Pali BJTභික්ඛුනූපස්සයසික්ඛාපදං තතියං.
Sinhala BJTතෙවැනි භික්ඛුනූපස්සය ශික්‍ෂාපදය යි.
Pali BJT6. 3. 4.
Sinhala BJT6. 3. 4.
Pali BJTආමිසසික්ඛාපදං
Sinhala BJTආමිස ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තා ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං ඡබ්බග්ගියා භික්ඛූ එවං වදෙන්ති. “න බහුකතා ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති{1}, ආමිසහෙතු ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එකල්හි ස්ථවිරභික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු සිවුරු – පිඬුවා – සෙනසුන් – ගිලන්පසබෙහෙත් පිරිකර ලබන්නාහු වෙති. සවග මහණහු මෙසේ කියති: ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන් හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති. ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ එවං වක්ඛන්ති: න බහුකතා ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති, ආමිසහෙතු ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති -පෙ-
Sinhala BJT2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති යි, ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියත් දැ යි …
Pali BJTසච්චං කිර තුම්හෙ භික්ඛවෙ එවං වදෙථ න බහුකතා ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති, ආමිසහෙතු ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති.
Sinhala BJTසැබෑ ද මහණෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති, ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියවු ද?
Pali BJTසච්චං භගවා.
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස,
Pali BJTවිගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා එවං වක්ඛථ: න බහුකතා ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති ආමිසහෙතු ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තීති. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTභාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති, ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු එවං වදෙය්ය ආමිසහෙතු __ථෙරා__ භික්ඛූ{2} භික්ඛුනියො ඔවන්දතීති, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් ආමිසයක් හේතු කොට ගෙන භික්‍ෂූහු මෙහෙණන් හට ඔවා දෙති යි මෙසේ කියන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT3. යො පන: යම්, යම් බඳු … භික්ඛු … මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTආමිසහෙතූති: චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චය-භෙසජ්ජපරික්ඛාරහෙතු සක්කාරහෙතු ගරුකාරහෙතු මානනහෙතු වන්දනහෙතු පූජනහෙතු.
Sinhala BJTආමිසහේතු: චීවර හේතුයෙන් පිණ්ඩපාත හේතුයෙන් ශයනාසනය හේතුයෙන් ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාර හේතුයෙන් සත්කාර හේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දන හේතුයෙන් පූජනහේතුයෙන්.
Pali BJTඑවං වදෙය්යාති: උපසම්පන්නං සඞ්ඝෙන සම්මතං භික්ඛුනොවාදකං අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති. චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සක්කාරහෙතු ගරුකාරහෙතු මානනහෙතු වන්දනහෙතු පූජනහෙතු ඔවදතීති භණති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඒවං වදෙය්‍ය: යනු සඞ්ඝයා විසින් සම්මත වූ මෙහෙණ ඔවා දෙන උපසපනක්හුහට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනහේතුයෙන් ග්ලානප්‍රත්‍යය භේෂජ්‍යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දන හේතුයෙන් පූජනහේතුයෙන් ඔවා දේ යැ යි බෙණේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඋපසම්පන්නං සඞ්ඝෙන අසම්මතං භික්ඛුනොවාදකං අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති චීවරහෙතු -පෙ- පූජනහෙතු ඔවදතීති භණති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසඞ්ඝයා විසින් අසම්මත වූ භික්ඛුනෝවාදක උපසපනක්හට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි. චීවරහේතුයෙන් … පූජනහේතුයෙන් ඔවා දේ යයි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅනුපසම්පන්නං සඞ්ඝෙන සම්මතං වා අසම්මතං වා භික්ඛුනොවාදකං අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සක්කාරහෙතු ගරුකාරහෙතු මානනහෙතු වන්දනහෙතු පූජනහෙතු ඔවදතීති භණති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසඞ්ඝයා විසින් සම්මත වූ හෝ අසම්මත වූ හෝ භික්ඛුනෝවාදක අනුපසපනක්හට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනයහේතුයෙන් ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දනහේතුයෙන් පූජනහේතුයෙන් ඔවා දේ ය යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.{1}
Sinhala BJTඅධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: පකතියා චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සක්කාරහෙතු ගරුකාරහෙතු මානනහෙතු වන්දනහෙතු පූජනහෙතු ඔවදන්තං භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTචීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනයහේතුයෙන් ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දනහේතුයෙන් පූජනහේතුයෙන් ප්‍රකෘති විසින් ඔවා දෙන්නක් හට බෙණේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTආමිසසික්ඛාපදං චතුත්ථං.
Sinhala BJTසිවුවැනි ආමිසශික්‍ෂාපදය යි.
Pali BJT6. 3. 5.
Sinhala BJT6. 3. 5.
Pali BJTචීවරදානසික්ඛාපදං
Sinhala BJTචීවරදාන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං අඤ්ඤතරිස්සා විසිඛාය පිණ්ඩාය චරති අඤ්ඤතරාපි භික්ඛුනී තස්සා විසිඛාය පිණ්ඩාය චරති. අථ ඛො සො භික්ඛු තං භික්ඛුනිං එතදවොච: “ගච්ඡ භගිනි අමුකස්මිං ඔකාසෙ භික්ඛා දිය්යතී”ති. සාපි ඛො එවමාහ: “ගච්ඡාය්ය, අමුකස්මිං ඔකාසෙ භික්ඛා දිය්යතී”ති. තෙ අභිණ්හදස්සනෙන සන්දිට්ඨා අහෙසුං.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි එක්තරා මහණෙක් සැවැතෙහි එක්තරා වීථියෙකැ පිඬු පිණිස හැසිරෙයි. එක්තරා මෙහෙණක් ද ඒ වීථියෙහි පිඬු පිණිස හැසිරෙයි. එකල්හි ඒ මහණ එමෙහෙණහට තෙල කීය: “යා නැඟණිය, අසුවල් තෙනැ භික්‍ෂාව දෙනු ලැබේ” යයි. ඕ ද මෙසේ කිවු: “යා ආර්‍ය්‍යයෙනි, අසුවල් තෙනැ භික්‍ෂාව දෙනු ලැබේ” යයි. ඔහු නිරතුරු දැක්මෙන් දුටුමිතුරු වූහ.
Pali BJT2. තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස චීවරං භාජීයති. අථ ඛො සා භික්ඛුනී ඔවාදං ගන්ත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො තං භික්ඛුනිං සො භික්ඛු එතදවොච: “අයං මෙ භගිනි, චීවර පටිවිංසො{1} සාදියිස්සසී”ති. ආමාය්ය{2}, දුබ්බලචීවරාම්හීති.{3} අථ ඛො සො භික්ඛු තස්සා භික්ඛුනියා චීවරං අදාසි. සොපි ඛො භික්ඛු දුබ්බලචීවරො හොති. භික්ඛූ තං භික්ඛුං එතදවොචුං: “කරොහිදානි තෙ ආවුසො, චීවර”න්ති . අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි.
Sinhala BJT2. එසමයෙහි වනාහි සඞ්ඝයාගේ සිවුරු බෙදනු ලැබෙයි. එකල්හි එමෙහෙණ අවවාදයට ගොස් එමහණ වෙත එළැඹියා ය. එළැඹැ සකසා වැඳ එකත්පසෙකැ සිටියා ය. එකත්පසෙකැ සිටි එමෙහෙණහට එමහණ තෙල කීය: ‘නැඟණිය, මේ මගේ සිවුරු කොටස යැ. (එය) ඉවසන්නෙහි දැ යි. එසේ යැ ආර්‍ය්‍යයෙනි, දුබල සිවුරු ඇත්තියකිම් වෙමි යි. එකල්හි එමහණ එමෙහෙණහට සිවුර දුන්නේ ය. එමහණ තෙමේත් දුබල සිවුරු ඇතියේ වෙයි. භික්‍ෂූහු එමහණහට තෙල කීහු: “ඇවැත්නි, තොපගේ සිවුර දැන් කරව” යි. එකල්හි ඒ මහණ තෙල කරුණ භික්‍ෂූන්හට දැන්වී ය.
Pali BJT3. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු භික්ඛුනියා චීවරං දස්සතීති -පෙ-
Sinhala BJT3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මහණෙක් මෙහෙණකට සිවුරක් දෙන්නේ දැ යි …
Pali BJTසච්චං කිර ත්වං භික්ඛු භික්ඛුනියා චීවරං අදාසීති.
Sinhala BJTසැබෑ ද මහණ තෝ මෙහෙණකට සිවුරක් දුන්නෙහි දැ? යි.
Pali BJTසච්චං භගවා.
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස,
Pali BJTඤාතිකා තෙ භික්ඛු අඤ්ඤාතිකාති.
Sinhala BJTමහණ (ඒ මෙහෙණ) තාගේ නෑ වූවා ද? නො නෑ වූවා දැ? යි.
Pali BJTඅඤ්ඤාතිකා භගවාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, නො නෑ වූවා යැ.
Pali BJTඅඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා සන්තං වා අසන්තං වා. කථං හි නාම ත්වං මොඝපුරිස අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTහිස් පුරුෂය, නො නෑයෙක් නො නෑයක ගේ සුදුසු දැය හෝ නුසුදුසු දැය හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනී. කෙසේ නම් හිස්පුරුෂය, තෝ නොනෑ මෙහෙණකට සිවුරක් දුන්නෙහි ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දදෙය්ය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් නොනෑ මෙහෙණකට සිවුරක් දෙන්නේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTභාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය මෙසේ පනවන ලද්දේ වෙයි.
Pali BJT4 තෙන ඛො පන සමයෙන භික්ඛූ කුක්කුච්චායන්තා භික්ඛුනීනං පාරිවට්ටකං{1} චීවරං න දෙන්ති, භික්ඛුනියො උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා අම්හාකං පාරිවට්ටකං චීවරං න දස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තාසං භික්ඛුනීනං උජ්ඣායන්තීනං ඛීයන්තීනං විපාචෙන්තීනං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ පඤ්චන්නං පාරිවට්ටකං දාතුං භික්ඛුස්ස භික්ඛුනියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරාය. අනුජානාමි භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං පාරිවට්ටකං දාතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
Sinhala BJT4. එසමයෙහි වනාහි භික්‍ෂූහු කුකුස්කරන්නාහු මෙහෙණන්හට පිරුළු කොට සිවුරු නො දෙති. මෙහෙණහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍යයෝ අපට පිරුළු කොට සිවුරු නොදෙන්නාහු දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මෙහෙණන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා වදාරා මහණුන් ඇමතූසේක: “මහණෙනි, මහණහට මෙහෙණහට හික්මනුවහට හෙරණකුහට හෙරණකහට යන පස් දෙනහට පිරුළු කොට දෙන්නට අනුදනිමි. මහණෙනි, මේ පස්දෙනහට පිරුළු කොට දෙන්නට අනුදනිමි” තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දදෙය්ය අඤ්ඤත්ර පාරිවට්ටකා, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් නොනෑ මෙහෙණකට පිරුළු හැර සිවුරු දෙන්නේ නම් පචිති වේ” යයි.
Pali BJT5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT5. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඅඤ්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධා.
Sinhala BJTඅඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන කුලපරවිටිය දක්වා නො සබඳ වූවා.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගං පච්ඡිමං.
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් විකල්පනයට සුදුසු එක්තරා පැසුළු සිවුරෙකි.
Pali BJTඅඤ්ඤත්ර පාරිවට්ටකාති: ඨපෙත්වා පාරිවට්ටකං දෙති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅඤ්ඤත්‍ර පාරිවට්ටකා: පිරුළු හැර දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී චීවරං දෙති අඤ්ඤත්ර පාරිවට්ටකා ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤාතිකාය වෙමතිකො චීවරං දෙති අඤ්ඤත්ර පාරිවට්ටකා ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤාතිකාය ඤාතිකසඤ්ඤී චීවරං දෙති අඤ්ඤත්ර පාරිවට්ටකා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනොනෑ මෙහෙණකට නොනෑ මෙහෙණක යන සන් ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ. නොනෑ මෙහෙණකට විමති ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ. නොනෑ මෙහෙණකට නෑමෙහෙණකැ යි සන් ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ.
Pali BJTඑකතො උපසම්පන්නාය චීවරං දෙති අඤ්ඤත්ර පාරිවට්ටකා ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය ඤාතිකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTමෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවකට පිරුළු හැර සිවුරු දේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට නොනෑ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට නෑමෙහෙණකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ඤාතිකාය පාරිවට්ටකං පරිත්තෙන වා විපුලං විපුලෙන වා පරිත්තං භික්ඛුනී විස්සාසං ගණ්හාති, තාවකාලිකං ගණ්හාති චීවරං ඨපෙත්වා අඤ්ඤං පරික්ඛාරං දෙති සික්ඛමානාය සාමණෙරාය, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනෑමෙහෙණකට, මඳ අගය ඇතියෙකින් මහ ඇඟි පිරුළුවක් හෝ මහ ඇඟියෙකින් මඳ අගය ඇති පිරුළුවක් හෝ මෙහෙණක් විස්වස් වැ ගනී නම්, තවුකැලි වැ ගනී නම්, සිවුරු තබා අන් පිරිකරක් දේ නම්, සික්මනුවහට, හෙරණිහට දේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTචීවරදානසික්ඛාපදං පඤ්චමං.
Sinhala BJTපස් වැනි චීවරදානශික්‍ෂාපදය යි.
Pali BJT6. 3. 6.
Sinhala BJT6. 3. 6.
Pali BJTචීවරසිබ්බනසික්ඛාපදං
Sinhala BJTචීවරසිබ්බන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී පට්ටො{1} හොති චීවරකම්මං කාතුං. අඤ්ඤතරා භික්ඛුනී යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොච: “සාධු මෙ භන්තෙ, අය්යො චීවරං සිබ්බතූ”ති. අථ ඛො ආයස්මා උදායී තස්සා භික්ඛුනියා චීවරං සිබ්බිත්වා සුරත්තං සුපරිකම්මකතං කත්වා මජ්ඣෙ පටිභානචිත්තං වුට්ඨාපෙත්වා සංහරිත්වා නික්ඛිපි.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සිවුරුකම් කිරීමට සමත් වෙති. එක්තරා මෙහෙණක් ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළඹියා යැ. එළැඹැ ආයුෂ්මත් උදායී තෙරුන්හට තෙල කිවු යැ. වහන්ස, ආර්‍ය්‍යන් වහන්සේ මට සිවුරක් මසන්නාහු මැනැවැ යි. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ එමෙහෙණහට සිවුරක් මසා මොනවට රජන් කොට මොනවට පිරියම් කොට මැද ප්‍රතිභානචිත්‍රයක් නංවා හකුළවා තැබූහ.
Pali BJT2. අථ ඛො සා භික්ඛුනී යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොච: “කතං තං භන්තෙ, චීවර”න්ති “හන්ද භගිනි, ඉමං චීවරං යථාසංහටං හරිත්වා නික්ඛිපිත්වා යදා භික්ඛුනි සඞ්ඝො ඔවාදං ආගච්ඡති තදා ඉමං චීවරං පාරුපිත්වා භික්ඛුනිසඞ්ඝස්ස පිට්ඨිතො පිට්ඨිතො ආගච්ඡා”ති.
Sinhala BJT2. එකල්හි එමෙහෙණ ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළැඹියා යැ. එළැඹැ ආයුෂ්මත් උදායී තෙරුන්හට තෙල කිවු ය. වහන්ස, ඒ සිවුරු කරන ලද දැ යි. “නැඟණිය, මේ සිවුර හැකුළූ වන මැ ගෙන ගොස් මෙහෙණසඟ යම් දිනෙකැ අවවාදයට යේ නම් එදින මේ සිවුර පෙරෙව මෙහෙණ සඟහු පිටුපසින් එව” යි.
Pali BJT3. අථ ඛො සා භික්ඛුනී තං චීවරං යථාසංහටං හරිත්වා නික්ඛිපිත්වා යදා භික්ඛුනිසඞ්ඝො ඔවාදං ආගච්ඡති, තදා තං චීවරං පාරුපිත්වා භික්ඛුනි සඞ්ඝස්ස පිට්ඨිතො පිට්ඨිතො ආගච්ඡති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “යාව ඡින්නිකා ඉමා භික්ඛුනියො ධුත්තිකා අහිරිකායො යත්ර හි නාම චීවරෙ පටිභානචිත්තං වුට්ඨාපෙස්සන්තී”ති. භික්ඛුනියො එවමාහංසු: “කස්සිදං කම්ම”න්ති. අය්යස්ස උදායිස්සාති, යෙපි තෙ ඡින්නකා ධුත්තකා{2} අහිරිකා තෙසම්පි එවරූපං න සොභෙය්ය කිං පන අය්යස්ස උදායිස්සාති.
Sinhala BJT3. එකල්හි ඒ මෙහෙණ ඒ සිවුර හැකුළූ වන මැ ගෙන ගොස් බහා තබා යම් දිනෙකැ මෙහෙණ සඟ අවවාදයට යේ නම් එදින ඒ සිවුර පෙරෙව මෙහෙණසඟහු පිටුපසින් පිටුපසින් යෙයි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: මේ මෙහෙණහු සුන්ඔතප් ඇතියහ, ධූර්‍තයහ, විළි නැතියහ. යම්බඳු සිවුරෙක්හි ප්‍රතිභාන චිත්‍රයක් නංවාලූහු දැ යි. මෙහෙණහු මේ කවරක්හුගේ කර්‍මයෙක් දැ යි මෙසේ කීහු. ආර්‍ය්‍ය උදායීහුගේ යි. යම්බඳු කෙනෙක් සුන්ඔතප් ඇතියාහු ධූර්‍ත වූවාහු විළි නැතියාහු වෙද්ද ඔවුනට ද මෙබන්දක් නො හොබනේ යැ. ආර්‍ය්‍ය උදායීතෙරුන්හට කිම හොබනේ දැ යි.
Pali BJT4. අථ ඛො තා භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං: යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ආයස්මා උදායි භික්ඛුනියා චීවරං සිබ්බිස්සතී”ති -පෙ-
Sinhala BJT4. එකල්හි ඒ භික්‍ෂුණීහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් උදායී මෙහෙණකට සිවුරක් හිවී දැ යි …
Pali BJT“සච්චං කිර ත්වං උදායි භික්ඛුනියා චීවරං සිබ්බසී”ති.
Sinhala BJTසැබෑ ද උදායි, තෝ මෙහෙණකට සිවුරක් හිවියෙහි දැ යි.
Pali BJTසච්චං භගවාති.
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස,
Pali BJTඤාතිකා තෙ උදායි අඤ්ඤාතිකාති.
Sinhala BJTඋදායි, (ඒ මෙහෙණ) තාගේ නෑ වූවා ද නො නෑ වූවා දැ යි.
Pali BJTඅඤ්ඤාතිකා භගවාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, නොනෑ වූවා යැ.
Pali BJTඅඤ්ඤාතකො මොඝපුරිස අඤ්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප්පතිරූපං වා පාසාදිකං වා අපාසාදිකං වා. කථං හි නාම ත්වං මොඝපුරිස අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං සිබ්බිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTහිස් පුරුෂය, නොනෑයෙක් නොනෑ මෙහෙණකට සුදුසු දැය හෝ නුසුදුසු දැය හෝ මනාපය හෝ අමනාපය හෝ නොදනී. හිස් පුරුෂය, කෙසේ නම් තෝ නොනෑ මෙහෙණකට සිවුරක් මැසූයෙහි දැ යි. හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං සිබ්බෙය්ය වා සිබ්බාපෙය්ය වා, පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් නො නෑ මෙහෙණකට සිවුරක් මසන්නේ නම් හෝ මස්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
Pali BJT5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT5. යො පන යනු: යම්, යම්බඳු … භික්ඛූ … මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTඅඤ්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධා.
Sinhala BJTඅඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන කුලපරවිටිය දක්වා නො සබඳ වූවා.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
Pali BJTචීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං.
Sinhala BJTචීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.
Pali BJTසිබ්බෙය්යාති: සයං සිබ්බති ආරාපථෙ ආරාපථෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසිබ්බෙය්‍ය: තෙමේ මසා නම් හිදි මගක් පාසා පචිති ඇවැත් වේ.
Pali BJTසිබ්බාපෙය්යාති: අඤ්ඤං ආණාපෙති. ආපත්ති පාචිත්තියස්ස. සකිං ආණත්තො බහුකම්පි සිබ්බති ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසිබ්බාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලදුයේ බොහෝවරකුදු මසා නම් පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී චීවරං සිබ්බති වා සිබ්බාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤාතිකාය වෙමතිකො චීවරං සිබ්බති වා සිබ්බාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤාතිකාය ඤාතිකසඤ්ඤී චීවරං සිබ්බති වා සිබ්බාපෙති වා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTනොනෑ මෙහෙණක කෙරෙහි නොනෑ සන් ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නොනෑ මෙහෙණක කෙරෙහි විමති ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නොනෑ මෙහෙණක කෙරෙහි නෑමෙහෙණකැ යි සන් ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වේ.
Pali BJTඑකතො උපසම්පන්නාය චීවරං සිබ්බති වා සිබ්බාපෙති වා ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය ඤාතිකසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTමෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවකට සිවුරක් මසා නම් හෝ මස්වා නම් හෝ දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි නොනෑ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි නෑමෙහෙණකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: ඤාතිකාය චීවරං ඨපෙත්වා අඤ්ඤං පරික්ඛාරං සිබ්බති වා සිබ්බාපෙති වා සික්ඛමානාය සාමණෙරාය උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
Sinhala BJTනෑමෙහෙණකට සිවුරක් හැර අන් පිරිකරක් හිවා නම් හෝ හිවවා නම් හෝ, ඇවැත් නැත. සික්මනුවට, හෙරැණියට, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTචීවරසිබ්බනසික්ඛාපදං ඡට්ඨං.
Sinhala BJTසවැනි චීවරසිබ්බනශික්‍ෂාපදය යි.
Pali BJT6. 3. 7.
Sinhala BJT6. 3. 7.
Pali BJTසංවිධානසික්ඛාපදං
Sinhala BJTසංවිධාන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “යථෙව මයං සපජාපතිකා ආහිණ්ඩාම එවමෙවිමෙ සමණා සක්යපුත්තියා භික්ඛුනීහි සද්ධිං සංවිධාය ආහිණ්ඩන්තී”ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් වැ අදන්මඟට පිළිපදිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: යම්සේ ඇපි අඹුන් සහිත වැ ඇවිදිමු නම් එසේ මැ මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ද මෙහෙණන් සමඟ ඇවිදුනාහ යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිස්සන්තී”ති -පෙ-
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් වැ අදන්මගට පිළිපන්නාහු දැ යි...
Pali BJTසච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජථාති.
Sinhala BJTසැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන් සමඟ සංවිධානය කොට ගෙන එක් වැ අදන්මගට පිළිපදිවු දැ යි.
Pali BJTසච්චං භගවා.
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස,
Pali BJTවිගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිස්සථ, නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTභාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් සමඟ නියම කොටගෙන එක් වැ අදන්මගට පිළිපන්නු දැ යි. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තව ද මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්ය අන්තමසො ගාමන්තරම්පි පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මෙහෙණක හා සමඟ කථා කොටගෙන යටත් පිරිසෙයින් අන්ගමකටදු (යනුවට) එක් වැ අදන් මඟට පිළිපන්නේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ච භික්ඛුනියො ච සාකෙතා සාවත්ථිං{1}. අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අථ ඛො තා භික්ඛුනියො තෙ භික්ඛූ එතදවොචුං: මයම්පි අය්යෙහි සද්ධිං ගමිස්සාමා”ති. න භගිනි කප්පති භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිතුං. තුම්හෙ වා පඨමං ගච්ඡථ මයං වා ගමිස්සාමාති. අය්යා භන්තෙ අග්ගපුරිසා අය්යාව පඨමං ගච්ඡන්තූති.
Sinhala BJT3. එසමයෙහි බොහෝ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු ද සාකේතයෙන් සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. එකල්හි ඒ භික්‍ෂුණීහු ඒ භික්‍ෂූන්ට මෙය කීහු: “ඇපිදු ආර්‍ය්‍යයන් සමඟ යම්හ” යි. නැඟණියනි, මෙහෙණක හා සමඟ කථාකොට ගෙන එක් වැ අදන් මඟට පිළිපදින්නට නො කැප යැ. තෙපි හෝ පෙරාතු වැ යවු. ඇපි හෝ යම්හ යි. වහන්ස, ආර්‍ය්‍යයෝ අග්‍රපුරුෂයෝ යැ. ආර්‍ය්‍යයෝ මැ පෙරාතු වැ යෙත්වා යි.
Pali BJT4. අථ ඛො තාසං භික්ඛුනීනං පච්ඡා ගච්ඡන්තීනං අන්තරාමග්ගෙ චොරා අච්ඡින්දිංසු චෙව{1} දූසෙසුඤ්ච. අථ ඛො තා භික්ඛුනියො සාවත්ථිං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ සත්ථගමනීයෙ මග්ගෙ සාසඞ්කසම්මතෙ සප්පටිභයෙ භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එකල්හි පසු වැ යන්නා වූ ඒ මෙහෙණන්ට අනදර කොට අතරැ මග සොරු (පා සිවුරු) ඇසිඳගැන්ම ද කළහ. දූෂණ ද කළහ. එකල්හි ඒ මෙහෙණහු සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූහ, මෙහෙණහු මහණුන්ට තෙල කරුණ දැන්වූහ. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, සැක සහිත යැ යි දන්නා ලද බිය සහිත වූ සාර්‍ත්‍ථයක් හා සමඟ යා යුතු මඟෙකැ මෙහෙණක හා සමඟ කථා කොට ගෙන එක් වැ අදන්මඟට පිළිපදනට අනුදනිමි.” තව ද මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්ය අන්තමසො ගාමන්තරම්පි අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො සත්ථගමනීයො හොති මග්ගො. සාසඞ්කසම්මතො, සප්පටිභයො අයං තත්ථ සමයො”ති.
Sinhala BJT“යම් මහණෙක් මෙහෙණක හා සමඟ කථා කොටගෙන යටත් පිරිසෙයින් අන්ගමකට දු (යනුවට) සුදුසු සමය තබා එක් වැ අදන්මඟට පිළිපදනේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: සාර්‍ත්‍ථයක් හා යා යුතු වූ මාර්‍ගය වෙයි, සැක සහිත යැ යි සම්මත වෙයි, බිය සහිත වේ, මේ එහි සමය යි”.
Pali BJT5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
Sinhala BJT5. යෝපන යනු: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
Pali BJTභික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
Sinhala BJTභික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
Pali BJTසද්ධින්ති: එකතො.
Sinhala BJTසද්ධිං යනු: එක් වැ.
Pali BJTසංවිධායාති: ගච්ඡාම භගිනි ගච්ඡාමය්ය, ගච්ඡාමය්ය ගච්ඡාම භගිනි අජ්ජ වා හිය්යො වා පරෙ වා ගච්ඡාමාති සංවිදහති ආපත්ති දුක්කටස්ස.
Sinhala BJTසංවිධාය යනු: “යමු බුහුන යමු ආර්‍ය්‍යය, යමු ආර්‍ය්‍යය යමු බුහුන, අද හෝ හෙට හෝ තෙවන දා හෝ යමු” යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
Pali BJTඅන්තමසො ගාමන්තරම්පීති: කුක්කුටසම්පාතෙ{2} ගාමෙ, ගාමන්තරෙ ගාමන්තරෙ ආපත්ති පාචිත්තියස්ස. අගාමකෙ අරඤ්ඤෙ, අද්ධයොජනෙ අද්ධයොජනෙ ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTඅන්තමසෝ ගාමන්තරම්පි යනු: කුක්කුට සම්පාත (පියස්සෙන් පියස්සට කුකුළකුට ඉගිළැ යා හැකි) ගම්හි ගමක් ගමක් පාසා පචිති ඇවැත් වේ. ගමක් නො වන අරන්හි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වේ.
Pali BJTඅඤ්ඤත්ර සමයාති: ඨපෙත්වා සමයං.
Sinhala BJTඅඤ්ඤත්‍ර සමයා යනු: සුදුසු සමය තබා.
Pali BJTසත්ථගමනීයො නාම: මග්ගො න සක්කා හොති විනා සත්ථෙන ගන්තුං.
Sinhala BJTසත්‍ථගමනීය නම්: මාර්‍ගය ගැල්සාත්තුවෙන් තොර වැ යන්නට නො හැකි වෙයි.
Pali BJTසාසඞ්කං නාම: තස්මිං මග්ගෙ චොරානං නිවිට්ඨොකාසො දිස්සති භුත්තොකාසො දිස්සති ඨිතොකාසො දිස්සති නිසින්නොකාසො දිස්සති නිපන්නොකාසො දිස්සති.
Sinhala BJTසාසඞ්ක නම්: ඒ මාර්‍ගයෙහි සොරුන් පිවිසිතැන් පැනෙයි, අහර ගත් තැන් පැනෙයි, සිටිතැන් පැනෙයි, හුන්තැන් පැනෙයි, හොත් තැන් පැනෙයි.
Pali BJTසප්පටිභයං නාම: තස්මිං මග්ගෙ චොරෙහි මනුස්සා හතා දිස්සන්ති විලුත්තා දිස්සන්ති ආකොටිතා දිස්සන්ති සප්පටිභයං ගන්ත්වා අප්පටිභයං පස්සිත්වා{1} උය්යොජෙතබ්බා ගච්ඡථ භගිනියොති.
Sinhala BJTසප්පටිභය නම්: ඒ මාර්‍ගයෙහි සොරුන් විසින් නසන ලද මිනිස්සු පැනෙති. වොලොගන්නා ලදහු පැනෙති. කොළන ලද්දාහු පැනෙත්. ප්‍රතිභය සහිත මඟ ගොස් ප්‍රතිභය රහිත මඟ දැකැ යවු නැඟණියනැ” යි නඟා යැවියයුත්තාහු ය.
Pali BJTසංවිදහිතෙ සංවිදහිතසඤ්ඤී එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස. සංවිදහිතෙ වෙමතිකො එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස. සංවිදහිතෙ අසංවිදහිතසඤ්ඤී එකද්ධානමග්ගං පටිපජ්ජති අන්තමසො ගාමන්තරම්පි අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස.
Sinhala BJTසංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ යටත් පිරිසෙයින් ග්‍රාමාන්තරයකුදු සුදුසු සමය තබා එක් වැ අදන්මඟට බසී නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි විමති ඇතියේ යටත් පිරිසෙයින් ග්‍රාමාන්තරයකුදු සුදුසු සමය තබා එක් වැ අදන් මඟට බසී නම් පචිති ඇවැත් වෙයි, සංවිදහිතයෙහි අසංවිදහිතසංඥා ඇතියේ යටත් පිරිසෙයින් ග්‍රාමාන්තරයකුදු සුදුසු සමය තබා එක් වැ අදන් මඟට බසී නම් පචිති ඇවැත් වේ.
Pali BJTභික්ඛු සංවිදහති භික්ඛුනී න සංවිදහති ආපත්ති දුක්කටස්ස. අසංවිදහිතෙ සංවිදහිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අසංවිදහිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අසංවිදහිතෙ අසංවිදහිතසඤ්ඤී අනාපත්ති.
Sinhala BJTමහණ සංවිධාන කෙරේ නම් මෙහෙණ සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි සංවිදහිතසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අසංවිදහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අසංවිදහිතයෙහි අසංවිදහිතසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
Pali BJTඅනාපත්ති: සමයෙ අසංවිදහිත්වා ගච්ඡන්ති{2} භික්ඛුනී සංවිදහති , භික්ඛු න සංවිදහති, විසඞ්කෙතෙන ගච්ඡන්ති, ආපදාසු, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
Sinhala BJTසුදුසු සමයෙහි සංවිධාන නො කොට යෙත් නම්, මෙහෙණ සංවිධාන කෙරේ නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යෙත් නම් ඇවැත් නැති ආපදාවන්හි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
Pali BJTසංවිධානසික්ඛාපදං සත්තමං.
Sinhala BJTසත්වැනි සංවිධානශික්‍ෂාපද යි.
Pali BJT6. 3. 8.
Sinhala BJT6. 3. 8.
Pali BJTනාවාභිරූහන සික්ඛාපදං
Sinhala BJTනාවාභිරූහන ශික්‍ෂාපදය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකං නාවං{3} අභිරුහන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති යථෙව මයං සපජාපතිකා නාවාය{4} කීළාම එවමෙවිමෙ සමණා සක්යපුත්තියා භික්ඛුනීහි සද්ධිං සංවිධාය නාවාය කීළන්තී ති.
Sinhala BJT1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවකට නැඟෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: යම්සේ මැ ඇපි අඹුන් සහිත වූවමෝ නැවෙහි කෙළිමු ද එසේ මැ මේ සෑසිපුත් මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවෙහි කෙළිති යි.
Pali BJT2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකං නාවං අභිරූහිස්සන්තී”ති -පෙ-
Sinhala BJT2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මෙහෙණන් සමඟ කථාකොට ගෙන එක් නැවකට නැගී ගියාහු දැ යි ...
Pali BJTසච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකං නාවං අභිරූහථාති.
Sinhala BJTසැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවකට නැගී ගියාහු දැ යි.
Pali BJTසච්චං භගවා.
Sinhala BJTසැබැවැ භාග්‍යවතුන් වහන්ස,
Pali BJTවිගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනීහි සද්ධිං සංවිධාය එකං නාවං අභිරූහිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJTභාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් සමඟ බැණ ගෙන එක් නැවකට නැගී ගියාහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුනියා සද්ධිං සංවිධාය එකං නාවං අභිරූහෙය්ය උද්ධංගාමිනිං වා අධොගාමිනිං වා පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මෙහෙණක හා සමඟ බැණ ගෙන උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට නැඟ යන්නේ නම් පචිති වේ” යයි.
Pali BJTඑවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
Sinhala BJTතවද භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ච භික්ඛුනියො ච සාකෙතා සාවත්ථිං අද්ධානමග්ගං පටිපන්නා හොන්ති, අන්තරාමග්ගෙ නදී තරිතබ්බා{1} හොති. අථ ඛො තා භික්ඛුනියො තෙ භික්ඛූ එතදවොචුං: “මයම්පි අය්යෙහි සද්ධිං උත්තරිස්සාමාති. න භගිනි කප්පති භික්ඛුනියා සද්ධිං සංවිධාය එකං නාවං අභිරූහිතුං. තුම්හෙ වා පඨමං උත්තරථ මයං වා උත්තරිස්සාමාති. අය්යා භන්තෙ අග්ගපුරිසා අය්යාව පඨමං උත්තරන්තූති.
Sinhala BJT3. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු ද සාකේතයෙන් සැවතට යන අදන් මගට පිළිපන්නාහු වෙති. අතරැ මගැ තරණය කළයුතු ගඟෙක් වෙයි. එකල්හි ඒ භික්‍ෂුණීහු ඒ භික්‍ෂූන්ට මෙය කීහු: “ඇපිදු ආර්‍ය්‍යයන් සමඟ එතරවම්හ” යි. නැඟණියනි, මෙහෙණක හා සමග නියම කොටගෙන එක් නැවක නැඟැ යන්නට නො කැප යැ. තෙපි හෝ පෙරාතු වැ එතර වවු. ඇපි හෝ එතර වම්හ යි. වහන්ස, ආර්‍ය්‍යයෝ අග්‍රපුරුෂයෝ යැ ආර්‍ය්‍යයෝ මැ පෙරාතු වැ එතර වෙත්වා යි.
Pali BJT4. අථ ඛො තාසං භික්ඛුනීනං පච්ඡා උත්තරන්තීනං චොරා අච්ඡින්දිංසු ච දූසෙසුඤ්ච. අථ ඛො තා භික්ඛුනියො සාවත්ථිං ගන්ත්වා භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. අනුජානාමි භික්ඛවෙ තිරියං තරණාය භික්ඛුනියා සද්ධිං සංවිධාය එකං නාවං අභිරූහිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
Sinhala BJT4. එකල්හි පසුවැ එතරවන්නා වූ ඒ මෙහෙණන්ට අනදර කොට සොරු (පා සිවුරු) ඇසිඳ ගත්හ. දූෂණ ද කළහ. එකල්හි ඒ මෙහෙණහු සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූහ. මෙහෙණහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, සරසින් එතරවනු පිණිස මෙහෙණක හා සමඟ බැණ ගෙන එක් නැවක නැඟ යන්නට අනුදනිමි” මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
Pali BJT“යො පන භික්ඛු භික්ඛුනියා සද්ධිං සංවිධාය එකං නාවං අභිරූහෙය්ය උද්ධංගාමිනිං{2} වා අධොගාමිනිං වා අඤ්ඤත්ර තිරියං තරණාය පාචිත්තිය”න්ති.
Sinhala BJT“යම් මහණෙක් මෙහෙණක හා සමඟ බැණගෙන උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නඟින්නේ නම් පචිති වේ” යයි.