ඡතු කාණා, ඉච්ඡාමි කාණාය ආගත”න්ති දුතියම්පි ඛො කාණමාතා උපාසිකා කිස්මිං විය රිත්තහත්ථං ගන්තුන්ති පූවං පචි. පක්කෙ පූවෙ අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු කාණමාතාය උපාසිකාය නිවෙසනං පාවිසි. අථ ඛො කාණමාතා උපාසිකා තස්ස භික්ඛුනො පූවං දාපෙසි. සො නික්ඛමිත්වා අඤ්ඤස්ස ආචික්ඛි, තස්සපි පූවං දාපෙසි සො පි නික්ඛමිත්වා අඤ්ඤස්ස ආචික්ඛි. තස්සපි පූවං දාපෙසි. යථාපටියත්තං පූවං පරික්ඛයං අගමාසි. තතියම්පි ඛො කාණාය සාමිකො කාණාය සන්තිකෙ දූතං පාහෙසි “ආගච්ඡතු කාණා ඉච්ඡාමි කාණාය ආගතං සචෙ කාණා නාගච්ඡිස්සති අහං අඤ්ඤං පජාපතිං ආනෙස්සාමී”ති. තතියම්පි ඛො කාණමාතා උපාසිකා කිස්මිං විය රිත්ත හත්ථං ගන්තුන්ති පූවං පචි. පක්කෙ පූවෙ අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු කාණමාතාය උපාසිකාය නිවෙසනං පාවිසි. අථ ඛො කාණමාතා උපාසිකා තස්ස භික්ඛුනො පූවං දාපෙසි. සො නික්ඛමිත්වා අඤ්ඤස්ස ආචික්ඛි තස්සපි පූවං දාපෙසි සොපි නික්ඛමිත්වා අඤ්ඤස්ස ආචික්ඛි. තස්සපි පූවං දාපෙසි, යථා පටියත්තං පූවං පරික්ඛයං අගමාසි. අථ ඛො කාණාය සාමිකො අඤ්ඤං පජාපතිං ආනෙසි. අස්සොසි ඛො කාණා තෙන කිර පුරිසෙන අඤ්ඤා පජාපති ආනීතාති. සා රොදන්තී අට්ඨාසි.
Sinhala BJTඑකල්හි කාණාමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී ය. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසන් බවට ගියේ යි. දෙවනු ද වනාහි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. කාණාව පැමිණේවා. කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. දෙවනු ද කාණමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැ යි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬුසැරි මහණෙක් කාණමාතා උපාසිකාව ගේ නිවසට පැමිණියේ යැ. එකල්හි කාණමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසනට ගියේ යි. තෙවනු ද වනාහි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. “කාණාව පැමිණේවා, කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. ඉදින් කාණාව නො පැමිණෙන්නී නම් මම් අන් අඹුවක ගෙනෙන්නෙමි” තෙවනුද කාණාමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැයි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬුසැරි මහණෙක් කාණාමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේ යැ. එකල්හි කාණාමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙ තෙමේ ද නික්ම ගොස් අනිකෙකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසනට ගියේයි. එකල්හි කාණාව ගේ සැමියා අන් අඹුවක ගෙනාවේ යැ. කාණාව ඒ පුරුෂයා විසින් අන් අඹුවක් ගෙනෙන ලදැ යි ඇසූ. ඕතොමෝ හඬමින් සිටියා යැ.
Pali BJT2. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවර මාදාය යෙන කාණමාතාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො කාණමාතා උපාසිකා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කාණමාතරං උපාසිකං භගවා එතදවොච: “කිස්සායං කාණා රොදතී”ති, අථ ඛො කාණමාතා උපාසිකා භගවතො එතමත්ථං ආරොචෙසි. අථ ඛො භගවා කාණමාතරං උපාසිකං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT2. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන කාණමාතා උපාසිකාවගේ නිවසට එළැඹියහ. එළඹැ පනවන ලද අස්නෙහි වැඩැ හුන්හු. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන් වෙතැ එළඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නා යැ. එකත්පසෙකැ හුන්නා වූ කාණමාතා උපාසිකාවට භාග්‍යවත්හු මෙය වදාළහ: මේ කාණාව කුමකට හඬන්නීදැ යි. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූවා යැ. එකල්හි භාග්‍යවත්හු කාණමාතා උපාසිකාවට දැහැමි කථායෙන් (දෙලෝවැඩ) මොනොවට දක්වා (කුසල් දහම්හි) සමාදන් කරවා මොනොවට තෙද ගන්වා සතුටු කරවා අසුනෙන් නැගිට වැඩිය හ.
Pali BJT3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො සත්ථො රාජගහා පටියාලොකං ගන්තුකාමො හොති. අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු තං සත්ථං පිණ්ඩාය පාවිසි. අඤ්ඤතරො උපාසකො තස්ස භික්ඛුනො සත්තුං දාපෙසි. සො නික්ඛමිත්වා අඤ්ඤස්ස ආචික්ඛි. තස්සපි සත්තුං දාපෙසි. සො නික්ඛමිත්වා අඤ්ඤස්ස ආචික්ඛි. තස්සපි සත්තුං දාපෙසි. යථාපටියත්තං පාථෙය්යං පරික්ඛයං අගමාසි. අථ ඛො සො උපාසකො තෙ මනුස්සෙ එතදවොච: “අජ්ජන්හො{1} අය්යා ආගමෙථ යථාපටියත්තං පාථෙය්යං අය්යානං දින්නං, පාථෙය්යං පටියාදෙස්සාමී”ති. නාය්ය{2} සක්කා ආගමෙතුං පයාතො සත්ථොති අගමංසු. අථ ඛො තස්ස උපාසකස්ස පාථෙය්යං පටියාදෙත්වා පච්ඡා ගච්ඡන්තස්ස චොරා අච්ඡින්දිංසු. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා න මත්තං ජානිත්වා පටිග්ගහෙස්සන්ති, අයං ඉමෙසං දත්වා පච්ඡා ගච්ඡන්තො චොරෙහි අච්ඡින්නො”ති.
Sinhala BJT3. එසමයෙහි වනාහි එක්තරා ගැල්සාත්තුවක් රජගහ නුවරින් පැසුළු දිගට යනු කැමැත්තේ වෙයි. එක්තරා පිඬුසැරි මහණෙක් ඒ ගැල්සාත්තුව වෙතැ පිඬු පිණිස පැමිණියේ යැ. එක්තරා උවසුවෙක් ඒ මහණහට අත්සුණු දෙවී යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද අත්සුණු දෙවී යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද අත්සුණු දෙවී යැ. පිළියෙළ කළ තාක් මාර්ගෝපකරණ අවසනට ගියේ යි. එකල්හි ඒ උවසු ඒ මිනිසුන්හට මෙය කී යැ: “ආර්‍ය්‍යයෙනි අද දවස පමණක් පොරොත්තු වනු මැනැවි. පිළියෙළ කළ තාක් මාර්ගෝපකරණ ආර්‍ය්‍යයන්හට දෙන ලදී. මාර්ගෝපකරණ පිළියෙළ කරන්නෙමි. ආර්‍ය්‍යය පොරොත්තු වන්නට නො හැකි යැ. තවලම ගියේ යැයි (ඔහුද) ගියහ. එකල්හි මාර්ගෝපකරණ පිළියෙළ කොට ගෙන පසුවැ යන්නා වූ ඒ උවසුවාට අනදර කොට සොරු අසිඳගත්හ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ පමණ දැන නො පිළිගත්තාහු ද? මෙතෙම මොවුන්ට දී පසු වැ යන්නේ සොරුන් විසින් අසිඳ ගන්නා ලද්දේ වේ යැ යි.
Pali BJT4. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤපෙස්සාමි දසඅත්ථවසෙ පටිච්ච: සඞ්ඝසුට්ඨුතාය සඞ්ඝඵාසුතාය -පෙ- විනයානුග්ගහාය, එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූහ: එහෙයින් මහණෙනි, කරුණු දසයක් පිණිස භික්‍ෂූන්ට සිකපද පනවන්නෙමි. සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන් ගේ පහසුබව ... විනයට රුකුල්දීම පිණිස යැ. තව ද මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
Pali BJT“භික්ඛුං පනෙව කුලං උපගතං පූවෙහි වා මන්ථෙහි වා අභිහට්ඨුං පවාරෙය්ය, ආකඞ්ඛමානෙන භික්ඛුනා ද්වත්තිපත්තපූරා පටිග්ගහෙතබ්බා. තතො චෙ උත්තරිං පටිගණ්හෙය්ය පාචිත්තියං, ද්වත්තිපත්තපූරෙ පටිග්ගහෙත්වා තතො නීහරිත්වා භික්ඛූහි සද්ධිං සංවිභජිතබ්බං. අයං තත්ථ සාමීචී”ති.
Sinhala BJT“කුලයකට පැමිණි මහණක්හට වනාහි කැවුමෙන් හෝ අත් සුන්නෙන් හෝ වෙතැ එළවා පවරන්නේ නම් කැමැති වන්නා වූ මහණුන් විසින් පිරූ දෙතුන් පාත්‍රයෙක් පමණ පිළිගතයුතු යැ. ඉදින් ඉන්මත්තෙහි පිළි ගන්නේ නම් පචිති වේ. පිරූ දෙතුන් පාත්‍රයක් පිළිගෙන එයින් බැහැරැ ගෙන ගොස් භික්‍ෂූන් සමඟ බෙදා ගතයුතු යි මේ එහි අනුදහම්බව යි.
Pali BJT5. භික්ඛුං පනෙව කුලං උපගතන්ති කුලං නාම: චත්තාරි කුලානි: ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං
Sinhala BJT5. භික්ඛුං පනෙව කුලං උපගතං: කුලය නම් ක්‍ෂත්‍රිය කුල ය බ්‍රාහ්මණ කුල යැ, වෛශ්‍ය කුල යැ, ශුද්‍ර කුල යැ යි කුල සතරෙකි.
Pali BJTඋපගතන්ති: තත්ථ උපගතං.
Sinhala BJTඋපගතං: එහි පැමිණියහු.
Pali BJTපූවං නාම: යං කිඤ්චි පහෙනකත්ථාය පටියත්තං.
Sinhala BJTපූවං නාම: ගෙන යන පඬුරු පිණිස පිළියෙළ කරන ලද යම් කිසි දැයෙකි.
Pali BJTමන්ථං නාම: යං කිඤ්චි පාථෙය්යත්ථාය පටියත්තං.
Sinhala BJTමන්‍ථං නාම: මාර්ගෝපකරණ සඳහා පිළියෙළ කරන ලද යම් කිසි දැයෙකි.
Pali BJTඅභිහට්ඨුං පවාරෙය්යාති: යාවතකං ඉච්ඡසි තාවතකං ගණ්හාහීති.
Sinhala BJTඅභිහට්ඨුං පවාරෙය්‍ය: යම්තාක් කැමැති වේ නම් ඒතාක් ගනු මැනැවැයි පැවරීම යි.
Pali BJTආකඞ්ඛමානෙනාති: ඉච්ඡමානෙන.
Sinhala BJTආකඞ්ඛමානෙන: කැමැති වන්නහු විසින්,
Pali BJTද්වත්තිපත්තපූරා පටිග්ගහෙතබ්බාති: ද්වෙ තයො පත්තපූරා පටිග්ගහෙතබ්බා.
Sinhala BJTද්වත්තිපත්තපූරා පටිග්ගහෙතබ්බා: පාත්‍ර දෙකක් පුරා හෝ තුනක් පුරා හෝ පිළිගතයුතු යි.
Pali BJTතතො චෙ උත්තරිං පටිගණ්හෙය්යාති: තතුත්තරිං පටිගණ්හාති ආපත්ති පාචිත්තියස්ස. ද්වත්තිපත්තපූරෙ පටිග්ගහෙත්වා තතො නික්ඛමන්තෙන භික්ඛුං පස්සිත්වා ආචික්ඛිතබ්බං අමුත්ර{1} මයා ද්වත්තිපත්තපූරා පටිග්ගහිතා මා ඛො තත්ථ පටිගණ්හීති. සචෙ පස්සිත්වා න ආචික්ඛති ආපත්ති දුක්කටස්ස. සචෙ ආචික්ඛිතෙ පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTතතො චෙ උත්තරිං පටිගණ්හෙය්‍ය: එයින් මත්තෙහි පිළිගනී නම් පචිති ඇවැත් වේ. දෙ තුන් පයක් පිළිගෙන එයින් නික්මෙන්නහු විසින් මහණකු දැක මෙහි මා විසින් පුරා දෙතුන් පාත්‍රයෙක් පිළිගන්නා ලදී. එහි නහමක් පිළිගන්නැයි කිවයුතු යි. ඉදින් දැක නො කියා නම් දුකුළා ඇවැත් වේ. ඉදින් කියන ලද කල්හි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTතතො නීහරිත්වා භික්ඛූහි සද්ධිං සංවිභජිතබ්බන්ති: පටික්කමනං හරිත්වා{2} සංවිභජිතබ්බං
Sinhala BJTතතො නීහරිත්‍වා භික්ඛුහි සද්ධිං සංවිහජිතබ්බා: බැහැරට ගෙන ගොස් බෙදා දියයුතු යි.
Pali BJTඅයං තත්ථ සාමීචීති: අයං තත්ථ අනුධම්මතා.
Sinhala BJTඅයං තත්‍ථ සාමීචිති: මේ එහි අනුධර්‍මතා යි.
Pali BJTඅතිරෙක ද්වත්තිපත්තපූරෙ අතිරෙකසඤ්ඤී පතිගණ්හාති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙක ද්වත්තිපත්තපූරෙ වෙමතිකො පතිගණ්හාති ආපත්ති පාචිත්තියස්ස. අතිරෙක ද්වත්තිපත්තපූරෙ ඌනකසඤ්ඤී පතිගණ්හාති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTපිරුණු දෙතුන් පයකට වැඩියෙක්හි අතිරේකසංඥා ඇතියේ පිළිගනී නම් පචිති ඇවැත් වෙයි. පිරුණු දෙ තුන් පයකට වැඩියෙක්හි විමති ඇතියේ පිළිගනී නම් පචිති ඇවැත් වෙයි. පිරුණු දෙතුන් පයකට වැඩියෙක්හි උනුසන් ඇතියේ පිළිගනී නම් පචිති ඇවැත් වේ.
Pali BJTඌනකද්වත්තිපත්තපූරෙ අතිරෙකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඌනකද්වත්තිපත්තපූරෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඌනකද්වත්තිපත්තපූරෙ ඌනකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTපිරුණු දෙතුන් පයකට අඩුවෙක්හි අතිරේකසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරුණු දෙතුන් පයකට අඩුවෙක්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරුණු දෙතුන් පයකට අඩුවෙක්හි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ද්වත්තිපත්තපූරෙ පතිගණ්හාති, ඌනකද්වත්තිපත්තපූරෙ පතිගණ්හාති, න පහෙණකත්ථාය න පාථෙය්යත්ථාය පටියත්තං දෙන්ති පහෙණකත්ථාය වා පාථෙය්යත්ථාය වා පටියත්තසෙසකං දෙන්ති ගමනෙ පටිප්පස්සද්ධෙ දෙන්ති ඤාතකානං පවාරිතානං අඤ්ඤස්සත්ථාය අත්තනො ධනෙන උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTපිරුණු දෙතුන් පයක් පිළිගනී නම්, පිරුණු දෙතුන් පයකට අඩුව පිළිගනී නම්, පඬුරු පිණිස යැවීමට හෝ මාර්ගෝපකරණ පිණිස හෝ පිළියෙළ නො කරන ලද්දක් දෙත් නම්, පඬුරු පිණිස හෝ මාර්ගෝපකරණ පිණිස හෝ පිළියෙළ කළ දැයෙකින් ඉතුරු වූවක් දෙත් නම්, ගමන වැළකුණු කල්හි දෙත් නම්, නෑයන්ගෙන් නම් පවාරිතයන්ගෙන් නම් අනෙකක්හු සඳහා නම්, ස්වකීය ධනයෙන් නම් ඇවැත් නැති. උම්මත්තකහට ද ආදිකම්මිකහට ද ඇවැත් නැති.
Pali BJTකාණමාතුසික්ඛාපදං චතුත්ථං.
Sinhala BJTසිවුවැනි කාණමාතු ශික්‍ෂාපදයි.
Pali BJT6. 4. 5.
Sinhala BJT6. 4. 5.
Pali BJTපඨමපවාරණසික්ඛාපදං
Sinhala BJTපඨමපවාරණ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො බ්රාහ්මණො භික්ඛූ නිමන්තෙත්වා භොජෙසි. භික්ඛූ භුත්තාවී පවාරිතා ඤාතිකුලානි ගන්ත්වා එකච්චෙ භුඤ්ජිංසු එකච්චෙ පිණ්ඩපාතං ආදාය අගමංසු. අථ ඛො සො බ්රාහ්මණො පටිවිස්සකෙ එතදවොච: “භික්ඛූ මයා අය්යා සන්තප්පිතා, එථ තුම්හෙපි සන්තප්පෙස්සාමී”ති. තෙ එවමාහංසු: “කිං ත්වං අය්යො අම්හෙ සන්තප්පෙස්සසි. යෙපි තයා නිමන්තිතා, තෙපි අම්හාකං ඝරානි ආගන්ත්වා එකච්චෙ භුඤ්ජිංසු. එකච්චෙ පිණ්ඩපාතං ආදාය අගමංසූ”ති. අථ ඛො සො බ්රාහ්මණො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා අම්හාකං ඝරෙ භුඤ්ජිත්වා අඤ්ඤත්ර භුඤ්ජිස්සන්ති, න චාහං පටිබලො යාවදත්ථං දාතු”න්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙති. එකල්හි එක්තරා බමුණෙක් භික්‍ෂූන්ට ආරාධනා කොට වැළඳවූයේ යැ. වළඳා නිමි භික්‍ෂූහු පවාරණය කරන ලද්දාහු නෑකුලයන් කරා ගොස් සමහරු වැළඳූහ. සමහරු පිඬු රැගෙන ගියහ. එකල්හි ඒ බමුණා අසල් වැසියනට මෙය කී යැ: පින්වත්නි, මා විසින් ආර්‍ය්‍ය භික්‍ෂූහු සන්තර්‍පණය කරන ලදහ. එවු තොප ද සන්තර්‍පණය කරවන්නෙමි. ඔවුහු මෙසේ කීහු: කිම ආර්‍ය්‍ය වූ යුෂ්මත් තෙමේ අප සතප්වන්නෙහි ද? ඔබ විසින් යම් කෙනෙක් නිමතන ලද්දාහු ද, ඔවුහු අපගේ ගෙවලට අවුත් සමහරු වැළඳූහ. සමහරු පිඬු රැගෙන ගියහ. එකල්හි ඒ බමුණා ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි: “කෙසේ නම් හිමිවරු අපගේ ගෙහි වළඳා අන්තැනෙකැ වැළඳූහු ද? මම ඇතිතාක් දීමට ප්‍රතිබලයෙකිම් නො වෙම් දැ” යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තස්ස බ්රාහ්මණස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම භික්ඛූ භුත්තාවී පවාරිතා අඤ්ඤත්ර භුඤ්ජිස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ භුත්තාවී පවාරිතා අඤ්ඤත්ර භුඤ්ජන්තීති.
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණා ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත් “කෙසේ නම් භික්‍ෂූහු වළඳා ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වැළඳූහු දැ” යි ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු වළඳා ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වළඳද් ද?
Pali BJTසච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා භුත්තාවී පවාරිතා අඤ්ඤත්ර භුඤ්ජිස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, හිස්පුරුෂ වූ ඒ භික්‍ෂුහු වළඳා නිමියාහු ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.
Pali BJT“යො පන භික්ඛු භුත්තාවී පවාරිතො ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් කළ බත් කිස ඇතියේ, කළ පැවැරුණු ඇතියේ කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ කන්නේ නම් හෝ බුදී නම් හෝ පචිති වේ යැයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගිලානානං භික්ඛූනං පණීතෙ පිණ්ඩපාතෙ නීහරන්ති. ගිලානා න චිත්තරූපං භුඤ්ජන්ති තානි භික්ඛූ ඡඩ්ඩෙන්ති. අස්සොසි ඛො භගවා උච්චාසද්දං මහාසද්දං කාකොරවසද්දං. සුත්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි “කින්නු ඛො සො ආනන්ද උච්චාසද්දො මහාසද්දො කාකොරවසද්දො”ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි: භුඤ්ජෙය්යුං පනානන්ද භික්ඛූ ගිලානාති රිත්තන්ති. න භුඤ්ජෙය්යුං භගවාති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස ච අගිලානස්ස ච අතිරිත්තං භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ අතිරිත්තං කාතබ්බං ‘අලමෙතං සබ්බ’න්ති. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT3. එසමයෙහි භික්‍ෂූහු ගිලන් මහණුන්ට ප්‍රණීත පිණ්ඩපාතය ගෙන යති. ගිලන්හු සිත් සේ නො වළඳති. ඒවා භික්‍ෂූහු ඉවත දමති. බුදුහු මුළුදුන් කවුඩන්ගේ උස්හඬ මහාහඬ ඇසූහු. අසා ආයුෂ්මත් ආනන්‍දයන් ඇමතූහ: ආනන්‍ද, මුළුදුන් කවුඩන් ගේ තෙල උස් හඬ, මහාහඬ කුමක් හෙයින් ද? එකල්හි ආයුෂ්මත් ආනන්‍දයෝ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. ආනන්‍ද, භික්‍ෂූහු වනාහි ගිලනුන් වළඳා ඉතිරි දැය වළඳන්නාහු ද? භාග්‍යවතුන් වහන්ස, නො වළඳන්නාහ. එකල්හි බුදුහු මෙකරුණෙහිලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ: “මහණෙනි, ගිලනාට ද නො ගිලනාට ද ඉතිරිදැය වළඳන්නට අනුදනිමි.” මෙසේ මහණෙනි, අතිරිත්තය කළයුතු යි. ‘මෙහැම පමණයැ’. තව ද මහණෙනි මේ සිකපදය මෙසේ උදෙසවු.
Pali BJTයො පන භික්ඛු භුත්තාවී පවාරිතො අනතිරිත්තං ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් කළ බත් කිස ඇතියේ, කළ පැවැරුණු ඇතියේ අයිරිත් නො වු කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ කන්නේ නම් හෝ වළඳන්නේ නම් හෝ පචිති වේ යැයි.
Pali BJT4. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභුත්තාවී නාම: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරං භොජනං අන්තමසො කුසග්ගෙනපි භුත්තං හොති.
Sinhala BJTභුත්තාවි නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනක් යටත් පිරිසෙයින් කුසතණ අගකිනුදු අනුභව කළේ වෙයි.
Pali BJTපවාරිතො නාම: අසනං පඤ්ඤායති භොජනං පඤ්ඤායති හත්ථපාසෙ ඨිතො අභිහරති පටික්ඛෙපො පඤ්ඤායති.
Sinhala BJTපවාරිත නම්: වළඳනු පැනෙයි. (පවරනුවට පොහෝනා) බොජුන පැනෙයි. අත්පසැ සිටියේ වෙයි. එළවයි. ප්‍රතික්‍ෂේපය පැනෙයි.
Pali BJTඅනතිරිත්තං නාම: අකප්පියකතං හොති අප්පටිග්ගහිතකතං හොති. අනුච්චාරිතකතං හොති. අහත්ථපාසෙ කතං හොති, අභුත්තාවිනා කතං හොති, භුත්තාවිනා{1} පවාරිතෙන ආසනා වුට්ඨිතෙන කතං හොති. අලමෙතං සබ්බන්ති වුත්තං හොති. න ගිලානාතිරිත්තං හොති. එතං අතිරිත්තං නාම.
Sinhala BJTඅනතිරිත්ත නම්: නො කැපකළ දැයෙකි. නො පිළිගත් දැයෙකි. නො ඔසවනලද දැයෙකි. අත්පසින් බැහැර සිටියහු විසින් කළදැයෙකි. වළඳා නො නිමියහු විසින් කළදැයෙකි. වළඳා පැවැරුණහු අසුනෙන් නැඟිට කළදැයෙකි. මේ හැම පමණ යැ නො කියන ලද දැයෙකි. ගිලනකු විසින් ඉතිරි නොකළ දැයෙකි. මෙයැ අනතිරිත්ත නමි.
Pali BJTඅතිරිත්තං නාම: කප්පියකතං හොති. පටිග්ගහිතකතං හොති. උච්චාරිතකතං හොති. හත්ථපාසෙ කතං හොති. භුත්තාවිනා කතං හොති. භුත්තාවිනා පවාරිතෙන ආසනා අවුට්ඨිතෙන කතං හොති. අලමෙතං සබ්බන්ති වුත්තං හොති ගිලානාතිරිත්තං හොති. එතං අතිරිත්තං නාම.
Sinhala BJTඅතිරිත්ත නම්: කැප කළ දැයෙකි, පිළිගත් දැයෙකි, ඔසවන ලද දැයෙකි, අත්පසැ සිටියහු විසින් කළ දැයෙකි, වළඳා නිමියහු විසින් කළ දැයෙකි, වළඳා පැවැරුණාහු අසුනෙන් නො නැඟිට කළ දැයෙකි, මේ හැම පමණැ යි කියන ලද දැයෙකි, ගිලනක්හු විසින් ඉතිරි කළ දැයෙකි, මේ යැ අතිරිත්ත නම්.
Pali BJTඛාදනීයං නාම: පඤ්ච භොජනානි යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
Sinhala BJTඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවකය ද තබා සෙසු දැය ඛාදනීය නම් වේ.
Pali BJTභොජනීයං නාම: පඤ්ච භොජනානි: ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTභෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි බුදින්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅනතිරිත්තෙ අනතිරිත්තසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා, ආපත්ති පාචිත්තියස්ස. අනතිරිත්තෙ වෙමතිකො ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාචිත්තියස්ස. අනතිරිත්තෙ අතිරිත්තසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅයිරිත් නො වූයෙහි අයිරිත් නොවූ සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. අයිරිත් නො වූයෙහි විමති ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. අයිරිත් නො වූයෙහි අයිරිත්සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTයාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
Pali BJTඅතිරිත්තෙ අනතිරිත්තසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අතිරිත්තෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අතිරිත්තෙ අතිරිත්තසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTඅයිරිත්හි නො අයිරිත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අයිරිත්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අයිරිත්හි අයිරිත්සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අතිරිත්තං කාරාපෙත්වා භුඤ්ජති අතිරිත්තං කාරාපෙත්වා භුඤ්ජිස්සාමීති පටිගණ්හාති අඤ්ඤස්සත්ථාය හරන්තො ගච්ඡති ගිලානස්ස සෙසකං භුඤ්ජති යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සතිපච්චයෙ පරිභුඤ්ජති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅයිරිත් කරවා වළඳා නම් අයිරිත් කරවා වළඳන්නෙමියි පිළිගනී නම් අනෙකක්හු සඳහා ගෙනැ යේ නම්, ගිලන්හු ගේ ඉතිරි දැය වළඳා නම් යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය කරුණක් ඇති කල්හි වළඳා නම් උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති.
Pali BJTපඨමපවාරණ{1} සික්ඛාපදං පඤ්චමං.
Sinhala BJTපස්වැනි පඨමපවාරණ ශික්‍ෂාපදයි.
Pali BJT6. 4. 6.
Sinhala BJT6. 4. 6.
Pali BJTදුතියපවාරණ සික්ඛාපදං
Sinhala BJTදුතියපවාරණ ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ කොසලෙසු ජනපදෙ සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. එකො භික්ඛු අනාචාරං ආචරති. දුතියො භික්ඛු තං භික්ඛුං එතදවොච: “මා ආවුසො එවරූපං අකාසි. නෙතං කප්පතී”ති. සො තස්මිං උපනන්ධි. අථ ඛො තෙ භික්ඛූ සාවත්ථිං අගමංසු. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරස්ස පූගස්ස සංඝභත්තං හොති. දුතියො භික්ඛු භුත්තාවී පවාරිතො හොති. උපනද්ධො{2} භික්ඛු ඤාතිකුලං ගන්ත්වා පිණ්ඩපාතං ආදාය යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච “භුඤ්ජාහි ආවුසො”ති. අලං ආවුසො පරිපුණ්ණොම්හීති. සුන්දරො ආවුසො පිණ්ඩපාතො භුඤ්ජාහීති. අථ ඛො සො භික්ඛු තෙන භික්ඛුනා නිප්පීළියමානො තං පිණ්ඩපාතං භුඤ්ජි. උපනද්ධො භික්ඛු තං භික්ඛුං එතදවොච: “ත්වං හි{3} නාම ආවුසො මං වත්තබ්බං මඤ්ඤසි. යං ත්වං භුත්තාවී පවාරිතො අනතිරිත්තං භොජනං භුඤ්ජසී”ති. නනු ආවුසො ආචික්ඛිතබ්බන්ති. නනු ආවුසො පුච්ඡිතබ්බන්ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි දෙ මහණ කෙනෙක් කොසොල් දනව්වෙහි සිටැ සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. එක් මහණෙක් පනත් විකුම් කෙරෙයි. දෙවන මහණ තෙමේ එමහණට ඇවැත, මෙබන්දක් නහමක් කරව, ‘මෙය නො කැප’ යැයි මෙ බස කී යැ. හේ ඔහු කෙරෙහි වෙර බැන්දේ යි. එකල්හි ඒ භික්‍ෂූහු සැවැතට ගියහ. එසමයෙහි සැවැතෙහි එක්තරා මුළුවෙක්හි සඟබතෙක් වෙයි. දෙවන මහණ වළඳා නිමියේ පවාරිත වෙයි. වෙර බැඳි මහණ නෑකුලයට ගොස් පිණ්ඩපාතය ගෙනවුත් එමහණ වෙතැ එළැඹියේ යැ. එළැඹැ එමහණහට මෙය කී යැ; ඇවැත, වළඳන්නැයි. පමණි ඇවැත, පිරිපුන් වෙමි. ඇවැත, පිණ්ඩපාතය යහපත් යැ, වළඳන්නැයි. එකල්හි ඒ මහණ තෙමේ එමහණහු විසින් පෙළනු ලබන්නේ ඒ පිණ්ඩපාතය වැළඳී යැ, වෙර බැඳි මහණ තෙමේ එ මහණහට මෙය කී යැ: ඇවැත, යම් හෙයෙකින් තෙපි වළඳා නිමියහු කළ පැවැරුණු ඇතියහු අයිරිත් නො කළ බොජුන් වළඳවු නම් (එබඳු) තෙපි මා කියයුතු කොට හඟනහු දැයි. ඇවැත, කිය යුතු නො වේ ද? ඇවැත, පිළිවිසිය යුතු නො වේ දැයි.
Pali BJT2. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන භොජනෙන අභිහට්ඨුං පවාරෙස්සතී” ති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන භොජනෙන අභිහට්ඨුං පවාරෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන භොජනෙන අභිහට්ඨුං පවාරෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT2. එකල්හි ඒ මහණ තෙම භික්‍ෂූන්හට මෙකරුණ සැල කෙළේ යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මහණෙක් වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරී දැ යි ... සැබෑද මහණ, තෙපි වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරුවහු ද? සැබැව, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි වළඳා නිම කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරුහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි! මේ සිකපදය මෙසේ උදෙසවු.
Pali BJT“යො පන භික්ඛු භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙය්ය හන්ද භික්ඛු ඛාද වා භුඤ්ජ වා ති ජානං ආසාදනාපෙක්ඛො භුත්තස්මිං පාචිත්තියන්ති.
Sinhala BJTයම් මහණෙක් වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ කෑයුතු දැයෙකින් හෝ බුදිය යුතු දැයෙකින් හෝ හිඳ මහණ කන්නේයැ හෝ බුදින්නේයැ හෝ යි ගටනු කැමැත්තේ දැනැ දැනැ පවරන්නේ නම් වැළඳුව පචිති වේ යැයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන; යමෙක් යම් බඳුයෙක් ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුන්ති: අඤ්ඤං භික්ඛුං.
Sinhala BJTභික්ඛුං: අන් මහණක්හු;
Pali BJTභුත්තාවී නාම: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරං භොජනං අන්තමසො කුසග්ගෙනපි භුත්තං හොති.
Sinhala BJTභුත්තාවි නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙක් යටත් පිරිසෙයින් කුසතණ අගිනුදු අනුභව කෙළේ වෙයි.
Pali BJTපවාරිතො නාම: අසනං පඤ්ඤායති භොජනං පඤ්ඤායති හත්ථපාසෙ ඨිතො අභිහරති පටික්ඛෙපො පඤ්ඤායති.
Sinhala BJTපවාරිත නම්: නො නිමි කෑම පැනෙයි. (පවරනුවට පොහෝනා) බොජුන පැනෙයි. අත්පස සිටියේ වෙයි, එළවයි, ප්‍රතික්‍ෂේපය පැනෙයි.
Pali BJTඅනතිරිත්තං නාම: අකප්පියකතං හොති අපටිග්ගහිතකතං හොති අනුච්චාරිතකතං හොති අහත්ථපාසෙ කතං හොති අභුත්තාවිනා කතං හොති භුත්තාවිනා පවාරිතෙන ආසනා වුට්ඨිතෙන කතං හොති අලමෙතං සබ්බන්ති අවුත්තං හොති න ගිලානාතිරිත්තං හොති එතං අනතිරිත්තං නාම.
Sinhala BJTඅනතිරිත්ත නම්: නො කැපකළ දැයෙකි. නො පිළිගත් දැයෙකි. නො ඔසවන ලද දැයෙකි. අත්පසින් බැහැරැ සිටියහු විසින් කළ දැයෙකි. වළඳා නො නිමියහු විසින් කළ දැයෙකි. වළඳා පැවැරුණහු අසුනෙන් නැගිට කළ දැයෙකි. මේ හැම පමණැයි නො කියනලද දැයෙකි. ගිලනකු විසින් ඉතිරි නො කළ දැයෙකි. මේ යැ අනතිරික්ත නම්.
Pali BJTඛාදනීයං නාම: පඤ්ච භොජනානි යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
Sinhala BJTඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
Pali BJTභොජනීයං නාම: පඤ්ච භොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං.
Sinhala BJTභෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩ මස් යැ යන පස් බොජුනි.
Pali BJTඅභිහට්ඨුං පවාරෙය්යාති: යාවතකං ඉච්ඡසි තාවතකං ගණ්හාහීති.
Sinhala BJTඅභිහට්ඨුංපවාරය්‍ය; යම්තාක් කැමැත්තෙහි ද ඒතාක් ගනුවයි.
Pali BJTජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති සො වා ආරොචෙති.
Sinhala BJTජානාති නම්: තෙමේ ම හෝ දනී. අන්හු හෝ ඔහුට කියත්, හෙතෙමේ හෝ දන්වයි.
Pali BJTආසාදනාපෙක්ඛොති: ඉමිනා ඉමං චොදෙස්සාමි සාරෙස්සාමි පටිචොදෙස්සාමි පටිසාරෙස්සාමි මඞ්කු{1} කරිස්සාමීති ආහරති ආපත්ති දුක්කටස්ස. තස්ස වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස. භොජනපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTආසාදනාපෙක්ඛො; මෙයින් මොහුට චෝදනා කරන්නෙමි, සිහි කරවන්නෙමි, නැවැතැ චෝදනා කරන්නෙමි, නැවැතැ සිහි කරවන්නෙමි, මකු කරන්නෙමැයි අත්පසට එළවා නම් දුකුළා ඇවැත් වෙයි. ඔහුගේ වචනයෙන් කන්නෙමි, බුදින්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි. බොජුන් අවසනැ පචිති ඇවැත් වේ.
Pali BJTපවාරිතෙ පවාරිතසඤ්ඤී අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙති ආපත්ති පාචිත්තියස්ස. පවාරිතෙ වෙමතිකො අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙති ආපත්ති දුක්කටස්ස. පවාරිතෙ අප්පවාරිතසඤ්ඤී අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙති අනාපත්ති.
Sinhala BJTපවාරිතයෙහි පවාරිතසංඥා ඇතියේ අයිරිත් නො වූ කෑ යුතු දැයෙකින් හෝ බිදිය යුතු දැයෙකින් හෝ අත්පසට එළවා පවරා නම් පචිති ඇවැත් වෙයි. පවාරිතයෙහි විමති ඇතියේ අයිරිත් නො වූ කෑයුතු දැයෙකින් හෝ බිදිය යුතු දැයෙකින් හෝ වෙතැ එළවා පවරා නම් දුකුළා ඇවැත් වෙයි. පවාරිතයෙහි අපවාරිතසංඥා ඇතියේ අයිරිත් නො වූ කෑ යුතු දැයෙකින් හෝ බිදියයුතු දැයෙකින් හෝ වෙතැ එළවා පවරා නම් ඇවැත් නැති.
Pali BJTයාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය අභිහරති ආපත්ති දුක්කටස්ස. තස්ස වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTයාවකාලිකය සත්තාහකාලිකය යාවජීවකය අහර පිණිස වෙතැ එළවා නම් දුකුළා ඇවැත් වෙයි. ඔහුගේ වචනයෙන් කන්නෙමි, බුදින්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
Pali BJTඅප්පවාරිතෙ පවාරිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අප්පවාරිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අප්පවාරිතෙ අප්පවාරිතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTනො පැවැරුණුයෙහි පැවැරුණුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පැවැරුණුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පැවැරුණුයෙහි නො පැවැරුණුසන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: අතිරිත්තං කාරාපෙත්වා දෙති, අතිරිත්තං කාරාපෙත්වා භුඤ්ජාහීති දෙති, අඤ්ඤස්සත්ථාය හරන්තො ගච්ඡාහීති දෙති, ගිලානස්ස සෙසකං දෙති, යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සති පච්චයෙ පරිභුඤ්ජාහීති දෙති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTඅයිරිත් කරවා දේ නම්, අයිරිත් කරවා වළඳන්නැයි දේ නම්, අනෙකක්හු සඳහා ගෙනැයන්නැයි දේ නම්, ගිලනා ගේ ඉතිරිදැය දේ නම්, යාමකාලිකය සප්තාහකාලික ය යාවජීවක ය කරුණක් ඇති කල්හි වළඳන්නැයි දේ නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTදුතියපවාරණසික්ඛාපදංඡට්ඨං.
Sinhala BJTසවැනි දුතිය පවාරණ ශික්‍ෂාපදයි.
Pali BJT6. 4. 7.
Sinhala BJT6. 4. 7.